.

.

May 5, 2024

ලාල්ගේ කතාව පට්ට සීරියස් ගත යුතුය.


 

ලාල්ගේ කතාව

පට්ට සීරියස් ගත යුතුය.

➖➖➖➖➖➖➖➖⭕


ජාතික ජන බලවේගය යන බැටළු හමට මුවා වී දේශපාලනයේ යෙදෙන.... ජනතා විමුක්ති පෙරමුණ නම් තනි දේශපාලන බලවේගයට රටේ බලය ගියහොත්... එය ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම බව මාතලන් ලියන්නේ බොහෝ කලකට පෙර සිටය. ඔවුන්ද දේශපාලනය කළ යුතුය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ඔවුන්ට තවම හුරු නැතිය.


ඔවුන්, ඔවුන්ට වඩාත් හොඳින් ගැලපෙන 56 බයියන් සමඟ කීප විටක්ම එක්ව මැතිවරණ වලට ඉදිරිපත් වූයේ... එම පක්ෂයේ බලය තමන් වෙත ලබාගැන්මට මිස... වෙන කිසිවකට නොවේය. විමල්ගේ නැත්ත වෙනුවට ඇත්ත පොත මීට සාක්ෂි දරන්නේය.


මේ බව තේරුම් ගත් මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ හරහා ජවිපේ දෙකඩ කළේ ඔහුට මේ ගැන හොඳ වැටහීමක් තිබුන නිසාය. කෙසේ හෝ... චන්ද්‍රිකා ජවිපේ හා දීග කෑ සමයේ, මහින්ද හා ජවිපේ අතර කිසිම ඇයි හොදයියක් නොතිබූ බව කවුරුත් දන්නා රහසකිය. මහින්දට ජනාධිපති අපේක්ෂකත්වය ලැබුන පසු... ජවිපේ හා සංධානගතවීම සිඳුකළේ මංගල සමරවීර හා මෛත්‍රීපාල සිරිසේන උන්නැහේලාය.


එහෙත් මහින්ද බලයට පැමිණි පසු එය රාජපක්ෂ පවුලේ බූදලයක් වූ අතර, ජවිපේ මෙන්ම බන්ඩාරනායකවරුන්ද, මංගල සමරවීරලාද, සිරිසේනලාද, සිරිපාලලාද නිකන්ම නිකන් හාල් කෑලී බවට පත් වුනේය.


ලාල් කාන්ත කියන්නේ අර ගමේ ලස්සනම ලේලී අපෙ අම්මගෙ ලේලී කියන්නා වගේ.... ජවිපේ ඉන්නා අවංකම ජේවීපී කාරයා බව ඕනැම එකෙක් පිලිගන්නා කරුණකිය. ලාල් කන බොන වගේම අනෙක් වැඩවලටත් ලෝස් බෝස් නැති හිත හොඳ කොල්ලාය. ලාල් දෙබිඩ්ඩෙක් නොවේය. ලාල් කියන්නේ ඇත්තය. 88/89 ඒවා... එයාලා කළ බව සියල්ලන්ටම කලින් පිලිගත්තේ උන්නැහේය. ඒ ඔහු ළඟ බොරුව නැති නිසාය.


ලාල් සඕදරයා ජවිපේ දේශපාලන බල මණ්ඩලයේද ප්‍රභල සාමාජිකයෙකිය. එතකොට ලාල් සඕදරයාගේ මෙන්ම දේශපාලන බල මණ්ඩලයේ ඉන්න අනෙක් සාමාජිකයින්ගේ ප්‍රකාෂයන් අප සුළුකොට තැකිය යුතු නැති අතර, ඒවා අප බාර ගත යුත්තේ බරපතල ප්‍රකාෂ ලෙසය.


මැයි පළමු වෙනිදා ලාල් සඕදරයාගේ ප්‍රකාෂයන් පට්ට සීරියස් ප්‍රකාෂණයන් වෙන්නේ මෙනිසාමය.


එයා කියන්නේ මේ රටේ පරමාධිපත්‍ය බලය ඇත්තේ ජනතාවටෙයි කියා කීවාට... ඒක නිසි ලෙස ක්‍රියාත්මක නොවනා බවය. එනම් ජනතාවගේ පරමාධිපත්‍ය නියෝජනය කරන ආයතනයන් වන විධායකය, ව්‍යවස්ථාදායකය මෙන්ම අධිකරණය එය අපයෝජනය කරනා බවය.


ටිරාන් අලස්ගේ ප්‍රකාෂ වලට ලියුම් පිට ලියුම් ලියා ජිනීවා යනවා යැයි කියනා නීතීඥ සංගමයට මේවා පේන්නේ ඇහෙන්නේ නැත්තේ... උන්නැහේලාත් මේකේ කොටස් කාරයෝ හේතුවෙන්දැයි කියා අප දන්නේ නැතිය.


ඔහුට මෙන්ම... එසේ සිතනා සෑම එකෙකුටම එසේ සිතෙන්නේ... අප කැමති තීන්දූ තීරණ මෙන්ම... අප කැමති නීතී රීතී හා දඩුවම් එම ආයතන වලින් නොලැබෙන නිසාය. එහෙත් ලාල්ට මෙන්ම මේ මතයේ ඉන්නා හැම එකාම නොදන්නා දේ නම්, මේ ආයතන ලෝක සම්මත නීතී රීතී අනුවද ක්‍රියාත්මක විය යුතු බවය.


එහෙත් ලාල් කාන්ත කියන්නේ මේ සිස්ටම් එක හරියන්නේ නෑ කියලාය. ඒ අනුව 


▪️වරදකරුවන් මොකාද යන්න තීරණය කිරීම

▪️නඩු ඇසීම

▪️තීන්දූ හා දඬුවම් දීම


යන ලෝක සම්මත නීතී ක්‍රියාත්මක කරනායතන වන පොලීසීය... පාර්ලිමේන්තුව... උසාවීය... අධිකරණ.. හා බන්ධනාගාර තව දුරටත් අත්‍යාවශ්‍ය නොවනාතර.....


රටේ නීතිය වන්නේ 88/89 කළාක් මෙන්... නඩු ඇසීමකින් තොරව.. ගමේ ජනතාව විසින් ගන්නා තීන්දු තීරණ ප්‍රකාරව... වරදකරුවන්ගේ නිවෙස් වලට පැන ඔවුන් කුදලාගෙන ගොස්... බෙල්ල කපා වැටේ ගසා මිනීය දනිහෙන් පහළ ගෙන ගොස් වල දැමීම.... රටේ නීතිය වන බවය.


අපටත් මෙම උසාවිවල රැකියාවක් ලබාගෙන ජීවත් වීමේ අවස්ථාවක් නැති බව අප අවබෝධ කරගෙන ඇත්තේ, අපටද අත්වන්නේ ඒ ඉරණමම බව.... දැනටමත් ලාල් අයියාගේ හා චතුරංග අබේසිංහගේ අනුගාමිකයින් විසින් තීන්දු කර... කොමෙන්ට්ස් ලෙසින් අප වෙත දැනටමත් ප්‍රකාෂ කර ඇති බැවිනි. 


ඊට හේතුව වන්නේ අප ඔවුන්ගේ පක්ෂයේ මතයන්ට එරෙහි දේශපාලනයක නිරත වීමය. ඒ අනුව ලාල් සඕදරයා කියන්නැහේ.... බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන්නට බැරිය. කොහොමත් එයාලා ආවාම පාර්ලිමේන්තුව විසුරුවා හැර ඔවුන්ගේ පාලනයක් ගෙනයන බව කියනවා මිසක. නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් ගැන සඳගනක් ඇත්තේම නැතිය.


කොහිමත් ඒ සර්වජන චන්ද බලයේ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේද අවසානයය. ඔවුන් පට්ට සමාජවාදීන් බවත් ඔවුන් විසින් ගෙනයන්නේ සමාජවාදී පාලනයක් බවත් ටිල්වින් සිල්වා සඕදරයා සපත කොට අවසානය.


එබැවින් අනුර කුමාරයා බලයට පැමිණි විගස පාර්ලිමේන්තුව විසිරුවා හැර.... මුන්නැහේලා නටන්නට යන්නේ... 1977 ජේ ආර් බලයට පැමිණ පොලීසියට සතියක් නිවාඩූ දී සහ... 1983 කළ ජාතිවාදී සංහාරයන් වලින් ඉදිරියට ගොස්,


පොලීසියට පමණක් නොව... උසාවි හා අධිකරණ සම්පූර්ණයෙන්ම වසා දමා.... 1988/89 ජවිපේ අධිකරණ ක්‍රියාදාමය රජකරනා... පොල්පොට් පාලනයක් බව... ඒකාන්තයෙන්ම විශ්වාසය.


එවන් පාලනයකට ජනතාව හා අනෙකුත් දේශපාලන පක්ෂවල හාල්පාරුවෝද කැමති නම්, අපට කරන්නට දෙයක් ඇත්තේත් නැතිය.


ඒ වගත් මෙසේය.....

.

39 comments:

  1. ලාල් කාන්ත වගේ අය කැමති NPP කියන බොරු බෝඩ් එක පෙන්නලා ජනතාව රවටා බලය ලබාගෙන ජවිපෙ අන්තරේ ඉස්සර කැම්පස් වල භීෂණය terror හරහා බලය පවත්වාගෙන ගිය විධියටම බලහත්කාරය යොදාගෙන රට පාලනය කරන්න විතරයි NPP ඉන්න මැදහත් අයට වෙන්නේ ජාතික ජන බලවේගයේ ආරම්භක ප්‍රබල සාමාජික නිරූපා සේරසිංහට වෙච්ච දේ බවයි පේන්නේ

    ඒ අස්සේ ස්ටාලින් මොකක්ද මේ නටන්න හදන නාඩගම

    // රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව නමින් රජය මගින් ගෙන ඒමට උත්සාහ දරන අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා ඉදිරි සති කීපය තුළ රාජ්‍ය ඒකාබද්ධ වෘත්තීය සමිති ගණනාවක් එක්ව දැවැන්ත උද්ඝෝෂණ, විරෝධතා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා පැවසීය.

    මෙම ඒකාබද්ධ වෘත්තීය සමිති වැඩපිළිවෙළ සඳහා වෘත්තීය සමිති 20කට අධික සංඛ්‍යාවක් දැනටමත් ගිවිසුම්ගතව සිටින බව කොළඹ සෞන්දර්යය කලා නිකේතනයේ පැවති සාකච්ඡාවක දී හෙතෙම කීය.

    එම සාකච්ඡාවේදී ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් සඳහා තීරණයකට එළැඹුණු බවද එය ලබන සතියේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බවද හෙතෙම කියා සිටියේය.

    රජය මෙම අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩපිළිවෙළ හකුළා ගන්නා තෙක් මෙම ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්නොහැරීමට තීරණය කළ බවද හේ කියා සිටියේය.

    ඒ අනුව රටපුරා උද්ඝෝෂණ, විරෝධතා, වැඩ වර්ජන ඇතිවන බවද හෙතෙම සඳහන් කළේය.//

    මේක ගැන මොකද හිතන්නේ?

    ReplyDelete
  2. මාතේ කටුනායක ගුවන් තොටුපළේ විසා නිකුත් කිරීමේදී ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල කරමින් හැසිරුණු ගුවන් මගියා මෙතෙක් සොයා ගැනීමට නොහැකිව ඇති බව මාධ්‍ය වල කියනවා නේද?

    මෙම පුද්ගලයා පිළිබඳව ලංකා පොලීසිය සොයා බැලීමක් කර ඇති නමුත් ඔහු මෙතෙක් සොයා ගැනීමට හැකිවී නැත.

    ඔහුගේ විදේශ පුරවැසි බිරිඳට ශ්‍රී ලංකාවට ඇතුල්වීමට වීසා බලපත්‍ර නිකුත් වීම දැඩිලෙස ප්‍රමාද වීම හේතුවෙන් ඔහු ගුවන්තොටුපලේදී එම කාර්යය සිදුකල සිංගප්පූරුව තුල ලියාපදිංචිය කර ඇති ඉන්දියානු සමාගමේ ඉන්දීය ජාතික සේවක පිරිසට දැඩි චෝදනා එල්ල කළේය.

    ඉන්දීය සමාගමකට ලංකාවට ඇතුළුවීමේ වීසා නිකුත් කිරීමේ කටයුත්ත බාර දී ඇති බවට ඔහු පැවසුවත් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය එම ප්‍රකාශය දැඩිව ප්‍රතික්ෂේප කළේ එම සමාගම සිංගප්පූරුව තුල ලියාපදිංචි කර ඇති නිසයි.

    කෙසේ වෙතත් කවුරු මොන විදියට මොන චෝදනා ගර්ජන කලත් ඒ කිසිවක් ගණනකට නොගෙන මෙම ක්‍රියාවලිය ඉදිරියේදී දිගටම ක්‍රියාත්මක වන බවද මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර ඇති බව මාධ්‍යපවසයි. ටිරාන් අලස් ඇමතිවරයාට චෝදනා කරන ඇතැමුන් මෙය ආණ්ඩුව වෙනස් කළත් වෙනස් කරන්න බැරි ලෙස කර ඇතිබව සමාජ ජාල වල පවසන නමුත් එය තවමත් සනාථ කර නැත.

    එනමුත් මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ඒ සඳහා කැබිනට් මණ්ඩලයද අනුමැතිය ලබා දී ඇති බවත් පාර්ලිමේන්තුවේ ද සම්මත වූ බවත් මාධ්‍ය වල සඳහන් කර ඇත.

    ReplyDelete
  3. ආඩම්බරයි සහොදරයා....මෙ රටට කරන අපරාදෙට විරුද්ධව හඩක් නගන ඔබට හදවතින්ම ගරු කරනවා....

    ReplyDelete
  4. NPP has openly challenged the current judges of Sri Lanka. Not just the judges but also the courts, lawyers and the law itself. At their hugely successful May Day rally held last week their future Cabinet Minister of Public Security and Health, Mr Lal Kantha vowed to implement a new court system at each village giving law making powers and judging powers to the ordinary citizens. This is probably the biggest upset that's going to hit the entire judiciary of Sri Lanka, especially the current judges.

    Mr Kantha’s argument is that the current judges are favouring the rich and the elite. In other words he's suggesting that the current judiciary is corrupt. Therefore the NPP is planning to implement a new decentralised courts system where the village people are able to prosecute wrong doers and serve justice on their own.

    Constitutionally this might be possible because the parliament has the power to set up courts as they wish. Since according to all polls the NPP are poised to gain over ⅔ majority in the next parliament, they would be able to easily make this happen. Besides according Dr Nirmal Ranjith Dewasiri (2022), the theoretician of the NPP famously said “The people shall violate the constitution.”

    I for one would be very happy with a system like this. For example in my village there is a hotel-apartment complex that was built by one of those so called rich and elite. It was built on swamp land after filling it and it is obvious that the permit was taken illegally to build this hideous hotel in a peaceful residential neighborhood. They frequently host loud parties way into the night disturbing the entire village.

    All villagers are against this public nuisance. Villagers claim that there are all kinds of illegal activities taking place inside the hotel. But the law enforcement officials are not taking any action even after repeated complaints. In fact the owner of the hotel acts like a thug by threatening the villagers. The NPP Village Court seems like a perfect solution to teach an unforgettable lesson to these rich and elite thugs who act above the law.

    I am sure that you too have such rich and elite persons in your village who are causing trouble and violating the law in many ways. So wouldn't it be fantastic if we, the ordinary villagers, get to prosecute them and punish them on our own? I think the NPP has hit the nail on the head with this one. Vast majority of the people will very much like the NPP Village Courts system.

    But for it to actually work NPP will have to abolish the higher courts altogether so that the rich and the elite according to the same argument will be unable to hire expensive lawyers and evade their punishment. Mr Lal Kantha seemed extremely confident in their plan which suggests that they know what they are talking about.

    Looks like Sri Lanka is in for a major system change under the NPP regime led by Mr Anura Kumara Dissanayake. Given that NPP is backed by the JVP who are notorious for the strictest rule, it might even be possible to sentence the wrongdoers to severe punishment and to pay compensation. Just a week before another NPP future Cabinet Minister Mr Nalin Hewage publicly acknowledged that they indeed killed the wrongdoers such as rapists, illicit alcohol makers and thieves in the villages during 88-89 JVP insurrection. This is damn good politics…

    ReplyDelete
  5. මචං ඔය ජාතික ජන බලවේගය මාලිමාව නැත්නම් JVP එකේ ඇත්ත මනුස්සයෙක් කියන්න ඉන්නේ ලාල්කාන්ත විතරයි. මිනිහා කියන දේවල් වලට එකග නොවුණත් මිනිහා කොලේ වහලා ප@# තියාගෙන ඇ# දෙකින් කෙළින්නැතුව ඇත්ත කියන එක ගැන නම් සතුටුයි

    ReplyDelete
  6. රනිල් වික්‍රමසිංහ හැදුවේ රජයේ සේවකයන් ලක්ෂ 4ක් සිය කැමැත්තෙන් pension යවන්න... ආර්ථික වශයෙන් රටට හොදම පියවරක්..

    ලාල් කාන්ත එක දන්නවා jvp කිසිම හොඳක් දකින්න නැහැ.ඒක jvp තියරියක්.....

    ReplyDelete
  7. මට තිබෙන ප්‍රශ්නය ලාල් කාන්ත මැතිතුමා ඇතුලු මෙතුමාලාගේ එන් පී පී බලවේගය බලයට ආවොත් ක්‍රියාත්මක කරන්නේ මොන ආර්ථික ප්‍රතිපත්තියද කියලා කියන කාරණයයි.

    2005 දී රාජපක්ෂලා බලයට ගෙනාවෙත් මෙතුමාලාගේ ජවිපෙ නේ. අනෙක 2004 දී රාජපක්ෂගේ ආන්ඩු පක්ෂයේ මංත්‍රීධූර හතලිස් ගණනක් තියාගෙන මොන ඉටිගෙඩියද කරේ කියලා තමයි අහන්න වෙන්නේ. කොරපු දෙයක් නෑනේ ටිකදවසකින් ඇමතිකම් දාලා පැනලා ගිය එක විතරනේ අපට මතක... ඇයි ඒ?

    ReplyDelete
  8. ඔය කතාව අනුව මට පේන්නේ jvp එකටත් ට චන්දය දෙන්න වෙයි වගේ.මොකද දනවද ඔයගොල්ලන් ගේ ක්‍රමේටත් මේක කරන්න පුලුවන්ද කියලා බලන්න.
    හැබැයි ලංකාවේ බහුතරය ධනවාදයට පක්ෂ අය.ඔව්න් කිසිදෙයක් බෙදාගන්න කැමති අය නෙවෙයි.ඒ නිසා අභියෝගය ලේසි නැහැ.මට තේරෙන විදිහට jvp ට තියෙන ප්‍රබලම වාසි මතය තමයි දූෂණයෙන් තොරවීම.ඔව්න්ට වෙන ප්‍රබල දේවල් නැහැ.ඔව්න්ට වඩා සමාජවාදී මිනිසුන් සිටින රටවල් වලත් සමාජවාදී මත බිදවැටුනා.මනුශ්‍යයා කියන සතා බෙදාගන්න කැමති නෑ බදා ගන්න තමයි.කැමති.ඒක ලෝක ස්භාවය.බුදුහාමුදුරුවෝත් දේශනා කර තියෙනවානේ ඒක.jvp ට පුලුවන්ද මිනිසුන්ගේ චර්යාව වෙනස් කරන්න. කවදාවත්ම කරන්න බැරි දේ ගැන කියන එකනම් විහිලුවක්.

    ReplyDelete
  9. ලාල්කාන්ත සහෝදරයා ඔබලා දැනට වසර 20 කටත් එහා පාර්ලිමේන්තව නියෝජනය කරනවනෙ වසර 20 ට ජාතික වශයෙන් කළ දේවල් අතේ ඇගිලි ගානටත් අඩුයිනෙ ඔයාල කලේ කොල පාටටයි, නිල්පාටටයි, කුරහන් පාටටයි ආණ්ඩු හදන්න සපෝට් කරපු එකනෙ කලේ ඔය මොන බලවේග කට්ටල කියල නම දාගෙන දේශපාලනය කලාට තමන්ල කරන්නෙ ජීවත් වෙන්න රැකියාවක්නේ දේශපාලනය කරන එකෙන ලැබූන ඒ මුදල්වලින් අඹුදරු පෝෂණය කරන එකනෙ කරන්නෙ අවුරුදු 20 පස් හය දෙනා රට වටේ ගියත් ජනතාව දවසට එක මන්ත්‍රී කෙනෙක් පස්දෙනා ගනනෙ දැනුම්වත් කලත් ජනතාව එකග කරගෙන රට හදන්න තිබුණා ඒත් එහෙම කළේ නැහැ ජීවන අරගලයක පැටලිලා සල්ලි හෙව්වා ළමයි පිටරට ඇරල ඉගැන්නුවා හැමෝම කලා ඒකනෙ ඇත්ත තව තියෙනව දැන් ජනතාව ඔය හැමොම ගැන දන්නව කට කියෙව්වට වැඩක් නැහැ

    ReplyDelete
  10. අපි හිතුවේ කැකිල්ලෙ රාජකාරි සහ තීන්දු, තීරණ තිබ්බෙ රජකාලේ පොත පතෙ විතරයි කියලා . බලාගෙන යනකොට අපිට ඒවා සියසින්ම දකින්නත් පිං කරලා තියෙනවා .😁😁

    ReplyDelete
  11. සුදුස්සන් හට සුදුසු තැන් නොලැබෙන එක ලංකාව කියන රටේ හැම අතකින්ම එහෙමයි. අන්න ඒ හින්දමනෙ රටට උනත් මෙහෙම වෙලා තියෙන්නෙ. ඒ විදිහටම තමා අනිත් දේවලුත් වෙන්නේ .ඉදිරිය කොහොමද කියලා හිතාගන්න බැ. මාලිමාව වගේ කිසිම ආකාරයක ප්‍රතිපත්තියක් නැති වෙනස් වෙනස් අදහස් දරන නාඩගම්කාරයෝ ටිකකට රටේ පාලනබලය ලැබුණොත් ඊට පස්සේ මොන දෙවල් ඇති වෙයිද, නැති වෙයිද. පැවැත්මක් තියෙයිද. මේ කිසි දෙයක් හිතාගන්න බැරි රටක්

    රනිල් එලවන්න ජනතාව පෙලගැස්සෙන්නටත් මේක කාරනාවක් වේවි.රට මේ තත්වයට පත්වෙන්න පාරට බැස්ස අරගල කරපු හැම එකෙක්මත් මේ තත්වයට වගකිවයුතු බවත් කිව යුතුයි.

    ReplyDelete
  12. වාමාංශිකයෝ රටට කරන්නේ ලොකු විනාශයක්. ඔවුන්ගේ බුද්ධිය අඩුයි වගේම දෙයක් තේරුම්ගන්න අනිත් අයට වඩා කාලයක් යනවා. ඉතින් එහෙම අයට බලය දුන්නහම වෙන්නේ රට පස්සට යන එක වගේම ලෝකය ඉදිරියේ අපේ ගමන අඩාල වීම. 1994 සිට අද වෙනකන්ම බලයේ හිටියේ වාමාංශික නායකයෝ. රට විශාල වශයෙන් විනාශ කලේ ඔවුන්. ලෝකයේ වෙනත් රටවල් තාක්ෂණය එක්ක රාජ්‍ය සේවය භාවිතා කරද්දි අපි යල් පැනගිය ක්‍රම එක්ක වැඩ.

    ReplyDelete
  13. ඔබට ඕනෙ මොන වගේ රටක්ද?

    පහළ තියෙන්නෙ අම්පාර හාඩි විශ්වවිද්‍යාලයේ 2023 සහ 2024 වසරවලදී පවත්වනු ලැබූ අවුරුදු උත්සව වලදී අලියට ඇහැ තැබීමේ ක්‍රීඩාව සිදු කල අයුරු..

    2023 දී රනිල් ද 2024දි අනුරවද එයට යොදාගෙන තිබුනා..

    2023 රනිල්ගෙ රුව යොදද්දි හැමෝම හිනා වෙලා එයින් සතුටක් ලැබුවා.තරුණයින්ට විවේචනය සහ ඔවුන්ගේ අදහස ඉදිරිපත් කිරීමට කිසිදු බාදාවක් තිබුනෙ නෑ..කවුරුත් බැන්නෙත් නෑ..
    රනිල්ගෙ ඡයාරූපය තාවමත් තියෙනවා..

    නමුත් 2024 දී අනුරගේ රුව යෙදීම නිසා එම සිසුන්ට මරණීය තර්ජන පවා එල්ල වුනා..බැරිම තැන එම ඡයාරූපය ඉවත් කරන තැනටම ඒ මර්ධනය ක්‍රියාත්මක වුනා..ශිශ්‍යයින්ගේ නිවෙස් වලටත් කතාකර තර්ජනය කරන මට්ටමටම එය ක්‍රියාත්මක වුනා..

    ප්‍රජාතන්ත්‍රවාදී රටක් යනු පුරවැසියන්ට අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමේ අයිතියක් ඇති රටකි.නමුත් ආණ්ඩු බලයකුත් නැතුව ඡයාරූපයක් නිසා මරණීය තර්ජන කිරීමේ මට්ටමටම ඔවුන් දැන් පැමිණ ඇත..

    අපිට ජෙප්පන්ට කියන්න තියෙන්නෙ එකම දෙයයි..උබල ඔහොම නෙමේ කොහොම දැඟලුවත් මේ රටේ බලයක් උබලාට හම්බෙන්නෙ නැත..

    ඒ නිසා බොරුවට ශෝ දාන්නෙ නැතුව පාඩුවෙ ඉන්න..

    මොකද ඒකාධිපති රාජ්‍යක්, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති රටක් නිර්මාණය කරගැනීමට රට වැසියාට අවශ්‍ය නැත..

    Ruwin Fernando wall

    ReplyDelete
  14. Vfs එක නෙවෙයි
    GBS IVS කාගේද ?

    පුබුදු,ජයගොඩ සහෝදරයා මේගැන ඉතා හොද එලිදරව්වක් රාත්‍රී 7.00 ප්‍රවෘත්ති තුළින් කරනවා

    ( ඒවා වැරදිනම් අසත්‍ය ප්‍රකාශ තුළින් සමාජ කැළඹීමකට ලක්කරන්න උත්සාහ කරා කියලා ඔහු අත් අඩංගුවට ගන්න පුළුවන් )

    Vfs ආයතනයට බාහිරව ඇති අතරමැදි සමාගම ටිරාන් අලස් සහ ඉන්දියාව හැංගුවාට එය මෙසේ බව ඔහු එලිකරන්නේය.

    Vfs ආයතනයට e- visa සේවා සැපයීමට ලබාදුන් ප්‍රධාන කොන්ත්‍රාත් සමාගම් වන

    IVS GBS සමාගමක් ගැන එලිදරව් කරන්නේය.

    IVS Gbs ටෙක්නොලොජි ග්ලෝබල් යන සමාගම් මොනවාද යන්න ඔහු අණාවරණය කරන්නේය.

    IVS GBs යන සමාගම ලංකා රජය වෙත විසා නිකුත්,කිරීමේ බලය අපට දෙනලෙස ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ඔහු ලේඛණ මාර්ගයෙන් කරුණු ඉදිරිපත් කරන ලදි.

    ඒ 2023 ජුනි මස 23 වෙනිදාය.

    එය ආරක්ෂක රාජ්‍ය ඇමති සැප්තැම්බර් 08දා කැබිනට් මංඩලයට ඉදිරිපත් කරන්නේය. එය ඉදිරිපත් කර එයට අවසර දෙන ලෙස කැබිනට් මංඩලයෙන් ඉල්ලා සිටින්නේය.

    එනම් මේ අවසරය කැබිනෙට්ටුව තුලින් ලබා දී ඇත්තේ අද ලංකාවේ ජනප්‍රිය වෙන Vfs ආයතනයට නොවේ

    ඔවුන් (VFS ) නිකුත් කර ඇති නිවේදනයට අනුව ඔවුන් මැදිහත්වන්නේ,තාක්ෂණික සහාය සැපයීමට පමණි.

    එහි ප්‍රධාන කොටස්කරු වන්නේ

    GBS IVS ග්ලෝබල් ටෙක්නොලජි සේවිස්,කියන ආයතනයටය.

    ඒ ආයතනය කුමක්ද ?

    පුබුසු,ජාගොඩ සහෝදරයා එලිදරව් කරන පරිදි එකී සමාගම

    IVS යන සමාගම අයිති කවිරාජ් බංජාරි නැමැති කෝටිපති ඉන්දීය ජාතිකයාටය.‼️

    කවිරාජ්,බංජාරි ,යනු හිටපු ඉන්දීය විදේශ ලේකම්,රොමේෂ් බංජාරිගේ පුත්‍රයාය.‼️

    (උපුටා ගැනීම සිරස 7.00 රාත්‍රී පුවත්)

    එම සමාගම ඉන්දීය විදේශ අංශය/ ඔත්තු සේවා සමග ගැට ගැසී තිබෙන ආයතනයක් නොවන ස්වාධීන ආයතනයක් බව සනාථ කළ නොහැකිය.

    ලංකාවේ රාජ්‍යය වෙනුවෙන් මේ ප්‍රධාන සමාගම හංගා VFS ආයතනය ඉදිරියට දමන්නේ,ඇයි කියන කථාව පැහැදිලිය.

    ලංකාවේ සංචාරක වීසා නිකුත්කිරීම වෙනුවෙන් අයකරන සේවා ගාස්තුවේ ඇති අතරමැදිව ගාස්තුවක් වශයෙන් වැයවන ඩොලර් 08 මුදල යන්නේ මෙම සමාගමට හෝ එම සමාගමේ අදෘෂ්‍යමාන මෙරට ඒජන්තයාටය.

    මේ ගණුදෙණුව වනවිට ඉන්දීය මහකොමසාරිස් කාර්යාළයත් ලංකාවේ කැබිනටිටුව වගේම මෙය ඉන්දීය සමාගමකට ලබා දී ඇති බව දන්න සුද්ධ උත්තරයකි.

    නමුත්
    මේ සැගවීම

    ටිරාන් අලස් කියන පරිදි පාර්ලිමේන්තුවේදී විවාදයකින්,තොරව ඒකමතිකව පක්ෂ විපක්ෂ බේදයකින්,තොරවත් සම්මත කර ඇත.

    එසේ,වන්නේ ලංකා පාර්ලිමේන්තුව අද ඉන්දීය පාලනයට යටත් කර ඇති නිසාද සැකය.

    මේ,ගැන එලිදරව් වන විට ඉතා හදිසියෙන් මෙය ඉන්දීය ආයතනයක් නොවන බවට ( VFS ) ඉන්දීය මහකෙමෙසාරිස් කාර්යාළය නිවේදන නිකුත් කලත් මෙම ගිවිසුමේ ප්‍රධාන පාර්ශවකරුවා GBS IVS ආයතනය ඉන්දියාවට අයිති බව ඔවුන් දන්නා කරුණකි.

    එනම් රජයද
    ඉන්දෘය මහනෙමෙසාරිස්,කාර්යාළයද රටට කියා ඇත්තේ බොරුවකි.

    නමුත්.....
    මේ කුමන්ත්‍රණය එක රැයින් ජනතාවට හොයන්න මගපෑදු
    එක නාදුනන තරුණයෙක්

    දේශපාලනයේ,මොන වෙනස් මතඅපි දැරැවත් ඉන්දීය අධිරාජ්‍යවාදී බලහත්කාරය ඉදිරියේ සත්‍ය සටනක යෙදෙන පෙරටුගාමයේ අධ්‍යාපන ලේකම්,පුබුදු,ජාගොඩ වැනි තරුණයන්

    රටේ ජනතාවට ඇත්ත එලිදරව් කිරීමට ගත් උත්සාහයට උත්තමාචාර කර යුතුය.

    ඉන්දියාව මේ ලංකාවට යන එන විදේශිකයන් කවුද යන දත්ත ලඉා ගැනීමට ගන්නා උත්සාහ කුමන්ත්‍රණ අප පරාජය නොකරොත්

    අපට සංචාරකයන් පැමිණීම අඩුවී සංචාරක ව්‍යාපාරය ඉන්දියන් ⁣ලෝ බජට් කෑලි,උඩ රැදෙන්න සිදුවිය හැක.

    නැත්නම් අපේ රටට එන යන අයගේ දත්ත සුරක්ෂිත නැති බව සමහර රටවල් කාම්බෝජයට මෙන් නිවේදන නිකුත් කර හැකිය.

    මේතාක්ඉතා හොදින් 2012 සිට ක්‍රියාත්මක කරනලද දේශීය වැඩසටහනක් හදිසියේ විදේශ ආයතන මගින් සපයා ගැනීමට යාමම ගැටළු සහගතය.

    අරගලයෙන් පස්සේ ඉන්දියාව ඔවුන්ට අවශ්‍ය දේ මේ,පොළවේ වේගයෙන ඉටුකරගන්න මාන බලන විට එයට එරෙහිව පාර්ලිමේන්කුවේ ඉන්න 225ම ඉන්දියාවට යටවන විට

    පාර්ලිමේන්තුවෙන් පිට රට වෙනුවෙන් ඇත්ත අධිරාජ්‍ය විරෝධය ඉදිරියට ඒමත් ඒ මගින් ඊලග පාර්ලිමේන්තුවට රටේ ඉදිරි අනතුරු වෙනුවෙන් යවන්න අවශ්‍ය නව කොටසක් ජනතාවට තෝරා ගැනීම පහසුය.

    ReplyDelete
  15. ජන අරගලෙන් පස්සෙ 'ජනතාව' වෙනස්වෙලා, එයාලගෙ දේසපාලන සාක්සරතාවය කරටි කැඩෙන්ඩ නැගලා, පුදුමාකාර දේසපාලන දැක්මක් ඇවිල්ලා, හම්මට සිරිවෙලා තියෙන්නේ කියලා මාතලන් බ්ලොග් එකෙයි බුකියෙයි හතර අතේ එකසිය ගානට පොර ටෝක්ස් දිදී ඉඳලා හවස මාලිමා පොහොට්ටු ටැලිපෝන් අලි පාටිවල මැයි රැළි වලට එන බස්ටිකයි, එව්වල ඉන්න අමුම අමු මැටි ගව සම්පත වන 'ජනතාවයි' දැකපු මාතයියා...,

    Confused ungay banga

    ReplyDelete
  16. පැස්බරු ඔළුව හංගා ගත්තම වැල්ලේ
    හිතනවාලු 'හරි' කියලා එක එල්ලේ
    මෙහෙත් ගොඩක් අය ඉන්නේ ඒ වල්ලේ
    දඟලති ඔවුහු, බළලුන් මෙන් පැහැරු ගලේ!

    ReplyDelete
    Replies
    1. @ නිදී

      ලංකාවේ බහුතර ජාතිකවාදීන්ට රනිල් සරණ යන්න බෑ. ඒ වගේම තමයි මේ වෙලාවේ ලංකාවේ ජාතිකවාදින්ට නායකයෙකුත්, දේශපාලනිකව ක්‍රියාත්මක වෙන්න තැනකුත් නෑ. කරන්න තියෙන එකම දේ තමයි ඔහේ වෙන දෙයක් බලන් ඉන්න එක.

      ලංකාවේ මීළඟ රූකඩ පාලනය මාලිමාව බව රනිල්ගේ සහ ඔහුව මෙහෙයවන ඔහුගේ හාම්පුතා වන එක්සත් ජනපද, යුරෝපා ඉන්දීය මෙහෙයවන්නන්ගේ first choice එක බව හැමෝම දන්න කාරණය වුණත් ඊට අමතරව ප්ලෑන් බී එකේදී රනිල් හදන්නෙ ජාතිකවාදීන්ට රණවිරුගාය ආපහු හදවලා, ශවේගේ මිලිටරි පාලනයකට බැටන් එක භාරදීලා, ජාතික භෞතික සැලැස්ම නොහොත් MCC map එකේ නෛතිකව කරගන්ඩ බැරි වැඩ ටික මිලිටරි මැර බලයෙන් කරවගන්නත් දෙවෙනි විකල්පයක් තියෙන බවයි මගෙ කියවීම. ඒත් සවේන්දර ගෝතයට එච්චරම දෙයක් කරන්න හැකියාව නැතිවීම රටට වාසියක්

      ලංකාවේ ආඥාදායක පාලක රනිල් මේ මොහොතේ සර්වබලධාරි වගේ ඉන්නෙ ඊනියා ජාත්‍යත්ත⁣රයේ සහය විතරක් නෙමේ පක්ෂ විපක්ෂ විකල්ප ඔක්කොම බලවේගත්, ඊනියා ජාතිකවාදී බෞද්ධවාදී බලවේගත්, රැඩිකල් බෞද්ධ විරෝධී බලමුළු සියල්ලත් හීලෑ කරගෙන මෙල්ලකරගෙන නිසා...මේ මොහොතේ ඔහුට ඕන කරණමක් ගහන්න පුළුවන්.

      Delete
  17. මචෝ මාතා,

    ලාල් කාන්තලගේ කතාව තව ටිකක් ගැඹුරට විග්‍රහ කරන්න ඕනේ මොකද
    උඹ දන්නවනේ පොඩි කාලේ ඉඳලාම අපිව කාටූන්වලින් කොච්චර බ්‍රේන්වොෂ් කරලද කියල?

    ඇත්තටම ඔය,වගේම එතිකල් නැති, ප්‍රැක්ටිකල් නැති, සාධාරණ නැති කීයක් දේවල් අපි යටි හිතින් පිළිගන්න පුරුදු වෙලාද කියලා..?

    🎲 ගෝල්ඩිලොක්ස් කැලේට ගිහිල්ලා බලහත්කාරයෙන් දොර ඇරගෙන වලස් ගෙදර ඇතුළට ගිහිල්ලා, වලස්සුන්ගෙ දේවල් කාලා බීලා, වලස්සුන්ගෙ ඇඳන් උඩ නිදාගත්තට පස්සෙ, වලස්සු ගෙදර ආවම අපි ගත්තෙ තමන්ගෙ ගෙදර, සුදු හම තියන ආක්‍රමණිකයෙකුගෙන් බේරගන්න දත කාපු වලස්සුන්ගෙ පැත්ත නෙවෙයි, ආක්‍රමණිකයගෙ පැත්ත.

    🎲 අවුරුදු සීයක් තිස්සේ නිදාගෙන හිටපු අවුරෝරගෙ කාමරේට ආපු, කාගෙ කවුද කියල නොදන්න කොල්ලෙක්, අවුරෝරගෙන් කැමැත්තක් අහන්නෙත් නැතුව ඇයව සිපගත්තාම, අපි හිතුවෙ කොල්ලෙක් අහන්නෙ නැතුව බලහත්කාරයෙන් කිස් කරන එක සැබෑ ආදරේ කියල. ඒ නිසා අපි ගත්තෙ බලහත්කාරකම කරපු එකාගෙ පැත්ත.

    🎲 ස්නෝවයිට් නිදාගත්තෙම නන්නාඳුනන පිරිමි හත්දෙනෙක් එක්ක. හැබැයි අපිට ඒකෙ අනාරක්ෂිත බවක් නොදැනෙන්න කාටූන් එක හදලා තිබුණා.

    🎲 ගෙඹි කුමාරයා, හාදුව ගත්තෙ, එයාට ආපහු මනුස්සයෙක් වෙන්න ඕන නිසා කුමාරිකාව රවට්ටලා, බලහත්කාරයෙන්. ඒකත් අපි රොමෑන්ටික් කියලා හිතුවා

    🎲 රපුන්සල් කසාද බඳින්න කලින් හොරෙන්ම කොල්ලව කාමරේට ගෙන්නගත්තා. අතට අහු උනාට පස්සේ කසාද බැන්දා මිසක, ඊට කලින් තමන්ගෙ අනාගතය ගැන හිතලා නිකන් කන්න බොන්න හම්බවෙන හිරගෙදරින් නිදහස් වෙලා යන්න රපුන්සල් හිතුවෙ නෑ.

    🎲 ලයන් කිං එකේ මුෆාසව මරපු ස්කාර්ව රැලේ ඔක්කොම කට්ටිය එක්කහු උනානම් පිටුවහල් කරන්න පුළුවන්කම තිබිලත්, සිම්බා ලොකු වෙලා ආපහු එනකන්ම ඒ ගෑණු ටික ස්කාර්ව තමන්ගේ නායකයා විදිහට තියාගෙන හිටියා. සිම්බා ආවට පස්සෙ සිංහ ගෑණු ටික ස්කාර්ට පාට් එක දානකොට අර තිබ්බ කොන්ද පණ නැතිකම් ඔක්කොම අමතක කරලා අපිත් හුරේ දැම්මා.

    🎲 ශ්‍රෙක්ටයි ෆියෝනටයි ලස්සනට ජීවත්වෙන්න දෙවනි ෆිල්ම් එකේ හොඳටම චාන්ස් එක ලැබිලත්, උන් දෙන්නා තෝරගන්නේ මඩ වගුරේ බැහැගෙන ගොළුබෙල්ලො කකා ඉන්න. ඒක හරිම රොමෑන්ටික් කියලා අපිත් පිළිගත්තා.

    🎲 පොඩි කාලේ අපි ජෙරීගෙ පැත්ත ගත්තට, ලොකු වෙනකොට තමයි අපිට තේරුනේ ජෙරී හැමදාම කරේ ටොම්ට කරදර කරලා සතුටුවුන එක කියලා. ඒත් අපි ගත්තේ ගෙදර කෑම හොරා කාලා, ගෙදර මිනිස්සුන්ටයි ටොම්ටයි දෙගොල්ලන්ටම වධයක් වුන ජෙරීගේ පැත්ත.

    🎲 මොන විදිහට පෙන්නුවත්, කාගෙන් හොරකම් කළත් රොබින් හුඩ්කියන්නේ හොරෙක්, මංකොල්ලකාරයෙක්. ඒ උනාට අපි හැමදාම හුරේ දැම්මේ රොබින්ට.

    ලොකු වෙනකොට ඕවයේ ගැඹුර සමහරුන්ට තේරුනාට, සමහරු ඒ හීන වලින් අවදිවෙන්නේ අතක් පයක් එහෙම ගියාට පස්සෙයි. ඔය මාලිමාවට බලය දෙන හීනෙත් හරියට ඒ වගේම තමයි.

    ReplyDelete
  18. ලංකාවේ අධිකරණ ක්‍රියාමාර්ග වල ඉතිහාසය ගැන කියන කොට යටත් විජිත තත්වයත් එක්ක තමයි ලංකාවෙ රාජ්‍ය අන්ඩුක්‍රම ව්‍යවස්තාවකට යටත්ව පාලනය වෙන්න පටන් ගන්නෙ
    පලමුවෙන්ම 1833 කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරනයත් එක්ක.
    එතනින් පස්සෙ රාජ්‍ය ට අවශ්‍ය විදියෙ ආන්ඩුවක් හදන්න ගත්ත හැම අවස්තාවකම ගෙනාපු ප්‍රතිසංස්කරන ජාතිකත්ව අර්බුදය මූලික කරගෙන තමයි අවසන් උනේ

    1910/මැකල්ම් 1920/මැනිං1924/මැනිං ඩෙවොන්ෂියර් 1931/ඩොනමෝර්
    1487/සෝල්බරි 1972/ජනරජ 1978/විධායක ජනාධිපති
    සහ ඉන්පසුව ආ සියලුම සංශෝධන වලට මූලික උනේ ප්‍රාතමික උනේ ජාතිකත්වය.

    බන්ඩාරනායක වේවා චෙල්වනායගම් වේවා,
    උතුරේත් දකුනේත් හැම තැනම එහෙමයි.

    1948 සිට අවසන් මැතිවරනය දක්වා අගමැතිවරු පත්කරන්න,ජනාදිපතිවරු පත්කරන්න,
    ආන්ඩු පෙරලන්න,
    මූලික උනේ ජාතික ප්‍රතිපත්ති ගැන ඇතිවූ සංවාද හෝ විසංවාද නෙමේ ආගම හා ජාතිය.

    හැම මැති වරනයකදිම පෙරමුන ගත්තේ සංඝයා වහන්සේලා හා පූජකයින්.

    කාල්මාක්ස් පිටේ ගහන්
    චේ පපුවෙ ගහන්
    ඕශෝ කලවෙ ගහන්
    විප්ලවාදියො
    කොමියුනිස්ට් කාරයො
    වාමාංශිකයො
    උතුරේත් දකුනේත්
    ගරිල්ලා සටන් මෙහෙයුවේ
    ජාතිකත්වය මූලික කරගෙන,

    මව් බිම නැත්නං මරනය තමයි

    මාක්ස් වාදී කියාගන්න න්‍යාය විරෝදී වමේ සටන් පාට. හැම මනුස්ස ගාතනයක්ම එදා පටන් අද වෙනකං කලා නං කලේ ජාතිකත්වය මූලික වෙලා.

    JR ජනතා විමුක්ති පෙරමුන තහනම් කරන්නෙ ජාතිකත්වයෙන් මං මුලා වූ
    මාක්ස් විරෝදී වූ ජන්තා විමුක්ති පෙරමුනේ අලුගෝසුවො 1983 අමු අමුවෙ ද්‍රවිඩ වැසියන් ඝාතනය කරන සියලු තොරතුරු අතේ තියන්.

    මෙහෙම පරිනාමය වෙච්ච
    ට්‍රාන්ස්ෆෝර්ම් වෙච්ච ආන්ඩුවක් හා එහි ජීවත් වන පුර වැසියන්ගේ
    සිංහල බෞද්ධ රාජ්‍ය රාජ්‍ය සොයාගෙන යන මේ ගමන නවත්වන්න රනිල්ටයි රාජපක්ෂ පවුලටයි අනුර කුමාරටයි සජිත්ටයි කරන්න ඇහැක් කෙංගෙඩියක් නෑ.

    මේ system එක ඇතුලෙ ඇමරිකන් ඩිපාට්මන්ට් ඔෆ් ස්ටේට් එකේ සැලැස්ම ක්‍රියාත්මක කරන ඒජන්ට් වන කම්මැලි රනිල්ට වදුරා වගේ නටනවා ඇරෙන්න
    වෙන කරන්න දෙයක් ඉතිරිවෙලා නෑ.

    අලුත් ලේ මහ පොලව ඉල්ලනවා
    මේ තත්වය වෙනස් කර්න්න
    ඒකට අපි සූදානම් විය යුතුයි.

    හැබැයි රාජපක්ශ එකම ජාතික හා ගෝලීය අර්බුදය හැටියට දකින එන් පීපී එකටයි
    රනිල්ට කෙලලා රනිල්ට කලින් ජානාදිපති වෙන්න බලන සජිත්ටයි උන්ගෙ තක්කඩි ගෝලයන්ටයි මේකට ගොදුරු වෙනවා මිසක් උන්ට ගැලවෙන්නවත් අපිව ගලවන්නවත් බෑ.

    ReplyDelete
  19. අයිසේ ළමාතං

    ඉරාජ් වගේ උන්ට කුණුහරුප කිය කිය බයින්නෙ ඇයි බලන්න උංගෙ චැනල් උඩ දාගෙන මිලියන ගණනක වීව්ස් තිඑන්න බලනව නං 😜 මිට්ට කොත්තු ට, බික ට බයින්නෙ ඇයි බලන්න උඩ දාගෙන පැන පැන කනව 😜 දැං සිංහබාහු බැන බැන බලනවා

    ඒ වගේම ඡන්දෙ දෙන්නෙත් පොඩි 𝒕𝒓𝒊𝒂𝒍 𝒕𝒆𝒔𝒕 😄😄😄 අවුරුදු 76 නිසාම වෙනසකට කියලා

    😜 සිරි ලන්කන් ගොබ්බ පීපල්ස් 😜

    ReplyDelete
    Replies
    1. @ 2.08

      හැමදාමත් මුන් කරේ මොන හොඳ වැඩක් කරත් විවේචනය කරන එක විතරයි. මුන් හදපු බස් හෝල්ට් එක මාකටින් කරනව. මොකා කරත් රටට සුගතියක් වෙන දේ අවතක්සේරු කරනව. හොඳ වෙලාවට මුන් රජ කාලේ හිටියේ නැත්තේ. හිටියා නම් වැව් අමුණු දාගැබ් හදලත් ඉවරයි. සද්දෙයි දුමයි විතරයි. වැඩ නැ.

      Delete
  20. මාතා, දිලිත් බෙදන්නේ හම්බකරපුවා.
    සජිත් බෙදන්නේ ඉල්ලගත්තුවා.

    එහෙම කියන අනුර කුමාර දිසානායක කියන දෙකයි පණහේ බේසික පුතා කන්නේ බොන්නෙත් අනුන්ගෙන්නේ ඕයි 🤣🤣🤣

    මේකට හුරේ දාන වහල් මීහරක් කයියන්ට රජ⁣යේ වියදමෙන් මොළ බද්ධ කරන්න ඕනේ. අමු වහල්ලු මුන් නම්. 🤣🤣🤣 හද්ද ගොන් මාලිමා වහල් මීහරක් හැත්ත දෙන ගොන් ආතල් 🤣😂😄

    ReplyDelete
    Replies
    1. මාතා,

      මේ තමයි සැබෑ JVP ය, මොවුන් ආපු වහාම රටේ ඇතිවෙන්නේ කැලා නීතියයි.
      මොවුන් ආපු පසු මුලින්ම සිදු වෙන්නේ රටේ සොරකම් කල මිනිසුන්ගේ ධනය කියල පුද්ගලික වියාපරිකයන් ගේ දේපල රජයට ගැනීමයි, ඉන් පසු රටේ මද්‍යම පාන්තිකයන්ගේ වත්කමුත් තම සාමාජිකයන් අතර විවිද බොරු හේතු කියලා පවරාගනී, මෙහිදී වෙන්නේ වසර කීපයක් රට දිවීමට උවමනා මුදල් රට තුලින් එකතු කිරීමයි, මේ ක්‍රියාවලියේ දී සියලුම විදේශ ආයෝජන රටට අහිමි වේවි.

      එතකොට නිෂ්පාදන ආර්ථිකයකට උවමනා ප්‍රාග්ධන යෙදවුම් ලබාගැනීමට නොහැකි වීමත් අදක්ෂ පිරිසකට පාලනය යාම නිසා (උදාහරණ තේ වතු ජනතාකරණය නිසා ලෝකයේ ceylon tea වලට තිබුන තැන නැතිවුනා පමණක් නෙමෙයි අපට) රජයට විශාල පාඩු ඇතිවුනා.

      ඉන්පසු අපට ඇතිවන්නේ උග්‍ර රැකියා හිගයක්, එහෙම වෙලා නවතින්නේ නෑ ඇතිවන ජනතා විරෝදය බිහිසුණු විදියට මර්ධනය කරයි. අද මුන්ටත් දීල බලමු කියන අයට අමතකයි 1995 දී චන්ද්‍රිකාට JVP සහය උනා 2005 දී මහින්දට සහය උනා ඉන්පසු ජනතා පීඩනය වැඩි වෙද්දී විපක්ෂයට පැනල ගියා, 2010 දී සරත් ෆොන්සේකාට සහය උනා 2015 දී රනිල් රජයට සහය උනා (ඔවුන්ට රතු අලිපැටව් කිව්වා මතකද ?)

      Delete
    2. ඔවූ ඇනෝ සහ ලංකා සිතුවිලි

      ඔයාල දෙන්නගෙම අදහස් වලට එකග වෙනවා, අනුර කුමාර යහපාලන ආණ්ඩුව පිහිටුවීමට පක්ෂයේ ඡන්ද ලබාදීමට එකග වෙලා ඡන්දයට නොඉල්ලා ඔවුන්ට අවශ්‍ය සහාය ලබා දුන්නා හරියට දැන් පොහොට්ටුව රනිල් වික්‍රමසිංහට දෙන සහාය වගේ

      ඒ වගේම දූෂණ විරෝධී කමිටුවේ හිටියා අරලිය ගහ මන්දිරයේ

      නමුත් 2018 විතර ස්වර්ණවාහිනියේ මාධ්‍ය වේදියෙක් ඒ ගැන අනුර කුමාර දිසානායකගෙන් ප්‍රශ්න කරලා අහනවා මේ මෛත්‍රීපාල සිරිසේන මහතාට බලයට ගෙන ඒමට ඔබ සහාය දුන්නා නේද කියල එතකොට ඔහු කේන්තියෙන් චැනල් එක මොකක්ද කියල අහලා දෙරණ හිරු නෙවෙයි නිසා ඒක බොරු චෝදනාවක් කියල එහෙම කතා කියන්න එපා කියලා තරහින් බැන වදිනවා මාධ්‍යවේදියාට

      ඒ වගේම වීසා සීන් එක නන්දසේන ගෝටාබය කාලේ උනානං අද අනුර කුමාර කයියනායක සහෝදරයා ජෝසප් ස්ටාලින් පිංබත් හිවලා දමිතා ලක් අම්මියා ලක් අය්යා ලක් ඇන්ටි නාමල් කරැනාරත්න අමුඩ රිලවා අන්තරේ වැදි කොලුවා ගේ සෙට්එ එක එහෙම ගෝල්පේස් එකේ පස් කනව

      ඔවුන්ට දේශපාලනික න්‍යාය පත්‍රයක් තියෙනවා බලය අහගෙන කරන්න බෑ කියල දන්නවා ඒ නිසාම මන්ත්‍රීවරුන් ප්‍රමාණය වැඩි කරගෙන පක්ෂයේ ආදායම වැඩි කරගෙන විපක්ෂ දේශපාලනය කරමින් සැපේ ඉන්න ඕනකම විතරයි තියෙන්නේ

      Delete
  21. අනේ බන් මාතේ

    මේව තේරුම්ගන්න පුළුවන් එවුන් ඔය ගෝත්‍රික මාලිමා වහල් රැලේ නෑ බන්, උන් චූන් වෙන්නෙ නඩු අහල දඩුවම් දෙන්න ගමේ එකාලට බලය දෙනවයි කියන වගේ ගොබ්බ ගෝත්‍රික කාරනා වලට.

    ReplyDelete
  22. 1978 ඉදන් 23 වෙනකල් ලංකාවට සෘජු,ආයෝජන විදිහට ඇවිත්,තියෙන්නේ ඩොලර් ,බිලියන 23යි කියලා අනුර අයියා දෙරණ 360 කළිඳු එක්ක කියපු කෑල්ලක් FB එකේ තිබුනා.

    (එයාලම රාජපක්ෂලා ඩොලර් බිලියන 100කට වඩා රටෙන් හොරකම්,කරලා කියන කථාව මේ බුකියේම පැලවත්තේ මල්ලිලාට ආපහු,කියන්න රෙස්දක් ඉතුරු නොකරපු එක වෙනම කථාවක් 😀😀)

    අනුර කියනවා වියට්නාමයට විතරක් 2023 ඩොලර් බිලියන 23ක ආයෝජන ගිහිං,තියනවලු.

    එහෙම කියන අනුර අයියා රටට නොකියා කියන්නේ සමාජවාදී ධනවාදී විවෘත ආර්ථිකය අරවා මේවා නෑ ලෝකය ආයෝජන ගන්න පුළුවන් කියලයි.

    එහෙම වියට්නාමයට වෙන්නේ ඇයි?

    ඇමරිකාවට වියට්නාමය ඇතුලේ සිද්ධ වුන ලැජ්ජා සහගත පරාජය ඉදිරියේ බටහිර රටවල් ආර්ථික බාධක ඇතිකරලා තිබ්බා.

    ඒ ආර්ථික බාධකත් එක්ක ඉදිරියට ගිය වියට්නාමය තව දුරටත් සමාජවාදී ආර්ථික මොඩලය අත් හැරලා විදේශ ආයෝජනයන්ට රට ඇරියා.

    වියට්නාම විප්ලවයට පෙර පෞද්ගලික ඇමරිකන් ධනපතියන්ට තිබ්බ වියට්නාමයේ ඉඩම් ගැනීමේ අයිතිය වියට්නාම වර්ථමාන රජය දිගුකාලීන පදනමට ඇමරිකන් කම්පැණිවලට දෙන්න පටන්,ගත්තා.

    දැන් වියට්නාමයේ හෝචිමිං ලා පදනම දැමු සමාජවාදය නෙවෙයි යන්නේ.‼️

    වර්ථමාන වියට්නාමයේ නාමික සමාජවාදීන් ලෝකයේ ධනේෂ්වරය එක්ක ⁣වියට්නාමය

    නිෂ්පාදනයකට අවශ්‍ය සාධක හතරෙන් (භූමිය /ශ්‍රමය /ප්‍රාග්ධනය /ව්‍යවසාය )

    ජනතාවට ශ්‍රමය පමණක් ඉතුරු කරලා

    ඉතිරිය (භූමිය / ප්‍රාග්ධණය / ව්‍යවසාය ) වර්ථමාන වියට්නාම සමාජවාදී පාලකයන් විසින් ඩීල්,දාලා තියනවා.‼️

    සරළයි ඔබ අද පිටරටක වැඩකර මුදලක්,උපයාගෙන ලංකාවේ ව්‍යාපාරයක්,කරන්න යන්න පුළුවන්.

    නමුත් වියට්නාමයේ එය කරන්න වියට්නාම ජාතිකයාට වියට්නාමයෙන් නිෂ්පාදන සාධක හතර මිළට රජයෙන් ගන්න ඕන.

    භූමිය රජය සතුය. එහි පෞද්ගපික අයිතිය නැතිකර ඇත.

    ප්‍රාග්ධනයට බදු රජයට ගෙවිය යුතුය

    ශ්‍රමය සපයා ගැනීමේ ගිවිසුම් ආයතන සහ බදු ඇත.

    ව්‍යවසාය තුළ ⁣රජය නියාමනය සහ රෙගුලාසි බහුලය.

    විදේශ ආයතන වියටිනාමයට එන්නේ විදේශ සමාගම් වලට ඒවා ලිහිල් කර තිබෙන නිසාය.

    සරළව අදටත්

    තනි තනි කුඩා මධ්‍යම මහා පරිමාන ව්‍යවසායකයන් බිහිවීමට වියට්නාමයේ ඉඩ කඩ අඩුය. සමුපාකාර ක්‍රමය යන වචනයට මුවාකල වියට්නාම සමාජවාදී පක්ෂ කමිටු නිෂ්පාදන අංශය ග්‍රාමීයව පැතිරී පවතී.

    වියට්නාමයේ ශ්‍රමයට ගෙවන මිළ අඩුයි.

    භූමියට වියට්නාම රජය ලෝකයේ ධනපකි රටවල කොම්පණි එක්ක දාන ඩී්ල් වලට ජනතාව එරෙහි,වෙන එක මර්ධනය කරගෙන ඉන්නවා.

    ප්‍රාග්ධනය එවිට ආයෝජන විදිහට පාලකයාට කොමිස් සමග රටට එනවා.ඒ ආයෝජන බහුතරයක් අජුමිළ වියට්නාම ශ්‍රමය මලින් නිපදවා ආයොුජකයා ඇමරිකාවට යුරෝපයට සපයන භාන්ඩ නිසා වෙලදපල නිර්මාණය කරගෙන තිබෙනවා.

    වියට්නාමය එහෙම නැතුව තමන්ගේ රටේ ආයෝජන වලින් රට නිර්මාණය වෙනවා නෙවෙයි

    වියට්නාමයට ඇමරිකාව කරන ලද අපරාධවලට හිලව් විදිහට තමන්ගේ බිලියනපතියන් හරහා ආයෝජන වියට්නාමයට එවලා ඒ නිෂ්පාදන වලට බදු සහන දීලා වැරදි වලට වන්දි,ගෙවනවා.

    අපට එහෙම ලබ්බක් නෑ.😀😀😀

    අනුර අපට වියට්නාමය පෙන්නුවට අනුරලාට ඉතුරු,වෙන්නේ අද අනුරලාම මෙන්න ඉඩම්,විකුණනවෝ,කියලා කෑ ගහලා එදාටත් ඉඩම් බහුජාතික සමාගම්,වලට විකුණලා ඩීල් එකක් ගහන්න විතරයි.

    ඒ අතර අනුර කියන පරිදි අපි විදේශ වෙලදපල ගන්න නම් ලංකාවේ කම්කරුවාට ගෙවන දෛනික වැටුප අදට වඩා භාගයකින් අඩු කරලා ආයොුජකයාට ලංකාවේ නිෂ්පාදනයට එන්න කියන්න හෝ නිෂ්පාදනය කරන්න වෙනවා. 😀😀

    නැත්නම් ආසන්න ඉන්දියාවෙන් බංග්ලාදේශයෙන් අඩු මිළට ආයෝජකයාට ශ්‍රමය ගන්න දෙන්න වෙනවා.😀😀

    ලංකාවේ සමාජවාදී පක්ෂම සටන් නිරීමෙන් තොර ජයග්‍රහණයක් නෑ කියලා අපට දියව්/ ,වැඩිකරපියව් / බෙදපියව් කියලා ස්ට්‍රයික් කරලා වර්ජන කරලා ව්‍යවස්ඛාව මගින්ම වැඩකරන සේවකයාට හදලා දීලා තියෙන පණත් වගේම පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්ත ගැසට් ලංකාවේ සේවක පිරිවැය ඉහල දාලා තියනවා.

    එහෙමනම් අනුරලාට ඒවාත් වියට්නාමයේ මට්ටමට අඩු කරන්න වෙනවා. 😀😀😀

    මොකද අද වියට්නාමයේ කම්කරුවෙක්ට වියට්නාමයෙන් ඇමරිකාවට යවන නිෂ්පාදන කම්හලක සේවය කිරීමෙන් ලැබෙන වැටුප ලංකාවේ රුපියල් 1000 අඩුයි.

    අනුරලා එහෙමනම් වියට්නාමයේ වගේ සෑම වැඩනරන පවුලකටම වියට්නාම සමුපාකාරය තුළින් දියත් කරන මාසික සුභසාධන දීමනා ක්‍රියාත්මක කරවන්න කටයුකු,කරන්න බලාපොරොත්තු වෙනවා වෙන්න ඇති.

    අනුරලාගේ ලෝකය ක්‍රියාත්මක කරන්න ලංකාවේ ව්‍යවස්ථාව කනපිට හරවලා විකප්ප දේශපාලන පක්ෂවාෂ්ප කරලා සියළුම පෞද්ගලික නාළිකා රජයට අරං ජනතාවට පිටරට සමග තිබෙන සබදතා පරවැත්වීමේ පහසුකම්නැති කරලා නම් පුළුවන් .

    සනීපයි

    ReplyDelete
  23. අනිවාර්යෙන්ම ජෙප්පෝ කුහකයි, උදාහරණ විදිහට මාලිමාවට නැති වෙන්නප්පුව සමුපය ලංකාවෙ හොදම සමූප වලින් එකක් බව කිව්වම ඊරිසියාවෙ පැලෙන උන්.

    ඇත්තටම උන් කරන ඒව විතරයි සාර්ථක වෙන්න ඕන. ඒකයි එයාලගෙ කුහක කම

    ReplyDelete
  24. යකූ මාතේ උඹත් හිටපු ජෙප්පෙක් සහ ජවිපෙට එකසිය ගානට කඩේ ගියපු හාදයෙක් හැටියට ලාල් කාන්ත ගැන නෙවෙයි මේ අනුර කුමාර වගේ පිස්සෙක් ජවිපෙ නැත්නම් මාලිමාව කියන ලේබලේ දාගෙන යටින්ම ඉන්න ජවිපෙම නායක අන්දරේ වීම හිතාගන්න පුලුවන් ද..😂😂🤌 මොකද ඒ ගැන හිතන්නේ?

    ReplyDelete
  25. මනුස්සකමත් නෑ . විනයත් නෑ. එහෙම නැති එකේ නීතියත් නෑ. කරදරයක් උනාම ගිහින් බලන්න ඕනේ පොලිසියට . කියන්න බොහොමයක් දේවල් තියෙනවා . නොකියා ඉන්නම්. අත්දැකීම් වලින් කියන්න පුළුවන් පිලිසරන ගැන.

    ReplyDelete
  26. ඕනෑම දෙයකට වඩාත්ම සුදුස්සා තෝරාගත යුත්තේ පරීක්ෂණයකින් මිස ජනප්‍රියතාවය මත නොවේ.

    ප්‍රජාතන්ත්‍රවාදී සර්ව ජන ඡන්ද බලයකින් පත්වන පාලකයා යනු සෑම විටම සුදුස්සා නොව නමුත් ජනප්‍රියම පුද්ගලයායි.

    සර්ව ජන ඡන්ද බලය හෙවත් යම් වයසක් ඉක්මවූ සියලූම දෙනා වෙත නිකම්ම ලැබුණු ඡන්ද බලයක ඇත්තේ ඉතාමත් අඩු වටිනාකමක්. එම වටිනාකම ගැන මම තෘප්තිමත් නොවන නිසා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළකිනවා. නමුත් සාපේක්ෂව වඩාත්ම සුදුස්සා තෝරාගැනීමට එම ඡන්දය පළ කිරීම අවශ්‍ය දෙයක්. නමුත් එහි වටිනාකම ඉතාම අඩු බව මතක තබාගත යුතුයි.

    නමුත් එම ඡන්ද බලය ඉතාමත් අසීරු ඉදිරිපත්වන්නන්ගෙන් 5% ක් වැනි ප්‍රතිශතයක් පමණක් ලබාගන්නා වූ කැමති අවස්ථා ගණනක් පෙනී සිටිය හැකි විවෘත විදිමත් විභාගයකින් ලැබෙන්නක් නම් මම කෙසේ හෝ එය ලබාගන්නවා සේම ඡන්දය අනිවාර්යයෙන්ම පළ කරනවා.

    මේ අයුරින්ම අපේක්ෂකයන් ඉදිරිපත් වීමේදී යම් විදිමත් විභාග සහ පරීක්ෂණ හරහා ගිය අයවලුන් පමණක් ඉදිරිපත් කළේ නම් සහ ඉහළ විභාගයෙන් ලබාගත් ඡන්ද වරම භාවිතා වූයේ නම් එතැනදී ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විවෘත විභාගයකින් තේරී පත් වූ සුදුස්සන්ගේ ඡන්දයෙන් පත්වන එලෙසම පරීක්ෂණ මගින් තේරී පත්වුන සුදුස්සන් අතරින් වඩාත් සුදුස්සෙක් තෝරාගැනීමයි. මේ අයුරින් දේශපාලකයන් තෝරාගන්නේ නම්, එම අයගේ පාලනය ගැන ජනතාවට වද වීමට අවැසි වන්නේ නැත.

    පහතින් දැක්වෙන්නේ එම අදහසම මහින්ද විද්‍යාලීය ප්‍රථම විදුහල්පතිවරයා වූ ෆ්රෑන්ක් ලී වුඩ්වඩ් මහතා විසින් පුවත්පත් ලිපියකට කළ සදහනක්.

    'Government by the best' is the only real and ideal method of ordering the world, not the rule of the absolute monarch, nor yet that of the many-headed multitude which we wrongly call
    democracy.

    -Woodward, FL - The first principal of Mahinda College
    "The True Aristocracy" National Monthly of Ceylon February-March 1913, p44-

    ReplyDelete
  27. ලාලා මේ ගොම් ප්ම්ම්කෙක් ජෙවිපි කියන්නෙ සමානාත්මතාවය තිබුන ඔක්කොටම සහෝදරයා කියන මිනිස්සු ඔක්කෝම එකමුතුව වැඩ කරපු පක්ශයක් විදියට ආවේ ඒත් ඔය වගේ නිලදාරීවාදය පෙන්නුවොත් බැබලෙන්න ආවොත් මාස 2න් මිනිස්සු ගහල පන්නන්නෙ තොපිව 🤣🤣🤮🤮 හිතන් ඇති බැබලෙන්න ඒවා හදෙ තමයි

    ReplyDelete
  28. ලාල්කාන්ත අනුර කුමාර හඳුන්නෙත්තිලා ඉන්දියාවට යටත් වෙලා ගොන් පාට් දානකොට ලංකාවේ සංචාරක වීසා පිළිබඳව සැබෑ ප්‍රශ්න ගැන එක රැයින් ජනතාවට හොයන්න මගපෑදු එකම එක නාදුනන තරුණයටත්

    දේශපාලනයේ,මොන වෙනස් මත අපි දැරැවත් ඉන්දීය අධිරාජ්‍යවාදී බලහත්කාරය ඉදිරියේ සත්‍ය සටනක යෙදෙන පෙරටුගාමයේ අධ්‍යාපන ලේකම්,පුබුදු,ජාගොඩ සහොදරයාටත්

    රටේ ජනතාවට ඇත්ත එලිදරව් කිරීමට ගත් උත්සාහයට උත්තමාචාර කර යුතුයි.

    ReplyDelete
  29. එතකොට දැන් උඹ කියන විධියට ජෙප්පො බලය ගත්තම, උන් 88/89 කාලෙ වගේ මිනිස්සුන්ව මරලදාලා, උන් හිතන සමාජවාදී හරි කොමියුනිස්ට් හරි මොකක් හරි කියන එකක් පිහිටුවනවා. ඊට පස්සෙ පජාචන්තවාදෙ වෙනුවෙන් කවුරුහරි කතා කළොත් උන්ව මරලා දානවා. ලංකාවෙ පජාචන්තවාදෙ හරියටම කරපු උඹගෙ රනිල් ලොක්කා, මයින්ද මාත්තියා හිරේ දානවා ? නැත්නම් මරලා දානවා. ඊට පස්සෙ උඹ කියන විධියට ලංකාවෙ උන් හිඟා කනවා. හැබැයි අපි හිතන් හිටියෙ ගෝඨා දින්නට පස්සෙ, ගෝඨා ඇතුලු ආණ්ඩුව විවේචනය කරන එවුන් එක්නැලිගොඩට කරා වගේ සුදු වෑන්වලින් අතුරුදහන් කරලදායි කියලා. ගෝඨා පත් වෙන්න කලින් සමහර විරුද්ධ මත ලියපු එවුන් රටිනුත් පැනලා ගියා. අන්තිමට ගෝඨාව මිනිස්සු එකතුවෙලා එලවලා දැම්මා. එහෙව් බලයක් තිබිච්ච ගෝඨාට එහෙම වුණානම්, හිච්චි ජෙප්පො කොහෙද බන් ලංකාව 88/89ක් කරා ගෙනියන්නෙ. උඹගෙ බ්ලොග් පඩංගුව බයියො අතර ජනප්‍රිය කරගෙන සල්ලි ටිකක් නම් හොයා ගන්න පුළුවන් මේ වගේ ගොන් කතා ලියලා.

    ReplyDelete
    Replies
    1. රොබට්, නනදසේන ගොනාට විරුද්ධව ඌව එලවන අරගලය කළේ ලංකාවේ මිනිසුන් වුණාට යටින් ඒක මෙහෙයවූයේ ලංකාවේ කිසිවෙක් නෙවෙයි කියල දන්නවනේ? ඒ වගේම ලිබියාවේ ගඩාෆි පාලනය ඇතුලු අරාබි රටවල ආණ්‌ඩු වෙනස්කරපු ඇරෑබ් ස්ප්රිං, 2014 යුක්රේන මයිදාන් අරගලය හරහා රුසියාවට හිතවාදී ජනපතිව එලවා ඇමරිකානු ගැති රුසියාවට එරෙහි පාලනයක් ඇති කිරීම 2016 දකුණු කොරියාවේ චීන හිතවාදී වීමට ගිය පාක් ග්වෙන් හයි ජනපතිනිය එලවාදැමීමට කළ අරගලය මේ වගේ දේවල් ගොඩක් තියෙනව ලංකාවෙත් 2015දීත් එක්සත් ජනපද සෝෂල් මීඩියා කැම්පේන් හරහා යහපාලනය රජය බලයට පත් කළේ චීන හිතවාදී රාජපක්ෂ චෞර රෙජීමය එලවා ඇමරිකන් ඉන්දීය හිතවාදී සිරිසේන රූකඩ පාලනය ඇතිකරන්නට වගේම 2021 චීනය මුදලට ගත් රාජපක්ෂ හොරමුල එලවා තම නිත්‍ය නියෝජිත රනිල්ට නැවත බලය පැවරීමට ඔවුන් තම ලාංකීය ක්‍රියාකාරීන් යොදාගෙන එය සිදුකළා

      දැනුත් වෙන්නේ ඒකයි, මම අභියෝග කරනවා පුළුවන් නම් රනිල් වික්‍රමසිංහ එලවන්න කියලා අරගල කරලා, ඒක කරන්න යන උන්ට රනිලාගේ ආරක්ෂක අංශ වලින හොඳම එකෙන් බේත් ලැබෙයි

      මාලිමාව කියලා කියන්නේ එක්සත් ජනපදයේ යුරෝපීය සංගමයේ ඊළඟ රූකඩ පක්‍ෂ කණ්ඩායම, ලංකාවේ විදේශ තානාපති කාර්යාල වල රෙජීමය මාරු කිරීමේ ව්‍යාපෘතියේ ජයග්‍රාහී දවස සමරනු දකින්නට පුළුවන්

      දාර ගොං බයියන් බේරේවැවේ,ගිල්ලුව දිනය අදයැයි කියා සමරන කොටසක් බුකියේ දකින්නට තිබෙනවා

      ඔවුන්ගේ ප්‍රොෆයිල් වල පහළට ගියානම් ඒ දවස්වල ඔවුන් වෙසක් කළු කරඇති බව මුණ ගැහෙනු ඇති.😀😀

      පාර්ලිමේන්තු,මන්ත්‍රී වරයෙක් වු,පොළොන්නරුවේ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයා මහ මහ මරා,දමන විට එකෙන් ඉවර කළා කියමින් සතුටු වුන තැන් මුණ ගැහෙනු ඇති.😀😀

      ගමේ දේශපාලන විරැද්ධවාදී මන්ත්‍රීගේ,ගෙට ගිණි තියන්න දේපළ විනාශකරන්න කරපු ආරාධනා සහ එවැනි විනාශ කිරීම් උජාරුවෙන් තමන්ගේ බිත්තියේ ප්‍රචාරණය කරපුහැටි අදුනාගත හැකියි.😀😀

      ඔවුන් ඇත්තටම අද සමරන්නේ මිනිස්සු ටිකක් බෙරේවැවට බැස්සවීම නෙවේ.

      ලංකාව ඇමරිකානු උවමනාවට ඉන්දියානු උගුලේ හිර කරවීමට ඔවුන් මිනීමරා ම්ලේච්ඡතවය මතින් ඉඩ සදා දුන් සැමරුමයි.‼️

      යුද්ධයේ සමරන්න ජයග්‍රහණයක් නැතැයි කියන ඔවුන් පාර්ලිමේන්තු,මන්ත්‍රීන් පාරේ,මරමින් ගෝල්ෆේස් අරගලයට පහර දුන්න එක දඩමීමා කරගෙන එම මැර ලේබලය යටතේ කොළඔට ආව ධිවිධ මිනිස්සු,බස්,වලින් බස්සමින් හොය හොයා හිරිහැර කරමින් බයියන් නොවන දුඹුරු ටීෂර්ට් ඇඳපු අය සහ සැක කටයුතු වෙනත් උදවියට පවා අමානුෂික ලෙස පහර දී රටේ දේපල ගිණිතබමින් කරපු මිලේජ්‍ය හැසිරීම ජයග්‍රාහීව සමරනු පෙනේ .‼️

      ඒ අද බයියන් නෑ වු,දිනය ⁣කියමින් රෑප ෂෙයා කරන කොටස බැලුවිට

      බහුතරයක්

      ඊයේ පෙරෙදා ගිය සතියේ අපි මාළිමාවට කියා පෝස්ට් ෂෙයා කරන රනිල්,ජනාධිබති වුන විගස අරගලය ඉවර කර ගෙදර යැව්ව කොටසයි.

      එයාලගෙන් දැං අරගලයෙන් ලැබු,ජයග්‍රහණ මෙනෙවද ඇහුවොත්

      ඔවුන් අදත් හැසිරෙන්නේ එදා අමරකීර්ති අතුකෝරළ පාරේ,ගහලා මරපු වෙලාවේ ඔවුන්ට තිබුන මානසිකත්වයෙන් අමුම අමු තිත්ත කුණුහරප කියාගෙන අපට බැනගෙන මරණ තර්ජන ගර්ජන කරමිනුයි. ජවිපෙ ඇතුලු පිරිස මේ සමරන්නේ
      එකී මිනීමරපු මානසිකත්වයයි.

      ඒ නිසාම මේ අධිකරණ ක්‍රමය වෙනස් කිරීම ගැන කියන යෝජිත මාලිමාවේ ප්‍රතිපත්තිය ප්‍රශ්න කිරීමට ජනතාවට අයිතියක් ඇති බව කිව යුතුයි.

      Delete

    2. @ Anonymous 12.58

      ජෙප්පන්ට එහෙම ලොකු ලොකු දේවල් හිතන්න බෑ. ඒ උනාට පෙන්නන්න හදන්නේ හෙන දාර් ශනිකයෝ කියලා. ඔය ජේවීපීය හැදෙන්නේ හැට හැත්තෑව දශක වල තිබ්බ මෝඩ සංකල්ප කීපයක් මුල් කරගෙන.
      1. උගත් ගැමි තරුණ ප්‍රජාව
      2. උගතෙක් වීමට සමාජවාදියෙක් වීම
      3. නැති ධනපති පංතියක් හිතෙන් හදාගෙන උන්ට විරුද්දව කැරලි ගැසීම

      අන්තිමට හොයා ගන්න ධනපති රටේ නැතුවාම ගමේ ඉන්න ස්කෝල මහත්තයයි, වෙදමහත්තයයි, හාමුදුරුවොයි නිරපරාදේ මරලා දැම්ම. ඔව්වා තමා ඔය උගත් ගැමි තරුණයින් කරපු හපන්කම්. උන්ව පුම්බලා උඩ ඇරියේ ඒකාලේ හිටපු මෝඩ පඩියොම තමා. උන්ට තිබ්බ උගත්කමක් නෑ. ස්කෝලේ ගිහින් මල පොතේ අකුරක් ඉගෙන ගත්ත නැතිඋන් පංති පහට ගිහින් මුලු ලෝකේම දැන්ගත්ත වගේ බොරු මාන්නයකින් හිටියේ. ඉස්සර ගොන් ආතල් දැන් හරිය්න්නෙ නෑ. මොකද දැන් සන්නිවේදන තාක්ෂණය දියුනුයි. එක ගොන් කතාවක් කිව්වාම ඒක හැමතැනම ක්ෂිණික වේගයෙන් පැතිරෙනවා. ඔය ලාල්ලා වගේ බයියන්ට තාම ඒ සීන් එක තේරෙන්නේ නෑ. කට ඇරියොත් කියන්න්ම 60,70,80 දශක වල ගොන් කතා.

      Delete
  30. ලංකාවේ ඊලග ජනාධිපතිවරණයට ඉදිරිපත්, වෙන ඕනෑම අපේක්ෂකයෙක්

    ඉන්දියාව ක්‍රියාත්මක කරන

    🔺 ETCA ගිවිසුම ක්‍රියාත්මක වීම නතර කරන බව

    🔺 ඉන්දියාව සහ ලංකා⁣ව එකට යා කරන ඉන්ධන සහ විදුලි බල ව්‍යාපෘති නතර කිරීම

    🔺 ඉන්දියාවට පමණක් ලංකාවේ රාජ්‍ය ව්‍යාපාර අත්පත්කර ගැනීම සහ පෞද්ගලික අංශයේ පවා ඉඩම්වල අයිතිය අත්පත්,කර ගන්න ඉඩ හදා කිබෙන විදේශ ප්‍රතිපත්තිය වෙනස්,කරනවා කියලා

    ස්ථිරව සෘජුව පොරොන්දු,දෙන නායකයා ජනාධිපති කරන්න ඕන

    එය කෙලින්,නොකියා ඉන්දියාවේ සහයෝගය අරං,ජනාධිපති,වෙනවා කියා කථාවෙන් වංගු ගහන එකා ඔබ රටේ,හෙට දවස වෙනුවෙන් පරාද කර යුතුමය.

    මොකද ඉන්දියාව ලහි ලහියේ ලංකාවට දියත්කරන ව්‍යාපෘතියට යට වුන ලංකාවක්

    රනිල්,වෙනුවට

    සජිත් ප්‍රේමදාස පත් කළත්
    අනුර දිසානායක පත්කළත්
    රාජපක්ෂ පවුල පත්කළත්
    වෙන ඕනෑම කෙනෙක් පත්කළත්

    ඔය කරනවා කියන දියුණු කිරීම්,කරන්නට බැරි අපිට ඉන්දියාව බලෙන් පැටවු පළාත්සභා ක්‍රමය පවා අපිට වසර 36 පමණ ගෙවා දමා අදටත් එය ව්‍යවස්ථාවෙන් ඉවත් කරගන්න බැරි ඉන්දියාවේ බලපෑම නිසානම්

    ඉන්දියාව පාළම් ගසා

    ඉන්දියාව විදුලිය ඉන්ධන නළ මගින් සපයා ගනිමින්
    ලංකාවේ බදු සහන ලබා ගනිමින්

    ඉන්දියාව ලංකාවේ ත්‍රිකුණාමලයේ ඉන්දියානු ආයෝජන කලාප හදා ඉන්දියන් අමුද්‍රව්‍ය මුල්‍ය බලය සහ රටේ රැකියාවලට ඉන්දීය සේවකයන් යොදවා නිෂ්පාදනය කර අපටම භාන්ඩ විකුණන කලාප ඇතිකරගත් රටක් වු පසු

    අපි ඉන්දියාව මත යැපෙන්නන් මිස ස්වාධීනව රටක් ලෙස නැගිටින ජාතියක්,නෙවේ. ‼️

    අපි ඒවාට පසුව යිරැද්ධ වෙන පලමු තත්පරයේ ඉන්දියාව විසින් ත්‍රිකුණාමලය සහිත උකුරු,නැගෙනහිර කළාප දෙක සහිත සිහින ඊලාම් බල කලාපය ලංකාවෙන්,බෙදා වෙන්කරන්නේය. ඔවුන් එම කලාපය වෙනම රටක්,ලෙස පිළිගන්න අතර එතැන් පටන්,අපට නැවත ඉන්දියාව යුද්ධයක් හදා දෙන්නේය.

    එබැවින් ඔබ පත්කරගන්නා නායකයා හොරු අල්ලනවාට කියනකොට හුරේ,ජයවේවා කියන්න පෙර

    ඔහු ඉන්දීය හොරුන්ට රට අහුකරන අද රනිල් හරහා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය නතර කරනවාද යන්නට ස්ථිර උත්තරය ගන්න.‼️

    මොකද රටෙන්,හොරකම්,කරපු හොරු අල්ලනකොට ඉන්දියන්,හොරු විසින් ලංකාවම හොරකම්,කරගන්න විට ⁣එයට එරෙහි,වෙන එවුන්ට අද වගේ ඉන්දියාව සනසන්න පහර දෙන මර්දනය කරන පාලනයක් අමුතුවෙන් හදනවාට වඩා

    එහෙමනම් රනිල්ම තබා ගන්න එක හොදයි නේද මාතලන්?

    ReplyDelete
  31. සිංහබාහු, රාවණා කියන්නේ ප්‍රබන්ධ, මිත්‍ත්‍යා කියන්න ඉක්මන් වෙන්න එපා. මේවා කාලයෙන් වැසුනු සත්‍යයන්. හැබැයි සැබෑ ස්වරූපය අපැහැදිලියි.

    නිකන් හිතන්න තව අවුරුදු 1000 කින් ඒ කියන්නේ 3024 දී විතර කවුරුහරි කිව්වොත් කොටි ආයුධ සන්නද්ධ් යුද්ධයක් කලා ලංකාවේ උතුරු ප්‍රදේශය අල්ලන්න කියාලා කට්ටියක් මරහඬ දෙය් කොටින්ට කොහෙද ආයුධ හැසිරවීමේ හැකියාවක් කියලා. ඒත් අද අපි දන්නවා ඒකතාව නිවැරදියි කියලා

    හැබැයි විද්‍යාත්මක ප්‍රවේශයක් නැතිව මුදලටයි දේශපාලන කාරනාවලටයි තවත් යටි අරමුණුවලටයි ඉතිහාසය ගැන අසථ්‍ය නිර්මාණයකින් හරි ඉදිරිපත් කිරීම හොඳවැඩක් නොවෙයි

    ReplyDelete
  32. මාලිමාව හැදුවේ මලික් අනුර එක්ක එකතු වෙලා බවත් අරමුණ ජවිපේ ලිබරල් කිරීම බවත් හාඩ් කෝ ජවිපේ සාමාජිකයින්ට තෙරේද්දී පරක්කු වැඩියි.

    ReplyDelete
  33. ඔය ලාල් කාන්ත සහෝදරයාගේ කතාව විතරක් නෙවෙයි දෙරණ 360 සාකච්ඡාවට ඇවිත් මේ ළඟදි අනුර කුමාර දිසානායක කියුවේ අන්තර්ජාලයෙන් හම්බු කරන අයටත් ටැක්ස් ගහනවා කියලා... මාලිමාව බලයට ආවම ඉස්සෙල්ලාම කරන්නේ ඒ බදු අය කරන්න ගන්න එක කියලා…. ඉතින් දැන් තරුණ පරපුරේ අය අන්තර්ජාලයෙන් සල්ලි කීයක් හරි හම්බු කරනවා… ඒ ඒ අයගේ දැනුමෙන් ශ්‍රමයෙන්… ඒ අහිංසක කොල්ලෝ කෙල්ලොන්ටත් මුං ටැක්ස් ගහන්න ගියාට පස්සේ උන් ඡන්දෙදෙයිද…. ඒ කතාවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි අපිත්… අපිට පාටක් පක්ෂයක් භේදයක් මොකුත් නෑ ඒ උනාට අවංකවම කිව්වොත් දැන් තියෙන බදු
    ප්‍රමාණයත් වැඩි මිනිස්සුන්ට ඔලුව උස්සගන්නත් බැරි තරමට… දැන්මම ඔහොම කියනවනම් ඉතින් කොහොමද අපි මාලිමාවේ කණ්ඩායම විශ්වාස කරන්නේ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න