.

.

Mar 27, 2014

ඡන්ද අනාවැකි, අයිතිවාසිකම් හා ජිනීවා - Predictions, Rights & Geneva


දකුණට හා බටහිරට පලා බබාලා තෝරාගන්නේ හෙටය. සත පහකට වැඩක් නැති උනත්, දේශපාළණෙන් හම්බ කරනා උන්ට, මේක ඉන්දියාවෙන් ලද උතුම්ම තෑග්ගය. ඉන්දියාවෙන් අපට ලද උතුම්ම දායාදය මොකක්ද කියා අපේ පොඩි එකා ඇහුවාම. මම ඌට කිව්වේ පලාත් සභා කියලාය.

ගුරුතුමී කියලා තිබුනේ, පුතා හොඳ බුද්ධිමත් දරුවෙක් වනවා නොඅනුමාන බවය. එහෙම නැතිව මහින්ද ගෙනාපූ බුද්ධාගමවත්, හේමමාලී ගෙනාපු දන්ත ධාතුවවත් නොවේය. පක්ෂ විපස්ස බෙදයකින් තොරව හැම එකාම මල් පහන් පුදන්නේ රජීව් ගාන්ධිටය.

මේ සැරේ තෝරා ගන්න. පලාත් සභා කාපු, කම්බ හොරු සෙට් එකත් එක්කම, තොරාගන්න බබීලත් ඉන්නවාය. හෙට කොරන්න තියෙන්නේ කැමති පස්සෙට කතිරෙ ගහනා එකය. ඊට පස්සේ මනාපේ ගහනවාය. මේ පාර කොල්ලන්ට නම් පට්ටම ආතල්ය. කොල්ලන්ට ගහන්න කෑලී ගොඩාක් දාලා තියෙනවාය. ඒ වගේ කෑල්ලකට ගහන්න හම්බ වෙන්නේ හෙට විතරය. ඉතින් උන්දෙන්ම ගිහිල්ල ගැහුවානම්. ජීවිත කාලෙටම ආඩම්බරෙන් මම අරකට ගැහුවා කියලා කියන්න පුළුවන්ය.

කොළඹ, මහින්ද මහත්තයාගේ, ආඩම්බරකාර කොල්ලන්ට, හිරුනිකාට ගහන්න පුළුවන්ය. එහෙම නැතිනම්, මල්සා කුමාරතුංගට ඇදලා අරින්න පුළුවන්ය. එයාලාට කැමති නැතිනම් ඩයනා ගමගේට ගහන්න පුළුවන්ය. ගම්පහ උන්ටත්, ගින්දර කෑල්ලක් දාලා ඉන්නවාය. ඒ සමන්මලී සකලසූරියය. නිලියන්ටත් වඩා ලස්සනය. ගහනවානම් හෙටම විතරය.

මාතර උන්ට සැක්සි කෑලී දෙකක්ම ඉන්නවාය. ඒ අනර්කලී සහ නදීසාය. කැමති එකෙකුට ගැහුවාට කවුරුත් මක්කත් දොඩන්නේ නැතිය. ඒ මාතර උන්ගේ හැටිය. ගාල්ලේ උන්ට නම් ආදරේට හරි, තරහට හරි, ගීතාට ගහන්න පුළුවන්ය. කොහොම ගැහුවත්, ගීතාට ගැහුව්වා කියා ආඩමබර වන්නට පුළුවනය.

එහෙම කෙල්ලන්ට අකමැති, පිනට බර කස්ටිය ඉන්නවානම්, ගාල්ලේ උන්ට බද්දේගම සමිත හාමුදුරුවන්ට ගහන්න පුළුවන්ය. හාමුදුරුවොත්, ජේ ආර් ගේ මැරයෙක්ට පොල්ලකින්ම ගැහුවා කියා, මඩ කතාවකුත් තියෙනවාය. ඔය දනට පිනට කැමති, හිඟන්නන්ට කීයක් හරි දෙන්න කියා හිතන උන් ඉන්නවානම්, අපේ ගොම්මන්පිල හිඟන්නාට ගැහුවාම, මෙළෝ වසයෙන්ම පලදෙන්න උනත් ඉඩ තියෙනවාය.

ඔය මොන එකා උන්නත්, මම නම් ගහන්නේ වෙන එකෙකුටය. ඌ කව්ද කියලා මෙතන කියන්නේ නැතිය. මොකෝ එහෙම කිව්වොත්, ඌට ඡන්ද ප්‍රචාරණේ දුන්නා කියා. අපේ නීතියට යුක්තියට වැඩ කරනා කොමසරිස් තුමා, මාව අල්ලා හිරේ දමන්නට පුළුවන්ය. එහෙම උනොත්, මගේ එකාට.. හෙට මට ගහගන්න බැරි වෙනවාය.

මේ සැරේ ඡන්දේ ගැන රාජකීය දයිවග්නයා ප්‍රෙඩික්සන් ගොඩාක් දීලාය. ඌ කියන්නේ පොදු පෙරමුණ විශිෂ්ඨ ජයක් ලබනවා කියලාය. ඒක ඉතින් ඌ කියන්න ඕනා නැතිය. ඔය මහින්ද මහත්තයා උඩ දාන පොඩි එකෙක්ගෙන් ඇහුවත් කියනවාය. මොකෝ මේක දිනන්නේ නැතුව, වෙන පක්ෂයක් දිනනවා කියා, ආයේ අරලිය ගහ මන්දිරේ පැත්තේ පස් පාගන්නවත් හම්බ වෙන්නේ නැතිය. ඩිරෙක්ටර් පෝස්ට් එකටත් කෙල වෙලාම යනවාය.

එයා කියන්නේ, මහ ඇමතිලා වෙනස් වෙන්නේ නෑ කියාය. එහෙම කියන්නේ ෂුවර් එකටම උන් දෙන්නටම දෙන්න කියලා මෙයා කියලා ඇතිය. තව කියලා තියෙන්නේ හිරුනිකා විශිෂ්ඨ ජයක් ලබනවා කියලාය. ඒත්... ඒකත් හරියටම පළවෙනියාද මොකක්ද කියලා කියා නැතිය. ෂාන් විජේලාල් ද සිල්වා රැකෝඩ් බ්‍රේකින් ප්‍රතිඵලයක් ගන්නවා කියා තව එකක් කියා ඇත. ඒක කියන්න, ජොනියා වගේ, ෂාන් කීයක් දුන්නාද කියා දන්නේ, ඒ දෙන්නා විතරමය.

මහාචාර්ය මාතලන්ගේ ප්‍රෙඩික්සොන් නොහොත් අනාවැකි මේවාය. මේවා කියන්නේ ග්‍රහ තාරකා දිහා බලලාවත්, හනුමා එක්ක සැට්වී අඳුනෙන් බලාවත් නෙවේය. ඇක්ස්පීරියන්ස් වලින්ය.

පොදු පෙරමුණ -
මෙවරත් විශිෂ්ඨ ජයක් ලබනවාය. අද හැන්දෑවට ලොක්කා ජාතිය අමතා, බොක්කටම ටෝක්ස් එකක් දෙනවාය. මේක දකින, ජාතියට දේශයට වගේම, මහින්ද මහත්තයාටත් බොක්ක බැඳගෙන ආදරේ කරනා උන්, හෙට උදේම ගිහින් බුලත් කොලේට කෙලිනවාය.

එජාපය - 
මණ්ඩල් බන්ඩල් පිටින් දැම්මත්, මේ සැරෙත් පොරි හැලෙන්න කනවාය. තිබුන සීට් ටික බේරා ගත්තොත් ලොකු දෙයක්ය. අනිවාර්යන් තිබුන සීට් ගනනට වඩා, අඩුවෙනවාමය.

ජෙප්පෝ - 
දකුණ කෙසේ වෙතත්, කොළඹින් ඡන්ද වැඩි වෙනවාමය. එකක් නායකත්වයේ වෙනසය, අනෙක ලාල් කාන්තය. අනෙක් ප්‍රධානම හේතුව, වනාතේ, රතුපස්වල හා තුන්තානේ ගේම් වලට සෙට් වීමය. ඒ නිසා ගිය පාරට වඩා එකක් හෝ අළුතෙන් දාගන්නවාමය.

ෆොන්සේකා -
ඒකට කියන්නේ ෆොන්සේකා පාටිය කියලාය. හරියට රාජපක්ෂ පාටිය වගේමය. ඒකටත්, කලින් පලා බබාලා ගත්ත ප්‍රමාණේ ගන්න හම්බ වෙන්නේ නැතිය. මොකෝ, ලොක්කා කචල් කියා, හැම එකාම කියනවාය. කැටගොඩයා ඉන්නේත්, පාර්ලිමන්ට් සීට් එක නිසාය. මම නම් හිතන්නේ, ඒ පක්ෂයේ වැඩියෙන්ම විඳවන එකා කැටගොඩයා කියලාය. ඊළඟ පාර්ලිමේන්තු ඡන්දෙන් පස්සේ ඌත් යනවාය.

සමස්තයක් ලෙස ගත්තොත් අනාවැකි සැට් එක මෙසේය

  • රාජ පක්ෂය, අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවාය. 55% වැඩියෙන් දෙකෙන්ම ගන්නවාය.
  • සමස්ත ඡන්ද ප්‍රකාෂ කිරීමේ ප්‍රතිශතය බහිනවාය.
  • එජාපය ඉල්ලගෙන කනවාය. තිබුන ටිකත් නැති වෙනවාය.
  • ජෙප්පන්ගේ ප්‍රතිශතය වැඩිවනවාය.
  • ෆොන්සේකාට අනෙක් පැතිවල ගත්තා වගේ හම්බ වෙන්නේ නැතිය.
  • කොළඹින් හිරුනිකා අංක එක වෙනවාය.
  • මහ ඇමතිවරු දෙදෙනාම වෙනස් වෙනවාය.

මොන කෙහෙලමල ලිව්වත්, මේක කියවන ඔහේලාට කියන්න තියෙන්නේ, එකම එක දෙයක්ය. හෙට උදේම ගිහිල්ලා කාට හෝ තමන්ගේ ඡන්දය පොරකාශ කොරලා දාන්නය. මේවා බොහෝම අමාරුවෙන් ලබා ගත් අයිතිවාසිකම්ය. ජීවන බර වැඩියි කියලා දැනෙනවානම්, දෙන්න එකෙක් නෑ කියා ගෙදර ඉඳලා හරියන්නේ නැතිය. ආන්ඩුවට විරුද්ධ මොකෙකුට හරි දීලා දැම්මාම හිත හදාගන්නවත් පුළුවන්ය.

ඒ වගේම මහින්ද කොහොමත් දිනනවා කියා ගෙදරට වෙලා ඉඳලා හරියන්නේත් නැතිය. එයාට ආදරේ නම්, උදේ පාන්දර ගිහිල්ලා බුලත් කොලේට ගැහුවාම, මහින්ද මහත්තයාගේ ගත සිත ඔක්කෝම පිනා යනවාය. අනෙක ඒක ඇමරිකාවට ගහපු කනේ පාරකුත් වෙනවාය.

මේ එකෙකුටවත් කැමති නැත්නම් ඡන්ද පොලට ගොහිල්ලා ඔක්කෝටම වැරදියි කියා වැරදි මාක් එක හැම තැනම ලකුණු කරලා එන්නය. මොකෝ නොදාන ඡන්ද වලට, හැම එකාම අයිතිවාසිකම් කියනා නිසාය.

ජිනීවා වල පතුරු යන්න කෑ, ජී ඇල් ගොන් නාම්බා කියන්නේත්, ඡන්දය දීමෙන් වැලකී සිටි උනුත්, අපේ ගොඩේ කියලාය. ඇමරිකන් ඇමබසියේ ඉන්නා නෝනා මහත්තයා කියන්නේත්, ඒ සැට් එක එයලාගේ කියලාය. ඇත්ත දැන ගන්න වෙන්නේ උන්ගෙන්ම විමසලාය. ඒකට ඉතින් ආයෙත් ඡන්දයක් තියන්නම වෙනවාය.

ඔබ සැමට සුබ අනාගතයක්ය...!!!

ප: ලි:
ඔහේලත් මනාප නම්, ඔහෙලගේ අනාවැකියත් කොමෙන්ට් එකකට දාන්න. අපේ රාජ්ගේ කොමෙන්ට් එක දැකලා, ඒ අයිඩියා එක හිතට ආවේ...

හරි ගිය පසු ගෙවන්නම්..

110 comments:

  1. අපිල නම් ඒ කාලේ ඇත්තටම ගැහැව්වාය.....

    ReplyDelete
  2. ගීතාට නම් ගහන්න ඕන කටට ය....

    ReplyDelete
    Replies
    1. ආන්ඩු පක්ෂේ උනුත් ඒ කතාවනම් කියනවාය..

      Delete
  3. ම‍ගේ අනාවැකිය (හම්බන්තොටට)
    ‍ලොක්ක දිනනව නමුත් කලින් ව‍ගේ හැට ගනන් වලට එන එකක් නෑ. ‍‍‍ෆොන්‍සේකා ‍ජේවීපීත් එක ආසනය ගානෙ ගන්නව. ඌඇම්පීත් 3 රැකගනීවී. නමුත් ‍මෙදාපාර අහ‍සෙ ඉන්න අය‍ගෙ ඇස් ඇ‍රෙනව. එයාල බිම බලන්න පටන් ගනීවි.
    ආරංචියක් තියනව මාතරට දකු‍ණෙ මහඇමතිකම ‍දේවි කියල.

    ReplyDelete
    Replies
    1. දෙනවනං අනර්කලී නන්ගිටම දෙන්න තියෙන්නේ. ආයි වැඩක් කරන්න තියනවා කියලය

      Delete
    2. තිස්ස හරියෙ තනිකර රතුපාටයි බං...හොයාගන්න නිලක් නෑ...ඉතිරිය කොලපාටයි. සජිය බැහැල ඉන්නෙ අම්බානකට...!

      Delete
    3. අපි බලමු... අනිත් උන්ටත් චෑන්ස් එකක් දුන්නා උඹේ අදහස දැකලා..

      Delete
  4. මාතලන් අර සකලසූරිය දැරිවිට වැඩියෙන් සලකලා නොවැ. එයාට විතරක් ඇයි පොටෝ එකේ වැඩි ඉඩක්?
    .
    මට නම් දෙන්න තියන ප්‍රේඩික්සොන් එක දිනන එකාට හරියනවාය. අපිට සැමදා කෙලවෙනවාය. ඒක නිසා නිදාගෙන හරි චන්ද ටික ගොඩ දාගත්තනම් හරිය

    ReplyDelete
    Replies
    1. මාතලන් ලොක්ක පිරිච්ච් කලගෙඩි වලට වැඩි මනාපයි දිගැටි ගුරුලේත්තු වලට වඩා...

      Delete
    2. එයාට තැනක් දුන්නේ, අනික් ඔක්කටම වඩා එයා සුන්දර හින්දාය, මෙතන ඉන්න වල් කොල්ලෝ දෙන්නාට කියන්න තියෙන්නේ. ස්ත්‍රී නිමිත්ත ඇත්නම් මට හොඳටෝම ඇති කියාය.

      Delete
    3. :) :) හික්...හික්...

      Delete
    4. සමන්මලී සකලසූරිය කැම්පස් එකේ අපේ බැචියක් තමා. හැබැයි කා එක්කවත් වැඩි කතා බවක් තිබ්බේ නැහැ ඒ කාලේ නම් :)

      Delete
    5. @ හසිත......කතා කරන්නේ, දොඩමළු වෙන්නේ, ළමයි වඩාගන්නේ මේ කාලයට විතරයිනේ බං.

      Delete
    6. @ arugeadaviya

      සමන්මලී අපේ කැම්පස් බැචියෙක් නිසා එයාගේ ෆේස්බුක් පේජ් එක ගැන මම කැම්පස් එකේ අනික් එවුන්ටත් කියලා ඒ පේජ් එකට ඉන්වයිට් කළා. ඒ වෙලාවේ සමන්මලීගේ පැත්තේ ඉන්න තවත් අපේ බැචෙක් මට බනිනවා

      "උඹ මොකටද සමන්මලීගේ පේජ් එකකට මට ඉන්වයිට් කරන්නේ. ඕකි අපේ ගමේ. ඒත් කැම්පස් එකේදී අපිව දැක්කට පඩේකට ගණන් ගන්නේ නැහැ. ..... නළලේ තියාගෙන ඉන්නේ ඕකි. එහෙම එකීට ඡන්දේ දෙන්න මං නම් යන්නේ නැහැ" කියලා :D

      Delete
    7. ඒ කාළේ සිත යොමු කරන්න ඇත්තේ ඉගෙනීමට. නැතිව තොපි වගේ ඇඹලයොත් එක්ක මල් කඩන්න නෙමෙයි වෙන්න ඇති... :)

      Delete
    8. @ All

      අම්මපා හරි ලක්සන දැරවී මාතලන්,ගැහැණු ඉදිරියේ ගස් ගල් පවා සෙලවෙන එකේ ජන්දේ නොසෙල්වෙන එකක් නෑ ,අනික පොර දොස්තර ජයලත් ගේ පුත්‍රයා ,පොරත් මං සැබෑවට දැකලා නම් නෑ එත් කතා කරනවා දැක්කා ,පොරත් හොදයි වගේ ..

      සුභ අනාගතයක්

      Delete
  5. මට සිතුනෙත් මේ ටිකමය.. සුමතිපාල මානවඩු මහාතාගේ වියොවත් ජ. වි.පෙ ට වාසියට හිටි මට හිතෙන්නෙ

    ReplyDelete
  6. මම නම් දෙන්නේ මෙවර ජවිපෙටමය.ඒ තීරණයේ වෙනසක් නැත.ශක්තිමත් විපක්ෂයක් උදෙසා එම ජන්දය භාවිතා කරන්නෙමි.අනාවැකි සැට් එකේ අන්තිම දෙකට ඇර අනික් ටිකට එකගයි.
    අන්තිම දෙක මෙන්න මෙහෙම වේවි කියා මට හිතෙනවා.
    කොළඹින් අංක එක ගම්ම්න්පිලයා.
    මහා ඇමතිවරු හිටපු අයම තමයි.

    මේ එක නෙමේ දැන් ඔය හම්බන්තොට වුන්ටයි,කළුතර වුන්ටයි ගහන්න තමයි කැලි නැත්තේනේ.:D

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. මම දෙන්නේත් ජෙප්පන්ටය. කාල් ලාන්තටත් එකක් දෙනවාය. මම ඌට මාර මනාපය..

      Delete
  7. මූණත්තහඩු ටිකේ සිරියාව වෑහෙනවා :-)
    හෙටින් පස්සේ කොහේ ඉඳීඳ හැබෑවටම!

    ReplyDelete
    Replies
    1. ඔය විදියටම ඉන්න වාසනාව තියේවී..

      Delete
  8. කොහොමත් ලොක්ක ට අනිද්ද ටිකක් අප්සැට් .... අනිවා...
    unp .... ටිකක් ඉහලට.....
    කලවැද්ද......ගිය සැරේට වඩා....ගොඩක් අඩුයි......
    ජෙප්පො ටිකක් ඉහලට වුනාට ....හිතපු තරම් නැහැ....
    ජෙප්පන්ට වැඩි වුනොත් ...වැඩි වෙන්නෙ ...මානවඩු හැපපිලත් නැගිටලා ආයෙත් මහ පාරේ ඇදගෙන වැටෙන එක දැක්ක කට්ටියගෙ චන්ද ටික විතරයි....

    ReplyDelete
    Replies
    1. බස්නාහිර නම් ඔය විදිය තමයි වෙන්නෙ. හැබැයි යූ ඇන් පිය අඩුවෙලා ජේවීපිය වැඩිවෙයි කියලත් කියනව නේද? ෆොන්සේකට අඩුවෙනව.
      බස්නාහිර අනාවැකිය මාතලන්ගෙ හරි.

      ජෙප්පන්ට ටිකක් නොවෙයි හුඟක් වැඩි වෙන කතාව තියෙන්නෙ.
      ආණ්ඩුව දිනන ප්‍රතිශතය අඩු වෙනව.

      Delete
    2. අපි බලමු... ඊට පස්සේ සාස්තර කියමු..

      Delete
  9. අනෙක් සියල්ලම පිළිගත්තත් මහ ඇමතිවරු දෙන්නාම වෙනස් වෙනවා කියන එක පිළිගන්න බැරි වෙනවාය. සොරි ඩොට් කොම්ය. ඊට හේතුව ඒක වෙනස් කරලා මණ්ඩලේ කචල් කර ගැනීමට ලොක්කා අකමැතිවීමය. ප්‍රසන්නයාට දුන්නැත්නම් රණතුංග පවුල අප්සැට් යනවාය.

    හිරුණිකා අංක දෙක වෙයි කියා යකා අනාවැකි පළ කරනවාය. බලමු කාගෙ අනාවැකියද හරි යන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. ලොක්කා මන්ඩලේ කචල් කොලේ බොහෝ කාලයකට පෙරය.

      Delete
  10. අප්පේ ගම්පහ හිටියානම් සමන්මලී නගාට සලකනවා පොරි හැලෙන්න!
    අනාවැකි සේරම හරි යැයි වගේ. ජෙප්පෝ ටික මොකක් හරි කොරයි!
    ගීතා ඇන්ටි යාන්තමින් වගේ ගොඩ යන ලයින් එකක් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. තනිකර පිස්සු කෙලින්නෙ බං ගීත අක්ක..ඊයෙ හවස අපේ ගෙවල් හරියට ඇවිල්ල ..අජිත් ප්‍රසන්නයට කුනුහබ්බෙන් බැනල....සීට් එකට කරපුතරමක් වැඩකරපු රූපාගෙ පුතාට ඉතිරි ටිකබැනල ගියා...!

      Delete
    2. ඉන්න පැත්තේ එහෙකට ගහලා දාහන්. ආයේ හම්බ වෙන්නේ කාලෙකින්..

      Delete
  11. මාත් හොඳ එක බලලා ගහන්න ඕනෑය..මගේ පළවෙනි ඡන්දෙ දැමිලල්ය..

    ReplyDelete
    Replies
    1. ගහන එක හොඳම එකකට ගහපන්.. ආයේ දුක් නොවෙන්නම...

      Delete
  12. ඔය අනාවැකි 7න් 4ක් හරියන්නේය . ඒ මොනවාද කියල හෙට බලාගන්න පුළුවන් වෙන්නේය.
    එදාට මාතලන් ජෝතිර්වේදියෙක් වෙන්නේය. මිනිස්සු පොරකකා ගෙදරට එන්නේය. ඒ මොකටද සාත්තර අහන්ඩ

    ReplyDelete
    Replies
    1. ඔය පෝලිම් සෙට් කරන ඒවා. ගාස්තු අය කරන ඒවා. ඇඟ පත අත ගාන ඒවා අපට කරන්න බැරියැ.

      Delete
    2. උඹලා දෙන්නටත් ඔය දුම් අල්ලන වැඩක් හරි, පලතුරු කඩේ වැඩට හරි මොකක් හරි ජොබක් දෙන්න බැරිය..

      Delete

    3. 1 රාජ පක්ෂය, අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවාය. 55% වැඩියෙන් දෙකෙන්ම ගන්නවාය.
      2 සමස්ත ඡන්ද ප්‍රකාෂ කිරීමේ ප්‍රතිශතය බහිනවාය.
      3 එජාපය ඉල්ලගෙන කනවාය. තිබුන ටිකත් නැති වෙනවාය.
      4 ජෙප්පන්ගේ ප්‍රතිශතය වැඩිවනවාය.
      5 ෆොන්සේකාට අනෙක් පැතිවල ගත්තා වගේ හම්බ වෙන්නේ නැතිය.
      6 කොළඹින් හිරුනිකා අංක එක වෙනවාය.
      7 මහ ඇමතිවරු දෙදෙනාම වෙනස් වෙනවාය.

      1,2,4,6 - හරියටම හරිය
      3,5,7 - ගැන මොකද කියන්නෙ.

      මොනව උනත් 7න් 4ක් හරිනෙ මාතලං අයිය කොහොමද මගෙ අනාවැකිය

      Delete
    4. හිතාන උන්නෙ අපිට දුම් අල්ලන්ඩ දෙන්ඩ නේ.. පාන ඇල්ලුවත් දුං අල්ලන්නෑ හරී...
      -

      Delete
  13. මාත් ආසයි හිරුණිකා අක්කට ගහන්න ඒත් කොහෙද අපි ගම්පහනෙ. ගම්පහ සමන්මලීට ගහන්න හිත දෙන්නෑ…

    ඒ කියන්නෙ හිඟන ගොම්මන්පිලයට වඩා හිරූ අංක එක වෙනවද? :o

    එක අතකට ඒකත් හොදා. මොකද ඔය ගොම්මන්පිල මේ ලගදි පත්තරේකට කියලා තිබුනා මෑන් ඉස්සරහට ජණාදිපතිවරනෙට ඉල්ලුවොත් වියදමට කෙනෙක්ගෙන් 10,000/=ක් ඉල්ලනවා කියලා…!!

    ඉතිං හත් දෙයියනේ මූ කොළඹ 1 වෙලා කවදා හරි ජනා වෙන්න ආවොත් අපි වගේ සාමාන්‍ය ජනතාවට (2,500/=න් මාසෙ කවර් කරන උන්) මාස හතරකට කෙළ වෙනවනෙ. :((

    ReplyDelete
    Replies
    1. අඩේ මම දහ අතේ කල්පනා කරනවා අනර්කලීට ගහනවද? නදීශට ගහනවද? කියලා...
      දෙන්නාටම මාත් හිතයි ත්‍රිකෝණයේ පාද සමයි..

      Delete
    2. ගෙම්බන්පිලයගෙ කැටයම් නම් මටත් අල්ලන්නෙ නෑ. මොකද ඕන කෙනෙක් දන්නව ඌ හෙනට සල්ලි තියෙන එකෙක්.ඌට රුපියල් සීයවල් ඕන නැතිබව. හැබැයි ඌ එච්චර නරක අනාදියෙක් නම් වෙන්න බෑ.

      Delete
    3. කල්පනා කොරලා බලලා ගහන එක සෙලෙක්ට් කරගෙන පලයන්. නැත්නම් ගෙදර ඇවිත් බැලුවම වෙන කාට හරි ගහලා තියෙයි..

      Delete
  14. මාතලන් සරමක් එහෙම ගත්තද අලුතෙන්?

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්...කොයි....සරමද....මන්ද,,...???

      Delete
    2. සරමක් නම් ගන්න වෙනවා.. රිසාල්ට් බලලා පාට තෝර ගන්නවා...

      Delete
  15. මාතලන්ගෙ අනාවැකි බොහෝදුරට සාර්ථක වේ ‍යැයි සිතෙනවාය.

    ReplyDelete
    Replies
    1. කී දේවල් වැරදිලා තියෙන්නේ බොහෝම අඩුවෙන්ය...

      Delete
  16. ඌ ඇම් පී එකෙන් ෆොන්සේකා එකට ගිය ටික ආපහු එයිද ? ජෙප්පන්ගෙන් ෆොන්සේකා එකට ගිය ටික ආපහු එයිද ? එහෙම වුණොත් ? මම හිතන්නේ ඒ අය ගියේ මේ දෙගොල්ලෝ එපා වෙලා නිසා එහෙමම හිටී කියලාය. අපේ ගමේ නම් ඉස්සර හෙන ඌ ඇම් පී එවුන් දැන් ගීතා අක්කා වටේය. මට ෆොටෝ දැක්කම පුදුම හිතෙනවාය.

    ReplyDelete
    Replies
    1. අපේ ආච්චිගේ මූනත් ඔය වගේමය..

      Delete
  17. jivithe palaweni wathawata paradina paththakata heta dinaye kathire gasami...

    ReplyDelete
    Replies
    1. එසේ නම් මම සිතුවා නිවැරදිය..

      Delete
  18. මට හිතෙන විදියට මාතරින් අනර්කලී, සහ නදීශා දෙන්නම පරදිනවාය..
    (හැබැයි ගහන්න තියෙන්නෙත් මේ දෙන්නට තමයි) හෙට උදේම හිතට වදින එකියකට ගහනවාය..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඕන ඔහේ ගහන්න විදානේ ඕන මලදානයක් කියලා...

      මොකෝ දින්නත් දිණුම්, පැරදුනත් දිණුම්...

      Delete
  19. අපේ ගෙදරට කාලෙන් කාලෙට ආපු පිස්සු රොසලින්ගෙන් 82 ජනාධිපති ඡන්දෙදි කාටද ඡන්දෙ දැම්මෙ කියල මම ඇහුව,යතුරට දැම්මාය කිව්වා.
    මම ඇහුව ඇයි ඒ කියල,
    නෑ මහත්තයො මගෙ ගෙදර යතුර නැතිවෙලානෙ ඒකයි...
    ඔන්න පිස්සු රොසලිය කියපු කතාව,උඹගෙ කතාව කියවද්දි මට ඒ කතාව මතක් වුනේ ඇයි කියල කියනවද.

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ බන්... කියහන්කෝ... අහන්න ආසයි..

      Delete
  20. මාතලන් අයියා කියන විදිහට ,
    - පෙරමුණ දිනුවත් ලැබෙන ඡන්ද අඩු වෙනවා නම්,
    - යූඇන්පියට කොහොමත් ඡන්ද අඩු වෙනවා නම්,
    - ෆොන්සේකාත් අවුල් නම්
    ඇත්තටම මේ ජන්දෙ දිනන්නේ කවුද
    ජේවීපී එක...

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා එහෙම.. උන් ඉස්සරහට ඒවී කියලා.. නාවොත් නම්.. අනාගතයක් නැත.. දන්න ගොඩක් උන්, උන්ට දෙනවා...

      Delete
  21. මම අලියාට කතිරය ගසමි.

    ReplyDelete
    Replies
    1. ඒළ කොල්ලෙක්...

      Delete
    2. ඔන්න අපේ පැත්තේ.. මාත් කවදත් දෙන්නේ අලියට.

      Delete
  22. කලුතර අපිටනම් උදේ පාන්දර ගහන්න බඩු කෑල්ලක් මහින්ද මමා දාලා නැතිය.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට සත්තරන් මල්ලිලා, පුත්තු එහෙම ඉන්නවා නේද...?

      Delete
  23. අනාවැකි වලට හරි ගියාට මිනිස්සුන්ට හරියන්නේ නැතිය...සඳුදා ඉඳන් සියල්ල පෙර සේ මය.

    ReplyDelete
    Replies
    1. සඳුදා මොකක්ද. ඉරිදා උදේ ඉඳන්ම, මෙහෙමම තමයි...

      Delete
  24. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පොඩි නොගැලපීම් ටිකකුත් තියෙනවා.. ඒත් වැඩිමනක් සත්‍යයය...

      Delete
  25. මගේ චන්දය
    ජනතා විමුක්ති පෙරමුණ වෙතයි.
    රෙජීමය සළිත කරවන්න මගේ අයිතිය, නිවැරදි
    ලෙසම සුදුසුම පක්ශයට භාවිතා කරමි.
    මම ගාල්ලේ...

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙම තමයි. ඒත් ජානාධිපතිවරණයකදි නම් සම්පූර්ණයෙන් අනිත් පැත්ත..

      Delete
    2. ඒ මොකද? දැන් ඉන්න එවුන්ගෙන් මොකා ජනාධිපති උනොත්ද හොඳ?

      Delete
  26. මම හිතනවා කොළඹ දිස්ත්‍රික්කය ආණ්ඩුව පරදිනවා කියලා. ජෙවිපිය කොළඹින් ආසන 3ක් ගන්නවා. ගම්පහ 2යි. කළුතර 2යි.

    ගාල්ල 1යි..මාතර 2යි..හම්බන්තොට 2යි.

    ගම්මන්පිල 3වෙනියාටවත් එන්නේ නැහැ. මධුමාධව , වර්ණසිංහ යාන්තම් ගොඩ එයි.

    ආණ්ඩුවේ චන්ද ප්‍රතිශතය විශාල පසු බෑමකට ලක්වෙනවා. මාතර අරුණ ගුනරත්න දිනනවා (ඕකා මගේ බෝඩිම් සගය )

    ReplyDelete
    Replies
    1. බලමු නේ මචෝ... පැය කීපයනේ තියෙන්නේ..

      Delete
  27. අනාවැකි 5/7 අනිවාර්යෙන්ම හරියනවා. දෙකක් මට සුවර් නැහැ ඒ ජෙප්පන්ගේ ප්‍රතිශතය වැඩිවනවාය සහ කොළඹින් හිරුනිකා අංක එක වෙනවා කියන ඒවාය

    ReplyDelete
    Replies
    1. අපි බලමු නේද ලොක්කා...

      Delete
  28. මාතා....ඔය උඹ කියන කෑලිවලට ඕන්නම් තුනම වුනත් දාන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. මොකද දන්නවාද මචෝ....මේ දවස්වල් ඡන්ද දායකයා බොහොම කුඩාවෙලා...ඡන්ද අපේක්ෂිකාවියෝ ගොඩාක් පළල් වෙලා

      Delete
    2. තුනම දාන්න බෑ මචෝ... පලා බබීලගෙ පොඩි ඇති... ඒකයි..

      Delete
  29. මම නම් කියන්නෙ, ජනතා විමුක්ති පෙරමුන නොහිතන තරමෙ ඡන්ද ප්‍රමානයක් ගන්නවා.

    ReplyDelete
    Replies
    1. මම වැරදි වෙයි ඇනෝ....මමත් උඹ හිතන දේ පසුගිය සිදුවීම් සමග කල්පනා කරන කොට එහෙම හිතනවා.

      Delete
    2. නොහිතන ගානක් නම් ගන්න එකක් නෑ.. ප්‍රතිශතය නම් වැඩි වෙයි...

      Delete
  30. නව නායකත්වය විශ්වාස කරොත් මිනිස්සු ජේවිපී ඡන්ද ටිකක් නම් වැඩි වේවි.. හැබැයි ඉතින් ඒක හරියටම ශුවර නම් නෑ..

    ReplyDelete
    Replies
    1. ඡන්ද වැඩි වීම කෙසේ වෙතත්... මම කතා කරන්නේ ප්‍රථිශතය ගැන..

      Delete
  31. //ජිනීවා වල පතුරු යන්න කෑ, ජී ඇල් ගොන් නාම්බා කියන්නේත්, ඡන්දය දීමෙන් වැලකී සිටි උනුත්, අපේ ගොඩේ කියලාය. ඇමරිකන් ඇමබසියේ ඉන්නා නෝනා මහත්තයා කියන්නේත්, ඒ සැට් එක එයලාගේ කියලාය. ඇත්ත දැන ගන්න වෙන්නේ උන්ගෙන්ම විමසලාය. ඒකට ඉතින් ආයෙත් ඡන්දයක් තියන්නම වෙනවාය.// පට්ට කතාව..

    …අද උදේම අයිටීඇන් එකේ ඔහොම කියනවා දැකලා බඩ පැලෙන්න හිනා.. එහෙනම් රනිල් මේ වෙනකොට ඡන්ද කීයක් දිනලද? විපක්ෂ වලට වැටිච්චයි, නොදාපුවයි එකතු කළාම ආණ්ඩුවෙ තියරියට අනුව ආණ්ඩුව පරාදයි.. ඇයි තවත් ගොන් චාර්ට් එකක් පෙන්නුවා.. පනතට ඡන්දය නොදාපු/විරුද්ධ රටවල ජනගහනයයි විරුද්ධ නැති රටවල ජනගහනයයි සංසන්දනය කළාම විරුද්ධ නැති රටවල ජනගහනය වැඩීලු.. :D

    ReplyDelete
    Replies
    1. ඔන්න මට හිතෙන හැටි..
      …අහන අහන එකා කිව්වේ මෙදා ගහන්න එකෙක් නෑ කියලා. හැබැයි උන් ඔක්කොම වගේ කිව්වා ආණ්ඩුවට විරුද්ධව මොකක් හෝ වෙනත් එකකට දෙන බව. ඒ නිසා ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය බහිවී කියලා හිතෙනවා.. ඒත් අහන අහන ගොඩාක් එවුන් ෆොන්සේකාට ගැහුවා කියපු ඡන්දෙදි ෆොන්සේකා අම්බානට කාපු හැටිත් මතකය..

      //සමස්ත ඡන්ද ප්‍රකාෂ කිරීමේ ප්‍රතිශතය බහිනවාය.//මම නම් හිතන්නේ ඡන්ද ප්‍රතිශතය බැස්ම මේ පාරවත් ආපහු හැරෙයි කියලායි..

      …//එජාපය ඉල්ලගෙන කනවාය. තිබුන ටිකත් නැති වෙනවාය.ෆොන්සේකාට අනෙක් පැතිවල ගත්තා වගේ හම්බ වෙන්නේ නැතිය.//කැපුවත් කොළ සීයාකෙනෙකුත් මෙදා ෆොන්සේකාගේ ඡන්ද ලකුණ අහගත්තේය. හැබැයි එක සීයාගෙන් මුළු ඡන්දයකට අනාවැකි කියන්න බැරි නිසා මොකුත් නොකියමි. එහෙත් ෆොන්සේකාගේ බහුතරයක් කලකිරී ඇති බවත් පෙනුනි.

      //ජෙප්පන්ගේ ප්‍රතිශතය වැඩිවනවාය.// මටත් දෙන්නම හිතුනත් අත යන්නේ නෑ නෑ වගේය.

      //කොළඹින් හිරුනිකා අංක එක වෙනවාය.// නෑ.

      //මහ ඇමතිවරු දෙදෙනාම වෙනස් වෙනවාය.// ප්‍රසන්න නම් වෙනස් නොවේ කියලා හිතෙනවා.

      …මේ ඇරුනාම අනර්කලී පරදිනවාය. නදීෂාත් ශුවර් නැත. ගීතක්කා සල්ලි වලට හෝ ඡන්ද අරන් මේ පාර දිනයි කියා සිතේ.

      Delete
    2. කිව්වා වගේ ලොක්කා ටී වී එකට ඇවිත් ටෝක්ස් එක දුන්නේ නෑ.. ඒත් ඉතින් නයි ටී ඇන් බලපු එකෙක් ලොක්කාට මිසක් වෙන එකෙකුටවත් දෙන්නේ නෑ.. කරුමෙට ගොඩක් උන් බලන්නෙම ඕක නේ..

      Delete
  32. ජෙප්පන් ටිකක් නගී කියා හිතේ... කලවැද්දා නං ලෙසටම කන වග මග සලකුණු දැනටම ඇත...
    ලොක්ක ඉන්නකං නිල් පාට ඔහේ ඉන්නවා ඇත...
    නොන්ඩි අලියා තවත් කෙලවගන ඇදගෙනම නානවා ඇත...
    කෝමත් ඩයනා කුමාරිට තැනක් එයි කියල කියනව... ඇත්තද බොලල්ල

    ReplyDelete
    Replies
    1. සල්ලි වලට මක්කද කොරන්න බැරි මල්ලී...

      Delete
  33. හි.. හි. අනාවැකි ටික නම් හරියයි වගේ...

    ReplyDelete
  34. අන්තිමට හැම එකාම දිනුම් ය, අපි පරාදය

    ReplyDelete
    Replies
    1. හැම එකාම දුණුම් නම්, අපි පරදින්න විදියක් නෑ නේ..

      Delete
  35. ෂික් දුකෙ බැ.ගාල්ලට දාල තියෙන්නෙ පරන මඩ වලක් නෙ.ඔකට ගහල වැඩක් නැති නිසා බැල් එකටම ගහල ආව.බලමුකො මොනව වෙයිද කියල

    ReplyDelete
    Replies
    1. ආච්චි උනත් මොකෑ හොඳට ලව් කරනවනම්...

      Delete

  36. මාතලන් මහතා ඇතුළු සියළු නෝනා මහත්වරුන් හා මහත්වරුන් වෙත

    ඡන්දයෙන් මොනවා වේදැයි කියන්නට තවම කල් වැඩිය. එයට හෙට හවස් වන තුරු සිටිය යුතුය. එයින් කුමක් සිදුවුනත් ඔබට ඇති ඵලය කුමක්ද?නිශ්ඵල දේවල් පසුපස යමින් සංසාරය දිගු කර ගන්නේ ඇයි. පමා නොවී ධර්ම මාර්ගයට එන්න.

    http://ahamudhakimu.wordpress.com/

    ReplyDelete
    Replies
    1. ඈ...ඉස්කෝලේ මහත්තයෝ...දන්නේ නැති හින්දා අහන්නේ.....ඔය කියන ධර්ම මාර්ගය තියෙන්නේ අධෝ මාර්ගයට උඩින්ද පල්ලෙහායින්ද? අනේ කේන්ති ගන්න නම් එපා.

      Delete
    2. කේන්ති ගන්න .අනේ මහත්මයා ටයිප් කරපු අකුරු ටිකක් දැකල කේන්ති ගන්න.අනේ ඒ මොටද? කේන්තිය ,ආශාව ,ක්‍රෝධය සිතේ ඇතිවන ඡායා මාත්‍රයන් පමණයි.ඒවාට අසුවන්න එපා.

      Delete
    3. එහෙමයි...එහෙමයි...ඉස්කෝලේ මහත්තයෝ... යන්න ඔන්න මෙන්න වගේ දැණෙනවා ඇත්තටම. යන්න කියලා ලිව්වේ නිවන් නිවන්.

      Delete
    4. LOL


      ARU,

      ++++++++++++++++

      Delete
    5. ඔය ධර්ම මාර්ගේ කොහේද තියෙන්නේ ලොක්කා... බෞද්ධාළෝක මාවතේද..?

      Delete
  37. අපිටත් කාට හරි ගහන්නට ආසය. ඒත් එන්නට හැකියාවක් නැත. ළබන සැරේවත් ගහන්ට බලාපොරොත්තු වෙනවාය. වෙනදා වගේම උඹේ සටහන මසුරංය. ජයම වේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් ලබන සැරේවත් බලමු...

      Delete
  38. අර පින්තූර සැට් එකේ තියෙන ලොකු පින්තූරෙ කාගෙද මෙයා...ඒ කෙලී නම් රගපාන කරුමාන්තෙටත් හොදා...

    ReplyDelete
    Replies
    1. එයා දිනලා මෙයා... ඔයාලගේ පැත්තේ කෙනෙක්.. සකලසූරියගේ දෝනියන්දා...

      Delete
  39. අපේ අම්මා පෝස්ට් එක කියෙවුවා. ඒ වගේම කියෝන ගමන් දකුණු පැත්තේ තීරුවේ තියෙන ජනප්‍රියම පෝස්ට් ගොඩේ තියෙන අරවා මෙවුවා ක්ලික් කරන්න හැදුවා අම්මෝ එපා කියලා නවත්ත ගත්තේ :)

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ආයෙත් වෙලාවක, හොරෙන් කියවයිද දන්නේ නෑ..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න