.

.

Aug 10, 2012

රජ ගෙදර මැකෝ - Roayal Macaw


ජනාධිපතිතුමා ආරක්ෂක එකේ කෂ්ටියට මැකෝ ගිරවා පොඩ්ඩකට ගෙනෙන්නැයි කීවේය. ටික වෙලාවක් ගියත් මැකෝවත්, මැක්කෙක්වත් නැති නිසා ළඟ හිටපු එකෙකුට කිව්වේ. "මම අරුංට ගිරවා ගේන්න කිව්වා, බලනවා තාම මොකො නැත්තේ" කියලාය. ඌ ඇවිත් ලොක්කාට කිව්වේ "සෑර්.. ඌ පැනලා ගිහිල්ලා කියලාය". අර මක්කැයි උනේ කියන කොටම, වෙල්ලමුල්ලිවෛක්කාල් වල අහු උන කොටි ටිකක් වගේ ලොක්කා ගාවට ආපු ගාඩ් එකේ උන්ගෙන් එතුමා ඇහුවේ "කෝ යකෝ මැකෝ" කියලාය. "බුදු සෑර් ඌ එක පාරටම ඉගිල්ලිලා ගියා, අපි මේ ඌව හොයනවා" කියපු උන්ගේ අම්මලා ගැන මොන මොනවාදෝ කියපු ජනාධිපතිතුමා, මලත් අතේ තියාගෙන ඇතුලට ගිහින් ආරක්ෂක මල්ලිට කෝල් එකක් ගත්තේය. "මල්ලි බලනවකෝ මාර වැඩේනේ, මැකෝ පැනලා ගිහිල්ලනේ" කියපු ලොක්කාට මල්ලි කිව්වේ "එහෙනම් මේ පාරත් කොම්පියුටර් ජිල්මාට දාලා, ආතතිය හැදෙයි කියලා බයේ පැනලා යන්න ඇති" කියාය."ඒ වාහේ නෙමේ ඕයි.. රජගෙදර මැකෝ" කියු ලොක්කා කිව්වේ හමුදාවේ ඔක්කෝම දාලා හරි මැකෝ හොයලා දෙන්න කියලාය.

ලොක්කා නෝනාට, දරුවන්ට, ජනතාවට, ජනතාවගේ දරුවන්ට ආදරේ වගේම, සතුන්ටත් ආදරේය. ඒ කාලේ හිටන් ලොක්කා ගාව සුරතල් සතුන් බොහොම ඉන්නවාය. ජනාධිපති උනයින් පස්සේ ඒ පිරිස වැඩි උනේය. ලොක්කා කියන එකම කියන ගිරවුන්ද, හරක්ද, බල්ලෝද, බූරුවෝ විතරක් නොව කොබෙයියන්ද හිටියත්, එතුමා වැඩියෙන්ම ආදරේ මේ මැකෝටය. ඌත් ලොක්කාට මාර විදියටම ආදරේ කළේය. මැකෝ කොච්චර ලොක්කාට ආදරේද කියනවනම් ඌ හිටියේ ලොක්කාගේ කරේය. අනික් සත්තු කොච්චර හුරතල් උනත් කරට ගත්තේ නැතිය. මොකෝ උන්, 2005 දී දීපූ ගේම් තවම මතක තියෙන නිසාය. හේමකුමාරයා ගිය දවසේවත් මෙතරම් දුකක් දැනුනේ නැති බව අහල පහල උන් කිව්වේය. හේමයා ගිය දවසේ ලොක්කා හොඳටම බය උනේය. ඒ උනාට ඒ බවක් පෙන්නන්නේ නැතුව රනිල්ටයි ජෙනරාල්ටයි කෝල් කරලා කිව්වේ "ඔන්න තමුසෙලාට කෙලවෙන්නයි යන්නේ, හේම කුමාරයා පස්සයක් හදලා අපි ඔක්කෝගෙම පස්ස බිම අනින්නයි යන්නේ" කියාය. ජනරාල් ඇහුවේ "ඇත්තටම සෑර් අපිට එහෙම වෙයිද...?" කියලාය. ඒ උනාට රනිල් කිව්වේ "යසපාලිතත් නැති එකේ සුනිල් ටී ට කියලා හේමකුමාරයයි, වාසුයි දාලා කොමඩියක් හැදුවනම් බොක්ස් ඔෆීස් රෙකෝඩ් කඩන්න පුළුවන්." කියාය.

හැම රාජ්‍ය ආයතනයකම ජාතික ගීය වාදනයෙන් පසු ඩෙස්මන් රුද්‍රීගූගේ "පෙත්තෝ පොඩි පෙත්තෝ" ගීතය වාදනය කරන්නේයි කියලා ජනාධිපති ලේඛම් කාරයාලයෙන් චක්‍රලේඛයක් ආවේය. ඒක දැකපු හඩ්ඩා කලේ පෙත්තන් ගැන තියෙන ගීතම පමණක් හඩු වාහිනියෙන් ප්‍රචාරය කරන එකය. සුනිල් ආරියරත්න පෙත්තාට උපහාර පිණිස ගීයක් රචනා කළේය. රෝහන වීරසිංහ ඒකට සංගීතය සැපවූයේය. නන්දා අක්කා, දීපිකා, චරිතා සමග එඩ්වඩ් ගීතය ගායනා කලේය. ජැකා ඒ ගීයේ මියුසික් වීඩියෝ එක කළ අතර වරායෙන් ඒවාට ගෙවිම් කලේය. මේ අතරේ මහජන බැකුවෙන් ලෝන් එකක් අරගෙන සෝමේ සහ රේණුකා කොහෙන්දෝ ගිරවෙකුත් සොයාගෙන පොඩි උන් දෙන්නෙකුත් දාගෙන "රජ මැකෝ" නමින් චිත්තරපටියක් සැදුවේය.

මේ අතරේ ජනධිපතිතුමා කිව්වේ, අගේට උන්න ගිරවා පැනලා ගියේ අර කාළකන්නි පත්තර කාරයෝ ආවට පස්සේ නිසා පොඩ්ඩක් උන්ගේ ගෙවල් සෝදිසි කරන්න කියලාය. පී ඇස් ඩී එකේ කෂ්ටිය ඉස්සේලාම ගියේ ගිරවා ගැන කලින් හිටන් දැනගෙන උන්න විමලේලයි ගෙදරය. එයට විරුද්ධව මානව හිමිකම් එකට ගියපු විමලෙලයි නෝනාට, මානව හිමිකම් එකෙන් කිව්වේ "මානව හිමිකම් වලට වඩා මැකෝ හිමිකම් වටින නිසා රස්සාවට කෙලින්නේ නැතුව ගෙදර යන්න" කියලාය. වික්ටර් අයිවන්ලයි ගෙදර ගියපු අයට එයා කිව්වේ "ගිරව් ඉන්නේ නයි ටී එන් එකේ නිසා එහේ චැක් කොරන්න" කියලාය. ස්වර්ණවාහිනිය පොඩි ටෙලියක් හදා නිව්ස් වලට දමා පෙන්නුවේය. ඒ උනාට ලොක්කාට කේන්ති ගියේ රනිල්ට පඩයක් ගියත් බ්‍රේකින් නිව්ස් දාන සිරසට මේක බ්‍රේකින් නිව්ස් එකක් නොවුන එක ගැනය.

මේ අතරේ මැකෝ හාබර් එකේ ඉන්නාව කියා ආරංච්යක් ඇවිත් එතනට ගියපු ආරක්ෂක එකේ කෂ්ටියට එතන හිටපු උන් කිව්වේ අල්ල ගන්න හදන කොටම, කළුතර රත්තරන් දැකලා එතනින් ඌ ගිය බවය. වැඩේ හරියන්නේ නැති නිසා කේස් එක ඉන්ටපෝල් එකට රිපෝට් කළේ, බැරි වෙලාවත් ජිනීවාවල ඊළඟ සැසිවාරයෙදි රජතුමාගේ මැකෝවත් අතුරුදහන් වෙන ආන්ඩුවක් උතුරේ මැක්කන්ට ආරක්ෂාව දෙන්නේ කෙසේදැයි අනිවාර්යයෙන් අහන නිසාය. මේ අව් අස්සේ ඉන්ටපෝල් එකෙන් ලොක්කාට කෝල් එකක් ආවේය. එහාපැත්තෙන් කිව්වේ මැකෝ ඉන්න බවත්, ඌට ප්‍රසිඩන්ට කතා කරන්න ඕන බවත්ය. "අනේ මැකෝ රජ අහාර කවලා, රන් කූඩුවේ තියලා, ඇති කරන්න ගත්ත මැකෝ ගිරවෝ, අත අරින්න කියලා කිව්වත් මෙහෙ අයලා, ගියේ ඇයිද මාව මෙහි දමාලා." කියලාය. මැකෝ කිව්වේ "හිත නරක් උන නිසා ගියා" කියලාය. "හිත නරක් උනේ ඇයි..?" කියලා ඇහුවාම මැකෝ කිව්වේ "අර ඔයාගේ, හදාගන්න ගත්ත පුතයි, ලයිට් කපන්නේ නැති හාදයයි, ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාරයෝ කියලා හැම තිස්සේම කියන නිසා" කියලාය. "ඒ කියන්නේ ඔහේට නෙමෙයි අනේ" කියපු ලොක්කාට මැකෝ කිව්වේ ඇමරිකන් කාරයෝ පට්ට ගහන ගැහිල්ලට, ඇමරිකාවේ ඉඳලා ආපූ මල්ලිලා දෙන්නත් වෙලාවක ගියොත් කලබල වෙන්න එපා කියලාය.

48 comments:

  1. කව්ද මේ මැකෝ?... මට නම් තේරුනේ නෑ බන් අයියෙ... කවුරුවත් ගියැයි?...

    ReplyDelete
    Replies
    1. රජගෙදර මැකෝ ගිරවා පැනල ගිහින් වරායේ ක්‍රේන් එකක් උඩ හිටිය බව උඹ දන්නේ නැද්ද?

      Delete
    2. ඔන්න උත්තරේ.. හරිනේ

      Delete
  2. " ඒ කාලේ හිටන් ලොක්කා ගාව සුරතල් සතුන් බොහොම ඉන්නවාය. ජනාධිපති උනයින් පස්සේ ඒ පිරිස වැඩි උනේය. ලොක්කා කියන එකම කියන ගිරවුන්ද, හරක්ද, බල්ලෝද, බූරුවෝ විතරක් නොව කොබෙයියන්ද හිටියත්, "

    +++++++

    ReplyDelete
    Replies
    1. කොබෙයියෙක් නැගෙනහිරින් වෙනම සෙට් එකක් දාලා නේ

      Delete
  3. මැකෝ මැරිලා බොඩි එක හම්බුනානම් සෝමා වාහිනිය පැය 24 ම සජීවි විස්තර ප්‍ර‍චාරයක් දෙයි.. උන්ට මළගෙවල් පෙන්නන්න බැරිය.. තමන්ගේම එකක් මෙන් දුක හිතෙනවාය.. ප්‍ර‍වෘත්ති කියන වුන්ද ආයාසයෙන් දුක දරාගෙන කදුලු පුරවාගෙන කථාව කියාගෙන යනවාය.

    මැකෝ දැන් ආයෙත් හිටපු තැනටම ගියාද ?

    ReplyDelete
    Replies
    1. මැකෝ මැරිල ම‍රා ලතොනි දිදී අඞද්දි ම‍රාගෙ මූන සෝම අක්ක සූම් ක‍රල පෙන්නනකොට කොහොමද ආතල් එක

      Delete
    2. දවස් 7ක් ශෝක කාළයක් දාන්නත් බැරි නෑ...

      Delete
  4. මැකෝ ගේ පුනරාගමනය හික්ස්

    ReplyDelete
  5. අනේ පව් මැකෝ..මට හරි සන්තෝස හිතුනා...

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ විපතකදි දුක්වෙන එක හරි නෑ නේ

      Delete
  6. මැකෝට පැත්ත මාරු කරන්න හිතිලා පොඩි ට්‍රයල් එකක් දාන්න ඇති ලොක්කගෙ රෙස්පොන්ස් එක බලන්න.

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ හැම පාටම තියෙන සතෙක් නේ. හරියට ඇමති මන්ඩළේ ඉන්න උන් වගේ..

      Delete
  7. හොක් හොක් හොක්..
    නියම මැකෝ..

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ එහෙම කියන්නේ

      Delete
  8. විලිලැජ්ජාවේ සන්තෝසෙ බෑ ......!!!!!!!!!!!

    ReplyDelete
  9. කවුද ඇමරිකාවට බනින්නෙ ඈ

    ReplyDelete
    Replies
    1. අර අරන් හදාගන්න පුතා තමයි වැඩිපුර බනින්නේ

      Delete
  10. //ජනරාල් ඇහුවේ "ඇත්තටම සෑර් අපිට එහෙම වෙයිද...?" කියලාය. ඒ උනාට රනිල් කිව්වේ "යසපාලිතත් නැති එකේ සුනිල් ටී ට කියලා හේමකුමාරයයි, වාසුයි දාලා කොමඩියක් හැදුවනම් බොක්ස් ඔෆීස් රෙකෝඩ් කඩන්න පුළුවන්." කියාය.//

    ReplyDelete
  11. අප්පට සිරි ... මම හිතුවෙ රාවයෙ විමලනාත් වීරරත්නගෙ මේ සතියෙ කොලම කලින්ම මාතලන්ගෙ බ්ලොගේ දාලය කියල.

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රියතම තීරු ළිපිය. මේ ළඟදිත් සම්මානයට පාත්‍ර උනා...

      Delete
  12. මන්දිරේට ආපු කව්ද පඩත්තරෙයක් පෙත්තව නොමග යවලා. බත් කෑවද පෙත්තෝ? කියලා ආහපුවාම පෙත්තා දැන් කියන්නේ "රට කෑවා, රට කෑවා" කියලලු. ලොක්කා සහ පෙත්තා අතර මේ සම්බන්ධයෙන් හටගත් ආරවුල දුරදිග ගිය නිසා අර මැකෝ වගේම මේ මැකොත් පැන්නා කියලයි රටේ තොටේ නොසන්ඩාලයෝ කතා වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය දේශද්‍රෝහින්ගේ කතා නේ ආයිබෝවන්ඩ
      මහ එපා කරපුම ජාතිය

      Delete
  13. ඇර සොයිසා!

    බූන්දියේ හොඳ කයියක් ගියා නේද මේ ගැන.

    ReplyDelete
  14. විමලනාත් වීරරත්ත රාවයට ලියන කොලම මතක් උනා.එයත් මැකෝ ගැන ලියල තිබුනෙ.හැබැයි ඉතින් මැකෝට ෆයිට් එකක් දෙන්න තියා ලං වෙන්න වත් බැරි ගිරවු ටිකක් ලොක්ක ළඟ ඔය ඉදුල් කමින් ඉන්නේ !

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඒ ගිරව්
      අත ඇරියත් දාලා නොයන උන් නම් නෙමෙයි

      Delete
  15. මොකද දන්නවද ඔය මැකෝ ඔච්චර අමාරුවෙන් හොයන්නෙ. ලොක්ක නිතරම මුමුණන වචන ඔක්කොම ඌට කටපාඩං. ඌ ඕව කොහේ හරි ඉඳගෙන වැමෑරුවොත් කාඩ් කුඩු.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ රටම කතාකරන්නේ ඒ බාසාවනේ

      Delete
  16. :D මැකෝ ගිය දුරක්

    ReplyDelete
    Replies
    1. ගොඩක් දුර යන්න බෑ කියලයි කියන්නේ

      Delete
  17. මැකෝ මැක්කා වී නම්... බලු තඩියා ලගම සිටින්නේය..

    තේරුනාද ඔයාලට ?

    ReplyDelete
    Replies
    1. මේ ඔහේ පඬියා නොවී ඉන්නවැයි..

      තේරුනා... තේරුනා... :)

      Delete
  18. මැකෝ නිසා උන දෙයක්..

    ReplyDelete
  19. මහින්දගේ ගිරවාත් පැන යයි.
    -පුවතක්

    රස ආහර කවලා රං කූඩුවෙ දමලා
    ඇති කරන්න ගත්තු මැකෝ ගිරවා
    ඉගිල ගියත් පැනලා - ගිරව් මෙහේ පිරිලා
    හිතුවද උං දාල යයි කියාලා

    මම බත් කෑවද යකුනෙ කියල ඇහුවම
    ඔව් අපි බත් කෑව කියනවා
    මම තොපිව ගිහින් කැලේ අත අරින්නද
    අනේ රජෝ එපා කියනවා

    අපි ඇති කෙරුවත් පිළිකන්නේ තියලා
    කුස පිරෙන්න රජ ආහර කවලා
    ගිරවුන් යනවලු ලැබුනොත් පැනලා
    ඔබ යනවද මටත් එහෙම ඇරලා

    වත්තෙ පොල් හැදෙන්නෙ නෑ
    මැඳුරෙ සිරියාවක් නෑ
    ඔබ නැති නම් මේ දේවල් නෑ
    ගිරවුන් හොඳ නෑ මේ ගිරවු එහෙම නෑ
    අත හැරියත් දාල යන්නෙ නෑ

    http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtCat=DONP&ArtID=2783

    ReplyDelete
    Replies
    1. බෙදා හදා ගත්තට ස්තූතියි...

      Delete
  20. මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතල් ගිරවා ඊයේ කූඩුවෙන් එළියට පැමිණ වරාය භූමියට පැමිණ ඇතැයි වාර්තා වේ. මෙම ගිරවා ඇමර්සන් වනාන්තරයේ ජීවත්වන මැකෝ වර්ගයට අයත් එකෙකි.

    ඊයේ ගිරවා වරායට පැමිණීමෙන් පසුව ජනාධිපති ආරක්ෂක අංශයේ සිවිල් ඇඳුමෙන් සැරසුණු නිලධාරීන් පිරිසක් සහ ගිරවාට සාත්තු කරන සේවකයින් පිරිසක් පැමිණ ඌ අල්ලා ගැනීමට උත්සාහ දරා තිබේ. වරායේ දොඹකරයක වසා සිටි ඌට සේවකයින් කතා කර ඇතත් ඌ අල්ලා ගැනීමට හැකි වී නැත. ඊයේ සවස් වන තුරුම එම උත්සාහය සාර්ථක කර ගැනීමට නොහැකි වී ඇත. පසුව ඌ ගස්වල ඉහළ අතුවලට පියඹින් සිටි බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

    ගිරවා දැකීමෙන් අපහසුතාවයට පත් වූ කපුටන් ඌට කොටන්නට පටන් ගෙන ඇති බවත් කපුටන් එළවීමට රතිඤ්ඤා පත්තු කරමින් කපුටන්ගෙන් ගිරවා බේරා ගැනීමට උත්සාහ දරා තිබේ. මේ ගාලගෝට්ටිය නිසා ගිරවාද කලබලයට පත්ව තිබේ. ඌ මේ වන විට වරායෙන්ද පලා ගොස් ඇති බවත් ගිරවා සෙවීමේ කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින බවත් වාර්තා වේ.

    මෙම පුවත තහවුරු කර ගැනීමේ අරමුණෙන් වරායේ සේවකයින් කිහිප දෙනකු ඇමතූ ‘ලංකාවිව්ස්’ වෙත තවත් අපූරු කතාවක්ද වාර්තා විය.
    ‘‘ගිරවෙක් දොඹකරේ උඩ වහලා ඉන්නවා දැකලා ‘පෙත්තෝ බත් කෑවද?’ කියලා අපි ඇහුවා. ‘රට කෑවා... රට කෑවා...’ කියලා කෑ ගහලා ඌ ඉගිලිලා ගියා’’ යැයි සේවකයකු පැවසීය.

    http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=15280:2012-07-26-09-34-42&catid=35:2008-10-13-08-30-14&Itemid=48

    ReplyDelete
    Replies
    1. බෙදා හදා ගත්තට ස්තූතියි...

      Delete
  21. ගිරවාට කළකිරිමක් ඇතිවෙලා....

    ReplyDelete
  22. මාතලන් මකොව අල්ලගෙන හතර අතටම වනල තියෙනවනොව මදි නොකියන්න. අර නයා ගෙට ආපු කතාව වගේ.

    එත් මෙතන අසදාරනයකට ලක් වුන කට්ටියකුත් ඉන්නවා. මම පොඩ්ඩක් ඒ අය වෙනුවෙන් වචනයක් ලියන්නම්.

    හුලන් විදුලියේ "හඩු යන අත" වැඩසටහනින් දෙලෝ නැතිව පෙත්ත හොරකම් කරපු උන්ට දවස ගානේ බනින්න පටන් ගත්ත. ඒ මදිවට ශෝක කාලයක් ප්‍රකාශ කරලා "චැවුන් .... චාවුඋන් ..." මියුසික් එක යන්න ගත්ත. දොරමඩලාවෙත් පෙත්තාගේ ශ්‍රේෂ්ඨත්වය ගැන විශේෂ වැඩසටහනක් ගියා. "බලන්න හසන්ත, මේ පෙත්තා වහන්සේ එසේ මෙසේ වහන්සෙක් නෙවෙයි ... මහා රාජ තේජස් සහිත ....".

    කැළණි පුරවරයේ "පෙත්තාරමුදල" කියල එකකට හිටු කියල බලෙන්ම සල්ලි එකතු කරන්න ගත්ත. ආයතන වල ජාතික කොඩිය උස්සල, ආයේ අඩ කුඹ කරා .

    ReplyDelete
    Replies
    1. අම්මප ඔය ටික මට මිස් උනානේ..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න