.

.

Sep 26, 2011

සුදු රෙදි හොරා.. - Asian Paradise Flycatcher


කාගේ රෙද්දක්ද බන්
උඹ හොරා අරගත්තේ
වෛවර්ණ වූ ළොවේ
කිම ධවල වර්ණයම

පින් බිමේ සොරුන් සැම
සැරසී ධවල වර්ණයෙන්
ඒකදැයි කාරණය
උඹ මෙහේ නොම එන්න

උඹ මෙහේ නොආවට
සුදෝ සුදු රෙදි හොරුන්
හැමතැනම වැහිවැහලා
බය නැතුව වරෙන් බන්

කවුරුත් නැ අල්ලන්නේ
ගලක්වත් නොගසන්නේ
ආරක්ෂකයෝ ඕනනම්
කියාපන් සපයන්නේ

මහා ගරු ඇමතිවරු
මහ ඉස්කොලේ පතිවරු
රජයේ නිළධාරින් ගරු
එපමණක් නොවෙයි බන්
කාකි ඇඳුමක් අඳින
පොලොස් හොරු
මහත්වරු

හොරා කන අත් දෙකට
සුදු පාට අන්දලා
හරිම ලස්සනයි බන්
පින් පාට බේරීලා

සටහන :-
ට්‍රැෆික් රාළහාමිලාගේ අත් සුදු පාටයි

දැනුම්දීමයි...
මම මෙක ලිව්වේ පද්‍ය කවි ඒ වගේ ඒවා කියන මගේ බොගට. රසිකයෙක් කෝල් කරල කිව්වා. මාතලන් බොගේ දාන්නෙයි කියලා. ඒ නිසා අරකට අළුත් එකක් දාලා මේක මේකේ දැම්මා...

30 comments:

  1. මට මතක විදියට නම් මේ සුදු රෙදි හොරා හා ගින්දර හොරා කියලා කුරුල්ලෝ දෙන්නෙක් උන්නා. මම මේ කියන්නේ අවුරුදු තිහකට විතර ඉස්සර. කාලයක් තිස්සෙම මම මේ කුරුල්ලන්ව දැක්කේ නෑ.

    කිව්වත් වගේ ඒ කුරුල්ලෝ නො එන්නේ මාතලන්ගේ තියරි එකට වෙන්න ඕනේ.

    ReplyDelete
  2. ඇයි සිවුරු හොරත් ඉන්නවානේ... ඌට දැං කියන්නේ හොර සිවුරා කියලා...

    ReplyDelete
  3. ඇත්ත නේන්නම් කාලෙකින් මේ අයව දැක්කෙ නෑ...

    ReplyDelete
  4. @ ඉල් මොන්දෝ
    මං කවදැයි බොරු කිව්වේ..

    ReplyDelete
  5. @ ප්‍රසන්න
    වැහි වැහැල.. වැහි වැහැලා.. එකෙක් මේ ළඟදී සිවුර විසි කොරලම දැම්මා..

    ReplyDelete
  6. @ නිසූපා
    උන් දන්නෙ නෑ. කිසි අවුලක් නෑ කියලා. මේ කවිය දැක්කයින් පස්සේ එයි..

    ReplyDelete
  7. සුදු රෙදි හොරා කියන කුරුල්ලව පුංචි කාලෙ දැක්කට පස්සෙ දැකල නැහ... අවුරුදු 20 කින් වත්... ඒ තියා සමනලයෙක් වත් දකින්න නැහ නේ ලේසියකට

    ReplyDelete
  8. සුදෝ සුදු රෙදි හොරුන්
    සමඟ සුදු, සුදු හොරුන්
    කළු හොරුන් එකතුවෙන්
    උඹව මඟහැරුනිද ඉතින්

    ReplyDelete
  9. අනේ මන්ද අරහෙ මය්ය බොරු කාරයො ගැන ලියනව, මෙහෙ මාතලන් හොරු ගැන කවියෙන් ලියනව. අපි කොහොමද අත පය දිග ඇරල නිදා ගන්නෙ වත්

    ReplyDelete
  10. @ ඉන්දික උපශාන්ත
    මග හැරීමක් නොවේ
    බය වෙලා නම් වගේ
    කවිය දුටු පසුවවත්
    ඒවිදෝ සැක සිතේ

    ReplyDelete
  11. @ පිස්සා පළාමල්ල
    ඉඳිය මේ කොරන වන සංහාරෙට..

    ReplyDelete
  12. @ ඔබ්සර්වර්
    අවදිවෙලා සිටිය යුතු කාළයක් මේ ලොක්කෝ

    ReplyDelete
  13. ඔන්න මේ අහිංසක සතාට අපහාස කරනව හෙම නෙමෙයි මාතලන් අයියේ

    ReplyDelete
  14. @ හරී - පිනිපළස
    අනේ නෑ.. මම බර්ඩ් වොචින් කොරන කෙනෙක්..

    ReplyDelete
  15. පට්ටම කවි ටික.. හැමෝම දන්න ඇත්තක් ලස්සනට කැටි කරලා තියනවානේ....

    හැංගිලා ඉන්න හැමෝම දැන් එලියට ඒවි....

    ReplyDelete
  16. @ දේවා ගේ අඩවිය
    ඒවී. ඇවිත් ආයේ යාවී. ලැජ්ජ හිතිලා..

    ReplyDelete
  17. මෙයා සංචාරක පක්ෂියෙක්නේ ?. ඉස්සර කැලණිය පැත්තට හරියට එනවා. දැන් ටුවරිසම් හොඳ හින්දා ආයේ එයි. අපිට නම් කපුටෙක්වත් නැතිය .

    ReplyDelete
  18. @ බින්දි
    ඔයා ඉන්නේ ලස්සන රටක නේද...?

    ReplyDelete
  19. එන්න බයයි පනේ..
    මගේ රෙද්දත් ගලවගත්තොත් හෙම උන්?

    ReplyDelete
  20. @ ගිම්හානී.
    මැරෙන්න හිනා.. දැනට හොඳම කොමෙන්ට් එක..

    ReplyDelete
  21. සුදු කෙසේ වෙතත් හොරු නම් පිරිලා මේ පැත්තෙ

    ReplyDelete
  22. @ දිල්
    හොරු ඔක්කොම සුදු ඇඳලා.

    ReplyDelete
  23. මෙතෙන්ට මගෙන් වෙන්ට ඕන ටික කොරන්නම්,
    බින්දි අක්කෙ ඔයා කීවම තමා ක්ලික් වුනේ අපෙ පුංචි කැලණියෙ එහෙ ඉස්සර පිරිලා ඇත්තට දැන් අඩුද මංදා,
    එක්කො මං යන කාලෙ අවුලක්.
    ඒත් හිතපුරා නිදහසේ මූව දැක්කා මං.
    හරි
    මේ පක්ෂීන්ගේ උප විශේෂ දෙකකට අයිති උන් තමා මේ සුදු සහ ගුරු පාට එවුන්.
    සුදු එකාට සිවුරු හොරා කියන්වනෙ.
    ඒත් සුදු රෙදි හොරාගෙත් ගෑනි ගුරු පාටයි.
    ඒත් උගෙ පෙන්ඳය කොටයි.
    සුදු පාට එවුන් (සහ උගෙ ගෑනූ
    එන්නෙ පිටරටින්, ඉන්දියාව පැත්තෙන්.
    ලංකාවෙ නිවැසි එකා ගුරු පාටයි.
    උගෙ ගෑනු සතත් ගුරු පාටයි.
    පිරිමි සතාගෙ පෙන්ද දිගයි.
    පෙන්ද ඩිග ඩෙන්න වෙනස්.
    පෙන්ද දිග ගෑනු එක වගේ.
    කොහොම වුනත් මුං මේ පැත්තෙ නම් බොහොම අඩුයි.
    (නුවර)
    ඒත් ම්ම මහියංගනේදි ඕනතරම් දැක්ක (http://myideasgordoniaceylanica.blogspot.com/2011/06/3-weeks-with-nature.html).
    කැළණියෙ දකින එවුන් ගුරු පාටයි,
    ඒත් කියන්න බෑනෙ ගෑනු එකයිනෙ.
    කොහොම වුනත් ,
    සත්ව ලෝකෙ ගෑණුන්ට වඩා මිනිහො ලස්සනයි.
    ස්තූතියි.

    ReplyDelete
  24. සුදු රෙදි හොරාගෙ අනික් එකා
    සිවුරු හොරා
    පංසල් වලට යෑමට තහනම් කරපු පක්ෂියා.

    ReplyDelete
  25. @ ගොර්ඩෝනියා සෙයිලනිකා
    පරිසරයට ආදරය කොරන කෙනෙක් වගේ..

    ReplyDelete
  26. @ මාතලන්
    ඉන්නේ ලස්සන රටකය . ඒත් කුරුල්ලන් ඉන්නේ වනාන්තර වල පමණි. නගරයට එන්නේ නැත . අපේ කොට්ටාව හන්දියේ පුංචි ගෙවත්තේ කොපමණ කුරුල්ලන් ලේනුන් සිටීද . මෙහෙ නගරයේ වැව් ..උද්‍යාන ..ගහකොළ ඕනෑතරම් . මලින් පිරුණු ලස්සන නගරක් .ගේ ලගම පුංචි වැව් පොඩ්ඩක් . ඒත් කුරුල්ලෝ නැත. මක් වීදැයි නොදනිමි. උන්ව කෑවාද කියා සැකය .
    @ ගොර්ඩෝනියා සෙයිලනිකා,
    ස්තුතියි විස්තර ටිකට . කොළඹට සැතපුම් කීපයක් දුරින් පිහිටි කැලණිය අපි පොඩි කාලයේ ඉතාම ලස්සනයි. දැනුත් ටිකක් හොඳයි. හැබැයි කර්මාන්ත පුරවල් කීපයක් අහල පහල ඉදි වෙලා . සපුගස්කන්ද පැත්තේ කාර්මික ජනපදයක් . අනික් අතින් බියගම නිදහස් වෙළඳ කලාපේ . දුකයි තමයි. ඒත් මිනිස්සුන්ට රස්සාත් ඕනනේ . ලෝකේ වෙනස් වෙනවා .

    ReplyDelete
  27. @ බින්දි
    මමත් කැළණියේ, වරාගොඩ.

    ReplyDelete
  28. අඩේ අප්ප මාතලන් අයියා මාත් වරාගොඩ ගැන තම අකියන්නෙ,
    අපෙ පුංචි වරාගොඩ සපරමාදු පෙදෙසෙ ඉන්නෙ,

    ReplyDelete
  29. @ ගොර්ඩෝනීයා සෙයිලනිකා
    එහෙනම් මම අයියා නොවෙය අන්කල්ය. ලතා ඇන්ටිලගේ ගෙදර පිටිපස්සේ ගෙදර හිටපු චෙෆ් ජනක මගේ එක කාළයක හොඳම මිතුරාය. සපරමාදුලා සේරමත් මගේ හොඳ මිතුරන්ය. සමහර විට ඔයාගේ තාත්තාත් මගේ මිතුරෙක් විය හැකිය.

    ReplyDelete
  30. මාතලන් මාමා එහෙනම් අපේ බාප්පා අඳුරනවා විය හැක.
    නීතීඥ ප්‍රේමසුන්දර.
    අපේ පුංචි යයි කීවාට ඇය අපේ නැන්දාය.
    ලතාගේ ගෙදර ඇය ඉන්න ගෙදරට ඉදිරියේය තියන්නේ.
    ඇය කොළඹ ගියේ විවාහ වූ පසුය.
    මම නුවරය.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න