.

.

Nov 11, 2015

එක්ස්ප්‍රස් වේ බස් එක යට ආදරේ - I love you under the Expressway Bus



පිඳුම - පින්තූරය ලබා දුන් "ප්‍රා ජේ" මහතාට...

මාතරින් කොට්ටාව,
පැයයි අධි වේගයෙන්..
සුදෝ මුන් ඉගිල යයි, 
විදුලි සැර වේගයෙන්..

මගේ පන ළඟට වර..
බදාගෙන මගේ කර ..
වරෙන් සුදු තව ළඟට,
ලිප්ස් වලට කිස් දෙන්ට..


බොඩිය ටොප් කොන්ඩිෂන්..
පුල් එයා කොන්ඩිෂන්,
පැකින් වත් කඩා නෑ...
ඒ නිසා සීරුවෙන්..

ඕන නෑ කුඩේ අද..
නිදහස්ය ඒ අතද..
ගියර් එක දමාපන්,
යන්න මට නිවනටම..

ඔක් කෝම බොත්තම්,
හිටින් මම ඔබන්නම්..
ඇන්ජිමත් ටියුන් කර,
සර්විසුත් කරන්නම්..

තෙල් බලා ඇන්ජිමේ,
මාරු කර දෙමි ඔයිල්..
අම්මපා ඒ වෙලේ,
කෙලින් වෙනවා මයිල්..

උන් ගියත් ඉස්පීඩ්,
කොට කොටා යමුකෝ බං..
අපි ගියොත් තදියමේ,
වතුර බොයිල් වේවි දැං..

පාගන්න එපා බං,
ඔය තරම් කලබලේ.. 
කුඩු වෙලා යාවි රං,
මගේ මේ ඇක්සලේ..

වතුර හුව මාරුවට,
මෙහෙව් තැන් හදා දෙන...
රියදුරන් නිළධරුන්,
නිවනේම සැන සෙන්න..

හයර් තව වැඩිවෙන්න..
කප්පමුත් වැඩි වෙන්න..
තව තවත් බස් ගන්න..
අපට හෙවනක් වෙන්න..

මෙම රථය පදවන රියැදුරු දෑතට
සියළු දෙව් රැකවරණයි....!!!



108 comments:

  1. මාතර උන් දක්ෂයි බං. හැක්.. ටියුන් කරේ එන්ජින්ද?? හැක්..

    ඔය ප්‍රා කාරයා මුණුපොතේ ඉන්න තැන හොයාගන්න උදව් කරහං මාතයියේ..

    ReplyDelete
    Replies
    1. මම නං ප්‍රා යන්තං අල්ලගත්ත. ඔය හාදය බල්ලන්ට කැමති නිසා උඹවත් ටක් ගාල ඇඩ් කරගනීවි.

      Delete
    2. //ඔය හාදය බල්ලන්ට කැමති නිසා උඹවත් ටක් ගාල ඇඩ් කරගනීවි.//

      පුදුමයි එහෙනං මාව මෙච්චර කල් අතෑරල තිබ්බා. හැක් හැක්..

      Delete
    3. ප්‍රා බල්ලන්ගෙන් අහල තමයි කට්ටිය ඇඩ් කරන්නේ. උඹ මොකක් හරි අලුගුත්තේරු වැඩක් උගෙ බල්ලන්ට කරල ඇති. උඹ අදහස් කරපු එක නොතේරුණා නෙමෙයි

      Delete
    4. ඔය රාජ් කියලා තියෙන්නේ හොයා ගන්න හැටි... මාත් ඉව කොර කොර ගිහිල්ලා යාන්තන් හොයා ගත්තා...

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. " It's no coincidence that man's best friend cannot talk."
      -Anonymous

      "The great pleasure of a dog is that you may make a fool of yourself with him and not only will he not scold you, but he will make a fool of himself too".
      - Samuel Butler,
      ඔය බට්ලර් කියල තියන එක බල්ලන්ට හා මට ඕනෙ වෙලාවක අදාල වෙනව. හැබැයි එය අදාලවෙන යාලුවො සෙට් එකක් බ්ලොග්වලත් ඉන්නව. බය නැතුව මට විචාරයක් ලෙස විකාරයක් කරන්න පුලුවන්. ඒගොල්ල ඒකට තරහ යන්න නෑ විතරක් නෙමෙයි මට එහා යන විකාර කියනව. මං බ්ලොග් තාම නිතිපතා කියවන්න හේතුව ඒගොල්ල.

      දේශක, මං බල්ලන්ගේ අකමැති එකමදේ - උන්ගේ ජීවිතකාලය ඉතා අසාධාරණලෙස කෙටියි.හැම අවුරුදු 10-15 කට සැරයක්ම හොඳම යාලුවෙක්,ලඟම පවුල් සාමාජිකයෙක් මැරෙන එක.

      P.S. දේශකව හොයාගෙන ඇඩ් කරන්නම්.

      Delete
    7. Thanks Pra. උඹ මාව හොයන්න කලින් මං උඹව හොයාගත්තා. රාජ්ගෙන් අහපං හැක්

      Delete
  2. හැක්.. හැමදාම ප්‍රි සර්විස් එකක් දෙනාලු...
    සැහෙන්න වටි වැඩක් කියල නෙ කියන්නෙ හික්ස්

    ReplyDelete
    Replies
    1. ටැපික් පොලිස් තාම දැකලා නැතිව ඇති...

      Delete
  3. අන්න සුදෝ අර පාට "වලා"
    සන්ධ්‍යාවේ විනෝදේ "ප්‍රීති" කෙරේ
    හා... "ප්‍රීතී" කෙරේ
    සුර ලෝකෙ ප්‍රසාදේ ඒය ගලා
    "තිර" ආලේ නිසා අප පූජා ප්‍රියේ
    හා හා පූජා ප්‍රියේ

    ..............හැක් හැක්

    ReplyDelete
    Replies
    1. මේ බස් නැවතුම
      පෙර හැම දිනකම
      අප හමුවුනු හැටි දැන උන්නේ
      මා තනිවුන බ
      ව ඔබ සමුගෙන බව
      බස් නැවතුම තව නෑ දන්නේ

      ඉස්සර හවසට ඔබ එනතුරු මම
      මෙතනම සිටියා දෙනෙත අයා!
      එකම රියක නැගඑකම
      අසුනෙ හිදගිය හෑටි මතකයි
      තවම එදා!!

      ප්‍රේමය නිමවුන මා අද තනිවම
      රියකට මෙතනින් ගොඩවෙනවා!
      ඒ රියෙහිම ඔබතව කෙනෙකුන්
      ළගඑකම අසුනේ ඉදගෙන යනවා

      - පුන්සිරි සොයිසා

      Delete
    2. මොකාද යකෝ විහාරමහාදේවි එකේ ලව් කරන කෑල්ලෙ පෙරහැරට ගෙනාව අලි බැඳපු හරකා .. තව ඩිංගෙන් අලියෙක් ගහලා මැරෙන්නෙ ……

      මීට
      - සිංදු ඇනෝ -

      Delete
  4. අතේ සල්ලි තිබුනනන් ඉතින් ෆයිව් ස්ටාර් හෝටලේක තමයි. ගමනාගාන් මණ්ඩලෙන් හැමදාම තරුණ ප්‍රේමවන්තයන්ට සපෝට් කරනවනෙ

    ReplyDelete
    Replies
    1. ඇස් කේ සිනමා එකේ සෝ එකක්වත් බලන්න සල්ලි නැතිව ඇති... පව්..

      Delete
    2. මයුර එකෙන් අයිස්කිරිමක් කාලා බීච් රෝඩ් එකේ බංකුවක කයියක් ගහලා බස් එකක් යට රිංගලා කිස් එකක් දීලා උං ගන්න ආතල් එක ලොවෙත් නෑ … බොක්කෙන්ම රෙෂ්පට් !!!!!

      Delete

  5. පුනරාවර්තන කවි-
    හර්ෂණී රණතුංග

    March 3, 2015 ·

    රිය සක ඉගිලී
    ගමනේ යයි
    පෙම් මුල්ලේ
    ජෝඩුවක් හිදියි
    මොනවද වේගෙන් කියවා ගයි
    සුදු ගවුමට කලිසම
    යාව වැනෙයි
    මගියන් ඉවසුම්
    නැතිව බලයි
    මහ රඟ මඩලක් මෙන්
    ඔවුන් හිදියි
    ගැටවුනි
    නූගත් කම් මතුවෙයි
    නුඹෙ
    ඇදුරුතුමා කවුරුන්ද සැකයි
    රිය සක කළු දුම් පුරා වෙලයි
    මුලු නුවරක අසිරිය මුලා කෙරෙයි
    දරුවනි සෙල්ලම් කල සොදුරුයි
    හෙට මවක් වෙන්නෙ මේ
    උඹම තමයි...

    -ආර්.ඒ.හර්ෂණී-

    ReplyDelete
    Replies
    1. වැඩේ අවුල් කියලා නේද කියන්නේ...

      Delete
  6. රැස් වලින් නෙවෙයි ඇස් වලින් වහන්වෙන්න හෙවනක් හොයන්නෙ.....

    ReplyDelete
  7. බලපන් අයියන්ඩි ඔය ෆෝටෝ එකේ අදුරන අය ඉන්නවද කියලා..( ප්‍රා ෆෝටෝ එක ගත්ත නිසා මිනිහා ඉන්න විදිහක් නෑ)

    ReplyDelete
    Replies
    1. වම් පැත්තෙ ඉඳන් තුන්වෙනි එකේ කොල්ල නම් කටුස්සා වගේ

      Delete
    2. මම ආසම අර ටිකක් ඈතින් හොල්මන් වෙලා බලාගෙන ඉන්න කෙල්ලට..

      ඒකී මම හිතන්නේ මේ පිළිබඳව ඉස්ටඩි එකක් කොරන කෙනෙක් වෙන්න ඕන...

      Delete
    3. ඒ කෙල්ලෙක්ද? මං හිතුවෙ Ian සමග E de B M කියල

      Delete
    4. ඉයන් ...මට දිපිය අඔ බෝතලයක් බිලා බුදිය ගන්න..

      Delete
  8. පව් බං ඒ කපල්...

    මම හිතුවේ පින්තුරේ ප්‍රා ගත්තු එකක් කියලා, ප්‍රා ත් ඒක බුකියෙන් දැකල උස්සපු එකක් වගේ...
    යට තියෙන්නේ ඔරිජිනල් එක...

    ReplyDelete
    Replies
    1. ප්‍රාගේ සැල්පියක් වෙන්නත් බැරි නෑ...

      Delete
    2. මමත් කියන්නේ..ඒකමයි
      පලවෙනියට ඉන්න කොල්ලා ඉයන් වගේ..

      Delete
    3. දෙවැනියට ඉන්න කොල්ලා
      ලොකූ පුතා වගේ

      Delete
  9. පාරට බැස්සම නොවැ සීතල වැඩි...

    ReplyDelete
    Replies
    1. තනිකම ඊට වැඩී
      ඇක්ස්ප්‍රස් වේ යන බස් රථයේ යට
      තෙරපි තෙරපි අර යුවල් ඉන්න හැඩ
      අපිත් ඔහොම හිටි හැටි මතකයි
      බැල්කනි බොක්ස් මත කයි...

      Delete
    2. //අපිත් ඔහොම හිටි හැටි මතකයි//

      මෙන්න මේකයි මාතා වැදගත්ම කතාව....... ඔ්ක අමතක වුණාම තමා උන්ගේ නිදහස උන්ට නැති වෙන්නේ..............

      Delete
    3. //මෙන්න මේකයි මාතා වැදගත්ම කතාව....... ඔ්ක අමතක වුණාම තමා උන්ගේ නිදහස උන්ට නැති වෙන්නේ..............//

      ++++++++++++++++++++++++++++++

      Delete
    4. නෑ පත්තරේ මං කියන්නේ...........

      වයසට ගියාම ගොඩක් අයට අමතක වෙනවා කොල්ලෝ කෙල්ලෝ කාලේ කරපුවා...... ඒ කාලේ අපිට කරන්න හොදනං අැයි දැන් ඒකෙක් කරාම මක්වෙනවාද????? මුල අමතක වෙනවා මදිවට අර කොල්ලෝ කෙල්ලොන්ට බනින අයත් ඉන්නවා...... යකෝ ඒක උන්ගේ නිදහස....... උනුත් ලව් කරන්න ඒපැයි...... ඔය බස් ඒක අස්සේ ඉන්න ඒවුන් අමතක කරහල්ලාකෝ.... කීයක් ඔය වෙලාවේ මාතර ටවුමේ රූම් අස්සේ ලැගලා අැද්ද???? කීයක් කරන්න හැකි ලොකුම වැඩෙත් කොරනවා අැද්ද?????? යකෝ මුන්ද වැරදි......????

      Delete
    5. "ආප්පෙට මතක නෑ - තාච්චියෙ හිටි කාලෙ " ත්‍රීවිල් එහෙක තිබ්බෙ .හැක්

      ඒක තමා බං මාත් කීවේ..උන්ට ඒ වගේම තවත් ෂැට් එකක් ඉන්නවා ඕව කරගන්න බැරි උන ඇරියස් එකත් මුන්ගෙ පිටිං අරිනවා හෙන සුද්ධෝදන ටෝක්ස් දීලා .

      Delete
    6. මල් පිපිලා එදා වගෙම බලන්න මැණිකේ
      බඹරු ඇදෙනවා සුවඳට සතර දිගන්තේ
      තරහ නොගෙන සාදු සාදු කියන්න මැණිකේ.....

      එදා අපට පෙම්වත් සඳ අද දරුවන්ටයි
      ගලා හැලෙන නිල් ඇල දොළ පෙම් කවියක් වෙයි
      එදා අප වෙලී ගිය මග මෙදා උන් බැඳී යන සඳ
      තරහ නොගන්ටයි......

      කෝඩුකාර පෙම්බස් දැන් ඉතින් ඔවුන්ටයි
      රෑට පිපෙන තරු මල්වල රේණු ගණින්ටයි
      එදා අපෙ හීන මාළිග මෙදා උන් තනා ගත් සඳ
      කඩා නොලන්ටයි......

      ගී පද - රවී සිරිවර්ධන
      ගී තනු - රෝහණ වීරසිංහ
      ගායනය - සුනිල් එදිරිසිංහ

      Delete
  10. යකෝ මේක දැක්කට පස්සෙ බස් ගෝලයො මේකෙනුත් ගානක් හොයාගන්න හදයිද දන්නෑ.
    හැබැයි එහෙම උනොත්නං මුනුත් නිකං ඉන්න එකක් නෑ. ඔය ඉන්න ගමං බස්එකේ චැසිය ගලවයි.

    ReplyDelete
    Replies
    1. ගානක් කැඩුවොත්, අනිවා ඩෙෆා උඹ කියපු දේ කොරන එක කොරනවාමයි...

      Delete
    2. නෑ ප්‍රසා බස් යටත් සීසීටීවි කැමරා හයිකොරාවි.......................

      Delete
  11. යුද්ධ කාලේ නම් ඔහොම ඉඳල බෝම්බයක් හයි කරල යන්න අවදානමක් තිබ්බ. මහින්ඳ , සරත් ෆොන්සේක, ගෝටාභය සහ රණ විරුවන්ට පින්සිද්ද වෙන්න ඒ බය නැහැ.

    ReplyDelete
    Replies
    1. අනුර කුමාර රෑට රෑට කෝල් කරලා ඝෝඨභය මහත්තයට කරදර කරලා තියෙනවා යුද්දේ ඉවර කරන්න කියලා.. ප්‍රභාගේ පොටෝ එක දීලා තියෙන්නෙත් ඒ මනුස්සයා..

      Delete
  12. පින්තූරෙත් නියමයි, කවිපෙල වගේම. ඇත්තෙන්ම මේ බස් යට පෙම් කිරීමේ සංකල්පය මම දැකලම තිබ්බේ නෑ.

    ReplyDelete
    Replies
    1. පින්තූරේ තමයි කවියට මුල..

      Delete
    2. සොඳුරු ලොවට - බස් වැහැලා :D

      Delete
  13. මාතලන්, අපි පොඩි කාලෙ අම්මලෑ ගමේ බෝතලේ යනකොට නම් හයිවේ තියා කාපට් පාරක්වත් තිබුනෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඇනෝ..ගමේ යනකොට බෝතලේ යන්න එපා බස් එකක යන්න..පොඩි එවුන් නිසා බෝතලේ බිදුනොත් කැපෙනවා..

      Delete
    2. දැන් බෝතලේ යන්නෙ නැත...

      Delete
  14. මං අපේ ගෙදර උන්දැට ඉස් ඉස්සෙල්ලම ආදරේ ප්‍රකාශ කරෙත් සුන්දර මාතර මුහුදු වැල්ලේදී.. ඒ කාලේ හයිවේ නම් තිබ්බේ නෑ.. කෝච්චියෙන් එක්ක ගිහින් ආදරේ ප්‍රකාශ කරලා බස් එකේ ආවා.. :)

    ReplyDelete
    Replies
    1. කමෝන් කමියා.............. අද සමරමු ඒ අාදරේ මතක........

      Delete
    2. අරින්ඩෙපා යකෝ !! මේවනෙ සමරන ඕනැ … මටත් නං කීවා කොහෙදිද කියල නිච්චි නෑ :D

      Delete
    3. //කෝච්චියෙන් එක්ක ගිහින් ආදරේ ප්‍රකාශ කරලා බස් එකේ ආවා.. //

      සෑහෙන්න කාලෙකින් කමියා එදා නේද ටිකට් ගත්තෙ ??? හැක හැක

      Delete
    4. කමියා කෙල්ලගෙන් කැමැත්ත ගත්තේ "උඹ මාව බඳින්න කැමති උනේ නැත්නං මෙතනින් මූදට දානවා" කියලලු. කෙල්ල කමියව නේවි එකට බන්ඳල ඌව මූදට දැම්මලු.

      Delete
    5. කරුමේ පලදෙන්න මාතර වෙන්නම ඕන නෑ බං

      Delete
  15. // තෙල් බලා ඇන්ජිමේ,
    මාරු කර දෙමි ඔයිල්..
    අම්මපා ඒ වෙලේ,
    කෙලින් වෙනවා මයිල්..//
    හැක් හැක්... කොල්ලො කෙල්ලො පව් අප්පා.. අපි නම් ඔය වගේ වැඩ වලට උදව් දෙනව මිසක් උදළු දාන්නෙ නෑ... මේ ලඟදි අපේ වත්තට හැරෙන පාරෙ බට පඳුර යට කවුදෝ ඉන්නව දැකල පොඩ්ඩක් බයිසිකලේ ආපහු හරවාගෙන ඇවිත් බැලුව. හොරෙක්ද කියල ෂුවර් නැති නිසා. බැලින්නං ජෝඩුවක්. බයිසිකලෙත් ඇතුලට වෙන්න නවත්තල. මං දැකපු ගමන් උන්හිටි තැන් අමතක උනා උන්ට. මං කිව්ව" මල්ලි වත්ත ඇතුලෙ වාඩියට පලයල්ලා, කවුරුවත් එන්නෙ නෑ" කියල මම ගියා යන්ඩ. රූම් එකකට රිංගන්න එක්කො සල්ලි නෑ. එක්කො බයයි. මිනිස්සු එන තැනක හිටියොත් එවුන් බලන් ඉන්නවා, බනිනවත් එක්ක සමහරු. කෙල්ලට කිස් එකක් දීගන්න, තුරුල් වෙලා ඉන්න තියන ආශාව ඉෂ්ට කරගන්න විදියක් නෑ. බහුතරයට මතක නෑ අපිටත් මේ වගේ කාලයක් තිබ්බද කියල. අපේ උන්දැ එක්ක එකපාරක් ගම්පහ මල් වත්තට ගියා. සික්කො වටේ ඉඳන් බලන් ඉන්නවා. කිස් එකක් දෙන්න හැදුවම ඒ හු*න්නෝ විසිල් ගහනව.. අපේ කාලකන්ණි හැත්තගේ තියන ආකල්ප නිසා කිස් එකක් දෙන්න තැනක් නෑ . ඒක හෙනම ලොකුයි. කිස් එකක් දුන්නොත් අහවල් එක කැඩෙනව.

    ReplyDelete
    Replies
    1. සිරාවට මචන්. අපේ උන් හිතන් ඉන්නේ ඒලෙවල් කරන්නේ තාම නගින්නේ නැති කොල්ලෝ කියලා. ඉස්සර මමත් ඔහොම තමා. නුගේගොඩ ක්ලාස් යන කාලේ වැඩි යමක් කරන්න සල්ලි නෑ. සැවෝයි හරි, මෙට්‍රෝ හරි බොක්ස් එකකට රිංගන එක තමා කරන්නේ

      Delete
    2. යකෝ බට පඳුර අස්සෙ ඉද්දි සජ්ජා ඔහොම ෂපෝට් එකක් දුන්නා කියලා ඉවානයා නිකංවත් කීවෙ නෑ නෙවැ .. ඕං බලකො ඉතිං :D

      Delete
    3. කැබ් එක අපේ ගෙදර දාලා බයිසිකලේ ඉල්ලගෙන ගියේ ලගට ගිහින් එනවා කියලා..

      Delete
    4. අඩේ ඒ ඉවානයද එතන හිටියෙ.. ලා කළුවරේ ඇඳින්නෙ නෑ....

      Delete
    5. අර යොවුන් උයන්ද මක්කද පටන් ගන්නවා කිව්වා නේද ඩලස් කොටා...

      Delete
    6. ඇවරිවත්ත ග්‍රවුන්ඩ් එකට එහා පැත්තෙ එකක් තියනවා කැලෑ වැදිලා

      Delete
  16. හනේ ඉතින් අපිටත් කියලා බස් එකක් කවදා හම්බෙයි ද

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ල ජර්නියක් ගමු … පස්සෙ ලේලන්ඩ් එකක් බලමු බං :D

      Delete
    2. දියුනු වුනාම සුනාමියකුත් ගේමු...(ගොයම් කොල පාගන මැෂිම)

      Delete
    3. එන හැම එකටම අත දාපන්.. ඇඟිල්ලක් ගහන්නවත් ඉඩක් නෑ කිය කියා බල බලා ඉන්න එපා...

      Delete
  17. අම්මට හුඩු කුඩ ඔන්නැ කිව්වලු ......ඒකාලේ බස් එකේ ඇතුලේ කෙලවරේ කරපුව දැන් ඉන්න එවුන් බස් එකේ යට කෙලවරේ කරනවා

    ReplyDelete
    Replies
    1. කාළය මැවු වෙනසක අරුමේ...

      Delete
  18. අනේ මේ අපිනං නෑ ඔ්වට හරිද මාතා....... මචං ඔය අහිංසයොන්ට බැරියර් දාන්න ඒපා යකුනේ... ඔ්වා ඊළග අාත්ම වලදී පලදෙනවා..... අනේ අපිට බෑ ලබන අාත්මේ වේලෙන්න......

    ReplyDelete
    Replies
    1. කව්ද යකෝ බැරියර් දම්මේ.. මටත් අපේ කාළේ මතක් උනා...

      Delete
  19. මේක පට්ටනේ............. පින්තූරෙට ගැළපෙන්න ලෙසටම ලියලා තියෙනෝ.............

    ReplyDelete
    Replies
    1. මොන පට්ටද බං.. අමු කළබලේ ලිව්වේ...

      Delete
  20. මල්ටි ටාස්ක් බසස්....... අහසින් වැටෙන එක වැහි බිඳුවක්වත් ප්‍රයෝජනයක් නොගෙන මූදට යා නොදිය යුතුය...

    ReplyDelete
  21. මල්ටි ටාස්ක් බසස්....... අහසින් වැටෙන එක වැහි බිඳුවක්වත් ප්‍රයෝජනයක් නොගෙන මූදට යා නොදිය යුතුය...

    ReplyDelete
    Replies
    1. අා.................. මනාේෂ් කොහොමද??????

      තාම ඉන්නවා නේද???

      Delete
    2. පළවෙනියටම ඉන්න කපල් එක අපිට අඳුරන්න බෑ කියල හිතුව නේ ?? මං කලිසමෙන් උඹව අඳුරගත්තෙ :D

      Delete
    3. අඩෝ..මනෝෂයා..උඔට හරි ගියා අපිට නින්ද ගියා

      Delete
    4. වැහි බිඳු කෙසේ වෙතත්.. පෙම් බිඳු නම් වෑහෙන්න ඇති සෑහෙන්න..

      Delete
  22. බස් යට පෙම් බස් - ඒ පෙම්බස් මත බස් - ගෙදරට අහුවුනොත් කම්බස්

    ReplyDelete
    Replies
    1. අනිවා.. නැත්නම් ගෙවල් වල ඕවා කොරයි නේ...

      Delete
  23. //ඔක් කෝම බොත්තම්
    හිටින් මම ඔබන්නම්
    ඇන්ජිමත් ටියුන් කර
    සර්විසුත් කරන්නම්//

    අම්මෝ බං :D පට්ට කියන්නෙ හොඳම එකෙන්.. එළමකිරි !!!

    ReplyDelete
    Replies
    1. ඔයිල් මාරැ කරලා...ටෙස්ට් රන් එකක් ගිහින් බලහන්

      Delete
    2. ෆ්‍රී සැර්විස් නේ ලොක්කා...

      Delete
  24. ප්‍රචණ්ඩ ක්‍රියා එළිපිට සිදුවන හා ආදරය කිරීම සැගවී කළ යුතු ගෝත්‍රික රටක්.

    ReplyDelete
  25. මේ පින්තූරය ඛේදවාචකයක් ! එච්චරයි මේ ගැන කියන්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. පැහැදිලි මදි...

      Delete
    2. අම්මප ඛේදවාචකයක් ... ලවු කොරන්න බස් යට රිංගන්න වෙච්ච එක

      Delete
  26. ඉස්සරහට ඕකෙ ලැගේජ් එක පැදුරක් දාල කුලිය දෙයි මයෙ හිතේ .. පැයට 200 වගේ ...

    ReplyDelete
    Replies
    1. බස් එකේ ඉන්කම් වලදි.... අද(ර්) ඉන්කම් කියලා දාන්න පුළුවන්

      Delete
  27. ඇත්තටම කවිය හදිසියේ ලිව්වා කිව්වත් , හොඳටම ලියලා තියෙනවා.උපහාස රසය උපරිම තත්ත්වයෙන්.මේ කොල්ලෝ කෙල්ලෝ ගැන ඇත්තටම දුකයි.ඔය බස් එකක් හදිසියේ රිවර්ස් කරන්න ගිහින් හදිසියේවත් මුන්ගෙ ඔළුවට පෙරළුණොත් මොකක් වෙයිද...?

    ReplyDelete
    Replies
    1. ප්‍රර්ථනාවක් හිතේ තියාගෙන මැරෙමු
      “මතු උපදින සංසරේ...“
      “හමුවෙමු අපි අම්පාරේ...“

      Delete
    2. ඉස්ටාට් කොරන කොටම මාරු වෙනවා ඇති....

      මම කිව්වේ පෙම් යුවල...

      Delete
    3. හැක හැක හැක..

      Delete
  28. පට්ට කවිය​
    කොළඹ ඉඳන් පැයෙන් මේ බස් එකේම මාතර ගිහින් එහෙදි ලව් කරලා ආවත් පාඩු නැ වගේ. කොලඹ දැන් දැන් ආඩුයි. නීති වැඩියි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න