.

.

Mar 16, 2014

පැරකුම් ජයසිංහ සමඟ චැට් කල නංගියා මාතලන් සමඟ - Chatting With a Confused Girl


මේ ලඟකදි, අපේ පැරා සහෝ එක්ක, නංගියෙක් පොඩි චැට් එකක් දාලා තිබුනා. නංගියා, මේ තියෙන සමාජ ක්‍රමය ගැන, මට පේන විදියට, හරි දැක්මකින් ඉන්නේ. ඒත් පැරා එක්ක දාන චැට් එකෙන්, නංගියා ෆුල් කොන්ෆියුස් වෙලා යනවා. මොකෝ, පැරා කෙල්ලට ධනවාදී පරිභෝජන රටාව ගැන, ලෙක්චර් එකක් දෙන්න යන නිසා. ඒ උනාට දෙන්නට චැට් එක දාන්න වෙන්නෙත්, ඔය කියන ධනවාදී පරිභෝජන රටාවට අයත් ගැජට් බැජට් එක්ක.

එක්කෝ මේසේ උඩ තියෙන ගොන්පීටරයක්, එහෙම නැත්නම් ලැපක්, එහෙමත් නැත්නම් ටැබ් එකක්, අයි පොඩ් එකක්, නැතිනම් අඩුම ගානේ, ඉස්මාට් ෆෝන් එකක් වත් තියෙන්න එපාය, චැට් දාන්න. නැතිනම් ඉතින් චැට් කරන්න වෙන්නේ පැරාලගේ වැට ගාවට ඇවිත්. එහෙම චැට් කරන්න ගියානම්, පැරාගේ සමාජවාදේ කෙසේ වෙතත්, නෝනගෙන් කන්න වෙනවා ,දෑකැති, මිටි, කුඩු වෙන්න.

අනේ ඉතින් මමත් බලාගෙන උන්නා.. මේ නංගියා මාත් එක්කත් චැට් එකකට එයි කියලා. කව්ද ආස නැත්තේ නංගිලා එක්ක චැට් දාන්න? මොකෝ පැරාලා අපි, සමන්තභද්‍රලය. අනේ ඉතින් බලහල්ලකෝ පින කියන්නේ.. ඒ නංගියා මගෙත් එක්කත් චැට් එකකට ආවනේ.. මේ පහල තියෙන්නේ ඒ චැට් එක..

ඇත්තටම මේ සිස්ටම් එක වෙනස් කරලා හැමේකාටම සල්ලි බෙදිලා යන දුප්පත්කම නැතිවෙන ක්‍රමයක් හදාගතෑකීද...?
ඒකට මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනැන්නේ නෑ. උඩ බලාගෙන උන්නට එහෙම සල්ලි වැටෙන්නෙත් නෑ. කවුරුවත් එහෙම බෙදලා දෙන්නෙත් නෑ. එහෙම බෙදලා දෙන රටවල් වල ඉන්නේ හිඟන්නෝ වගේ මිනිස්සු. සල්ලි හම්බ කරන්න නම් මහන්සි වෙන්න ඕන. වෙහෙස නොබලා වැඩ කරන්න ඕන. කරන රැකියාව තෘප්තියෙන් කරන්න ඕන. එතකොට දුප්පත් කම නැතිවෙනවා. මේ සිස්ටම් එක යටතේ, එහෙම දුප්පත් කම නැත්තටම නැති වෙච්ච රටවල් ඕන තරම් තියෙනවා.
එහෙනම් පැරා කියන්නේ දුප්පතුන් නිසා පොහොසතනුත් විනාශ වේවී කියලා, අනික ළෝකේ හැම රටකම දුප්පත්කම තියෙනවනේ...?
එහෙම දෙයක් නම් වෙන එකක් නෑ. ඔය සමාජවාදෙත් දත කන්නේ ඔක්කෝටම එක සමානව සලකන්න නේ. ඒ කියන්නේ, ඒ ක්‍රමය යටතේ හැම කෙනෙක්ම තෘප්තිමත්ය, දුප්පතුන් නැතිය කියන එකනේ. බහුතරයක් දුප්පතුන් ඉන්නේ ඒ ක්‍රමය යටතේ. ඔය ක්‍රමේ නංගෝ මෙහෙත් ඇප්ලයි කලානේ 1970-77 කාළේ.
අම්මට හුඩු.. පුදුම සංවර්ධනයක් නේ ඒ කාළේ තිබ්බේ. හැමෝටම එක සමානව ලැබුනේ. දවස් දෙකක් බත් කන්න බෑ. පාන් එක ගෙඩියයි එකෙකුට දෙන්නේ. ප්‍රංශයේ පවා ධනවතුන්ගේ කෑම මේසවල තියෙන, මඤ්ඤොක්කා, කෙහෙල් බඩ ප්‍රධාන ආහාර. කෙල්ලො කොල්ලොත් පුදුම සන්තෝසෙකින්. මොකෝ කොල්ලෝ අඳින්නේ බූමිතෙල් ගඳ ගහන, ඝංඨාර මාක් සරම්. ඒකෙන්, ඝාංඨාරේ පේනවා කෙල්ලන්ට. කෙල්ලොත් රෙදි නැති නිසා, යාන්තම් විලි වහගන්න ගවුම් කොට අඳිනවා. ඉතින් කලවා ප්‍රදේශය ඔක්කෝම එලියේ. ඉඳගන්නෙත් පුදුම බයකින්, කකුල් එකටම තියාගෙන. මොකෝ යටට අඳින්න දේවලුත් නෑ. ඒ නිසා කොල්ලොත් සතුටෙන්. දියවැඩියා රෝගීන් පුදුම සතුටකින්. මොකෝ කාටවත් සීනී නෑ. කන්න නැති නිසා කොලොස්ටරෝල් අර රෝල් මේ රෝල් මක්කත් නෑ. ලෙඩක් හැදුනත් ශත විසිපහක් දුන්නම ආන්ඩුවේ ඉස්පිටිතාලෙන් බෙහෙත් ටික දෙනවා. ඒක හරි ගියෙ නැත්නම් ඉතින් කනත්තට යනවා. මාරයි අප්පා..... කිසි එකෙකුට කියන්න බෑ, මාර පරිප්පුවක් කෑවේ කියලා. මොකෝ පරිප්පු ඇටයක් ඇහට දකින්න නෑ.. එකනේ අප්පා නියම ක්‍රමේ.
එතකොට පැරා කියන්නේ අයියේ... ළෝකෙට දුප්පත් කම දරා ගන්න පුළුවන් ප්‍රමානයක් තියෙනවාය, දුප්පත් උන් කුඩු, ගංජා, කසියා, ගහලා මැරෙනවය කියලා. මම නම් හිතන්නේ දුප්පත් කම එන්න එන්නම අඩු වෙනවා.
පැරා කියන විදියට, වැඩි පිරිස දුප්පත් උනොත් කිසි අවුලක් නෑ නේ.. ආයෙත් ඔය අල බතලයක් කාලා, පුළුවන් නම් සතෙක් විදෙගන, BBQ එකක් දාගෙන, කළුවර වෙන කොට, වාහෙත් එක්ක පොරකාලා, එළිවෙනකන් කන පැලෙන්න නිදා ගන්නවා. මොකෝ ලයිට් නැති නිසා මෙළෝ දෙයක් නෑ නේ. විදුලි බලය කියන්නෙත් ධනවාදී පරිභෝජන රටාවේ නිශ්පාදනයක් නේ.. ඒකට මිලක් තියෙනවා, හැබයි මිල අධිකයි. ඉතින් ඔය විමල් වගේ අය පුකටත් ඒ සී දාගෙන ඉඳියි. අර වැඩි පිරිසක් දුප්පත් අය අපේ කරුමේ කියලා, පස්ස උඩ දාගෙන, අනිත් පැත්ත හැරිලා නිදා ගනියි.
කුඩු කසිප්පු ගංජා බලෙන් පොවන්නේ නෑ නේ නංගී. ඕන් ඔය සමාජාවාදී රාජ්ජවල නම්, සහෝදර ජනතාව මතට හුරු කරනවා, උන්ගේ දුක නැති කරන්න. බොරුනම්, ඔය කියුබාවේ, උතුරු කොරියාවේ, සමාජවාදී රුසියාවේ, කරක් ගහපු කෙනෙක්ගෙන් අහලා බලන්නකෝ.

දුප්පත් කම අඩුවෙනවා නංගී. අපිට පේන ඇත්ත ඒක නේ. දැන් බලන්න ආන්ඩුවේ ගුරු පත්වීමක් කොරන පැරාටත් මරූටියක් තියෙනවනේ. ඉස්සර ගුරුවරුන්ට ෆුට් සයිකලයක්වත් තිවුනය.

ඇත්ත.. පැරාටත් කාර් එකක් තියෙනවා. මම දන්න බොහෝ දෙනාත් ගත්තා.මධ්‍යම පාන්තිකයො ගොඩකගේ ජීවිත අමාරුවෙන් හරි දැන් වෙනස් වෙලා. මැටි ගෙවල් නැති වෙලා. අපේ පැත්තෙ නම් ඇත්තටම තිබ්බ මැටි ගෙවල් දැන් නෑ. කුඩු ගහන එකා ඒක කොහොමත් කරනව නේ. සල්ලි හම්බෙන්න හම්බෙන්න කුඩු ගහනවා.
බලන්න ඉතින් පැරාත් පිලිගන්නවනේ, සමාජ සංවර්ධනයක් වෙනවය, බෞතික සංවර්ධනයක් වෙනවය කියන කාරනේ. ඒත් ඒ ගමන්ම එයා කියනවා විශමතාවය වැඩි වෙනවලු. ඇත්ත රටේ ආදායම ජනතාව අතරේ බෙදී යන ක්‍රමයේ විශාල විශමතාවයක් තියෙනවා. ඒකට වැරදි ක්‍රමය නෙමෙයි. පුදගලයා. කෑම ටික පිඟානට වැටෙනකන් බලාගෙන ඉන්න එකා, මේ ක්‍රමය යටතේ අනාතයි.

"වී" ම වගා කරන්න ඕන කියලා හිතන ගොවියා, කවදාවත් රජ වෙන්නේ නෑ. ඒ යකා බලන්න ඕන, ගොවිතැන් කරලා දියුණු වෙන උන් වගා කරන්නේ මොනවද කියලා. අනෙක ආදයමේ විශමතාවය වැඩි උනත්, පහළම ආදායම ලබන එකත්, අර පරිභෝජන රටාවේ භාන්ඩ වලට හිමිකම් කියනවා නම්, ඒ මිනිස්සු තෘප්තිමත් නේද. කොටින්ම පැරා මරූටියෙන් තෘප්තිමත් වගේම. පැරා කියන්නේ එයා දියුණුයි කියලා.

එතකොට සමාජවාදය ආවොත් ඕවා හරියයි ද? අනේ අප්පා මට මෙලෝ මඟුලක් තේරෙන්නෑ.
සමාජවාදේ කියන්නේ මොකක්ද කියලා, ඒවා ලියපු උන් දන්නේත් නෑ නංගී. ඔය පැරාත් කියන්නේ.... එයා කියන්නේ, රුසියාවේ තිබුන ක්‍රමේ නෙමෙයි කියලා. එහෙනම් මොකක්ද උතුරු කොරියාවේ ක්‍රමේද? මම නම් ආසයි කියුබාවේ ක්‍රමේට නම්. ඒත් ඉතින් මහින්දලා මරාගෙන කන්න හදන, පැරාලට නොපෙනෙන දේ තමයි, කියුබාවේ තියෙන්නේ ඒකාධිපතිවාදයක්ය කියන දේ.

ෆිදෙල් යන කොට මල්ලි එනවා. ඒත් මෙහේදි... බැසිල් එනකොට, පැරාලට මල පනිනවා. හොඳ වෙලාවට "චේ" වෙඩි කාලා මැරුණේ, නැත්නම් ෆිදෙල් කරන්නේ, මහින්ද මහත්තයා සරත් ෆොන්සේකාට කරපු දේ. අනේ එහෙම උනා නම් චේ ගුවේරා සිය දිවි නසා ගන්නවා ආයේ දෙකක් නෑ නන්ගෝ..

එතකොට පැරා කියනවා අයියේ.... මිනිස්සු ජීවත් වෙන ලයිෆ් ඉස්ටයිල් එක දන්නෙ නැතෙයිය, එයා කියන ලයිෆ් ඉස්ටයිල් එකට ජීවත් උනාම හරිය කියලා. එයා කියන ලයිෆ් ඉස්ටයිල් එක ගැන, ඕයා මොකෑ කියන්නේ.
එයා කියන්නේ, බුද්ධාගමේ ලයිෆ් ඉස්ටයිල් එක නේ නංගි. ඒ කියන්නේ පෙර පින් හැටියට තමයි ලැබෙන්නේ, ලද දෙයින් සතුටු වෙලා, ලැබෙන දෙයක් කාලා, වෙන දෙයක් බලාගෙන ඉඳහන් කියන එක නේ. දැන් එයාට දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ මරූටියක්. ඒකෙන් එයා ෆුල් සැටිස්. ඒත් මම නම් බලන්නේ කොහොම හරි, පරණ උනත් කමක් නෑ.. බැන්ස් එකක් ගන්න. මොකෝ ඒක පරණ උනත් බෙන්ස් නේ. ඒවල යන කොට පැරාලට, පැරාගේ ෆෑන්ස්ලට මල පනිනවා.

එහෙම හිතනවා නම් ඉතින්... අර උපන්නාට වැනි වැනී ඉන්නවා වගේ, ඔහේ උන්නාම ඉවරයි. පැරාටත් ඔය කියන පරිභෝගික ජීවන රටාවේ හැම දෙයක්ම තියෙනවා. ඒත් ඒවල ක්ලාස් එක මදි. ටොප් ක්ලාස් තියෙන උන් එක්ක පැරාලට මල. ඕකට කියන්නේ නංගෝ පන්ති වෛරය කියලා. ඒකත් මේ ළෝකෙන් තුරන් කරන්න බැරි දෙයක්.

ඕන් අයියත් බණ කියන්න පටන් ගත්තා..
බණ කියන්නේ නෑ නන්ගෝ. බන කියන ඒවා තියෙන්නේ දෙසන්න. සම හරක් නම් බන තලනවා. දැන් බලන්න ඝෝඨාට ඉන්ගිරිසි බෑ කියපු පැරා, ක්‍රිස් නෝනිස්ගේ පොලිෂ් කඩ්ඩටත්, කින්ඩිය දානවා. මොකෝ ක්‍රිස් නෝනිස් දන්න ඉන්ගිරිස්, ඉන්ගිරිස් එකේ හොඳම එක. එතකොට පැරා බණක් කියනවා, මට මගේම නොවුන මගේන ආදරයක් තිබුනා වගේ, අපිට අපේ නොවන අපේම ඉන්ගිරිසියක් හදා ගන්න ඕනය, ඒකත් සමාජවාදේ කොටසක්ය කියලා.

ඉන්ගිරිසි මොකටද අප්පා සමාජවාදෙට, ඔය චීන හරි රුසියන් භාෂාවක් ඉගෙන ගන්නවා මිසක්. ඉන්ගිරිසි කියන්නේ.... ඔය පාරිභෝගික ජීවන රටාවට හුරු වෙච්චි ධනපති හැත්තගේ, ධනවාදි භාෂාවක් වෙච්චි කොට.
හ්ම්....ඒ සැරේ නම් තේරුනා. මේ ඉන්න ටිකේ ජීවිතේ විදලා මැරිල යනවා මිසක, රට ලෝකෙ වෙනස් කරන්න මම හිතල නැහැ. එහෙම මෙච්චර කල් වෙනව මම දැකලත් නැහැ. කොහොම වුනත් ඔයාට ස්තූතියි මාතලන්.
අයියෝ ඉස්තූති කන්නද නන්ගෝ. ගනන් ගන්න එපා. පැරත් එක්ක දාපු චැට් එක එයාගේ එකේ දැම්මා කියලා, ඔයා අවුල් උනේ නැති නිසා. මාත් මේක මගේ එකේ දානවා නංගියෝ.. පැරා මේවා ගනන් ගන්නේ නෑ. මොකෝ පැරා කියන්නේ බොහෝම වයිස්ලි අදහස් දක්වන, ලියන කියන කෙනෙක්.
හොදයි.මම කැමැතියි අනිත් අයගෙ අදහස් දැන ගන්න. මගෙ නම දාන්න එපා.මේකේ ඉන්න අයියල මට සරම උස්සන් ඒවි. යන්නම් අයියේ.......මට ආපහු අම්මගෙ බඩට රිංගන්න හිතුනු වාර අනන්තයි. ආයෙත් එහෙම හිතෙනවට මම කැමැති නැහැ. එනිවේ තැන්කිව්.
මේ පරිභෝජනවාධී ධනපති ක්‍රමය යටතේ ආයෙත් බඩට යන ක්‍රමයකුත් හදන්න බැරි කමක් නෑ. එදාට පුළුවන් වෙයි නංගිගේ හීනේ හැබෑ කරගන්න..
එහෙනම් ටේක් කෙයාර්..
සුබ අනාගතයක් නංගියෝ...

104 comments:

  1. ජීවිතේට එක වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. කවුරු කවුරුත් බලන්නේ එක වෙන්න තමයි..

      Delete
  2. නංගි කෙනෙක් සෙට් උනොත් ඔය වැදගැම්මකට නැති කතා ඇතෑරල දාල "වැදගත්" දෙයක් කතා කරන්නයි මම නං හිතාන ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. උඹලයි බ්ලොග් වල වැඩිපුර කතා කරන්නේ වෙන දේවල් වෙන්න ඇති.. දේශපාළණය තරම් තවත් දෙයක් තියෙනවද බං..

      Delete
    2. සංවාදය වෙනුවට සංවාසය?

      Delete
  3. [[ මම නම් හිතන්නේ දුප්පත් කම එන්න එන්නම අඩු වෙනවා.]]

    Explained

    Margaret Thatcher on Socialism

    ReplyDelete
  4. //හ්ම්....ඒ සැරේ නම් තේරුනා// එහෙනම් එච්චරයි..

    ReplyDelete
  5. හිතන්නකෝ අයියේ
    දැන්වත් හැදෙන්නකෝ අයියේ

    දඟ ළමයින් නරකයි බොහෝ සැරයි
    හොඳ ළමයට කවුරුත් ආදරෙයි

    හිතන්නකෝ අයියේ - දැන්වත් හැදෙන්නකෝ අයියේ
    ඩිංගක් හිතන්නකෝ අයියේ

    සෙල්ලම ලෙල්ලම වෙනවාමයි
    ඒකෙන් ඇස් රතු වෙනවාමයි

    මැර - කොල්ලන් එක්කල හාදකම්
    උඩ - පැනලී නැටිලී නාඩගම්

    හොඳ නෑ කැතයි චී චී කැතයි - ලැජ්ජා නැද්දෝ


    එකටෙක නොකියා වාද වෙලා
    ගුරු දෙගුරුන් හට මෙල්ල වෙලා

    හැදුණේ නැත්නම් අයියා මගේ
    බලු වලිගේ වාගේමයි ඇදේ

    හොඳ නෑ කැතයි චී චී කැතයි ලැජ්ජා නැද්දෝ

    හිතන්නකෝ අයියේ - දැන්වත් හැදෙන්නකෝ - අයියේ
    ඩිංගක් හිතන්නකෝ අයියේ

    ReplyDelete
    Replies
    1. කතා කියන විදියට අපිට කිසිම දෙයක් කතා කරන්න බෑ. මොකෝ අපේ මතය අපි වෙනස් කොර ගන්නේ නැති නිසා. එතකොට කතා වෙන කෙනෙක් කිව්වාම තමන්ගේ මතය වෙනස් කර ගන්නවාද...?

      Delete
    2. නෑ. ඒ වයස පැන්නානේ. දැන් වෙනස් වෙන්නේ $ මිලියන් 2.25ක් ලැබුනොත් විතරයි.

      Delete
  6. ඈ ...යකෝ.... උඹට අම්ම රන්කිරි පොවන කොට මොනවා හරි කලවම් කලාද යකෝ....
    කෑම කන්න හදපු එක නවත්තල කියෙව්ව ...හෙමින් විනාඩි 30 ක් හිනා වෙවී ඇස් වල කදුළු පුරවන්...
    අර නංග බර්ගර් කෑල්ලක්ද .... බං ....????

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. හාන්දුරුවෝ ඉස්සෙල්ලම මගෙන් ඇහුවේ අර කට ඇති පුතා සම්මානේ මට දෙන්නද කියලා.. මම කිව්වා විමල් වීරවංශට දීලා දාන්නය කියලා...

      බර්ගර් කෑලි කොහොමත් ධනවාදීයි නේ බන්..

      Delete
  7. සමාජවාදය කියන්නෙ ඒ ගැන ලියපු උන්වත් ඒව ක්‍රියාත්මක කරන්න හඳපු උන්වත් නොදන්න මන්ස්ගාතයක්. ක්‍රියාත්මක වුන හැම තැනම ඇතිවුනේ ඒකාධිපති ආන්ඩු. නිදහස් අදහස් ප්‍රකාශනයක් නෑ. කට ඇරියොත් පන්ති සතුර කියල මර්ධනය කරනව. ඒ හැම තැනම ජයගත්තෙ ජාතිකත්වයන්ට බද්ධ වෙලා.ඉන්දියාවෙ නම් කුල ප්‍රශ්න.

    අර නංගිය මාතලන් එක්ක සංවාදෙට ආපු එක හොඳයි.ඉතා රසවත් උත්තර දීල තිබෙනව. කොහොමටත් අර වැට ලඟට ඇවිත් සංවාදෙ කරන කොටසනම් මරේ මරු.

    සමාජවාදය අන්තිමට නතරවෙන්නේ අපේම වූ ක්‍රමයෙන් හා අල්පේච්ඡත්වයෙන්. හැමෝටම රැකියා දෙන්න කියල කෑගහන සමාජවාදීන් ගෙ ආන්ඩුවක දෙන රස්සාව හැමෝම බාරගන්න ඕන. සමූහ ගොවිපොලවල් වගෙ ඒවගෙ රැකියා තමයි. එහෙමනම් දැනටත් රැකියා අතිරික්තයක් තිබෙනව.

    අල්පේච්ඡ ක්‍රමය නම් ඔයිට වඩා බුදුදහමෙ විස්තරකරල තිබෙනව. මේ ලෝකෙ එපාකරන කවදාවත් ඉදිරියට යාමක් නැති ලැග්ග තැනම ලැගල ඉන්න ක්‍රමයක්.

    පෝලන්තයෙ කෝමාවකින් පෙළුන මිනිහෙකුගෙ කතාව මට මතක් වෙනව. කෝමාව හැදුනෙ සෝවියට් යුගයෙ. සිහිය ආවෙ ප්‍රජාතන්ත්‍රවාදය ආවම. ඔහු ට අදහ ගන්න බැරි වුනාලු. පෝලන්තය දිව්‍ය ලෝකයක් වෙලා.ඉස්සර කඩවල තිබුනෙ අබ ටිකක් ගම්මිරිස් ටිකක් වගෙලු.අපේ පරන සමූපකාර වගෙ.

    පුදුම වැඩේනෙ ඔය නංගිය මා එක්කත් සංවාදෙට ආවනෙ. මම ඒක මගෙ පෝස්ට් එකක් විදියට දාන්නම්.

    ReplyDelete
    Replies
    1. //
      පෝලන්තයෙ කෝමාවකින් පෙළුන මිනිහෙකුගෙ කතාව මට මතක් වෙනව. කෝමාව හැදුනෙ සෝවියට් යුගයෙ. සිහිය ආවෙ ප්‍රජාතන්ත්‍රවාදය ආවම. ඔහු ට අදහ ගන්න බැරි වුනාලු. පෝලන්තය දිව්‍ය ලෝකයක් වෙලා.ඉස්සර කඩවල තිබුනෙ අබ ටිකක් ගම්මිරිස් ටිකක් වගෙලු.අපේ පරන සමූපකාර වගෙ.//

      ප්‍රස්නෙ තියෙන්නෙ ඒ සුරලෝකෙ බඩු ගන්න උන්ට දැන් සල්ලි නැති එකයි.

      Delete
    2. ඉස්සර නම් උන්ට අබ ගම්මිරිස් හරි තිබුනා.දැන් ඒකත් නැහැ.දැන් උන් එන්ගලන්තෙ ජර්මනියේ පාරවල් අතුගානවා.

      Delete


    3. ඒකත් බැරිවුනොත් Crimea වලට රිංගනවා.

      රුසියාව කරපු දේ හරිය කියපු අපේ විදේශ අමාත්‍යංශයේ කෂ්ටිය මොනවා කියාවිද දන්නේ නැහැ ඉන්දියාව යාපනේට ඇවිත් දෙමළුන්ට ජනමත් විචරණයක් තියල සිංහල ආණ්ඩුවෙන් වෙන් වෙන්න දෙන්න කියපු දවසට.

      Delete
    4. සමාජවාදය කියන්නේ බහුතරය හිඟන්නෝ වගේ ඉන්න එකට.. ඔක්කෝම හිඟන්නෝ නේ. ඉතින් කිසි අවුලක් නෑ. දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නවා. හරියට අර පන්සල් වල ඉන්න පින්ගුත්තර ගිහියෝ වගේ, එහෙම නැත්නම් ඇබිත්තයෝ වගේ. එහෙම රටවල් වල උන්ට වෙන රටවල් ගැන දැන ගන්න විදියකුත් නෑ නේ. ඉතින් උන් හිතන්නේ මේක තමයි ස්වර්ගය කියලා. නායකයෝ තමයි දෙවිවරු කියලා..

      Delete
  8. අර පින්තුර කැල්ලෙ ඉන්න නංගි ගේ දත් ටික අවුල් වගේ ;) එ වුණත් අවුලක් නෑ ;)))))))

    මට ආපහු අම්මගෙ බඩට රිංගන්න හිතුනු වාර අනන්තයි///හැක් මෙහෙමත් හිතෙනවා ද

    ReplyDelete
    Replies
    1. Thank you සහෝදරයා. ඔන්‍න‍ ඔය වගේ තියෙන විදියට පාන් කෑල්ලක් කාල මරුටියේ නැත්නම් ඩිස්කවරියේ රවුමක් ගහල පුලුවන්නම් නංගියාගේ දතක් ගලවගෙන ඉඳිමු.

      Delete
    2. එයා මදින්නේ ක්ලෝසප් වලින්ලූ..

      Delete
  9. ලෝකේ ඕනම ප්‍රශ්නෙක මුලට ඉන්නේ ගැනියෙක්නේ.මේ නංගියෙක් කරලා තියෙන තරම.මේ නංගිට වෙන වැදගත් දේවල් නැද්ද කතා කරන්න?නංගිගේ යන එන තැන් එහෙම දැන ගන්න කතා කරා නම් වටිනවනේ.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. දේශපාළණය තරම් වැදගත් දෙයක් තියෙනවද බං සිරි ලාන්කික අපට...

      Delete
  10. ඇමරිකාවේ ගෞරවාන්විත විශ්ව විද්‍යාල අතුරින් ප්‍රමුඛතම එකක් වන උතුරු කැරොලිනාවේ ඩියුක් සරසවියේ රූමත් සිසුවියක්, සරසවියට ගෙවිය යුතු අධ්‍යන වියදම ගෙවීම සඳහා ලිංගික දර්ශන රඟපාන බව මෑතකදී හෙළිවිය. අවුරුදු දහ අටක් වන මේ රූමතිය රඟපෑ ලිංගික දර්ශන නැරඹු ඇයගේම යහළුවෙක් ඇය හඳුනා ගැනීමෙන් පසු මේ සිද්ධිය පළමුව සරසවිය තුළත් පසුව ඉන් පිටත් මහත් ආන්දෝලනයක් ඇතිකර තිබේ. ඇය තම කතාව බ්ලොගයක ලියා ඇති අතර ඩියුක් සරසවියේ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක්ද දී තිබේ. ඇය කාමෝද්දීපන සිනමාවේ රඟපාන්නේ වසරකට ඩොලර් 60000ක් වැය වන, සරසවියට ගෙවිය යුතු අධ්‍යන වියදම් පියවීමට බව ඇය පැහැදිලි කොට තිබේ.

    "ලිංගික සිනමාවේ රඟපෑම මට ඉමහත් සිතාගත නොහැකි තරම් ප්‍රීති-ප්‍රමෝදයක්" ගෙන දෙන්නේ යැයි ඇය පවසන්නීය. "හැම දර්ශනවාරයක් අවසානයේම මම දන්නවා අවංකව දවසක වැඩ නිමා කළා කියා. ලිංගික දර්ශන යනු මගේ කලාවේ පිටවාන: මගේ ආදරය, මගේ සතුට, මගේ නිවහන."

    කාමෝද්දීපන සිනමාවේදී ඇය භාවිත කරන නම "BELLE KNOX"ය.

    "කාමෝද්දීපන සිනමාව යනු ඩොලර් බිලියන ගණනින් ප්‍රතිලාභ ගෙන දෙන, ගැහැණු සහ මිනිසුන් මිලියන ගණනක් පරිභෝජනය කරන කර්මාන්තයක්. එහෙත් කැමරාව පිටුපස සිදුවන සූරාකෑම, අපයෝජන සහ ලිංගික ශ්‍රමිකයන්ට සිදුවන හිංසනය ගැන කතා කරන්න කවුරුත් නැහැ. අපිත් සිහින සහ අභිලාෂයන් ඇති ගෑනු-මිනිස්සු විදියට සලකන්න කිසිවෙකුටත් අවශ්‍ය නැහැ" ඇය පවසන්නීය.

    PLAY BOY සඟරාව සමග සාකච්ඡාවකදී ඇය කියා සිටියේ අධික අධ්‍යන වියදම නිසා ලිංගික දර්ශන රඟපෑම හැර වෙනත් විකල්පයක් නොතිබූ බවය. TIME සඟරාව ඇගේ ලිංගික සිනමා ආක්‍රමණය පිළිබඳ ඇය කියන දේ සැකයට බඳුන් කරයි. ඇයගේ ස්ත්‍රීවාදී අර්ථදැක්වීම බිඳ වැටෙන්නේ බොහෝ කාමෝද්දීපන සිනමාපට වල ස්ත්‍රිය, පිරිමින්ගේ මන දොළ සපුරන වස්තුවක් බවට පත්වන නිසා සහ ස්ත්‍රියට අවමන් වන අයුරින් සලකන නිසාය.

    මීට පෙරද ෆ්ලොරිඩාවේ ඇමරිකානු සිසුවෙක් තම පවුලේ ආර්ථික ප්‍රශ්න වලට පිළියමක් ලෙස කාමෝද්දීපන සිනමාවට යොමුවී පාසැළෙන්ද එළවනු ලැබීය.

    මෑතකදී නිව්ජර්සි වල වෙසෙන අවුරුදු 18ක සිසුවියක් තමන්ට ජීවත්වීමට සහ තම අධ්‍යාපනයට අවශ්‍ය මුදල් ඉල්ලා, තම දෙමව්පියන්ට එරෙහිව නඩුමගට බැස්සාය.

    ඒකීය පුද්ගලයාත් ධනවාදයත් හැසිරෙන ආකාරය පුදුම ආතල් එකැක් යැයි අපට සිතෙන්නේ අපේ ගොන් කම නිසා විය යුතුය.

    SOOSTHI GUNE

    ReplyDelete
    Replies
    1. රුසියාවේ චීනේ සමාජවාදේ තියෙන කාළේ, පොඩි කෙල්ලෙක් එක්ක නිදා ගන්න, ඉරිච්ච් ඩෙනිමක්, සිගරට් දෙක තුනක්, අඩියෙ ජූන්ජක් තියෙන විස්ක් බෝතලයක් තිබුනත් ඇති කියලා ඒ කාලේ එහේ ඉගෙන ගන්න යන උන් කියනවා. සබන් කෑල්ලට ටූත් පේස්ට් එකට පතිවත පූජා කරපු උනුත් උන්නා.. මේවට සමාජවාදෙද, ධනවාදෙද කියලා දෙයක් නෑ.. ලිංගිකත්වය කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකමක්.. ඒකෙන් ධනය හොයන එක.. ඒ පුදගලයන්ගේ දක්ෂතාවය..

      Delete
    2. මමත් කියන්නෙ දෙයියො නිකම් දීපුව විකුණගන්න ගෑනියෙකුට පුළුවන් කියන්නෙ දක්ෂකමක්. අනික ඔය ලිංගිකත්වය කියන්නෙත් මැජික් එකක් නොවෙයි. ඔය කන්‍යාභාව වල මහා පාරිශුද්ධත්වයක් නෑ.සමාජවාදය හැංගෙන බිත්තර කටු තුනක් තිබෙනවා.එකක් අල්පේච්ඡතාවය එතනදි තමන්ගෙ නිෂ්පාදන දුර්වලකම් වහගන්න පුළුවන්.තව එකක් තමයි අපේම වූ ක්‍රමය එතනදි තමන්ට ඕනදෙයක් ආදේශකරගන්න පුළුවන් තුන්වෙනි ක්‍රමය තමයි සදාචාරය. තමන්ගෙ නොහැකියාවට ඔය මොනව කළත් වැඩක් නෑ

      Delete
    3. අනේ බන් , උඹ ඇත්තටම සූස්තියක් ගහගෙනද ඉන්නේ.ඒකි ඇඳුම් ගලවන්නේ ඉගෙන ගන්න සල්ලි හොයා ගන්න.නමුත් දුප්පත් මිනිසුනගේ සල්ලි වලින් ඉගෙන ගෙන අඩහ ස්ටේෂමට ටිකට එකක් පිටරටට කොරකොර ලංකාවට කෙල ගහන කක්කුස්සිකාරයා‍වෙගේ උන් ගැන උම කියන්නේ මොකක්ද?මාතලන් කියලා තිවයන දේ හරියට තේරුම් ගනින්

      Delete
  11. දැන් ඔය නංගි මොකද මේ මාතලනුයි පැරයි එක්ක විතරක් චැට් කොරන්නේ ..? ඇයි අපි කළුද?

    ඔක්කොමත් හරි අන්තිමට "සුබ අනාගතයක්" කියලා කියන එකට තමයි මල්ම පනින්නේ අම්මප

    ReplyDelete
    Replies
    1. අපි දැකුම්කළු යි. නැත්ද බං? ;)

      Delete
    2. පැරා කියන්නේ - වයිස්ලී අදහස් උදහස් ප්‍රකාෂ කරන සහෝදරයෙක්
      මාතලන් කියන්නේ - මහාචාර්යවරයෙක්

      උඹලා මුක්කුද බන්... ඒත් බලහන් ට්‍රයි කොරලා..

      Delete
  12. නියමනෙ මාතලන් අයියෙ. මාර නංඟි බබෙක්නෙ. ;)

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි අපිට සැට් වෙන නංගියලා උනත්...

      Delete
  13. හුකෑස් !!!

    ජය වේවා .. හුරේ හූ !!!

    මාතලං බොස් එහෙනං උඹටත් හරිගියා ඈ !!

    ලස්ස ගානක් වියදං කොරං ඇවිත් අපි මෙහේ වේලෙනවා ..

    චැහ් , එවන්ඩකො ඔය නංගිය වයඹට පොඩ්ඩක් ,

    භේද නොසැලකේ - වරදට සමාව් !!!!!

    ReplyDelete
    Replies
    1. කේන්දර කොපියක් එවන්ට කියන්නද පත්තරේ?? ;)

      Delete
    2. කේන්දර සමග පැමිණ විමසන්න කියපං ප්‍රියෝ..

      කේන්දරේ මාරයට , නංගි මට !!! හැක්

      Delete
    3. අම්මටසිරි පත්තරයා ඇවිත් ..වෙල්කම් කිව්වා ....කවදද බොල ආපහු ගියේ..

      Delete
    4. පත්තරය මේහේ බං තාම ..යන්න තව දවස් 10ක් තියනව.. නංගිල දැක්කම ගිහිල්ලත් බෑ බං..!!

      Delete
    5. එහෙනම් ඉතිං ඔය නංගි බබෙක්වත් අරන්ම ගියා නම් ඉවරයි. ;)

      Delete
    6. උඹට මොකෑ බන් ඇත්තට උනේ.. වයඹ ඉඳලා වැඩක් නෑ.. කොළඹ වරෙන්.. උඹට කොයි රටේ එකක්ද ඕන..

      Delete
    7. පත්තරේ කොයිද ගිහින් හිටියේ ළඟදී වැඩිය දැක්කේ නෑ

      Delete
    8. ප්‍රියා .. ආසයි නේ ?? හැක්

      මාතේ.. මං ලංකාවට ආව නෙව බං..තව ටික දොහක් ඉන්නවා.හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට

      බඩු කාර මචං.. මං නිවාඩුවට ලංකාවට ආව් මචං ..කමෙන්ට් දැමිල්ල ඩිංගක් අතපහු උනා .

      Delete
    9. පත්තරයත් ඉන්නවා එහෙනං මං හිතන්නේ අපි ළගදිම හමුවෙයි වගේ

      Delete
    10. ආයෙත් අහල බොස් !!
      මැල්බරෝ ද වැයික්කියෝ රොමාන ද !!! පුහ් !!

      Delete
  14. හප්පේ නිල්පාට මරුටියේ,තුන්කුදු ගැහිලා පරණ ගාලු පාරේ ගිහින් කොන්දත් රිදෙනවා.

    Gallardo LP 550 ලැම්බෝගිනියේ කතරගං යං මාතලන්

    ReplyDelete
    Replies
    1. සහන් කොලුවද මේක ගෙනාවේ? ගේන්න හදපු car එකට බ්ලොග් වලින් දාපු කින්ඩි නිසා ලැම්බෝගිනියක්ම ගෙනාව වෙන්න බැරිද?

      Delete
    2. අපි ඇවිල්ලා ලැම්බෝගිනි වල නැගලා සීඝ්‍රගාමි අධිවේගේ මාර ඉස්පීඩ් එකේ ගල් යුගයට යන කස්ටියනේ..

      Delete
  15. ඈ බන් අපි මේ එක එක නංගියො එක්ක හුරතල් වෙනකොට අර චන්ද්‍රසිරි බන්ඩ ගුවන් යානෙ ගැන අනාවැකි කියල. බඩේ මංශපේශීන්ට ව්‍යායාමයක් විදියට හවසට සී නිව්ස් බල බල හිටිය මට හිතෙනව ඒ ව්‍යායාමය දවල්ටත් ගත්තනම් නරකද කියල. දවස් 14 කින් හම්බවෙනවලු.නියමුවලු ගේම දීල තිබෙනව. හිතපල්ල චන්ද්‍රසිරි බන්ඩෙක් ඉන්න අපේ රට කොච්චර වාසනාවන්තද කියල.

    ReplyDelete
    Replies
    1. ආයේ ඌ කිව්වනම් දෙකක් නෑ. දවස් දාහතරෙන් බඩු එයි එලියට. ඌමනේ නිවරදිව කිව්වේ ගියවට ටී ටුවෙන්ටි එක අපි ගහනවා කියලා.. ඌගේ අම්මගේ රෙද්ද...

      Delete
  16. මේ සංවාදය මාතලන් දැකලා තියෙනවද ?

    අමුත්තා : පුතා ඇමරිකාව ,එංගලන්තය ,රුසියාව ,සහ චීනය කියන රටවල් වලින් ඔබ වඩාත් ආදරය කරන රට හෝ රටවල් මොනවද?

    පුතා : මම කැමතිම චීනයට සහ රුසියාවට

    අමුත්තා : ඒ මොකද පුතා ...?

    පුතා : නෑ අංකල් ..බලන්න ඇමරිකාව ,එංගලන්තය වගේ රටවල් හැමතිස්සෙම අපිට එරෙහිව කටයුතු කරනකොට අපේ සහයට හැමදාම ඉන්නේ චීනයයි රුසියාවයි එයාලා තමයි අපේ සැබෑ මිතුරෝ ..ඒ නිසා මම කැමතිම ඒ රටවල් දෙකට ..මොකද ජිනීවා වල වුනත් අපි බේරිලා ඉන්නේ ඒ රටවල් නිසානේ
    අයි අන්කල් මෙහෙම අහන්නේ ?

    අමුත්තා : නෑ පුතා අපි ඔයා කැමති රටකට PR අරන් දෙන්න ආවේ, ඔයාට ඕනේ රුසියාවට හරි චීනෙට හරිනේ නේද?

    පුතා : අනේ නෑ අන්කල් මම ඉස්සෙල්ලා විහිළුවක් කලේ :)

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++

      Delete
    2. ඇත්ත කතාව ඕකනේ බං. ඔය පැරාලා කත් අදින පක්ෂේ උන්, උන්ගේ දරුවෝ පට්ට ධනවාදී රුසියාවේ කියුබාවේ උතුරු කොරියාවේ චීනේ හෙම නෙමෙයි. ඔස්ට්‍රේලියාවේ, මහ බ්‍රිතාන්‍යයේ, ප්‍රංශයේ, ඉතාලියේ එහෙම නැත්නම් කැනඩාවේ. ඔය පස්සෙ කියපු ඔක්කෝම රටවල් සමාජවාදී රටවල්..

      Delete
    3. පැරැව පැත්තකින් තියලා(පැරා ලියලා කියලා තියෙන දේවලින් මං අවංකම හිතනවා ඒ මනුස්සයා වෙනස් විදිහට හිතන පතන හාදයෙක් කියලා)
      අනිත් අපේ වයසේ උන්දෑලා දිහා බැලුවම මාත් ඇතුළු උන්දෑලා සමාජවාදියො වේලා ඉන්නේ ජිවිතේ අවස්තා දෙකක විතරයි.
      ඒකක් ගැටයා කාලේ,ඒ වැඩිපුරම සොවියට් සාහිත්‍යයේ බලපෑම හින්දා.අපිත් 9,10 ඉද්දී සොවියට් සාහිත්‍යයේ ආස්වාදය ලබලා, සමාජවාදී රාජ්‍යහදනවා හිටු කියලා.පස්සෙන් පහු දේශපාලනයට ගිය උන්දෑලා කීපදෙනෙක් හිටියට අනිත් බහුතරේ ටිකෙන් ටික ධනපති පතියට පත් වීම් ගන්නවා නැත්තම් මැද මාවතේ කියලා ඒහෙකට වාහනේ දාගන්නව. තලතුනා වුනාට පස්සේත් සමාජවාදේ කියවන කීපදෙනා(සමාජවාදේ බිස්නස් ඒකක් හැටියට කරන දේශපාලකයෝ හැර) දිහා බැලුවාම මිදී තිත්ත සීන් කොන් ඒක ලාවට වාගේ පේන්න තියෙනවා මට පෙනෙන හැටියට.

      Delete
    4. ඉවාන් (සහ සෙට්එකට)
      මේක එච්චර වටින තර්කයක් නෙවේ. මම කියන්නෙ ඔතන තියන දේශපාලනය ගැන නෙවේ. අනිත් දේ ගැන. යාලුකම කියන්නෙ එකක්. පදිංචියට චාන්ස් එකක් ලැබෙනව කියන්නෙ තවත් එකක්.
      ඔන්න මගේ යාලුවෙක් ඉන්නව X කියල. මිනිහ දුප්පතා. ම‍ට චාන්ස් එකක් ලැබෙනව හැමදාම එක්ස් ගෙ ගෙදරින් හෝ අරලිය ගහ මන්දිරයෙන් කෑම එක ගන්න. මම මහින්ද රාජපක්ෂට අකමැති උනත් තෝරගන්නෙ අරලිය කෑම එක. අන්න ඒ වගේ තමයි ඕකත්. pr එක කියන්නෙ යාලුකම මනින මිම්මක් නෙවේ.

      Delete
    5. @ රාජ්

      හරි කැතයි නේද ඒ වැඩේ.. උඹේ යාළුවා සමහර වෙලාවට සාරියක් තුලින් ජීවීතයේ සතුට සොයාගෙන යන්න ඉඩ තියෙනවා.

      මෙවගේ උන්ට අපේ ගමේ කියන්නේ කටෙන් රෙන මිනිස්සු කියලා..

      Delete
    6. @ රාජ් - මම කියන හැදුවේ පෞද්ගලිකමට්ටමෙන් බැලුවම හැමෝම කරන්නේ මවාපෑම . පට්ට සමජ්වාදේ කතාකරන එකාත් අවස්ථාව හම්බවුනාම කරන්නේ ඔය වැඩේ .හැමෝම හදන්නේ අනෙක් එකාට සමාජවාදී ,සමානාත්මතාවය රජ කරන රටක් හදල දෙන්න ,හැබැයි ඒ රටේ ඉන්න කැමති නෑ . තමුන් ධනවාදයේ කකුල් දෙකම තියාගෙන ,අනිත් එවුන්ගේ ඔලුව තල්ලු කරන්න් හදනවා සමජ්වදෙට

      Delete
    7. තව මොන කතාද මචංස්ලා......උදේ හවස හංදියක් ගානේ බටහිර පතුරු ගහන වීරවංශගේ පුතා ඉන්නේ ස්කොට්ලන්තේ. ටීවීවල පල්හෑලි දොඩවන නලීන් සිල්වාගේ පුතා ඉන්නේ කොහෙද? මම නලීන්ගේ ඇකඩමික් දැණුමට නිගරු කරනවා නොවේ. ඇත්ත උන්ට ...බොරුව අපිට.

      Delete
    8. ඉවාන් අරූ ++++++++++++++++++++

      Delete
  17. මමත් ඔය නංගිත් එක්ක චැටක් දාන්න ඕනෑ

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ.. රහ වැඩි වෙලා අපිට ලීක් වෙයිද දන්නෙත් නෑ..

      Delete
  18. අපිට කොයින්ද පුසෝ බලමාළු .... අපි යනවායි මුදු ....කිව්වලු

    ReplyDelete
    Replies
    1. අර ප්ලේන් එකට උඹ මොකක්ද බන් කලේ හැබෑට..

      Delete
  19. මාතලන් අයියේ මසුරන් වචන ටික නගාට කියල තියෙන්නේ. ++++++++++++++

    ReplyDelete
    Replies
    1. අපි කිව්වොත් ඉතින් කිව්වා තමයි කියලා හිතා ගන්...

      Delete
  20. නංගිලාටත් හිතෙන දේවල්

    ReplyDelete
  21. මෙකත් කාලින බනක් ද?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ.. සදා නිම නොවෙනා විවාදයක්..

      Delete
  22. රටේ තියෙන ප්‍රශ්න වලට සමාජවාදය,ධනවාදය උත්තර නෙමේ.අපි හොයාගන්න ඕනේ අපිට ගැලපෙන ක්‍රමයක්.කොහොමත් දැන් මේ පවතින ක්‍රමය තුල ඇති එකාට උතුරන්න වගේම නැති එකාට නැත්තටම නැති වෙන්න වෙලා තියෙන්නේ.මෙන්න මේ ක්‍රමය තුල වෙනසක් අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. නැත්තටම නැති වෙන්නේ නැතිව, එතනින් ගොඩ එන ක්‍රමයක් බලන්න ඕන.. මීට වඩා හොඳ ක්‍රම ඇති.. ඒත් ඒ සමාජවාදය නම් නෙමෙයි..

      Delete
  23. ////ඇත්ත රටේ ආදායම ජනතාව අතරේ බෙදී යන ක්‍රමයේ විශාල විශමතාවයක් තියෙනවා. ඒකට වැරදි ක්‍රමය නෙමෙයි. පුදගලයා.. කෑම ටික පිඟානට වැටෙනකන් බලාගෙන ඉන්න එකා, මේ ක්‍රමය යටතේ අනාතයි. //////

    මචං.....ගොවියෝ....කලාපේ ළමයි....සිකිරුටි ගාඩ්ලා..ධීවරයෝ....සොල්දාදුවා ආදී එකි නොකි.. ඒ ගොල්ලොත් බලන් ඉන්නේ ඔය කියන විදිහටද?

    ReplyDelete
    Replies
    1. අරූ දැන් උඹ ඉන්නේ සමාජවාදී රටකද..

      මෙහෙමයි මචෝ.. වී වගා කරන ගොවියෝ අනාතයි. ඒත් උන් දැන ගන්න ඕන වගාව වෙනස් කරන්න ආයේ මොකා කිව්වත්. වෙනත් බෝග වවන ගොවියෝ ඉන්නවා ඉතා සැපවත් ජීවීත ගත කරන. ගංජා නම් නෙමෙයි, ආර්ථික භෝග.... කළාපේ ළමයි උඹට පේන විදියට ගන්නේ අඩු පඩියක්, ඒ අනිත් ඒවා සංසන්දනය කලාම. ඒත් උන්ගේ සුදුසුකම් අනුව උන් ලබන්නේ ළොකු පඩියක්, අනික පිරට රැකියා අවස්ථා විශාලයි, යන නොයන එක උන්ගේ තීරණයක්.....සිකුරුටී ගාඩ්ලා හොඳ පඩියක් ගන්නවා.. නිකන්ම නේ ඉන්නේ.. රෑට කන ඇලෙන්න නිදා ගන්නවා.. අනික සමහර උන් ටයිත් දාලා ඉන්නේ.. ඉතින් ඒකත් උසස් රැකියාවක්.. ධීවරයෝ කියන්නේ අම්බ සල්ලි කාරයෝ.. එක වඩියක් මූදූ ගිහින් ආවම හොඳ ගානක් අරගෙන එන්නේ හැම එකාම.. ඒත් උන්ගේ ජීවන රටාව අනුව.. වියදම් කරන්නේ නිස්කාරන දේවල් වලට. අනික ඒ පන්තියෙන් මිදෙන්න උන්ට කිසි උවමනාවක් නෑ..... සොල්දාදුවන්ට උඹ නොදන්නවා උනාට සෑහෙන වැටුපක් ලැබෙනවා.. නමුත් දුප්පත්ම එකෙක් කොච්චර පඩියක් ගත්තත්.. පරම්පරාවම ඌගෙන් කන්න බලාගෙන ඉන්න කොට උන්දුප්පත් තමයි...

      ඕන් ඇත්ත කතාව.. පිලිගන්නවානම් පිලිගනින්..

      Delete
    2. මාතලෝ පුළුවන් නම් ජාතික සේවයක් හැටියටවත් Rich Dad poor dadපොත පරිවර්තනය කරලා බොගේ දාපන්

      Delete
    3. අන්න මාතලන් කරනවානම් වැඩක්. ඕක උඹ වාගේ ඒකෙක් නැත්තම් වෙන ඒකෙකුට කරන්නත් බෑ( වැරැදුනා කරන්න බෑ නෙමේයි කරලා ඔළුව බේරගන්න බෑ)
      අවුරුද්දූ පහ හයකට කලින් කියෙව්වා.
      ඒක අප්පෙක් කියනවාලූ " මුදලට ඇති ගිජූකම සියලු පාපයන්ට මුලයි කියලා" ඒතකොට අනිත් අප්පා කියනවාලූ " මුදල් නැති කම සියළු පාපයන්ට මුලයි" කියලා.

      Delete
    4. මාතා.......සමාජවාදයද, වෙනත් වාදයක්ද කියන එක නෙමේ මම අදහස් කරන්නේ. අපි කතාකරන උඩ යට ගැප් එක එන්න එන්නම අපේ රටේ දුරස් වෙන එක ගැන. අදායම බෙදීයාම. දැන්නම් බෙදීයන්න ආදායමක් නැහැ කියපන්කෝ. ඒත් ඒ පරතරය උඹට තේරෙනේවා ඇතිනේ. උඹේම වාක්‍යයකින් කිව්වොත් "ලැම්බොගිනිවල නැගලා ගල් යුගයට යාමෙන් " මේ දේම නේද ඔය පරතරය විග්‍රහ කරොත් පේන්න තියෙන්නේ.

      Delete
    5. ලැම්බෝගිනි කතන්දරෙන් මම කියන්නේ මචෝ සල්ලි තිබුනත් චින්තනේ අප්සට් කියන කතාව කියන්න.. ඇත්ත ඇති නැති පරතරය වැඩි වෙනවා.. අලුත් බිලියනර්ස්ලා බිහිවෙනවා වගෙම දුප්පත් එකාත් ඒ තත්වෙන් ගොඩ එනවා. සනහනාධාර බලාගෙන ඉන්න කාළකන්නි තමයි මචෝ හැමදාම ඔය අඬෝවැඩියාව නගන්නේ. අනික පැන්සොන් බලාගෙන ඉන්න ආන්ඩුවේම යක්කු. ඒත් ඇයි උන් මහින්දටම ඡන්දේ දෙන්නේ. උන්ටත් පඩි වැඩි වෙලා තියෙන්නේ. ඔය කියන තරම් අමාරු නම්, ඡන්දෙදි හරි ගහපන්කෝ මහින්දගේ කන පැලෙන්න. කන පැලිල්ල කෙසේ වෙතත්, දෙකට නැමිලා බුලත් කොලේට අහන්න්නේ, උන්ගේ හදවතට බොරු කරන්න බැරි නිසා. මොකෝ මහින්ද ඉන්නවය පෝලින් බූත් එකේ. අනික් පිරිස තමයි හැම නායකයම කාළයක් ගියාම එපා වෙන පිරිස. උන්ට සිරිමාවෝ හිටියත්, චන්ද්‍රිකා හිටියත්, ප්‍රේමදාස හිටියත්, මහින්ද හිටියත්, සෝභිත හාමුදුරුවෝ හිටියත් ටික දවසකින් මොන එකාත් එපා වෙනවා. උඹ කොළඹ ඇවිත් බලහන්කෝ දැන් රටේ තත්වේ.. ඔය කියන අහේනියක් නෑ බං.. මොන්ටිකාලෝඅ වගේ නෑ.. ඒත් හැම එකාම කාලා, කන පැලෙන්න බීලා, ෆුල් ආතල් එකේ ඉන්නේ.. නිකන් කන්න බලාගෙන ඉන්න එකා හැමදාම පරාදයි.. මේ රට හදන්න නම් ඔය සනාධාර සම්පූර්ණයෙන්ම කපලා දාන්න ඕන..

      Delete
    6. හැදෙනවනම්, හැදෙන්න ඕන මිනිහෙකුට ගන්න තියෙන හොඳ උදාහරණය උඹ. එහෙම නැත්නම් මම.

      මේ සමහර උන් කියනවා "Rich Dad Poor Dad" පොත පරිවර්ථනය කරන්නෙයි කියලා. ඒවා පරිවර්ථනය කරන්න ඕනන්නේ නෑ. "අරූ" ලියන යුගාන්තය නැවත් ලිවීම කියෙව්වම හරි..

      Delete
  24. බොහොම සාරවත් කාලීන සංවාද මණ්ඩපයක්...

    ReplyDelete
    Replies
    1. මේක ඇවිල්ලා සර්ව කාලින සංවාදයක්..

      Delete
  25. බුදු නංගියෝ කියන තැනක් ස්පර්ෂ කරන්නම් අපේ පැත්තටනම් එන්න එපෝ...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්පර්ෂ කරන්නෙ කොහෙමෙයි බන් එන්නේ නැතිව...

      Delete
  26. පැරැගේ ලිපියත් කියෙව්වා.මාතලන්ගේ ඒකත් කියෙව්වා.
    මං නම් පට්ට ලයික්‍ ය. ලියලා තියෙන දේවල එහෙම නෙමෙයි නංගීලා ඒක්ක දේශපාලනේ කතා කරන ඒකටය.

    ReplyDelete
    Replies
    1. දේශපාළණය ගැන අපිට වඩා දන්න නංගිලා ඕන තරම් ඉන්නවා.. එක්කෝ මෙළෝ හසරක් නොදන්න ගොනෙක් වගේ එකක් බැඳ ගන්න ඕන. එහෙම නැත්නම් බුද්ධිමත් කෙනෙක් බැඳ ගන්න ඕන. ටිකක් දන්න උන් බැඳ ගත්තොත් මළ වදේ..

      Delete
  27. ඇයි මේ සමාජවාදයක් ගැනම කතාකරන්නෙ?

    ReplyDelete
    Replies
    1. කව්ද අනේ එහෙම කරන්නේ.. මේකේ කුණුහබ්බත් ලියනවනේ..

      Delete
  28. නංගිලා එක්ක කතා කරන්න වෙන මුකුත් තිබ්බෙම නැද්ද මම අහන්නේ..

    ReplyDelete
    Replies
    1. මීට වඩා වෙන මොකක්ද බං තියෙන්නේ.. මම නම් ලව් කරන්නෙත් පොලිට්‍රික්ස් වලින්...

      Delete
  29. අජිත් පැරකුම් ජයසිංහගෙන් සමජවාදී හෝ වෙනයම් ධනාත්මක් ජිවිතයක් සඳහා උපදෙස් ගැනීම වඳුරන් ගෙන් අභිධර්මය ඇසීමක් වගේ. හිටපු ජවිපේ ක්‍රියාකාරිකයෙකු හැටියට අජිත් පැරකුම් ජයසිංහට උපන් ගෙයි කුහක කමක් ඉර්ශියාවක් තියනවා. ඔහුට ඉහල අධ්‍යාපනයක් ලබා ගැනීමට බැරි වීම , හොඳ වෘත්තියක් සමාජ තත්වයක් ගොඩ නගා ගැනීමට නොහැකි වීම නිසා. ඔහු සමජයට රහසින් වයිර කරන්නෙක්. ඉස්කෝලේ යන කාලයේ සිට සෝමවන්සලා , කුමර් ගුනරත්නම්ලා විමල්ලාගේ පස්සේ ගොස් ගල් කටස් වලින් කරන බොරු විප්ලව ලණුවකට අසුවී අජිත් පැරකුම් ජයසිංහ ජිවිතයේ හැම දෙයක්ම නැති කර ගත්තා. විප්ලවය කියලා අජිත් පැරකුම් ජයසිංහ කලේ මංකොල්ලකෑම් , ස්ත්‍රි දූශන​. ඒ නිසා ඔහුව පොලිසියට කොටු වී වදකාගාරයකට යවනවා. එහිදී ඔහු තමන් සමග එකට හිටපු සහෝදරයන් පාවා දීලා ජිවිතය බේරගෙන ඉන්දියාවට පලා යනවා. අජිත්ලාට විප්ලවයේ සුර ලෝකය පෙන්නපු සෝමවන්සලා , කුමර් ගුනරත්නම්ලා ධනවාදී පිටරට වලට පැනලා විමල්ලා ධනපති පාලකයන් ගේ ඔෘඩාක්කුවේ. ඔවුන් ජීවිත ගොඩ දාගෙන ගෙවල් දොරවල් හදාගෙන ජීවිතය විඳිනවා. මේ කිසිවක් කර ගැනීමට බැරි වූ අජිත් පැරකුම් මෙහෙ සැප විඳින මිනිසුන්ටයි පිටරට ජීවත් වන මිනිසුන්ටයි කුහක කතා කිය කිය ඉන්නවා. ක්‍රිස්ගේ උගත් කමට ඉන් ග්‍ර්‍රීසි දැනුමට ප්‍රාදේශිය ගුරුවරයෙකු වන පැරා තුල තිබෙන ඉරිසියාව අර පොයම් එකෙන් හොඳට පේනවා.

    ReplyDelete
    Replies
    1. මම මේ පෞද්ගලික පහරදීම් වලට කැමති නෑ.. ඒත් පැරා කවදාවත් මට පෞදගලිකව පහර දෙන දේ ඉවත් කරන්නේ නෑ.. ඉතින් මේකත් ඔහේ තිබුනාවේ..

      කොහොමත් වමේ කස්ටියට ධනවාදී මාවතට පිවීසීමක් ඇර වෙන කිසි සරණක් නෑ. හැමදාම උනෙත් ඒක. කවදාවත් අහලා තියෙනවද ධනවදියෙක්, සමාජවාදෙට රිංගපු කතාවක්.. මම අහන්නේ මේ සිරි ලංකා භූමියේ..

      Delete
  30. අර පවනි තරංගා මල්ලි එක්කත් ඔහොම නංගියෙක් චැටක් දැම්ම නේද?? අපි පව් නැද්ද මෙයා..

    ReplyDelete
    Replies
    1. අපි මක්කටෙයි බන් පව් වෙන්නේ.. ඕන් සමාජවාදී කාරයෝ නම් පවේ පව්.. හැමදාම දුකම තමයි...

      Delete
  31. හුරේ අද මම අන්තිම!!

    ReplyDelete
    Replies
    1. එයිට පස්සෙත් එකෙක් ඇවිල්ලා...

      Delete
  32. මෑත කාලීන හොඳම සංවාදය කියෙව්වෙමි. සහනාධාර මත යැපෙන්නට ඉන්නා ක්‍රමයට මම ද දැඩි ලෙස විරුද්ධය

    ReplyDelete
    Replies
    1. රටක් හදන්න පුළුවන්ද බන්.. හිඟන මානසිකත්වයක් තියෙන ජනතාවක් එක්ක..

      Delete
    2. රටක් හදන්න බැරි හිඟන මානසිකත්වයක් තියෙන මිනිස්සු හින්දා නෙමෙයි බන්.... කකුලේ නියපොත්තේ ඉදන් හිසේ කෙස් ගහ වෙනකම් හොරකමයි, ගොන්කමයි තියෙන ගොන්නු රජවෙලා තියෙන නිසා 1948 ඉඳන්.

      Delete
    3. මම ඒ දේ පිලිගන්නේ නෑ අරූ.. එහෙම නම් එහෙම ගොන්නු පත් කර ගන්නෙත් ජනතාවම නේද..? උඹ කියන විදියට එහෙමනම් මේ රට කවදාවත් හැදෙන්නේ නෑ. නමුත් ඒක නෙමෙයි ඇත්ත. පෙරට වඩා දැන් රට දියුණුයි..

      Delete
    4. ඒකත් ඇත්ත බන්....මුන් බෙදන දේවල් අරගන්න පස්සෙන් බඩගාලා මුන්ට ඡන්දේ දාන එකනම් හිඟන මානසිකත්වයම තමයි.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න