.

.

Oct 2, 2016

සිහළුනි නැගිටිව් ඕනා. දෙමළුනි නැගිටිව් වානා - Reconciliation over racism


Viga with Mahinda and Sirisena

මේ ආන්ඩුව කරන තරමක් කොරන්නේ හත් පොලේ ගාගන්න කේස්මය. වඳුරන්ට දැලිපිහි දෙනවා වාගේ ගෝත්‍රිකයන්ට ප්‍රජාතන්ත්‍රවාදේ දෙන්න ඕනා නෑ කියා මාතලන් කියන්නේ බොහෝ කලෙක පටන්ය. ඒ කියන්නේ, ජනතා විරෝධි හොර මැරකම් දූෂණ අක්‍රමිකතා කොරන්නෙයි කියා කියනා එක නෙමේය. ඔය මාද්දිය නිදහස, අදහස් ප්‍රකාෂ කිරීමේ නිදහස වගේ දේවල් ඕනාවට වඩා ඕනෑම නැතෙයි කියනා එකය. එහෙම එපා කියා කියුවේ ඇයි කියා අද ඔප්පු වී අහවරය.

මේ ආන්ඩුව කලේ මොනවාද ඇහුවෙත් පෙන්වන්න තියෙන්නේ කොල කෑලි ටිකක් ඉතරය. එකක් 18 ඉරලා හදපු 19 කොලේය. මෙලෝ වෙනසක් නැතිය. ඖෂධ පනතක් කියා කොල කෑල්ලක් ගෙනාවේය. තාමත් මිනී කන ඩොකාලා ලියන්නේ උන්ට ඕනා නමෙන්ය. ඊයේ පෙරේද බෙහෙත් 50 ක් හෙට ඉඳලා අඩු කරනවා කීවේය. පැනඩෝල් පෙත්තත් තාම ඒ ගානමය. තොරතුරු දැන ගන්න කොලයක් ගෙනාවේය. තාම දුන්න තොරතුරක් නැත්තේය. තොරතුරු කෙසේ වෙතත් ප්‍රශ්ණයක් ඇහුවත් හොම්බට අනින සයිස් එකකුත් ඇවිල්ලාය. ඔය පච පත්තර කොල කෑලි වලින් හොඳම එක ඇවිල්ලා අළුත් විවස්තාවක් හදන නාඩගමය.

ඔය මලදානේට මිනිස්සුන්ගේ අදහස් ඉල්ලුවේය. අපේ සමහර බ්ලොග් කාරයෝත්, බ්ලොග් කාරයන්ගේ අදහස් ලියමු කියා යෝජනාවකුත් ගෙනාවේය. මම නම් කිව්වේ ඕවා ලියනවාට වඩා කුණුහබ්බයක් ලියාගෙන ඉන්න එක හොඳෙයි කියලාය. ඒත් ඉතින් රටේම උන්ගේ අදහස් ගන්නවා කිව්වාට 3000 ක්ද කොහෙද පිස්සෝ ටිකක්, අදහස් ඉල්ලපු පිස්සු වාහේලාට උන්ගේ අදහස් දීලාය කියා එයාලා කියනවාය. රටේ ජනම් එක එක්ක ගත්තාම ඒක සෑහෙන ප්‍රථිශතයක්ය. ඕවා වෙන්නේ නැති විගඩම් කියා, හින්ගල, දෙමළ, මුස්ලිම්, මැලේ. ලංසි ඔක්කෝම උන් දන්නවාය. 

ඒ මලදානෙන් මේක නිරාගමික රාජ්ජයක් කොරන්නේත් නැතිය. කොඩිය වෙනස් වෙන්නේත් නැතිය. පෙඩරල් දෙන්නේත් නැතිය, සැප වාහන නැතිවෙන්නේත් නැතිය. අවූරුදු පහේ පැන්සොන් එකට කෙලවෙන්නේත් නැතිය. අමුම අමු සුදු අලියෙක් වෙන පලා බබාට කෙලවෙන්නේත් නැතිය. ඒවාට, ඉඩම් බලතල, පොලිස් බලතල දෙන්නේත් නැතිය. ඒ තියා උතුරු නැගෙනහිර එක්කරන්නේත් නැතෙයිම කියනවාය. එහෙනම් යකෝ අපේ සල්ලි වලින් පිස්සු කෙලින්නේ නැතිව මේ තියෙන එකම තිබ්බා නම් අහකය.

Cartoon - Anjana Indrajith
මහා ප්‍රාඥ්ඥයා කියා කියනා නොම්මර එකේ ඩීල් කාරයාට, "දේවාල ගම් පනතක්" චේන්ජ් කරන්න යන එකටත් මල්වත්තේ ලොක්කා කිව්වේ ඔය කතාවමය. ඒ කියන්නේ මැටි මෝල් අම්බරු වැඩ නොකර, සුද්දා දීපූ පනතම ඔහොම තියෙන්න ඇරියාය අහකෙයි කියලාය. මේ ඒ ගොන් ප්‍රාඥ්ඥයා නාගන්නා ලද දෙවන අවස්ථාවය. ඊළඟට මනාප ඉල්ලන කොට පෝස්ටර්වල නාගත් ප්‍රාඥ්ඥයා කියා ගැහුවා නම් තව පිස්සු හරක් ටිකක් වැඩියෙන් මනාප දෙන්නත් ඉඩ තියෙනවාය.

අපේ මහ උන් යාපනේ කෝවිල් වලට ගියාට, විගා නාගදීපේ පන්සලට ගියාට, බෑන් කීන් චූන් දකුණට ගිහින් උතුරට ගියාට, සංහිදියා ඇති වෙන්නේ නැතිය. මරන්න ආපු උන්ට ඔළුව අතගාලා සමාව දුන්නාට. උන් පොත් ලිව්වාට. ඒවා සල්ලි දීලා අරගෙන කියෙව්වාට ඇතිවන සංහිදියාවකුත් නැතිය. අපේ උන් සින්දු ලිව්වාට කවි ලිව්වාට උන්ගේ එකෙක්වත් එහෙම එව්වා කරන්නේත් නැතිය. එහෙම ලිව්වා කියා ඇතිවන රෙද්දකුත් නැතිය. එහේ ජඩමාද්දිය වේදියෝ මේහේ ආවාටවත් මෙහේ උන් එහේ ගියාටවත් ඇතිවන සහජීවනේකුත් නැතිය.

මේ ආන්ඩුව ආපු දවස්වල ඉඳන් කොලේ මහා ජාතිය බල්ලට දමා සුළු ජාතියේ උන්ටයි ලෝක ප්‍රජාවටයි ආතල් දෙන එකය. නැගෙනහිර මහ ඇමතියා නේවී ලොක්කාට බල්ලාට වගේ බනින්නේ මේ ආන්ඩුවේ නෝන්ජල් කම හින්දාය. කැම්පස් එකේ කොහොඹා කංකාරි නටන්න ගොස් ඔළු පලාගෙන කොහොඹා පත්තු බඳින්න වෙන්නේත් ඒ නිසාය. එහෙම කේස් තිබුනත් මහා පරිමානයෙන් දෙමලාට දෙන නිදහසකුත් නැතිය. ඒකෙන් වෙන්නේ, හින්ගල එකා මෙන්ම දෙමළාද ඔරොප්පු කර ගන්නා එකය. 

මෙහේ විජේවීර සැමරුවාට, එහේ ප්‍රභාකරන් සමරන්න බැරිය. මෙහේ උන්, අමු ජාතිවාදය දෙරණ, දිවයින් හා රිවිර ඔස්සේ පතුරවද්දි එහේ උන්ට මක්කත් ලියන්න බැරිය. මෙගා පොලිස්, ෆයිනෑන්සොල් සිටි ආයෝජනත් දකුණටම ඉතරය,  උතුරට මක්කත්ම ඇත්තේ නැතිය. මෙහේ, "සිහළුනි නැගිටිව්" කියපු, අනගාරික ධර්මපාල රටේ මහ එක්කෙනාම වඳිද්දි පුදද්ති, එහේ මහ ඇමතියාට "දෙමළුනි නැගිටිව්" කියන්නට බැරිය. 

ඕන්න එතකොට එකසත් ජාතියක් ගැන කතා කරන, එක්සත් ජාතික පක්ෂේ ඉන්න රැඩිකල් පෙඩරල් පොරවල් වලටත් මල පනිනවාය. ඇත්ත ඕකය. ඔය සංහිදියාව කියන දේ මේ ළෝකය පවතිනා තාක් කල් හදන්න පුළුවන් එකක් නෙමේය. ඇමරිකාවේ ජනාධිපති කළු උනාට, සුදු පොලිස් කාරයෝ කළු කොල්ලෝ මරන්නේ බල්ලො බළල්ලු මරනවා වාගේය. එහෙම කොරන්න පුළුවන් නම්, සිමෝන් පෙරේස්ලාත් පොරවල්ය. සිමෝන් පෙරේස්ට ලෝක නායකයෝ සැලකුවාට, ඊශ්‍රායල් කාරයන්ට දිරවන්නේ නැතිය. ඒ උන්දෑ පලස්තීනය හා ඊශ්‍රායලය අතර සාමය වෙනුවෙන් පෙනි හිටපු නිසාය. මේ ලෝකය පවතිනා තුරා උන් දෙගොල්ලෝ මරා ගන්නවා කියා බයිබලයේත් තියෙනවාය. ඒ තියා, එකම අල්ලා අදහන, කොන කපපු උන්, සුන්නි, ෂියා කියා බෙදි, බෙලි කපා ගන්නවාය. ඒවා කෙමිකල් වෙපන් ගහලාවත්, ඔබාමාට තියා මහා ලොක්කෙක්ය කියනා පුටීන්ටවත් නවත්තන්න බැරිය.

Cartoon - Awantha Artigala
අපේ වාහේලාටත් වෙලා තියෙන්නේ ඒකය. අනෙක් ජාතියකට සලකන්න කලියෙන් ආදරය කොරන්න කලියෙන් තමන්ගේ එකාට ආදරේ කොරන්න ඕනාය. ඔය සිරිසේන ලොක්කාට වෙලා තියෙන්නේත් සිමෝන් පෙරේස්ට උන දේමය. හැම දේටම සද්දේ වහලා, එක එක හාල් පාරුවෝ මාද්දිය සාකඡ්චා වලට එවලා හරියන්නේ නැතිය. ඒ එන උන්, එක කතාවක් කියන්නේ නැතිය. උන් කියන්නේ එක එක කතාය. ඔක්කෝම කරන්නේ අමු බොරුවය. බුද්ධාගමේ හින්ගල එකාටත්, දෙමළාටත් ඉතරක් නොව ලෝකයටත් කරන්නේ බොරුවය. ඒවායෙන් වෙන්නේ මිනිස්සු බය කරන්න පුළුවන් උන් දිනනා එකය. ලෝකයේ හැමදාම දින්නේ, බොරු කියා මිනිස්සු බය කරන්න පුළුවන්, කතා ගොතන්න පුළුවන් උන්ය. ආගමික ශාශ්තෘවරුන් මෙන්ම ජනප්‍රිය නායකයෝ සියල්ලම එහෙව් අයය. විගා කරන්නේත් මහින්ද කරන්නේත් ඒ දෙයය.

ආන්ඩුවේ උන්ට දෙවන නොවන බුද්ධි අංශයකුත්, පිස්සු කෙලිනා පොලිස්පතියෙක් ඉන්න මඤ්ඤං පොලීසියකුත්, අඩු පාඩුවට තියෙන්නේය. වව්නියාවේ හින්ගල ගමකට මහ රෑ කව්දෝ සෙට් එකක් ඇවිත් එහෙන් යන්නෙයි කිව්වාය කියා එකම කේස් එකක්ය. ප්‍රශ්ණය විසඳන්න එන්නේ මහින්දලාගේ කටු කෑ එකෙක් වන, භාරත ඝාතනයට බෙල්ලට තොන්ඩුව වැටුන, කුඩු දුමියාට කොටින්ගේ T-56 ක් දුන්, පොලිස් ලොක්කෙක්ය. ඒ යකා සල්ලිවලට ඕන ගූ වැඩක් කරනා එකෙක් බව කියන්නේ, අපි නොව පොලීසියේ උන්මය. කොහොම හරි එලිවෙන කොට අළුත්ගම ගිනි තියපු නානසාරලා මෙන්ම විමල් වීරවන්සලාගේ බුදුන් වන, මහා රාවණා උන් වහන්සේත් වව්නියාවට වැඩලාය. අද රහතුන් නැතෙයි කියා සම හරක් කියන්නේ අමු කෙප්ප කියා මෙයින් ඔප්පු වෙනවාය. අපේ උන්ට මක්කා හරි වෙන්න යනවා නම් උන් වහන්සේලාට දිවැසින් පෙනි, එර්දියෙන් එවෙලේම අහසෙන් වඩිනවාය. ආන්ඩුවේ පුක නැති වෙන්නේ අළුත්ගම වගේ කේස් එකක් හෙම ගියානම්ය.

එතකොට ගොනෝ තෝ කියන්නේ "සංහිදියාව" ඇති කරන්නම බැරි එකක්ද කියා සම හරක් මාතලන්ගෙන් අහන්න ඉඩ තියෙනවාය. මාතලන් නම් එදා ඉඳලාම කියන්නේ, "සංහිදියාව", සංහිදියාවෙන් නම් ඇති කොරන්න කවර කවදවකත් බෑ කියලාය. සංහිදියාව ඇති කල යුත්තේ එක්කෝ ගේමෙන්ය. එහෙම නැතිනම් තද බල නීතී රීති මගින්ය. මහින්ද මහත්තයා කොටියා මෙන්ම තම්බියාද, හියංගලයාද, සරෙන්ඩර් කරගෙන උන්නේ ගේමෙන්ය. ඒක එච්චර හොඳ එකක් නෙමේය. එතකොට බලය තියෙන උන් පිච්චු කෙලින්න පටන් ගන්නවාය. එහෙත්, තද බල නීතී රීතී මගින් ඇති කරන සංහිදියාවට පැවත්මක් ඇතිවාක් මෙන්ම පිලිගැනීමක්ද ඇත්තේය. උදාහරණ ලෙස, ඇමරිකාව, ඊශ්‍රායලය, ඉන්දියාව මෙන්ම, හැම රෙද්දටම උදාහරණයකට ගන්නා සිංගප්පූරුවද තිබෙන්නේය.

අපේ උන් කියන්නේ මේක සිංගප්පූරුවක් කොරනවා කියලාය. අපි කියන්නේ එහෙම කොරනවා නම්, සිංගප්පූරුවේ මුලින්ම කොලේ මොකක්ද කියා හොයා බලන්නේයි කියලාය. එහෙම දරුණු නීතී රීති ගෙන ආ විට, රට වනසන ජඩමාද්දියවේදින් ඉන්නා, දෙරණ, දිවයින හා රිවිරටත්, මහින්ද ප්‍රමුඛ හිංගල ජාතිවාදීන්ටත්, සිවුරු පුකටත් එහා උස්සාගෙන ඩාන්ස් දානා හාන්දුරුවන්ට ඉතරක් නොව, මහ කොටියා වෙන්න දඟලන විග්නේෂ්වරන්ලාටත් පිස්සු කෙලින්න වෙන්නේ හිර ගෙවල් ඇතුලේ මිස එලි පහලියේ නම් නොවේය.

ඒ නිසා අපි කියන්නේ, මෙලෝ රහක් නැති වියවස්තා ගෙනත් ජනතාව හා ලෝකයා රවට්ටන්නේ නැතිව, මෙලෝ දෙයක් නොකරන එකේ, අඩුම ගානේ මේ නීතී රිතිවත් ගෙන එන්න කියලාය. එහෙම කොරන්න බැරි නම්, ජාතිවාදි කල්ලි රට ගිනි තියන දිනයද වැඩි ඈතක නම් නොවේය. ඉන් පස්සේ ඉතින්, හැමදාම කොලා වගේ, අශ්වයා පැන ගියායින් පස්සෙ ඉස්තාලය වසා දමා, පුකේ පැස්ටෝල් ගහපු බල්ලා වගේ ආතක් පාතක් නැතිව දුවන කොට, ආයෙත් පාරක් පුල් ඇක්ෂන් වෝ ගෙම් එකක් බලන්න නම් චෑන්ස් එකක් එනවාමය.

උතුරේ ජනතාව "පදිංචි කිරීම" ගැන විගා ගෙනෙනා තර්කය සාධාරන වනවා සේම, "පදිංචි වීම"ට නම් විරුද්ධ වීමේ කිසිම අයිතියක් ඔහුට ඇත්තේ නැත. එමෙන්ම උපන් දා සිට කොළඹ උන් විගා නොදන්නවා උනාට, 83 ට පෙර උතුරේද, විශේෂයෙන් යාපනයේද, හින්ගල හා මුස්ලිම් ජනගහනයක් ජීවත් වූ බව සියල්ලෝම දන්නවාය. දෙමලාගේ නැවත පදිංචිය මෙන්ම, ඒ ජනතාවගේ ඉඩම්ද ඔවුන්ට නැවත ලබා දිය යුතුය.

කෙසේ වෙතත් පන්සල් ඉඳිකිරීම ගැන කී දෙයට නම් අපෙත් ප්‍රණාමය විගාට හිමි වෙනවාය. ඕවා ඉඳිකරලා ඔහේ තියෙනවානම් කිසි අවුලක් නැතිය. කරුමේ තියෙන්නේ ඉන් පස්සේ ඔතන ලව්ස්පීකර් ඉස්තාපනය කොරනා එකය. එය උතුරට පමණක් නොව, දකුණටද මළ කරදරයක් වී ඇත්තේය. මාතලන් නම් කියන්නේ පන්සල් තියා වෙන කිසිම ආගමික ඉස්තානයක් අළුතෙන් ඉඳිකිරීමට රජයෙන් අවසර නොදිය යුතුය කියලාය. පන්සල් තුන හතරකට දන් දෙන්න ගියාම, අන්තීමට අපිට වෙන්නේ, උන්ට දන් දීලා, අපේ බඩේ බත් නැතිව උඩ බලාගෙන ඉන්නය. 

ඒ වගත් මෙසේය..

සිංගප්පූරුවේ කලේ මොකක්ද කියා දැන ගන්නම ඕනා නම්, පහල ලින්ක් එකෙන් ගිහිල්ලා කියව ගත්තාට පාඩුවක් නම් වෙන්නේ නැතිය..

Sedition Act (Singapore)


කයි පද වලට කැමති නම් මේකේ කයි වර්සොන් එක මෙතනින් කියවන්න..

50 comments:

  1. Mahinda is the boss. 2005 to 2014 is the golden period of Sri Lanka since independence. Only hypocrites can deny that. Peace.

    ReplyDelete
    Replies
    1. Golden period for Rajapaksha Family

      Delete
    2. If you have evidence for Mahinda's corruptions why don't you go to FCID or CID to complain? Beating around the bush in your own blog won't help the cause.

      Delete
    3. @ Shenal Mendis

      R u living in planet Earth or some where else..

      Delete
    4. @ Maathalan

      I don't know which planet u are living on.

      Delete
  2. හානේ මෙයා ඇනෝ ඇරලා මෙන්න.

    ReplyDelete
    Replies
    1. නමුත් අනුවණකම නිසා අදාල නැති කතා කියමින් මාතලන්ගේ ප්‍රතිචාර වාරණය පිළිබඳ ඇති නව ලිහිල් ප්‍රතිපත්තියෙන් අයුතු ප්‍රයෝජන නොගන්නා සේ ඉතා කරුණාවෙන් ඉල්ලමි.

      Delete
    2. ඔව් නේ ගොඩක් දෙනෙක් ඉල්ලනවා... ඒකෙන් බහුතරය බයියෝ.. එයාලා බය ඇති නේ එකාබද්ද එකේ උන් වගේම.. පව් නේ..

      ඒ උනාට අනුන්ට මඩ ගහන්න යන්න එපා.. ඒවට ප්‍රෝෆයිල් එකෙන් එන්න.

      Delete
  3. විග්නේශ්වරන් ඩෙඟා නටන්නේ සහ විශ්ව විද්‍යාලයේ වූ සිද්ධි සිදුවන්නේ පිටරට සිට නූල් අදින ඩයස් මල්ලිලාගෙන්. රජා ඉන්නකොට ඩයස් මල්ලිලාට බටහිර රටවල් වලින් හොඳ සැලකිලි තිබුණා. ඩයස් මල්ලිලා කියන නිසා විනේශ්වරන් ගිහින් ඇමෙරිකාවට සහ බටහිරට අපිට ලැබුණ දෙයක් නෑ කියද්දි උන්ට ගිහින් ලංකාවේ අණ්න්ඩුවට කථා කරන්න කියල.

    රටවල් කඩන්න බටහිර රටවල සහයෝගය එක්සත් ජාතීන් ගේ ආරක්ෂක මණ්ඩල වල එහෙම සහයෝගය ඕන. අර දකුණු සුඩානය වුණා වගේ. යහපාලනය නිසා බටහිර රටවල් අපේ පැත්තට ඇවිත් ඩයස් මල්ලිල ටික අනාථ වෙලා. ඒකනිසා උන්ගේ පඹයා වන විග්නේස්වරන් නටන ඒවා බලාගෙන ඉමු. අනික සංහිඳියාව හදන්න යන්නේ සිංහල මිනිස්සුයු දෙමළ මිනිස්සුයි අතර මිසක කුලියට කෑ ගහන සිංහල දෙමල දේශපාලකයො අතර නෙමෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. සිංහල දෙමල දේශපාලුවෝ අතර නොම්මර එකේ සහජීවනයක් තියෙනවා. උන් එකට කනවා බොනවා උන් උන්ගේ උන් කසාද බඳිනවා කිසි අවුලක් නෑ. ඔය ඊයෙත් අගේට උන්නේ දෙන්නා එකට. ඒත් මොකක්ද කලේ. සිරා හින්ගල උන්ට කතා කලා. විගා දෙමල උන්ට කතා කලා. අන්තීමට දෙන්න එක්ක හිනා වෙවි ඩ්‍රින්ක් එකක් දාන්න ඇති.

      කවදාවත් සහජීවනේ ඇති කරන්න බැරි සමාන්‍ය ජනතාව අතරෙයි..

      Delete
    2. අඩෝ......ව්, අපේ ජනාධිපතිතුමා බොන්නෑ හරිය? (නානවා)

      Delete
    3. සගය විචාරකයෙනි,

      අප ජනපතිඳුහු මධුව පිළිකෙව් නොකරති. මල නොතලන බඹරිඳු සේ උහු මධුව දෙ අදර අතරින් දත නොවැද දිවගට ගෙන එහි අම රස විඳිති. නමුදු නොගිලිති. ඉන් ඇවත් නැති හෙයින් පාරාජික නොවේ.

      -මයුරවිල මි.

      Delete
  4. මාතා,

    ඔන්න බලපන් දැන් උබත් සිංගප්පුරුව ගැන කතාකරනව මම ඔයගැන මුලින් කිව්වහම කී දෙනෙක් පඩි කතා කිව්වද
    ඕක තමයි ප්‍රායෝගික තත්වය. ගමන්පිලටයි, විග්නේශ්වරන් ටයි දෙකේ දෙකේ වෙවැලකින් සිංගප්පුරුවේ වගේ කසාය දුන්නනම් සංහිදියාව දොරේ ගලනවා!

    https://www.youtube.com/watch?v=bDDG1opmjFQ

    ReplyDelete
    Replies
    1. උඹ කතා කරන්නේ පඩු වැඩි වීමක් ගැන නේ. ඒකට මම කවදත් විරුද්ධයි. කොච්චර දුන්නත් මුන් හොරා කනවා. තද බල නීතී රීතී නැත්නම්.

      Delete
    2. තද බල නීති රීති දාලා රටක් හදන්න බෑ. සිංගප්පූරැව කියන්නෙ රටක් කියල හිතන් ඉන්න පොඩි ටවුන් එකක්. එහෙම තැනක ජීවත් වෙනවා කියන එකත් නිකන් අපායේ ගියා වගේ තමා.

      Delete
    3. ලංකාව මාර ලොකු එකක්නේ....?

      Delete
  5. කෑ ගහන්න එපා... සන්හිඳියාවට බාදා වෙලා යහපාලනේ ඉස්පොල්ලෙ යයි හිටන්!

    ReplyDelete
    Replies
    1. දැන් ඉස්පොල්ලෙ නෙමෙයි පස්ස පැත්තෙනුත් යනවා...

      Delete
  6. මෙහෙවගේම එහෙ දේශපාලකයන්ටත් බලය ලබා ගැනීම හා තබා ගැනීම පිලිබඳ ප්‍රශ්න තියනවා. එහෙ මිනිස්සු සාමාන්‍ය ගාණක් යූඑන්පී එකට බැඳෙන්න හා චන්දෙ දෙන්න ප්‍රවණතාවයක් තියනවා, තව ටික කලකින් ශ්‍රී ලංකා එකට හා ජේවීපී එකටත් චන්ද ටික ටික වැඩි කරගන්න පුලුවන්. දෙමල යයි කියා ගන්නා පක්ෂවලට ඒක පාඩුවක්. ඒක වැඩි වෙන්න ඉස්සෙල්ලා ජාතිය ගැන කෑගහන්න ඕනෙනේ.

    උතුරු දකුණු දෙකේම මිනිස්සු අල්ලගන්න ඒක හොඳ උගුලක්

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ දෙමල ජනතාව ඒ හරක් විකුණලා බොහෝ කල් කියලා. මේ යන විදියට අඩු ගානේ මේ ජෙනරේෂන් එකටවත් සාධාරණයක් වෙන්නේ නෑ කියලා උන්ට වගේම අපිටත් තේරෙනවා.

      Delete
    2. ප්‍රා හරියට හරි.

      Delete
  7. මිනිස්සු ඉල්ලන්නෙ සංහිදියාවක් නෙවී....
    හැමටම සමාන අයිතිවාසිකම් සහ වැරදිකරන එවුන්ට දඩුවම්...
    ඔබතුමා කිව්වා වගේ නීතිය හරියට ක්‍රියාත්මක කරානම්...දකුණේ එවුනුයි....විග්නේශ්වරම් වගේ හිවල්ලුයි ඔක්කොම ඔහොම සද්දෙ දාන් ඉන්න බෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා කියන්න එපා. මං තුමන්ලට මල පනීවී.

      අනිවාර්යයෙන්.. එහෙම නැතිව ඇති කරන්න පුළුවන් සහජීවනයක් නෑ.

      Delete
  8. ලංකාවට නම් මාතෙ ඔය කියන තද බල නීති රීති නම් කවදාවත් ගේන්ට බැහැ. අනික ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම දේශපාලකයෝන්ට රට ගැන කැක්කුමක් තියෙනවනම් එක පෙන්වන්ට පුළුවන් ලොකුම විදිහ තමයි අපිට වාහන පර්මිට් එපා අර වරප්‍රසාද මේ වරප්‍රසාද එපා කියල. උන් එහෙම කරයිද? මේ ආණ්ඩුව ආව ගමන් කිව්ව විදේශ ගමන් පාලනය කරනව කියල. ඔන්න තවත් සෙට් එකක් කෝටි බරගානක් වියදම් කොරන් කොහෙද අද්‍යයන චාරිකාවක් ගිහිං. ඉංගිරිසි ලියුමක් කියවගන්ට බැරි ඇවුන් ට මොන අද්‍යයන චාරිකා ද බන්. බඩු දෙකතුනක් ගහල එයි.

    සංහිදියාව කියන්නේ බන් දැන් ලංකාවේ මාකටිං කරන්ට මහින්ද බල ඇණියට තියෙන හොඳම අයිටම් එක. සමාජය එක්ක ඉන්න එකෙක් ඇර වෙන ඕනිම එකෙක් හිප්නටයිස් කොරන්ට පුළුවන් තියරිය.

    අනික ටිපිකල් සිංහලයට හැපනින් නැතිව කට පුක වහගෙන ඉඳල පුරුද්දක් ඇත්තෙම නෑ.

    අනේ හුකේ මාද්‍ය නිදහස තමයි. මොකුත් ඕන නෑ බන් ගෙදරක ඉන්න බල්ල හරි බුරනව වෙන බල්ලෙක් ගෙදර ලඟට ආවහම.

    තව කොටන්ට මහන්සි වෙන වචන ටිකත් අපරාදේ බන් මුන් ගැන කථා කොරන්ට.

    ජය වේවා..!! 👊🏽

    ReplyDelete
    Replies
    1. සංහොදියාව මාකට් කොරන්නේ මහින්ද නෙමෙයි බං, දැන් ඉන්න උන්. මහින්දට මොන සංහිදියාද...? මහින්ද ඇවිල්ලා ගේම් පොර.

      Delete
  9. අර සට්ට පෝත්තර කාරයා කියලා තිබුණා ආණ්ඩුව හය මාසෙන් හබක් කියලා. දැන් එකා උගේම වසුරු වලන්දමින් ඉන්නවා. මෙන්න තව එක්කෙනෙක් කියනවා My3 තුමා ළඟදීම මැරෙනවලු.

    https://www.youtube.com/watch?v=B07DFX3AaAA&feature=youtu.be

    ReplyDelete
    Replies
    1. උන්ට නම් පිස්සූ... නාන අනාවැකි...

      Delete
    2. මාතා සහ විචාරක තුමා,

      මු කියන ජෝතිස්ශය නම් දන්නේ නෑ හැබැයි මයිත්‍රී මැරුනොත් හදිස්සියේ ඔය කියන දේ වෙනබව රටේ සාමාන්‍ය බුද්ධියක් ඇති මිනිහෙකුට තේරෙනවා.

      මේ වෙලාවේ ගොටාබයයි රනිලුයි චන්දයකට ආවොත් ගොටාබය දිනන විත්තිය කියන්න ඔච්චර අමාරු නෑ ඊට පස්සේ මහින්ද අගමැති වෙන එක එච්චර ගබුරට හිතන්න ඕනේ නෑ.

      අද මයිත්‍රී ගේ ප්‍රතිරූපය සම්පුර්ණයෙන් ම විනාශ වෙලා ඉවරයි. මහින්දට එල්ල කරපු කිසිම චෝදනාවක් ඔප්පු කරලා නෑ. අද කවුරු හරි කිව්වොත් මහින්දගේ කාලේ කිසිම හොරකමක් කරලා නෑ කියල එක පිළිගන්න වෙනවා. අනෙක් අතට අර්ජුන මගේන්ද්‍රන් ගේ බෑනාගේ කොම්පෙනිය රුපියක් බිලියන 5 ලාබ ලබපු විදිය ගැන කිව්වොත් මේ රජය වංචා කල බව ඕනෑම කෙනෙකුට පෙන්වාදෙන්න පුළුවන්.

      එච්චර විතරක් නෙමෙයි මේ ආණ්ඩුව කලේ මොනවද ? කියල අහපුවහම දෙන්න උත්තර නෑ
      අද මහින්ද ලග හිටපු හොරු ඔක්කොම මයිත්‍රී ලගබව දැනගන්න ආචර්ය උපාදියක් ඕනේ නෑ.

      මේ අනුව බලපුවහම යහපාලනය කියෝපු අපි සේරම ගලේ රීපූ බළල්ලු ගානට වැටෙනවා.

      Delete
    3. // මේ අනුව බලපුවහම යහපාලනය කියෝපු අපි සේරම ගලේ රීපූ බළල්ලු ගානට වැටෙනවා. //

      දුකයි ටොයියනි!

      Delete
    4. මෛත්‍රි මැරුනොත් රනිල් ජනපති වෙනවා...

      Delete
    5. ඔව් නමුත් මාස 3 කින් ජනාධිපතිවරණය පවත්වන්න ඕනේ නේද 19වැනි වියවස්තාව අනුව ?

      Delete
    6. ඒ මාස තුන ඇතුලත් ව්‍යවස්ථාව ආයේ වෙනස් වෙයි...

      Delete
    7. නමුත් පාර්ලිමේන්තුවේ 2/3 ගැනීම රනිල්ට පහසු නෑ. මතක තියාගන්න මේ ඉන්නේ 2002 දී රටේ අගමැති උන සහ නිසි වෙලාවේ රටේ හිටපු ජනාධිපතිනියට (පච මල්ලට ) රැවටුන රනිල් බව අමතක කරන්න එපා !

      Delete
    8. උබට තව අමතකනේ හරියට වැට් බද්ද සදහා පනතක් ගෙන්න බැරුව ඊයේ ගෙනාපු බද්ද තුලත් ප්‍රශ්න ඇති බව මතක තියාගන්න

      Delete
  10. මේ ආන්ඩුව කරන තරමක් කොරන්නේ හත් පොලේ ගාගන්න කේස්මය.///// 100 % true

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියන්නේ සෑහෙන්න අඩුවෙන්ය.

      Delete
  11. සගය මාතලන,

    තොප මෙන්ම මම ද හැසි බස රිසියෙමි. තොප වෙත පළමුව මෙසේ අසිරි පතමි.

    මාතලන් අපෙ කෙහෙල් වත්තේ

    උපාධිය මතු ලබනු ඇත්තේ

    දැනටමත් ටී ෂර්ට් ඇත්තේ

    ඉතින් යමුකෝ ඔසී පැත්තේ

    දෙවනුව තෙපි මයිලණු වන කුමර දික්පිටි මැතිඳුනගේ සුවදුක් විමසනු කැමැත්තෙමි. උන්ද මා මෙන්ම රට දැය සමය නගනු වස් රත්මලාන තුරුණු බොදු මුලුවෙහි කිරිය නියුතුව ඇතැයි සිතමි. තොපට මෙන්ම උන්ටද සැප පතමි.

    සගය තෙපි රටතොට වන දෑ කෙරෙහි විමසනු රිසිය. අපට වූ ඇවත තොප වෙත මෙසේ දක්වමි.

    ළඟදීම මිල වඩනු ඇත්තේ

    "ගෝල්ලිෆ්" කිසි තැනක නැත්තේ

    රටේ හැම තැන ගයනු ඇත්තේ

    මවුන් ගුණ ගී ඇමති රොත්තේ

    - සාරස සන්මිතු මයුරවිල මි.

    ReplyDelete
    Replies
    1. උපාධිය ගත්තෙමි
      ටී ෂර්ට් ගත්තෙමි
      ඔසී ගොස් ඇත්තෙමි
      එහෙත් බල්ලන් සමඟ නැත්තෙම්

      හතකින්ම කෙලලාය
      සැඟවූ බඩු ඇවිල්ලාය
      කවුරුත් හූල්ල්ලාය
      දවස් දෙකකින් නැවත බොනවාය

      Delete
  12. ලංකාව හදන්න ඕනානම් තද නීති රීති ගෙනඒම පෙර දැන් තියෙන නීති ටිකවත් හරිහැටි කිරියාත්මක කොරන්නට උවමනාය. පස්සෙන් පහු සුද්දාගේ කාලේ නීතිරීති වෙනුවට අලුත් නීති රීති ටිකකුත් දාගන්න ඕනෑය. හැබැයි මේ මොකටවත් අපේ දියවන්නා නඩයටවත්, දේශපාලන පක්ස වලටවත් වෙලාවක් නැතිය. ඉන්න මන්තිරීලාට ඒවාගැන දැනුමකුත් නැතිය. උන්ට ඊට වඩා පුරස්න තියෙනවාය. තමන්ගේ පක්සේ ප්‍රශ්න, ඇමතිකමක් නැතිකම, ඇමතිකමේ බලතල නැතිකම, වාහනේ හොඳ මදිවීම, ඉඳගන්න පුටුව හරිනැතිකම, හරිහැටි ගතමනාව කපා ගන්න බැරිකම මේ වගේ දාහකුත් එකක් ප්‍රශ්න මැද සංවර්ධනය, නීතිය, සංහිඳියාව වාගේ දේවල් නොවැදගත් සහ නොසැළකිය යුතු දේවල්ය.

    ReplyDelete
  13. ජාතික ප්‍ර‍ශ්නය මෙන්ම ඊට වඩා දැනට රටට බලපා ඇති ආර්ථික ප්‍රශ්න විසඳාගතයුතුය. පසුගිය අන්ත දූශිත රාජපක්ෂ කල්ලිය පළවාහැර අප විසින් පත්කරගත් නූතන යහපාලන රජයේ ආර්ථික ප්‍රවේශය මදක් සලකා බලමු. උදාහරණයක් ලෙස අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභය සියයට 434කින් වැඩී වි තිබෙන බව ඔවුන් විසින් ම ප්‍රකාශිත මූල්‍ය දත්තවලට අනුව දැන් හෙළි වී තිබේ. මේ වසරේ මාර්තු දක්වා සමාගමේ ලාභය පමණක් රුපියල් බිලියන 5.1ක් හෙවත් ලක්‍ෂ 51,000ක් තරම් අති විශාල මුදලකි. ගෙවුණු මාස කීපය තුළ එය තවත් වැඩි වී තිබීම අනිවාර්යකි. ඊට පෙර වසරේ එය හුදු මිලියන 767ක් විය.

    පර්පර්චුවල් ට්‍රෙෂරීස් යනු පසුගිය සමයේ බැඳුම්කර මගඩියට සම්බන්ධ මතභේදාත්මක සමාගම ය. රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිජාති මිත්‍ර අර්ජුන් මහෙන්ද්‍රන් මහබැංකුවේ අධිපති ව සිටි කාලයේ දෙවරක් ම සිදු වූ ඉහත වංචාව ලංකා ඉතිහාසයේ විශාලතම මගඩිය ලෙස සැලකේ. (2002/03 සමයේ වැට්බදු වංචාව කෝටි 373ක් පමණ වේ. රාජපක්ෂ කල්ලිය කල කුඩා සොරකම් හැර මහාපරිමාණ වංචාවක් තවමත් හෙළිදරවු කර නැති බැවින්) මෙහි විශේෂය වන්නේ අදාළ මගඩියෙන් වන පාඩුව වසර 30ක් තරම් අනාගතයට ද විහිද යෑම ය. මේ අතර, මහේන්ද්‍රන් මහතා දැන් වත්මන් ආණ්ඩුවේ පස් අවුරුදු සැලැස්මේ ප්‍රධානියා වේ. සියළු ආර්ථික තීරණ ගැනෙන්නේ ඔහු හා මලික් සමරවික්‍රම මහතා හරහා ය.

    ප්‍රාථමික බැඳුම්කර ගැණුම් සමාගමක් වන පර්පචුවල් සමාගම වැඩිම ලාභ උපයාගෙන ඇත්තේ ප්‍රාග්ධන ලැබීම්වලින් බව ද වාර්තා වේ. ඉහළ පොළියක් සහිත කාලයක බැඳුම්කරයක මිල පහළ යන අතර එහි දී ප්‍රාථමික ගැණුම්කරුවන් විසින් අඩු ඒකක මිලකට විශාල බැඳුම්කර ප්‍රමාණයක් මිළට ගෙන පසුව ඒවා ලාභයක් සහිත ව ද්විතීයික ගැණුම්කරුවන්ට යළි විකුණනු ලැබේ. බැඳුම්කර ගණුදෙනුවේ ස්වභාවය වන්නේ පොලී අනුපාත පහළ යන විට බැඳුම්කර මිළ ඉහළ යාම වන අතර පොලී අනුපාත ඉහළ යන විට බැඳුම්කර මිළ පහළ වැටීම ය. ව්‍යාජ ඉහළ පොලී අනුපාතයක් නියම කොට බැඳුම්කර මිළ කෘතිම ලෙස පහළ යැවීමට සලස්වා හරහා මගඩියක් කිරීමේ විශාල හැකියාවක් ඇත. ඇත්තට ම අර්ජුන් මහේන්ද්‍රන් සමයේ සිදුවූයේ ද එය ම ය. ස්වභාවික පොලී අනුපාත 8 දශම ගණනක තිබිය දී පර්පර්චුවල් සමාගමට ඒවා විකුණා තිබුණේ 11.28ක් වැනි ප්‍රමාණයකට ය. මේ අනුව, ද්විතීයික ගැණුම්කරුවන්ට තම බැඳුම්කර විකිණීමෙන් විශාල ලාභයක් උපයා ගැනීමට ඉහත සමාගමට හැකිවූවාට සැක නැත. ඔවුන්ගේ ලාභාංශ සියයට 400% ඉක්මවා ඉහළ ගියේ එහෙයිනි.

    රටේ ආර්ථික අර්බුදයේ මුල සොයන්නෙකුට ඒ පාදා ගැනීම දැන් ඉතා පහසු ය. දුර්වල ආර්ථික කළමනාකරණය මතට රජයට රුපියල් කෝටි 6,000කට පාඩුවක් සිදුකළ බැඳුම්කර මගඩිය පතිත වීම ගැන මදක් සිතා බලන්න. එහි ප්‍රතිඵලයක් ලෙස මෙන් ම විදෙස් ආයෝජන රටින් බැහැර යාමෙන් රුපියල කඩාවැටීම සීග්‍ර ලෙස සිදු වූ අතර ඒ හරහා ආනයන භාණ්ඩ මිළ ඉහළ යාම හා ‍ඩොලර්වලින් ගෙවීමට ඇති ණය ප්‍රමාණය ද සීඝ්‍ර ලෙස ඉහළ ගියේ ය. වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පමණක් කිසිදු නව සංවර්ධනයක් නොකර තිබියදීත් වැඩි වූ විදෙස් ණය ප්‍රමාණය පමණක් රුපියල් බිලියන 2500කට අධික ය. තවද දූශිත මහින්ද රාජපක්‍ෂ විසින් ඩොලර් බිලියන 10ක පමණ මුදලක් බාරදී තිබියදීත් තිබූ විදෙස් සංචිත එක් වරම බිලියන 2.5ට කඩා වැටුණේ මේ හේතුව නිසා ය. මේ අනුව, ණය හා ආනයන සඳහා වැඩි වැඩියෙන් ඩොලර් යෙදවීමට ආණ්ඩුවට සිදුවිය. යාන්තම් හෝ රටේ ආර්ථිකය පණ අදිමින් හෝ තිබෙන්නේ අන් හේතුවක් නිසා නොව ලෝක වෙළඳපලේ බොරතෙල් මිිළ පහළ බැස තිබෙන නිසා ය. වැට්බදු වැඩිකිරීම වැනි ජනපීඩක ක්‍රියාමාර්ග හරහා රටේ ජනයා පිට පටවන්නේ මේ මහා ඛේදවාචකයේ විපාක හැර අන් කවරක් ද?

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... මේ රටට කෙලෙවෙලා තියෙන්නේ ඒ ගණුදෙණුව නිසාම විතරයි.. වෙන මක්කත් වෙලාම නෑ...

      Delete

  14. යහපාලනේ වෙනුවෙන් යම ලොව වැඩ්ඩ
    සෝබිතයා සමග රතනේ සද්ද්දෙට පැඩ්ඩ
    හරක් රැලක් එක්වී පානය කල කුඩ්ඩ
    අතීසාරයට ගැසුවා වැනි පොල්මුඩ්ඩ

    ReplyDelete
    Replies
    1. රාජපස්ස මිස වෙන කිසි ලොවක් නැති
      සා රස වැනි උන් අය තවත් ඇති
      උන් මිය ගියා දැන් තොපිලට මතක නැති
      හොල්මන් ලෙස ඇවිත් ගොන් ආතල්ම දෙති

      Delete
    2. නියම හිටිවන කවි කාරයෝ දෙන්නෙක්නෙ.

      Delete
  15. එජාපය හොරකම් නොකරන අදහස රනිල් (හා රනිල්ගේ එජාපය) හොරකම් නොකරන ලෙස වෙනස් විය යුතුය.

    මන්දයත් අපේ බුඩ්ඩිමතුන්,ලෝකල් ගුරූ ලා හා පන්ඩිට් ලා බොහෝ දෙනෙක්ම රනිල්ගේ ෆෑන්බෝයිස්ලා හා ෆෑන්ගර්ල්ස්ලා වන හෙයිනි.

    2015 විප්ලොවියෙන් පසු මේ කස්ටිය දත කට මැදගෙන බලා සිටියේ රනිල් වික්‍රමසින්හයානෝ ස්වකීය බුද්ධි කෞශල්‍ය මෙහෙයවමින් කරන වික්‍රමය බලන්නටය.

    මාස 20කට පසු රනිල්ට කලහැකි වික්‍රමයක් නැති බවත් රනිල්ගේ දැනුම 90 දශකයේම (ඇමරිකාව ලොව එකම ආර්ථික, දේශපාලන බලවතා සිටි යුගයේම) නැවතී ඇති බව පෙනෙන කලකදී පවා මේ අය තවමත් (එලුවාගේ කුට්ටම වැටෙනතුරු බලාසිටින නරියන් මෙන්) ප්‍රාතිහාර්‍රය බලාපොරොත්තුවෙන් සිටිති.

    මෙසේ ප්‍රාතිහාර්‍රය එනතුරු පෙරමග බලාසිටින තමන්ගේ ෆෑන්බෝයිස්ලා හා ගර්ල්ස්ලාට රනිල්තුමා දින 1500ක වැඩ පිලිවෙල නමින් අලුත්ම පුන්නක්කු ටිකක් තබා තිබෙනවා දුටුවාද?

    ReplyDelete
    Replies
    1. ///මෙසේ ප්‍රාතිහාර්‍රය එනතුරු පෙරමග බලාසිටින තමන්ගේ ෆෑන්බෝයිස්ලා හා ගර්ල්ස්ලාට රනිල්තුමා දින 1500ක වැඩ පිලිවෙල නමින් අලුත්ම පුන්නක්කු ටිකක් තබා තිබෙනවා දුටුවාද?///
      මරු ඕයි. අපේ උන් දැන් උඩ පැන පැන ඒකට පොරකයි...

      Delete
    2. මහින්දගේ දරුවන්ගේ ශෝකාලාපය, වේදනාව..
      හත් වලාමේ වෙච්චි දේට මං මක් කොරන්නද...

      Delete
    3. ඔහෙත් ශෝක වෙන්නේ මහින්දගේ දරුවෙක් නිසාද මෙයා...

      Delete
    4. මහින්ද එලවීම මතක් වීමෙන් අපේ ශෝකය පහව යන්නේය.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න