.

.

May 14, 2016

උගන්ඩා යන්න තිබ්බේ මෛත්‍රි මැතිදුන්ය - Uganda is better than London


අපි මෛත්‍රිලා ගේනවා වාගේම. මුසෙවෙනිලා බෞතීස්ම කරන්නේ බටහිර රාජ්‍යයන්ය. මෛත්‍රීත් දිනෙක මුසෙවෙනිලා නොවෙයි කියා කිව හැක්කේ කාටද...?

- මාතලන් -

බැසිල් අත් අඩංගුවට ගත්තා කියා නිව්ස් එක ආපු ගමන් මාතලන් බුකියේ ඉස්ටේටස් එකක් දැම්මේ මෙසේ කියමිනි.

//එංගලන්තෙ සමුළුව අමතලා ඉවර උන ගමන් බැසිල් ආයේ එළියට.

සමුළුවේදි මොකෙක් හරි ඇහුවොත් දූෂණ අක්‍රමකිතා වලට එරෙහිව මොකාද යකෝ ගත්තේ කියලා ඇහුවොත් කියන්න එකෙක් ඉන්න එපාය.

මොකෝ සජින් වාස් ඇතුලේ දාන්නය.//

අනාවැකිය කිව්වා වගේ ටක්කෙටම හරි ගියේය. බැසිල්ට එදාම ඇප ලැබුනේය. මෛත්‍රී මේ රටේ යහපාලනේ ඉල්ලපු උන්ට පෙන්නමින් ඉන්නේ ඒ කාළේ බොහෝම ජනප්‍රිය විගඩමක් වූ "ගෝනී එළුවා පෙන්නිමේ" සෝ එකය. මාතලන් රනිල් අතහැර මෛත්‍රිට ගහනවා කියා පොඩි කේස් එකකුත් යන්නේය. මට නම් එයාලාට කියන්න තියෙන්නේ මේ රටේ නායකයා රනිල්වත් මහින්දවත් නොව, මෛත්‍රීපාල සිරිසේන ලොක්කාමය කියලාය. 

ගෝනී එළුවා බලන්න ගියාට ඒකේ ඇති එළුවෙක් නැතිය. තියෙන්නේ, ගෝනී වගයක් බිම එලාගෙන යන සෙල්ලමකි. මේ ආන්ඩුවේ හොරුන් ඇල්ලීමත් ඒ වාගේ සෙල්ලමක්ය. හැමදාමත් හොරා හොරා කිය කියා, එක එකා, අරකටයි මේකටයි ගේනවා විතරය. අල්ලපු එක හොරෙක්වත් ඇත්තේ නැතිය. නීතීපති ආපු ගමන් ඔක්කෝම අල්ලනවා කිව්වාට. එහෙම එකෙක් ඉන්නවාද නැද්දෝ කියා කියන්න එකෙක්වත් දන්නේත් නැතිය. ඔය ගෝනී එළුවා සෙල්ලම හැමදාම පෙන්නුවේත් නැතිය. ඕවා පෙන්නුවේ එක්කෝ වෙසක් කාලේටය. එහෙම නැත්නම් ගමේ පන්සලේ පින්කමක් තිබුන වෙලාවකය.

ඒ වාගෙම රාජපක්ෂලා, තාජුඩීන්ලා එලියට එන්නේ දේශපාලන වශයෙන් වැදගත් කමක් තියෙනා කාලයටය. මැයි පළවෙනිදා එයාලා එලියට එන්නේ ඒ නිසාය. ආයෙත් මේක එලියට එන්න ඉඩ ඇත්තේ, ආන්ඩුවට ගේමක් ආපු විටදීය. එතකන් එයාලාට අවුලක් නැතිය. මොකා මොනවා කිව්වත්, අපට තේරෙන් ආකාරයට නම් මහින්දලාගේ බලය හා මුදල් හමුවේ හැම එකාම ඉන්නේ ඇඹරිලාය. FCID එකට ගිහින් එලියට එන උනුත්, කිසි බයක් නැතිව ආන්ඩුව පතුරු ගහන්නේ ඒ නිසාය.

එංගලන්තේ තිබ්බ ඇන්ටි කොරප්සොන් සමුළුවට ඇෆගනිස්තානේ උනුයි, නයිජීරියාවේ උනුයි, බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් වල උනුයි ආවයි කියා ඒ රටේ ජනමාද්දියවේදීන් ගේමක් ඇද්දේය. කැමරන් ගොයියාත් ඇලිසෙබෙත් මහ රැජිණට කියලා තිබුනේ, ඇෆගනිස්තානෙයි නයිජිරීවයි, කොරප්සොන් එකේ හොඳම දෙන්නෙක්ය කියලාය. හැබයි ඔය ඔක්කෝම දන්නේ නැති උනාට, කොරප්සොන්වලට එකසිය ගානට සපෝට් කරන උන්නැහේ කෙනෙකුත් ඉන්නවා කියා එයාලා දැක්කේ නැති උනාට අපි නම් හොඳට දැක්කේය. දැක්කා ඉතරක් නොව පස්ස පැත්තෙනුත් හිනා ගියේය.

ඔය ලොක්කා අද වෙනකන් අල්ලපු එක හොරෙක්, වංචාකාරයෙක් හෝ දූෂණ කරපු එකෙක් නැතිය. අල්ලපු උන් ඔක්කෝම නඩු අහන බඩු කාරයෝ එලියට දැම්මේය. සම හරක් පිට රටය. බැංකොක් වල ඉන්නා උදය වීරතුංගලා මහින්ද එක්ක ෆොටෝ ගහලා බුකියේ දාලා කියන්නේ, "තෝ අල්ලයි අපේ නැට්ට..." කියලාය. අදටත් ඇතුලේ ඉන්නේ, තාජුඩින් කේස් එකට ගත්ත අහිංසකයෙක් හා එක්නැලිගොඩ කේස් එකට සම්බන්ධ සෙට් එක විතරමය. තාජුඩින් කේස් එක එතනින් අහවරය. අද ගන්නවා හෙට ගන්නවා ලබන සතියේ ගන්නවා කියපු අනුර සේනානායකලා ඩීල් දමාගෙන වැඩේ ෂෙප් කොර ගන්නවාය. අනුර සේනානායකගේ ඕඩර්ස් ක්‍රියාත්මක කරපු අහිංසකයා තාමත් ඇතුලේය.

ප්‍රදීප් එක්නැළිගොඩගේ සෙට් එක ඇතුලේ ඉන්නේ, එක්නැළිගොඩ හාමිනාගේ කටේ බලේ නිසාමය. ඇත්තටම ඒ ගැහැණිය නම් යකඩ ගැහැනියකි. මහින්ද රාජපක්ෂටවත් බය නොවු ඒ යකඩ ගැහැනියට, ගලගොඩාත්තලා හා ඉත්තෑවෝ නිකංම නිකං හාල් පාරුවෝය. සාක්කිත් නැතුව ඒ සෙට් එක්ක ඇතුලේ ඉන්නේ, ඒ නිසාම මිස, යහපාලනයේ ප්‍රාතිහාර්යයකින් නොවේමය.

මහින්ද මහත්තයා කියනවා වාගේ, හොරු කියපු ඔක්කෝම උන් අද ඉන්නේ මෛත්‍රීගේ රෙද්ද අස්සේය. බලාගෙන ඉන්නේ පොදු විපක්ශේ ඉන්න උන් ටිකත් මොන සෙල්ලම හෝ දාලා එයාගේ රෙද්ද අස්සේ දාගන්නය. ඝෝඨා බාගන්න එකසිය ගානේ ට්‍රයි එකක් යනවාය. ඔහොම බාලා බාලා, අන්තීමට මහින්දත් බාගත්තොත් පුදුම වෙන්නත් ඕනා නැතිය.

එදා හොර බිස්නස් එකක් කියා පස්චාත් භාගය ඉරාගන්න ගිය ඇවන්ගාඩ් අවි වෙළඳාම අද කිසි අවුලක් නැතිව කරන්නේ අන්ඩුවය. ඒ කියන්නේ කිසි ලෙසකින්වත් සේනාධිලංකාරලා කර තිබෙන්නේ ඉලීගල් බිසිනොස් එකක් නෙමේය. කම්බ හොරෙක් කියූ සජින් වාස්, ඉස්ම යන්න ටෝක් එක දෙන්නේ, "අපිට ඒ ආන්ඩුවත් එකයි මේ ආන්ඩුවත් එකයි..." කියාය. එහෙම කියන්නේ, එදා මහින්දව ඇන්දුවා වාගෙම, අද උන්න්නැහේ සිරිසේනත් අන්දාගෙන අහකයි කියලාය. හොරා කෑවා කියූ ඔක්කෝම නිළධාරින් යහපාලනය තුලත් කිසි අවුලක් නැතිව යහතින් ඉන්නවාය.

යහපාලනයක් ගෙන එන්න අළුත් පරපුරක්ද මක්කදෝ එකක් එක්ක ගියපු අහිංසක කළාකාරයෙක් වන ලක්ෂ්මන් විජේසේකරට කෙලපු එකාත් රෙද්ද අස්සේ දා ගත්තේය. දා ගත්තා මදිවාට මහා ළොකු පොරක් කියා හිතාගෙන ඉන්නා මහින්දගේ කාළේ අමු හාල්පාරුවෙක් උන, මහින්ද නමම තියෙන සංධානේ ලේඛම් ඒ වැඩේ අපූරු ලෙස සාධාරණීකරනය කරලාත් තිබුනේය. මහින්ද අඩු ගානේ ගුරුවරිය දන ගස්වපු එකා මෙන්ම, සුද්දා මරපු එකාත් ඇතුලේ දැම්මේය. මේ ආන්ඩුව උන් ආවත් ගන්නා අමු ගොබ්බ ආන්ඩුවක්ය.

ඇත්තටම එහෙම බැලුවාම, මහින්ද ලොක්කා කිසිම දෙයක් කොරලා නැතිය. එයා කොරලා තියෙන එකම වැරද්ද, අනික් උන් හොරකම් කොරන කොට ෆයිල් හංගපු එකය. ඒක එච්චර වැරද්දක් නෙමේය. මට පේන්නේ ඉන්ටර්නැෂනල් ඉන්විටේසොන් එවලා තියෙන්නෙත් නාගෙන අනාගෙන කියලාය. බලාගෙන ගියාම මහින්ද මහත්තයා යන්න ඕන එකට සිරිසේන ලොක්කා ගිහිල්ලාය. සිරිසේන ලොක්කා යන්න ඕන එකට මහින්ද මහත්තයා ගිහිල්ලාය. අම්මට සිරි ලංකාවේ ඈස්චර්ය දැක්කම ඉන්ටර්නැෂනල් පොරවල් පවා මඤ්ඤං වෙන්නේ එහෙමයි හිටංය.

From - Facebook

62 comments:

  1. දූසනයට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. කැමරන්ගේ තාත්තගෙ නමත් එලියට ආවා නේද.... පව් අර අයිස්ලන්තේ එකා ගෙදර ගියේ....

      Delete

    2. "අපට තේරෙන් ආකාරයට නම් මහින්දලාගේ බලය හා මුදල් හමුවේ හැම එකාම ඉන්නේ ඇඹරිලාය."


      සිරිකොතේ 1600/= කුලියට මඩ බ්ලොග් ලියන එකා මොනවද අනික් අය සල්ලිවලට ඇඹරිල ඉන්නව කියල උඩුබුරන්නෙ


      Delete
  2. මොකෝමේ ! කිල්ලකටවත් අහුවෙලාද ?

    ReplyDelete
    Replies
    1. මාතලන් තේරුම් නොගැනීම...

      Delete
  3. අර මුසවෙනි කියන්නේ වෙසමුනි රජ්ජුරුවන්ගෙ නෑයෙක්ද?

    ReplyDelete
    Replies
    1. පෙනුමත් එක්ක මටත් කටට එන්නේ ඔය නමමයි බං

      Delete
  4. අයියෝ මාතලන්, මයි3 ට අර කතාව ලියල දීපු බූරුව කව්ද?
    මෑන්ස් ඒක කියෙව්වා පැටලි පැටලි කොහොමහරි.
    ඉන් පස්සෙ පුටුවෙ ඇඳි දෙකට ඇඟිලි වලින් තට්ටු කොර කොර චූන් එකේ හිටියා,
    මොකෝ මීටිමේ කියන එකක් තෙරෙනෙ එකක්යැ.

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී කියන්නේ ලැජ්ජා නහරේ උපතිවත් නොතිබුන නායකයෙක්... මම හිතන්නේ ඕක ලියන්න ඇත්තේ ජාත්තන්තර උපසේන කමක් හම්බ වෙච්චි ලලිත් ද සිල්වා කියන සට්ටැඹියා වෙන්න ඇති. ඌ මහින්ද ගාව ඉන්න කොට කතා කරපු තැනින් නෙමෙයි අද කතා කරන්නේ. කටයි පුකයි මාරු වෙලා තියෙන්නේ.

      Delete
  5. ඕකේ අනිත් පැත්තේ කතාව මෙහෙමලු.

    මරා , කාටත් නොකියා හොරෙන්ම වගේ කටුනායක ගිහින් , ඔය ගමන ගිහින් තියෙන්නේ . කොටින්ම ශිරන්ති නෝනා දන්නෙත් නෑලු . පස්සේ ගේ වටේ හොයලා හොයලා හවස් වෙනකොටත් ගෙදර ආපු නැති නිසා දුන්නලු කෝල් එකක් වැට් වැදුනත් කමක් නෑ කියලා .

    "බඹරා වගේ විසේ කාරයා ...මම දෙබරා වගේ..." රින්ගින්ග් ටෝන් එක මගදී "හෙලෝ" කියලා ලොක්කා ආන්සර් කලාලු ...

    කොහේද අනේ ගිහින් ඉන්නේ . කාටවත් කියලත් නෑ . මේ සේකුරිටි කට්ටියත් හොයනවා ...ශිරන්ති මැඩම් ඇහුවලු

    ආ බය වෙන්න එපා .. අපි මේ පොඩි ගමනක් ආවා

    අපි කිව්වේ ?

    ලොකුගේයි , ලොහානුයි , ... අපි මේ හුගන්ඩා වේ .. කිව්වා විතරයි

    චික් විතරක් ලජ්ජා නැතිව කියන හැටි , වරෙන් කෝ ගෙදර ආපහු කියලා ශිරන්ති නෝනා දඩස් ගාලා තිබ්බාලු

    ReplyDelete
    Replies
    1. පට්ට කොමෙන්ට් එක බං... මේ වගේ ක්‍රියේටිව් එකක් උඹෙන් මිස වෙන කාගෙන් බලාපොරොත්තු වෙන්නද...?

      Delete
  6. Hello every one blogers here. I start my blog today as double langwage blog. All you welcome. Please come to see new blog I start. I hope all you blog members help to me do blog.

    ReplyDelete
    Replies
    1. මේ ආණ්ඩුවෙන් කුලියට බ්ලොග් ලියන්න දාපු එකෙක්...

      ලියන්නත් කලින් පබ්ලිසිටි ගන්න තටමනවා

      Delete
    2. Dont misundestand. I support slfp Mithri part it no lyse. But this blog no only political things write blog. I no hire blog write like you think.

      Delete
    3. බොහොම හොඳයි....

      Delete
  7. හොර මහින්දයව පැරද්දුවට සන්තෝසයි. සෙවල සීරාව දිනෙව්වට විලිලජ්ජ්යි.

    ReplyDelete
    Replies
    1. Who sewala sira? Please dont blame to president Mithripala. If he not brawe to go election against Mahinda thare no anything talk.

      Delete
    2. මොකාද මේ පොන්නයා

      Delete
    3. මට නම් එච්චර අවුලක් නෑ එන්න කලින්ම ඕවා කියලා ඇති...

      Delete
  8. Pahugiya dawaswala mama american embassy eken karapu transparency workshop ekakata giya. Udeta petti kaden, dawalta hilton eken. Uncle sam budu weva.

    ReplyDelete
  9. Pahugiya dawaswala mama american embassy eken karapu transparency workshop ekakata giya. Udeta petti kaden, dawalta hilton eken. Uncle sam budu weva.

    ReplyDelete
  10. මාතලන් පුතේ අර ඩිජිටල් හරින්ගේ ගූගල් වයි-ෆයි මෙහෙයුමත් හබක් ලු කියල අද පත්තරෙන් තමයි මමත් දැක්කේ.... එකා ඩුබායි ගිහිල්ලා කරන දුෂනයත් පොඩ්ඩක් හොයලා උඹේ බොගේ දාපන්. මොකද උඹලා වගේ රටක් වෙනස් කරපු ලොන්ත පකස් අලුත් පරපුර වගේ ලිං ගෙම්බෝ ඔවා දැන ගන්නෙත් පත්තරෙන්නේ. උඹට ඕනමනං තව යහපාලන දුෂණ වීරෝධී ආතල් දෙන්නන්.

    ReplyDelete
    Replies
    1. Yahapalanaya nice dont talk liys. Mithripala is best president here no dout. Harin dubai corruption is no yahapalana or president falt.

      Delete
    2. බොහොම ඉස්කෝතුයි මාමේ.... ඔහේ දුක් විඳින්න ඕන නෑ... අපි ලියන්නම් ලියන්න ඕන දේ....

      Delete
  11. ශ්‍රිලනිපයේ ලොක්කා වෙන හැම එකාම හොරු කියලා කිව හැකි තත්වයක් තිබෙන්නේය. මයින්ද මාමි නම ගිය හොරාය. හොරු අල්ලන්නැති සිරිසේන මාමාත් හොරා වගේ ඉන්නේය.

    සියල්ල පැත්තකින් තැබු කළ, රනිල් ගොයියාද සද්ද වහලාය. මට කියන්නට ඇත්තේ මදැයි කොලා කියාය !!

    ReplyDelete
    Replies
    1. මෙයා හොර ගෙඩියා... අර ඔක්කෝම දැනගෙන මුකුත් දන්නේ නෑ වගේ ඉන්න පොඩි උන් ඉන්නේ....

      Delete
  12. මාතලන් ලොක්කා

    මහින්දට උගන්ඩා යන්න ගමන් වියදම්, ගුවන් ටිකට් වියදම් ආදී සියල්ලම ගෙවන්නේ ආන්ඩුවේ විදේෂ කටයුතු අමාත්‍යාන්ෂය බව ගොස්සිප් වෙබ් අඩවි කියනවා

    ඉතින් හොරු අල්ලන්නේ නෑ කියලා ඔබ දොස් කියනවා

    මාතලන් මේ දවස්වල මොන පක්ෂයකට සපොර්ට් කරනවද කියලා හිතාගන්න අමාරුයි

    මාතලන් ලොක්කා මොන පක්ෂයටද සප් එක දෙන්නේ?

    ===Adrian Channa from Toronto===

    ReplyDelete
    Replies
    1. මොරොන්තුඩුවේ ඉදන් කොමන්ට් කරන චන්න පොන්නයෝ මාතලන් මොන පක්ෂෙකට සප් එක දුන්නහම මොකද උඹේ පුකට අමාරුද ?

      Delete
    2. මම සප් එක දෙන්නේ දුක් විඳින ජනතාවගේ පක්ෂෙට.... ඒක මොන ආන්ඩුව ආවත් වෙනස් නොවන එකක්...

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොරොන්තුඩුවේ ඉදන් කොමන්ට් කරන චන්න පොන්නයෝ මාතලන් මොන පක්ෂෙකට සප් එක දුන්නහම මොකද උඹේ පුකට අමාරුද ?

      Delete
  14. ගෝනි එලාගෙන බූරුවා ගහනවා කස්ටිය. වෙන මොනවා කියන්නද බං.

    මෙන්න මේක කියවන්න.

    ReplyDelete
    Replies
    1. අනේ මේ එක එක දේශපක්ශවලට කඩේ යන කාලකණ්ණි සට්ටැඹි සක්කිලියො ලියපු පල් හෑලි වල කින්ක් මේකෙ දාන්න එපා, අප්පිරියයි. දැන් සාරසා ඇවිත් මරාගෙ සට්ටැඹියොන්ගෙ ලින්ක් මේකෙ ආයෙත් හලාවි. බොහොම් අමාරුවෙන් කුනුහබ්බත් කියල තමයි නවත්තගත්තෙ. මාතලන් කාලෙකින් ටිකක් බැලන්ස් වෙන්න ලියපු පෝස්ට් එක කන්න එපා.

      Delete
    2. බැසිල්වංශය..... කියෙව්වා මචෝ... කියෙව්වා...

      Delete
  15. ලේක්හවුස් ජාතික සේවක සංගමයේ මහා පරිමාණ ජාවාරම් වලට වහා පියවරක් ගන්නා ලෙස ජා.සේ. සංගමය ලේක්හවුස් ශාඛාවේ ලේකම් සංජිව සමරසිංහ මහතා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.

    ලේක්හවුස් ජා.සේ. සංගමයේ වර්ථමාන සභාපතිවරයා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තනතුර අධ්‍යක්ෂ මණ්ඩලය දක්වා උසස් වීමක් ලද අතර 2014 ජනවාරි මස සිට මිලියන ගණනක හිග මුදලක් ලබා ගෙන ඇත්තේ ඔහුගේ දේශපාලන බලය අයුතු ලෙස පාවිච්චි කොට අධ්‍යක්ෂ මණ්ඩලයේ නීති විරෝධී අනුමැතිය ලබා ගැනීමෙන්ද පසුවය. එපමණක් නොව තවත් ලක්ෂ ගණනක වරදාන වරප‍්‍රසාද ද ඔහු ලබාගෙන ඇති බව වගකීමෙන් පෙන්වා දෙයි. ප‍්‍රශ්නය වන්නේ ඔහු ලබාගත් දේ පිළිබදව නොව ඒ සියල්ල ලබා ගැනීමට ඔහු අනුගමනය කළ ක‍්‍රමවේදය පිළිබදවයි.

    ඔහු ආණ්ඩුව පැමිණි වහාම සේවයට බදවා ගත යුත්තන්ගේ ප‍්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කලේය. ජා.සේ. සංගමය සකස් කළ එම ප‍්‍රමුඛතා ලැයිස්තුවේ ප‍්‍රමුඛයා බවට පත්වුයේ කිසිම දිනක ජා.සේ. සංගමයේ සාමාජිකයෙකු නොවූ සොරකමක් සම්බන්ධයෙන් සේවයෙන් ඉවත් කළ විජේසිංහ නැමති පුද්ගලයෙකි. ඒ අනුව ඔහු පවරා තිබූ නඩුව බලහත්කාරයෙන් ගොස් සමථවකට පත් කොට ලක්ෂ 38ක හි`ග මුදලක්ද සමගින් සේවයට බ`දවා ගත්තේය. කළමනාකරුවෙකු ලෙස සේවය කල මොහු සේවයේ යෙදී සිටියදී විවිධ මූල්‍ය අක‍්‍රමිකතා රැුසක් සිදුකල පුද්ගලයෙකි එමෙන්ම ජා. සේ. සංගමයේ සාමාජිකයන්ගෙන්ද විවිධ පලිගැනීම් කල පුද්ගලයෙකි. ආණ්ඩු පක්ෂයේ වෘත්තීය සමිති නායකයින් පිළිබදව පවතින දේශපාලන විශ්වාසය මත ලේක්හවුස් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඊට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාදුන් අතර එම ප‍්‍රමුඛතා ලැයිස්තුවෙන් සේවයට බදවා ගත් බහුතරයක් දේශපාලන පලිගැනීම් නොව සොරකම් වලට සේවය අහිමි වූවන්ගේ බව ඔහු වගකීමෙන් අවධාරණය කරයි. කෙසේ වුවත් ලක්ෂ 38ක වන්දි ලැබූ සේවකයාට ගෙදර අරන් යාමට පුළුවන් වූයේ ලක්ෂ 08ක් පමණක් බව මේ වන විට ප‍්‍රසිද්ධ රහසකි.

    ඔහු තමන්ගේ දියණියගේ විවාහ උත්සවය ඉහළින්ම සිදු කළේය. ඔහුගේ පාර්ෂවයෙන් අත්සන් කරණු ලැබුවේද අගමැති රනිල් වික‍්‍රමසිංහයි. අගමැතිතුමා එම උත්සවයේදී තේ එකක් හෝ පානය කළා නම් මේ දුෂිත වෘත්තීය සමිති නායකයා මුදල් උපයා ඇති ආකාරය පිළිබදව යළි යළිත් මෙනෙහි කරන ලෙස නැවත නැවතත් ඉල්ලා සිටියි.

    මොහුගේ කූඨ ජිවිතයේ තවත් පැතිකඩක් එළියට ආවේ ලේක්හවුස් හිටපු සභාපති බන්දුල පද්මකුමාර මාධ්‍ය හමුවක් පවත්වා තමන්ගේ පාලන කාලය තුළදී කිසිදු දේශපාලන පලිගැනීමක් නොකළ බවට කළ ප‍්‍රකාශයට එරෙහිව මාධ්‍ය හමුවක් පවත්වන ලෙසට ලේක්හවුස් පාලනාධිකාරිය සහ JSS සේවකයන් ජා.සේ. සංගමයේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි විටය.
    මොහුට ඒ සදහා ඉදිරිපත් වන්නට නොහැකිවූයේ එසේ ඉදිරිපත් වුවහොත් වෘත්තීය සටන් පාවා දෙමින් තමන්ගෙන් ලත් වරදාන හෙලිකරන බවට හිටපු සභාපතිවරයා විසින් ඔහුට කරන ලද තර්ජනය නිසා බවද ප‍්‍රසිද්ධ රහසකි.

    ReplyDelete
    Replies
    1. එක්සත් ජාතික පක්ෂය ධනපතියන්ගේ, ටයිකෝට්කාරයින්ගේ පක්ෂයක් යැයි ලෙස වෙනත් වම්මු සහ වෙනත් පක්ෂ හංවඩු ගහද්දී එක්සත් ජාතික පක්ෂය වැඩකරන කම්කරු ජනතාවගේත් පක්ෂය බවට තහවුරු කෙළේ ජාතික සේවක සංගමය යැයි ද, දුර්දාන්ත රාජපක්ෂ පාලනය ගෙදර යැවීමේදී ජාතික සේවක සංගමය විවේචනය කළ වෘත්තීය සමිතිවලට පවා ජාතික සේවක සංගමය සමග අත්වැල් බැඳ ගැනීමට සිදුවූයේ යැයිද ජාතික සේවක සංගමයේ නව සභාපතිවරයා ලෙස පත් වූ ඇමැති නීතිඥ අකිල විරාජ් කාරියවසම් පැවසීය.

      රාජ්‍ය අංශයේ පමණක් නොව පුද්ගලික අංශයේ පවා රාජපක්ෂ යුගය විසින් බිහි කරන ලද නිලධාරිවාදය බිඳ දැමීමට හැකි එකම සහ ප්‍රබලම කන්ඩායම ජාතික සේවක සංගමය යැයිද කාරියවසම් කීය.

      නව සභාපති අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වැඩභාර ගනිමින් කරන ලද කතාව;

      “ජාතික සේවක සංගමයේ සභාපති ධූරය ලැබීම ඇමැති ධූරයක් ලැබීමටත් වඩා මගේ දේශපාලන ජීවිතයේ මා ලද විශාලතම ජයග්‍රහණය සේ මා සලකනවා. එක්සත් ජාතික පක්ෂයේ හදවත බඳු වූ ජාතික සේවක සංගමයේ සභාපති ධූරයට මා පත්කල ගරු අගමැතිතුමා ප්‍රමුඛ සියලු පාක්ෂිකයින්ට මා ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. රාජපක්ෂ යුගය විසින් බිහි කළ නිලධාරිවාදය බිඳ දැමිය හැකි එකම සහ ප්‍රබලම කණ්ඩායම JSS එකයි. අප ඒක කළ යුතුයි:

      Delete
    2. AnonymousMay 14, 2016 at 3:14 PM

      අගමැතිත් ඉතින් බැඳුම්කර කිය කිය ඩොලර් බිලියන් ගණන් ණය අරන් ඒකෙනුත් ගසාකන කම්බ හොරෙක්නේ, කම්බ හොරෙකුට තව හොරෙක් ගැන කියල වැඩක් තියෙනවද???

      ඉතින් බැසිලට හරි මරාට හරි කිව්ව වගේම තමයි.

      Delete
  16. Serama aththa!Me yaka karanne Lankaweth loketh hama thanama awida awida wadakata nathi katha pawaththa pawaththa inna ekayi!Oya widihata nam Basilwa ath adanguwata nogena hitiyanam wada hondayi, nikam boru wihilu nokara.

    ReplyDelete
    Replies
    1. ඇයි බං අර "ඇඩ්‍රස් නෑ" ෆිල්ම් එක යන කාළේ පෝස්ටර් එකක් ගියේ...

      හිට්ලර් ගියා.... චැප්ලින් ආවා

      Delete
  17. My3.. already caught with his pants down.. now it's only a meter of time.

    ReplyDelete
  18. මුසෙවෙනිත් මුගාබේ වගේ අනූගාණක් යයිවගේ. දේශපාලනේ කරන උන් විශ්‍රාමයන්නේම නැද්ද මේ ජාතියෙ රටවල?

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ.... කැස්ත්‍රෝ වගේම විප්ලවයකින්ය ඇල්ලුවේ කියලා මහින්ද මහත්තයා කියලා තිබ්බේ... එයාට ඩිග්‍රියකුත් තියෙනවා ලූ........

      Delete
  19. මේ දේවල් එක්ක ජනතාවට ගන්න පුළුවන් පියවර මොකද්ද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. "බකං නිලාගෙන සිටීම...."

      Delete
  20. Me dushana kathawa sama bara nehe. Dan oya JSS gana kivuwane. nihathama de meliyala porak innawane. ooota kohomada piliyandala hotel ekak thiyenne. Samaharawita Buhari eke shakawakda danne nehe. ethakota nihal karunarathna kiyala ekek hitiye. ooota kohomada kottawe building ekak thiyenne. G lakshman kenekuta kohomada rupiyal 5 ta pol akkararayak labenne. Api avankawama dddshanyata wiruddha nehe. Apita thiyenne eerisiyawa. k

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය අනුග්‍රහය සහිත පෞදගලික සමාගම්...

      Delete
  21. අනේ බං බැසිලට මෙව්වා කරේ අර ප්රිසිදු රනිල් වහන්සේගේ සරල වාහන දෙකට සල්ලි චුට්ටක් වෙන් කරා කියල අඳ බාලයෝ මැසිවිලි කියන එක නවත්තන්න නේ.

    ReplyDelete
    Replies
    1. රනිල් එච්චර ළොකුද බං.... වාහන දෙකක ගෙනියන්න...

      Delete
  22. මේක තවත් ඉඟුරු දීලා මිරිස් ගැනීමක් විතරයි.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.... ඉඟුරු දීලා කොහොඹ ගත්තා වගේ....

      Delete
  23. මේ මොකෝ උඹලා ඔක්කොම අර අහිංසක ග්‍රාමසේවක සිරිපාල මහත්තයට බනින්නේ, ඒ මනුස්සය තව ජාතික දේශපාලනේට එන්න හිතලවත් නෑ හිටං . අනික ජනාධිපති මහින්ද මහත්තයාවත් ඒ මනුස්සයට කටක් ඇරලා බනින්නේ නෑ . හැබැයි සිරිපාල මහත්තයත් කවද හරි අඩුගානේ පාර්ලිමේන්තු මන්තිරි කෙනෙක්වත් වෙයි , එදාට ඔය විමධ්‍යගත අරමුදලේන්වත් මොනවා හරි වැඩක් කරයි

    ReplyDelete
    Replies
    1. මෙහෙම නායකයෙක් නම් සිරාවටම දැකලා නෑ මචෝ....

      Delete
  24. මාතලං රනිල්ව අතහැර මෛත්‍රිව ඉලක්කකරගෙන තිබෙන්නේ ආණ්ඩුවේ ප්‍රධානීයා මෛත්‍රී නිසාමද යන්න මහින්ද පමණක් දැක ඇති (මාතලංට අනුව දළරුවාට)මටනම් ගැටලුවක් ඇත. මටනම් පෙන්නේ මාතලංලා පිරිසිදු එජාප පාලනයක් හදාගන්නට අද සිටම වැඩ ආරම්භ කරලා තියෙන ආකාරයක්ය....

    මාතලං කතාවට කියන්නේ තමන් දුක්විදින පිඩාවිදින ජනතාවගේ පක්ෂයේ කියාය, එහෙත් බලාගෙන සිටින්නේ පිරිසිදු එජාප පාලනයකින් ආර්ථිකය සංවර්ධනය කරන තුරුය. එජාප පාලනයකින් රටේ ආර්ථිකය සංවර්ධනයවන බවත් එයින් මිනිසුන්ට ඇති පිඩනය අඩුවී යනු ඇතැයිද කිසිවකු හෝ විශ්වාස කරනවානම් එහි අවුලක් නැත. ලංකාවේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ එහෙමය, එහෙත් ගැටලුවනම් මෙතෙක් කල් එලෙස නොම වීමය... ඒ ඇයිද කියා නැවත බැලිය යුත්තේද ජනතාවමය....

    මාතලංලාට අනුව මෛත්‍රි කියන කියන විදිහට රනිල්ලාට නටන්න වී තිබෙන්නේ සහ දුෂිත නිලධාරින්ම තනතුරුවලට පත්කරගැනීමට ඉඩදී සිටින්නට වී තිබෙන්නේ රනිල්ලාට ඒවා පාලනය කරග්නනට බලය නැති නිසාය. එහෙත් එක්නැලිගොඩගේ බිරිදට තමන්ගේ ස්වාමියා මරාදැමු පුද්ගලයින් සම්බන්ධයෙන් නීතීය ක්‍රියාත්මක කරවා ගන්නට හැකිවී තිබෙන්නේ තමන්ට බලයක් හෝ හැකියාවක් ඇතිනිසා නොව ඒ සදහා අවශ්‍යතාවයක් ඇති නිසාය. රනිල් ඇතුලු එජාප නඩයට හොරු සහ දුෂකයින් අල්ලාගන්නට බැරිවී තියෙන්නේ එක්කෝ එක්නැලිගොඩගේ බිරිදට තරම්වත් බලයක් හෝ හැකියාවක් නැතිනිසාය, නැත්නම් ඔවුන්ට අවශ්‍යතාවයක් නැතිනිසාය. මාලංලානම් කියමින් යන්නේ බලයක් නැත කියාය. මමනම් කියටන්නේ අවශ්‍යතාවයක් නැත කියායය. තවත් සමහරුන්නම් කියන්නේ හැකියාවක් නැහැ කියාය.

    ආර්ථිකය සංවර්ධනය කරන්නට හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නොමැති එජාපයටවත්, හම්බකරන්නට බලාසිටින මහින්දගේ හොරු නඩයටවත්, කොහේට හෝ හේත්තුවී එදාවේල ගෙනියන මෛත්‍රි ඇතුලු කපටි නරින්ටවත් නොහැකිය, මොවුන්ට පුලුවන්කම තියෙන්නේ එදාවේල ගැටගසා ගනිමින් ආර්ථිකය පවත්වාගෙන යන්නට සහ තමන් බලයේ සිටිනා කාලයේදී පරම්පරා දෙකතුනකට හම්බකර ගැනීමට පමණය, අපට තියෙන්නේ හොදම හොරුන් හෝ නරකම හොරුන් චන්දයෙන් තොරාගන්නට පමණය. මට කණගාටුව තියෙන්නේ ආණ්ඩු ගනනාවක් දැක තියෙන දුක්විදන හා පිඩිත ජනතාව වෙනුවෙන් පෙනිසිටින මාතලංද දැනුවත්ව හෝ නොදැනුවත්ව තවත් ඒජාප සෙට් එකකට 2020 දී ගොඩයන්නට උදව් කරමින් සිටිනවා දකින විටය....

    ReplyDelete
    Replies
    1. පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව රටේ නායකයා වී සිටින්නේ රනිල් නොවේ සිරිසේනය...

      මහින්ද රාජපක්ෂ ජනවාරි 8 ට පෙර උන් තනතුර දරන්නේ රනිල් නොවේ....

      Delete
    2. පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්කර රට වටේ අරගෙන ගියේ රනිල්ය...

      ජනවාරි 8ට පසු ආර්ථිකය සම්බන්ධයෙන් බොහෝ තිරණ ගන්නේ රනිල්ය....

      රනිල් යනු ජනවාරි 8ට පෙර සිටි අගමැතිවැනි බලයක් නොමැති පුද්ගලයෙක් නොවේය, පාර්ලිමේන්තුවේ 225න් 107ක් තියෙන්නේ රනිල් අතේය, මෛත්‍රිලග තියෙන්නේ ජනාධිපති තනතුර අදාල නාමික බලය පමණය, 2002දී තරම් රනිල් ජනාධිපතිව දැන්ම හිරකරන්නේ නැත්තේ එක්කෝ කලින් කෙලවගත් නිසාය නැත්නම් මෛත්‍රි පොදු අපේක්ෂකයාවු නිසා ඔහුට සැලකීමටය.

      මාතලංලා අවශ්‍ය රනිල් මහින්ද ජනවාරි 8 පෙර සිටි තනතුරේ තියන්නටය, අපිට කියන්නට තියෙන්නේ රනිල් එතන ඉදගත්තාට හොරු අල්ලන්නේ නැතිබවත් හෝ හොරකම හා දුෂණය නැතිවන්නේ නැති බවය.

      Delete
    3. අප වොරි වෙන්නේ රනිල් එතන නැති නිසා නොවේ.... මේ රටේ නායකයා දුන් පොරොන්දු පසෙක තබා පිසු කෙලිනා එක ගැනය... පිස්සු කෙලින්නේ රනිල්ද මහින්දද ෆොන්සේකාද මහින්දද යන්න අපට කිසි සේත් අදාල වන්නේ නැත.

      මේ රටේ නායකයා මොකාදැයි නොදන්නා අත දරුවන් දැණුම්වත් කිරීම අපේ වගකීමක් නොවේ...

      Delete
    4. ප්‍රදීප් මංගල,

      ඔබ එජාප පාක්ශිකයින් ගැන ගැන අදහස් ඉදිරිපත් කල නිසා පහත දක්වා ඇත්තේ අමුම අමු ගොබ්බ රනිල් නමැති අසාර්ථක පුස් චරිතය වන්දනාමාන කරන මුග්ධ එජාප පාක්ශිකයන්ගේ ආකල්ප සමාලෝචනයකි;

      අන්ත දූශිත පාදඩ මැදමූලන මරා ඒ කාලෙ සිව්වැනි ඊළාම් යුද්දෙ (මානුෂික මෙහෙයුම් කියන බොරු නමින්) පටන් ගන්න කලින්------------

      * මහින්ද ආවොත් ආයෙත් යුද්දෙ පටන් ගන්නව
      * කොටින්ට තියෙන ආයුද එක්ක අපේ හමුදාවට හැරෙන්නවත් බෑ
      * මහින්ද යුද්දෙ කරොත් ජාත්‍යන්තරෙන් අපට කේස් වෙයි
      * බලන්නකො සටන් විරාමෙ නිසා අපි දැන් උතුරට නෑගම් යනව
      * ඔන්න අපේ ප්ලෑන් නිසා කරුණවත් කැඩුව
      * “පාරමීට/ ෆොන්සේකට බෝම්බ වැදිල බරපතලයි“ (පුවතක්). දැන් ඉතින් යුද්ද කරයි කියල තමයි බය
      * යුද්දෙ පටන් අරන් රට විනාස වෙන්නයි යන්නෙ. අමාරුවෙන් ගොඩනගපු සාමය දැන් ඉවරයි
      .
      ඒ කාලෙ (මානුෂික මෙහෙයුම් යන අතරතුරදී)-----------------

      * තොප්පිගල කියන්නෙ විසාල අමු කැලයක්. මොකක්ද මේකෙ තියෙන වැදගත්කම?
      * අයියෝ රට හැමතැනම බෝම්බ පිපිරෙනව. සටන් විරාමෙ තිබුණනම් මෙහෙම වෙන්නෙ නෑනෙ
      * මෙයාල අලිමංකඩ යනව කියල පාමංකඩ යන්නෙ, කිලිනොච්චි නෙවෙයි මැදවච්චි යන්නෙ
      * ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුලුවන්
      * හැම ගෙදරකටම මිනී එනව. බලන්නකෝ කරන විනාසෙ
      * ඔය ගහනව කිව්වට බලන්නකො අන්තිමට කන හැටි
      * ප්‍රභාකරන්ව මරන්න බෑ. දැන් කීපාරක් බොරු කිව්වද
      .
      මානුෂික මෙහෙයුමෙන් පස්සෙ-------------------------------------

      * ෆොන්සේක තමයි යුද්දෙ කරේ.
      * රට බේරගත්ත ෆොන්සේක ජනාධිපති කරමු
      * හමුදාව යුද්දෙදි මානව හිමිකම් කඩකරා
      * යුධ අපරාධත් කරලනෙ මුන්
      * කිසිම හේතුවක් නැතුව මිනිස්සුන්ව හිර කරන් ඉන්නව
      * ඉඩම් නිදහස් කරව්
      * හමුදා කඳවුරු ඉවත් කරව්
      * රණවිරුවෝ බාල්දු කරනවඋන්ට පඩි ගෙව ගෙව නිකන් ඉන්න නොදී වැඩ අරන්
      .
      දැන්-------------------------------------------------------------------

      * මහින්ද කොටින්ට සල්ලි දුන්න
      * කරුණ කියන්නෙ භයානක කොටියෙක්
      * මරාගෙන මැරෙන කොටි සැකකරුවන් අහින්සකයි. එයාල ගොඩක් දුක් විඳිනව, නිදහස් කරන්න ඕන. පව්නෙ
      * යුධ අපරාධ ගැන පරීක්ෂණ කරල ගෝටව අල්ලන්න ඕන
      * මියගිය කොටින්ට වන්දි ගෙවන්න ඕන
      * උතුරෙ මිනිස්සු ඉල්ලන දේවල් දෙන්න ඕන
      * අපේ වැඩපිලිවෙලට ජාත්‍යන්තරයෙ මාර පිලිගැනීමක් තියෙන්නෙ

      දැන් දැන් වෙල් විදානෙ කියන පිස්සු කල්වැද්දව ෆෝම් කරල;

      *මරායි ගෝටයි උඩබලන් ඉද්දි පකිස්තානෙන් ආයුද ඉල්ලගත්තෙ මම
      *මම (කලවැද්දා) තනියම තමයි ඔක්කොම කරේ
      * ගෝටා තමන්ටම බෝම්බ තියාගත්තා

      ----------------------------ඔන්න ඔහොමයි ඕකුන්ගෙ මෙලෝ රහක් නැති බන්කොලොත් ගොබ්බ තර්ක"

      - සම්පත් සාගර

      Delete
    5. රටේ බලය තියෙන්නේ මොකා අතේදැයි සහ ආණ්ඩුව මෙහෙයවන්නේ කවුදැයි මාතලං හැර ලෝකයම දන්නවාය, ඒ නිසාම මාතලං ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තිරණ ගන්නේ රනිල් ලොක්කා සහ එජාපයේ මැති ඇමතිවරු හැර අනිත් කට්ටිය එකතුවෙලා කියමින් මෛත්‍රි ඇතුලු යහපාලන නරින්ට නෙලාගෙන යනවාය

      මාතලංට ඇත්තටම අවශයතාවය තියෙන්නේ හොරු අල්ලන්ද,එලෙස නොවේනම් මාතලං විශ්වාස කරන පරිදි එජාපය සමග එකතුව ආර්ථිකය වර්ධනය කරගෙන රට ගොඩනගන්නද යන්න මටනම් පැහැදිලි නැතිය. මටනම් හිතන්නේ අවශ්‍යවන්නේ හොරු ඇල්ලීමටත්වඩා හොරකම් කිරීමට තියෙන ඉඩ ඇහිරිය යුතු බවය, ඒවා නීතී මගින් හෝ දඩුවම්කර පමණක් ලබාදීය හැකියැයි අතදරුවෙක්වන මටනම් සිතන්නේ නැත.

      ආණ්ඩුවෙන් දුන් පොරොන්දු ඉටුකරවා ගන්නට මෛත්‍රි පමණක් නොව රනිල්ටද බලපෑම් කල යුතුය.

      Delete
  25. හලොඕ මාතලන් සහෝදරයා ...................

    ReplyDelete
    Replies
    1. Hi dear
      After very very long time.
      So how r u?
      Howz life @ Malaysia???

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න