.

.

Jul 7, 2024

පෝට්ටුවට මක්කැයි වුනේ


පෝට්ටුවට මක්කැයි වුනේ

➖➖➖➖➖➖➖🔷🔷🔷


පොහොට්ටුව හැදුවේ එයාලගෙ බලය පෙන්නලා රනිල් බය කරන්න... විශේෂයෙන් බැසිල් සහ බැසිල්ගෙ ගෝලයෝ.... මුලින් කැබිනට් ඇමතිකම් ලැයිස්තු යවලා තගෙන් රනිල් කන්ට්‍රෝල් කරන්න ගිය බැසිල්... අවසානෙදි රාජපක්ෂලා හලන බව කියනකන්  පාට් දාන්න ගිහින් කිචම වෙලා ගියා.


දැන් බයත් නෑ ණයත් නෑ කියන්නේ බයටම තමා... ඩන්ඩි කවදාවත් ඔය කතා කියන්නේ නෑ... බයම උන් තමා මම බය නෑ ඩෝ කිය කියා අඬන්නේ....


එයාලා ආන්ඩුවට බොක්කෙන් සප් එක දෙන ලංසට.. ප්‍රසන්නට... කංචනට... රිදෙන්නම ගැහුවා.... කැබිනට් මංඩලේ ඉන්න පිරිසට සහ රනිල්ට හිතවාදී අයට කරන්න පුලුවන් හැම දේම කලා.. හැබයි උනුත් අත ඇරියේ නෑ... 

එකක් විධායක බලය... අනෙක උන් හැම විටම කියන කෙලෙහිගුණය... 


රනිල් නොවන්නට රාජපක්ෂලා හා ඔය පරණ කම්බා හොර ඇමති සෙට්ටෙක හිටිය තැන් සොයාගෙන අමරකීර්ති අතුකෝරාල ඇරිය දිහාවේ අනිවාර්‍යයෙන් අරිනවා...


ඒවා දැන් රටෙත් නොයිද පැනලා ගිය බැසිල්ලට නාමල්ලට අමතකයි...

බොරු බොරු සෙල්ලම් දදා රනිල් පාලනය කරන්නයි ඒ දෙන්නා ට්‍රයි කලේ... හැබයි එයාලා නොදැන උන්න දේ තමා.... මේ ඉන්නේ නිකන්ම නිකන් රනිල් නොව, විධායක ජනාධිපතිවරයෙක්ය කියනෙක.


කාරියවසම් කියන දේශපාලන ළදරුවා රනිල්ට පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න කියන්නේ ඒකයි... හැබයි රනිල් නෙමෙයි ඌව පයිසෙකට මායිම් කළේ. ඒ කංචනගේ රැස්වීමට බය වෙලා.


රාජපක්ෂලා තමන් ගැන බලන්නේ නැති බව රාජපක්ෂ බයියෝ මැයි 9 වෙනිදා තේරුම් ගත්තා... හාඩ්කෝ බයියෝ ඔක්කොම ජවිපෙට සෙට් වුනා... ඒ ජෙප්පන්ගෙන් මැරුම් කන්න වෙන නිසා... මොකෝ උන්ගේ ජීවත බේරුනාට... උන්ගේ බිස්නස් වලට ෂොට් එක දීපූ නිසා...


උන් නැතුව අනික් බයියෝ ගේන්න රාජපක්ෂලාට ස්පොන්සර්ලා නෑ.... රාජපක්ෂලා කවදාවත් එයාලගෙ සල්ලි හොල්ලන්නේ නෑ... අමාරුවෙන් අමාරුවෙන්... රට වටේ බලේ පෙන්නන්න තිබ්බ සංදර්ශන සියල්ල ෆේල්.. මැයි දිනේ අඩුම ජනම් එක උන්නේ පෝට්ටුවට. සෙනඟ ටිකක් උන්නේ ජොනීගේ එකට විතරයි.


රනිල් ගාව ඉන්න පෝට්ටුවේ සොලිඩ් බඩු වෙනුවට නාමල්ට ඉන්නේ වාචාලයෝ ටිකක් විතරයි. අවසානේ එයාලා තේරුම් ගත්තා ජනතාව දැන් එයාලා සමඟ නැති බවත්... රනිල්ට හේත්තු වෙනවා හැර වෙන එකෙක්වත් තමන් සෙට් එක පැත්ත පලාතේ වැද්දගන්නේ නැති බව.


මහින්ද හදපු රාජපක්ෂ නාමය...

ඝෝඨා එක දවසෙන් ව්නාශ කළා....

ඉතිරි වෙලා ඉන්න ටිකත් බැසිලුයි නාමලුයි නැති කරගන්න බව දැනගත්තු මහින්ද චීනේ ගිහින් ඇවිත් එහේ උපදෙසුත් එක්ක ගත්ත තීරණය තමා මේක...


මක්කා කලත් චන්දෙ දවසට මහින්ද මහත්තයට සලකලා සද්ද නැතිව රාජපක්ෂලාට චන්දය දෙන ලක්ෂ දහයක් විතර තාම ඇති.... 


හැබයි ඒකත් සෑහෙන බලපෑමක් කරන්න පුලුවන් චන්ද කුට්ටියක් බව රනිල් මෙන්ම සියල්ලන්ම දැන ගත යුතුයි....


ස්වස්ථි සිද්ධම් !!!

.

 

Jul 5, 2024

තඹුත්තේගම ගවරාලගේ නෝ පොලී... හරි ජොලී.... සංවර්ධන බැංකුව


 

තඹුත්තේගම ගවරාලගේ

නෝ පොලී... හරි ජොලී....

සංවර්ධන බැංකුව

➖➖🔷🔷🔷➖➖➖


හොම්බෙන් ගිය රට යාන්තමින් ගොඩ දැමූ රනිල් වික්‍රමසිංහ උන්නැහේ... "උරුමය" නමින් නොමිළේ ඉඩම් ඔප්පු සින්නක්කර ලබා දෙන එකට පහර ගහන්නේ හිඟන ජෙප්පන්‍ය....


ඊට හේතුව ලෙස උන් කියන්නේ... මේවා ලබා දෙන්නේ දරිද්‍රතාවයෙන් පීඩා විඳින.... උන්ගේම පන්තියේ උන්ට නිසා... උන් ඒවා විකුණා කසිප්පු බොන නිසාය කියලාය.


එහෙත් අර්ථ සාස්තරේ අනුව නම් ඒකේ ඇති වරදක් මාතලන් නම් දකින්නේ නැතිය... ඉන් සිඳුවන්නේ කසිප්පු කාරයාගේ බිස්නස් වැඩි වී... ඒ හාදයා ඉලෝන් මස්ක් හාදයා වාගේ... ධනපතියෙක් වෙන එකය.


වරද ඇත්තේ කසිප්පු ලීගලයිස් කොට.... උන්ට කන පැලෙන බද්දක් නොගහන ආන්ඩුවේය. 


ඇත්තටම කසියා කියන්නේ ඉස්කොට්ලන්තයේ විස්කි වගේ.... ජපානේ සකේ වගේ... ජාත්‍යන්තරයට යවන්න පුලුවන් ප්‍රොඩක්ට් එකක්‍ය. ගංජා ටික වවා ගොඩ එන්න බැරි වී තටමන ගොබ්බ පාන්ඩු වලට මේවා කියා වැඩක් ඇත්තේ නැතිය.


තඹුත්තේගම ගවරාල මේ කියන්නේ අලුත් දෙයක් නෙමේය... රාජ්‍ය අනුග්‍රහයෙන් අළුත් සංවර්ධන බැංකුවක් පටන් ගන්නා බව රනිල් ව්‍යවසාකයන් පිරිසක් ඉදිරියේ පොරොන්දු වුනේ ඊයේ පෙරේදාය. ඒ සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයින් සඳහාය.


දේශපාලුවන්ගේ අනුග්‍රහයෙන් බැංකු ලෝන් අරගෙන ඒවා නොගෙවූ කෝටිපතියන් අල්ලා වැලිකඩ බත් කන්න යවනවා කියන්නේද හිඟන ජෙප්පන්‍ය...


එහෙව් ජෙප්පන්ට.... එහෙම සිස්ටම් එකක් දැනටමත් තියෙනවාය යන්න අමතක වෙලාය.


සියල්ල නොමිළේ හා සහනාධාර ලෙස ලබා දෙන බව කියා.. මඩකලපුවේදී ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතන්‍යාහුටත් පාට් දානා.... ආධාර සමුළුවක් තියා රට ගොඩ ගන්නවෝ කියා සජිත් කියද්දී.....


ත්‍රිකුණාමලයෙන්, මිනිරන් ග්‍රැෆයිට් කිරීමෙන්, රට ඉන්න උන්ගේ ඩොලර් 500 න් මෙන්ම කැන්සර් විජ්ජායග්නයෙන්ගෙන් ආර්ථිකය ගොඩ දානවෝ කියපු තඹුත්තේගම ගවරාලලා එක පාරටම සංවර්ධන බැංකුවක් ගැන කතා කරන්නට ගන්නේ.... රනිල් උන්නැහේ ඒ ගැන කීවායින් පසුවය.


මේ හෙමින් හෙමින් එලියට එමින් තිබෙන්නේ.... මේ හිඟන්නන් බලයට පැමිණි පසු දෙන්නට යන ගේම් මිස වෙන කිසිවක්ම නොවේය. ඇත්තටම උන්ට මක්කත් කියලා වැඩක් ඇත්තේ නැතිය. මුනුත් අනික් දේශපාලුවෝ වාගෙමය.

ඒ ගැන කිව්වේද තඹුත්තේගම ගවරාලමය. 


ඒ හාදයා කිව්වේ.... පාර්ලිමේන්තුවේ ඉන්නා 225 ම බූරුවෝ කියලාය. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන්නේ ඒකටය.


88/89 ත්‍රස්තවාදී භීෂණ සමයේදී... ග්‍රාමිය බැංකු, සම්පාකාර, තේ ෆැක්ටරි, ගොවි ජන සේවා මධ්‍යස්ථාන මංකොල්ල කෑ මේ චේ ගුවේරා කාරයෝ දැන් කරන්නට යන්නේ.... 


සියළු බැංකුවල තිබෙනා මුදල් ටිකට වැඩේ දෙන්නට යන එකය. මෙතෙක් බලයට පැමිණි දේශපාලුවන් වැඩේ දුන්නේ රාජ්‍ය බැංකුවලට වුවද... මුන් ආ පසු සියලු වානිජ බැංකුවලටත් අත්වන්නේ ඒ ඉරණමය.


මුන්ට ලාබය කියන දේ ඇලජික්‍ය. අරහංය. උන් රට හදන්නට යන්නේ සම්පාකාර සිස්ටම් එකටය. සියල්ලෝ හිඟන්නෝ කිරීම ඒ ඉකොනමි තියරි එකය. උදාහරණ ලෙස කියුබාව හා උතුරු කොරියාව දෙස බැලුවාම හරිය.


එහෙම නැත්නම්..... පොලී නැති බැංකු පටන් ගන්න වෙන්නේ සල්ලි අච්චු ගගලාය. ගොබ්බ ගෝටා කොරෝනා කාළේ නැටුවේ ඒ නාඩගමය. ඒකේ රිසාල්ට් එක සියල්ලෝම දැක්කේය.


 පොලියක් නොගෙන බැංකුව දුවන්නේ කොහොමද කියා අසන්නට තරම් බුද්ධියක්.... උන් පසුපස යන අම්බරු රැලට ඇත්තේ නැතිය. 


කලින් කීවාක් මෙන්.... උන්ට දොස් කියා ඇති වැඩක් නැත්තේමය. මේ ඇවිල්ලා.... ඇට අට, හඳෙන් හාල්, පේසාලේ තෙල්,මන්නාරමේ ගෑස්, මෝදර මෝය කටේ මැණික්... කතාවේ තවත් චන්ද මගඩියක්මය.


දොස් කිව යුත්තේ... අනුන්ගෙන් ඉල්ලාගෙන කන බොන සුකනා හිඟන්නෝ පිරිසක්... රට ගොඩ දමයි කියා හිතාන.... පුපෙත් ඉස්ටිකර් අලෝගෙන උන් පස්සෙ යන අම්බරු රැලටය.....


ඒ වගත් මෙසේය......


.

Jul 4, 2024

ලෙනවගේ පෙත්සම, ජනාධිපතිවරණය, අධිකරණ බලය හා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම.


ලෙනවගේ පෙත්සම, ජනාධිපතිවරණය, අධිකරණ  බලය  හා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම.

➖➖➖➖➖🔹🔹🔹➖➖➖➖➖


ජනාධිපතිවරණට දින නියම කිරීම කට ළඟ තිබියදී... "ලෙනව" නම් හාදයෙක් අධිකරණයට පෙත්සමක් ඉඳිරිපත් කරමින් කියා සිටින්නේ... ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ වසර 5 කට වරක්ද 6 කට වරක්ද කියා අධිකරණයෙන් තීන්දුවක් ලබා දෙන ලෙසත්..... එතෙක් ජනාධිපතිවරණයක් පැවැත්වීම කල් දමනා ලෙසත්‍ය.


පෙස්සම සලකා බැලීම සඳහා සඳුදාට දින නියම කොට ඇති අතර එදිනට පෙස්සම විභාග කරන්නේද... එසේ නැතහොත් කුණු කූඩයට දමන්නේද යන්න තීරණය කරණු ඇත.


මොකා මොන දේ කීවත්... බුවා ගෙන එන තර්කය ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලය... නිවැරදිය. අනික් උන් මොන බයිලා ගැහුවත්... ඒ බව තේරුම් ගත්තේ ගොම්මන්පිල උන්නැහේ ඉතරමය.


ලෙනව බුවා කියන්නේ... හිටන්ගේ කාළයේ ජනාධිපතිවරයාගේ ධූර කාළය වසර 6 සිට 5 දක්වා අඩුකර ගැන්ම නීතී විරෝධී බවය.


මන්ද ව්‍යවස්ථාවට අනුව... ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 බහුතරය පමණක් නොව ජනමතවිචාරණයක් තුලින්ද අනුමතය ලබා ගත යුතුය.


ඒ අනුව යහපාලනය විසින් කර ඇත්තේ ව්‍යවස්ථාවට අනුකූල නොවන නීතී විරෝධි ක්‍රියාවකි.


නීතියට අනුව මෙය දරුණු නීතිය උල්ලංගනය කිරීමක් වනාතර... යුක්තිය පසිඳලීමේ ප්‍රධානම ආයතනය වන ස්වාධීන අධිකරණයද මේ නීතී විරෝධී ක්‍රියාව අනුමත කරයිද නොකරයිද යන්න දෙස සියල්ලෝම බලා සිටී.


අධිකරණය මෙය ප්‍රතික්ෂේප කරන්නේ නම්..... එහි වාසිය හිමි වන්නේද පාර්ලිමේන්තුවටය. මන්ද මහාචාර්‍ය් නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා කී පරිදි....


ජනතාවට පමණක් නොව..

ජනතා නියෝජිතයින්ටද....

ව්‍යවස්ථාව උල්ලංඝනය කළ කැකිය...


එහි වැඩිම වාසිය ලැබෙන්නේ ජවිපෙටය.

මන්ද.... 

ඔවුන් බලයට පැමිණ පැය 24 ක් යාමට මත්තෙන්... පාර්ලිමේන්තුව විසුරුවා හැර කොමියුනිස්ට් රාජ්‍යය පිහිටුවා....

අධිකරණ බලයද ග්‍රාමසේවක වසම දක්වා විමධ්‍යගත කොට ජනසතු කළ හැකි බැවිනි.


ස්වස්ථි සිද්ධම්....!!!!

.

 

Jul 2, 2024

පාවෙවි එන වස බෝතල් අල්ලන්නවත් හිතන්න එපා


 

පාවෙවි එන වස බෝතල්

අල්ලන්නවත් හිතන්න එපා

➖➖➖➖➖🔹🔹🔹➖➖➖


රනිල් ලොක්කා ඊයේ පාර්ලිමේන්තුවේ කළ කතාවෙන් හා පුතානෝගේ සුපුරුදු තප්පුලෑමෙන් මතු වූ ප්‍රධාන කරුණ වූයේ ආරංචිය සුභද අසුභද යන්නය.


එයින් මාතලන්ගේ සිත වඩාත් ඇදී ගීයේ "ගෝල්ෆේස් එකටවත් යන්න බැරිව උන් පක්ෂ නායකයින්ට රටේ උතුරේ සිට දකුණට බයිලා ගසමින් යන්නට නිදහස දුන්න එක සුභද අසුභද?" .... කියලා රනිල් දාපූ කින්ඩියටය.


ඒ හැරෙන්නට... රටේ ආර්ථිකය ගැන පුතානෝ හා කයියනායක සඕදරයා කෙලින කෙප්ප වලටද උන්නැහේ උත්තර දුන්නේය.


විශේෂයෙන් මේ ඩොලර් බිලියන 100 කතාව මවපු මුදල් අමාත්‍යාංශයේ ඉන්නා ජෙප්පෝ කව්ද කියා උන්නැහේ විමර්ශනයක් කරන්නේ නම් වඩා හොඳය. එහි නිළධාරීන් වැඩි පිරිස ආන්ඩු විරෝධී ජෙප්පෝය.


ආර්ථිකය ගැන තියා පෝට් සිටියට යන කළු ගල් ගානවත් හරියට කියා ගන්න බැරි තඹුත්තේගම බවු බවුතික විජ්ජාග්නයා... සුපිරි ගල් ආඳා නිසා... නෝන්ඩි නොවී... පාර්ලිමේන්තුව මගහැර සූරියවැව ගොයියන්ට බයිලා ගසන්නට ගිය අතර... පූරූ බුතානෝ පුටුවේ ඉන්දෙන්නම රනිල්ගෙන් කන පුරෝලා අහගත්තේය.


මේ හැම එකාම දැන් පම්පෝරී ගසන්නේ.... මොන්ගල් වෙලා තිබ්බ රට නොමල් තත්වයට ගෙන ආ නිසාය. මේ පිරිසට පමණක් නොව පණ බේරාගෙන රටින් පැන ගිය කපුටන්ටද? හමුදා කෑම්ප් අස්සේ හැංගුන බේබිලාගේ තත්වයද එසේමය. උන්දැලාටත් රනිල් ලොක්කා හීන් නූලෙන්ම දුන්නේය.


අයිස් කුට්ටියේ හැපී ගිලෙන්නට ගිය ටයිටැනික් නෞකාව... ගිලෙන්නට නොදී බේරගත්තේ කැප්ටන් වික්‍රමසිංහය. දැන් නැවේ ඉන්නා පැසෙන්ජර්ස්ලාට ඒක අමතකය. උන් දැන්... අළුත් අවුරුදු කන පැලෙන්න කා... වෙසක් හා පොසොන් වලට දන්සල් වලින් කා බී ප්‍රීතී වී.... ඉස්මුරුත්තාවෙන් ඉන්න නිසා... උන්න හැටි අමතක වෙලාය.


දැන් උන්ට මූදේ පාවෙන බෝතල් දෙකක් පේන්නේය. එකක් මාලිමාවය, අනික ටැලිපෝනයය. මාලිමාවේ නම් තියෙන්නේ තනිකර කොමියුනිස්ට් වසය. ඒකේ තියෙන ඒවා බිව්වොත් විදේශ නැවකින් ඇවිත් හෝ බේරගැනිලි බොරුය. අන්තර්ජාලේ වගේ "පොහ්" ගාලා රටට අබ සරණම වෙනවාය. 


අනික් එකේ තියෙනේවා බිව්වොත් මැරෙන්න වෙන්නේ කොටස් වශයෙන්‍ය. එයා ආපූ ගමන් බදු අඩු කරන්නේය. පඩි වැඩි කරන්නේය. සියල්ල නොමිළේය. රනිල් ලොක්කා තිත්ත බෙහෙත් දී ගොඩගත් ලෙඩ්ඩු ටික මැරෙන්නේ... උන්දෑ ඉතිරි කරගත්ත ඩොලර් බිලියබ 5.5 ටත් කෙලවලාය.


මේ බව නොදන්නා වදකහ අමන ගොබසන්ලා උන්ගේ පස්සේ ගියත්... මොළය අබ මල් රේණුවක් හෝ තියෙනා උන්ට... දැන් බොන රනිල්ගේ තිත්ත බෙහෙත්... අරුන්ගේ මූදේ පාවෙන වස බෝතල් වලට වඩා ගුණදායක බව කෙමෙන් කෙමෙන් තේරුම් යමින් තිබෙන්නේය.


තිත්ත බෙහෙත් දිරවා ගන්න බැරි වී තිබෙන්නේ... මෙතෙක් කල් හොරා කෑ රාජ්‍ය සේවයේ පින් බතාලාට හා 2019 තිබූ මිළට කන්න බොන්න බලාන ඉන්නා හිඟන්නන්ටය. 


ශානී හා රවී කියන්නේ උදාහරණයන් දෙකක්‍ය. මේ කම්බා හොරුන්ගේ රැකවරණය ඇත්තේ මොනෑක් ඉම්පීරියල් එකේය. 225 ට වඩා කම්බා හොරුන් රැස් වෙන්නේ එතනටය.


හැබයි පිනට කන්නට බලා සිටිනා වදකහ ගොබ්බයන් නොදන්නේ දේ නම්... ඔය බෝතල් දෙකේම 2019 තිබූ මිළට මක්කත්ම නැති බවත්, ඇත්තේ වස මුසු කල අමු පච පානයක් බවත්මය.


බීලා බලන්න...

ආස හිතෙයි...


ඒ වගත් මෙසේය.....

.