.

.

Jul 8, 2013

ජෝති හා බොහීමීයානූ ජීවිතය (21+) - Being a Celebrity (16+)


මේකේ මේ (21+) දාලා තියෙන්නේ කුණුහබ්බ නිසා නෙමෙයි. පොඩි උන්ට ළොකු උන්ගේ ඒවා නොතේරන නිසා...

මිය ගිය භානු ප්‍රසන්නගේ, බොහීමියන් ජීවිතේ ගැන, රාවයේ, එයාගේ සහෝදර මොහීමියන් කළාකරුවෙක් ළිපියක් ලියලා තිබුනා, ඒකට උණපූරණයක් අපේ දයල් බතී ලියලා තිබුනා.  කුටුම්බ ගත වීම ගැන. ඊට පස්සේ, අපේ පැරා, පත්තරේක ආරාධනයෙන් තව අපූරු ලිපියක් ලියලා තිබුනා, බොහීමියන් ජීවිතයක් ගෙවපු, හදවත රත්තරන් (HR) ජෝති ගැන.

ඇත්තටම, කළාකරුවෙක් ගත කරන්න ඕන බොහීමියන් ජීවිතයක්ද..? ඒක සංවාදයට තුඩු දෙන කාරණයක්. සයිමන් නවගත්තේගමගේ ජීවීතේ, කෙනෙකුට සුන්දර වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට දිරවන්නේ නැති දෙයක් වෙන්න පුළුවන්.

නමුත්, ඒක අගය කරන අයත් ගෙවන්නේ, ඒ වගේ බොහීමියන් ජීවීතද. නැතිනම් කුටුම්බයන් ඇතුලේ ඉඳන්, අර ජීවීතය ගැන කම්පාවූ සිතින් බලන, ඉඡ්ඡා බංගත්වයක්ද.? මේවා මහා මොළේ අවුල් වෙන කාරනා.

කොහොම හරි කළාකරුවෙක් උනාම, බොහොම ජනප්‍රිය වෙනවා. එතකොට එයා පිරිමියෙක් නම්, මැක්සා ගන්නවා. ඒකේ උපරිමය තමයි නිදහස් ලිංගික ජීවීතය. ඒ වගේම සිවිල් පොරක් වීම. ඒක පාවිච්චි කරලා එයත් එක්ක එන, කාන්තාවන් එක්ක එයා සංසර්ගයේ යෙදෙනවා. කොටින්ම කියනවා නම් බඩු ගහනවා.

ඒත් කාන්තා පාරශවය මේ දේ කලොත්, එයා ගොනා. නැත්නම් වේසියෝ. (මම කියන්නේ, අමතර ආදය්ම් මාර්ගයක් කර ගැනීම ගැන නෙමෙයී). ඔය ජේ වී පී එකේ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයත්, ඒ කතාව කියලා, නිලියෝ ඔක්කෝම වටවෙලා එයාට ගේම දෙනවා. ඒත් දියුණු සමාජයන් තියෙන රටවල මේ ප්‍රශ්ණ නෑ. කවුරුත් "සෙලබ්‍රිටී."

මම මේ දවස්වල ඉන්නේ, අපේ විමල් වීරවංශ මැතිතුමාගේ යාලුවෝ සෙට් එකක් එක්ක, ඒ කියන්නේ ඇමරිකන් කාරයෝ සෙට් එකක් එක්ක. නැෂනල් ගයිඩෙක් ඉඳිත්දිත්, උන්, මාත් එක්ක කුළුපඟු උනේ, එකක් බ්ලොග් ලිවිල්ල. අනික මම මියුසික් ලවර් කෙනෙක් වීම.

නැෂනල් එකා, ඉර නොබසින අධීරාජ්ජේ අවුරුදු ගානක් උන්නට, සල්ලි හම්බකරන එක මිසක්, සින්දුවක් වත් අහලා නෑ. ඕක අපේ අයගේ, පට්ට දුර්වලතාවයක්. උන්ට හරි පුදුමයි, අපි කන්ට්‍රී ඇන්ඩ් වෙස්ටර්න් හිටන් අහනවා කිව්වම. ඉතින් මම උන්ට කියලා දුන්නා ඒ සමාජය තියෙන්නේ කොළඹ හා නුවර පමණයි කියලා.

උන්, රෑට ගිටාර් ගගහ කියන, ජනප්‍රිය, කන්ට්‍රි ඇන්ඩ් වෙස්ටන් ගීත අතරේ, මම නොදන්න ඒවත් බොහොම තිබුනා. ළිපිය දිග වැඩි වෙන නිසා කන්ට්‍රි ඇන්ඩ් වෙස්ටර්න් ගැන පස්සෙ ලියන්නම්. ඒ අතරේ මගේ බොක්කටම වැදුනා මේ ගීතය.

සමහර් විට ඒකට හේතුව වෙන්න ඇත්තේ මේ දවස්වල කතාවෙන, බොහීමියන් සඟිස්කුරුතිය වෙන්න පුළුවන්. කොහොම හරි ඒ ඇල්බම් එකත් මට තෑගි වශයෙන් හම්බ උනා.  Album (Mud on the Tires)

ගායකයා "බ්‍රැඩ් පේස්ලි", (Brad Paisley) "ග්‍රැමී" (Grammy Awards) සම්මානයෙනුත් පිඳුම් ලබපු ගායකයෙක්. ඔහුගේ ජනප්‍රිය ගීත බොහෝමයක් තියෙනවා. ඔය උඩින්ම ඉන්න, අද ඇමරිකාව ජනප්‍රියම ගායිකාවක් වන, කෙරී අන්ඩර්වුඩ් (Carry Underwood) එක්ක තියෙන, ලස්සන සින්දුවකුත් තියෙනවා. ඔහේලත් අහලා බලල රස විඳින්න, ගීතයේ තේරුමත් ලාවට ලිව්වා. බලාගෙන ගියාම, අපේ උන් වගේම, උන්ටත් හෙන උනක්නේ තියෙන්න. (ඒක තේරුම් ගන්න වීඩීයෝව බලන්නම වෙනවා.)


ගීයේ සරළ තේරුම 

කවදද මම පොරක් වෙන්නේ? තරුවක් වෙන්නේ? මට ටැලන්ට් එක තියෙනවද? ඇත්තටම නෑ.... ඒත් අද කාලේ ටැලන්ට් මොකටෙයි..? ඔය ඕන තරම් රියැලටි ෂෝ තියෙන්නේ.... මට මාර ආශාවක් තියෙන්නේ ඔය සුපිරි කෑල්ලක් එක්ක රැයක් ගත කරන්න...., එහෙම කරලා තාත්තත් එක්ක කොක්කක් ඇද ගන්න....., අන්තීමටම..... පිස්සු කෙලලා පුනරුත්තාපනේට ගියත්, ෆරාරියකටත් ගේමක් දෙන්න....

මොකෝ... උඹ තරුවක් උනාම...., පොරක් උනාම...., උඹට ඕන පිස්සුවක් කෙලින්න පුළුවන්. ඒත්.... ජනතාවට ඒවා මාර ගේම්, මම ඕඩර් කරන "ලටේ" (කිරි කෝපී) එක මට ඕන විදියට නෑ කියලා, විසි කරලා, කොක්කක් ඇදගෙන, චොර කරලා, මගේ තියෙන තරක් මරහා ඔක්කෝම ඇරගන්න පුළුවන්. (මෙතන වෙන අර්ථයකුත් තියෙනවා)

මම හැම රේඩියෝ ෂෝ එකේම ඉන්නවා...... ටැබ්ලොයිඩ් පත්තර වල...... සඟරාවල..... මගේ ගැන ගොසිප් හෝ ගලා. මොන කචල් කේස් එකක් උනත් මට මොකෝ..... ඒකෙන් වෙන්නේ මම තවත් ජනප්‍රිය වෙන එක.


මට කසාද බඳින්නත් පුළුවන්.. මාසෙන් දික්කසාද වෙන්නත් පුළුවන්.. මම තව එකක් ගන්නවා. අර ගොල්ලෝ චොර වෙලා යනවා...

මේ පරණ වැගන්, කාර්, ඔක්කෝම විසි කරලා දාලා...... මම යනවා හිරු රශ්මියන් හා ආතල් වලින් පිරුණු...., කෝටිපති තනිකඩයන්ගේ.... සුන්දර ළෝකයට.... හොලිවුඩ් වලට. ඒ තමයි...... දිවිය ළෝකය.

Being a celebrity

Someday I'm gonna be famous, do I have talent, well no
These days you don't really need it thanks to reality shows
Can't wait to date a supermodel, can't wait to sue my dad
Can't wait to wreck a Ferrari on my way to rehab

[1st Chorus]
'Cause when you're a celebrity
It's adios reality
You can act just like a fool
People think you're cool
Just 'cause you're on TV
I can throw a major fit
When my latte isn't just how I like it
When they say I've gone insane
I'll blame it on the fame
And the pressures that go with
Being a celebrity

I'll get to cry to Barbara Walters when things don't go my way
And I'll get community service no matter which law I break
I'll make the supermarket tabloids, they'll write some awful stuff
But the more they run my name down the more my price goes up

[2nd Chorus]
'Cause when you're a celebrity
It's adios reality
No matter what you do
People think you're cool
Just 'cause you're on TV
I can fall in and out of love
Have marriages that barely last a month
When they go down the drain
I'll blame it on the fame
And say it's just so tough
Being a celebrity

[Bridge]
So let's hitch up the wagons and head out west
To the land of the fun and the sun
We'll be real world bachelor jackass millionaires
Hey hey, Hollywood, here we come

[3rd Chorus]
'Cause when you're a celebrity
It's adios reality
No matter what you do
People think you're cool
Just 'cause you're on TV
Being a celebrity
Yeah celebrity

ඇම් පී ත්‍රී එක මෙතනින්.....


Paisley brad celebrity

Powered by www.Mp3Olimp.net

ගීතයේ තිබෙන කතන්දරේ ඇතුලත් ඔරිජිනල් වීඩීයෝව..

  

109 comments:

  1. 21+තේරුම් කරලම දාපු එක හොදයි.

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක කියවලා තේරුම් ගන්න බැරි හරක්, පස්සෙ වෙනත් අර්තකථන දෙනවනේ..

      Delete
    2. නැත්නම් කෙන්ජිත් ඕක වැරදියට තේරුම් ගන්නෙ..

      Delete
    3. හ්ම්..!මටත් පාර සැරටම වැදුන.
      අනිත් දවසෙ ගැඹුරු විස්තර ලිපි ලියද්දි 50+එව්වො සදාචාරාත්මකව,අකුරු කෙටීමට නිහතමානී වන්න කියල දැම්මොත් මොකද?

      Delete
    4. කෙන්ජි අංකල්, පැරාගෙ පෝස්ට් එකේදිත් ඇහුවා, මිස් උනාද කොහෙද. අංකල් මොනවද ඒ කාලෙ ඔය පිචැර් හදන සෙට් වලට ගිහින් කළේ? රඟපෑවයි? අර කේ ඊ 72 එකක ගිහින් බොරැල්ලෙන් අනුමත වෙලා ජෝතිපාලට තගක් දැම්ම කතාවකුත් කොහෙද මන්දා දැක්ක.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. පුතා ,ඒ රශ්නෙ දැම්මෙ තට්ට නල්ල තම්බියට.
      මගේ බොක්කෙ ජෝති අයියා ඒ තට්ටය වගේ නෙමේ.

      Delete
    7. බයිස්කෝප් කතා වලදී මම බොරුනම් ඒවා කියන්න ඉදිරිපත් වන්න.
      ලගදීම ඔබලාට දැන ගත හැකිවෙයි >>මි හරකා අනියි පුකට<<ලිපි පෙලෙන් මාව.

      Delete
  2. ඔය වගේ ජීවිතේකට හැමෝම හීන මව්නවා, ඒක හීනයක්ම විතරක් උන අය විවේචන කරනවා, පත්තර ෆොටෝ එකතු කරනවා සමහරු හෙලා දකිනවා සමහරු බ්ලොග් ලියනවා.

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා..... අඩෝව්.... තෝ.... මරණවා...

      මෙන්න කැපිලි දාන විදිය... මඩ ගහන් උන්ට ඉගෙනගන්න....

      Delete
    2. හයි හයි යෝ.. හුග දවසකින් හිනා උනා..

      Delete
    3. අඩෝව් වල් කොල්ලෝ දෙන්නා අහු වෙන්න එපා ...... හරිය.....

      Delete
    4. හෆොයි ! පුදනකොටම කාපි යකා. :)

      Delete
  3. ප්‍රශ්න අංක 1 - සිංහලෙන් 21+ වෙන එක ඉංග්‍රීසියෙන් 16+ වුනේ කොහොමද?
    ප්‍රශ්න අංක 2 - ඒ කියන්නේ සිංහල එවුන්ට වඩා ඉංගිරිසි එවුන් මෝරලාද?
    ප්‍රශ්න අංක 3 - කොහොම වුනත් ලෝකේ හැම තැනම සිවිල් පොරක් වීම අමතර වාසි (මුදල්, ධනය, බලය, ලිංගික....)ලැබීමට හේතුවෙනවා නේද?
    ප්‍රශ්න අංක 4 - හැබැයි එක එක පොරවල්ගේ මෙව්වා එක නිසා උන් හිතනවටත් වඩා අනිත් එවුන් උන්ගෙන් වාසි ගන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. 1. සිංහල පත්තරේකයි, ඉන්ගිරිස් පත්තරේකයි වෙනස බලන්න.
      2. ඉග්‍රිසී දන්න එකා ළිං මැඩියන්ට වඩා දැණුවත්.
      3. අනිවා. සින්දුවෙන් කියන්නෙත් ඒකනේ.
      4. ඒක ඉතින් කළාකරුවගේ ගොන්කම අනුව සිඳුවන්නක්. කළාකාරයා කාටවත් සෙකන්ඩ් වෙන්න ඕන නෑ. ජෝතිලා ඒ අතින් ග්‍රේට්.

      Delete
  4. කලාකාරයෙක් ඇස් ඇරන් ඉන්න එකෙක් වෙන්න ඕන.. මොකද සංගීතා පන ගහනවද... ජය වේවා.. කලාකරුවෙක් ගැන නිර්ණායකයක් දෙන්න පුළුවන්.. හිටිංකෝ තව අදහස් එනකං..

    ReplyDelete
    Replies
    1. ලියන්නකෝ බලන්න හිතෙන දේවල්... මාත් රවුමක් ගහලා එන්නම්...

      Delete
  5. අද පිට කැසීමේ ප්‍රවීණයෝ නැද්ද?

    ReplyDelete
    Replies
    1. කරුනාවෙන් බීරි කන් යොමු කරන්න.... දුම්රිය වර්ජනය බැවින් පැමිනීමත් ප්‍රමාද වන බව කරුනාවෙන් සලකන්න..!!

      Delete
    2. නියපොතු වැවෙනකං වෙද මහත්තයට නිවඩු දුන්නා. නියපොතු වැවුනම ආපහු ඒවි. එයාලට වඩා උඹ නැති උනාම හරි පාලුයි...

      Delete
    3. වෙද මහත්තයගෙන් අහන්න වැදගත් පුරස්නයක් තියෙනවා.... අහන්න විදිහක් නෑ පේන්න නැති නිසා....

      Delete
  6. ඔය බොහිමියන් ජීවිතේ මහා ලොකුවට නිදහස් වගේ පේන්නේ තමන් ගත කරන ජීවිතේ වාතයක් වගේ වෙච්ච එවුන්ට... හැබැයි ඒකෙන් ගැලවෙන්න හයියකුත් (සමාජ, ආර්ථික) නෑ.. ඕනෙකමකුත් නෑ... ඒත් ඉතිං කියද්දි නං අනේ එහෙම ඉන්න තියෙනවනං කොච්චර ෂෝක් ද කියලා...

    ReplyDelete
    Replies
    1. හි හී...
      හි හී...
      හි හී...
      හි හී...
      හි හී...
      හි හී...
      හි හී...

      Delete
    2. අපේ ජැනරේසොන් එකේ උන්ට පොඩි ගායක් තිබුනට, දැන් උන්ට එහෙම නෑ.. බොහොම හොඳ මල් වගේ කොල්ලෝ ඉන්නේ. මල් කඩනවා කියන්නේ.. එකසිය ගානට.. කොහෙ බැලුවත් මල්....

      Delete
  7. තමනට දෙයක් නොලැබේ නම් එය දැඩි විවේචනයට ලක් කිරිම අද ලාංකිකයාගේ මෝස්තරයයි. විමල් උනත් එහෙමනේ.

    ReplyDelete
    Replies
    1. විමලේ අහවල් එකටෙයි බොහීමියන් වෙන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න සැට් එකම අන්තඃපුර හිමි කුමාර ජීවීත නේ ගෙවන්නේ...

      Delete
  8. මට ඊයෙ දුවව කොලේජ් එකට ඇරලවල එන ගමන් ගීතයක රස විදින අතරෙ මට මතක් උනා අපි ඒ කාලෙ ස්ටීව් V., J.ට්‍රැවෝල්ට,රිචී R,ඩෝනා සමර්,ටීනා චාල්ස් ඇතුළු තව අයගෙ ගීත වලට කැමති වුනේ අරුත් දැනගෙනද නැත්නම් හඩට සහ රිද්මයට කියන දෙගිඩියාවෙන් ඉද්දි තමයි ඔබේ මේ ලිපිය දැක්කෙ.
    අපේ රතුව තමයි ගීත විස්තර මරන්න පුළුවන් එකා.

    ReplyDelete
    Replies
    1. අන්න කතාව.. මෙච්චර මේ මෙලෝ රෙද්දක් නොතේරෙන මාත් දන්න කියන කාලේ ඉදන් අහන සිංදු ටිකක් තියෙනවා නෙව ඉංගිරිසි.. හැබැයි අදටත් ඒවායේ මොනව කියනවද දෙයියෝ තමා දන්නේ...

      තනිකරම රිද්මය තමා ඉතිං දිරවලා තියෙන්නේ...

      Delete
    2. සින්දු විතරක්ම නෙවෙයි.... උඹට දේශපාලනේ දිරවලා තියෙන්නෙත් එහෙමමනෙ....

      Delete
    3. ඊයේ ඉදල සෙනසුරු මාරු වුනා නේද ලග්න කීපයකට.
      සෙනසුරා ධනු ලග්නයෙන් චුත වෙච්ච හින්දම මගෙ පැත්තට කතා කොරන්න මල්ලියෙක් ඇවිල්ල.
      මට හරි සතුටුයි මල්ලි ඔබ ගැන.
      මගෙ කොමන්ට් එකට පිළිතුරු දුන්නට නෙමේ,
      දැන් ඔබ යන මග.

      Delete
    4. සෙනසුරු මාරු? මම දන්න විදිහට නිවක්‍ර වීමක් උනේ... සෙනසුරු ඉන්නෙ තුලාවෙ...

      Delete
    5. ඇයි හලෝ හින්දි සින්දු අහන්නේ තේරුම දැන ගෙනයැ.

      මං නං කුච් කුච් හෝතා හේ කියන එකේ තේරුම දැන ගත්තේ සින්දුවට විසි තිස් පාරක් ඇහුවට (මාස ගණනකට) පස්සෙයි.

      Delete
    6. හෙහ්..හෙහ්...හේ...හින්දි සිංදු ලවර්.

      Delete
    7. "GEETHAYE THIYANA KATHANDARE " KATHANDARA KIWWOTH ITHIN, PUKA, JOKKU, CHOO, PADA, JEE, MA THAMA.

      Delete
    8. උඹ ඔය කියපු සේරම, මගෙත් ප්‍රියතම, පුදුම සන්තෝසයි මාරයත් මේකට කැමති උනයි කිව්වම. නැත්තං ඌ මේවට කියන්නේ බල්ලන්ට පොල් ලෙලි දානවයි කියලා. මම නම් හිතන්නේ ගීයක් වදින්නේ මියුසික් නිසා. සමහර සිංහල ගීතවලත් අපි නියම තේරුම දන්නේ නෑ. ඒත් අහනවා රස විඳිනවා. පද මාලාවක් රස විඳින්න ගීත අහන්න ඕන නෑ නේ. හොඳ කවි පොතක් කියවනවා.. නැත්නම් කාමසූත්‍රේ කියනවනවා...

      Delete
    9. // සෙනසුරා ධනු ලග්නයෙන් චුත වෙච්ච හින්දම//

      ඒ කිව්වෙ කෙන්ජි අයියත් ධනු ද. දාන්න පහක්.

      Delete
    10. නැතුව,නැතුව කද අස්පය නොවැ.

      Delete
    11. මම නම් තුලා කාරයා..

      Delete
    12. නෑ..... පන තුලා....

      Delete
    13. ලොකු මුදලාලිල නම් හුගක් අය තුලා.
      සහන් මල්ලිය තුලා වුනාට ඒ වගේ නෙමෙයි.
      හැබැයි අපේ අතරෙ DDT මල්ලිගෙයි,මගෙයි ලග්නෙට ඉස්සරහ ගෝනුස්සෙක් ඉන්නව.
      පුළුවන් නම් කවුද කියල කියන්න.

      Delete
    14. කතන්දරයා වත්ද ? මට නම් හිතාගන්න බැහැ ඉතින්... අපෝ මම ඔය බිසිනොස් වලට නැහැ නෙව...

      Delete
  9. අපේ රටේ බොහීමියන් ජීවිත ගතකල කලාකරුවන් හිටියද කියන එක මටනම් ගැටලුවක්.අධික මත්පැන් පානය,ගංජා ගැසීම,පවුල් ජීවිතය අවුල් කරගැනීම වගේ දේවල් වලට වඩා ගැඹුරක් බොහීමියන් ජීවිතයක තියෙනවා.ජෝතිපාල ගායකයා එකල එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ගීත ගැයූ, එසේම ප්‍රේමදාස ජනාධිපති තුමා නුතන දුටුගැමුණු ලෙස ප්‍රසිද්ධ වේදිකාවේ කිවූ තැනැත්තෙක්.ඔහු සහ ජැක්සන් ඇන්තනි අතරේ මහ ලොකු වෙනසක් දකින්න නැහැ.

    ReplyDelete
    Replies
    1. හා හා ඇනෝ මල්ලි, කට වරද්දගන්න එපා. ජැකියා රජාට ආවැඩුවොත් විතරයි කඩේ යනවා කියන්නේ. ජෝති අරක්කු බීගෙන වෙරි මරගාතේ ස්ටේජ් එකට නැගලා ප්‍රේමෙගේ ලොවනවට එහෙම කියන්නේ නැහැ. ජැකියා කඩේ යන එකා වෙද්දි ජෝති අමරණීය වෙන්නේ එහෙමයි.

      බොහිමීයානු......රෙද්ද තමා

      Delete
    2. හොව් හොව් මාරයා කූල් ඩවුන්

      Delete
    3. ජෝතිපාල සින්දු කිව්වට, ජැකා වගේ බයිලා ගහනවා, මම නම් ජීවීතේට අහලා නෑ. බොහිමියන් කියන දේ වෙනත් දෙයක් තමයි. අපි කතා කරන්නේ දේශීය බොහීමියන් කියලා හදාගත්ත දේ ගැන.

      Delete
  10. මචං මේකා සිරා පොරක්නෙ... මට යූ ටියුබ් එකේ බැලුවා... පට්ට සිංදු තියනවා මුගේ...

    මෙන්න මේ ටිකත් මරු.. මම ආස මේ ටයිප් කන්ට්‍රි...
    I wish you'd stay
    Remind Me
    Whiskey Lullaby

    ReplyDelete
    Replies
    1. කොහෙමෙයි පොර.. මටත් එක පාරින්ම, බොක්කටම වැදුනා.. මම දන්නවා වෙස්ටර්න් මියුසික් ලවර්ස්ලත් කීප දෙනෙක් ඉන්නවා කියලා...

      Delete
    2. කට කපල නියමයි.

      Delete
  11. බීටල් බෙයිලි එහෙම තාම ආවේ නැද්ද. මැන්සුත් හෙන කන්ට්‍රි මියුසික් රසිකයා

    ReplyDelete
    Replies
    1. :)

      කකා තමයි මෙහෙම සීන් එකක් මෙතන වෙනවා කියලා ඔත්තුව දුන්නේ

      මාතලන් කන්ට්‍රි කැමතිනම් මේ ප්ලේ ලිස්ට් එකටත් කැමති වෙයි... මේ මම ඔපිසියේ වැඩකරන ගමන් අහන ප්ලේලිස්ට් එක... කැමති සිංදුවක් ඇහුනම මම කරන්නේ මේකට දාගන්න එකයි...

      Delete
    2. යකෝ මූ කන්ට්‍රි විශ්වකෝෂයක් නේ. දැන් ඉතින් මෙයාගේ ඒවත් එකතු කර ගන්න පුළුවන්... ඇලබාමාලාගේ එකක්වත් දැක්කේ නෑ වගේ...

      Delete
  12. ජෝර්ජ් කොස්ටැන්සා ගේ කෑල්ල නං මට නැගලා ගියා.

    ReplyDelete
    Replies
    1. This clip is a good one!
      http://youtu.be/-qcZ9M-QoOc

      සංගීතය නොව වීඩියෝව!

      Delete
    2. රඟපානවා කියන දේ ඉගෙනගන්න පුළුවන් නියම නළුවෙක්. විශේෂයෙන් කොමඩි කියන දේ..

      සින්දුව, මියුසික් සියල්ලම එළකිරි ගීතයක් කතෝ.. බොහෝම පින්. මේකෙත් කිරි කෝපි කතන්දරේමයි තියෙන්නෙත්..

      Delete
  13. සිංහල රැප් සිංදුවක් / පොරක් වෙන්ට යන පොරක් ගැන බ්ලොගක ලියලා තිබුනා ටික දවසකට කලින්

    ඇත්තටම ජෝති බොහීමියන් ජීවිතයක් ගත කළ කෙනෙක්ද? I doubt it!

    ReplyDelete
    Replies
    1. පැරා ලියලා තිබුනේ. ඒක බලලා මට වමනේ ගියා. නෝනා නම් කිව්වේ, බඩු වැඩි වෙලා කියලා..

      බොහීමියන් කියලා අපි හදාගත්ත දෙයක් තියෙනවනේ. දැන් බලන්න ක්‍රිකට් උනත්. රටින් රටට කල්චර් එක වෙනස්නේ..

      Delete
  14. @ උපේක්ශාවෙන්

    ReplyDelete
  15. සින්දුවේ වචන ටිකනම් මරු ..

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් මතක තියාගන්න කියලය. මහා පදරංග ජාතකේ වගේ..

      Delete
  16. කන්ට්‍රි මියුසික් ද කියල නම් දන්නෑ.ඒත් කව් බෝයි තොප්පි දාගෙන , ගිටාර් එක ගගහ බ්ලූ ජින්ස් එකක් සුදු ෂර්ට් එකයි ඇදල බොහොම නිදහසේ කියන සින්දු වලට ලයික්....හරයට වචන නම් දන්නෑ.ඒත් ඒ ිදම් එකට ශෛලයට කැමැති.අනික ඒ සින්දුව පුරාම බොහෝ විට කියවෙන්නෙ ලස්සන කතාන්දරයක්.

    Hotel කැලිෆෝනියා සින්දුව කන්ට්‍රිද...

    ඔය මොකක්ද බෝමීනිය ජීවිතේ කියන්නේ...බොහොමයක් පිරිමින්ගේ හිත් වල තියෙන සිහිනයක්.ගෑණු උපදින්නෙම පවුලක් වෙන්න පතාගෙන.පුංචි කාලෙත් බෝණික්කො නලවන්,සෙල්ලම් ගෙවල් හදන් කොල්ලන්ට අණ දිදි ඉන්නෙ ඒකනේ. ඒ අතින් පිරිමි මහ අවාසනාවන්තයි. පිරිමි කැමැතිම දේ වෙනුවට පිරිමි තමන්ගේ ජීවිතයට වන්දියට තියෙනවා.ඒ කියන්නේ පිරිමියා විවාහයක් කර ගන්නේ පවුලක් නඩත්තු කරන්න තියෙන ආසාවටම නෙමෙයි....

    පිරිමින්ගේ බොහීමියන් ජීවිතයට ජය වේවා.................

    මෙන්න මගෙන් මම කැමැති කන්ට්‍රි ගීයක්.........

    http://www.youtube.com/watch?v=ZoAvgQ-gN9Q

    ReplyDelete
    Replies
    1. හරියට හරි සොසී, ඒවට තමයි කන්ට්‍රි මියුසික් කියන්නේ. කන්ට්‍රි ඇන්ඩ් වෙස්ටර්න් කියලත් කියනවා. බොහෝ ගීත වල ළොකු කතාවක් තමයි කියන්නේ. සරළ ගීතත් තියෙනවා. හොටෙල් කැලිෆෝනියා කන්ට්‍රී ගීයක් නෙමෙයි. නමුත් ඒකේ පට්ට ගිටාර් පාට් ටිකක් තියෙනවා. මගේ බුකියේ ඇති හොටෙල් කැලිෆෝනියා ගැන ලියවුනු බ්ලොග් පෝස්ට් එකක්.

      බොහීමියන් කියන්නේ මේ අහිගුංටක ජීවිත වගේ බොහොම නිදහස් ජීවීත. ඒත් ඉතින් ඒ ස්ටයිල් රටින් රටට, කල්චර එකෙන් කල්චර් එකට වෙනස් වෙනවා.

      දැන් බලන්න. ඇමරිකාවේ තියෙන්නෙත් ප්‍රජාතන්ත්‍රවාදය. මෙහේ තියෙන්නේත් ඒකමයි. ඒත් එක වගේද.. ???????????

      Delete
    2. මෙන්න මම කියපු ලින්ක් එක..

      http://www.sinhapedia.com/2013/07/hotel-california.html?spref=fb

      Delete
    3. // දැන් බලන්න. ඇමරිකාවේ තියෙන්නෙත් ප්‍රජාතන්ත්‍රවාදය. මෙහේ තියෙන්නේත් ඒකමයි. ඒත් එක වගේද. //

      මඟුලක් කතාකරනවා. අපි ඉපදිච්ච දවසෙ ඉඳන්ම දන්නෙ මෙහේ තියෙන්නෙ ‘ත්‍රස්තවාදය‘. එකෙක් ඉවර වෙනකොට තව එකෙක්. මොකෙක්වත් නැත්නම් වැඩේ ආණ්ඩුව බාර ගන්නව.

      Delete
    4. මෙහෙම කොමෙන්ට් දාන්න එපා ඩීඩීටියෝ... හිනාවෙලා මැරුනොත් හෙම... මම කොමෙන්ට්ස් වල ආසමත් මේකමයි. සමහර වෙලාවට පෝස්ට් එකට වඩා රහයි කොමෙන්ට්ස්...

      Delete
    5. DDT ගෙ කොමන්ටුව තමයි කොමන්ටුව. අද හිනා වුනා වැඩිද මන්දා..යන යන තැන හිනා යන මොකක් හරි දෙයක්. :D

      Delete
  17. ජෝතිපාල ජෝතිපාලට බරක් වුනේ නැහැ.. හරි සැහැල්ලු මිනිහෙක්. නමුත් අදකාලෙ ඒ වගේ සැහැල්ලු මිනිහෙක්ට සැලකිල්ලක් ලැබෙයිද? මම හිතන්නෙ නැහැ..
    චන්ද්‍රිකා ළඟ හිටපු සනත්ට තිබුනා ඒ වගේ සැහැල්ලු ජීවිතයක්..
    නමුත් වත්මන් රාජපක්ෂියන්ස් ලා ලං කරගන්නෙම සංකීර්ණ බැඳීම ්තියෙන ජීවිත..මොකද එහෙමජීවිත හොයාගත්තම රිදවන්න ලේසියි..
    තමුන්ට කොන්ට්‍රොල් නැත්නම් ළමයා ගැන හරි වෙනත් සම්බන්ධකම් හරි පොඩ්ඩක් කතාන්දරයක් කිව්වම ඒ අය කොන්ට්‍රොල් වෙනවා..
    ඒ නිසා ඔ්‍ය කියන නිදහස් ජීවිත දැන් දේශපාලනය තුල නම් ඉදිරියට එන්නෙ නැහැ.. දැන් ඒ ට්‍රෙන්ඩ්එක නෙමෙයි යන්නෙ..

    ReplyDelete
    Replies
    1. ජෝතිට මිනිස්සු ආදරේ කලේ. ජෝති ඇත්ත ජීවීතේදි රඟපෑවේ නෑ. ඕන කෙනෙකුට කියන්න තියෙන දේ මූනටම ඇදලා ඇරිය. මේ මෑතක මම දැක්කා අර්නස්ට් ද සොයිසට් කෙලින්ම කිව්වලු. "උඹලා තමයි දෙකෙන් පස්සෙ බැක් කරන්න බෑ කියන්නේ. අරෙහේ සන්ෆ්ලවර් කියලා කොල්ලෝ සෙට් එකක් උදේ ඉර පෑයූවයින් පස්සෙත් මියුසික් දෙනවා අඬන්නේ නැතුව කියලා.." ජෝති සල්ලි නැතුව අනන්ත සින්දු කියලා තියෙනවා. ජෝති විතරක් නෙමෙයි ඒ කාළේ හිටපු ගොඩක් උන් එහෙමයි. විවෘත ආර්ථිකේ ආව කියලා, උන් වෙනස් උනේ නෑ.. අද ජෝතිත් මේ කාළකන්නි අයිති කරගෙන.

      Delete
  18. C&W කියන්නේ මම කැමති එක genre එකක් විතරයි. නමුත් මගේ ප්‍රියතම එක නෙවෙයි. ඇත්තෙන්ම මම මේ සින්දුව අහලා තිබ්බේ නෑ. මම වඩාත් අහලා තියේන්නෙ Kenny Rogers, John Denver, Shania Twaine වගේ අයගේ සින්දු කියලා කිව්වෑකි. ප්‍රියතම සින්දු නම් Green Green Grass of Home, Country Roads, Gambler, Coward of the County වගේ ඒවා.
    ජෝතිපාල ගැන අදහස් දක්වන්න තරම් මම ජෝතිපාල ගැන දැනුවත් නෑ බං.

    ReplyDelete
    Replies
    1. ඇත්ත බොහෝ දෙනෙකුට ජෝති එපා කරවලා තිබුනේ. 70-77 හිටපු මේ වගේම වන්දි බට්ට සෙට් එක. එදා ජෝතිගේ එකම ගීතයක් වත්, ගුවන් විදුලියේ ප්‍රචාරය කළේ නෑ. සමහර විට ඔබේ දෙමව්පියනුත් ඒ උන්ගේ ගුලි කාපු අය වෙන්න ඇති. ඒත් සිනහවට කාරණය නම් අද ජෝති අගය කරන්නෙත් ඔවුන්ම වීමයි. ජෝති කව්ද කියලා මේ කාළකන්නි දැනගත්තේ, ජෝතිගේ මරණය දවසේ කනත්තේ උන්න සෙනග දැකලා.

      Delete
    2. C&W නොවුනත් Queen ගේ 'Bohemian Rhapsody' සින්දුව මෙතන මතක් කලේ නැත්නම් නැත්නම් මෙතන බොහීමියන් වචනෙනුත් වැඩක් නැහැ.
      http://youtu.be/fJ9rUzIMcZQ

      Delete
  19. එක අතකින් ජෝතිපාලලාගේ , කපුගේලාගේ නිර්මාණාත්මක ජීවිත වගේම පුද්ගලික ජිවිතත් සමාජයට විවෘතයි. "ඔබ බොනවද" කියල ඇහුවොත් රටම දන්නවා දෙන්නම හොඳට බොන බව. ඒ නිසා ලැබෙන උත්තරය එක සමානයි. පුද්ගලික ජීවිතවල අභ්‍යන්තරයත් එහෙමයි. පවුල් ජිවිතවල අභ්‍යන්තරය ගැන ඕනෙම කෙනෙකුට ඔවුන්ව ප්‍රශ්න කරන්න පුලුවන් ඔවුන්ගේ නිදන කාමරය ළඟට එනකල්. ඉන් එහාට එහෙම ප්‍රශ්ණ කරන්න අයිතියක් නෑ.

    ඒත් වර්තමානයේ ජනප්‍රියත්වය හමුවේ විශේෂයෙන්ම මෙන්න මේ ලෝකයට විවර නොවූ බොහෝ කලාකරුවන්ගේ ජිවිත විවර වෙන්න පටන්ගන්නේ ජනප්‍රියත්වය හරහා එළඹෙන දික්කසාදවලින්. එවිට ඔවුන්ගේ නිදන කාමරයේ කරුනු කාරණා පවා මාධ්‍ය හරහා එලි දකිනවා.

    මම උදිහරණයකට ගත්තේ ජෝතිත්, කපුගේත් විතරයි එවැනි තවත් නිර්මානාත්මක ජිවිත ගණනාවක් හමුවෙනවා. හැබැයි ඒවා වර්තමාන කලාකරුවන්ගේ දෙබිඩි ජීවත වලට වඩා රසිකයන් ආදරය කරනවා. වෙන එයයි..
    මම නම් ඉතින් වෙස්ටන් මියුසික් වුනත් ක්ලැසිකල් වලට තමයි කැමති.

    ReplyDelete
    Replies
    1. ජෝති, කපුගේ වගේම ඒ කාළේ ජීවත් උන කළාකරුවෝ බොහෝ දෙනෙක් එහෙමයි. විජේ උනත් ඉතුරු කරපු දෙයක් නෑ. මිනිස්සු එක්ක උන්නේ. අද තියෙන්නේ වෙන කේස් එකක්. ජනතාවගෙන් ජීවත් උනාට උන්ට දිරවන්නේ නැත්තෙත් ජනතාවමයි. අද කළාකරුවා තමන්ගේ අභිමානය නැති කරගෙන, දේශපාළකයන්ගේ සට්ටඹියෝ වෙලා අවසානයි.

      මම කැලැසිකල් මියුසික් වලටත් කැමතියි. ඒත් මලක පහස වින්දට පස්සේ...

      බොහෝ දෙනෙක් දොස් කියනවා මේ අය මැරුණේ බීමත් කම නිසා කියලා. ඒ උනාට ඔවුන් ජීවත් උනේත්, අදත් ජීවත් වෙන්නේත් බීමත් කම නිසා..

      Delete
  20. කලාකරුවා ජනප්‍රියත්වයත් එක්කම සිවිල් පොරක් වෙනවා. ඉන් පසු සිවිල් සමාජය මේ මිනිහාගෙන් තමන්ගේ ඇරියස් බලාපොරොත්තු වෙනවා. මේ ඇරියස් ඉල්ලන මිනිස්සු ඉදිරියේ දැන් පොර පොරක් වෙනවා. අන්න ඒ පොරට අර මිනිස්සුම යළි අරින්න ගන්නවා. මේ සියල්ල ඉවසා වදාරා ඇති හැකි විදියට සියල්ල යහමින් කොරගන යන්නා අඩුම තරමින් තෘප්තියේන යුක්තව මිය පරලොව වත් යනවා. සෙස්සෝ හුල්ලනවා.

    ReplyDelete
    Replies
    1. උඹ කියලා තියෙන දේ මටනම් පැහැදිලි නෑ... මම තේරුම් ගත්ත විදියට නම්.. මේ අදහස පිලිගන්නත් බෑ..

      Delete
  21. මෙ පෝස්ටුවට නම් උඹට පින්. මමත් කන්ට්‍රි වලට මාර ලව්. බලපන් මේ පෝස්ට් එක හින්දා ජීවිතේටම මග ඇරෙන්න තිබුණු සිංදු කීයක් අහන්න පුළුවන් වුණාද?

    ReplyDelete
    Replies
    1. අප්පේ මේ ඉන්නෙ.මේක කියවද්දී බොලාව තමයි මතක් වුනෙ.
      කොමන්ට් එහෙකින්වත් දකින්න නැහැ නොවැ.

      Delete
    2. අපි නොදන්න දේ කොච්චරද බං. අපි මොනවද දන්නේ....?

      Delete
    3. -Kenji @ Japan-
      මේ දවස් කීපයේ ටිකක් විතර වැඩ වැඩියි කෙන්ජි අයියේ. නොලීව්වත් කියවනවා. මම උඹව නම් හැම අස්සක මුල්ලකම දකිනවා. හෙහ් ......හෙහ් .

      Delete
  22. කුණු හරුපෙන් ලියලත් තේරෙන්නේ නැ වගේ.මොදක මේ අකුරු පොඩි කරලා.මාතලන්ට පේනවා වැඩි නිසාද?

    ReplyDelete
    Replies
    1. අකුරු පොඩි කලේ නෑ. තිබුන ගානමයි. එහෙම කේස් එකක් නම්, කන්ට්‍රෝල් (Ctrl) කී එක ඔබාගෙන, "ප්ලස්" (+) කී එක ප්‍රෙස් කරන්න. අලියෙක් සයිස් එකට උනත් ගන්න පුළුවන්. ඊට පස්සේ පොඩි කරන්න නම් කන්ට්‍රෝල් (Ctrl) කී එක ඔබාගෙන, "මයිනස්" (-) කී එක ඔබන්න..

      කොහොමද මගේ ගොන්පීටර් නොලේජ් එක...

      Delete
  23. මචං මාතලන් ඇමරිකාවේ නැගෙනහිර වෙරළබඩ නිව්යෝර්ක් වල ඉඳන් ඉන්ටර්ස්ටෙට් හයිවේ එකක බටහිර පැත්තට, දකුණට හැතැක්ම 700 ක් විතර කාර් එකේ රේඩියෝ එක දාගෙන යනකොට වෙන වැඩක් තමයි මෙන්න යකෝ ඔක්කොම රේඩියෝ ස්ටේෂන් වල ඇහෙන්නේ කන්ට්‍රි ඇන්ඩ් වෙස්ටන් සිංදු. කොයි පැත්තට රේඩියෝ එක ටියුන් කරත් ඒවමයි.උඹට සුද්දෝ එක්ක එන අත්දැකීම මට නිතරම තියනවා උන්ට හරි පුදුමයි, අපි කන්ට්‍රී ඇන්ඩ් වෙස්ටර්න් හිටන් අහනවා කිව්වම මට ඕක නිතරම වෙන දෙයක් මොකද මචං අපේ ඩයල් වැඩිහරියක් ඇමරිකාවේ අවුරුදු 20 30 හිටියට සිංදු තියා ඇමරිකාවේ වෙන්නේ මොනවද කියලවත් දන්නේ නෑ.මුන් සිරස සුපර් ස්ටාර් බලනවා දිනපතා ටෙලි නාට්ටි බලනවා. ලංකාවේ හිටිය වගේ තමයි. ඉතිං සුද්දෝ අපේ හම දැක්කම හිතන්නේ අපි ඕව දන්නේ නෑ අහන්නේ නෑ කියල. මම දවසක් pink floyd ලගේ brick in the wall සින්දුව නිව් යෝර්ක් බාර් එකක ගැහුවා සුද්දන්ට අප්සට් මුන් උඩ යනවා මම වගේ ඩයල් එකක් pink floyd දන්නේ කොහොමද කියල. අඩෝ අනිත් එක කොළඹ නුවර විතරක් නොවෙයි ඉංග්‍රීසි දන්නේ අපි ගාල්ලේ හරිද. ගාල්ලේ අපි පොඩිකාලේ නම්බර් වන් වෙස්ටන් බෑන්ඩ් තුන හතරක්ම තිබුණා සිංහල සිංදු එකක්වත් ප්ලේ කරන්නේ නැහැ ඔක්කොම ඉංග්‍රීසි සිංදු විතරක් ගහන.උන් ගහන ගැහිල්ලට හික්කඩුවේ කොග්ගල hotel වල සුද්දො හොල්මන්. දැන් කොහොමද දන්නේ නැහැ. මම bruce springsteen ගේ brilliant disguise හිටපු ගමන් ලංකාවේ එවුන්ගේ පාර්ටි වලදී ගැහුවම හෝල් එක රෙන්ට් කරපු තැන ඉන්න වැඩකරන සුද්දෝ එබී එබී බලනවා වටවෙනවා අඩෝ මුන් මේවත් දන්නවද කියල. මේ තියෙන්නේ මම ගෙදර ඉඳන් ඒ සින්දුව නිකං ආතල් එකක් ගිහින් ගහපු වෙලාවක ලින්ක් එක.

    ReplyDelete
    Replies
    1. සිංදුව ඇහුවා. නියමයි උදිත. යකෝ කොළඹ -නුවර- ගාල්ලෙ උන්ට විතරයිද කඩ්ඩ පුළුවන්. අපි පොළොන්නරුවේ ..අපිටත් යන්තම් කඩුව වනාගන්න පුළුවන්.

      Delete
    2. \\\උඹට සුද්දෝ එක්ක එන අත්දැකීම මට නිතරම තියනවා\\\

      ඉතින් බොල උඹ ඉන්නේ සුද්දන්ගේ රටේනේ.. නිතර තිබ්බේ නැත්නම් තමයි ඔන්න ප්‍රශ්නේ.
      ( මෙය විහිළුවක් බව සළකන්න )

      Delete
    3. ඒකම තමයි මගෙත් පිටරට ජීවිතේ තියෙන ඇත්දැකීම. නොමිලේ තියෙන ආට් එක්සිබිෂන් එකක්වත් බලන්නේ නෑ. පිටරටක දෙයක් කන්නේ බොන්නේ නෑ. ඒ තින් නම් මහා හීනමානී ජාතියක්.

      දැණුත් වෙස්ටර්න් බෑන්ඩ් කීපයක් තියෙනවා. ඒත් අළුත් බෑන්ඩ් ලෝකලි පොපියුලර් නෑ. මොකෝ වෙස්ටර්න් ගහපු උනුත් අද සිංහල ඒවා කියලා අම්බානට හොයනව. තිබුන ගෲප් වලිනුත් මම කැමති "මිරාජ්" සහ "පර්පල් රේන්". අපිට, පිල්ලොන්ට ඔය ඉන්ගිරිස් සින්දු ගාය තිබුනට. ඔරිජිනල් විදියටම ප්‍රනව්න්ස් කරන්න බෑනේ. කන පැලෙන්න බීලා බිග් මැච් එකේදී නම් එකකට දෙකකට සප් එකක් දෙනවා. නැතුව ඉතින් මට නම් සින්දු කියන්න බෑ.

      Delete
  24. ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්‍රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.

    ඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.

    අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.

    ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
    මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.

    ( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )

    ReplyDelete
    Replies
    1. මම බස් රේඩියෝව ඇහුවේ පුද්ගලයො නිසා නොවෙයි... හොඳ සිංදු ගිය නිසා... නිවේදකයෝ හිටියා තමයි.. සමහරු හොඳයි සමහරු ගන්න දෙයක් නෑ... ඒක මට ප්‍රශ්නයක් වුනෙත් නෑ... මම ඇහුවෙ නිවේදකයො නෙවෙයි.. බස් රේඩියෝව...
      ලෝකයේ බොහෝ දේවල් පුද්ගලයො මත දිවෙනවිට මේ වගේ ප්‍රශ්න එනවා. ඒ වෙනුවට පද්ධතීන් (හර පද්ධතීන් සහ ක්‍රම විධි) මත දිවෙන සංවිධානයක් බිහි වුනාම, අර පුද්ගලයෝ කවුරු ආවත් - ගියත් පද්ධතිය/සංවිධානය ක්‍රියාත්මක වෙනවා...
      අපි හැමෝම එක එක්කෙනාගෙ වලිග අල්ලගත්තාම (බැඳීම් ඇතිකරගත්තාම) අපට පැත්තක් ගන්න වෙනවා...
      ඒ නිසා මේ ප්‍රශ්නය ගැන මධ්‍යස්ථව බැලුවාම ඉවරයි... බස් එක තිබුණොත් මම අහනවා.. නැත්තං වෙන එකක් අහනවා..
      එච්චරයි..
      මෙතන තියෙන කමෙන්ට් වලින් පේන්නෙ හැමෝම තම තමන්ගෙ වීරයො ආරක්‍ෂා කරගෙන අනිත් අයට මඩ ගහන බවක්..
      දැං ඉතිං මටත් මඩ ගහපල්ලා... මට මොකෝ !

      Delete
    2. රේඩියෝව වහන්න යනවා කියලා..බැනර් පෝස්ටර් එල්ලගෙන .....එක එකා වෙන වෙනම ස්ටේටස් දාගෙන ............ලැජ්ජ නැද්ද බං බොලාට බොලාගෙම රේඩියෝ එක අහන මිනිස්සුන්ව පීචං කරන්න... කෝ උඹලගෙ මහලොකු මාධ්‍ය සදාචාරේ....හයියෝ රේඩියෝ....

      Delete
    3. මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරණ ලද දැන්වීමකි.....

      Delete
  25. ස්තූතියි මාතලන් සහෝදරය දයල් බතී ලින්ක් එකෙ දැම්මට. මාත් කන්ට්‍රි මියුසික් ලවර් කෙනෙක්,Henry Blogwalker කියල තිබුන ටික ඇරුනම Graeme O'connor ත් මා ප්‍රිය කරන කන්ට්‍රි ගායකයෙක් ඒ වගේම kasey chambers ගෙත් හොඳ ගීතයක් දෙකක් තියෙනවා. Eg, 'Not Pretty Enough'

    මොන ලේබල් ගැහුවත් ජෝතිල කපුගේල, නවගත්තේගමල, ප්‍රේමකීර්තිල, විජේල සාමාන්‍ය මිනිසුනට කිට්ටුවෙන් ජීවත් වූ අහිංසක කලාකරුවො. සල්ලිවලට යට උනේ නැහැ. අද ඒ තත්වය වෙනස් උනත් තාමත් ඒවගේ කලාවට ආදරෙන් ජීවත්වෙන කොටසක් ඉන්නවා. ඒ අය තමයි අපට ලාවට හරි තිබෙන අපේ පිට කොන්ද?

    රත්න ශ්‍රී විජේසිංහ වගේ අය...

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්... තවමත් කීප දෙනෙක් ඉන්නවා. ජයලත් මනෝරත්නලා.. කතාකරත් නොයන මිනිස්සු...

      Delete
  26. නොම්මර එකේ බොහීමියන් රැප්සිඩියක් ගහපු අපූරු බොහීමියන් ජීවිත ගෙවූ කුවීන් ගැන සඳහනක් නැතිව බොහීමියානු ජීවිතය ගැන ලියලා .. අයියෝ මාතලන්!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට ඒක් අමතක උනා නෙමෙයි. කුවීන්ලා ඇවිත් රොක් බෑන්ඩ් එකක් විදියට නේ යන්නේ. තවත් කෙනෙක් බොහීමියන් රැප්සඩි එක මතක් කරලා තිබුනා. මියුසික් ගැන කතා කරන්නේ කොහොමද කුවීන් අමතක කරලා.. මගෙත් ෆේවරිට් බෑන්ඩ් එකක්. ඇයි ෆ්‍රෙඩී මර්කරිගේ වොයිස් එක. ජීවීතේට ඉන්ගිරිසි සින්දු නාහපු එකෙක්. ඉන්ගිරිසි සින්දු අහන්න පටන් ගත්තා, "අයි වෝන්ටූ බ්‍රේක් ෆ්‍රී" අහලා...

      Delete
    2. අරුණි මම උඩ Henry Blogwalker ගේ කොමෙන්ට් එකට බොහීමියන් රැප්සඩි මතක් කරලා තියෙන්නේ. ෂර්ට් එකක් අදින්නෙ නැතිව සිංදු කිව්ව ෆ්‍රෙඩී මර්කරි වගේද අර කසුන් කල්හාරත් මුල් CD කවරේ ඉන්නේ ෂර්ට් එකක් නැතිව නේද අපේ අයියල පොරත් බොහීමියන් කියල කියයි ඒකයි නේ මාතලන් මුන්ට ජඩ මාධ්‍ය කියල ආදරේට කියන්නේ. අපි නොදන්න බොහීමියන්. ජගත් චමිල ලෝකේ හොඳම නළුවා වෙලා විමල් විරවංශ ගෙයක් දුන්න රට නේ. ජොකා කලිසමට උඩින් ඇදන් පාරේ පලයන් ලංකාවෙන් සුපර් මැන් බිහිවුණා කියයි.

      Delete
  27. බොහීමියන් කියන්නේ සාම්ප්‍රදායික අදහස් නැති තවත් අය එක්ක ගත කරන, වැඩිය බැඳීම් නැතිව ඉන්න, කලාව සංගීතය යනාදිය වෙනුවෙන් කැප වෙන අසම්මත ජීවන රටාවක් ගෙවනවා කියන එකයි.

    කුවීන් රොක් බෑන්ඩ් එකක් වූ පමණින් ඔය කියන වර්ගීකරණයෙන් ඉවත් කරනවා ද?

    http://www.youtube.com/watch?v=eM8Ss28zjcE

    ReplyDelete
    Replies
    1. නෑ නෝනේ. මෙතන දාපූ ගීතය, "කන්ට්‍රි ඇන්ඩ් වෙස්ටර්න්" හේතුවෙන්, කුවීන් විතරක් නෙමෙයි ගොඩක් රෝක් බෑන්ඩ්ස් එහෙම තමයිනේ. විශේෂයෙන් "හෙවි මෙටල්"..

      හරි හරි කේන්ති ගන්න ඕන නෑ. ඔයාගේ "කුවීන්" ගැනත් ලියන්නම්කෝ..

      මට අමතක උනාට, උදිත දාලා තියෙන්නේ. ඌගේ කොමෙන්ටුවේ..

      Delete
  28. http://en.wikipedia.org/wiki/Rockabilly

    ReplyDelete
  29. ගොඩක් දෙනෙක් ජෝතිපාලට හොඳ කියන්නේ ජෝතිගේ මිනිස්කම නිසාවත් වෙන බම්බුවක් නිසාවත් නෙමෙයි, කුහක කමට. ජෝති කාලා බීලා, සතයක්වත් ඉතුරු කරන්නේ නැතුව මැරිලා ගිය නිසා ජෝති හොඳයි. ජෝතිගේ සින්දු පැත්තකින් තිබ්බොත් මනුස්සකම තියෙනවා, ඒත් මොනවද ජෝති තමන් වෙනුවෙන් හෝ තමන්ගේ පවුල වෙනුවෙන් කළේ. මේ මනුස්සයා මේ විදිහට මැරිලා ගිය නිසා මාරයි කියනවා. බැරි වෙලාවත් ජෝතිගේ මනුස්සකම එහෙමම තිබිලා සෑහෙන්න සල්ලි හම්බ කරලා මැරුණානම් කියයි කාට හරි කඩේ ගියා කියලා.

    අපේ අයට හොඳ මිනිහා සල්ලි නැතිව හිටියනම් තමා, සල්ලි හම්බකරනවා නම් මොන තරම් හොඳ මනුස්සයෙක් වුනත් අපේ අයට පෙන්නන්න බැහැ. ඒක තමයි ඇත්ත.

    අනිත් එක ජෝති එක්සත් ජාතික පක්ෂයටත්, ප්‍රේමදාස ට.ත් කඩේ ගිය තරම කවුරුත් දන්නවා ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. ජෝතීපාල පවුලට හොඳට සැලකුවා. ඒකට එයාගේ දරුවෝ සාක්කි දරණවා. ඇත්ත සල්ලි ඉතුරු කලේ නම් නෑ. ජෝතිලට, කපූගේලට මිනිස්සු සලකන්නේ ජනතාවත් එක්ක ඉන්න නිසා. නන්දා මාලනිලා විප්ලව ගී කීවට එයාලගෙ දෙබිඩි ජීවීත මිනිස්සු දන්නවා. ජෝතී යූ ඇන් පී කාරයා. ඒත් මේ වගේ රජවරු වර්ණනාකරන්නවත්. කඩේවත් ගියේ නෑ. තමන්ගේ තත්වේ තියාගෙන උන්නේ. ජෝතී ප්‍රේමෙට සෙකන්ඩ් උනේ නෑ. ප්‍රේමේ ජෝතිට සෙකන්ඩ් උනා මිසක්.

      අපි ජෝති ගැන දන්න නිසා මේවා කියන්නේ. එයා ඇසුරු කරපු හිතවතුන් ආශ්‍රය කරන නිසා. ජෝති තමන්ගේ පවුලට විතරක් නෙමෙයි, අනිත් පවුල්වලටත් සැලකුවා.

      සමහර අයට ජෝතී දිරවන්නේ නැත්තේ. 56 මන්ස්ගාත ඔළුවේ දාගන ඉන්න නිසා හා දේශපාලනය උඩ පමණයි. ජෝතිලට, විජේලට පොඩි මිනිස්සු ආදරෙයි. ඒ ඒ මිනිස්සු පොඩි එකට ආදරේ කල නිසා.

      සමහර අයට දිරවන්නේ නැති එක සාධාරනයි.

      Delete
    2. රාජ කිරුළු පළන්දාපු රඡ්ජුරුවෝ
      නඩේ සැමට ඉරේ හඳේ
      එළිය ගෙනෙන රඡ්ජුරුවෝ
      සිරසට ඔටුණු පළන් මංගල්ලේ
      ජය පානෙන් මත්වන්නේ

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න