.

.

Mar 25, 2014

MH370, අධ්‍යාත්මවේදීයෝ හා ටොම් පචයෝ - MH370, Predictions & Tom Pachaya


මැලේසියාවේ සිරා කොලුවා MH 370 ගැන ලියාපු සවිස්තරාත්මක පෝස්ටුවකත්, තවත් පෝස්ටුවලත්, මාතලන් කිව්වේ, අහස් යන්තරේට බඩු බනිස් කියලාය. එහෙම කිව්වේ අඳුනෙන් බලාවත්, හඳහන් බලාවත් නොව, 9/11 කේස් එකේ, වෙච්ච සිඳුවීම හින්දාය. අද ඉස්මාර්ට් ෆෝන් එකක් නැති එකෙක් හොයා ගන්නට බැරිය. මේ ජැට් වල යන හැම එකාගේම අතේ, මේවා ඕන තරම් තියෙනවාය. ප්ලේන් එක හයිජැක් කරා නම්, ඒ බව සඳහන් ටෙක්ස්ට් මැසේජ්, එකක් හෝ අනිවාර්යයෙන් එනවාය.

මාතලන් එදා කියු දේ අද සනාත වෙලා තියෙනවාය. එංගලන්තයේ ඉන්මාසැට් (Inmarsat) නම් ලාබ නොලබන ආයතනයක්, අවුරුදු 35 ක් පරණ මැතඩ් එකකින් දෙන කරුණු අනුව, මැලේසියාවේ අගමැති, බඩු බනිස් කියා මාද්දිය සාඛඡ්චාවේදි කියනවාය. දැන් හැම එකාම දුවන්නේ මේ ආයතනය ලබා දෙන ෆැක්ස්ට් මත්තේය. ඔවුන් කියන්නේ නිරවද්‍යතාවය ඕනෑනම් කිලෝ මීටර් 100-150 එහා මෙහා විය හැකිය කියලාය.

සර්ච් ඔපරේසොන් එක කොරගන්න විදියක් නැත්තේ, ඒ හරියේ මූද, "රෆ් සී" මුහුදක් හෙවත්, අති හයානක මුහුදක් නිසාය. ඒ මදිවාට කාළගුණේ අවුල් නිසා, පැය 24 කට මෙහෙයුම් නවත්තලා දමලාත් තියෙනවාය. ඔපරේසොන් එකේ ඉන්න උන්, කාළගුණ වාර්ථා ලබා ගන්නේ, ලංකාවෙන් නොවන නිසා, ඒ උත්තමයන්ට දෙයියන්ගේ ආරක්ෂාව කෙසේ වෙතත්, තාක්ෂණයේ ආරක්ෂාව නම් නොවරදවාම ලැබෙනවාය. අපේ කාළගුණේ කියන ඒවා ඇහුවානම් ඉතින්, උන්නැහෙලාට නාථ දෙවියන්ගේම පිහිට ඇර වෙන පිහිටක් නම් නැතිවනවාමය.

හරියටම උනේ මොකක්ද කියා ටක්කෙටම කියන්න නම්, කළු පෙට්ටිය ගොඩ ගන්නකම් ඉන්න වෙනවාය. දැන ගැනීමට තියෙන කාරනා අනුව නම්, ඒක හොයාගන්න එකත් ලේසී පාසූ වැඩක් වන්නේම නැතිය. කොහොම හරි දේශපාළණ කරුණු අමතක කරලා, මුළු ළෝකයම එකතුවී, මේ අභිරහස විසඳීමට එකතු වීම ගැන නම්, මට තිබෙන්නේ පුදුමාකාර සතුටක්ය. කොතරම් තාක්ෂණය දියුණු උනත්, අද වන තෙක් ගුවන් යානයට සිඳුවූයේ කුමක්දැයි කියන්නට කිසිවකු සමත් නැත.

මුලින්ම ෆේක් පාස්පෝට් හදාගෙන, ගුවන් යානයට ගොඩ වූ ඉරානේ කොල්ලෝ දෙන්නෙක් ගැන සැක හිතුවේය. ඊළඟට බඩු බදාගෙන, කොක් පිට් එකේ ආතල් ගන්නා, කෝ පයිලට් ගැන සැක හිතුවේය. ඊට පස්සේ ෆ්ලයිට් සිමුයුලේටර් එකක් ගෙදර තියාගෙන උන්න පයිලට්වත් සැක කලේය. මේකේ ඇමරිකන් වී අයි පී පොරක් උන්න බවත්, චීනේ ත්‍රස්තවාදීන් ගැනත්, පසු කාලීනව ප්‍රහාරයක් සඳහා ප්ලේන් එක හයි ජැක් කළ බවත්, සමහර විට පයිලට් හෝ කෝ පයිලට්ගේ (කෝ පයිලට් කියලා තමයි යකෝ මාත් අහන්නේ.) සිය දිවි නසා ගැනීමක් බවත්, සමහර විට සයිබර් ප්‍රහාරයක් විය හැකි බවටත් කියා කරුණු රාසියක් කෙරේ ඒවියේසොන් විශේෂඥ්ඥයන්ගේ අවධානය කීප අතකටම යොමු උනේය.

ඒවා එසේ වෙද්දි, අපේ ගොබ්බ ජඩ මාද්දිය වේදියෝ, විසේසඥ්ඥයෝ කෙසේ වෙතත්, සාස්තරකාරයෝයි, අධ්‍යාත්මවේදියෝයි, හඳහන්කාරයෝයි පස්සේ දුවන්න පටන් ගත්තේය. මේකෙන් කාගේත් අවධානය යොමු උනේ, කවදත් කට ඇරියොත් අමු කෙප්ප කෙලින, කෙප්පේ උනත් කළාතමකව ඇදලා අරින, අධ්‍යාත්මවේදියෙක් කියනා එකෙක්ගේ කතාවටය. ජඩ මාද්දිය වේදින්ටත් ලැජ්ජාව කියා දෙයක් තියෙනවා නම්, මේ වාගේ ටොම් පච දෙසා බාන කාළකන්නි පස්සේ යන්නේ නැතිය. මේ යකා කට ඇරියොත් කෙලින්නේ කෙප්පය.

ඉරුදින පත්තරේට ලියන කාලේ, අලි පාටියේ උන්, ඊළඟ අළුත් අවුරුද්දේ එජාප ආන්ඩු පිහිටවනවා කිව්වේ, මූගේ කඹ ගිලලාය. ඒ මොකෝ, මේ යකා දෙන්නේ, දිරච්ච ලණු නෙමේය. නැව් බඳින කඹය. කොහොම හරි එජාප ආන්ඩු පිහිටවන්න හිටපු අජ්ජාත්මවේදියාව, හතර වෙනි තට්ටුවට වැඩැම්මුවේ, අරලියගහ මන්දිරේ ඉන්නා සක්කර දෙවියෝය. එදා පටන් මූ කියන්නේ, සක්කර දෙවියන්ට ගහන්න දෙවියෙක් නැතෝ කියලාය.

ගිය සැරේ, T 20 කප් එක, අම්මට සිරි ලන්කාවේ තිබ්බ වෙලාවේ, මූ අඬ අඬා කීවේ, අපි කප් එක දිනනවාමයි කියලාය. ඒ නිසා බෝධී නාවන්න කිව්වේය. මූගේ කඹ කාපු සක්කර දෙවියාත් ඛෙත්තාරාමෙට වැඩියේ, මූ කිව්වා වගේ කප් එකත් අරගෙන ඩෙඟා නටන්නටය. අන්තීමෙදි උනේ, අනේ බුදු සෑර් කප් එක දිනන්න නම්, මැච් එක පැත්ත පලාතේ එන්න එපා කියා, පඩත්තල කොල්ලන්ගෙන් අහගන්නය. මූ දෙන කඹ කෑවාම රජා උනත් බලු වෙන්නේ එහෙමය.

ඒ කියලා මුන්ට ගානක් නැතිය. ඊට පස්සේ ජනාධිපතිවරණයක් තියෙනවා කියා නා ගත්තෙය. උදේ ඉඳන් ටෙලිවිසොන් එක දිහා බලාගෙන ඉඳලා, තුලාවට හුලං වැදිලා, අංශක දෙකක්ද කොහෙද හැරිලා, ප්ලේන් එක හයිජැක් හෙවත් පැහරගත් බවත්, කිසිම අනතුරක් වෙලා නැති බවත් කිව්වේ, ඒ දවස්වල ඉන්ටර්නැෂනල් නිව්ස් වල ගියේ ඒ කතාව හින්දාය.

මුන් කෙප්පෙ කෙලින්නේ, හඳහන් බලලාවත්, අංජනම් බලලාවත් නෙමේය. පත්තර ටෙලිවිසොන් බලලාය. තව මේ ජාතියේම ඉන්දියාවේ එකෙක්, ගෝලයෝ දෙන්නෙක් එක්ක ඇවිත් නාට්ටියක් කරලා කිව්වේ, පැසිපික් සාගරේට කඩාගෙන වැටුනයි කියලාය. හොඳට ඌගේ නාට්ටිය බලනා එකෙකුට පේන්නේ, මූ කියන්නේ ඔක්කෝම ඒ දවස්වල ටැලිවිසොන් එකේ ගිය එවා මිසක්කා, මක්කාවත් අළුත් එකක් නෙමේ කියලාය. මැලේසියාවේ එකෙකුත්, ටයි කෝට් දාගෙන, පොල් ගෙඩි දෙකක් කරකැව්වාට, කිව්වේ මොකක්ද කියලා නම් දන්නේ නැතිය. අද මුන් ඔක්කෝම ටොම් පචයෝ කියා, ඔප්පු වෙලා හමාරය.

ඒත්...අපේ, නිකන් පී වගේ සාමී කෙනෙක් නම් කිව්වේ, බඩු තියෙන්නේ මූද පතුලේ කියාය. දැන් ඉතින් ඌ පොරක් වන්නටත් බැරි නැතිය. මේවා දකින් කොට මට දුක හිතෙන්නේ, අනේ මටත් නැෂනල් එකක් ඇඳගෙන, බඩු නැති උන ගමන්, බඩු බනිස් කිව්වා නම්, අරලිය ගහ මන්දිරය පැත්තේ රවුමක් ගහලා එන්න තිබුනා නේද යකෝ කියලාය.

මොකෝ...., අපේ මහරජ තුමාත්, මූගේ ගුලි විතරක් නොව, ජොනීගේ පුතා දිනනවා කියා කෙප්ප කෙලිය එකාත්, රාජකීය දෛවග්නයාද මොකාද කොරගෙන, ගුලි පිට ගුලි වළඳනා නිසාය..

ඒ වගත් මෙසේය......

122 comments:

  1. දැන් තමුන්නාසෙටත් අර කොවුර්ට වුනා වගේ ගේ ඉස්සරහා හෙට අළු පුහුල්,නූල් කෑලි,ඉර‍ටු තියේවිද දන්නේ නෑ...හොඳේ.

    ReplyDelete
    Replies
    1. ඉතින් බන් මාත් ඕවම ගිහින් උන්ගේ ගෙවල් දොරකොඩ දානවනේ...

      Delete
  2. මුන් සේරම බොරු කාරයෝ බං.

    ReplyDelete
    Replies
    1. අලුත්ම එකා හක් බෙල්ලෝ විකුණන නමෝ නාරායන්

      Delete
  3. කෝ මගේ කොමෙන්ට් එක ,,, ප්ලේන් එකට වෙච්ච දේමද දෙයියනේ උනේ ඉදගෙන

    ReplyDelete
    Replies
    1. ඔමා දකුණු ඉන්දියන් සාගරේ පැත්තෙ පොඩ්ඩොක් හොයලා බලන්න. 'ඉදගෙන'. :))

      Delete
    2. සැටලයිට් එකට අහු උනෙත් නෑ

      Delete
  4. තාක්ෂනේ මෙච්චර දියුණු කාලෙත් තාමත් ලෝකෙට හොයාගන්න බැරිවුණා වෙච්ච දේ ..අපි නොදැකපු තවකොච්චර දේවල් මේ ලෝකේ හැංගිලා ඇත්ද..,ඒ වගේම මිනිසා තාක්ෂනේ හිණි පෙත්තට ගියදාටත් තාරකාවල පිහිට පතාවී ,, පාට පාට කැස්බෑවුන්ට රණ්ඩු කරාවි ඉදගෙන

    ReplyDelete
    Replies
    1. මේ වගේ කේස් නිසා තමයි ගුරාලා හම්බ කර ගන්නේ.. උන් මොකක් හරි කෙප්පයක් ඇදලා අරිනවනේ

      Delete
  5. මුන් ලට තාමත් යන හරක් ට හරක් පයියෙන් ගහන්න ඕන මචන්.

    ReplyDelete
    Replies
    1. හරක් පයිය කෙසේ වෙතත්. මුන්ගේ පයියෙන් කන බව ඉඳ හිට වාරථා වෙනවා

      Delete
  6. අහස්යන්තරේ අතුරුදන් වීම අභිරසහක්.. ඔය එංගලන්තෛ් සැට් එක අවුරුද්‍ර 35 ක් පරණයි කියල දැං තමා දන්නේ. කෝ ඉතිං ලෝක අනාතජීව වත් ඔය ගැන කිව්වේ නෑනේ.

    අද පත්තරේ තිබුනා එල්මෝ ලොක්කා කියනවා බඩු ගිනි අරගෙන මුදට වැටිල තමා කියලා. මොකද දන්නේ නෑ මෙචිචර කල් ඉදල ඕක කිව්වේ..

    කෙහොම උනත් යානාව ගොඩ ගන්න එක නං සෑහෙන්න අමරු වෙයි. මොකද මුහුද සැඩයි පතුල දුරයි..

    ReplyDelete
    Replies
    1. ඕන් දැන් ආයෙත් පයිලට් මරාගෙන කනවා නේද.. ඩෙබ්‍රිස් මේකේ නෙමෙයි කියන්නේ

      Delete
  7. කොහොමත් තව දින 12ක් ඇතුලත Black Box එක සොයා නොගෙන.... පසුව හමු වුනොත් වැඩක් නැහැ කියනව නේද? එහි ඇතුලත තිබෙන බැටරිය ක්‍රියා විරහිත වන නිසා,

    ReplyDelete
    Replies
    1. අප්පට ඩෙග. එහෙමත් එකක්ද? එහෙනම් ඉතිං බොහෝ දුරට මේකත් සැඟවුන අබිරහසක්ම වෙයි වගේ.

      Delete
    2. දැං ඉතිං මොනා රෙකෝඩ් වෙන්නද බං.. ඒක ඕන ගුවන් යානයේ විදුලිය ඇනහිටියොත් වැඩ කරන්න විතරයි..

      Delete
    3. දේශා උඹ මොකක් ගැනද කියන්නෙ බං ... ???

      Delete
    4. කළු පෙට්ටිය ඇතුලෙ තියෙන බැටරිය අවශ්‍ය වෙන්නෙ ඒක තියෙන තැන හොයාගන්න සංඥා නිකුත් කරන උපකරණය ක්‍රියාත්මක කරන්න විතරයි. ඒ බැටරි බැස්සට පස්සෙ ඒකෙන් එන සංඥාව නැතිඋනාම තියෙන තැන හොයාගන්න තවත් අමාරු වෙනව. ඕකෙ පටිගත කිරීමේ උපකරණ ක්‍රියාත්මක කරන්නෙ ගුවන් යානයේ තියෙන විදුලි බලය ආධාරයෙන්. දේශ කියල තියෙනව වගේ ගුවන් යානයෙ විදුලිය ඇණ හිටියොත් කළු පෙට්ටියෙ දත්ත පටිගතවෙන එක නවතිනව.
      නමුත් කොපමණ කාලයක් ගියත් පිටත ආවරණයට හානි වෙලා නැත්තං (එහෙම වෙන්නෙ නෑ කිවුවට සමහර අවස්ථාවල එහෙම වෙලා තියෙනව) ඇතුලෙ තියෙන දත්ත වලට හානියක් වෙන්නෙ නෑ.

      මම කිවුවෙ ගුවන් යානා වල තියෙන පෙට්ටි ගැන. කෙන්ජ වෙන මොකක් හරි පෙට්ටියක් ගැනද දන්නෑ කියන්නෙ. :D

      Delete
    5. thnx ප්‍රසා...අද ඩොකා එක්ක කතා කරද්දී අහගත්ත දෙයක් කෙටුවෙ.දේශ කියල තිබුන එක පැහැදිලි වුනේ නැහැ දැන් පැහැදිලියි.
      නැහැ ඔබ විස්තර කරපු පෙට්ටිය ගැන.
      ඒ පෙට්ටි වල‍ට බැටරි කෑල්ල දාපු ගමන් විතරයි වැඩ කියල මම දන්නවනෙ මචෝ.. :D

      Delete
    6. අර සප්ත කන්‍යා කන්දෙදි වැදිච්චි ප්ලේන් එකේ කළු පෙට්ටියේ ටේප් එකත් කෑලි වලට කැඩිල තිබුනා විස්තර හොයාගන්න බැරි වෙන්නම. ඒක නිසා ඕනම දේකදි කළු පෙටිටිය (ඒ උනාට ඒක තැඹීලි පාටයි) ආරක්ෂා සහිතයි කියන එක බයිලයක්..

      Delete
    7. සාමාන්‍යයෙන් බ්ලැක් බොක්ස් එකට මක්කවත් වෙන්නේ නෑ. ඔය බැස්ටිය බහින්න ඉස්සෙල්ලා හොයා ගන්න ඕන කියලා කියන්නේ. ඊට පස්සේ ඒක තියෙන තැන ඉඳන් දෙන සිග්නල් එක නවතිනවා. ඒත් රෙකෝඩ් වෙච්චි ඉන්ෆෝමේෂන් එහෙම නැත්නම් ඩේටා එහෙමම තියෙනවා.

      Delete
  8. මෙහෙම දේවල් වෙනවා කියන්නෙ ඉතින් ඔහොම පල් හොරුන්ගෙ කල්ල මරේ තමා. මොන බොරුව කිවුවත් දොහොත් මුදුන් දීලා පිලිගන්නනෙ අපිත් බලන් ඉන්නෙ.
    අර කොහෙදෝ එකෙක් කතරගමට අහවල් දවසෙ කතරගම දෙයියො වඩිනවා කිවුවම ලක්ෂ ගානෙන් කතරගම ගොහින් ඒ කියපු එකාගෙ මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරලා ආවෙ.

    ReplyDelete
    Replies
    1. http://maathalan.blogspot.com/2013/09/o-lord-my-god.html

      Delete
    2. තැන්ක්ස් වේවා ලිංකුවට. කියවලා බලමු.

      Delete
    3. පහුගිය් පෝස්ට් වල කමෙන්ට් කියවද්දි පික්ෂු හැදෙනව :) :)

      Delete
    4. මම හිතු‍වේ,පහුගිය පෝස්ට් ලිව්‍‍වේ ‍කෙන්ජි කියලයි.

      Delete
  9. මේ ලිපිය ගැන ස්තුති කරන්න මට වචන නෑ. බොක්කටම වදින්න ලියල තියෙන පට්ට පෝස්ට් එකක්. මූට මේකට තව කතන්දරයක් ඇති ඇට නැති දිවනෙ. මට තියෙන ප්‍රශ්නෙ මුන්ට රැවටෙන මෝඩයො ඉන්නවද කියන එක. ජනමාධ්‍ය සමාජය මිත්‍යාන්ධකාරයෙ ගිල්ලවන්න මේ වගෙ හොරු ගෙනල්ල සංවාද කරනව. විද්‍යාවට අහුනොවෙන අරක තියනවය මේක තියනවය කිය කිය.

    එක දිගට මුන්ගෙ කෙබර එළිවෙනකොටවත් මුන් ගැන විතරක් නොවෙයි මේ ගර්හිත විද්‍යාවන් ගැන සැක කරන්න පෙළබෙන්නෙ නෑනෙ.මූට නම් බොරු කියන්න ට්‍රේනින් මදි.අතේ කයිතන් වීමේ ප්‍රතිශතය 100% ක් විතර. ගූගල් සර්ච් කරලවත් මූට හරි හමන් බොරුවක් කියන්න බැරි හැටි.

    ReplyDelete
    Replies
    1. දැන් උඹ පොස්ට් එකක් දාපන් "යකා ආධ්‍යාත්මවේදියෙක් නොවන්නේ ඇයි" කියලා :P

      Delete
    2. හෙනටම ලයික් ඈ ඉවාන්

      Delete
    3. @ඉවාන්
      මං නම් හිනා වුණේ නම් නෑ ඕන් ... ලයික්

      Delete
    4. ලංකාවේ කොහොම හරක්ද ඉන්නේ කියන්නේ. රූපවාහිනි වාද විවාද වැඩ සටහන් වලටත් මුන්ව ගෙන්වනවනේ..

      Delete
  10. අපේ රටේ ඉන්න සම හරක්ට ඕවා තේරෙන්නේ නැනේ :D

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ සම හරක් ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙන එකයි...

      Delete
  11. ඔය ආධ්‍යාත්මවාදියොයි, කොටු කපන උනුයි (කේන්දර කාරයො) සේරම කළු පෙට්ටිය අයින් කරපු බාගෙට තෙල් ගහපු ප්ලේන් එහකට නග්ගවා යවන්න ඕනෑය..!!!

    ReplyDelete
    Replies
    1. මානව ශිෂ්ඨාචාරය තියෙනකන් ඕකුනුත් ඉන්නවා.

      Delete
  12. උම්ම එකක් දෙන්න වටින කතාවක්ය... ඔය හදහන් අප්පො ල ගැන කතා කරල වැඩක් නැත... කෙලින්නේම කෙප්පය... ඒ උන්නේ හැටිය... උන් කෙප්ප කෙලියා කියා උන්ට එන සෙනග වල අඩුවක් නැත... කෙල්ල කෙලින තරමට සෙනග පිරේ... ඒ අපේ මිනිසුන්ගේ හැටිය...

    කෝම වෙතත් උන් දන්නේ ඔය සෑස්තරේ මිසක් වෙන යමක් නොවන නිසාත් උන්ද මෙන්ම උන්නෙස් පවුල් වල උන්ද ජීවත් වන්න ඕන නිසාත් සංචාරකයා ගේ කතාව අනුමත් නෙකරමි... මන්ද යත් එතකොට උන්නේ පවුල් බලාගන්න වෙන්නේත් අපටම බැවිනි

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත, දනටත් අපෙන් කී දෙනෙක් න්ම් කියලා කනවද...?

      Delete
  13. ඇයි බන් අර මාරයත් කේන්දර 40ක් ගෙනැල්ලා ඉල්ලුවේ නැතිවෙච්ච යානෙ හොයල දෙන්න... ඒකත් මේ ලිපියට එන්න ඕනි...

    ReplyDelete
    Replies
    1. මාරයා මෝඩයෙක් තමා ඒත් මංනං දැක්කේ අර ගොං පැතුම්ගේ ගොං ප්‍රශ්න වලට දුන්න ඒකටම හරියන උත්තරයක් කියලා විතරයි.

      Delete
    2. කාට හරි දීපූ ලණුවක් වෙන්න ඇති...

      Delete
  14. මාරයාගේ මතය ලිපියට එකතු නොවීම ලොකු අඩුපාඩුවකි,

    ReplyDelete
    Replies
    1. කට වහගෙන ඉදපන් මචෝ මාරයාව මාරය නොකරගෙන
      අර ඇනෝ කොටල තිබිල දැකල මට පැලෙන්න හිනා බං :D

      Delete
    2. ඒක සම්පූරණයෙන්ම අමතක උනා බන්...

      Delete
  15. හරි ‍හෝ වැරදි ප්‍රසිද්ධියක් දුන්නැතිනම්,‍සෙනග එනවද..?
    මාතලන්ට “බඩු බනිස්“ කියන්න පුලුවන් වුනාට..
    සරම අඳින්න බැරි නිසා වැඩක් නැහැ.

    ReplyDelete
  16. අර ගාල්තැන්නෙ පොර මොකවත් කියල නැද්ද ඔය ගැන.

    ReplyDelete
    Replies
    1. එයා කියන්නෙ සෝමා ඇන්ටිට විතරයි මචං

      Delete
    2. මසුරං කථාව ‍කෙන්ජි.
      රජ්ජුරුවන්‍‍ගේ තට්ටසුත් රජාට විතරයි.
      මිනිස්සු ඕක ‍තේරුම් ‍නොගෙන ප්‍රසිද්ධ අයට දණගාගන යනවා.

      මාතලන් ‍කලින් ඕකට නියම ‍‍පෝස්ට් එකක් ලියලා තිබුණා.

      Delete
    3. ඌ කියන්නේ ස්වර්ණමහල් එකෙන් පවුමක් ගෙනියන උන්ට විතරනේ...

      Delete
  17. මම මේ රටට ආදරේ ,මේ රටේ ඉන්න මිනිස්සු,සාත්තර බලන්නෙ නැහැ,නැකැත් බලන්නෙ නැහැ,බූතයො යක්ෂයො,මල පෙරේතයො,ඇත්තෙම නැහැ.වෙලාවට වැඩකරනව,දියුනු වෙනව.අපේ රටේ ඉන්න කාලකන්නි දවස ගානෙම,පහලට යනව.උන් තාම ඉන්නෙ ගල් යුගයෙ.

    ReplyDelete
    Replies
    1. උඹ හරි.. මහාචාරියම කිව්ව වගේ ඉන්නෙ ගල් යුගේ උනාට යන්නේ මෙන්ටෙරෝ , v 8 එකේ .. දෙහි ගෙඩි 3යි මිරිස් කරලු‍යි බෆර් එකේ..
      මං කියන්නේ ගියර් ලිවර් එක නැතුව රිවස් එක විත්‍රක් දාල එව්වනං ඇති කියලා !!

      Delete
    2. මේක ඇවිල්ලා ලැම්බෝගිනි වල නැගලා අධීවේගෙන් එක්ස්ප්‍රස් වේ එකේ ගල් යුගයට යන රට නේ...

      Delete
  18. මේ අපේ අධ්‍යාත්මවේදීන්ට අපහාස කොරන්න එපා මාතෝ.උන් තමයි රට පාලනය කොරන්නේ.ඔය සක්විති දන්න සෙද්ද්ක් නැහැ.අරුන්ට ඕන විදියට තමයි ඡන්ද තියන්නේ,රට යන්නේ,ගිවිසුම් ගහන්නේ ඔය ඔක්කොම කෙලි කරන්නේ.උන් කැමති විදියටයි.

    ReplyDelete
  19. //අනේ මටත් නැෂනල් එකක් ඇඳගෙන, බඩු නැති උන ගමන්, බඩු බනිස් කිව්වා නම්, අරලිය ගහ මන්දිරය පැත්තේ රවුමක් ගහලා එන්න තිබුනා නේද යකෝ කියලාය// තව විධික්‍රම ඕන තරම් තියෙන්නෙ ඒ පැත්තෙ රවුම් ගහන්නනම් :D

    ReplyDelete
    Replies
    1. හැම ක්‍රමේම ට්‍රයි කරලා බලනවා.. එතකොට උඹලා ගැන උනත් බලන්න බැරිය...

      Delete
  20. ජොනීගෙ පුතා මහඇමති වෙනව කියල කියපු කෙප්පෙනම් නියමයි. ජොනිය කීයක් දුන්නද දන්නෑ.දැන් මිනිස්සු ඔය කෙප්ප වලට රැවටෙන්නැ ඕං මං කිව්ව

    ReplyDelete
    Replies
    1. මූ නම් නෝන්ඩි වෙලා ඉන්නේ... ඒත් තාමත් අදහන හරක් ඉන්නවා..

      Delete
  21. කවුද බටහිර නායකයෙක් කියල තිබුන අපි හිතා ඉන්නවාට වඩා ලෝකය විශාලයි කියල.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අපේ එක්කෙනා කිව්වේ රට පුංචි වෙලා වගේ දැනෙනවාය කියලා

      Delete
  22. මහ ලොකුවට තාක්ශනේ දියුනුයි දියුනුයි කියලා උඩ පැන්නත් මේකෙන් ඔප්පු වෙච්ච එක දෙයක් තමයි ඒක කොයිතරම් දුප්පත්ද කියන එක..උනේ මොකද්ද කියන එක හොයා ගන්නම කොයි තරම් කාලයක් ගියාද ?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ අයියට ඒක කලින්ම ඔප්පු උනා අර මලගෙදර ගිය වෙලාවෙ. :D

      Delete
    2. හෙහ් හෙහ් ... මම මේ කමෙන්ට් එක කියවන ගමන් ඒ ගැන අහන්න ඕන කියල හිතුව විතරයි. ඕන් ප්‍රසන්න අයියා අහල.

      Delete
    3. ඒකත් බොරු කියලා... ඕන ද වෙන තැනක් හොයනවා...

      Delete
  23. හයියෝ ඕකුන් කියන ඒවත් අහන මිනිස්සු ඉන්නවද තාම. කී පාරක්නම් නෝන්ඩි වුනාද දැන්.. ඒත් ලැජ්ජ නෑ..

    කොච්චර දියුණුයි කිව්වත් මිනිස්සු තාමත් අඳුරේ අතපත ගානවා කියලා මේ සිද්දිය පෙන්නලා දුන්නා..

    ReplyDelete
    Replies
    1. අදටත් තත්වය එසේමයි....

      Delete
  24. අපරාදේ කලින්ම ලොක්කට කිව්වනම් හිච්චි පුතාගේ "සුප්‍රීම් සැට් " එක දාලා හොයාගන්න් තිබ්බා .ඔය "ඉන්මාසැට්" කියන්නේ මොන ඉට්ටක්ද?

    ඔය ආධ්‍යාත්ම වේදියාට මම නම් යෝජනා කරන්න ඔය ග්‍රහලෝක බලන්නේ නැතුව "අපි නොදන්නා ලයිව් බලන්න කියලා මොකද උන්දෙන්න කියපුවා නම් ඇත්ත වෙනවා හෝ ගාලා

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. එතකොට මුන් කිච වෙනවා..

      Delete
  25. දැක්කනේ අපේ වැඩ ...... කෝ මේ ඉවාන්

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නවා ............
      මං නම් මුල ඉඳන්ම දන්නවා උඹ ඕක ගල් කළා කියලා ..කීයක් හම්බවුනාද කියපං බොරු නොකියා ...ගාන දීපං නැත්තං විකුනපු කඩෙත් එක්ක කියනවා කට්ටියටම

      Delete
    2. කොහේද බන් හැංගුවේ... කාමරේ ඔච්චර ළොකුද...?

      Delete
  26. ෂැහ්,
    අධ්‍යාත්මවේදී මහාචාර්ය මාතලන්... සරම කොහු ලණුවකින් හරි ගැට ගහගෙන නසනොල් එකට උඩින් ඇට මාලයක් දාගත්තනම් - මහන්සිවෙන්නැතිව කීයක් හරි හොයාගන්න තිබ්බා..

    මොනව උනත් 239 දෙනාට වෙච්ච දේ ගැන දුකයි..

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා බන් වෙලාවක ඩ්‍රෙස් කෝඩ් එක මාරු කරලා, කෙප්පයක් කෙලගෙන ඉන්න...

      Delete
  27. ලංකාවට කිලෝමීටර 1700ක් පහලින් ඔස්ට්‍රේලියාවට කිලෝමිටර 4800ක් බටහිරට වෙන්න අප්‍රිකාවට කිලෝමීටර 3800ක් නැගෙනහිරට වෙන්න දූපත් සමූහයක් පිහිටලා තිබෙනවා දියෝගෝ ගාර්සියා කියලා. ඒක කලිං බ්‍රිතාන්‍ය කිරීටයක්ව තිබිලා පසුකලෙක අමරිකානු යුද කඳවුරක් බවට පත්වෙලා තිබෙනවා. ඒ දූපත් පන්තියෙ තියෙනවා ලොකු ගුවන් පථයක්. ඕකට එන්න හදන කොට ඇමරිකාවෙන්ම වෙඩි තියල කියලා මතයකුත් තිබෙනවා. ඔය සීන් එක නිසා අමරිකාවට පුලුවන් වෙනවා දකුනු සහ නැගෙනහිර ආසියාවෙ තියෙන හැම ගුවන්තොටුපලක්ම සහ සැම ස්තානයක්ම සොයා බලන්නට අවශ්‍ය පහසුකම සහ අවසරය ලබාගන්න. ඒක උපායමාර්ගිකව වැදගත් දෙයක් වන්නට පුලුවන් එයාලට.

    තව වෙන්න පුලුවන් දෙයක් තමයි පයිලට් ලෝක සිතියමින් යානාව පහලට වැටෙයි කියන බයට අවසාන හරියෙ බ්රේග් ගහන්න ගිහින් යාත්‍රාව කඩන් වැටුන එක. මම සිතියම් වල දැක්ක විදියට ලෝක සිතියම ඉවරවෙන්න ඔන්න මෙන්න වගේ තැනකින් තමයි යානාවෙ කෑලි බෑලි හොයාගෙන තියෙන්නෙ. එතනින් එලියට ගියානං ඉතිං විශ්වයටම තමයි යන්නෙ ආයෙ දෙකක් නැහැ..කෑල්ලක් හොයන්න බැරිවෙනවා එහමෙ වුනානම්..

    ReplyDelete
    Replies
    1. දියාගෝ ගාර්ෂියා කියන දූපත ගැන මුලිම් ලෝකෙ ඇහුවෙ ඉරාක යුද්දෙදි. ආයි ඒක එලියට ඇවිත්. ඔය ප්ලේන් එක හයිජැක් කරල ඒකට ගෙනියන්න කවුරු හරි උත්සාහ කරානම් ඒක කරල තියෙන්නෙ ගොන්ම ගොන් වැඩක්. එහෙම නැත්තන් අපි නොදන්න හේතුවක් නිසා චීන්නු පිරුන ප්ලේන් එක එහෙ ගෙනෙහිල්ල වෙන්නත් පුලුව්න්. මොකද ඔය දියාගෝ ගාර්ෂියා දූපතෙ තමයිලු සී අය් ඒ එකේ හිර කාරයො තියාගෙන ගහල විස්තර අහන්නෙත්. ගුවන්තනාමෝ ගැන ලෝකෙම කතා කරාට තාම බින් ලාඩනුයි තවත් දරුණු ටෙරාලයි අල්ලල ඔතන තියන් ඉන්නව කියලත් කියනව. කාලය තමයි උත්තර දෙන්න ඕන ඔක්කොටොම!

      Delete
    2. :දියාගෝ ගාර්සියා මිනිස්සුන්ගේ කඳුළු කතාව...
      Stolen island: the shameful story of Diego Garcia hits the stage http://www.theguardian.com/stage/2012/feb/15/diego-garcia-few-man-fridays
      http://johnpilger.com/videos/stealing-a-nation

      Delete
    3. ඔය දූපත් ගැනත්, ඒරියා ෆිෆ්ටි වන් ගැනත් ගොඩාක් දේවල් කියනවා. අපේ රටෙත් එහෙම තැන් තියෙනවා කියලා සම හරක් කියන්නේ..

      Delete
  28. තාක්ශණේ දියුණු වෙලා ඉස්සරහට යනවා කිවුවට ඉතින් මේවා හොයාගන්න කන කට්ටයි අපේ පොරවල් කියන දේවලුයි දැක්කම ඉතින් එහෙම නෑ කියන එක හොදටම පේනවා..

    ReplyDelete
    Replies
    1. හොයන පොරවලුත් කියන්නේ බන් පිඳුරු ගොඩේ ඉඳිකට්ටක් හොයනවා වගේ වැඩක්ය කියලා

      Delete
  29. අදහස් ප්‍රකාශ කිරීමේදී මාතලන් දෙවෙනි වනුයේ බුකිවාසී දමිත් කේතට පමණි.

    ReplyDelete
    Replies
    1. මගෙත් ප්‍රියතමයෙක්. බුකියේ සොලිඩ් පොරවල් කීපයක්ම ඉන්නවා..

      Delete
  30. yeah i saw that on tv. showin that guy opening his mouth of lies and say utter crap on national televison does nt it give us an indication of the dumbness of our society as a whole......

    ReplyDelete
    Replies
    1. මොකෑ නැත්තේ... ජාතියේ හෙළුව තමයි ඒ පෙන්නන්නේ...

      Delete
  31. මොනවා වුනත් මූද පතුලේ තිබ්බනේ අයියා...

    ReplyDelete
  32. ලෙනාර්ඩ් වූල්ෆ් විසින් බැද්දේගම නවකතාව ලියන්නේ 1904 - 1911 අතර කාලයේ නූගත්කම, දරිද්‍රතාවය, සමාජ අසාධාර නය, මිත්‍යා අන්ධකාරය විසින් සැහැසි ලෙස වෙලා ගත් ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ වල වැඩ කිරීමෙන් ලැබූ අත්දැකීම් ඇසුරෙනි.

    බැද්දේගම නව කතාවේ ප්‍රධාන චරිතය වන සිලිඳුව ආරච්චි මෙන්ම ප්‍රනාන්දු යන කූට වෙලෙන්දා විසින් ද සූරාකනු ලබයි. ඔහුව ආධ්‍යාත්මික වශයෙන් සූරාකන්නේ ගමේ ගුරුකම් කරන වෙදා විසිනි. නූගත්කමත් මෝහ අන්ධකාරයත් නිසා සිලිඳු වෙදා විසින් තමාට යකෙකු මගින් වින කල බවට දැඩි ලෙස විස්වාස කිරීම නිසා ගිලන් වෙයි.

    අවසාන යේදී සිලිඳු සහ ඔහුගේ දරු පවුල ගමත් සමග විනාශය කරා ඇදී යයි. ලෙනාර්ඩ් වූල්ෆ් විසින් බැද්දේගම නවකතාව ලියන සමයේ ලංකාවේ පැතිරී ගිය මහා මාර්ග, විදුලිය, ගුවන් විදුලිය​, රූපාවාහිනිය​,
    තිබුනේ නැත​. අධ්‍යාපනය සීමා වූයේ ධනවතුන්ට පමණි. ඒ නිසා ගම් වල මිනිසුන් ජීවත් වූයේ මිත්‍යාව නූගත්කම හා දුගීභාවය තුලය​.

    බැද්දේගම නවකතාව ලියා වසර සියයක් පමණ මේ වන විට ගෙවී තිබේ. නමුත් අපගේ සමාජය තවම නොදියුණුය​. මිත්‍යාව නූගත්කම තවමත් අපගේ ජනතාව හිස මුදුනේ තබාගෙන සිටිති.

    සමාජය අඳුරෙන් මුදා ගැනීම වෙනුවට උගතුන්, ජනමාධ්‍යවේදීන්, පූජ්‍ය පක්ශය, දේශපාලන නායකත්වය අපව ගෙන යමින් සිටින්නේ බැද්දේගම වෙතටය​.

    හොරොව්පතාන මොරකෑව සුව උදාන ගම්මානයේ ඒ රංජනී කුමාරී නම් පාසල් සිසුවියට භූත දෝශයක් වැළඳී ඇති බව කියා ගුරුකම් කරන්නෙකු විසින් යකා එළවා දැමීම පිණිස යකඩ බටයක් රත් පැහැවන තුරු රත් කර ඇයගේ යටි පතුල් පුළුස්සා ඇත.

    මෙම ගුරුකම් කරන්නා මළපොතේ අකුරක් නොදත් කට්ටන්ඩියෙකු නොව ඉංග්‍රීසි ගුරු උපදේශකයෙකු බව කියවේ. ඉංග්‍රීසි ගුරු උපදේශක යෙකු යනු අද අප සමාජයේ අඩුම ගනනේ ඉංග්‍රීසි පත්තරයක් කියවා තේරුම ගත හැකි පුද්ගලයෙකි. නමුත් මොහු පාසල් දැරියකගේ දෙපා පුළුස්සා බරපතල ළමා අපයෝජනක් සිදු කොට තිබේ.

    අද දිනයේ සිළුමිණ, ලක්බිම​, දිවයින, මව්බිම වැනි පුවත් පත් වල මහා පරිමානයෙන් පළ කරන්නේ ගුරුකම්, හාස්කම්, හදි හූනියම්, විශ්ව ශක්තිය වැනි ප්‍රලාප වේ.

    මේ පුවත්පත් විසින් අපගේ සමාජය මෝහය කරා ගෙන යමින් සිටිති. මිත්‍යාව හා ගුරුකම් පසුපස යන අප සමාජයේ ඉංග්‍රීසි ගුරු උපදේශක යෙකු ළමයෙකුගේ දෙපා රත් වූ යකඩයක් මගින් පුළුස්සන්නේ මෙවැනි තත්වයක් තුලදීය​.

    ReplyDelete
    Replies
    1. මල් මසුරන් කොමෙන්ට් එක ලොක්කා.. බොහෝම පින් මෙවන් කොමෙන්ටුවක් දැම්මාට...

      Delete
  33. යකෝ මේ ගොබ්බ සෙට් එක යන ෆ්ලයිට් එකක් කඩා වැටෙන්නේ නැහැනේ. ඒත් පවු බං පයිලටුයි අනිත් එවුනුයි.ගල් ගහලා එලවන්න ඕන සෙට් එකක් තමයි.

    ReplyDelete
    Replies
    1. මොකා ආවත් උඹලා කියන්නේ ඔය කතාවනේ..

      Delete
  34. මේක තනිකර මැලේසියානු රජයේ වැඩක් කියලා ආටිකල් එකක් ලියලා තිබුණා ඇමරිකන් ජාතිකයෙක්. නමුත් ඒ ගැන අදහස් දක්වපු අය ඔහුව නිර්දය ලෙස විවේචනය කරලා තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඇයි බන් අර නොමිලේ කන චීන්න්ය්ය් සෙට් එකත් කියන්නේ ඒ කතාවමනේ. කොන්ඩේ බඳින උන් තාමත් ඉන්නවද කොහෙද...

      Delete
  35. මටත් තියෙනව මෙ ගැන අනාවැකියක්.පස්සෙ කියන්නම්

    ReplyDelete
    Replies
    1. හොයා ගත්තයින් පස්සේ වෙන්ඩෑ...

      Delete
  36. මුන් කෙප්පෙ කෙලින්නේ, හඳහන් බලලාවත්, අංජනම් බලලාවත් නෙමේය. පත්තර ටෙලිවිසොන් බලලාය. //
    මෙක tතමා ඇත්ත ,මේ වගේ යක්කු නිසා තමා රටටත් සස්තරෙටත් කෙලවෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මුන් ජෝතිෂ්‍ය කාළා කිච කරලා ඉවරයි...

      Delete
  37. කේන්දර කාරයෝ කියන්නේ අලි කෙප්ප කාරයෝය. හැබැයි මුන්ගේ බද වියත රැකෙන්නේ ඔය මල සමයන් විශ්වාස කරන සම හරක් නිසාය

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ සම හරක් ප්‍රමාණය බහුතරය වීමය.

      Delete
  38. Replies
    1. අයියෝ යුනිකෝඩ් !!!

      Delete
    2. ඇඩි දැම්මට කමක් නෑ. කොමෙන්ට් එකකුත් දාන්න...

      Delete
  39. අපි ඉස්කෝලේ යන කාලේ තරුණයෝ සියට අනුවක් ගුරුකම්, නැකැත්,අනාවැකි කේන්දර වගේ ඒවා විශ්වාස කරේ නෑ . මට හිතෙනවා දැන් තරුණ මහලු උගත් නුගත් හැම පිරිසක් අතරම මේවා විශ්වාස කරන ට්‍රෙන්ඩ් එක වැඩි වෙලාද කියලත්. අවිචාරවත් ගල් යුගයක අපේ සුබ අනාගතය ඉදිවෙමින් තියෙන හැඩයි.

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඈත්ත
      දෑන් මිත්යා විශ්වාස (සහ ආගම් වල ඈලී ගෑලී සිටීම ) 70, 80 ගණන් වලට වඩා හුගක් වෑඩියි

      Delete
    2. අපෙ උන් උගත් උනාට, බුද්ධිමත් නෑ..

      Delete
  40. මාතලන්, ඔය අය බිස්නස් එක ගෙනියන්නෙ වෑරදුන එකට වඩා හරියන එක ගෑන හිතල. 10ක් වෑරදුනත් 1ක් හරිගියහම ඒකට ප්‍රචාරය දීල බිස්නස් හොයාගන්න පුලුවන්.
    සමහර traditional වෙදකමුත් එහෙමයි. සර්පයෙක් දශ්ට කලහම මාරාන්තික බව තීරනය වෙන්න ඉන්ජෙක්ට් වුන විස ප්‍රමානය, ශරීරයේ ශක්තිය ආදියත් බලපානව. විශ අවම නම් ඉතා ලේසියෙන් සුව වෙනව. එතකොට ක්‍රෙඩිට් එකයන්නෙ වෙදාට. සමහර වෙලාවට 50% වෑඩි වෙනව. විස වෑඩියෙන් වෑදිල වෑඩේ වෑරදුනොත් ලෙඩාගෙ වෙලාව නරකයි, අඩුවෙන් වෑදිල හරිගියොත් වෙදාගෙ දක්ශකම !

    ReplyDelete
    Replies
    1. හැබයි පුතෝ. එකෙම ලෙඩෙක් වත් නොමල වෙද්දුත් ඉඳලා තියෙනවා නේද...? ඇත්තද කියන්න නම් දන්නේ නෑ...

      Delete
  41. කොහේ හරි ඔය ප්ලේන් එක තියනවා නම් තියාගෙන ඉන්න එකාට ඉන්න චීන්නු ටිකට නුඩ්ල්ස් හදලා දීලා ම එපා වෙලා ඇති

    ReplyDelete
    Replies
    1. ප්ලේන් නැති උනාට වඩා ලෙඩක් වෙලා තියෙන්නේ උන් ටික. නෑයන්ට ආදරේට නෙමෙයි, කුට්ටිය කඩා ගන්න..

      Delete
  42. ඔය ජ්‍යෝතිෂ්‍යෙය් කියන හැටියට ග්‍රහ තාරකා වල ආකර්ශනය හා කිරනවල බලපෑම මඟින් මිනිසාට බලපෑමක් වෙනවා කියනවනේ
    එහෙනම් ඒ බලය නියම විදියට ලැබෙන්නනම් පොලවට පය ගහලා ඉන්න ඕනේ හරියට ටෙස්ටර් එකේ බල්බය පත්තු වෙන්නනම් සිරුර පොලවට ස්පර්ශ වියයුතු පරිදි
    එම නිසා ගුවන්යානයකදී සිදුවන කටයුතු විග්‍රහකිරීමට සාමාන්‍ය ජ්‍යෝත්ෂ්‍යෙයාදාගත්විට නිරවද්‍යතාව අඩුයි ඒකට නව ජ්‍යෝතිෂ්‍ය දැනුමක් ගොඩනැගිය යුතුයි

    ReplyDelete
    Replies
    1. ඔතන ග්‍රහළෝක වල බලපෑමක් නෑ බන්. ගණිතමය කේස් එකක් තියෙන්නේ. ගාන හදලා ගානට අදාල පොදු දේ කියනවා. යම්කිසි සම්බාවිතාවයක් තියෙනවා. එච්චරයි.

      Delete
  43. ජ්‍යෝතිශ්‍ය විවේචනය කරන අය ෆෙංෂුයි විශ්වාස කරනවා ෆෙංශුයි මිත්‍යාවක් කියලා කියන අය ධනාත්මක චින්තන පන්ති යනවා ඕක තමා මනුශ්‍ය ස්වභාවය

    ReplyDelete
    Replies
    1. ධනාත්මක චින්තනේ නම් හොඳ දෙයක්. නැතිව අපේ උන් හදන්න බෑ ලේසියෙන්...

      Delete
  44. අපේ ගොබ්බ ජඩ මාද්දිය වේදියෝ, විසේසඥ්ඥයෝ කෙසේ වෙතත්, සාස්තරකාරයෝයි, අධ්‍යාත්මවේදියෝයි, හඳහන්කාරයෝයි පස්සේ දුවන්න පටන් ගත්තේය. මේකෙන් කාගේත් අවධානය යොමු උනේ, කවදත් කට ඇරියොත් අමු කෙප්ප කෙලින, කෙප්පේ උනත් කළාතමකව ඇදලා අරින, අධ්‍යාත්මවේදියෙක් කියනා එකෙක්ගේ කතාවටය. ජඩ මාද්දිය වේදින්ටත් ලැජ්ජාව කියා දෙයක් තියෙනවා නම්, මේ වාගේ ටොම් පච දෙසා බාන කාළකන්නි පස්සේ යන්නේ නැතිය. මේ යකා කට ඇරියොත් කෙලින්නේ කෙප්පය.

    ReplyDelete
  45. තාක්ෂණයේ දියුණුව සහ ලංකික සමාජයට එය අවශෝෂණය වූ තරම හොඳින් පේනවා මේ වගේ උන්ගේ අනාවැකි සහ දේවාල පස්සේ යන පිරිසේ ප්‍රමාණය දුටුවිට.

    ReplyDelete
    Replies
    1. පුදුම කනගාටුවක් ඇති වෙන්නේ...

      Delete
  46. හෙන්රි වර්ණකුලසූරියMarch 28, 2014 at 8:02 AM

    ඔය අධ්‍යාත්මවේදියා හෙවත් ටොං පචයා ගැන මටත් පෞද්ගලික අත්දැකිමක් ඇත.

    මා ගුවන් විදුලි චැනලයක පරිපාලන ප්‍රධානියා වූ එදවස එම නාලිකාවේ මුහුරත් උලෙළට පෙර දින රාත්‍රියේ වස් දොස් දුරුවීම සඳහාත්, සෙත් ශාන්තිය පතාත් මේ අධ්‍යාත්මවේදියා (?) ගෙන්වා යාතිකාවක් කළ යුතු යැයි වැඩසටහන් අධ්‍යක්ෂවරයාගෙන් (දුකා) ඉදිරිපත් වූ දැඩි ඉල්ලීම ඉවත දැමීමට මටත්, අර්ථපතීන්ටත් නොහැකි වූයේ එසේ නොකොට යම් අපතක් සිදු වුවහොත් ඊට හේතුව මේ යැයි කියන්නට ඉඩ තිබූ බැවින්.
    මේ හොර දෙටුවා, බංඩාරයා විශාල මුදලක් ගෙන සිව ලිංග පූජාවක් කළේ යෝනි වර්ණනාවක යාතිකා කියමිනි. මෙය හිරිකිත වුවද පසෙකට වී නොදොඩා සිටින්නට අප කීප දෙනෙකුට සිදුවීම උත්ප්‍රාසය ගෙන දුන් සිදුවීමකි.
    එහි ආනිශංස මොනවට පිළිබිඹු කරමින් සති කීපයක් ඇතුළත ඊට මූලික වූ දුකාට නාලිකාවෙන් ඉවත් වන්නට සිදු වූ අතර ඊට අකැමැත්තෙන් වුව සහභාගි වූ මට ද මාස ගණනාවක් තුළ ඉවත් වන්නට කරුණු කාරණා යෙදිණ.

    ඔන්න අධ්‍යාත්මවේදියා හෙවත් ටොං පචයාගේ කෙරුවාව....

    ReplyDelete
    Replies
    1. හෙන් රි.....ඔබ මාධ්‍ය ලෝකයෙන් ඉවත්ව සිටින්නේ ඇයි. මම ඔබ ගැන බොහෝ දේ කියවා තිබෙනවා. ඔබගේ නවතම සිනමා පටයක් ගැනත් කියවන්නට ලැබුනා. ඔබ දක්ෂයෙක් බව බොහෝ අය දන්නවා. ඔබ මේ කියනා නාලිකාව වී එෆ් එම් ද?

      Delete
    2. මුං ඇවිත් පට්ට හොරු හෙන්රී... මුන් ඒ සාස්තරේ විනාෂ කරන්න ආපු උන්..

      Delete
  47. ගස් ගල් වන්දනාව තාම අපේ ලෝකයේ ඉවර නැති තාක් , මේවා අපට කියාවි...

    ReplyDelete
    Replies
    1. බුදු හාමුදුරුවෝ වඳින්න පුදන්න එපා කියපුවා අපේ උන් පුක උඩ දාගෙන වඳින්නේ..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න