.

.

May 28, 2024

පාලිත රංගේ බණ්ඩාර, මුට්ටිය දමා ඇදගෙන නෑම.


 පාලිත රංගේ බණ්ඩාර,

මුට්ටිය දමා ඇදගෙන නෑම.
➖➖➖➖➖➖➖➖➖⭕➖

රංගෙ බණ්ඩාර කියන්නේ පොඩි බඩුවක් නොවේය. ඇපත් නැතිව ගෙදර ගිය බුවාලා වුවද, දැන් උන්නැහේ, වත්මන් විධායක ජනාධිපති තුමාගේ පක්ෂයේ ලේකමාය. හොයාගන්නවත් නැතිව කැලෑ වැඳුන අලි... ආයේ එලියට ආවේ රාජපක්ෂලාට පින්සිඳු වෙන්නටය.

පාර්ලිමේන්තුවේ උන් තනි අලියා විධායක ජනාධිපති වුයේ... රාජපක්ෂලාගේ 69 ලක්ෂයේ චන්ද කුට්ටියෙන්‍ය. ඒ නිසා අරගල හාල්පාරුවෝ මක්කා කිව්වත්... එයාට මැන්ඩේට් එකක් නැති වුනාට පෝට්ටු බයියන්ගේ මැන්ඩේට් එක ආයේ චන්දයක් තියන්කන් ව්‍යවස්ථානුකූලය. උන්නැහේ ජනාධිපති කොරලා බැසිලස්ලා බලාපොරොත්තු වුනේ... රනිල් පෝට්ටු බයියන් කියන විදියට ඉඳීය කියලාය.

බැසිල් ගාමිනි දිසානායක ළඟ උන්නාට... රනිල් ළඟ උන්නේ නැතිය. රනිල් කියන්නේ... ජේ ආර් උන්නැහේගේ බෑනාය. ජේ ආර් කිව්වේ... විධායක ජනාධිපති ධූරයෙන් කරන්නට බැරි ගෑණියෙක් පිරිමියෙක් කරනෙකත්... පිරිමියෙක් ගෑණියෙක් කරන එකත්‍ය කියලාය.

ඒ කිව්වාට මහින්ද මහත්තයා උන්නැහේගේ දෙවනි ඉනිමේදී... පිරිමි ගෑණු කිරීම කෙසේ වෙතත්... පිරිමි ඔක්කොම නපුංසකයෝ කරන ආකාරයත් රනිල් ලොක්කා දුටුවේය.

ඒ දෙවන ඉනිමේදී මහින්ද මහත්තයා ඇක්සෙකටිව් ප්‍රසිඩන්ට් ප්ලස් දුටුගැමුණුත් වෙච්චි නිසාය. හැබයි ඉතින් ධාතු කරඬුව වගේ නෙවිල් ලවා හැම තැනම උස්සාගෙන ගියාට දැන් උන්නැහේ පැන්ෂන් ගිය පොලිස් කාරයාගේ සයිස් එකේය.

දැන් උන්දෑගේ සැළුන් දොරෙන් එලියට යන උන් මිසක්... ඇතුලට එන උන් නැත්තේය. ඉන්න උන් ටිකත් බැසිලස් හා නාමල් කුමාරයා පුපට පයින් ගසමින් එලවනවාය. එයාලාගේ මැයි දිනේ මෙන්ම අනුරාධපුර රැස්සීමත් පට්ට ෆේල්‍ ය.

මේ සියල්ලත් රනිල් උන්නැහේ නරඹම්න්, විඳිමින්, ඉස්ටඩී කරමින් සිටිනා දේවල්‍ය. ඒ අස්සේ සජබෙත් මණ්ඩලේ කචල්‍ය. හමුදාවේ හාල්පාරුවේ රෙද්ද අස්සේ දාගන්න නිසා ෆොනී යන්න ගියේය. ජී ඇල්ලා ගොඩහෑවලා දාගත් නිසා හර්ෂලා කබීර්ලා එරාන්ලා අවුල්‍ය. ඒ අස්සේ පුතානෝ මැතිතුමා කරන්නේ ජලනි ආර්‍යා තොමෝ කියන දෑ කියා... මනෝ හා හකිම් යන්න බඩු පැක් කරනවාය.

මෙහෙම අවුල් අස්සේ ජනාධිපතිවරණයක් මක්කටෙයි කියා අලින්ට නොව අපිටත් හිතෙනෙක සාධාරණය.

ඇත්තටම ආර්ථිකය ගැන යම් අවබෝධයක් තියෙන හැම එකාම කියන්නෙ රනිල්ට තව කාළයක් ඉන්න දෙන්න ඕනෑ කියලාය. මහ බැංකුවේ ලොක්කාත් කෙලින් නොකියා කියන්නේ ඒකමය.

වැඩේ තියෙන්නේ එහෙම ඉන්නට ව්‍යවස්ථාවෙන් බලයක් නැති එකය. කයියනායක තුමා හා විප්ලවවාදී සහෝදර නඩය, එයාලා බලයට ආපූ ගමන් ව්‍යවස්තාව විසි කරනවා කියන්නේ මේ නිසාය. එහෙම නොකර එයාලාට චීනයේ, කියුබාවේ හා උතුරු කොරියාවේ සිස්ටම් එක ගෙනියන්නට බැරිය.

කරුමය කියන්නෙ... ආර්ථිකේ දන්න උන් රනිල්ම ඕනෑ කිව්වාට... රටේ අති බහුතරය තියා බලේට එන්න වලිකන ජනාධිපති අපේක්ෂක සැට්ටෙකටත් ආර්ථිකය ගැන මළපොතේ අකුරක් නොදන්නා එකය.

ඒ කරුණු සළකා බලන කළ රංගේ බංඩාර කියන්නේ මේ මොහොතේ කළ යුතු වඩාත් සුදුසුම ක්‍රියාමාර්ගය හා නිවැරදිම තීන්දුව ගැනය.

ඒ හේතුවෙන්... මාතලන් වන මා විසින් රංගේ බන්ඩාරගේ යෝජනාව අත් දෙකම ඔසවා අනුමත කරන ලද බවත්, එය ව්‍යවස්ථාවට අනුකූල බවත්, සියළු ලක් වාසීන් වෙත මෙයින් දන්වා සිටිමි.


ස්වස්ති සිද්ධම්....!!!

6 comments:

  1. පාර්ලිමේන්තු මැතිවරණය ජනපතිවරණයට පෙර පවත්වන්නේ නෑ. පාර්ලිමේන්තු මැතිවරණය මුලින් පවත්වාගැනීමට අවශ්‍ය පොහොට්ටුවට. ඔවුන් ජනපතිවරණයකදී පරාජය වුණොත් එම බලපෑම පාර්ලිමේන්තු ඡන්දයකදී ඔවුන්ට අහිතකර ලෙස බලපාන නිසයි පොහොට්ටුව පාර්ලිමේන්තු ඡන්දය මුලින් පවත්වනවාට කැමති. නමුත් රටේ පැත්තෙන් බැලුවොත් රටට කරන් පුලුවන් ලොකුම විනාශය තමයි ජනපතිවරණයට කලින් පාර්ලිමේන්තු ඡන්දය පැවැත්වීම.

    අනුරකුමාර මුලින් කඩේ ගියා චන්ද්‍රිකාට. ඊළඟට කඩේ ගියා මහින්දට. ඊළඟට ෆොන්සේකට. ඊට පස්සේ සිරිසේනට. 2018 රනිල්ගේ අගමැතිකම නැති වුනු වෙලාවෙ ආපහු රනිල්ට අගමැතිකම අරන් දෙන්න අනුරකුමාර දඟලපු තරම මතකනේ.

    අනුරයියා UNP එකට මොන තරම් කඩේ ගියාද කියනවා නම් අනුරයියාට ‘රතු අලි පැටියා’ කියල නම දැම්මේ රෝහණ විජේවීර සහෝදරයාගෙන් පස්සේ ජවිපේ ඉඳපු ප්‍රධානම නායකයා වන සෝමවංශ අමරසිංහ සහෝදරයා විසින්මයි.

    දැන් ලැජ්ජ නැතුව අනිත් පක්ෂ ඔක්කොටම බැන බැන තමන්ට ඡන්දෙ දෙන්න කියන අනුරකුමාර තමයි පාර්ලිමේන්තුවේ ඉන්න විලි ලැජ්ජාවක් නැති අයගෙ ප්‍රමුඛයා. අනුරකුමාරට වඩා හොඳ කීර්ති නාමයක් අපේ ගෙවල් ඉස්සරහ මහ පාරේ දඩාවතේ යන බල්ලන්ටත් තියෙනවා 😂🤣😄

    ReplyDelete
  2. රංගේ බණ්ඩාර ගොයියාට මැතිවරණ කල්දැමීම වගේ ප්‍රජතන්ත්‍ර විරෝධී කතා කියන්න කිසිම අවුලක් නෑ ඒ වුණාට ලංකාවේ පාස්කු ප්‍රහාරයේ ප්‍රහාරකයන් සහ මෑතකදී භාරතයේදී අත්අඩංගුවට පත් වූ ත්‍රස්ත කණ්ඩායම අතර පවතින සම්බන්ධය ගැන විස්තර හෙළිදරව් කරපු වරදට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රටේම ප්‍රසිද්ධ තරුණ විද්වතකු වන ආචාර්ය පුන්සර අමරසිංහව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෑතදී අයි.එස් අයිඑස් සංවිධානයේ ත්‍රස්තයන් යයි සැකපිට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලාංකික පුද්ගලයන් සිව් දෙනා පිළිබඳ විස්තර හෙළිදරව්වන ආකාරයේ ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස රජයේ මතය වූයේ ඔහු පළකළ අදහස් අසත්‍ය බවත් එමගින් රටේ ජනතාව අතර ප්‍රශ්න ඇතිවිය හැකි බවත්ය.

    අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත. අත්අඩංගුවට ගත් ආචාර්ය අමරසිංහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීති පීඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන රටේ පිළිගත් වැදගත් වෘත්තීයවේදියෙක්, පෙරවැරදි මොනවත් නැති විනයගරුක අයෙක්, එනමුත් අවශ්‍ය මූලික සුදුසුකම්වත් නැතුව දේශපාලන බලය යොදාගෙන රජයේ සාමාන්‍ය පොලිස් කොස්තාපල් වරයකු ලෙස සේවයට බැඳී සේවයේ සිටියදීම එජාපයට රෙදිනැතුව කඩේ යමින් දේශපාලන මැර ප්‍රහාර එල්ල කර රැකියාවෙන් අපකීර්තියට පත්වන ලෙස සේවයෙන් පහ කර සිට පසුව නැවත අපකීර්තිමත් ලෙස දේශපාලන බලය යොදාගෙන නීතිවිරෝධීව සහකාර පොලොස් අධිකාරී තනතුරක් බලෙන්ම ලබාගෙන රජයේ වැටුප් මුදල් සොරාගත් පල් හොරකු වන රංගේ බණ්ඩාර වගේ බූරුවෙකුට කිසිම ප්‍රශ්නයක් නැතිවීම පවා කොතරම් අවුලක් ද?

    ReplyDelete
    Replies
    1. හා හා එයාලට විරුද්ධව මුකුත් කියන්න එපා. එයාලා අපේ උගත් බුද්ධිමත් දරුවෝ. අප්පලා ටික අපේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ ඉන්නෙ. හිත් මල් පාරනව එහෙම නෙමේ හොඳේ.

      Delete
  3. අනේ කාලේ වනේ වාසේ
    මොකක්වද මේ කරුම දෝසේ
    විශාරදයෝ කැලේ අස්සේ
    විකාරකයෝ උඩට ඉස්සේ

    ReplyDelete
    Replies
    1. @ නිදී

      මෙතනදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරදක් පේන්න නෑ නේද? ඇත්තටම CTB driver ලා සහ කොන්දොස්සරවරු එකතු වී සෙනඟ ප්‍රයිවර් බස් වලට යාමට පුළුවන් විදියට අවස්ථාව සලසනවා ප්‍රයිවට් bus වලින් කප්පම් මුදලක් ඒ වෙනුවෙන් ඔවුන් ලබා ගන්නවා. ඒකට කියන්නේ ලෝඩ් එක දෙනවා කියලා. අනිත් කාරණය සීටීබී කොන්දොස්තර මහත්වරු හොර ටිකක් කඩන්නේ. CTB බස්වලින් ඩීසල් ඇදලා හොරාට විකුණනවා. දුම්රියේ ටිකට් නොගෙන හොරාට යන විශාල ලාංකික මගී පිරිස නිසා තමයි දුම්රිය පාඩු ලබන්නේ. සමහර පිරිස් දුම්රියේ ටිකට් නොගෙන යන ගමන් ආණ්ඩුව පලුයන්න විවේචනය කරනවා. මාලිමා ආණ්ඩුවක් යම්කිසි දවසක ආවත් ඒත් මෙවැනි දේවල් හැදුවෙ නැthnam ඒත් රට බංකොලොත්ම තමයි

      දුම්රිය කාර්යක්ෂම හා ඵලදායී ලෙස යෙදවීමට අවුරුදු 05න් 05ට රේල් පීලි මාරු කළ යුතු වුවත් රේල් පීලි මිල දී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන හැමදාම ලැබිලා තිබෙන්නේ විදේශ ණය ආධාර මත. දුම්රිය මැදිරි, සිල්පර, දුම්රිය පීලි විදේශ ණය ආධාර මතයි ලබා දී තිබෙන්නේ. දැනට පවතින තත්ත්වය තුළ අවසන් වතාවට ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මතයි පීලි දසදහසක් ලබාගෙන තිබෙන්නේ. උතුරු දුම්රිය මාර්ගය අලුත්වැඩියා කරන්නෙත් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ. ඒ නිසා ණය ආපසු ලැබෙන්නේ නැත්නම් ණය ආපසු ලබාගන්න ක්‍රමවේදය හදාගන්න ඕනෑ. ඉන්දීය රජය සමඟ සාකච්ඡා කරලා දුම්රිය එන්ජින් 20ක් සහනදායි ප්‍රදානයක් ලෙස ලබා ගැනීමට ලංකා ආණ්ඩුව සාකච්ඡා කරමින් යනවා. ඒ සඳහා පරීක්ෂණත් කරලා තිබෙනවා. ඒ සඳහා අපට දුම්රිය එන්ජින් ණයට ගන්න ක්‍රමයකුත් නැහැ. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණ තෙක් කිසිම රටක් හෝ රාජ්‍යයක් ඒ සඳහා ණය දෙන්නේ නැහැ.

      Delete
  4. යුද්දෙන් ලබන ජයක්ග්‍රහනයක් නෑත්නම් අර ගල්කන්දෙ හොර ගණ වේසිගේ පුතා "අරගල" කරන්න කුඩාරම් වල ලෑගලා හිටියෙ බුරියානි පෙරෙතකමටද දන්නෙ නෑ ?!!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න