.

.

Apr 25, 2014

පුකේ කෙටූ ටැටූ... - We are sorry Naomi


සමාව ඉල්ලා ඇත සුදු නඕමි ගෙන්,
කරපු පිටුවහල් හරකෙක් උසාවියේ....
ආගමන විගමනේටත් නැති අමාරුවක්,
ටැක්සි කාරයන් ටනේ බොල තියෙන්නේ....


බූරුවෝ කරනවා බල්ලට අයිති වැඩේ
උසාවිය කරයි ඇමතිට අයත් වැඩේ
පැනලා ගිය පසු අස්පයා ඉස්තාලෙන්
වසා දමන්නට දස්සයි හැමදාමත්

මේ සුදු නෝනා බුදු දහමටමයි කැමති,
ඒකයි කොටා ඇත්තේ බුදු හිමි අතක...
ටැක්සි කාරයෝ හරකුන් කිව්ව හැකි,
උසාවියෙත් ඒ වගෙ ගොන්නුද ඉන්නේ...

ආදරේට ගැහුවට බං පපුවේ අතේ,
අප හාසෙටයි කොටන්නේ පච්චයක් පුකේ...
එන හැම සුද්දා සුද්දිගෙ පුක උසාවියේ,
නඩු කාරයා හට පෙන්නා දෙමු වීසා...

- රංචගොඩ ළමයා


පුක යනු කුණුහර්පයක් නොවේ - කකා
පුක යනු ශරීරයට අයත් තවත් අංගයක් පමණි - අම්මා සිරි ලංකාවෙ ගරු අධිකරණය



120 comments:

  1. 1 = puka
    (remeber)?

    ReplyDelete
    Replies
    1. Please check that Naomi's facebook and other social media profiles. I don't see her as a pure admirer of Lord Buddha. But anyway there are lot of travelers from Asian countries are being told to turn back just because immigration officers of western countries don't like our dark skin. This incident is nothing.

      Delete
    2. This incident is nothing for you. but this is a big issue for the country and its tourism industry. Read the comments below.

      Delete
  2. හරියට හරි මාතලන්.... මං හිතාන ඉන්නේ නානසාරුවාගේ පොටෝ එකක් කොටන්ට.... අපේ ගැලවුං කාරයා නෙව!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නෑ නානසාර නම් මේ වගේ දෙයක් කරයි කියලා. පොර ගේම තියෙන්නේ තම්බිත් එක්ක.

      Delete
  3. හරියට හරි මාතලන්. මේ හරක්ට තේරෙන්නේ නැහැ පච්චයට දාන්නේ තම සිත් ගත් හෝ ගරුකරන දේ බව.
    මමත් මේ ගැන පසුගිය ලිපියේ කතාකලා. නොකියවපු අය ගිහින් බලන්න.
    බුදු මේසය

    ReplyDelete
    Replies
    1. හැම ප්‍රශ්නෙකම තුන් පැත්තක් තීනව. ඒ මගෙ පැත්ත, ඔබෙ පැත්ත සහ නිවැරදි පැත්ත.

      මෙයා කියන තරම් උපාසක නෙමෙයි. මේ බලන්න ඉන්නෙ මල් ආසනයක් උඩ ඉඳගෙන් පිළිමෙකට කෝචෝක් එකක් දාන්. ඇත්ත බොදු බැතියක් ඇති කෙනෙක් මෙහෙම කරයි කියල හිතන්න අමාරුයි!

      (ඔත්තුව දුන්නු තිස්ස දොඩංට ස්තූතියි!)

      Delete
    2. ඔව් පැති කිපයක් තියෙන බව නම් හරි.
      ඒත් දැන් ඉන්දික මේ කමෙන්ටුවෙන් අදහස් කරන්නේ, මේ ෆොටෝ එකේ මේ ගැනු කෙනා මේ විදිහට හිටපු නිසා ලංකාවේ කුප්ප හැත්ත එයාට කරපු දේ හරි කියලනම් , ඔබ සහ ඔබට පින්තුරය එවපු මිතුරා සමග සම්පුර්ණයෙන් විරුද්ධයි. ආගමික සංකල්ප මතම සහ එහෙම නොවුනත් හිතන පතන හැම දේ'ටම කොහෙන් හරි ආගම ගාවගන්න ගිහාම තමයි මේ ප්‍රශ්න ඔක්කොම...මේ ගෑණි මෙහෙම නෙමෙයි අතේ පච්චේ පේන විදිහට බුදු පිළිමෙට දණ ගහලා වැඳන් ඉන්න පින්තුරයක් දැම්මත් , ආගමෙන් ඔලුව කුරුවල් වෙලා නම් එක පේන්නෙත් වැරදියට...
      (සමහර විට ඉන්දික මෙය අදහස් නොකලා විය හැකියි. නමුත් ඔබේ ලින්කුවේ තියෙන රුපය දකින බහුතර සිංහල බොදු බැතිමතුන්ට නම් මෙය ගින්නට පිදුරු දැමීමක් වෙනවා, ආයේ දෙකක් නෑ )
      >
      හැමවිටම පච්ච ගහන්නේ තමන් සිත් ගත් හෝ ගරු කරන දෙයක් කියන කළු සිංහලයාගේ අදහසටත් මම එකඟ නෑ . සමහරුන්ගේ පච්ච කෙටිල්ලට නම් මේ කිසිවක් අදාල නෑ , නමුත් ඒක ඊට එහා ගියපු කලාවක්. සමහර රටවල මිනිස්සු සාමුහික විරෝධතා විදිහටත් පච්ච කෙටිම යොදා ගන්නවා. විවිධ ගෝත්‍රික චාරිත්‍ර වගේ තව ගොඩක් දේවල් තියෙනවා.
      >
      කොහොම උනත් මේ ගෑනු කෙනාව රටින් පන්නපු එක ඇතුලේ මුළු ලෝකෙම ඉස්සරහ ලංකාවට ලොකු ලැජ්ජාවක් උනා. අපේ මිනිස්සු තවමත් ඉන්නේ චින්තනයෙන් අවුරුදු සිය ගානක් පිටිපස්සේ...

      Delete
    3. තිලින.

      1. ඔය පින්තූරයෙන් දක්වා ඇත්තෙ 2008 දී ඇය ලංකාවේ විහාරයකදී ගත් පින්තූරයකි. දැනුවත්ව හෝ නොදැනුවත්ව කලද මෙය ආගමික සංකේතයකට කල අපහාසයක් ලෙස දකිමි.

      2. ඇය තමන් බුද්ධාගමට ගෞරවය කරන්නියක් බව විස්වාස කල නොහැකි මට්ටමේ තවත් පින්තූර ඇගේ මූණුපොතෙහි තිබේ. ඒ අනුව මෙම කාන්තාව විලාසිතාවට බුදු පිළිම හඹා යන්නියක මිස සද්භාවයනෙ අදහන කෙනෙකු ලෙස සැලකීම අසීරුය.

      එනිසා බුදුන් සරණ ගිය කියමින් ( හෝ බුදුන්ට ඇති අසීමිත ගෞරවය නිසා පච්ච කොටාගත් බව කියමින් ) ඇය කීවේ බොරු බවත්, මැයද අර මැඩූසාගේ හෝ වෙනත් ග්‍රීක දෙවඟනන්ගේ පච්ච කොටාගත් විළාසිතා අනුකරනය කරන්නියක ලෙස මා අදහස් කිරීම වැරදියැයිත් ඔබ සිතන්නේනම් එයට හේතුව දැන ගැනීමට කැමැත්තෙමි.

      පච්චය නිසා ලංකාවෙන් පිටුවහල් කිරීම - මෙය නිවැරදි නොවේ. එමෙන්ම එය වැරදි පූර්වාදර්ශයක් මෙන්ම අයහපත් ප්‍රතිරූපයක් ඇතිකරන්නක්දෙ වේ. සිදුකලයුතුව තිබුනේ ඇයට ලාංකික සමාජයෙන් එල්ලවියහැකි ප්‍රථිරෝධය පිළිබඳ දැනුවත් කොට අදාල පච්චය ප්‍රදර්ශනය නොකොට ආරක්ෂාකාරීව සංචරනයට මඟ පෙන්වීමය. අවශ්‍යනම් ඇය ගැන වැඩිදුර තොරෞතුරු පසුව සොයා බැලීමද ස්දුකල හැකිව තිබුනි.

      එමෙන්ම මෙහි තවත් පැත්තක් ඇත. එනම් මෙවැනි බටහිර පුදගලයන් පෙරදිග විහාරාරාමවලට පැමින ඒවාට අපහාස වන ලෙස ගත් පින්තූර ප්‍රසිද්ධ කිරීම නිසා බොහෝ පෙරදිග රටවල් මෙවැන්නන් ලෙස බලන්නෙ වපරැසිනි. එය හරියට මුස්ලිම් සංචාරකයන් සහ දකුණු ආසියානු සංචාරකයන් දෙස බටහිරයන් දක්වන ආකල්පයට වෙනස් නොවේ.එමෙන්ම බොදු බලයෙන් චූන්වී සිටින සිංහල බෞද්ධ බහුතරයේ වර්ථමාන එකී ගීනට පැට්‍රල් දමා තිබේ.


      නීත්‍යානුකූල වීසා සහිත, සැබෑ හේතුවකට බටහිරට යන සමහර පෙරදිග සංචාරකයන් කිසිදු හේතුවක් නැතිව අපසු හරව එවන අවස්තා හෝ පීඩාකාරී ප්‍රශ්න කිරීම් වලට ලක්වෙන අවස්තා අනන්තය. එහෙත් ඒවාට කිසිදු රටක මෙලෙස ප්‍රචාරයක් ලබා නොදේ ( ඇමරිකා ගුවන්තොටුපොලක් ශාරුක් ඛාන්ගෙ අතඩංගුවට ගැනීම හැර ) . එනිසා මේ සිදිධියේදී ජන්ත්‍යන්තර මාධ්‍ය සහ විදේශික මිතුරන්ට මා පවසන්නෙ අප කල දේ වැරදි නැති බවයි. නමුත් අපට ඇත්තටම මෙය මීට වඩා හොඳින් නාගන්නෙ නැතිව ගොඩ දා ගැනීමට තිබිනි.

      එනිසයි මා කිවේ මෙම කරුනේ තුන් පැත්තක් ඇති බව.

      Delete
    4. @ ඉන්දික,
      "ආගමික අපහාස කිරීම්" කියන දේ පොදුවේ අපි අර්ථකථනය කරගෙන සිටින ආකාරය වැරදියි කියලා මම හිතනවා. හැමදේම ආගමනුකුලව දකින්න යන එක අවුල් බව මම මම කියන්නෙත් ඒ'නිසා...
      ඉතිං , පුද්ගලිකව මම නම් //මේ සිදිධියේදී ජන්ත්‍යන්තර මාධ්‍ය සහ විදේශික මිතුරන්ට මා පවසන්නෙ අප කල දේ වැරදි නැති බව// කියල පවසන්නේ නෑ. මම ඒ ගැන ලජ්ජා වෙනවා.
      නමුත් ඔබේ කරුණු දැක්වීමට අනුව ඔබ කලින් කමෙන්ටුවෙන් අදහස් කල දේ පැහැදිලියි ඉන්දික. ඒ ගැන මං 100%ක් එකඟයි.
      //සිදුකලයුතුව තිබුනේ ඇයට ලාංකික සමාජයෙන් එල්ලවියහැකි ප්‍රථිරෝධය පිළිබඳ දැනුවත් කොට අදාල පච්චය ප්‍රදර්ශනය නොකොට ආරක්ෂාකාරීව සංචරනයට මඟ පෙන්වීමය. අවශ්‍යනම් ඇය ගැන වැඩිදුර තොරෞතුරු පසුව සොයා බැලීමද ස්දුකල හැකිව තිබුනි.//
      හරියට හරි. කළයුතුව තිබුනේ ඒක...
      >
      ඔබේ මුල් කමෙන්ටුව වැටි තිබුනේ කළු සිංහලයාට පිළිතුරක් ලෙස නිසා මම එය තේරුම් ගත්තු විදිහ වැරදියි. සමාවන්න.
      මොකද කළු සිංහලයාගේ ලිපියේ ඔහු දක්වන අදහසට උදාහරණ ලෙස මුලිකවම දක්වා ඇති රුප පෙළ නිසා ඒ ලිපිය සමග මම එකඟ නෑ . ඒ රුප පෙළ ඉතාම කලාත්මක භාවිතාවක්..(අපහාසයක්ද නැද්ද යන්න තීරණය වන්නේ එම රුප පෙළ කියවාගන්නා විසින් ඊට දෙන අර්ථකථනය මතයි)

      Delete
    5. මකසි, තිලින ඉන්දික
      ‍මේ ‍දෙ‍ගොල්ලම ‍තේරුමක් ඇති උදවිය නෙ‍වේ. පැරා‍ගෙ ලිපිය තමයි මේ ගැන දැක්ක හොඳම ලිපිය.

      http://www.w3lanka.com/2014/04/blog-post_1558.html

      Delete
    6. මෙතන මගේ ගොඩනගන තර්කය නම් උසාවියේ ඉන්නේ මෝඩයොද කියන දේ. සිංහයාට නම් කියන්න තියෙන්නේ දැන් ඔය තම්බි මරාගෙන කන්න හදන් උනුත් අරාබියේ ගිහින් වැඩ කරන්නේ. අනික මට නම් ඒ රූපය අපහාසයක් ලෙස පේන්නේ නෑ.

      Delete
    7. මාතලං. මම තම්බින්ට නෙමෙයි උන්ගෙ මූළධර්මවාදයටයි ව්‍යාප්තවාදයටයි විරුද්ධයි. ඒ එක්කම සුද්දොන්ගෙ වර්ණයට අඩුවෙන් සලකන එකටත් විරුද්ධයි. ඒ එක්කම ලංකාවෙ ආන්ඩුවල ඉහවහ ගිය දූෂනයටත් විරුද්ධ්යි. ඒත් ඒ එකක්වත් මට ලංකාවෙ මිනිහෙක් වෙන එකටවත්, අරාබියෙ රස්සාව කරන එකටවත්, යුරෝපෙ සංචාරය කරන එකටවත් ගැටලුවක් වෙන්නෙ නෑ.

      උඹ මම පෙන්නන රූපෙ දැක්කද කියන්න දන්නෙ නෑ. ෆේස් බුක් එකේ මාරයගෙ ස්ටේටස් එහෙක ඔය රූපෙ දාල තිබ්බ, මම උඹව එතන ටැග් කලා,අන්න බලහන්. මොකද ඒ ගෑණු උන්දැගෙ ෆේස් බුක් පේජ් එක දැන් අපිට බ්ලොක් කරල නිසා මම උඩ දාල තීන ලින්ක් එකට යන්න බෑ.

      ඒ මම කියන පින්තූරෙ ඔය කොල්මන් කියන උපාසිකාව බුදු පිළිමයක් ඉස්සර තියෙන මල් ආසනය උඩට සපත්තුත් දගෙන නැගල, කකුල් උරුක්කු කරන් වාඩිවෙලා, පිළිමෙ ඉරියව්වට අනුව ඉඳන් පින්තූර ගන්න එක මම අනුමත කරන්නෙ නෑ. ඒක මට පේන්නෙ බුදු පිළිමය නම් "බෞද්ධ ආගමික සංකේතයට" කල අපහාසයක් විදියටයි.

      Delete
    8. දැක්කා බන් දැක්කා. දැන් ඕක අහු උනේ මේ මනුස්සයා ගැන ජනමේ ඉඳලා හොයන්න ගිය නිසා නේ. නැත්නම් මේ පින්තූරේ අහුවෙන්නේ නෑ නේ. අනික ඒක අපහාසයක් කියලා මට නම් පේන්නේ නෑ. කොහොමද අපේ උන්ගේ ජන්මේ ඉඳලම හොයන්න ගියෝත් හෙම. මම කියන්නේ මේකයි අපේ එකෙක් බුදු පිලිමයක් තියාගෙන වඳින එකට හිරේ දාන එකත් වැරදියි. පච්චයක් තියෙනවා කියලා ටුවර් එකක් කැන්සල් කරන එකත් වැරදියි.. ඊටත් වඩා එලවලා දාලා "ෂොරී ඈ..." කියන ඔය ඔක්කෝටම වඩා වැරදියි.

      Delete
  4. මාතේ මතකද අර මිස්‍ටර් බීන්ගේ ෆිල්ම් එක .

    ''ජෝන් ඉංගීල්ෂ්ද'' කොහෙද . එහෙම එකක් තිබ්බනං අංදෝ සංසාරේ

    ReplyDelete
    Replies
    1. කාටෙයි බන් කියන්නේ..

      Delete
  5. අර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්ව බුදු සාදුගෙ දහමට අගරු වන ලෙසට....ඔන්න මොනවද හෑල්ලක් කියාගෙන ගියා.....නීතියෙන්ම තියෙනවලු ක්‍රියා කරන්න....
    එතකොට ලංකාව තුලම සිවුරු පොරෝගන ඉන්න කෂඩයෝ කරන පාහර වැඩ වලට කෝ ඒ නීති...
    යුරෝපියන් කලක පටන් බුදු දහමට කලක ඉදල බොහොම ඇල්මක් දක්වනව ...
    ඒ අය අපේ සිවුරු පොරෝගෙන ඉන්න සම හරක් ගනින්නාන්සේල ට වඩා බොහොම ගරු කිරීමක් කරනව බුදු රුවට........
    මේ බුරු පුත්තු ඇත්තටම මනුෂ්‍ය මව් වරුන්ට දාව ඉපදිච්ච එවුන් වෙන්න බැහැ .....
    මේවලින් ලෝකයාට යන පණිවිඩය මොකක්ද මචං අම්මට සිලි ලංකාව ගැන........????

    ReplyDelete
    Replies
    1. පොලිස් මාධ්‍ය ප්‍රකාෂක කියන්නේ ගිරවෙක් නේ බං. එහෙනම් මොන ඉටිගෙඩියටද රජය සමාව අරගෙන තියෙන්නේ.

      Delete
  6. මාතලන් ...පුක යනු කුනුහරුපයක් නොවේ.එය පාරම්පරික ශාස්ත්‍ර හා බලි තොවිල් වලදී යොදාගන්නා ප්‍රධාන නිර්ණායකයන්ගෙන් එකක් ..මම පැහැදිලි කරන්නම්..

    තොවිල් හා මන්ත්‍ර කට‍යුතු වලදී යකදුරන් යක්ෂයන් සමඟ ගනුදෙනු කිරීමේදී අනෙක් භූතාත්ම හා යක්ශයන් වෙන් වෙන්වයොදාගන්නා මූලිකම සාධකය තමයි පුක..යක්කුන්ට පුකක් පිහිටා නැහැ,,

    "පුක නැත්තං යකා" යන සම්මතය සමාජගත වන්නේ ඔය මූලික සිද්ධාන්තය මත පිහිටායි. පැරැන්නන් මෙය දැන සිටියා.. අදද සමාජයේ කවර හෝ හේතුවක් නිසා පුකක් නැත්තකු වේ නම් ඔහු යක්ෂයකු ලෙස සැලකේ.

    මේහි විලෝමය නම් ඇතැම් මනුෂ්‍යයන්ට් පුකක් තිබුනත් එය අදාල ස්තාන‍යේ නොපිහිටා මුඛයට ආදේශකයක් ලෙස පිහිටීමයි..උදාහරණ ඔබ සපයාගන්න..

    මේ අනුව පුක යනු කිසිසේත්ම කුනුහරුපයක් නොව ගරු කල යුතු සාධකයකි ..

    ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. නවතම උදාහරණෙ 'පොලොස් මෝඩ පකාසක' තව උන් ඉන්නවා. එක්කො ඕන්නෑ බං. :)

      Delete
    2. මරු බන්... පුකකට ගියකල....
      රෙන පුකට මොන වැඩද නංගි.... කියලා ඇහුවාලු හන්දියේ පොරක් පද්දන නංගි කෙනෙක් ගෙන්.

      Delete
    3. ඕන පුකක්... පත්තරේ පුක ගැන සාස්ත්‍රීය විග්‍රහය නම් වල්ලාපට්ට..

      Delete
  7. තුති පුතුගෙ තාත්ති ගැන මේ තින්දුව මාමි අදයි ඇහැව්වෙ .....
    http://www.youtube.com/watch?v=5yaYPhuG0QE&feature=em-subs_digest

    ReplyDelete
    Replies
    1. කොස්තාපල් පුන්‍යසෝම ෆිල්ම් එකේ සින්දුවක් මචෝ. තාම ආවේ නෑ..

      Delete
  8. ඕවා තනිකරම බයිල. ටැටූ එකකින් අපහාස කරන්න පුළුවන්නම් ලංකාවේ බොහොමයක් දෙනෙක් දැන් ගහන්න ඉන්න ටැටූ එක මොකක්ද කියලා දන්නවා..ප්‍රශ්නේ තියෙන්නේ කරන්න ඕන මොකක්ද නොකරන්න ඕන මොකක්ද කියලා අපේ එවුන් නොදන්න එක

    ReplyDelete
    Replies
    1. මට තියෙන ප්‍රශ්ණේ උසාවියෙත් ඉන්නේ බූරුවොද කියන එක. මේ මනුස්සයට උසාවියේ කතා කරන්න දීලවත් නෑ. පච්චේ කවර කරගෙන ටුවර් එක යන්න කිව්වා නම් මොන තරම් අගේද?

      Delete
  9. බුද්ධාගමට අයිතිකාරයෝ ඉන්නා බව අපි දන්නවානේ! නේපාලයට royalty ගෙවනවාද නම් දන්නේ නෑ.

    මේ අමන තීන්දුවට විරුද්ධ හැමෝම බුදු රුව අතේ පච්ච් කොටා ගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. එතකොටෙ අපි ලේ දෙන්නේ කෝමද?

      Delete
    2. කාකා ඔබ දුන් පොත් 2 ට ගොඞක් ස්තුතියි. සිවි වසරක් මරදානේ කියවලා ඉවරයි.

      Delete
    3. අපෝ අපිට නම් බෑ. බැරි වෙලාවත් ඔස්ට්‍රේලියාවට එහෙම පිටුවහල් කලොත් හෙම.

      Delete
  10. මෙහෙම සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන්ද? අනික මේකෙන් බුද්ධාගම තලේබාන් මට්ටමට වැටෙනවා.බුද්ධාගම කියන්නෙ නිදහස් දර්ශනයක්.මේ වගෙ ඒව කොහෙ ගහගත්තත් අපට මොකද?බුදු දහම තියෙන්නෙ ටැටූ වලද?තමන්ගෙ සිරුරෙ පච්චයක් විදියට කොටා ගන්නෙ තමන් ආසම දෙයක්නෙ ඉතින් මේ සුද්දි අවංකම බෞද්ධයෙක් වෙන්න බැරිද?
    මේ බොරුවක් නේද කරන්නෙ? ඔය කියන බෞද්ධකමක් මේ රටේ කිසිම කෙනෙකුට තියනවද?
    ඇත්තටම බෞද්ධ දර්ශනය අනුගමනය කරන අය තමන්ගෙ සිත ගැන මිස අනුන්ගෙ පුකේ තියන ටැටූ ගැන මහන්සි වෙනවද?
    බුද්ධාගම මුස්ලිම් පන්නයේ ආග්මක් කර හාමුදුරුවරු මුල්ලාවරු බවට පත් කිරීමෙන් කාලාන්තරයක් තිස්සේ නිදහස් ජීවන රටාවකට හුරුව සිටි ජනතාවට බුද්ධාගම එපා වීමක් සිදුවෙන්නේ නැද්ද?
    ආගම ජ්‍යොතිෂය වැනි මිත්‍යාවන් මහා පරිමානයෙන් සමාජගත කිරීමෙන් වැඩවසම් සමාජ රටාවක් ස්ථාපිත කළ හැකියැයි සමහරු සිතුවත් වර්තමාන හියුණු තාක්ෂණික ලෝකයට එය නොගැලපෙන නිසා අඩුගානෙ උගතුන් අතරවත් ආන්ඩුව අප්‍රසාදයට පත් වීම මෙයින් සිදුවෙනවා නේද

    ඒ ඔක්කෝට්ටම වඩා මේ සිද්ධවෙන දේවල් (නානා සහ නාන සාර නාට්‍ය ඇතුළුව ) නිසා ලංකාව පිස්සන් කොටුවක් ලෙස ලෝක ප්‍රසිද්ධියක් ලබන්නත් බැරි නෑ නේද?
    ඉස්සර ඒ කියන්නෙ සියසස් කිහිපයකට පෙර කතෝලික පල්ලියද යුරෝපයේ මේ වගේ පිස්සු කෙළි අතර එහි ප්‍රතිපලයක් ලෙස පල්ලිය හා ජනතාව අතර සම්බන්ධය බිද වැටුණි.යුරෝපෙයේ ආගම බිද වැටුනේ එහි ප්‍රතිපලයක් ලෙසය.
    මේ පිස්සුව දිගට ගෙනිච්චොත් ලංකාවෙත් ඒක වෙනවා ඒකාන්තය.

    ආගමික මනස්ගාත වලින් මැදපෙරදිග පවා මිදෙමින් තිබෙන යුගයකි මේක.

    ReplyDelete
    Replies
    1. යකා උඹත් එක්ක එකග වෙන්න පුළුවන් කමන්ට් එකක් බං.එකෙන්ම උඹ කියන දේ සම්පුර්ණ ඇත්ත මෙතනදී.

      Delete
    2. අද නම් සිහි කල්පනාවෙන් කොමෙන්ට් කරලා තියෙනවා..

      Delete
    3. යකාගෙ කටේ මසුරන්, නෑ එක්කො කුකුලෙක් දාන්ට වටීන කතාව

      Delete
  11. මේ ගොං හරක් හැමදාම කලේ ඔයවගේ අලුගුත්තේරු වැඩමනේ. අන්තිමට හත්පොලේ ගාගෙන දඟලනවා. ඔහොම බැලුවොත් ඉතින් ලංකාවෙ කෝටි දෙකකට ආසන්න ජනගහනයෙන් බාගයක්වත් පිටුවහල් කරන්න වෙනනා. මොක්ද ගොඩක් අය පපුවෙ, බාහුවේ, වගේ ඔය කොහෙහරි ආගමට සම්බන්ධ පච්ච කොටාගෙන ඉන්න නිසා. මුන්ගෙ මොළ ගෙඩි කවදා පෑදෙයිද මංද.

    ReplyDelete
    Replies
    1. හරියට ගණිතය බෑ නේද ඔයාට?

      Delete
    2. කෝටියක් මිනිස්සු ඇඟේ පච්චකොටං ඉන්නව නම් උදේ හවස අපිට හම්බවෙන්න එපැයි. :D

      Delete
    3. හම්බෙන හම්බෙන එකාගෙ ෂර්ට් එක ගලවන්න කියල පපුව බලන්න.

      Delete
    4. අම්මා බුදු වේවා කියලා ගහන්නේ අම්මට කෙලවෙයන් කියන එකද.?

      Delete
  12. ශීඝ්‍රයෙන් තලේබාන් බුද්ධාගමට ගමනේ..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ බුද්ධාගමයි, ඉස්ලාම් ආගමයි හිතාගන්නත් බැරි වේගයකින් තලේබාන් කරණය වෙමින් තියෙන්නේ.

      Delete
  13. ඒ ගෑනු මනුස්සයාගෙන් පොලිසියේදී පොලිසිය සල්ලි ඉල්ලූ බව ඇය කියා තිබුනි. ආගමට අනුව වැරදි පච්චය ගැසීම පමණක්ද? සැකකරුවන්ගෙන් මුදල් ඉල්ලීම බාගෙදා ත්‍රිපිටකය අනුව හරි ඇති.

    ReplyDelete
    Replies
    1. එහෙම සල්ලි ඉල්ලුවනම් රටක් විදියට මොන විලිලැජ්ජාවක්ද .මොකද ඔය ප්‍රශ්නෙ ආරම්භ වුනෙත් ටැක්සි ඩ්‍රයිවර් එක්ක ඇතිවුන සල්ලි හුටපටේකටලුනෙ.

      Delete
    2. පන්සලේ පින් පෙට්ටියට දාන්න වෙන්න ඇති.

      Delete
  14. පොඩ්ඩක් හිටින් අයියෙ මම බෙල්ලෙ එල්ලන් ඉන්න ධර්ම චක්‍රෙ ගලවලා එනකම්. මේ මුස්පේන්තුවො ටික මාවත් පුකට පයින් ගහලා එළවයි. මුන්ගෙ අම්මා මුත්තා මතක් වෙන්නෙ මේ වෙලාවට තමා.

    ඔය ධර්ම චක්‍ර එල්ලගත්ත පච්ච කොටා ගත්ත උන් තව ඉන්නවානම් ඕන් නොකීවා කියන්න එපා.

    ReplyDelete
    Replies
    1. උඹේ පුකට පයින් ගහන්නත් අඩි පහක් විතර උඩ පනින්න ඕනෙනේ බං. එහෙම බැලුවොත් උඹේ පුකට පයින් ගහන්න වෙන්නෙත් "සර්ජි බුබ්කා" වගේ එකෙකුට තමයි

      Delete
    2. හි… ඒකත් ඇත්ත. ඒ හන්දා බය නෑ එක්කො මෙහෙම්ම ඉන්නවා. :)

      Delete
    3. වෙසක් එකට කෙලින් පිස්සු දැක්කනම් සුද්දි ලංකාවට එන්නේ නෑ..

      Delete
  15. මට හිතුනොත් ගෑනිගේ අරගේ බුදු රුව පච්ච කොටල හරියට ර්‍ශ්‍ර මුඛය අතනම කොටනවා මට නිතරම පේන්න.. උසාවි යන්න වෙයිද?

    ReplyDelete
    Replies
    1. දේශකයා කුල්ටූර් වෙන්න ගිහින් ටිකක් දුර ගියා වැඩියි නේද ? ඔය වචන බොහොම අපහාසාත්මකයි... ආගමික නායකයෙකු ගැන කතා කරනකොට සංයමයක් තියෙන්න ඕනෙ.. ඔහේ මොන විදිහෙ කෙනෙක්ද කියල මේකෙන් පෙනෙනවා.. බුදු රුව පස්ස අපෙත්ත්ගෙ කොටලා ශ්‍රී මුඛය අධෝ මාර්ගයෙ කොටනවා කියන්නෙ බරපතල අපහාසයක්... ඔහෙ අයිති අනිත් අන්තයටයි ඒ අතින් ඔහෙගෙයි ඔය මනුස්සයට අර විදිහට සලකපු උන්ගෙයි වෙනසක් නෑ..

      Delete
    2. මටත් හිතෙන්නේ සැර වැඩියි වගේ. මොකෝ බුදු හාමුදුරුවොන්ට මේවට කරන්න දෙය්ක් නෑ නේ. නඩුකාරයෙක්ගේ පින්තූරයක් කොටහන්. කට එතනට දාලා..

      Delete
    3. Deshakaya is trying to be too modest. :P Lol.

      Delete
    4. දේශකය රසට කතා ලියන නිස හැමෝම මූව උඩ දාන හින්දයි, බීල වැඩිවෙලා ස්නායු මැරිල හින්දයි දැන් ටිකක් විකාර කියවන්න අරන්වගේ!

      Delete
    5. මට පෙනෙන්නෙ දේශකයගෙ කට පිහිටල තියෙන්නෙ පස්ස පැත්තෙ යටම තැන..එකයි ගඳ කතා ලියන්නෙ...

      Delete
  16. හාමුදුරුවරු විතරක් නෙවෙයි ගිහියොත් අකුරටම බුද්ධාගම රකින රටකට එහෙම එන්න දෙන්න පුලුවන්ද පච්ච කොටාගෙන . හොඳ වැඩේ ඔය සුද්දිට , අනික අපේ මැති ඇමැතිවරුත් අඳින්නේ සුදු ඇඳුම් ,ඒ තරම් සිල්වත් ,ආවා මෙතැන පච්ච කොටාගෙන හොඳ වැඩේ .

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අර පන්සල්වලට රෙද්දක් අන්දලා සුද්දෝ යවනවා වගේ, එයාපොට් එකේ ඉඳලම බුර්කා එකක් අන්දලා ඇතුලට ගමු. පච්ච නෙමෙයි ඇස් දෙකවත පේන්නේ නැති වෙන්න.

      Delete
  17. නිතිය පසෙකලා...... රීතිය ක්‍රියාත්මක කිරීමක් මේ......කාටද මන්දා, දොස් කියන්නේ. මේ ප්‍රශ්නය , අපට දෙපැත්තකින් බැලුව හැකියි.... ඔයාම කියන්න අපට නීතිද, රිතිද, වැඩි වැදගත් කමක් තියෙන්නේ, සමාජ පාලනයට. ශ්‍රීලංකා සමාජය හා ජාත්‍යන්තර සමාජය ඇසුරින්.

    ReplyDelete
    Replies
    1. අධිකරණයත් මෝඩයෝ ඉන්න තැනක් කියන එක නේද මේ කියන්නේ.

      Delete
  18. එතකොට අම්මා බුදු වේවා.!කියලා පච්ච කොටන එක.බුදු සරණයි කියලා ගහගෙන හොර හරක් අදින එක.සිවුරු දාගෙන හොරකම් කරන ඒවා හෙම නිත්‍යනුකුලද දන්නේ නැහැ නේද...?

    ReplyDelete
  19. මේකට අදාල ද මන්ද ? ඒත් මට හිතුන දෙයක් ඊයෙ මම නුගේගොඩ හංදිය පැත්තට යනකොට එකෙක් යනවා. අමුවෙන්ම ඇමරිකන් කොඩිය ප්‍රින්ට් කරපු කොට කලිසමක් ඇදලා. එතකොටම මට මතක් වුනේ මේ සිද්ධිය ඇයි ද මන්ද?

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද ඇමරිකන් ජොකා ගහගෙන දාඩිය දාගෙන සෙල්ලං කරන්නේ.. එතකොට කෝමද ගෞරවවේ..

      Delete
    2. හිවල් ඌරුවන්ශද?

      Delete
    3. මචංස්ලා... මුන්ගේ ජාතික කොඩියේ විදිහට මහපු ජොක්කු, ජංගි එහෙම විකුණන්න තියෙනවානේ බන් මේ රටවල.

      Delete
    4. අරූ කිව්වා වගේ ජාතික කොඩිය සෙරෙප්පුවෙත් තියෙනවා. ඒත් ජාතික ගීය යන වෙලාවට ඒකට අපේ උන්ට වඩා නියමෙටම ගරු කරනවා. අපේ තියෙන්නේ තනිකර බොරුව. වෙසක් එකට කෙලින් පිස්සු ටික තව ටික දවසකින් බලා ගන්න බැරිය.

      Delete
  20. මේ පච්ච කෙටිල්ල නම් අපිට හිතට එකගව අනුමත කරන්න බෑ...................

    සමහර සංවාදයන් ගැනත් මේ විදිහේ ම චෝදනාවක් තියෙනවා. ඒත් ඒක එයාලාගේ අයිතිය. මේක අපේ අයිතිය......

    ReplyDelete
    Replies
    1. අදහස කෙලින්ම කියපු එක අගය කරනවා..

      Delete
  21. හිවල් ඌරුවන්ශද?

    ReplyDelete
  22. ඔසාමා බින් ලාඩන් ගේ පච්චයක් කොටාගෙන සුද්දො ඉන්න රටකට පලයන්

    ReplyDelete
    Replies
    1. අන්න එතනනෙ අවුල… තමන් ගරු කරන රූපෙ අතේ ගහපු එකාට කෙළෙවුවා… අගෞරව කරන්න පුකේ නෙමේ අහවල් එකේ ගහන් ආවත් අවුලක් නෑ… ඇයි අපිට පේන්නෑනෙ. "පේන්නැති බොක්කෙ කොච්චර දඬ මස් තිබ්බත්, පේන හක්කෙ බුදුරැස්" නම් නෝ අවුල්.

      හැක් හැක්. :)

      Delete
    2. පේන්නේ නැත්නම් කොහොමද අගෙෳරවයක් වෙන්නේ

      Delete
    3. උඹ පලයන්, ගිහින් කියහන් මොකෝ උනේ කියලා..

      Delete
  23. තමන් දැනට අදහන/අනුගමනය කරන/ පිළිපදින/විශ්වාස කරන ආගම් ලබ්ධියට අයත් නොවන, වෙනත් ආගම් කර්තෘ වරයකුගේ රූපයක්, පච්ච කොටාගෙන ඉන්න පිරිස ඉතාම අල්පයි කියලයි මම හිතන්නේ. ශරීරාලංකරණයක් ලෙස එහෙම කරනවානම්, එය අනුමත කරන්න අමාරුයි. එයින් ඒ රූපය අයත් ආගම අදහන අයට යම් සිත් වේදනාවක් ඇතිවීමට ඉඩ තිබෙන නිසා. මෙහිදී කලයුත්තේ පිටුවහල් කිරීම නෙවෙයි. කරුණු පැහැදිළි කරදීමක් පමණයි. පෙරදිග බොහොමයක් රටවල තම ආගමට අපහාස වීම/කිරීම පිළිබඳව සංකීර්ණ අර්ථකථන තියනවා නේද?

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ නෑ වෙනත් ආගමකට අපහාස කරන්න පච්චයක් අතක පපුවක කොටයි කියලා. එහෙම නම් කොටන්නේ පස්ස පැත්තේ නේ. අනික තමන් කැමති දෙයක් කරන්න ඕනම පුද්ගලයකුට නිදහස තියෙන්න ඕන. මම කැමති නම් කුරුසයක් කරේ දාගෙන යන එක. ඒ ආගමට කරන අපහාසයක්ද? ජේසුගේ පච්ච්යක කොටන එක අපහාසයක්ද? ඇදහුවේ නැති උනාට. ජේසූ කියන "මනුස්සයාට" මම බොහෝම කැමතියි.

      Delete
  24. වෙලාවට බුදු සාධු පිරිනිවන් පෑවේ ඒ කාලේම...මේ දවස් වල වැඩ හිටියානම් සිරීපාදේ ෆුට් ෆ්‍රින්ට් තියන්න ඇවිත් පාස්පොර්ට් එකේ බුදු පොටෝ ගහගෙන කියලා ඇරෙස්ට් කරාම පතුල තියන්න වෙන්නේ මිරිහානේ...

    ReplyDelete
  25. Replies
    1. මාත් දන්නෙ නෑ අප්පා...

      Delete
  26. නානසාරගේ පොටෝ එකක් අටමගෙන් ඉල්ලගන්න ඕනෑ පුකේ කොටාගන්න.

    ReplyDelete
    Replies
    1. පචචේ කට අතෙන්ට ගානට සෙට් කරපං මචෝ....

      Delete
    2. මචං පල්ලියක ෆාදර් කෙනෙක් පුක දෙපැත්තේ පච්චයක් කොටාගෙන ඉන්නවාලු GOD IS COMING---ARE YOU READY ? කියලා. (මට යාළුවෙක් කිව්වේ. ආගමික පොලිස් කඩා පනින්න එපා ප්ලීස් )

      Delete
    3. හැල‍පෙ,
      වැරදිලාවත් හිරේයාවි කියල ‍හි‍තෙනව නං ඔය ‍මෝඩ වැඩේ කරන්න එපා

      Delete
    4. GOD IS COMING---ARE YOU READY ?

      ඒක තියෙන්නේ මම අර කලින් කියාපු ෆිල්ම එකේ

      Delete
    5. ඇත්තටම අටමෝ ඔය කියන පච්චේ පුක දෙපැත්තේ කොටපු ෆාදර් කෙනෙක් ඒ ෆිල්ම් එකේ ඉන්නවාද?

      Delete
    6. මම හිතන්නේ නෑ නානසාර මේ වගේ හරක් වැඩක් කරයි කියලා. පොට ගේම තියෙන්නේ තම්බිත් එක්ක.

      Delete
  27. අනේ අනේ..
    මේ අැරඹී අැත්තෙත් පුනරුදයයි..
    හෙට දින..
    මහා රුධිර ගංගාවකින් පුනරුදය පෝෂණය කරනු අැත..හැක්..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. සම හරක් කියනවා නේ ආගමෙම තියෙනවා කියලා මෙහෙම කාළයක් එනවා කියලා..

      Delete
  28. මීට ඉස්සෙල්ලාත් මෙහෙම වැඩක්වුනා නේද? අපේ යක්කු හැම දෙයක්ම අල්ලගන්නේ වැරදි තැනින්. මේවාට හිනාවෙනවද අඬනවාද කියලා හිතාගන්න බැහැ බන්.
    ලංකාවට විසිට් එකක් දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා දුවගේ යුනිවසිටි එකේ කොල්ලො කෙල්ලො සෙට් එකක්. උන්ගෙත් ඇඟවල්වල පච්ච තියෙනවා. ලංකාව අනුමත කරන පච්ච ලිස්ට් එකක් තියෙනවානම් එවන්න කියලා එකෙක් මට ඊමේල් එකක් එවලා. ඌ සිරාවට අහන්නේ. මට ලැජ්ජාවේ බෑ ඕයි මේවාට උත්තර දෙන්න ගියාම. අනික බන් ඌ කියනවා උගේ ටැටූස් ඔක්කොම පර්මනන්ට් ටැටූස්ලු. ඌ හෙන සීරියස් අහන්නේ. බයවෙලාද කොහෙද? ඕන් බලපන්. මම දුවට බැන්නා මොකටද පෙන්නුවේ මේ නිව්ස් එක කියලා. මොකක්ද මගුලක තිබුනාලු.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ අරූ අයියා, මටත් ඔයිට සමාන වැඩක් උනා.
      මම මේ දවස් වල ඉන්නේ ලන්ඩන් නගරයේ. මගේ අයියා කෙනෙක් ලංකාවේ ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් විදිහට ජොබ් එක කරන්නේ. ඉතින් මගේ වැඩ අතරේ මිනිහටත් උදව්වක් විදිහට මෙහෙ ඉන්න සංචාරයට කැමති අයව මිනිහට සෙට් කරලා දෙනවා..
      එහෙම ලංකාවේ ටුවර් එකකට යන්න කැමැත්තෙන් හිටපු පවුල් දෙකක් මේ නිවුස් එක නිසා ගමන නැවැත්තුවා. එක පවුලක් ටිකට්ස් හිටං බුක් කරලා තිබුනේ...
      අනික මම මෙහෙ ගෙවන්නේ පුද්ගලික ජිවිතක් උනාට මම කරන වැඩ වලින් නියෝජනය වෙන්නේ අපේ රට.. මට නං ලැජ්ජාවේ බෑ...

      Delete
    2. @ තිලින......මම ඔය වගේ සිද්ධීන්ට හරියට මුහුණ දීලා තියෙනවා අපේ ගොබ්බ වැඩ නිසා.

      ප.ලි. ලන්ඩන් නම් ඉන්නේ වරෙන් අඩියක් ගහලා රහට බත් කටක් කාලා යන්න. මට මේල් එකක් එවපන්.
      papara123@yahoo.co.uk

      Delete
    3. ඔන්න ඊයක් විද්දෝ....

      Delete
    4. අරූ
      ඕක හිනාවෙලා ඊට පස්සෙ අඬන්න ඕන සීන් එකක්

      Delete
    5. මේ කොමෙන්ට් එක මේකට පක්ෂව කෑ ගහන ගොන්නුන්ට පෙනුනා නම් ඒ ඇති. පෝස්ට් එකක් දාන එකේ බලාපොරොත්තුවත් ඒකයි.

      Delete
  29. Replies
    1. ඒකනේ පලා බබා එකේ අපේ ඡන්දය ජෙප්පන්ට දුන්නේ..

      Delete
  30. දැන් වෙන සමහර දේවල් දැක්කම නම් හිතෙන්නේ ඊළඟ බුදුන් වහන්සේට උනත් ආපහු නම් මේ රටට වඩින්න හම්බ වෙන එකක් නෑ කියලයි. මොක ද උන් වහන්සේ ධර්මය දේශනා කරනකොට "අන්න අපේ වසර අච්චර බර ගානක් තිස්සේ රැකගෙන ආපු නිර්මල බුදු දහම විනාශ කරන පාහරයෙක්" කියල උන්වහස්නේ ව වත් කුදලාගෙන යන්නට බොහොම ඉඩකඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බුදුහා,උදුරුවෝ නම් මක්කා හරි කරලා බේරෙවී බුද්ධා කියන නම තියෙන නිසා හරි. ඒත් කොහොමද අළුත් ආගමක් අරගෙන මහින්ද හාමුදුරුවෝ වගේ කෙනෙක් ආවොත් දුවන්න වෙන්නේ මිහින්තලාව වටේ අර වටරැක හාමුදුරුවෝ ප්‍රාදේශීයේ වටේ දිව්වා වගේ.

      Delete
  31. යකඩෝ කොමෙන්ටුවක් දාන්න ආපු අදහස් ටික ඔක්කොම දාලානේ

    ReplyDelete
    Replies
    1. එහෙනම් වෙන වෙලාවක වරෙන්

      Delete
  32. හහ් හහ් හහ් හා............හික් හික් හික් හී.........මොනවද මේවට කියන්න තියෙන්නෙ.ජේතවනාරාමෙට ගල් ගහල වදුරන්ගෙන් බන අහපු එවුන් ලොකු ලොකු තැන්වල ඉදගෙන ඉන්න රටක තවත් මොන කතාද මාතයිය. කොහෙද, මොන පොතේද කියල තියෙන්නෙ බුදු රූපෙ දාල පච්ච කොටන්ඩ එපැයි කියල. මේවට මං ඉගෙන ගත්තු ධර්මෙ මදි හිටහංකො හොද පොතක් තිබ්බ බලල එන්ඩ

    ReplyDelete
    Replies
    1. මොකක්ද පොත විජයභා කොල්ලයද...?

      Delete
  33. ආගමක් හෝ වෙනයම් දෙයක් වෙනුවෙන් පච්චයක් ගහන්න නම් මොනවා උනත් තමන් ඒ දේට කැමැත්තක් තියෙන්නම ඕන.

    මම යෞවන කාලේ කුරුස පෙන්ඩන්ට් කරේ එල්ලන් ඉඳලා තියෙනවා එහෙම කලේ ඉරිද්ට ලස්සන ඇඳුම් ඇඳලා පල්ලි යන ක්‍රිස්තියානි ආගමේ බාහිර ලක්ෂන වලට කැමති උනු හන්දා . . .

    මල් ආසනයක් ලඟ හරි පන්සලක හරි ඉඳලා ෆොටෝ ගන්න ඇත්තේ ප්‍රදර්ෂනාත්මක කැමැත්ත හෝ ට්‍රෙන්ඩ් එකකට වෙන්න ඇති

    ඒ කොහොම උනත් පච්චයක් ඇඟේ තිබීම වීසා නොදෙන්න තරම් වරදක් නම් ළමයි දූෂණය කරන, කුඩු ගෙනවන, මහජන මුදල් කොල්ලකන වගේ වැරදි කරන් උන්ට මොන දඳුවම් දෙන්න ඕනද අයියෝ . .

    ReplyDelete
    Replies
    1. //මල් ආසනයක් ලඟ හරි පන්සලක හරි ඉඳලා ෆොටෝ ගන්න ඇත්තේ ප්‍රදර්ෂනාත්මක කැමැත්ත හෝ ට්‍රෙන්ඩ් එකකට වෙන්න ඇති //

      බුදුරුරූපෙ පච්චයක් කොටාගෙන ඉන්න එකයි බුදුරූපෙ තීන පෙන්ඩන් එකක් දාන් ඉන්න එකයි අතරෙ මටනම් වෙනසක් පේන්නෙ නෑ.

      ඒත් මල් අසනයක් ගාව හිටගෙන පින්තූරයක් ගන්න එකෙයි, ඒ මල් ආසනේ උඩට නැගල, ඒක උඩ ඉඳගෙන පින්තූරයක් ගන්න එකෙයි ලොකු වෙනසක් තීනව.

      ඒක හරියට උඹ කතෝලික ආගමට තීන ආසාවට පල්ලියෙ අල්තාරෙ උඩ නැගල ජීසස් වගේ අත් පලල් කරන් පින්තූරයක් ගත්තට වෙනස් වෙන්නෙ නෑ.

      ඒ නිසා, මටනම් ඔය නෝනත්, එයාව එලෝපු උනුත් අතරෙ ලොකු වෙනසක් නෑ. දෙගොල්ලොම එකම ජාතියෙ ගොබ්බයො, එක නොදැක තම්න්ගෙ රස්සාවට කෙලවෙන නිසා අඬන උන් ඊට වඩ ගොබ්බයො.

      Delete
    2. කොල්ලා කාලේ මමත් ක්‍රොස් එකක් කරේ දාගෙන උන්නා. ඒ කියලා උන පාඩුවක් නම් නෑ, වාසියක් මිසක්. අනික එහෙම දාගෙන අයුතු ප්‍රයෝජන ගත්තා කියලා මගේ ක්‍රිස්මස් යාලුවෝ මාව පොලීසියට අල්ලලා දුන්නෙත් නෑ.

      හෝව් හෝව් සිංහයෝ, නියම බෞද්ධයෝ මල පන්නගෙන සසර දික් කර ගන්නේ නෑ. සතුරටත් මෛත්‍රිය වඩලා සසර ගමන කෙටිකර ගන්න තමයි උත්සාහ කරන්නේ. ගොබ්බයොත් ජීවත් වෙන්න එපාය නේ මහත්තයෝ..

      ඔයාට සම්මා සම්බුදු සරණයි..!!!

      Delete
    3. මං 17 විතර කාලේ කුරුස පෙන්ඩන්ට් එකක් කරේ දාං දහම් පාසලේ උගන්නන්ඩ ගියා.බොරු කියන්ඩ ඕන නෑනෙ මං ගියෙ ට්‍රයි කරන කෙල්ලෙක් දහම් පාසල් ආව නිසා...මට දුන්නේ දෙක වසර මොකෝ බුද්ධාගමේ උනාට මං දන්නෑනෙ ලොකු පන්ති වලට උගන්නන්ඩ්.. පොඩි හාමුදුරුවෝ කීවනෙ ඕක ගලෝපං මල්ලි කියල.. හැබැයි එතුමාට ඒ දවස් වල XXX සප්ලයි කරෙත් මංමයි කුරුසෙ ගලෝලා !!

      Delete
  34. සංචාරක වියපාරේ දියුණු කරන්න casino සහන දෙනවා.... ඒ උනාට මිනිස්සුන්ගේ නිදහස නැති කරලා තව බර ගානක් සංචාරකයෝ නැති කරගන්නවා... මුන්ට තියෙන්නේ අම්මගේ රෙද්දේ ක්‍රමෝපාය සන්වරදනයක්.....

    ReplyDelete
    Replies
    1. කැසිනෝ ගහන්න තියා අතේ ගහන්නවත් සුද්දෙක් එන්නේ නෑ මේ කරන වැඩ වලට.

      Delete
    2. සංචාරකයන් ලංකාවට එන්නේ Casino නොවේ ලංකාවට වැඩ හොද Casino ඔවුන්ගේ රටවල් වල තියෙනවා

      Delete
  35. ආගම වනසන්නේ මේ ගහ ගන්න හාමුදුරුවරු මිසක් පච්ඡා කාරයෝ නොවේ මුන්ට හාමුදුරු වරු කියන අපිට පවු

    ReplyDelete
  36. මේ Germany යේ Frankfurt වල තිබෙන Rama V ආපන ශාලාව මෙහි Food පමනක් නොව මත් බීම ජාති පවා ඇත http://ramav-frankfurt.de/fotos/ කෝ මේ ලොකුවට කතා කරන අය බුද්ධා Bar මෙකෙ ඇති වෙනස මොකක්ද ?

    ReplyDelete
  37. සංචාරකයන් ලංකාවට එන්නේ Casino නොවේ ලංකාවට වැඩ හොද Casino ඔවුන්ගේ රටවල් වල තියෙනවා

    ආගම වනසන්නේ මේ ගහ ගන්න හාමුදුරුවරු මිසක් පච්ඡා කාරයෝ නොවේ මුන්ට හාමුදුරු වරු කියන අපිට පවු

    මේ Germany යේ Frankfurt වල තිබෙන Rama V ආපන ශාලාව මෙහි Food පමනක් නොව මත් බීම ජාති පවා ඇත http://ramav-frankfurt.de/fotos/ කෝ මේ ලොකුවට කතා කරන අය බුද්ධා Bar මෙකෙ ඇති වෙනස මොකක්ද ?

    ReplyDelete
  38. මේ ගෑණු කෙනාට පච්චය වසාගෙන රටේ ඇවිදින්න කිව්වනම් ඉවරයි නේ !

    ReplyDelete
  39. APE NANASARA UNNANSE MOKADA KIYANNE

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න