.

.

Dec 13, 2012

කළු පෙට්ටිය (16+) - Black Box (16+)


මේක පට්ට පරණ ජෝක් එකක්. කතන්දෙරේ මතක් උනේ, කොටියා පවර්ෆුල් කාළේ, ගහල වට්ටපු ඇන්ටනොව් එකක් ගොඩ දාන්න, හෙන මෙහෙයුමක් යන නිසා. සමහර උන් නම් කියන්නේ, මාතලේ වලට කේස් එකක් තියෙනවය, ඒක කවර් කරන්නෙයි මේ උතුරෙ බීච් එක එකසිය ගානට හාරන්නෙ කියලා. වල් කොල්ලෝ ඉතින් මොනවටද කතා හදන්නෙ නැත්තේ. ඔය වල් කොල්ලො වගේම සෙට් එකක් තමයි ජෙප්පොත්. උනුත් මේ කන්න බොන්න විදියක් නැතුව ඉන්න කාළේ, මාතලේ වලක් ගැන කතා කරනවා. අනේ මන්දා අර කව්ද කිව්වා වගේ මේවා ආන්ඩුවේම කොන්ත්‍රාත්තුද කියලා.

සාමාන්‍යයෙන්, ඇරොප්ලේන් එකක් අක්සිඩන්ට් උනාම බස් එකක් හැප්පුනා වගේ නෙමෙයිනේ, මුළු ළෝකෙටම නිව්ස් එකක් වෙනවා. අපේ ඇන්ටන් ජෝන්ස් මහත්තයා ගායනා කොරන, කන්දේ හැපුන මහ වනන්තරේ සින්දුවෙනුත් කියන්නෙ, "මස්කෙලිය ගුවන් අණතුර" ගැන සම්පූර්ණ කතාවනේ. බොහොම කනගාටූදායක සිද්දියක් උනාට. අපි උනත් එයා කතාව කියන කොට නටනවා. ඒක ගැන වෙනම විවාදෙකුත් ගියා කාලයක්. ඔය ඇන්ටනොව් කතාවත් කාළයක් බොහොම දරුණු කේස් එකක් උනා. දෙමළ සිංහල බේදයක් නැතුව, අපේ උන් සෑහෙන ගානක් මැරුණා. මම හිතන හැටියට, අපේ තිබුන ඇන්ටනොව් ඔක්කෝටම වගේ ගේම දුන්නම තමයි, අපේ පයිලට්ලා දාලා හෙනෙ ඔපරේෂන් එකකින් පලාලි වලට ප්ලේන් බෑවේ. දැන් ඉති අපේ අයට ඕවා අමතකයි.

පස්සෙ පස්සෙ, කුරුම්බැට්ටි මැශින් වලින් ඇවිත් කොටියා කොළඹටම ගහලා ගියා. යුද්දෙ ඉවරවෙන්න සතියකට දෙකකට ඉස්සෙල්ලා, අන්තිම කුරුම්බැට්ටි දෙකත් කොළඹට ඇවිත්, ටාගට් මිස් වෙලා ආදායම් බදු දෙපාර්තුමේන්තුවට කෙලියා. අනික කටුනායකදි වෙඩිත් කාගෙන කඩාගෙන වැටුනා. කොහොම හරි අපේ අයගෙ වැඩ කියන්නේ, ඔය ආදායම් බදු දෙපාර්තමේන්තුව රෙපයාර් කලාට, ඊට එහා පැත්තෙ තියෙන පීපල්ස් බෑන්ක් එක ගැන පොඩ්ඩක් වත් හොයලා බැලුවෙ නෑ. ඒත් පස්සෙ කාලෙක ඕකේ කොන්ක්‍රීට් කෑල්ලක් කඩාගෙන වැටිලා. මනුස්සයෙක් මැරුණා. ඒත් එකෙකුටවත් ඕකට හේතුව නම් මතක් උනේ නෑ. අපේ මතකෙ සති දෙකයිනේ.

කතන්දරේ මේකයි. ඔන්න අපේ කෙල්ලො තුන් දෙනෙක් යනවලු අප්‍රිකාවේ ටුවර් එකකට. දැන් සල්ලි තියෙන අය සෆාරී යන්නෙ එහේනේ. යාල යන්නෙ නෑ. තුන් දෙනා හොඳ යාළුවෝලු. එක්කෙනෙක් දෙමළ, එක්කෙනෙක් බර්ගර්, අනික් කෙනා ඔරිජිනල් සිංහල, බොදු, ගොවි, උගත්, වැදගත්, වංශවත්, නෑදෑයින් පිටරට සිටින, කෑල්ලක්. දැන් අප්‍රිකාවේ කැලෑවක් උඩින් යන ගමන්. පයිලට් එනවුන්ස්මන්ට් එකක් දුන්නළු, 

"කියන්න කනගාටුයි...., තව ටික වෙලාවකින් ප්ලේන් එක කඩාගෙන වැටෙන්නයි යන්නෙ.." කියලා.

දෙමළ කෙල්ලො මීටරනේ... ඒකි ටක් ගාලා, බෑග් එකේ තිබුන දඹ රත්තරන් තැලි පිලි, මාල වළුලු, මුදු කරාබූ, ඔක්කෝම දඩි බිඩි ගාලා පැලඳගත්තලු, අනිත් දෙන්නම ඇහුවලු 

"ඇයි අනේ.... ඔයා ඔහොම කළේ....? " කියලා.

එතකොට අරයා කියනවලු "ඔය අප්‍රිකාවේ උන් හරි ආසයි රත්තරන් වලට... ඉතින් උන් මම රතරන් පෙරවගෙන ඉන්නවා දැක්ක ගමන්, මාව තමයි ඉස්සෙල්ලම බේර ගන්නෙ" කියලා.

ඒක ඇහුවා විතරලු බර්ගර් කෙල්ල, "ටී' එකයි "බ්‍රා" එකයි දේකම ගලවලා දාලා.. ටොප්ලස් උනාලු ප්ලේන් එකේම උන් ෆුල් හොල්මන්ලු අනික් උන් දෙන්නා ඇහුවලු 

"ඊයා අනේ.... මොකක්ද ඔයා මේ කලේ...? කියලා.

එතකොට අරයා කියනවලු.. "ඔය ඇෆ්‍රිකන් උන් නම්බර් වන් බඩු කාරයෝ, සුද්දියන්ට මාර කැමතියි, මාව දැකපු ගමන්, ඔක්කෝම ඉඳිද්දි, මාව තමයි බේර ගන්නේ...." කියලා.

මේක අහපු ටට්ට කළු අපේ කෙල්ල කරපු වැඩේ, ගවුම අස්සට අත දාලා, ඇඳගෙන හිටපු තැඹිලි පාට පෑන්ටිය ගලවලා විසි කලාලු. අනික් උන් දෙන්නා ඇහුවලු 

"මොකක්ද අනේ..... ඔයා කල තේරුමක් නැති වැඩේ.....?" කියලා.

ඒකී කියනවලු... "ඔයාලා මොනවද අනේ දන්නේ....? ප්ලේන් එකක් කඩාගෙන වැටුන ගමන්..... ඔය හැමෝටම ඉස්සෙල්ලා හොයන්නෙ "කළු පෙට්ටිය" අනේ...."

-x-

ප: ලි:
අපේ උන් දන්න තරම තමයි.. අපරාදේ තැඹිලි පාට පෑන්ටිය ගලවලා විසි කලේ, කළු පෙට්ටිය කිව්වට ඇත්තටම ඒක තැඹිලි පාටයි අනේ.....


Black Box


104 comments:

  1. එහෙනම් ඇයි බ්ලැක් බොක්ස් කියන්නේ....

    ReplyDelete
    Replies
    1. http://en.wikipedia.org/wiki/Flight_data_recorder

      Delete
    2. කළු පෙට්ටිය කියන්නේ මචන් හම්බෙනකොට
      ඕක හම්බෙන්නේ ගොඩක් වෙලාවට අගුරු ගුලියක්
      වෙලා නිසා...

      Delete
    3. සොසී,

      ගල් බනිස් වලගල් හැපෙනවද? කිඹුල බනිස් කියන්නෙ කිඹුලො දාල හදන නිසාද?


      Delete
    4. උඹ කතාව පටලවාගෙන , ඕක සුවර් එකටම දෙමල කෙල්ල කරන්න ඇත්තේ , එකිගේනේ බන් කළු

      Delete
    5. ඒ උඹ දන්නා තරම,වව්නියාවෙන් උඩ ඉන්න සමහර කෙල්ලෝ දැක්කම එහෙම පැල්කොටයක් අටවාගන්න හිතුනු කාලයක් තිබුනා.

      Delete
    6. ප්ලේන් එකක් කඩා වැටුනම ඒක ගිණි නොගනීවි කියන්නබෑ... ප්ලේන් එක ගිනි ගත්තම කලුපෙට්ටියත් ගිණි ගන්නවා. එහෙම නමුත්, කලුපෙට්ටියේ ගබඩා වෙලා තියන දත්තවලට හානි වෙන්නෙ නෑ ලේසියෙන්. ඉතිං නිතරම ප්ලෙන් ක්‍රෑෂ් එකකට පස්සෙ හොයාගන්න කලු පෙට්ටිය නිසැකවම ගින්නට දැවී අඩක් හෝ සම්පූර්ණයෙන්ම කලු පැහැතියි. අවාසනාවන්ත සිදුවීමක දත්ත රැගත් මේ කලුපාට පෙට්ටිය නිසයි ඒකට කලු පෙට්ටිය කියන්නෙ. නැතුව ඒකෙ පිටිං ගාල තියන පාට කලු නිසා නොවෙයි.

      Delete
    7. සාමාන්‍යයෙන් පොෂ් දෙමළ කෙල්ලෝ සුදුම සුදුයි

      Delete
    8. ගුවන් යානයක ඔක්කොම පරිගණක වලට කියන්නේ AVIONICS කියල. ගුවන් යානයේ ඔක්කොම සෙන්සර් වගේම, යානයේ පාලනයට අවශ්‍ය කරන මෘදුකාංග තියෙන්නේ මේ එවියොනික්ස් වල. AVIONICS කළු පාට පෙට්ටිවල තියෙන්නේ. ඒත් අපි කළුපෙට්ටිය කියලා හැදුන්නුවට ඇත්තටම රෙකොඩර් වර්ග 2ක් තියෙනවා. එකක් ගුවන් යානයේ පාලක මැදිරියේ කටහඩ රෙකෝඩ් කරන්න. අනික තමා යානයේ සියළුම සන්වේදි දත්ත රෙකොඩ් වෙන්නේ(එන්ජින් වල තත්වය, ගමන් ගන්නා උස,......), යානයක් බිම වැටුනම ගොඩක් අවස්තාවලදි ගිනි ගන්නවනෙ. ඉතින් ඔය රෙකෝඩර් 2කත් කළු පාටින් තිබුනොත් අර දැළි අගුරු ගොඩේ හොයන්න ගියාම කොහොමද කන්න වෙන කට්ට්? ඒ හින්දා හොයාගන්න පහසු වෙන්න ඒක තැඹිලි පාටින් තියෙනවා, ඒත් ඒකත් AVIONIC එකක් හින්දා කළු පෙට්ටිය කියලා කියනවා.

      http://en.wikipedia.org/wiki/Avionics

      Delete
  2. කළු පෙට්ටිය ! අපරාදේ අර බර්ගර් ළමයත් ඒක කරා නම් තැබිලි පාටට් හුරු රන්වන් පැහැ පෙට්ටියක් හොයා ගන තිබ්බා

    ReplyDelete
    Replies
    1. ඒකත් හැබෑව... පස්සෙ කෙල්ල එහෙම කරාද දන්නෙත් නෑ....

      Delete
  3. කලින් තැබිලි පාටට තියෙන එව්වා පස්සෙ කර කුට්ටන් වෙලා කළු වෙනවා.....! ඒකයි බ්ලැක් බොක්ස් කියන්නෙ.....!

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද...අදමයි ඇහුවේ...හි හි හී

      Delete
    2. දුමී අයියලා කියනවනං ඉතිං ඒක එහෙම වෙන්න ඇති...

      Delete
    3. ප්‍රශ්නේ අහන්නත් කලින් උත්තරේ ලැබුනා

      Delete
    4. මලක් ඇති විලක් කලක් යනකොට පලක් නැති වලක් වෙනව කියන්නෙ ඕකනෙ.


      Delete
    5. @ indika 2 days more

      Delete
    6. දුමියට මාර දැනීමක් නෙවැ තියෙන්නේ...

      Delete
  4. පලි නොදා හිටියනම් හොඳයි.. මොකද ඕක නොදන්න කෙනෙක් නෑ නේ... හි හි

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ගොඩාක් අය නොදන්න පාටයිනේ...

      Delete
  5. මේක කියවලා ඉවර වෙනකොට මට හිනා ගියා. කතාවටම නෙවෙයි. You might also like: එකේ කතන්දර (හෙවත් කකා) මූණ දික් කර ගෙන ඉන්න හැටි දැකලා. මූත් නැති නැනක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ මගේ ගුරු ජී නේ.. පළවන පිදුම එයාට...

      Delete
  6. අඩේ...එහෙමයි ඒක බ්ලැක් බොක්ස් උනේ ඈ... :P

    ReplyDelete
    Replies
    1. දැන් දන්නවනේ විද්‍යාත්මක හේතුව....

      Delete
  7. කතාව කලින් නම් අහල නෑ.

    ReplyDelete
    Replies
    1. පරණ කතා ගොඩාක්.... අළුත් අය දන්නෙ නෑ....

      Delete
  8. ගොන් සිරසේ තමාලිගේ කළු නික තියෙන තැන අසන්නෙක් කියල දීපු සිද්දිය මතක් වෙනවා.

    ReplyDelete
  9. හත් ඉලව්වයි කිව්වලු ඕක එච්චරටම කළුද? හැබැයි යකා කියන තරම් කළු නැහැ. හිකිස්..........

    ReplyDelete
    Replies
    1. මාත් කියන්නේ මලයා කියන තරම්ම අපේ අයගෙ ඒවා කළු නෑ කියලයි

      Delete
    2. සුදු යක්කුත් ඉන්නෙ ඔය ඕන තරම්

      Delete
  10. ඔය කොයි පෙට්ටිත් අලුත්පිට "තැබිලි"පාටම තමයි.තැලිල පොඩිවෙලා ගියාම තමයි කළුවෙන්නෙ.අනතුරක් කරගන්නෙ නැතුව අපේ ගොයියල පදිනවනම් හැමදාම "තැබිලි"පාටටම තියගත්තැහැකි.

    ReplyDelete
    Replies
    1. එහෙම කොහෙමෙයි පදින්නේ....

      Delete
  11. හික් හික් කතාව අහලා තිබුනා වෙන විදියකට මේ විදියත් හොඳයි ... අර අපේ පට්ට කලු කෙල්ල කියුවෙ මැද ඉන්න කෙනාද ?

    ReplyDelete
    Replies
    1. ඕන දෙයක් දේශීය කර ගැනීම අපේ යුතුකමක් නෙවැ

      Delete
  12. This is my first time visit at here and i am genuinely pleassant to
    read everthing at one place.
    Also visit my blog :: www.pickyourasics.com

    ReplyDelete
  13. මාතලං කොහොමද දන්නේ අපේ එකි ඇඳල හිටිය පාට...

    ReplyDelete
    Replies
    1. හොරෙන් සය අස්සට ඔලුවවත් රින්ගවන්න ඇති :ප්
      කෝරලේ වලව්ව

      Delete
    2. මත් ඒ ප්ලේන් එකේ හිටියනේ....

      Delete
  14. කොහොමත් ඉතින් මුලදි මුලදි තැඹිලි වුනාට පස්සේ පස්සේ තමා එක එක පාට ගැහෙන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක්ද....? කවුද දන්නේ....

      Delete
  15. පට්ට කතාව.කළු පෙට්ටිය තැබිලි පාට කියල අද තමා දැනගත්තේ .තැන්කු ඈ

    ReplyDelete
  16. මොනවා කලත් අන්තිමේ කලු පෙට්ටි හතරක් හම්බ වුනාලු.

    ReplyDelete
  17. //ටාගට් මිස් වෙලා ආදායම් බදු දෙපාර්තුමේන්තුවට කෙලියා.// මෙතැනනං වැරදියි මාතලං.. ටාගට් වැරදුනේ නෑ අපේ කොල්ලන්ගේ ටාගට් එක හරි ගියා. එදා මේ සිද්ධිය වෙන මොහොතේ මම එය දුටු කෙනෙක්. එදා වූ දෙය කොළඹ උස බිල්ඩිමක ඉදන් අප මේය ඉතාම හොඳින් දුටුවා. නව තැපැල් ගොඩනැගිල්ලේ සවිකළ ගුවන් යානා නාශක තුවක්කුවෙන් එල්ල කළ පහර කුරුම්බාට්ට්යට වැදුණා එය කඩාගන් ගිහින් හිරවුණේ දේශිය ආදායම් ගොඩනැගිල්ලේ තමා.

    ReplyDelete
    Replies
    1. //ටාගට් මිස් වෙලා ආදායම් බදු දෙපාර්තුමේන්තුවට කෙලියා.// ටාර්ගට් එක වැරදිලා කියල කියන්නෙ, කොටින්ගෙ නැතිව අපෙ උන්ගෙ නෙවේ.

      ඒ උනාට ඔය දවසේ මමත් ෆුල් සීන් එකම බලාගෙන හිටියෙ මචන්, නිකන් රතු පාට එලි යනව (ට්‍රේසර් බුලට්ස් වල ) විතරයි පේන්නේ, එහෙන් මෙහෙන් සර්ච් ලයිට්ස් නම් ගැහුවා, ඒත් බන් ඒ කරුවලෙ උඹට කොහොමද බුලට් එක අහවල් තුවක්කුවෙන්ම ගිහින් වැදුනා කියල පෙනුනේ, අනික බන් හතර අතේ බිල්ඩින් උඩ ඉඳන් වෙඩි තිබ්බා. යකෝ බොරු උනත් කියන සීමාවක් තියෙන්නෙ ඕනෙ. අපිත් දැක්කෙ එකපාරටම ගිනි බෝලෙ විතරයි. ඔය කරුවලේ අච්චර ස්පීඩ් යන බුලට් එක ගිහින් වැදෙනව දැක්කනම් ගිහින් ඇස් චෙක් කරපන්, උඹ සුපර් මෑන් වෙලා ඇති.

      Delete
    2. බොරු ඇදබෑමේ සීමාවක් තියාගන්ඩ පුතා. ඔය දේශිය ආදායම් ගොඩනැගිල්ලේ වැදුනේ කොටින්ගේ ප්ලේන් එක කියලා දැනගත්තේ කොයිතරම් වෙලාවකට පස්සෙද ලොක්කා. මුලින් මුලින් නිවුස් වලට කිව්වෙම කොටි ප්ලේන් එක ඇවිත් ඒකට බෝම්බයක් දාලා ගියා කියලනෙ. පස්සෙනෙ දනගත්තෙ ප්ලේන් එකයි වැදුනෙ කියලා.

      Delete
    3. කියන්ඩ අමතක උනා කමෙන්ට් කරද්දී ලියද්දි මතක තියාගන්ඩ මේක දිනමිණ නෙමෙයි. ඇදබාන බොරුවලට උත්තර එවලෙම ලැබෙනවා.

      Delete
    4. "කියන්ඩ අමතක උනා කමෙන්ට් කරද්දී ලියද්දි මතක තියාගන්ඩ මේක දිනමිණ නෙමෙයි. ඇදබාන බොරුවලට උත්තර එවලෙම ලැබෙනවා. "

      lol.

      Delete
    5. වෙඩි වැදුනද නොවැදුනාද කියන්න බෑ.. ඌ උගේ ටාගට් එකට හරියටම ගියා ෆ්ලෝ එකත් හරි බිල්ඩිම තමයි වැරදුනේ... ඒකයි ඇත්ත කතාව...

      Delete
  18. කුරුම්බැට්ටි මැසිමකට පාඩමක් ඉගැන්වීමට ගිය සුපර්සොනික් එකක් ඩොක්කන් කිව්වා මතකයි

    මම මේ දන්නැතිකමටලු අහන්නෙ, තැබිලි පාටයි කිව්වෙ කොයි එකද,

    මස්කෙලියෙ ඩොක්කන් කිව්ව කියන එක ගැන නම් මිනිස්සු එක එක කතා කියනව.
    ඒ කදුවැටියෙ ලස්සන දැක්කහම එහෙම අපරදකාරියක් කියල කියන්ට බෑ නේද. සප්ත කන්යාවොම තමයි.(යන්සය ටයිප් කොරන්ට බැරියො)

    ReplyDelete
    Replies
    1. යන්සය කොටන්නේ "ඒ" අකුර ටයිප් නොකට බැක් ස්ලෑෂ් එක ගහලා "වයි" අකුර ටයිප් කිරීමෙන්...

      Delete
  19. පරන කතාවක් තමා. ඒත් මට ජුනියස් සීයගේ කතාවකුත් මතක් උනා

    ReplyDelete
    Replies
    1. ටයි එකයි බෝ එකේ කතාවද....?

      Delete
  20. මරුන උන් ගැන දුකයි, කොටිද සිංහයොද ප්‍රශ්නයක් නෑ.
    ඔක්කොම මලා ඒත් කා වෙනුවෙන්ද?
    ඒ ගලා ගිය රුහිරෙන් මේ පොලව සරු උනාද?

    ReplyDelete
    Replies
    1. ඒ උනාට පෙති පෙති කපද්දී ,කැපෙද්දී
      එන තුච්ච සතුට වෙන කොහොම ලබන්න...?

      Delete
    2. සමාවෙන්න මටනම් කොටි මැරිච්ච එකට දුක නෑ. ඔයාට දුකනම් අරන්තලාව, ඩොරලර් ෆාම්, කැබිතිගොල්ලෑව, දෙහිවල ස්ටේශන් වගෙ තැන් හොයල බලන්න.

      අපි ඔක්කොම මනුස්සයෝ, මනුශ්‍ය ඝාතන වැරදියි කියල පතෝල තියරි දාල මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ කියල "මට" සහ "මගෙ" මෝඩ මොලයට තේරෙන්නෙ නෑ. මට තේරුන එකම දේ, කොටි ඉවර කරන්න ඕනේ. Either By hook or by crook.

      Delete
    3. කොටින් මැරුණු එකට නම මටත් දුකක් නෑ. ඔවුන් ත්‍රස්තවාදීන්. ඒත් සටන් සහ අරගලවලට මැදිව මිය ගිය සිවිල සිංහල දෙමළ මුස්ලිම් මිනිසුන් ගැන නම් දුකයි.

      Delete
    4. ත්‍රස්තවාදය නම් නැවත් එපා....

      Delete
  21. ඕක ලංකාවට කඩන් වැටුණ නම් අපේ උන් ඉස්සෙල්ලම මොකක් හොයාවිද හැබෑටමට ??

    ReplyDelete
    Replies
    1. සල්ලි... සල්ලි... සල්ලි...

      Delete
  22. ඔය පෙට්ටිය විනාස වෙන්නැති එකයි පුදුමේ.. එතන තමා නොගැලපෙන්නෙ. හෙහ් හෙහ්
    ප්ලේන් එක මෙව්ව උනත් පෙට්ටිය යහතින්. හැබැයි කලු වෙලා :D

    ReplyDelete
    Replies
    1. බලපන්කෝ වැඩේ කියන්නේ....

      Delete
  23. ඒ උනාට කඩා වැටුනාම කළු වෙනවලුනේ...එක්කෝ ඉතන් හැම එකම මුලින් තිබ්බ විදිහ නෙවෙයිනේ පස්සෙදි නේද අයියේ...

    ReplyDelete
    Replies
    1. සියල්ල සෑම මොහොතකම වෙනස් වෙනවයි කියනවනේ....

      Delete
  24. නොමල ගේකින් ගත්තු අබ මිටක් වෙන්ටැ පෙට්ටිය පිටින් සෆාරි ගියෙ.

    "අනික් කෙනා ඔරිජිනල් සිංහල, බොදු, ගොවි, උගත්, වැදගත්, වංශවත්, නෑදෑයින් පිටරට සිටින, කෑල්ලක්" මොකද මෙතන චරිතවත් කියල නෑ නෙ.

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු අත්‍යාවශ්‍යම කෑල්ල මිස් වෙලා නේ....

      Delete
  25. මාත් අදනේ දන්නේ මේ කළු පෙට්ටිය තැඹිලි පාටයි කියලා.

    ReplyDelete
    Replies
    1. අපි නොදන්න දේවල් කොච්චර තියෙයි...

      Delete
  26. ඔය පෙට්ටිය ඉතින් කැඩෙන්නෙ නැද්ද ?

    ReplyDelete
  27. කළු පෙට්ටිය කලින් කුඩු වෙලා නම් හෙම අපරාදේ.

    ReplyDelete
    Replies
    1. වෙන්න බෑනේ. උගත් වංශවත් චරිතවත් කෙනෙක්නේ...

      Delete
  28. මෙහෙව් ඒවත් හැබෑට අහන්න ලැබෙන්නේ මාතලන්ගෙන් ම තමයි...

    පට්ට

    ReplyDelete
    Replies
    1. වන් ඇන්ඩ් ඕන්ලී.... හෙහ් හෙහ්....

      Delete
    2. මෙතෙන්ට ගියානං උඹට කලින්ම අහන්න තිබුනා

      ප.ලි.
      පොඩි ඇඩ් එකක්

      Delete
  29. එතකොට පයිලට් මොනවද දන්නෑ කලේ අප්‍රිකානුවන්ගේ අවධානය ගන්න.

    ReplyDelete
    Replies
    1. සුදු එකෙක් නම් ඌටත් චෑන්ස් එකක් තියෙයි....

      Delete
  30. අඩේ මාතලන් අයියේ හිතට එන ඒවා මෙතන කොටන්න පුළුවන් නම් ...ඔන්න ඒවා හිතේම තියාගෙන අපි කට වහගත්තා ඈ

    ReplyDelete
    Replies
    1. කොටහන් බන්.. බ්ලොග් වල කොටන්නේ නැතුව වෙන කොහේ කොටන්නද ඒවා....

      Delete
  31. කළු ජාතිකයෝ කළු පෙට්ටියක් සතුටෙන් භාර ගනීද කියල පොඩි සැකයක් ආවා...:D
    (උන්ට ඕන තරම් ඕව හොයා ගන්න පුළුවන් නේ ඉතින්...)

    ReplyDelete
    Replies
    1. මේවා ඒඩ්ස් ෆ්‍රී නේ....

      Delete
  32. The origin of the term "Black Box" is uncertain. One explanation comes from the early film-based design of flight data recorders, which required the inside of the recorder to be perfectly dark to prevent light leaks from corrupting the record, as in a photographer's darkroom.
    -wikipedia

    ReplyDelete
  33. කළු පෙට්ටි එහෙ මාකට් ද හැබෑටම...

    ReplyDelete
  34. මමත් මේ ලඟදි දැනගත්තේ කළු පෙට්ටිය තැඹිලි පාටයි කියල..

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේකත් දැනගනින්. පොත්ත රතු උනාට සමහර පෙට්ටි කළුයි.

      Delete
  35. හම රතුවුණත් පෙට්ටි කලුයි බොහෝ දුරට.හැබැයි යුරෝපෙ උන්ගෙ නම් දුඹුරු පාටයි.දැක්කෙ කොහොමද කියල අහන්න එපා.කොටු පැනල නම් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. පුදුම සොයාගැනීමක්නේ.

      Delete
    2. ඇත්තද ඈ... ආසාවේ බෑ බලන්න....

      Delete
  36. ජෝක් එකේ හිනා යන හරිය කෝ?

    ReplyDelete
  37. පෙට්ටිය හොයා ගන්න ඒකනම් මට තේරෙන්නේ නෑ..බැරි වෙලා හරි අප්‍රිකාවේ එකෙක් දැක්කොත් අනාථයි.....

    ReplyDelete
  38. 1974දිද කොහෙද කඩා වැටුන DC8 ෆ්ලයිට් එකේ කලු පෙට්ටිය හොයාගන්න බැරුව හෙන කේස් එකක් වෙලා තිබ්බනෙ. කලු පෙට්ටිය හොයල දෙන කෙනෙක්ට තෑගිත් දෙනව කියල ප්‍රසිද්ද කරලලු තිබ්බෙ. ඒ දවස්වල අපේ අම්මයි තාත්තයි ඉස්කෝලෙ යන කාලෙ‍...............‍..... දවසක් අම්ම ඉස්කෝලෙ ඇරිල බස් එක එනකං බස් සටෑන්ඩ් එකේ ඉද්දි මලියදේව බාලිකාවෙ මහත කලු කෙල්ලෙක් එනවලු අඩ අඩා . . ඇවිත් අම්මට බනිනවලු එකසිය ගානට. බලද්දි තාත්ත සහ ගැන්සිය ඒ කෙල්ලට කාඩ් එකක් ගහල කලු පෙට්ටිය කියල . . ඒ මදිවට ටවුම පුරා ප්‍රචාරයක් ඇරල ඒ කෙල්ලව පොලීසියෙන් හොයනව කියල

    ReplyDelete
    Replies
    1. ඒ තාත්තගෙම පුතෙක් කියලා කියන්න ඩී ඇන් ඒ ටෙස්ට් ඕන නෑ.....

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න