.

.

May 9, 2024

ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම මන්ත්‍රිවරියකි...... (මේ රටට ආයේ එන්න කිව්වට , දහස් වරක් හිතලා වරෙල්ලා....)


ඩයනා ගමගේ

පාර්ලිමේන්තුවේ සිටිය යුතුම

මන්ත්‍රිවරියකි......

(මේ රටට ආයේ එන්න කිව්වට ,

දහස් වරක් හිතලා වරෙල්ලා....)

➖➖➖➖➖➖➖➖➖➖➖⭕


ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ සිටිය නොයුතු මන්ත්‍රිවරියක් බව උසාවියෙන් තීරණය කළා...  ඒ පවතින නීතිය අනුව..

ඒ ගැන විවාදයක් නෑ... මොකෝ මේ තීන්දුව ගීතා කුමාරසිංහටත් ලැබුනා. ඉතින් ඩයනටත් තියෙන්නේ...  ගීතා කළ දේ කරන්න විතරයි.


අපි බලන්න ඕන ඩයනට ඇයි මෙහෙම වුනේ කියලා.. ඩයනා අදත් සජිත්ට කඩේ ගියා නම්... එයාලත් එක්කම උන්නා නම්... අදත් එයා පාර්ලිමේන්තුවේ... හැබයි එයා ඉන්න ඕන විපක්ෂයේ නෙමෙයි ආන්ඩු පක්ෂයේ කියලා... එයා මේ කෙටි කාළයේ භාවිතයෙන්ම පෙන්නුවා.


හැබයි... එයා පාර්ලිමේන්තුවේ ඉන්න එක... පාර්ලිමේන්තුවේ ඉන්න බිජු හීනතාවයෙන් යුත් පිරිමින්ට ළොකු අවුලක් බව තීන්දුවට පසුදා කසිප්පුවා මෙන්ම කතානායකත් පෙන්නුවා. 


ඌ කිව්වේ... ඒක පාර්ලිමේන්තුවට මෙන්ම කතානායකටත් විශේෂ සහනයක් කියලා. කතානායකත් හිනා වෙලා ඒක අනුමත කලා. ඔව් බිජු හීනතාවයෙන් යුත් තොපි වගේ උන්ට ඒක විශාල සහනයක් වුනාට, සිස්ටම් චේන්ජ් ඉල්ලන මිනිස්සුන්ට ඒක විශාල පාඩුවක්.


පාර්ලිමේන්තුවේ එක පිරිමියෙක් කතා කළේ නෑ ඩයනා වෙනුවෙන්. උන්ගේ තියරිය අනුව පාර්ලිමේන්තුවේ ඉන්න ඕනත් උන්ගේ ගෑණූ වගේ... සාම්ප්‍රදායික ගෑණු. පාර්ලිමේන්තුවේ ලොබියෙදි උන් කියන හැම කුණුහබ්බෙටම  ඔළුව නමාගෙන ගිහින්... පස්සේ කතානායක ළඟ අඬන ගෑණූ. හැබයි ඉතින් කතානායකත් ඉන්නේ උන්ගේ බෝට්ටුවේ. නිතිය හදන තැන ඉන්න උන්ගේ තත්වේ ඒක නම්... ඉතින්.... උන් හදන නීතී ගැනත් හිතා ගත්ත හැකි නේ.


වම්බොට්ටා...  කවිරත්නට අපහාස කළ වෙලේ නහින්න හදපු නලීන් බන්ඩාර... අනිත් පැත්තට... ඩයනට පාර්ලිමේන්තුවේ ලොබියෙදි ගහපු එක සදාරනීකරණය කරන්නේ ඒ නිසා... 


මහ ළොකුවට කාන්තාවෝ පාර්ලිමේන්තු එන්න ඕන කිව්වට කතානායකගෙ ඉඳලා බිජු හීනතාවයෙන් යුත් හැම එකාටම ඕන සාම්ප්‍රදායික ගෑණූ.


එතනින් එහාට... ලංකාව ලෝකෙට ගෙනියන්න... කංසා වවලා ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් කියන... සංචාරකයින්ට නයිට් ලයිෆ් දාන්න ඕන කියන..., ගල් බෝතලේ අඩු කලාම මිනිස්සු කසිප්පු බොන්නේ නෑ කියන... විප්ලවීය මොඩර්න් ගෑණු... උන්ට අනුව පාර්ලිමේන්තුවේ සිටිය නොයුතු... කරදරකාර... වනචර... නොහොබිනා... නොහැදිච්ච ගෑණූ.


දැන් ඩයනා අදින ගේමත් මරු... 

හොරකම වංචාව අල්ලස ප්‍රතික්ෂේප කරන සජිත් ප්‍රේමදාසලා පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ පුරවැසිභාවයවත් නැති කෙනෙක්ගේ පක්ෂය සල්ලි වලට අරගෙන. එතනම වැරදි දෙකක්.. එතකොට ඩයනාට ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයක් දීම පට්ට අල්ලසක්. 

මේවට අධිකරණය දෙන තීන්දු මොනවද කියලා බලාන ඉන්න එකත්... පට්ට ආතල් එකක්.


ඒක කෙසේ වෙතත් ඩයනා හිරේ දාන්න තමා මේ බිජු හීනතාවයෙන් යුත් පුරුෂාධිපත්‍ය රජකරන ආයතන වල ඉන්න හැම එකාම දැන් වලි කන්නේ. 


ඒ අස්සේ මාතලන්ට තියෙන විශාල ප්‍රශ්ණයක් තමා... 


▪️විදේශ වල ඉන්න වෘත්තිකයින්ගේ සේවය රටට ලබා දෙන්න නැවත එන්න...

▪️ඔවුන්ගේ මුදල් රටේ ආයෝජනය කරන්න එන්න.

▪️ව්‍යාපර ලංකාවේ ආරම්බ කරන්න එන්න.

▪️හම්බ කරන එකෙන් වැඩිපුර ඩොලර් 500 ක් එවන්න.. 


කියලා ආරාධනා කරලා. ඒ කතා අහලා ලංකාවට එන උන්ට නීතියෙන් අත්වෙන ඉරණම මේක නම්...


එහෙම එන උන්ට අන්තීමට ඒ රටයි... උපන් රටයි... හරි හම්බ කර ගත්ත දේයි... ඔක්කෝම නැති කර ගන්න එක නම් වෙන්නේ.


එහෙම එන්න හිතාගෙන ඉන්න එකෙක් ඉන්නෝ නම්... මෙහේ එන්න කලින්.... දෙපාරක් නෙමේ දහස් වාරයක් හිතලා බලලා වරෙල්ලා..


මොකෝ.... මේක වැඩක් පුලුවන් එකාට, යමක් කාමක් පුලුවන් එකාට... ෆුක නැතිවෙන්නම අරින පිස්සෝ රැලක් හා ආයතන තියෙන පට්ට ගෝත්‍රික රටක් නිසා...


උන් එකෙක්ටවත් තේරෙන්නේ නෑ... උන් ඔක්කෝම ජීවත් වෙන්නේ උඹලා ෆුක ඉරාගෙන නොකා නොබී ඉතිරි කරගෙන එවන දෙයින් කියලා. මේ රටේ ප්‍රධාන ආදායම විදෙස් ඩයස්පෝරාව හා විදෙස් ශ්‍රමිකයින්‍ය කියලා.


මේ රට විස්තර මෙව්වා

අහගෙන හිතට ගනිල්ලා

දෙවරක් හිතලා බලලා

එන්නලා හිතලා ඔහෙලා...//


.

 

41 comments:

  1. මාතලන් ඔය කියන කථාව එක්ක මමත් 100% ක් එකගයි

    විශේෂයෙන්ම මෙන්න මේක

    //උන් එකෙක්ටවත් තේරෙන්නේ නෑ... උන් ඔක්කෝම ජීවත් වෙන්නේ උඹලා ෆුක ඉරාගෙන නොකා නොබී ඉතිරි කරගෙන එවන දෙයින් කියලා. මේ රටේ ප්‍රධාන ආදායම විදෙස් ඩයස්පෝරාව හා විදෙස් ශ්‍රමිකයින්‍ය කියලා.//

    නමුත් ඩයනා ගමගේ කේස් එක ඊට වඩා සංකීර්ණ එකක් බව තව මාස දෙකක් විතර යනකොට පෙනෙයි රනිල් වික්‍රමසිංහ හදන්නේ බූරු පුතාණෝ කියන මන්දමානසික හොල්මනට ඇකේ පුරලා උගේ පක්‍ෂය විනාශ කරලා සෙට් එකේම මන්ත්‍රී ධූර ටික නැතිකරලා උන්ව පාරට ඇදලා දාලා සජ්ජාට අගමැතිකම දෙන බවට ඩීල් එකක් දාලම මැතිවරණයට ඉදිරිපත්වීමට, ජනාධිපතිවරණයට පොහොට්ටුව මේ සැරේ ඉල්ලන්නේ නැති නිසාත් මාලිමාවේ උන්ගේ කයියයි පඩ ගඳයි විතරයි ඡන්ද නැති නිසාත් රනිලා ලේසියෙන්ම ගොඩ

    ඊට පස්සේ රාජපක්ෂ හොරමුලට මහමැතිවරණයේදී ආපහු ගේමට එන්ටර් වෙන්න ලැබේවි.

    The Jones Act is a US federal law from 1920 that requires goods shipped between two American ports (e.g. Texas to California) to be shipped on an American built, owned, and operated vessel. (Interestingly, the ship at the beginning of the video is one such ship called the "Texas Voyager" which is Jones Act compliant.) This rule, intended to protect domestic shipping interests, effectively limits the competition on these trade routes, which can lead to higher costs. Evidently, it's not always too expensive to comply, as some oil tankers do, in fact, move between American ports. But sometimes this extra cost can make the difference.

    ReplyDelete
    Replies
    1. @ Anonymous 1.39 AM

      Railways in Los Angeles County, California of the Land of Freedom & Opportunities !

      https://www.facebook.com/share/p/Da1uYBkmMVvezNrA/?mibextid=oFDknk

      FYI

      Delete
  2. බහුතර සිංහල බෞද්ධ තරුණයන් ඇමරිකන් ඉංදියන් අධිරාජ්‍යවාදීන්ට කොටි ඩයස්පෝරවට කිස්ත්‍රියානි හා මුස්ලිම් අන්තවාදය හමුවේ ගොනාට ඇන්ද මොහොතක්...
    8% තිබුනු වැට් එක 18% දක්වා වැඩිකර සිංහල බෞද්ධ නායකයෙක් පලවා හැර ඇමරිකන් ඉංදියන් රෑකඩයක් ජනාධිපති වෙනකම් සටන් කරපු ඒ දවස

    ReplyDelete
  3. අපේ ජන බලවේගය අත්පත් කොට සමගි ජන බලවේගය කියලා නම වෙනස් කරල හදන එක කළේ 2020 වසරේ අලුත්ම පක්‍ෂ හදාගෙන කල් මදි නිසා ඡන්දෙට මූණ දෙන්න. ඒකත් එවකට හිටපු ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා සහ මහින්ද දේශප්‍රිය හිටපු මැතිවරණ කොමිසමෙන් ඒකට “සපෝට්” එක ඒ කාලේ ලැබුණ නිසා. ජනාධිපති රනිල්ම නිසා දැන් “සපෝට්” බෑ, කවුරු හරි සපෝට් දෙන්නට ඉදිරිපත් උනොත් පරිපාලන සේවයේ “පූල්” එකේ. ඊට පස්සේ වෙනම පක්ෂ හදලා ඉන්න මන්ත්‍රී ලා අළුත් පක්ෂයේ සමාජිකයෝ කියලා “ෂේප්” වෙන්න බෑ. මන්ත්‍රීකම ලැබුනෙ සජ බල වේගයෙන් නේ.

    මමත් උසාවි වලින් අසාධාරණ ලෙස බැට කෑවත් ප්‍රසිද්ධියේ කියන්නේ අධිකරණයට ගරු කරනවා කියල. ලියකියවිලි මුල් පිටපත් නෑ කියලා ඒ ගැන සලකන්නේ නැතිව නඩු වේ තීන්දු දෙන්නත් වගේම නැති ඒ ගැන සලකා නඩුව විසි කරන්නත්හැකියි. ඒකනේ රනිල් ගොයියගේ ලොකු නීති කාන්තාවක් කීවේ “අයි කැන් මේක් ද ලෝ ඕර් බ්‍රේක් ද ලෝ” කියල. හුටා. දැන් රනිල් ගේ හෝරාවට ආපු තීන්දුවෙන් සජිත් ට සෙනසුරා ගහන හැටි බලන්න. වාසිය රනිල් ට. සාධාරණය හා යුක්තිය හුට හුට හුට හුට හුටා.

    ReplyDelete
  4. සජිත්ට වෙන පක්ෂයක් අරන් චන්දෙ ඉල්ලන්න තිබ්බනේ. මොකටද ඩයනගේ පක්ශෙම ගත්තේ? ඒ ගොන් හරකාට අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා එක්ක විවාදෙට එන්න වෙලාව නෑ. ඒත් දැන් ඩයනාට විරුද්ධව නඩු දාන්න නම් ඕන තරම් වෙලාව තියෙනවා. නොදකින් බූරු පුතාණෝ කියන මොංගලයා 😂

    ReplyDelete
  5. ඩයනා නැති සජබේට කෙලවේවිද?
    එයා එසේ පක්ශ නිලයකට නුසුදුසුව ඇති වූ පක්ශයක්....මෙවර මැතිවරණයේ දී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සමගි ජන බලවේගය අනෙක් ප්‍රධාන පක්ෂවලට සාපේක්ෂව පහළ මට්ටමක සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මාධ්‍ය අමතා පවසනවා.

    ඔහු කියන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම මේ වන විට සජබයට වඩා ඉදිරියෙන් පසුවන බවයි.

    ප්‍රශ්න තමා..

    ඩයනාගේ විදේශ පුරවැසිභාවය මත සර්වජන චන්ද අයිතිය අහිමියි.. එයාගේ නමින් ලියාපදින්චි පක්ශය?... ඒ පක්ශයෙන් ආ මන්ත්‍රී වරු?..
    👇

    සජබේ අය අලියා පිට නගීවිද?

    NPP (මාලිමාව) ගැන කියද්දී ලාල්කාන්ත පවත්වන කතා ගාන ලැබෙන ජන්ද ගානට ප්‍රතිලෝමව සමානුපාත්ක වේ කියලාත් කියන්න ඕන.

    පොර තව ඉන්ටරවීව් 2/3ක් කරොත් නම් මාත පුතේ NPP එකට ජන්දෙට කලින්ම ඇඩ්රස් නැතිවෙනවා 😇😇😇😇

    ReplyDelete
  6. අපේ සංගොජිත් මැතිතුමාට ඔය එක එක්කෙනාගෙ පුරවැසිකම් වගේ වල් පල් හොයන්නයි, එක එක්කෙනා එක්ක වාද කරන්නයි වෙලාවක් නෑ. එතුමාට බස් බෙදන්නයි, හාල් බෙදන්නයි, ක්‍රිකට් ගහන්නයි තියෙනවා.

    ReplyDelete
    Replies
    1. @ සජබ

      මචං සජ්ජා පාක්ෂිකයොයි යාලුවොයි ඉස්සරහ අහන්නෙ අසලෝලි ⁣බ්රෝකනේන්ජල් හැබැයි තනියම ඉද්දි අහන්නෙ සුදු අරලියා මල කැසට් එක 🤭😁

      Delete
    2. 🤣😂😄

      I'm so lonely mate 🤣

      අසලෝලී බොක නේන් ජල් 😂

      Delete
    3. ඔක තමා කියන්නේ කි##ක්
      නිසා ගෙම්බෙක් වෙන්න එපා කියලා.😂😁

      Delete
  7. අස්වැසුම සමීක්ෂණ යන දවස්වල නිකමට ගණන් හදපුවා (2023.06.30)

    - මහනුවර දිස්ත්‍රික්කයෙ, ගඟඉහළ කෝරළේ ඡන්ද බල ප්‍රදේශයේ අස්වැසුම හිමි සංඛ්‍යාව නිකමට ගණන් හදලා බැලුවා. ග්‍රාමනිලධාරී වසම් 31ක අස්වැසුම සහනාධාරය රුපියල් 15,000 ගානෙ හිමි පවුල් සංඛ්‍යාව 6,624ක්
    ගඟඉහළ කෝරළේ ඡන්ද බල ප්‍රදේශයට විතරක් මාසෙකට වෙන් කරන්න ඕනෙ මුදල නව කෝටි අනූතුන් ලක්ෂ හැටදාහක් 🙂 මාස 03 දෙනවා කියලා හිතුවොත්,
    99,360,000 × 3 = 298,080,000/= 🙂👌
    අස්වැසුම හිමි මේ සියළු දෙනාටම කලින් සමෘද්ධිය විදිහට ලැබුනෙ උපරිමය 3,500/= කට යටත්ව මුදලක්.
    දැන් ලබාදෙන්න යන මුදල සහ කලින් ලබාදුන්න මුදල අතර වෙනස, ගඟඉහළ කෝරළේට විතරක් 76,176,000/= 🙂
    මාස 03කට විසිදෙකෝටි අසූපන් ලක්ෂ විසිඅටදාහක් 🙂
    මේ 6,624 සිලෙක්ට් කරන්න අඩුම ඇප්ලිකේශන් 10,000ක් වත් කෝල් වෙන්න ඇති 😌 එක ඇප්ලිකේශන් එකක් සඳහා රජය රුපියල් 300ක මුදලක් ගෙව්වලු 🙂
    ඒ කියන්නෙ 6,624 ෆිල්ටර් කරගන්න විතරක් ලක්ෂ 30ක් 👌 වැඩේ සම්පූර්ණයෙන්ම අච්චාරුවක් කියන එක වෙනම කතාවක් 😂
    ලංකාවෙ ග්‍රාම නිලධාරීන් වසම් 14,022ක් තියෙනවා 😌 ඇවරේජ් එකක් විදිහට වසමකට අස්වැසුම හිමි 200ක් ඉන්නවා කියලා හිතුවොත් කෝටි හාරදාහක් ඕනෙ මාසෙකට 🙂
    මිනිස්සු මේ රුපියල් 15,000/= අරගෙන හැමදාම දුප්පත්කම නඩත්තු කරනවා මිසක් මෙලෝ අලබෝලයක් වෙන්නෙ නෑ 🙂
    Way to go sri lanka... way to go 🙂🙂🙂👌
    2048 සංවර්ධිත දේශයක් වෙයි මේන් කියලා 👌
    ප.ලි.
    වැරදි ඇත්නම් නිවැරදි කරන්න.

    https://www.facebook.com/neerodha.sanjaya/posts/pfbid0PWxih1jAGmcBncPWkwRUpZMj6AWrN7MbGi22AXTWLP8ctWrS9z9kpvhHY8p3yoWKl

    ReplyDelete
  8. මාතේ මෙතනදී රනිල් ශ්‍රී ලංකා එකට චන්ද්‍රිකා හරහා ගහන ගේම් එක වගේ එකක් ඩයනා හරහ දීල සජිත්ට යන එනමන් නැති කරල.... සජබෙත් ඈදා ගන්න පුලුවන්..... අනුරයියා කියන්නේ ඉතින් රනිල්ට නතින්.... රනිල්දාස කයියනායකනේ කොහොමත් අනුර කරන්නෙ පුරුදු විදියට රනිල්ට පාර හදන එක..... 🤣

    ReplyDelete
  9. ඒක එහෙම නම් මේක කොහොමද මාතලන්....?


    ඉඩමකට හොර ඔප්පුවක් හදලා විකිනුවොත්,යම් දිනක එය නීතිය ඉදිරියේ හෙළි උවහොත් විකුනපු එකාට නීතිය ක්‍රියාත්මක වන්නා සේම ඉඩම මිලදී ගත් තැනැත්තාට ඉඩමේ අයිතිය ද අහිමි වන්නා සේම...අනීතික ව නිර්මාණය කළ දේශපාලන පක්ෂ වලට ද තව දුරට ත් ඉදීරියට දේශපාලනය කරමින් මැතිවරණ වලට ඉඳිරිපත් විය හැකිද....?

    ReplyDelete
  10. අරගලය හරහා ඇමරින්දීය බල ව්‍යුහය ලංකාවේ රෙජීමය මාරු කර බලයට පත්කරන ලද රනිල් වික්‍රමසිංහ රටේ ජනතාවට ඇති ප්‍රධාන ප්‍රශ්න ඔක්කොම විසඳුවෙ නෑ. ඒ අවස්ථාවට අනුව තිබුන ගොඩක් ප්‍රශ්ණ දැන් නෑ. නමුත් ඊට වඩා වෙනස් ගැටලු වෙනස් තීව්‍රතාවයකින් තියනවා.

    ගෝඨා නම් සතුටින් ඇති ලක්ෂ හැට නමයක් එකතු වෙලා මෑන්ගේ පවුලේ අකමැත්ත පවා නොතකා බලෙන් කර උඩ තිබ්බ මරාලයක් අයින් කරගන්න පුළුවන් වුණා කියලා.

    රනිල් සතුටින් ඇති ජීවිතයේ තමන්ට තිබ්බ ඉහළම අරමුණට ළඟා වුණා කියලා. රනිල් කියන්නෙ කොහොමත් තක්කඩියෙක්.යූනියන් කාරයො කියන්නෙ රනිල්ගෙ තක්කඩි කම සාදාරනීය කරන අනිත් තක්කඩි ටික. මිනිස්සුන්ට ඒක තේරෙයි හැබැයි තව ටිකක් කල්යයි... ඩයන කව්රු වුවත් ඇත්ත බය නැතුව කිව්ව. ගංජ සහ ගණිකාවෝ ගැන කියපු කතා ඇත්ත. ස්පා වුනත් නීතිය අනුව නියාමනය කරල පවත්වාගෙන යනව නම් රටට ආදායමක් වගේම ලංකාව කරන ස්පා නමින් ගෑනු වෙලඳාම නවතිනව. තායිලන්තය ස්පා සහ ගංජ හොඳට නියාමනය කරල රටට සංචාරකයෝ වගේම දේශීය පුද්ගලයන්ටත් සේවය කරන ස්ථාන බවට සංවර්ධනය කරල තියනව. ස්පා විවෘතව පේන්න පවත්වාගෙන යන්නේ. දුරාචාර නෑ.මිල ඉතාම සාධාරණ තරගකාරී මිලක් වෙනවා වගේම මනා පුහුණුවක් ලත් සේවක සේවිකාවන්ට දෙපක්ෂයම ඉන්නව.

    ReplyDelete
  11. මාතේ මහාචාර්ය නලින් ද සිල්වා සිංහබාහු ප්‍රවාදය ගැන කියන මේ කතාව ඇත්ත ද?

    //සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු චිත්‍රපටයේ මංගල දර්ශනය නරඹලා එන අතරේ ඒ ගැන යමක් ලියන්න හිතනකොට මගේ මතකයට ආවේ මහාචාර්ය නලින් ද සිල්වා දවසක් කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පොදු කාමරයේදී සිංහබාහු ප්‍රවාදය පිළිබඳ වූ සාකච්ඡාවකදී පළකල ප්‍රවාදය. සිංහල ජාතිය සිංහයෙකුගෙන් පැවත ඒම පිළිබඳ ජනප්‍රවාදය අරභයා මා ඇසූ වඩාත්ම සිත් ගත් ප්‍රවාදය එයයි.

    ලිපිය ලිවීම ප්‍රමාද වීම නිසා මේ ලියන දේ දැන් එකවර සිංහබාහු චිත්‍රපටය පිළිබඳ ව මෙන්ම මහාචාර්ය නලින් ද සිල්වා පිළිබඳවත් සටහනක් බවට පත්වෙනවා.

    ඒ මහාචාර්ය නලින් ද සිල්වා කැලණිය විශ්වවිද්‍යාලයේ සේවයට පැමිණ මුල් කාලය.මහාචාර්ය නලීන් කැලණිය ආචාර්ය මණ්ඩලයට එක්වීම පිළිබඳ තරුණ ආචාර්යවරු විදිහට අපි හිටියේ කිසියම් ආශ්වාදයකින්. ඒ කොළඹ සරසවියෙන් එතුමන්ට වූ අසාධාරණය ට කැලණියෙන් සාධාරණයක් ඉටු වීම නිසා.ඒත් එක්කම චින්තන පර්ශදය ඔස්සේ කොළඹ සරසවියේ ඇති වූවාක් වැනි බුද්ධි ප්‍රබෝධයක් කැලණියේ දීත් මහාචාර්ය නලීන් ඇතිකරනු ඇතැයි යන බලාපොරොත්තුව. ඒ සිතූ ආකාරයෙන්ම ඔහු ඒ සඳහා පදනම දැමුවා. සිංහල ජාතිය සිංහයෙකුගෙන් පැවත ඒම වියහැක්කක්ද යන්න පිළිබඳ ජ්‍යෙෂ්ඨ පොදු කාමරයේ සංවිධානය වූ සංවාද මණ්ඩපය එහි ප්‍රතිපලයක්.එහිදී මහාචාර්ය නලීන් ඉදිරිපත් කල මතවාදය තමයි ඒ පිළිබඳ අදටත් මමත් විශ්වාස කරන්නේ.

    ඒ මතයේ ඇති සමාජ මනෝවිද්‍යාත්මක ශක්තිමත් භාවය නිසා. එය එකවර, සිංහල ජාතිය සිංහයෙකුගෙන් පැවත ඒම පිළිබඳ ප්‍රවාදය පිළිගන්නා අතරම එ‍ය ශාස්ත්‍රීය ශික්ෂණයකින් ඛණ්ඩනය කිරීමද කරන නිසා. අද සෝමරත්න දිසානායක , සිංහයා යනු මනුශ්‍යයෙක් යැයි කීමට ගෙන එන සිනමා විවරණය මහාචාර්ය නලින් ද සිල්වා සිංහයා සැබෑ සිංහයෙකු ලෙස පවත්වා ගනිමින් ම ගෙන හැර පෑවා.
    ඔහු කීවේ ලෝකයේ බොහෝ ජාතීන්ගේ හා ගෝත්‍රයන්ගේ උපත පිළිබඳ ජනප්‍රවාද තුළ එම ජාතීන් හෝ ගෝත්‍ර බිහිවීමට පාදක වන මූලාශ්‍රය සැබෑ ගැහැණියකගෙන් සහ පිරිමියෙකුගෙන් ගලවා කිසියම් සතෙකුට එහෙම නැත්නම් කිසියම් ගසකට ගලකට හෝ කන්දකට එහෙමත් නැත්නම් ඉරට , හඳට තාරුකාවකට හෝ දෙවියෙකුට සම්බන්ද කර ඇත්තේ ඉතාම සැලසුම්ගතව එකී අභිනව ජාතියට හෝ ගෝත්‍රයට වෙනත් ජාතීන්ගෙන් හෝ ගෝත්‍රයන්ගේ ඇති ඥාතීත්වය ඉවත් කොට ඒ සඳහා ඊටම අදාල නිර්මල උපතක් ලබා දීමට බවයි. කිසියම් ජාතියකට හෝ ගෝත්‍රයකට වෙනත් ජාතී හෝ ගෝත්‍ර‍යන්ගේ මූලයන් ඇති මව් හෝ පිය පාර්ශව සම්බන්ධ කම් ඇති කල විට අභිනව ජාතිය සුජාත නොවී ඊට මව් පිය පාර්ශවයන්ගේ අක් මුල් නිසා ඇතිවිය හැකි බාධා වැලැක්වීමට නව ජාතියක උපතට එසේ අජීවී හෝ මනුශ්‍ය නොවන පීතෲත්වය හෝ මාතෲත්වයක් සම්බන්ධ උත්පත්ති කතා සම්බන්ධ කර ඇති බවයි මහාචාර්ය නලින් ගෙන ආ ප්‍රවාදය.

    ඔහු ඊට නිදර්ශන ද ගෙන හැර පෑවා. බ්‍රාහ්මණ , ක්ෂත්‍රී, වෛශ්‍රණ හා ශුද්‍ර කුළ බිහි වන්නේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන්, බාහුවෙන්, කලවයෙන් හා යටි පතුලෙන්. බොහෝ අප්‍රිකානු ගෝත්‍ර වලට ගස් ගල් වල නැත්නම් සත්ව මූලයක් තිබෙනවා. එවිට ඒවායේ බිහිවීම කාටවත් ප්‍රශ්න කරන්නට බෑ. මුලක් නෑ. එය තමයි අභිනව ජාතියක මූලය යනුවෙන් ඉදිරිපත් කල මහාචාර්යවරයාගේ අදහස ට මම එකඟයි. එය සමාජ මානව විද්‍යා ප්‍රවේශයක් ලෙස තර්කානුකූලයි.මට මතක විදිහට ඒ මොහොතේ කිසිවෙක් ඊට වඩා පිළිගත හැකි මතයක් ගෙන ආවෙත් නෑ. කොහොමත් මහාචාර්ය නලීන්ට විරුද්ධ වෙන්න ගොඩක් අය කැමතිත් නෑ. ඒ එතුමන්ගේ ප්‍රතිචාර ඒ තරම් සොඳුරු නැති බව දන්න නිසා. ඒ ගොරහැඩි ප්‍රතිචාර නොවුනා නම් ඔහු වටා මීට වඩා විශාල පිරිසක් ගොනු වෙන්නට තිබුණා. ඔහුගේ බලපෑම මීට වඩා ප්‍රබල වෙන්නටත් තිබුණා.
    එහෙත් මහාචාර්ය නලීන්ගේ සිංහයා සැබෑ සිංහයෙකුය යන ප්‍රවාදය නිසා සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු නිශේධනය වන්නේත් නෑ. එය තව පෝස්ටුවකට තබා මේ සටහන නවත්වනවා.
    මහාචාර්ය නලින් ද සිල්වා ශූරීන්ට නිවන් සුව අත්වේවා.

    -ආචාර්ය අරුණ ලොකුලියන///

    ReplyDelete
  12. මාතේ ඔබතුමන් එක්ක
    එකඟයි සීයට දාහක්!

    ලකේ ඉන්න අපි අතරෙන් ගොඩක් ඈයො
    බොදුනු පිරිමි
    ඒ මහතුඟලා කැමතියි
    ‘දාසි බාරියා’ බිරියට.
    විටෙක එයා ‘මාතු බාරි’
    වෙනවා නං තවත් හොඳයි!
    ‘සඛී - භගිනි’ වුණත් මොකෝ?
    ඒ සේරම දවල් කාලෙ

    නිදි යහනට එනකොට ඈ
    වෙසඟනක්ම වෙන්න ඕනි!
    මර දූවරු වෙන්න ඕනි!!
    කීකෝරුව ‘දෙන්න’ ඕනි!!!
    එහෙම පිරිමි මැද්දෙ ගෑනු
    හෙණ රැඩිකල් වෙන්න ගියොත්...

    ReplyDelete
    Replies
    1. බලන් ඇගේ තරුවන් දිදුලන නයනා

      සූස්තියට තැනක් දෙන්න එය අගනා

      ඩොලර් ගේන්නට තදටම වෙර දරනා

      දවසක හඳට මාත් එක්ක යමු ඩයනා

      ........

      එදාට පස්සේ,
      තාම දැක්කේ නෑ ඈව

      ඒක වෙන්නැති
      අන්තිමම මොහොත

      යන්නම් කීවා
      විතරයි මතක

      වෙලාවට,
      එදා හෙන වැස්ස ..!!

      Delete
    2. අඩෝ ඇනෝ සහ නිදී

      ඩයනා උරා ඇත රසටම තෙෙයිලෝකේ...
      යන්නට පමා කරවන අවුසද
      ශාකේ
      ගැහැනුන් වේද රතිරස දන්නා
      මේකේ
      පැයක් වුනත් අල්ලයි ගේමට
      ඕකේ !

      Delete
    3. මමත් ලියනවා කවියක්



      ආසාවට සිංදුවක් කියනවා මිස සිංදුම ජීවිත

      ය කර ගන්න එපා. අපේ රට වැඩක් නැති

      සිංදු කියන රටක් වෙලා. අපේ කාලෙ කොට

      සක් සිංදු කිව්ව, අනික් අය වැඩකලා. පොත්

      පත්වල වැඩ කර ගන්න.

      Delete
  13. ඩයනා ගමගේ මන්ත්‍රී තනතුරෙන් ඉවත් වුණත් එයාට මොනවත් වෙන්නේ නෑ මොකද ඒක තවත් ඩ්‍රාමා එකක කොටසක් නිසායි ඒ වගේම මම නම් හිතන්නේ අපේ අනුර සහෝදරයා දෙරණ 360 වැඩ සටහනට ඇවිත් යහපාලන ආණ්ඩුවේ දුශණ විමර්ශන කමිටුවේ ප්‍රධානියා හැටියට තමන් කටයුතු නොකලා කියන එක පරම සත්‍ය, ඔය නිකන් තමන්ගේ දේශපාලන ගුරුවරයා වෙච්ච රනිල් වික්‍රමසිංහ මහතා මුණගැහෙන්න අරලිය ගහ මන්දිරයට ගිය වෙලාවක ඔය කමිටුව රැස්වෙන්න ඇති.

    අනික් කාරණය තමයි එම කමිටුවේ ලේකම් හැටියට පත්කරපු ආනන්ද වීජේපාල මහතත් පත්වෙන්න ඇත්තේ ඔහු පුනුරුත්තාපන අධ්‍යක්ෂ වුන නිසාම වෙන්න ඇති,ඊටත් වඩා අපේ අනුර සහෝදරයා කෘෂිකර්ම ඇමැති වෙලා ඉන්න කාලේ ආනන්ද වීජේපාලව තමන්ගේ පුද්ගලික ලේකම් ලෙස පත්කර ගන්නේ එතුමා රජයේ සේවකයෙක් නිසා මිසක් වෙන හේතුවකට නෙමෙයි වෙන්න ඇති.

    අර ආනන්ද වීජේපාල මාලිමාවෙ ඡන්ද ඉල්ලන පෝස්ටරය සහිත ඡායාරූපයේ ඉන්න ආනන්ද වීජේපාල මහතා සහ අපේ අනුර සහෝදරයාගේ පුද්ගලික ලේකම් සහ යහපාලන දුශණ විමර්ශන කමිටුවේ ලේකම් වෙලා හිටිය ආනන්ද වීජේපාල රූපයින් අතිශයින් එක හා සමාන,එකම පලාතේ එකම ගමේ අපේ අනුර සහෝදරයා කලින් දේශපාලනය කල කුරුණෑගල දිස්ත්‍රික්කයේම උනත් ,ඒ දෙන්නා දෙන්නෙක් .

    මොකද අපේ අනුර සහෝදරයා කියන්නේ පරම සත්‍ය විතරයි කියලා අපි දන්නවා නේ.👌👌👌

    ReplyDelete
  14. දැන් මාතලන් ට ගෙවන්නේ ඩයනා ද? ජොනී නෙමෙයි වගේ.

    ReplyDelete
  15. අලි මදිවට හරක්... සමගි ජන බලවේග පක්ෂයේ බලය ලබාගැනීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ ස්වාමිපුරුෂයා වන සේනක ද සිල්වා මාධ්‍ය වලට කියලා තියෙනවා

    ඒ අනුව ටෙලිෆෝන දුරකථනය ලකුණෙන් ඉදිරි මැතිවරණ වලට තරඟ කිරීමට කිසිදු අවස්ථාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබා නොදෙන බවත් ඊට වුවමනා කරන නීතිමය කටයුතු කරමින් සිදු කරමින් සිටින බවත් ඔහු ස්ථීර කළා

    කොළඹදී මාධ්‍ය අමතමින් සේනක ද සිල්වා පැවසු පරිදි සමගි ජන බලවේගයේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී ආන්දනාත්මක නඩු තීන්දු කිහිපයක්ම එනු ඇති බවත් පක්ෂයේ බලය තමන් විසින් ලබාගන්නා බවත් ඔහු ස්ථීර කළා.

    ReplyDelete
    Replies
    1. @ anonymous May 11, 5.17 AM

      ඔය ඩයනා ගමගේ ගේ සැමියායි කියන ඔය මාධ්‍ය සාකච්ඡාවට ආපූ සේනක ද සිල්වා කියන පුද්ගලයාත් ප්‍රසිද්ධ පුද්ගලයෙක්. ඔහු තමයි 2010 ජනාධිපතිවරණ සමයේ එවකට ජනපති අපේක්ෂක සරත් ෆොන්සේකාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ කපිතාන් සේනක ද සිල්වා. ඔහු ප්‍රබල එජාප පාක්ෂිකයෙක් ලෙස 2010 ජනාධිපතිවරණයෙන් පසු සරත් ෆොන්සේකා සිරගතව සිටි සමයේ මේ සේනක ද සිල්වාත් හිරේ හරි රිමාන්ඩ් ගතව හරි හිටියේ. ඒකට හේතුව 2010 ජනාධිපතිවරණය අවස්ථාවේ එවකට පැවති රාජපක්ෂ රෙජීමයට එරෙහිව කිසියම් කලබලයක් නිර්මාණය කිරීම සඳහා හමුදාවෙන් විශ්‍රාම ගිය යම් රෙජිමේන්තුවකට අයත් හමුදා සෙබලුන් පිරිසක් එකතුකරගෙන ඔවුන්ගෙන් එම රාජ්‍ය විරෝධී ක්‍රියා පිණිස සන්නද්ධ හමුදා භට පිරිසක් සූදානම් කළේ යැයි චෝදනා එල්ල වුනේ මේ කපිතාන් සේනක ද සිල්වාටයි. පස්සේ ඔහු එයින් බේරුණේ රනිල්ලා රාජපක්ෂ පවුල එක්ක ඩීල් දාලා එම පරීක්ෂණ නවත්තලා කේස් එක යටගහලා කියලත් මොනවහරි කටකතා පැතිර ගිය බව මතකයි.

      ඒකේ සැබෑ පසුබිම ගැන මාතලන් දන්නව ද?

      Delete
  16. Search "Confessions of an Economic Hit Man" to learn that it's really the Anglo Jew who lays debt traps for other nations. The Jew will always accuse you of his own crimes. There's no other way to solve this problem than to put a piece of lead between his eyes.

    ReplyDelete
  17. @ නිදීගේ පංච තන්තරේ

    අකේ පුරින්නන් පඩ්ඩතී..😋
    සුමුදු පස්සං විනස්සතී 😋

    සදවා සුදු ඇඳ පිවිතුරු
    කරවා ගෙන මැය යටිකුරු
    මිරිකා ඇගෙ පුක නිරතුරු
    කෙලිති දනෝ එලිවෙනතුරු 🥰🥰

    ReplyDelete
  18. ඩයනාගේ skin color එක ලස්සනයි ❤කටහඩත් ලස්සනයි, ඒත් කතා කරන වචන මාලාව ටිකක් බජාර් ටයිප් නිසා සහ වලියට බර කුකුල් කේන්තිය නිසා තමයි ප්‍රශ්න ඇති කරගන්නේ, තව ටිකක් ඩීසන්ට් විදියට කතා කරා නම් සෑහෙන තැනක් ලැබෙයි අනෙක මාතලන් ඔයාට කළු කැත උනාට අපිටනම් සමහර කළු අය ලස්සනයි. ඒ වගේම සමහර සුදු අය ලස්සනයි.අනික සුදු ලස්සනයි කලු කැතයි කියලා concept හදාගෙන ඉන්නෙ මෝඩ නූගත් පිරිසක්. බුද්ධිමතා දන්නවා කළු උණු පලියට ලස්සන වෙන්නෙත් නෑ සුදු උණු පලියට ලස්සන වෙන්නෙත් නෑ. ඩයනා මන්ත්‍රීකම නැතුව පවා මාසයකට ලක්ෂ 2කට වඩා ආදායම ගන්නවා කියනවා එයාගේ ව්‍යාපාර වල ලාබයෙන්. අනික එයාගේ ෆැමිලි background එකේ ඉදලා සල්ලි තියෙන මිනිස්සු. එයාට අත උඩින්ම පුළුවන් ලංකාවේ කුණු ගොඩවල් ඉන්ජෙක්ෂන් ගහන්නේ නැතුව branded whitening ඉන්ජෙක්ෂන් එක පිට රටකට ගිහින් වුනත් ගන්න. ඒත් එයා එහෙම කරල නෑනේ. අන්න එක තමයි පෞරුෂත්වය කියන්නේ. ගැම්ම කියන්නේ. ලංකාවේ නිලියෝ ගායිකාවො මොඩල්ස්ලා සහ දේශපාලන නායිකාවෝ සේරම එක පෙලට stage නැග්ගුවොත් සේරම එක පාට. කව්රුත් ඉන්ජෙක්ෂන් ගහල lip blush කරල BB TREATment කරල. හැබැයි ඩයනා දේශපාලන නායිකාවක් වුනත් ඒ පෙනුම වෙන කිසිම කෙනෙක්ට නෑ. ඒක එයාටම විතරයි. ඒක එයාගේ පට්ටම personality එකක්.එක පිරිමියෙක් වෙච්ච ඔයාට නෑ. ඒකනේ මූන 🙁මෙහෙම emoji එකක් දාලා කලුයි ගාන්නේ. ඉතින් ඔය වගේ අය කෙල්ලෙක් බදින්න ගියාමත් බලන්නේ පොත්ත සුද විතරයි. ඒ කියන්නේ පාටට විතරයි මුල්තැන දෙන්නේ. ඉන් එහාට එයාගේ පවුල් පසුබිම බුද්ධිමත්කම හොයන්නේ නෑ. ඉතින් විවාහ ජිවිතේ ගැටළු. එහෙමත් නැත්නම් බදින ගෑ₹නිට වඩා පොත්ත සුදු කෙනෙක් දැක්කොත් කෙල හලනවා. ඉතින් ඒ බැදපු මනුස්සය පවු. දැන් මං හිතනවා ඔයාට වඩාත් පැහැදිලිව උත්තර ලැබුනා කියල. තේරුණා ද මාතලන්?

    ReplyDelete
  19. තාත්වික මදි හෙන ගහනවා ඔහොම රැගුවට...

    ReplyDelete
  20. විස්තර මදි හෙන ගහනවා 😄මොනවද යකූ මේ ගොන් script? තමන් order කරපු එක නැතුව වෙන එකක් ගෙනාවම ඒක වැරැද්දක් බව acknowledge කරන්නෙ නැතුව

    "අපි මේ රස්සාවට මේක කරන්නෙ උඹලගෙ යටහත් සේවකයො විදිහට නෙවෙයිය, අපි ගේන මොන හත්තිලව්ව වුණත්, order එක place කරපු එකා කිසිම argument එකක් නැතුව ඒක බාරගන්න ඕනිය", අපි ගිනි අව්වෙ, දාඩිය කාගෙන බයික් පදින්නෙ ආතල් එකට නෙවෙයිය"

    වගෙ ගොබ්බ line වලින් එන්නෙ ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ගෙ ඔළු හදල තියෙන ආගමික, සංස්කෘතික ආභාෂයෙන් ගොඩනගපු සහකම්පන (empathy) මානසිකත්වයට ආමන්ත්‍රණයක්. ඒ වුණාට මෙතන පේන්න තියෙන්නෙ තමන්ට භාරදුන්න job එක හරියට නොකරපු අකාර්යක්ෂමතාවයයි, නොසැලකිල්ලයි. ලංකාවේ බුකියේ ඉන්න ගොන් page කාරයෝ කරන්නෙ මේ වගෙ line තියෙන clip ටිකක් දාලා රටේ මිනිස්සුන්ගෙ සංවේදී කමට ගහලා reach ගන්න එක. Emotional damage වලින් මිනිස්සු අන්දන ප්‍රධානතම රටක් තමයි ලංකාව කියන්නේ🥴🤷🏻

    ReplyDelete
  21. මාතා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) 2024 ජනපතිවරණේ ජනපති අපේක්ෂක ගැන වාර්තාවන හැටියට පොදු අපේක්ෂකයන් ලෙස රනිල්ගේ නමත්, නාමල්ගේ නමත් යෝජනාවී තිබෙන අතර
    නාමල්ගේ නම ඊට නොගැළපෙන බව ගිය සතියේ මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා ප්‍රසිද්ධ මාධ්‍ය වලට

    ඒ නිසා දැනට ලැබෙන ආරංචි අනුව වැඩිම අවධානය යොමුවී ඇත්තේ ධම්මික පෙරේරා වෙත බවයි මාධ්‍ය වල කියන්නේ, හැබැයි රනිල් එජාපය හා සජබය එක්කරන ක්‍රීඩාවෙන් ජයගතහොත් වෙනම තරග වදින්නට යන කථාවක්ද පැතිරිලා තියෙනවා, මොකද රනිල් වික්‍රමසිංහට සජබ වහල් මීහරකුන්ගේ ඡන්ද දසලක්ෂ ගානක් ලබාගත හැකි වන නිසා

    මේ අතර ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදු ජන පෙරමුණේ නිර්මාතෘ කපුටාස් බැසිල් අතරේ හමුවක් පෙරේදා මැයි 09 පැවැත්වී ඇති බවත් ඒක ඔවුන් දෙදෙනා අතර පැවති හය වැනි සාකච්ඡාව බවත් මාධ්‍ය වල තිබුණා

    මාධ්‍ය අවධානය අවුල් කරමින් ආරංචි වූයේ රනිල් බැසිල් සාකච්ඡාවෙහි අරමුණ ජනපතිවරඑණයක් වෙනුවට මහමැතිවරණයක් පළමුව පැවැත්වීමට යන බවයි. කෙසේ වෙතත් ජනපතිවරණයට මාස කිහිපයක් තිබියදී දැනටමත් අනෙක් පක්ෂ තරගය වෙනුවෙන් බොහෝ දුර ගමන් කර ඇති පසුබිමක පොහොට්ටු කල්ලියේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට ප්‍රමාද වැඩි යැයි පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක්ම එහි නායකත්වයට පසුගිය සතියේ දී පෙන්වාදී ඇති බවත් එය සත්‍යයක් බව බැසිල් රාජපක්ෂ පිළිගෙන ඇතැයි දැනගන්නට ලැබෙනවා.

    කොහොම වුණත් පොහොට්ටුව මේ පාර වැඩේ ස්කිප් කරලා පස්සේ කාලෙක ඉවසීමෙන් ඉඳල බලය ලබාගන්න උත්සාහ කරන බවයි පේන්නේ, සමහර වෙලාවට රනිල් ඒ කාලේ රටගොන් පොන්සේකා වගේ පොදු අපේක්ෂක කෙනෙක් දාල 2010 ඡන්දය ස්කිප් කළා වගේ මේසැරේ පොහොට්ටුව උපක්‍රම අනුගමනය කරන්න හදනවා කියල පේනවා, හැබැයි කවුරු බලයට ආවත් දිනන එකාට ඡන්දෙන් පසසේ බඩු බනිස් රනිලා හිටියොත් ගේම ගහයි නැත්නම් ඉතින් බඩුම තමයි.

    ReplyDelete
  22. තිගේ හැඩ නිරුවත.... ගැටි අවසන් මගෙ ගත...
    පැමිනිය වෙලෙසින් ගොඩ ......
    ගනිමි මගෙ නා රාජු කට....
    අරිමි මම තොට .....
    රෙදෙන්නට විලෙස ......

    කොන්ඩම් නැති සා අද....
    බඩු යයි ඇතුලට.....
    මාස 9 යකින් පසුව .......
    මා ලංකාවෙ සිටිද කියා නොහැක.😂😚💔
    මා මතක් වෙන්න උබට දුන්න තැග්ග ......
    තියාගෙන හිටපන් මැරෙන තුරා ඔක....😂💔

    පෙන්නුවනම් ඒ හැඩ නිරුවත නගිනවා සත්තයි බං මට.😌

    ReplyDelete
    Replies
    1. අඩෝ

      හැඩ ඇතිනම් ගත
      හොදම ඇදුමයි නිරුවත
      එසේ කීවත් පුත
      ඇයනම් පෙන්නුවේ නැත.. 😜😜😂😂

      Delete
  23. ලංකාව හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක් කියන්නෙ මිනිස්සුන්ගෙ තීන සාම්ප්‍රදායික සිතුවිලි වෙනස් වෙන්නති නිසා .ඒක නිසයි තාම ලංකාව දකුනු ආසියතික රටවල් අතරින් පසුපසින් ඉන්නෙ.හැමදාම තව කෙනෙක්ට ඇගිල්ලක් දික්කරන්ව මිසක් කවදාවත් තමන්ගෙ වැරදි අඩුපාඩු හදා ගන්නෑ.කවුරු ආවත් මොනාමහරි වැරද්දක් කියන්න ගන්නවා .ප්‍රස්තා පිරුලු හැදිලා තින්නෙත් මිනිස්සුන්ගෙ ගති අනුව. ඒකනෙ ඉස්සර එකාලෙ මිනිස්සු කිව්වෙ අනුන්ගෙ ඇහේ තීන පොල් රොඩ්ඩ පේනවා තමන්ගේ ඇහේ තීන පොල්පරාලෙ පේන්නෑ කියලා ඒ කතාව අදටත් වලංගු වෙනවා.😒

    ReplyDelete
  24. ඔහොම තමයි මාතා “ලංකාවේ දාර්ශනිකයොත් නෑ බුද්ධිමතුනුත් නෑ!
    ඉන්න තරමක් ඉන්නෙ කාගේ හරි ඒවා ගිලලා වමාරන අතලොස්සක්!!
    මොන මගුල හරි උඹලගෙම දෙයක් හිතපල්ලා කියපල්ලා කියලා කුමාරතුංග මුනිදාස ගේ සිට නලීන් ද සිල්වා දක්වා ලංකාවේ හිටපු විචක්ෂණ ශීලී කට්ටිය කිව්වෙ ඒකයි!!!”
    (සරල සිංහලෙන් කියයපුවා)

    "මේ මගේ ලෝකයයි, එය ඔබේ ලෝකය නොවේ. මගේ ලෝකය මට සාපේක්ෂවයි. අපි සියලු දෙනා දකින්නේ එකම ලෝකයක් යන්න මගේ ලෝකයේ නොවේ"
    - Dr. Nalin de Silva

    තව දෙයක් මාතා මහාචාර්ය නලීන් ද සිල්වා ලියපු ලිපි වල ඔහුට එතරම් මාධ්‍ය අවකාශය නොලැබීම ගැන පොඩි නෝක්කාඩුවක් තිබුණා. හැබැයි ඔහු මාධ්‍ය වල, විශේෂයෙන්ම රූපවාහිනියෙ කරපු වැඩසටහන් බැලුවම ලංකාවේ අඳබාල, නූගත් වැඩසටහන් මෙහෙයවන්නන් සමග ඔහු වැඩසටහන් නොකරපු එක හොඳයි කියලා තමයි මටනම් හිතුනේ.

    ලංකාවේ අතිශය බහුතරයක් රූපවාහිනි වැඩසටහන් නිවේදකයන්ට කිසිම විද්‍යාත්මක තියා මූලික ලොජිකල් පදනමක් වත් වැටහෙන් නෑ. ඒ වගේම දාර්ශනික පදනමක් නෑ. කොටින්ම මූලික බුදු දහමවත් දන්නේ නැහැ.

    ලංකාවේ රූපවාහිනි නිවේදකයොන්ගෙන් ඒ මට්ටම අපි බලාපොරොත්තු වෙන්නේ නෑ තමයි.
    ඒත් මහාචාර්ය නලීන් ද සිල්වා වගේ අය සමග වැඩසටහනක් මෙහෙයවනවා නම් ඒ මූලික අවබෝධය හෝ අත්‍යවශ්‍යයි.

    ඔහු කියන දේ ගැන සරල හෝ අධ්‍යනයක් අවශ්‍යයි.ඉතින් බහුතරයක් වුනේ අර රූපවාහිනි වැඩසටහන් නිවේදකයන් බහුතරයකට නලීන් සර් කියන දේ තේරෙන්නෙ නැහැ. ඔවුන් වෙන වෙන අදාල නැති බහුබූත වැල්වටාරම් කියනවා.

    ඕක හොඳටම කළේ මහා ප්‍රාඥයෙක් කියලා ලේබල් වෙලා ඉන්න ITN Hasantha Hettiarachchi .

    මිනිහා ආතල් දෙන අටපට්ටම වගේ රසවත් වැඩසටහන් කරලා ජනප්‍රිය වුණා. පස්සෙ දොරමඩලාව කියලා එකකුත් පටන් ගත්තා.

    ඒකේ ඉතින් සාමාන්‍යයෙන් J.R.P සූරියප්පෙරුම ලා, කාලෝ ෆොන්සේකා ලා සරල භාෂාවකින් කියන රස කතා වගේ දේ හසන්තට තේරෙනවා.

    ඉතින් මිනිහත් තමන් මහා ප්‍රාඥයෙක් කියලා තමයි හිතන් හිටියේ.

    හැබැයි "ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි"ගේ නියම ස්වරූපය එලියට ආවේ නලීන් ද සිල්වා ඉස්සරහා.

    මෑන් ට නලීන් සර් කියපු මෙලෝ අටමගලයක් තේරුනේ නෑ.

    නමුත් ඔහු නොතේරුනත් නිකන් හිටියෙත් නැහැ.

    ඔහු දන්න සීමාවේ ඇතුලේ ඉඳන් නලීන් ද සිල්වාට අභියෝග කළා.

    "බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් නම් කොහොමද මේ රූපවාහිනියෙන් අපි කියන දේ පේන්නේ" වගේ හද්දා ගොන් මරි මෝඩ කතාවක් කිව්වේ හසන්ත හෙට්ටිආරච්චි.

    ඒ කිව්වෙත් ඉතාම ආඩම්බරයෙන්.

    මන් හිතන්නේ නලීන් සර් දොරමඩලාවට නොයා ඉන්න තිබුණේ එදා.

    දෙරණේ සංඛ සහ දිල්කාට පවා මහාචාර්ය නලීන් කියන දේ හසන්ත හෙට්ටිආරච්චිට වඩා තේරුණා.

    හසන්ත හෙට්ටිආරච්චිගේ බුද්ධිමය ධාරිතාව එක්ස්පොස් වුනෙත්, අඩුම තරමේ කුඩා හෝ හැදැරීමක් ඔහුට නැති බව හෙළිවුණෙත් එදා.

    හැබැයි ඉතින් අර මොකක්දො සම්මාන උළෙලේ "ආචාර්ය" හසන්ත හෙට්ටිආරච්චි අටපට්ටමටයි, දොරමඩලාවටයි තාම සම්මාන ගන්නවා.ඔන්න ලංකාව! ඉතින් මචන් ඩයනා ගැනයි පුරවැසිභාවය ගැනයි කවර කතා ද මාතලන්?

    ReplyDelete
  25. @ සජබයියනි

    උබලා ඩයනාට බම්බූ ගහගන්න කියලා අලුතින් “ටයරය” ලකුණෙන් වෙන එකක් හදාගෙන වරෙන් පුතානො එක්ක.. ඊටපස්සේ යට කරගෙන පලයං ඔක්කොම ටයරයෙන්… ජෙප්පන්ට මාල දාපන් ඒකාලේ පියානො කරා වගෙ. අනික එතකොට මාලුමාමත් ටයරය වගේම රවුම් නිසා ඇස් නොපෙනෙන ගොබ්බ නාකි මාලුමාමල හැත්තම මාලිමූව කියල රැවටිලත් ටයරයට කතිරෙ ගහයි. ටයරය පියානෝගෙ සලකුණු නිසා අනිවාරෙන් දිනනවා බඩුම තමයි පුතා… 👍

    ReplyDelete
  26. ඩයනගෙ කේස් එකෙන් තේරෙන්නෙ, ලංකාවෙ බහුතරයකටත්, මාතලන්ටත්, ලංකාවෙ නීතිය හරියට තේරෙන්නෙ නැති බව. 1948 අංක 18 දරන පුරවැසි පනත අනුව විදේශ රටක පුරවැසිභාවය ලබා ගන්නා ශ්‍රී ලාංකිකයකුට මෙරට පුරවැසිභාවය ඉබේම අහෝසි වෙනවා. මේක පැහැදිලි කළොත්, එන්ගලන්තෙ හෝ ඔස්ට්‍රේලියාව වගේ රටක පුරවැසිභාවය ඒ රටට ගිහින් ලබා ගත්තොත්, ඒ රටවල ද්විත්ව පුරවැසිභාවය වලංගු නිසා ඒ අයට ලංකාවෙ පුරවැසිභාවය තියෙද්දිම, ඒ රටේ පුරවැසිභාවය දෙනවා, එතකොට මේක ගත්ත එකාට පාස්පෝට් දෙකයි, එකක් ලංකාවෙන් ආපු ලංකාවෙ පාස්පෝට් එක. අනික ඔස්ට්‍රේලියාවෙන් හරි එන්ගලන්තෙන් හරි ගත්ත ඒ රටේ පාස්පෝට් එක. හැබැයි නීතිය අනුව කළ යුත්තෙ, ලංකාවෙ පාස්පෝට් එක ලංකාවෙ එම්බසියට ගිහින් බාරදීල තමන්ගෙ පුරවැසිභාවය අහෝසිවූබව එම්බසියට රපෝර්තු කිරීම. හැබැයි ගොඩක් උන් ඒක දන්නෙ නෑ, දන්න උන් ඒක කරන්නෙත් නෑ. එහෙම කළේ නැතිවුණාම, ලංකාවෙ ඒ පිලිබඳ සටහනක් නෑ. ලංකාවෙ ද්විත්ව පුරවැසිභාවය ඕනෙනම්, නැවත ඇප්ලයි කරලා, ලක්ෂ ගානක් ගෙවලා ගන්න පුළුවන්. ලංකාවෙ පාස්පෝට් එකක් නැවතත් ගන්නත් පුළුවන්, හැබැයි, එතකොට ලංකාවෙ පාස්පෝට් එකක් නිකුත් කරන්නෙ ද්විත්ව පුරවැසියන්ට වෙන්වූ කාණ්ඩ අංකයකින්, ඒ නිසා එහෙම එකක් පාවිච්චි කරනවානම්, ඒකෙ කාණ්ඩ අංකෙන් කිව්වැකි එයා ද්විත්ව පුරවැසියෙක් බව. සමහරු කරන්නෙ තමන්ගෙ පරණ පාස්පෝට් එකෙන්ම ලංකාවට එනවා යනවා, නමුත් ලංකාවෙ ආගමන/විගමන එවුන් දන්නෙ නෑ, මෙයාගෙ පුරවැසිභාවය අහෝසියි කියලා. සමහරු කරන්නෙ අලුතෙන් හම්බවෙච්ච ඒ රටෙ පාස්පෝට් එකෙන් එනවා යනවා, එතකොට ලංකාවට ඇතුල්වෙනකොට වීසා ගන්න ඕනෙ. ඩයනා කරලා තියෙන්නෙත් මේක, මෙයා එන්ගලන්තෙට ලංකාවෙ පාස්පෝට් එකෙන් ගිහින් එහෙ පුරවැසිභාවය ගන්නවා. ඊට පස්සෙ මෙයාගෙ ලංකාවෙ පුරවැසිභාවය ඉබේම අහෝසි වෙනාවා, එයා ලංකාවට එන්ගලන්තෙ පාස්පෝට් එකෙන් එනවා, එයාට සංචාරක වීසා දෙන්න ඇති. ඊට පස්සෙ ලංකාවෙ ගල් වෙනවා. ඊට පස්සෙ හොර උප්පැන්නයක් හදලා ලංකාවෙ පාස්පෝට් එකක් ගන්නවා. දැන් මෙයා මූලික වැරදි දෙකයි, එන්ගලන්තෙ පාස්පෝට් එකකින් ඇවිත්, වීසා කාලය ඉක්මවා රැඳී සිටීම, කූඨ ලේඛන ඉදිරිපත්කර, පාස්පෝට් එකක් ලබා ගැනීම. මෙයා ඊට පස්සෙ ලංකාවෙ දකුණු පළාතෙ ඉපදිලා, සිංහල ඉස්කෝලෙකට යාම, සිංහලවීම නිදහසට කාරණා නෙවෙයි. පිටරට ගිය කොයි එකත් මේවා කරනවානම්, ඌ නීතිවිරෝධී දේවල් කරන්නෙ, දඬුවම් කරන්න ඕනෙ උසාවියෙන්.

    ReplyDelete
    Replies
    1. @ රොබට්

      ඔබ ඔය කියන කථාව ඇත්ත වගේ පේන්නේ, නමුත් ඕස්ට්‍රේලියාවේ සිටින ලාංකික ජ්‍යෙෂ්ඨ බ්ලොග් ලේඛනවේදී ඉංජිනේරු රසික හරිස්චන්ද්‍ර සුරියාච්චි මැතිතුමා ඒ මහතාගේ බ්ලොගය තුල ලියා පෙන්වා දුන්නේ එතුමන් ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාගෙන ඇති බවත් එනමුත් ඔහුගේ ලාංකික පුරවැසිභාවය අහිමි නොවුන බවයි. ඔහු මුදල් වැය කොට ලංකාවේ පුරවැසිභාවය ලබා නොගත් බව පුන පුනා පවසන බැවින් ඔහු (ඉංජිනේරු රසික මැතිතුමා) මෙම පුරවැසිභාවය ලබාගෙන තිබෙන ආකාරය පැහැදිලි කිරීමට ඔබට පුළුවන්ද?

      Delete
    2. ඉංජිනේරු රසික සූරිආරච්ච්ගෙ බ්ලොග් එක මමත් බලනවා, හැබැයි ඔහොම එකක් මම නම් දැකලා නෑ, එහෙම එකක් තියෙනවානම්, මේක පහලින් ලින්ක් එකක් දැම්මොත් මට පොඩ්ඩක් බලන්න පුළුවන්. වෙන රටක පුරවැසිභාවය ගත්තහම ලංකාවෙ පුරවැසිභාවය අහෝසිවෙන එක ගොඩක් එවුන් දන්නෙ නෑ. තමන් ලක්ෂ ගානක් දීල ද්විතව පුරවැසිභාවය ගත්තෙ නැත්නම්, අර ආතර් සී ක්ලාක්ට දුන්නා වගේ රසිකටත් සම්මානනීය පුරවැසිකමක් දීලද දන්නෙ නෑ ආණ්ඩුවෙන්, නැත්නම් මිනිහත් ඉන්නෙ නොදන්න ගොඩේ තමයි.

      Delete
    3. Thank you for the links. What he mentioned is the correct procedure: after receiving foreign citizenship, in this case, Australian citizenship, he had to reapply for Sri Lankan citizenship by paying 1.5 lakhs. The current amount is USD 2000, which is about 6 lakhs for the main applicant only.

      Regarding the benefits, what he said is not entirely accurate. It's not just about the duty-free allowance. Maintaining Sri Lankan citizenship (or dual citizenship) is important for retaining property ownership in Sri Lanka. Another crucial aspect is that any foreign citizen requires a visa to enter Sri Lanka. Although he thinks it's simple to get one on arrival or online, it's important to remember that immigration officers have the right to refuse entry without giving any reason. While an ordinary person like Rasika might not take this seriously, it can be a crucial factor for politically exposed persons or famous figures. Additionally, as a foreigner with a visit visa in Sri Lanka, one cannot work or engage in any political activities or protests.

      Delete
  27. මාතලන් රොබට් සහ අනෙක් අයට කියන්න තව කාරණයක් තියෙනවා, ඇත්තටම ලංකාවේ පාර්ලිමේන්තුවේ හොරෙන් ඉන්න ද්විත්ව පුරවැසියා වුනේ,ඩයනා සහ ගීතා විතරද කියල හොයල බලන්න

    උත්තරේ නෑ කියන එක

    උතුරු නැගෙනහිර බහුතරයක් ද්‍රවිඩ මන්ත්‍රීන්,දිවිත්ව පුරවැසියන්.

    ඔවුන් එහෙනම් ඩයනා මෙන් කොටු කරගන්න බැරි ඇයි?

    ඔවුන් බහුතරයක් එල් ටී ටී ඊ යුද්ධය සමයේ ද්විත්ව පුරවැසිබව ලබාදී විදේශ ඩයස්පෝරාව / සමහර රටවල් /සමහර සංවිධාන විසින්/ ලංකාවේ උතුරේ වෙනම පාලන කේස් එක සහ ඒ ඇසුරින් ලංකාව හැඬල් කීරීමටම සදහාම යෙදවු චරිත. ඔවුන්ගේ ද්විත්ව පුරවැසිබව එදා ඇතිකලේ බෙදුම්වාදයට පක්ෂපාතී වීම මත ලංකා රාජ්‍යයෙන් යම්,ගැටළුවක් වුනොත් ඒ අවස්ථාවේ පුරවැසිබව මගින් ජාත්‍යන්තර නීතියට ඔවුන් බේරා,ගැනීම යන අදහසින්.

    උදාහරණයක් ලෙස සුමන්දිරන් මන්ත්‍රීවරයාට බ්‍රිතාන්‍ය පුරවැසි බව ඩයනා ගමගේට මෙන්ම තිබෙන බව කියනවා නමුත් එය එසේ සිදු,කර තිබෙන්නේ සුමනිදිරන්ලා එදා බෙදුම්වාදයට පක්ෂ වීම යන චෝදනා මත යම් ආරක්ෂක කටයුත්තකට ඔවුන් අත් අඩංගුවට ගත්තා නම් ඔවුන් බ්‍රිතාන්‍ය පුරවැසි බව ඉදිරියට දමා ඔවුන්ව ආරක්ෂා කරගන්නට කටයුතු කරන්නට පහසු වීම නිසායි. රාජපක්ෂ රෙජීමය පවා මේකට අත නොතියා එක්සත් ජනපදය සහ යුරෝපීය රටවල් වගේම භාරතයත් ගානට බැලන්ස් කළා යුද්දේ කාලේ, යුද්දයෙන් පසුව ඔවුන් වැඩේ අනාගත්තාට

    ගීතා කුමාරසිංහගේ
    ඩයනාගේ

    ආගමන විගමන වාර්ථා මගින් ද්විත්ව පුරවැසිබව හෙව්වාට එම පිරිසගේ පුරවැසි කේස් එසේ,හොයන්නට නොහැකි වන්නට හේතුව නම් ඔවුන්,සියළු දෙනා රට රටවල පුරවැසිභාවය ලබා තිබුනාට කුමන හෝ,ක්‍රමයකට ඒ,කාලේ ලබා ගත් ලංකාවේ පාස්පෝට් ඔවුන්,භාවිත කරන අතර අදාල පුරවැසිභාවය ලැබු රටවල පාස්පෝට් පාවිච්චි කරන්නේ ඒ ඒ රටවල අභ්‍යන්තර වරප්‍රසාද වෙනුවෙන් පමණක් වීමත් එම රටවල් ලංකාවට ඒක රිවීල් නොකිරීමත් ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සේරටම ඒක කරන්න ඕනකමක්ද නැතිනිසායි.

    ලංකාවේ,රජයන්,හෝ ජනතාව රැවටීමට ප්‍රසිද්ධ මාධ්‍ය වල බොරුවට එකිනෙකා හා කුලල් කා ගන්නා සිංහළ දේශපාලන පක්ෂ ඩයනාගේ ගීතාගේ ද්විත්ව පුරවැසි බවට නඩුදැමීමත් බැසිල්ගේ ද්විත්ව පුරවැසිබවට දොස් කීම සහ නැත්නම් ඔය සිංහල නම්,තියෙන අයගේ ද්විත්ව පුරවැසිබව හොය හොයා මන්ත්‍රී ධුරය නැති කරන්න කියා කටයුතු,කරත්

    උතුරු පලාතේ ක්‍රියාත්මක වන ද්‍රවිඩ මන්ත්‍රීන්ගේ ඇස්පනාපිට පෙනෙන්න තිබෙන ද්විත්ව පුරවැසි බව එලි කරගන්න කටයුතු නොකරන්නේ

    ද්‍රවිඩ මන්ත්‍රීවරු පුරවැසිබව ලබා තිබෙන බලවත් රටවල් වල තානාපති කාර්යාළ තරහා කර ගැනීමට සමහර බලවත්,ජාත්‍යන්තර සංවිධාන තරහා කර ගන්නට ඇති බය නිසායි.

    කොටින්ම ලංකාවේ ඒ පිළිබදව හොයා බැලිය යුතු මැතිවරණ කොමිසමත් ඒ ගැන හොයන්නේ නැත.

    සිංහළ දේශපාලන පක්ෂ කුලල් කා ගනිමින් එකිනෙකා පාවා දෙමින් කටයුතු,කලත් දෙමළ දේශපාලන පක්ෂ කොළඔ පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ අසුන් ගත නොහැකිය යන ව්‍යවස්ථා සංශෝධනයක් කලා කියලා එකිනෙකා පාවා දෙන්නේ,නැත. ‼️

    එහෙම වුනොත්,දැනට දෙමළ සංධානයේ බහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට අසුන් අහිමි,වෙන බව ඔවුන් දන්නවා වගේම බෙදුම්වාදය වෙනුවෙන් ඔවුන්,පාර්ලිමේන්තු,ගත කල ද්‍රවිඩ ඩයස්පෝරාවද සමහර රටවල්ද දෙමළ දේශපාලන කංඩායම්,වලට දිවිත්ව පුරවැසි බව මගින් එකිනෙකා පරාද කරගන්න කටයුතු,නොකරන ලෙස සංඥාව ලබා දී තිබෙන බව සහතිකකය.

    නමුත් ඇත්තටම ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න කටයුතු කරන කොටස් හිතාමතා අත අරිනනේද

    ලංකාවේ ඒකීය භාවයට අදත් පහර ගහන ඇත්තටම රට නියෝජනය නෙකෙරන කොටසය.

    මේ,කොටස තුළ ඇති ද්විත්ව පුරවැසි බව අභියෝගයට ලක් කරන්න දකුණේ දේශපාලනයද රාජ්‍ය පරිපාලනයද රට වෙනුවෙන් කියන සිවිල් සංවිධානද බය වන් නේ ඔවුන්ගේ ද්විත්ව පුරවැසි බව ඇති රටවල් වල මෙරට තානාපති කාර්යාළ සහ සංවිධාන ද්‍රවිඩ ද්විත්ව පුරවැසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව මෙහෙයවන නිසයි.

    ReplyDelete
    Replies
    1. මේකයි, කෙනෙක්ගෙ විදෙස් රටක පුරවැසිභාවය ලංකාවෙදි හොයා ගන්නනම්, ඒ පුද්ගලයා විදේශ ගමන් බලපත්‍රයකින් ලංකාවට ඇතුල් වෙන්න ඕනෙ. ඩයනා එහෙම කරලා තියෙන නිසා නිකන්ම අහුවෙනවා. දැන් සුමන්තිරන් ලංකාවට එන්නෙ යන්නෙ ලංකාවෙ විදේශ ගමන් බලපත්‍රයකින්නම්, ඔහුට විදේශ පුරවැසිභාවය තියෙනවා කියලා ඔප්පු කරන්න, ඒ රටින් (බ්‍රිතාන්‍යෙන්) නිකුත් කරපු විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය වගේ නීත‍යාණුකූල සහතිකයක් ඕන වෙනවා. එහෙම එකක් ඒ රටකින් ඉල්ලුවට ඒ වගේ පුද්ගලික එකක් වෙනත් රටකට හෝ වෙනත් පුද්ගලයෙකුට ලබා දෙන්නෙ නෑ. ඒ නිසා සුමන්තිරන් වගේ කෙනෙක් වෙනත් රටක පුරවැසියෙක් බව ඔප්පු කරන්න සාක්ෂි නෑ. සමහර ලාංකිකයො වෙනත් රටවල පුරවැසිභාවය ලබා ගත්තම, ඒ අය ඔය odd jobs කරන තැන්වල හෝ සමහර ලංකාවෙ job agencies වලට තමන්ගෙ නීත්‍යාණුකූල සහතිකයක් ලබා දුන්නම ඒක ලීක් කරන නිසා තමයි ගොඩක් වෙලාවට ඒ අයව අහු වෙන්නෙ. ඩයනගෙ බ්‍රිතාන්‍ය රියදුරු බලපත්‍රය, ඇය මන්ත්‍රීවරියක් වෙච්ච කාලෙම අන්තර්ජාලෙ පල වෙලා තිබුණා. ඒකත් එහෙම ලීක් වෙච්ච එකක් වෙන්න ඇති, ලංකාවෙ එවුන් හරි ආසයි තව ලංකාවෙ එකෙක්ටම වල කපන්න.

      Delete
    2. sign-in වෙන්න අමතක වුණා 👆

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න