හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Feb 27, 2023
එයා දැන් බැඳලා නැගලාම ගියේ ඇයි?
තියන්න චන්දයක් නෑ
Feb 24, 2023
දමිතා එක්ක වම්මුන්ට මල පැන්නේ ඇයි?
දමිතා එක්ක වම්මුන්ට
මල පැන්නේ ඇයි?
➖➖➖➖➖🔴➖
සරළවම කියනවා නම්, වම්මුන්ට උපතෙන්ම ලැබෙන මිලේච්ඡත්වය කුහකත්වය හා අධිකාරීවාදී මානසිකත්වය නිසාමය. වම්මු කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිලිගන්නා මිනිස්සු නොවේය. උන්ට ප්‍රජාතන්ත්‍රවාදය අරහංය. ඔය රනිල්ට මහින්දට හිට්ලර් කිව්වට, මුන් ඔක්කෝම හිට්ලර්ලාය.
එයාලාගෙ ප්‍රේමය පවතින්නේ විප්ලවය එක්කය. විප්ලවය කියන්නේ බ්ලඩ්ය. බ්ලඩ් රතු පාටය. එයාලා ඒ පාටට මාර ආසය. බුකියේ ඉන්න නිකන් දෙකයි පනහෙ පුස් කේක් කෑලිත්, බලාගෙන හිටහන් තොපිට වෙන දේ කියාලා අපිට විප්ලවීය තර්ජනය එල්ල කරන්නේ, ඒ නිසාමය. අපි නම් ඔය සිප්පි කෑලී පුපෙන් හැලෙන මයිල් ගස් තරම් වත් ගනන් ගන්නේ නෑය.
දැන් අපි දමිතගෙ කේස්සෙකට එමුය. දමිතා කියන්නේ විප්ලවය බොක්කෙන්ම කරපු නිලියක්ය. ඔය කන්නලා, කුරුස අප්පුහාමිලා, අජිත් තිලකසිරිලා, සමනලීලා, දූලීකලා, නන්දා මාලනිලා, සංගීතලා, දිල්හානිලා, අරගලේට ඇවිත්, හොට දාලා, පොටෝ අල්ලලා, වොයිස් කට් දීලා ගියාට, අරගලේ හැමදාම හිටියේ දමිතා අබේරත්නය.
දමිතා, අරගලයේ "යකඩ ගැහැනිය" ලෙස බෞතීස්ම කර, විහාර මහා දේවිය" ලෙස වන්දනාමාන කලෝ ඔය වම්මුන්මය. මේ වම්මූ ඔක්කෝම අර Mahesh Hapugoda සඕදරයා කියන්නැහේ දමිතගෙ රොමෑන්තික ප්‍රේමවන්තයින් වෙනවාය. ඒයා අරගලයේ පණය. බබාය, වස්තුවය, රන්කඳය. ඉතින් එයාලාගේ විප්ලවීය මනෝ ලෝකයේ කූඩාරම් තුල, දමිතා හා සෙස් පවා කරනවාය. ඒවායේ යට ලී නැති නිසා, දමිතා පූදින්නේ යකඩ කූරෙන්ය.
එයා කළේ රංඟනයක් කියා කෙනෙක් කියන්නට පුළුවනිය. සැබෑය. හැබයි එය ප්‍රබුද්ධ රංඟනයක්මය. එයා ඒ චරිතයට සාධාරණයක් උපරිමයෙන්ම කලාය. චරිතයේ ජීවත් වුනාය. හරියට ... එයා දැන් බැඳලා එකේ සුද්දී වගේමය. අවසානයේ කල්දේරම් බතේ රසත් බලුවාය. අනික් උන් මාරු උනේය. (දමිතගෙ අරගල රංඟනය කොමඩියක් කියලා අපි නම් ඒ කාළෙත් ලිව්වාය. කොහොමත් ලංකාවේ පොලිටික්ස් කියන්නෙම පට්ට කොමඩියක්මය.)
දැන් ඔය මල පැනලා අඬන කන්නලා හා මහා පොරවල්, රියල් ගේමෙදි දිරාමාරු වෙලා, ඊට පස්සෙ වොයිස් කට් දෙන්න, මයික් ටයිසන්ලා වෙලා ආවට, එයා වැලිගම්පිටි යන්න බලාගෙනම ගේමේ හිටියාය. විප්ලව කියන්නේ මේ අතේ ෆ්‍රැක්චර් එකක් වුනාම ඒක පෙන්න පෙන්න අඬන එක නෙමෙයිය.
විප්ලවයට එන්න ඕනා... චේලා .... විජේවීරලා... ප්‍රභාලා... වගේ බාබෙකිව් වෙන්න, වෙඩි කන්න, වැලිගම්පිටි යන්න බලාගෙනය. එය අඬන තරඟයක් නෙමේය. ඩූ ඕ ඩයි ගේමක්‍ය. ගියොත් ගියාය. බේරුනොත්, කරුණා අම්මාන්, පිල්ලෙයාන්, විමල්, ටින් ටින්, අනුර, විජිත වාගේ ගොඩේ ගොඩය.
පොඩ්ඩක් ඌව්වා උනාම ඔච්චර අඬනවා නම්, මෙයාලා වැලිගම්පිටි යවපු අමරකීර්තී අතුකෝරාල කොහොම වේදනාවක් විඳින්න ඇතිද කියා මතක් වෙන්නේ නම්, බොහෝම හොඳය. අපරාදේ කියන්නේ, දමිතා මේ මිලේච්ඡ ක්‍රියා පසුපස උන්නේත් නැතිය.
අරගලයේ ජයග්‍රහණයෙන් පස්සේ ඉන් ඉවත්ව, නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ යන්නට තරම් දේශපාලන දැණීමක් හා බුද්ධියක් දමිතාට තිබුනාට, ඒ මොළය වමේ කුර හා අං සහිත ජීවින්ට අදත් ඇත්තේ නැතිය. උන් ඉන්නේ අරගලයෙන් ගිනිකන වැටිලාය. මේ ඉන්නේ ඝෝඨා නොව රනිල් බව වැටහෙන විට. බොහෝ දේ සිඳු වී තිබෙන්නට පුලුවනිය.
දමිතා සජබය හා එක්වූයේ, බොහෝ කළෙකට පෙරය. ඒ ප්‍රසිද්ධියේමය. එදා නොතිබූ අවුලක් මෙදා ඇති වූයේ කෙසේද? ඒ... දමිතා පොලොන්නරුවේ කළ කතාව නිසාය. මල හොඳ එකෙන්ම පනින්නේ, දමිතා කිව්වේ සහතික ඇත්ත නිසාය.
ඇය කිව්වේ රණසිංහ ප්‍රේමදාස නොසිටින්නට 88/89 මේ රට සෝමාලියාවක් වෙන බවය. ඇත්තටම ඒ ක්‍රෙඩිට් එක යන්න ඕනා රන්ජන් විජේරත්න වෙතය. මේ වම්මුන්ගේ මිලේච්ඡත්වයට එල්ල කළ ප්‍රහාරයත් සමඟම, තමන්ගේ පෙම්වතිය වූ දමිතා එක මොහොතින් ද්‍රෝහියෙක් වුනේය.
පෝස්ට් පුරා, කොමෙන්ට්ස් පුරා, බුකිය හරහා දෝරේ ගලන්නේ, ඒ මිලේච්ඡත්වයමය. එය කෙතරම් දරුණුද යත්, කැම්පස් එකා සිය පෙම්වතිය වැලිගම්පිටි ඇරියේ, ඇස් වසා, සප්‍රයිස් කරමින් වුවත්, මුන් දමිතා වැලිගම්පිටි යවන්නේ අමරකීර්තී අතුකෝරාල යැවූ විදියටමය.
කිසිවකුත් කිසි සේත් පුදුම විය යුත්තේ නැතිය. ඒ වම්මුය. 88/89 හෝ 22/23 කියා උන්ට වෙනසක් ඇත්තේ නැතිය. උන් සැමදා මිලේච්ඡයින්මය.
දමිතා මල්ල ලිහුවේය
වම්මුන්ගේ ෆැන්ටසි වල්ල බිම වැටුනේය....
ඒ වගත් මෙසේය.
.
Feb 20, 2023
බල්තසාර් සඕදරීගේ පරණ කෝට්, අල්පේච්චතාවය හා රෝයල් පාක් ෆැන්ටසිය
බල්තසාර් සඕදරීගේ පරණ කෝට්,
අල්පේච්චතාවය හා
රෝයල් පාක් ෆැන්ටසිය
➖➖➖➖➖➖➖➖🔴
ජනපතිවරණය හැර අනෙක් සෑම ඡන්දයකදීම මගේ චන්දය මා ලබා දෙන්නේ ජවිපෙට බව, මාතලන් සයිබරයට පැමිණි මුල් කාලයේ සිට දන්නා වුන් හා මා පෞද්ගලිකව දන්නා වුන් දන්නවාය. ඒ ..., උන්ද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුල අනිවාර්‍යයෙන් සිටිය යුතුයැයි මා විශ්වාස කරනා හේතුවෙන් හා විවිධ හේතූන් මත මා ආදරය කරනා උන්ද එහි සිටිනා නිසාමය.
එය එසේයැයි කියා, කිසිවකු හෝ මගේ මතයට අනුව කරනා අමණ මොරිමාඩ වැඩ විවේචනය නොකර සිටිමේ පුරුද්දක් මෙන්ම, ඒවා දේශපාලයේ ඇති උපහාසය සෝපාහසය තුල විවේචනය කිරීමද මගේ සිරිතය. ඊට කඩේ යන නොයන කියා අදාල නොවන්නේමය.
මාතලන්ට මතක කාළයේ සිට, චන්ද සමයක් කියන්නේ මාතලන්ට ආතල්ම කාළයක් වන්නේය. පොලිටික්කෝ ඔය තරම් කෙප්ප කෙලිනා කාළයක් තවත් ඇත්තේ නැතිය. ඉස්ටේජ් වල අමු කෙප්ප පලන්නේ තරඟයටය. හරියට වාද බයිලා තරඟ වගේය.
මේ නිර්මාණාත්මක කෙප්ප කෙලීමේ කතා අඩංගු කර පොතක් ගැහුවා නම්, ජේ කී රෝව්ලින්ග්ස් නෝනාට දුවන්න වෙන්නේ හැරි පොටර් කරේ තියාගෙනය.
මට මතක කාලයේ සිට පේසාලෙන් තෙල් එනවාය. දැන් අලුත් සියවසේ ඊට අලුත් මුහුණුවරක් එක් කොට තිබෙනවාය. දැන් තෙල් එන්නේ පුත්තලම් යෝනියෙනි.
කොච්චර එනවාද කියනවා නම්, රටේ විදෙස් ණයත් ගෙවා චීනෙට ජපානෙට දෙන්න පුලුවන් සයිස්සෙකක් තියෙනවාය කියපු එකාගේම කාලයේ තෙල් පෝලිම් වල මිනිස්සු වැලිගම්පිටිද ගියේය.
හදෙන් හාල්, ඇට අට, ධනවාදෙට මානුෂික මුහුණුවර, දින 100 ගොඩයෑම, යාපාලනේ මෙන්ම සිතිජයෙන් එහා සවු භාගේ තවත් ආතල් දුන් ඒවාය.
මෙවන් ආතල් දෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාෂණවලින්ම විතරක් නෙවේ, ව්‍යවස්ථාවෙන් දෙන ඒවාත් තියෙනවාය. සැමට සමාන නීතිය වගේම, තර්ටීන්, තර්ටීන් ප්ලස් හා බලය විමධ්‍යගත කිරීම එවැනි ඒවාය.
දැන් ජෙප්පො ඇදගෙන නාන්නේ එවන් ප්‍රතිපත්ති ප්‍රකාෂණයක් නිසාය. ඉස්සර කෙප්ප කෙලියේ ඉස්ටේජ් වල හා මුද්‍රණයෙන් එන කොල කෑලී වල උනත්, දැන් ඒවා අන්තර්ජාලයෙනුත් එනවාය. පරණ ඒවා අප්ඩේට් කරේ නැත්නම් හත් පොලේම ගාගන්න වෙනවාය.
මෙවන් කෙප්ප ඇද අරින්න උපන් හපන්නු ජෙප්පෝය. එයාලා අඳින පලදින දේ ගැන ඇති කෙප්ප දැන් මුලු රටේම ජෝක් වී අවසානය. හැබයි මක්කා කිව්වත් නායකයෝ බ්‍රෑන්ඩඩ් ඒවා ඇඳීම පට්ට ධනවාදිය. මන්ද උන් ඒවා පිනාට ඇන්දත්, ඒවා ඩේසී ආච්ච්ගේ මැණික් මල්ලෙන් ලැබුන ඒවා නොව, තෑගි දෙන ආර්ථිකයට ෆුල් බැකප් එකක් දෙන බදු ගෙවන සාර්ථක ව්‍යවසායකයෝ වෙන දයාසාන්තලාට අයත් දේ වීමය.
එහෙත් බල්තසාර් සහෝදරියගේ කෙප්පය එවන් ධනවාදී කෙප්පයක් නොව, අසරණ සරණ, සරණාගත එකක් වීම මෙහි ඇති අභාග්‍යයය. මෙවන් අනුකම්පා කෙප්පයක් චන්ද්‍රිකාද ඇද බෑවේය. ඒ එයා ලන්ඩන් ඉන්නා කාළයේ දරුවෝ ඇන්දේ හිතවතුන් දුන් ඇඳුම් කියලාය.
පරණ කෝට් හා බේල් අඳුම් ලංකාව වැනි බංකොලොත් රටකට අලුත් දෙයක් නොවේ. අපි පොඩි කාළයේ පරණ කෝට් කාරයෝ නඟරයේ මෙන්ම ගමේද ඕනෑ තරම් උන්නේය. එය සමාජය සමඟ කෙතරම් බැඳී තිබුනේද යත්, ප්‍රේමකීර්තී ද අල්විස් ලියා ප්‍රෙඩී සිල්වා ගායනා කළ පරණ කෝට් කියා අතිශයින් ජනප්‍රිය ගීතයක්ද තිබුනේය. අදද නුවරඑළියේ මෙන්ම කඳුකරයේ සෑම නඟරයකම පාහේ බේල් ඇඳුම් කඩ ඕනෑ තරම් තියෙනවාය. කරුමය කියන්නේ මේවා ඇන්ජීඕ කාරයන්ට නොමිළේ ලැබෙනා ඒවා වීමය.
ආර්ථිකයේ මර්මස්ථානය වෙන කොළඹ නඟරයට අවශ්‍ය වන්නේ, මෙවන් මානසිකත්වයක සිටිනා බල්තසාර් සහෝදරී වගේ කෙනෙක් නොව, කෝට්ටේ නඟරාධීපති අපේක්ෂක චතුරංග අබේසිංහ වැනි රෝයල් පාක් මානසිකත්වයක ඉන්නා බඩුවක්‍ය.
රාජගිරියේ උන්නත් බණ්ඩාරනායකපුර වතු ජනතාව දැකලා නොතිබූ උන්නැහේ දැන් ඉන්නේ ඉන් කම්පිත වෙලාය. මේ ජනතාව වෙනුවෙන් මක්කා හෝ කළ යුතුයැයි කියා උන්නැහේට පිළිබඳ සිතක් පහලවීම ඇත්තටම සතුටට කරුණක්‍මය.
එය....., මීට පෙර වැඩසටහනක් තුල නරඹන්නෙක් බල්තසාර් සහෝදරියගෙන් ඔබ නඟරාධීපතිනිය ලෙස පත් වුවහොත් වතු ජනතාව වෙනුවෙන් කරනා දේ තුනක් කියන්නැයි කී වීට පාරේ කාණු කපන වඳුරු කුණුහබ්බ කෙලියාට වඩා ජජබෙටත්, ජවිපෙටත් වාසි දායකය.
රටේ කරුමෙට ධනවාදී යැයි කියනා පක්ෂ වලින් ආපු උන් මෙන්ම ඉන්න එකාද වෙන්ට ජනපතිලාද ඉන්නේ ජනතාවට බිලී පිත්තක් දෙනවා වෙනුවට, මාළුවෙක් දෙන ආර්ථික ප්‍රතිපත්තියේය.
උන්ගේ විශේෂත්වය වන්නේ, උන් මාළුවා විතරක් නොදී, මාළූ ඉල්ලන එකගේ ටේස්ට් එක අනුව පිලියෙල කොට, පිඟානටත් බෙදලා දෙන එකය.
ඒ වගත් මෙසේයෑ.......
රටට සම්මා ජනරජ සරණය...
.
Feb 18, 2023
බැසිලොමික්ස් ගැන දුන් චරිත සහතිකය හා FUTA හී රෙදි ගැලවීම
බැසිලොමික්ස් ගැන දුන්
චරිත සහතිකය හා
FUTA හී රෙදි ගැලවීම
➖➖➖➖➖➖➖🔴
දීප්ති කුමාර ගුණරත්න හා Lakshika Rathnayake ITN නාලිකාවේ කරන පත්තරෙන් එහා දේශපාලනයට ආදරය කරන ඕන එකෙක් බලන්න ඕනෙයි කියලා මම හිතනවා.
අද විශේෂ ආරාධිතයා විදියට ආවේ චරිත හේරත්, එහිදි දීප්ති උත්සාහ කරනවා බැසිල් වැඩ්ඩෙක් හෝ දැක්මක් දර්ශනයක් ඇති කෙනෙක් නොවන බව චරිතගෙන් එලියට ගන්න. නමුත් වෙන්නේ වෙන දෙයක්.
චරිත මෙතනදි පැහැදිලි කරනවා උගත් හැම එකාටම විසඳගන්න බැරි වුන සොලියුෂන් එකක් නොතිබුන විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ වැටුප් ප්‍රශ්ණය විසඳුවේ බැසිල් බව. මේකට බැසිල් චරිතගෙ හා ධම්ම දිසානයකගේ අදහස් හා සහාය ගත් බවත් එතනදි කියනවා.
එතනදි තමයි අද ටැක්ස් කැපනවා කියලා පාරට බහින විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ හෙළුව එලියට එන්නේ. සමහර විට සමහරක් ආචාර්‍ය මහාචාර්‍යවරුත් මේක නොදන්නවා ඇති.
මේ වැටුප් වැඩි කිරිල්ලෙදි බේසික් එක වැඩි කරොත් අනෙක් වෘත්තීන්වල වැටුප් තලයන් එක්ක ගැටළුවක් මතු වන නිසා මොවුන්ට අති විශාල වැටුප් වැඩිවීමක් ලැබෙන්නේ පරීක්ෂණ දීමනාවක් ලෙස. එතනදි බැසිල් කියනවා පරීක්ෂණ සමීක්ෂණ වෙනවද කියලා හොයලා බලන එක මගේ වැඩක් නෙමේ, ඒක කැම්පස් වල වැඩක් කියලා.
ඒත් මුන් ඒ කිසිවක් නොකර හැම මාසෙම ලක්ෂ ගානක් පිනටම ගන්නවා..
එතන තවත් කතාවක් එලියට එනවා. එනම් කැම්පස් සඳහා වෙන් කරන මුදල වසර මුලදිම ලබාදීමට කරන යෝජනාව. මේක ඔක්කෝම කැම්පස් ප්‍රතික්ෂේප කරනවා.
ඒ කියන්නේ මුන් පිලිගන්නවා මේවයෙත් ඉන්නේ දූෂිත කම්බා හොරු කියන එක හා ඒ මුදල කළමනාකරණය කර ගැනීමට ඔවුන්‍ට නොහැකි බව.
මෙහෙව් කම්බා හොරු හා වංචනිකයෝ තමයි තමුන් උගත් බුද්ධිමත් පිරිසක්‍ය බදු ගැහුවොත් රට යනවය කියන්නේ... තොපි වගේ උන් මේ රටෙන් චුත වෙන එකම තමා මේ රටට කරන්න පුලුවන් ලොකුම සේවය.
අනික් කාරනේ නම් බැසිල්ගේ පලු අරින උක්තේ සංවිධානේ විමල් හා වාසුගේ රෙදි ගැලවීම ඒ පිලේම ඉන්න චරිත විසින් සිඳු කිරීම..😁
මේ රට ගොඩගන්න පුලුවන් එකම ආර්ථික විසඳුම බැසිලොමික්ස්ම විතරමයි යන්න මාතලන්ගේ මතයයි.
⭕ කැම්පස් යන උන් මේ වැඩ සටහන අනිවාර්‍යයෙන් බලන්න. ඔයාලට මාර ලැජ්ජා හිතෙයි.
.
Feb 16, 2023
තරුණ පරපුර වැරදි නැත. (රෝන්ග් ජැනරේසොන්ලාගේ පර්ෆෝමන්ස් ආර්ට් බයි මෝ බයික් හෙල්මට්ස්)
Feb 15, 2023
චන්දය කල් යයිද? (උඹලා අගමැති රනිල් දැකලා තිබ්බට ජනපති රනිල් දැකලා තිබුනේ නෑ නේද?)
Feb 6, 2023
පශ්චාත් අරගල ෆැන්ටසිය,
Feb 2, 2023
13+ රිදී බන්දේසියක තබා පිලිගැන්විය යුතුමය.
13+ රිදී බන්දේසියක තබා
පිලිගැන්විය යුතුමය.
➖➖➖➖➖➖➖🔴
ඊයේ හරිනි අමරසූරිය මේක දෙන්න ඕන කිව්වාම මම පෝස්ට් එකක් දැම්මේ හේතූ කීපයක් උඩ..
⭕ 88/89 පලා බබා අපට එපා කියලා ඉන්දීය විරෝධයකුත් සමඟ මුලු රටම ගිනි තිබ්බේ ජෙප්පෝ.. (දේශහිතයිශී කොල්ලෝ කෙල්ලෝ 60,000 ක් ඒ වෙනුවෙන් ජීවිත පූජා කරනවා)
⭕ රනිල් ප්‍රභා එක්ක හැමිනෙන්නයි යන්නෙ කියලා මහින්දට බැක් කරලා මහින්ද බලේට ගේන්නෙත් ජෙප්පෝ..
⭕ එතකොට මැදමුලන මයිනා, යුද්දේ නිකං කිරි හොද්ද වගේ අත ගගා ඉඳිද්දී, බව්වෙක් නාවන්න ගෙනියනවා වගේ ඇදගෙන ගිහින් යුද්දේ ඉවර කලේ ජෙප්පෝ... (ඇත්තද දන්නේ නෑ.. එහෙම කියනවා)
⭕ ඊළඟට යුද්දේ ඉවර කරන්න ඔය සුළු අවිවලින් බෑ ඕයි, කෙලිනවා හෙවි වෙපන් හෙවත් බර අවි වලින් කියලා යුධ උපදෙස් දුන්නේ ජෙප්පෝ.. (ෆොන්සේකා යුද්දේ කලාලූ.. ආච්චිගෙ රෙද්ද)..
⭕ එයාලා උතුරු නැගෙනහිර එක් කිරීමට එක හෙලා විරුද්ධයි .. (උසාවී ගිහින් තීන්දු ගත්තේ එයාලා)
⭕ අපේ වෙන්ට ජනපති අන්‍රයියා රනිල්ගේ රට බෙදන සර්වපාක්ෂික බඩකඩුත්තුව පැත්ත පලාතේ නොගිහින්, සයින්දමරුදු, වාලච්චනෙයි, කොකඩිචෝලෙයි යන්නේ රට බෙදන්න නෙමේ.. ඒවයෙ උන්ටත් රටේ ජනපති කව්ද කියලා පෙන්නන්න....
ඉතින් එහෙව් එකේ.. හරිනි ලන්ඩන් ගිහින් මෙහෙම කිව්වාම අවුල් යන්නැත්තේ මොකාදෝයි..
ඒ අස්සේ කුල භේදය ගැන විශේෂඥයෙක් වෙන හිතවත් Nandana Weerarathne , මාතලන් යකා ගෙන් අහනවා ... ඇයි මොකක්ද ඒකේ අවුල.. ඒක අලුත් දෙයක්ද කියලා...
එක ජෙප්පන්ට නම් අනිවාර්යයෙන් අලුත් දෙයක්... ඔය උතුරු නැගෙනහිර බලයා බෙදිල්ල ගැන මම ඉන්න මතය තමා පහලින් තියෙන්නේ..
මම නම් කියන්නේ බලයා නෙමේ ... කෙලවෙලාම යන්න කෙලවල්ලොත් බෙදන්න ඕනය කියලා...
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
ෆෙඩරල් ලබා දිය යුතුමය. එවිට ද්‍රවිඩ රදලයන්ටද, දකුණේ උන්ට
අත් වූ ඉරණමම, උදාවනු ඇත.
➖➖➖➖➖➖➖➖➖❤️➖
පිටරට ඩොලර් යුරෝ වලින් ජීවත් වන හැම ජාතිකයෙක්ම කියන කතාවක් තමා, උතුරු නැගෙනහිර ජනතාවට විශේෂිත වූ ප්‍රශ්ණයක් තියෙනවය කියන එක.
ඒ එයාලටම විතරක් තියෙන ප්‍රශ්ණය මොකක්ද කියලා ඇහුවම, එකෙකුටවත් උත්තරයක් නෑ.
හැබයි උතුර නැගෙනහිර නෙමෙයි, සමස්ත රටේම ප්‍රශ්ණයක් තියෙනවා. ඒ තමයි රැකියාවක් නොකර සියල්ල නොමිළේ බලාපොරොත්තුවෙන් ජීවත් වෙන පිරිස හෙවත් හිඟන ප්‍රජාව. මුන් කම්මැලිකමක් නැතිව කරන එකම දේ හැමිනෙන එකයි, බොන එකයි විතරමයි.
ඒ වගේම උන් එසේ නඩත්තු කරමින් පවත්වාගෙන යා යුතුය කියන දේශපාලන පක්ෂ හා හිඟන දේශපාලන ක්‍රමය.
මේ හිඟන ප්‍රජාව කරන්නේ, කූර කෙලින් වෙච්චි ගමන් ඩිම්බ මෝචනය වෙන ගුලකට මීයා රිංගවලා හිඟන පරපුර බෝ කරනවා. ජනගහනය වැඩි වීම, උපත් පාලනය, මන්දපෝෂණය, විරැකියාව, දළ දේශීය නිශ්පාදනය, ජාතික ආදායම, අය වැය, විදෙස් සංචිත, මානව හිමිකම්, ලෝක බලවතුන්, බලශක්ති අර්බුදය, දේශීය ණය, විදෙස් ණය මෙලෝ මඟුලක් මුන්ට අදාල නෑ.
ඊළඟට ගැබිනි මව්වරුන්ගේ දීමනාවේ ඉඳලා මැරිලා වලලන එක වෙනකන් ආන්ඩුව වග කියන්න ඕන.
හයක් හතරක් නොතේරන පොඩි බබ්බුයි මුන්ගෙයි අතර එකම වෙනසත් හැමිනෙන එකයි මත්වෙන එකයි විතරමයි.
මුන්ට උගන්නනෙත් යම් පමණකට උගත් ප්‍රජාවගේ දරුවන්ට උගන්වන විෂය පද්දතියමයි. ඉතින් උන්ට ඒවා ග්‍රීක් වගේ. කලාතුරකින් ගොඩ යන එකාටවත්, අඩු ගානේ කක්කුස්සි යන හැටිවත් උගන්නලා නෑ. ඉතින් උන් පබ්ලික් ටොයිලට් එකකට ගියත්, කෝච්චියේ, ඉස්ටේසමේ ලැට්ටෙකට ගියත්, රෙන්නේ වලට නෙමේ එලියට. හුලිජ්ජා කරන්නෙ බිත්තියට.
ඉතින් උන් ඊට ඉහළ සමාජයට වෛර කරනවා. ඉහළ තැනකට ගියත් එහෙමයි. මේ රටට 56 විප්ලවයෙන් පස්සේ සිඳු වුනේ ඒ දේ.
මම කියන්නේ නෑ උන් හැමදාම එතන ඉන්න ඕනය කියලා. හැබයි උන්ට අකුරු උගන්වන්න කලින්, සිරිත් විරිත්, ගති පැවතුම්, අනෙකාට ගෞරවය කිරීම්, අනෙකාගේ මතය ඉවසීම් කියන දේ කියාදෙන්න ඕන. දියුණු රටවල් වල දියුණු ශිෂ්ඨාචාර හා මිනිස්කම් පිරුණ මිනිස්සු බිහිවෙලා තියෙන්නේ එහෙම.
56 පංච මහා බලවේගය නිර්මාතෘ රදලයෙක්. එයාගේ පරම්පරාව ගැන නොයෙකුත් කතාබහ තිබුනට බන්ඩාරනායක කියන්නේ හොරගොල්ල වලව්වේ රදල නායකයෙක්. කසාදය කරගන්නෙත් රදල පවුලකින්.
නමුත් රදලයෝ හිටියේ එජාපයත් එක්ක. සුද්දගෙ කාළේ ඔක්ස්ෆර්ඩ් ගිහින් ඉහළ සමාජයට ගිය රේන්ද කාරයන්ගෙ හා වෙළඳ ප්‍රජාවේ දරුවෝ උන්නේ වමේ. ඒ හින්ගල සෙට්ටෙක.
උතුරේ උන්නේ ජී ජී පොන්නම්බලම්ගේ ටැමිල් කොන්ග්‍රස් එක. ඒ ද්‍රවිඩ රදලයෝ. කඳුකරේ වතු කම්කරු ප්‍රජාව. උන්ගේ නායකයෝ උන්ගෙන්ම බිහිවුන උන්. තොන්ඩමාන් පරම්පරාව. උතුරේ පහළම කුලේ එකාවත් කඳුකරේ උන්, උන්ගේ ජාතියේ කියලවත් පිලිගන්න කැමති නෑ.
බලයට පෙරේත කමේ 56 බන්ඩා කරපු වැඩෙන් උනේ රදලයන්ට කෙලවෙලාම යන එක. චන්ද්‍රිකාගෙන් පස්සෙ ඒක යන්නේ ගොයිගම මහින්දට. රටේ හින්ගල අති බහුතරේ ගොයිගම කුලේ. උන්ට "බයියෝ" කියන්නේ අඩු කුලේ පර හැත්ත 😁.
ඒ අඩු කුලේ උන්ට මහ පුටු දීලා ඇරගත්තේ ගොයිගම කුලේ මහින්දමයි. බොරු නම් අලුතෙන් බිහිවෙන්න යන නායකයෝ කව්ද කියලා හොයලා බලන්න.
දැන් කවුරුන් හෝ කියයි මාතලන් මේ නැති කුල බේදයක් ඇදලා ගන්නවය කියලා. ඒ උනාට දැන් ඉන්න මැතිවරණ කොමසාරිස් ලස්සනට කියලා තිබුනා, ආසන බෙදෙන්නේ කුලය අනුවයි කියලා.
ඇත්ත කතාව ආසන නෙමේ, ඇමතිකම් බෙදෙන්නෙත් එහෙමයි. මේ ගැන වික්ටර් අයිවන් බොහොම අපූරුවට ලියලා තියෙනවා. මේ කුල බේදය නැත්තේ පෞද්ගලික අංශයේ විතරයි. අනික් හැම තැනම මේක රජ කරනවා.
මේන් මේකටයි උතුරේ කුලයෙන් උසස් පිරිස බලය ඉල්ලන්නේ. ඔය බලය ඉල්ලන පිරිසේ කුලයෙන් අඩු කුලහීන නායකයෝ එකෙක්වත් නෑ. ඔක්කෝම, රෝයල්, සැන්තෝමස්, ට්‍රිනිටි, ඔස්ක්ෆර්ඩ්, ක්‍රේම්බිජ් ගියපු උන් ඉන්නේ. උන් අඩු කුලේ උන්, පක්ෂයට තියා මිදුලටවත් ගන්නේ නෑ.
උන්ට අඩු කුලේ උන් ගොඩගන්න ඕනත් නෑ. නමුත් උන්ගේ ගෞරවය රැකගන්න උන්ට නායකත්වය හා බලය අත්‍යාවශ්‍යයි.
විග්නේෂ්වරන් උතුරේ සංවර්ධනයට යවපු මුදල් කිසි දෙයක් නොකර ආපහු භාන්ඩාරගාරයට එව්වා. සුරේෂ් රාඝවන් ආන්ඩුකාරයා කරලා යැව්වට ඌට මෙලෝ දෙයක් කරන්න ඉහළ කුලේ නිළධාරි පැලැන්තිය ඉඩ දුන්නෙ නැ. මොකෝ ඌ අඩු කුලේ නිසා.
විගාලට, සුමන්තිරන්ලට, පල්මානික්කම්ලට ඕන, දකුණේ රථ ගාය තියෙන නායකයෝ වගේ ගාඩ් දාගෙන ඉගිල්ලිලා යන්න මිසක්, උතුරේ ජනතාවට සේවය කරන්න නෙමෙයි.
එහෙම කරන්න ඕන අවංක චේතනාවක් තිබ්බා නම්, අවුරුදු 75 ක් තිස්සේ කෑලී කඩන් කන්න හදන්නේ නැතිව, ආන්ඩුවකට සෙට් වෙලා, ඇමතිකම් අරගෙන, හකීම්ලා, අෂ්‍රොෆ්ලා, රිෂාඩ්ලා වගේ දෙයක් උන්ගේ ප්‍රජාවටත් කරන්න තිබ්බා.
ඒ නිසා ඔය ෆෙඩරල් ඉල්ලන සෙට් එකට බලේ දීලා, උතුරු නැගෙනහිර ජනතාවට දැනෙන්න දෙන්න ඕන, උන්ට කෙලින්නේ දකුණු මිනිස්සුවත්, දේශපාලුවෝවත් නොව, මෙන්න මුන්‍ය කියලා.
එතකොට ආයේ පිරිභාහරන්ලා, කරුණා අම්මාන්ල, පිල්ලෙයාන්ලා බිහිවෙලා දොරේඅප්පට දීපූ ගේමම මුන්ටත් දෙයි.
මොකෝ මේ රටේ තියෙන්නේ ආර්ථික ප්‍රශ්ණයක්වත්, ජාතික ප්‍රශ්ණයක්කත් නෙමේ... දරිද්‍රතාවය හා නොසලකාහැරීම පිලිබඳ ප්‍රශ්ණයක්...
බොරු නම් සියළු විප්ලව හා අඩුවට සාරාන් හා වසන්ත මුදලිගේද හදාරන්න...
ඒ වගත් මෙසේය.....
.
Jan 29, 2023
කවුරු මොනවා කිව්වත්..
කවුරු මොනවා කිව්වත්..
➖➖➖➖➖➖🔴➖➖
විවෘත ආර්ථිකය පටන් ගත්තයින් පස්සේ ගමෙන් ගොඩ ආපු ජෙනරේෂන් එකේ දරුවෝ එනවා 1998/99 පස්සෙ කොළඹ අවට ප්‍රදේශවලට,
ඒ කියන්නේ කොළබ 1 -15 න් එහා බස්නාහිර පලාත තුලට සංක්‍රමණය වූ.. ඔවුන් ගමේ ගිහින් කියන්නේ කොළඹ ඉන්නේ කියලා..
හැබයි ඉන්නේ හයි ලෙවල් රෝඩ් එකේ අවිස්සාවේල්ලට යනකන්... පර්චර් 10 ක් 8 ක් අරගෙන ගෙයක් හදාගෙන.. ඉන්දියන් කාර් ඉන්දියන් බයික් එකක් හෙම තියාගෙන...
මේ ඇවිල්ලා මධ්‍යම පන්තියට අලුතෙන්ම එකතු වෙච්චි පහළම ස්ථරය... අති බහුතරය උගත් යැයි සම්මත රාජ්‍ය සේවකයින්...
මෙයාලගේ දරුවෝ අති බහුතරයක් ඉන්නවා සමාජ මාධ්‍ය තුල... මේ පිරිස තමා අරගලය කරෙත්... ඇත්තටම මෙයාලා 2000 න් පස්සෙ දරුවෝ...
මෙන්න මේ අයගේ දෙමව්පියන් හා මේ අයගේ චන්දවලින් විශාල ප්‍රතිශතයක් ජජබයට අනිවාර්‍යයෙන් ලැබෙනවා...
ඒ ඇයි?... එයාලට තියෙනවා එයාලට ඉහළ පන්තිය හා තදබල ඉරිසියාවක් හා වෛරයක්... ඔවුන් තාමත් ග්‍රාම්‍යයි.. බොහෝ අය කුලයෙන් අඩුයි... ඔවුන්ට රදල, ගොයිගම, කරාව කියන කුල එක්ක වෛරයකුත් තියෙනවා... ඒක තියෙන්නේ ජාන වල.. ඒක හරියට ද්‍රවිඩ හා සිංහළ අයට උපතින්ම එකිනෙකා කෙරෙයි වෛර කිරීමට පිහිටන ජානයට සමාන ජානයක්..
ඔවුන් තමයි.. සමාජ මාධ්‍යවල අශූචී භක්ෂණය පිලිබඳ හා කුණුහබ්බ කෙලිමේ විශාරදයෝ..
මොවුන්ට පර්සනැලටියක් නෑ.. තනියෙන් හම්බ වුනොත් මූණ බලලා කතා කිරීමේ ශක්තියක් නෑ.. සමාජශීලී නෑ.. කන්නේ බොන්නේ නෑ...
හැබයි මොබ් වශයෙන් එකතු වුනාම අති අමානුෂිකයි මිලේච්ඡයි.. ගෝල්ෆේස් එකේ අරගල කල උන්ට මුලින්ම ගහන්නෙත්.... ඊට පස්සේ සැලසුම් සහගතව ක්‍රියාත්මක වී... මිනිසුන් මරා දමා... නිරුවත් කර පහරදී... නිවෙස් දේපල වහාන ගිනි තබා විනාශ කලේ සහ ඔවුන් හා එකතු වූයේ ඒ පිරිස..
හොඳින් අධ්‍යයනය කලහොත් රෝයල් තෝමියන් බිග් මැච් එකේ ගහමරාගන්නෙත් මෙවන් පිරිස් බව ඒ පාසල්වලට ගිය අයට අවබෝධ වෙයි.
ඝෝඨා එලෙව්වයින් පස්සේ මේ අයට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා තමන්ට බලය අරගෙන ඉහළ පන්තියෙන් පලිගන්න පුලුවන් කියලා.. ජවිපේ උප්පත්තියේ සිටම තේමා පාඨයත් එයයි..
මුලින් මේ පිරිස පෙරටුගාමින් පසුපස ගියත් වසන්ත මුදලිගේ සිරගත වීමත් ඔවුන්ගේ පසුගාමී උද්දච්ඡ දේශපාලන හැසීරීම නිසාත්, ජේවීපි එකට පුලුවන් වෙලා තියෙනවා ඉතා ආකර්ෂණීය ලෙස ඔවුන් තම ග්‍රහණයට ගන්න...
ඒ නිසා චන්දය තිබ්බොත් මිලියනයකට ආසන්න චන්ද ප්‍රමාණයක් ජවිපෙට අලුතෙන් එකතු වීම කාටවත් වලක්වන්න බෑ..
අනික මොවුන් අනිවාර්‍යයෙන් චන්ද පොලට යන එක යනවා... ඒ නිසා චන්ද ප්‍රතිශතයත් තුන් ගුණයකින් උනත් වැඩි වෙන්න ඉඩ තියෙනවා...
මේක විශේෂයෙන් සජිත් ජලනි බලවේගයටත් පෝට්ටු බයියන්ටත්, රිසාල්ට් එකටත්.... විශාල බලපෑමක් වේවී. අලියට නම් ඇපත් නෑ. උසස් පෙල පාඩම් කරන දරුවන්ට ලයිට් දෙන්න බැරි විධායකයකට චන්දෙ දෙන්න මිනිස්සුන්ට පිස්සුයෑ....
.
Jan 27, 2023
මාතලන් ඉට්ටැයිල් (මා නොදිරවන අයට විශේෂයෙනි)
මාතලන් ඉට්ටැයිල්
(මා නොදිරවන අයට විශේෂයෙනි)
➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖
.
මාතලන් දන්න උන් දන්නවා මාතලන් බුකියට එන්න කලින් බොග දාපූ එකෙක් කියලා.. (Blogger)
බොග දාන කාළයේ මාතලන් කියවලා තිබුන මගේම නෑයෝ මිත්තරයෝ, ඒ ලියන්නේ මම කියලා දැනගෙන උන්නේ නෑ. බොග දාපු අය අතරිනුත් මාව පෞද්ගලිකව දැනගෙන උන්නේ සීමිත පිරිසක්, ඒකට මුල් වුනේ දිණමින පත්තරේ නලීන් දිලෘක්ෂ සඕදරයා.
ඔය අතරෙ තමා එක්තරා අවස්ථාවක හොඳම බොගා ලෙස සම්මාණයක් ලැබෙන්නේ.. ඒ වෙලාවේ ඔක්කොම වගේ කිව්වේ උඹ එක්ස්පෝස් වෙන්න එපා කියලා.. ඒත් ඉතින් ඇගයිමක් කරාම ඒක පිලිගන්න ඕන නිසාත්.. ඒවාට පට්ට කැමති පෘතග්ජන එකෙක් ලෙසත් මම ඒක ගන්නවා..
ඊට පස්සේ මට මුණගැසුන සිවිල් සමාජයේ ප්‍රසිද්ධ එකෙක්වත්.... මගේ ලිවිල්ල අගය කලා මිසක් කවදාවත් වෙනස් කරන්න කියලා නෑ. ඒ අතර මම ගරු කරන මාධ්‍යවේදීන් දෙදෙනෙක් වෙන නාලක ගුණවර්ධන හා චානුක වත්තෙගමත් ඉන්නවා.
ඒ වගේම විවිධ අවස්ථාවලදි ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිත් දෙයක් කරමු කියලා ආරාධනා කරපු අයටත් මගේ ආදරයක් තියෙනවා.. ඒවා නිහතමානීව ප්‍රතික්ෂේප කලත් ඒ අයට මගේ අදහස් හා යෝජනා මම නොමිළේම දීලා තියෙනවා...
ඒ වගේම කොයි තරම් හිතවත් උනත්, තමන්ට අවශ්‍ය දේ මාතලන්ට කියලා ලියා ගන්න බැරි බවත්, එවන් ඉල්ලීම් කළ සියල්ලෝම දන්නවා.
හැබයි විශේෂයෙන් ඊයේ ලියපු ලිපියත්, බදු ගැහිල්ල හා කළු ඇඳිල්ල සම්බන්ධයෙන් දාන පොස්ට් එක්ක... රාජ්‍ය සේවයේ මෙන්ම දේශපාලනයේ ඉන්න හිත මිත්‍රයින් රාශියක් පෞද්ගලිකවත්, මැසෙන්ජර් හා වට්සැප් තුලිනුත් කිව්වේ... ප්‍රොෆෙෂනල්ස්ලට ඔහොම ගහන එක හරි නෑ නේ මාතේ කියලා..
මෙහෙමයි...
පොලිටික්කෝ අතරෙත්, රාජ්‍ය නිළධාරීන් අතරේත්, ප්‍රොෆෙෂනල් පොරවල් අතරෙත් ඉන්න අති බහුතරය පට්ට දූෂිතයි.. කම්බා හොරු.. වංචා කාරයෝ..
ඒකට.. පට්ටම, පංතිය පාසල පවුල් පසුබිම තනතුර අදාලම නෑ.. උන් එක්ක සිස්ටම් චේන්ජ් කිරිල්ල කෙසේ වෙතත්, තිබුන සිස්ටම් එකවත් නිසි ලෙස ගෙනියන්න බැරි වුන නිසයි මේ රටට මෙහෙම උනේ..
ඉතින් එහෙම උන් මා එක්ක අවුල් උනාට මට කිසි ප්‍රශ්ණයකුත් නෑ..
මොකද මට ෆෑන් බේස් හෝ දායක සභා මේන්ටේන් කිරීමේ රෝගයක් නෑ...
මාව රිපෝට් කරලා බ්ලොක් කරත්.. මගේ හිතවත් කම් නැති වුනත් ... මම ලියන්නේ මගේ ඉට්ටැයිල් එකෙන්... මෙච්චර දුරක් ආවේ එහෙම...
මාතලන් සැර වැඩියි කියලා කියන අයට මට කියන්න තියෙන්නේ... ඇත්ත පත්තරේ සිරා හෙවත් බී ඒ සිරිවර්ධන කියන පුවත්පත් කලාවේදියා අධ්‍යයනය කරන්න කියලා විතරයි...
මගේ සීමාව මම දන්නවා.. එච්චරයි...
ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ ...❤️
(පින්තූරේ ඉන්නේ මම නෙමෙයි... පත්තර ලෝකයේ පතාක යෝධයෙක් වෙච්චි... ඇත්තේ සිරා... හෙවත්... බී. ඒ. සිරිවර්ධන මහත්තයා)
.
Jan 26, 2023
කළු අඳින වෘත්තිකයින්ට සිම්පල් සොලියුෂන්
කළු අඳින වෘත්තිකයින්ට
සිම්පල් සොලියුෂන්
➖➖➖➖➖😭➖
අපේ ආච්චි මට පොඩි කාළයේ කියා දුන්නේ සමහර පව් වල ප්‍රතිවිපාක මේ ආත්මේම පලදෙනවාය කියලාය.
රට ආර්ථික වසයෙන් වැටුන වෙලේ ආචාර්‍ය මහාචාර්‍ය බක පන්ඩිත ප්‍රාමාණික සිවිල් බුවාලා රටේ සාමාන්‍ය ජනතාවට චෝදනා එල්ල කරමින් අමුතු ඉකොනමික් බණක් දේශණා කළ සේක....
උන් කිව්වේ ජේ ආර් ගෙනා විවෘත ආර්ථිකය හා යුද්ධයෙන් පසු රාජපක්ෂලා ගෙනා අධිපරිභෝජනවාදී බ්‍රැන්ඩඩ් බැසිලොමික්ස් නිසා ආර්ථිකයට කෙලවී අම්මාට හැමිනී රට බංකොලොත් බාවයට පත්වූ බවය...
එහෙම කියන කොට අපි හිතුවේ... මේ බක පන්ඩිත සියල්ල දත් පුපේ දත්ලා ඒ වගේ දේවලට අහු වුනේ නැති වෙන්ට ඇති කියලාය...
බලාගෙන ගියාම රටේ ජනතාවට එහෙම පිස්සුවක් නැති වුනාට... එහෙම ලයිෆ් ඉස්ටැයිල් ගෙවලා තියෙන්නේ මේ උපාධිධාරී සියල්ල දත් ආර්ථික විජ්ජා වෘත්තිකයින් යැයි කියා තමන්ම තමන්ව හඳුන්වා ගන්නා බක පන්ඩිතයන්මය....
පට්ටම ආතල්ලෙක කියන්නේ රටට මෙලෝ දෙයක් නොකරණ වැහි නැති හෙණ ගසනා වැටුප් හා දීමනා ලබා ගන්නා මහ බැංකුවේ මහා කා: කන්නින්ටද ඒ පරිප්පුව හොඳම එකෙන් කන්නට වෙච්චි එකය...
තමන් මහන්සී වී හරි හම්බ කර ගත් දෙයින් අර ලයිෆ් ඉස්ටැයිල් එන්ජෝයි කරන අතරේ... රාජ්ජ සේවයේ පින්පඩි කෑ, ආචාර්‍ය මහාචාර්‍ය හා උපාධිධාරීන් නඩත්තු කිරීමට බදුද ගෙවපු උන් වාගේම... මේ කා: කන්නි හිඟන්නෝද කර ඇත්තේ අර ලයිෆ් ඉස්ටැයිල් ගෙවනා එකය.
එයිට හපන් ආතල් එක වන්නේ... ණය පිට ණයවෙමින් මෙළෝ රහක් නැති වැඩ කරනවා කියා මයිනාට නිවන් සුව පැතු.. කපුටාට හෝන් ගෑසූ... පී බීට ආර්ථික ඝාතකයා කියූ.. කබරාල දන්නා ආර්ථික විජ්ජා කළමණාකරණයක් නැතැයි කියූ මේ බක පණ්ඩිතයින් ආර්ථිකේ නියමෙටම කළමණාකරණය කරලා... දැන් රෙන්න පුකේ ගූත් නැතිව කළු ඇඳගෙන පාරට බැහැපු එකය...
ලදරන් ඉන්දියන් කාර් වෙනුවට යුරොපියන් හයි බ්‍රෑන්ඩඩ් කාර්ද, ගල් අරක්කු වෙනුවට ටිකීලා විස්කි ජින් බ්‍රැන්ඩිද, විශ්‍රාම ශාලා හා නිවාඩු නිකේතන වෙනුවට තරු තුනේ හෝටල්ද, දරුවන්ට, තමන්ට නොමිළේ සිප් සතර ලබා දුන් මෙරට විස්ස විජ්ජාල වෙනුවට නොරට විස්ස විජ්ජාලද, ටොමියා වෙනුවට ගෝල්ඩන් රිට්‍රීවර්ද, පූසා වෙනුවට බූල් බූල් පර්සියන් කැට්ද, කුස්සි වෙනුවට පෑන්ට්‍රිද, ඒකට ඉලෙක්ට්‍රොන්ක් ගැජඩ්ද, ඇටෑච් බාත් රූම් සමඟ ලක්සිරි විලාස්ද පරිභෝජනය කරමින් පඩ ෂෝ දැමූ උන්ට... දැන් කන්න බොන්න ඉතිරි කර ගත්ත එකට, ටැක්ස් එකෙනුන් කෙලියාම... සදා සොත්ති භවන්තුතේ වෙන එකත් ඇත්තය.
දැන් මේ බුද්ධිමතුන්ට කරන්නට අත්තේ ආන්ඩුව ගත් ඔප්සොන්මය. මේවා කැමති ආකාරයෙන් ක්‍රියාත්මක කොට රට දුවනවා වාගේ යාන්තම් දුවා ගන්නට බැරි වෙන එකකුත් නැතිය.
▪️තමා බංකොලොත් බවටත්, අම්මට හැමිනිලා, රෙන්න පුකේ ගූත් නැති බවටත් කොමන් ලියුමක් ලියා, බැංකුවලට, ලීසිං කොම්පැනි වලට, ෆිනෑන්ස් කොම්පැනි වලට, ක්‍රෙඩිට් කාඩ් වලට, ගමේ පොලී මුදලාලිට ලියා යැවිය යුතුය. (අහල පහල උන්ට කියන්න ඕනා නැතිය. උන් දැන් ඉන්නේ පුල් පන් එකේය)
▪️ණය ප්‍රතිව්‍යූහගතකිරීමට හෝ කපා හැරීමට හැකිදැයි කියා අදාල ආයතන කළමණාකාරිත්වය සමඟ ද්වීපාර්ෂවික සාකාච්ඡා ආරම්බ කළ යුතුය. (උන්ටත් කෙළවෙලා තියෙන එක මෙතනදි අදාල වෙන්නේ නැතිය )
▪️අධි පරිභෝජනය සඳහා ගත් බඩු භාන්ඩ, යාන වාහන නිවාස විකුණා දමා නිර්මාල් දේවසිරි මෙන් ජනාතවට ජීවත් විය යුත්තේ මෙසේ යැයි කියා උපදෙස් දුන්... ඔවුන් ගත කරන අල්පේච්ඡ ජීවිතයට මාරු විය යුතුය.
▪️එසේ නැත්නම් සියල්ල විකුණා දමා බුද්ධිය ගලන ගඟට පැන මේ ජරා නරා වලෙන් එතෙර විය යුතුය.. (ඒ රටවල මෙහෙම අසාධාරණ බදු ගහන්නේ නැතිය. හැම එකාටම ගහන්නේ 40% ක ඉතර ආදායම් බද්දක්‍ය)
▪️ඒ යන අතරේ... අනියම් සබඳතා පැවතියේ නම්, ඒවා දිගටම නඩත්තු කිරීම මහාචාර්‍ය මාතලන් වෙත පැවරිය යුතුය. (විශාල පිරිසක් මා සමඟ එකතුව එම සේවය ලබා දීමට දැනටමත් ඉදිරිපත්ව සිටී)
දේශපාලූවන් මෙන්ම පින්පඩි කමින් රටට කෙලවූ තොපිට ඔහොම වෙලා මදිය.
අපේ ආච්චි කියා දුන් බොහෝ දෑ මේස් දෙකෙන්ම දැකීමට තරම් පුණ්‍යවන්ත භූමියක ඉපදුන ආතල් එක ගනිමින් උපදින ආත්මයක් ආත්මයක්ම පාසා මේ දිවයිනේම උපදින්නට පෙරුම් පුරනා මා...
ඔබේ හිතවත්...
මහාචාර්‍ය මාතලන්
ස්වස්ථි සිද්ධම් .....!!!
.
Jan 22, 2023
උසස් පෙලට විෂ් කිරීම. (විභාගේ තමයි අපේ අභාගේ)
උසස් පෙලට විෂ් කිරීම.
(විභාගේ තමයි අපේ අභාගේ)
➖➖➖➖➖➖➖➖➖🔴▪️
මම විශ්වාස කරන දෙයක් තමයි, X කණ්ඩායම ගෙන ගිය චින්තන විප්ලවය දිගටම ගෙන ගියා නම්, මේ රට මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න පුලුවන් කියන දේ.
නඟරයේ උසස් පාසලකට ගියපු සමාජයේ හැම තරාතිරකම උන් එක්ක මුහුන් වෙච්චි අප තුල කොහොමත් තිබුන චින්තනයට හඬක් ආවේ, X කණ්ඩායමේ ආගමනයත් එක්ක.
නමුත් ඒ කණ්ඩායම තුල වුන් ගෝත්‍රික ඇකඩමික් උගත්තු, උන්ගේ හීනමානය නිසා ඒක දාලා ගියාම ඒක සමාජයට අහිමි වුනා.
භාතිය සන්තුෂ් තරුණ ග්‍රාමිය පරපුර භාහිර පෙනුමින් වෙනස් කරන විප්ලවය ජයගත්තත් (කෙල්ලොත් ඩෙනිම් ගහන එක. මම මේකට කියන්නේ B&S ජීන්ස් විප්ලවය කියලා) ඔවුන් චින්තනයෙන් වෙනස් කරන විප්ලවය ඔවුන්ට හමු වුනේ නෑ.
එහෙම වෙනස් වෙන්න කැමති එකෙක් ඉන්නවා නම්, දැන් ආයෙත් ඔයාලට දීප්තිව කියවගන්න චාන්ස් එකක් සුදර්ශණ ගුණවර්ධන නයි ටී ඇන් එක හරහා සති අන්තයේ උදේ වරුවේ සලසලා දීලා තියෙනවා.
මෙහෙම ආරම්බයක් ගත්තේ... ජිප්සීස් සුනිල් අයියා සින්දුවකින්ම කියලා තියෙන විදියටම, නොරට ඉන්න උනුත්, ජීවිතේට නොරටක නොගියපු උනුත් හැම තිස්සෙම මතුරන, ලංකාවේ එහෙම උනත්, එංගලන්තේ එහෙම වෙන්නේ නෑ අනේ කියලා... දේශපාලුවන් හා රාජ්‍යය කින්ඩියට ලක් කරාට... ජනතාවත් ඊට එහා පොරවල් බව පෙන්නන්න ඕන නිසා.
ඒකට හේතුව අද උසස් පෙලට විෂ් කරපු එක මාතලන් විවේචනය කරන්නේ ඇයි, මොකක්ද ඒකේ වරද කියලා කීප දෙනෙක්ම අහපු නිසා. මම මේ මතයේ ඉන්නේ අද ඊයේ නෙමේ. ඒත් මගේ මේ මතය දියුණු රටවල පිලිගත් සම්මතයක් කියලා දැනගත්තේ මෑතක. ඒකට මට තියෙන්නේ ආඩම්බරයක්.
ඒ පසුගිය සතියේ පුවත්පත් මණ්ඩලය මෙහෙයවපු zoom forum එකකදි අදහස් දක්වපු මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ චරිත දිසානායකගෙ අදහස් දැක්වීමෙන් පස්සේ.
ඔහු කියන විදියට ඔස්ට්‍රේලියාවේ දෙමව්පියන්, දරුවෝ වැඩිහිටියෝ වෙනකන් දරුවන්ගේ චායාරුපයක්වත් දෙමව්පියන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල දාන්නේ නෑ. ඉතින් දරුවන්ගේ විභාග හා ඇචීව්මන්ට්ස් වැනි පෞද්ගලික දේ කොහොමත්ම දාන්නේ නෑ. ඒක ළමා අයිතිවාසිකම් වලට කරන ගරු කිරීමක්.
මේක ඇත්ත. මොකෝ පිටරටවල ඉන්න ගොඩාක් මිතුරන් තමන්ගේ දරුවන්ගේ ෆොටෝ පබ්ලිෂ් කරේ දරුවෝ වැඩිහිටියෝ වුනාට පස්සේ.
ඊට පස්සේ අන්තර්ජාලයෙන් මේ ගැන සොයා බැලුවම ගොඩාක් දියුණු රටවල තත්වයත් ඒකයි.
ඒත් ඉතින් මෙහේ දෙමව්පියන්ට තියෙන්නේ තමන්ට ලබා ගන්න බැරි වූ තත්වය දරුවන්ගෙන් හෝ ලබාගන්න උත්සාහ කරන තරඟයක්. එරියස් කවර් කිරීමක්.
මේ රටේ දෙමව්පියන් දරුවන්ට දෙන්නේ සුලුපටු ප්‍රෙෂර් එකක් නෙමෙයි. ඒක ශිෂ්‍යත්වය ලියලා එලියට එන දරුවන්ගේ මුහුණෙන්ම පේනවා. ඇත්තටම ඒ කුඩා මොළවලට දෙන ප්‍රෙෂර් එකට මාසයක්වත් නිවාඩු දෙන්න ඕන රජයෙන්.
පාසල් ළමුන් පවා අධි රුධිර පීඩනයෙන් මෙන්ම දියවැඩියාවෙන් පෙලෙන්නත්, මත්ද්‍රව්‍ය මත්පැන් වලට යොමු වෙන්නත්, සියදිවි නසාගැනිම් වැඩි වෙන්නත් හේතු මේවා. මේවා සමාජ විද්‍යාඥයින් පවා නොදකින දේ. එහෙම දකින්න තරම් බුද්ධිමත් විද්‍යාඥයෝ මේ රටේ ඇත්තෙත් නෑ.
නිකමට කල්පනා කරන්න මෙහෙම පෝස්ට් එකක් දරුවා දැක්කොත් දරුවට එන ප්‍රෙෂර් එක. අඩේ අම්මා තාත්තා මේක ජාත්‍යන්තරේටත් ගෙනිහින් ... පාස් නූනොත් විනාශයි කියන මානසික පීඩනයකින් දරුවා මුළු විභාගෙම ලියන්නේ. ඉතින් ඉහළින්ම පාස් වෙන දරුවත් දෙමාපියන් ඉල්ලපු ප්‍රතිපලේ නැත්නම් එල්ලිලා මැරෙනවා.
එක අතකින් චන්දෙ ඉල්ලන්න CV එක බුකියේ ප්‍රසිද්දියේ දාන නව පරපුරේ රෝන්ග් ජෙනරේෂන් එකක් සිස්ටම් වෙනස් කරන්න යද්දි, අර මිඩ්ල් ක්ලාස් ළිං මැඩි ගම් කබර දෙමව්පියන් ගන්න ආතල් එකේ වැරද්දකුත් නෑ..
මේ පීඩනය ගැන සෝමලතා සුභසිංහ මැතිනිය අපූරු වේදිකා නාට්ටියක් කලා අපි පොඩි කාලෙම. ඒකෙන් තමයි චාන්දනි සෙනවිරත්න නිල්මිනී සිගේරා ක්ෂේශ්ත්‍රයට එන්නේ. ඒකේ අන්තීමට නිල්මිනී සිගේරට පිස්සු හැදෙනවා. ඒකේ නම විකෘතී.
මේවා දෙමව්පියන්ට පෙන්නන්නම ඕන නාට්‍ය. ඒත් දැන් පෙන්නන්නේ අමු තිත්ත කුණුහබ්බ.
මේක සෑම අතින්ම බංකොලොත් රාජ්‍යයක් සාන්ත... 😭
ස්වස්ථි සිද්ධම් ....!!!!!
.












