.

.

Mar 11, 2014

අළුගෝසුවාගේ අස්වීමේ ළිපිය... - Hangman's Resignation


රාජකාරියට වාර්ථා කර නොමැති අළුගෝසූවා විසින්, බන්ධනාගාර කොමසාරිස් වෙත යොමු කල අස්වීමේ ළිපියේ පිටපතක් මා වෙත ලැබී ඇත. පහත් පළවන්නේ ඒම ළිපියයි..

ගරු බන්ධනාගාර කොමසාරිස් තුමා,
වැලිකඩ බන්ධනාගාරය,
බොරැල්ල.

පත්තරේ, ටැලිවිසොන් එකේ අළුගෝසුවෙක් හොයනවා කිව්වාම පැනලා ආවේ, අනික් මොන මළදානෙට යන්න ගියත්, පලාතේ ඇමතිලාගෙන් ලියුම් ගේන්න කියන නිසාය. ඒ උනාට, අපේ ගමේ නායක හාන්දුරුවෝත්, ග්‍රාමසේවක නෝනාත්, කිසි පැකිලීමක් නැතිව, චරිත සහතික ලියා දුන්නා පමණක් නොව, තුරුණුවන්ගේ සරණත් පැතුවා මට හොඳටෝම මතකය.

ආන්ඩුවේ මැති අමතිවරුන් ළඟ, ෆුලි කොලිෆයි බඩු උන්නත්, මෙළෝ කොලිෆිකේසොන් එකක් වත් නැති මට, මේ ජොබ් එක දුන්නාට, ඔබ තුමාට මුලින්ම ඉස්තූතී වන්ත වෙන්න ඕනාය. අපේ හාමිනෙත් කිව්වේ මෙච්චර අළුගෝසුවෝ ඉන්න රටේ, බන්ධනාගාර කොමසාරිස්ට් එකෙක් හොයා ගන්න අමාරු මොකදෑ කියාය. සමහර විට ඔබතුමා බන්ධනාගාරේ උන්නත්, ඒ වගේ උන් ගැන නොදන්නවාත් විය හැකිය.

ජොබ් එකට ආපු මුල් කාළයේ, මමත් ගමේ පොරක් උනේය. හැම එකාම ඇහුවේ, දැන් කවදද පළවෙනි එකා එල්ලන්නේ කියලාය. පඩත්තර කොල්ලෝ නම් කිව්වේ, එල්ලන්න ඕන උන් ඉන්නේ, එලියේ කියලාය. උන් කියනා විදියට එලියේ උන් එල්ලුවොත් හෙම, මට නහින්න වෙන්නේත් එල්ලිලාය. මොකෝ මේ රටේ නීතීය ඒ තරම් සර්ව සාධාරණය. යුක්තිය නියමාකාරයෙන්ම ඉටු වෙනවාය.

ඒත්, දැන් නම් ගමේ යන එක මට අරහන්ය, දැන් හැම එකාම කින්ඩිය දාන්නේ, කෝ බන් මහ ළොකුවට එල්ලන්න ගියාට, උඹට එකෙක්වත් එල්ලගන්න බැරි උනානේ කියාය. ඒ මදිවාට එල්ලන්න එකෙක් ඉඳිද්දි, සම හරක් උන් මගේ ජොබ් එක උන්ම කරගන්නා එක මාර අසාධාරනයක් කියා මටත් හිතෙන්නේය.

හැමදාම ට්‍රේන් වෙන්න, වැලි කොට්ට එල්ල එල්ලා උන්නාට, මට පොරක් වෙන්නට බැරිය. පත්තර වල මගේ ඉන්ටවීව් යන්නේ නැතිය, ටැලිවොසින් එකෙන් මගේ පොටෝ එකවත් පෙන්නන්නේ නැතිය, වයර්ලස් එකෙන් ඇක්ස්පීරියන්ස් අහන්නේ නැතිය. ආපු ජොබ් එක හරියට කරන්නේ නෑ කියා.. ඩෙත් රෝ එකේ ඉන්න උනුත් මට කින්ඩිය දානවාය.

දැයට කිරුලෙත් 90% කියලා තිබුනේ එල්ලන්න ඕන උන්, එල්ලලාම දාන්න කියලාය. ඒ උනාට එහෙම එල්ලන එක සාධාරණදැයි කියා මටත් දැන් දැන් හිතෙනවාය. අම්මපා එහෙම එල්ලන්න ගියොත් හෙම රටෙන් භාගයක් විතර එල්ලන්නම වෙනවාය. එහෙම දෙයක් උනොත්, අර මැතිවරණ කොමසාරිස් මහත්තයාට වගේ, ආතතියද මොකක්ද ලෙඩේ උනත් හැදෙන්න ඉඩ තියෙනවාය.

ගමේ ගොවිතැන් කොරලා කවදාවත් රජ වෙන්න බැරි බව දැනගෙන. මේ රස්සාවට ආවේ, මේකෙන් වත් පොරක් වෙන්න හිතලාය. ඒත් ඉතින් හැමදාම නිකන් ඉඳන් කන එක අපිට පුරුදු නැතිය. අනික ඉතින්, දැන් දැන් නඩු අහන්නත් කලින්, විත්තිකාරයාම පොලීසී ඇතුලේ එල්ලිලා මැරෙණ නිසාත්, සමහර උන් ආයුධ සොයන්න ගොස් මැරෙණ නිසාත්, සමහර උන් පොලීසිය සමඟ පීනූම් තරඟ තියන්න ගොස් මැරෙන නිසාත්. ඉස්සරහට එල්ලන්න එකෙක් ඉතුරු වෙන්නේ නැති සයිස් එකකුත් තියෙනවාය.

අනික බෝගම්බර වැහුවා වගේ, ඔක්කෝම ටික වහලා දාලා, හිරකාරයෝ ටික එලියට දැම්මා නම්, ඒ දුකටම උන් එල්ලිලා මැරෙන්නත් ඉඩ තියෙනවාය. ඒ මොකෝ එළියේ ඉන්නවාට වඩා ඇතුලේ ඉන්න එක මාර ආතල් කියා, කුඩු නූර්ලා, පොට්ට නවිෆර්ලා හිටන් මට කියලා තියෙන නිසාය. ඒ කෙසේ වෙතත් ජේලර්ලා නම් එල්ලෙනෙ එක එල්ලෙනවාමය.

ඒ නිසා මම නම් කියන්නේ එල්ලුම් ගහ වගේම හිර ගෙවලුත් ඕනා නැත කියාය. රජ කාලේ වගේ පොලීසියෙම නඩුව අසා වැඩේ අහවරයක් කොරලා දැම්මා නම්, උසාවී වලට උනත් නිවාඩු දෙන්න පුළුවන් සයිස් එකක් තියෙනවාය.

ඒ වගේම පොලිස් පති තුමා හැම එකාටම පිස්තෝලේ ඉනේ ගහගෙන යන්න කියපු නිසා, පොලෝසියට එන්නත් කලින්, නඩු විසඳිලා තියෙන්න පුලුවන් තත්වයකුත්, ඉදිරියේදි තියෙනවාය. ඒ නිසා මම ගම රට බලා යනවාය. මෙතුවක් කල්, රටින් කඹයක් ගෙනත් දුන්නාටත්, වැලි කොට්ට සපයා දුන්නාටත්, ඔබ තුමාට බොහෝ පින් සිද්ද වෙනවාය.

මේ ලියුම කියවා ඔබ තුමා එල්ලන්න එපාය. එහෙම උනොතින් මටත් වෙන්නේ එල්ලිලාම නහින්නය.

ඔබ තුමාට සුබ අනාගතයක්..!!!

මීට,
එකෙක් වත් එල්ලුවේ නැති අළුගෝසූවා..

99 comments:

  1. මාතලන් සර්ටත් හිතෙන ඒවා ඈ..හැබැයි ලංකාවට හරිනම් ඕන එල්ලුම්ගහ නෙමේ අර රජ කාලෙ වගේ උල තියන එක.

    ප.ලි. - සෑර් සෑර්ගෙ සින්ඩියෙ මගෙ බ්ලොග් පොඩ්ඩ අප්ඩේට් වෙන්නෙ නෑනේ...

    ReplyDelete
    Replies
    1. බ්ලොගේ ලිංකුව දාපන්කෝ

      Delete
    2. කාන්තාවන්ට අතවර කරන එවුන් තමයි ඉස්සර වෙලා උල තියන්න ඕනේ.

      Delete
    3. එතකොට පිරිමින්ට අතවර කරන ගැහැණුන්ට ලුණු දාමුද ?

      Delete
    4. http://achcharaukade.blogspot.com/

      ඕං ලිංකුව :D

      Delete
    5. @වනිතා
      කාන්තාවන්ට අතවරකරන්නෙ පිරිමි විතරද දන්නෙ නෑ?

      Delete
    6. උල තියන එකත් මදි.. හිස ගසා දාන එකවත් කරානම් පොඩි ගතියක් තියෙයි..

      අප්ඩේට් වෙන කචල්.. සින්ඩියේ කේස් නෙමෙයි..

      Delete
    7. හඃ හඃ මරු නේ..වද මල් මාලෙ දාලා..වල්ලපට්ට කඳක ඔළුව තියල හිස ගසා දානකොට


      සින්ඩියෙ විතරක් නෙමේ බ්ලොග් රෝල් වලවත් අප්ඩේට් වෙලා නෑ..ඔය කොම්පීතර ජිල්මාට් දන්න කවුරුහරි කියනවද එහෙම වෙන්නෙ ඇයි කියලා??

      Delete
  2. මටත් දැන් එල්ලන්න ඕන එකෙක් ඇත්තේ ය. වැඩි විස්තර හමු වූ පසු කතා කරමු

    ReplyDelete
    Replies
    1. මම සාරියකුත් අරගෙනම එන්නද...?

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. හතවලාමේ මාතලන්,
    මාත් දැක්කා ඔය සීන් එක, පත්තරේනම් තිබ්බේ රූම් එක දැක්කම ඌට චූ ගියා කියලාය සිහිය විකල් උනා කියලාය ඒවා රට බයිලාය මම සත්‍ය සොයමින් ගවේෂණය කළෙමි... අවසානයේ මාතලන් මහතා සත්‍ය කැටි කොට මීවිතක් සේ බඳුනක බහා දුන්නේය.. මට පිස්සු පීකුදු උනේය.. මේ අලුගෝසු උත්තමයා දේශමාමකය දේශ හිතේෂීයය දේශප්‍රේමීයය.. කලින් බෑ කියපු ඈයෝ දෙන්නත් මේ ලියුම දැකලා දැං ආයෙත් දෙන්න කියා පිංසෙන්ඩු වෙනවලු. උං මේ තනතුරෙහි කිසි රාජකාරියක් නොමැත් බව දන්නේ මේ ලයුම හිංදාලුය..
    මොනවා උනත්
    අලුගෝසුවන්ට ජය වේවා!!!

    පුළුවන්නම් ගොඩවැදිල යන්න

    ReplyDelete
    Replies
    1. ඕන්.. ඔහේගේ බොග සින්ඩියේ එල්ල ගත්තා... කිව්වෙවත් නෑ නේ..

      Delete
    2. ස්තුතියි මාතලන්

      Delete
  5. මට ඕක කියද්දි මතක් වෙන්නෙ දැයට කිරුළෙ එල්ලුම් ගහ. 80% 90 % ක් එල්ලුම් ගහට පක්ෂයි කීවට මම ඒ සංඛ්‍යාලේඛන පිළිගත්තෙ නෑ. ඒත් එදා තමා දැන ගත්තෙ එල්ලුම් ගහට මාර සහයෝගයක්නෙ තියෙන්නෙ. එතන තිබුන තමන්ගෙ අදහස් ලියන්න කියල. එල්ලුම් ගහට විරුද්ධව ලිව්වෙ මම විතරද කොහෙද? එල්ලුම් ගහ ගැන හුඟ දෙනෙක් තුල තිබෙන නොදැනුවත්කම මීට හේතුව.
    ඇත්තටම එල්ලුම්ගහට නියම කරපු කෙනා මැරි මැරී උපදිනව. නමුත් ආයුධ පෙන්වන්න යන එකාට එහෙම කේස් එකක් නෑ. ඌ මරණ බව දන්නෙ ජිප් එකට නැගට පස්සෙ. නමුත් අරක ඉතා ම්ලේච්ඡයි.

    ඒ වගේම එල්ලන දිනයේ කරන අධිරංගනයත් සිරකරුවාට දැඩි පීඩනයක්.බරකිරීම ආදියද ඇතුළුව.
    එසේම එල්ලූ පසු මළ මුත්‍රා ශුක්‍රාණු පිටවෙනවා. මුහුණ විරූපී වෙනවා. දිව එළියට එනවා. ඇස්ගෙඩි එලියට එනවා. බොහෝ විට විනාඩි දහයක් පමන දගල දගලලායි මැරෙන්නේ.බොහෝ විට එල්ලුම් ගහ ලඟට ගෙනියන්න ඉස්සර නිළධාරීන් විසින් සිරකරු ගහල ගහල බාගෙට මරනවා.ඒ කතාව කිව්වෙ නිළධාරියෙක්මයි ලංකාදීපෙ තිබ්බෙ.

    මරණ දඩුවම දීමට ඉතාම ම්ලේච්ඡම ක්‍රමයක් ලෙස එල්ලා මැරීම හදුන්වන්න පුළුවන්.මම හුඟක් තොරතුරු දැනගත්තෙ මානව හිතවාදී මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ සිළුමිනට ලියපු ලිපි පෙළකින්.

    ම්ලේච්ඡත්වය කරා රටක් ලෙස අප යායුතු නෑ.

    මැරීම වරදක්යයි රජය කියයි.රජය ඒ වරද පෙන්වා දෙන්නේ කෙසේද ඒත් මැරීමෙනි- වික්ටර් හියුගෝ

    ReplyDelete
    Replies
    1. එකෙක් දෙන්නෙක් එල්ලපුවහම තමයි රට හැදෙන්නේ. නැතුව මේ රට හදන්න බෑ.

      Delete
    2. ඇයි ඔයාගේ විපලවයෙන් බැරිද අනේ රට හදන්න

      Delete
    3. එහෙම කරහම රටම හැදෙයි නේද වනිතා හඬ

      Delete
    4. මරණ දඬුවම කියන්නේ අද දියුණු ළෝකේ අනුමත නොකරන ක්‍රියාවක්.. ඒත් මේ වගේ මිලේඡ්ච, ගෝත්‍රික රටක ඒ දේ කලාට වරදක් ඇත්තෙත් නෑ..

      Delete
  6. ලංකාවෙ මිනිස්සුන්ට නිකන් ඉදන් කන පුරුද්දක් නැති එක ගැන ආඩම්බර වෙන්න ඕන... :D

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ...

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම එකෙක් අලුතින් පත් කලාද...?

      Delete
    2. පත් කරපු එකා ලියුමක් ලියලා බාරදීලා මාරූ වෙලා...

      Delete
    3. මචං.....ඔය මෑත කාලෙදි අස්වෙලා ගිය තුන්වෙනියා නේද?

      Delete
  8. එල්ලන්න ඕන උන් පැත්තක හිටිද්දි...වෙන උන්
    සාරි වලිනුත් එල්ලෙන රටේ ඌට ලැජ්ජ හිතෙන්න ඇති බං..!

    ReplyDelete
    Replies
    1. පත්තරකාරයෝත් ඒකසිය ගානට ඒවා එන්කරේජ් කරන නිසා තවත් අප්සට් යන්න ඇති..

      Delete
  9. විරැකියාවට විසඳුමක් නැති වෙලා තිබ්බ ඒ ජොබ් එකටත් කෙලවෙන ලකුණු තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔයිට නරකද එල්ලන්න ඉන්න එකෙකුටම ජොබ් එක ෂිෆ්ට් ක්‍රමේට බාර දුන්නා නම්..

      Delete
  10. පොඩි කාලේ තේරවිලක්.

    කොල නැති ගහ = මෝල් ගහ

    නමුත් සාමාන්‍‍ය‍යෙන් කොල නැති ගහ කියන්නේ එල්ලුම් ගහටයි.

    ඒ කියන්නේ මෝල් ගහෙන් පුළුවන් මරණ දඬුවම දෙන්න.

    හැබැයි මරණ දඬ්‍ය්වම අනුමත කරන උන් නම් 'මෝල්' ගස් තමයි.

    ReplyDelete
    Replies
    1. වංගෙඩියයි මෝල් ගසයි මිනී මැරුමක් කළා යැයි ජනප්‍රවාද ගතවූ 50 දශකයේ ද සත්‍ය යට ගැසූ මීනී මැරුම් නඩුවක් තිබෙනවා නේද?

      Delete
    2. කොල නැති ගහ කිව්වේ නම් කතෝ එල්ලුම් ගහටම තමයි..

      හැබයි මෝල් ගහේ දළු දාන්නේ නැති කතාවක් නම් තිබුනා...

      Delete
    3. මෝල් ගහට තිබුනු තේරවිල්ල කොල නැති ගහ කියලා නේද?

      Delete
  11. එල්ලන්න ඕනි උන්ට සාරිය ගානේ දුන්නනම් තනියම එල්ලෙන්න :D :D

    ReplyDelete
    Replies
    1. කොමසාරිස් කුණු හබ්බෙන් බනින්නත් ඕන..

      Delete
  12. ඇත්ත තමයි... අළුගෝසුවගෙ ජොබ් එක එළියෙ ඉන්න එවුන් තමුන්මත් කරගන්න එකේ මොකටද නිකම් නමට අළුගෝසුවෙක්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය ඒක ස්වයං රැකියාවක් වශයෙන් තෝරාගෙන.. ඒකනේ කරුමේ...

      Delete
  13. අලුගෝසු වැඩෙත් බෝරිං ජොබ් එකක් වෙච්ච හැටි නේද? දැන් මේ ලියුමේ පිටපතක් උඹ අතට ආ හැටි හොයන්නත් කමි‍ටුවක් පත් කරලා වැරදි කාරයෝ එල්ලන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එල්ලන්න කලින් එයාලා අසනීප වෙලා රෝහල් ගත වෙනවා.. ඊට පස්සේ .... මට මතක නෑ කියනවා...

      Delete
  14. උඹටත් උඹෙ ජොබ කම්මැලි වී නම්
    මේ පල් හොරු ටික එළ්ලාපන්…

    අළුගෝසුවනේ… එළ්ලාපන්……
    මන්ත්‍රී වරු ටික… එළ්ලාපන්…

    ReplyDelete
    Replies
    1. උඹැහෙට පිච්චු... මේ රටක් වටින හරක් ටික...

      Delete
  15. මමත් අළුගෝසු තනතුරට ඉල්ලන්න හිටියේ.. හොද වේලාවට ඉල්ලුවේ නැත්තේ ,

    ReplyDelete
    Replies
    1. ආයේ දැම්මොත් මාත් ඉල්ලනවා.. හැබයි පාට් ටයිම් එකක් විදියට...

      Delete
    2. එහෙම දෙනවානං මරු , අනිවා මාත් යනවා , කලින් දවසේ රැට ගිහිල්ලා නැවතිලා ඉදලා උදේට එල්ලලා එනවා , පඩි නැතත් කමක් නැ ,

      ලොකු ටෝක් දෙන පොරවල් නං එමටයි . අපරාදකාරයෙක් එල්ලන්ඩ එකෙක් නැ

      ( අළුගෝසු තනතුර පුරපුපාඩු වෙලා නැ , සහයක අළුගෝසු තනතුර තමයි තියෙන්නේ , කලින් හිටිය කෙනාගේ පුතා ඉන්නවා ඒ තනතුරේ)

      Delete
  16. මේ ලිපිය දැක්ක ගමන් චාහ් කියවුනෙය....මමත් මේ එකක් ලිය ලියා ඉන්න ගමන්ය දැන් ඒක වෙනස් කොරන්ට ඕනෑය...

    කොහොම වුනත් ලොක්කා එල්ලුම් ගහ ගෙනාවත් ගේන්නේ ජනාධිපතිවරණයක් කිට්ටුවය . එතකොට අපේ රටේ නීතිගරුක මහජනතාව පෝලිමේ ගොස් අපරාධ තුරන් කරන්නට මහරජතුමා ගත පියවර ගැන සතුටින් සාදුකාර දී චන්දෙ දෙනු ඇත. බොහෝ විට ඉස්සෙල්ලම එල්ලන එක මීගමුවේ රෝල්ස් රොයිස් ද දන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. බල්ලෝ මරණ එකත් නැවත්තුව එකේ.. මිනිස්සු මරණ එක අනුමත කරණ එකක් නෑ.. එහෙම අවශ්‍යම එකෙක් ඉන්නව නම්.. ආයුධ හොයන සෙල්ලම කරන්න එක්කගෙන ගියාම හරි..

      Delete
  17. කොරන්න වැඩ නැති රටක ,ජිනිවා වෙන්දෙසිය අඩු වුන වෙලාවේ ,ඔය තියෙන්නෙ තළු මරන්න මතෘකා .ඔය මනුස්සයාට පඩි දිලා හරි වෙන ජොබකට දැම්මා ද කියලා කවුද දන්නෙ ..

    විදුලි පුටු ක්‍රියාකරන්නන් අවශ්‍යව ඇත .

    ඒ වගේ තනතුරක් ඇති කරා නම් හරි ,කස්ටිය එයි පොලිමේ ,ලොක්කා බයයි නේ මේ අලුත් එවාට ...

    (රටට තොප්පියේදි ඔය මගුලට ගිය මිනිස්සු වැඩි දෙනෙක් සාදු දුන්නාලු නේ .)

    ReplyDelete
    Replies
    1. නොරොච්චෝලෙ සප්ලයි දුන්නා නම්.. මම උනත් යනවා... බය නැතිව විදුලි පුටුවට...

      Delete
  18. එල්ලුම් ගහ සඳහා අවශ්‍ය සාරි මෙහෙ තිබියදී ඒකට ලොකු වියදමක් දරා කඹයක් රටින් ගෙන්වීම ගැන සෙවීමට කොමිසමක් පත්කර වැරදිකරුවන් එල්ලුම් ගහට යැවිය යුතුය.

    ඔය ලියම ලියල තියල ගිහිල්ල මිනිහ කඩේකිං සාරියක් ගත්තය කියල ආරංචියක් එහෙම ආවෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. තාම නෑ... ගෑණිත් සාරි ඔක්කෝම හංගලලු...

      Delete
  19. කොලනැති ගහේ එල්ලන්නට කියලා
    දාවිත්සිඥො ඔපිසර කුදලන් ආවා
    අලුගොසු තෙමේ අස්වුනු බව සැලවීලා
    කන්දෙක දෙබැවෙනතුරු ඌ සිනාසුනා

    දැන් ට්‍රෙන්ඩ් එක කවිකියන එකනේව මොකක් උනත් කමක් නෑ කයියක්

    ReplyDelete
    Replies
    1. මට පූජා සෝ එක මතක් උනා...

      Delete
  20. හිර ගේවල් වල ඉන්න මිනිස්සු එක්ක කතා කරන්න අවස්තාවක් ලැබුනොත් අහලා බලන්න ගොඩක් ඉන්නේ, බොරු නඩු වලට පැටලුන, ඇප ගන්නවත් දඩ ගෙවාගන්න බැරි, නිවැරදි බව ඔප්පුකරගන්න හොද ලෝයර් කෙනෙක්ට ගෙවා ගන්න සල්ලි නැති මිනිස්සු. අන්තිමට එල්ලන්නේත් ඔය අතරේ ඉන්න නැති බැරි අහිංසක මිනිස්සු විතරයි. ඇති හැකි අය වැරදි කරාම පොලිසියට බාර වෙන්නෙත් පෙර ඇප ඇරගෙන.

    ReplyDelete
    Replies
    1. ඒක ප්‍රසිද්ධ රහසක්... මේ තියෙන කාළකන්නි අධිකරණ ක්‍රමය නිසා, අහිංසකලත් අංගුලිමාලලා වෙනවා...

      Delete
    2. ඇයි නගර සභාවෙන් අහන්නේ නැතුව හන්දියේ බෝපැල හිටවපු කට්ටිය ,

      අනුන්ගේ වැටවල් වලින් අහන්නේ නැතුව බුදුන් වදින්ඩ වතුසුද්ද මල් කඩාපු කට්ටිය

      මල් ආසනේ සුද්ධ කරකර ඉන්න කොට පිං කැටේ කඩන්ඩ ආවා කියල හාමුදුරුවෝ ගමේ මිනිස්සු එක්ක එකතුවෙලා පොලාසියට බාර දුන්න කට්ටිය

      එහෙම කට්ටිය තමයි හිරගෙවල්වල වැඩිපුර ඉන්නේ

      Delete
  21. ඌ ලියලා තියෙන ලියුම නම් පට්ටය.හරියට අර සියැටල් ලියපු ලියුම වගේය.එබැවින් මෙම ලිපිය පාසල් පෙළ පොත් විෂය නිර්දේශයට ඇතුලත් කිරීමට නිර්දේශ කරමි.

    ReplyDelete
    Replies
    1. ඒ කෙසේ වෙතත්, ලියුම හංගලා තිබුනේ...

      Delete
  22. පොල්සියට ඕක ෆ්‍රන්චයිස් කරලා පාතාලෙට කොන්තරාත් එකක් දුන්න නම් හරි.

    ReplyDelete
  23. ඔකයි සීන් එක නේ.

    ReplyDelete
  24. මේකනෙව කතාව ඇත්තටම එල්ලන එක හොදයි කියමුකො... ඒත් එල්ලන්න සුදුස්සො නෙවෙයි නෙව එල්ලන්නෙ... අන්නඋංව එල්ලන්න පුලුවං වුණ දාකට එල්ලුං ගහට මිනිස්සු ඒ තරං කැමති නැති වෙයි... මොකද දන්නවද අපේ මිනිස්සුන්නෙ තියන නිර්වින්දන මානසිකත්වය තමා ඉතින් අවුල

    ReplyDelete
    Replies
    1. එහෙම දාකට අපේ උන් සතිඤ්ඤා පත්තු කරන්නත් ඉඩ තියෙනවා හැබයි...

      Delete
  25. මාතලන් මහත්තයෝ මගෙ බ්ලොග් එක ඔබතුමාගෙ සින්ඩියේ පළකිරීම ගැන ස්තුතියි. මුල් ලිපිය එහි පළ වුනා. එහෙත් දෙවැනි ලිපිය පළවෙලා නැහැනෙ.

    http://ahamudhakimu.wordpress.com/
    කළුවරේ ගල්ගැසූ අමුත්තා

    ReplyDelete
    Replies
    1. ඒකට නම් සත්තලනේ මට කොරන්න දෙයක් නැතියෝ.. සමහර වෙලාවට මගේ ඒවා අප්ඩේට් වෙන්නෙත් නෑ.. කරුමෙම තමයි..

      Delete
  26. පොට්ට නවුෆර් 'තොණ්ඩුව දාන ලන්න' හොරකං කොරලලු

    ReplyDelete
    Replies
    1. එයා ජනාධිපති තුමාට කියලා තියෙන්නේ.. යහපත් කල් කිරියාවෙන් පසු වනවය කියලා...

      Delete
  27. කාලෙකින් බ්ලොග් රෝලට ගොඩ උණා.. හම්මේ අලුගෝසුවෙක්.. !

    හෙක්.. ! අපේ අම්මා ඉස්සර මම නාන්න හොර උනාම අහනවා.

    " තෝ බලකො හැටි අලුගෝසුවා වගේ කියලා... සමහරවිට මට ඔය ජොබ සෙට් වෙයි නෙහ්

    ReplyDelete
    Replies
    1. අලුගෝසුවද... උනහපුලුවාද... පොඩ්ඩක් මතක් කොරලා බලහන්..

      Delete
  28. මෙහෙම ලියුමක් දැක්ක නම් බන්ධනාගාර කොමසාරිස් තුමාට මොනව හිතෙයිද ....

    ReplyDelete
    Replies
    1. හිතන්න දෙයක් නෑ... මේක තමයි ලියුම...

      Delete
  29. එල්ලුම් ගසට යන අය, මරණය පිළිබඳ බිය දැනී වෙව්ලයි. ඊට අමතරව තවත් ශාරීරක ප්‍රතචාර පෙන්වයි. විදුලි පිටුවට යන බියටද සමහරු වෙව්ලයි. මාධ්‍ය පෙළහර කරයි.
    අහෝ!
    එවන් බියඟුලු අයෙක් නායකකමට සුදුසු ද? එඩිතරයි කියන නායකයා බය වී ඇත.!!
    නායකයාගේ භය පෙන්වා ඡන්ද ඉල්ලීම.
    අහෝ අපේ රටේ ජනයා!!! පව්.

    ඒක නෙවේ මාතලන්,
    පොලීසියට ගිනි අවි දීම ගැන කුමක්ද සිතෙන්නේ.
    1) එය විටෙක නිවැරැදියි කියා සිතුනත්, රටේ දේශපාලන තත්වය අනුව හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කළා හා සමානයි කියා සිතෙනවා.
    2) ගිනි අවි දුන්නත් නැතත්, සමාන්‍ය වැසියන්ට කීප සැරයක්ම ප්‍රහාර කළේ.

    ReplyDelete
    Replies
    1. පොලීසියට ගිනි අවි දීම පිළිබඳ මට තියෙන්නේ ධනාත්මක සිතුවිල්ලක්.. හැබයි ඒකත් ඉනේ ගහගෙන පොන්නයෝ වගේ කාළකන්නි පොලිටික්කන්ගෙන් ගුටි කාලා එනවනම්.. ඕ අයි සීට තියෙන්නේ උගේ පිස්තෝලෙන් ඌටම වෙඩි තියලා දාන්න..

      Delete
    2. හා...හා පොන්නයෝ කියන්ඩ එපා

      Delete
  30. මිනිස්සු එල්ලලා මරනව බලන එකේ ආතල් එකක් තියෙනවද කියල හිතෙනව සමහර එවුන්ගේ එල්ලුම්ගස් මේනියාව දැක්කහම

    ReplyDelete
    Replies
    1. ලංකාව ගෝත්‍රික සමාජයක්.. අපේ උන් වැඩි පිරිසක් ඒ දේවල දකින්න.. බොහෝම මනාපයි...

      Delete
  31. අර ‍පොලිසි කෑල්ලට නං පට්ටම ලයික්.
    එල්ලිල්ලට එච්චරම කැමැත්තක් නැතත් දැන් තියන දඬුවම් ක්‍රමය නං ‍වෙනස් කරන්න ඕන

    ReplyDelete
    Replies
    1. එල්ලනවට වඩා ආතල්... ජීවීත කාලේම විඳවන එක.. හැබයි සැප දෙන්න නරකයි...

      Delete
    2. සැප කියන්නේ මචං . මම නිතර යන එන ගෙදරක මහරාල ඉන්නේ ප්‍රසිද්ධ නඩුවකින් මරණ දන්ඩනේට නියම වෙලා , පොර හැමදාම රැට පවුලටයි ළමයටයි ගුඩ් නයිට් කෝල එකත් දෙනවා ,

      ඇතුලේ ඉදං විය්‍යපාර මෙහෙයවනවා ,

      Delete
  32. // දැන් නඩු අහන්නත් කලින්, විත්තිකාරයාම පොලීසී ඇතුලේ එල්ලිලා මැරෙණ නිසාත්, සමහර උන් ආයුධ සොයන්න ගොස් මැරෙණ නිසාත්, සමහර උන් පොලීසිය සමඟ පීනූම් තරඟ තියන්න ගොස් මැරෙන නිසාත්. ඉස්සරහට එල්ලන්න එකෙක් ඉතුරු වෙන්නේ නැති සයිස් එකකුත් තියෙනවාය.//

    මාතලන් කොලුවටත් හිතෙන ඒ්ව අම්මපා........කටට මසුරන් දාන්න වටිනව....

    ReplyDelete
    Replies
    1. අඩු ගානේ ජැක් ඩැනියෙල්ස් ටිකක්වත්...

      Delete
  33. හිනා කාල පණ යනවා...! මල් හතයි ඈ....!!

    ReplyDelete
    Replies
    1. පළතුරු හතයි.... බුලත් අතයි....

      Delete
  34. අනේ අම්මපා මෙච්චර හොද රස්සාවක් හම්බවෙලත් මූ දාල ගිය හැටි.

    මට නම් හිතෙන්නේ වැලි කොට්ට එල්ලනවට වැඩිය රටේ සම්පත් හොරාකාල වැලිකොට්ට වගේ ඉන්න වුන් ටික දවසට එකාගෙන දෙන්න ඕනෙ මූට ටෙස්ට් කරන්න

    ReplyDelete
    Replies
    1. එතකොට රට කරවන්නේ... ඔහේලා අපිය.... නියමෙට තියේවී...

      Delete
  35. පවු අහිංසක අලුගෝසුව....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම් මූ අහිංසක එකෙක් තමයි

      Delete
  36. මම හිතන්නේ මේ පිට පිටම අස්වෙලා හරි රිපෝට් නොකර ගිය තුන්වෙනියා. දැන් තියෙන්නේ අර ස්වෙච්ඡාවෙන් හමුදාවට බඳවගත්ත සෙට් එකෙන් එකෙක්ව අල්ලලා වැඩේ කරගන්න. නැත්නම් ...ඕක ඕනමයි කියන වීරවංශයාට කියමු උටම තොන්ඩුව දාගෙන පෙන්නන්න කියලා.

    ReplyDelete
    Replies
    1. තුන්ඩූ දීපූ ඇක්ස්පීරීයන්ස් එකත් තියෙනවනේ....

      Delete
  37. අලු ගෝසුවා ගෙදර ගියත් නසී(බිරිඳ මෙයාව එල්ලනවා ශුවර් එකට ) බව දැන දැනම මෙපමන එඩිතර තීරණයක් ගැනීමට තරම් මනුශ්‍යාගේ හෘද සාක්ශිය බලවත් බව මොනවට හෙළිවන මේ රචනාව කියවීමෙන් සසිරි බර එසිරිලක නීතියේ සමානත්වයද නීති ක්‍රමයේ සම්පත් ඉතුරු කෙරෙන ලෝකයේ තිබෙන කාර්‍යක්ශම නීති පද්දතියක් බව පසක් විය.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ මිනිස්සු ළොකේ අනිත් අයට වඩා වෙනස්.....

      Delete
  38. මැරිල්ලට මරන එක හදවතින්ම අනුමත කරන අපේ රටේ බහුතරයක් මිනිස්සු බෞද්ධයෝම වීම කොච්චර සැනසීමක්ද ?

    ReplyDelete
    Replies
    1. අපේ රටේ තියෙන්නේ තලෙයිබාන් බුද්ධාගම කියලා ළෝකයේ තියෙන නොම්බර එකේ බුදු දහම...

      Delete
  39. අළුගෝසුවා job එක බාර ගත්තට ජීවිතේට පොරට කිසිම කෙනෙත්ව එල්ලලා මරන්න වෙන්නෙ නෑ. මොකද එල්ලලා මරන්න ඕන අය ඔක්කොම පොලීසියෙන් අායුධ පෙන්නන්න එක්කන් යනවනේ.

    ReplyDelete
    Replies
    1. ඌට ආතල් එකේ නිකන් ඉන්නයි තියෙන්නේ, රජයේ සේවකයෝ වගේ..

      Delete

  40. මරණිය දන්ඩනයට නියමවූ බොහෝ දෙන කර ඇත්තේ ඒකීය පුද්ගල මට්ටමේ අපරාධ
    මේ අයව මරාදැමීමට අණ්ඩුවට බලය පැවරීම මඟින් පුද්ගල නිදහස දරුණු විදියට නැතිවෙනවා
    ඒකීය පුද්ගලයාගේ ජීවත්වීමේ අයිතිය ආණ්ඩුවට බාර නොදිය යුතුයි

    ReplyDelete
  41. ඔන්න දැන් අපේ අය අර බෝට්ටුවෙන් යන රටේ එක්කෙනෙක් නෙමේ දෙන්නෙක්ම පත්කොරන්ඩලු යන්නේ...

    ReplyDelete
    Replies
    1. http://au.news.yahoo.com/thewest/offbeat/a/21970461/australians-apply-in-vain-for-sri-lankan-hangman-job/

      Delete
  42. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කල යුතුද, එය සදාචාරාත්මකද නැද්ද කියන සීන් එක ඉතින් වෙනම කතා කරන්න ඕනේ සීන් එකක්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න