.

.

Apr 4, 2014

දර, කුස්සිය හා පොල් ගහ යට කොටියා.. - Fire Wood, Kitchen & Old Arrack


තොරණහංදියෙන්, වරාගොඩ පාරේ ටික දුරක් යන විට, "කැබීස්"  රෙස්ටොරොන්ට් එක හම්බ වෙනවාය. මේ රෙස්ටොරන්ට් එක තියෙන මුළු වත්තම අයිතිය තිබුනේ කබ්රාල් පවුලටය. ඒ පවුලේ බොහෝ දෙනෙක්, රටේ පරසිද්ද උගතුන්ය. ඔවුන්ගේ මහ ගෙදර තිබුන භූමිය, අද රෙස්ටුරන්ටුව පවත්වාගෙන යයි. මහ ඉඩම කොටස් කර විකිනීමෙන් පසු, අද සිටින්නේ අළුතෙන් පදිංචියට පැමිණි පිරිස්ය. මහ ගෙදර වටේට තිබුනේ පොල් ගස් හා තන තිල්ලයි. පිටුපස වෙල පැත්තට වෙන්නට, විශාල උණ පඳුරු පිරී පැවතිනි. අද ඒ කිසිවක් නැත.

දර මඩුව තිබුනේ, ෆොටෝග්‍රැෆී වලට ප්‍රසිද්ද, ඩයස්ලාගේ ගෙදරට අල්ලපු වත්තේය. ඩයස්ලාගේ වත්තේ තිබුනේ, එකිනෙකට ඇඳුණු නිවාස හතරක් හෝ පහකි. එහි දෙමළ පවුලක්ද කාළයක් ජීවත් විය. එම පවුලේ "ජීවා", අපේ හිතවතෙක් විය. අද ඒ නිවාස පේලියම අයිති ඩයස්ලාටය. දරමඩුව ඉදිරිපිට කබ්රාල්ලාගේ විශාල ඉඩමය. ගෑස් ලිප් හා ගෑස් ටැන්කි නොමැති කාළයේ, සෑම ගෙදරකම ඉවුම් පිහුම් කලේ දර ලිපේය. පර්චස් විස්සේ, තිහේ, හතලිහේ, ඉඩම් වල ජීවත්වූ පවුල් වලට, ගමේ මෙන් දර සොයාගැනීමට කැළයක් හෝ විශාල ඉඩ කඩම් තිබුනේ නැත.

ඔවුන්ගේ දර අවශ්‍යතාවය සැපයූවේ මේ දරමඩුයි. ඒ කාලයේ, දර මඩුව අත්‍යාවශ්‍යම සේවා ස්ථානයක් විය. සමහර ගෙවල් වල විදුලි අවන් එකක්, බූමිතෙල් ලිපක් තිබුනද, බොහෝ නිවෙස් වල භාවිතා කළේ දර ළිපයි.දර ළිප සදා තිබුනේ කුස්සියේය. ඒ කාලේ පැන්ට්‍රියක් තිබුනේ එහෙමත් ගෙදරකය. ඕනෑම සල්ලිකාරයකගේ ගෙදර වුවද, චිමිනියක් දකින්නට නොලැබුනේ නම් එහෙමත්ම වෙලාවකය.

කුඩා කවුළු සහිත චිමිනිය සාද තිබුනේ, දර දහනයේදි ඇතිවන දුම පිටවීම සඳහාය. චිමිනියේ කවුළු කුඩා නිසා හෝ මොනයම් හේතුවක් හේතුවෙන්, කුස්සියේ, දුම පිරී තිබූ අවස්ථා බොහෝය. ආච්චි අම්මා ඒ වේලවට දොස් කියන්නේ, දර මඩුවේ මුදලාලිටය. ඒ, තෙත දර ගෙනත් දෙනවා කියාය. මේ දුමාරය හේතුවෙන්, කුස්සියේ තිබු ගෘහ උපකරණ සියල්ලම, කළු පැහැයෙන් දිලිසි දිලිසි තිබිනි.

ඒ කාළයේ, බ්ලෙන්ඩර්, ග්‍රයින්ඩර්, මික්ෂර්, බීටර් තිබුනේ නැත. කොටින්ම, කුස්සියේ ප්ලග් පොයින්ට් එකක් වත් තිබුනේ නැත. ඒ විදුලියෙන් ක්‍රියාකරන කිසිම උපකරණයක් කුස්සියේ නොතිබූ නිසාය. ඇලුමිනියම් හට්ටි සහිත ගෙවල් සැලකුවේ, සංකර ගෙවල් ලෙසය. එවායේ ඉවුම් පිහුම් කළ විට, වස විශ ශරීර ගත වී, කැන්සර් හැදෙනා බව, ඒ කාළයේ තිබූ මතයයි.

මැටියෙන් සෑදූ, හට්ටි, වලං, ඇතිලි, නෑඹිලි අතර, යාන්තම් හෝ මූණේ දැලි නොගාගෙන උන්නේ නැඹිලිය පමණි. වංගෙඩියද, ඇඹරුම් ගලද මෝලගහද සියල්ලම උපතින්ම කට්ට කළුය. මෝල් ගස් වලට භාවිතා කළේ කිතුල් පොල්ලකි. මීට අමතරව පොල් ගෑම සඳහා හිරමනයක්ද තිබුනි. තාත්තා, මේසයට සවි කරනා ඕදිරිස් මැසිමක් ගෙනත් දී තිබුනත්, එය බොහෝ කාළයක් තිබුනේ පිඟන් රාක්කයේය.

සමහර විට, බොහෝ වෙලාවට, කාන්තාවන්ගේ පහස ලබා, බිත්තියට හේත්තුවී ආඩම්බරයෙන් උන් නිසා, බංකු හිරමනයට, අතින් කරකවන හිරමනේ බය වූවාද විය හැකිය. එදිනෙදා නිවසේ අය භාවිතා කරනා, පිඟන් කෝප්ප තැබීමට, ලීයෙන් හෝ යකඩෙන් කරනා ලද රාක්ක්යක් තිබිනි. බොහෝ නිවෙස් වල කෑම, කෑම මේසයට ඇරියේ නැත. කෑම මේසය, මගුල් ගෙදර මෙන් සරසා තිබුනද, එය භාවිතා කලේ, විශේෂ අමුත්තෙක් පැමිණි විට හා අළුත් අවුරුද්දට පමණි.

සාලයේ කැබිනෙට්ටුවේ ආඩම්බරයෙන් ඉන්නා, චීන තසිම්, දීසී, පිගන් කෝප්ප, එලියට එන්නේ ඒ දවස්වලට පමණි. අනෙක් දිනවල පවුලේ ආඩම්බරය පෙන්වීම සඳහා, එයාලා ඉන්නේ කැබිනට්ටුවේය. මේ කැබිනට්ටුව උඩ රේඩියෝවක්ද තිබිනි. රේඩියෝවේ විශාලත්වය අනුව, වත් පොහොසත් කම ප්‍රදර්ශණය කළේය. ඊට අමතරව මනමාලියක් මෙන් සැරසූ බ්‍රිජ් එක නොහොත් ශීතකරණයද සමහර නිවෙස් වල විය. කොයි කාගේ ගෙදරත් තිබුනේ "සිසිල්"ය.

ඒ මනමාලී, කොයි වෙලාවෙත් උන්නේ සාලයේමය. හරියට අද කාළයේ අඟල් 56 හෝම් තියටර් තියෙනවා වාගේමය. බොහෝ වෙලාවට ඔය බ්‍රිජ් වල තිබුනේ, අයිස් වතුර විතරමය. සමහර ඒවා තිබුනේ ඕෆ් කරලාය. කවුරුන් හෝ එන දවසට අයිස් ටිකක් මිදෙන්න දමා, ඔරේන්ජ් බාර්ලි බෝතල් තුන හතරක් ගෙනත් දමනවාය. විශේෂම අමුත්තෙක් ආවොත් එළිෆන්ට් හවුස් ෆැමිලි බ්ලොක්ස් එකක් ගේනවාය. ඒ කිව්වේ හිම කිරම පෙට්ටියක්ය. හිම කිරම කියන්නේ අයිස්කිරිම් වලටය.

බෝරු සෝභනයට ප්‍රිජ් එක සාලයේ ප්‍රදර්ශණයට තබා තිබුනි යයි කීවද, පෑන්ට්‍රියක් නොමැති වීම, ඇයට සාලයේ රැදීමට බොහෝ දුරට හේතුවක් වන්නට ඇත. අනික් කාරණය රූප රාජිනියක් මෙන් සුදු පාටින් බැබලි බැබලි උන් මනමාලිය, කුස්සියට නොගියේ, ඇයත් කළු පැහැ ගැන්වේ යයි සිතා වියද හැකිය. සමහර නිවෙස් වල මනමාලිය කොල පැහැයෙන් යුක්ත විය. ඒවා එජාපයේ නිවාස වූවාද කියා මට හරි මතකයක් නැත්තේය.

අයිස් දැමීම වැඩියෙන්ම වෙන්නේ, සෝඩා බෝතලයකුත් ගෙනා දවස් වලටය. සෝඩා බෝතලය සමග මිශ්‍ර කරනා පානය තිබුනේ, තාත්තාගේ ඔෆීස් කබඩ් එකේය. ඒ බෝතල් වල තේ කහට පැහැති දියරයක් තිබුන අතර, ලේබලයේ පොල් ගහ යට කොටියෙක් උන්නේය. කොටියා කොතරම් දරුණු වුවත්, අර පොල් ගහ කොතරම් වටිනා ගසක්ද යන්න, මට තේරුම් ගියේ පසු කාලයේය.

ලියන්න ගියේ "දරමඩුව" ගැනය. ලියවුනේ වෙන දෙයක්ය. හැමදාම වෙන්නේ ඕකය. ඉතිරි ටික පස්සෙ වෙලාවක කියන්නම්ය.

188 comments:

  1. සැබෑ වෙනසක් මොකද මේ

    ReplyDelete
    Replies
    1. මේ අළුතෙන් ආපු කෙනෙක් වෙන්ටෑ...?

      Delete
  2. මං අර බඩගිනි වෙලා මා ගිය කල කතන්දරයේ සඳහන් කළ කුස්සියේ නම් දුම් කවුළු තිබුණේ නැහැ. ලිප් තිබුණේ වාතාශ්‍රය නැති අඳුරු මුල්ලක. විදුලිය නැති නිසා කොහොමටත් කළුවරයි.

    ReplyDelete
    Replies
    1. ඔව් කකා අපේ ගමේ ගෙවල් වල තිබුනේ මේ විදියේ කුස්සි තමා. කටු මැටි බිත්ති හා පිඳුරු හෝ පොල් අතු සෙවිලි කල මේ වගේ කුස්සිය වෙනමත්, නිවස තුලමත් තිබුනා. කැළණියේ අපේ නිවස අසලත් මේ වර්ගයේ නිවාසත් බොහෝමයක් තිබුනා.

      Delete
  3. අර කිව්වත් වගේ සැබෑම වෙනසක්, ඒත් හොඳ වෙනසක්. විවිධත්වය කියන්නෙ හොඳ දෙයක්. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. අළුතෙන් ආපු අයට එහෙම දැනෙනවා ඇති. ඒත් කලිනුත් මේ වගේ දේවල් ලියලා තියෙනවා..

      Delete
  4. දැන් ගාපු පොල් පැකට් කරලා ගන්ට තියෙන හන්දා ප්‍රශ්නයක් නෑ...

    මම නම් ආසයි අත්තම්මාගේ කුස්සියට තාමත්...ඒකේ පැත්තක දිග බංකුවක් තිබුණා පිටින් එන ගමේ මිනිස්සුන්ට ඉඳගන්ට. එපා කීවට මම නම් වාඩි වෙන්නෙම ඒකේ...

    තාමත් පොල් ගානවා තියා හිතාගන්ටවත් බෑ...:(

    ReplyDelete
    Replies
    1. ඒවට කියන්නේ "ගාපු පොල්" නෙමෙයි අනේ... "ග්‍රේටඩ් කොකනට්", කවුරු හරි අපේ අම්මට ගිහින් දීලා, විසී කරලා තිබුනා කුණු ගොඩේ. එයා හිතලා වැරදීමකින් පොල් කුඩු පැකට් එකක් දීලා කියලා. පොල් කුඩු ගන්නේ බිම මදින්න නේ.

      Delete
    2. //තාමත් පොල් ගානවා තියා හිතාගන්ටවත් බෑ...:(//
      අපේ හාමිනේ කරකවන හිරමනයක් හැම අවුරුද්දකටම සැරයක් ලංකාවට ආවාම ගෙනියනවා. දවසක් ඇර දවසක් සම්බෝලයක් හදනවාමයි. මගේ workbench එකේ හයි කරලා එලියේ ඉඳන් ගමටම පේන්ට ගානවා ගෑවිල්ලක්...සුටුස් ගානකොට ගාල ඉවරයි. සමර් ද වින්ටර් ද කොයි සීසන් එකෙත් ඔය විධියටයි වැඩේ යන්නේ. :-)

      Delete
    3. ඕක් නොදැකපු උන්ට මැජික් වගේ ඇති.

      Delete
  5. ඕකට හේතුව තමයි කුස්සියේ චිමිනිය නිසි පරිදි උස නොවීම.අපේ තාත්තලයි මහ ගෙද රඅපි හිටිය කාලෙ ඒ ගෙදර කුස්සියත් ඒ වගේ..කුස්සියම කලු පාටයි...චිමිනිය තව ගැඩොල් පේලි දහයක් විතර ඉස්සුවා නම් හරියනවා..

    ReplyDelete
    Replies
    1. @ amila,
      සහ නිසි දිශාවේ ඉදි නොකිරීම...ජ්‍යෙතිශයට අනුව හෝ නැතිව සුලං එන දිශාව අනුව වැදගත්...නැත්නම් සුලඟ කැරකැවිල දුම් ටික ආපසු එනව.

      Delete
    2. ඒ කුස්සිය කඩලා දාලා අළුතෙන් පෑන්ට්‍රියක් හැදුවා, ඒකත් ඊයේ ඉඳලා වෙන කෙනෙක්ගේ..

      Delete
  6. හප්පා ආන්න කුස්සි . . .
    උදේ පාන්දරක ගිනි තපින්න,
    කොස් ඇට දෙක තුනක් පුච්චගන්න,
    කරෝල කෑල්ලක් පුච්චගන්න
    දැං තියන කුස්සිවල පුලුවනෑ

    ReplyDelete
    Replies
    1. කරවල පිච්චිල්ල නම් එච්චරම දිරෙව්වේ නෑ. ඒත් ඉතින් කජු පුච්චන කොට පලාතම සුවඳයි. කොස් ඇට පුච්චලා කනවා කියන්නෙත් ඒ වගේම වැඩක් තමයි. ඒ කාලේ බාබේකිව් දැනගෙන උන්නේ නෑ නේ. නැත්නම් ඉතින් හැමදාම බාබේකිව්.

      Delete
  7. ඇයි පැරකුම්බා දත් බෙහෙත් කුඩු පැකට් එක ඉවර වුනාම අගුරු කැල්ලක් හෙයා ගත්තෙත් ඔය කුස්සියෙ ලිපෙන් නේ.

    ReplyDelete
    Replies
    1. ඒ විතරක්ය බං නෑදෑයෝ ආවම ඔක්කෝම කුස්සියේ නේ ඉන්නේ.

      Delete
  8. මාතලන් අර හිරමනේ තලේ නෑනේ (උඩ රුපේ එක )

    ඔය හිරමණ වලින් ගාන්න දැන් ඉන්න ගැටිස්සියන්ට පුළුවන්ද මන්දා ( පිටි කල පොල් කිරි )
    අපේ ගෙදරත් තිබුණේ එක කොටයකින් දෙපැත්තට අරින්න පුළුවන් විදියට හදපු හිරමණයක් ..දැකලා තියෙනව ඒ වගේ එවා .හැබැයි මං පොලෙන් අඩලා එක සරයක් කරකවන හිරමණයක් ගත්තා ,මේ ලගදි තමා ඒ වගේ හිරමණයක් පාවිච්චි කරන්න චැන්ස් එක අවේ ...

    ඒ බෝතල් වල තේ කහට පැහැති දියරයක් තිබුන අතර, ලේබලයේ පොල් ගහ යට කොටියෙක් උන්නේය///
    මේ මොනවද දන්නෙ නෑනේ ???බෙහෙත් ජාතියක් වෙන්න ඇති නේ හැක් හැක්

    ReplyDelete
    Replies
    1. //මාතලන් අර හිරමනේ තලේ නෑනේ (උඩ රුපේ එක )//
      ඒක අර වෙනී අයියගෙ බ්ලේඩ්ලස් ෆෑන් එක වගේ ගැජට් එකක්.

      Delete
    2. ඈ ඒ මොකක්ද එ ලින්කු පීස් තියේ නම්

      Delete
    3. ඒකේ තලේ ගාලා ගාල ගෙවිලද කොහෙද..? උඹට මතකද ඕක පීරී ගාන්න පීරකුත් ගෙදර තිබුනා. එහෙම නැත්නම් හිරමනේ පීරී ගානවා ගාගෙන එන පොරට දෙනවා.

      Delete
    4. ඒ පොරට කිව්වේ හිරමන් පීරිස් කියලා.

      Delete
    5. තැක්කු ප්‍රසන්න,අර හිරමනෙත් ඒ වගේ එකක් තමා ;))

      Delete
  9. තැන්කූ වේවා දරමඬුව ගැන ලියන්න ගත්තට. මම බලන් හිටියෙ මේ පෝස්ට් එක දානකම් (y)

    ගොඩක් අයගෙ රස මතකයන් අලුත් කරන පෝස්ටුවක් වේවි. එහෙමටම නැතත් අදටත් අපේ පැත්තෙ දර ලිප් තියෙනවා හැබැයි ගේ ඇතුලෙ නෙමේ ගේ පිටිපස්සෙ. තෙමෙන්නැති වෙන්න පොඩ්ඩක් වටකරගෙන පත්තු කරනවා. අපෙ ගෙදරත් එකක් තියෙනවා.

    ඔය මේසෙට වාඩි වෙලා කන්නෙ ඉතිං අවුරුද්දටම විතරනෙ. ඒ වගේද TV එක ඉස්සරහ වාඩි වෙලා කකුල් දෙක කරේ තියාගෙන කොන්ද කඩාගෙන කෑම කත්දි තියෙන සනීපෙ… :)

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ දරමඬු වල අර උඩම ඉන්නවා වගේ සේවිකාවොත් හිටියද…?

      ඒ වගේ ළමයෙක්ගෙන් පොරෝ පාරක් කන්න ඊළග ආත්මෙ දරකොට‍යක් උනත් මක්කැයි. ;)

      Delete
    2. ඒ ලමයට නං පොරෝ පාරක් වැදිල තියනවා !!!

      Delete
    3. කාගෙන්ද……?? හි… :o

      එයා පොරෝ පාරක් කාලා අනිත් අයට පොරෝ පාර බෙදනවා…… හරි අසාධාරණයි. ;))

      Delete
    4. උපතින්ම වැදිච්චි පොරෝ පාරක් ඒ.....

      Delete
    5. ආ මේ… ඒක මිසක්. මම හිතුවෙ වෙන පොරෝ පාරක් කියලා. ;)

      Delete
    6. @ ප්‍රියා
      අර උඩම ඉන්නවා වගේ සේවිකාවොත් හිටියද…? //

      මට ලා මතකයක් තියෙනවා ඔය වගේ වැලවල රගපාන නිළියක් ඉන්නවා,ශික් දැන් උවා වැඩිය මතක නෑනේ ...ඈ

      Delete
    7. ගෑණු ළමයින්ට දෙවියන් වහන්සේ පොරෝ පාරක් දීලනේ එවන්නේ. ඒ නිසා උඹලා කළබළ වෙන්නේ නැතිව හිටපල්ලා..

      Delete
  10. අපේ ආච්චි අම්මගෙ ගෙදරනම් මේ මෑතක් වෙනතුරුම ඉලෙක්ට්‍රික් උපාංගයකට තිබ්බේ හීටරයක් විතරයි. ආච්චි අම්මා ජිවත් වෙලා ඉන්නකන් අප්‍රේල් මාසේ කියන්නේ කුස්සියේ මගුල් මාසෙ, ලිප වටේ අලුතෙන් මැටි ගාල, ලිප අලුත් කරලා, අලුත් මැටි වලන් ගෙනල්ලා, තුන පහ එහෙම පරිස්සමට දාල තියන්න ටවුමෙන් අලුත් ප්ලාස්ටික් භාජනත් ගේනව. ඔක්කොටම වැඩියි ඒ කාලෙට කුස්සිය පැත්තෙන් එන එක එක සුවඳ ජාති. කුස්සිය තමයි අවුරුදු කුමාරි

    ReplyDelete
    Replies
    1. ඇත්ත අපි ඔක්කෝටම කළින් අළුත් අවුරුදු ඇඳුම් අඳින්නේ කුස්සිය.

      Delete
  11. සුජීවාApril 4, 2014 at 8:03 PM

    හිරිම රසවත්. ඒ්ත් අපිට නම් ෙම්වා අළුත් ෙද්වල් ෙනවි.

    ReplyDelete
    Replies
    1. සමහර උන් මේවා ගැන මෙළෝ දෙයක් දන්නෙ නෑ..

      Delete
  12. අගේ ඇති පෝස්ටුව.

    ඔය චිමිනි වලින් දුම් ඇතුලට එනවා ගේ ඇතුල් පැත්තෙ තියන, උයන්න පිහන්න අත් ඇතුල් කරන කවුළුව උස වැඩි වුනාම. තව උඩින් තියන කවුළු ලොකු වුනාම වගෙම හතර පැත්තෙම කවුළු තිබුනාමත් එහෙමයි.

    මෙහෙ නම් දර ලිප් තියනව තවම. රයිස් කුකර් එකකින් බතක් උයනව හදිසියට, උදේට එහෙම. තලේටම අල්ලල යකඩ තහඩුවක් තියන හිරමණයක් තිබුන අපේ ගෙදර. ඒ තහඩු කොටස ට කකුල් හතරක් තිබුන යකඩෙන්ම. පස්සෙ ඒක දිරල දිරල කැඩුනා.

    ReplyDelete
    Replies
    1. මූ කෙබරාධිපති ඊ ලඟට ලියයි "අපේ කුස්සියේ තියෙන ලිපේ හාල් හුන්ඩුවක් ලිප තිබ්බම ගමටම කන්න දීලා ඉතුරු ටික මාළුන්ට කන්න මූදට දානවා කියලා :)

      Delete
    2. ඕ යේස් මූ ලියන කිසිම දෙයක් මට දැං සුවර් නෑ !!!

      Delete
    3. ඔව් ඔව්.. මේ කාලෙ වෙන දේවල් වල හැටියට එහෙමත් වෙන්න පුළුවන් තමයි. ඒක නෙමෙයි, හැබෑට කා ගැන ද බංස්ලා ඔය කියන්නෙ.. !! :D :D

      Delete
    4. ‍බොලා ගැන නෙමෙයි ඔය කියල තියෙන්නෙ, අර චන්දන කියන වෙන එකෙක් ගැන.

      Delete
    5. ආ.. ඒක මිසක් !! :)

      Delete
    6. මාත් හිතුවේ මූ කියයි කියලා උන්ගේ හිරමන තලේ හදළා තියෙන්නේ පොඩි සඳකඬපහකනින්ය, ඒකේ ගාන පොල් බෑයක් ටැට්ටරේ පිටි පස්සෙ රෝදේ තරන් විසාලයිය කියලා බේගලයක් ඇදලා අරීය කියලා.

      Delete
  13. //ඒ කාළයේ, බ්ලෙන්ඩර්, ග්‍රයින්ඩර්, මික්ෂර්, බීටර් තිබුනේ නැත. කොටින්ම, කුස්සියේ ප්ලග් පොයින්ට් එකක් වත් තිබුනේ නැත.//
    දැං කාලේ කුස්සියේ පලග් පොයින්ට් එක පලග් වෙලා තියෙන්නේ ලෝක බැංකුවටය.. එක යෝදයෙක් ඕක ගලවන්න අමුඩ ගහගෙන එහෙම ලෑස්ති උනාය..
    හැබෑටම මාතලන් ඌ කෝ.....
    (දර මඩුවේ පොටෝ එක මාරම මාරය...)

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ආන් ඌට ඒ සී දෙකේ ප්ලග් ගලවන්න අමතක වෙලා. ලයිට් බිල ලක්ෂ අසූ හාරදාස් ගානක්ලු. මේ දවසවල ඌ බිසි නිසා අර ඉමිතියාස්ද මොකාද එකා දාලා තියෙන්නේ ප්ලග් ගලවන්න. ඌ ප්ලග් ගැලවිල්ල කෙසේ වෙතත්, මම දැක්කා රවුෆ් හකීම්ගේ මඩකලපු සරම ගලවනවා.

      Delete
  14. මටත් ඔය කියන ගෙදරට ගිහින් අර පොටෝවේ දාලා තියෙන දරමඩුවේ නිදාගන්ට හිතෙනවාය . :D

    මට මතක් වුනේ ආච්චිලාගේ ගෙදර කුස්සිය , එකට ගියාමත් අමුතු පුසුඹක් නහයට දැනෙනවාය, දැන් ඒවාට ගියාම එයාර් ෆ්රෙශ්නර් සුවඳට ඔලුව රිදෙනවාය. සමහර කාම දුම් රහට පුදුම රසය, දැන් ඒවා සොසෝ රසය , මෙයා මේවා කියලා අපිට මඥඥාන් කරනවාය

    ReplyDelete
    Replies
    1. හුටා කාම නෙවෙයි කෑම ... මල හත් ඉලව්වයි

      Delete
    2. අඩේ මොකද්ද බං ඒ රහ. දුමේ තිව්වද ? !!!!!!!!!!

      Delete
    3. දෙතොල නොකී දේ - දෙනෙතේ ලියවෙනවා !!!

      Delete
    4. පලයව් යන්න අවලං හැත්ත

      Delete
    5. අපේ බද්දෙගම ගෙදර කුරුඳු කපන සීසන් එකට මුළු කුස්සියම කුරුඳු සුවඳයි. කුරුඳු දර ලිප්බොක්කේ අඩුක් කරන නිසා. රබස් දර වලත් අමුතුම සුවඳක් තියෙන්නේ. අනුක තමයි මචෝ පස් කුළු බඩු අනන් මනන් ඔක්කෝම ගන්නේ ගලේ අඹරලනේ..

      Delete
    6. සමාවෙන්න ගලේ කිව්වේ. මිරිස් ගලේ..

      Delete
  15. ඉස්සර අපේ ආච්චලයෙ අහා ලිප තිබුනේ කුස්සියේ බිමය. ලිප් දෙකක් තිබුනි.ඒ හා උඩින්ම තිබුනේ දුමයි.එහි වී ගෝණු ගොඩ ගසා තිබුණ බවත් මා කුඩා කාලයේ එහි ගිය විටෙක දුම අස්සේ සිට කළු ගැහුනු ගෝණි අතරින් මතු වී පැමිණි කළු පැහැති මහ මිනිසෙකු .“ ආහ් දෝණි දැන්ය ආවේ ?“ යැයි විමසූ අයුරුත් , බැඟිරි ගසා හූ තියා ඇඬු ඇඩිල්ල නිමා වූයේ ඉන් කිලෝමීටර් සීයකටත් එහා තිබුනු අපේ ගෙදරට පැමිණි පසුවය.ඉන් පසු තේරෙන වයසට පැමිණෙන තෙක්ම “ආච්චිලයෙ අහා යමු ද“ ඇසූවත් අඬන බව අම්මා පවසයි. දුමේ සිට ඇත්තේ සීයා බව පසු කාලයේ දි දැන ගත්තෙමි. දැන් සීයා දිව්‍යෙලා්කයේය. දුමක් හෝ බිම තිබූ ලිප් නැත. වී ගෛා්නු ද නැතිව ගොසිනි. නමුත් ඒ කුස්සියම නවීකරණය වී ඇත.........

    පරණ මතක අතර ට ගෙන ගොස් අපව අතර මං කර පැනල යන විදිහෙ පෝස්ටුවක් ලීවාට තුතිය.

    මම ආවේ දර මඩුවේ දර පැලිල්ලක් ගැන කතාවක් කියවන්නට ය. හේතුව නම් මෙය මාතලන් අයියාගේ බ්ලොගය බැවිනි.....

    ;)

    ReplyDelete
    Replies
    1. වී ගෝනි තබන්නේ දුමේ නොව, දුමට උඩින් තිබෙන අටුවේය.

      Delete
    2. ඔහේ විහරක් නෙමෙයි, සීයගේ මීයා දැකලත් කීප දෙන්ක්ට නූල් බඳින්න ඕන උනාය කියලා ඔහේලයි ආච්චි දවසක් කිව්වා.

      අම්මපා දර පලන කතාවක් ලිව්වේ නෑ තමයි කලෙකින්..

      Delete
  16. ඔළුවත් එක්ක කචල් වුණා අප්ප... ගං වල ඉන්න අපිට මොකටද දර මඩු... නැද්ද මං අහන්නෙ... අද ඉන්න ඈයො නං පොල් ගාන්න දන්නෑ කියන්නෙ...
    පොල් වත්තක ඉන්න හංදද මංද පොල් ගාන්න කඩන්න විතරක් නෙවී පොල් අතු වියන්ටත් පුලුවං නෙව...
    ගෑණු පාර්සවය මඩ ගහයිද මංද

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කෝම මටත් පුළුවන්. ආච්චි තමයි ඔක්කෝම ඉගැන්නුවේ. පොල් ගස් බඩගාන්නත් මාරයා මම ඒ කාළේ.

      Delete
  17. ලියන්න ආව ටික නොලීවාට ලියා ඇති ටික ඉතා කදිමය.

    \\එවායේ ඉවුම් පිහුම් කළ විට, වස විශ ශරීර ගත වී, කැන්සර් හැදෙනා බව, ඒ කාළයේ තිබූ මතයයි.//

    නවීන විජ්ජාවට අනුව මේ මතය දැන් සනාත වී හමාරය. එම නිසා මෙය දැන් එදා මතය පමණක් නොව මෙදාද මතය ය.

    ReplyDelete
    Replies
    1. ඒ කාළේ මිනිස්සු විජ්ජාත්මක හේතුවක් නොදැන කියපු කතා බොහෝමයක් සහතික ඇත්ත.

      Delete
  18. බ්‍රිජ් එකේ භාවිතාව ගැන අපූරුවට ලියලා තිබුනේ යශෝරාවයේ.. කවුරුහරි එනකොට වීරසිංහ බ්‍රිජ් එක ඕන් කරන හැටියි, පිටිපස්සෙන් හොරෙන් ගෙනත් ඔරෙන්ජන් බාර්ලි පුරවන හැටියි ඒකෙ අපූරුවට තිබුනා මතකයි.

    ඇත්තටම දුම් පිරුනු කුස්සියක, වංගෙඩිය හරහා දාපු ලෑල්ලක් උඩට වෙලා, බත්තලාදට දාලා අනාගත්තු බත් ටිකක් කන්න අපේ පරම්පරාවට ලැබුනා. මම හිතන්නේ ඒ වාසනාව ලබපු අන්තිම කට්ටියත් අපිම වෙන්න ඇති.

    අපේ සියලෑ ගෙදර හිරමන හැදුවේ හරි අමුතු ක්‍රමේකට. යකඩ මරන් කියන ගස් ජාතියෙ කරු බෙදුනු මහත ආත්තක් අරන් ඒකට තමා තලේ හයි කළේ. කරු ටික ගානට කපලා කකුල් හැටියට පාවිච්චි කළා. මට ඒක මැජික් එකක් ඒ දවස්වල.

    ReplyDelete
    Replies
    1. මමත් ඔය ජාතියේ හිරමන දැකලා තියෙනවා, සමහර ගෙවල් වල.. ඇත්තටම මැජික්ම තමයි.

      Delete
  19. ඉස් ඉස්සර වෙලා අම්මගෙන් උයන්න ඉගෙන ගත්තේ මාතෙ කියන ජාතියෙ මුලුතැන්ගෙයක...බිම වාඩි වෙලා තම‍යි එලවලු කැපුවෙ, පොල්ගෑවේ, මස් මාලු කැපුවෙ...ඌශා අයිස් පෙට්ටිත් සිසිල් වගේම ප්‍රචලිත‍යි...ලාම්පුතෙල් වලින් දුවන අයිස් පෙට්ටිත් තිබුනා...අපේ අම්මලටනම් තාම අයිස් පෙට්ටියෙ තිබිච්ච කෑම පරන කෑම....

    ReplyDelete
    Replies
    1. ඌෂා ආවේ පස්සෙ කාළෙක මට මතක විදියට. චෙෆ්ගෙ අම්මා නෙමෙයි මමත් කන්නේ නෑ බ්‍රිජ් එකේ දාපුවා..

      Delete
  20. තුං වේලටම උයාගෙන කෑමට හුරුවී සිටි අපේ ගැහැනුන් ඔය බ්‍රිජ් එක ආවාට පසු උදේ උයන කෑමම තුං වේලටම කන්න පුරුදු විය.
    දාන වලට උයන අය වගේ සමහර අයට තාමත් ඔය ඕදිරිස් මේස ගැජට් එකට වඩා බංකු හිරමනය ශුවර් භාණ්ඩයකි.
    අර උඩිං පින්තූරයේ සිටින්නිය දර මඩුවකද මස් මඩුවකද වැඩ කරන්නේ කියා සොයා බැලීම නොවටින්නේද? :D

    ReplyDelete
    Replies
    1. තොපේ හිත් අවලං හිත් උනාට අපි මක් කොරන්නද. පේන්නේ නැද්ද යකෝ ඒ දර කොටන්ය කියලා.. නොදෝකින් වනචර හැත්ත..

      Delete
  21. ඕනයා කිව්ව විදියට කරවල කෑල්ලක් ප්‍රච්චං කන්න ආසාවත් ආවා බොලේ..

    උඹ ඔළුවෙන් හිටගෙන කිව්වත් මේ ශෛලියෙත් උඹ කාාලකින් ලියල නැහැ..

    ReplyDelete
    Replies
    1. ඒක කිව්වම මට රා තිබහක් ආවා !!

      Delete
    2. රා.........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

      Delete
    3. කොහොමත් උඹ පෝස්ට් කියවන්නේ නැතිව නේ කොමෙන්ට්ස් දාන්නේ. ඒ නිසා තමයි අවුල. නැතිව මේ මෑතකත් නැන්දම්මා ගැන ලිව්වා. සමහර උන් අඬලත් තිබුනා.

      Delete
    4. මොකක්ද බං හැමදාම මේ කියන මලදානේ..??

      එක්කෝ නොකිවම මොකක් හරි කොටන එක සැපයි වගේ.. ඇයි වදේ මේකා පලා බෙදන එකම නේ කරන්නේ..

      Delete
  22. මාතලංට හැලපයියා වැහිලා වගේ... මොකද්ද මේ පඳුර වටේ තැලිල්ල?

    ReplyDelete
    Replies
    1. පඳුරු තලන මගේ ෆේවරිට්ලා දෙන්නෙක් තමයි හැලපයයි, රවියයි. උන් දෙන්නගෙයි, අරූගෙයි එකතුවක් මේක. රවියා මේවල කොමෙන්ට් එකක්වත් නොදාන එකයි මට තියෙන දුක. ඌ බිසි ඇති.

      Delete
  23. උඹ ඔය දාලා තියෙන පින්තූරේ විදියට දර පලලා දෙන ගෑල්ලමයෙක් ඉන්න දර මඩුවක් තොරණ හන්දියයි පට්ටිය හන්දියයි අතරේ තිබුනා තමයි. දැන් නම් එයාට වයසත් ඇති නේද? මාතලංලා එහෙම දර ගේන්න යන වෙලාවට එතන ඒ දවස්වලන පාරේ ට්‍රැ‍ෆික් ජෑම් එකක් හැදෙනවා කියලා සිරිකත පත්තරේ තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඩුඩ් අයියාත් එතකොට "සිරිකත"පාඨකයෙක්ද...:D?

      Delete
    2. නෑ නෑ හෙන්‍රි අයියා සිරිකත ගන්නේ
      " සිරි යහනේ - නැහැ සහනේ " පිටුව බලන්ඩ !!!!

      Delete
    3. ඒ කාලෙනෙ ඉන්න තිබ්බෙ අපිත්. අවාසනාව තම‍යි. :(

      Delete
    4. මගේ යාලුවගේ මල්ලිට උගේ යාලුවෝ කාඩ් එකක් ගහලා තිබ්බා 'සිරිකත ඇදිල්ලක්' ගැන. මම හිතා හිටියේ මේක පට්ට කුණුහරපයක් වෙන්නැති කියලා. පස්සේ බැලින්නම් මූ කෙල්ල (දැන් ඌවම බැඳලා ළමයි දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්) බලන්න යන්නේ සිරිකත පත්තරේ ගෙනිහින් දෙන මුවාවෙන්. ඒකටයි සිරිකත අදිනවා කියලා තියෙන්නේ.

      අඩේ මමත් ලැබුනාම ඔය කොයි පත්තරෙත් කියවනවා. සමහර වෙලාවට කරවල ඔතාගෙන ආපු පත්තර කෑල්ලත් කියවනවා.

      Delete
    5. මට මතකයි. දර පලන්නේ පිරිමි උනාට ගෑණුත් දර පලන වෙලාවල් තියෙනවා. හැබයි ඒකට කියන්නේ දර පලනවා නෙමෙයි. පොල් ලෙලි ගහනවා කියලා..

      Delete
  24. කොයි අර මිල්ටන්ගේ ස්ටොරිය.එක මගෙන් නේද නතර කලේ.?
    ඔහොම කුස්සියක ඉදෙන බතක්,මාළුවක් වුනත් දෙන්නේ පුදුම රසක්.මේ ලගකදී අපේ කුස්සිය අලුතෙන් කඩලා හැදුවා.ඉඩක් නැතත් ආච්චි ගේ ඉල්ලීමට දුම් ලිපකුත් හැදුවා චිමිනි දාලා.නමුත් ආච්චිට ඒ ලිපේ වැඩි කාලයක් උයන්නනම් ලබුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒකේ ලියන්න දෙයක් ඉතිරි කලේ නෑ නේ බන් කොමෙන්ට් දාපු උන්. උන් ලිව්වා ඉතිරි ටික. ඒකයි බොග් වල තියෙන සුන්දරත්වය.

      Delete
  25. මහා ගෙදර ගිය දවසට දුම වැදී වැදී කුස්සියේ ඉඳගෙන කණ බත් පිඟාන තරම් මෙලෝ දෙයක් රහ නැත! ඒ දුමේ ආනුභාවය විය යුතුය

    ReplyDelete
    Replies
    1. දර දුමේ රස කාරක තියෙනවලු..... එක එක ගස්වල දර දාල ඉවුවාම එක එක රසවල් ලු එන්නෙ... කොහෙදෝ තිබිලා කියෙවුවා... තැන මතක නෑ....
      'මැගී' පොල්සම්බෝල රසකාරක පැකට්ටුවක් අරන් බලන්න 'කෘතිම දුම් රසකාරක' කියල ඇති 'අඩංගු දෑ' ලයිස්තුවේ.....

      Delete
    2. අර කිව්වා වගේ එක එක දර එක එක සුවඳයි. අද දුම් ගහලා කන කෑම හරි ජනප්‍රියයි නේ. උඹලා කාලා තියෙනවද දුම් ගහපු ඌරූ මස්. රහ ගැන කියන්න වච්න නෑ.

      Delete
  26. දැන් නම් අපි ආපහු යන්නේ , අර ඔයා කියන යුගයට , මොකද දැන් නම් අපේ ගෙදර දර ලිපක් අළුතින්, එළියෙන් හැදුව. මිරිස් ගලත් හැමදාම වැඩ..... ඇයිද දන්නවද....? current බිල ඉතුරු කරන්න.

    ReplyDelete
    Replies
    1. මගේ තියෙන සිහිනයක් ඕක. පරණ කුස්සියක් හදන එක.

      Delete
  27. කියන්න කතා ගොඩයි එකක්වත් කියන්න බෑ මචෝ,අන්න අර දරමඩුව කොහෙද තියෙන්නෙ කියල විතරක් කියනවද,උඹට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. ආ ඔයා එන්න ඕනේ නෑ, මමයි කලින් ඇහුවේ ඒක :D

      Delete
    2. නාකි විසේ ගෙටත් උසේ

      Delete
    3. හැලප මාමට ගිණි තපින්ට හිතිල වගේ !!!

      Delete
    4. මනමාලකොමකට ඇහුව නෙවේ යකෝ,දානෙත් ළඟ හින්ද රබර් දර යාරයක් දෙකක් ගන්නයි හෙව්වෙ.නොදකින් විතරක් මුංගේ තියන වල්කොම.

      Delete
    5. මේ පඩත්තල කසඩ කොල්ලොත් එක්ක වැදගත් දෙයක් වත් කතා කොරන්න බෑ බන්. මම ගෙදර එන වෙලාවක එතනින් දර හොන්ඩර බාගයක් විතර වන්ඩියේ දාගෙන එන්නම්. උඹ ඔතනට ගිහින් හැලපිත් එක්ක හිත් අමනාපකන් ඇති කර ගන්න ඕන නෑ නේ.

      Delete
  28. අපේ මහගෙදරනං තාමත් දර ලිපේම උයනවාය.. දුං කවුළුත් තියෙනවාය.

    කරකෝන හිරමනේට වඩා මටනං තාමත් සැටිස් ඔය බංකු හිරමනේමය.. ඒ හින්දා මේ ළගදී ලි මඩුවකට ගොහිං ලෑල්ලක් ඇන්න ඇවිත් බංකු කොටයක් හරිගස්සාගෙන.. හාඩ්වෙයාරයකින් සුපියල් හැත්තෑවක මිලදී ගත් හිරමං තලයක් එයට හයි කොරාන බංකු හිරමනයක් සාදා ගත්තෝය. බංකු හිරමනයක ඇති වඩාත් හොඳකමනං උවමනා පමණට සිහින්ව පොල් ටික ගා ගැනීමට ඇති හැකියාවය... කරකෝන හිරමනෙන් ගෑ පොල් මෙලෝ පෙනුමක් නැත.. කිරි මිරිකන්න ගියාම මල වදේය... සම්බෝලයක් හැදූ විට පොල් රැල් රැල්ය... මෙලෝ වැඩක් නැත...
    වරක් කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේදී පැවති පොල් ගෑමේ තරඟයකින් අංගනාවන් රැසක් පරදවා පොල් ගෑමේ සූරතාවය මා විසින් දිනා ගන්නා ලද බවත් ලියා තබම්හ...

    ඔය ඇතිය.. කොමෙන්ටු උනත් දිග වැඩි උනාම කරදරය... :D

    ReplyDelete
    Replies
    1. අපි දන්නව මල්ලි...ඔයා උයන විදියට ...... ගාන්නත් මාරයා බව.....

      Delete
    2. චෙප් මාරයාගේ මේ කොමෙන්ටුව මට බොහෝ රසවත්ය. චෙප් කියා කිව්වේ බල්ලෙක් වගේ එලවන්න නෙමේය. ගරු නම්බූ තියා කතා කොරන්න ඕනා නිසාය.

      Delete
  29. මල මගුලක්ය.....
    සතියකට පස්සෙ ඔලුව ටිකක් නිදහස් වුයෙන් ලොක්කගෙ පෝස්ටුව කියවන්නට ආවේය....
    දර කොටේ දැක්ක ගමන් උනේ මල !@#@! ක්ය ..... නැවත මොලේ.... වියවුල් වුනේය....
    තව පැයකින් පමණ ...එක ලග දෙකක් නමා කියවා .... නැවත එමිය.........

    ReplyDelete
    Replies
    1. //තව පැයකින් පමණ ...එක ලග දෙකක් නමා කියවා .... නැවත එමිය.........//

      ඇවිත් කාවහරි අල්ලගෙන හතර අතේ නෙලමිය.

      Delete
    2. අල්ලගන්න හරි හමන් එකෙක් නැහැ බං .....

      Delete
    3. ඕ යේස් ..
      දුවපල්ලා . . . නාලාගිරිය රා බීලා !!!

      Delete
    4. දර කොටේ දැක්ක ගමන් ඉදන් මටත් කොයිල්ය

      Delete
    5. මොකෝ බං . උඹ ඉන්න රටෙත් සෝවාන් පනති තියෙනවද...? එහෙම නැත්නම් කකා වගේ බනක් භාවනාවක් කරගෙන ඉන්න කල්පනා කළාද...?

      Delete
  30. ගලේ අඹරා ගන්නා ලද සම්බෝලයක් කෑ කාලයක් මතක නැත. සිත බොහෝ අතිතයට රැගෙන ගිය ලිපියකි.

    ReplyDelete
    Replies
    1. ඔව් බං .... දැන් තියෙන ගල් වල ඇඹරුව ට ඉස්සර රසෙත් නැහැ මචෝ....

      Delete
    2. කෙන්ජි මාමෙ
      දැං ගල් නෑ නොවැ.. බ්ලෙන්ඩර් ග්‍රයින්ඩර් නෙ.
      තලේ පොඩ්ඩක් වැඩිපුර කැරකුනානං නවතින්නෙ කිරිහොදි වෙලා !!!!

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඕ යේස් කෙන්ජි මාමෙ ආයෙ ආවා
      මේල එව්වා බලන්ඩ පොඩ්ඩක් .

      Delete
    5. ok ... PM ...මල්ලියා..... thnx .... බැලුව... හරිය....

      Delete
    6. ගලේ ඇඹරීම. මැසිමේ අඹරනවාට වඩා බොහෝ රසවත්ය කියා මටත් සිතෙනවය.

      Delete
    7. ගල් පප්පලා...

      Delete
  31. පොඩිකාලෙ මහ ගෙදර ඉද්දි කෑවෙම ඒ මැටි කුස්සියට වෙලාය..බත් පිගාන අරං වං ගෙඩිය උඩ ඉදගන්න කොට ඔතනින් නැගිටලා වෙන තැනකින් වාඩි වෙයං කිව්වේය ...

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර නම් වංගෙඩියේ වාඩි වෙන්න දෙන්නේම නැතිය. අදටත් තත්වය එසේය. ඒත් වංගෙඩිය ඉන්නේ එළියේය.

      Delete
  32. අපේ ගෙදර නම් තාමත් දර වලින්ම උයතෙයි.අපි ගමේඈයො නොවැ.
    ඉස්සර අපේ ගෙදර කුස්සියේ ගල්වංගෙඩියත් තිබුනි.මාගේ ප්‍රියතම විනෝදාංශය ඕකෙ වාඩිවෙලා සිටීමය. අම්මාගෙන් බැනුංය.තොගෙ ලබ්බ බහිනවා කියාය.

    ReplyDelete
    Replies
    1. එතකොට දැන් උඹේ ලබ්බ බැහැලද තියෙන්නේ....?

      Delete
  33. Machan Mama podi kale api hitiyeth Kabrallage waththata allapu waththe. (Dias unclelage gewalwalata eha gedara - Wijerama handiye sapaththu kade keruwe. Sisira , Lal, Athula kiyala ayyala wagayak innawa) A geta eha paththe hitiye Leebadu sappuwa karapu Ralahami uncle - Chandana ayyage thaththa)
    Dan mama inne Negombo. Api hitiye ara mathara mudalalige kade ekkama wage thibba gedarata pitipasse gedara.

    ReplyDelete
    Replies
    1. Na machan api hitiye Pare eha paththe. ara thattu 2 gewal peliyata issaraha podi thappayak ekka thibba gedarata pitipasse.

      Delete
    2. ethana unnea lansi pawulak, mata hariyata nama mathaka nea. puththu dennek hitiyaa. ekek western band ekaka drummer. oya waththea hitiyaa piyaa kiyala porak. thawa saman kiyalaa ekekuth hitiyaa. un artists la.

      Delete
    3. Hariyatama kiwwoth machan mathara kadeta kalin kota thappayak thibba gedara (eke hitiye Dharmaloke miss kenek) anna a geta pitipasse thibba gedara. Nimalasiri kiyala ayya kenek hitiya miniha dan Italyda koheda inne anna a gedarata allapu gedara.

      Delete
    4. මම දන්නවා. අර ලන්සි පවුල් "ෂොක්මන්ස්ලා"

      Delete
  34. හැබැයි මචෝ සාමාන්‍ය ගෙවල් වල ගෙට යාබදව කණු හතරකට පොල් අතු සෙවිලි කරල යාලත්ත ද මොන මගුලක්ද කියල එකේ ඉව්ව නේද....
    ගම්වල නම් ගෙට යාබදව හොදින් පොල් අතු සෙවිලි කල කුස්සියක් තිබුන.....මැටි වලින්ද මන්ද සෙට් එකට (ස්ත්‍රීන්ගේ) පොඩ්ඩක් පහලට වෙන්න බැදල මිරිස් ගල තියන්න....
    පිටි කොටන ලී වංගෙඩිය.... තව තල/වියලි බත් පොල් සමග දාල අග්ගල හදන්න කොටන අඩි දෙකක් විතර උස ගල්වන්ගෙඩිය .... අඩියක් පමණ උස කෑලි මිරිස් සහ ගම්මිරිස් කුඩු කරන ගල් වංගෙඩිය සහ යකඩ මෝල් ගහ.... &... කුරහන් ගල තිබුන චිමිනිය බැදපු කුස්සිවල....
    අර දර ලිප් වලට උඩින් මැස්සක් වගේ තිබ්බ කරවල වගේ තියන්න මයෙ හිතේ...චිමිනිය තියෙන කුස්සිවල......
    ඒ කුස්සි පාවිචි කලේ දවල් උයපු කෑම රත් කරන්නත්....රෑට පපඩම්.... බිත්තර ඔම්ලට් දාන්න වගෙයි මතක...
    මට නම් පැට්ටෝල් මැක්ස් ... භුමි තෙල් ලිප් වලින් ආපු සුවදම ..රැජිනගේ රටේ ඉදල එවපු ...බුමි තෙල් පිච්චෙන සුවද එන බිරිජ් එහෙකුත් දැකල තියෙනව වගේ මතකයි බං ...
    එල ලිපිය .... මතක පික්ෂු ...චිකන් පීකුදු කරනව ඕයි ....

    ReplyDelete
    Replies
    1. එක එක පැතිවල එක එක නම් තියෙන්න ඇති. අපි නම් කිව්වේ කුස්සිය කියලා. තාත්තලගේ මහ ගෙදර, ගෙවල් දෙකක්. එකක් මහ ගෙදර අනික කුස්සි ගෙදර මහා ළොකු නෑ. ඒත් මහ ගෙදරින් භාගයක් විතර සයිස් කුස්සි ගෙදර.

      Delete
  35. කැබීස් එකේ හිස කේ රහිත ඒ මැදිවයසේ අග්ගිස්සේ ඉන්න පුද්ගලයා ඒ ආයතනය ශෝක් එකට රන් කරන්නේය. මිතුරෙක් සමග යාමට හොඳ තැනක් ලෙස රෙකමන්ඩ් කරමි.

    ලඟදී දිනෙක අපි එහිදි හමුවෙමු.

    ReplyDelete
    Replies
    1. මම එන්නම්. ඒත් ඊයේ දින අපි කැළණියට සමු දුන්නා.

      Delete
  36. අපේ කුස්සිය ඔය පරණ අලුත් මොඩල් දෙකේම මික්ස් එකක් . ඒ කිව්වේ අපේ ගෙදර තාම දර ලිප තියෙනවා. ගෑස් ලිප තිබුනට එක පාවිච්චි කරන්නේ හදිස්සි දෙයක් හදා ගන්න විතරයි. තාමත් රජ වෙලා ඉන්නේ දර ලිප තමා. මිරිස් ගලත් තිබුන වුනාට වැඩකට ගන්නේ නම් නෑ. ඇලුමීනියම් හට්ටි මුට්ටි එක්කම මැටි භාජනත් තියෙනවා. කියල තියෙනවා වගේම දර ලිප් තියෙන ප්‍රදේශය නම් කළුවට කලුවේ බැබලි බැබලි තියෙනවා. මාතලන්ගේ පොස්ට් එක කියෙව්වා ම එක පාරටම අපේ තාත්ත ගේ මහා ගෙදර තියෙන ඒ ඉපැරණි කුස්සිය මතක් උනා. මාතලන් කියල තියෙන විදියමයි. ඇරපු අතක් නෑ. කළුම කලුයි..

    ReplyDelete
    Replies
    1. ගමේ ගතියට කැමති ගොඩක් ගෙවල් ව්ල උඹ කිව්වා වගේ මේ කුස්සි දෙකම තියෙනවා.

      Delete
  37. අපේ තාත්තලගේ මහගෙවල් දෙනියාය පැත්තේ.. එහේ තාම තියෙනවා ඔය ජාතියේ කුස්සියක්! හට්ටි මුට්ටි වළන් විතරක් නෙමෙයි බිත්තිය පවා කළුයි!

    ReplyDelete
    Replies
    1. ඒවා තමයි නියම කුස්සි. උඹට මතකද ඉස්සට ගමේ හෝටල් ඒවත් මෙහෙමමනේ.

      Delete
  38. ගෙදර වත්තේ පොල් ගහෙන් කඩපු පොල් ගෙඩියකින් ගාලා මිරිකලා ගත්ත මිටිකිරි දාලා දර ලිපේ මැටි වළඳක උයපු පොලොස් මාලුවත් එක්ක මැටි මුට්ටියේ උයපු රතු කැකුළු බතක් .... අම්මගෙ අතින් උයපු! හ්ම්ම්ම්ම් ....ගෙදර දුවන්ට හිතෙනවා!

    ReplyDelete
    Replies
    1. අවුරුද්දට යන්න වෙනවනේ.. එරොප්පෙ නම් සොරි ඩොට් කොම්..

      Delete
  39. ඇලුමිනියම් භාජන වල ආහාර පිසීම රජරට සය වයඹ ප්‍රදේශවල සම්පූර්නයෙන්ම නතර වෙලා දැන් කාලෙක ඉඳන් හේතුව වකුගඩු රෝගය බහල ලෙස පැතිරිමට එක සාධකයක් ඇලුමිනියම් භාජන බාවිතය.

    “පොල්ගහ යට කොටිය සීල් බෝතලේ“ කියග 70 දශකයේ ජනප්‍රිය චිත්‍රපටි සිංදුවක් තිබුණා මට මතක හැටියට සුනිල් පෙරේරා හෝ නිහාල් නෙල්සන් කියලු එකක් මොකක් හරි එකකින් ඔය සිංදුව තහනම් වුණා 80 න් පස්සේ එල්ටීටී එක නිසා.

    ReplyDelete
    Replies
    1. ඩෙස්මන් කියනව නේද "රෝසපාට තොල්පෙතිවල පෙරෙන ආදරේ . . පොල්ගහ යට කොටිය ඉන්න මගේ බෝතලේ" වගේ වචන තියන සින්දුවක් ???

      Delete
    2. මටත් මතක ඩෙස්මන් ඩි සිල්වය කියන්නේ කියලා

      රෝස පාට තොල් පෙති වල තියෙන ආදරේ.
      පොල් ගහ යට කොටියා ඉන්න මගේ බෝතලේ
      මගේ බෝතලේ...
      මගේ ජීවිතේ..

      Delete
  40. ඔය කබ්රාල් ල කට්ටියක් කිරිබත්ගොඩ නුවර පාර ට මුහුණලා ලොකු ඉඩමක හිටිය....
    කිරිබත්ගොඩ ටවුම පසු කොරල නුවර පැත්තට යද්දී දකුණු පස.....
    කොල්ලො ටිකක් හිටිය...

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අයියා ඔය කියන්නෙ කිරිබත්ගොඩ ඉස්පිරිතාලෙට හැරෙන පාරට ඉස්සරහ තියෙන ඉඩමද? කාර් සේල් එකක් තියෙන එකනෙ.

      Delete
    2. හ්ම් කිරිබත්ගොඩත් කබ්‍රාල්ලා සෙට් එකක් හිටියා තමයි. නස්කූනියෝ සෙට් එකක්. යූස්ඩ් කාර් සේල් එකකුත් තිබුනා තමයි. ඒ හරිය දැන් මාර දියුණුයි..

      Delete
  41. සිසිල් බ්‍රිජ් එකට වඩා ටිකක් ගාන අඩුවට ඌෂා එක ගන්න තිබුනා. ඔය් ෆැක්ටරිය තිබුනේ රත්මලානේ. ඒකේ වැඩ කරපු අපේ මාමා කෙනෙක් ඕකක් අඩුවට අරන් දෙන්න හැදුවා. අපේ ආච්චි කේන්තියෙන් ඇහුවා ඇඳුම් දාන්නද කියලා. ඒ කාලේ කෑම හොයා ගන්නෙත් බොහොම අමාරුවෙන්.

    කුස්සියේ තිබුනු බොහොමයක් දේ දැව,යකඩ හෝ මැටි තමයි. මැටි කොරහ කියලා එකක් තිබුනා. පොල්කටු හැඳි එල්ලන්න පන් වලින් හදපු එල්ලන භාන්ඩයක් තිබුනා.
    කලුගල්...වංගෙඩිය, මිරිස්ගල, කුරහන් ගල (ඕකේ තමයි මුං ඇට බැදලා කුඩුකරගන්නේ අවුරුද්දට )
    ලී...හිරමණය,මෝල්ගහ (ගෙවෙනවාට යකඩ පතුරක් ගහලා තිබුනෙ )පිටි කොටන්න ලී වංගෙඩි
    පන් වට්ටි,පන් මළු ඇරෙන්න ප්ලාස්ටික් තිබුනේ නැහැ.
    කුල්ල, පෙනේරය බට පොතු වලින් හදලා තිබුනේ. කුල්ල ඉක්මනට දිරාපත්වෙන නිසා ගැට බෙලි තම්බලා ඒ නානු වලින් රෙද්දක් අලවනවා කුල්ලට පිටින්. වේලුනාම ලේසියෙන් ගලවන්න බැහැ. ලී පිඟන් රාක්කේ උඩ පොඩි කානුවක් වගේ තිබුනා..ඒකේ තමයි තෙල් බෙහෙත් කුප්පි තියන්නේ. මැටි කළයට තමයි වතුර ගෙනාවේ. පුවක් අත්තෙන් ගන්නා කොටසක් උඩ තමයි කලේ තිබ්බේ.

    දර ලිපට උඩින් දුම් මැස්ස..ඒකේ තමයි දර,හනසු,පොල්පිති අඩුක් කලේ..ඕකෙ උඩ තමයි ගොරක මුට්ටිය, ඔය කරවල උම්බලකඩ ටිකක් තිබ්බේ. ලුනු පොල්කට්ටයි, මුට්ටියයි ලිප අයිනේ..

    පස්සේ පස්සේ දහයියා. ලී කුඩු ලිප් හදාගත්තා. පස්සේ බූමිතෙල් ලිප ආවා. ඕකට භූමිතෙල් පුරවන්න වීදුරු බූලියක් වගේ එකක් තිබුනා. පස්සේ පොඩි පෙට්ටියක් වගේ භූමිතෙල් අවන් එකක් ආවා පොඩි කේක් එකක් හදාගන්න. බෙලින් තමයි බ්‍රෑන්ඩ් නම. මම දැකලා තියෙනවා භූමිතෙල් ෆ්‍රිජ්.

    මුලින්ම අම්මලා කිව්වේ දර ඉවරයි කියලා...ඊට පස්සේ භූමිතෙල් ඉවරයි...දැන් ගෑස් ඉවරයි...අද හෙට බිල නොගෙව හිටියොත් කරන්ට් ඉවරයි කියයි.

    උඹ දන්නවාද නෙළුම් උළු මෝල ගෝනවල...අපේ කෙනාගේ සීයා කෙනෙක්/

    ReplyDelete
    Replies
    1. මචන් නෙරංජ ... නෙළුම් උළු මෝල අයිති අයට පොල් ඉඩමක් තිබුනද බංගදෙනිය පල්ලම පැත්තෙ ....?

      Delete
    2. @ කෙන්ජි..හැම තැනම දේපොල තිබුනාලු මචං. වාසගම...පොත්මිටියගේ.

      Delete
    3. thnx ... මචෝ.... මං තාත්තාගෙන් අහල බලන්නං ....

      Delete
    4. පොල්කටු හැඳි එල්ලන්න පන් වලින් හදපු එල්ලන භාන්ඩයක් = හැඳි අලුව
      මෝල්ගහ (ගෙවෙනවාට යකඩ පතුරක් ගහලා තිබුනෙ ) = විල්ල
      පුවක් අත්තෙන් ගන්නා කොටසක් = කොළපත

      එහෙම නේද අරූ ?

      Delete
    5. බොහොම ස්තූතියි චන්දන......මතක් කර්‍ර පැයක් විතර. ඔළුවට ආවෙම නැහැ.

      Delete
    6. 71 දී අම්මා ගත්ත ඌෂා 'බ්‍රිජ්' එකට අවුරුදු හතරකට කලින් පැන්ෂන් දුන්නා. තව දිව්වනං ගෙදර ලයිට් කපනවා බිල ගෙවාගන්ට බැරුව! ඔය භූමිතෙල් කුකර් ජාතිය 'ඩයමන්ඩ්'. රෂ්මි කියලා අවන් ජාතියකුත් තිබුනා. කේක් භූමිතෙල් රහ උනත් ඇදලා අරිනවා කුඩක් වත් හොයාගන්ට බැරිවෙන්ට. අම්මා හෝම් සයන්ස් ටීචර් හින්දා ලෙසන් ප්‍රැක්ටිස් ඔක්කොම ගෙදර. අපි තමයි අනං මනං හදන්ට අල්ලගන්නේ. :-)

      Delete
    7. වාසගම...පොත්මිටියගේ.////

      ඈ .... පොත් පිටිය ගේ (මව ගේ )

      Delete
    8. බ්ලොග් කෙරුවාවේ තියෙන සුන්දර බවතමයි මේක. සමහර වෙලාවට පෝස්ට් එලට වඩා රසයි කොමෙන්ට් එක.

      Delete
  42. ටිකිරිApril 5, 2014 at 8:06 PM

    මේකට තව වංගෙඩිය, මෝල්ගහ, කුරහන් ගල කුල්ල, හෙමත් එකතු වුනා නම්... කොහොම වුණත් දර ලිපක මැටි වළඳක ඉදෙන කිරි හොද්දක , පොලොස් ඇඹුලක, කොස් ගැට කළුපොල් මාළුවක, මාළු ඇඹුල් තියලක රස නන්ස්ටික්, ඇළුමිනියම් සාස්පාන් වල උයලා ගන්න පුළුවන්ද‍? එලොවටත් නැති මෙලොවටත් නැති නවීන තාක්ෂණික උපකරණ වලින් අපේ අක්කලාගේ නැන්දලාගේ ශරීර ෂේප් අවුට් වුණා විතරයි. ගමේ කුස්සියේ තිබුණ මිරිස් ගලින් ඇඹරීමෙන් වංගෙඩියේ වී, හාල් කෙටීමෙන් කාන්තා සිරුරට අවශ්‍ය ව්‍යායාම ලැබුණා. සිරුර හැඩ ගන්වන්න ජිම් ගාටන්න ඕන වුනේ නැ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ඒත් ඉතින් මැෂින් තියෙද්දී දාඩිය දාගෙන මැරෙණ එකත් බොරු වැඩක්. හැබයි දාඩිය දාගන්න ඕන නම් ජිම් යනවට වඩා මේ දෙවල් කරන එක හැම අතින්ම හොඳයි.

      Delete
  43. හැලපයියගෙ ලෙඩේ හැදිල. පදුර වටේ තලල එද්දි කතාව නැහැ ;)

    ඒත් මෙතන අපූරු මතකයක් තියෙනව කියල නොදැනුනා නෙවේ බං.

    ReplyDelete
    Replies
    1. මේහෙම ලියවෙන කොට නම් හිතෙනවා මහා පොත් ලියන එකත් කජ්ජක් නෙමෙයි කියලා.

      Delete
  44. ඉතිරි කොටස කියවලම එහෙනම් කොමෙන්ටුවක් දාන්නම්කො

    ReplyDelete
    Replies
    1. හා ඉස්සෙල්ල මේක කියවලා හිටහන්කෝ නිකං කෙප්ප කෙලින්නේ නැතුව

      Delete
    2. ඒකනෙ ඉවාන .... මූ දැන් අමු කම්මැලිය වෙලා...

      Delete
    3. ඕ යේස් !!! අපි හරි ආසයි උඹේ කමෙන්ට් කියවන්න..අනේ කොහොමහරි දාපං ඈ..අපි බලං ඉන්නවා..ඔන්න වරද්දන්න එපා..

      Delete
    4. ඌ මේ දවස් වල බදින්න එකියෙක් හොයනව ....

      Delete
    5. ඉස්සෙල්ලා කියහන් මේක කියෙව්වද කියලා....

      Delete
  45. මොකෝ කට්ටියට 'ෆ්‍රිජ්' කියල ලියන්න බැරි ?

    ReplyDelete
    Replies
    1. ගමේ කම කියන්නේ ඒකයි. කවදාවත් ඇඩප්ටර් කියලා කියන්නේ නෑ නේ. කියන්නෙම ඇඩප්පරේ කියලා..

      Delete
  46. පොඩිම කබ්බා අපි වරායට ආ කාලෙ ඒකෙ සී එම් යු එකට බැහැගෙන වැඩ කලා මතකයි.. කබ්බා කියලා අපි ආදරේට කිව්වෙ. අපිට බොහොම දේවල් ගැන ඉගැන්නුවා කබ්බා. පස්සෙ විශ්‍රාම ගියා. දරුවන් නිසා දුකෙන් කාලෙ ගතකලේ.. පව් කබ්බා. මාතලන් දන්නවත් ඇති..

    ReplyDelete
    Replies
    1. Machan porage podi eka tikak amuthu dial ekak ne. Loku ekanan (ara usa hadaya) gal andek. Issara unge ge issaraha thibba podi cottage ekak wage resturant ekak. Ammapa eke koththuwe raha thama danenawa wage. Unge amma unta katha karanne Ayya malli kiyala. Hapoi a kale thama jeewithe athalma kale.

      Delete
    2. @ සරා
      කොල්ලො දෙන්නම් මගේ යාළුවෝ. උන් ඒ මිනිසුන්ගේ ජීවිත විනාශ කළා. ළොකු එකානම් දැන් ටිකක් ගොඩ වගේ.

      @ ඇනෝ
      ඒක තමයි දැම් කැබීස් කියලා තඩි රෙස්ටුරන්ට් එකක් තියෙන්නේ.

      Delete
  47. අපේ අම්මගේ ගම මතක් වෙනවා

    ReplyDelete
    Replies
    1. මතකයන් ඔබේ සිතේ දරාගෙන....

      Delete
  48. පර කුස්සියක් , දරලිප් තියෙන , වංගෙඩිය + මෝල්ගහ , බිත්තියට හේත්තුකල හිරමනය. දැලිපාට වෙච්ච බිත්ති එහෙම. ඒ උනත් ඔයවාගෙ දරලිප්වල උයන පොලොස් මාලුව එහෙම හරි රසයිනෙ.එහෙම උයන අපි දන්න කෙනෙක් පොලොස් මාලුව හදාගෙන එනව හරිම රසයි.

    දැන් ගෑණු ළමයි වාසනාවන්තයි. ගෑස් ලිප තියෙනව . පොල් කිරි පැකට්, සුපර් මර්කට් එකකට ගියාම පොල් ගෙඩි දෙක තුනක් ගාවගෙන එන්න පුලුවන්. හැබැයි ඉතින් පහසුකම් සමග ලෙඩත් හැදෙනවා බොහොම ඉක්මනට ...

    ReplyDelete
    Replies
    1. අපේ ආච්චිලගේ ජැනරේසොන් එක නෙමෙයි අම්මලට තිබුනේ. අම්මලගේ ජැනරේසොන් එකේ ඒවා වයිෆ් ගාව නෑ. කොහොම හරි ඔක්කෝම නම්බර් වන් කුක්ස්ලා. ලේලි කොහොම වෙයිද දන්නේ නෑ..

      පරිනාමය කියන්නේ මේ දේ නේද...?

      Delete
  49. අපුරු ලිපියක්නේ. බොහොම සමීප අත්දැකීම්. හොරට තෙත දර විකුණනවා කියල බනිනවා තමයි ඒ කාලේ . රබර් ලීය දැන් නම් ගෘහ භාණ්ඩ හදන්නත් ගන්නවා වුනත් ඒ කාලේ නම් දරට විතරමද කොහෙද පාවිච්චි කලේ . අපි හුඟක් ලොකු වෙනකම් හිටියේ කුලී ගෙදරක. ලොකු පොල් වත්තක් මැද්දේ . දර සල්ලි වලට ගත්තෙම නැති තරම් .හැබැයි පොල් පිති , හනසු ,පොල්කොළ පත්තු කලහම දුම වැඩියි. ඒකනේ මදුරුවෝ එලවන්න කබලක පොල් ලෙලි පත්තු කරලා කජු ලෙලි දාල දුම් ගස්සන්නේ . වෙන දර ජාති වලින් ඉව්ව වුනත් ලිප අවුලව ගන්න පොල් කොළ ටිකක් හනසු කෑල්ලක් නැතුවම බැහැනේ .ඔය ලිප පත්තු කරන වැඩේ ටිකක් දෙකේ පන්තියේ වැඩක්. හොදි ඒදනවා කියන්නේ ඉවිල්ලේ පස්ට් ක්ලාස් ජොබ් එකක්. මම වගේ නංගිලාට හම්බ වෙන්නේ පොල් ගාන , හාල් ගරන මැල්ලුමට කොළ අහුලන ලිප පත්තු කරන වගේ දෙකයි පනහේ වැඩ . හොද්දක් බතක් උයන ගානට ප්‍රමෝට් වෙන්නම බැරි වුනා . අපේ අක්කණ්ඩි තමා ඒවාට හපනි . අම්ම නැති වෙලාවට එයා තමා ලොක්කි. හරියන්නේ නැහැ පෝස්ට් එකක් ලියන්න වෙයි මෙතන ඔක්කොම කියන්න .
    හැත්තෑවේ ඉඳන් මේ වෙද්දී හුඟක් දේවල් වෙනස් වුනේ හරිම වේගයෙන්. ඒ හින්දා අපිට ලොකු පරාසයක අත්දැකීම් ලැබුණ . අපේ අක්ක නම් තවම පෝරණුවක්එක්ක දර ලිපක් පාවිච්චි කරනවා . උදේ මහා පාන්දරත් ඔය ලිපේ එකක් වත් උයා ගත්තේ නැත්තන් කෑවේ නැහැ වගේ තමයි. මමත් මේසේ හයි කරන හිරමනයක් ගෙනත් තියෙන්නේ . සතියකට වරක් පොල් ගෙඩියක් විතර ගාල ෆ්‍රිජ් ..[සොරි බ්‍රිජ් ] එකේ තියාගන්නවා . හැමදාම හිරමනේ හයි කරන්නයි ගලවන්නයි මල වදේ නිසා.
    මෙහෙ මාකට් වල පොල් ගාල තියෙනව . ගන්න හිතෙන්නේ නැහැ . පොල් ගොඩ අනික් පැත්තේ ඌරු මස් ගොඩවල් .
    හිරමනේ නම් මගේ මෙහෙ ඉන්න අනික් රටවල යාලුවන්ට මැජික් . මම මෙහෙන් යද්දී කාට හරි දීලා එන්නයි හිතා ඉන්නේ .ලියන්න දේ ගොඩයි .ඔය මදැයි

    ReplyDelete
    Replies
    1. බින්දි....පෝස්ට් එකක් ලියන්න.

      Delete
    2. පෝස්ට් එකක් ලියන්න බින්දි.. රහ උතුරයි.. හිරමනේ නම් දීලා ආවට කමක් නෑ.. එනකොට මට ඌරූ මස් ටිකක් ගෙනාවනම් ඒ ඇති. මගේ ප්‍රියතම කෑම.

      Delete
  50. ඔය චිමිනිය මට පුංචි කාලෙ පෙනුනෙ වහල උඩ තියෙන තවත් පුංචි ගෙයක් විදියට...සමහර වෙලාවට නෑඹිලියත් කළුයි යම් ප්‍රමාණයකට... ලිපේ තියෙන හොද්ද වහනවනෙ ඒකෙන්... අපේ අත්තම්ම නම් එහෙම කළා... නෑඹිලිය පතුලෙ ලිපේ තියෙන හට්ටියේ කට ප්‍රමාණය ඉතුරු වෙද්දි ඉතුරු ටික කළුයි...
    අපේ අත්තම්මලහ තිබ්බෙත් ඔය පින්තූරෙ තියෙනව වගේ හිරමණයක්... හැබැයි බෙල්ල ඔයිට උසයි... සීයා හදලා තිබ්බෙ... කුස්සියේ පොඩි බංකු කෑල්ලක් තිබ්බත් බොහෝ වෙලාවට එළවළු කපන්න ඉඳ ගත්තෙ හිරමනේ උඩ... බිම වට්ටියක් තියාගෙන, ඒක උඩ මන්න පිහිය පයට පාගගෙන තමයි එළවළු, පළා, කරවල කැපුවෙ...
    ඔය පිඟන් කෝප්ප තියන්න තිබුණු වට්නට් එකක් තිබ්බා අපේ ගෙදර... වචනෙ හරිද මන්දා, අපි කිව්වෙ එහෙම... සමහරු සයි බෝට්ටුව කියන්නෙත් ඕකටද...? අපේ ගෙදරත් අම්මා කෑම බෙදුවෙ පිඟන් වලට... තාත්තට ඉස්සෙල්ලම... ඊට පස්සෙ අපට... අන්තිමට අම්මට...
    අපේ අත්තම්මගෙ කුස්සිය ගෙයින් පිට තිබ්බ මැටි කුස්සියක් නිසා ඒකට යන්නෙ කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන.... ලිප් දෙක තිබුනු හරිය හරිම අඳුරුයි... ඇණ තියාගෙන උයන්නෙ ලිප් බැඳලා තිබ්බෙ බිම නිසා...

    ReplyDelete
    Replies
    1. @ මියුරු....සයි බෝට්ටුව කියලත් තිබුනා. වට්නට් කියලත් තිබුනා. ඔයා දන්නවාද වට්නට් කිව්වේ ඇත්තටම what-not කියන කබඩ් එකට.

      තාත්තා ගෙදර නැතිවුනත් එයාට බත් බෙදලා අයින් කරලා තමයි අනිත් අයට බෙදන්නේ. අම්මා අන්තිමට. අපේ අම්මා එක කාලයක් පිඟන් 14ක් බෙදුවා කුස්සියේ බිම තියාගෙන එක වේලකට.

      Delete
    2. එතකොට ඒ දෙවර්ගයක්ද... අර වට්නට් (වට්-නොට්) එකට එහෙම කිව්වෙ ඇයි කියලා දන්නවද අරූ...

      අම්මෝ... බත් පිඟන් 14 ක්... අපේ අත්තම්මත් ඔහොම බෙදනවා කුස්සියේ බිම තියාගෙන අවුරුදු කාලෙට... මාමලා ගෙදර එන්නෙ යාළුවොත් පිරිවරාගෙනනෙ... ස්තුතියි අරූ...

      Delete
    3. අපේ ගේ පිටිපස්සෙ වෙල. අනික් උන් සරුංගල් උඩ යවා ගන්න මාර පරිප්පුවක් කන්නේ. මම කරන්නේ නගිනවා චිමිනිය උඩට. මල්ලි යනවා සරුංගලෙත් අල්ලගෙන වෙලේ කෙලවරට. ඒක පාරයි අදින්නේ බඩු උඩ. අනික් උන් සෙල්ලම් ගොඩක් දාලා තමයි සරුංගලේ උඩට ගන්නේ. දුක හිතුනම සමහර උන්ගේ ඒවත් ඒ විදියට උඩට යවලා දෙනවා. සරුංගලේටත් වඩා ආඩමබරෙන් මම චිමිනිය උඩ ඉන්නේ ඒ වෙලාවට.

      Delete
    4. @ මියුරු...වට්නොට් වුනේ කියලා මම කියන්න දන්නේ නැහැ. හැබැයි එංගලන්තෙත් තිබුනා කියලා මෙහෙ ඉන්න වයසක අපේ කෙනෙක් කිව්වා ඔය පරණ බඩු ගැන කතාවෙද්දි මීට කාලෙකට පෙර.
      පිඟන් 14 දිනපත බොහෝ කාලයක් සිද්ධ වුනා.

      Delete
    5. මියුරු අරූගේ වත්මන් යුගාන්තය කියවන්නේ නැතෙයි.. දැනට බ්ලොග් ළෝකේ හොඳම බ්ලොග් එක...

      Delete
    6. කියවනවා නේන්නම් මාතලන්... මුල ඉඳලම කියෙව්වා... ආයෙ කියන්න දෙයක් නෑ...

      Delete
    7. නෑ අර පිඟන් 14 ගැන අහපු නිසා නිකමට ඇහැව්වේ...

      Delete
    8. ඒක එහෙම කියනකොට පැත්ත පළාතක් වහ ගත්තු පිඟන් විමානයක් වගේ මැවිලා පෙනුනු නිසා එහෙම ලියැවුනා ... :D

      Delete
    9. හැමදාම පාටියක් තීලා තියෙන්නේ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න