.

.

Mar 23, 2014

බිග් මැච්, ලව් ලෙටර් හා තෝරූ - Big Match, Love Letters & Thora


ලව් ලෙටර් ගැන ලියන්න ගිහින්, ලිය උනේ වෙන මක්කාවත් නේ. ඒකට, සමහරු කැමති උනාට, සමහරු කැමති නෑ. ඒ, මේ ළෝකේ හැටි. ලව් ලෙටර් පැත්තක තියෙද්දි, මම ලිව්වේ අති භයානක රෝගයක් ගැනනේ. මම කිව්වා වගේ, 6-7 පන්තිවලදි මට ඔය් රෝගය බෝ උනේ නෑ. ඒත් 8 පන්තියේදි රෝගයේ ගොඳුරක් බවට පත් වෙන්නේ මගේ වරදකින් නෙමෙයි. ඒකටත් වැරදි කෙල්ලෙක්ම තමයි ඉතින්.

ඔය අවුරුද්දේ තමයි, පන්තියේ උන්න තෝරු සැට් එකත් එක්ක බෝයිස් ටෙන්ට් එකේ නැතිව, පැවිලියන් එකේ බිග් මැච් එක බලන්න ගියේ. මේ තෝරු ඇවිල්ලා, හොඳ මෝරු. දැන් සමහර එකෙකුට අවුල් යන්න පුළුවන්, ඒ පාර මක්කයි මේ යකා දොඩන්නේ කියලා. "තෝරු" කිව්වේ, ගල්කිස්සේ හරි, කොල්ලුපිටියේ හරි, සැන් තෝමස් එකේ ඉඳලා, සිස්සත්තේ පාස් වෙලා ආපු පුංචි පහේ හපනුන්ට. කොල්ලුපිටියේ එකට් කිව්වේ "ප්‍රෙප්" කියලා.

ඔහොම ආපු තෝරු, තෝරු වගේම, මෝරූ. ඒ කියන්න බර කාරයෝ, ඒ වගේම දළ කාරයෝ. කොටින්ම ඉහළ සමාජේ පොරවල්. මගේ පොත්ත සුදු නිසාත්, පොඩි කාලේ ඉඳන් වෙනත් විදියට හිතන එකෙක් නිසාත්, මේ සෙට් එකට මාව මුහු උනා. ඔය බොරැල්ලේ ලංසි අක්කි කෙනෙක් ගාවට, ඉන්ගිරිසි එලටියුසන් යන්න පටන් ගත්තේ මුන් සැට් එක නිසාමයි. නැත්තං මූං සුරුස් බුරුස් ගාලා ඇදලා අරින ඒවා තේරෙන්නේ නෑ නේ.

එදා තමයි තේරුම් ගත්තේ, අම්මටයි තාත්තටයි දෙන්නටම ඉන්ගිරිසි පුළුවන් වෙලත්, ගෙදර ඉන්ගිරිසි රේඩියෝව නිතරම වගේ අහලත්, ඉරිදා ඉන්ගිරිසි පත්තරේ ගෙදරට ගෙනල්ලත්, කඩ්ඩ ඉගෙන නොගත්ත එකේ පාඩුව. හැමයි මේ වටපිටාව, දඩ බඩ ගාලා කඩ්ඩ පොලිෂ් කර ගන්නත් හේතු උනා. කොටින්ම අනික් සබ්ජෙක්ට් පැත්තකට දාලා, මට ඕනෙම උනේ ඉස්පෝකන් ඉන්ගිරිසි ඉගෙන ගන්න.

8 පන්තියේදි, යාන්තන් නෝන්ඩි නොවී කඩුව වනා ගන්න පුළුවන්. ඔය පන්තියේදි, අපේ උන්ට උන්ගේම වූ, උන්ගේම පෙම්වතියන් උන්නා. ගමේ උන්ද නගරේ උන්ද කියලා වෙනසක් නෑ. නැගලම ගියේ, මොරටුවේ ඉඳලා ආපු වඩ්ඩෙක්ගේ පුතෙක්ගේ ප්‍රේම කතන්දරේ. මූ උදේම ඇවිල්ලා ලව් එක ගැන විස්තර විචාරයක් දෙනවා. ඒක අහන ඕන එකෙකුට, අනේ අපටත් අපේම වූ කෑල්ලක් ඉන්නවානම් කියලා හිතෙන එක හිතෙනවාමයි.

නැගලම යන්නේ, මූ ඒ කෙල්ල ලියන ලව් ලෙටර්, ඔක්කෝටම ඇහෙන්න කියවන එකෙන්. ඒ විතරක් නෙමෙයි, ඌ ලියන ඒවත්, ගොඩක් වෙලාවට කෙල්ලට දෙන්න ඉස්සෙල්ලා, පන්තියේදි කියවනවා. පස්සෙ කාලේක විවාද කණ්ඩායමේ පවා උන්න මේකා. මේවා කියෙව්වේ ඒ කාළේ වයර්ලස් එකේ ලියුම් කියන ආකාරයට. ඒ නිසා ඒක තවත් රසවත් උනා.

ඔහොම ඉන්න අතරේ තමයි, බිග් මැච් එකට යන්නේ. බිග් මැච් ගියේ, කලින් කිව්වා වගේ බොක්කෙ සෙට්
එකත් එක්ක. සමහර උන්ගේ කෑලිත් ඇවිත් උන්නා. උන්ගේ යාළුවොත් ඇවිත් උන්නා. මම හිතන්නේ, කෙල්ලෙක් සුන්දරවම පේන්නේ ඔය කාළේ. මොකෝ, ජම්බු ගහෙන් වැටිච්ච ගමන්, ඇස්වහ කටවහට එල්ලන පුහුල් ගෙඩි වගේ. තැලිලා පොඩි වෙලත් නෑ නේ. පුදුම සුන්දරත්වයක් තියෙන්නේ.

දවස් තුනෙම බිග් මැච් බැලිල්ල කෙසේ වෙතත්, මල් නම් නෙළුවා නොසෑහෙන්න. ඒත් ඉතින් විශේෂ දෙයක් සිද්ද උනේ නම් නෑ. ඒත් අන්තිම දවසේ, මීට පස්සේ එයාලගේ පාටිස් වලට එන්න කියන ආරාධනා නම් මල් පොහොට්ටු වලින් ලැබුනා.

ඊට දවස් කීපකෙට පස්සේ, පන්තියේ එකෙක්, අර රෝගයේ, එක රෝග කාහකයක් වන, සෙනෙහෙ කොළයක් උස්සගෙන එනවා. ඒක ඇත්තටම සෙනෙහෙ කොළයක් එක්ක ආපු ආරාධනාවක්. උපන් දින උත්සවයකට. පියෝ කඩ්ඩෙන්, මම ආවේ නැත්නම් එයාගේ පාටියෙ වැඩක් නෑලූ. එයා මට කැමතිලු. මාව අමතක වෙන්නේ නෑ ලූ. අරක මේක ඔක්කෝම. ඒත් අයි ලව් යූ කෑල්ලක් නම් නෑ. ඒත් ඉතින් මට මාර චූන්. මොකෝ හා හාපුරා කියලා ලැබිච්චි සෙනෙහෙ කොලේනේ.

අරූ කෙල්ල ගැන පින්තූරේ මවලා දෙනවා. කොයි... මට මතක නෑ.... කොයි පොහොට්ටුවද කියලා. මට නම් හිතා ගන්නත් බෑ. ඇයි බං... හින්ගල සෝ බලලා තිබුනට, මම හිතුවේ ඒවා වෙන්නේ, සෝ වල විතරමයි කියලනේ. අරූ උත්තරයක් ඉල්ලනවා ලියලා. කෙලින්ම මතක් උනේ, පහේ පන්තියේ ලන්සියා දීපූ ලව් ලැටර් එක. ඕවා දීලා ඉල්ලගෙන කන්න වෙන නිසා, මම කිව්වා, උත්තර සෙනෙහෙ කොලයක් දෙන්න නම් බෑ. ඒත් මම පාටියට එන්නම් කියලා.

96 comments:

  1. හොදයි පාටියට එනව කිව්ව එක මචෝ... එලස්..

    ReplyDelete
    Replies
    1. පාටියටත් ගියා ලව් එකත් ටික කාළයක් ගියා ඒත් ඉතින් ෆස්ට් ක්‍රෂ් එක ඊට වඩා බොක්කේ වැදුනා..

      Delete
  2. ඊයේ පාටිය ගැන නෙමයි නේද මචෝ මේ... :) ????

    ReplyDelete
  3. පහේ පන්තියේ ලන්සියාගෙ ලව් ලෙටර් එක ගැන ලිව්වෙ නැතේ

    ReplyDelete
    Replies
    1. ඒ වචනේ උඩ ලින්ක් එකක් දැම්මා. එතනින් ගිහින් කියවහන්..

      Delete
  4. බස්සියෙ මෙන්න බල.උබ උඩ පැන්නනෙ කෙල්ල ඉස්සරවුනොත් කැතකතා කියනව කියල.බලහන්කො මාතෙ මුකුත් කියල නැනේ
    මාතෙ ඔහොම චුට්ටක් ලියල දාන්න එපා බන්.මදි නේ දිග

    ReplyDelete
    Replies
    1. උඩපැන්නෙ නෑ අනේ. වචන හත අටක කවියක් ලිවුවා පමණයි. :)

      Delete
    2. දමිය තාම මත් ගතියෙන් ලියල බං ....උඹ නම් බොන ගමං කන බුවා... :)
      මෙයා ඇවිල්ල බොන ගමං කියන්නෙම සිංදුනේ ඉදගෙන ...හැක් ...හැක් ... :)

      Delete
    3. පිච්චුද මන්ද....

      Delete
    4. මං කිව්වෙ අපේ මාතලන් ලොක්ක ගැන බං ..
      පින්තුරුවල දැක්ක දමිය කනව,මාතලන් බොන ගමන් සිංදු කියනවත් ඇහුන කෝල් කරද්දි දමියට කිව්වෙ.

      Delete
    5. හෑ... කට්ටිය සින්දුත් කියලද... අටම් තාම ගෙවල් දොරවල් අතෑරලා ගිහින් නැතුව ඇති නේ... හි හි

      Delete
    6. ඒ උඹටත් අපි කතා කොළා නේද බොල

      Delete
    7. සෙට්වෙන වෙලාවට අපිටත් කියපන්....ත්‍රීවීලර් එකක් අරන් හරි එන්නම් තොල කට තෙමන් යන්න.

      Delete
    8. හහ් හා !!

      මාස්ටර් සර් - රීමික්ස් විත් ඩීජේ මාතේ !!!!

      Delete
    9. මේ ලිවිල්ල නම් මට දැන් එපා වෙලා තියෙන්නේ..

      පාටිය නම් නැගලම ගියා නේද බන්.. වින්දනයට බාධාවක් වරදක් උනා නම් සමා වෙයල්ලා..

      Delete
    10. මොන බාධාද !! දුන්නා ඉෂ්ම යන්ඩ් !!! :D

      Delete
  5. තරහා නැතුව පොඩි උදව්වක් කරනවද
    ගම්පහෙන් අරවින්ද මධුමාදව හැර අනිත් හෙල උරුම අපේක්ෂකයෝ මොක්කුද කියනවද

    ReplyDelete
    Replies
    1. පුලුවන්නම් මෙතුමට ලාල් කාන්ත මහත්තයාගේ ෆෝන් නම්බර් එක හොයාදෙන්නකු ,

      Delete
    2. @ ජගත්.....ගෝඨාට කෝල් එකක් දීලා අහපන් ....පොර කියයි විස්තරේ.

      Delete
    3. විහිලුවට නෙමේ දැනගන්න ඇහුවේ
      මෙන්න මම මධුමාධවට කඩේ ගියා
      http://anthoniyo-bahijata.blogspot.com/2014/03/blog-post_24.html

      Delete
    4. අනේ ඡන්දේ කටු ගාලා දාහන් බන්.. මොකෙක්ද ඌ...

      Delete
  6. කොහොම හරි ලවු හුටපටේ හරියට හරිගියානම් ඉතින් කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. අපොයි හරි ගියා.. ටික කාළයකට..

      Delete
  7. බිග් මැච් කාලෙ කියන්නේ,
    තාත්තල අඩි ගහන පුතාල කුඩු ගහන සමය නේද?

    ReplyDelete
    Replies
    1. බිග් මැච් එකක් නැති උන් හිතාගෙන ඉන්නේ එහෙම තමයි...

      Delete
    2. මාතලන් උඹ රෝයල් ද?

      Delete
  8. සිංහල අදර හසුන් නම් දැකල තියෙනවා.එවායේ ඔය සින්දු කෑලි හේමත් තියෙනව නේ.ඒත් ඉංගිරිසි ඒව ගැන නම් දන්නෑ.

    ඉතින් මාතලන් පාටියට ගියැයි? ඉතිං ඊට පස්සේ?

    ReplyDelete
    Replies
    1. ඉතින් ඊට පස්සෙ.....?

      ඔබේ රන් පිලිරූ......
      පාට පාට දේදුනුසේ මා සිසාරා......
      මහද මැනික් පහනක් වූවා........
      හෙහ්...හෙහ්......

      Delete
    2. ඉතින් ඊට පස්සේ.... දේදුණු කැලුම් වගේම පොඩි කාළයක් ප්‍රේමෙන් වෙලී උන්නා..

      Delete
  9. මලක්වත් කඩාගන්න තියෙන්නෙ ඔය බිග් මැච් සීසන් එකෙයි ස්පෝර්ට් මීට් තියෙන ටිකෙයි විතරයි..
    ඉතිං පාටියෙදි මොකෑ උණේ..?

    ReplyDelete
    Replies
    1. වෙන්න ඕන දේවල් ගොඩාක් සිද්ද උනා..

      Delete

  10. මෙහෙම කියනකොටනම් රස නැති ඒවත් රසයි.
    ක්‍රිකට් වලට ආස නැති නිසාද මන්දා බිග් මැච් බලලා නැහැනේ.

    ReplyDelete
    Replies
    1. කෙල්ලන්ට කොහෙද බන් බිග් මැච්... කොල්ලන්ගේ එකකට ආවොත් මිස..

      Delete
  11. මල් සමය !. මේව ලියන්න ගියාම ඉතින් අතුරු කතන්දර ලියවෙන එක කොහොමත් වෙනව නෙ. ඒව නැති වුනොත් රස අඩුයි. දැන් මට නම් ලියුම් හදිස්සි නෑ. එහෙනං යංකො පාටියට. :)

    ReplyDelete
    Replies
    1. අර කකා කියනවා වගේ.. ජීවිතේ කියන්නේ කතන්දර ගොඩක්..

      Delete
  12. අනේ ඔහොම යහළුවො ජාති ජාතිත් වාසනාවන්.

    කොහොමත් පොල්ලෙන් ගැහුවා වගේ I Love You කියනවට වඩා 'මම ඔයාට කැමතියි' කියත්දි පොඩ්ඩි මෙව්වා එකක් තියෙනවා.

    ඉතිං පාටියට ගියැයි.? ;)

    ReplyDelete
    Replies
    1. "" සොරි මට එෆෙයා එකක් තියනවා "" කිව්වම ඊට වඩා මෙව්ව එකයි බං !! හැක්.

      Delete
    2. එතකොට ඉතිං සාරියෙ පිහිට තමයි. ;))

      Delete
    3. ඒක තව හොඳයි, මම අයිය ගැන හිතුවෙ මගේම සහෝදරයෙක් විදියට, අනෙ තරහ වෙන්න එපා කියල කිව්වම ඉතින් සාරි නෙවෙයි මරාගෙන මැරෙන්න හිතෙනවා කලින් දවස් වල දාපු ඉඟි බිඟි මතක් වෙන කොට.

      -ප.ගෝ.

      Delete
    4. අනිවා ප.ගෝ. , එතකොටනම් ඉතිං ඇස් දැක උඟුල්ලන් දිව හපාගෙන තමා මැරෙන්න වෙන්නෙ. :))

      Delete
    5. යන්නේ නැතිව.. ආයේ ඉතින් අළුත් දෙයක්ය..

      Delete
  13. ආරංචියක් ආවා උඹ කාරෙකකට ජෙට් ඇංජිමක් හයි කොරං කියලා !! තටු දෙහෙකුත් හයි කරගත්තනං නරකද ??

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හැබැව හැබැව මටත් ආරන්චියි

      Delete
    2. බොරු කතා මචෝ.. අනෙක් ඩ්‍රයිවර්ලා බනිනවා, ඉබි මස්ද කන්නේ. එළවන්න බැරි නම් අයින කගෙන පලයව් කියලා.. ඉරිසියාවට කියන කතා ඔව්වා...

      Delete
  14. පාටියට ගිය එකෙන් ජාමේ බේරුණා.නේද...නිකන් හරි කෙල්ල කඩ්ඩෙන්ම ටෝක්ස් කළා නම් රිප්ලයි ලියුමක් ලියලා ශේප් උනානම් හොදයි හිතෙන්නත් තිබ්බා ඉදගෙන :)

    ReplyDelete
    Replies
    1. උබ කඩ්ඩෙන් නෙමේ නේද බන් ඉන්වයිට් කලේ :D

      Delete
    2. අඩේ සසිදුවා මේ පින්තුර කැල්ල අයින් කොරලා දාහන් ,මට පෙන්නෙ වනිතා හඩ වගේ ,සිරා ඒ වගේ පෙන්නෙ මට එක පාර දැක්ක ගමන්

      Delete
    3. මොකක්ද බන් ඒ සීන් එක? :D

      Delete
    4. හනෙ අම්මෝ බං. මේ එහෙනම් භයානකයි. :))

      Delete
    5. මේ කාළේ වෙනකොට කඩ්ඩට බය නෑ.. ලියුම් නම් ලියුවේ නෑ ජීවීතේට.

      Delete
  15. ඉතුරු ටිකත් ලිව්වනම් තමා අයියෙ වටින්නෙ :D

    ReplyDelete
    Replies
    1. එහෙම ලිව්වාම ලිපියේ රහක් නෑ බං...

      Delete
  16. අර ලංසියගේ කොල්ලගෙ ලැටර් එක ගැන උඹ ලියල නෑනෙ මචෝ.හුදීජනයාගේ ලාම්පු කණගාටුව උදෙසා ඒ ටිකත් ලියල දාපං.

    ReplyDelete
    Replies
    1. මට පේන්නෙ උඹත් පෝස්ට් කියවන්නෙ නැතිව කොමෙන්ට් කරන එකෙක්ද කොහෙද...? උඹට පුදපු පෝස්ට් එක කියවහන්.. ඉඳගෙන.. මළ වදේ..

      Delete
    2. සොරි වේවා මචං මට ඒ කතාව අමතකවෙලා තිබ්බේ.

      Delete
  17. දැන් පාටියේ මොකෝ උනේ කියහන් බලන්න මහාචාර්යතුමෝ.. :)

    ReplyDelete
    Replies
    1. මක්කා වෙන්නෙයි. කොස් කිරලා හෙම ගෙදර ආවා...

      Delete
    2. එතකොට අල ගැලෙව්වේ එහෙම නැතෙයි?

      Delete
  18. පාටියට ගිහිල්ල. ඒ පාර.. අපි නං ඉතිං අමු හිංගලෙන් සුවද විහිදුවන සෙනෙහේ කොල තමා දුනේනේ.

    ReplyDelete
    Replies
    1. මම කවදාවත්, මගේ කෙල්ලන්ට සෙනෙහෙ කොළ ලිව්වේ නෑ මචෝ..

      Delete
  19. මට නම් හිතෙන්නේ පොහොට්ටුව වරද්දගෙනද කියලා. යාළුවො කවදද යාලුවන්ට හොඳ ඒවා දුන්නේ?

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න, කෙලින්ම දෙවියන් වහන්සේ මවපු කෑල්ලක්.. ඒ පින නම් කවදත් මට ලැබිලා තියෙනවා..

      Delete
  20. හැක් හැක් හැක් පලවෙනි වතාවට ඔයවගේ එකක් ආවම පට්ට කික් එකක් එනවා නේද :)

    ReplyDelete
    Replies
    1. කියලා..... වැඩක් නෑ බන්.. මොහොතකට මම පන්තියේ පොරක් උනා.. අනික් උන් ඉරිසියාවේ පැලෙනවා...

      Delete
  21. අම්මට සිරි බිග් වෙන්නත් කලින් නේද? මේ වෙද්දි උඹ බිග් වෙලාද?
    ඔය වයසෙ සම්බන්ධකම් මාර ආතල් බං.

    ReplyDelete
    Replies
    1. මේ වෙනකොට ඇතුල්කෝට්ටෙත් ගිහින් ඉවරයි... අපේ පැත්තේ රටට විශාල සේවයක් කල සමාජ සේවිකාවෝ කීප දෙනෙක්ම උන්නා..

      Delete
  22. අම්මපා මට තවම ඔය සෙනෙහේ කොලයක් ලියා ගන්න බැරි උනානේ ,

    මෙ තැලිල්ල ඉවර උනාම සෙනෙහේ මෙලක් කොටනවා ,බ්ලොග් කාරියෙකුට ....???????????
    ;))

    ReplyDelete
    Replies
    1. මේක ලියලා ඉවර වෙනෙකොට වෙනෙ එකෙක් දුන්නොත් හෙම.. ඕන් ඔහේ ලියලා දාහන්.. ඕන සෙද්දක් කියලා...

      Delete
  23. ඩොක්‍යුමන්ට් පස්සේ ගන්න බැරියෑ භාන්ඩේ ලැබෙනවානම්. එන්ජින්, සස්පෙන්ෂන්, ටයර් එකෙම උඹ දැනටම බලලනේ ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ කොමෙන්ට් මෙතන දාල. එතන ගිහින් දාපු කොමෙන්ට් කෝ කියලා හොයනවා. මුල්ලේරියාවෙත් ඉන්නවා මේ වගේ උන්.

      Delete
    2. හි හි හෙන්රි අයියාට මිස්ටේක් එකක් මෙවුවා වෙලා

      Delete
    3. යකෝ මේකද වැරදි කමෙන්ට් එක කිව්වේ? මේක හරි එක. මම කිව්වෙත් ඔය භාණ්ඩේ ගැන තමයි. ඩොක්‍යුමන්ට් කිව්වේ ලව් ලෙටර් එකට. වාහනේ තමයි ඔය දැරිවි. උඹ සන්පෙන්ෂන් ටයර් එහෙම රබර් ඇහැ දාලා බලලනේ තියෙන්නේ. කොයිකද කියලා නොදන්නවා වුනත්, උඹ ෆ්ලීට් එකේම ටයර් හෙම බලලා තියෙන බව මම දන්නවා. නෑ කියහං.

      Delete
    4. නෑ බං හෙන්රිය කියන්නෙ උඹට පාටියට එන්න කියපු භාන්ඩෙ ටයර් උඹ චෙක් කලාද කියලනෙ

      Delete
    5. ඕකා ටයර් චෙක් කිරිල්ල කොහොම වුනත් වෑල් එක නම් චෙක් කරන්න ඇති ඔක්කොටම කලින්. අපේ හන්දියේ වින්කලේ බුවාත් ටයර් එකට කලින් වැල් එක ගාවට කෙල පොඩ්ඩක් ගාලා බලනවා.

      Delete
    6. අරූ උඹට මතක් වුනේ නැද්ද අර මම කියපු 'නැව් කඹෙයි, පලාපු බැරල් බාගෙයි' කතාව? අර උඹේ නෝනත් කිව්වේ 'වල් යක්කු' කියලා. :D

      Delete
    7. @ ඩූඩ්.....මතකයි, මතකයි. ඒකත් ඔළුවේ තියාගෙන තමයි මේ කමෙන්ට් එක දැම්මේ. ඒකේ ලින්ක් එකක් දාපන් කියවපු නැති අයට කියවන්න.

      Delete
    8. උඹලා හිතන තරම් වල් කොල්ලෙක් නෙමෙයි මම. සුරා සූදුවෙන් තොර අර මංගල දැන්වීම් වල ඉන්නා සංකේතයක්..

      Delete
  24. කොල්ලො දීපූ ලණුවක් එහෙම නොවෙයිනේ ඉන්විටේෂන් එක..

    ReplyDelete
    Replies
    1. එහෙම දේකුත් නෙමෙයි. අම්මපා අද වෙනකන් එහෙම දෙයක් හිතුනෙත් නෑ..

      Delete
  25. මම කිවේ මේක නිකං හැලපයියා එක්ක මොනලිසා බලන්න ගියා වගේ තමයි කියලා.පුදුම වෙන්න දේකුත් නැහැ එකේ.මොකෝ මේකේ පිදුම තියෙන්නෙත් හැලපයියාටම නොවැ.යන්,යන් වටේ තලමින් එතකොට තමයි ආයුබෝවන් මේකේ රහ වැඩි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මොන පඳුරු තැලිලිද බන්... මටම මේක එපා වෙලා තියෙන්නේ..

      Delete
  26. තවත් චිකේයියා කතාවකට පූර්විකාවක් වගේ. ලියපන් ඉතුරු ටිකත් ජොකෙක් ඇඳගෙනම බලන සයිස් එකට.

    ReplyDelete
    Replies
    1. ඇයි මචං අසෝකන් ජොක්කු දෙන්නෙක් ඇඳගෙන කැබරේ බලන්න ගියෙ.

      Delete
    2. මට වෙන කතාවක් මතක් උනා.. අපි සැලින්කෝ එකේ වැඩ කරද්දි, අම්පාරේ පොරක් අපිත් එක්ක සෙට් උනා. මූ කවදාවත් බ්ලූ ෆිල්ම් බලලා නෑ. ඒ කාලේ බ්ලූ ෆිල්ම් හෝල් වල පෙන්නපු කාලේ මම මූව සෝ එකකට එක්කගෙන ගියා. ඉන්ටවල් එකේ මම කතා කලා මූට හුජ්ජා අතක් ගහන්න යන්න. අරූ කියනවා උඹ මඟුලක් කතා කරනවා. උඹ ඕන එකක් කොරගෙන වරෙන්. දැන් නම් අත තිබ්බොත් ගියා මචං කියලා. නිකනුත් නෙමෙයි මම වගේම ඝාංඨාර වොයිස් එකෙන් දුන්නේ.

      Delete
  27. මමනම් ලව් ලෙටර් කියන්නේ මොනවද කියාවත් නොදනිමි....ඇත්තටම මොනවද ඒ ?

    ඔන්න් කිව්වා ..නැත්තම් කොමෙන්ට් කරොත් මාතෙයා බනිනවා මම එයාට ලියන්න දෙන්නේ නෑ කියලා .... :P

    ReplyDelete
    Replies
    1. ලෙටර් නේද ??
      බුක් ෂොප් වල ගන්න තියනවා රෙඩිමේඩ්.
      නමයි දිනෙයි විතරයි දාන ඕන .
      හවස යද්දි 10 ක් විතර අරං බෙදාගෙන පලයං ..!!

      Delete
    2. ආයේ ලියන්න දෙයක් නෑ... ඔය මදෑ බන්ස්ලා..

      Delete
    3. දහයක් හැරෙන්නත් මදි බොල

      Delete
    4. අයි ලව් යූ කියල පටං අරන් අනිච්චා වත සංඛාරා වලින් ඉවර කරන්නෙ ඒව තමයි.

      Delete
  28. ජම්බු ගහෙන් වැටුන අලුතම ගමේ ඉස්කෝලෙ ගෑල්ලමයෙක් ඉස්කෝලෙ වත්තෙ ජම්බු ගහෙන් ගෙඩි දෙක තුනක් කඩලා ඉස්කෝල ගවුමෙ උඩ සාක්කුවෙ දාගෙන හිටියලු...මේක දැකපු පිරින්සිබොල් උතුමා...

    හනේ හනේ ජම්බු කඩලා මදිවට සාක්කුවෙත් දාගෙන කියලා ලොකු ජම්බුවත් එක්ක පොඩි ජම්බුත් මිරිකුවලු....

    ReplyDelete
  29. බිග් මැච් එකට ආධාර කරන්න කියලා ‍තෝ‍රෙක්‍‍ගෙන් ලියුමක් ආවා‍නේ මට..

    ඕක තමා ‍ගෙදර එක්‍‍‍කෙනා එවපු කරදහි ලව් ලැටර් එක.

    ඊට පස්‍‍සේ,‍පෙරහැරකට සල්ලි ඉල්ලලයි තව ‍මොකක්ද එකකටයි.

    දම් පාටින් අත්සන් කරලා.
    ඔන්න අපිට හම්‍‍බෙන ලව් ‍ලෙටර්.
    හැබැයි ඒවාට ක්‍රියාත්මක ‍නොවි විසික් කරා ‍‍‍.
    ‍ගෙදර ‍ගේන මල්ලට.

    :D


    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න