අපට අපේම යයි කිව හැකි කිසිවක් නැත. අනුන්ගේ දෙවල් බදාගෙන, ඒ සියල්ල අපේ යයි අප පාරම් බාන්නෙමු. බුද්ධාගමද, පාර්ලිමේන්තු ක්‍රමයද, ඔටුන්න සිහසුනද, සාරියද සරම පමණක් නොව සිවුර හා සාටකයද අපේ නොවේය. මේ අළුත් අවුරුද්දද එසේමය. එයද දෙමළාගේය. එයද සිංහල දෙමළ කරගෙන සිංහල ඉදිරියට දමාගෙන ඇත. නිවැරදිව නම් එය දෙමළ සිංහල ලෙස නිවැරදි විය යුතුය. ඒ නිසා, සියල්ල පැත්තක තබා අපට අවුරුද්දක් දුන් දෙමළාට සුබ පතමු.
ඊළඟ කරුණ නම් රහසකි. මෙය රහසක් ලෙස තබා ගැනීම මාගේ සියළු රසික රසිකාවියන්ගේ යුතුකමකි. අද උදෑසනම ජනාධිපති තුමා මට සුභ පැතුම් එවා තිබිනි. රිප්ලයි එකක් යැවිය නොහැක. ඒ නිසා අතිගරු ජනාධිපති තුමාටත්, මැතිනියටත්, කුමාරවරුන් තිදෙනාටත්, සහෝදර සමාගම ඇතුලු සියළු නෑ පරපුරටත් සෞභාග්‍යමත් නව වසරක් වේවා..
ඒකනං ඇත්ත....මේක හින්දු උත්සවයක් තමයි....
ReplyDeleteඒත් අවුලකුත් නෑ....අපේම කියා තියෙන්න ඕනේ කියලා එකක් නෑනේ....අපේ වගේ කර ගත්තම ...
මොනා උනතන් මාතලන් ට ත් සිඋඅලු බ්ලොග් පාඨකයන්ටත් සුභම සුබු අළුත් අවුරුද්දක්වේවා....
එසේම වේවා....!!!
Deleteඅපි එහෙන් මෙහෙන් ඇහිදගත් වූවෝ වෙමු..
ReplyDeleteකමක් නෑ අවුරුදු බර ගානක් තිස්සේ පැවත එන එකනේ...
මහාචාර්ය මාතලන් (බී ඒ ගෞරව (බොග දැමීම.), සකල කළා වල්ලභ, කාව්ය සිරෝමනි, කළා බූසන, දේශ මාමක, හෙලයේ මහා පොත්කරු.) ඇතුළු පුවලේ සැමට සුභම සූුභ අලුත් අවුරුද්දක් වේවා!!!
එසේම වේවා....!!!
Deleteමාතලන් ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී වාසනාවන්ත අවුරුද්දක් වේවා
ReplyDeleteඑසේම වේවා....!!!
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ :)
ReplyDeleteජනාධිපතිතුමා මටත් සුභ පැතුව, ඒකත් කාටවත් කියන්න එපා :D
එයා මට එවපු එක
Delete/Oba Samata Suba Aluth Avuruddak Weva!
Ungal Anaivarukkum Puththandu Nalvalthukkal!
Wish You All a Very Happy New Year!
President Mahinda Rajapaksa
Time: 14/04/2014 06:03:33//
කාටවත් කියන්න එපා මං නං පෝස්ට් එකේම එයාට මෙව්වා කොරා
ජය වේවා!!!
චැක්… බලන් ගියාම ඔක්කොටම එවලා. යකෝ මේ මිනිහා මට මැසේජ් එකක් එවුවා කියලා ඒක සැමරුවෙ කිරිබත් කාලා. ආයෙම ශැක්…… :(
Deleteමට නං කෝල් කරලම කිව්වා.. උඹලට ඉරිසියා හිතෙයි කියල කිව්වෙ නෑ !!
Deleteඅඩේ මං හිතුවෙ මට විතරයි එවල තියෙන්නෙ කියල. බලපුවම අපේ ගෙදර මනුස්සයටත් එවලනෙ.
Deleteලොක්ක මම හිතපු විදියේ යෝදයෙක් නෙවෙයි.. අළුත් අවුරුද්දේ අපි ඔක්කොටම ඇරලා....
Deleteඉහි ඉහි
ආයෙම අහලා, කොහොමෙයි බං ඔහොම රටටම අරින්නෙ……??
Delete(වෙන මුකුත් නෙමේ ඇස් ඇම් ඇස්) ;) ;)
අතේ කරහැට හැදෙනකං කොට කොට අරිනව ඇති නේහ්..
Deleteපවු බං අපි මේ බැන්නට, ඒ මනුස්සයට ***ත් රිදෙනවා ඇති රටටම ඇරලම.
Deleteප. ලි. ~ *** ඇති තැනට 'අත' යන වදන යොදා කියවීමෙන් වැරදි වැටහීම් දුරුවනු ඇත. :)
මම නං යොදාගෙනමයි කියෙව්වෙ.. ඕ යේස්
Deleteඅයියෝ අපි දැන් අවුරුදු පහ හයක් තිස්සේ සිංහල යුනිකෝඩ් වලින් ලියනවා. මහින්ද තාම singlish.
Deleteපව්!
හුක්කි හුක්කි හූ.........................
Deleteඒ බන්ස්.. උඹලා පව් නිසා මගේ මැසේජ් එක මම උඹලට ෆෝවඩ් කලා...
කකා නම් අමු හින්ගලෙන් විස් කොරලා එවලා තිබුනා. ඒක දැක්කාම අමුතු ගතියක් එනවා. ඒකට කියන්නේ දේශප්‍රේමයද කියන්න හරියට දන්නේ නෑ..
ඒ නිසා, සියල්ල පැත්තක තබා අපට අවුරුද්දක් දුන් දෙමළාට සුබ පතමු.
ReplyDeleteසහතික ඇත්ත....
මාතලන් බොරු ලියනවා බොහෝම අඩුයි..
Deleteඑහෙම නං දෙමළටත් සුබ පතමු.
ReplyDeleteරජ පවුලට සහ මාතලන්ගේ පවුලේ සියලුම දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
මාතලන් ඇතුලු පවුලේ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වෙවා !
ReplyDeleteඑසේම වේවා...!!!
Deleteමාරි. මාතලන්,
ReplyDeleteමේ අපි සමරන්නෙ හින්දුන්ගෙ "විෂු" කියන උත්සවය. මේක දෙමළ නෙමේ හින්දු!
කොහොම උනත් උඹ හරි, මෙක අපේ නෙමේ. අපි වත් අපේ නොවුන කොට මේක විතරක් අපේ වෙන්නෙ කොහොමෙයි එක අතකට?
එහෙනං, අපේ නොවෙන අපේම අලුත් අවුරුද්ද සුභ වේවා!!
++++++++++++++++++++++++++++++++
Deleteදැන් මොනාද අපේ කියල තියෙන්නෙ... බලාගෙන යනකොට අපි ඔක්කොම අනුන්ගෙන් අරන්නෙ......
Deleteතියන තියන හැම පියවර සුභ වේවා
ReplyDeleteකරන කියන දේ රිසි ඵල ගෙන දේවා
හිතන පතන සැප සම්පත් ඉතිරේවා
නිතින සහන ලැබදෙන වසරක් වේවා
සුභ අලුත් අවුරුද්දක් වේවා!!
දකින දකින කොල්ලන් ළඟ කැරකේවා
Deleteවැටෙන වැටෙන කොල්ලන් හැන්ඩ්සම් වේවා
හැන්ඩි බැන්ඩි කොල්ලෝ බෝ රිච් වේවා
ලැබු නව වසර බස්සිට ආතල් වේවා
සිංහලෙන් අකුරක් හරි ලියන්න ඉන්න බ්ලොග් කාරයො ටික කා කොටාගන්නෙ නැති අලුත් අවුරුද්දක් වේවා !!
ReplyDeleteකිරියෙන් පැනියෙන් ඉතුරුවෙ නැතිවට කාරි නෑ !! ඕ යේස්
//කා කොටාගන්නෙ නැති// සිරා කතාව බං.
Deleteමම නම් කැමති, විකල්ප, විරෝධතා, ගැටීම්, මරාගැනීම්, සංවාස තියෙනවට. මත ගැටුම් අත්‍යාවශ්‍ය දෙයක්..
Deleteඕ යේස්...
Deleteඔබ සියලුදෙනාට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.
ReplyDeleteඑසේම වේවා....!!!
Deleteමීකිරියෙන් සහ කිතුල් පැණියෙන් පිරි අවුරුද්දක් වේවා!!!!
ReplyDeleteපියෝ මීකිරි සහ පියෝ කිතුල්පැණි මේ ලංකාවේ හෙහ්... හොයයි
Deleteදෙකම මගේ ප්‍රියතම... ලන්ඩන් වලටත් ඒවා ලැබෙන වසරක් වේවා...!!!
Deleteඕං ආයෙත්, මේක කියවන අය ඇතුළු හැමෝටම,
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා !
එසේම වේවා...!!!
Deleteනිකං හම්බවෙනවනම් දෙමළ පත්තරේ විතරක් නෙමේ මන්න පාරක් පොරෝ පාරක් උනත් දෝත පුදලා බාර ගන්න අපිට සුබම සුබ අවුරුද්දක් වේවා…!!
ReplyDeleteමහාමාරිය මාතලන් තුමාටත් සුබ මෙවුවා එකක් වේවා…!!!
ෂහ් !!!! පොරෝ පාරක් නං ඔන්න කාමක් නෑ !! මන්න පාරවල් නං එපා :D
Deleteහම්බෝ පොරෝ පාර මතක් කරන්නෙපා බං. මතකනෙ මාතලං අයියගෙම අර දරමඬු පෝස්ට් එකේ ගෑල්ලමයා. මතක් වෙත්දිත් බය හිතෙනවා. :) :)
Deleteවෑයෙන් ගහල පොරෝ පාරක් දුනනම් නෙහ්
Deleteසැපයි සනීපාආආආයි. :)
Deleteඅත් පොරවක් වගේ පොඩි පොරෝ පාරවල් තමා හොඳ.. කෙටේරි පාරක් නං කදිමයි .
Deleteනිකං දෙන කොට කන හැටි දන්සල් ගාව දැකගන්න පුළුවන්නේ. සුද්දෝ අහනවා ලංකාවේ උන්ට කන්න ඇත්තෙම නැද්ද කියලා..
Deleteඋඹටත් සුභ අළුත් අවුරුද්දක් වේවා...!!!
සුභ අලුත් අවුරුද්දක් වේවා මාතලන්තුමා !!!
ReplyDeleteඑසේම වේවා...!!!
Deleteහෙළයේ මහ පොත්කරු මාතලන්ට හා පවුලේ සැමට සුබ නව වසරක්!
ReplyDeleteඑසේම වේවා...!!!
Deleteඋංගල් අනිවාරුක්කුම් පුත්තන්ඩු නල්වාල්තුක්කල්..!!! :D
ReplyDeleteනන්ඩ්‍රිරි
Deleteනාන්ඩ්‍රෙයි පොඩ්ඩි...
Deleteපොඩ්ඩිටත් එසේම වේවා...!!!
මාතලන්ටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !
ReplyDeleteඑසේම වේවා....!!!
Deleteඋත්සවය විතරක් නම් මදෑ. සිංහලයන් පැවතෙන්නේද දෙමළ ජාතිකයන්ගෙනි. රාවනාද දෙමළ රජෙකි.!!!!
ReplyDeleteආනන්ද
හැරි පොටර් පොතේ ලංකාව ගැන සඳහනක් නොවුනේ ජාතියේ වාසනාවකටය..
Deleteඅතිගරු ජනාධිපති තුමාටත්, මැතිනියටත්, කුමාරවරුන් තිදෙනාටත්, සහෝදර සමාගම ඇතුලු සියළු නෑ පරපුරටත් සෞභාග්‍යමත් නව වසරක් වේවා..
ReplyDeleteහුටා......... උන්ටත් මේක තියනවාද අපොයි රටට ගිය කලක්
එයාලට හැමදාම අවුරුදු නේ....
Deleteමාතලන් සහ පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteඑසේම වේවා...!!!
Deleteසුභ දෙමළ අළුත් අවුරුද්දක් වේවා මාතෙ.....
ReplyDeleteඑසේම වේවා...!!!
Deleteහෙහ්...හෙහ්.... මම කස්ටියට යවන්න සුභ පැතුමක් බැලුවේය......
ReplyDeleteටැමිල් කියල දෙවනුව තිබ්බ නිසා එහෙම ම යැව්වේය....
මා සිතන අයුරින් උඹත් හිතන නිසා... පිං ...ය .... අනේක වරක්....
බොරුවට වඩා ඇත්ත සුන්දරයි...
DeleteGon wasso uba kohomada kiyanne meka demalage awuruddak kiyala ? eka ape un uduragena kanawa wagene ube kathawa.meka hodata aha ganinko.
ReplyDeleteApi samarana awurudda demaluine ekak nam kiyapan ai demalunge nija bima wana Tamil Nadu wala demalu ai ohoma uthsawayak samaranne natte kiyala.
eken penawa neda me uthsawaya lankawema athi unu sanskruthika uthsawayak bawa.Poddak blog post karara kota hoyala hithala balala daapan.uba mathalan newei.uba wage aya hoda kurundu thalanna.
Meti moolo. Mahawanse era. Ithihaasaya gena thiyena anith pothuth kiyavapan pol booruvaa.. kese wethath..
DeleteThotath suba sinhala demala aluth awuruddak wewa.....!!!
ane gono.kiyapu tharke therum ganin.oka demalage awuruddak nam ai kiyapan loke anith ratawala inna demalu oka samaranne natte ? ela haraka.Uba nikan Sinhala ( uba nam Gona jathiyatane aithi ) apahasa nokara.thopi wage booruwo thamai me rata jathiya gana hageemak nathi gon wasso.
Deletehappy Tamil new year for u too.......
තොපිට වඩා අපි රටට ජාතියට විතරක් නෙමෙයි හින්ගල අකුරටත් ආදරෙයි. තොට හරියට හින්ගලෙන් ටයිප් කර ගන්නවත් බැරි පොල් මෝලෙක් නේ යකො තෝ.. අපි කොල්ලෝ කෙල්ලෝ හින්ගලෙන් බ්ලොග් ලියන්නවත් පොළබනවා. තෝ මොන රෙද්දක්ද කරලා තියෙන්නේ. තොපි දන්නේ ගොන් හරක් මැටි මෝල් කොමෙන්ට් දාන්න විතරයි. ඒකත් හින්ගලෙන් කොටා ගන්න බෑ..
Delete/*මේ අළුත් අවුරුද්දද එසේමය. එයද දෙමළාගේය*/
ReplyDeleteමාතලන් මේක හරිද? ටීවි කයිවාරුවකින් හරි පොත පතකින් හරි මම දැන ගත්ත විදියට, සිංහල අලුත් අවුරුද්ද කියල එකක් (ඉස්සර )රජ කලෙ ඉඳල තිබිල තියනවා, පසුව ලංකාවෙ දෙමල අයත් එකතු උනා කියල තමයි මම හිතන් හිටියෙ.
ඉන්දියාවෙත් අප්‍රෙල් මාසෙම අලුත් අවුරුද්ද වගෙ උත්සව තියන වා කියල දැන ගන්න ලැබුන, ඔහු නම් කිව්වෙ එක හින්දු චාරිත්‍රයක් මිසක් දෙමල (දකුණු ඉන්දීය ) චාරිත්‍රයක් නෙවෙයි කියල. තව නේපෝල් අයත් මේ කාලෙටම අලුත් අවුරුද්ද සමරනවා.
අපි නම් ඉතින් සූරියප්පෙරුමල හසන්තල වගෙ ඉතිහාස කාරයෝ නෙවෙයිනෙ, අහල තියන විදියට ප්‍රදන වශයෙන් අස්වනු ගෙට ගෙන එම සහ අලුත් සහල් මන්ගල්ලය කියන දෙවල් තුලින් සිංහල අලුත් අවුරුද්ද කියන එක හැදුන කියල තමයි හිතන් හිටියෙ.
බැරිද පොඩ්ඩක් හොයල බලන්න සීන් එක?
එහෙනම් සු.අ.අ.වෙ. (මෙක මෙ අලුත් තාලෙලු, අනෙ මන්ද )
-ප.ගෝ.
පහල තියෙන සරත් ලංකාප්‍රියගේ කොමෙන්ටුව කියවන්න..
Deleteසු.අ.අ.වේ.....!!!
එහෙනම් මේකත් බලපල්ලකො
ReplyDeletehttp://dahamdanaya73.blogspot.it/2013/04/14.html
සුරංගනා කතා විතරක්ම කියවන්න එපා..
Deleteඅලුත් අවුරුද්ද "සිංහල හා හින්දු" කියලනෙ කියන්නෙ. ඒත් සිංහල කියන්නෙ ජාතියක්. හින්දු කියන්නෙ ආගමක්. සිංහල කිව්වට කතෝලිකයො අවුරුද්ද සමරන්නෙ ජනවාරි පළමුවැනිදා. හින්දු කිව්වට උතුරු ඉන්දියාවෙ හින්දු භක්තිකයො අප්‍රේල් මාසෙ අලුත් අවුරුද්ද සමරන්නෙ නෑ. ඕකට හරි නමක් හොයාගන්න බැරි වෙයි මං හිතන්නෙ.
ReplyDeleteහරි නම දාලා ඉවරයි..."සිංහළ අළුත් අවුරුද්ද..."
Deleteමේ සිංහල අලුත් අවුරුද්දය අපේය.දෙමළා ගේ නොවේ. දෙමළ චාරිත්‍ර ද අපට වඩා වෙනස්ය. එක් උදාහරණයක් දෙන්නම්. අපට අද උදේ 7.37 ට නව අවුරුද්ද උදාවුව ද දෙමළ නවඅවුරුදු උදාව සිදුවූයේ උදේ 6.11 ටය. අපේ අවුරුදු චාරිත්‍ර බොහොමයක් දෙමළ අවුරුද්ද තුල නැත.හීනමානය පැත්තක තබන්න.මේ අපගේ ම උත්සවයෙකි.
ReplyDelete(සිංහලයාට සිංහලයා කියන්නාක් මෙන් දෙමළාට දෙමළා යයි කියන්නේ අපහාසයට නොවේ.)
අපේ අය ඔය වැඩේට නම් මාර දස්සයෝ. ඔය නානසාරලා එහෙම බුද්ධාගමටත් අපේම කරගෙන තියෙන්නේ..
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා!!
ReplyDeleteඅළුත් අවුරුද්ද විතරක් නෙවෙයි අපේය කියන බොහොම දේවල් පොදුවේ දකුණු/නැගෙනහිර ආසියාවෙ පොදු දේ. බුදුන්වහසේ ඉන්දියාවෙ(අද නේපාලයේ ) උපන්නේ. ජීවත් උනේ. සිංහල බුද්ධාගම කොහෙන්ද ආවෙ ? සීයට අනූනමයක් අපේ රටේ සිංහල මිනිස්සු වඳින දෙවිවරු ඉන්දියානු දෙවිවරුන්.. ඒ අයත් අපේ කරගෙන දේවාලත් සිංහල කරලා.
ReplyDeleteඅළුත් අවුරුද්ද ගමුකො. එදාට හින්දු ජාතිකයින් විතරක් නෙවෙයි බෙංගාල ජාතිකයොත් තව බොහොමයක් ඉන්දියානු ජාතිකයොත් සමරනවා. ඔය නැකැත් හැදෙන්නෙ ඉන්දියානු කැලැන්ඩරේ හැටියට. තායිලන්තෙ ඒකට කියන්නෙ සෝංක්‍රාන්ත් (සංක්‍රාන්තිය ?) අනුන්ගෙ දේවල් අපේ කරගෙන එව්ව නිසා අනුන් එක්ක වාද භේද ආරවුල් ඇති කරගන්න සිංහලයා හරිම දක්ෂයි.. අපි අතිරස කියනකොට දමිල අය අදීරසම් කියනවා. ඉඳිඅප්පම් අපිට ඉඳි ආප්ප.. ආප්ප තමයි අප්පම්.. සුද්දගෙ කලිසම කමිසෙ ඇඳන් ඉන්නෙ නැත්නම් දෙමල මනුස්සයගෙ වේට්ටිය බැනියමට අපේ කියනවා.
ඉලව්ව. මනුස්සයො ඔක්කොම එකයි.. හෙළුවෙන් ඉපදිල ලෝකෙටම අයිතිවාසිකම් කියල පණුවන්ට ජීර්ණවෙන අපි...
මේ දේවල් බොහෝ බක පන්ඩිතයොත් දන්නේ නෑ. යුරෝපේ පැත්තේ ගිහින් ආපු එකෙකුට. නුවර රජ මාළිගාව පෙන්නන කොට කොහොම ලැජ්ජාවක්ද ඇති වෙන්නේ කියලා. ළිං මැඩියෙකුට කවදා පහදා දෙන්නද ආයිබෝවන්ඩ...
Deleteදැන් ඔය කියන කතාව හරි කියමුකෝ. ඉතින් අගමුල හොයන්න යන්නේ නැතුව දෙමළු එක්ක අවුරුදු සැමරුවා නම් ඉවරයිනේ.
Deleteසරත් එක්ක හාත් එකගයි. හැබෑට තනිකර අපේම කියලා දෙයක් තියෙනවද මාතලං? අඩුගානෙ භාෂාවවත්...?
Deleteදැන් නම් ඔය වල්ල පට්ට ආතල් වගේ අළුත් කොල්ලෝ හදාපු අපේම ටිකක් තියෙනවා. අනික්වා සඟිස්කුරුත පාළි නේ...
Deleteමම දැක්කා මගේ බංග්ලාදේශ මිතුරෙකුත් එයාලගේ නව වසරකට සුබ පැතුම් දාලා තියෙනවා
Deleteකොහොමත් ඔය අලුත් අවුරුද්ද කියන දේ ඈත ඉතිහාසේ ඉඳන් පැවතගෙන ආපු ඉපැරණි පුරාන චාරිත්‍රයක් නෙමේ. මේ කරන්නේ හිරු දෙවියන් පිදීමක්.මේක මේ මෑත ඉතිහාසෙක පටන් ගත්තු දෙයක්. සමහර විට මාතලන් හරි ඇති. මුල ඉඳන් දෙමල අය මේ වගේ උත්සවයක් ගන්න ඇති.අපි ඉතින් ඉතිහාස විශාරද ල නෙමේ නේ.කොහොම හරි ඉතින් කමක් නෑ. අමුඩේ ඇරෙන්න අනිත් හැම දේම අන්‍ය ජාතීන ගෙන අපිට ලැබිල තියෙන එකේ අවුරුද්දත් එහෙම උනාට අවුලක් නැ. ඔය සමහරු තම තමන්ගේ කියල ලොකුවට පාරම්බාන බුද්ධාගම ත් ඉතින් අපිට ලැබීල තියෙන්නේ ඉන්දියාවෙන් නේ. තව වෙන මොන කතාද...ඉතින් මාතල්න්ට ත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනවා..
ReplyDeleteවිජය ආදීන්ගෙන් අපි පැවතෙන බැවින් අපි බොහොමයකුත් ඉන්දියාවෙන් ආපු අයම තමා
Deleteතව ටික කාළෙකින් කියයි පිච්ච මල් පූජාවත්, බුදුන් දෙසු නිවන් දැකීමට කළ හැකි මහා පුණ්‍යකරුමයක් කියාලා....
Deleteඑහෙනං මාතලංටත්, මාතලංගේම නොවන සුභ අලුත් අවුරුද්දක් වේවා...
ReplyDeleteඑසේම වේවා....!!!
Deleteඑසේම වේවා....!!!
ReplyDeleteඅපිට මොකුත් නෑ; අපිට මොකුත් බෑ, මේ හීනමානී අදහස් තිබෙණා තුරු අපට ජාතියක් ලෙස දියුණු විය නොහැක. අවාසනාවට අප රට බහුතරයක ගේ ආකල්ප මෙසේය.
ReplyDeleteබුදුදහම භාරතයෙන් ලද බව සැබැයි. නමුත් බුදුදහම උපන් දේශයේ වත් නොරැකුන මුත් එය අද දක්වා රැක ගැනීමට අපි සමත්වීමු.(දුටුගැමුණු රජුවිසින් වසර 44 ක් එළාර පාලනය අවසන් නොකරන්නට, මෙරට සිංහල ජාතියක් හෝ බුදුදහමක් ඉතිරි නොවන්නට ඉඩ තිබිණි,වළගම්බා, විජයබාහු ආදී සියලල්ලන් ද එසේමය).ථෙරවාදී බුදුදහමට අපට ඇති අයිතිවාසිකම නම එයයි.
දැන් නැවත මාර්තෘකාවට එමු.
අතීතයේ සිටම විවිධ දැනුම් පද්ධති නිර්මාණය වූයේ මිනිසා විසින් ස්වාභාවධර්මය තේරුම් ගැනීමට කළ උත්සාහයයේ ප්‍රතිපලයක් ලෙසයි. ජ්‍යෙතිශය ද එවන් පැරණි දැනුම් පද්ධතියකි. ඉර, හඳ, තරු වල හැසිරීම් විස්තර කරන මේ දැනුම් පද්ධතිය අනුව “වර්ශය“ යන්න බිහිවිය. එය අපට දෙමළයින් ගෙන් ම ලැබුණේ යයි කීමට ඇත් සාධක මොනවාද? භාරතයෙන් ස්වායත්තව මේ දැනුම් පද්ධතිය මෙහි බිහිවූවක් බවට බොහෝ විද්වතුන් කරුණු දක්වා ඇත. අනෙක් අතට සිංහල අලුත් අවුරුද්දේ චාරිත්‍ර සහ දෙමළ අවුරුද්දේ චාරිත්‍ර බොහෝ වෙනස්ය. තමන් ගඅන සෑම විටම අවකත්සේරුවෙන් කල්පනා කිරීම ද එක්තරා උන්මාදයකි.
සුභ අලුත් අවුරුද්දක් වේවා!
අනුන්ගේ දෑ අපේ කර ගැනීම වෙනම දෙයකි. එහෙත් මෙය අපේ යැයී කීම මළම මළ විකාරයකි. සියල්ලෝම එසේ කියන්නේද නැත. මේ පෝස්ටුව එවන් ගොන් බූරූවන් වෙනුවෙන් පමණි.
Deleteසුභ නව වසරක් වේවා.....!!!
ජය ශ්‍රී....!!!
මා දන්න තරමින ඉන්දියාවේ මේ උත්සවය (14 දා අවුරුද්ද ) සමරන්නේ , බටහිර බෙංගාලයේ සහ කේරලයේ පමණි . අතීත සාහිත්‍යමය මූලාශ්‍ර අනුවත් , ජාන පර්යේෂණ අනුවත් , සිංහල ජාතිකයන් සහ බෙංගාලි ජාතිකයින් අතර සබඳතාවක් දක්නට ලැබේ , එනිසා මෙය "දෙමලුන්ගේ අවුරුද්ද" ම නොවේ යැයි මා සිතමි . අනෙක් අතින් දෙමලුන්ගේ අවුරුද්ද වුවත් වර්ථමාන (අප දන්න තරම් ඉතිහාසයේ ) මේය සිංහල ජාතිකයින් විසිනුත් සමරන උත්සවයක් හෙයින් ,සිංහල අලුත් අවුද්දක් යැයි කීමේද වරදක් නැත ,
ReplyDeleteවිවිධ ශිෂ්ටාචාරයන් අතර හුවමාරු වූ දැ බොහෝය , ඒවා මුල් ස්වරූපයෙන් විකාශනය වී ආවේනික නවමු ස්වරූපයක් ගන්නා අවස්ථාද එමටය ( කොටින්ම ඔපන් සෝස් වගේය ) , ගැටලුව ඇත්තේ එසේ මිශ්‍ර වූ ඉතිහාසයන්/සංස්කෘතින් මත්තේ යැපෙමින් "මගේ එක තොගේ එකට වඩා ලොකුයි....! " තර්ක කිරීමේය
මාතලන්ටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් (දෙමල / සිංහල /බෙංගාලි/මලයාලම්/තායි /නේපාල් ) :D
එසේම වේවා... සුබ අනාගතයක්....!!!
Deleteහැබෑටම අපිට අපිටම කියල මුකුත්ම නැද්ද?
ReplyDeleteමාතලන් සර්ගේ සිත තුටින් බරවන පැතු පැතුම් ඉටුවන ඔක්කම වැඩ ටික එළකිරි වගේ ගොඩ යන ෂුබ දෙමළ සිංහල අළුත් අවුරුද්දක් වේවා!!
සිංහලයටම කියලා ටිකකුත් තියෙනවා.. ඒවා මේ අළුත් අවුරුද්දේ මතක කරන එක හොඳ නෑ...
Deleteමාතලන් ඇතුළු පවුලේ හැමටම මේ අලුත් අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වේවා...!
ReplyDeleteඅර පවුලට නම් හැමදාම අවුරුදුනේ..:D
එසේම වේවා....!!!
Deletemathalan wan gossa.
ReplyDeletekanna poriya
kiri katiya
palan koka
panna potiya
තෑන්ක්ස් මචං උඹටත් සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!
Deleteමේවාට නම් සිංහල බෙහෙත්ද නොමැත...
"ඔබ කිසියම් හෝ කරුණකින් මානසිකව පීඩා විඳින්නෙක්ද? නොමිලේ උපදෙස් සඳහා... අමතන්න 1333"
ReplyDelete------------
මාතලන් සේම ඔබත් තමන්ගේ ජාතිය ආගම ගැන හීන මානෙන් පෙලෙන මානසික රෝගියෙක්ද ?
එසේ නම් ඔබත් 1333 අමතන්න.
-ජය ශ්‍රී-
හීනමානයක් ඇති වීමට මා ජාතියක් හෝ ආගමක් කර තබා ගෙන යන්නකු විය යුතුය. මාතලන් එහෙම උන්මත්තකයකු නොවේ.
Deleteමාතලන්ටත්, සිංහලයාටත් දෙමලාටත් අපි හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!
ReplyDeleteඑසේම වේවා....!!!!
Deleteහැම මාසයක් සතියක් ගානෙම සමරන්නට අටෝ රාශියක් උත්සව ඇති ඉන්දියානුවා මේ දවස එච්චර ගණන් ගන්නේ නැහැ . හැම දේම හුවමාරු වෙලා තමයි ලෝකය බෝලයක් වෙලා තියෙන්නේ :D . මේක කොහෙන් පටන් ගත්තාද මන්දා . නමුත් තායි , කාම්බෝජියා ලාඕස්, මියන්මාර් අපි වගේම තදින් සමරනවා . සිරිත් පොඩ්ඩක් එහා මෙහා වුනාට . . උදාහරණෙකට තායිලන්තේ බුදු පිළිම සෝදලා ඊට පස්සේ හැමෝම පාරට බැහැලා නා ගන්නවා. මියන්මාර් වල අපි කිරි උතුරවනවා වගේ වතුර එකක් උණු වෙද්දී හාල් පිටි ගුලි දානවා. . ඒ පිටි ගුලි උඩට ඒම තමයි කිරි උතුරා යාම වගේ සුබ යයි සලකන්නේ .ඔය හැම රටේම අපේ වගේම කෑම ජාති හැදීම., දෙමාපියන් බැහැ දැකීම ,පන්සල් යාම ආදිය වෙනවා. එක පාරක් මෙහෙ ගැහැණු ටික එක්කහු වෙලා හැම රටේම ඕක කෙරෙන විදිහ එක්කහු කරලා පොඩි උත්සවයක් කළා . පුදුමෙකට වාගේ නේපාලයේත් මෙය සමරන බව ඔවුන් කිවා . බුවා කිවාඅ වගේ බෙංගාලයේ උදවිය තමයි ඉන්දියානුවන් අතරින් මෙය වැඩිය ගණන් ගන්නේ . දකුණු ඉන්දියානු දෙමල ජනයා එඡ්ච්ර මේක ගණන් ගන්නේ නැහැ . ලංකාවේ දෙගොල්ල අඩු ගානේ මරා නොගෙන මේක වත් සමරන එක ලොකු දෙයක් .
ReplyDeleteකොයිදේත් මුල හොයාගෙන හොයාගෙන ගියොත් ඉතින් මානව ඉතිහාසය පුරාම හැමදේම මිශ්‍ර වෙලා . අවුරුදු කැවිලි ගත්තොත් එව්වත් හුඟක්. එහෙන් මෙහෙන් අරන් දේශීය කරණය කල ඒවා. මම නම් දකින්නේ ඒක තමයි ලෝකයේ ලස්සන. මේ කොයි අවුරුදු වලත් මුලික හරය ස්වභාව ධර්මයට කළගුණ සැලකීම කියලයි මට හිතෙන්නේ . ඊට අමතරව කෘෂිකාර්මික රටවල අස්වනු නෙලීමෙන් පසු විනෝද වෙන්නත් වගා සමයේ මග හැරුණු යුතුකම් ඉටුකරන්නත් මේ කාලය ඔවුන්ට වැදගත් . මේ කලාපයේ සමරන චීන අවුරුද්දත් එහෙමයි. හැමදාම එක වගේ ගෙවෙන ජීවිතේට අලුත් වීමක්. හැබැයි ඒ කාලේ සිරිත් එහෙම්මම අදට ගැලපෙන්නේ නැහැ . අපිට අවුරුදු කන්න මෙහෙ ආණ්ඩුවෙන් නිවාඩු දෙන්නේ නැති නිසා ඔය නැකත් එහෙම නොබලා උදේම කිරිබත් කාලා අපේ වැඩ කටයුතු කරගෙන ගියා .
සුබ අලුත් අවුරුද්දක් වේවා
බින්දි හරි... මම මේකේ ළොකු පෝස්ට් එකක් නොලිව්වේ, රූපවාහිනියට ආපු මහාචාරය බූරුවෙක් කියපු කතාවක් දැකලා. ඌ කියනවා ඉන්දියාව දේවල් පුරුදු උනේ අපෙන් කියලා. ඒ වගේම තව ගොන්නු ටිකක් ඉන්නවා. මේක තරම් ජාතියක් ළොවෙත් නෑ කියලා හිතාන ඉන්න.. මේක ලිව්වේ උන්ට...
Deleteඒකනේ අපි කිසිම පුරාවිද්යාත්මක සාදකයක් නොතිබුණත් ඉන්දියාවෙ වාල්මිකී ගොතපු කතාවකින් ගත්ත රාවණා සහ දඩුමොනරෙ අපේම කියල අල්ලගෙන ඉන්නෙ.
ReplyDeleteමේ ....ගුටි කන්න වෙයිද? ඒත් රාවණා බලේට අර බොඩු බලේට තරම් තග් සේනාවක් නෑ නේ?
ඒකේ ඉන්නේ නොම්මර එකේ ගොබ්බයෝ සෙට් එකක්...
Deleteමාතලන් ඇතුලු පවුලේ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වෙවා !
ReplyDeleteඑසේම වේවා....!!!
Deleteකරුණා කරලා දෙමල කියන එකට අර්ථ දැක්වීමක් දෙනවද
ReplyDeleteඒ වගේම දෙමල කියන දේවල් ඔක්කොම ඒ මිනිස්සු හෝමෝ ඉරෙක්ටස් කාලෙ ඉඳන්ම කරපු දේවල්ද
ජගත් පතිරන
ජුරාසික් යුගේ ඉඳලලු එන්නේ. ඒක රාවණා යුගය තරම් පරන නෑලූ...
Deleteඋඹ පුලුවන්නම් තෙලිඟු චිත්‍රපටියක් බලපන් දෙමල කියලා හිතන ඔක්කොම තෙලිඟු
ReplyDeleteජගත් පතිරන
ඒත් සිංහල නෙමෙයිනේ..
Deleteදෙමල බාශාවේ සංස්කෘත බාශාවෙන් හිඟා කාපු වචන ඉවත්කලාම දෙමල බාශාව වැදි බාශාවටත් අන්තයි බං
ReplyDeleteහා...
Deleteමෙ වෙස දෙසපාලක්යො දෙකට බෙදෙන තැනට ගෙනත් කරපු විනසයක් මිස මම නම් තාමත් හරිම කැමති ජාතියක් දෙමල.උන් කෙලින් මිනිස්සු.-රි තම්බි වගෙ නෙමෙයි.
ReplyDeleteතම්බිත් අහිංසක විදියට උන්නේ. දැන් නම් අපේම ගොන් හරක්ගේ පිහිටෙන් උන් මේකත් සවුදියක් කරන්න යන්නේ.
Deleteදෙමෙල්ලු කියලා ජාතියක් නවැත අපි හැමෝම ඒකීය පුද්ගලයන් වෙමු
ReplyDeleteඒ නිසා මේක සිං හල අවුරුද්දවත් දෙමල අවුරුද්දවත් සිංහල දෙමල අවුරුද්දවත් නොව ඒකීය පුද්ගල අවුරුද්දකි
ජාති වාදෙ අවුස්සන්න එපා හු...
උඹ ඇවිස්සෙන්නේ නැතිව ඉඳපන් හුත්තෝ...
Deleteඒකීය මොකක් කිව්වා ??? හුකෑස් ,,
Deleteඅඩේ ඇහුවමයි බං !! ඩයරියෙත් ලියාගත්තා .. ස්තූතියි දැනුවත් කරාට .: D
හැපී දෙමල අවුරුද්දක් වේවා !!!
ReplyDeleteඑසේම වේවා....!!!
Deleteබක් මහේ සමරනු ලබන අවුරුද්ද දෙමළ නම්, වතුකරයේ දෙමළුන් එය සමරන්නේ නැත්තේ ඇයි?
ReplyDeleteබැංගලෝරයේත් දෙමළුන් ඉන්නවා කියා අහලා තියෙනවාද...?
Deleteදෙමළු විතරක් නෙමෙයි, බැංගලෝරයේ මුස්ලිම් අයත් ඉන්නවා. බැංගලෝරයේ විතරක් නෙමෙයි, නව දිල්ලියේත් දෙමළු ඉන්නවා. සංඛ්‍යාත්මකව ගත්තොත්, බැංගලෝරයට වඩා නව දිල්ලියේ දෙමළු ඉන්නවා.
Deleteකර්නාටකය සහ තමිල්නාඩුව අතර පොදු මායිමක් තිබිය දී (මෙම පොදු මායිමේ සිට බැංගලෝරයට දුර හැතැක්ම විසි පහකට වඩා නැහැ.) කර්නාටකයේ ජන ගහනයෙන් සීයට පහක් හයක් දෙමළ වීම අරුමයක් නෙමෙයි.
නමුත් මේ මතුපිට කාරණා වලින් ටිකක් ඔබ්බට ගිහින්, බැංගලෝර් දෙමළ ජනගහනය දිහා ටිකක් විශ්ලේෂණාත්මකව බැලුවොත් පේනවා බැංගලෝර් දෙමළ ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් තිගලයන් බව. යාපනයේ දෙමළුන්ගෙන් සෑහෙන පිරිසන් වෙල්ලාලයන් වීම, යාපනයේ දෙමළ ජනගහය ඇති වීම ගැන කරුණු හෙළිදරව් කරනවා වගේ, බැංගලෝරයේ දෙමළුන් ගෙන් සෑහෙන පිරිසක් තිගලයන් වීම, බැංගලෝරයේ දෙමළ ජනගහනය ඇති වීම ගැන කරුණු හෙළිදරව් කරනවා.