.

.

Oct 29, 2017

මම ඒ බල්ලා මැරැවා......... (18+) - Kill That Dog...



මේ ප්‍රියාන් ඩි සිල්වාගේ තවත් කෙටි කතාවක්, මේ කතාව කියවන්න කලින්, ඒකට "මහින්ද ගුණවර්ධන" ලියපු මේ කොමෙන්ට් එක කියවලා ඉන්න...

Oct 26, 2017

විමල් වීරවංශ ජාතික වීරයෙකි - Wimal - National Hero




විමල් වීරවංශ මැතිතුමා අම්මට සිරි ලංකාවේ අති බහුතර ජනතාවගේ එකම බලාපොරොත්තුව වී ඇත.
උදේ හවා, විල මැද ගව ගාලට හෙන ඉල්ලනා උන්ට, 
ප්‍රායෝගික විසඳුමක් එතුමා විසින් යෝජනා කර ඇත. 

Oct 23, 2017

සුබ ගමන්, මිස්ටර් සැම්සන් - Good Bye Mr. Samson




මිස්ටර් සැම්සන් රතු, හීන්දෑරි, සාමාන්‍ය ශරීරයකින් හෙබි කෙනෙකු උනේය. කොන්ඩය ක්‍රීම් ගා පසු පසට පීරූ ඔහු ඇන්දේ, කළු කලිසම හා අත් දිග සුදු ෂර්ට් එකය. ෂර්ට් එකේ අත ඉතා මහතට වැලමිටෙන් උඩට නමා තිබුනේය. හන්දියට සෙරෙප්පු දෙකක් දමාගෙන ගියද, ඉන් එහා ගමනක් නම් සපත්තු දෙක අනිවාර්ය විය. මඟුල් ගෙවල් සඳහා යන විට, තද රතු පාට හෝ මෙරූන් පාට ටයි පට පමණක්ම ඇන්දේය. ඔහු උපන් උණවටුනේ අයට හා නෑදෑයින් අතරේ ඔහු නෝටන් අයියා විය. ගමේ යාළුවන්ට නෝටයා විය. බොහෝ කාළයක් ජීවත් වූ කැළණිය තොරණ හංදිය පැත්තේ අයට ඔහු මිස්ටර් සැම්සන් හෝ සැම්සන් මහත්තයා විය. 

Oct 14, 2017

ඈ මගේ වියපත් සඳ හා ප්‍රියාන් ද සිල්වා - Couger & Priyan De Silva




ප්‍රියාන් ද සිල්වා, "ද සිල්වලා" ඉන්නේ කොහෙද? ඔව්, ඌත් අම්බලන්ගොඩ. මාතලන්ගේ බුකි හිතවතෙක්. මාතලන් ඌට පෙම් බඳින්නේ උගේ "මයික්‍රෝ කෙටි කතා" නිසා. ඒවා මාරයි. හේතුව ඒවා සාම්ප්‍රදායික නෑ. මෙහෙම උන් තමයි ලෝකය අලුත් කරන්නේ. ලෝකය ලස්සන කරන්නේ. ඌ දැන හෝ නොදැන මයික්‍රො සන්නිවේදන මාද්දියකට, ගේනවා මයික්‍රෝ කෙටි කතා.

Oct 5, 2017

ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මාරාන්තික විය හැක - Direct Democracy can be Deadly




"ලෑන්ඩ් ඔෆ් ෆ්‍රී" හෙවත් ප්‍රජාතන්ත්‍රවාදි නිදහසෙ මහ ගෙදර, "ලස් වේගාස්" වල උන්, "ස්ටීවන් පැඩොක්" අයියා, ඇමරිකාවේ සුපිරි නිදහසෙන් පට්ට ආතල් එකක් අරගෙන නිවන් ගියේය. තනියෙන්ම නිවන් යන්න තරම් උන්නැහේ ආත්මාර්තකාමියෙක් උනේත් නැතිය, ඇමරිකන් "කන්ට්‍රි මියුසික් ෆෑන්සාලා" 58 දෙනෙකුටත් නිවන් අත් කර දුන් අතර, තවත් පන්සීයක් පමණ, රහත්, අරහත්, සකෘදාගාමී, අනාගාමී තත්වයටද පත් කලේය. එයා නිවන් ගියාදැයි නිවන් දැක්කුවාදැයි තාමාත් හරියට කියන්න බැරි උනාට, පොර ට්‍රයි එක දීලා තියෙන්නේ නම් අනෙක් අය නිවන් යවා, පොර තව ටික කලෙකින් නිවන් යන්නට බවත් දැන් දැන් කියවෙන්නේය. 

Sep 27, 2017

ඉරාජ්, විකී, රොහින්යා හා ලිබරල් වමක අවශ්‍යතාවය - Iraj, Vicky, Rohingya & place for left wing liberal




විකි අළුත් කසාදයක් බැන්දම, විකීව මරාගෙන කන්න ගියපු උන් දැන් ඉරාජ් මරාගෙන කන්න යනවා. ඉරාජ් කරලා තියෙන්නේ, අර කලින් විකීව මරාගෙන කන්න ගියපු උන් කියපු කතාව ටිකක් පරක්කු වෙලා කියන එක. කොහොමත් පරණ ඒවා අමුවෙන් ගැහුවාම ටිකක් තදින් වදිනවා. ඒ වගේම සෙමත් ඇවිස්සෙනවා. ගල් හැහුවට එහෙම අවුලක් නෑ. මම කිව්වේ අරක්කු ගැන. ඉතින් පරක්කු වෙලා අරක්කු වගේ වදින දෙයක් ගැහුවාම සමහර උන් හරක්කු වගේ කුලප්පු වෙනවා. අරක්කු ගඳයි කියලා සමහර උන් කියනවා නේ. ඒ බීපූ නැති උන්. බොන එකාට අරක්කු රහයි. ආයේත් කියනවා. මම මේ කිව්වේ අරක්කු ගැන.

Sep 15, 2017

ජනාධිපති තාත්තා - My President Father



බෝලයක් බස්සා වාහනෙට දාගත්තු අරුන්දිකයාට මඩු වල්ගෙන් නෙලන්න පටන් ගත්ත ගමන්, අරුන්දිකයා ඇහුවේ, මේකද ඔබ තුමාගේ ප්‍රජාත්තන්තරවාදේ කියලාය. මේ යකෝ මගේ ප්‍රජාතන්තර වාදයක් නෙමෙයි මේ තමයි චන්ද්‍රිකා මැඩම්ගේ ප්‍රජාතන්තරවාදේ කියා කියපු ජනාධිපති තුමා කිව්වේ, කෝටී 25 ක්ම නැතිව ගාන ගැන කතා කරගන්න තිබ්බ වෙලාවේ, තමුසේ මැඩම් එක්ක හැප්පෙන්න ගියානේ දැන් ඉතින් මගේ ප්‍රජාතන්තරවාදෙන වැඩක් නෑ, තමුසේ වෙන මොකක් හෝ කර ගන්නවා හිටන් කියාය. කෝටි 25 ක් දුන්නා නම් මේ කිසි අවුලක් වෙන්නේ නෑ නේ සෑර් කියාපු අරුන්දිකයාට ජනාධිපති තුමා කිව්වේ, තමුසෙ මේ මඟුලක් කතා කරනවා, පේනවනේ ගණු දෙණු කරන්න ගිහිල්ලා රනිල්ලා නාන නෑම, ඕවා කරන්න ගිහින් අන්තීමට, අගමැති කොමිසමක් දාලා තමයි වැඩේ නවතින්නේ කියලාය.

Sep 11, 2017

ෆොන්සේකා මරාගෙන කන දේශපාලන වසලයෝ - Let's make BBQ from Fonseka




ගේම පටන් ගත්තේ අමු පාවාදීමකින්ය. එකෙකුටවත් ඒකේ වගක් අත්තේ නැතිය. ලතින් ඇමරිකානු රටවල් කීපයක තානාපතිකන් දැරූ ජගත් ජයසූරිය, එහෙන් පැනලා ආවායින් පස්සේ පොර විරුද්ධව නඩුවක් වැටෙන්නේය. ආන්ඩුව මුලින්ම සොයා බැලිය යුත්තේ. මේ මහා රණවිරුවා එහෙන් පැන ඒමත්, උන්නැහේට නඩු වැටීමත් එකට සිඳුවන්නේ කේසෙදෝ කියාය. එල් ටී ටී යට සල්ලි දුන්න මහින්දලාට, කරුණා අම්මාන්ලා, පිල්ලෙයාන්ලා, කේ පීලා, තමන් මරන්න ආ ජොන්ස්ටන්ලා ළඟ තියාගෙන ඉන්නා මහින්දලාට, ඕවා සිම්පල් ගේම්ය.

Sep 10, 2017

ලලිත් හා අනූෂ හා උගෙ අම්මාගේ නීතිය - Pray for Real Justice





දෙන්නගේ සිල් රෙදි කේස් එක ගැන මක්කත්ම ලියන්න නැත්තේ ඇයි කියලා බෝ දෙනෙක් අහනවාය. බුකියේ කෙටි සටහනක් තබා මා කියූවේ, මේ තීන්දුව පිළිබඳව මෙන්ම, මේ දෙදෙනා ගැනද මාතලන් අවංකවම කනගාටු වෙනවා කියලාය. මා මේ ප්‍රශ්ණය දෙස බලන්නේ ලලිත් හා අනූෂගේ සපත්තුවට බැහැලාය. 

සාහිත්ත මාසෙට පොත් - Book Fair 2017




මාතලන් වන මා විසින් ආරම්බ කරණ ළද "සාහිත්ත මාසෙට පොත්" දැන් නැගලා යන ටොපික් එකක්ය. සතුට නම්, බොහෝ නිර්මාණ, මාතල්න්ටත් වඩා ඉදිරියෙන් ඉන්නා එකය. සාහිත්ත මාසයටත් පෙර සමහරෙක් ඒවා ඉදිරිපත් කර තිබිනි. බන්ඩාරණායක සම්මන්ත්‍රණ සාලාවේ පැවැත්වෙන පුක් ප්‍රදර්ශණයේදී මේ පොත් මිළ දී ගැනීමට අමතක නොකරන්න..

Aug 31, 2017

ඇගේ ගර්භාෂය ඔබේ නොවේ ! - by Dr. Bodhini Samaratunga






වෛද්‍ය බෝධිනී සමරතුංග

මගේ ජීවිතේ මම කම්පනයට පත් වෙච්ච මොහොතවල් බොහෝ ය.
ඒ උනත් මට අමතක කරන්න බැරි කතා ගොඩක් නැවත සිහියට නැගුනේ මේ දිනවල කරලියට නැගුණු ගබ්සාව නීතිගත කරන යෝජනා සමග ය.

අවුරුදු 12 දැරියක් අපේ මාතෘ සායන වලට ගෙන ආවේ කොන්වන්ට් එකේ සිස්ටර් කෙනෙක්.

එදින ඇය ගෙන ආ ඒ දැරිවියගේ මුහුණේ තිබුනේ අතිශය වේදනාබර හැඟීමක්. මා දැනගත් පරිදි , ඇගේ මව පියා දෙදෙනාම නැතිව ඇය ආච්චී සමග විසූ අතර බඩු ගෙන එන්න කඩයට ගිය විට එම මුදලාලි විසින් ඇයට අතවර කර තිබුනා, පසුව ලැබෙන තෑගි බෝග නිසා ඇය කිහිප වරක් මෙලෙස අපයෝජනය වී තිබුනා. හරි හමන් ඉස්කෝල අධ්‍යාපනයක් නොලැබුණු මේ දරුවන් යන්තම් ඉස්කෝලේ යන්න පටන් ගන්න කාලය(යුද්ධය ඉවර නිසා) මේ වන විට එළඹ තිබුනා. නමුත් ඇයගේ බඩ ලොකු වෙන්න ගත් නිසා ආච්චි සමග රෝහලට ආපු ගමනේ දී ඇය දැනගත්තේ පිරිමියෙකු අරම කළහම මෙහෙම දේවල් වෙන්න පුළුවන් බව. එතකොට ඇයට මේ සංහදිය කළ වැඩිහිටි පිරිමියා ? ඔහු මෙහෙම වෙන බව නොදැන සිටියා වෙන්න බෑ.

Aug 26, 2017

කාවඩි බයිලා - New Version





නිහාල් නෙල්සන්ගේ, "කාවඩි බයිලා" තාලයට බැති සිතින් ගයා වයා සැනසෙන්න..

නා...තින් පඬුරු නතින්, සල්ලි ජල්ලි නටමු ඉතින්,
කපුවෝ ටික පේලිය සැදිලා....
දා...ලා නාග සලම්, සරමත් කරට අරන්,
ඕකගේ අම්මට කියලා.....
දෝතින් පොල්ල අරන්, පිස්තෝලේ ඉනේ ගහන්,
කතරගමේ දෙවිඳුට වැදලා..
මල්ලි.., පෝලින් ගැහිලා වරෙන්, යතුර ගන්න ගේම දියන්
බස්නායක නිළමෙට නෙලලා

පච්ච පාට මොණර කොලේ පඬුරු තියාලා
පුදන්න එන ගොබ්බ හරක් එලියට දමලා
හතර වටේ ගේට්ටුවල ඉබ්බො දමාලා
ඉතින් දෝශභංග වෙන්න නෙලමු යතුර සොයාලා

නා...තින් පඬුරු නතින්, සල්ලි ජල්ලි නටමු ඉතින්,
කපුවෝ ටික පේලිය සැදිලා....
දා...ලා නාග සලම්, සරමත් කරට අරන්,
ඕකගේ අම්මට කියලා.....
දෝතින් පොල්ල අරන්, පිස්තෝලේ ඉනේ ගහන්,
කතරගමේ දෙවිඳුට වැන්දලා..
මල්ලි.., පෝලින් ගැහිලා වරෙන්, යතුර ගන්න ගේම දියන්
බස්නායක නිළමෙට නෙලලා

කතරගමේ පුද වරුනේ උඹට කියාලා
මම හතර පදෙන් ගොතන්නේ මේ කාවඩි බයිලා
හතර වටින් ඇවිල්ලා පින් පඬුරු දමාලා
කපුවෝ, නිළමේ ගොඩ දාපිය මෝඩයෝ වීලා

නා...තින් පඬුරු නතින්, සල්ලි ජල්ලි නටමු ඉතින්,
කපුවෝ ටික පේලිය සැදිලා....
දා...ලා නාග සලම්, සරමත් කරට අරන්,
ඕකගේ අම්මට කියලා.....
දෝතින් පොල්ල අරන්, පිස්තෝලේ ඉනේ ගහන්,
කතරගමේ දෙවිඳුට වැන්දලා..
මල්ලි.., පෝලින් ගැහිලා වරෙන්, යතුර ගන්න ගේම දියන්

බස්නායක නිළමෙට නෙලලා...

Aug 23, 2017

අළුත්කඩේ ඩීල් මාළු කඩෙන් කෙලවර වීම - Deal or No Deal


Cartoon by Susil (Web Buwa)

සම හරක්ට පින ඵල දෙන්නේ නිකං ස්වීප් ටිකට ඇදෙනවා වාගේය. සිරිසේන උන්නැහේට මෙන්ම ඩීල්දාසට ලැබුනේ එහෙම පිනා චෑන්ස් එකක්ය. බඹරේ වැල්ලේ ගැහුවත් කැරකෙන කාළ එනවා වාගෙම, කලාවට වැඩේ කලේ නැත්නම් ඊට පස්සෙ ඔළුව කැරකෙන්න පටන් ගන්නවාය. ඩීල්දාස උන්නැහේට ලැබුනේ ඒ දෙකටම වඩා ඉබ්බා දියේ දැම්මා වාගේ චෑන්ස් එකක්ය. තනිකර ඩීල් ගේම් යන ආයතනයකට ඩීල් කාරයෙක්ම දැම්මා කියන්නේ ඉතින් ඒ යකා සංසාරයටම ගොඩ යන කේස් එකක්ය.