කරුණාවතී අපේ ගෙදරට ගොඩවෙන්නේ, කළාතුරකිනි. ඒත් අවුරුදු කාළයේ එක දිනක්, දිවා කාලයේ සම්පූර්ණයෙන්ම අපේ ගෙදරට ගොඩවන්න යයි කියනා අරාධනාව කරන්නේ, ආච්චි අම්මාය. කරුණාවතිගේ මව චාලට් නෝනාය. බංගලාවල හාමු පවා, චාලට් අමතන්නේ “චාලට් නෝනා” කියාය. කරුණාවතීට නෝනා කෑල්ලක් තිබුනේ නැත. ඒම නිසා ලොකු කුඩා කොයි කවුරුත් කරුණාවති ඇමතුවේ එම නාමයෙන්මය.
කරුණාවතිට
ඉවුම් පිහුම් කිසිවක් කළ නොහැක. කළු හීන්දෑරි කෙට්ටු ශරීරයකින් යුත් ඇය. නිතරම
සැරසී සිටියේ ඔසරියකිනි. කරුණාවතිගේ ඉල්ලිම වැඩිවීමට එකම හේතුව, ඇයගේ කඩිසර භාවයයි. ඇවිදීමේ තරඟයකට
ඉදිරිපත් කළානම්, ඔලිම්පික්
වුවද් ජයග්‍රණය කළ හැකි තරමේ වේගයක්, ඇගේ ගමනේ ඇත. කරුණාවති කලේ, කුස්සියේ අඩු පාඩු සොයා බලා, ඒවා සකස් කිරීමත්, කඩේ යාමත් පමණි. ඇගේ කඩිසර කම නිසාම එක
දිනකදි නිවාස පහ හයක වැඩ කළාය.
අවුරුද්දට, කළු කුස්සිය බොහෝ කාර්ය බහුල ප්‍රදේශයකි.
අපට අළුත් අවුරුදු ඇඳුම් ඇඳිමට අවුරුදු දිනය උදාවන තෙක් ඉවසන්නට සිඳු වූවද,
කළු කුස්සිය ඇඳුම් අඳින්නේ අවුරුදු උදාවට
පෙරය. ඇතුලත සායම් ආලේප කිරීමක් සිඳු නොවූවද, පිටත් බිත්තිවල සමර වලින් සැරසෙන්නේය. ලිපද අළුත් හුඹස්
මැටි වලින් සැරසෙන්නේය. කුල්ලට වෙනම ඇඳුමකි.
ඇය සැරසෙනුයේ
බෙලි ගෙඩියේ ලාටු වලිනි. බෙලි ගසක් වත්තේම තිබූ නිසා, ඇගේ ඇඳුම අවුරුද්දට කීප විටක්ම අළුත් වුනි.
මේ කාර්යයන් සිඳු වන්නේ, කරුණාවති සහ
ඇයගේ සැමියාගේ ශ්‍රම දායකත්වයෙනි. ගණු දෙණු කෙසේ සිඳු වූවාදැයි නොදන්නා නමුත්, කරුණාවති මහතාට, පොල් ගහ යට කොටියා සිටිනා බෝතලයක් නම් සෑම
අවුරුද්දේම වැරදුනේ නම් නැත.
ඊට අමතරව
අවුරුද්දට කලියෙන් තවත් දෙදෙනෙක් අළුත් විය. ඒ මිරිස් ගල හා හිරමන තලයයි. “මිරිස් ගල් කොටා....න්නේ..... හිරමන පීරී
ගා....න්.......නේයි…..”. කියමින්, තලප්පාවක් හිස බැඳ පොටනියකුත් කර තබාගෙන පැමිනෙන මුරුගන්, කවුරුත් ඇමතුවේ, හිරමන පීරිස් යන ආදර නාමයෙනි. ඔහු බොහෝ
සුන්දර මිනිසෙකු විය. බුලත් විටක් කටේ නොතිබු අවස්ථාවක් මා කිසි දිනෙක දැක නැත.
දිවා කාළයේ
පැමිනිනි නම්, ආච්චි අම්මාගෙන් දිවා
භෝජන සංග්‍රහයක් භුක්ති විඳිමේ වාසනාවද උදාවිය. එය මුරුගන්ට පමණක් ලද වාසනාවක්
නොවේ. දකුණේ මිනිසුන්ගේ සුන්දර වූ පුරුද්දකි. අදත් අපේ මහ ගෙවල් වල, අවම වශයෙන්, වැඩිපුර දෙදෙනුකටවත් කෑමට සරිලන පරිදි, බත් මාළු ව්‍යංජන පිලියෙල කරයි. අමුත්තකු
පැමිනියේ නැතිනම්, එය රාත්‍රි
ආහාරය සඳහා හෝ කුරුල්ලන් වෙනුවෙන් වෙන් කරයි. එසේත් නොමැතිනම් පාර්සල් කර අහල පහල
දුප්පත් නිවසකට පිරිනමයි.
අවුරුදු කෑම
පිළියෙල කරනුයේ, දිනපතා
පාවිච්චියට ගන්නා දර ලිපේ නොවේ. මේ සඳහා වෙනම ලිපක් පිලියෙල වේ. කළු කුස්සියේ
මැද්දට වන්නට, ටකරමක් බිමට දමා, ඒ මත ගඩොල් දෙක දෙක සෙට් තුනක් තබා හෝ, කුඩා කළු ගල් තුනක් තබා, ලිප සාදා ගනී. එය තෙල් තාච්චිය තැබීමට හැකි
වන පරිදි සකසා ගැනේ. අවුරුදු රස කැවිලි සෑදීමට, රබර් දර යොදා ගත්තේ නැත. ඒ සඳහා යොදාගත්තේ, සීදුවේ ලොකු අම්මා, ඔස්ටින් කෙම්බ්‍රිජ් රථයේ ඩිකියේ දමාගෙන
ගෙන එන, කුරුඳු දර, හනසු, කොලපු හා පොල් කොල පමනි. සැර ගින්දරේ කැවිලි සෑදූවේ
නැත.
අපේ අම්මාගෙත්
ආච්චි අම්මාගෙත් අත් එකසිය ගානට වෙව්ලනා බැවින්, කොන්ඩ කැවුම්
සෑදිමේදි කොන්ඩය ගැනීම, ඉතා පහසු
කාරනාවක්ම විය. කොකිස් අච්චුව ඉල්ලගෙන ආවේ නම් ඇල්බියන් මුදලාලිගේ නිවසිනි. මේ
සුන්දර නිවස, සපුගස් කන්දට රේල් පාරක් දැමීමේදි කැළණි
කුමරියට අහිමි විය. පාරට තරමක් උසින්, පඩි පෙලක් නැග, කුඩා ගේට්ටුවකින් නිවසට ඇතුළු විය යුතුය. එය කුඩා
වලව්වක හැඩයෙන් විය.
කුඩා ගේට්ටුවට
හා පඩි පෙලට මදක් දුරින්, වාහන ගැනීම
සඳහා විශාල ගේට්ටුවක් විය. ධර්මාළෝකයට හා ශාන්ත පෝල්ස්ගේ සුන්දර බාලිකාවන්ගේ පාසලට
ගොඩ වූ ඕනෑම කෙනෙකුටත්,
වරාගොඩ පාරේ ගමන් ගත්
කිසිවකුටත්. අපූරු රතු ජම්බු ගසකින් පිරි මේ නිවස, කිසිදා අමතක වීමට නම් නොහැකිය. ඊට පසු වංගුවත් සමග ඇත්තේ ඉස්කෝලේ මහත්තයාගේ
නිවසය.
ඉස්කෝලේ
මහත්තයා ගැන, පොතක් වුවත් කරුණු
ලියා තැබිය හැක. ඔහුගේ ලොකු දුව විවාහ වී ඉන්නේ, ඡන්ද කෙරුවාවට
ගොස් ආතතිය හදාගෙන ගෙදර ගිය, ඡන්ද
කොමසාරිස් දයානන්ද දිසානායකයන් සමගය. පුතා ධර්මේය. ඊට ඉදිරිපසින් ඇත්තේ නිලි
රැජිනි මාලනීගේ නිවසයි.
එය මාලනි
තරමක් සල්ලි කාරියක් වූ පසු ඉඳිකල නිවසකි. ඊට පෙර ඔවුන් ජීවත් වී ඇත්තේ, ඒ අසලම පිහිටි ගහලගොඩ වත්තේ කුඩා නිවසකය.
මාලනිගේ මව අහංකාර ස්ත්‍රියක් වූ අතර, තාත්තා
නම් ඉතා නිහතමානි, නිහඬ, සුන්දර මිනිසෙක්ම විය. ඔවුන් දෙපොලම රූපශ්‍රීයෙන් නම්
අග තැන් පත් වූවෝම විය.
කැවුම් හා කොකිස් වලට අමතරව, මුං අළුවා, මුං ගුලි, අළුවා සහ කිරිටොපි අප නිවසේ සෑදූ අවුරුදු රස කැවිලියි. මේ සියල්ලම එකම දිනක සාදා නිම කරන්නේ, කරුණාවතිගේ කරුණාවන්ත කම නිසාමය. මේ සඳහා අවශ්‍ය හාල් පිටි මුං පිටි සියල්ලම පිලියල කලේ අප විසිනි. ඒවා බොහෝ සුන්දරම ඇත්දැකීම් විය.
මේ කිසිම කෑමක්, අවුරුදු මේසයට තබන තෙක්, බොහෝ නිවෙස්වල කෑමට නොලැබෙන නමුත්, කුඩා කල සිට අයුක්තියට අසාධාරනයට එරෙහිව සටන් කළ, ලොකු අයියා කෙනෙක් උන් නිසා, මල්ලිටත් නංගිටත් ඔවුන් කැමති ඒවා රස බැලීමේ වාසනාව හිමි විය. මගේ සටන මා ගෙන ගියේ මුං ගුලි සඳහාමය.
අවුරුදු රස
කැවිලි වලින් අදත් මගේ සිත් ගත් කැවිලි වර්ගය නම්, මුං ගුලිම පමණය. කැවුම් නම් මට දිරවන්නේම නැතිය. එදා
කොකිස් වලට අකමැති වුවද,
කිස් වලට නම් කිසිම
අකමැත්තක් තිබුනේම නැතිය. එහෙත් අද නම් කොකිස් වලටත් මනාපය. ඒ වැඩ ඇල්ලීමෙදි භාවිතා කල හැකි, අපූරුම බයිට් එකක් නිසාමය.
//මේ කිසිම කෑමක්, අවුරුදු මේසයට තබන තෙක්, බොහෝ නිවෙස්වල කෑමට නොලැබෙන නමුත්, කුඩා කල සිට අයුක්තියට අසාධාරනයට එරෙහිව සටන් කළ, ලොකු අයියා කෙනෙක් උන් නිසා, මල්ලිටත් නංගිටත් ඔවුන් කැමති ඒවා රස බැලීමේ වාසනාව හිමි විය.//
ReplyDeleteඅපේ ගෙදරත් ඔහොම තමයි..
මං ඉඳුල් නොකර අවුරුදු කුමාරයා කනව බොරු..
පුංචි කාලෙ අවුරුදු මතක් වෙනවා මේක කියෙව්වම..
ජය වේවා!!!
වලිය යන්නේ ඕකට තමයි... අවුරුදු කුමාරයා කියලා එකෙක් නෑ කියලා.. මොකෝ එයාලමයි කියන්නේ නත්තල් පප්පෙක් නැතෙයිය කියලා.
Deleteමාතලන්ට තාම වෙරි.
ReplyDeleteහැප්.. පිනි,
Deleteඅහිංසක කොල්ලන්ට එව්ව මෙව්වා කියන්න එපා..
කතාව නම් බොරුත් නෙමෙයි. අපේ නෝනත් ඔය කතාවම කිව්වා.. ඒත් කිසි අවුලක් නෑ.. එහෙමයි අපි නෝනලා අරගෙන තියෙන්නේ..
Deleteමාත් එ් කාලේ දුන්නැත්තං හොරෙන් උස්සල හරි කෑව
ReplyDeleteහොරකම් කරාම අපායේ යනවා..
Deleteචී චී කැතා........යි...
රසවත් ලියවිල්ලක්. මාලිනීව ගාව ගත්ත එකෙන් කියවන්න වැඩි තල්ලුවක් ලැබෙනවා.
ReplyDeleteමාලනි මගේ ගොඩාක් පෝස්ට් වල ඉන්නවා. මේකත් පරණ රැකෝඩ් එකක්ද කොහෙද...
Deleteසමාජවාදී අයියා කෙනෙක්ද කොහෙද ....
ReplyDeleteඔන්න ඉතින් අපිටත් අතීතය මතක් වෙන්න පටන් ගන්නවා...
අති දරුණු විප්ලවයකුත් තීලා, හොඳ වෙලාවට ඒ පැත්තට නොගියේ.. එහෙනම් ඒ කාළෙම නිවන් යන්න තිබුනා, ටයර් එකකුත් බදාගෙන.
Deleteකොකිස්නං පට්ටය..
ReplyDeleteකිස් නම් ඊට වඩා රසවත්ය
Deleteඔහොම අයියෙක් මට හිටියෙ නෑනෙ !!! චැහ්
ReplyDeleteඒකටත් පින තියෙන්න ඕනය කියලා කියනවනේ..
Deleteහෙක්...හෙක්..... මචෝ ..අර පිනි කියල තියෙන එක ඇත්තද......බං .....
ReplyDeleteඇත්තක් නොවන්නේද නොවේ... ඇයි මචෝ එදා එළිවෙනකන් බිව්වනේ.. මසාජ් එකකුත් දාගෙන ආවේ..
Deleteමං ඒකනේ කිව්වෙ උඹත් මං වගේ බුවා කියල එදා.....
Deleteඔය ගත්ත මසාජ් එකත් රියල් මසාජ් එකක් මිසක් අර හන්දි ගානෙ තියන type ඒව වගේ නෙමේ කියලත් දන්නව ලොක්ක.....
කොහෙවත් හිටි මාලනී ගෙ නනත් ටයිටලේ, ෆොටෝත් දාලා.
ReplyDeleteකරුණාවතීලාට හුලං.
අම්මට සිරි ලංකාව!
;-)
guerrilla marketing :)
Deleteමචෝ උඹටත් හැලප ශෛලිය ලැබීගෙන යනවා.
ReplyDeleteවෙන්න පුලුවන් මචෝ... මගේ වීරයෙක්නේ..
Deleteනාරං කැවුම් යනු මුංගුලි වලට කියන තවත් නමකි.කොකිස්වලට නං මම කවදත් මනාපය.
ReplyDeleteඕකත් හොඳට ලුනු රහයි කිරි රහයි ගානට නැත්නම්. හම් කෑලී කනවා වගේ.. හැලපේ කිස් වලට කැමති නැතෙයි...
Delete@ හැලප
Deleteනාරං කැවුම් කියන්නෙ මැදට පැණි පොල් දලා හදන එකක් නේ ,මුං ගුලි වෙන දෙයක්,මුං ගුලි වලට පැණි දලා මුං එහෙම දලා හදන එකක්. දෙකම සමාන වෙන්නෙ තැවරුමක් හදලා ගුලි විදියට බදින තැනින් නේ ,අපේ පැත්තෙ නම් එහෙමයි ,කොමද දන්නෙ නෑ කියන නම් වෙනස් ප්‍රදේශයේන් ප්‍රදේශයට
නාරං කැවුම් සහ නාරං ගුලි එකක්. මුං ගුලි කියන්නේ මුං ඇට කැවුම් මිශ්‍රණය කෑලි නොකපා ගුලි ලෙස තැවරුමේ දවටා බදින එක . තැවරුමේ දවටා බැදීම තමා පොදු ලක්ෂණය .
Deleteහැක හැක
Deleteකැන්ද කොළ මාමා කඩේ බඩු විකුණන හැටි තමා...
බින්දි කියල තියෙන එක හරි.....,
Deleteකරුණාවතී වගේ කෙනෙක් අපේ පැත්තෙත් ඉන්නවා. අවුරුදු 40ක් විතර ඇති බැඳලා නෑ. ඇවිදිත්දි නම් වයින් කරපු බෝනික්කා වගේ.
ReplyDeleteමාත් ආසම කිස් වලට තමා. හරි කිරි රහයිනෙ.… ;)
කොල්ලා හැරෙන්නේ පොල්පැලේ කන්න වගේ...
Deleteප්‍රියා
Deleteඅර වයින් කරපු බෝනික්කා ගේ කිස් වලටද කැමැති ඈ ;))
@ විදානේ
දැනටමත් කාලද දන්නෙ නෑ හැක් හැක්
කිරි රසට නම් ඉතින් ගැට පොලොස් තමා හොඳ... නැත්නම් පොඩි එකාගේ කිරි බොන්න ගිහින් ඌගෙන් කන්න වෙන්නේ..
Deleteඅන්තිමට ඒකි තනිකඩව හිටියා උඹ බැන්දා නේ ??? අනේ යකෝ ..
Deleteයකෝ වචනයක් වැරදුන ගමන් මාව කාපල්ලා. හැක් හැක්… ;) :)
Deleteකුත්තෙ ගාන්න බෙලි නැති ඈයො ගන්නව රට තොරක කියල ඉදුණාම කහ පාට රවුම් ගෙඩියක් ඇඹුල් රසයි.. මදය කන්න පුුලුවං... තව අවුරුද්දට කියල කරන වැඩ නං අම්බානෙට...
ReplyDeleteමම නං අවුරුද්දට වැඩියක්ම කැමති අහුවෙන අහුවෙන එකාට වදින්න සල්ලි දෙනවනෙ...
ඒ දවස් වලට නොවදින උන්ටත් වැදල ඇති
පොඩි කාළේ ඉඳන් දිරවන්නෙම නැති වැඩේ තමයි ඔය වඳින වැඩේ..
Deleteමාතලන් කුල්ලෙ බෙලි විතරක් නෙවෙයි ගොමත් ගානවා(දෙක එකටම නෙවෙයි) ,අපේ ගෙවල් වල නම් කරන්නෙ ඉස්සෙල්ලාම කැවිලි හදලා එකෙන් ටිකක් අරන් තියනවා,කොණ්ඩ කැවුම් හැමොටම හ්දන්න බෑ මං හිතන විදියට ,බුරිය ගන්න පිටි මිශ්‍රණය හරි විදියට එන්න ඕන නැත්නම් බුරිය එන්නෙ නෑ ,මං ආසම කොණ්ඩ කැවුම් වලට තමා ;))
ReplyDeleteබුරිය කැල්ල ගොඩක් තියෙන එවට තමා කැමැති :)))
එහෙනම් පොල් වගාවටත් කැමති ඇති...
Deleteමමත් ඇවිත් ගියා
ReplyDeleteමුංගුලි මගෙත් ෆෙවරිට්ය,හැබැයි ඉතින් ඔය අලුත් අවුරුදු කාලෙට ඔය කැවිලි ජාති කන එකත් එපා වෙනවා.නිතරම කන්න තියෙන නිසා.අවුරුද්දෙන් පස්සේ තමයි ඕවයේ වටිනාකම දැනෙන්නේ.
ReplyDeleteමුං ගුලි නම් එපා වෙන්නේම නැතිය..
Deleteලොකු දෙයක්..++++++++
Deleteපිනි කියපු කථාව නම් අපිටත් හරි.....පෝස්ට් දෙකම කියෙව්වෙ අද...."ඔහේලා" ඉතින් හත්මාලුව උයන්නේ නෑනේ.....
ReplyDeleteනැතිනම් ඉතින් මේ ජීවිත වලින් වැඩක් තියෙනවය..
Deleteඅපරාදේ ?? අරූගේ මොකක් හරි එකක් කියෙව්වනං ඉවරයි..
ReplyDeleteසහතික ඇත්ත මම මේ කවුරු හරි කියනකන් උන්නේ. වීරයෝ හදාගත්තාම ඔහොම දේවල් වෙනවා. ඉක්මනටම ඔළුවෙන් අයින් කරන්න ඕනා..
Deleteමාත් ට්‍රයි කරා නෙව අරූගේ විදියට මොකක් හරි කොටන්න.. මට නං බෑ බං ඒ වගේ ලියන්න සහතිකේටම.. ඒ උනත් මාතලං උඹ ලියන ශෛලියේ ඒ හා ගෑවුනු ගතියක් කෝමත් තියෙනවා.. දේශපාලන කතන්දර ලියද්දි උඹ ඒ ලියන ශෛලිය වීරයන්ගේ ශෛලිය හා තරමක් අනුගත වෙනවා. ඒක ඒ තරං ලොකු දෙයක් නෙමෙයි.. අමාරුවෙන් නං අතෑරහං.. නිකම්ම එනව නං දිගටම කරහන්.. ඕන රෙද්දක් මං කෝමත් කියවන එකක්යැ.. හැක්..
Deleteමොන විදියට ලිව්වහම මොකෑ බං. බලන එකෙක් බලයි. නොබලන එකෙක් නොබලයි. සල්ලි හම්බ වෙනවය. හිට්ස් විතරනේ.. හිට්ස් කන්නද බන්.. ආතල් එකට නම් හොඳයි..
Deleteඇයි එහෙනං පැරාට ඩොලර් පෙට්ටි ලැබෙන්නේ...
Deleteඅරූ කියලා කිව්වේ මං ගැන නම්.....මාත් හොයනවා මට මේ ස්ටයිල් එක ආවේ කොහෙන්ද කියලා...
Deleteමෙහෙ, හදන කෑම වලින් එකක් අරන් තිව්වට පස්සෙ කන්න පුළුවන්. ඉතින් උණු කැවුම් හෙම හත අටක් කෑවට පස්සෙ ඒක එපා වෙනවා.
ReplyDeleteඇයි සමහරු වඩියක් හෙමත් දානවනෙ අවුරුද්දට. කලින් නම් ඉරමුසු නෙල්ලි එහෙම දාලලු හැදුවෙ ඒක.
ශී ශී අපි ඔය වඩි දානවා වගේ ජරා වැඩ කරන්නේ නෑ නේ. ඒවා කරන්න පවු. අපායේ යනවා. අපි නම් සීල් ගෙනත් රජ්‍ය ආදායම ප්‍රවර්ධනය කිරීමට දායක වෙනවා.
Deleteකරුණාවතී කරලා තියෙන්නේ කිචන් මැනේජ්මන්ට් නේ .
ReplyDeleteකොකිස් හොඳට ගැලවෙන අච්චු හැම ගෙදරම තිබ්බේ නැහැ . අපේ පැත්තෙත් එහෙම ගෙවල් කීපයක් තිබුණ. අනික ලස්සන හැඩයක් තිබීම. මම කැමති සමනලයා හැඩේට . ඔන්න අපිත් හෙට අනිද්දට හදන්න ඕන දන්නා ජාති කීපයක් .අපේ ගමේ ආච්චි නම් කැවුම් හදන්න හපනි . අවුරුද්දට ගිහින් එද්දී අරන් එන කැවුම් පරණ වෙන්න වෙන්න රසයි. පරණ වෙද්දී උඩ පොත්ත ගැලවෙන ගානට එනවා . අවුරුදු ගැන නම් ලිපි දෙක තුනක්ම ලිව්වා .
මටත් මතකයි අපේ තාත්තා කට්ට කළු මුට්ටියක කැවුම් දාලා දුමේ තියලා මාසෙකට දෙකකට පස්සෙ කනවා. පුස් කන්නෙත් නෑ. එයානම් කැවුම් මාරයා.
Deleteඅවුරුද්ද ගැන මෙච්චරම සුන්දර මතකනම් නෑ මට. මොකද අපේ කාලෙ එනකොට මේ දෙවල් වියැකිලා ගිහින්. දැන් නම් ඒක සංඛේතාත්මක තත්වෙටම වැටිලනෙ. ආසාවෙන් කියෙව්වා. ස්තූතියි මාතලන්.
ReplyDeleteඋඹල අද දේ අනාගතේ ලියන කොට. දැන් තියෙන දේවලුත් නැති වෙලා තියෙයි.. ඒක තමයි පරිණාමය කියන්නේ. දියුණුව කියන්නේ..
Deleteහරිම රසවත් මාතලන් මමත් හිතින් අවුරැද්දට ගෙදර ගියා. ඔක්කොම හොඳයි ඒත් ඇයි මාලණීවත් ලාවට සම්බන්ධ කරගත්තේ කියලා හිතුනා. මාත් කැමතියි කොකිස් බයිට් එක්ක ටිකක් අනුමත වෙන්න. උඹට ජය! හැමදාමත් වගේ උඹේ ලිවීම් රහයි!!!
ReplyDeleteමේක පටන් ගන්න කොට මාලනී ගැන හිතකවත් තිබුනේ නෑ. කොකිස් අච්චුව නිසා මාලනී ඇදිලා ආවේ. ඒත් ඉතින් දෙයියෝ දුන්නා වගේ මාකටින් වලට කියාපු බඩුව..
Deleteචී...චී. මාතා..කොකිස් අච්චුව වගේද මාලනීගේ අච්චුව. ඉස්සර මාත් කැමති අච්චුවක් තමයි. අපිට කොහෙද එහෙම කොකිස්.
Deleteඅමාරුම වැඩේ දැනුයි පොඩි කාලෙයි දෙකේම නොනගතයට නොකා සිටීමය , අන්තිමට හොරෙන් කාලා කාලා ,නැකත එනවිට කන්න බැරි තරමට බඩ පිරිලාය .
ReplyDeleteමාතලන්ගේ බෝගේ හැලපෙයි අරුයි දෙන්නම එක පොස්ටුවක් දාලා තියෙනවා දක්කමද කොහෙද
එතකොට මං 10 පන්තියේ..අවුරුද්දට වැඩ අල්ලන්ඩ කිව්වම මං මයෙ මවුන්ටන් එකට හඳුං කූරක් ගහල වැඳලා සිං ගාල කෑල්ලගෙ ගේ ලඟට ගිහිං හරෝගෙන ආවා..කාටවත් නෝන්ඩි නෑ බං..සහතික ඇත්ත..!!!
Deleteචෑ… බං උඹලත් කොරලා තීන වැඩ… ශැක්. ;)
Deleteමට තිබ්බ වැදගත්ම වැඩේ ඒකනෙ බං..ඉගනගන්න එක කවද කොරන්ඩ බැරිද.
Deleteඋඹ කිව්ව එක ඇත්ත. දෙන්නම ඉන්නවා. දවසක රෑ ඉරපාන අහලා ඉවර වෙලා ලියපු පෝස්ට් එක ලිය උනේ ඒ විදියට. හැබයි ඉතින් මට නම් කිසිම අවුලක් නෑ.. හිතෙන දේ ලියලා ඇදලා අරිනවා. හරියන්නේ නැත්නම්, ඩ්‍රාෆ්ට් එකේ වේලී වේලී තියෙනවා...
Deleteමම ආසම ලියවිල්ලක් සහ කියවිල්ලක් තමයි බන්දුල නානායක්කාරවසම්. ඒ කටහඬේ අමුතු රහක් තියෙනවා බන්.
Deleteකුඩා කල සිට අයුක්තියට අසාධාරනයට එරෙහිව සටන් කළ, ලොකු අයියා කෙනෙක් උන් නිසා, මල්ලිටත් නංගිටත් ඔවුන් කැමති ඒවා රස බැලීමේ වාසනාව හිමි විය. මගේ සටන මා ගෙන ගියේ මුං ගුලි සඳහාමය./
ReplyDeleteකිසිම ඉවසීමක් නැති කාපාලුවෙක්.
ඔය එක එක්කෙනා විදියට ලියන එක හරි ජොලි වැඩේනේ.
මමත් ඕක නෝට් කලා.
සමහරු අලුතින් බ්ලොග් අටෝගෙනත් කොපි කැට් කරනවා.
වැඩේ කියන්නේ මාව කොපිකැට් කරන්නේ නැහැනේ කවුරුවත්,
එහෙනං මගේ මේ ලියන්න නාස්ති වෙන කාලෙයි,පිච්චෙන කැලරි ටිකයි ඉතිරිකර ගන්න තිබුණා.
මේ ලෙඩේ ඉක්මනටම නවත්ත ගන්න ඕනාය..
Deleteඇයි බං මුරුගන්ගෙ නම් පීරිස් හැටිඅය්ට වෙනස් වුනේ? පොර පීරි ගාන හන්දද?
ReplyDeleteමේ කෑම වෙලාවට ගෙදටා ආ කෙනෙකුට කෑමට ආරාධනා කිරීම "දකුණේ මිනිසුන්ගේ සුන්දර වූ පුරුද්දකි" කියන කොටසට මම විරෝධය දක්වනවා. ඒක දකුණේ උන්ගේ විතරක් නෙවෙයි බං කොයි පළාතෙත් සිංහලයන්ට පොදු දෙයක්.
ඔය කොකිස් ගැලවෙන්නේ නැතුව ගියාම බිත්තර ගාලා හෙන ජරමරයක් කරනවා නේද? උඹට මතකද ආස්මී හදන්න දවුල් කුරුඳු ගන්නවා. අන්න මම ආසා කෑමක්.
"කෝ කිස්" "ආස් මී".
Deleteමම හිතන්නේ හැමෝම පොරට කිව්වේ හිරමන පීරිස් කියලා. අරූත් ඒක සනාත කරලා තිබුනා. අපි ඉස්ස්‍ර කියන්නේ.. තලේ පීරී ගාන්නේ.. ගල් කපාන්නේ කියලා..
Deleteකෑමට ආරාධනා කලාට, කොයි වෙලෙත් කෑම රෙඩි තියෙනවා මම පිට පලාත් වල නම් දැකලා නෑ මචෝ..
අර බින්දිද කොහෙද කියලා තියෙනවා වගේ හැම කොකිස් අච්චුවම වැඩේට හරියන්නේ නෑ. අපේ ගෙදර තිබුන එක අවුල් නිසයි, ඇල්බින් මුදලාලිලාගේ එක ගේන්නේ..
ඔය අපේ අපේ කිව්වට පර සුද්දන්ගේ කෑමක් නේ..
DeleteAsk Me
මචන්...ඔය ආස්මි හදන මික්ස්චර් එකට මොකක් හරි හේතුවකට ගහක කොළ වලින් හරි පොතුවලින් පොඩි නානුවක් හදාගන්නවා. මට සීන් එක මතක නැහැ. ඒක නිසා තමයි ඔය තාච්චියට දාන කොට ඔය භාන්ඩේ එක තැනකට එකතුවෙන්නේ මගේ හිතේ.
Deleteඅපේ ගෙදරත් අවුරුද්දට කැවිලි හදන්න ඔය ටකරම උඩ ලිපක් බඳින එක කළා.... මටත් මතක පොඩි කෝටු කෑලි, හනසු, කොලපු, පොල් කොළ වගේ ඒවා තමයි ලිපට දැම්මෙ කියලා...
ReplyDeleteකොකිස් අච්චුවෙන් ඒවා ගැලවෙන්නෙ නැති එක නම් වාත කේස් එකක් තමයි... හරියට ආප්ප හදන්න ගියාම ගැලවෙන්නෙ නැති තාච්චි වගේ... අපේ පැත්තෙ ගෙවල් කිහිපයක තිබ්බ හොඳ කොකිස් අච්චුවලට නම් නිවනක් නෑ අවුරුදු කිට්ටුව... ඒ අච්චු වලින් කොකිස් ගැලවෙන විදියට හදාගන්න අළුත් අච්චුවලට මොකක්දෝ කරනව කියල මතකයි... හැබැයි සාස්තරේ මතක නෑ... අච්චුවක දාලා හදන කැවුමුත් හැදුවා අපේ පැත්තෙ... ඒවයෙ ස්පන්චියක වගේ වටේට රැලි තියෙනවා... සයිස් එකෙන් පුංචියි කොණ්ඩ කැවුමට වඩා... ආස්මී කන්න ගියාම හොඳ උනාට හදන එක නම් මහ කෝස් එකක්...
අවුරුද්දෙන් පස්සෙ ඉතුරු වෙච්චි කැවුම් අපේ අම්මා හුමාලෙන් තම්බලා අළුත් කරලා ගත්තා... ඒ අපට අහු නොවුනු ඒවා, නැත්නම් හංගපු පාර අම්මට අමතක වෙච්චා... සමහරු නම් කොකිසුත් ආයෙ බදිනවා පෙඟීගෙන එනකොට... ඒවා හරිම රසයි...
මේ සැරේ නම් අපට අවුරුද්දට අම්මගෙ කැවිලි පාර්සලයක් ලැබෙනවා... නිකම් නෙවේ, බිලිං අච්චාරුත් එක්ක... පෙර මග බලන් ඉන්නෙ ඒකට...
ඔහේ මගේ කට ඇවිස්සුවා බිලිං අච්චාරුවක් මතක් කරලා. ආප්ප කන්න කියාපූ භාන්ඩේ. ආප්ප විස්සක් තිහක් කන්න පුළුවන් කිසි ඇස් වහක් කට වහක් නැතිව.
Deleteබිලින් අච්චාරුද කියලා ෂුවර් නැහැ මචං...බිලින් තෙලෙන් උයනවා හොඳට උම්බලකඩ දාලා. අන්තිමට තික් පොල්කිරි මිටක් දානවා...පට්ට රහයි බන්.
Deleteමචන්...කියන්න දේ බොහෝයි...මාත් මේ ටිකේ අවුරුදු කුමාරයා වගේ අනුමත වෙලා ඉන්නේ. හැන්ග් ඕවර් බස්සන්න ඔය මොකක් හරි කරනවා. ආපහු පහුවදාට හැන්ග් ඕවර්. අවුරුදු කුමාරයාට ඇති වෙනකම් මාත් අනුමත වෙවී ඉන්නවා.
ReplyDeleteඋඹලා සියල්ලන්ටම ජයෙන් ජයම වේවා...හෙටත් හැන්ග් ඕවර් වගේ..දැන්ම තේරෙනවා.