.

.

Dec 27, 2012

ගල් (18+) - Extra Special (18+)



ගල් කිව්වම වල් කොල්ලෝ හිතන්නේ වෙන දෙයක්. ඒ ගල් වලත්, එක එක ගල් වර්ග තියෙනවනේ. කෙල්ලො නම් කැමති මැනික් ගල් වලට, ආච්චිලා කැමති මිරිස් ගල් වලට ඔය ආදි වශයෙන් ගල් ගැන මහා කතන්දර ගොඩක් සිරිකොතට ගල් ගහපු වෙලාවේ.... රනිල් ගලක් උස්සගෙන දඟලපු වෙලාවේ මම පෝස්ට් එකකින් දැම්මා. ඒක ඕනම නම් මෙතනින් බලන්න. මේ කියන්න යන්නේ ඒ ගැන නෙමෙයි.... ගල් අරක්කු ගැන..

හැම ජාතියෙම වගේ සෑර බීම ජාති බීලා තිබුනට, අද රටේ ආර්ථික තත්වෙත් එක්ක කවුරුත් ගහන්නෙ ගල්. අද හැමදාම ගාන වැඩි කරන ගල් බෝතලේ, අපි පොඩි කාළේ ගෙනාවේ රුපියල් අසූවට. කැළණියේ ඉඳන්, වනවාසල පාරේ ගැමුණු හෝල් එක ළඟින් මතුවෙලා, මීගමු පාරේ "යූ කේ" වලට හැරෙන හංදිය ගාව තැබෑරුමට තමයි කැළණියේ හැම එකාම බෝතලයක් ගේන්න යන්නේ. අද, අපේ ආන්ඩුවේ "තිතට මත" වැඩ සටහන යටතේ, අපේ මර්වින් මැතිතුමා මුලු කැළණියේම බාර් සහ රෙස්ටුරන්ට් දාලා තියෙන්නේ. ඔය සුපර් මාකට් ගාව හැදෑවට වැඩිපුර සෙනග ගැවසෙන්නේ සල්ලි තියෙනවට නෙම්යි, ගල් බෝතලයක් ගන්න. 

බාර් එකකින් ගන්නවට වඩා සුපර් එකකින් ගන්න හේතුව, ඔරිජිනල් "සංස්ථා" එකම ගන්න පුළුවන් කියන මතය. ඒකේ ඇත්තකුත් නැතුව නෙමෙයි. සංස්ථා එක ගැහුවම ඊළඟ දවසේ උදේට අමාරුවක් නෑ. වෙන එකක් ගැහුවොත් බීමත් එපා වෙනවා එන ඔළුවේ කැක්කුමට. ගල් ගහන්නේ සාමාන්‍ය පන්තියේ අය විතරක් නෙමෙයි. පහල පන්තියේ ඉඳලා ඉහල පන්තියට ගිය අයත් ගලේ අගේ දන්නවා. සෙම නෑ ලෙඩ නෑ.. හොඳම එකේ ගඳත් අඩුයි. ඒත් ඉතින් සුද්දෝ බොන විදියට වැදගත් විදියට බොනවනම්, කසියා ගැහුවත් අවුලක් නෑ.

ගල් ගහන්න ඕන ෂැන්ඩියක් එක්ක පොඩ්ඩ පොඩ්ඩ, ඒ උනාට ගොඩක් උන් පුරුදු වෙලා ඉන්නේ නීට්ම කෙලලා අරින්න. ඒකේ කිසි ආතල් එකක් නෑ කියලා. උඩ බලාගෙන එක උගුරට බීලා, බිම බලලා ක්‍රාස් ගාලා කෙල ගැහුවයින් පස්සෙ තියෙන මූනෙන්ම පේනවා. එහෙම බොන්නෙ නම් පෙරේතයෝ කියලයි මට හිතෙන්නේ. සිප් කර කර මද පමණට හොඳ සතුටු සාමිචියකුත් එක්ක ගත්තම, දැණුමත් වැඩි වෙනවා. අඩෝ මම බේබද්දෙක් ඩෝ කියලා අනිත් අයට පේන්න ගහනවනම් අර විදියට ගැහුවට වැඩක් නෑ.

දැන් නැති උනාට ඉස්සර, ගල් බෝතලේ ගේන්න කලින් වෙල් මාළු අල්ලලා බදිනවා. ඊට පස්සෙ තමයි බෝතලේ ගේන්නේ. එකපාර දෙකක් ගේන්නෙත් නෑ. මදි උනොත් විතරයි දෙකක් ගේන්නේ. සෝඩා බෝතලෙන්, ගල් බෝතලේ කොහොම හරි ෂේප් කර ගන්නවා. ඊට පස්සෙ තමයි හෙමිහිට වෙල අයිනෙ ඉඳන් බජව්ව පටන් ගන්නේ. ඒ කාළේත් පැදුරක් එලාගෙන මේ වැඩේ කලාට පස්සෙ කාළෙකයි දන්නේ ඒවට කියන්නේ පැදුරු පාටි කියලා. පැදුරු පාටිවල චන්දන ලියනාඅරච්චිගෙ සින්දු බොහොම ජනප්‍රියයි. හේතුව දේශීයත්වයක් නියෝජනය කරණ අහිංසක කටහඬ. පල්ලෙහා තියෙන ගීතය චන්දනගේ "සුවඳ තියා මා ළඟ" කියන ගීයේ තාලයට ගායනා කොට. ගල් ගහපු වෙලාවක සින්දු කියනවනම්, ගල් වලට උපහාරයක් පුදනවනම් හොඳයි නේද...? ග්‍රීන් ලේබල් ගැහුවත් ගල් කෙසේ නම් අමතක කරන්නද...?


ගල් උපහාර ගීය



ගාන ගෙවා දැල් කඩයෙන් අරන් එන්න ගල්
සිත මන කල්....., ඇඟ පත ත්‍රිල්......
සිත මන කල්, ඇඟ පත ත්‍රිල්,
මල් හතයිනේ මේ...... ගල්.

අද කීප දෙනෙක් හැදුවත්, එක, එක ජාතියෙ ගල්..........
බෑ පරද්දන්න, අපි ගහන්නේ, සංස්ථාවේ ගල්.........

ගාන ගෙවා දැල් කඩයෙන් අරන් එන්න ගල්
සිත මන කල්....., ඇඟ පත ත්‍රිල්......
සිත මන කල්, ඇඟ පත ත්‍රිල්,
මල් හතයිනේ මේ...... ගල්.

රජ සිටු මැතිවරු, සුපර් එකෙන් අරගෙන එන ගල්........
බෝතලේ අරන් කාල කාල බෙදා ගන්න ගල්........

ගාන ගෙවා දැල් කඩයෙන් අරන් එන්න ගල්
සිත මන කල්....., ඇඟ පත ත්‍රිල්......
සිත මන කල්, ඇඟ පත ත්‍රිල්,
මල් හතයිනේ මේ...... ගල්.

හොර බඩු ගැහුවොත්, හිතෙනවා.......ය, අරක්කු අජ පල්.......
හරි බඩු ගැහුවම, අවුලක් නෑ........., උදෑසනත් මල්......

                                      .oOo.

ඔය ගල්, මොන කෙහෙල්මල ගැහුවත් ගඳ නිසා ගෙදරට මාට්ටු වෙනවා. පොඩි කාළේ ගෙවල් වලට අහු නොවෙන්න, ගඳ නැති වෙන්නෙයි කියලා. පත්තර පිටුවක් උන්ඩි කරලා ඇතුලට දාලා ගන්නවා. නැත්නම් කරපුංචා කොල දානවා. දැන් ඉතින් එහෙම අවුලක් නැති නිසා. සෝඩා හරි ස්ප්‍රයිට් එක්ක හරි තම්යි ගහන්නේ. මේකෙන් රස කොක්ටේල් එකකුත් හදන්න පුළුවන්. ඒකට ඕන අරක්කුයි, මික්ස් ෆෘට් ජූසුයි සම සමව සහ අන්නාසි චූටිම චූටි කෑලිවලට කපලා දාලා. සුද්දෝ සෆාරි ගෙනිච්චම කැළේ මැද්දෙදි දෙන්නේ මේ කොක්ටේල් එක. කස්ටිය වීදුරු ලෙවකනවා. යනකොට ගල් බෝතලයක් දෙකක් අරගෙන තමයි යන්නේ.

143 comments:

  1. අපි නම් බොන්නෙ තියා කටෙ තියන්නෙවත් නෑ.

    හිඟුරාන එහෙම ගැහුවොත් ඉතින් පහුවදත් දොයි තමයි. අනික උගුරෙන් පහලට යවන්න බැරුව වැඩේ අතැරල දාන්න වෙනව.

    මොනව උනත් ගල් තරම් හොද දෙයක් මට නම් නෑ. හැම අතින්ම අපිට සමීපයිනෙ.

    මේ දිනවල මතට පොඩි තිතක් තබා ඇත. අයහප්ත් ආර්ථික තත්වය නිසා

    Sinduwa pastaya

    ReplyDelete
    Replies
    1. ඒකනම් කාටත් බලපාලා තියෙනෙවා... එකම පිහිට ගලම තමයි...

      Delete
  2. මොකෙක්ට හරි ඔය දහජරා බීම මතක් කරන්නේ නැතුව බෑ නේද මාසෙකට සැරයක්වත්... මහ ලොකුවට තව පෝස්ටුත් දානවා.... මොනා කරන්නද.. මේ ලංකාව නේ...

    ReplyDelete
    Replies
    1. සාම්ප්‍රදායික කාන්තා විරෝධය.
      මෙයාට රා බොන්න හොදයි.

      Delete
    2. හිරු අක්කාගේ කතාවට මමද සහයෝගය මේ අවස්ථාවේ ප්‍රකාශ කරමි... සහතික ඇත්ත කතාවක් කියලා තියෙන්නේ...

      රා කතාව නම් මා නොදනී

      Delete
    3. හිරුගේ රා බීම
      වැඩි විස්තර සදහා බලන්න.
      http://chandanadm.blogspot.com/2012/12/ddt-sinhala-story.html
      ((සුහද විහිළුවක් පමණයි.)

      Delete
    4. @හිරු,


      බීම ගැන කතා කරනවා කියන්නේ බේබදුකම වෙන්න බෑ.

      නිසියාකර විදියට බීම ගැන කතා කලොත් නිසියාකර විදියට බොන්න පුරුදු උනොත් ඒක වැරදි ක්‍රියාවක් වෙන්නේ කොහොමද?

      මා නම් බීම සම්බන්දව ඉගෙනගත් කෙනෙක්. කෑම බීම ගැන තවදුරටත් හදාරන කෙනෙක්. ඒත් කවුරුත් මට බේබද්දා කියලා නම් කියලා නෑ. එහෙම අහගන්න තරම් මම බීලත් නෑ. බීම කියන්නේ මට නම් ආර්ට් එකක්. ඒ ආට් එක ඒ විදියට රැකගන්න මගේ කෑම බීම සම්බන්ද දැනුම කියවීම ගොඩක් ඉවහල් වෙනවා. අදටත් ඕනෙම සමාගමක බීල කෙලින් හිටගෙන ඩ්‍රින්ක් එකක් සිප් කරන එක මගෙ ජීවිතයේ ෆැශන් එකක්.

      Delete
    5. Il mondo di una povera pazza- ආර්ට් එකට බොන උන් ඉන්නවා. ලංකාවේ කට්ටියගේ ආර්ට් එකට බීම බලන්න රැ නවෙන් පස්සේ කොලඹින් පිට නගරෙක බස් ස්ටැන්ඩ් එකක් අවට සැරිසරල බලහන් . පෙලක් උන් ඉන්නවා තමන්ගේ සරම ඇඟේ තියනවද නැද්ද කියලත් නිච්චියක් නෑ හැබැයි ඇතින් එන පොලිස් ජීප් එකේ සද්දෙට කොහෙට හරි මුවා වෙන්න තරම් දැනීමක් තියන

      Delete
    6. එහෙම කියන්න එපා සුද්දෝ අපිට දීපු දෑවැදි.සුද්දගේ ටයි/කෝට්/කලිසම් පිරිමින්ට අදින්න පුලුවන්නම්,සුද්දියන්ගේ අරුමෝසම් "බ්‍රෑන්ඩ්"වලින් කාන්තාවන්ට පැෂන් කරන්න පුලුවන්නම්,පිරිමි මද පමණට අරක්කු ටිකක් තොල ගෑවොත් මක්කයි වෙන්නේ නගේ?

      Delete
    7. රා බිව්වේ ටෙස්ට් කොරන්න බොල රත්තෝ.... හි හි.. නොබී කොහොමද ඒකේ වැරැද්දක් කියන්නේ...

      ගෑමියට තැන්ක්යු... හි හි..

      ඔය මඳ පමණට කතාව දන්නේ නැති මිනිස්සු ලංකාවේ ඉන්‌ෙන්... මඳ ටික දවසක් යනකොට මඳ මඳ වෙනවා... ඒක තව ටික දවසක් යනකොට මඳ මඳ මඳ වෙනවා... ඊටත් පස්‌ෙස් කෙලින්ම සාලේ මැද පත බෑවෙනවා...

      බීම ගැන කතා කරන එක ගැන මට එච්චර අවුලක් නෑ.. හි හි.. ඒ උනාට බිම ලොකු කොලු වැඩක් කියලා පෙන්නන එකට මං එච්චර කැමති නෑ... මොකද නොබීපු එකෙකුට උනත් බීලා බලන්න හිතෙන නිසා... ( ෆැෂන් එකට බොන එක හෝ සිප් කරන එක හෝ කොච්චර කො‌හොම කිව්වත් බීමට වඩා නොබීම හොදයි... ඒක හරියට බීලා කාණුවක වැටිලා ඉන්න මිනිහෙක් දැකලා අනේ අපේ මිනිහා හොඳයි, ඔච්චර බොන්නේ නෑ නේ කියලා හිත හදාගැනීමක් වගේ ...)

      මේ සිංහල බ්ලොග් අවකාශේ ඇල්කො‌ෙහාල් ජාති පාවිච්චිය ගැන තියෙන ලිපි වලින් ( මට අහුවෙච්ච ඒවා වලින්) 80% වැඩිය තියෙන්නේ බීලා ගත්ත කැත ආතල් ගැන... 10% දාහයක් විතර තියෙනවා බීලා තමන් නෝණ්ඩි වෙච්ච ඒවා ගැන .. ඉතුරු 10 න් 5 ක් විතර බීමේ ආදීනව දැනගෙන නවත්තපු ඒවා ගැන... අනිත් ඒවා කාන්තා පාර්ෂවය විසින් ලියපුවා....

      Delete
    8. හිරු අක්කා ඔහොම කියන එක හරි නැහැ. මේ දවස් වල මහරජා කෙලලා නැත්තේ ඕකට විතර ඇති මගේ හිතේ. ගල් කියන්නේ ශ්‍රී ලාංකීය අනන්නය්තාවය

      Delete
    9. සුරාවට මෙහෙම නින්දා අපහාස කරන්න එපා අනේ.. සුරා කියන්නේ සුරයන්ගේ පානය. ඒ නිසා තමයි බුදු හාමුදුරුවොත් දේශණා කොලේ මද පමනෙට ගන්නෙයි කියලා. දැන් ඔය ගෙදර තියෙන පිහිය උනත් ඕනනම් මිනී මරන්නත් යොදාගන්න පුළුවන්නේ. මේ ළඟදි එකෙක් තමන්ගෙ අත් දෙකෙන්ම ගෑණීගෙයි දරුවගෙයි බෙල්ල මිරිකලා අනිත් දරුවා ගිනිතියලා මැරුවේ. ඒ අත් වලින්ම තමයි බුදුන් වඳින්නෙත්, අම්මට වඳින්නේත්, බත් කන්නෙත් පුච හෝදන්නෙත්. සුරාව කියන්නෙත් සුරයන්ට හදපු පානයක්. බල්ලොත් ඒක බොනවට අපට කරන්න දෙයක් නෑ.. සත්තරන්..

      Delete
    10. මේ සිංහල බ්ලොග් අවකාශේ ඇල්කො‌ෙහාල් ජාති පාවිච්චිය ගැන තියෙන ලිපි වලින් ( මට අහුවෙච්ච ඒවා වලින්) 80% වැඩිය තියෙන්නේ බීලා ගත්ත කැත ආතල් ගැන... 10% දාහයක් විතර තියෙනවා බීලා තමන් නෝණ්ඩි වෙච්ච ඒවා ගැන .. ඉතුරු 10 න් 5 ක් විතර බීමේ ආදීනව දැනගෙන නවත්තපු ඒවා ගැන... අනිත් ඒවා කාන්තා පාර්ෂවය විසින් ලියපුවා....

      හිරූ මගෙ හිතේ බ්ලොග් කියවන්න ඇවිල්ලා නැහැ මේවා ලියවෙන කොට...
      http://rana-liyana-blog.blogspot.com/2012/02/for-drinkers-and-smokers.html

      අරක්කුවලට ජයවේවා!!!

      Delete
    11. ගල් තමා හොඳ බං බොනවනං.

      Delete
    12. රනා ගේ ලිපිය නම් හොඳයි... ඒක මට අහුවෙලා නෑ තමා.. ඒක තියා බ්ලොග් එක වත් අහුවෙලා තිබ්බේ නෑ.. ඔන්න ෆලෝ පාරකුත් දාලම ආවා... හි හි

      මාත් හිතනවා ආණ්ඩුව කොච්චර බදු වැඩි කළත් ඉල්ලුම අඩු නොවෙන ජාති දෙක තමයි ඔය කියලා.. ඒක තමයි මං සමහර තැන් වල කියලා තියෙන්නෙත් මේවා මිල වැඩි කලොත් ඒකෙනුත් විඳවන්නේ ගෙදර ඉන්න ගෑණුයි ළමයිනුයි කියලා...

      තාත්තලගේ සිගරටි බීම නිසා දුක් විඳින්නේ අම්මලයි ළමයිනුයි... අපේ රටේ අම්මලා සිගරට් බොනවා අඩු නිසා තියෙන තරමක් ලෙඩ ඇති වෙන්නේ තාත්තලගේ දුම්පානය නිසා තමයි... එකෙනුත් දුක් විඳින්නේ ගෑණුයි ළමයිනුයි..

      තව එකක්.. අරක්කු බීලා ලෙඩ වෙන අයට රෝහල් වලින් නිකම් බේත් නොකර ඉන්න එක හොදයි කියලා මාත් හිතනවා. .. ඒත් ඉතිං එකෙනුත් දුක විඳින්නේ ගෑණුයි ළමයිනුයි...

      ඒත් මෙච්චර දේවල් තියෙද්දිත් අපේ මිනිස්සුන්ට අරක්කු සිගරට් නැතුව බෑ... උගත් උනත් නැතත්, මේවා දැන දැනත් නවත්තන්න බෑ.... එකෙනුත් දුක් විඳින්නේ ගෑණුයි ළමයිනුයි....

      මේක ගෙදර තියෙන පිහියක් නෙ‌ෙවයිනේ සත්තලන්.. ගෙදර ගෑණුන්ට ළමයින්ට කන්න, අඳින්න තියෙන සල්ලි ටික වියදම් කරලා අරන් එන පිහියක්නේ.... හි හි...

      Delete
    13. ගෑණුයි ළමයින් වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරනා මිනිස්සුන්ට ජීවීතයක් කියලා දෙයක්, සතුටක් විනෝදයක් තෘප්තියක් ලබන එක වැරද්දක්ද...? ඒ මිනිස්සුන්ගේ සතුටට වෛර කරන්න යාම තමයි ගෘහස්ත ප්‍රචන්ඩත්වයේ ආරම්බය.

      Delete
    14. හි හි.. ඒක ඇත්ත මාතලන්.. මොකද මට අහන්න තියෙන්නේ මිනිහායි ළමයිනුයි වෙනුවෙන් ජීවිතේම කැප කරගෙන දඟලන ගෑනුන්ට මොනවද තමන්ගේ විනෝදෙට, සතුටට කරන්න තියෙන්නේ කියලා විතරයි... හි හි

      Delete
    15. hiru,
      mahatyata poddka powala blannako, oya hamadma botle ekaka genath denwa katha dekaka naha

      Delete
    16. ඔයාලා කැමති දෙයක් කර ගන්න අනේ බොන එකාට බොන්න දීලා.. ඔය කියලා තියෙන්නේ මම කියන්න ඕන එක වෙන එකෙක්...

      Delete
    17. අනේ ගැමියො...අපරාදෙ තරුණ ජීවිතයක් නිකං නාස්ති වෙලා යනවා...

      ගෑණු වෙනුවෙන් සම්පූර්ණයෙන්ම බීම අතහැරලා....බොන කන උන් දිහා දුක්මුසුව බලන් ඉන්න දයාබර සැමියො ගැන මාතලන් ට මොකද හිතෙන්නෙ ?

      Delete
    18. @ සිරා
      දරාගන්න බැරි, කියාගන්න බැරි දුකක් තියෙන්නේ..

      Delete
    19. බොල හිරුවෝ... ගෑණු විනෝදෙට කරන්නේ මිනිහගේ ඔළුව කන එකනේ... :D

      Delete
    20. ඒක කරන්නත් ඔලුව තියෙන මිනිස්සු එපැයි මාරයියේ...... හි හි

      Delete
    21. හිරුවාගේ පක්ශයට මෙන්න මගෙන් මනාපයක්... :)

      Delete
    22. //අරක්කු බීලා ලෙඩ වෙන අයට රෝහල් වලින් නිකම් බේත් නොකර ඉන්න එක හොදයි කියලා මාත් හිතනවා‍‍//

      බේබද්දෙක් නූනත් ඉදහිට ෙබාන ඒකෙක් විදියටත් තර්කානුකූලවත් ෙම්කට මම විරුද්ධයි. හාල් ටිකට පරිප්පු ටිකට සීනි ටිකට පෙට්‍රල් වලට ගහනවට වඩා සෑහෙන්න වැඩි ප්‍රතිශතයක් අරක්කු සිගරට් වලට බදු ගහනව. රු25ක් වෙන සිගරට් ඒකකින් අඩුම ගානෙ 15-20ක් බදු අැති.
      ඉතින් වැරැද්දකට(වැරැද්දක් නං) දෙපාරක් දඩුවම් දීම ශිෂ්ට සමාජයක ගති ලක්ෂණය නෙවෙ. ඔන්න ඔය ෙයා්ජනාව ක්‍රියාත්මක කලාට කමක් නෑ අනිත් බඩු වලට ගහන බද්දම අරක්කු-සිගරට් වලට ගහල. අැයි යකෝ වැඩි මිලට ෙබාන්නයි ඉස්පිරිතාෙලදි සල්ලි ෙගවන්නයි ෙදකක් අැහැකිද?

      Delete
    23. එතකොට නොබොන සහ බොන්න සතේ නැති එවුන් ගන්න පාන් ගෙඩියට ගහන බද්දෙන් බීල ලෙඩවෙන කාලකන්නින්ට බෙහෙත් කරන එකත් මිනිස්සු පිනට දෙන ලේ ටික උන්ට දෙන එකත් සාදාරණද? බොන්නේ තමන්ගේ සල්ලි දීලනම් බෙහෙත් ගන්න අනික් එවුන්ගේ සල්ලි මොකටද? තමන්ගේ ගැනි දරුවෝ බඩගින්නේ ඉන්නද්දී බොන සහ ගැනී හම්බකරන එකෙන් දරුවන්ට ඉගෙන ගන්නවත් නොදී බොන එවුන් කොඉතරම් ඉන්නවද? නැතිම උනාම සමහර උන් ගැනී / දරුවෝ විකුණලත් බොනවා. (උනුත් මුලදී party වල බීපු සහ අපේ මහත්තය party එකකදී විතරයි බොන්නේ කියල ගැනි ආඩම්බරෙන් කියපු මහත්වරු තමයි.) ඒ වගේ එවුන් ඉක්මනට මැරෙන එක දරුවන්ට හොඳක් සහ ආදර්ශයක් . බීල accident වෙලා අනිත් මිනිස්සුන්වත් අමාරුවේ දාන, ජීවිත නැතිකරන එවුන්ට ආණ්ඩුවේ රෝහලේ ඇඳක් වත් දෙන්න හොඳ නෑ.

      Delete
  3. අනිවා... ගල් වලට ජයිවෙවා.... උදේට කැක්කුම් දෝෂ නැතිව නැගිටින්න නම් ගල්ම තමයි.අර මුල්ම ෂොට් එක ගහන කොට පපුව ඇතුළෙන් එන ගතිය ගැන කියන්න වචන නෑ.
    ( ඒත් මොකෝ මේ උඹ එකපාරම ගල් ගැන ලියන්න පටන් ගත්තෙ මාතලං අයියේ.. )

    ReplyDelete
    Replies
    1. හිඟ කාළෙකින් පරණ සෙට් එක සෙට් උනා පරණ විදියට. ඉතින් අපි පරණ බ්‍රෑන්ඩ් එක අමතක කලෙත් නෑ...

      Delete
  4. නොබොන මටත් බොන්න හිතුනා ඕන් මේ ගල් වරුණාව දැකලා..

    ReplyDelete
    Replies
    1. බොන්නෙ නැතුව කොහොමද දන්නෙ ඒකේ ආතල් එක..

      Delete
  5. මේක බලල දැන් යන්න හිතුනා ගල් හොයන්න. සින්දුව නම් මරේ මරු.

    ReplyDelete
    Replies
    1. ඊයේ පෝයනේ.... හොයාගන්න තියෙන්නෙ ඕක විතරයි...

      Delete
  6. ආපෝ ගල්... දවසක් හෝ දෙකක් බිව්වා... මට නම් දිරවන්නෙ නෑ... මගේ ෆේවරිට් එක වෙලා තිබුනෙ රම්.. (දැන් අමද්‍යප :) )

    ReplyDelete
  7. මම නම් ඕං අමද්‍යප... වතුර වීදුරුවක් තරම් සැපයක් මට වෙන කොහෙවත් නෑ

    ReplyDelete
    Replies
    1. ෂැන්ඩි මදි උනාම වතුරත් එක්කත් ගහනවා... අවුලක් නෑ...

      Delete
    2. එක පාරක් පොල් වතුරත් එක්කත් ගැහුවා...

      Delete
  8. කරපිංචා ගැන සීන් එකක් මතක් උනා අවතාර් තිත තියන්න කලින් ගල් මූඩියක් අරිද්දි එකෙක් කියපි කරපිංචා දැම්මා තඳත් නෑ අමාරුත් නෑ කියලඊට පස්සේ දැම්මා කියමුකෝ .හරියටම දෙසැ 31 වෙනිදාවක.පහුවදා ඉවර වෙනකල්ම වෙරියි ඔලුවේ අමාරුවයි.එතනින් පස්සේ ගල් එක්ක නෝ ආතල් .දැන් නම් මොක එක්කවත් නෑ

    ReplyDelete
  9. ලංකාවේ ගල් ගහපු උන් ඇමරිකාවේ ආවම ගහන්නේ බ්ලැක් ලේබල් ටික දවසක් ගියාම කතා කරන්නේ ගල් බෝතලයක් ඇහින් දැකපු නැති උන් වගේ. ලඟදි දවසක මෙහේ සෙට් වුන වෙලාවක මම ඔය ගඳ යවන්න ඒ කාලේ ගල් බෝතලේට පත්තර කොලේ දාන කතාව කිව්වා මුන් එකෙක්වත් දන්නේ නෑලු කාට කියන්නද බං. මාතලන් උබවත් ඕක දන්නා එක ලොකු දෙයක්. කොලේ බෝතලේට බස්සල එලියට අරගෙන ලයිටරෙන් කොලේට ගිනි තියන එක කලාවක් ඒ කාලේ.

    ReplyDelete
    Replies
    1. කොළේට ගිනි තියන්නෙ පියවර කීයකින්ද බං?

      Delete
    2. අපිට නම් මුල අමතක කරන්න බැරි ලෙඩක් තියෙනවනේ බන්. අපේ මනුස්සකම් ගදන්න ගල් කොච්චරනම් ඉවහල් උනාද..?

      Delete
  10. මමත් දන්නවා කීපදෙනෙක් හොදට වත ගැවසුනත් ගලේම එල්ලිලා ඉන්නේ. අපේ මාමණ්ඩි නම් පොඩි කාලෙ ඉදල දරුවන්ට බඩේ අජීර්ණවලට දීල තියන බෙහෙත තමා ගල්.

    ඔය බල්ලන්ට ගහන ජාතිය වගෙම දෙවියන්ට ගහන ජාතියටත් 'බ්‍රෑන්ඩ් ලෝයල්' අපේ ගමේ ඇත්තෝ ගොඩක් ඉන්නවා. මම නම් අමද්‍යප, හැබැයි හොද රා කට්ටක් හම්බවෙනකම් විතරයි.

    ReplyDelete
    Replies
    1. තෙලිජ්ජ තමයි හොඳම බීම. ඉස්සර රජවරුත් පානය කොරලා තියෙන්නේ තෙලිජ්ජලු. ගල් වලට සෙම නෑ. බඩේ ලෙඩේටත් පංකාදුයි..

      Delete
  11. මම නම් ලංකාවෙ ඉන්න කාලෙ ගල් ගැහුවෙ ගස් වලට... නැත්නම් ඉතිං ඉඳලා හිටලා නිතරම එකක් දෙකක් කැපුවොත් මිස....
    බටහිර රටවල ඉන්න අළුගුත්තේරුවො නිසා තමයි මම නං බොන්න පුරුදු වුනේ... නැත්තං මම කාක බෝ පැලේ වගේ මිනිහා...
    හැබැයි ඇත්තම කියනවා නම් ජීවිතේටම ගල් බිවුවෙ එකම එක වතාවයි... ටැස් කොරන්න... නරකමත් නෑ... මේක කියවපු නිසාම අද නම් මොනවා හරි දාගන්න ඕන.... සීතලත් එක්ක...

    ReplyDelete
    Replies
    1. මෙහෙ නොබොන අයටත් බොන්න පුරුදු කරේ අපේ විෂ්කි මැඩම්. එතුමිය මෙළෝ දෙයක් නොකලාට රට පුරා බාර් නම් දැම්මා. මේ ආන්ඩුවත් "තිතට මත" නමින් ඒ ව්‍යාපෘතිය දිගටම ගෙනියනවා..

      Delete
    2. ඒ විතරක් නෙමේ බං, ඇන්ටියි ජී ඇලයි එක පාරක් බියර් බැස්සුව බැස්සිල්ලක් වතුරට වඩා ලාභ වෙන්න. එව්වත් සිහි කරන්න ඕන හොඳ දේවල්.

      Delete
  12. අපේ අප්පොච්චාගේත් ෆේවරිට් ගල්....මම ගෙදර ගියොත් එයා ගල් ගහල මට ජින් හරි වෙන මොනවා හරි සර්ව් කරනවා...ඒත් මමත් ගල් රසිකයෙක්...බිව්වා කියලා තමන්ට විතරක් නෙවෙයි අනුන්ටත් තේර්න්න ඕනා නම් ගල් තමයි භාණ්ඩේ...

    ReplyDelete
  13. උඹ කිව්වාමයි මතක් වුනේ මගේ ගෙදරත් දැන් අවුරුදු තුනක් විතර තිස්සේ ගල් බෝතලයක් තියෙනවා....!

    මාත් එක දවසක් ගල් රස බලල තියෙනවා. හැමෝම අගේ කරන නිසා මාත් බීල බැලුවා. කොහොමත් බීම නිසි පමණට නිසා මට නම් ඒක හොඳ බීමක් කියලා විතරයි දැනුනේ. රෑ නමේ විතර ඉඳන් පාන්දර හතර වෙනකනුත් ඩ්‍රින්ක් එක සිප් කරලා උදෙ හය වෙනකොටත් නැගිටලා නාගන්නත් පුළුවන් උනා. මට මේ නත්තලට තෑගි හම්බ උන ජින්සෙන් ලිකර් එකකුත් ගල් රස වගේ මතක. ඒ උනාට මේ නත්තලේ ඉඳන් නිතර මාත් එක්ක එකතු වුනේ රම් හා පේර. (http://en.wikipedia.org/wiki/Shooter_%28mixed_drink%29)

    ReplyDelete
    Replies
    1. මචං ගල් බොන්නේ ඔන් රොක්ස් නෙමෙයිද?

      Delete
    2. ඔන් රොක්ස් අමාරුයි මචෝ. උඹ ජින් ෆෑන් කෙනෙක් නිසා ස්ප්‍රයිට් එක්ක දෙහි පෙත්තක් දැම්මනම් මල් හතයි..

      Delete
  14. මෙහෙම පොස්ට් එකක් දැමීම එක හෙලා අනුමත කරමි... මම ඉතින් ඕවා පාවිච්චියක් නැනේ.. දැන් ඉතින් බොන්නේ නැතත් බිලා තියනවා වගේ (එහෙම නොවීම බැරි තැන් වලදී ) කියනන දෙයක් හරි දන්නවනේ....

    මේ වෙනකන් නම් ඕවා කිසිම දෙයක් පාවිච්චි කරලා නැ.... ඉස්සරහට අදහසකුත් නම් නැ කොහොමවත්..

    ReplyDelete
  15. පාවිච්චියන් නොමැති නිසා අද්දැකීම්ද නොමැත

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි.. මමත් කවදාවත් කිසිම කෙනෙකුට බලෙන් පොවන්නෙ නෑ...

      Delete
  16. ඔච්චර ගුණයි නම් ඊලඟ වතාවේ ගියාම බොන්නං...

    ReplyDelete
    Replies
    1. අර කොක්ටේල් එක ට්‍රයි කරපන්... පට්ට..

      Delete
  17. කොක්ටේල් එක නම් ට්‍රයි කරන්න ඕනෙ වහාම.
    ස්තුතියි රෙසිපියට.

    ශුභ අලුත් අවුරුද්දක් වේවා!

    Galannasi cocktail


    ඉරබැස යන වෙල් එලියයි මඳ සුලඟයි
    උඩ පනිනා මසුන් කැලයි තබ්ලාවයි
    හදවතෙ ගැඹුරු තැනින් යම් දෙයක් අසයි
    ගලන්නාසි කොක්ටේලයට දැන් වේලාවයි

    සංස්ථා ගල් මික්ස් ෆෘට් ජූස් සම සමව ගෙන
    කලතා අයිස් හා හීනියට කැපූ නාවල අන්නාසිද
    සෙමින් සෙමින් බීමෙන් හැන්දෑකොරේ මිරිදිය මස් බැදුමද හපමින
    ජීවිතය මඳ නලකි සතුටිනි අවුරුද්දෙම සබඳ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දයාල්.. උඹේ නිර්මාණය ගල් වලටත් වඩා ඉස්තරම්

      "ගලාන්නාසී කොක්ටේල්'

      Delete
  18. ගල් කියන්නේ අජූව බීමක් වගෙයි මතක.

    සමහර විට මං ගල් බීපු එකම දවසේ අහුවුනේ හොර බඩු වෙන්න ඕනෑ මං හිතන්නේ.

    කැම්පස් සෙකන්ඩ් ඉයර් එකේ දී බිව්වට පස්සේ දවසේ හිතා ගත්තා ආයේ මලත් ගල් නොබොන බව.

    ReplyDelete
    Replies
    1. අපේ මහත්තයෙකුගේ නෝනා කෙනෙක් මහත්තයාට හොඳම ගොඳ තෑග්ගක් දෙන්න කියලා ගමේ පොරකට කියලා බාර් එකෙන් හොඳවායින් බෝතතලයක් ගෙන්නලා දුන්නු කතාව මාතලන් කියෝලා තියෙනවාද?
      http://kathandara.blogspot.com.au/2010/03/blog-post_24.html

      ?

      Delete
    2. කතා කියන කතාව හරි නොදන්න කෙනෙකුට අපුල හිතෙන පට්ට ගඳක් තියෙනවා තමයි... නමුත් හොඳ එකේ ඒ ගතිය අඩුයි..

      Delete
  19. මම නම් අමද්‍යප ,ගල් හරි පොල් හරි ඕනි එකක් නිසි පමණින් ගත්තාට ලොකු කේස් එකක් නෑ . තමන් මොකාද , කරන්නේ මොනවද කියල මතක තියන ගානට නතර කරගන්න පුලුවන් නම් ශේප් . අඩුම තරමේ වෙන උන්ගේ කරපිටින් ගමන් යන්න , ගැනිට දෙහි අතුල්ලන්න නොවන ගානටවත් .

    ReplyDelete
    Replies
    1. ප.ලි - MPAA රේටින් අනුව ඇල්කොහොල් භාවිතාව 18+ නෙවෙයි PG13ද කොහෙද . අනික ලංකාවට ඒවා අදාල නැනේ . පොස්ට් එක පටන් ගන්න කලින් වෝනින් මැසෙජස් දාපන්

      " ඔබේ හය හතර නොදන්න දරුවා ගල් බෝතලයෙන් ඇත් කර තබන්න කියල "

      Delete
    2. බොන එකා බොනවා... නොබොන එකා බොන්නෙ නෑ. මම නම් 13 දී ඉඳලා බොනවා. අද වෙනකන් කාටවත් වනයක් වෙලා නම් නෑ...

      Delete
  20. ඔය මිනිස්සු බීල සරම කරට අරගෙන වැනි වැනි සද්දෙ දාගෙන යනව කියන්නෙ අහලපහල ගෙවල්වලට පේන්නලු.කුනුකමට වියදම් නොකරන පිරිමින්ගේ ගැහැනුන්ට රිදවන්න.ඒ ගැහැණු ගෙදර මිනිහව කන්න හදනවලු"පේනව නේද අර මිනිස්සු හොදට වියදම් කරල කාල බිල ඉන්න සන්තෝසෙ"කියල.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සමහර නෝනලා කැමතියි බොන මිනිස්සුන්ට...

      Delete
  21. කැළනියෙ අපි උබ ඔය කියන තැනටම යන්නෝනි නැහැ දැන්. ගැමුණු මහත්යට පිංසිද්ද වෙන්න...

    ReplyDelete
    Replies
    1. කරෝකෙත් තියෙනවා... නිකන් කොළඹ වගේ...

      Delete
  22. මොනවා කොරන්ටදෑ හොඳ ජාති නොගහපු එකාට ගලුත් සුපර් බීමකි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ජනප්‍රියම බීම මහත්තයෝ....

      Delete
  23. 2013 දීවත් මේ නරක පුරුදු නතර කරන්ටයැයි මාතලන් නෝනා කෑගසනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
    ඇයට අපේ නොමසුරු සහයෝගය...දෙමු. කාන්තාවනි වහා නැගිට සිටින්ට.:D:D:D

    ReplyDelete
    Replies
    1. වැරදුනා. නැගිට සිටිව්...:D

      Delete
    2. අපේ නෝනා තමයි බයිට් හදලා දෙන්නේ. ඉස්සර සැර ජාතිත් ගත්තා. ඒත් දැන නවත්තලා. බියර් එකක්, වයින් ටිකක් විතරයි බොන්නේ.

      Delete
    3. කාන්තාවනි ආපසු ඉඳ ගන්ට.

      Delete
    4. මත්ද්‍රව්‍ය සමාගම් නව වෙළඳපොල සොයයමේදී ලංකාවේ ඇති හොඳම මර්කෙට් එක කාන්තාවන්ය. රෝග ඉතිහාසය විමසන විට බොන්නේදැයි අසු විට විලියෙන් මිරිකෙන / පුදුම වන කාන්තාවන් සිටි යුගයක් විය. ලංකාවේ කාන්තාවන් අතර සිරෝසිස් අවම වීමටත්, බිළිඳුන්ගේ fetal alcohol syndrome ලංකාවේ අසාවත් නැති වීමටත්, කාන්තාවන්ගේ ආයු කාලය පිරිමින්ට වඩ ඉතා වැඩි වීමටත් ප්‍රබල හේතුවක් වුයේ අපේ ලඳුන් බීම ඉතා අඩු වීමය. මතලන්ගේ බිරිඳට බීමට ඇති අයිතිය පිළිගන්න අතරම (බිවුවා තියා නෑවත් drive නොකරයි නම් අපට පාන්ද ?) මෙවැනි comment හරහා දෙන පණිවුඩය නම් කාන්තාවන් බීම හරිම නොර්මල් බවත්, සැමියා හෝ යහළුවන් සමග බීමෙන් ෆන් එක වැඩි බවත් නොකිය කීමයි. කෙල්ලනේ මතක තිය ගනිවු "cirrhosis හැදී බඩ ඉදිමී මැරෙන හැමෝම මුලින් ෆන් එකට බිවු අය වෙති". (අපිනම් ගානට බොන බවට බොළඳ තර්ක ඉදිරිපත් නොකරන්න--සම්භාවිතාවය කියා දෙයක් තිබේ.). මතලන්ගේ දුවත් ෂොට් එකක් දමා ගෙදර ආ විට මතලන්ට හොඳ විය හැකි නමුත් බහුතර බොන තාත්තල එයට කැමති නොවනු ඇත.(මෙය ඇත්තටම වැරදිය.-=sex discrimination )

      Delete
  24. ඔය ජාති මොනවා උනත් ඔක්කොම මත් වතුර බන්. බිඉපු එකෙක් ලඟින් යනකොට ගදේ ඉන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ගල් ගැහුවම ගඳයි තමයි... ඇත්ත.. ඒත් ගඳ නැති ඒවා ඕන තරම් තියේ...

      Delete
  25. ගහකට ගෙඩියකට ගලක ගැහුවොත් මිසක අපි නම් අමද්‍යප. හැබැයි ඉතින් පාට බෝතල් ගැන ගනං හිලව් ගැන අවබෝධයක් තියෙනවා ෂේප් එකේ. මොකද ගෙදර යන කොට මං නාවත් මට හෙන ගැහුවත් බෝතලේ එනකං බලං ඉන්න උන් ඉන්නවනේ. ඉතිං ඩියුටි ප්‍රී එකට සම්මාදමක් දාලා යන එක පුරුද්දක් වෙලා තිබ්බා කාලයක්.. හැබැයි දැන් නැහැ. මං කියලා තියෙන්නේ සහෝදරකම් නැති උනත් කමක් නෑ උඹලගේ ජීවිතේ කෙටි කරන්න මට සම්මාදම් වෙන්න බැහැ කියලා.
    ඉස්සර ආතල් කාලයක් තිබ්බා යාලුවෝ සෙට් උනාම සිංදුවක් කියලා පචයක් කෙලලා ෆුල් ෆන් එකක් ගන්න.
    ඒත් දැන් සෙට් වෙන්න පටන් ගන්නෙම බෝතලේ කඩලා. ඒක හිස් වෙද්දි ඉතින් දන්නවනේ. අන්තිමට උන්ව ආම් බාන් කරන්නයි ගෙවල්වලට බස්සන්නයි ගියාම අපිට හොඳ ආතල්. නිකං ලේ පුච්චගෙන ගෙදර එනවා විතරයි අන්තිමට.
    මොනා උනත් බොන එක අනුමත කරන්න නරකයි. ඒකෙන් වෙන හොඳක් නැහැ නරකක් මිසක!

    ReplyDelete
    Replies
    1. බොන එකෙන් මට නම් සිඳුවෙලා තියෙන්නෙ හොඳක්මයි, ඕන දෙයක් හරි විදියට පාවිච්චි කරන්න දන්නෙ නැති ලෙඩේ තමයි මේකටත් බලපාන්නේ.

      Delete
  26. මං බොන්නේ නැති බ්‍රෑන්ඩ් එක තමා ගල්...
    ලොකු කමකට නෙමේ, සෙට් වෙන්නේ නැහැ.
    ඒ වෙනුවට ලෝයල් බ්‍රෑන්ඩ් එක තමා සංස්ථා ඕල්ඩ්...
    හැබැයි ලොක්කා, අර උඹේ කොක්ටේල් එකනං අනිවා ටෙස් කරලා බලනවා...

    අරක්කුවලට ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගහලා බලලා කියපන්... අද බාර් ඇරලා...

      Delete
  27. ගල් ගැන නොදනිමි...
    පෝස්ටුව අගේ ය...
    තමන්ගේ තරම දැනගෙන බීමෙහි වරදක් ඇති බවක් නොසිතමි..
    (අපට ඉගැන්නුවේ නම් සතියකට 300 ml බීමෙහි වරදක් නෑ කියා ය.. ඇත්ත නැත්ත සොයන්නට නොගියෙමි..)

    ReplyDelete
    Replies
    1. ඔහේලගෙ අයත් මේවා පාවිච්චි කොරනවා හරි හරියට...

      Delete
  28. මාත් ඔය කොයි ගල් වලටත් මනපයි නොවැ.

    ReplyDelete
    Replies
    1. අහන්නත් දෙයක්ද... පත්තර කාරයෙක්නේ... මාධ්‍යය නියෝජනය කරන්නේ ගල් ඇර වෙන කුමක්ද...?

      Delete
    2. නලින් අහිතක් හිතන්න කාරි නෑ...මට මාතලන්ගේ කමෙන්ට් එක දැක්කහම මතක් වුනේ මේක
      (29) ‘සාසනයා’ගෙන් පත්‍ර මිත්‍රයින්ට ඩිනර් එකක් || ‘Sasanayaa’ treats his journalist friends

      Delete
  29. ඔය කොච්චර බ්‍රෑන්ඩ් තිබුනත් ඕන එකෙක් අවසානේ ගිහින් නවතින්නේ ගල් වල තමා. මන් හිතන්නේ ඇති නැති බෙදේ නැති කරන්න තියන හොදම වෙපන් එක ඕක තමා......

    ReplyDelete
    Replies
    1. අනික පෝයට එවේලබල් ඔච්චරයිනේ..

      Delete
  30. අති විශේෂ සංස්ථා අරක්කු වලට "ගල් අරක්කු" කියන්නෙ ඇයි කියල පොඩ්ඩක් හොයල බැලුවොත් නරකද??? සංස්ථාව ගල්ගමුවෙ තිබුන නිසා "ගල් අරක්කු " කියනවා කියල අහලා තිබුනට හරියටම දන්නෙ නෑ. "පොල් අරක්කු" හදන්නෙ පොල් වලින් උනාට, "ගල් අරක්කු", ගල් වලින් හදනවා වෙන්න බෑනෙ.
    (මාතලන් "ගලෙහි" සැප විදින්නෙකු බැවින්, "ගලේ මුල" සොයා යෑම අගනේයැයි සිතමි :ඩී)

    ReplyDelete
    Replies
    1. මුලින් ඔය අති විශෙෂ ආවෙ ගල් ඔය බ්‍රෑන්ඩ් එකෙන්. පස්සෙ තමයි අති විශේෂ සංස්ථා ආවෙ. දැං ගල් ඔය අරක්කුත් නෑ, සීනිත් නෑ.

      Delete
    2. ඔය් දීලා තියෙන්නේ උත්තරේ... අපේ තාත්තා ඒ කාලේ ගෙන්නෙ රුපියල් අටයිලු...

      Delete
  31. කැම්පස් එකේදී නැති කමට ගැහුවා මිසක් මටත් ගල් නම් හරියන්නේ නෑ. ඒත් ඔය කොක්ටේල් ඒක ටැස් කොරන්න වටිනවා

    ReplyDelete
    Replies
    1. ගහල බලපන්කෝ... මල් හතයි.. හැයි ස්මැක් මික්ස් ෆෘට් එක ගන්න ඕන...

      Delete
  32. මාත් බීල තියෙන හැම බීමකටම වඩා හොඳම බීම ගල්.ලඟකදි බොන්න ලැබුණේ නෑ.
    අර කොක්ටේල් රෙසිපිය නම් ටොප් ඇති, වෙලාවක ට්‍රයි කරන්න ඕනැ.

    ගල් ගීතයත් නොම්බර එකයි.මගේ මිත්‍රයෙක් කියන ඔය වගේ සිංදුවක් මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. පොල් වලටත් මේ ගීතයෙන්ම එකක් තියෙනවා... ඒකද දන්නෙ නෑ...

      Delete
  33. මටත් මචන් ගල් ගහන්නේ ටිකක් උබ කිව්වා වගේ වෙන
    රසයක් සහිත දෙයක් එක්ක ෂැන්ඩි කරලා තමා.ගල් වල රස
    මට ඩිංගක් අවුල.නැත්නම් කිසි අවුලක් නැති බීමක්.අතටත් පහසුයි ,
    මිලත් පහසුයි. ඒත් වැදගත්ම දේ තමා මචන් කසිප්පු ගැහුවත් ගහන්න
    ඕනේ බොන්න දන්න එකෙක් එක්ක.ගස් බල්ලෝ එක්ක ගැහුවම ආතල්
    දෙපිටින් යනවා.. :(

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචන් ගල් වල නෙමෙයි වැරද්ද... ගහන පුද්ගලයගෙ...

      Delete
  34. අපේ ඔය විදේශීක මිත්තරයෙක් එක්ක එහෙම බාර් එකකට ගියොත් උන් ඉස්සෙල්ලාම තෝර ගන්නෙ ගල්... ඒකට හේතුව තමා ඒකෙ ලේබල් එකේ Extra Special කියලා ගහලා තියෙන නිසා මේ තියෙන්නෙ හොදම නිෂ්පාදනය බව උන්ට ඒත්තු යෑම...

    දැන් අපිට සංස්ථා ගල් ගහන්නත් සල්ලි හිගයි බොලං... ඒ නිසාම මෙන්ඩිස් ගල් වලට මාරු උනා...මොනා උනත් ගල්නෙ...

    අර ෆොටෝවෙ කෙල්ලගෙ ගල නම් මරු....

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් ඔය කොයි ගලටත් මනාපයි.... ඉන්න ටිකේනේ සිරා මේ ඔක්කෝම...

      Delete
  35. අපේ ඉස්කෝලේ කලේ එංගලන්තේ ඉඳලා සුදු මහත්තයෙක් උගන්නන්න ආව. මනුස්සයට අවරුදු 60ක් විතර් ඇති. බැදලත් නැ තනිකඩ අහින්සක සල්ලි කාරයෙක්. කැම්පස් යන්න කලින් ගෙදරටම වෙලා හුල්ල හුල්ල ඉන්න කලේ අපේ set එක යනවා ඉංගිරිසි ටිකක් ඉගෙන ගන්නත් එක්ක හවසට පොරත් එක්ක කතාවකට set වෙන්න.
    මේ පොර ගියාම wiskey, vodka වගේ සුපිරි brand අපට දීලා ගන්නවා ගල් බෝතලයක් එලියට. පොර අරක තමා රස විඳින්නේ.අහුවහම් කියනවා "it has a good taste" කියලා. අම්මප ඇත්ත කතාව මාතලන් අය්යේ. සුද්දත් දන්නවා අපේ ගල් වල වටිනා කම. දුප්පතාගේ හිතවතා.ගල්... ජය!!

    ReplyDelete
    Replies
    1. සුද්දෝ ගලට හරි පෙරේතයි.. උන් ඒ ටේස්ට් එකට කැමතියි....

      Delete
  36. බොනවා කියන එකේ ගතිය දැනෙන්නම් බොන්න ඕනේම ගල් බං.. පපුව පුච්ච්ගන යන යැවිල්ලට ෆුල් කික්..

    ReplyDelete
    Replies
    1. පහුගිය දවස් දෙකෙත් ගැහුවා... අවුලක් නම් නෑ... ඕඃ

      Delete
  37. මටනං ඉතිං ඔය ගැන වැඩිය කියන්න දෙයක් නැහැ... මං ඕවා නොකිව්වට පුරාණ බඩිවරු ඔය ගැන මෙහෙම කියලා තියෙනවා...

    “සුරාවෙහි අගයත්..
    එහි ඇති මනා ගුණයත්..
    බොන සුදනෝ මිසක්..
    නොබොන අනුවණ දනෝ නොම දත්..“
    කියලා...

    ඕනනං අපිට ඒකම මෙහෙම කිව්වැකි...
    “ගලෙහි ඇති රසයත්..
    එහි ඇති සුමුදු පහසත්...
    විඳි සුදනෝ මිසක්...
    නොවිඳි අනුවණ දනෝ නොම දත්...“

    අරක්කු බීමට තිත තියලා මේ එන පලවෙනිදට අවුරුදු දෙකක් පිරෙනවා...මාස ගානකින් මේ ඊයේ පෙරෙදා දවසක බියර් එකක්නං ගැහුවා... බියර්වලින් ලබන මතයි..අරක්කු වලින් ලබන මතයි කියන්නේ දෙකක්... ඒත් මෑතකදි බොන්න තරං තාමනං හිතක් නැහැ... මං නොබිව්වත් බීමට විරුද්ධව වචනයක්වත්නං මමනං නෙවෙයි කියන්නේ.. බිම කියන්නේ දෙයියෝ අපිට දුන්න ලොකුම තෑග්ග... සුරයින්ගෙන් ලැබුන අමෘතය වෙන මොනවද...?

    බීමේ නෙවෙයි වරද තියෙන්නේ බොන්න නොදන්න උන්ගේ... ඕකට බීමවලට බයින එක තේරුමක් නැහැ... ඇයි යකෝ දැන් ඔය වෙන දෙයක් උනත් අරං බලමුකෝ.. අපි ගම්මු චොකලට් වගේ දෙයක්... මං කියනවා බීම නරකනං චොකලටුත් නරකයි... ඇයි...චොකලට් උනත් වැඩි කෑවොත් ලෙඩ... දියවැඩියාව වගේ එකක් හදා ගත්තොත් මැරෙන්න උනත් පුළුවන්... ඒත් අපි චොකලට්වලටවත්..චොකලට් කෑමටවත් බැනලා වැඩැක් ඇතෑ... වරද සීමාව නොතකා කන එකාගේනේ..චොකලට්වලවත්...කෑමෙවත් නෙවෙයිනේ... අරක්කුත් එහෙමම තමා...

    ගල් ගැන කියනවනං ඉතිං..ගල් නං මල් තමා... වෙනස් අත්දැකීම් ගන්න එක එක ජාතියේ දේවල් බිව්වා උනත් ගල් තමා අනිවාර්යයෙන් දිගුකාලීන පාවිච්චියට හොද... හැබැයි ඉතිං පොෂ් ගතිය ටිකක් මදි තමා... ඒත් ඉතිං අනිත් දේවල් වගේ පහුවදාට අවුලක් නැති එකම ජාතිය... රෑට ටිකක් තිබහ හැදෙනවා වැඩි එක ඇර...

    පමණ දැන බොන උන්ටත්..බිව්වට පස්සේ රඟන්න නොයන උන්ටත් ජය වේවා..!

    සුමනක්කටත්.. ගල් බෝතලයටත් එදා මෙන්ම අදත් ගරු කරන මංතුමා...

    ReplyDelete
    Replies
    1. ගල් කවිය මල් මාරේ..
      උඹට සුමනක්කා වගේම අපිට පියසිරි අය්යගෙ නෝනා.. එයාගේ නම අදටත් දන්නෙ නෑ..

      Delete
  38. දැන් නම් ඉතින් ගල් උනත් බොන්න විදිහක් නැහැ
    බෝතලේ 840ක් වෙලා

    ReplyDelete
    Replies
    1. බොහොම අමාරුයි ආතල් එකක් ගන්න.... කැත වැඩේ ඒකනම්...

      Delete
  39. සුරාවේ අගය ත්
    එහි ඇති මහඟු රසය ත්

    බොන හොඳ දන මිසක්
    නොබොන අනුවන දනෝ නොදනිත්

    ReplyDelete
    Replies
    1. කාටද තාරක කියන්නෙ ඉතින්...

      Delete
  40. දුප්පතාෙග ගල් ෙබා්තෙල්ටත් ෙකලල ඒ්ෙගාල්ල ලැම්ෙබා්ගිනිවල යනව. අපිට කසිය පිහිටයි මාතලන්.
    උඹ කිව්ව හරි. කසිය උනත් වැදගත් විදියට ෙබාන්න පුළුවන්. මාත් කැමති ෙබාන අතෙර වැදගත් චැටක් දාෙගන ඉන්න. ඒ් ෙවලාවට තමයි ෙහාද අදහස් ඒන්ෙන වගේම ඒකිෙනකා හොදින් ෆිට් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ළොව්ස් හොඳම නිර්මාණ එලියට ඇවිත් තියෙන්නේ අඩුම ගානේ වයින් වලටවත් පින්සිඳු වෙන්න.. ලංකාවෙනම් ගල් තමයි ඉතින්... දන්නෝ දනිති....

      Delete
  41. http://gimanhalablog.blogspot.com/2012/06/blog-post_27.html
    පැහැදිලිව පෙනෙන රෝගයක්
    නොමැති වුවද මත්පැන් පානය කරන්නන්ගේ සිරුර නිරෝගී නැත. සිරුරට ඇතුලු
    වන සෑම මත්පැන් බිඳුවක්ම සිරුරේ සෛලයෙන් සෛලයට හානි කර සිරුර අඩපණ
    කරයි. සාමාන්‍ය මිනිසෙකු විඳින නිරෝගී සුවය ඔවුන්ගේ සිරුර තුල නැත.
    නමුත්,ඉතා සෙමෙන් ඇස් පෙනීම දුර්වල වෙන අයෙකුට එම දුර්වලතාවය ඇස් ඉතා
    දුර්වල තත්වයට පැමිණෙන තෙක් නොතේරෙන්නාක් මෙන් මත්පැනට ඇබ්බැහි
    වූවන්ටද සිරුර දරුණු ලෙස හානි වන තෙක් තම දුර්වල බව නොතේරේ. එම
    දුර්වලතාවය දැනෙන විට ඔවුන් කරන්නේ තව තවත් මත්පැන් පානය කිරීමෙන්
    ශරීරයේ ස්නායු අඩපන කිරීමෙන් දුර්වලතා හා වේදනාවන් දැනීම අත්හිටුවීමයි.

    ReplyDelete
    Replies
    1. ඕවා ඔක්කෝම බයිලා, හැන්දෑවට හොඳට ගහන මිනිස්සු තම්යි බර අඳින රස්සාවල් වැඩි පුරම කරන්නේ.. අනික කවුරුත් මැරෙනවනේ...

      Delete
    2. මැරෙනවා තමයි. අඩු වයසෙන් ලමයි ගෑනු අනාතයි. ලේ වමනේ දාල බඩ ඉදිමිලා. නැත්තම් හොම්බකට සමතල වෙලා. ලඟදි ගිලිලත් මලා .

      http://www.google.lk/imgres?start=342&um=1&hl=en&tbo=d&biw=1280&bih=581&tbm=isch&tbnid=9BsgQ_XdeHRY8M:&imgrefurl=http://sanjoyphotos.blogspot.com/2006_03_01_archive.html&docid=T89PA3LrTaA-hM&imgurl=http://photos1.blogger.com/hello/269/5907/400/Cirrhosis_Sanjoy.jpg&w=384&h=289&ei=4_jiUMzROsiOrgf2kYCwDA&zoom=1&iact=hc&dur=39&sig=107032758464293001387&page=13&tbnh=146&tbnw=201&ndsp=29&ved=1t:429,r:50,s:300,i:154&tx=108&ty=136&vpx=112&vpy=75&hovh=195&hovw=259

      Delete
    3. වෙහෙස වෙලා බර අදින අය ට වැඩ කල හැකි කාලය අඩුකර දූ දරුවන්ගේ අද්යපනයට තියෙන මුදල් වියදමකරවා පවුල් පිටින් දුප්පත්කමේ පතුලට දමන ඇල්කොහොල් ප්‍රචාරණයට විරුද්ද වෙමු.
      උන් ලෙඩ වූ විට මාතලන්ට මෙන් මුදල් නොමැති නිසා බෙහෙත් කරන්නෙත් අපි දුක් මහන්සියෙන් හම්බ කරලා ආණ්ඩුවට ගෙවන බදු වලින්. ලේ වමනේ ගියාම දෙන්නේ අපේ දුප්පත් කැහැටු ආච්චිලා සීයල අම්මල තාත්තල පින් තකා දෙන ලේ ටික. මේ රටේ අද්යපනයට සහ සංවර්දනයට තියෙන මුදල්. මන්තිරියෙක් හන්දියේ දාන බාර් එකට යන්න තරුණ මනස හදන එක තම මේ කරන්නේ. ජනමාද්‍ය වේදියෝ එදා වේල හොයාගන්න හදන මෝඩ කතා මාතලන් බැන්න. නමුත් උන් කරපු කවදාවත් මීඩියා වලින් ඇල්කොහොල් ප්‍රොමෝට් කලේ නෑ.

      Delete
    4. ඇත්ත කතාව ඒක නෙමේ ඇනෝ. මීඩීයා එකේ ඉන්න උන් කරටි කැඩෙන්න ගහන්නේ. උන් මේවා ගැන ලියන්නෙ නැත්තේ තහනම් නිසා. මේක ප්‍රමෝට් කිරීමක් නෙමෙයි. ප්‍රමෝට් කරණවා කියන්න නොබොන එකාට බොන්න කියන එකයි. මම මෙතනදි කිසිම තැනක නොබොන එකෙකුට බොන්න කියලා නෑ..

      Delete
    5. මුල් කොටසට උත්තර දී නැත්තේ එය ඇත්ත නිසා විය යුතුය.
      නොබොන එකාට බොන්න කියල නෑ තමයි. නමුත් වඩා සියුම් ලෙස බීම වර්ණනා කරමින් සිත්ගන්න රූප සහ වදන් භාවිතා කරමින් සිදුකරන ප්‍රචාරණය වඩා බලවත්ය. බහුතර සාමාන්‍ය ඇඩ් වල පවා භාණ්ඩයේ හොඳ , ලස්සන කියනු මිස එය මිලට ගන්න ලෙස කෙලින්ම නොකියයි. දුම්වැටි සහ මත්පැන් සමාගම් ප්‍රචාරණය සඳහා කෝටී ගණන් වියදම් කරන බවත් සියුම් ප්‍රචාරණ ක්‍රම මගින් තරුණ පරපුර එයට යොමුකරන බවත් studies රැසක් මගින් ප්‍රබල ලෙස ඔප්පු කර ඇත. එනිසා ප්‍රචාරය කලත් නැතත් මිනිසුන් බොන බව කීම පුහු තර්කයක් වෙයි. බීම කලාව සහ තරුණ ජවය ස්රුන්ගාරය එකට යන බව( වැරදි ලෙස) මෙවැනි මාද්‍ය හරහා නිතර දකින එහෙත් බීමෙන් වෙන අනතුරු, රෝග සහ පවුල් එකක වලට සිදුවන හානිය නොදකින අලුත් පරපුර බීමට යොමුකරවා ගැනීම සමාගම් වල අරමුනයි.

      සමාගම් ක්‍රීඩා වලට, කලාකටයුතු වලට අනුග්‍රහය දැක්වීම මෙන්ම බ්ලොග් ලෝකයේ පිළිගත් රසකතා කරුවෙකු, වීරයෙකු ලවා මෙවැනි පොස්ටු දැමීමද මත්පැන් නොබොන තරුණ කොල්ලන් හා කෙල්ලන් බා ගැනීමට ගත් උත්සහයක් විය නොහැකිද?

      Delete
  42. නීඩ් ගහන උන්නම් මටත් පෙන්වන්න බැහැ මමත් කැමති සිප් එක සිප් එක පොඩ්ඩ පොඩ්ඩ බොන එතකොටයි කික් එකක් තියෙන්නේ. ඒ උනත් ගල් නම් මට ගැහුවා වෙලාවේ ඉඳන් කබරයා කේස් එකක් මම කැමති වයිට් ඩයමන්ඩ් එකට.

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ බ්‍රෑන්ඩ් එකක් තමයි...

      Delete
  43. අපිත් පටන් ගත්තේ ගල් වලින්."අපිත් ගල් කොල්ලෝ." දැන්නම් අප්සෙට්..

    ReplyDelete
    Replies
    1. මම නම් ඊයේ පෙරේදා දෙකෙත් ගැහුවා....

      Delete
  44. මෙවැනි ලිපි සහ ඒවාට ලැබෙන ප්‍රතිචාර කිසිම ලැජ්ජාවක් නැතිව පළකිරීමෙන් වෙන්නේ අපේ තරුණ උදවිය තවත් බේබදු කමට ඇබ්බැහිවීම නොවේද?ඔය කියන "ගල්" ගැහීම ඔය තරම් මහා ලොකු දෙයක් බව වත් තේරුම් ගන්න බැරිනම් ඔවැනි දේවල් පල නොකර සිටීමෙන් හෙන හතම ගැහීමේ විනාශයෙන් බේරිය හැකිය.

    ReplyDelete
    Replies
    1. දැන් කාලයේ ස්ටයිල් එක කරටි කැඩෙන්න බිමයි, ඇට් ලිස්ට් බඩු දෙකතුනක් පැදීමයි, අධ්‍යපනය විකිනීමට කතාකිරීමයි අතේ පිච්චිය නැතිමුත් කැපිටලිස්ට් කෙනෙකු වීමයි.( අමතක උනා බුරියේ හෝ පුකේ ටැටුඑකක් ගහන්නත් ඕනේ ).

      Delete
    2. ගලක් ගහන ගමන් බයිට් එකට වගේ කියවල බලන්න http://gimanhalablog.blogspot.com/2012/06/blog-post_27.html

      Delete
  45. ඇල්කොහොල් වලින් වෙන හානිය වෛද්‍ය වරයෙකු ලෙසට හොඳින්ම දැකපු කෙනෙක් මම .
    The World Health Organization examined mental disorders in primary care offices and found that alcohol dependence or harmful use was present in 6% of patients. Alcohol use is the third leading cause of preventable death in the United States (after smoking and obesity). Annually, 85,000 deaths are attributable to alcohol at a cost of $185 billion. Almost half of these deaths are attributable to alcohol-related injury. Worldwide, alcohol is responsible for a percentage of a number of conditions, as follows:

    Cirrhosis - 32%
    Motor vehicle accidents - 20%
    Mouth and oropharyngeal cancers - 19%
    Esophageal cancer - 29%
    Liver cancer - 25%
    Breast cancer - 7%
    Homicide - 24%
    Suicide - 11%
    Hemorrhagic stroke - 10%

    media portrayals of drinking, alcohol product placements, and alcohol advertising increases alcohol consumption and problems among young people.
    මාතලන් මේ කරන්නෙත් දැන හෝ නොදැන ඒ වගේ alcohol product placement එකක් තමයි. බොන එක ෆන් . නොබී ෆන් ගන්න බෑ කියන පණිවුඩය තමයි මේ දෙන්න හදන්නේ. මාරයා හා කකා දෙන්නම මීට කිට්ටු පණිවුඩ දීල තිබ්බ. ඔයාල කාටවත් මේ දේ වැරදියි කියල කියන්න බැරි ඇයි කියල මම දන්නේ නෑ . බීලා ඉහත ප්‍රශ්න ඇතිකරගත් කව්රුත් මුලදී පාර්ටි වලදී බීපු අය තමයි.
    නනංගි මල්ලි කියන්නා කෙසේ කීවත් මේවා කියවන ඔයාල සිහිබුද්දියෙන් වැඩකරන්න .

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රතිශතවලින්ම පේනවා ඇල්කොහොල් නිසා වන ප්‍රතිශතය බොහොම අඩුයි කියලා.. ඉතින් තවත් මොන කතාද.. ඔතන තියෙන්නෙ ඇල්කොහොල් වල ප්‍රශ්ණයක් නොවෙයි.. වෙනත් සමාජීය ප්‍රශ්ණ.. බීලා මෝඩ බව ප්‍රදර්ශණය කිරීම මා හැමවිටම හෙලා දකිනවා. ඒත් මා ලද යම් දෙයක් වේද එ සියළුදෙයා මට ලාබ දී ඇත්තෙ ඇල්කොහොල් නිසායි. අනෙක් කරුණ අප පවුලේ එකම එක පුද්ගලයකු හැරුන විට කිසිම කෙනෙක් ඇල්කොහොල් නිසා ජීවතයට හානියක් කරගෙන නැත. මිනිසුන්ගේ ප්‍රජා අයිතීන් නැති කරනවාට වඩා කල යුත්තේ ඔවුන් දැණුවත් කිරීමයි. මා එය ඉටු කරනවා යයි මම සිතමි. මෙහිදීත් නොබොන අය අගය කර ඇති ආකාරය ඔබ නොදුටුවේයයි සිතමි.

      Delete
    2. ඔයා බිවුවත් නැතත් අපිට කමක් නෑ. එත් මේ misleading පොස්ට් බලන එක කොල්ලෙක් හරි බොන්න පටන් ගත්තොත් අපරාදයක්. ඔබ මේ වගේ alcohol promote කරනකොට arrack කොම්පැණි එකෙන් ඔයාට හැම දේම ලබාදුන්න බව අපිට තේරෙනවා.

      Delete
    3. එහෙම ලබා දෙනවා නම් කොච්චර දෙයක්ද... දැන් ගලුත් හරි ගනන්...

      Delete
    4. ඔයා අරක්කු සමාගම් වලට කඩේ යන්නේ නිකන්ද? අනේ පවු

      Delete
  46. Alcohol marketing frequently deploys images, messages and elements that appeal to young
    people. studies have shown young people are drawn to music, characters, story and
    humour, and find the quirky, playful, and subversive elements of alcohol advertising appealing.

    ReplyDelete
  47. ඔය උඩින් තියෙන රුපෙත් එක්ක කෙරෙන්නේ මේක නේද ? Alcohol advertising often features sexualised and suggestive imagery. For young people who are developing their sense of self and understanding of relationships, the persistent use of sexualised imagery and stereotypes normalises drinking as an essential component of sexual interactions

    ReplyDelete
  48. In online marketing, the boundaries between advertising and other content is increasingly difficult to discern. In contrast to the traditional mode of television
    advertising much digital marketing is
    incorporated into the very fabric of online conversations and entertainment.

    ReplyDelete
  49. @ අවසන් ඇනෝ හතර දෙනාටම
    මේක ප්‍රචාරණයක් නෙමෙයි.. ඒ නිසාමයි මම මුලින් වෙන පින්තූරයක් දැම්මේ. පින්තූර දැම්මයි නොදැම්මයි කියලා ඕවා අඩු වෙන්නෙ නෑ. ජාතික රූපවාහිනියේ පවා මේවා පෙන්වනවා. කවුරුත් ගනන් ගන්නෙ නෑ. ඒත් ඊට යටින් දාන පාඨ නිසා නම් මේ වෙන්නෙ මොකක්ද කියන අවදානය ඇති වෙනවා. ඒක ඊට බයානකයි. ගල් වලට ඇඩ් දාන්න ඕන නෑ. ගල් තමයි ලංකාවේ ජනප්‍රියම පානය. ඕවා නවත්වන්න මොන නීතී ගෙනාවත් බෑ. ඇත්ත කතාව ඒකයි. ඔබේ අදහස් දැක්වීම්වලට ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. ඇඩ් දාන්න නොදෙන බැවින් සමාගම් කොටි ගණන් හෝ වියදම්කර චිත්‍රපට ගීත හා ක්‍රීඩා තුලට තම product ඔබා ගනිති. ගල් වලට ඇඩ් අනවශ්‍ය බව මතලන්ගේ මතය වුවද සියලු alcohol හා cigarrete සමාගම් තම පාරිභෝගිකයන් අඩුවයසෙන් මිය යන විට නව වෙළඳපොල සොයා යනබව research විශාල ප්‍රමානයකින් ඔප්පු කර ඇත. මාතලන් ගේ මෙම පොස්ටුවද alcohol product placement එකක් බව පැහැදිලිව පෙනී යයි. එය එහෙම නොවන බව ඔබ ඔලුවෙන් සිටගෙන කීවත් ඉහත keyword එක wikipedia තුලින් හෝ search කර හේතු ඇතිව තර්ක ඉදිරිපත් කරන ලෙස ඉල්ලමි. මේවා ලිවීමෙන් මට ඇති වෙඩක් නැති බව දන්වන අතර අහිංසක තරුණ ජීවිත මතට බිලිකරන අයට තම self conscience එකට උත්තර දීමට හැකිදැයි විමසා බලන ලෙසත් ඉල්ලමි

      Delete
    2. අපේ රට අතීතයේ සිට රහමෙර පාවිච්චි කල රටකි.. මම අළුතෙන් හඳුන්වා දෙන්න ඕන නෑ. බොන එකා බොනවා. නොබොන එකා නොබී ඉඳියි... කොහොමත් බොන උන්ගේ බොක්ක හොඳයි.. ඒක කවුරුත් දන්නවා...

      Delete
    3. බොන එවුන්ගේ බොක්ක හොඳයි කියන්නේ මොන ලබ්බක්ද ? හිත හොඳ මිනිස්සු බොන එකේ නරක හොඳට දන්නවා.
      "ඒක කවුරුත් දන්නවා" -- හොඳ විද්යනුකුල තර්කයක් ....

      Delete
  50. මොනව බිවුවත් හොද බ්‍රෑන්ඩ් කියල හැමෝම පහුවෙද්දී ගල්වලට බහිනවා ටික දවසකට හරි. අනෙක්වා බොහොමයක්ම කෘතිමයි. ගල් පොල් ඇරුනහම.

    ReplyDelete
  51. මට නම් පොල් තමයි හරි යන්නේ....

    අර නිහාල් නෙල්සන්ගේ සින්දුවකුත් තියෙන්නේ "මම දැම්මේ පොල් එකයි, පොල් එකයි...." කියලා.

    ReplyDelete
  52. ගල් ගහලා උදේ ගියාම ලැටි..
    අය එකෙක්ට යන්නට බැහැ ඒ පැත්තම ෆැලැටි..

    අපි නමි අාදරේට කියන්නේ බල්ලන්ට ගහන එක කියලා...කවුරු කොහොම මොනවා කිවුවත් ගලට අපේ උපහාරය....!


    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න