.

.

Aug 21, 2016

මහින්ද ෆැන්ටසිය පුපුරා යාම තුල මෛත්‍රිය ප්‍රශ්ණ කිරීම - Maithri's Democracy questioned by Mahinda Fantacy


 
මහ මැතිවරණයකින් පසු පිහිටවූ හවුල් ආන්ඩුවට වසරක් පිරීම වෙනුවෙන් මාතර පැවති රැලියේදී ජනාධිපති තුමා පැවත්වූ කතාව මහත් ආන්දෝලනයකට ලක් වෙලා තියෙනවාය. පසුගිය දින කීපයේ මාතලන් මේ පිළිබඳව දරන මතය, මධු සාදයන්හීද, බුකියේද, ඊ මේල් වලද දරුණු ලෙසම විවිවේචනයට ලක් උනේය. එයිටාමතරව ඒ පිළිබඳව මක්කා හෝ ලියන්නෙයි කියා ලැබුනු ඊ තැපෑල කීපයක්ද උනේය.

මහින්ද මහත්තයා නව පක්ෂයක් එලි දැක්වූවොත් සියළුම රහස් එලියට දමා පාරක් පාරක් ගානේ යෑමට සලවනවා කියා දුන් වෝනින් එක මේ ප්‍රශ්ණයේ මුල වෙලා තියෙනවාය. මෙය යහපාලන ප්‍රකාෂයක් නොවනා බවද, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාෂයක් නොවනා බවද කියන පිරිසක් සිටිනාතර. මේ පිලිබඳව සතුටු වන පිරිසක්ද සිටින්නේය. මෙයට විරුද්ධ වන හා හෙලා දකින පිරිස ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට බෙදා වෙන් කල හැක.
  • මහින්ද නැවත බලය ලබා ගනී යයි බලාපොරොත්තු තබාගෙන සිටිනා, අන්ත අසරණ වහල් බයියන්.
  • පොදු අපේක්ෂකයා බලයට පත් කලද, බයියන්ගේ බේගල් වලට රැවටී, රට අගාධයකට යැයි කියා සිතනා මෝඩ "සිංහ ලේ" ටොයියන්.
  • ආන්ඩුව ආර්ථික වශයෙන් හා කළමණාකරනයෙන් දුර්වල යැයි සිතනා ටොයියන් (එහෙම පොඩි කේස් එකක් තිබිනි)
  • අමුම අමු මෝඩයන් පිරිසක් වන, සුනු විසිනු කල ආර්ථිකයක් මැජික් එකකින් මෙන් වසරක් දෙකක් තුල ගොඩ නගා සිටුවිය හැකි යයි සිතනා ළිං මැඩියන්. (විප්ලවයන් වලින් රටවල් ගොඩ ගැන්මට ඊට වඩා කාළයක් ගතව ඇත.)
  • එලොවටත් මෙලොවටත් නැති පුක සේදීමට පමණක් භාවිතා කරනා වමක් ගැන සිහිණ මවනා, කියුබානූ සහෝදරයින්.
  • ගල් යුගයේ ජීවත් වන, අයිස් ගසමින් ආන්ඩුවේ පින් පඩි කන යුනියන් මාෆියාව හා කාළකන්නි නිළධාරින්.
     
මේ සියළුම පිරිස් එක පොදු සාධකයක් තුලදී එකම පිරිසක් බවට පත් වෙනවාය. ඒ මේ සියල්ලන්ම ජීවත් වන්නේ "යහපාලනයක්" තුල නොව, "මහින්ද ෆැන්ටසිය" තුල වීමය. හවුල් ආන්ඩුවේද ගතින් සිරිසේනට පෙම් කලද, සිතින් මහින්ද හා සිටින පිරිස ප්‍රමාණයෙන් බොහෝ වැඩිය. උන් එකෙක්වත් මහින්ද ගැන කෙල පිඩක් බිම හෙලන්නේ නැත්තේ ඒ නිසාය.

Cartoon by - Janaka Ratnayake
මේ සියළු දෙනාම සිතාගෙන සිටින්නේ, තවමත් මේ රටේ ජනාධිපති මහින්ද මහත්තයා කියලාය. එයට හේතූන්ද බොහෝය. ප්‍රධානම හේතුව, මහින්ද තවමත් එසේ සිතා සිටීමය. ඒකට කියන්නේ මහින්ද ෆැන්ටසිය කියායා. මහින්ද ෆැන්ටසිය තුල, මෛත්‍රීය පතුරුවනා ජනාධීපති, හාල්පාරුවෙක්ය. වඩාත් ජනප්‍රිය රූපවාහිනි තුලද, පුවත්පත් වලද, අදටත් ඉන්නේ මහින්ද මහත්තයාය. ඒ බව ආමන්ත්‍රණය තුලම පැහැදිලිව තිබෙනවාය. ඒවා ජනපති මාධ්‍ය ඒකකයේ ගොන් කම් මිස, මහින්ද මහත්තයාගේවත්, පොල්පිති මාධ්‍යකරුවන්ගේවත් වරදක් නොවේය. උන්ට වත්මන් ජනාධිපති තුමා පක්ෂයේ සභාපතිය. මහින්ද මහත්තයා ජනපතිය. 

ඉදින් මාතරදි සිඳුවන්නේ කුමක්ද? මෙන්න මේ මාතලන් කලින් සඳහන් කළ "මහින්ද ෆැන්ටසිය" කුඩේ කුඩු වීමය. මුන් හැම එකාම හිතාගෙන හිටියේ චන්ඩියා මහින්දෙයි කියලාය. මෛත්‍රීපාල මහින්දට බය කොන්ද පණ නැති, හරියට අඳින්න දන්නේ නැති, කන්න දන්නේ නැති, නෝනජල් පොරක් කියාය. පක්ෂයේ නායකයා පමණක් නොව රටේද නායකයා පාද යාත්‍රාවේදී ආප්පයා වන්නේ ඒ නිසාය, රනිල් සමඟ නිදි වදිනා පොලොන්නරුවේ කලවැද්දා වන්නේ ඒ නිසාය. ඒවා කියලාත් කට පුක වහගෙන උන් නිසා මුන් ටික උන්නේ පුක චූන් වෙලාය. ඒ හේතුවෙන්ම, මුන්ගේ පිලේ මිනීමරුවන්ට කෙලවන, අතුරුදන් උන් සෙවීමේ මණ්ඩලේට විරුද්ධව ඒකාබද්ධ මළබද්ද මණ්ඩලේ පාර්ලිමේන්තුවේ තප්පුලන්නේය. පාද යාත්‍රාවේ ස්ලෝගන් උන් උත්තරීතරයයි කියනා පාර්ලිමෙන්තුවෙත් කිසි බයක් හැකක් නැතිව ඇදලා අරින්නේය.

මහින්ද හා එකාබද්ධ මලබද්ධයේ ඉන්නේ මක්කුන්ද? තනි පක්ෂයකින් තරඟ කොට කිසි දිනෙක සමූපකාරයකටවත් පත් විය නොහැකි ත්‍රී වීල් පක්ෂ නායකයන්, කම්බා හොරුන්, ඩේට් එක්ස්පයර් අන්තඃපුර ළඳුන්, දූෂිතයින් හා නාමල් කුමරාගේ අන්තේවාසිකයින් පිරිසකි. ඇත්තටම මේ පිරිස වෙනම සිටීමෙන් ජාතික යුතුකම් දෙකක් ඉටුකරමින් සිටී, එකක් නම් මක්කා කොලත් විපක්ෂයේ කාර්යභාර්ය ඉටු කරනා එකය. අනෙක් නම් මේ ආන්ඩුවට හේත්තු වී ජාම බේරා නොගන්නා එකය. ඇත්තටම මුන් ටිකත් ආන්ඩුවට එක් වූවා නම් සිඳු වන්නේ කුමක්ද?

FCID ය මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හා දූෂණ කොමිසම, ජාධිපති විමර්ෂණ කාර්යාලය පමණක් නොව අතුරුදන් උන් සෙවීමේ මණ්ඩලයද වසා දැමීමට සිඳු වීමය. ආන්ඩුවට සම්බන්ධ වීමේ පිනෙන් මුන් හා එක් වී මේ රටේ ධනය හොරා කෑ නිළධාරි පිරිසද කිසි අවුලක් නැතිව ගේම ඉදිරියටම ගෙන යාමය. එහෙම ආවා නම් ආන්ඩු වෙනසෙන් ඇති ඵලක් තිබේද?

ජනතාවට උවමනා වී තිබුනේ මහින්ද රෙජිමය ගෙදර යැවීම පමණක් නොවේ. මහින්ද පාලනය තුල මේ රටේ සෑම තැනම ව්‍යාප්ත වූ ඒ කාළකන්නි සංස්කෘතියද මුලිමනින්ම අතු ගා දැමීමය. උන් සම හරක් ආන්ඩුව අස්සේ දාගෙන කරන්නේ, ඇත්ත වශයෙන්ම ජනතාවට ද්‍රෝහී වීමය. වෙනසක් බලාපොරොත්තුවෙන් ඡන්දය දුන් උන්ගේ කළකිරීමක් ඇතිවනවා නම් ඒකත් සාධාරණය. 

නමුත් මුන් ඔක්කෝටම අමතකව ගිය මාතලන්ට පමණක් මතක තිබු දෙය වූයේ, නම මෛත්‍රී වූවද, මෛත්‍රීපාල සිරිසේන යනු ලංකාවේ විධායක ජනාධිපති කියනා එකය. කිසිවකුත් නොසිතූ පරිදි ගේම පටන් ගන්නේ පාද යාත්‍රා ඕගනයිස් කරපු ශ්‍රී ලංකා එකේ සීනියර් උන් පිරිසකට පුකට පයින් ගසා එලවා, උන්ගේම ගෝලයන්ට ආසන සංවිධායක කම් දිස්ත්‍රික් නායකකම් දීමෙන්ය. ඉන් පස්සේ අන්දුන් කුන්දුන් වෙලා, පිස්සු පීකූදු වෙලා, මස්තබාල්දු වෙලාම යන්නේ, මාතර දුන්න ප්‍රජාචන්ච්‍ර විරෝධි ටෝක්ස් එකෙන්ය. දැන් ඉතිරි උන් කරන්නේ, පුකට පයින් ගසා එලවන්නට පෙර ගරු නම්බු ඇතිව ඉල්ලා අස්වීමය. එහෙම අස් උන දෙන්නා නිසා සමහර විට ශ්‍රීලනීපය නැති භංගස්ථාන වෙලා යන්නත් ඉඩ තියෙනවාය. 

Cartoon by - Awantha Artigala
මාතලන් මුල ඉඳන් කිව්වේ, ප්‍රජාතන්ත්‍රවාදය කියා හරියට කියන්නවත් බැරි එකාධිපතියන්ට මෙන්ම, මෙවන් පට්ට ගෝත්‍රිකයින් පිරිසක් සිටිනා රටකට ඕනා ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නැතෙයි කියලාය. හැම දාම කී අනෙක් කාරණය වූයේ ජනාධිපති කම් තියාගෙන ඔහොම ඉන්නවා නම්, ජනාධිපති කමට දවසක වෙන්නේ, ගමේ ගෑණූ නයා අරගෙන දරමිටි ගැට ගහපු වැඩේ වෙයි කියලාය. මහින්ද ෆැන්ටසිය තුල ජීවත් වූ උන්ද හිතාගෙන උන්නේ එහෙම්මමය.
 
ජනාධිපතිගේ ප්‍රකාෂයේ ප්‍රජාතන්ත්‍රවාදය සැසඳිය යුත්තේ ඔහු තර්ජනාව එල්ල කළ පිරිසට සාපෙක්ෂවය. මා මගේ සියළු මිතුරන්ට කීවේ මහින්දට දෙන්න ඕනා මහින්දගේ බෙහෙත් කියලාය. එය ප්‍රජාතන්ත්‍රවාදය නොවුනත් එයින් මහින්දගේ ලෙඩේ සනීප වෙනවාය. හරියට ප්‍රභාකරන්ට දුන්නා වාගේය. ත්‍රස්තවාදියාට ත්‍රස්තවාදයෙන්ම දුන්නා වාගේය. ජනාධිපති තුමා නොකීවාට ඔය සියළුම රහස් ජනතාව දැන ගන්නවාය. ඒ බව තේරුම් ගිය මහින්දගේ රැස්පොට් බැහපු බවකුත් පේනවාය. අද මහින්දට තිබෙනා ප්‍රශ්ණය අතුරුදහන් උන් සෙවීමවත්, එට්කා අස්සන් කොරනා එකවත්, සයිටම්වත්, හමුදාවේ උන් හිරේ යන එකවත් නෙවේය. රටට හෙන ගැහුවත් එයාලාට අවුලක් නැතිය. හොරා කෑ සල්ලි ටික බේරා ගන්නේ කෙසේදෝ කියනා එකය.

ඇත්තටම මෛත්‍රිපාල මහත්තයාට තියෙන්නේ ඔය පක්ෂේ පිහිටුවා ගන්න දෙන්නේ නෑ කියනා එක නෙමේය. පුළුවන් නම් පිහිටුවලා, දිනලා පෙන්නන්නෙයි කියලාය. ඔය ප්‍රාදේශීය සභාවල කෑ ගහන්නේත් ප්‍රාදේශීය කම්බා හොරුය, ගමේ අය උන්ගේ කැරැක්ටරේ හොඳට දන්නවාය. උන් වැජඹුනේ මහින්දගේ බැසිල්ගේ කටු කාලාය. හොරා කෑමේ යාන්ත්‍රනයේ කෙලවර උනේ ඔතනය. ඒ නිසා ඔය කාළකන්නි කොල පිච්චුවාට, ගමේ උන් බලාගෙන ඉන්නේ චෑන්ස් එකක් හම්බ උනොත්, ඕකුන් පණ පිටින් පුච්චන්නය. මේ හම්බ උන චැන්ස් එකෙන් කල යුත්තේ පක්ෂය පිරිසිඳු කර ගන්නා එකය.

මහින්ද ෆැන්ටසිය කුඩු කර දැම්මාට අපේ ගෞරවය කිසි ලෝස් එකක් නැතිව මෛත්‍රි මහතාට දෙනවා හිටංය. ඔය කියන විදියටම ප්‍රජාතන්ත්‍රවාදි වෙනවා නම්, අයිසිස් කාරයෝ මෙහේ ඇවිල්ලා පක්ෂයක් පිහිටුවන්න හැදුවොත් ඒකටත් අවසර දෙන්න වෙනවාය. ඇල් ටී ටී එක පක්ෂයක් ලෙස පිලිගන්නෙයි කිව්වොත් ඒකත් පිලිගන්න වෙනවාය. ප්‍රජාතන්ත්‍රවාදේ අපට දැන්ම ඕනා නැතිය. ඉස්සෙල්ලා රට හැදිය යුතුය. ජනතාව දිනා ගත යුතුය. සමෘධිමත් කල යුතුය. ඔය වාදේ ඊට පස්සේ දුන්නාම ඇතිය. ඔය ඒකාධිපති ෆැන්ටසි මාෆියාව කුඩු කලාක් මෙන් තවත් කුඩු කර දැමිය යුතු මාෆියාවන් හා ෆැන්ටසි කීපයක්ද තියෙනවාය. ඒවාටත් ඔය බේතෙන්ම දෙනවා නම් හරි අගේය.

118 comments:

  1. මෛත්‍රීපාල සිරිසේන ලොක්කගේ මාතර කතාවට අපිත් බොක්කෙන්ම ලයික්.......
    ඔන්න ඔහොම තමා ඉන්න ඕන......

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතින් විධාඅයක ජනපති කමෙන් වැඩක් තියේය.. ඔය ග්‍රාමසේවක කමක්ම කොරගෙන ඉන්න තිබුනා නේ...

      Delete
    2. උඹලගේ මත වාදේ ෆුල් අබ්ලික් කියන්නේ ඕකටම තමයි ! කාලෙකදි විධායක ජනාධිපතිකම කියන මුව හමට දඩි බාපු උඹලා, උඹලාගේ එකෙක් ඒ මුව හම පෙරෝගෙන මොන දහ ජරා වැඩ කරනකොට ඒකට හුරේ දානවා......!!

      Delete
    3. මම කවදාවත් කියලා නෑ විධායකය අහෝසි කරන්නෙයි කියලා.. විධායකය තමයි මේ රටේ ජනම් එකේ මානසිකත්වයට ගැලපෙන්නේ හා ජනවරම ලබන අනෙක් බූරුවන් මෙල්ල කරන්න තියෙන එකම තනතුර. ගැබයි රටට ඕන සුන්දර ඒකාධිපතියෙක්. රට හදන එකෙක්. මම් ඝෝඨාභයට කැමතිත් ඒකයි, මහින්දට කැමති වෙලා උන්නෙත් ඒකයි.. මාතලන් ඒ කාළේ ඉඳන් කියවන එකෙක් නම් මේ දේ පැහැදිලිව දන්නවා.

      Delete
    4. හලෝ මාතලන්, ඉතිං කොහොමද? බොහොම කාලෙකට පස්සේ කොමෙන්ට් එකක් දාන්නේ. පහුගිය ටිකේ මං කියෙව්වා අපේ මාතලන්ගේ, රාජ්ගේ ,හැලපගේ බ්ලොග්. හැලපෙ නං තවත් බ්ලොග් එකක් පටන් අරං නේද පොත් ගැන ලියන්න. මං ඒකත් බැලුවා. ඈ රඅපේ රාජ් දාලා තිබුන පොස්ට් එකට මට බඩ අල්ලං හිනා. ඇතෙක් ගැන දලා තිබුනේ.

      මං ඉතිං ඔව්ව බැලුවට කොමෙන්ට් නං දැම්මේ නෑ වැඩිය. මොකද මට හිතුනා මං ලියන එව්වා දැකලා කට්ටියට තරහ ගිහිං වෙන්න ඇති කියලා.

      ඉතිං මාතලන් අඩියක් එහෙම ගැහැව්වේ නැද්ද? මං මේ අද හැන්දෑවේ ඔපිස්‌ ඇරිලා එනගමන් බියර් කෑන් තුනක් අරං ආවා. දැන් මේ ගොලිප් එකකුත් පත්තු කරන කූල් කරපු බියර් බොනවා.

      ඔන්න මං පොටෝ එකකුත් ගත්තා මගේ පොට්ට කැබරාවෙන් අපේ මාතලන්ට, හැලපෙට,රාජ්ට එහෙම බලාගන්න.

      මෙන්න පොටෝ එක

      Delete
    5. මරු පොටෝ එක බං... ඉතින් ඔයින් තුනක් ගහලා ඇතිද.. මාතලන්ට නම් බියට් අරහන්.. ඔය් ඉඳලා හිටලා ජොලියට ගහනවා.. ඉස්සර නුවරෙළි ගියාම පාරේ ඉඳගෙන බොන්න ගොඩක් ආස කලා... කව්දෝ කාළකන්නියෙක් ඒක නැවත්තුවා නේ.. මම නම් ගෝලිප් ගහන එක නැවත්තුවා දැන් ඩන්හිල් තමයි පාවිච්චිය. මොකාගේ කොමෙන්ට් එක නැතත්. අපි සෙට් උනාම උඹේ කොමෙන්ට් එක ගැන නම් නොවරදවා කතා කොරනවා මචෝ..

      Delete
  2. මේ රටේ මහින්ද ෆැන්ටසියක් තිබිනි. එයින් අති බහුතරයක් ගිනිකන වැටී සිටියහ.මහින්දට තුන් තිස් පැයේ බනින අයත් ඔහු එන විට අත් අල්ලන්නට පොරකන හැටි අප දැක ඇත. ඇත්තෙන්ම මහින්ද නම් වූ නළුවා කොයිතරම් දක්ෂ ලෙස රඟ පෑවේද යත් ඔහුගේ ඇදවැටීම ප්‍රාතිහාර්යයක්මය. ඔහුගේ ඇද වැටීමට හේතුව කලාව දැනගත්තත් බුද්ධිය නොතිබීමය.මා ඔබේ බ්ලොග් එකේම කොමෙන්ට් එකක් දමමින් මුලින් ජනාධිපතිවරනයක් පැවැත්වීමේ මෝඩකම කියා ඇත්තේ ඌව ඡන්දය දවස්වලමය. ඔහුට අමතක වුනේ රටේ ජන සංයුතියය.

    මහින්ද ෆැන්ටසිය බිද වැටුනත් 2015 මුල් කාලෙ වෙන්වුනා නම් ශ්‍රීලනිපයෙන් ලොකු කෑල්ල කඩා ගන්නට ඔහුට ලැබේ. නමුත් විකිරනශීලී මූලද්‍රව්‍ය කාලය සමග ක්ෂය වන ලෙසින්ම මහින්දද ක්ෂයවෙයි.දැන් වෙන්වුනත් ලොකු කෑල්ල කඩා ගන්නට බැරිය. එජාපය බිම් මට්ටමේ ස්ථාවර වෙමින් සිටිති.මහින්දට කල හැක්කේ ලලිත් ගාමිනීලා එජාපයට කල හානිය වැන්නක් මිස ලොකු දෙයක් නොවේ. මෙයට හේතුව ඔහු කල දෙවන මෝඩකමය. මහ ඡන්දෙට තනියම ඉල්ලුවානම් පත්වෙන එක් මන්ත්‍රීවරයා හෝ ඔහුගේම කෙනෙකි. තමන් ගැන අධිතක්සේරුව නිසා රෑ වැටුන වලේ දවල්ද වැටුනි.

    2020 වන විට මහින්ද දේශපාලනයේ තීරනාත්මක සාධකයක් නොවනු ඇත.මුළු රටම මිත්‍යා අන්ධකාරයේ ගිල්වූ මහින්ද නිසා ජීවත් වූ කේන්දරකාරයන් හා රට පුරාම බිහිකල හොර ජාලය ද මහින්ද සමගම ඇද වැටුන ජාතික ව්‍යාපාරයේ කීප දෙනෙක් හැර සෙසු ජනයාට මහින්ද අමතක වනු ඇත.

    මාතර රැස්වීමට සෙනග අඩුවීම ලොකු දෙයක් නොවේ. කොහොමත් ගඟෙන් එහා මහින්දට මිනිස්සු සිටිති.උතුරට යන්නට යන්නට ඡන්ද අඩුවෙයි.එහෙත් මෙම ප්‍රමාණය ජාතික මැතිවරනයකදී තීරනාත්මක නැත.

    ReplyDelete
    Replies
    1. මහින්ද පක්ෂයක් හැදුවොත් ඕන නම් ඡන්ද ලක්ෂ 10 - 15 ක් හම්බ වෙයි.. ඊට වඩා කීයටවත් හම්බ වෙන්නේ නෑ. මහින්දට කෙලවෙනවා කියන්නේ මැක්කන්ටද කෙලවීමයි. එතනින්ම ඒ පක්ෂේ ඉවරයි. මහින්ද කොහොමත් අවලංගු කාසියක්. එකම දේ මැක්කන්ට පාර්ලිමේන්තුව පැනගන්න පුළුවන් එක විතරයි. ඒත් එක පාරයි.

      Delete
    2. මහින්ද වෙනම මහා මැතිවරණයට ඉදිරිපත් නොවීම දේශපාලනික වශයෙන් ඔහු කල ගොන් කමකි. එසේ ඉදිරිපත් වූවානම් අද පවතින දේශපාලනික තත්වය වෙනස් මුහුණුවරක් ගන්නට ඉඩ තිබුණි. වෙනම නොඉල්ලන්නට ඇත්තේ අතීතයේ මහින්ද හා අනුර අතර ජනාධිපති අපේක්ෂකත්වයට තරඟයක් ඇති වූ ආකාරයට අනාගතයේ නාමල් හා විමුක්ති අතර ඇතිවන තරඟයේදී නාමල්ට අවාසියක් ඇති නොකරනු පිණිස විය යුතුය.

      Delete
    3. මහින්ද බැලුවේ කරපු ගොන්කම ආයේ හරවන්න පුළුවන්ද කියලා. පක්ෂයේ සභාපති කම දීපූ එක. ඒක නොදුන්නා නම් මහින්දට ශ්‍රිලනීපයේ බලය තහවුරු කර ගන්න තිබුනා. දැන් නම් නෝ චෑන්ස්. මහින්ද කවදත් කලේ ගොන්කම්. නැත්නම් යුද්ධය ඉවර කරලා මැන්ඩේලා කෙනෙක් උනා නම්, යන තැන හිතා ගන්නත් බෑ.

      Delete
    4. මාතලන් හරි. මහින්ද ගෙ දෙවෙනි ගොන්කම පක්ෂයෙ සභාපතිකම බන්දේසියක තියල දුන්න එක. දෙවෙනි ගොන්කම අනෙක් පැත්ත පෙරලන්න තමයි තුන්වැනි ගොන්කම කලේ. ඒ කියන්නෙ වෙනම ඉල්ලන්නෙ නැතිව තමන්ට නිල බලයක් නැතිපක්ෂය වෙනුවෙන් කොටන් ඇද්ද එක. තුන්වැනි ගොන්කමෙන් වුනේ කබලෙන් ලිපට වැටුන. දෙවෙනි තුන්වැනි ගොන්කම් නොකර හිටියනම් විපක්ෂ නායක කමවත් ගන්න තිබුන.
      ඕනම කෙනෙක් තමන් ගැන අධිතක්සේරුවක ඉන්නවා කියන්නෙ මාරාන්තික වරදක්. දැන් නම් උපරිම මන්ත්‍රීවරු 15 ක් විතර යවාගන්න ලැබෙයි ඊලඟ ඡන්දෙකදි.
      මල් මල්ලි කියනව වගෙ අරමුනක් ඔහුට තිබෙන්නටත් ඇති. ඒත් අනුරගෙ භූමිකාව නෑමොල කුමාරයට රඟදක්වන්න බෑ. නෑ මොල කුමාරය හැසිරුන විදිය මිනිස්සුන්ට මතකයි. මහින්දගෙ පවුලෙ කිසිම කෙනෙක් මහින්ද තරම් ජනප්‍රිය නෑ. මහින්ද දේශපාලනයෙන් සමුගත් දාක සම්ප්‍රදායික ශ්‍රී ලංකා කාරයො කඹේ කඩාගත්ත හරක් වගෙ නන්නත්තාර වෙයි.

      Delete
    5. මද්‍යස්ථ බුවත් ගොඩ ඒමක් නැති බව දැනගෙන අනිත් පැත්ත ගහල. ජනාදිපතිවරනේදී පුක ඉරාගෙන මරාට කඩේ ගිය එකා

      Delete
  3. මාතලන් මාමට තමන්ගේ දේශපාලනේ වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් කම තියෙන ප්‍රජාතන්ත්‍ර වාදී අයිතියට ගරු කරනවා වගේම, මට නම් කියන්න තියෙන්නේ මේ කතාවෙන් වෙන්නේ මාතලන් මාමා ෆුල් එකටම එක්ස්පෝස් වීමයි.....! කොච්චර මධ්‍යස්ථ ලයින් එකක යන බව පෙන්නන්න දැඟලුවත් මාතලන් මාමා හද්ද මෛත්‍රී වාදියෙක් කියලා ඔප්පු කරලා ඉවරයි ! තමන් කඩේ යන එකා මොන බලු වැඩක් කරත් කමක් නෑ කියන මාතලන් මාමගේම ෆැන්ටසියත් ඒත් එක්කම එක්ස්පෝස්ඩ්.......!

    ReplyDelete
    Replies
    1. මම නම් මාතලං ගුරුතුමාගේ මධ්‍යස්ථ බවක් දකින්නේ නැතිය. මාතලංට තද වෙන්නේ මෛත්‍රී කරන්න ඕන දේ ඕන වෙලාවට ඕන විදිහට කරන්නේ නැති විටය. මාතලං කොහොමත් මෛත්‍රී වාදියෙකු බව මගේ හැඟීමයි.

      Delete
    2. කෙනෙකුට මාතලන් මෛත්‍රී වාදියෙක්. තවත් කෙනෙකුට මාතලන් රනිල් වාදියෙක්, මෛත්‍රිට්ට ගහන. තා එකෙකුට මහින්ද වාදියෙක්. තවත් එකෙකුට ඝෝඨා වාදියෙක්. තා එකෙකුට ජෙප්පෙක්. ඉතින් හිතා ගන්න මාතලන් ඉන්න තැන.

      ඔව් ඇත්ත මම යහපාලනය වෙනුවෙන් නම් කොන්දේසී විරහිතව පෙනී ඉන්නවා. ඒත් මාතලන් නම් හිතන්නේ මාතලන් ජනතාවාදියෙක්ය කියලා. අනිත් අයගේ සිතුවිලි වලට බාධා කරන්න මට කිසිඳු අයිතියක් නෑ.

      Delete
  4. හරි දැන් මහින්ද අලුත් පක්ෂයක් හැදුවොත්නේ මෙහෙම කරන්නේ. හැදුවෙ නැත්නම් පාරවල් ගානේ ඇවිද්දවන්නේ නැතිව ඉන්නවා කියලද නොකියා කියන්නේ. මට එතන පොඩි අවුලක් තියෙනවා. මෙතන තියෙන්නේ අර ඇරියොත් ඇරියා කියන න්‍යාය වගේ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඒක තමයි මේ කියන්නේ. ඕක මහින්දට නොතේරුන එකයි කරුමය උනේ. ඒක තමයි මෙතක් කල් ලංකාවේ උනේ. ඒත් මේක ජනතාවගේ ආන්ඩුවක් නිසා පලකයන්ට කරන්න දෙයක් නැතිව ගියා. කවද්ද අපි අහලා තියෙන්නේ හොරා කාපුවා රජයට පවර ගන්නවා. බලමු මහින්ද බය වෙයිද, නැද්ද කියලා. මහින්ද කියන්නේ යකාටවත් බය නැති පොරක් නේ. මේ ළඟදිත් කිව්වේ එයැයිව බිත්තියට හේත්තු කරන්න එපාය කියලා.

      Delete
    2. හොරාකාපුව රජයට පවරගෙන විතරක් මදි, හොරුන්ට නිසි දඬුවම් ලබාදිය යුතුයි. දැන් හොරබඩු වලට අයතිකාරයො නෑ.
      පක්ෂයක් පිහිටෙව්වත් නැතත් රහස් තියනවනම් ඒවා ජනතාව දැනගත යුතුයි

      Delete
    3. හොරාකාපුවා නෙමෙයි නේ බං දෙවි දේවතාවුන්ගෙන් ලද වරම් නේ..

      ඉතින් අර ගමේ හරකා හොරකම් කල එකා වගේ මේන් මෙහම කියනවා..

      ඔහේගෙ නම් ඔහේ ගන්න
      හොන්ද නෑ නෙව දොස් කියන්න
      හරකෙක් කොහෙද මා ලඟ..
      කඹයනේ අල්ලං ඉන්නේ..

      පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා..
      එහෙම කලත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා..
      සමහරු හදලා කියනවා..
      සමහරු මවලා කියනවා..
      සමහරු පැනලා දුවනවා..

      Delete
  5. මහිංද වටා ඉන්නෙ සාම්ප්‍රදායක ශ්‍රී ලංකා කාරයො. හැබැයි උන් මෛත්‍රීට කැමතී.,උන්ට තියන එකම කොස්ස මෛත්‍රී කාරය ශ්‍රී ලංකා එකෙන් ගිහිල්ල චන්දෙ ඉල්ලපු එක...ඒක හිංද උන් හිතන් ඉන්නෙ මෛත්‍රී බල ලෝබ්බයට පක්ෂය විනාශ කරා කියල....මහිංද ප්‍රමුක පිලත් මෛත්‍රීව පෙන්නන්නෙ ඒ වගේනෙ...දැන් මෛත්‍රී කරන්ඩ ඕනෙ ශ්‍රී ලංකා පාක්ෂිකයා ගැන බලන එක....පක්ෂය පැත්තට පොඩ්ඩක් බරදෙන එක...එතකොට මහිංද ප්‍රමුක පිළට යන එන මං නැතිවෙනව...එතකොට අලුත් පක්ෂ කෙසේ වෙතත් උන්ටික ඔලුව නමාගෙන හරි ඉදී...හැබැයි දුමින්ද දිසානායක මෙතනදි පොඩ්ඩක් හාඩ් වැඩී වගේ පේනව..ඩයල් එකට චන්ද පදනමක් තිබ්බට මේ විදිහට ගියොත් වැඩිදුර යන්ඩ වෙන එකක් නෑ

    ReplyDelete
    Replies
    1. දුමින්ද යන ක්‍රමය හරි. මෛත්‍රිත් යන්න ඕන දුමින්ද යන පාරේ.. කොහොමත් සම්මේලනයෙන් පස්සෙ පක්ෂය තුල තවත් වෙනස් කම් සිද්ද වේවී..

      Delete
  6. මාත් මල් මල්ලි සමඟ එකඟයි.පාරට වැටෙන්නෙ සලස්වනව වගේ තර්ජනයක් ජනාධිපතිතුමගෙන් අපි බලාපොරොත්තු උනේ නෑ.ඒක එතුමටත්,තනතුරටත් ගැලපෙන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි කියලා කිව්වලු...

      වත්මන් තනතුරට නම් ගැලපෙන්නේ නෑ.. ඒත් කලින් තනතුර දරපු අදාල පුද්ගලයට නම් නියමෙටම ගැලපෙනවා..

      Delete
    2. adala nan ne ... huuuu, Mahindaya baya una tharama ... eken peneawa muge game eli unoth moota pare bahinna bari bawa MR danna bawa ...

      Delete
  7. api kauruth katawath wahala wenna onana... waradda kothanada kageda ekata denna ona nathi wennama ,, maathalan eka karnawa. salute you matha..

    MR kiyanne pal horek, thirisan jara sathek... 2005 weli weli innakota naginna atha deepu okkotama gahuwa.. mulinma Mangala, Sri pathi,, un mona warada karath mahindata ballek nathi welawe un thama dara diya adde... JVP eka ... unwa kaduwa.. oya wage mahindata help karapu okkotama gahuwa, Wimalage pakshetath keliya... ballo karna wada... dan kela unama ballekwath na... oka wate inneth hour...

    ReplyDelete
    Replies
    1. මුල අමතක කරන එකාට කවදා හරි කෙලවෙනවා කෙලවෙනවාමයි.. එතකොට මුල හිටපු උනුත් නෑ උඩ හිටපු උනුත් නෑ...

      Delete
  8. ඔය #ත්තවල් අල්ලල දාල අර රොක්ට් රෝහිනී ගැන ලියහන් බං.

    ReplyDelete
    Replies
    1. atamoo umba.....? ඔය #ත්තවල් අල්ලල දාල අර රොක්ට් රෝහිනී ගැන ලියහන් බං.

      ලියහන්....ලියහන්....ලියහන්....ලියහන්....ලියහන්....ලියහන්....ලියහන්....ලියහන්....ලියහන්....ලියහන්....ලියහන්....ලියහන්....ලියහන්....ලියහන්....

      Delete
    2. ඒවා මෙහෙම කලබලේ ලියන්න බෑ බං.. වෙනම රටාවකට ලියන්න ඉන්නේ ඒ කතාව..

      Delete
  9. MR ayeth awath wenne okama thama.. dinann udau karapu ewunta gahanwa .. dan MR karanne daruwanwa bera ganna hadanna eka..Mahindaya kiyanne sathek

    ReplyDelete
    Replies
    1. අපි කාගේත් එක එක සත්තුන්ගේ ලක්ෂන අඩු වැඩි වශයෙන් තියෙනවා බං.. ඒක මහින්ද මහත්තයට විතරක් අදාල දෙයක් නෙමෙයි.. ඔය තනතුරු වලට එන හැම එකාටම එන ලෙඩක්.. පාරේ යන්නෙත් සත්තු වගේනේ.. පැජරෝ වල උන් යන විදියට ත්‍රී වීලර් වල යන්න හදන උන් බස් වල හැප්පිලා කුඩු වෙලා යනවා..

      Delete
  10. මම නම් මෛත්‍රී එක්ක අම්බ මලෙන් ඉන්නේ ඒ කතාවට.

    මහින්ද නෙමෙයි ප්‍රභාකරන්ගේ ඥාතියෙකුට උනත් පක්ෂයක් පිහිටුවාගන්න නිදහසක් තියෙන්න ඕන.

    මෛත්‍රී රනිල්ලට බලය තියා ගන්න ඕන නම් ගොන් පාර්ට් නොදා විනිවිධභාවයෙන් සහ කෙලින් වැඩ කරලා මහජනයාගේ විස්වාසහ සහ කැමැත්ත දිනාගෙන ඒ තුලින් බලය පවත්වාගෙන යන්න ඕන.

    කලින් මහින්ද ආන්ඩුවේ අවිධිමත් මූල්‍ය කළමනාකරනය නිසා ආර්ථිකය අවුරුදු දෙකෙන් ගොඩ ගන්න බෑ නම් ඒවා ගනන් හිලව් ඇතුව විනිවිධභාවයෙන් මිනිස්සුන්ට එලි කරලා මිනිසුන්ගෙන් ඉල්ලා සිටින්න ඕන ආර්තිකය ගොඩ ගන්න වැට් හෝ අනෙක් බදු දාන්න වෙනවා. අපිට ඒකට ඉඩ දෙන්න කියලා. මිනිස්සු කැමැත්තෙන් පටි තද කරගනී . .

    ඒත් වෙන්නේ මොකද්ද ලිඳ ලන්ග සන්ගම් වල රැස් වෙලා අරුන් හොරකම් කලා - කොමිස් ගැහුවා - ගත්තු නය ගෙවන්න ආදායම මදි වගේ කෝප්ප හෝද හෝද ඉන්නවා.

    රහස් තියෙනවා කියලා තග දාන එකෙන් තේරෙන්නේ මුන්ගේ බලය පවත්වාගෙන යන්න මුන්ගේ බලයට අභියෝග කරන්න පුලුවන් උන්ගේ උන්ව කොන්දේසි දාලා ඩීල් දාලා රැකගෙන ඉන්නවා කියන එකනේ.

    මේ අවුරුදු දෙකේම හොරු තක්කඩි න්ට විරුද්ධව වැඩ කරනවා කිය කියා මීඩියා ශෝ දැම්මා මිසක් අර යෝෂිතගේ මුදලක් රාජසන්තක කරපු එක ඇර වෙන කොරපු කෙන්ගෙඩියක් ඇද්ද.

    අපිට එතකොට හිතෙන්නේ නැද්ද මුනුත් අරුන් වගේම හොරු එක්ක ඩීල් දාලා නීතියට ඇඟිලි ගහනවා වෙන්න ඇති කියලා !!

    ReplyDelete
    Replies
    1. api inne hour raanak madde duka... Oya hour okkoma eka pilaka... ada eka horekuta gahuwa gaman hour tika okkoma ayeth Mahindaya ekka heta... eka thama atta...

      Delete
    2. අනිවාර්යයෙන් මෙයාලත් ඒවම කොරන්න තමයි ඇවිල්ලා ඉන්නේ. නැතුව මේ අපට ආදරේට නෙමෙයි. ඉතින් අපේ යුතුකම තමයි මෙයාලගේ වැරදි හොරකම් වංචා පෙන්වා දෙන එක.. දුමින්ද දිසානායක සබීතට කෝටී 100 ක් දීපුවත් හොයන්න ඕන මහින්දගේ ඒවා හොයනවා වගේම. ඒත් මෙයාලා ගියාම එන විකල්පය නම් මහින්ද විය යුතු නෑ කිසි සේත්ම. ආන් ඒ කරුන උඩ මම මේ ගේමත් එක්ක එකඟයි. නයාට ගහන කොට ඔළුවටම ගහන්න ඕන. නැත්නම් පොල්ල වරද්ද ගත්තා වෙනවා.

      Delete
    3. ඇත්ත රන් සකු . . . අපිට හොරුන්ගෙන් වන්චාකරයින්ගෙන් තොර රටක් පතන්න නම් කරන්න ඕන ජවිපෙට වැඩි බලයක් දෙන එක. මේ මගේ අදහස. ඔව් උන් ට්‍රන්ෆෝමර් පිපුරුවා, ප්‍රභූන්ව මරලා මිනිය කරට උඩින් උස්සන්නත් තහනම් කලා වගේ අධම වැඩ කලා. පක්ෂ දේශපාලන ඉතිහාසයේ සුදු පක්ෂ නෑ එකක්වත්. නමුත් වර්ථමානයේ දේශපාලන හැසිරීම අනෙක් උන්ට සාපේක්ශව යහපත් වීම සලකලා අනාගතයේ ජවිපේ වෙනුවන් ඉඩක් වෙන් කරන්න බැරි ඇයි?

      Delete
    4. ජෙප්පන්ට ඔය මත තියාගෙන උන්නොත් නම් සදා සොත්ති බවන්තුතේ හෙවත් ඔහොම්මම තමයි. එයාලා ඉන්නේ ගල් යුගේ.. වම හොඳයි පුක හෝදගන්න. වමේ හැව ගලවලා දාලා නවීන ළෝකයත් එක්ක එකතු උනොත් කිසියම් ප්‍රමාණයක් වැඩි වෙයි. එහෙම නැතුව අමු හරක් රැලක් වගේ ආන්ඩුවේ හම වැඩේටම විරුද්ධ උනා කියලා ඡන්ද වැඩි වෙන්නේ නෑ. ඊට පස්සේ මිනිස්සුන්ට බනිනවා ගීතා එවනවය, හඳුන්නෙත්ති එවන්නෙ නැතෙයි කියලා.. හඳුන්නෙත්ති වගේද ගීතා.. පට්ට ආතල නේ දෙන්නේ..

      Delete
    5. Duka...
      loke hama deyakma watinakama theeranaya karanne pracharaya. poth path , films. oya hama deyakama watinakama theeranaya karanne pracharaya.

      loke prasidda pudgalayoo ehema une pracharaya nisa.

      JVP ekata eka na..

      laksha 5-6k padiyak gewala Honda porak damma nam Marketting manager karala wade goda..

      Delete
  11. Ranilata monawth karnana bari unath.. Ranil full try karnaw Honda system ekak hadanna.... FCID eka Honda piyawarak... eka umbala danne nathi unata loku gamanak yanna hadala thiyena ekak.. Honda arambayak

    ReplyDelete
    Replies
    1. රනිල්... හෙහ් හෙහ්... රනිල් මහින්දට වඩා ඒකාධිපතියෙක් වෙනවා තනි බලයක් ලැබුනා නම්. හොඳම උදාහරනය අර්ජුන් මහේන්ද්‍රන් හා ලක්ෂරි වෙහිකල්. මෙහෙම කන්ට්‍රෝල් වෙලා ඉන්නේ හවුල් කේස් එකක් නිසා. කොහොමත් අමම් හිතනවා රනිල්ට වඩා මෛත්‍රී වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීයි කියලා.

      Delete
    2. මෛත්‍රීට ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න වෙනවා. මහින්ද නම් තව වයසට ගියාම ශිරන්ති මැඩම් එක්ක එතුමා දුක් විඳලා හම්බකරපු සල්ලි වියදම් කරලා නිස්කලන්කේ ඉන්න පුලුවන් රටකට වෙලා ඉඳී. ඒත් මහපොලොවේ පයගහලා ඉන්න ජයන්ති මැඩම් පොලොන්නරුව දාලා කොහේවත් යන එකක් නෑ . . එහෙව් එකේ මෛත්‍රී ප්‍රජාතන්ත්‍රවාදී නොවී නාකිවෙලා හම්පඩ ගැහුනාම පොලොන්නරුවේ වසන්නද?

      Delete
    3. උඹ හිතනවද මෛත්‍රි එහෙම වෙයි කියලා. අනික මේ දීපූ ගේම් වලට රිටර්න් හම්බු වෙන්නේ නැතෙයි කියලා හිතනවද. මෛත්‍රී ප්‍රජාතන්ත්‍රවාදි වෙයි.. ඒත් ඒ එයාලා ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන කැමත්තකටවත්, රනිල්ලගෙ ඇති කැමත්තක් නිසාවත් නෙමෙයි. සිවිල් සංවිධාන හා බටහිර රටවලට අවශ්‍ය නිසා පමණයි. ඒත් ප්‍රජාතන්තවාදය කියලා හරියට කියා ගන්නවත් බැරි උන්ට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න ඕන නෑ කීයටවත්. ඒක නිකං වඳුරන්ට දැලි පිහි දෙනවා වගේ කේස් එකක්.

      Delete
  12. මිනී මස් කන බාබේරියන්ලා එක්ක ප්‍ර‍ශ මේස චාරිත්‍ර‍ සහිතව භෝජන සංග්‍ර‍හ කරන්න ඕනැ නැහැ. සිරිසේන මුං ටික මුලින් ම එලවලා දැම්මා නම්, මේ වෙනකොට අලුත් එවුන් ටිකක් එක්ක පක්ෂෙ ගොඩ දාගෙන ඉවරයි.

    ReplyDelete
    Replies
    1. මෙයා බැලුවේ එහෙම අමාරු දේකට යනවට වඩා.. හොරුත් එක්ක හෙලුවෙන් ඩාන්ස් කරන්න නේ හිටං...

      අඩුගානේ මහින්දගෙන් ඉගෙන ගන්න ඕන.. මහින්ද 2005 දී හදාගත්තේ අළුතෙ සෙට් එකක්. සැටලයිට් එක්ක විස්කි බීපූ උන්ට දුන්නා පුක නැතිවෙන්න. ජෙප්පන්ට දුන්නා දුවන්න. ඊට පස්සේ 2010 රජ උනායින් පස්සෙ හැම එකාම බල්ලා මාක් කලා දන ගහලා වඳින සයිස් එකට. අන්තීමට නාමල් එනකොට අනික් වහළුන්ට පුටුවෙන් නැගිටින සයිස් එකට. මේ උන්නැහේ ඕනවට වඩා ප්‍රජාචන්ච්‍රවාදි වැඩියි කියලයි මගේ නම් හිත...

      Delete
    2. මාතා,

      මෙතන පැරාත් හිටපු එක හොදයි, මෙහෙමයි මෙරටේ ඔය පැරා කියන විදියට සාමාන්‍ය මිනිසුන් දැඩිලෙස අක්‍රමිකතා වලට පුරුදු වෙලා ඉවරයි, මිනිස්සු කැමති නෑ නිසිලෙස බදු ගෙවන්න ඊට හේතුව තරමක් සංකීර්ණයි, ඔබ කැනඩාව බැලුවොත් සියලු දෙනාම පාගේ බදු ගෙවනවා, කිසියම් පුද්ගලයෙක් බදු වංචා කරනවානම් ඔහු දිහා හොරෙක් දිහා බලන විදියටයි සමාජය බලන්නේ, ඊට හේතුව බදු මුදල් නිසිලෙස ජනතාව වෙනුවෙන් යොදවනවා නමුත් ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාම දන්නවා තමුන්ගේ බදු මුදල් කොල්ල කන බව, මේ තත්වය නිසා මිනිසුන් බදු නොගෙවීම ආඩම්බර වීමක් ලෙසයි සලකන්නේ.

      නමුත් මෙය වෙනස්කිරීමට කෙනෙකුට උවමනා නම් කලයුත්තේ සියල්ල ප්‍රරිගණක ගත කිරීමයි, අද ඔබ නගරසබාවකට යන්න ඔබට දකින්න පුළුවන් විශාල ෆයිල් වල අදත් වැඩකරන පිරිස මේවා පරිගණක ගත කලානම් අක්‍රමික තා ඉක්මනින් හසුකරගන්න පුළුවන් නමුත් මිට අදාළ නීති ගෙනෙන්නේ දෙසපලන්යයන් තමයි ඔවුන් මේ නීති සහ ක්‍රම ගෙනවානම් සිදුවන්නේ ඔවුන්ගේ ම බඩට ගසා ගැනීමයි වෙන්නේ.

      දැන් අපි පත්වෙලා ඇති තත්වය තමයි මේ විශාල අක්‍රමික තා සමග රට ඉදිරියට ගෙනයාමට නොහැකි වී තිබීම, රජයට ඇති අබියෝගය තමයි නිසි නීති ගෙන ඒමත් තමන්ගේ පුද්ගලික වංචා පවත්වාගන යාමත් කියන දෙකම සාර්ථකව කළහැකි ක්‍රමයක් ඇති කිරීම එනම් රටේ සාමාන්‍ය මිනිසුන් වැඩි වැඩියෙන් සුරාගන්න අතර තමුන්ගේ වංචා හසු නොවන ආකාරයට පවත්වාගැනීම කියන අබියෝගය පවතිනවා.

      මෙතන අපි මුල් මාතෘකාවට ආවොත් මයිත්රිට ඕනේ මහින්දගේ හොරුන් ඉවත්කර තමන්ගේ හොරුන් පත්කර ගැනීමටයි , වැඩේ කියන්නේ මයිත්රිට මේක අමුවෙන් කරන්න බෑ ඔහුට සිදුවෙනවා යහපාලන පිරුවටටය ඇදගෙන මේ තොයිලය නටන්න ඔන්න ඕකයි අත්ත.

      යම් විදියකින් රටේ සියල්ල සිංගප්පුරුවේ වගේ පරිගණක ගත කර කරන්න පුලුවන්නම් අපට ලෝකයේ බලවත්ම රටක් වීමට වසර 5 ක් වත් යන්නේ නෑ.

      Delete
    3. මෙතන සාමාන්‍ය මිනිහගේ පැත්තෙන් තමා විසින් කරන දුෂණය මෙහෙම සාදරනිකරණය කරන්න පුළුවන්, "යම් විදියකින් කෙනෙක් නිසිපරිදි බදු ගෙවනවනම් රජයෙන් අපට නිසි සේවයක් ලැබෙයිද සාමාන්‍ය මිනිසුන් රජයේ ආයතනයකට ගියහම කොපමණ පගාව ගෙවීමට සිදුවෙනවද ? දැන් මිනිසෙකු බදුත් ගෙවල පගාවත් ගෙවීම කොච්චර සාදරණද ?

      කොහොමද පාගව ගෙවන ජනතාවක ගෙන් නිසිලෙස ආදායම් බදු බලාපොරොත්තු වෙන්නේ ?

      Delete
    4. සිංගප්පූරුවෙත් ඔය ඔක්කෝම එක පාර ආවේ නෑ... සෙමින් සෙමින් තමයි දියුණු උනේ.. උඹ ඇවිල්ලා හර්ෂ ද සිල්වා වගේ පොරක්.. මොකෝ එයා ඩිග්‍රිය අරගෙන තියෙන්නේ ඇමරිකාවෙන් නේ.

      Delete
    5. //සිංගප්පූරුවෙත් ඔය ඔක්කෝම එක පාර ආවේ නෑ..//
      අන්න උබට වැරදුන තැන
      https://www.youtube.com/watch?v=RHUxH4ggo5M

      ඔහුට බලය ලැබුන ගමන්ම ඔහු නිසි පාලන ක්‍රමය ඇති කර ගත්ත.
      ඔහු කිව්වා මන්ත්‍රී වරුන්ට වැඩි වැටුපක් ගෙවියයුතු බව සහ මන්ත්‍රී වරු සොරකම් කර අසුවුනොත්
      සියදිවි නසා ගැනීම වඩා සුදුසු බව කිව්වා (ඔහු ඒ දෙකම කළා )

      ඔහු හිමින් හිමින් නීති ගෙන එන අතර හොරුන්ව පැත්තකින් තියාගත්තේ නෑ "අනේ මුන් පස්සේ හැදෙයි" වැනි මෝඩ සිතිවිලි ඇති කර ගෙන.
      ඔහු ගිය පාරේ නෙමෙයි යහපාලනේ යන්නේ, නමුත් කියන්න ඕනේ වැදගත්ම දේ යහපාලානේ මහින්දට වඩා දහස් ගුණයක් හොද බවයි.

      https://www.youtube.com/watch?v=QgTHNpEHKKw

      Delete
    6. සිංගප්පූරුවේ දියුණුවට ආගම බාධාවක් උනේ නෑ.. ඩුබායි දියුණු උනේ ෂේක් කෙනෙක් යටතේ ඒ නිසා පල්ලිය හොට දාන්න ආවේ නෑ. මේක සරම කියන ගෝත්‍රික ඇඳුම අඳින දතකට වඳින මල් වට්ටි උස්සගෙන යන ගල් යුගයේ නායකයෝ ඉන්න රටක්.. ආන් එකයි මම කිව්වේ උඹත් ඇවිල්ලා හර්ෂ ද සිල්වා වගේ පොරක් කියලා.. මේකට ඕන සොඳුරු ආඥාදායාකයෙක්.. මහින්ද තමයි සුපිරිම පොර.. ඒත් එයා හැදුවා නම් හදන්නේ බ්‍රසීලය වගේ එකක්. ඒ නිසා එයා ගිය එක හොඳයි..

      Delete
    7. //ගප්පූරුවේ දියුණුවට ආගම බාධාවක් උනේ නෑ//

      යකෝ සිංගප්පුරුවේ ඉතිහාසය පොඩ්ඩක් හොයල බලපන් ආගම ජාතිය බාදා උනා නමුත් බලෙන් ඒවා ඉවත් කළා
      එකෙත් අපේ වගේ ගෝත්‍රිකයෝ තමයි ඉදල තියෙන්නේ "ලී" ගේ වෙනස මොවුන්ට කතාකරන බාෂාව දැනගෙන හිටිය
      https://www.youtube.com/watch?v=n0g9HkFKLzg
      මේකේ ඩේට බේරගන්න විනාදියකුත් ත්ප්පර 35 බලපන්.

      උබ කියන "සොඳුරු ආඥාදායාකය" ගැන නම් කියන්න දන්නේ නෑ හැබැයි "ලී " කියන්නේ මම දන්නා විදියට දැඩි ආඥාදායකයෙක්.
      ඔහු නිකන් ගූ අතගගා හිටියේ නෑ. "කිව්වා කළා."

      Delete
    8. Bro... there is a big different in between the word Racial and Religious..

      Delete
  13. // අසරණ වහල් බයියන්... මෝඩ "සිංහ ලේ" ටොයියන්... අමුම අමු මෝඩයන් පිරිසක් වන, ළිං මැඩියන්... ... කාළකන්නි නිළධාරින්.

    ...මේ සියල්ලන්ම ජීවත් වන්නේ "යහපාලනයක්" තුල නොව, "මහින්ද ෆැන්ටසිය" තුල වීමය. මේ සියළු දෙනාම සිතාගෙන සිටින්නේ, තවමත් මේ රටේ ජනාධිපති මහින්ද මහත්තයා කියලාය. //

    Tilan AthurAugust 10, 2016 at 8:42 AM
    ඈ බන් මාතෙ. ඇත්තටම ලංකාවේ ජනාදිපති මයිත්‍රිපාල සිරිසේන මහත්තයද බන්? සිරාවටම දන්නෙ නැති නිසා අහන්නෙ. නොදෝමකින් බන්. මේ මජර ආණ්ඩුව කියන කරන දේ අහල දැකල මුන් ගැන කථා කරන්නවත් ලියන්ටවත් හිතෙන්නෙ නැහැ. ����

    Reply
    Replies

    Maathalan - Priyantha HewageAugust 10, 2016 at 8:59 PM
    මම නම් හිතන්නේ මහින්ද කියලා...

    ReplyDelete
  14. මාතෙ උඹ හරියටම හරි. මෙතන තව දෙයක් මට පේනවා. කාටවත් වඩා හොඳ දේශපාලන ඥාණයක් මෛත්‍රීට තියෙනවා වාගේ මට පේන්නේ. ආප්ප අභ්නිෂ්ක්‍රමණයටත් ඒක හේතුවක් වෙන්න ඇති. යූ එන් පී එක ගේන බදු , පෞද්ගලික කරන යෝජනා වලට විරුද්ධ වීම, මහ බැංකු ප්‍රශ්ණයේ රනිල්ට එරෙහිවත් ඔහු දැක්වූ දැඩි ස්ථාවරය ආදී හේතු නිසා ඔහුගේ ජනප්‍රියතාවය ඉහලටම නැගලා. විවිධ හේතු නිසා මහින්දගේ ජනප්‍රියතාවය අඩුවෙලා. ඒ කියන්නේ අරුන් ටික පැන්නීම සහ මාතර කථාව ආදියට අවශ්‍ය පසුබිම හැදිලා.

    මෛත්‍රී ගිය සති කීපයේ කරපු දේවල් 2015 පාර්ලිමේන්තු මැතිවරණය කාලේ කළා නම් ඒක මහින්දට වාසියක් වෙන්න තිබුණා. "කෝ හොරු ඇල්ලුවද" " හොරකම් ගැන කිව්වේ බොරු" යන ඒවා ඒකාලයේ වැඩ කරන්න තිබුණා. ඒ කාලයේ හොරගල් අහුලලා කල් යල් බලා තමයි එයා වලියට යන්නේ.

    මෙවන් දේශපාලන කෛරාටික කම් රනිල්ට කරන්න හැකියාවක් නැහැ. ඒවට දක්ෂ වෙලා හිටියේ ගාමිණී දිසානායක, සිරිසේන කුරේ වගේ අය. යහපාලනයට තියෙන වාසිය දැන් ඉහල ප්‍රතිරූපයක් ඇති එමෙන්ම කෛරාටික බුද්ධියක් ඇති මෛත්‍රීත් , ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති රනිලුත්, දෙන්න එකට ගත්විට ඒ කම්බිනේෂන් එකේ තිබෙන ශක්තිමත් කම සහ එකිනෙකට වෙනස් ජන කොටස් වලට තියෙන ආකර්ෂනය.

    ReplyDelete
    Replies
    1. මෛත්‍රි ලඟ රනිල් අත දරුවෙක්.. මම තව තැනක කිව්වා වගේ හොඳ වෙලාවට පොද්දා මෛත්‍රී උනේ. රනිල් ආවා නම් මහින්දටත් එහා දරුණු පොරක් වෙනවා වගේම හොරුන්ට එරෙහිව කිසිවක් කරන්නේ නෑ.

      කොහොමත් මෛත්‍රී සිරි ලංකා කාරයන්ට වඩා යූ ඇන් පී කාරයන් අතර ජනප්‍රියයි..

      Delete
  15. හැබැයි මාතෙ ඔය වගේම කතාවක් මහින්ද මාමිත් කිව්වා නිසා මයිත්‍රී මහත්තයකට ඕක කරලම පෙන්නුවානම් තමා වඩාත් ප්‍රයෝගික. දැන් රජයේ උඩ ඉඳල පහලට යනකන්ම මහින්දගෙ බත් බැලයෝ ඉන්නව වගේම ඔය මහලොකු නිදහස් පක්ෂේත් එහෙම්මම තමයි. මේ යන විදිහනම් බොහොම හොඳයි. අනික රටට තව අවුරුදු 10කින් හරි යම්කිසි සැලකියයුතු දියුණුවක් වෙනවනම් (රටේ ජනතාවට වැඩ කරන ජනතාවට ආර්ථික වාසි ලැබෙනවානම්) ඔය මහලොකු නිදහස් පක්‍ෂයේ වංසේ කබල් ගාන්නෙ ඇතිව දෙගොල්ලෝ තමන්ගේ පක්ෂයෙන් ඊළඟ රජය පිහිටවනවා කියන මමත්වයෙන් මිදිලා රනිල් ල එක්කම දිගටම හවුල් ආණ්ඩුව කරගෙන ගියොත් මයිත්‍රී ටත් රනිල් ටත් දෙගොල්ලොන්ටම සනීපයි. ජනතාවටත් හොඳයි. එතකොට ආණ්ඩුව පෙරලලා හරි බලෙන් රජ වෙන්ට හදන මළ බද්දයටත් අබ සරණයි. (හනේ අම්මප බන් රන්ජන් රාමනායක අමතිතුමාටවත් කියහන් උබෙයි පැරා ගෙයි බ්ලොග් බලල මයිත්‍රී මහත්තයට පෙන්නන්ට කියල හිටං) 👊🏽

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඉදිරියට යන්නේ හවුල් ආන්ඩු තමයි.. පොඩි පොඩි අවුල් තියෙයි.. ඒත් පක්ෂ විපක්ෂ බේදෙයෙන් තොරව හොරු අල්ලන වැඩේ කලොත් ඒ වැඩේට විරුද්ධ වෙන්න එකෙක්වත් නෑ. මේ හොරුන්ට වගේම මෛත්‍රීපාල සරම අස්සේ දාගත්ත හොරුන්ගෙත් ගේම් අදින්නම ඕන.

      Delete
  16. අපේ රටේ මිනිස්සු හීන ලෝකවල ජීව්ත්වෙන්ද හරී..........ම ආසය. ඒ වගේම ඇදහිල්ලෙන් ගැලවෙන්නත් අකමැතිය.

    * දළදා හාමුදුරුවන් ඉන්නතුරු රටට මොකුත් නොවේ.

    * මොන විනාසය වුනත් කතරගම/සමන්/විෂ්ණු/පත්තිනි/ ආදී එකී මෙකී නොකී දෙවිවරු රට ආරස්සා කොරනවාය.

    * ඕනෙම නීතියකට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, දණ්ඩ නීති සංග්‍රහයට එරෙහිව සිවුරු ගලවා ඔලුවේ ඔතාගෙන 'උග්ගෝසන' කොරන්ඩ හාමුදුරුවන් කියන කට්ටියට බුත්තියට සවිවූ අයිතියක් තිබේ.

    * අපට පහළවී (පහවී?) සිටි දියසේන කුමාරයා කොටින් සහ උන්ගේ යාළුවන් විසින් පරදවන ලදී. ඒ නිසා යලිත් දියසේන කුමාරයා බලයට ගෙනත් දියබුං ගැසිය යුතුය.

    හිටං මාමාට තවම හරියට තදවුන් නැත. හරියට තදවූ දවසට 'කණාට බලුමැක්කා අහුවුන එකේ' අනික් එක සිදුවෙනවාය. එහ්හෙනං.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම තමයි බය වෙන්නත්...

      ඇමරිකාව ලංකාව ආක්‍රමනය කිරීම.
      ඉන්දියාව ලංකාව ආක්‍රමනය කිරීම.
      සයිටම් විසින් නිදහස් අජ්ජාපනය විනාශ කර දැමීම.
      කොටි යලි නැගිටීම.

      Delete
  17. රා බිව් මීයට වෙච්ච් දේ තමයි හිටං..
    චන්ඩි ටෝක්ස් දීල පහුදාම තිරුමලාවේ වැදලා හිටං
    සමාව ගත්ත කියන්නේ හිටං
    අනේ මන්දා ඔය කියන විදායක බලය හිටං
    වෙල් විදානේට වෙච්ච දේ තමයි වෙන්නේ හුටං

    ReplyDelete
    Replies
    1. මහින්ද එන තෙක් බලා සිටින වහලෙක්...

      Delete
  18. මගේ යාලුවෙක් රහස් රැකගෙන මළා.

    ReplyDelete
    Replies
    1. ආන් බලහන් ඉතින්... ඌත් එක්ක රහස් ටිකත් මැරෙනවනේ...

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ෆැන්ටසියට කෙලවුනේ ආයිත් පාරක් ජනාදිපතිවරනෙට ඉල්ලන්න දැන් බැරි නිසා

      Delete
    2. ඒක එහෙම නම් 19 ගෙනාපු වෙලාවේ මේ වගේ හෙන කේස් එකක් එන්න ඕන. ඒක නෙමෙයි හේතුව. පවිත්‍රා වගේ කෙනෙකුට පුකට පයින් ගැසීම හා රහස් හෙලි කරන බව පැවසීම. ඇත්තටම අපි නොදන්න ගේම් තව කොච්චර ඇද්ද..? නිකංද හොරු රෑනක්ම මෛත්‍රිට ලං වුනේ..

      Delete
  20. ප්‍රශ්නය තියෙන්නේ අපේ හරක්ට දේශපාලනය කුමක්දැයි නොතේරීම

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දෙශපාලනය තේරුම් ගැනීම නම් බොහෝම ලේසි දෙයක්. ලංකාවේ දේශපාලකයන් හා දේශපාලනය කියන්නේ අමුම අමු හොර කල්ලියක් හා දූෂිත කල්ලියක් විසින් මෙහෙයවන එකම විකාරයක්. මේ වෙනස්කම් වෙන්නේ මේකට සිවිල් පොරවල් හා විදේශ බලවේග ඇඟිලි ගහන හේතුවෙන්. නැත්නම් හැමදාම තිබුනේ තිබුන මජර ක්‍රමයේම දිගුවක්.

      Delete
    2. ඒක නම් හැබැව.... නමුත් බහුතරයකට සුළු දේත් තේරෙන්නේ නෑ.....

      Delete
  21. මෛත්‍රීපාල යනුරනිල්ගේ රූකඩයක්,
    රනිල් යනු බටහිර, ඇමරිකා එක්සක්රාජ්‍ය සහ ඉන්දියානු රූකඩයක්.
    මෛත්‍රීපාලගේ යථෝක්ත ප්‍රකාශ ඉහත බලවේගවල අවශ්‍යතාවයට කල ඒවා පමණයි.
    මෙම රචකයාට සැබැවින්ම එය නොතේරෙනබව සත්‍යනම් ඔහුට දේශපාලනය සම්බන්ධයෙන් ඇත්තේ ඉතා ලාමක අදහස් බව කිව යුතුයි.

    ReplyDelete
    Replies
    1. උඩ කොමෙන්ට් එකට දමා ඇති මාතලන්ගේ උත්තරය කියවන්න.

      Delete
  22. මහින්දල වෙන්වුනොත්,හිරගෙදර ලගින්න වෙන අඩුම කුඩුම සේරම ලැස්ති පිට තියෙන්නෙ,විලිලැජ්ජාව අතහැරල දාල,මයිත්‍රීට එකතු වුනොත් ගොඩ යයි.

    ReplyDelete
    Replies
    1. පවතින ව්‍යවස්ථාව අනුව මහින්දට නඩු දාන්න බෑ..

      Delete
  23. දන්න රහස් හංගගෙන ඉන්නවා කියන එකනම් සතුටට කාරනයක් නෙමෙයි.
    ඒත් අපේ බහුතරයකට තේරෙන්න ඉඳල හිටල මේ වගේ ටෝක් එකක් දීලා ප්‍රදර්ශනයට හරි වලිගෙ උස්සගෙන ඉන්න එවුන් දෙතුන් දෙනෙක්ව එලවලා දාන්න ඕන.පොජාතන්තවාදී විදිහට මේක කොරන්ඩ බෑ.
    සංවිධායක කමෙන් අයින් කරලා නේද කියල මීඩියා වලින් අහද්දි අපවිත්‍රාගෙ මූණ දැක්කම අයියෝ සිරිසේන කියල හිතෙනව හිටං :D
    ඔහොම යං ඔහොම යං

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී. මෛත්‍රී කලා වැඩියි... ඒකයි මුන් ඒ මනුස්සයගේ සරම උස්සලා නිකං ඉන්නේ නැතිව අරින්නත් ගියේ හිටං...

      Delete
  24. සිරිසේන සිරිසේන තොලොන්චිවෙලා පලයන් සිරිසේන

    ශික් ඒ වගේ රසකතා කවදා අහන්න ලැබෙයිද ආයේ

    ReplyDelete
    Replies
    1. ඔය හොයපු එකාට නියම තැනකදි සිරිසේනව හම්බ උනා.. ඒ කොළඹ කනත්තෙදි..

      එදා සිරිසේන කිව්වලු.. විමලේ උඹ මාව හෙව්වා නේද..?
      අරූ වෙව්ල වෙව්ල කිව්වලු ඔව් සෑර් කියාලා...
      එතකොට සිරිසේන කියනවලු බලහන්කෝ විමලේ ඒකෙත් හැටි මට උඹව අහම්බ උනේ උඹට උරුමම තැනදී නේ කියලා..

      ඕකා තමයි මහින්දව නැති කලේ.. මම ඕක කිව්වේ බොහෝ කලකට පෙරදි..

      Delete
  25. මෛත්‍රීගේ ඒ කතාවෙ මං නං අවුලක් දකින්නෙ නෑ. ඒක එයාල කිව්ව යහපාලනයට ගැලපෙන්නෙ නැති එක නං ඇත්ත.ඒත් ඉතිං ලංකාවෙ කියන දේවල් ඒ විදියටම වෙන්නෙ නෑ කියන එක අපි දන්නවනෙ. හැබැයි මාතලන් කිව්ව මහින්දගෙ වෙනම පක්ෂෙකට ලක්ෂ 10ක් 15ක් චන්ද හම්බෙයි කියන එකට නං මං එකඟ නෑ.මහමැතිවරනේදී මහින්දට දීපු චන්ද ලක්ෂ හතලිස් ගානෙන් ලක්ෂ 25ක් වත් අඩුම ගානෙ ගනියි කියන එකයි මගෙ මතය.මොකද අපිත් ගම්වල නගරවල ඉන්න ශ්‍රී ලංකාකාරයෝ එක්ක කතා කරනවනෙ.

    අනිත් එක මහින්ද දීපු රස්සා වල හැටියටයි පෙන්නපු බොරු සංදර්ශන(දැයට කිරුල වගේ ) වල හැටියටයි නාස්ති කරපු සල්ලි හොයන්න ආණ්ඩුවට පට්ට ගේමක් දෙන්න වෙනව. ඒත් එයාල ඒක කරයි කියල නං මං හිතන්නෙ නෑ. දුමින්ද දිසානායක අර මිනිස්ට්‍රි එකේ බිල්ඩින් එකට නාස්ති කරපු සල්ලි, ඇමතිවරුන්ගේ වාහන වලට වියදම් කරපු සල්ලි දිහා බැලුවම මං අසාධාරණයි කියලත් මට හිතෙන්නෑ.

    ReplyDelete
    Replies
    1. ලක්ෂ 15 කට එහා ඕන නම් තව 3 ක් විතර දෙන්නම්....

      Delete
  26. දර මිටියට බඳින කන් නොඉඳ ටිකක් විතර ප්‍රමාද වෙලා හරි පෙනේ පුප්පපු එක ගැන මටත් බොහොම සන්තොසය.

    කිව්වත් වගේ "ත්‍රස්තවාදියා" ට උත්තර දෙන්න ඕනා "ත්‍රස්තවාදයෙන් " ය.
    මහින්දට උත්තර දෙන්න ඕන "මහින්ද" ස්ටයිල් එකෙන් මිස මෛත්‍රී, යහපාලන හෝ ප්‍රජාතන්ත්‍රවාදයෙන් නොව්ය.

    ReplyDelete
    Replies
    1. ඒ ඒ බනිස් වලට... ඒ ඒ කෙහෙල් ගෙඩි කියලා කිව්වලු...

      Delete
  27. එතකොට මහින්ද ඒ කලේ ඔහොම හැසිරෙනකොට මාතලන් ල මොනවද කිවේ ඒකාලේ නරක වෙලා දැන් ඒවා හොඳ වෙන්නේ කොහොමද පොඩ්ඩක් පැහැදිලි කරනවද

    ReplyDelete
    Replies
    1. මාතලන් ගේ double standards අපි කෙතරම් විවේචනය කළත්, ඒ කාලයේදී ඔහු යහමින් මහින්දට කඩේ යමින් සිටි නිසා ඔය කතාව ඔහුට අදාල නොවන බව කිව යුතුය.

      Delete
    2. ඒක තමයි මේ ලිපියෙන් පැහැදිලි කරලා තියෙන්නේ.. පිරිසිඳු සිතින් නැවත වරක් කියවන්න..

      අනෙක් ඇනෝට කියන්න තියෙන්නේ මාතලන් කියන්නේ එක තැන තියෙන කුණු ගොඩක් නෙමෙයි.... පෙරලෙන ගලක්... පෙරලෙන ගලේ පාසි නොබැඳේ...

      Delete
  28. හාහා මාමා .. ඔහොම යං .. මහින්ද විවේචනය කලහම ටෝයියෙක් , සිරා පැරා විවේචනය කලහම බයියෙක් කියනවා ..
    උඹගේ ලිපියේ හැටියෙට රටේම ඉන්නේ මෝඩ පරි මල මුසලයෝ ..උම්බහැ විතරයි පොර ..
    එතකොට පහුගිය ජනාදිපතිවරණයට අපි සියබලා ගෙනාවේම නැද්ද මුදලාලි ?

    ReplyDelete
    Replies
    1. ගේන්න ඇති ගේන්න ඇති කව්දෑ නැතෙයි කිව්වේ ලක්ෂ 62 ක්ම මල් වට්ටියට අත ගැහුවා නේ...

      Delete
  29. ඔය රහස් කියන්නේ හොරකම් කරපුවා වගේ ඒවා නොව, දකුණු කලවේ උපන් ලපයක් තියෙනවා ය, එක වෘෂණ කෝෂයක් ලොකු ය, අනියම බිරින්දෑවරු ගැන විස්තර වගේ ඒවා වෙන්න ඇති!

    අන්න ඒවා නේ රහස්.

    හොරකම් ගැන නම් රට ම දන්නවානේ හිටං!

    ReplyDelete
    Replies
    1. කව්ද දන්නේ, බස් ගැමුණුට, පොලිස්පතිට, මර්වින් සිල්වාට, ලොකු අතුලට, අංග ආරක්ෂක නෙවිල්ට වගේ සිරාටත් කාමරේකට දාලා නෙළුවද කියලා හිටං...

      Delete
    2. කොහොම හරි මහින්ද සරෙන්ඩර් කියලා ටෝන් එකෙන් පේනවා...

      Delete
  30. මේ ගොන් බය්යන්ට තේරෙන්නෙ නෑ සමාජවාදයෙ තියන වටිනාකම. බලන්න සමාජවාදී කියුබාව ඔලිම්පික් පදක්කම් කීයක් ගත්තද. මේ ගොබ්බ වහල් මානසිකත්වයෙ ඉන්න ලංකාවට ආයෙ කවදාවත් ඔලිම්පික් පදක්කමක් ගන්න වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අනික අපි ඕකේ රඟේ 70 - 77 වෙනකන් දැක්කත් එක්ක නේ..

      Delete
  31. මේක යකාගෙ රටක්. කෙල්ලෙක්ටයි කොල්ලෙක්ටයි ප්‍රසිද්ධියෙ ආදරය කරන්න තහනම්. ඒත් ප්‍රචණ්ඩ වැඩ ඔක්කොම වෙනව. පිකට් යන කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ පුකවල් වලට බැටන් පොල්ලෙන් ගහන්න පුලුවන් පොලීසියට ප්‍රසිද්ධියෙ කිසි ගානක් නැතුව.
    BDSM is Allowed
    Love is Prohibited

    ReplyDelete
    Replies
    1. මරන්නේ නතිව ගහලා එලවන එක හොඳයි.. හැම දේම වඩා හොඳ දේ ගන්න ඕන...

      Delete
  32. මේ බටහිරින් ගත්තු කුණු ගොඩවල් ඔක්කොම විසික් කරල නැවතත් හෙළයින්ගේ ක්‍රමයට යා යුතුයි. එසේ නොමැතිව වෙන විකල්පයක් නොමැත. තවත් සුද්දන්ගේ ලණු ගිලිය නොහැක. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද දැන ගැනීමට මෙය හොදින් අසා බලන්න.
    https://www.youtube.com/watch?v=7H79WilTSwc

    ReplyDelete
    Replies
    1. මම බැලුවේ නෑ... මොකෝ ගල් යුගයට යන්න මාතලන් අකමැති නිසා...

      Delete
    2. සිංහලයගෙ උරුමයට පහර ගහන උඹ වගේ පාහරයින්ට වැඩි කාලයක් රගන්න වෙන්නෙ නෑ. නියම සිංහලයගෙ උරුමයන් ළගදිම එළි වෙනව. එදාට උඹලට වෙන්නෙ පොලවෙ පස් කන්න තමා.

      Delete
    3. එතකන් උඹ පස් කාපන්... අපි ආවම කන්නම්...

      Delete
    4. ya ya ya helayage kramayata gihin heluwen wana wana inna thama kamathi

      Delete
  33. දැන් රනිල්ට තියෙන්නේ ලොක්කව ශේප් කරලා මහින්දට අලුත් පක්ෂය හදාගන්න උදව් කරණ එක. එතකොට ශ්‍රී ලංකා කාරයෝ දෙකට කැඩෙනවා. අනිත් පැත්තෙන් දෙමළ මුස්ලිම් මිනිස්සුත් උන්ට චන්දෙ දෙන්නේ නැහැ. එතකොට යූ ඇන් පී ආණ්ඩුවක් හදාගන්න ලේසි වෙනවා.

    ReplyDelete
    Replies
    1. දැන් මහින්දට තියෙන ප්‍රශ්ණය පක්ෂ හදන එක නෙමෙයි. තමන්ගේ පවුල කැඩෙන්න නොදී රැකගන්න එකයි.. අමාරුවෙන් හරි හම්බ කර ගත්ත දේ රැකගන්න එකයි.

      නමුත් ඒ වගේම බල පෙරේත කමකුත් තියෙනවා. මොකෝ ඒකේ රස උපරිමයෙන්ම වින්ද පොරක් නේ. දැන් මහින්දට වෙලා තියෙන්නේ රැවුලයි කැඳයි දෙකම ඕන කේස් එකක්. ඒ කියන්නේ බලයත් ඕන. තමන්ගේ පවුලේ උන් හිරේ විලංගුවේ වැටෙන එක නවත්ත ගන්නත් ඕන. ඉතින් එයා මේ දවස්වල දෙලොවක් අතර ඉන්නේ.

      මාතලන් හිතන්නේ ගොඩක් වෙලාවට ඩීල් එකකට ගිහින් මෛතිර්ට දිණුම දීලා මහින්ද පසු බසියි කියලයි.. මොකෝ මිනී මැරුම් කේස් එලියට ආවොත් මහින්දලාට යන්න තැනක් නැති වෙනවා. ඒවා තමයි සිරිසේන උන්නැහේ යට ගහගෙන ඉන්නේ.

      Delete
  34. සිරා චණ්ඩි ටෝක් දුන්නට අමතක නොකලයුතු කරුණක් ඇත.සාරි පොටේ ආරක්ශාව නොලැබෙන දවසක තමුන්ට මැක්කෙක් වත් නොමැති බවය.ත්‍රස්ථවාදය අවසන් කරන්න 'උඹල ගහපල්ලා.. ඉතුරු ටික මම බලාගන්නම්' කියූ ඈයින්ට අද වෙලා තියෙන්නේ වටෙන්ම කන්නට ය.එකක් ඔප්පු කරන්න බැරිනම් හොයා බලා වෙන එකකින් හෝ වැටෙන්න පහරදීම හයේ අතේ කොල්ලො කුරුට්ටොත් කරන වැඩ ය.(වෙන ඒවා සප්ලයි නොකර ඉන්න නම් තමන් දැනගත යුතුය.)
    ඊනියා නීතිය ඇතුලෙ ඉඳන් යුද්ධ දිනන්න බැරුවා සේම ළිඳට පැන්නොත් ගොඩ එන්න වෙන්නේ ළිං කටින්ම බවත් ළිඳට තල්ලු කරන්න ඉන්නා පිරිවර කවුරුත් ළිඳෙන් ගොඩ ගන්න ඉදිරිපත් නොවෙනා බවත් අමතක කිරීම යනු අනාගන ගා ගැනීමේ.සිරා ගා ගන්නවා බලමින් අපි හුරේ දමමු.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මහින්ද ෆැන්ටසිය තුල ජීවත් වන අසරන වහල් බයියෙක්.. :)

      Delete
  35. Mahindage kunu godak dannawa Mangala e yaka ewa thama adde na ,, addoth summaaa..

    ReplyDelete
  36. අනේ පලයන් යකෝ යන්න. උබත් 2014 දෙසැම්බර් වෙනකම්ම රස කර කර මහින්දයාගේ ගූ ලෙවකාපු හැටි අපිට මතකයි. දැන් මූ තමයි පොර. අනිත් හැමෝම වහල් බයියෝ. අනේද කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. හා මචං මම යන්නම්...

      බලා ඉමු අපි මිහිඳු එනකන්..
      ඈත ක්ෂිතිජය දෙස බලා

      Delete
  37. මේ රටේ හොද බුද්ධිමත් ලිබරල් මිනිස්සු ඉන්නව. ඒවගේ අයව පාලකයො විදිහට පත් කරන්න බැරි ඇයි කියන එකයි මගෙ ප්‍රශ්නෙ. වික්‍රමබාහු, සන්නස්ගල, වගේ අය අපේ රටේ ඉද්දිත් ලංකාවෙ ගොබ්බයින්ට ඕනෙ පන්සල් පල්ලිවල දණගහන හරක්ව පත් කරන්න. ලංකාවෙ මිනිස්සු මානව හිමිකම් වල ප්‍රජාතන්ත්‍රවාදයෙ අගය දන්නෙ නෑ. උන්ට ලොකු ගස් ගල් වන්දනාව. මිනී මරන්න කැමති ලේ පිපාසිතයො ටිකක් සිංහලයො කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. සිංහ "ලේ" කියන්නේ නිකන්ය කොල්ලෝ...

      Delete
    2. Sannasgala is a progressive? HAHAHA the joke of the century! Sannasgala is nothing but a delusional, insecure and self-hating pathological LIAR.

      Delete
    3. (Not unlike this Ano - Anonymous August 23, 2016 at 4:33 AM)

      Delete
    4. මටත් ඕක කියන්න මතක උනා.. සන්නාගේ නම දැක්ක්ම මටත් හිනා ගියා.. සන්නා කියන්නේ රෙජොනෝල්ඩ් බන්දුල හා ග්‍රේරෝ වගේම සාර්ථක ටියුෂන් කාරයෝ විතරමයි.. අනික් දේවලදි ඔය ඔක්කෝම පට්ට ජෝකර්ලා... පොලිටික්ස් කියන්නේ පොලිටිකල් සයන්ස් ඉගෙනගෙන කරන්න බැරි දෙයක්..

      Delete
  38. අම්මපා ලංකා සී නිව්ස් බැලුවම තමා තේරෙන්නෙ ලංකාවෙ මිනිස්සු මොක්කුද කියලා. වෛරය, ශාප කිරීම් කෙළවරක් නෑ............(එව්වා බලන එක වෙනම කතාවක්)
    ඉතිං මාතෙ කෝමෙයි ජීවිතේ?
    ෆෝන් එකෙන් කොටන්න ගිහාම එපා වෙනවා බං. ඩයලොග් සිග්නල් නොමැත. ඇටිසලාට් එකට මාරැවෙමින් සිටිමි.

    ReplyDelete
    Replies
    1. වරදක් නෑ මචෝ... උඹේ සිග්නල් අප්ෂෙට් නම් සිග්නල් ටූත් පේස්ට් එකක් වත් අරගෙන ආයේ වරෙන්.. ඔය උඹ දෙන ලෝන් එකක්ම අරගෙන අළුත් සින් එකක් ගන්න බැරිය.. උඹ නැති උනයින් ඒ කවි කතන්දරවලට කෙලවෙලාම ගියා. අර කයි රෙජිමේ උනුත් දැන් ලියන්නේ නෑ..

      Delete

  39. Batalanda as the “Killing Field”

    Not all the incidents were recorded in the report I have received. The commission continues to state that none of the witnesses testified to the fact that they were assaulted and tortured at Batalanda Housing Scheme were challenged on the basis that they were giving false evidence.

    Other, known lawyers who disappeared or killed. They were: -

    1) Wijedasa Lyanarachchie (as above)
    2) Charitha Lankapura
    3) Kanchana Abeypala
    4) Neville Nissanka
    5) C.W.J.K Weeraman
    6) Leslie Yatanwala
    7) Padmandan
    8) K. Vemudais
    9) A.W Wettasinghe
    10)Amara Vellapillai
    11)Wettasinghe
    12)Gamini Meddegedra
    13) Sanath Karalliyadde
    14) Sarath Sepala Rathnayake
    15) D.M.U Bandara
    16) Tudor Keerthinanda
    17) A .Amirthalingam
    18) Kandasamy
    19) T Yogeshwaran
    20) AW Wickramasinghe
    21) Wanapala Ranatunga

    ReplyDelete
  40. සිරා පොර ටෝක් දුන්නට අන්තිමට රහස් එළිකලේ මරා ලු හිටන්.

    Iconic Australian firm facing bribery investigations

    The office of Sri Lanka's president Maithripala Sirisena allegedly sought a political donation when he was a cabinet minister.

    SMEC's overseas staff allegedly bribed officials to secure a $2.3 million aid-funded sewerage project in Sri Lanka in 2011, and a smaller power plant project in Bangladesh in 2007.

    Leaked internal company emails also reveal claims from SMEC's Sri Lankan manager in 2009 that then senior minister Maithripala Sirisena and one of his advisers allegedly requested a political "donation" before signing cabinet papers for a $1.82 million dam contract sought by SMEC. Mr Sirisena is now Sri Lanka's President.

    "The minister ... wants to know whether SMEC could make a donation for the elections," an email from the SMEC manager states about his meeting with Mr Sirisena.

    The same email states: "[Mr Sirisena's] Coordinating Secretary said this is the way it goes prior to signing the cabinet papers. He wants us to produce an amount/percentage on the contract value."

    The President did not respond to questions from ABC News including whether he was in fact aware of, or authorised, such a request.

    The SMEC Sri Lankan manager also wrote he wanted to "inform the minister/co-ordinating secretary" of the size of a suspected kickback to be paid. In another email, the manager said he needed to "prioritise" certain payments to unnamed parties "since the signing of the contract would depend" on it.

    In a statement, SMEC confirmed there was a "request for a political donation".

    http://www.abc.net.au/news/2016-08-24/australian-companies-embroiled-in-bribery-scandals/7778324

    ReplyDelete
    Replies
    1. යකෝ, මහින්දගේ ලම්බෝගිනි, රත්තරං අශ්වයෝ,හෝටල ගැන තිබුනේ ටොය්යෝ අටවපු මඩ වෙබ් පිටුවල විතරයි.බලන් ගියාම හිටං ගහපු ගැහිලි ගැන යන්නේ ජාත්‍යන්තර පත්තර වල නෙව. මේවත් අර මනුස්සයාගේ ගිණුමට දාල නෙව හිටං අපිට කොකා පෙන්නලා තියෙන්නේ. සුරා සූදු පගා නැතිකොරන්නම ආපු නල්ලමලේ යහ පාලනයක්ම තමයි මේක.

      Delete
  41. //ඇත්තටම මෛත්‍රිපාල මහත්තයාට තියෙන්නේ ඔය පක්ෂේ පිහිටුවා ගන්න දෙන්නේ නෑ කියනා එක නෙමේය. පුළුවන් නම් පිහිටුවලා, දිනලා පෙන්නන්නෙයි කියලාය// මේකට මමත් එකඟයි. එහෙම පක්ෂයක් තිබ්බම ප්‍රෝඩා තට්න්ත්‍ර වදේටත් හොඳයිනේ. තිරුපටි ගියේ මොකද අකියන එක නම් ප්‍රශ්නයක් මාතේ. තවමත් මම කියන්නේ ආණ්ඩුව අල්ලන් යන්නේ FCID මහත්වරු කියල. තව පණ මදි.

    ReplyDelete
  42. ඔන්න සර්ව ලෝක දුෂණ පරම විරෝදී ප්‍රජාතන්තවාදීයා
    http://www.smh.com.au/business/australian-companies-linked-to-bribe-scandals-in-sri-lanka-and-congo-20160823-gqyzlp.html

    ReplyDelete
  43. මාතලෙන් යමක් කමක් තේරෙන එකෙක් කියලා මම හිතන් හිටියේ හැබැයි මේ ලිපියේ උඹ ඔප්පු කරා

    එක්කෝ උඹ යුඑන්පි කාරයෙක් ,නැත්තම් බයි විරෝදියෙක් ,නැත්තම් නව ලිබරල් ධනවාදයට පශ්චාත් බාගය දෙන එකෙක් ,එහෙමත් නැත්තම් බ්ලොග් ලිව්වට අමුම අමු ගොබ්බයෙක්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න