.

.

Jun 2, 2016

බ්ලොග් ළොවට එන චරිත තුනක් - Famous Three Coins



නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලත් එක්ක බ්ලොග් ගැන කතාබහ වැඩි වෙලා තියෙනවා. අනෙක් මාධ්‍යන් තුල බ්ලොග් වලට ඉඩක් ලැබුනේ ඒ නිසා වෙන්මයි. අළුතෙන් බ්ලොග් වලට එන රසික ප්‍රමාණය දැන් බොහොම වැඩියි. ඒ වගේම ලංකාවේ නමක් දිනාගත්ත ප්‍රසිද්ධ "පොරවල්" අළුතෙන් බ්ලොග් ලියන්න පටන් ගන්න එක බොහෝම ඉහළ දෙයක්. මාතලන් මේකට ආපු දවස් වල ඉඳන්, එහෙම අය මෙතනට ගේන්න ළොකු මහන්සියක් ගත්තා. තාමත් එහෙමයි. ඒ උත්සාහයන් එකක් දෙකක් ඵල දරලත් තියෙනවා.

සම හරක් බ්ලොග් වලින් අමුතු ළෝකයක් මවන්න උත්සාහ කරනවා. ඒත් ඒවා අර සාහිත්‍යයෙන් රට ගොඩ ගන්නවය, සුභාවිත ගීයෙන් රට ගොඩ ගන්නවය කියනවා වගේ අමු බයිලා. මොකෝ මේක කුහකයන්ගෙන් පිරි අම්මට සිරි ලංකාව මිසක්, ඔය මිනිස්සු කියන ජාතියේ මහා සඟිස්කුරුතියක්, මිනිසත් බවක්, ආගමක් අරකක් මේකක් තියෙන රටක් නෙමෙයි. ළෝකයේ තියෙන නොදියුණුම, කෙමෙන් වඳවීගෙන යන ළිං මැඩියෝ සෙට් එකක් ඉන්න වතුර වලක්. ඒත් ඒකෙන් ගොඩ එන්න දඟලන පිරිසකුත් ඉන්නවා. අන්න එහෙම උන් මොන ක්ෂේශ්ත්‍රයේ උන්නත් ජාතික වස්තූන්.

එහෙම වෙනස් විදියට හිතන පතන. වෙනසක් කරන්නට දත කන, රටේ ජනප්‍රිය චරිත තුනක් අළුතෙන් බ්ලොග් ළෝකෙට ඇවිල්ලා. අපි බලමු ඒ කව්ද කියලා

1. ශාන්ත කේ හේරත්

ශාන්ත කේ හේරත් කියන්නේ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්. අපි ඔහුව දැනගන්නේ දිවයින පත්තරෙන්. ඒ වගේම පොත් කවර නිර්මාණ චැම්පියන් කෙනෙක් විදියට. ඉස්සර දිවයින ඉරිදා සංග්‍රහයේ යන කෙටි කතාවට ශාන්තගේ චිත්‍රයක් තියෙනවාමයි. ඒ කාළේ අපි ඇබ්ස්ට්‍රැක්ට් ආර්ට් (භාවමය චිත්‍ර / සංඛේතාත්මක චිත්‍ර) කියන ඒවා තියා, මෙළෝ දෙයක් දන්නේ නැති උනාට, මේ චිත්‍ර ජනක රත්නායකගේ ඒවා වගේම බොහෝම රස වින්දා. ඇත්තටම ඔහු සම්ප්‍රදායේ යන කෙනෙක් නෙමෙයි. පිකාසෝ වගේම කෙනෙක්.

බ්ලොග් කාරයෝ සෙට් උන සොඳුරු සැඳෑවක ශාන්ත අපිත් එක්ක කතා කලා. (එයා බොන්නේ නෑ... බයිට් කනවා විතරයී) දැන් ඔහු දරුවන්ට චිත්‍ර උගන්වන පාසලක් පවත්වාගෙන යන ස්වාධීන පුද්ගලයෙක්. නම වගේම කතා බහත් බොහොම ශාන්තයි. ඒ වගේම අළුත් විදියට හිතන පතන පුදගලයෙක්. කියන්න කතා ගොඩක් තියෙනවා කියලා කිව්වේ. ඒ කතා දැන් ඔහු ඔහුගේ << සිත්තර සිතක් >> බ්ලොග් අඩවියේ පලකරනවා. විවේකයක් තියෙන වෙලාවක ගොඩ වෙලා බලන්න.

2. වසන්ත සනත්

ඔහුත් චිත්‍ර ශිල්පියෙක්. නොම්මර එකේ පෝට්‍රේයිට් පේන්ටර් කෙනෙක්. (ආලේඛන චිත්‍ර ශිල්පියෙක්). ඕනම කෙනෙක් පණ පිහිටුවලා අඳින්න පුළුවන් සුප්‍රසිද්ධ කළාකරුවෙක්. ඒ වගේම බොහෝම නිහතමානි පුද්ගලයෙක්. මම හිතන හැටියට ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් හැම කෙනාම වගේ වසන්ත චිත්‍රයට නගා තියෙනවා. ඒ වගේම ඔහුගේත් අනන්‍යතාවයක් හෙවත් සිවිශේෂීතාවයකුත් තියෙනවා. ඒ තමයි ඔහුගේ චිත්‍ර සියල්ලම සඳහා ඔහු යොදා ගන්නේ පැන්සල පමණක් වීම.

අපි ඉස්සර වසනතගේ දැකලා තිබුනේ ආළේඛන චිත්‍ර පමණයි. එහෙත් දැන් ඔහු නොයෙක් වස්තූන් ස්වභාවික ආකාරයෙන්ම කළු සුදු වලින් චිත්‍රයට නගනවා. ඒවා පුදුම උපදවනු සුළු මහාර්ඝ නිර්මාණ. ඔහුගේ චිත්‍ර ප්‍රදර්ශණ බොහෝම ජනප්‍රියයි. චිත්‍ර ප්‍රදර්ශණ පවත්වන නමින්ම ඔහුත් බ්ලොග් එකක් පටන් අරගෙන. << මගේ පැන්සල >>. අපූරුයි ගිහින් බලන්න.

3. සමන්ත විද්‍යාරත්න

දුයිෂෙන් කියන්නේ රුසියානු පරිවර්ථන කෘතියක් වන, "ගුරු ගීතයේ" ඉස්කෝල මාස්ටර් කෙනෙක්. හැබයි එයා අනෙක් ඉස්කෝල මාස්ටර්ලගෙන් ගොඩක් වෙනස්. මෙයත් අන්න ඒ වගේ, ලංකාවම දන්න දුයිෂෙන් කෙනෙක්. කොහොමත් අපූරූ චරිතයක්. ඔහු එන්නේ අති දුෂ්කර ප්‍රදේශයක් වන ඌව පලාතෙන්. කට්ට කියන එකේ හොඳම එකෙන්, අදත් කන මනුස්සයෙක්. ඔහුගේ දේශපාලන දැක්ම අපට අදාල නෑ. ඒත් පුද්ගලයෙක් වශයෙන් පාට පක්ෂ බේදයකින් තොරව කවුරුත් ඔහුට ආදරෙයි.

ඔවු ඌ ජෙප්පෙක් තමයි. අපි ඌගේ දේශපාලනය පැත්තකින් තියලා, ඌ කියන දේට විතරක් සවන් දෙමු. ඒක රස විඳිමු. ඒ ලිවිල්ල බොහෝම සුන්දරයි. ඌගේ කතාව වගේම සුන්දරයි. හදවතේ ගැඹුරටම හෙවත්, බොක්කටම වදිනවා. මම හිතන්නේ රෝහණ සහ විමලේ ඇරුනාම, ජෙප්පන්ගේ පොත් ලියපු වෙන එකෙක් නෑ. ඉතින් මේ සොඳුරු සටහන් දවසක පොතක් ලෙස එලියට එන්නත් ඉඩ තියෙනවා.

<< දුයිෂෙන්ගේ අඩවිය >>. ඌව වගේම සුන්දරයි.. පට්ට රහයි..

බ්ලොග් ලියන්න ආවට උඹලා තුන් දෙනාටම බොහෝම ස්තූතියි. ඒක අපිට ආඩම්බරයක්....

76 comments:

  1. දැං එහෙනං අපිත් පොරවල්.. හා හා.. හැක්

    ReplyDelete
  2. වසන්ත සනත් හඳුනාගන්නේ මෙතනින් හරි අපුරු පුද්ගලයෙක් බව පෙනෙනවා . අනෙක් දෙදෙනා එවැනි අය බව අපි හොඳින් තේරුම් අරන් ඉන්නේ.. තුන්දෙනාටම බ්ලොග් සංකල්පය බබළවන්න ලැබේවා දුයිෂෙන් නම් පොස්ට් දෙකෙන් පෙන්නුවා තමන්ගේ හැකියාව..

    ReplyDelete
    Replies
    1. ලිවිල්ලත් උගේ කතාව වගේමයි....

      Delete
    2. //ලොකුබණ්ඩා මුත්තා උන්දා තම ගම ප්‍රදේශය වෙනුවෙන් බැරූරුම් ප්‍රශ්ණයක් යොමුකලා. එහෙම අහපු උන්දැ කතාව අතහැරියේ නෑ. උන්දැ මගෙන් අහනවා,


      “හොඳයි මහත්තයො, මහත්තයා දැනුම් තේරුම් ඇති කෙනෙක් නොවැ. දැන් මහත්තය කියන්ටකො බලන්න අපේ මේ ගම මේ උඩමාඳුර, මේ නිල්දණ්ඩාහින්න, මේ වලපනේ පැත්තෙ අපේවුන්ගේ අතට මිල මුදලක් එන්න මේ පළාත දියුණු කොරන්ට මහත්තයලට මොකක්ද තියෙන වැඩපිළිවෙල? මහත්තයලා ඒ වෙනුවෙන් මොකක්ද කොරන්නෙ?“// හරියට හරි...

      Delete
  3. ජයවේවා..
    බ්ලොග් සහෝදරත්වය දිනේවා...
    මාතෙ එක්ක බියර් එකක් බොන්න වෙලාවක් ලැබේවා

    ReplyDelete
    Replies
    1. අනිවා... දෙසැම්බර් 31 ට කලින්නේ... මට අමතක නෑ...

      Delete
  4. ස්තුතියි.. මාතලන් මහතාගේ වර්ණනාවලට....

    ReplyDelete
    Replies
    1. "මාතලන් මහතාගේ.." හැක්.... හැක්..... මිට්ටර් මාතලන්...

      ගනන් ගන්න එපා මචෝ....

      Delete
  5. වසන්ත සනත්ගෙ බ්ලොග් අඩවිය විතරයි මෙතනින් කියවලා නැති එක... එකත් බලන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. කියවන්න නම් බෑ..... බලන්න තමයි තියෙන්නේ...

      Delete
    2. කියුවට මාතේට ස්තුතිය...

      Delete
  6. ඉතාම සතුටුයි. ඇත්තෙන්ම බ්ලොග් සම්මාන උලෙල නිසයි මේ හැම දෙයක්ම.මේ විදියට ප්‍රසිද්ධ අය බ්ලොග් ලියන්න පටන් ගන්නව කියන්නෙ බ්ලොග් ප්‍රධාන ධාරාවෙ මාධ්‍යයක් වීම වැඩි ඈතක නෙමෙයි. දැන් ඉතින් බ්ලොග් සැබෑ සංවාද මන්ඩපයක් වෙයි. ජයවේවා.

    ReplyDelete
  7. හඳුන්වා දීම ගැන සතුටුයි. අප හිතමිත්‍ර ශාන්ත කේ. හේරත් බ්ලොග් එකක් පටන් අරන් බව දන්නෙත් මෙතැනින්.
    තුන් දෙනාටම සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. උඹ වගේ එකෙක් ඉන්න එකත් ආඩම්බරයක්... මගේ නම් අදහස හැම පත්තර කාරයාටම බ්ලොග් එකක් තිබිය යුතුමයි කියන එක...

      Delete
  8. සමන්තගෙ එකනං බලනව. බලමු අනික් දෙකත් මොන වගේද කියල.

    ReplyDelete
    Replies
    1. සමන්තගෙ එක බලනවා කිව්වේ... :)

      Delete
    2. මට හිතාගන්න බැරි අර චිත්‍ර තියෙන එකට කොමෙන්ට් දාන්නෙ කොහොමද කියල. හැමදාම එකම තමයි දාන්න වෙන්නෙ. හැක්

      අපි ඉතිං කො.කා. ලනෙ. (කොමෙන්ට් කාරයො)

      Delete
    3. කො.කා.ලා...පට්ට කොකාලා.....කොකාලා එක්ක සෙල්ලං දාන්න එපා. තනි කකුලෙන් ඉඳගෙන හරි අපි ගේමේ. නැද්ද ප්‍රසා..

      Delete
  9. තුනම වෙඩි වගේ....

    ReplyDelete
  10. ශාන්ත හරිම ශාන්ත මනුස්සකම උතුරා යන කෙනෙක්...
    හැම සැඳෑවකදීම හමුවෙමු ඉදිරියේදිත්...
    වසන්ත සනත් කියවන්න බෑනේ හැබැයි බලන්න පුලුවන්....ඒක බ්ලොගාර්ට් එකක් නේ???

    ReplyDelete
    Replies
    1. හැබැයි එදා හෝටලයේ දී යෝධයන් ගොඩක් එකතු වෙලා ඒ අහිංසකයව ක්‍රෂ් කරලා දානවා තව පොඩ්ඩෙන්.

      Delete
    2. හැබැයි එදා හෝටලයේ දී යෝධයන් ගොඩක් එකතු වෙලා ඒ අහිංසකයව ක්‍රෂ් කරලා දානවා තව පොඩ්ඩෙන්.

      Delete
    3. ඒ සැඳෑව ඕගනයිස් කරපු චෙෆාකිටත් අපේ ප්‍රමාණය....

      Delete
    4. බොන්න දීලා සෙට් වෙච්ච එවුන් ද මේ සෙට් එක නරකම නැහැ එහෙනම් මෙගොලන්ටත් සම්මාන ලැබෙයි නේද මාතලන්

      Delete
  11. සිත්තර සිතක් හා මගේ පැන්සල බ්ලොග් අඩවි වල සැරිසරනවා. දුයිෂෙන්ගේ අඩවිය ගැන දැන ගත්තේ බ්ලොග් වසන්තයෙන්.

    එදා මෙදා බ්ලොග් ඔක්කෝම පණ ගහලා ගන්න පුළුවන් නම් මතිමතාන්තර මොනවා වුණත් වැඩක් කරන්න පුළුවන් එකතුව.

    ReplyDelete
    Replies
    1. මත ගැටෙන එක කොහෙත් තියෙන දෙයක් නේ මචෝ.... මෙතන කියලා වෙනසක් නෑ...

      Delete
  12. ස්තූතියි මාතලන්, මගේ පැන්සල ගැන දැනගත්තෙ අද....:)

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා රවියො....

      Delete
  13. ඉතාම හොඳ ප්‍රවනතාවක්.

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. සමන්ත ගෙ බ්ලොග් එකනම් උබේ සින්ඩියෙ දැකල කියෙව්ව. ලිවිල්ල නම් නියමයි.. ලංකාවට ආවහම චැට් එකක් දාන්න ඉන්න ලිස්ට් එකේ ඉන්න තවත් බුවෙක්. උබෙ අතහිත දෙන එකනම් ගොඩක් හොද දෙයක්. ජය වේවා..!!

    ReplyDelete
  16. අලුතින් බ්ලොග් ලියන්න කට්ටිය එකතුවෙන එක මොනතරම් දෙයක්ද.ලිවිල්ල දිගටම පවත්වාගෙන යන්නට ධෛර්යය දෙන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. /////ලිවිල්ල දිගටම පවත්වාගෙන යන්නට ධෛර්යය දෙන්න ඕනෑ./////

      ඒකනේ හැලපේ කොකාලා කරන්නේ...

      Delete
    2. කොමෙන්ට්ස් තමයි එකම බෙහෙත....

      Delete
  17. ජයවේවා! බදුල්ලෙන් තව බ්ලොගෙක්..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ශාන්තත් ඒ පැත්තේ....

      Delete
  18. ළොවට! හැක්!

    ReplyDelete
    Replies
    1. මොකෝ ඩෝ හැක් ගාන්නේ....

      Delete
  19. මෛ් හඳුන්වා දීම නම් ඉතාම වටිනවා. මේ අතරින් මට හමුවී තිබුණෙ සමන්ගෙ‍ෙ දුයිෂෙන්ගෙ අඩවිය විතරයි. ශාන්තයි වසන්තයි දෙන්නත් එකතු වෙලා ඉන්න එක ලොකු සතුටක් මේ හඳුන්වා දීම වෙනුවෙන් මාතලන්ට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල ඉතින් කියවනවා විතරයි. ඒවත් ඉතින් බුකියට ලින්ක් දානඒවගේ විතරයි.සමන්තගේ එක කියවනවා කීර්ති අයියා ලින්ක් දානනිසා.

      හතවලාමේ වෙච්ච දේට මක්කොරන්නද....

      කටුස්සා

      Delete
    2. ඒක අපේ යුතුකමක් නේද....

      හලෝ කටුස්සා... කොහොමෙයි ජීවිතේ...

      Delete
  20. ශාන්ත කේ. හේරත්ගේ බ්ලොග් එකනම් මම ගොඩාක් ඈතක ඉඳන් යන තැනක්. අනික් දෙක ගැන හෝඩුවාවට බොහොම ස්තුතියි මාතේ. සමන්තගේ පරිසර කතාවෙන් මේ මිනිහා ගැන පැහැදීමක් ඇති වුණා. ඒකට ලංකාවේ සියැටල් කියන්න පුළුවන්. බලමු ඉඩ ලැබෙන විදියට කියවන්න.

    ReplyDelete
    Replies
    1. එකක් නම් කියවන්න ඕන නෑ නේ... බලන්න විතරයි තියෙන්නේ...

      Delete
  21. ශාන්තගේ චිත්‍ර වලට මම කවදත් ප්‍රියයි. ඒ style එක unique. ඒ වගේම ශාන්තයි. ශාන්තගේ චිත්‍ර වගේමයි සමන්තගේ කතා. මම ජෙප්පෙක් නොවුනත් (හැබැයි මම ජෙප්පන්ටත් චන්දෙ දීල තියෙනවා ඒ දවස්වල) සමන්තටයි, සමන්තගෙ කතාවටයි කැමතියි. ඒත් වසන්ත සනත් මට අලුත්. අදයි මම ඒ දක්ෂය ගැන දැනගත්තේ.

    දන්නා දෙන්නගෙයි, නොදන්නා එක්කෙනාගෙයි බ්ලොග් ගැන දැනගත්තේ දැනුයි.

    දැනුවත් කළාට 'මාතා' ට thanks.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එකටත් ස්තූතියි...

      Delete
  22. සමන්තගේ බ්ලොගේ මම ඊයෙ කමෙන්ට් එකක් දැම්මා. මේම චරිත බ්ලොගට එන එක, බ්ලොග් පැත්ත බලන එක සතුටක් කියලා.
    අනිත් බ්ලොග් දෙකත් ෆලෝවක් දාන්ටෝනි.

    ජය වේවා කිව්වා !

    ReplyDelete
  23. අනිත් බ්ලොග් දෙක නම් දැක්කේ නැහැ කලින්. මාතලන් ලියපු එක හොඳයි ගොඩවෙලා බලන්න.

    ReplyDelete
  24. //ඒ කාළේ අපි ඇබ්ස්ට්‍රැක්ට් ආර්ට් (භාවමය චිත්‍ර / සංඛේතාත්මක චිත්‍ර) කියන ඒවා තියා, මෙළෝ දෙයක් දන්නේ නැති උනාට,

    දැන් දන්නවද? :)

    ReplyDelete
    Replies
    1. තාමත් දන්න දේට වඩා නොදන්න දේ බොහෝමයි....

      Delete
  25. සතුටුයි, ඒවගේම බ්ලොග් ගෝලයේ ආකර්ෂණය ප්‍රබල වේගෙන යන බවත් ධනබලහිමියන්ගේ මාධ්‍ය ගුරුත්වකේන්ද්‍රය සෙලවී ඒ පැත්තට පොඩියක් චලනයවන බව නොවේද කියවෙන්නේ.

    ReplyDelete
  26. Sththarasithak blog eka matahoya ganna bene kohomada eka type karanne

    ReplyDelete
  27. Sththarasithak blog eka matahoya ganna bene kohomada eka type karanne

    ReplyDelete
  28. අපිට 7 වසරෙදි චිත්‍ර ඉගැන්නුවේ ගෝමස් හේවගේ කියලා සර් කෙනෙක්.
    මට චිත්‍රශිල්පියෙක් වෙන්න බැරිවුනා මොකද මට හිතලා අඳින්න බෑ. ඉබේ ඇඳවෙන්න ඕනෙ. නමුත් සර්ගෙන් ඉගෙනගත් දැනුම ටිංකරින් වැඩක්, වඩු වැඩක් මේසන් වැඩක් වගේ දේකදි ප්‍රයෝජනවත් වෙන බව දැනෙනවා.

    ReplyDelete
  29. Good that new blog write people come. I also new to blog write.

    ReplyDelete
  30. මන් බැලුව මන් ගැනද මේ ලියන්නේ කියල- සුදුකුකුලා

    ReplyDelete
  31. උඹ කල වැඩේ හොඳයි. ශාන්තගෙ බ්ලොග් එක්ලට නම් මම ගිහින් තියෙනවා. අනිත් දෙකටත් යන්න ඕනෙ.

    ReplyDelete
  32. tnx macho . .
    kaalekata passé aaye blogs kiyawanna kiyala hituwaa.

    ReplyDelete
  33. මේ තවත් අලුත් බ්ලොග් එකක් ... http://rabaagelokaya.blogspot.com.au/2016/06/blog-post.html?m=1

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න