.

.

Sep 16, 2012

නීචකුල වශී ගුරුකම් (16+) - Healing Doctor (16+)


සියල්ල අභිබවා කරන
අති ප්‍රබල නීචකුල වශී ගුරුකම්


කොල්ලන්ට

කොයිතරම් ට්‍රයි කලත්
නොම්මරේ ඉල්ලුවත්
හිඟන්නෙක් සේ දුකින්
ආදරේ ඉල්ලුවත්


කිට මරා වැඩක් නැත
හිඟා කා පලක් වෙද..?
කෙල්ලගේ කෙස් ගහක්
රැගෙන විත් හමුවන්න...

කොහෙන් කියලද ඇහුවේ..?
වෙන කොහෙන්දෝ ඉතින්
මල් පුදා වඳින තැන...
දනා ගසා ඉඹින තැන...


කෙල්ලන්ට

කොල්ලා... හොඳ හැන්ඩියාද...?
ඇන්ඩ්‍රොයිඩ්, ටැබ්, තියෙනවාද...?
CBR එකේ..., යන කොට...
ඇහැක් වහලා බලන් නැද්ද...?

ළොකු අයියා, කන පැලුවද..?
අප්පුච්චා, ගුටි දුන්නද..?
අම්මා, සැර වැර කළාද..?
වහ බොන්නට හිතෙනවාද..?

එපා පන නහගන්න..
පැමිණ මා හමුවන්න.
වරු තුනයි පූජාව...
දින හතෙන් ජයගන්න.

රහසිගත සියළු දෙය...
පරපුරින් පැමිණි එය...
රොඩී දැහැනින් බලා..
බොහෝ අය ගොඩ කලා.

ඔබ දුකට පිහිට වන...!!!
මාතලන් වල්ලියා....!!!
අදම විත් හමුවන්න...
ප්‍රත්‍යක්ෂ කරගන්න.

(කිලි නැත)

මේ වගේම තව එකක් - නිදි යහනේ නෑ සහනේ - ක්ලික් කරන්න

87 comments:

  1. ගාන කීයද කියලා කීවා නම්...:D

    ReplyDelete
    Replies
    1. කෑල්ල හොඳනම් නොමිළේම තමයි..... :D

      Delete
    2. හොහෝ හොහ් හෝ...... ඇතුලේ කැමරා හයිකොල්ලා නෑනේද ගුරුන්නාන්සේ......?

      Delete
    3. අපෝ නෑ ගාල්තැන්නෙ වගේමයි.. ෆුල් සිකුයුරිටි

      Delete
    4. මාතලන් විල්ලියා.......... LOL

      Delete
  2. Replies
    1. ඔය තියෙන්නේ මගේ කොමෙන්ට් එකත්

      Delete
  3. දේවාරූඩයෙන් බ්ලොග් ලියනව වගේ !

    ReplyDelete
    Replies
    1. අම්මපා මචං ගොන්පීටරේ ගාව ඉඳගත්ත ගමන් ගලාගෙන එන්නේ. මොකක් හරි එහෙම කේස් එකක් තියෙනවා...

      Delete
  4. මාතලන් ආචාරියා
    බ්ලොග් ලොවේ රාජයා
    වශියක් කරගන්න
    පැමිණ හමුවන්න

    (කොන්දේසි විරහිතයි. කෑල්ල ගැන වගකීම් මාතලන් සතුයි.)

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ කරදරයක් උනොත් වෙද මහත්තයා ඉන්නවනේ...

      Delete
  5. අර වරහන් ඇතුලෙ නැත කියල දාල තියෙන්නෙ "හි"යන්නෙන් පටං ගන්න එකක්ද ???

    ReplyDelete
    Replies
    1. ඕනෙ අයියටත් ඕවම තමා අහුවෙන්නෙ..

      Delete
    2. තොට අනික් ඒවා නොපෙනුනාට මෙව්වා නියමෙටම පේනවනේ. මට මතක් වෙන්නේ ඔබා මාමා

      Delete
  6. හික්ස්.... ඔව් ඔව් හොදට වශී කරලා දෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි
      ඒ වගේම රහසිගතයි

      Delete
  7. හරි ගිය පසු ගෙවන්න ද ?? :)

    ReplyDelete
    Replies
    1. මොකක්ද පසු.... බඩු ෂුවර්.. ආයේ දෙකක් නෑ..

      Delete
  8. මංගල සේවෙත් පටන් ගත්ත ගමන් නවත්තපු එකේ මේ ජොබ් එකවත් පටන් ගන්න එක හොදා :)

    ReplyDelete
    Replies
    1. ඒවගේද මේවා. පින පලදෙනවනේ... නියමෙටම

      Delete
  9. වරහන මක්කටෙයි?

    ReplyDelete
  10. සමාජය වෙලාගත්තු ප්‍රෝඩාවට මෙහෙම හරි විරෝධයක් දැක්වීම සතුටක්

    ReplyDelete
    Replies
    1. අපිට ඉතින් පුළුවන් මෙහෙම දෙයක් තමයි.. තගා බයිලා එකෙනුත් කළේ ඒකමයි.

      Delete
  11. "දින හතෙන් ජයගන්න." එහෙම පුලුවන් ද‍‍‍..?

    ReplyDelete
    Replies
    1. මොනවද පුළුවන්ද... මයිල් ගහකුත් ගලවගෙන වරෙන්...

      Delete
  12. විදේශ වල ඉන්න දු පුතුන්ට මුහුදෙන් එහාට බලපාන පරිදි මුකුත් කරගන්න බැරිද? මහනුවර සිට බසයෙන් පැමිණ මැණික්හින්න හන්දියෙන් බැහැල කෝල් එකක් දුන්නහම හරි නේද?

    ReplyDelete
    Replies
    1. එහෙමත් පුළුවන්. ඒත්
      පැමිනේනම්
      අගය කරයි
      උඹ මොකෝ වැරදි පාරවල් කියන්නේ...

      Delete
  13. කෙල්ලන්ට හම්බෙන්න
    එන්න කියන්නේ තනියෙන්ද
    එහෙම ගියොතින් සුවර්
    කොල්ලෙකු ලැබේවිය

    ආදරේ කරන්නට කෙසේ වෙතත්
    දරු සුරතල් බලන්නට

    ReplyDelete
    Replies
    1. අනිවා..... ඩෙෆා... බඩු ෂුවර්.... සම්බාවිතාව 50%

      Delete
  14. මල් හතයි දොරේ, කවි පෙළ

    මේ සර්විස් එක වේලාසනින් පටන් ගත්තා නම් අපේ පැත්තෙ ටැබා ගහලා සාටර් වෙච්ච කොලුවෙක් කැටුව මාතලන් වල්ලියා හම්බවෙන්නත් තිබුනා කියලා හිතෙනවා...

    ඔය කවි පෙළට ඇතුල් වෙන්න ඕනෙ..එක එක තැන් වලින් අහන්න ගිහින් ව්‍යාජ ගුබ්බෑයම් වලට අහුවෙන්න එපා සහ ජංගම දුරබණුවට අමතා මාර්ගය අසා දැනගන්න කියන වදන් ටිකත්...

    ReplyDelete
    Replies
    1. මචෝ අනිත් උන්ගේ බඩට ගහන එකත් කැතයිනේ...

      Delete
  15. Replies
    1. මොකෝ කිචි වගේද... හැක හැක ගාන්නේ...

      Delete
  16. කොහෙන් කියලද ඇහුවේ..?
    වෙන කොහෙන්දෝ ඉතින්
    මල් පුදා වඳින තැන...
    දනා ගසා ඉඹින තැන...

    හික්!

    ReplyDelete
  17. ඇග වස්ත්‍ර ගලවලා
    දෙහි බෑ අතුල්ලලා
    .....ට හදලා
    ගුරෙක් කොහෙදෝ අහුවෙලා.
    (මාතලන් ද?)

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මම නෙමෙයි... වෙන එකෙක්.. වෙන්ටෑ

      Delete
  18. තැපෑලෙන් කරගන්න බැරිය ?

    ReplyDelete
    Replies
    1. කොල්ලන්ට පුළුවන්.... කෙල්ලොනම් එන්නම ඕන...

      Delete
  19. ඔහේට ඇහැකිය මටත් රත්තරන් ගුලියක් හදල දෙන්න, අතේ ගුලිකරන් යන්න.

    ReplyDelete
    Replies
    1. ඕනම මම ලොක්කගෙන ඉල්ලලා දෙන්නම්

      Delete
  20. නියම කවි ටික.
    මෙන්න ටිකක් ළගින් යන කතන්දරයක්!

    විශ්ව ශක්තිය

    ReplyDelete
    Replies
    1. කියෙව්වා... ඒකත් මරු....

      Delete
  21. ඇතුලේ උණ්ඩයක් තිබෙන හිස් කබොලක් තිබෙන තැනක් සොයලා දෙන්ට පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. බයවන්න එපා පින්වත. තව ටික දිනකින් දෙන්නම්. බඩු මග එනවා...

      Delete
  22. මුලින් ගුරුකම නොමිලේ !හරිගියාට පසු ආධාර කරන්න ...එහෙමද?හි හි..

    ReplyDelete
    Replies
    1. ඔබේ කැමත්තක් දරුවා....

      Delete
  23. අනේ පව් ගෑණු දරුවෝ ටික

    ReplyDelete
    Replies
    1. එකනේ මම එයලට පින් කරන්නේ

      Delete
  24. මෙන්නෝ මාතලනුත් සාහිත්‍ය මාසෙට බැහැලෝ!

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ.. මාවත් බෝට්ටුවට දාගන්න යන්නේ.. අපි ඉතින් කළවමේනේ... ඊළඟ එකත් කවි. ෂෙයාර් මාර්කට්...

      Delete
  25. ගුරුන්නාන්සේ..මහනුවර ඉඳලා දිගන පාරේ මැනික්හින්න හන්දියේ දැන් මේ ඉන්නේ කොතනද ඔය තැන හරියටම..පේන දුර කිව්වා නේද?

    ReplyDelete
    Replies
    1. කන්දට නැග්ගම පේන දුර...

      Delete
  26. තොවිල් කරන ඩයල් එකකුත් හොයාගන්න වෙයි වගේ කෙල්ලොන්ට :ප

    ReplyDelete
    Replies
    1. වල්ලියා දැකලද... මල්ලියා දැකලද....?

      Delete
  27. මාතලනුත් හොදම බිස්නස් එකකට නොවැ අත තියලා තියෙන්නේ ...

    ReplyDelete
    Replies
    1. අපිත් ඉතින් ධනවාදි චින්තන අයනේ...

      Delete
  28. කොල්ලො වැඩේ නැගල ගියොත් ආණ්ඩුවේ බැංකුවක ඩිරෙක්ටර පට්ටමක් උනත් ගතහැකි.

    ReplyDelete
    Replies
    1. ඒකට තමයි ට්‍රයි එක. උඹට විතරයි තේරුනේ...

      Delete
  29. ඔන්න තවත් බ්ලොග් ව්‍යාපාරිකයෙක්! අපිටත් ඔය වශියක් හෙම කරගන්න උනොත් එන්නම්කො!:)
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. එන්න පුතා අවුලක් නෑ. හැබයි අතනින් මයිල ගහකුත් අරගෙන එන්න. අමතක නොකර

      Delete
  30. මාතලන් ගුරු ගැණු උදවියට වැඩි පහසු කම සපයනවද කොහෙද ;)

    ReplyDelete
  31. ලංකාවෙ ඉන්න පක්ෂ විපක්ෂ පොලිටික්කෝ ටික අල්ලගෙන උන්ගෙ බලයයි...මැදපෙරදිග ඉතාලිය සයිප්‍රස් වගේ රටවල්වල ඉන්න අක්කල නංගිලා ටික අන්දල උන් හම්බකරන තුට්ටු දෙකට කෙලල උන්ගෙ සල්ලියි එකතු කරගෙන ...සෝමක්කගේ වාහිනියෙනුයි ...ලංකාදීප පත්තරෙනුයි මාධ්‍ය අනුග්‍රහයත් ගත්තනම්....රුවන්වැල්ලේ සෝබිතයයි ගාල්තැන්නේ කපුවයි කිච වෙලා ඉන්න වෙලේ උන්ගෙන් කැඩුණු අසරණ සරණ මාකට් එක ගොඩ දා ගතහැකි.ටික කාලයක් ගේම අරන් ගිහින් ප්‍රාඩෝ දෙක තුනක් ගොඩ දාගත්තට පස්සේ ලොක්කත් එක්ක එකට ඉඳන් පොටෝ කෑල්ලක් එහෙම අරගෙන පළාත් සභාවක වගේ රස බලතහැකි..

    ReplyDelete
    Replies
    1. මගේ පරම පැතුම එයයි පුතා....

      Delete
  32. මතලන් අයියගේ අළුත් වැඩේ නැගලා යයි වගේ.. :)

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා... රාවණා යුගයනේ....

      Delete
  33. මට ඉරිසියා හිතෙන බ්ලොග් ටිකක් තියනවා, බැරිවෙයිද එව්වායේ වළලන්ඩ හූණියමක් ජීවම් කරගන්ඩ කීයක් ගියත් කමක් නැ,

    ReplyDelete
    Replies
    1. පොඩි ගුරුකමක් කියලා දෙන්නම්. ඇනෝ කෙනෙක් විදියට ගිහින්.. පට්ට කුණුහබ්බ ලියපන්. කොඩිවින පරාදයි. කීප දෙනෙක්ම වහලත් දැම්මා..

      Delete
  34. kodivinayak karaganna berida?

    Mail galawanna puluwan nam thawa mona washiyakda, me gurata nam game 1k dannama ona.

    ReplyDelete
    Replies
    1. රේප් කොල්ලත් මයිල් ගලවන්න පුළුවන්. ඒ උනාට වශී වෙන්නේ නෑ. මහ උළු ගෙදර තමයි යන්න වෙන්නේ. මෙයාගේ සාමාන්‍ය දැණීම ... නිල්....

      Delete
  35. ස්වර්ණවාහිනියේ දැම්මනම් හොද ගානක් හොයා ගන්න පුළුවන් ගුරුන්නාන්සේ... වැඩේ හරි ගිය කෙනෙකුට කියලා දාමුද ඇඩ් එකක්.... හි හි...

    ReplyDelete
  36. සුවර්ද ගොඩ යයි කියලා...

    ReplyDelete
    Replies
    1. මෙව්වා මලයාලි වලට වඩා ෂුවර්

      Delete
  37. ගයිල් මාල අක්කව වශී කොරගන්නෙ කොහොමද බන්?

    ReplyDelete
    Replies
    1. ලේසියි.... රේසර් එක උස්සපං.. පොඩි කෑල්ලක් ඇති... :D

      Delete
  38. ඒ පාර මූ මොකාටද එන්න හදන්නේ ...... අනික් උන්ගේ බිස්නස් වලටත් කෙළවන්නද හදන්නෙ ඈ ??? :-)

    ReplyDelete
    Replies
    1. අපිත් ජීවත් වෙන්න එපැයි පුතා...

      Delete
  39. මාත් මේ හොය හොයා හිටියේ උඹ වගේ එකෙක්...

    ReplyDelete
    Replies
    1. ඉක්මනට පැමිණ මා හමුවන්න...

      Delete
  40. වගකීම් සහතිකේකුත් දෙනවැයි..??

    ReplyDelete
    Replies
    1. එව්වා ඉතින් ඔහෙලගේ අතේ තමා...

      Delete
  41. නූල් පැන්නිලි නෑ නේද?කෙස් ගහක් ගෙනාවම ඇතිද?නැත්තන් කෙල්ලත් පන්නලා අරන් එන්නද?

    ReplyDelete
    Replies
    1. කෙල්ල පන්නල හරි උස්සලා හරි බස්සලා හරි තනියම එවපන්. උඹ එන්න ඕන නෑ

      Delete
  42. This comment has been removed by the author.

    ReplyDelete
  43. Bada uda shanthikarma karanawada.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න