.

.

Apr 13, 2014

දෙමළාගේ අවුරුද්ද - Tamil New Year


අපට අපේම යයි කිව හැකි කිසිවක් නැත. අනුන්ගේ දෙවල් බදාගෙන, ඒ සියල්ල අපේ යයි අප පාරම් බාන්නෙමු. බුද්ධාගමද, පාර්ලිමේන්තු ක්‍රමයද, ඔටුන්න සිහසුනද, සාරියද සරම පමණක් නොව සිවුර හා සාටකයද අපේ නොවේය. මේ අළුත් අවුරුද්දද එසේමය. එයද දෙමළාගේය. එයද සිංහල දෙමළ කරගෙන සිංහල ඉදිරියට දමාගෙන ඇත. නිවැරදිව නම් එය දෙමළ සිංහල ලෙස නිවැරදි විය යුතුය. ඒ නිසා, සියල්ල පැත්තක තබා අපට අවුරුද්දක් දුන් දෙමළාට සුබ පතමු.

ඊළඟ කරුණ නම් රහසකි. මෙය රහසක් ලෙස තබා ගැනීම මාගේ සියළු රසික රසිකාවියන්ගේ යුතුකමකි. අද උදෑසනම ජනාධිපති තුමා මට සුභ පැතුම් එවා තිබිනි. රිප්ලයි එකක් යැවිය නොහැක. ඒ නිසා අතිගරු ජනාධිපති තුමාටත්, මැතිනියටත්, කුමාරවරුන් තිදෙනාටත්, සහෝදර සමාගම ඇතුලු සියළු නෑ පරපුරටත් සෞභාග්‍යමත් නව වසරක් වේවා..



126 comments:

  1. ඒකනං ඇත්ත....මේක හින්දු උත්සවයක් තමයි....

    ඒත් අවුලකුත් නෑ....අපේම කියා තියෙන්න ඕනේ කියලා එකක් නෑනේ....අපේ වගේ කර ගත්තම ...

    මොනා උනතන් මාතලන් ට ත් සිඋඅලු බ්ලොග් පාඨකයන්ටත් සුභම සුබු අළුත් අවුරුද්දක්වේවා....

    ReplyDelete
  2. අපි එහෙන් මෙහෙන් ඇහිදගත් වූවෝ වෙමු..
    කමක් නෑ අවුරුදු බර ගානක් තිස්සේ පැවත එන එකනේ...

    මහාචාර්ය මාතලන් (බී ඒ ගෞරව (බොග දැමීම.), සකල කළා වල්ලභ, කාව්ය සිරෝමනි, කළා බූසන, දේශ මාමක, හෙලයේ මහා පොත්කරු.) ඇතුළු පුවලේ සැමට සුභම සූුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  3. මාතලන් ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී වාසනාවන්ත අවුරුද්දක් වේවා

    ReplyDelete
  4. සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ :)
    ජනාධිපතිතුමා මටත් සුභ පැතුව, ඒකත් කාටවත් කියන්න එපා :D

    ReplyDelete
    Replies
    1. එයා මට එවපු එක
      /Oba Samata Suba Aluth Avuruddak Weva!
      Ungal Anaivarukkum Puththandu Nalvalthukkal!
      Wish You All a Very Happy New Year!

      President Mahinda Rajapaksa
      Time: 14/04/2014 06:03:33//
      කාටවත් කියන්න එපා මං නං පෝස්ට් එකේම එයාට මෙව්වා කොරා

      ජය වේවා!!!

      Delete
    2. චැක්… බලන් ගියාම ඔක්කොටම එවලා. යකෝ මේ මිනිහා මට මැසේජ් එකක් එවුවා කියලා ඒක සැමරුවෙ කිරිබත් කාලා. ආයෙම ශැක්…… :(

      Delete
    3. මට නං කෝල් කරලම කිව්වා.. උඹලට ඉරිසියා හිතෙයි කියල කිව්වෙ නෑ !!

      Delete
    4. අඩේ මං හිතුවෙ මට විතරයි එවල තියෙන්නෙ කියල. බලපුවම අපේ ගෙදර මනුස්සයටත් එවලනෙ.

      Delete
    5. ලොක්ක මම හිතපු විදියේ යෝදයෙක් නෙවෙයි.. අළුත් අවුරුද්දේ අපි ඔක්කොටම ඇරලා....
      ඉහි ඉහි

      Delete
    6. ආයෙම අහලා, කොහොමෙයි බං ඔහොම රටටම අරින්නෙ……??
      (වෙන මුකුත් නෙමේ ඇස් ඇම් ඇස්) ;) ;)

      Delete
    7. අතේ කරහැට හැදෙනකං කොට කොට අරිනව ඇති නේහ්..

      Delete
    8. පවු බං අපි මේ බැන්නට, ඒ මනුස්සයට ***ත් රිදෙනවා ඇති රටටම ඇරලම.

      ප. ලි. ~ *** ඇති තැනට 'අත' යන වදන යොදා කියවීමෙන් වැරදි වැටහීම් දුරුවනු ඇත. :)

      Delete
    9. මම නං යොදාගෙනමයි කියෙව්වෙ.. ඕ යේස්

      Delete
    10. අයියෝ අපි දැන් අවුරුදු පහ හයක් තිස්සේ සිංහල යුනිකෝඩ් වලින් ලියනවා. මහින්ද තාම singlish.

      පව්!

      Delete
    11. හුක්කි හුක්කි හූ.........................

      ඒ බන්ස්.. උඹලා පව් නිසා මගේ මැසේජ් එක මම උඹලට ෆෝවඩ් කලා...

      කකා නම් අමු හින්ගලෙන් විස් කොරලා එවලා තිබුනා. ඒක දැක්කාම අමුතු ගතියක් එනවා. ඒකට කියන්නේ දේශප්‍රේමයද කියන්න හරියට දන්නේ නෑ..

      Delete
  5. ඒ නිසා, සියල්ල පැත්තක තබා අපට අවුරුද්දක් දුන් දෙමළාට සුබ පතමු.
    සහතික ඇත්ත....

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු ලියනවා බොහෝම අඩුයි..

      Delete
  6. එහෙම නං දෙමළටත් සුබ පතමු.
    රජ පවුලට සහ මාතලන්ගේ පවුලේ සියලුම දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  7. මාතලන් ඇතුලු පවුලේ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වෙවා !

    ReplyDelete
  8. මාරි. මාතලන්,

    මේ අපි සමරන්නෙ හින්දුන්ගෙ "විෂු" කියන උත්සවය. මේක දෙමළ නෙමේ හින්දු!

    කොහොම උනත් උඹ හරි, මෙක අපේ නෙමේ. අපි වත් අපේ නොවුන කොට මේක විතරක් අපේ වෙන්නෙ කොහොමෙයි එක අතකට?

    එහෙනං, අපේ නොවෙන අපේම අලුත් අවුරුද්ද සුභ වේවා!!

    ReplyDelete
    Replies
    1. දැන් මොනාද අපේ කියල තියෙන්නෙ... බලාගෙන යනකොට අපි ඔක්කොම අනුන්ගෙන් අරන්නෙ......

      Delete
  9. තියන තියන හැම පියවර සුභ වේවා
    කරන කියන දේ රිසි ඵල ගෙන දේවා
    හිතන පතන සැප සම්පත් ඉතිරේවා
    නිතින සහන ලැබදෙන වසරක් වේවා

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. දකින දකින කොල්ලන් ළඟ කැරකේවා
      වැටෙන වැටෙන කොල්ලන් හැන්ඩ්සම් වේවා
      හැන්ඩි බැන්ඩි කොල්ලෝ බෝ රිච් වේවා
      ලැබු නව වසර බස්සිට ආතල් වේවා

      Delete
  10. සිංහලෙන් අකුරක් හරි ලියන්න ඉන්න බ්ලොග් කාරයො ටික කා කොටාගන්නෙ නැති අලුත් අවුරුද්දක් වේවා !!
    කිරියෙන් පැනියෙන් ඉතුරුවෙ නැතිවට කාරි නෑ !! ඕ යේස්

    ReplyDelete
    Replies
    1. //කා කොටාගන්නෙ නැති// සිරා කතාව බං.

      Delete
    2. මම නම් කැමති, විකල්ප, විරෝධතා, ගැටීම්, මරාගැනීම්, සංවාස තියෙනවට. මත ගැටුම් අත්‍යාවශ්‍ය දෙයක්..

      Delete
  11. ඔබ සියලුදෙනාට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  12. මීකිරියෙන් සහ කිතුල් පැණියෙන් පිරි අවුරුද්දක් වේවා!!!!

    ReplyDelete
    Replies
    1. පියෝ මීකිරි සහ පියෝ කිතුල්පැණි මේ ලංකාවේ හෙහ්... හොයයි

      Delete
    2. දෙකම මගේ ප්‍රියතම... ලන්ඩන් වලටත් ඒවා ලැබෙන වසරක් වේවා...!!!

      Delete
  13. ඕං ආයෙත්, මේක කියවන අය ඇතුළු හැමෝටම,

    සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  14. නිකං හම්බවෙනවනම් දෙමළ පත්තරේ විතරක් නෙමේ මන්න පාරක් පොරෝ පාරක් උනත් දෝත පුදලා බාර ගන්න අපිට සුබම සුබ අවුරුද්දක් වේවා…!!

    මහාමාරිය මාතලන් තුමාටත් සුබ මෙවුවා එකක් වේවා…!!!

    ReplyDelete
    Replies
    1. ෂහ් !!!! පොරෝ පාරක් නං ඔන්න කාමක් නෑ !! මන්න පාරවල් නං එපා :D

      Delete
    2. හම්බෝ පොරෝ පාර මතක් කරන්නෙපා බං. මතකනෙ මාතලං අයියගෙම අර දරමඬු පෝස්ට් එකේ ගෑල්ලමයා. මතක් වෙත්දිත් බය හිතෙනවා. :) :)

      Delete
    3. වෑයෙන් ගහල පොරෝ පාරක් දුනනම් නෙහ්

      Delete
    4. අත් පොරවක් වගේ පොඩි පොරෝ පා‍රවල් තමා හොඳ.. කෙටේරි පාරක් නං කදිමයි .

      Delete
    5. නිකං දෙන කොට කන හැටි දන්සල් ගාව දැකගන්න පුළුවන්නේ. සුද්දෝ අහනවා ලංකාවේ උන්ට කන්න ඇත්තෙම නැද්ද කියලා..

      උඹටත් සුභ අළුත් අවුරුද්දක් වේවා...!!!

      Delete
  15. සුභ අලුත් අවුරුද්දක් වේවා මාතලන්තුමා !!!

    ReplyDelete
  16. හෙළයේ මහ පොත්කරු මාතලන්ට හා පවුලේ සැමට සුබ නව වසරක්!

    ReplyDelete
  17. උංගල් අනිවාරුක්කුම් පුත්තන්ඩු නල්වාල්තුක්කල්..!!! :D

    ReplyDelete
    Replies
    1. නන්ඩ්‍රිරි

      Delete
    2. නාන්ඩ්‍රෙයි පොඩ්ඩි...

      පොඩ්ඩිටත් එසේම වේවා...!!!

      Delete
  18. මාතලන්ටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  19. උත්සවය විතරක් නම් මදෑ. සිංහලයන් පැවතෙන්නේද දෙමළ ජාතිකයන්ගෙනි. රාවනාද දෙමළ රජෙකි.!!!!
    ආනන්ද

    ReplyDelete
    Replies
    1. හැරි පොටර් පොතේ ලංකාව ගැන සඳහනක් නොවුනේ ජාතියේ වාසනාවකටය..

      Delete
  20. අතිගරු ජනාධිපති තුමාටත්, මැතිනියටත්, කුමාරවරුන් තිදෙනාටත්, සහෝදර සමාගම ඇතුලු සියළු නෑ පරපුරටත් සෞභාග්‍යමත් නව වසරක් වේවා..

    හුටා......... උන්ටත් මේක තියනවාද අපොයි රටට ගිය කලක්

    ReplyDelete
    Replies
    1. එයාලට හැමදාම අවුරුදු නේ....

      Delete
  21. මාතලන් සහ පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  22. සුභ දෙමළ අළුත් අවුරුද්දක් වේවා මාතෙ.....

    ReplyDelete
  23. හෙහ්...හෙහ්.... මම කස්ටියට යවන්න සුභ පැතුමක් බැලුවේය......
    ටැමිල් කියල දෙවනුව තිබ්බ නිසා එහෙම ම යැව්වේය....
    මා සිතන අයුරින් උඹත් හිතන නිසා... පිං ...ය .... අනේක වරක්....

    ReplyDelete
    Replies
    1. බොරුවට වඩා ඇත්ත සුන්දරයි...

      Delete
  24. Gon wasso uba kohomada kiyanne meka demalage awuruddak kiyala ? eka ape un uduragena kanawa wagene ube kathawa.meka hodata aha ganinko.
    Api samarana awurudda demaluine ekak nam kiyapan ai demalunge nija bima wana Tamil Nadu wala demalu ai ohoma uthsawayak samaranne natte kiyala.
    eken penawa neda me uthsawaya lankawema athi unu sanskruthika uthsawayak bawa.Poddak blog post karara kota hoyala hithala balala daapan.uba mathalan newei.uba wage aya hoda kurundu thalanna.

    ReplyDelete
    Replies
    1. Meti moolo. Mahawanse era. Ithihaasaya gena thiyena anith pothuth kiyavapan pol booruvaa.. kese wethath..

      Thotath suba sinhala demala aluth awuruddak wewa.....!!!

      Delete
    2. ane gono.kiyapu tharke therum ganin.oka demalage awuruddak nam ai kiyapan loke anith ratawala inna demalu oka samaranne natte ? ela haraka.Uba nikan Sinhala ( uba nam Gona jathiyatane aithi ) apahasa nokara.thopi wage booruwo thamai me rata jathiya gana hageemak nathi gon wasso.
      happy Tamil new year for u too.......

      Delete
    3. තොපිට වඩා අපි රටට ජාතියට විතරක් නෙමෙයි හින්ගල අකුරටත් ආදරෙයි. තොට හරියට හින්ගලෙන් ටයිප් කර ගන්නවත් බැරි පොල් මෝලෙක් නේ යකො තෝ.. අපි කොල්ලෝ කෙල්ලෝ හින්ගලෙන් බ්ලොග් ලියන්නවත් පොළබනවා. තෝ මොන රෙද්දක්ද කරලා තියෙන්නේ. තොපි දන්නේ ගොන් හරක් මැටි මෝල් කොමෙන්ට් දාන්න විතරයි. ඒකත් හින්ගලෙන් කොටා ගන්න බෑ..

      Delete
  25. /*මේ අළුත් අවුරුද්දද එසේමය. එයද දෙමළාගේය*/

    මාතලන් මේක හරිද? ටීවි කයිවාරුවකින් හරි පොත පතකින් හරි මම දැන ගත්ත විදියට, සිංහල අලුත් අවුරුද්ද කියල එකක් (ඉස්සර )රජ කලෙ ඉඳල තිබිල තියනවා, පසුව ලංකාවෙ දෙමල අයත් එකතු උනා කියල තමයි මම හිතන් හිටියෙ.

    ඉන්දියාවෙත් අප්‍රෙල් මාසෙම අලුත් අවුරුද්ද වගෙ උත්සව තියන වා කියල දැන ගන්න ලැබුන, ඔහු නම් කිව්වෙ එක හින්දු චාරිත්‍රයක් මිසක් දෙමල (දකුණු ඉන්දීය ) චාරිත්‍රයක් නෙවෙයි කියල. තව නේපෝල් අයත් මේ කාලෙටම අලුත් අවුරුද්ද සමරනවා.

    අපි නම් ඉතින් සූරියප්පෙරුමල හසන්තල වගෙ ඉතිහාස කාරයෝ නෙවෙයිනෙ, අහල තියන විදියට ප්‍රදන වශයෙන් අස්වනු ගෙට ගෙන එම සහ අලුත් සහල් මන්ගල්ලය කියන දෙවල් තුලින් සිංහල අලුත් අවුරුද්ද කියන එක හැදුන කියල තමයි හිතන් හිටියෙ.

    බැරිද පොඩ්ඩක් හොයල බලන්න සීන් එක?

    එහෙනම් සු.අ.අ.වෙ. (මෙක මෙ අලුත් තාලෙලු, අනෙ මන්ද )

    -ප.ගෝ.

    ReplyDelete
    Replies
    1. පහල තියෙන සරත් ලංකාප්‍රියගේ කොමෙන්ටුව කියවන්න..

      සු.අ.අ.වේ.....!!!

      Delete
  26. එහෙනම් මේකත් බලපල්ලකො
    http://dahamdanaya73.blogspot.it/2013/04/14.html

    ReplyDelete
    Replies
    1. සුරංගනා කතා විතරක්ම කියවන්න එපා..

      Delete
  27. අලුත් අවුරුද්ද "සිංහල හා හින්දු" කියලනෙ කියන්නෙ. ඒත් සිංහල කියන්නෙ ජාතියක්. හින්දු කියන්නෙ ආගමක්. සිංහල කිව්වට කතෝලිකයො අවුරුද්ද සමරන්නෙ ජනවාරි පළමුවැනිදා. හින්දු කිව්වට උතුරු ඉන්දියාවෙ හින්දු භක්තිකයො අප්‍රේල් මාසෙ අලුත් අවුරුද්ද සමරන්නෙ නෑ. ඕකට හරි නමක් හොයාගන්න බැරි වෙයි මං හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. හරි නම දාලා ඉවරයි..."සිංහළ අළුත් අවුරුද්ද..."

      Delete
  28. මේ සිංහල අලුත් අවුරුද්දය අපේය.දෙමළා ගේ නොවේ. දෙමළ චාරිත්‍ර ද අපට වඩා වෙනස්ය. එක් උදාහරණයක් දෙන්නම්. අපට අද උදේ 7.37 ට නව අවුරුද්ද උදාවුව ද දෙමළ නවඅවුරුදු උදාව සිදුවූයේ උදේ 6.11 ටය. අපේ අවුරුදු චාරිත්‍ර බොහොමයක් දෙමළ අවුරුද්ද තුල නැත.හීනමානය පැත්තක තබන්න.මේ අපගේ ම උත්සවයෙකි.
    (සිංහලයාට සිංහලයා කියන්නාක් මෙන් දෙමළාට දෙමළා යයි කියන්නේ අපහාසයට නොවේ.)

    ReplyDelete
    Replies
    1. අපේ අය ඔය වැඩේට නම් මාර දස්සයෝ. ඔය නානසාරලා එහෙම බුද්ධාගමටත් අපේම කරගෙන තියෙන්නේ..

      Delete
  29. සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  30. අළුත් අවුරුද්ද විතරක් නෙවෙයි අපේය කියන බොහොම දේවල් පොදුවේ දකුණු/නැගෙනහිර ආසියාවෙ පොදු දේ. බුදුන්වහසේ ඉන්දියාවෙ(අද නේපාලයේ ) උපන්නේ. ජීවත් උනේ. සිංහල බුද්ධාගම කොහෙන්ද ආවෙ ? සීයට අනූනමයක් අපේ රටේ සිංහල මිනිස්සු වඳින දෙවිවරු ඉන්දියානු දෙවිවරුන්.. ඒ අයත් අපේ කරගෙන දේවාලත් සිංහල කරලා.
    අළුත් අවුරුද්ද ගමුකො. එදාට හින්දු ජාතිකයින් විතරක් නෙවෙයි බෙංගාල ජාතිකයොත් තව බොහොමයක් ඉන්දියානු ජාතිකයොත් සමරනවා. ඔය නැකැත් හැදෙන්නෙ ඉන්දියානු කැලැන්ඩරේ හැටියට. තායිලන්තෙ ඒකට කියන්නෙ සෝංක්‍රාන්ත් (සංක්‍රාන්තිය ?) අනුන්ගෙ දේවල් අපේ කරගෙන එව්ව නිසා අනුන් එක්ක වාද භේද ආරවුල් ඇති කරගන්න සිංහලයා හරිම දක්ෂයි.. අපි අතිරස කියනකොට දමිල අය අදීරසම් කියනවා. ඉඳිඅප්පම් අපිට ඉඳි ආප්ප.. ආප්ප තමයි අප්පම්.. සුද්දගෙ කලිසම කමිසෙ ඇඳන් ඉන්නෙ නැත්නම් දෙමල මනුස්සයගෙ වේට්ටිය බැනියමට අපේ කියනවා.
    ඉලව්ව. මනුස්සයො ඔක්කොම එකයි.. හෙළුවෙන් ඉපදිල ලෝකෙටම අයිතිවාසිකම් කියල පණුවන්ට ජීර්ණවෙන අපි...

    ReplyDelete
    Replies
    1. මේ දේවල් බොහෝ බක පන්ඩිතයොත් දන්නේ නෑ. යුරෝපේ පැත්තේ ගිහින් ආපු එකෙකුට. නුවර රජ මාළිගාව පෙන්නන කොට කොහොම ලැජ්ජාවක්ද ඇති වෙන්නේ කියලා. ළිං මැඩියෙකුට කවදා පහදා දෙන්නද ආයිබෝවන්ඩ...

      Delete
    2. දැන් ඔය කියන කතාව හරි කියමුකෝ. ඉතින් අගමුල හොයන්න යන්නේ නැතුව දෙමළු එක්ක අවුරුදු සැමරුවා නම් ඉවරයිනේ.

      Delete
    3. සරත් එක්ක හාත් එකගයි. හැබෑට තනිකර අපේම කියලා දෙයක් තියෙනවද මාතලං? අඩුගානෙ භාෂාවවත්...?

      Delete
    4. දැන් නම් ඔය වල්ල පට්ට ආතල් වගේ අළුත් කොල්ලෝ හදාපු අපේම ටිකක් තියෙනවා. අනික්වා සඟිස්කුරුත පාළි නේ...

      Delete
    5. මම දැක්කා මගේ බංග්ලාදේශ මිතුරෙකුත් එයාලගේ නව වසරකට සුබ පැතුම් දාලා තියෙනවා

      Delete
  31. කොහොමත් ඔය අලුත් අවුරුද්ද කියන දේ ඈත ඉතිහාසේ ඉඳන් පැවතගෙන ආපු ඉපැරණි පුරාන චාරිත්‍රයක් නෙමේ. මේ කරන්නේ හිරු දෙවියන් පිදීමක්.මේක මේ මෑත ඉතිහාසෙක පටන් ගත්තු දෙයක්. සමහර විට මාතලන් හරි ඇති. මුල ඉඳන් දෙමල අය මේ වගේ උත්සවයක් ගන්න ඇති.අපි ඉතින් ඉතිහාස විශාරද ල නෙමේ නේ.කොහොම හරි ඉතින් කමක් නෑ. අමුඩේ ඇරෙන්න අනිත් හැම දේම අන්‍ය ජාතීන ගෙන අපිට ලැබිල තියෙන එකේ අවුරුද්දත් එහෙම උනාට අවුලක් නැ. ඔය සමහරු තම තමන්ගේ කියල ලොකුවට පාරම්බාන බුද්ධාගම ත් ඉතින් අපිට ලැබීල තියෙන්නේ ඉන්දියාවෙන් නේ. තව වෙන මොන කතාද...ඉතින් මාතල්න්ට ත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. විජය ආදීන්ගෙන් අපි පැවතෙන බැවින් අපි බොහොමයකුත් ඉන්දියාවෙන් ආපු අයම තමා

      Delete
    2. තව ටික කාළෙකින් කියයි පිච්ච මල් පූජාවත්, බුදුන් දෙසු නිවන් දැකීමට කළ හැකි මහා පුණ්‍යකරුමයක් කියාලා....

      Delete
  32. එහෙනං මාතලංටත්, මාතලංගේම නොවන සුභ අලුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  33. අපිට මොකුත් නෑ; අපිට මොකුත් බෑ, මේ හීනමානී අදහස් තිබෙණා තුරු අපට ජාතියක් ලෙස දියුණු විය නොහැක. අවාසනාවට අප රට බහුතරයක ගේ ආකල්ප මෙසේය.
    බුදුදහම භාරතයෙන් ලද බව සැබැයි. නමුත් බුදුදහම උපන් දේශයේ වත් නොරැකුන මුත් එය අද දක්වා රැක ගැනීමට අපි සමත්වීමු.(දුටුගැමුණු රජුවිසින් වසර 44 ක් එළාර පාලනය අවසන් නොකරන්නට, මෙරට සිංහල ජාතියක් හෝ බුදුදහමක් ඉතිරි නොවන්නට ඉඩ තිබිණි,වළගම්බා, විජයබාහු ආදී සියලල්ලන් ද එසේමය).ථෙරවාදී බුදුදහමට අපට ඇති අයිතිවාසිකම නම එයයි.
    දැන් නැවත මාර්තෘකාවට එමු.
    අතීතයේ සිටම විවිධ දැනුම් පද්ධති නිර්මාණය වූයේ මිනිසා විසින් ස්වාභාවධර්මය තේරුම් ගැනීමට කළ උත්සාහයයේ ප්‍රතිපලයක් ලෙසයි. ජ්‍යෙතිශය ද එවන් පැරණි දැනුම් පද්ධතියකි. ඉර, හඳ, තරු වල හැසිරීම් විස්තර කරන මේ දැනුම් පද්ධතිය අනුව “වර්ශය“ යන්න බිහිවිය. එය අපට දෙමළයින් ගෙන් ම ලැබුණේ යයි කීමට ඇත් සාධක මොනවාද? භාරතයෙන් ස්වායත්තව මේ දැනුම් පද්ධතිය මෙහි බිහිවූවක් බවට බොහෝ විද්වතුන් කරුණු දක්වා ඇත. අනෙක් අතට සිංහල අලුත් අවුරුද්දේ චාරිත්‍ර සහ දෙමළ අවුරුද්දේ චාරිත්‍ර බොහෝ වෙනස්ය. තමන් ගඅන සෑම විටම අවකත්සේරුවෙන් කල්පනා කිරීම ද එක්තරා උන්මාදයකි.
    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ දෑ අපේ කර ගැනීම වෙනම දෙයකි. එහෙත් මෙය අපේ යැයී කීම මළම මළ විකාරයකි. සියල්ලෝම එසේ කියන්නේද නැත. මේ පෝස්ටුව එවන් ගොන් බූරූවන් වෙනුවෙන් පමණි.

      සුභ නව වසරක් වේවා.....!!!
      ජය ශ්‍රී....!!!

      Delete
  34. මා දන්න තරමින ඉන්දියාවේ මේ උත්සවය (14 දා අවුරුද්ද ) සමරන්නේ , බටහිර බෙංගාලයේ සහ කේරලයේ පමණි . අතීත සාහිත්‍යමය මූලාශ්‍ර අනුවත් , ජාන පර්යේෂණ අනුවත් , සිංහල ජාතිකයන් සහ බෙංගාලි ජාතිකයින් අතර සබඳතාවක් දක්නට ලැබේ , එනිසා මෙය "දෙමලුන්ගේ අවුරුද්ද" ම නොවේ යැයි මා සිතමි . අනෙක් අතින් දෙමලුන්ගේ අවුරුද්ද වුවත් වර්ථමාන (අප දන්න තරම් ඉතිහාසයේ ) මේය සිංහල ජාතිකයින් විසිනුත් සමරන උත්සවයක් හෙයින් ,සිංහල අලුත් අවුද්දක් යැයි කීමේද වරදක් නැත ,

    විවිධ ශිෂ්ටාචාරයන් අතර හුවමාරු වූ දැ බොහෝය , ඒවා මුල් ස්වරූපයෙන් විකාශනය වී ආවේනික නවමු ස්වරූපයක් ගන්නා අවස්ථාද එමටය ( කොටින්ම ඔපන් සෝස් වගේය ) , ගැටලුව ඇත්තේ එසේ මිශ්‍ර වූ ඉතිහාසයන්/සංස්කෘතින් මත්තේ යැපෙමින් "මගේ එක තොගේ එකට වඩා ලොකුයි....! " තර්ක කිරීමේය

    මාතලන්ටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් (දෙමල / සිංහල /බෙංගාලි/මලයාලම්/තායි /නේපාල් ) :D

    ReplyDelete
    Replies
    1. එසේම වේවා... සුබ අනාගතයක්....!!!

      Delete
  35. හැබෑටම අපිට අපිටම කියල මුකුත්ම නැද්ද?

    මාතලන් සර්ගේ සිත තුටින් බරවන පැතු පැතුම් ඉටුවන ඔක්කම වැඩ ටික එළකිරි වගේ ගොඩ යන ෂුබ දෙමළ සිංහල අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. සිංහලයටම කියලා ටිකකුත් තියෙනවා.. ඒවා මේ අළුත් අවුරුද්දේ මතක කරන එක හොඳ නෑ...

      Delete
  36. මාතලන් ඇතුළු පවුලේ හැමටම මේ අලුත් අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වේවා...!

    අර පවුලට නම් හැමදාම අවුරුදුනේ..:D

    ReplyDelete
  37. Maathalange MarayaApril 15, 2014 at 4:12 AM

    mathalan wan gossa.
    kanna poriya
    kiri katiya
    palan koka
    panna potiya

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං උඹටත් සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!

      මේවාට නම් සිංහල බෙහෙත්ද නොමැත...

      Delete
  38. "ඔබ කිසියම් හෝ කරුණකින් මානසිකව පීඩා විඳින්නෙක්ද? නොමිලේ උපදෙස් සඳහා... අමතන්න 1333"
    ------------
    මාතලන් සේම ඔබත් තමන්ගේ ජාතිය ආගම ගැන හීන මානෙන් පෙලෙන මානසික රෝගියෙක්ද ?
    එසේ නම් ඔබත් 1333 අමතන්න.
    -ජය ශ්‍රී-

    ReplyDelete
    Replies
    1. හීනමානයක් ඇති වීමට මා ජාතියක් හෝ ආගමක් කර තබා ගෙන යන්නකු විය යුතුය. මාතලන් එහෙම උන්මත්තකයකු නොවේ.

      Delete
  39. මාතලන්ටත්, සිංහලයාටත් දෙමලාටත් අපි හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  40. හැම මාසයක් සතියක් ගානෙම සමරන්නට අටෝ රාශියක් උත්සව ඇති ඉන්දියානුවා මේ දවස එච්චර ගණන් ගන්නේ නැහැ . හැම දේම හුවමාරු වෙලා තමයි ලෝකය බෝලයක් වෙලා තියෙන්නේ :D . මේක කොහෙන් පටන් ගත්තාද මන්දා . නමුත් තායි , කාම්බෝජියා ලාඕස්, මියන්මාර් අපි වගේම තදින් සමරනවා . සිරිත් පොඩ්ඩක් එහා මෙහා වුනාට . . උදාහරණෙකට තායිලන්තේ බුදු පිළිම සෝදලා ඊට පස්සේ හැමෝම පාරට බැහැලා නා ගන්නවා. මියන්මාර් වල අපි කිරි උතුරවනවා වගේ වතුර එකක් උණු වෙද්දී හාල් පිටි ගුලි දානවා. . ඒ පිටි ගුලි උඩට ඒම තමයි කිරි උතුරා යාම වගේ සුබ යයි සලකන්නේ .ඔය හැම රටේම අපේ වගේම කෑම ජාති හැදීම., දෙමාපියන් බැහැ දැකීම ,පන්සල් යාම ආදිය වෙනවා. එක පාරක් මෙහෙ ගැහැණු ටික එක්කහු වෙලා හැම රටේම ඕක කෙරෙන විදිහ එක්කහු කරලා පොඩි උත්සවයක් කළා . පුදුමෙකට වාගේ නේපාලයේත් මෙය සමරන බව ඔවුන් කිවා . බුවා කිවාඅ වගේ බෙංගාලයේ උදවිය තමයි ඉන්දියානුවන් අතරින් මෙය වැඩිය ගණන් ගන්නේ . දකුණු ඉන්දියානු දෙමල ජනයා එඡ්ච්ර මේක ගණන් ගන්නේ නැහැ . ලංකාවේ දෙගොල්ල අඩු ගානේ මරා නොගෙන මේක වත් සමරන එක ලොකු දෙයක් .
    කොයිදේත් මුල හොයාගෙන හොයාගෙන ගියොත් ඉතින් මානව ඉතිහාසය පුරාම හැමදේම මිශ්‍ර වෙලා . අවුරුදු කැවිලි ගත්තොත් එව්වත් හුඟක්. එහෙන් මෙහෙන් අරන් දේශීය කරණය කල ඒවා. මම නම් දකින්නේ ඒක තමයි ලෝකයේ ලස්සන. මේ කොයි අවුරුදු වලත් මුලික හරය ස්වභාව ධර්මයට කළගුණ සැලකීම කියලයි මට හිතෙන්නේ . ඊට අමතරව කෘෂිකාර්මික රටවල අස්වනු නෙලීමෙන් පසු විනෝද වෙන්නත් වගා සමයේ මග හැරුණු යුතුකම් ඉටුකරන්නත් මේ කාලය ඔවුන්ට වැදගත් . මේ කලාපයේ සමරන චීන අවුරුද්දත් එහෙමයි. හැමදාම එක වගේ ගෙවෙන ජීවිතේට අලුත් වීමක්. හැබැයි ඒ කාලේ සිරිත් එහෙම්මම අදට ගැලපෙන්නේ නැහැ . අපිට අවුරුදු කන්න මෙහෙ ආණ්ඩුවෙන් නිවාඩු දෙන්නේ නැති නිසා ඔය නැකත් එහෙම නොබලා උදේම කිරිබත් කාලා අපේ වැඩ කටයුතු කරගෙන ගියා .
    සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. බින්දි හරි... මම මේකේ ළොකු පෝස්ට් එකක් නොලිව්වේ, රූපවාහිනියට ආපු මහාචාරය බූරුවෙක් කියපු කතාවක් දැකලා. ඌ කියනවා ඉන්දියාව දේවල් පුරුදු උනේ අපෙන් කියලා. ඒ වගේම තව ගොන්නු ටිකක් ඉන්නවා. මේක තරම් ජාතියක් ළොවෙත් නෑ කියලා හිතාන ඉන්න.. මේක ලිව්වේ උන්ට...

      Delete
  41. ඒකනේ අපි කිසිම පුරාවිද්යාත්මක සාදකයක් නොතිබුණත් ඉන්දියාවෙ වාල්මිකී ගොතපු කතාවකින් ගත්ත රාවණා සහ දඩුමොනරෙ අපේම කියල අල්ලගෙන ඉන්නෙ.

    මේ ....ගුටි කන්න වෙයිද? ඒත් රාවණා බලේට අර බොඩු බලේට තරම් තග් සේනාවක් නෑ නේ?

    ReplyDelete
    Replies
    1. ඒකේ ඉන්නේ නොම්මර එකේ ගොබ්බයෝ සෙට් එකක්...

      Delete
  42. මාතලන් ඇතුලු පවුලේ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වෙවා !

    ReplyDelete
  43. කරුණා කරලා දෙමල කියන එකට අර්ථ දැක්වීමක් දෙනවද
    ඒ වගේම දෙමල කියන දේවල් ඔක්කොම ඒ මිනිස්සු හෝමෝ ඉරෙක්ටස් කාලෙ ඉඳන්ම කරපු දේවල්ද
    ජගත් පතිරන

    ReplyDelete
    Replies
    1. ජුරාසික් යුගේ ඉඳලලු එන්නේ. ඒක රාවණා යුගය තරම් පරන නෑලූ...

      Delete
  44. උඹ පුලුවන්නම් තෙලිඟු චිත්‍රපටියක් බලපන් දෙමල කියලා හිතන ඔක්කොම තෙලිඟු
    ජගත් පතිරන

    ReplyDelete
    Replies
    1. ඒත් සිංහල නෙමෙයිනේ..

      Delete
  45. දෙමල බාශාවේ සංස්කෘත බාශාවෙන් හිඟා කාපු වචන ඉවත්කලාම දෙමල බාශාව වැදි බාශාවටත් අන්තයි බං

    ReplyDelete
  46. මෙ වෙස දෙසපාලක්යො දෙකට බෙදෙන තැනට ගෙනත් කරපු විනසයක් මිස මම නම් තාමත් හරිම කැමති ජාතියක් දෙමල.උන් කෙලින් මිනිස්සු.-රි තම්බි වගෙ නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. තම්බිත් අහිංසක විදියට උන්නේ. දැන් නම් අපේම ගොන් හරක්ගේ පිහිටෙන් උන් මේකත් සවුදියක් කරන්න යන්නේ.

      Delete
  47. දෙමෙල්ලු කියලා ජාතියක් නවැත අපි හැමෝම ඒකීය පුද්ගලයන් වෙමු
    ඒ නිසා මේක සිං හල අවුරුද්දවත් දෙමල අවුරුද්දවත් සිංහල දෙමල අවුරුද්දවත් නොව ඒකීය පුද්ගල අවුරුද්දකි
    ජාති වාදෙ අවුස්සන්න එපා හු...

    ReplyDelete
    Replies
    1. උඹ ඇවිස්සෙන්නේ නැතිව ඉඳපන් හුත්තෝ...

      Delete
    2. ඒකීය මොකක් කිව්වා ??? හුකෑස් ,,

      අඩේ ඇහුවමයි බං !! ඩයරියෙත් ලියාගත්තා .. ස්තූතියි දැනුවත් කරාට .: D

      Delete
  48. හැපී දෙමල අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
  49. බක් මහේ සමරනු ලබන අවුරුද්ද දෙමළ නම්, වතුකරයේ දෙමළුන් එය සමරන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. බැංගලෝරයේත් දෙමළුන් ඉන්නවා කියා අහලා තියෙනවාද...?

      Delete
    2. දෙමළු විතරක් නෙමෙයි, බැංගලෝරයේ මුස්ලිම් අයත් ඉන්නවා. බැංගලෝරයේ විතරක් නෙමෙයි, නව දිල්ලියේත් දෙමළු ඉන්නවා. සංඛ්‍යාත්මකව ගත්තොත්, බැංගලෝරයට වඩා නව දිල්ලියේ දෙමළු ඉන්නවා.

      කර්නාටකය සහ තමිල්නාඩුව අතර පොදු මායිමක් තිබිය දී (මෙම පොදු මායිමේ සිට බැංගලෝරයට දුර හැතැක්ම විසි පහකට වඩා නැහැ.) කර්නාටකයේ ජන ගහනයෙන් සීයට පහක් හයක් දෙමළ වීම අරුමයක් නෙමෙයි.

      නමුත් මේ මතුපිට කාරණා වලින් ටිකක් ඔබ්බට ගිහින්, බැංගලෝර් දෙමළ ජනගහනය දිහා ටිකක් විශ්ලේෂණාත්මකව බැලුවොත් පේනවා බැංගලෝර් දෙමළ ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් තිගලයන් බව. යාපනයේ දෙමළුන්ගෙන් සෑහෙන පිරිසන් වෙල්ලාලයන් වීම, යාපනයේ දෙමළ ජනගහය ඇති වීම ගැන කරුණු හෙළිදරව් කරනවා වගේ, බැංගලෝරයේ දෙමළුන් ගෙන් සෑහෙන පිරිසක් තිගලයන් වීම, බැංගලෝරයේ දෙමළ ජනගහනය ඇති වීම ගැන කරුණු හෙළිදරව් කරනවා.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න