.

.

Aug 1, 2016

පාද යාත්‍රාව ඇස්. ඇල්. ඇෆ්. පී. යේ ගාත්‍රා තෙත් කලේය - Paada Yaatraa Analytics


පාද යාත්‍රාව දැක බිය වූවෝද, එයින් ආතල් ගත්ත වූවෝද, ඒ පිළිබඳ වොයිස් කට් දෙන්නෝද, විස්ලේසොන සපයන්නෝද, ඇඳි වතේ මළ මූත්‍රා පහ වූවෝද බොහෝය. මාතලන්ද බුකිය තුල පාද යාත්‍රාව පිළිබඳ සජීවී විකාශයක් ගෙන ආවේ, මේ වාගේ දේවල් වලට මාතලන්ගේ ඇති කැමත්ත නිසාමය. මාතලන් කලින් පෝස්ටුවකද කියා සිටියේ, මහින්ද ඉටුකරමින් තියෙන්නේ ජාතික යුතුකමෙකැයි කියලාය. ඒ ගැන වැඩි දුරටත් දැණුම්වත් වීමට අවස්ස නම් මෙතනින් බලා ගන්න පුළුවන්ය.

බුකියේ පලවු විස්ලේසොන වලින් මාතලන්ගේ සිත් ගත්තේ, යහපාලන නියමුවෙකු වන, නිර්මාල් රංජිත් දේවසිරියානන්ගේ විස්ලේසොනයටය. ඒක අමුවෙන්ම උපුටා දක්වනවානම් මෙහෙමය..

// පාද යාත්‍රාවට ලැබී ඇති ප්‍රතිචාරය පිළිබදව රාජපක්ෂවාදීන් අමන්දානන්දයට පත්වී ඇති බව පෙනේ. මෙය තරමක් උන්මන්තකභාවයකි. මම ඊයේ පාදයාත්‍රාව නැරඹුවෙමි. මහින්ද රාජපක්ෂ ආලෝකය දල්වන ලද මොටර් රථය තුළ වාඩිවී සිටින දර්ශනය මට සිහි කලේ, මහජන ප්‍රදර්ශනයට තබා ඇති ලෙනින්ගේ මෘත දේහයයි. කෙසේ වෙතත්, මැතිවරණ පරාජයෙන් පසු ඔහුගේ ජනප්‍රියත්වය වැඩිවී ඇති බව පෙනේ. ඔහුගේ ඉරණම සිංහල-බෞද්ධ ජනයා තම සාමූහික ඛේදවාචකය ලෙස සලකයි.

පාර දෙපස දන්සැල් දෙන ප්‍රචණ්ඩ චර්යාවක් සහිත පිරිස්, මා ගමන් කළ බස් රථයටද බලෙන් ගොඩවැදී, අපිට බලෙන් සිසිල් බීම පෙවීමට උත්සාහ කළහ. ජොන්ස්ටන් හා ඔහුගේ පිරිසද මගේ ආකර්ශනය දිනා ගත්තේය. කිරිබත්ගොඩ නගරයේ ජනයා පාදයාත්‍රාව එන තෙක් පොදි කමින් බලා සිටියේය. ඒ සියල්ල හරහා සිංහල-බෞද්ධ දේශපාලනයේ පරිසමාප්ති ව්‍යාපෘතිය අපට තව දුරටත් පොරොන්දුවන දේ හොදින් ග්‍රහණය කරගැනීමට හැකි විය. 

කෙසේ වෙතත් ජනාධිපතිවරණය නිමාවූ විගසම රාජපක්ෂ කදවුරට තමන් වෙත ස්ව්‍යං-මෙනෙහිකිරීමකින් යුතුව හැරීබැලීමට අවස්ථාවක් උදා වූවා නම්, දැන් එය අහෝසී වී ඇත. //


මෙය නම් බොහෝ දුරට සත්‍ය වූ විස්ලේසොනයකි. පාද යාත්‍රාවට මාතලන්ද කොටු වූවේය. වාහන වල සිරවී සිටි උන්ගෙන් අති බහුතරයද අමන්දානන්දයට පත් වී උන් අතර, එකෙක් දෙන්නෙක් නාමල්ගේ ආච්චි අම්මා මෙන්ම ශිරන්ති නෝනාද මතක් කලේය. ඒ පිරිස බොහෝ අඩු බවත් කිව යුතුමය. යාත්‍රාවේ ස්ලොගන් වලින් රාජපක්ෂ ආන්ඩුවක් ඉල්ලා සිටියද, බෝඩ් වලින් කියන්නේ වෙන කතාවක්ය. ඒ සියල්ලම හිතලු මිස සත්‍යයන් නොවේ.

මා කලින් පෝස්ටුවේ කී දෑ, ඊයේ මහින්ද මහතා සනාත කලේය. ඔහු කීවේ, ඔවුන් බලයට පත් වූ විට මේ ඩබලට අත් වන්නේ මේ ලෝකයේ උන් ඒකාධිපතිවරුන්ට අත් වූ ඉරනම බවය. එය ගලේ කෙටූ සත්‍යයකි. මහින්ද ඒ දේ කරන බව ඔප්පු කොට හමාරය. ඒ සරත් ෆොන්සේකාට දුන් පරිප්පුවෙනි. එහෙත් මින් පසු දෙන පරිප්පු ඊටත් වඩා අති දරුණු ඒවා වන බව නොකිව මනාය. එමෙන්ම ඔවුන් බලයට පත් වෙනවා කියන්නේ, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානයය. එමෙන්ම ගොන් බන්ඩා මේ රටට කළ විනාශය මල් ඵල ගැන්වීමය. මේ පාද යාත්‍රාවේ එක වැදගත් කෙනෙක් මාතලන් නම් දුටුවේ නැත. ගමන් ගත් සියළුම දෙනා ත්‍රාඩයින් හා පාදඩ පන්තියේ උන්ය.

මහින්දගෙන් පරිප්පුව කන අය අතර ඉදිරියෙන්ම සිටිනා තවත් එකෙකු වන්නේ, කොස්තාපල් කමකටවත් සුදුසු නැති, ෆේස්බුක් පොලිපති තුමාය. පොලීසිය බල්ලා මාක් වුවද, මෙතුවක් කලකට පොලිපති තනතුරේ ගෞරවය කෙලෙසුනේ නැත. එහෙත් වත්මන් පොලිස්පති යනු පිටකොටුවේ දෙනෝ දාහක් මැද කෙහෙවලුවලින් ඇඳගෙන ගුටි බැට කෙලගෙන ආතල් සපයන ගණිකාවන් බඳුය. සම හරක් පොඩි උන්ද මේ වගේ ආතල් දෙනවා, අපි අනන්තවත් දැකලා තියෙනවාය. මේවා ළෝකයා හිනස්සවනා වැඩය. මේවා ආන්ඩුවේ ප්‍රතිරූපයද විනාශ කොරනා වැඩය. ඒවා ගැන තීන්දු තීරණ ගැනීම ආන්ඩුවටම බාරය. පොලිස්පතිවරයා හා තෙල්බෙහෙත්කරුවා යනු තනතුරු දෙකක් බව මොකෙක් හෝ මෙ යකාට ඉක්මනින්ම අවබෝධ කර දෙන එක රටේ ගෞරවයට හොඳය.

නිර්මාල් කීවාක් මෙන්, නුවර සිට පෙරහරේ ගෙන එන්නේ මළකඳකි. එහෙත් බානී රේමන්ඩ්ලාට හා ජයරත්නලාට අමතරව, මළකඳන් වුවද මාකට් කල හැකි අවමංගල අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් අද එකාබද්ධ මලබද්දයේ ඇත. ඒ විමල් හා ගොම්මන්පිලයි. දේශපාලන වශයෙන් නන්නත්තාර වූ හෙට අනිද්දා පරළෝකාප්‍රාප්ත වීමට සිටින, ඩේට් එක්පයර් වූ, වමේ මැක්කෝ කීප දෙනෙක්ද අර ඩබලගේ ඇඟේ එල්ලී සිටි.

ඒ දිනේස් තිස්ස වාසු හා ඩීව්ය. මේ සියළු දෙනාම දේශපාලන පරපුටුවෝය. අනුන්ගේ පානෙන් එලිය බලනවා විනා තනියෙන් පැවත්මක් නැති හාල්පාරුවෝය. ආර්ථික වශයෙන්ද නන්නත්තාර බව උපතින්ම උරුම වමේ කාළකන්නින්, කොළඹ හතේ ධනපතියන් වූයේ මහින්ද මහතාට පින් සිද්ධ වෙන්නටය. එහෙත් අතීතයේ සිඳූ වූයේ මෙහි ප්‍රති විරුද්ධ පැත්තයි. ඇන් ඇම් ගේ ගෙදරට අද රැස් වන උන් දකින්නට, ඇන් ඇම් මෙන්ම ඔහුට ආදරය කළ වුන්ද අද නැති එක පෙර පිනක්මය. තිස්ස විතාරණ යනු වම ගූ ගොඩක් කළ ගූ කන්දකි.

මේ පාද යාත්‍රාව එකම අරමුන කුමක්ද යන්න, පාද යාත්‍රාව පටන් ගැනීමටත් පෙර දේශපාලන ඉවක් ඇති ඕනෑම එකෙකුට වැටහෙනවා නොඅනුමානය. දැන් අපි ස්ලෝගන් පැත්තක තබා උස්සාගෙන ගිය බෝඩ් වල තිබූ සටන් පාඨ ගැන බලමු. එකක් වැට් හා බදු ගැනය. තා එකක් ව්‍යවස්ථා මර උගුලක් ගැනය, තා එකක් බඩු මිළ ගැනය. තා එකක් පිනා කන සංඝයා තව දුරටත් ආන්ඩුවෙන් රකින්නෙයි හෙවත්, බුද්ධාගමට මුල් තැන දීම ගැනය. අනෙක නම් දේශපාලන දඩයම නවතව් කියනා එකය.

මෙහි අවසාන එක ඇර අනික් සියල්ලම අමූලික බොරු හා හිතලුය. එහෙත් අවසාන එක සහතික ඇත්තය. හොරු අල්ලනවා කියා ක්‍රියාත්මක වන්නේ අමුම අමු දේශපාලන දඩයමක් බව සම්පූර්ණ සත්‍යකි. එය සිඳුවන්නේ නීතීමය ක්‍රියාකාරීත්වයක් අනුව නොව, දෙසපාලන ඇජෙන්ඩා එකක් අනුවය. රනිල් අල්ලන උන් මෛත්‍රීගේ ඕඩර් එකෙන් ඇප ලබා එලිය එනවාය. එහෙම නැත්නම් කේස් එක යට යනවාය. මෛත්‍රි අල්ලන්න කියන උන් රනිල් රිලීස් කොරනවාය. දෙන්නම අල්ලන්නෙයි කියන උන්, විජේදාස රාජපස්ස එලියට දානවාය. නීතීය හා අධිකරණය විකාරයක්ය. ඒ බව මනාව තේරුම ගත් අධිකරණය, යහපාලන ආන්ඩුවට දිගට හරහට කනට ගහනවාය.

මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා ආන්ඩුවට එක් නොවූ සිරි ලංකා කාරයන් හා ගෙන යන ඩීල් එක, දැලි පිහියෙන් කිරි කෑමක් බව මාතලන් අනේක වාරයක් කියා ඇත. අනෙක, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, මාධ්‍ය නිදහස හා සියළුම මානුෂික අයිතිවාසිකම් ලබා දිය යුත්තේ, මිනිසුන්ට මිස ගෝත්‍රික තිරිසනුන්ට නොවේ. මහින්ද මහත්තයා මෙතරම් බලවත් බව පෙන් වූ විට, ගාත්‍රා තෙත් වන්නේ චන්ද්‍රිකාගේ, මෛත්‍රිගේ හා මහින්ද අමරවීරලාගේ පමණක් නොවේ, බිස්වාල්ලාගේද ගාත්‍රා වලට අයත් වන්නේ ඒ සන්තෑසියමය.

ඇත්තටම මහින්ද මහත්තයාට අවශ්‍යම නම් බලය ඇල්ලීම සුළු දෙයකි. මන්ද රජයේ සියළුම ආයතනවල තාමත් සිටින්නේ මහින්දවාදීන්ය. එය කුමන්ත්‍රණයක් වීමට ඇති ඉඩකඩද බොහෝය. මෙහිදි මහින්ද මහත්තයාට චීනයෙන් ඇති බැකප් එක සුළුකොට තකන්නේ නම්, එය ගොන්කමක් මිස වෙන කිසවක්ම නොවේමය. අද වන තෙක්, "සාලාවේ" ඇත්තටම සිඳු වූයේ කුමක්දැයි කියන්න එකෙක් වත් දන්නේ නැතිය. පාද යාත්‍රාවේ ආන්ඩුව පරාදය. පොලීසිය බිල්ලට දමා පැනවිමට උත්සාහ කල තහනම් නියෝග මහින්දගේ විනිසුරුවන් විසින් කුණු කූඩයට විසි කලා පමණක් නොව, රතුපස්වල ජනතාවගේ විරෝධයද පයිසෙකට මායිම් කලේ නැත. ඩලස් ගොයියා ධර්මසිරි සේනානායක පිලිරුවට මල් වඩම් පැළඳුවේ, ආන්ඩුවේ වාහනයක සිටය. ඒක හරියට සිරිසේනගේ කරේ නැගලා මාල් මාල දැම්මා හා සමානය.

තව දුරටත් මොවුන් හා හැමිනෙන්නට යන්නේ නම්, ඒ මෛත්‍රිපාල මහතාගේ අවසානයය. එකාබද්ධයේ ඉන්න උන් එකෙක්වත් මහින්ද අත අරින්නේ නැත. ඒ එදා මෙන්ම අදද, අත පය දිග හැර වියදම් කිරීමට මහින්ද ළඟ මුදල් තිබෙනා නිසාය. එපමනක් නොව, හවුල් ආන්ඩුවේ සිටිනා සිරි ලංකා කාරයන්ද, ගතින් වෙන් වුවත්, සිතින් ජීවත් වෙන්නේ මහින්ද සමඟය. ඒ මහින්දගෙන් බඩ කට පුරා කෑවත්, හොරා කන්න ලැබෙනා නිසාය. මෛත්‍රිට ශක්තිමත් නායකයකු වීමට අවශ්‍ය නම්, මොවුන් හා එක්වීමේ බලාපොරොත්තුව ඇත් හැර ගත යුතුමය. එසේ නොමැති වුවහොත් සිඳුවන්නේ, තමන්ගේ වල තමන් විසින්ම කපා ගැනීමය.

ඒ බව යම් තාක් දුරකට අවබෝධ වී ඇති බවක්ද පෙනීම සතුටට කරුණකි. ඇත්තෙන්ම මේ පාද යාත්‍රාව ආශීර්වාදයක් වූයේ එජාපයට හා රනිල් වික්‍රමසිංහටය. හවුල් ආන්ඩුවේ ඉන්නා සිරි ලංකා කාරයන් පමණක් නොව, මහින්දගේ මුදල් වලට සිරි ලංකා ආන්ඩුවකට එක්වන්නට උන් එජාපයේ කාළකන්නින්ගේ සිහින සියල්ලම බිඳ වැටුනේ පාද යාත්‍රාව අතර තුරමය. එනම් වසර දෙකකට තිබූ ගිවිසුම, වසර පහක් දක්වාම දීර්ඝ කිරීමය. මෙය බොහෝ විට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වීමට ඇති ඉඩ කඩද බොහෝය.

මෙවන් පරිප්පුවක් මහින්ද පාර්ලිමේන්තු මැතිවරණයෙන්ද කෑවේය. ඒ අගමැති සිහිණයක් දී, මැතිවරණය මැද දී එය කුඩු කර දමා නිකන්ම නිකන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් කිරීමෙන්ය. මේ යාත්‍රාවෙන් වූයේ එජාපයේ උන්ද බාගෙන ආන්ඩුවක් පිහිටවීමේ සිහිණය කුඩු පට්ටම් වී යාමය. එනයින් බැලු කල මේ මොහොතේ දීද මහින්ද නැවතත් පරාදය.

ලිප්ටන් සර්කස් (වටරවුමේ) එකේ කීවාක් මෙන්ම. මහින්දගේ මීළඟ සර්කස් එක මීට වඩා භයානක එකක් වීමට ඇති ඉඩ කඩද බොහෝය... ඒ නිසා විමල්ගේ වෝනින් එක ගැන ආන්ඩුව දෙවරක් හිතනා එක ආන්ඩුවේ ඇඟට හොඳය. ඒ දේශපාලන දඩයම වහාම නවතා දමන එකය. මොකෝ එතුමා කොළබ වට කොරන්නට ඉඩ තිබෙනා නිසාය. එමෙන්ම, සමහර විට ඊළඟ එකේ, අලි ඔළුවෙන් හිටවන එවා මෙන්ම, සැටලයිට් ගුවන් ගතවෙන ඒවාත්, ෆොනීලා ෆනී වීම් මෙන්ම, මෛත්‍රිපාලලා අයියෝ සිරිසේනලා වීමට ඇති සම්බාවිතාවද  බොහෝය.

සියළු දෙනාටම තෙරුවන්ගේම සරණයි....!!!

85 comments:

  1. හුටන් එපා කිවුවට
    අපි ආවා කොලඹට!

    ReplyDelete
    Replies
    1. හුටන් එපා කිව්වේ නෑ... හැබයි හුටන් හිතුවේ නෑ ගේම මෙච්චර දරුණු වෙයි කියලා..

      Delete
    2. හුටන් සහ පොනිල් මාරගෙන් කනවා බලනකන් මට ඉවසිල්ලක් නැහැ බන්........

      Delete
    3. ඊට කලින් හුටන් මරාටයි උගේ හැත්ත බුරුත්තටයි අරිනවා බන්. තව මාස දෙකතුනයි. බලාගෙන හිටපන්කෝ.

      Delete
    4. මස දහ අටක් තිස්සෙම අරින්න බල බල ඉන්නවා මිසක් වැඩක් කෙරුවේ නෑ නේ හිටං ..........අඩුම ගැනේ හිටන්ගේ අව්ෂද pratipatiya හරියට කරන්න බැරි එකා කොහොමද බන් රට කොරන්නේ......යුද්දේ කලේ හ්ටියනම් රෙද්දේ හිගිල්ල මුට....

      Delete
    5. ඇයි යුද්ද කාලේ සිරා ලංකාවේ නෙවෙයිද හිටියේ. සිරාව මරන්න LTTE ප්ලෑන් එකක් තියන බව දැනගත්තත් සිරාට රෙද්දේ බඩගියේවත් රටින් පැන්නේවත් නැහැනේ.

      වෙනස මේකයි. සිරා හෙමින් යන්නේ ස්ථිර අඩිතාලමක් සහිත ගමනක. මරා වගේ වෛරය පලිගැනීම නෙවෙයි සිරා කරන්නේ. නීතියට නිදහසේ තම කාලය අනුව ක්‍රියාත්මකවී ආයේ කවදාවත් නැගිටින්න බැරිවෙන්න ගැහිල්ලයි සිරා කරන්නේ. අන්න ඒ දවස එනවා ස්ථිරවම. එදායින් පස්සේ මරා සහ හොර හැත්ත කුජීතයි.

      Delete
    6. "ගමන් ගත් සියළුම දෙනා ත්‍රාඩයින් හා පාදඩ පන්තියේ උන්ය."

      උබ හරි වැදගතා නේද මාතලං..



      Delete
    7. " Jean" පොඩ්ඩක් සිරා ඉස්කෝලේ ලමි ඉස්සරහ දැනට තියෙන කතා ටික බලපන් එටකොට උබට තෙරෙඉ මු කොඉ වගේ වෛරයකින් ඉන්න එකෙක්ද කියලා

      Delete
  2. UNP එක ECTA එකට , නව වියවස්තාවට , වැට් පනතට , දෙන රැකියා දස ලක්ෂයට , වොල්ක්ස්වොගන් factoriyata පක්ෂව ලක්ෂ දහයක් බස්සන්න්න එකෙන්ම...

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නොකලොත් තමයි පුදුමේ.. මොකෝ මෙයාලා ආන්ඩු කරන්න දන්නෙ නැති උනාට.. ඒ වගේ ඒවාට නම් දස්සයිනේ..

      Delete
  3. අද හවසට රැස් වෙන ශ්‍රීලනිප නායකයන් කිසිවක් කරන්නේ නැත.....මේ පාගමන unp යට එරෙහිව නොව තමන්ට එරෙහිව කල දෙයක් බව වත් ජනාධිපති තුමා වටහා ගෙන තිබේ නම් තමන්ගේ ආත්ම ආරක්ෂාවට වත් පියවරක් ගතයුතුය.නමුත් එවන්නක්වත් සිදුවේ යැයි සිතන්නට නොහැකිය......ඉඳහිට වත් පෙනය පුප්පන්නේ නැති නයාට වඩා තමන්ගේ ඇඟේ සයිස් එකෙන් බල්ලන් බයකරන ගැරඩියා ලොක්කෙකි......

    ReplyDelete
    Replies
    1. ඊයේ මාද්දියවේදියෙක් බොහෝම සරළ අහන්නම ඕන ප්‍රශ්ණය ආන්ඩුවේ සිරි ලංකා කරයන්ගෙන් ඇහුවා...

      ඔහේලා මහින්දට බයයි නේද...

      පිළිතුර.... "ඔව් අපි බයයි.."

      ඕක තමයි ඇත්ත කතාව..

      Delete
  4. මේ රටේ වැඩිදෙනාට ප්‍රජාතත්ත්‍රවාදයක් ඕනෑ නැත. "සිංහලයා මෝඩයා කැව්ම් කන්න යෝදයා "කිව්වේ නිකමට නොවේ !

    ReplyDelete
    Replies
    1. ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ ගැලපෙන්නේ දියුණු ශිෂ්ඨාචාරයකට... මේක ගෝත්‍රික ශිෂ්ඨාචාරයක්.. ඒකට ගැලපෙන්නේ වැඩවසම් පාලකයන් හා ප්‍රාවේනිදාස වහළුන් පිරිසක්...

      Delete
  5. කොලඹ වැඩ ඇරිල බස්වල, වෑන්වල, කාර්වල ගෙදර යන උන්ට හොඳ පාඩමක් ඉගැන්නුවා. උන් වහාම වැට් අයින් කරන්, එෆ්සීඅයිඩී ගලවල, නඩු අස් කරගෙන, ඉල්ලා අස්වෙලා පාද යාන්ත්‍රිකයින්ට ආණ්ඩුව බාර දෙයි

    ReplyDelete
    Replies
    1. කොහොමත් මේකෙන් වෙන එක දෙයක් තමයි එෆ් සී අයි ඩී එක අහෝසි වෙන එක.. වෙන මක්කත් වෙන්නේ නෑ.. ඕන් දැන් නිල නිවසක් දීලා ෂේප් කර ගන්න බලනවා..

      Delete
  6. //මෙහි අවසාන එක ඇර අනික් සියල්ලම අමූලික බොරු හා හිතලුය. එහෙත් අවසාන එක සහතික ඇත්තය. හොරු අල්ලනවා කියා ක්‍රියාත්මක වන්නේ අමුම අමු දේශපාලන දඩයමක් බව සම්පූර්ණ සත්‍යකි//

    උඩ ඉන්න ප්‍රා නිතර කියන කතාවක් තමයි පවතින තත්වයට වඩා ඉතා කුඩා හෝ හොඳක් වෙනව නං ඇති බව. මාතලන් එක්ක යම් තරමකට එකඟ වෙන ගමන් මතක් කරන්න ඕන රජාගෙ කාලෙ "පලිගැනීම්" සහ අද තියන පලිගැනීම්වල තත්වය.

    අනෙක්වා එක්ක උඩින්ම එකඟයි.

    ReplyDelete
    Replies
    1. රාජ්,

      බ්ලොග් ලියන සහ/හෝ කියවන අපිට හා සමහර පණ්ඩිතයො සහ/හෝ බොලඳ අයිඩියලිස්ට්ල සමූහයකට "යහ පාලනය" තේරුනත්, ඕනෙ වුනත් බහුතර ජනතාවට එහෙම නෑ. වෙන එකක් තියා රජයේ මුදල් හා ගෙවන ණය වාරික යනු සෘජු හා වක්‍ර බදු මුදල් වන මහජන මුදල් කියන එකවත් තේරෙන්නෙ නෑ. පාරක් බෝක්කුවක් හදා ගන්න එක, භාණ්ඩවල මිල වගේ දේවල් හැර යහ පාලනය තියා ලැජ්ජාව සහිත ශිෂ්ඨ පාලනයක් කියන එක මොකක්ද කියලවත් තේරෙන්නෙ නෑ. රජ පාලනයක් නම් තේරෙනව.

      එහෙම තියාගෙන අපේ පාලකයො (ඔවුන්ට යහ පාලන තේරුනත් - ෂුවර් නෑ) අතින් කයිට් කර ගෙන යහ පාලනයක් දෙයිද අපිට ?

      Delete
    2. උඹලා කියන එක තේරෙනවා. ඒත් මචං පිස්සොත් එක්ක දාං අදින්න බැහැ වගේ වැඩක් තියෙන්නේ. පිස්සොත් එක්ක දාං අදිනවට වඩා හොඳයි ජොයින්ට් එකක් ගහලා, දාං බෝඩ් එක දිහා බලාගෙන තනියෙන් හිනා ආතල් එකක් ගන්න. උඹලට තේරුනාද මන්දා මම කියන එක.

      Delete
    3. @ AP, පිස්සොත් එක්ක මොන දාං ද?
      සිරි ලාංකිකයින් එක්ක මොන යහපාලන ද?

      Delete
    4. //ඒත් මචං පිස්සොත් එක්ක දාං අදින්න බැහැ වගේ වැඩක් තියෙන්නේ.// ++++++++++++++++

      මේ ඉන්න ජනතාව එක්ක මේ රට හදන්න බෑ

      Delete
    5. අරූ, පිස්සො එක්ක දාම් ඇදීම ගැන මගේ අදහස කාලයක් තිස්සෙ පැරා ලියනව.
      මුං එක්ක බෑ කියල අපට ඉන්න බෑ. කඹ ඇදිල්ල වගේ තමයි. ඇදල නවත්තගන්න සෙන්ටිමීටරේ රැකගන්න ගමන් තව චුට්ටක් ඇදගන්න ට්‍රයි එක දෙන්න ඕන.

      Delete
    6. රාජ්....උඹ කියනදේ තමයි විය යුත්තේ සහ කරගත යුතුව ඇත්තේ. හන්ඩ්‍රඩ් පර්සෙන්ට් එකඟයි. නමුත් හිතපන්, මම 60 දශකයේ ඉපදිච්ච එකෙක් සහ සමාජය එක්ක නොයෙකුත් ගනුදෙනු තිබිච්ච එකෙක්. මේ දේවල් දිහා අඩ සිය වසරකට වඩා කාලයක් දැකපු එවුන්ට ඇතිවෙන මානසික කඩා වැටීම.... ඒකට න්‍යායාත්මක උත්තර තියෙයි. ඒත් ප්‍රැක්ටිකලිටි එකට ඉස්ම යනවා.

      Delete
    7. ප්‍රා.....ගුඩ් ගවර්නන්ස් කියන්නේ ආන්ඩුව සහ රජය විතරක් නම් අපිට හැම දෙයක්ම ගුඩ්ම වෙයන් කිව්වහැකි. ඒත් බං යහපාලනයක් ඇතිවෙන්න ජනතාව අතිනුත් යහ පැත්තක් තියෙන්න එපැයි. ජනතා කැපකිරීම් නෙමෙයි මම කියන්න උත්සාහ කරන්නේ. අපේ ආච්චි ඉස්සර ලිව්වා අපිට සුද්දගෙන් නිදහස හම්බවුනා ඉක්මන් වැඩියි කියලා. ආච්චි අද හිටියානම් වයස 120ක් විතර. අපිට යහපාලනය හම්බ වෙන්න තිබුනේ තව අවුරුදු දහයකට පස්සේ...ඇත්තමයි!!! ඕන නම් මට අල්ලගෙන ගහපල්ලා. අපේ ආච්චිගේ අදහසට එකඟ වෙනවද..නැද්ද කියලා මම දැන් කල්පනා කරනවා. ඒකට මාව අල්ල ගන්න එපා හ..හා

      Delete
    8. හරී..........ඔය කියන කතාවේ යටි අරුතක් මම කියනවා...

      අපේ පරම්පරාවල ජාති භේදයකින් තොරව, ජීවිතය අතට ගන්න සහ ඒ තුලින් එදා පරම්පරාවේ සාධනීය ගති පැවතුම් ඉදිරියට ගෙන යන්න ජානමය සහ සංස්කෘතික උරුමයන් ඇති නව යෞවනයක් අපට අහිමිවුනා. ඒක උතුරට සහ දකුනට සමානයි. කොටියා හෝ සොල්දාදුව සහ සිංහලයා සහ දෙමල, තම්බියා යැයි සමහරුන් භාවිතා කරනා ජාතීන් දක්වා සමානයි. වම, දකුන විතරක් නෙමේ ස්ත්‍රීය, පුරුශයා, මැදිලිංගිකයා හෝ සම ලිංගිකයා හෝ සමාජයීය ඉතා කුඩා කුලකයන්ට පවා කැඩී විනාශ වුනා, මූලිකවම කඩා බිඳ දැම්මා. ඒ කුනුහරුප ගැප් එක තමයි දැන් හැදිලා තියෙන්නේ. මැද තිබිය යුතු පරම්පරාවක අහිමිවීම තමයි මේ අවාසනාව. උඹලගේ දරුවන් හෝ නිවැරදිව ග්‍රහනය කරගන්න පුලුවන් විදිහට යොමු කරවපන්. ඒක එහෙම වෙයි. නිවැරදිව හිතන පරම්පරාවක බිහිවෙයි. නැද්ද මන් කියන්නේ හරී?

      Delete
    9. @ රාජ්

      මෙයාලට වෙලා තියෙන්නේ පලි ගන්න ඕන.. ඒත් බයයි...

      ආසයි බයයි...

      @ අරූ

      ඉන්න රටවල්වලම ඉඳහන් මේ පැත්තට පුකවත් නොදා... මොකෝ වේදනාත්මක් පුකේ පුකේ අමාරු හැදෙන්න පුළුවන්... බුද්ධ ධර්මයේ තියෙනවා සතර මහා අපාය කියලා එකක්.. එයින් එකක් තමයි මේ අම්මට සිරි ලංකාව..

      මාත් පන පිටින් දිවිය ළෝකේ ගිහින් ඇවිත් අදටත් දුක් වෙන එකෙක්.

      Delete
  7. "කෙසේ වෙතත් ජනාධිපතිවරණය නිමාවූ විගසම රාජපක්ෂ කදවුරට තමන් වෙත ස්ව්‍යං-මෙනෙහිකිරීමකින් යුතුව හැරීබැලීමට අවස්ථාවක් උදා වූවා නම්, දැන් එය අහෝසී වී ඇත"

    මේක නං සහතික ඇත්ත. බලමු මොකද වෙන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. මමත් මේ රාජ් පෙන්වන, මාතා ලියපු සහතික ඇත්තට එකඟයි. මේවා තමයි ජනතාවගේ පැත්තෙන් අහෝසි කම්ම කියන්නේ.

      Delete
    2. උගත් පාඩම් කියලා පොතක් කියවන පොටෝ නම් දාලා තිබුනා ඒ කාලේ... පොටෝ එකට විතරක් පොත අතට ගන්න ඇති.. පොත් කියවන පාලකයෙක් නම් මේ වගේ ගොන් වැඩ කරන්නේ නෑ නේ... මම කියන්නේ ඉල්ලගෙන කන ඒවා වගේ දේවල්...

      Delete
  8. අඩුම තරමේ පාද(ඩ ) යාත්‍රාවෙන් අනතුරුව අප්පච්චී හට කැබිනට් එකක් හෝ ලැබෙතැයි බලා සිටියේ, පාද වලින් කෙසේ වෙතත් ප්‍රාඩෝ වලින් හෝ 70 ද පැන එලොවටත් මෙලොවටත් අතර සිටිමින් මහින්ද සීයා නුවර සිට කොලඹට යෑමම ඉමහත් වූ ව්‍යායාමයක් බැවිනි...කෙසේ වෙතත් එලැබෙන දකුනු පලාත් සබා මැතිවරනයක මහ ඇමති වී හෝ,නගර සබාවේ නගරාධිපති වී හෝ,ඒත් නැති නම් මැදමුලනේ ග්‍රාම සේවක වී හෝ, එතුමන්ගේ බල පරාක්‍රමය යලිත් ලොව පුරා පැතිරවීමට ඉඩකඩ ලැබේවායි ඉත සිතින් පතමු..... :p

    ReplyDelete
    Replies
    1. සීයට දැන් යන්න තියෙන්නේ එක තැනයි... ඒ තමයි කනත්ත...

      Delete
  9. සිරිසේනටවත්, රනිල්ටවත් මේ ගොන්නුන් ටික ආන්බාන් කරන්න බැහැ. ඒක කරන්න පුළුවන් මහින්දට ම විතරයි. ඒ නිසා මහින්දගේ දේ මහින්දට දීලා සිරිසේන තමන්ගේ දේ වෙන් කර ගන්න ඕනැ. මහින්ද එක්ක යන එවුන්ට යන්න දීලා ශ්‍රී ලංකා එකෙන් අලුත් බලවේගයක් හදා ගන්න උත්සාහ කරන්න ය කියලා අපි කිව්වෙ සෑහෙන කාලෙකට උඩ. දැන් නම් මහින්දගේ මීයො සෑහෙන පිරිසක් සිරිසේනගේ රෙද්ද පල්ලෙ. දැන් නම් ගැලවිල්ල ලේසි නැහැ.

    ReplyDelete
    Replies
    1. මහින්දගේ එවුන් මහින්දයෝ වීමවත්, සිරිසේනයෝ සිරිසේන පස්සේ යාමවත්, රනිලයෝ අලින්ම වීම තුලින්වත් කටු කන එවුන්ට නොහොත් ජනතාවට මස් ලැබෙන්නේ නැහැ. මස් කන්නේ නම් ,කටු කන මිනිස්සුන්ට විහිලුවට වගේ මස් පෙන්නන අය. කටු කනවානම් දෙගොල්ලොම කමු. මස් වුනත් ඒ විදියටම කමු. හැබැයි මස් අපි වෙනුවෙන් නොවේ බව කටු වුනත් රහට කන මිනිස්සු දන්නවා.

      Delete
    2. ඔය දේ අපි ආපු දවස් වල ඉඳලා කියනවනේ පැරා.. මෙයා හදන්නේ හොරු ටික රෙද්ද අස්සේ දාගන්න.. එහෙම දාගෙන ඕකුන් ටික මෛත්‍රිපාල මහත්තයගේ වල්ලයි පොල්ලයි නෙමේ පශ්චාත් භාගේ මයිල් ගහක් ඉතිරි කොලොත් තමයි පුදුමේ... රජෙක් පාරේ යන බල්ලෙක් කරපු උන්ට, ඕවා සිම්පල් වැඩ..

      Delete
  10. මේකයි මාතා, සිරිසේනත් දන්නවා මහින්ද බලය ලබාගත්තොත් තමන්ට වෙනදේ, මහින්දත් දන්නවා සිරිසේන ඉක්මන් උනොත් තමන්ට වෙන දේ.
    මෙතන මහින්ද කියන සරල දේ මෙච්චරයි "සිරිසේන මම හොරා කාපු ඒවා මට තියාගන්න ඇරලා උබ මතවත් මගේ පවුලේ අයටවත් කරදර නොකර හිටපන් "

    මෙතන සිරිසේනට ඇති ප්‍රශ්නය සංකීර්ණයි එක පැත්තකින් ආර්ථිකය කදාවටෙනවා මේ පීඩනයෙන් බේරීමට ඔහු මිනිසුන්ට කියන්නේ "මේ විනාශය මහින්ද නිසයි අපි තමයි තොපිට ප්‍රජාතන්ත්‍ර වාදය දුන්නේ අපට දොස් කියන්න එපා "

    රටේ මහජනයා තමන්ට පීඩනය ලැබෙන විට කියන්නේ " මේ විනාශයට වගකියන්න ඕනේ සිරිසෙනයි රනිලුයි, මහින්ද මෙහෙම හොරකම් කරලා තියනවනම් ඇයි සිරබාරයට ගන්නේ නැත්තේ ?"

    රනිලුත් සිරිසේනත් දන්නවා මහින්දව සිරබාරයට ගත්තොත් ඇතිවන ජනතා නැගිටීමට මුනුන දෙන්න තමන්ට ශක්තිය නැති බව ඔවුන් දන්නවා අනිවාර්යෙන් ජනතාව මත පීඩනය මුදාහරින්න වෙන බව.

    මේ අතර සිරිසේනත් රනිල් අතරත් බලය සදහා කුලල් කෑමක් තියනවා.

    සිරිසේන දන්නවා එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතුව ජනතාව ඉදිරියට ගියහම තමන්ට වැඩි බලයක් ලැබෙන බව (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ උනත්)

    රනිල් දන්නවා සිරා වෙනමත් මහින්ද වෙනමත් ආවනම් තමන්ට හොදම තත්වය ලැබෙන බව, මෙයම තමයි මහින්දට උවමනා කරන්නේ මොකද මහින්දට මෙවැනි අවස්ථාවකදී වැඩි වාසියක් ගන්න පුළුවන් වීම සහ සිරා ඉතා දුර්වල වීම.

    බැරිවෙලාවත් මේ සෙල්ලමෙන් මහින්ද දිනුවොත් සිරාට උල තියන අතර රනිල්ගේ පාර්ශවය වැඩි බලයක් ගත්තොත් මහින්දව පැත්තකින් තියාගන්නවා සීරාව පාලනය කරන්න.

    මෙහිදී මම දකින වැදගත්ම දේ මේ අස්තාවර බව නිසා රජයට පිස්සු කෙලින්න ඇති හකියාව අඩුවීමයි.

    සිරාට පුළුවන් ආරක්‍ෂිත දෙයක් තමයි රටේ නිතිය සහ රජයේ ආයතන ස්වාදීනව කටයුතු කල හැකි මට්ටමට සහ වැරදි කරන්නන් හසුවන ක්‍රමයක් ඇති කිරීම, මෙය ඔහුට මුලින් අවාසි ලෙස පෙනුනත් ජනතා විශ්වාසය දිනාගත් විට ඔහුට ස්තාවර වීමට හැකිවෙයි මෙහිදී ඔහුගේ මිතුරු පර්ශවය ට අක්‍රමිකතා දීමට නොහැකි වීම නිසා සතුරන් ඇති උනත් ජනතා බලය මත විශ්වාසය තියන්න පුළුවන්, මෙය කරන්න බැරි ඔහුට මිට උවමනා දැනුම නොමැති වීම නිසයි.

    ReplyDelete
    Replies
    1. සැටලයිට් නෝනා බලය ගත්තෙත් හොරු ගෙනත් ගෝල්පේස් එකේ දාලා පට්ට ගහලා කොට්ට මහනවා කියලා.. ඒත් එයා ඒ දේ කලේ නෑ..

      මෙයා කරන්නෙත් නෑ. මෙයාට කරන්න ඕන කමකුත් නෑ.. මොකෝ මහින්දගේ කල්ලියේ උන්ට විතරයිනේ නඩු වැටෙන්නේ.. මෙයාට වෙලා තියෙන්නේ මෙයා පත් කරපු උන්ගෙන් හා බටහිරින් එන ප්‍රෙෂර් එක කොන්ට්‍රෝල් කර ගන්න බැරි වීම.. මොකෝ මෙයාගේ ජීවිතය තියෙන්නේ උන්ගේ අතේ..

      දැන් වෙලා තියෙන්නේ FCID ය තිබුනත් කචල් අහෝසී කලත් කචල්..

      Delete
  11. නිර්මාල් ගේ කතාව:

    //ඔහුගේ ඉරණම සිංහල-බෞද්ධ ජනයා තම සාමූහික ඛේදවාචකය ලෙස සලකයි.//

    නිර්මාල් තරහින් හෙලා දකින්නේ සින්හල ජාතියවත්, බෞද්ද ආගමවත් නොව ඒ දෙකටම වඩා බලගතු වෙනත් දෙයක් බව හැඟෙන්නේ ස ර ස තුමා ට පමනද...??

    ReplyDelete
    Replies
    1. මතු බුදුවෙන සරසයෝ හෝ සරස තුමෝ......

      නිර්මාල් හෝ කවුරුගේ හෝ කතාවකදි...නුඹ වහන්සේට දිවැසින් හෝ ඇහුනේ ඔය චුට්ටන් කෑල්ල විතරද මහත්වූ මහතානනි....ඔන්න ඔහේ මෛත්‍රීගේවත් දතක් ගලවපන්, චන්ද්‍රිකාගේ සර්ජරි එකේ. මහින්දට ඕවා තේරුමක් නැහැ. මොකද විමල්ලා, ගොමාලා මහින්දගේ දෙකේ පුත් විතරක් නෙමේ කටේ දතුත් ගලවලා තියෙන්නේ. මහින්ද...ඔබට සතුටුද දැන්? සරසයෝ බොරු නම් ගෝටාගෙන් අහපන්....

      Delete
    2. අමු ජාතිවාදියෙකුට ඊට වඩා දෙයක් පේන්න පුළුවන් ස රස තුමා...

      Delete
    3. අමු ජාතිවාදීන් ට විතරද? වේලිච්චි ජාතිවාදීන්ට පේන්නේ නැතෙයි?

      Delete
  12. රාජ්‍ය පාලනය කියන්නේ ඉන්දියන් මෙගා ටෙලිනාට්ටියක් වගේ වෙලා.. සතිදෙකක් බැලුවත් මොකුත්ම සිද්ද වෙලා නෑ..සිද්ද කරන්න කලිං කතා වෙනවා විතරයි.. අපේ රටේආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද? රටේ ප්‍රවාහනය, අධ්‍යාපනය, බලශක්තිය, යටිතල පහසුකම් ආදිය දියුනු කරන්නට ඇති දීර්ඝකාලීන සහ කෙටිකාලීන විසදුම් මොනවාද? ඒවා ගැන කතා කරනවා නෙමෙයි..පොඩි පොඩි සිද්දි ටිකක් අරගෙන හැමදාම උඩ දානවා.. දෙපැත්තටම රටක් පාලනය කරන්න ශක්‍යතාවයක් නෑ.. රනිල් දැන් ඩිල්ෂාන් මට්ටමට ඇවිත්..තැන දුන්නත් ගහගන්න බෑ.. රනිලුත් මහින්දත් සිරිසේනත් අයින් වෙලා දෙවනි පරම්පරාවට මේකෙ තියෙන අමාරුව කියලා දෙන්න කාලේ හරි..

    ReplyDelete
    Replies
    1. කොහොමත් අපේ කාළය තුල නම් මේක ගොඩ එන්නේ නෑ කියන එක නම් ඉර හඳ වගේ විශ්වාසයි...

      Delete
    2. ඇඉ උබල මොළකාරයෙක් ගෙනාවෙ ගොඩදාන්න .....තනි ඇහැට ඇඩෙනවා ......කියන දුක් ගීය දැකල ...

      Delete
    3. අපිට නම් දුකක් නෑ.. දුක තියෙන්නේ මොකාටද කියලා මේ කොමෙන්ට් වලින් හොඳට පේනවා.. මොළේ තියෙන්නේ ඒ යකාට විතරයි තමයි.. ඒක ඇපි බය නැතිව කියනවා.. ඒත් ඒ මිනිහට අවශ්‍ය දේ කරන්න ගොන් බයියෝ ඉඩ දෙන්නේ නෑ..

      මහින්දට මොළයක් තිබුනා නම් මෙහෙම ඉල්ලගෙන කාලා ඔහෙලා වගේ උන්ට මෙහෙම දුකක් දෙයිද.. එයත් අඬනවා.. මෙයත් අඬනවා.. අපි මොකා ආවත් හොඳට කාලා බීලා ඉන්නවා..

      Delete
  13. පාද(ඩ) යාත්‍රාවෙන් තහවුරු වූ එකම දෙය නම් මහින්ද මහත්තයා බැරිවෙලාවත් බලයට ආවොත් රට නැවතත් බල්ලාට යන බවය. නාමල් බේබිලා මග නටමින් ගැයූ බයිලා, කියූ සටන් පාට මතක තිබේ නම් මහජනතාවට මේ මොන තරම් පහත් හැත්තක්ද කියා අනිවාර්යයෙන්ම කල්පනා විය යුතුය. නමුත් කණගාටුවකට ඇත්තේ කරුමයකට මෙන් එහෙම හිතන්නට තරම් වත් මොලයක් මේ සිංහල බෞද්ධ වීරයන්ට ඉතිරි වී නැතිකමය. ​පසුගිය අවුරුදු 10 රාජපක්ෂ පාලන යුගයේදී මිනිසුන්ගේ සිත් කොතරම් දුෂණය කලාද කියතොත් වැඩිදෙනෙක් පාදඩයන් වී හමාරය. උන් වැටී ඉන්නා ජරා වලෙන් ගොඩ ගන්නට යකෙකුටවත් බැරිය. පාද යාත්‍රා කියමින් මෝඩ මිනිසුන් ගොනාට අන්දවා ඔවුන් පයින් යද්දී සැප වාහන වලින් පාවී දේශනා පවත්වමින් ආණ්ඩුවට තර්ජනය කරන්ඩ තරම් මහින්ද රාජපක්සටත් ඔහුගේ ගෝල බාලයන්ටත් බලයක් ලැබුනේ කොහෙන්දැයි මටනම් තාමත් හිතාගන්ඩ බැරිය. කවුරු කොහොම කීවත් අන්තිමේදී මාතලන්ගේ අනාවැකිය සැබෑ වූ දාට දැන් ඉන්නා ලොක්කෝ දෙන්නාට පමණක් නොව අම්මට සිරි ලංකාවේ දේසපාලන වසන්තය උදාකරවන්නට දිවා රෑ නොතකා ජීවිතය පරදුවට තබමින් කැප කිරීම් කළ බුකියේ ඇත්තන්ටත් ධර්මසිරි බණ්ඩාරනායක, සරත් විජේසුරිය වැන්නන්ටත් ගෙල වැලදාගන්නට සිදුවෙනවා නොඅනුමානය. මහින්දය කිසි දෙයක් සාධාරණව ලබාගෙන නැති ඇති දරුණු කපටියෙක් බව නොදන්නා ජනාධිපති අගමැති දේපල ඔව්නොවුන්ගේ කකුලෙන් ඇදීම දැන්වත් නතරකොට හරියට වැඩක් කරන්නට හිතුවොත් අපි හැමෝටම හෙටක් ගැන හිතන්නට පුළුවන් වෙනු ඇත. ඒත් චන්දෙන් පැරදී ගෙදර යන්නට සිදුවුණා එකා බලයට ඇති කෑදරකම නිසා මන්ත්‍රී කට්ටෙක් වෙලා ඉන්දැද්දී හිටපු ජනාධිපතියා "විශ්‍රාමලත් ජනාධිපති" යනුවෙන් තානාන්තරයක් පටබඳිනා ගොනුන් ඉන්නා රටේ ඉර අනික් පැත්තෙන් පායා ආවත් අපිට නම් කරන්නට දෙයක් නැත. එහෙම වුන දාට අඩුගානේ අපේ හිත්වල ඇති වේදනාව අඩු කරගන්නට මාතලන් වැනි බ්ලොග්කරුවන්ගේ නිර්මාණ බලන්නටවත් අපිට වාසනාවක් නැතිවන්නට පුළුවන. ඔවුන්ට අපේ ප්‍රණාමය පුදකරමින් සිහින ලෝකයක සැරිසරන මහා දෙන්නාට ඉක්මනින්ම පියවි ලෝකයට එන්නට හිතේ වා කියා ප්‍රාර්ථනා කරනවා ඇරෙන්නට වෙන මොනවා කරන්ඩද? හැබැයි සිරිසේන උන්නැහේ එකදෙයක් මතක තබාගත යුතුව තිබේ: එනම් රනිල්ගෙන් තොර ලෝකයක් එතුමාට නැති බවය.

    ReplyDelete
    Replies
    1. මුලු කොමෙන්ටුවම එකම දුක් ගීතයකි....

      Delete
    2. Toiyekuge දුක්ගීයක් .......අපි මොනවා කොරන්ඩද

      Delete
    3. රාජපක්ෂලාට ආයෙත් බලය දෙන්න තරම් මේ රටේ ජනතාව මෝඩ නෑ.. ඒත් හමුදා කුමන්ත්‍රණයකින් හෝ තස්තවාදි ක්‍රියා මගින් රට අස්තාවර කර බලය පැහැර ගැනීමේ ක්‍රියාදාමයක් වෙන්න තියෙන ඉඩ කඩ බොහෝමයි..

      මේ දේ ජේ ආර්ටත් සිද්ද උනා.. ගොන් හැත්ත රට හදන්න දුන්නෙම නෑ.. එගමන තමයි 80 වර්ජනයට පුක නැති වෙන්න දුන්නේ.. ඒ ඉතිහාසය දැන් ඉන්න ගොන්නුන්ට මතක නෑ..

      මේවගේ දේවල් රටේ ආර්තික අග නගරේ කරන කොට මොන ආයෝජකයද මෙහේ එන්නේ... කොහොමද මේක ස්තාවර ආන්ඩුවක් කියන්නේ..

      Delete
    4. මතෝ J R පප්පා එපා. අපි උගේ හැටි හොදට රසවිඳ .......යාපනේ පුස්තකාල ගිනිතියල ...... අරගෙන ........ගොන්කම හින්ද 13 වියවස්ත මගුලක් ගැට ගහල අනල.......පාදඩ දේසපාලනය පටන් අරගෙන ගෝනවල සුනිල් වගේ එඋන්ට jp කන්දීල ......පක්ෂ ටහනම් කරලා .........රට අචරු කරලා පන්ශෝන් ගිය .....උබට මතක නැති උනාට අදවගේ මතකඊ මට

      Delete
    5. මහින්දගේ පාදඩ කම් ත්‍රිපිටකය වගේ පුස්තකයක් නම්... ජේ ආර් ගේ කියන්න තියෙන්නේ ඔච්චරයි... ජේ ආර් ඔච්චර නරක නම්.. මක්කටෙයි ඒ යකාගේ ක්‍රමේ තාම ගෙනියන්නේ..

      එකෙක්වත් සුද්ද කරන්න ඕන නෑ.. ඒත් මහින්ද මේ රට කාපු තරම් ජේ ආර් කෑවේ නෑ.. විශේෂයෙන් සමාජ ක්‍රමය.. පාතල සමාජයකට රට හුරු කරලා විනාශ කලා.. උඹලට වෙලා තියෙන්නෙත් ඒකයි.. උඹලට විවේචනයක් දරා ගන්න බෑ.. ප්‍රාවෙනීදාසයින්..

      අපිට නම් මොකා කලත් වැරද්ද වැරද්දමයි..

      Delete
    6. ක්‍රමයේ නෙමඉ යකෝ වැරැද්ද තියෙන්න .....කරන එඋන්ගේ JR මේ ක්‍රමයේ අරම්බ කරේ ...ගොන් කතා නොකිය හිටහන් ඇඉ ඒ ක්‍රමේ ගෙනියන්නේ කියල ....ඒවා පොන්න කථා ..... පතල ක්‍රමය බිහිකළේ JR .......උබ හරියට ප්‍රවිනදසය හදුන්නනේන්ත් නැහැ නිකන් ටෝක් දුන්නට...හරියට හර්ෂද සිල්වාගේ අර්ටික විද්‍යවවගේ තමා ......විපක්ෂේ ඉන්න කලේ මහා උගත .....දැන් ටින්කිරි කපු රිලවා වගේ......අට පාස් විමලය දන්නා තරන් vat පනත දන්නැති උගත්තු පව් බන්.....

      Delete
    7. ඔයා මහින්දගේ වහලෙක් නොම්මර එකේ බයියෙක් විතරක් නෙමෙයි ඔයා දේශපාලන බබෙක් Noma... ඔයා කළබල වෙලා මෙතන ඇවිත් හොටු පෙරාගෙන අඬන්නේ නැතුව ගිහින් චූ දාල දොයියන්න අම්මා..

      අපේ මක්කත් නොදන්න කමට අපි මේක ලියාගෙන ඉන්නම්

      ඔයා මහින්දත් එක්ක කනත්තෙන් නැගිටින්න..

      Delete
    8. ප්ව්ව් බන් උබ වගේ දාර්ශනිකයෙක් මෙහෙම ජොබ් එකක් කරන්නේ.....උබ ඉන්න ඕන කිරිඅල්ලේගේ උපදේසක සභාවේ.....උබේ ඒවාට හුමිටි තියෙන එඋන් හොදා ....අනිත් එඋන් වහල්ලු ..... ....උබ ප්‍රවිනදසේයෙක් නෙවෙඉනෛ යකෝ රටට මේ හෙනේගේදිය පාත් කරපු JR යව .වර්නනකරිද ...අපිට JR යත් එහි MARA ත් ekai. උබට තියෙන්නේ මුන්ට කෙලවෙඉ කියල තියන බය.

      Delete
    9. පෞද්ගලිකත්වයට එන්න එපා. එතකොට මටත් ඔයා දෙහිවල කරන වැඩේ කියන්න වෙනවා. ඒ නිසා චූ කරලා දොයියන්න බබෝ..

      Delete
    10. උත්ටර දෙන්න බැරි උනහම හැමදාම උබ කියන්නේ චූ කරලා නිදිය ගන්න කියල... පිලිගනින් JR ය මේ රට කන්න පටන්ගට්ටේ කියල .....පේමදාස, චාහ්ද්රික , මහින්ද එක ගෙනිච්ච......මුන් එඉටත් වඩා කරනවා .......බලන් හිටපන් යහ පාලනය එනකන්

      Delete
    11. ජේ ආර් රට කාපු නිසා තමයි අද උඹලා ඔහොමවත් ඉන්නේ... ඊට කලින් තිබුනේ ඉතියෝපියාව වගේ එකක්.. දන්නේ නැත්නම් අම්මා තාත්තගෙන් අහගන්න චූටී පැටියෝ.. උඹලා ජේ ආර් දැකලවත් තියෙනවද..? ළොවම පිලිගත් නායකයෝ... මහින්ද වගේ රස්තියාදුකාරයෝ නෙමෙයි...

      Delete
    12. ලොවම පිළිගත් හින්ද තමා ඉන්දියාව ඇට දෙක මිරිකලා ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කරේ ...උඩින් ඇවිල්ල පරිප්පු දැම්මේ....වඩමාරච් සටන නැවටුවේ මාර ලොකු පිළිගැනීම.........

      Delete
    13. ජේ ආර් යුද්ධ කලේ ඉන්දියාව සහ රෝ ඔත්තු සේවය විසින් ඇතිකල, පුහුණු කල සහ අරමුදල් සැපයූ එල් ටී ටී යී එක සමඟය. මහින්ද සටන් කලේ ඉන්දියාව තහනම් කල රෝ ඔත්තු සේවයට නැති කිරීමට වුවමනා වූ එල් ටී ටී ය සමඟය. ජේ ආර් සටන් කලේ දෙමල ජනයා වෙනුවෙන් සටන් කරන අය ලෙස සෙසු ලෝකය හැඳින්වූ එල් ටී ටී ය සමඟය. මහින්ද සටන් කලේ 9/11 සිද්ධියෙන් පසු එවන් සටන්කරුවන් ත්‍රස්තවාදීන් ලෙස ලෝකය සැලකූ වකවානුවකය.

      Delete
  14. මීට මාස කීපයකට කලින් ඒකාබද්ධ විපක්ෂයේ ගැලවුම්කාරය මහින්දගේ අනුප්‍රාප්තිකය වෙච්චි ඝෝටාභය මහත්තෙය මේ පාද යත්‍රාවේ හිටියෙ නැත්තෙ ඇයි ? මීට ටික දවසකට කලින් ආණ්ඩුවට රම්පෙට පොරි වෙන්න ටෝක් දුන්නු උන්නැහේ දැන් ෆුල් සයිලන්ට් ඇයි? රනිල් මයිත්‍රී ආණ්ඩුව කැඩුනොත් රනිල්ට සපෝට් කරන්න පොරොන්දු ඩීල් දාල තියෙන කී දෙනෙක් රනිල්ට හෙණ ඉල්ලමින් මහින්ද එක්ක පාද යාත්‍රා යනවද?මෙව්ව තමයි ඔස්කාර් ග්‍රේඩ් රඟපෑම්! පවු ඕයි මිනිස්සු !

    ReplyDelete
    Replies
    1. මේ රටේ කාලකන්නි රට පාලනය කරන්න දන්නේ නැති උනාට ඒ වගේ යටිකූට්ටූ වැඩ වලට නම් කප් ගහපු උන්...

      Delete
  15. යහපාලනේට කඩේ ගිය ලියන්නෙක් වැරදුනාම දෙන මර ලතෝනියක්

    අලුත් වර්ශන් එක රනිල් හොදාඅයි මෛත්‍රී නරකයි.

    බැලුවහම දේශපාලුවන්ට වැඩිය පීචන් ලියන්නො..!

    ReplyDelete
    Replies
    1. ඊටත් පීචන් නොමිලේ කහින්නෝ...

      Delete
    2. ///ඊටත් පීචන් නොමිලේ කහින්නෝ...///

      ම්ම්ම්ම්ම්...?

      Delete
  16. ඔය කොහොම කිවුවත් 2020 වෙනකන් අපි හොල්ලන්න බෑ කියලා හිතන් ඉන්න සෙට් එකක් දැන් අනිත් පැත්තේ එන්නේ. ඒ හන්දා පාද යාත්‍රා තබේකට මායිම් කරයිද කියලයි ප්‍රශ්ණේ.

    හැබැයි ජනාධිපති තුමාට ශ්‍රීලංකා එකේ බලය තියන් ඉන්න එක නම් ඉස්සරහට කොහොම වෙයිද මන්දා.

    ReplyDelete
    Replies
    1. පක්ෂේ නායකත්වය ගන්න බැරි එකෙක් කොහොමද රටක නායකයා වෙන්නේ...

      Delete
  17. කවුරු මොනවා කිව්වත් මහින්දගෙ කාලෙ රට අභිමානවත්ව හිටියා. අපි අභ්‍යවකාශය පවා ජයගත්තා. ලංකාවෙන් පලමු වතාවට චණ්ද්‍රිකාවක් ගුවනට යැව්වා. මහින්දගේ තුන්වෙනි ධුර කාලය ලැබුනනං නාසා එකට ලංකාව ප්‍රබල අභියෝගයක් වෙනව.

    රගර් ක්‍රීඩාවෙන් අපිට ලෝක කුසලානය දිනාගන්න තිබුනු අවස්ථාව නැතිවුනා. තව කාලයක් තිබ්බ නං ෆීජි ශ්‍රී ලාංකිකයො ඒක කරනවා. සැලැස්මෙ හැටියට ජැමෙයිකානු ශ්‍රි
    ශ්‍රි ලාංකිකයොන්ට ඔලිම්පික් පදක්කමක් දිනා ගන්න වුනත් තිබුනා.

    ලෝකයේ හොඳම නාවික හමුදාව බවට පත්වෙන්න මෙතෙක් බිහිවුනි හොඳම නාවික හමුදාපති බිහිවෙන්න තිබ්බ අවස්තාව නැතිවුනා.

    කාල්ටන් පෙරපාසල හරහා ඕනම කෙනෙකුට ඩීඑස් වගේ ඉස්කෝලෙකට යන්න තිබ්බ අවස්ථාව නැති වුනා.

    සයිටම් වගේ තව දහයක් වුනත් කිසිම විරෝධයක් නැතුව බිහිකරගන්න තිබ්බ අවස්ථාව නැතිවුනා.

    උඹලට තේරෙයි තව ටික කාලයක් යනකොට

    ReplyDelete
  18. කවුරු මොනවා කිව්වත් මහින්දගෙ කාලෙ රට අභිමානවත්ව හිටියා. අපි අභ්‍යවකාශය පවා ජයගත්තා. ලංකාවෙන් පලමු වතාවට චණ්ද්‍රිකාවක් ගුවනට යැව්වා. මහින්දගේ තුන්වෙනි ධුර කාලය ලැබුනනං නාසා එකට ලංකාව ප්‍රබල අභියෝගයක් වෙනව.

    රගර් ක්‍රීඩාවෙන් අපිට ලෝක කුසලානය දිනාගන්න තිබුනු අවස්ථාව නැතිවුනා. තව කාලයක් තිබ්බ නං ෆීජි ශ්‍රී ලාංකිකයො ඒක කරනවා. සැලැස්මෙ හැටියට ජැමෙයිකානු ශ්‍රි
    ශ්‍රි ලාංකිකයොන්ට ඔලිම්පික් පදක්කමක් දිනා ගන්න වුනත් තිබුනා.

    ලෝකයේ හොඳම නාවික හමුදාව බවට පත්වෙන්න මෙතෙක් බිහිවුනි හොඳම නාවික හමුදාපති බිහිවෙන්න තිබ්බ අවස්තාව නැතිවුනා.

    කාල්ටන් පෙරපාසල හරහා ඕනම කෙනෙකුට ඩීඑස් වගේ ඉස්කෝලෙකට යන්න තිබ්බ අවස්ථාව නැති වුනා.

    සයිටම් වගේ තව දහයක් වුනත් කිසිම විරෝධයක් නැතුව බිහිකරගන්න තිබ්බ අවස්ථාව නැතිවුනා.

    උඹලට තේරෙයි තව ටික කාලයක් යනකොට

    ReplyDelete
    Replies
    1. දෙපාරක්ම තේරෙයි කට්ටියටම.. හැක්

      Delete
    2. මේ රටේ හරක් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදයද වෙන කෙහෙල් මලක්ද කියන එක පාලකයන්ට නොතේරෙන හැටි..

      Delete
  19. පැහැදිලිවම මේ ලියවිල්ල තවත් යහපාලන පෙර ගමන් කරුවකුගේ විලාපයයි...
    පෙරහැරේ කසකරුවන් ඉදිරියෙන් ගියාට පස්සේ උන් උන්නාද මලාද කියා බලන එකෙක් නැත , යතුරු දරන්නේ නිළමේලාය එහෙයින් පෙරහැරෙන් පසු දළදා හාමුදුරැවන් ලගට යාහැක්කේ නිලමක්කාරයින්ට පමණය. එබැවින් කසකරුවන්ට ඉතුරු වන්නේ ඊලග පෙරහැර තෙක් පුච්චනම් දෙඩවීම පමණකිය.
    මාතේලට , දේවසිරිලට , පුරවැසි බලය ඇතුළු සියලු කසකරුවන්ට සිදුව ඇති සත්‍ය එයයි.
    මහින්ද පණ පිටින් ආදාහනය කරන්න පෙරුම් පුරණ ඔය හැමෝම තේරුම් ගත යුත්තක් ඇත , රාවණ , දුටුගැමුණු වැනි පෙර රජදරුවන් අදටත් ජීවමානය.
    එසේම මහින්ද මැරුවත් මිය නොයන චරිතයකි.
    ඔබ කියන විදියට වැදගැම්මකට ඇති එකෙක්වත් පෙළපාලියේ නොගියේය. මිට පෙරද අපමණ පාද යාත්‍රා තිබුණේය , ඒවාගේ ගිය උන් හා මෙම පාද යාත්‍රාවේ ගිය උන් අතර වෙනසක් තිබේද ? ..
    මේ යන උන් හැමෝම ලංකාවේ ජනතාවයි , මහින්ද චීනයෙන් පෙළපාලි කරුවන් ගෙනාවේ නැත . මේ අනුව ලංකාවේ බහුතරය මෝඩ නැහැදිච්ච මි හරක්ය .
    උන් පත් කරන්නේ උන්ට ගැලපෙන නායකයින්ය , ඉතින් මහින්ද පෙළපාලි ගියත් , රනිල් සිරිසේන පෙළපාලි ගියත් එන්ට ඉන්නේ උන්මය...
    ඔය යහපාලන පෙරගමන් කරුවන් ටික එකතු වෙලා එක එක ගොබ්බයො නායකයෝ කරන්නේ නැතිව , අලුත් හොද හදිච්ච් ජනතාවක් පත් කරගන්න බැලුවොත් නරකද ?
    එතකොට උන් පත් කර ගනියි හොද හදිච්ච්ක නායකයෙකුත් ... මේ වගේ නපුන්සක සිපයි නැතුව

    ReplyDelete
    Replies
    1. "පැහැදිලිවම මේ ලියවිල්ල තවත් යහපාලන පෙර ගමන් කරුවකුගේ විලාපයයි..." සම්පුර්ණ ඇත්ත කතාව........මාතල පව් බන්.........

      Delete
    2. එහෙම ජනතාවක් තාම රටේ ඉන්නවා.. එන්න එන්න ඒ පිරිස වැඩි වෙනවා... වහල්ලු වඳ වෙනවා.. ඒත් යහපාලන හරක් දැන ගන්න ඕන තමන් පත් කල ජනතාවගේ පැතුම් යම් පමනකින් හෝ ඉටු කරන්න.. එහෙම නැත්නම් මහින්දට උන දේ මෙයාලටත් වෙයි.. එතකොට මෙයාලට ගොඩාක් රිදෙයි..

      මේ රටේ මොළේ තියෙන පිරිසක් ඉන්නවා.. ඒ නිසා තමයි ආන්ඩු හා පාල්කයන් වෙනස් වෙන්නේ..

      මාතලන් තේරුම් ගන්න බැරි සම හරක්ට මාතලන් වෙලාවක මහින්දවාදියෙක්, තව වෙලාවක ඝෝඨාවාදියෙක්, තවත් වෙලාවක යූ ඇන් පී කාරයෙක්, තවත් වෙලාවක ජෙප්පෙක්..

      මේ දේවල් වලින් පේන්නේ ජනමාධ්‍යවේදියකුගේ යුතුකම් මොකක්ද කියන දේ තේරුම් ගන්න බැරි නූගත් පිරිස බොහෝමයි කියන දේ විතරයි...

      Delete
  20. Kisima aduwak naha.Tope top vigrahaya.Mayithri lokka meka kiyewwoth nam mole padennath puluwan.E tharamatama sathyayi.E wagema ithama pahasuwen therum yana widihata liyalath thiyenawa ona gonekuta therenna!

    ReplyDelete
    Replies
    1. මෙහෙම නොලියා ගොන්නුන්ට තේරෙන්නේ නෑ... ඒක නේ මෝඩ වහල්ලු උනත් මෙතන ඇවිත් උන්ගේ හොටු හූරලා යන්නේ..

      Delete
  21. නිහඩව ඉන්න මිනිස්සුන්ගේ මතය උරගා බලන්න යහපාලන ආන්ඩුවට වෙලාව ඇවිත් ..

    ReplyDelete
    Replies
    1. මේ කාලය නොවේ.. එහෙම තිබ්බොත් අනාතයි...

      Delete
    2. // මතය උරගා බලන්න //

      සිරිකොත පැත්තෙ ගියෝතින් දිවගා බලන්නත් පුලුවන්

      Delete
    3. ////සිරිකොත පැත්තෙ ගියෝතින් දිවගා බලන්නත් පුලුවන්/////
      දිවගා බැලීමේ පළපුරුදු පොරක් වගෙයි.....

      Delete
  22. උබ කියල තියෙන දේ තමයි බන් මාතේ වෙන්නෙත් වෙන්න යන්නෙත්. රට පාලනය කරන මහ ඩබලට උන් දෙන්නාගේ අවුන් දෙපැත්තට ඇදල උන්ගෙ ආණ්ඩුවක් පිහිටවාගන්ට ඇරෙන්න උන්ට රට හදන්ට උවමනාවක් නැහැ.

    මයිත්‍රී කියන්නෙත් තමුන් නිදහස්පක්ෂ ආණ්ඩුවක් හදනව කියල. ඒත් එයාටම මතක නෑ අද ඔය තත්වෙ ඉන්නෙත් රනිල් ගෙ පැත්තට පැන්න නිසා කියල. අනික හැම දෙයම දන්නෙ පත්තරෙන් නිසාලු. තව එකෙක් රනිල් ගේ එහා පැත්තෙ පුටුවෙ ඉඳන් කියනවා මහින්ද උපදේශකයෝ අච්චර හිටිය නිසා ඌ මෙච්චර දුන්න එක අවුලක් නැතිලු. මුන් ඔක්කොටම වඩා හොඳයි බන් නිශාන්ත මුතුහෙට්ටි අගමැති හරි ජනාදිපති හරි කොරානම්. කොහොමත් මේ රටකරවන (රටට කොරවන) ඩබල මේ විදිහටම තව ටික දවසක් ගියොත් වෙන්නෙ අපිට මුන්ගේ "ජන්මදිනේ" සමරන්ට තමයි හිටන්. මෝඩයි කියල මොනා කරන්ටද බන්. ළේ දුන්නට තවම කවුරුවත් මොලේ දෙන්ට විදිහක් හොයාගෙන නෑනේ හිටන්..!! අබ සරණයි..!! 👊🏽🙈

    ReplyDelete
    Replies
    1. මම කිව්වේ. මුන්ට කිසි ප්ලෑන් එකක් නෑ... ඒක මුන් කියන කරන දේ වලින් බොහෝම පැහැදිලිව තේරෙනවා. වෙලහකටත් මහින්ද බලය අල්ලලා ඉවරයි. එහෙම නොවන්නේ මුන්ට තියෙන බයක් නිසා නෙමෙයි. ජාත්‍යන්තරයට තියෙන බය නිසා.. ඒත් චීනයේ සහය ඇතිව හමුදා කුමන්ත්‍රණයක් වගේ දෙයක් සිඳු වීමට තියෙන සම්භාවිතාවත් අති විශාලයි..

      නැත්නම් මළබද්දේ උන් ඔච්චර චන්ඩි වෙන්නේ නෑ..

      Delete
    2. ///ඒත් චීනයේ සහය ඇතිව හමුදා කුමන්ත්‍රණයක් වගේ දෙයක් සිඳු වීමට තියෙන සම්භාවිතාවත් අති විශාලයි..///

      උඹ හිතන්නේ චීනට වෙන වැඩ නැහැ කියලද...
      ඒකාබද්දේ උන් චන්ඩි වෙන්නේ වෙන මුකුත් නිසා නෙමෙයි, ආණ්ඩුව කියන පාණ්ඩුවේ උන්ට මුකුත් කරන්න බැරි බව දවස ගානේ ඔප්පු කරන නිසා...

      Delete
    3. මෙතන ඉන්ටර්නැෂනල් ගේමක් යන බව උඹ නොදන්නවා උනාට බොහෝ දෙනෙක් දන්නවා.. අද ළෝකය කියන්නේ විශ්ව ගම්මානයක්.

      Delete
  23. //රජාතන්ත්‍රවාදය කියන දේ ගැලපෙන්නේ දියුණු ශිෂ්ඨාචාරයකට... මේක ගෝත්‍රික ශිෂ්ඨාචාරයක්.. ඒකට ගැලපෙන්නේ වැඩවසම් පාලකයන් හා ප්‍රාවේනිදාස වහළුන් පිරිසක්...//

    ප්‍රජාතන්ත්‍රවාදය ගැලපෙන්නේ දියුනු ශිෂ්ඨාචාරයන්ට බව ඇත්තය. මෙය ගෝත්‍රික ශිෂ්ඨාචාරයක් යන කියමනට එකඟවීමට අපහසුය. මට වැටහෙන ආකාරයට නම් අප කිසිදු ශිෂ්ඨාචාරයක අවසානය දක්වා ගමන් කර නැත. අප පසුකර ඇත්තේ අර්ධ ගෝත්‍රික, අර්ධ වැඩවසම් යුගයන්ය. දැන් අප අර්ධ ප්‍රෙව්නිදාස මානසික වහල්භාවයකින් පෙලෙන ශිෂ්ඨාචාරයක්ය. මෙවැනි ශිෂ්ඨාචාරයකට ප්‍රජාතන්ත්‍රවාදය ගැලපෙන්නේ නැත. වැඩවසම් ප්‍රෙව්නිදාස පාලනයද ගැලපෙන්නේ නැත. ගැලපෙන්නේ ඒකාධිපත්තිවයක් සහිත සොඳුරැ ආඥාදායකත්වයකි.

    ReplyDelete
    Replies
    1. එකඟයි... ඒකයි මාතලන් හැමදාම කියන්නේ මෙතනට අවශ්‍ය සොඳුරු ආඥාදායාකයෙක්ය කියන එක.. මේ කරන වැඩ වලින් සමහර් විට මෛත්‍රි එහෙම කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා.. අපි හෙට උදේට බලමු..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න