.

.

May 16, 2016

බුකියෙන් (වත්පොතින්) නිවන් යමි - Facebook & Nibbana



තිලෝගුරු බෝසතුන්,
සසර සැරි සැරූ මෙන්,
නිබඳ සැරි සරමි මම,
යමි බුකියෙ උඩ පහළ....

ඒ අමා බෝ සතුන්,
සසර කළකිරුණු මෙන්,
කළකිරුණි මා සිතද.
සතර පෙර නිමිති දැක....

ෂෙයාර් කර පිය, කියා වද දෙන
ලයික් හිඟනා, සල් වන - ලෙඩුන්

මහා වංශය, පෙරලමින් එය,
අනුස් මරණා - මහල්ලන්

එළොවටත් නැති, මෙළොවටත් නැති,
ප්‍රාණයන් හිමි - මළකඳන්

අමතකව ඇත, දෙසූ බුදු බණ
ලේම ඉල්ලති - පැවිද්දන්

තන්හාද, රති රඟා පරදා,
බවුන් වඩමින් ඇසටු රුක් මුල,
සැනසුනා හිමියනේ,
නිවනින්....

කෙලෙස් දුරු කොට,
නිවන් යමි මම.
නිබඳවම,
බුකි ගත වෙමින්...

-x-

63 comments:

  1. ලේම ඉල්ලති පැවිද්දන්....බොහෝ දෑ කියවෙයි....

    ReplyDelete
    Replies
    1. රටේ වාසනාවට, ගනින්නාන්සේලා අතරේ, බුදු පුතුන් කීප දෙනෙකුත් තාමත් ඉන්නවා... (අර ගනින්නාන්සෙලා කියන එක වෙනුවට වෙනින් පුත්තු සෙට් එකක් කියලා හිතා ගත්තත් අවුලක් නෑ... අවසර..)

      Delete
  2. එක හුස්මට කියෙව්ව.
    ඒ කරල වතුර ටිකක් බිව්වා.

    ReplyDelete
    Replies
    1. ගිනි වතුර නොවේ නම් කිසි අවුලක් නැත...

      Delete
  3. සාධු සාධු.. බුකියට ගත හිත දැඩිව යොදාපං. මේ මං වගේ.. හැක්

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකෙන් බ්ලොග් එක්ක ඔට්ටු අල්ලනවට වඩා බුකි ගත වෙන එක ලේසියි...

      Delete
  4. ෆෝන් කට්ටෙන් බ්ලොග්ගත වෙන්නත් පහසු ඇප් එකක් තිබුනනම් කීයත් වටී.

    බුකියනම් වෙලාවකට සල් වනයක් තමයි. ලයික් හිඟන්නො මටනම් අප්‍රසන්නයි.

    ReplyDelete
    Replies
    1. ඒ අප්‍රසන්න බවම තමයි ජීවීතය ගැන කළකිරීමක් ඇති කරන්නේ... ඒ කළකිරීම අපි ඔවුන් ගැන අනුකම්පාවක් ඇති කර ගන්න යෙදූවාම හිත නිවෙනවා... ඔවුන්ට අනුකම්පා කරන්න...

      Delete
  5. නිවන් යන්ඩ හිතල බුකි ගත උනාම සමහර පෝස්ට් දැකල පත්තු වෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඉස්සට මටත් ඔය ලෙඩේ තිබුනා... දැන් එහෙම නෑ... ළෝකය තෙරුම් ගන්න ගන්න නිවන් යන්න ලේසියි...

      Delete
  6. බ්ලොග් කෙරුවාවත් තවත් එකම එක බුකි කෙරුවාවක් නොවේවා.......

    සාදු සාදු සාදු..........

    ReplyDelete
    Replies
    1. හිතන්න එපා මේක රෝස මල් යහනාවක් කියලා.. මේකෙත් එහෙම අපතයෝ සෙට් එකක් උන්නා.. (තාමත් එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් ඉන්නවා උඹලත් දැකලා ඇති... මේ මෑතකමත් එකෙත් මේකේ අයිතිවාසිකම් ලියලා තිබුනා..) උන්ව එලවන්න ගේමක් දුන්න එකෙක් තමයි අටමා... කොහොම උනත් හැම දේම උපේක්ෂාවෙන් බාරගන්න පුළුවන් උනාම ප්‍රශ්ණ බොහෝම අඩුයි... නිවන් දකින්න ලේසියි...

      Delete
    2. ඒ කියන්නෙ අටං අයිය කලින්ම නිවන් යයිද ? දකින හැම වෙලේම ඉන්නෙ පත්තු වෙච්චි ගමන්නෙ

      Delete
    3. දිලිසි දිලිසි කම්මලෙයො :D

      Delete
    4. තොපි ඔක්කොම එකතු වෙලා ඇග හරහට පොල්ලක් ගහල ගිනි මැලේක මාවදාල පුච්චාගන කාපියව්

      Delete
    5. හරස්මස් ඌරුමස් නොකෑවට කමක් නැ

      Delete
  7. දුක = බුකියේ කෝලම් දැකීම
    දුක ඇති විමට හේතුව = බුකියට ලොග් වීම

    නම්

    දුඛ නැති කිරීම = බුකියෙන් දුරස් වීම
    දුක නැති කරන මාර්ගය = බුකි ගිනුම කැන්සල් කර දැමීම

    විය ්‍රුතුි නේද?

    නැතිනම් මාතලන් යෝජනා කරන්නේ දුඛෙන් දුක නැසීමක් ද?

    ReplyDelete
    Replies
    1. විය යුතු නම් මෙහෙම තමයි. නොවෙන්නෙත් ඒකයි. ඉතින් අපිට නිවන හරි දුරයි නේද?

      Delete
    2. කියන විදියට නම් නිවන් දකින් තෙක් සසර සැරිය යුතුයි නේද....?

      Delete
  8. දුකෙන් දුක නැසීම = මේ කවිය බුකියේ දමා ලයික් සහ ෂෙයා දැක සතුටුවීම

    ReplyDelete
    Replies
    1. මුල් කාළේ නම් එහෙම ලෙඩක් තිබුනා... දැන් සතුටු වෙන්නේ වෙන දේකින්... පරිනත වෙනවා කියන්නේ ඒකයි මම හිතන හැටියට...

      Delete
  9. බුද්ධිමතුන් පය ගහන්නේ නැති තැන් වල මෝඩයෝ පිනුම් ගහනවනේ...:))

    ReplyDelete
    Replies
    1. ඕක නම් බුකිය ගැන තියෙන සාධාරණ කතාවක් නම් නෙමෙයි..

      කෙසේ වෙතත්... ලංකාවේ බුද්ධිමතුන් ඉන්නවාද...?

      Delete
    2. ඕක නම් බුකිය ගැන තියෙන සාධාරණ කතාවක් නම් නෙමෙයි..

      කෙසේ වෙතත්... ලංකාවේ බුද්ධිමතුන් ඉන්නවාද...?

      Delete
  10. ඇත්තටම බුකියේ සතර පෙර නිමිති දැක දැන් නම් කලකිරී වනගත වෙන්නට හොඳටම ළඟ ය.

    ReplyDelete
    Replies
    1. බලාගෙන වනගත වෙන්නේ.... මේ දවස් වල නාය යනවා...

      Delete
    2. ඒ නිසා අදහස වෙනස් කළා.. මේ බල බල ඉන්නෙ වෙසක් සති අන්තයේ කවුරුවත් සමාජ සේවා වැඩක්වත් දාගනියිද කියල. උදව්වක් දෙන්න පුලුවන්නෙ නිවාඩුත් තියෙන නිසා...

      Delete
  11. මැසිම අරින්න, බුකියට ලොග් වෙන්න, "චේන්ජ් පාස්වර්ඩ්" යන්න, නෝට්පෑඩ් ඕපන් කරන්න, ඇස්දෙක පියාගන්න, කී බෝඩ්එක එහෙමෙහෙ විකාර ටිකක් කොටන්න (අතරමැද ශිෆ්ට් එකත් ඔබන්න), කොටාපු ටික කට් කරන්න, නෝට්පෑඩ්එක ක්ලෝස් කරන්න, සේව් නොකර අයින් වෙන්න, ක්ලිප්බෝඩ් එකේ තියන ටික බුකි පාස්වර්ඩ් එක විදියට සෙට් කරන්න, ලොග් අවුට් වෙන්න, මැසිම රීස්ටාට් කරන්න.........

    දැං නිවන් ගියා වගේ තමයි හිටං!

    ReplyDelete
    Replies
    1. හැක.... හැක...

      හැක හැක කිව්වම මතක් උනේ... ඒ කාළේ අපිව බලෙන්ම නිවන් යවන්න උත්සාහ කරපු අයත් උන්නා නේ...

      Delete
  12. සසර දුක තේරුං ගන්න ඒ පුත්තු තෝරගත්ත මීඩියා එක බුකිය වෙන්නැති මාතෙ. ලෝකය ඇති සැටියෙන් දකිනු රිසියෙනි.... හැක්

    ReplyDelete
    Replies
    1. ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු
      ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු
      පොරණේ මිහි සයනේ ගොඩ නැඟූ මිනිස්සු
      අරුමේ කිම වදවෙන හිරු සදිසි මිනිස්සු

      Delete
  13. Blog hondayi. FB hondaaaaaaaayi..:) sadu sadu sadu...

    ReplyDelete
  14. මාතෙට ඉක්මනටම ප්‍රීති වෙසක් වගේ....!

    ReplyDelete
    Replies
    1. අපිට ඉතින් හැම දාම නත්තල්... හැමදාම වෙසක්.. හැමදාම අවුරුදු කස්ටියනේ....

      Delete
  15. වෙසක් වලට කලින් ම ඔලුබක්කොත් නටවනවැයි කියන්නේ...?

    ReplyDelete
    Replies
    1. සරසයෝ......නටපු එකත් ඔලුබක්කෙක්.... ඔලුබක්කෙක් කියලා කියපු එකා ඊට වඩා බලුකුක්කෙක්.

      එකෙක් ඔලුබක්කෙක්...අනිකා බලුකුක්කෙක්...

      Delete
    2. තෑන්ක්ස් ඇනෝ... සා රස ට දෙන්න ඕන උත්තරේ ඔහේ කලින්ම දුන්නාට...

      Delete
    3. කෝ ඇනෝ.. මේ රියල් ටොයියෙක් වෙච්චි අරූ.

      Delete
  16. අමතකව ඇත, දෙසූ බුදු බණ
    ලේම ඉල්ලති - පැවිද්දන්

    එකඟයි බොස් !!!!

    ReplyDelete
  17. හරි කෙනාට ඉතින් බුකියත් කමටහනක් තමයි.හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කොටන කුකුලට කොයි පිටියත් එකයි කිව්වලු හිටං

      Delete
  18. ///එළොවටත් නැති, මෙළොවටත් නැති,
    ප්‍රාණයන් හිමි - මළකඳන්///////

    මෙන්න මේක තමයි කරුමේ.....
    ෆේස්බුක් කාරයෙක් නොවන නිසා නිවන් යන්න වෙන්නැති පාටයි.

    ReplyDelete
    Replies
    1. බොග දාලා නම් නිවන් යන්න අමාරුයි....

      Delete
  19. මේක බුකියෙන් කියවලා මම ගියානෙ නිවන්..

    ලබන සතියේ මම බ්ලොගෙන් නිවන් යවනවා..
    වෙසක් සතියට එන්ඩ !

    ReplyDelete
    Replies
    1. වෙසක් නම් හේදිලා ගියා නේ...

      Delete
  20. අපි එෆ් බි ඇඩික්, එකෙන්ම...

    ReplyDelete
  21. සාදුදුදුදුදුදු.....

    ReplyDelete
  22. Good liriks some. Today no there thing to talk about monks. They very raskals some felos. Some there monks no want falow buddism. They some like do politic things. They some anather do bisnes and ern money. There no buddism. They some want chican meet to eat arms giving there.

    ReplyDelete
  23. පෙර කිසිම බලයක් නොතිබූ අවංක මිනිහෙක් ජනාධිපති උනොත් ඒ මිනිහා අනිවාර්යෙන්ම අනුන්ගේ කීමට අහුවෙනවා හෝ වන්නට සිද්ධ උනත්, ධනයයි+බලයයි දෙකම තියෙන මිනිහෙක්ව එහෙම ලෙහෙසියෙන් නම්මවන්න බැහැ. ඒකයි මිනිස්සුන්ගේ හැටි ස්වභාවය. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති උනොත් අනික් රටවලට ලෙහෙසි වෙන්නේ නැහැ. මොකද මේ වෙනකොට ඔබාමටත් ඉහලින් ඉන්න ඇමෙරිකානු පරිපාලනයට ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ දැවැන්ත හිසරදයක් වන නිසා. නමුත් මම නම්, පුද්ගලිකව කැමතියි ඕනෑම රටකට මෙහෙම හරි කොන්දක් තියෙන නායකයෙක් පත් වෙනවට.

    ReplyDelete
    Replies
    1. ජාතිවාදීව කතා කරන අයට තමයි ලෝකෙ කොහෙ වුණත් වැඩි ජනතා ආකර්ෂණයක් හිමි වෙන්නේ. ඒක ලංකාවෙත් එහෙමයි ඇමරිකාවෙත් එහෙමයි. ට්‍රම්ප් කියල කියන්නෙත් එහෙම අන්ත ජාතිවාදීව කතා කරන පුද්ගලයෙක්. මිනිහ සලකන්නේ සුදු හම තියෙන ඇමරිකානුවන්ට විතරයි. මෙයා ජනාධිපති වුණොත් හොඳින් හරි නරකින් හරි තමුන්ට අවශ්‍ය දේවල් කරන්න පටන් ගනියි. ඒකෙන් කෙල වෙන්නෙ අපේ ලංකාව වගේ පුංචි රටවල් වලට. ඇමරිකාවෙ නීත්‍යානුකූලව හෝ නීති විරෝධීව නැවතිලා ‍රැකියා කරන ශ්‍රී ලාංකිකයින්ටත් සමහරවිට වැලේ වැල් නැති වෙන්න පුළුවන්. මිනිහා දැනටමත් කියලා තියෙන්නෙ ඇමරිකානුවන්ට ලැබෙන්න ඕනෙ රස්සා ආසියාතිකයො විසින් අල්ලගෙන කියලා. ඔයින් මෙයින් අන්තිමට ඇමරිකාවෙ ඉන්න අපේ මිනිස්සු මහන්සි වෙලා හම්බ කරන ඩොලර් ටිකත් අපිට නැති වෙන්න පුළුවන්.

      ඒක නිසා පුද්ගලිකව මම නම් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වෙනවට කැමති නැහැ.

      Delete
    2. බුෂ් ගිහිල්ල ඔබාමා අාවම මිනිස්සු හිතුව ලෝක සාමය ඇතිවෙයි කියල මොකද ඔහු එයට අදාළ පොරොන්දු රාශියක් ලබා දුන්නා.ඒත් ඔහු බුෂ් ගෙ ප්රතිපත්ති බුෂ් ට වඩා හොඳට කළා.දැන් හිතනව trumpt ඇවිල්ල කරයි කියල.මිනිස්සුන්ට තේරෙන්නෙ නැ ඇමෙරිකාවට තියෙන්නෙ එකම ප්රතිපත්තියක් කියල. අමෙරිකාවෙ දේශපාලනඥයනුත් ජාතිවාදය අවුස්සල ,බොරු පොරොන්දු දීල තමයි කොහොමහරි බලය ගන්න උත්සාහ කරන්නේ.

      Donald Trump කියන්නේ ඕන බොරුවක් ගහලා හරි ජනාධිපති වෙන්න දගලන බුවෙක්. ඔය යකා කියන කිසි දෙයක් ජනාධිපති වුනොත් කරන්නේ නෑ. ඇමරිකාවේ එවුන් මූට බය මූ කෙලින් කතා කරන නිසා නෙවෙයි මූ ආවොත් ඇමරිකාවට කෙලවෙන නිසා. Trump කාරයා ජනාධිපති වුනොත් ඒක බලාගන්න පුලුවන් වෙයි.

      Delete
    3. ට්‍රම්ප් උන්නැහේ ඒ ටිකට සෑහෙන වෙනස් වෙලා... ජනාධිපති උනොත් තවත් වෙනස් වෙයි...

      Delete
  24. සාදු සාදු.

    අපිවත් එතෙර කරනු මැන...

    ReplyDelete
    Replies
    1. අර බුදු හාන්දුරුවෝ ඉන්න පින්තූරේ ඉන්ගිරිස් එකෙන් තියෙන අකුරු ටික කියවහන්....

      Delete
  25. "Justice delayed is justice denied" කියා ඉංගිරිිසියෙන් කියමනක් ඇත. එය" යුක්තිය ඉටුවීම ප්‍රමාදවීම යුක්තිය ඉටුනොවීමකි" කියා කිවහැකිය. දැන් ඔය යුක්තිය ප්‍රමාදවීමට යහපාලනය කිසිම පියවරක් ගන්නවාදැයි නොතේරේ. මේ වායින් වාසි වන්නේ ලොයර් මහත්තුරුන්ට විතරය. රස පරීක්‍ෂක, සහ නීතිපති නිදි ! මුන් ඈහැරවීමට අපි කුමක් කල යුතුද ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න