.

.

Mar 15, 2014

සිංහලෙන් බ්ලොග් ලිවීම.. - Blogging in Sinhalese Language


ගොඩක් දෙනෙක් සිංහල බ්ලොග්කරණය ගැන දන්නෙ නෑ වගේම, දන්න එකාට තියෙන ප්‍රශ්ණයක් තමයි, තමන්ගෙම බ්ලොග් එකක් පටන් ගන්නේ කොහොමද කියන එක. බ්ලොග් ගැන මෙළෝ හසරක් නොදැන, "රාවයෙන්" දැකලා, "ටැබූ සබ්ජෙක්ට්", "බියෝන්ඩ් ෆ්‍රේම්", "බූන්දී" කියවන කාලේ, මමත් හිතාගෙන උන්නේ, ඒවා වෙබ් සයිට් කියලා. බ්ලොග් කියන්නේ මොනවද කියලා දැන ගත්තේ, අහම්බෙන් "කතන්දර" බ්ලොග් එක කියවන්න ගත්තයින් පස්සේ.

බ්ලොගින් වල තියෙන කොමෙන්ට්ස් වැඩේ, මට අල්ලලම ගියා. පත්තරේක තියෙන ළිපියකට අපිට කොමෙන්ට් කරන්නත් බෑ, කොමෙන්ට් කරලා ළියුමක් යැව්වත්, ඒක ලැබුනද නැද්ද කියලා දන්නෙත් නෑ. මේකේ එහෙම නෙමෙයි. අපේ කොමෙන්ට් එක ඒ වෙලාවෙම පේනවා. (සමහර අය පස්සෙ හරි දානවා.)

ඒ විතරක්යෑ. බ්ලොග් එකේ අයිතිකාරයා අපේ කොමෙන්ට් එකට ප්‍රතිචාරත් දක්වනවා. (සම හරක් නම් එහෙම කරන්නේ නෑ.). එහෙම ප්‍රතිචාර දැක්කුවම සමහර උන් මරාගන්නවා. සමහර උන් කොමෙන්ට්ස් වලින්ම මරලත් දානවා. ගොඩාක් බ්ලොග් එහෙම මරලා දාලත් තියෙනවා. ඒක බ්ලොග් එක අයිති එකාගේ දුර්වලත්වය වගේම, කොමෙන්ට් දාපු උන්ගේ බලය.

මමත් පොඩි කාලේ ඉඳන්, පත්තරවලට සඟරා වලට ළිපි ලිව්වත්, බොහෝම සුළු ප්‍රමාණයයි පලවෙලා තියෙන්නේ. සම හරක් කියනවා වගේ, මෙළෝ වැදගත් යමක් නොලියන නිසා, එහෙම උනා වෙන්නත් පුළුවන්. :) ඒත් ඉතින්, දැන් වැදගත් උනත් නූනත්, කියෙව්වත් නැතත්, මට ඕන එක මට ලියන්න පුළුවන් අවස්ථාවක්, ගූගල් මහත්තුරුන්ට පින් සිද්ද වෙන්න ලැබිලා තියෙනවා.

එයාලා මේකට තද බල නීතී රීතී දාලා නැති උනත්, අපේ ගෝත්‍රිකයොයි, සිංහල බ්ලොග් වලට අයිතිවාසිකම් කියන පිරිසකුයි, මේකේ නීතී රීතී දාන්න හැදුව,ට බලු වෙලා කිච වෙලා ගියා මිසක්ක, කවදාවත් එයාලගේ පරමාර්තේ නම් ඉෂ්ඨ සිද්ධ කොරගන්න නම් හම්බ උනේ නෑ. තාමත් මේකේ පොලිස් කාරයෝ වෙන්න දඟලන උන්ගෙනුත් අඩුවක් නෑ. ඒත් උන්ව පයිසෙකට ගනන් ගන්න නරකයි.

දන්න කියන අයට හින්ගල බ්ලොග් ගැන කියලා දුන්නට, ගොඩාක් උන් මේකට කැමති නෑ. හේතුව උන්ටත් යමක් කමක් ලියාගන්න බැරි එක. ප්‍රධාන ප්‍රශ්ණය හින්ගල අකුරු වලින් කොටන්න බැරි එක. අනික, බ්ලොග් එකක් හදා ගන්න හැටි නොදන්නා කම. පෞදගලිකව ඊතල විදලා අහපූ කීප දෙනෙකුට, සරළව කියලා දුන්නත්, ඒක ලේසී පාසු වැඩකුත් නෙමෙයි. විශේෂයෙන් ගොන්පීටර්ලා ගැන මෙළෝ හසරක් නොදන්න මං වගේ උන්ට.

ඒක නිසා මාතලන් කල්පනා කළා, දන්න කියන දේ නොදන්න උන්ට මෙන්ම, මේ ගැන ආසාවක් දක්වන උන්ට කියා දෙන්න. වැඩේ අති සාර්ථකයි, අළුත් බ්ලොග් කීපයක්ම පටන් ගත්තා. ඒ වගේම සමහර බ්ලොග් වල තිබුන වැරදි අඩු පාඩු බොහෝ දෙනෙක් හදා ගත්තා. අපට අවශ්‍ය සිංහල බ්ලොග් කලාවට ඇතුලත් පිරිස වැඩි කර ගන්න එකයි.

හැම ක්ෂේශ්ත්‍රයකටම වගේ, මේකටත් බොහෝ දෙනෙක් එන්නේ, ඉක්මන් ජනප්‍රියතාවයක් ලබාගෙන පොරක් වෙන්න. පොරක් වෙන එක එහෙම ලේසියෙන් කොරන්න බෑ. සමහර උන් මට පොරක් කියලා කිව්වට, මම නම් කියන්නේ මම පොරක් නෙමෙයි. මොකෝ, මේ ළෝකේ අපිට වඩා පොරවල් ඕන තරම් ඉන්නවා, උන් ගාව අපි නිකං බලු මැක්කෝ වගේ. ඒ නිසා බ්ලොග් ලියනවනම් මේ පොරක් විමේ රෝගය මුලින්ම නැති කර ගන්න ඕන.

අනික් දේ හිට්ස් බලාගෙන කොරනවනම්, ඒත් මේ වැඩේ පටන් ගන්න එපා. මේ දේ කරන්න ඕන, අවංකව තමන්ගේ දෙයක් ලියන්න කියන්න පුළුවන් උන් විතරයි. තමන්ගෙම දෙයක්..... ගොසිප් සයිට්, නිව්ස් සයිට් අරින එක, තම තමන්ගේ කැමැත්ත. ඒත් මම හිතන්නේ නිර්මාණ කරුවකුට, මේ තරම් නිදහස් තැනක් තවත් නෑ කියන් එක. අනික ඉදිරියට ජය ගන්නේ "පුරවැසි මාධ්‍යකරණය.." කියන දේ. ඒ බව අද මැලේසියාවේ අතුරුදහන් උන යානය ගැන තොරතුරු සොයන අයටත්, සමාන්‍ය මිනිසුන්ගේ අදහස් ඔස්සේත් විමර්ශනය කරන්න සිඳුවීමෙන්ම පේනවා.

මේ සියල්ල ගැනම කල්පනා කරලා, මහාචාර්ය මාතලන් විසින් ලියාපු, "හින්ගලෙන් බ්ලොග් ලිවීමේ පාඨමාලාවේ.." අවසාන එකත් ලියලා අවසාන කලා. බලන්න කැමති කෙනෙකුට මුල ඉඳලම මෙතනින් බලන්න පුළුවන්. හින්ගලෙන් අකුරු කොටන ක්‍රමේ පටන්, බ්ලොග් පෝස්ට් එකක් දාන හැටි දක්වා පාඩම් හතකින් වැඩේ ලියලා නිමා කලා.

ඒ වගේම මේ හින්ගල බ්ලොග වලට ආදරේ කරන උන්ගෙන්, පොඩි ඉල්ලීමකුත් ඉල්ලන්න කැමතියි. මම දැක්කා මගේ බ්ලොග් එකේ දකුණු අත පැත්තේ උඩම එල්ලලා තියෙනවා වගේ, හින්ගලෙන් බ්ලොග් එකක් පටන් ගැනීම කියලා, තවත් කවුදෝ එයාගේ බ්ලොග් එකෙත් දාලා තිබුනා. ඉතින් තවත් කෙනෙක් මේ හින්ගල බ්ලොග් කලාවට යොමු කරන්න කැමති උන් ඉන්නවනම්, කරන්න තියෙන්නේ, මෙන්න මේ පහළ තියෙන පින්තූරෙයි, ලින්ක් එකයි, තමන්ගේ බ්ලොග් එකේ, පින්තූරයක් විදියට පැත්තකින් එල්ල ගන්න එකයි. අකමැති උන් එල්ල නොගත්තයි කියලා, අමනාපයකුත් නෑ ඕන්..

එල්ලගන්න ඕන පින්තූරය...


එල්ලගන්න ඕන වෙබ් ඇඩ්‍රස් එක..

http://campussyndi.blogspot.com/2014/01/1.html


එහෙනම් සියළු දෙනාටම හැපි බ්ලොගින් කිව්වා...


44 comments:

  1. මාත්,වෙබ් අඩවි කියල හිතාගෙන තමයි මුලින් බ්ලොග් කියෙව්වෙ. සඳරුගෙ බ්ලොග් එකේ ගොඩක් ලිපි බුක්මාක් කරල තියාගෙන එතකොට කියෙව්වා. බ්ලොග් වලට ආවට පස්සෙ තමයි ආයෙත් මතක් වුනේ අර කලින් කියෙව්වෙ මේවනේ කියල.

    මාත් කලින් බැනර් කෑල්ලක් දැම්මද කොහෙද.. පින්තූරෙ පස්සෙ හිමීට මාරු කරන්නම්.

    හැපි බ්ලොගින් ම වේවා !!

    ReplyDelete
  2. මම නම් මුල් දවස් වල ටිකක් කලකිරුන එක එක පුතාල/පුතිලා කියපු ඒවාට....
    පස්සෙ හිතුන ඒ පොලිස්/පඩ ෂෝ මට අදාල නැතිය කියල..... දැන් නම් මේ ගමන මැරෙන තුරාම දිගටම යනවාය......
    එවුන්ව දැන් නම් පයිසෙකට ගණන් ගන්නේ ම නැතිය....උඹට ජය වේවා...... ය...!

    ReplyDelete
    Replies
    1. එක එකාට ඕන විදියට නෙමෙයි අපි ජීවත් වෙන්න ඕන... අපිට ඕන විදියට

      Delete
  3. සිරාවටම මාතලන් ඔබේ ඔය උත්සාගයෙන් මමත් තව බොහෝ පිරිසකුත් බ්ලොග් ලියන්න පටන් අරන් තිබුනා..
    මම මාස 7 ක විතර ඉදන් බ්ලොග් කියවන්න පටන් ගත්තේ.. ගූගල් එකෙන් උපදෙස් අරන් බ්ලොග් හදාගන්න හැදුවත් ඒක කරනගන්න බැරි උනා.. මාතලන්ගේ පාඩම් මාලාව කියවලා සියල්ල සම්පූර්ණ කරගත්තා (තව වැරදි අඩුපාඩු ඇති ඒවා හදාගන්න බලනවා)
    බ්ලොග් ගැන පාඩම් මාලාවටත් මාතලන් සින්ඩියෙත් කැම්පස් සින්ඩියෙත් මෙක එල්ල ගෙන දිරිමත් කලාටත්,
    ස්තුතියි මාතලන්.
    පුළු පුළුවන් විදියට පෝස්ට් දාන්න බලාපොරොත්තු වෙනවා..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹේ ලිවිල්ල බොහෝම ඉස්තරන්... දිටම ලියහන්.. එකයි වැදගත්ම දේ..

      Delete
  4. හැමෝම බ්ලොග් කියවන්න ලංකා බ්ලොග්ස් වලට එන්න http://lankablogs.com/

    ReplyDelete
  5. හැමෝම බ්ලොග් කියවන්න ලංකා බ්ලොග්ස් වලට එන්න http://lankablogs.com/

    ReplyDelete
  6. මාතලන් කරපු වැඩේනම් බොහොම වටිනවා...ඔන්න මම පිතූරේ එල්ල ගත්ත මගේ බ්ලොගේත්...

    Happy Blogging!!!!

    ReplyDelete
  7. හරි පාඩම කියවලා මේවා එල්ලන්නේ කොමද කියලා දැනගෙන එල්ලන්න ට්‍රයි එකක් දෙන්නම්කො එහෙනම්

    ReplyDelete
    Replies
    1. එල්ලන හැටි පාඩම් මාලාවේ තියෙනවා...

      Delete
  8. නියමයි. ඇත්තටම බ්ලොග් ගැන සියළු කරුණු ගොනු කරමින් ලියවුන වැදගත්ම ලිපි මාලාව තමා ඔය ලිපි ටික.

    සෑහැන්න දෙයක් ඉගෙන ගත්තා ඒකන්. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතියි... දෙයක් ඉගෙන ගත්තා නම් එච්චරයි...

      Delete
  9. කමෙන්ට් වලට බයේ මේක අත්හැරපු අය ඉන්නවාද?අර සයිලන්ට් සහන් ලියන්නේ නැද්ද?එයාගේ දේශපාලන මතයට විරුද්ද වුනත් එයා එයාගේ දැනුම බෙදා දෙන්න ගත් උත්සාහය හොදයි.එහෙම අය ගොඩක් ඉන්නවා.මාත් පැටලෙන්නේ දේහපාලන මාර්තුකා වලදී තමයි.බැන අඩ ගහගෙන හරි ඉදිමු බන් මේක දාලා යන්න එපා කියලා තමයි මට කියන්න ඕන.අර නිශානයා ලියන්නනැත්තේ මොකද?පැනලා ගිහිල්ලා වත්ද?

    ReplyDelete
    Replies
    1. මේකයි බං ...මේකේ ඉන්නව අර වින්නාසෙ & තව රෙද්දවල් හදමු කියන ජඩයෙක් දෙන්නෙක් උන් බිව්වට කියනවා මිසක් හැම දෙයක්ම ටික කලයි....
      උන්ගෙ තියෙන්නෙ වෙන ආතල්...

      Delete
    2. සහන් ලියන්නේ නැති එක ගැන, මටත් ඇත්තරම කනගාටුයි.. ඌ ඉන්න ඕන එකෙක්..

      Delete
  10. ඔං මමත් එල්ල ගත්තා.

    ReplyDelete
  11. මම බ්ලොග් සීන් එකට අලුත්, කියවන්න වටින බ්ලොග්ස් තියනවා නම් පොඩ්ඩක් කියහන්කෝ.. මගේ අදහස් ගැන උඹ දන්නවානෙ දැන් ටිකක්

    ReplyDelete
    Replies
    1. චුටි බබා නොවී සින්ඩි වල තියෙන රෙද්දවල් කියවපන්....
      කියවල උඹ තීරණය කරපං මම මේ මගුල දිගටම කියවනවද කියල....
      උඹට පොඩ්ඩක් රිදෙනව වගේ නම් ඇනෝ කමෙන්ට් දාපං ...
      ඒකයි මේකේ ගතිය... මං නම් ඇනෝ කමෙන්ට් දාන්නෙ නැහැ ....

      Delete
    2. රිදුනත් නැතත් මම මගේ අනන්‍ය තාවයෙන්...ඕන දෙයක් කෙලින් කියන්න තරම් කොන්දක් මට නම් තියෙනවා

      Delete
    3. නිදහස් අදහස්........ඔයා මාර පොරක්නේ. ඔයාගේ අදහස් වලට හරියන ඒවා.... කියවලා බලලා ඔයාමනේ හොයාගන්න ඕන....ඔයාට හරියන අදහස් ලියනවා මිසක්..ඔයාගේ අදහස්වලට හරියන ඒවා විතරක් කියවනවා කියන එක?

      Delete
    4. සින්ඩියකට ගිහින් වෙලාවක ඔක්කෝම කියවපන්. ටිකක් කියවගෙන යනකොට උඹේ චියිස් එකක් නෙමෙයි නම් ආයේ පැත්ත පලාතේ යන්න එපා. බොක්කට වදින එකක් නම් බ්ලොග් රෝලේ එල්ල ගනින්. බ්ලොග් රෝල ගැනත් පාඩමේ තියෙනවා...

      Delete
  12. ගුරුතුමනෙනි...දැන් මේක බ්ලොග් එකේ එල්ලගන්නේ කොහොමද? දන්නේ නැ නේ ..

    ReplyDelete
    Replies
    1. මෙතැන කියවල බලන්ටකෝ.... (ගෝලයෙක් පැනල දුන්නේ)

      Delete
    2. කොහොමෙයි මගේ ගෝලයන්ගේ වැඩ... උන් මගේ ගෝලයෝ නම් නෙමෙයි... යාළුවෝ...

      Delete
  13. මචං මාතා.....ඔය මට උඩින් ඉන්න එකාට තියෙන ප්‍රශ්නෙම තමයි මටත් තියෙන්නේ. අනිත් එක මම වර්ඩ්ප්‍රෙස්නේ. උඹ දන්නවානේ මගේ කම්පියුටර් දැණුම. ආසයි එල්ලගන්න...බයයි එල්ලන්න ගිහිල්ලා ...මේ ඉලව්ව කොහේ හරි හිරවෙලා ඔක්කොම චොරවෙලා යයි කියලා. දන්න එකෙක් ගෙදර සෙට් වෙච්ච වෙලාවක කරගන්නම්.

    ReplyDelete
    Replies
    1. අනේ මේ... නොදන්න දෙමළෙට ගිහින් වරිගේ නහගන්නේ නැතිව.. මේන් මෙහෙ නිකන් හිටහන්...

      Delete
  14. අපොයි ඔව්, මගෙත් යාලුවෝ ගොඩක් ඉන්නවා ලියන්න ඉතාම දක්ෂ අය.. ඒත් කොටන්න දන්නේ නැතුව...
    කියන්න දෙයක් නෑ වැඩේ පංකාදු පහයි.
    ඔන්න මමත් පේජ් කෑල්ලක දැන්වීම එල්ල ගත්තා...

    ප.ලි. - මගේ බොගත් පටං ගත්තු දවස් වල අඩු'පාඩු හදා ගන්න උදව් කරපු හැමෝටම ස්තුතියි !

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා මචෝ... දන්න කියන අයට කියහන් පුළුවන් තරම් ඉක්මනට ලියන්න පටන් ගන්න කියලා...

      Delete
  15. මමනම් බ්ලොග් කියවන්න ආස උනේ බුකිය එපා වෙලා හිටපු කාලෙක.බුකියෙ වගේ පිස්සො අඩුයි ( නැත්තෙන් නෑ )

    ReplyDelete
    Replies
    1. >> ( නැත්තෙන් නෑ ) << :) :)

      Delete
    2. ඒ උනාට සම හරක් මේක දාලා බුකියේ පිස්සු කෙලිනවා. බුකියේ තියෙන්නේ එවෙලේ ආතල් එකක්. ඕන් ඊයේ එකෙක්ව යාන්තන් ආයෙත් ඇදලා ගත්තා...

      Delete
    3. බුකියට ගිහින් මම දවල්ට කැවෙ කේ.එෆ්.සී. එකෙන් කියල ෆීලින්ග් ග්‍රේට් කියල ස්ටේටස් දානව වගේ නෙමෙයි.ඩේටා කපාගෙන බ්ලොග් එකක් කියවන්න.කියවල හිතන්න.ලියන්න ට්‍රයි කරන්න.සංවාද ගොඩනගන්න.බැනුම් අහන්න.සතුටු වෙන්න තමන්ගෙ වෙලාව වෙන් කරන්න වෙනමම උණක් තියෙන්න ඕන මං හිතන්නෙ

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. බොහොම වැදගත්. මාත් එල්ලගන්නං අර ගැජට්ටුව

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න