.

.

Sep 9, 2011

ආතල් මල් - Real Flowers

මේ මොකද මේ ..
රෝසී, සකුරා, සේපාලිකා ..
මා වටකරන් ..
හරි ලස්සනලු, සුවඳයිලු ..

නෙළුම්, මානෙල්, ඕලූ ත් ඇවිල්ලා..
පූජනීයයි කියන්නේ ..
ඉතිං මයෙ මොකෝ.....

එපා මට කෙහෙල් මල් ..
ලොවේ කොතනක ගියත් ..
මං ආදරේ කරන, මට ආදරේ කරන ..
උඹට පමණයි ආදරේ මං..
මගේ මල් එතනෝ ...

පොලිටික්ස් ආතල් වගේද .....?
සංතාප අර තාප මේ තාප ...
නැති බංගස් වෙලා යන්න ..

මගෙ මල් එතනෝ ..
මම මල් ඔතනෝ ..

එන්න එන්න අපෙනුත් ගන්න මල් ...
හරි ලාබයි, හරි ආතල් ..
ඕගොල්ලොත් ගන්න ..

...o0O0o...

මේක මගේ "පින්තූරූ" කියන බ්ලොග් එකේ දාපු එකක්. ඒකට පොඩි පබ්ලිසිටි එකක් ගන්න ආයෙත් මේකේ දැම්මේ. දොස්තර නෝනගෙයි, ගිම්හානීගෙයි ඉල්ලීමට ඒ බ්ලොග් එක ආයෙත් ඇක්ටිව් කළා. ඊට අමතරව මගේ "සින්ඩියෙත්" මම කැමති කවි, ආධුනකයින්ගේ කවි සහ මගේ කෙටි කවි එහෙම පලවෙනවා. ඔයාලට පුළුවන් කෙටි නිර්මාණ ඒකට යොමු කරන්න. ඒ ඇර සමාජ හා කාළීන සිඳුවීම් ගැන මට හිතෙන දේවල් මගේ "පද්‍ය - කවි - ඒ වගේ ඒවා" කියන බ්ලොග් එකේ යනව..

මේ ටිකේ පොඩි රවුමක් යනව. ආව ගමන් කොමෙන්ට්ස්වලට රිප්ලයි දෙන්නම්..


මේ සියවෙනි පෝස්ට් එක..
ආතල්නේ..!!!

50 comments:

  1. මෙව්ව තමයි මාතලන් අයිය රියල් මල් කියන්නෙ...

    100 ට සුභ පැතුම් අයිය !...

    ReplyDelete
  2. සීයට සුබ පැතුම් මගෙනුත්....:D

    ReplyDelete
  3. බොලේ සිය වෙනි පෝස්ට් එකද?

    Wish you a "Happy Journey"

    ReplyDelete
  4. ඔය කොයි මලාටත් වඩා ඒ මල හොදයි නේන්නම්... 100 ට සුබ පැතුම් මගෙනුත්.... 100 සමරන්න මලක් තිබ්බනම හප්පා....

    ReplyDelete
  5. වටපිට බල බල මල් ඔතනෝ........

    ReplyDelete
  6. නියමයි නියමයි. අපෙනුත් යම් සේවයක් වෙලා තියනවා එහෙනම්. සතුටුයි ඇත්තටම ඔබ වැනි ප්‍රවීණයෙක් එහෙම කියනකොට.

    සුභ පතනව ඉත සිතින්ම........

    ReplyDelete
  7. 100 වෙනි ලිපියට මගෙනුත් උණුසුම් සුභපැතුම් මාතලන්. දිගටම මේ වගේ ලියන්න. මම ගොඩක් කැමති බ්ලොග් එකක්

    ReplyDelete
  8. 100 සුභ පැතුම්... යන රවුමෙදී හම්බුවෙන මල් ටිකක් ගෙනාවනම් මරු.

    ReplyDelete
  9. සීයට බොක්කෙන්ම සුභ පැතුම් ඈ . . .

    "මගෙ මල් එතනෝ ..
    මම මල් ඔතනෝ .."

    හික්ස්

    ReplyDelete
  10. ශතකයට මගෙනුත් සුබ පැතුම්....

    ReplyDelete
  11. අප්පට සිරි... සීයද... එලැ එලැ... සුභ සහ ජය

    ReplyDelete
  12. අඩේ 100 ටත් ආව එහෙනම් , සුභ පැතුම් අයියා !!

    ReplyDelete
  13. සීයයට සුභ පැතුම්!

    ReplyDelete
  14. මාතලන් සුබ පතන්න මමත් එක් වුණා ..

    ReplyDelete
  15. සුභ පැතුම් අයියා....100වෙනි පොස්ට් එකට...

    ReplyDelete
  16. මේකනං මලක් උරන ගමං ලියපු එකක් වගේ!
    සියට සුභපැතුම්.
    ඩබල් කවුන්ටින් නෑ නේද? මලේ කයිය දෙපාරක් ගැන්නාද?

    ReplyDelete
  17. දැනට අවුරැදු දහයකට පහලොවකට විතර කලින් මල් හරි ගණන්. දර තමයි ලාබෙට තිබ්බේ. ආරි අයිය තමයි දෙයියෝ වගේ දණහිසේ හංගගෙන බඩු දුන්නේ. කොලේ හොද දවසට මල් හතයි. චොකලට් එහෙමත් එනවා. පස්සේ කාලෙක තිස්සමහාරාමේ මලක් එහෙමත් හම්බවුනා. අම්පාරේ කෝපි ගහලා දණිස් පොල්කටු දෙකත් එක්ක නැමුණු හැටි තාම මතකයි. ඇද උඩ ගහලා තිබ්බ බොබ් මාලේගෙන් ගන්න තිබ්බේ මල විතරක් නෙවෙයි කියලා තේරැනේ පස්සේ තමයි. කොහොමත් ඒ කාලේ ආතල්. මල් ආතල්. ගල් ගහලා ගෙදර සද්දේ දාපු යාළුවෙකුට මල් දීලා අක්කා කිව්වා අනේ මල්ලි අයියට ගොළු බේත් දුන්නට පින් සිද්ධ වෙනවා කියලා.යාළුවෙකුගේ ගෙදර ගහක් දහලා දරයි මලුයි දෙකටම වග කියපු එකත් අමතක කරන්න බැහැ. මල් ගැන කතා ගොඩයි.

    ඒත් දැන් මලටයි දුමටයි දෙකටම තිත.
    (මල් ගැන කිව්වහම කපුගේව කොහොම අමතක කරන්නද. මල්-චොකලට්-කපුගේ)

    ReplyDelete
  18. සුබ පැතුම් මගෙනුත්...

    ReplyDelete
  19. තිසර : මල් + චොකලට් + කපුගෙ කියන්නේ ඉතින් වචන නැත

    ReplyDelete
  20. මොකද බං මේ හැමෝම "සීයට" සුභ පැතුම් කියන්නෙ "සියයට" නොකිය. වහෙන් ඔරෝ කියන්නෙ නාකියට සුභ පැතුම් කියලවද්ද?

    මම නං ඔන්න කෙලින්ම කිව්ව "සීයට" සුභ පැතුම්!

    ReplyDelete
  21. සුභ පැතුම් අය්යේ 100 වෙනි පොස්ට් එකට මගෙනුත්....

    ගොඩාක් හොද බ්ලොග් එකක් වගේම ඒක ලියන ඔබත් ගොඩාක් හොද කෙනෙක් කියලා මම ගොඩාක් හොදින් දන්නවනේ

    ජය වේවා...

    ReplyDelete
  22. මාතලන්, මට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්ට ඕනේ...ඒක කොහොමද අහන්නේ ???

    ReplyDelete
  23. "මගෙ මල් එතනෝ
    මම මල් ඔතනෝ" :D

    සියවෙනි කඩඉමට උණුසුම් සුභ පැතුම්.

    ReplyDelete
  24. මගෙ මල් එතනෝ
    සුරතල් එතනෝ

    ගන්න ගන්න කිරි
    බොන්න බොන්න කිරි

    පීනමු කිරි සාගරේ....

    ReplyDelete
  25. @ සාතන්
    අනේද කියන්නේ...?

    ReplyDelete
  26. @ podi kumarihamy
    තෑන්ක්ස් කුමාරීහමී

    ReplyDelete
  27. @ ඔබ්සර්වර්

    ඒක නේන්නම්.. තෑන්ක්ස් ඔබා මාමේ

    ReplyDelete
  28. @ පිස්සා පළාමල්ල

    වෙලාවක මලක් ගහමු.. තෑන්ක්ස් කොදුයි

    ReplyDelete
  29. @ පිසාචයා

    119 එයි කියලද...?

    ReplyDelete
  30. @ ගිම්හානී
    ඔහේගේ කොමෙන්ට් එක නැති පොස්ට් එක
    පරිප්පු නැති හෝටෙල් එක වගේ
    තෑන්ක්ස් කෙල්ලෙ.. ගොඩක් පින්

    ReplyDelete
  31. @ blog gadol
    තෑන්කූ අගය කිරීමට

    ReplyDelete
  32. @ prasanna86k
    තෑන්ක්ස්.. යකෝ ප්‍රවාහනයත් නීතී විරෝධි..

    ReplyDelete
  33. @ දුකා
    උඹට ගොඩක් පින් එදා ඉඳළම උඹ මට ශක්තියක්..

    ReplyDelete
  34. @ අභීත
    තෑන්ක්ස් ලොක්කා...

    ReplyDelete
  35. @ අභීත
    තෑන්ක්ස් පොඩි මෑන්....

    ReplyDelete
  36. @ ChammA
    තෑන්ක්ස් චම්මෝ...

    ReplyDelete
  37. @ පුතා
    සිතූතියි පුතේ...

    ReplyDelete
  38. @ හිස් අහස
    ගොඩක් ටැන්කූ...

    ReplyDelete
  39. @ තිසර
    මම කලක් ජනප්‍රිය තරුවක් එක්ක රට වටේ යන කොට කපුගේ සමග මල් සුවඳ විඳළ තියෙනව. මලකටත් වඩා සුවඳ මනුස්සයෙක්. ඇන්ව්ලොප් එක බලන්නේ නෑ ජීතීතේට. ඒ නිසා සමහර වෙලාවට හිස ඒවත් හම්බ වෙලා තියෙනව කිව්වේ හිනා වෙවී..

    ReplyDelete
  40. @ outsider
    ඔහේටත් ටෑන්ක්ස් වේවා..

    ReplyDelete
  41. @ නිසූපා

    තෑන්ක්ස් කෙල්ලේ...

    ReplyDelete
  42. @ කතන්දර
    ඔහේ තමයි මට පාර පෙන්නුවේ
    ගොඩාක් පින් කරදර විඳපු කාලෙත් හොයල බැලුවට

    ReplyDelete
  43. @ ඉන්දික උපශාන්ත
    ඒකනේ බන් බලපන්කෝ.. මට එච්චර වයසක්යෑ..
    ඔහෙත් එදා ඉඳලම මට සප් එක දීපූ පොරක්..

    ReplyDelete
  44. @ දේවා ගේ අඩවිය
    තැන්කූ කොල්ලෝ...
    මම හොඳා........................යි

    ReplyDelete
  45. @ podi kumarihami
    මොකක්ද කෙල්ලේ ප්‍රශ්නේ..
    ඕන එකක් අහපන්..
    අපි ඕන දේකට රෙඩි..

    ReplyDelete
  46. @ නලිනි චන්දිමා
    බෙහෙතක් නේ නෝනේ..
    ස්තූතියි ....

    ReplyDelete
  47. @ Dhayal Bathi
    තන කිරිද..? එළ කිරිද...?

    ReplyDelete
  48. 100ට සුබ පැතුම්!!
    තවත් දිගුකල් ලියන්න වාසනාව ලැබේවා!! :)

    ReplyDelete
  49. @ හිම කුමාරී
    තෑන්ක්ස් ස්නෝවී..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න