.

.

Apr 12, 2014

සැණකෙළියේ පුක එළියේ හැවොම කතාවෙයි... - Cuber Carnival


හැම එකාම සයිබර් සැණකෙළිය ගැන ලියන නිසා මාත් ඒ ගැන බොක් පෝස්ට් එකක් දාන්න උන්නේ, නලියත් එක්ක කරන ඉන්ටවල් එකක් විදියට. ඒ උනාට ඒකව අල්ල ගන්න අමාරුයි වැඩේට. අනික ඉතින් ආයේ මට ලියන්න දෙයක් නෑ. බ්ලොග් ළෝකේ රස සාගරේ නොහොත් කෙන්ජියා දීලා ඇදලා තියෙනවා පෝස්ට් එකක් ආයේ මදි නොකියන්න. මේ සැණකෙළියේ පුක එළියේ ගැන දන්නෙම නැති එකෙක් ඉන්නවා නම් කෙන්ජියගේ එකෙන් බලාගන්න පුළුවන් පත්තරේ විස්තරේ.

කොළඹ අවුරුදු නැති නිසා, හැම අවුරුද්දෙම මම එන්නේ බද්දේගම. එහෙත් දැන් අවුරුදු උත්සව බොහෝම හිඟයි. අතරින් පතර එකක් දෙකක් නැත්තෙමත් නෑ. එක සැරයක් අවුරුඩ්ගු උත්සවේට අපේ පොඩි එකෙක් ගෝනී රේස් එකට ඉදිරිපත් උනා. ඌට ගෝනියක් නෑ. ඒ පාර එකෙක් දුවලා ගිහින් රාජා මුදලාලිගෙ කඩෙන් ගෝනියක් ගෙනාවා. අරූ පළවෙනියා. ඒත් ඌ අඬනවා හූ තිය තිය. සන්තෝසෙට නෙමෙයි. දැවිල්ල අල්ලලා, අරුන් ගෙනත් තියෙන්නේ මිරිස් ගෝනියක්.

ඔය මළ විකාර වලට වඩා, මම එන්ජෝයි කරන්නේ, ආතල් බුවාලා එක්ක සෙට් වෙන වැඩේ. දෙකක් තුනක් උගුරට හලා ගත්තම, කතා ගොඩයි. ඊයෙ තමයි මෙහේ ආවේ. ඊයේ ඉඳලම අපි නම් වැඩ ඇල්ලුවා. මස්සිනාට ඕල්ඩ් රිසර්ව් දෙකක් තුනක් ගෙනාවට, ඒක ගන්නේ හදිසි අවශ්‍යතාවයකට විතරයි.

පාරේ අයිනේ තියෙන ගෙදර ඉඳන් සෙට් වෙන කොට, දකින දකින එකා ගෙදරට ගොඩ වෙනවා. ගල් බෝතල් දෙකන් තුනෙන් පටන් ගන්න වැඩේ, සම්මාදම් එක්ක, අන්තීමේදි දුසිමක් විතර ගියාම තමයි නවතින්නේ. ගහපු බෝතල් ගාන ගනන් කරණ එකත්, අපේ සඟිස්කෘතියේ අංගයක් නේ. එතන උස් පහත් බේදයක් නෑ හැම එකාම සෙට් වෙනවා.

මස්සිනා ගමේ එකා. ඌ කළු මහත්තයා. මම සුදු මහත්තයා. බද්දෙගම හික්කඩුව පාරේ බද්දෙගමට කිලෝමීටරයක් මෙහායින් තියෙන, හල්පාතොට හන්දියේ තියෙන බාර් එකේ තරම් සෙනගක්, මම හිතන්නේ ලංකාවේ එක බාර් එකකවත් නැතිව ඇති. හැමදාම පුදුම සෙනගක් ඉන්නේ. ඊයේ නම් කට කපලා එකයි. කොච්චර සෙනග හිටියත් බාර් එකේ කිරි මහත්තයා යාළුවා නිසා, කවදාවත් පෝලිමේ ඉන්න ඕන නෑ.

මස්සිනා නම් කෙලින්ම ඇතුලට ගිහින් බඩු ගන්නේ. අනිල් මල්ලි තමයි බාර් එකේ දොරටුපාල. චූටි මල්ලිත් යාව ජීව සේවක. ඊයේ නම් ස්වේඡ්චාවෙන් ඉදිරිපත් උන කට්ටිය 10ක් විතර දාලත්, රෑ 10ටත් වහගත්තේ බොහෝම අමාරුවෙන්ලූ. අපේ උන් කොච්චර බොනවද කියලා බලාගන්න. බාර් එක ඇතුලේ විනාඩි 30ක් විතර උන්නාම් හොඳටෝම ඇති.

මතට තිත කෙසේ වෙතත්, තිතට මත කොන්සෙප්ට් එක නම් නැගලම යනවා. මට කියන්න අමතක උනා, අර ස්වේඡ්චාවෙන් සේවයට එක්වෙන උනුත්, හිස් අතින් යන්නේ නෑ කවදාවත්. එක අතකින් මේ ආන්ඩු කෙලින්නේ අම්බ පිස්සුවක්, මිනිස්සු වැඩියෙන්ම බොන දවස් බලලා බාර් වහලා දානවා. ඒක හරියට අර ජුන්ඩා ෆෝම් වෙලා ඉන්න වෙලාවට, නෝනා බෑ කියනවා වගේ වැඩක් තමයි.

ඉතින් ඔය වෙලාවට අහු වෙච්චි තැනකින් ඉටි පන්දම් පත්තු කර ගත්තාම, අහිංසක මිනිස්සුන්ට වැරදි කියන එක හරිද ආයිබෝවන්ඩ. එහෙම බාර් වලට නිවාඩු දෙන්නම ඕන නම්. ඔය සතියේ දවස් වල වහලා තියලා. නිවාඩු දවස්වලට, එලිවෙනකන් ඇරලා තියන්න ඕන බොන එකෙකුට බීලා මැරිලා යන්න. මොකෝ එහෙම ඇරලා තිබුනා කියලා, බුද්ධාගමේ උන් බොන්නේ මජ්ජ පමා දඨ්ඨානා විදියට නිසා අවුලක් වෙන්නේ නෑ නේ.

අනික හාමුදුරුවරු හිටන් ගිලන්පසට කොළ කැඳ බොනවට වඩා කැමති, සීල් පොඩ්ඩක් හරි තියෙනවනම් නේ. ඒ නිසා කිසිම අවුලක් නෑ. අනික ඉස්සර වගේ බොන්න එපා කියලා බණටවත් දෙසන්නේ නෑ නේ. කොහෙමෙයි කටක් ඇරලා එහෙම කියන්නේ, එයාලත් කන පාත් වෙන්න ගහන කොට. ක්‍රිස්මස් අයටනම් කිසි අවුලක් නෑ නේ. එයාලගේ කස්ටියයි කියනවනේ ඕවා මෙහේට ගෙනත් තියෙන්නෙත්. එතකන් අපේ උන් බීලම නෑ.

උන් ඕවා ගෙනකන්, මෙහේ ඉඳලා තියෙන්නේ බබ්බු වෙන්නැති. මට ඔය වෙලාවට හිනා යන්නෙ පුකෙන්. ඇයි කියලා කියන්න නම් දන්නේ නෑ. කොහොම හරි සර්පයොත් එක්ක කරිඤ්ඤා ගහපු උන්ට, කල්දේරම්වල, උඩට උඩු වියන්, පයට පාවඩ දාලා, බොහෝම පිරිසිඳුවට පෙරාපු සත්තරන් වගේ, බොහෝම පිරිසිඳුවට හදාපු සීල් ටිකක් බොන්න හම්මබ උනේ නම් ඔය හම සුදු මහත්තුරුන්ට පින් අයිති වෙන්න තමයි.

අම්මපා ලියන්න ගියේ වෙන එකක්. ලිය උනේ වෙන මළ හත්තිලව්වක්. ලියන්න ගියේ මක්කයි කියලා මේකේ කියන්නේ නෑ. මොකෝ ඒ පාර ඔය ඉවාන් කියන මැසිවිරුවා ඒ පෝස්ට් එක ලියනවා කොමෙන්ට් එකක් හැටියට. ඌත් එක්ක මේ වැඩේ කරන්න බෑ. අනික ඉතින් ඌ මේ සබ්ජෙක්ට් එකට ඇත්තෙත් නෑ නේ.

මට කියන්න දෙයක් අමතක උනා, අර 20 වෙනිදට බත්තරමුල්ලේ බිත්තර මාමලයි ගෙදර තියෙන සැණකෙළියේ පුක එළියේ සීන් එකේ, ප්‍රධානම තරඟය තමයි, වැඩියෙන්ම බොන එකා හොයන එක. ඒ නිසා බොන්න එන උන්, බොන ප්‍රමානෙට අමතරව තව ටිකක් වැඩියෙන් ගෙනෙල්ලා. ඕ....න්න මම නම් බොන්නේ නැති නිසා එන්නේ අත් දෙක වන වනා. ඒත් සිකරෑට් බන්ඩලයන් නම් ගේනවා. ඒ මොකටද...? ඒ මොකටවත් නෙමෙයි... නලියට කන්න දෙන්න.

හැමොටම ආතල් අවුරුද්දක් වේවා..!!!

69 comments:

  1. මගේ නොම්බරේ තියෙනව නං කෝල් එකක් දෙන්න... මමත් හෙට අගලි එනවා...
    නැත්තං නොම්බරේ මූණු පොතේ ඉන්බොක්ස් කරන්න....
    සමහර විට යන එන අතරේ බැහැ දැකලා යන්න එන්න පුළුවන් වේවි...
    එක පලාතෙ අයනෙ.... එහෙම නොකර කොහොමද ?

    ReplyDelete
    Replies
    1. මෙ මහත්තයත් බද්දේගම. මෙයා කෙමිස්ට් කෙනෙක් නේ. මෙයාගේ ක්ලාස් මේට් කෙනෙක් ඉන්නවා. මගේ බොක්කක්. නම ජානක. ඌත් කෙම්ස්ට්. ඒත් දැන් නම් ඒ ක්ෂේශ්ත්‍රයෙන් ඉවත් වෙලාය කියනවා. කොහොම හරි ඇල් ගේ අම්මගේ මරණේ වෙලාවේ මායි දමිතයයි පොඩි පරීක්ෂණයක් කළා. ඒකට සාන්ද්‍රනයට අවශ්‍ය කෙමිකල් එකක් නැතිව හොඳ වෙලාවට ඇල් ගාවම තීලා තමයි හම්බ උනේ. මොකෝ එයා කෙම්ස්ට් නේ. එදා ඒ පරීක්ෂණයට ජානකයා සහභාගි උනේ නෑ. ඒ කියන්නේ ඌට මේ කෙමිකල්ස් එපාම වෙලා.

      Delete
    2. අපේ මුතුන් මිත්තොත් බද්දේගම, හැබැයි, පරම්පරා දහයකට කලින්!

      Delete
    3. මෙයාගේ මුතුන් මිත්තෝ.. අගලියේ.. හැබයි පරම්පරා ගනන් නම තියාපු අය. අපි වගේ නෙමෙයි... මම කිව්වේ ඇල්කෙමියගේ..

      Delete
  2. //තරඟය තමයි, වැඩියෙන්ම බොන එකා හොයන එක//
    මේක වැඩියෙන්ම උගුරට හලාගන්න එකා හොයන එක කියල වෙනස් උනානනං කොචිචර ෂා.... ද? නිකං අර වල් අලියා වන අලියා උනා වගේ..

    මේ තරගෙට මාත් ඉදිරිපත් වෙනවා (අයදුම්පත් පුරවන්න ඕනද?)
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අයදුම් පත් ඕනම නෑ. ඒත් බයිට් පැකට් එකක් නම් ඕනමයි.

      Delete
  3. හොඳම බයිට් කන එකා තෝරන තරඟයක් නැත්ද?

    මාතලන් අයියටත් සුබ නව වසරක් වේවා……!!

    ReplyDelete
    Replies
    1. අපෝ බෑ... පිරිස වැඩියි... නව පරපුර බොන්නෙම නෑ නේ... ඒ උනාට බයිට් මාරයෝ...

      Delete
  4. හොඳම බොන එකාට බඩු සප්ලයි කිරීමේ අනුග්‍රහය කවුද?

    ReplyDelete
    Replies
    1. බඩු කිව්වේ.....

      Delete
    2. මොනවද බන් බඩු ගැන කතා කරන්නේ බොන්නත් කලින්. ඔය පැත්තේ නැතෑ බඩු පොට්... ඕන විදියකට හිතා ගනිව්...

      Delete
    3. බඩු කිව්වෙ අරක්කු බොල.

      Delete
    4. එවුව ලෙසටම කෙරෙයි ප්‍රසන්න එදාට :D

      Delete
  5. මේ දාලා තියෙන තරග එක්ක බැලුවම අපේ එකට වැඩිය බෝලාලාගේ එක නැගලා යන පාටයි...... මමත් අපේ සංවිධායකයින්ට කියන්න ඉන්නේ මැලේසියාවේදී හොදටම අන්දපු එකාව හා හොදටම ඇදහත්තු එකාව තෝරන්න කියලා මොකද සැහෙන්න කට්ටියක් ඉදිවී තරග දෙකටම ඉදිරිපත් වෙන්න

    ReplyDelete
    Replies
    1. උපන් බිමට වඩා තැනක් කොහෙද තියෙන්නේ.. මේකේ ඉන්න බැරි උනාට..

      Delete
  6. මහා රජානෝ මතට තිත තිබ්බා කියන්නෙ වෙන දිවයිනකද ආයුබොවන් ?

    ReplyDelete
    Replies
    1. මා තලන් ගොයියට කවුරු හරි හොදට තලන සුභ අලුත් අවුරුද්දක් වේවා !

      Delete
    2. ඕක තමයි මේ ආන්ඩුවේ ළොකුම බොරුව...

      Delete
  7. සුදු මහත්තයයි, කලු මහත්තයයි, කිරි මහත්තයයි කට්ටිය එක්ක එකතුවෙලා තරගෙ පටන් අරන් තියන්නේ.. හොදයි.. මමත් බලන්නම් එදාට එන්න. ෂුවර්ම නැහැ. ඒත් හවස විතර එන්න බලනවා.
    ඔබට සහ මේ පොස්ට් එක කියවන සැමට සුභ නවවසරක් වේවා!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ව්ව්ද මහත්තයාටත්, වෙද හාමිනේටත්, වෙද පැටික්කිටත් ආතල් නව වසරක් වේවා..!!!

      Delete
  8. සුභ අලුත් අවුරුද්දක් වේවා !!
    ගමේ ගිහින් සිංගක් සෙට් උනාම තියන සැප නං වැඩක් නෑ බොල !!!

    ReplyDelete
    Replies
    1. ඒ වගේද තෝ මට අහුවෙලා කෑවම රජ කෑමක් :P

      Delete
    2. තැන්කූ තැන්කූ තැන්කූ... උඹටත් එසේම වේවා... සියලු පැතුම් ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ද වේවා...

      Delete
    3. ඔව් ඔව් ..හිටපං ඉවානයා දත කට මැදගෙන.. මං කන්ඩ එනකං.. පිනක් දහමක් කරගනිං. උඹට තව අවුරුද්දයි තියෙන්නේ.. මං ලබන පාර ආවම උඹේ වීස කැන්සල් !!!

      Delete
  9. //ඒත් සිකරෑට් බන්ඩලයන් නම් ගේනවා. ඒ මොකටද...? ඒ මොකටවත් නෙමෙයි... නලියට කන්න දෙන්න//

    අම්ම්පා මාතයියෙ..එකෙන්ම....අටම ලෑ ගෙදර ගිය වෙලේ නේද කාපු කෑම දැක්කෙ.....

    ReplyDelete
    Replies
    1. දෑහින්ම දැක්කාම තවත් මොන කතාද බන්...

      Delete
    2. දවසක් ඕක දැකල හැලපයත් බය උනා

      Delete
  10. //ඒ මොකටද...? ඒ මොකටවත් නෙමෙයි... නලියට කන්න දෙන්න.//
    මං දැක්ක හොඳම එක...

    ReplyDelete
    Replies
    1. මම ගේන්නෙ ....,
      http://en.wikipedia.org/wiki/File:M17.JPG

      Delete
    2. උඹ ඇස් දෙකට දැක්කෙ නෑ නේ..

      Delete
  11. DONT YOU KNOW THAT " PUKA " IS A COPY RIGHTS RESERVED WORD.
    YOU WILL BE HAMMERED BY KAKKA

    ReplyDelete
    Replies
    1. කකා කිව්වෙ තමන්ම ඇනෝ කොටන කක්කුස්සි බොගාද ? උෟ මේ මාතගෙ බොක්කෙ ෆිට් එකක්; මාතා හොදට ලියන උන්ට බොරු බයිලා ගැහුවට...කියවන්න මෙලෝ දෙයක් නැති නම තිබ්බට වැඩ නැති ඔය යකාගෙ ඒවා නම් ඉහළින් වර්ණනා කරනවා...බීලා ඉන්න වෙලාවට වෙන්න ඇති උගෙ කක්කුස්සියට රංගන්නෙ....

      Delete
    2. ඇයි මචෝ උඹ ඇනෝ එන්නේ. දැන් දැන් උඹත් පොන්නයෙක් වීමේ ලක්ෂණ පෙන්නුම් කරන්න පටන් අරන්ද...?

      Delete
  12. ///ඒත් සිකරෑට් බන්ඩලයන් නම් ගේනවා. ඒ මොකටද...? ඒ මොකටවත් නෙමෙයි... නලියට කන්න දෙන්න// හි හි දවසෙන් ඉවරකරයි පත්තර කාරයා. ඒ වගේම අර අනිත් තරගෙත් එයාටම තමයි . ඊයේ රෑ අම්මා කැවුම් උයන්න පිටි අනලා දුන්නා. අවුරුදු කීපෙකට කලින් ආච්චි අම්මා කොන්ඩ කැවුම් උයන්න උගන්නලා තිබුණ නිසා, කැවුම් 60ක් ඉවුවා ,කොකිස් හැදුවා මාර සතුටුයි. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. ඕ යේස් !! සහතික දෙකම රෙඩි කරලා තිබ්බහැකි නලින් දිල්රුක්ශ කියලා..!!
      බඩු ෂුවර් !!

      Delete
    2. එසේම වේවා..... එසේම වේවා..... අර අහිංසක කොලු පැටියටත් විස් කොලා කියහන්... පවු බං ඌ....

      Delete
    3. ඕ යේස්.. අනේ ඌට ජීවිතේ විඳින්ඩ පුලුවං ලොකුම දඬුවම ලැබුනා. පව් තමා ඒත් අපි කොරපුවයෑ !!!!! සංසාරේ

      Delete
    4. සිරාවටම බං ඌ ගිය ආත්මේ හෙනම හෙන පාපයක් කරල තියනව

      Delete
    5. ආපහු සුපුරුදු ඇඳ උඩ..ලැප් එක ඉස්සරහ ..ඒත් ඉස්සර වගේ හිනාවෙලා නෙමේ කදුළු පුරෝගෙන . ජිවිතේ පළවෙනි වතාවට ලොකු තනිකමක් දැනුණා. උබලත් මට හිනාවෙයල්ලා බැනපල්ලකෝ ඉඳගෙන :(

      Delete
  13. දැන් ඔය සැණකෙලිය දි කාගෙ පුකද හැමෝටම කතා වෙන්න එලියට දාන්නෙ :D :D

    ReplyDelete
    Replies
    1. කකාගේ පුක මිසක් වෙන කාගේ පුකද...? මගේ ගුරු ජී වෙච්චි....

      Delete
  14. මාතලන් අයියටත් සුබ අලුත් අවුරුද්දක් වේවා……!!

    ReplyDelete
    Replies
    1. උඹටත් එසේම වේවා බේගල් මලේ....

      Delete
  15. මාතලන් ........ ඔයාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අළුත් අවුරුද්දක් වේවා.....

    ReplyDelete
    Replies
    1. හැබයි ඉතින් මාතර කිරියි කටුවන පැණියි වෙන්න ඕනා නැත්නම් අවුල්...

      Delete
  16. //"අම්මපා ලියන්න ගියේ වෙන එකක්. ලිය උනේ වෙන මළ හත්තිලව්වක්"//, මෙයා දැන්නම් හැලප කාලා තියෙන්නේ උස්මුරුත්තාවට එනකම්ම මට පෙන්නේ.

    කලින් දවසේ රෑ ඇවිත් ග්‍රවුන්ඩ් එකේ ඉන්න වෙයි වගේ දැන් යන විදිහට.

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න ලියන්න ගියේ කොක්ටේල් ගැන. ලිය උනේ සත පහක වැඩක් නැති මළ හත්තිලව්වක්.. මම එන එක නම් තාම ෂුවර් නෑ පුතේ.. මිස් උනොත් නම් ඉඳලත් වැඩක් නෑ... උඹ්ලා නිසා නෙමෙයි... අර කෙන්ජියගේ බ්‍රසීල් කෑල්ල බලා ගන්න බැරි වෙන නිසා.. බ්‍රසිල් කෑලී පට්ටෙ හොඳම එක නොහොත් වල්ල පට්ට...

      Delete
    2. ඉවාන් උඹ වැල් පෙනෙල වැලක් අරං වරෙං කෝකට්ත්.. අ‍ර කෙන්ජි මාමට ලැජ්ජ කොරන් නැතුව...

      Delete
  17. හා හා ඔන්න මමත් දැම්ම පෝස්ට් එකක් අවුරුද්ද නවීකරනය කරන්න ඕන විදිහ ගැන කියලා. දැන් ඉතින් ඔය පරන තාලේ සිංහල අවුරුදු සැමරීම පැත්තක තියලා අළුත් වෙමු නේද කාලයේ තාලයට.

    ReplyDelete
    Replies
    1. අපි නම් ඉතින් හොඳ උනත් නරක උනත්, හැමදාම නව පරපුර එක්ක.. ඒක තමයි නොමියෙන තාරුණ්‍යය...

      Delete
    2. චැහ්.. ළඟ පාතක උන්නනං අලුත් අවුරුද්දේ අලෙයි කොරන්න තිබුනා !!

      Delete
    3. //ඒක තමයි නොමියෙන තාරුණ්‍යය...//

      හැට පැන්නත් වදුර ගහේ

      Delete
  18. මාතලන්ටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. යකාටත් එසේම මෙව්වා එකක් වේවා...

      Delete
  19. මේක කියවන ගමන් පසු බිමෙන් කට්ට කාල ස්වීටි කෙල්ල මගේ රත්තරන් සින්දුව අහන්න

    නන නාන නනන නාන නනන නානනා.....//

    සින්ඩි කරලා ගත්ත වොඩ්කා බෝතලේ රත්තරන්
    මොකද රන්ජනී රවන්නේ අනේ ඔය තරන්.....//

    මට සැන්ඩි ඕනා නැ.....මට බයිට් ඕන නැ
    මලක් වගේ සුරංගනා ලොවේ යන්නේත් නැ

    සින්ඩි කරලා ගත්ත වොඩ්කා බෝතලෙ රත්තරන්
    මොකද රන්ජනී රවන්නේ අනේ ඔය තරන්...../

    කට්ට කාල සින්ඩි කරලා ගත්ත බෝතලේ මචන්
    මොකද උඹලා සෙට් වෙන්නේ නැද්ද දැන් ඉතින් .......//

    මේක සිරාවටම් ඉවර කොලොත් එක වර
    මට බොක්ක උනත් දෙන්න ඇහැකි ඒ විට
    අනේහෙට උදේට ඔලු ගැලවෙන හිස රිදුමට
    පැනඩොලුත් වැඩකරන්නේ නැනේ අනේ මේවට

    කියලා වැඩක් නැ .....ආතල් එක ඉවර වෙන්නේ නැ
    මෙවා ගැන හිතුවොතින් අද බීලා වැඩක් නැ

    මචන් ඔව්වා ඔහොම තමයි මෙහෙම බිව්වම
    ඉඳලා හිටලා කබරේ ගියත් අනේ පිට පිට
    උඹට ෆිට් වෙනකම් දාල යන්නේ නැ අප
    සින්දුවක් කියලා ඉමු ආතල් එකේ අද


    කියලා වැඩක් නැ .....ආතල් එක ඉවර වෙන්නේ නැ
    මෙවා ගැන හිතුවොතින් අද බීලා වැඩක් නැ

    සින්ඩි කරලා ගත්ත වොඩ්කා බෝතලෙ රත්තරන්
    මොකද රන්ජනී රවන්නේ අනේ ඔය තරන්...../

    මේක කියවන ගමන් පසු බිමෙන් කට්ට කාල ස්වීටි කෙල්ල මගේ රත්තරන් සින්දුව අහන්න

    ReplyDelete
    Replies
    1. අපූරුයි.... කාගෙද මේ කැරිමෑන් ගෙද...

      Delete
    2. Hmmm.................Certainly, it's from mari kans.

      Delete
  20. මාතලන් ඔබ වැනි ප්‍රවීනයෙක් w3lanka එකේ මෙසේ අදහස් දැක්වීම ගැන සතුටුයි. මේ පුද්ගලයා නීචයෙකි. මොහු කරන්නේ බ්ලොග් ලිවීම පමණි. එසේමදවස පුරා තම බ්ලොගයේ ඔන්ලයින් සිටී. ඔහුගේ වචන වලින් ඇනෝ එන්නේ කවුදැයි ඕනෑම කෙනෙකුට තේරේ.
    ඔහුම ඇනෝ ලෙස පැමිණ උත්තර දෙයි.ඔහුට මදිකමක් ලෙස හැගුනොත් ඇනෝ උත්තර දෙයි. භාෂා ශෛලියෙන් ඕනෑම කෙනෙකුට එය හදුනා ගත හැක. සතුරන්ට මෙලෙස පහර දීමේ පහත්ගති ඔහු ජේවීපී කළ කාලයේදී උරුම කරගත් එකක් විය හැක.
    නමුත් මේ විශ්‍රාමික ත්‍රස්තවාදියාගේ ලිපි කියවා මමත් මොහු යහපත් කෙනෙක්යැයි සිතුවෙමි.එහෙත් පාඨකයන් සිතන ලෙසම මොහු යහපත් කෙනෙක් නොවේ.
    ඇනෝ දමන්නේ මොහු බව සත්‍ය වන අතර මොහු පාසලේ සේවය කරන හැටි ගැන හොද අදහසක් ගත හැක.එසේම මොහුම වෙනත් බ්ලොග්වලද ඇනෝ දමන බව මට සිතේ.
    භාෂා ශෛලියෙන් ඕනෑම කෙනෙකුට මේ නීචයාගේ කොමෙන්ට් සොයා ගත හැක

    ReplyDelete
    Replies
    1. මේක එතනත් දාපු නිසා ඔහේ තියෙද්දෙන්. නැතුව මම කැමති දෙයක් නෙමෙයි මේ දේ. කෙසේ වෙත්ත් ඒ ඇනෝ පැරාම තමයි කිය්ලා එහා ගෙදර බහ තෝරන එකා මට කිව්වා..

      Delete
  21. අර ඕනම දවස්වල බාර් වහන සින් එක නම් මචන් මහ ගොන් තකතීරු වැඩක්....

    ReplyDelete
    Replies
    1. පිස්සුනේ බං වැඩියන්ම බඩු ඕන දවසට ඒක වහලා... මේ තරම් විහිළුවක් තවත් තියෙනවද....?

      Delete
  22. උපන් බිම වගේ තැනක් කොයින්ද මේකෙ ඉන්න බැරි උනාට.
    මාතලන් නියම කියමන
    මට මතක් උනේ අපේ විකට රජා ජනපති තුමාගෙ කෑම කාලා කියපු එක
    මේගොල්ලො ආඩම්බරයි සර් හැබැයි තේරුමක් නැතිව

    බොනව ඇරෙන්න විනෝද වෙන්න වෙන විදියක් අපිට ඉතිරි කරල නෑ

    මාලුවෙක් බෑම පව්

    කැට ගහන්න බෑ - සූදුව පව්
    අවුරුද්දට බූරුව අතක් ගහන්න බෑ- පව්
    අනෙක බාන්න මාලුවෙක් නෑ ඇල දොලවල්වල

    කැසිනෝ ගහන්න පුලුවන් තුන්සිය හැටපස් දවසෙම

    ගෑනියෙක් එක්ක විහිලුවක් බෑ, ඌ වල්-- පවුල කැඩෙනවා

    නච්ච ගී වාදිත - පව්

    බුකිය රේස් බයි රේස් පව් නැත

    කසිප්පු බීම පව්ය

    ආණ්ඩුවට මුදල් ලැබෙන ඒවා පව් නැත
    -----------
    අවුරුදු නිවාඩුවත් ලැබූ අවුරුද්දත් සතුටින් ගතවේවා කියා ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා... දයාල්ගේ කාව්‍යමය පෝස්ට්වලටත් කොමෙන්ට්වලටත් මම නම් පට්ට ලයික්.. ඒකේ සුපිරි අනන්‍යතාවයක් තියෙනවා..

      Delete
  23. සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ !!

    ReplyDelete
  24. එහෙනං එදාට මං සිගරට් ගේන්නේ නෑ. නොමිලේ ලැබනවනේ

    ReplyDelete
    Replies
    1. නලිය .... මං උඹට කියන්නෙ .... නැහැ..... මම එදාට දුල දෙන්නයි නෝනවයි එක්කර ගෙන එන්නෙ .... අටම දුන්න එඩ්රස් එක....මමත් දවසකට G ෆොන්සේකාට වඩා 60 ඉරෙව්ව එකෙක් ජපානේදී..... 2002 නැවැත්තුව..... ඔය දැන් Camila එක්ක ඉදල හිටලා චරාස් පාරක් උරනව ඇරෙන්න....
      පළමුව අඩු කරපන්....... උදේට ඇස්ප්‍රින් 100mg පෙත්තක් බීපන් කෑමෙන් පස්සෙ ... තව ඒවා කියන්නම් ආවම....

      Delete
  25. බෙල්ල ගාවටම ලෙඩ උනා බන් අයියෙ.තාමත් අමාරුයි.නැත්තම් උබත් එක්ක සෙට් වෙනවමයි කියල හිතන් හිටියෙ.උබෙ කතාවෙන් තව කතාවක් මතක් වුනා පොස්ට් එකක දාන්න්නම්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න