- දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනය - (රජයේ රෝහල්වල පමණී)
- දීප ව්‍යාප්ත නේස් වැඩ වර්ජනය
- දීප ව්‍යාප්ත් රාජ්‍ය සේවයේ වැඩ වර්ජනය
- දීප ව්‍යාප්ත ත්‍රී රෝද රථ සංගමයේ වැඩ වර්ජනය
- දීප ව්‍යාප්ත ලොතරයි පත් අලෙවිකරුවන්ගේ වැඩ වර්ජනය
- ගරු පාර්ලිමේන්තු මංත්‍රි උදය ගම්මන්පිලගේ පුවත් පත් සාකඡ්චාව (වෛද්‍ය මධු මාධව අරවින්දගේ අදහස් දැක්වීම
- වෛද්‍ය නලින්ද ජයතිස්සගේ පාර්ලිමේන්තු විශේෂ ප්‍රකාෂය
- තවත් සයිටම් විරෝධි පා ගමනක් පැමිණීම
- එහිදි අහිංසක සිසුන් එකෙකුගෙ හෝ දෙදෙනෙකුගේ මහා බිලි පූජාව
- ඒ මිනී කර තබාගෙන තවත් පෙලපාලියක් යාම
- රජයේ දේපල ගිනි තැබීම - (පෞද්ගලික ඒවා ගිනි තබන්නේ නැත)
- කැම්පස් සියල්ල වසා දැමීමට කටයුතු කිරීම - (පෞද්ගලික ඒවා ආත්ල් එකේ යනවාය.)
- සවුක්ක ඇමතිතුමා දුරයෙන් පහ කරන්නැයි ඉල්ලීම
- එතුමා හතර අතේ නෙලීම
- අතිගරු අති පූජ්ජ දක්ෂිණ අඟුටු මිටි නිකායේ මහා සංඝ නායක අලහප්පෙරුමේ ඩලස් හිමි විසින් SAITM වලට එරෙහිව සංඝ ආඥ්ඥාව ගෙන ඒම
- SAITM හා නෙවිල් ප්‍රනාන්දු රෝහළ ගිනි තැබීම
- අවසානයේ ජනාධිපති හා සාකඡ්චාවකට යාම
- SAITM පාර්ලිමේන්තු විවාදය.
- විශේෂ නොවන SAITM ජනපති කොමිසම පත් කිරීම
- එතුමා විසින් SAITM වසා දමන්නැයි උපදෙස් දීම.
The End
පසු සටහන -
මේතරතුර සිඳුවිය හැකි තවත් දෑ ඇත්නම් කොමෙන්ට් වලට ඇතුලත් කොරන්න
ස්තූතියි....!
SAITM සිසුන් මෙඩිකල් බෝර්ඩ් එකේ රෙජිස්ටර් වීම...ඉන්පසු ඔවුන්ම PMC එපා යැයි කියමින් පාරට බැහීම...!!
ReplyDeleteහිනා ගස්සන්න එපා අනේ සීරියස් ඒවා ලිව්වාම
Deleteඇත්තටම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් සෑදීමට දොස්තර වරු විරුද්ද වන්නේ තමන්ගේ පුද්ගලික රෝගීන් ප්‍රමාණය නැතිවන නිසයි, මෙය ඉතාම කුහක තත්වයක්, හැබැයි අපි බලන්න ඕනේ තව පැත්තකුත් තියනවා ඒ තමයි SAITM ලියාපදිංචි කිරීමට පාවිච්චි කල නීති විරෝදී වගේම වංචනික ක්‍රම වේදය.
ReplyDeleteමෙවැනි ආයතනයක් නිසි ක්‍රමවේදයක් තුලින් ඇතිකලනම් අද කෑගහන අයගේ කුහක කම මනාව පෙන්වන්න පුළුවන්.
මහින්ද උන්නා නම් ක්‍රමවේදත් නෑ විරෝධතාත් නෑ කොලොටි බැලිලිත් නෑ.. විශේෂඥ උන් බිහි කලත් කටයි පුකයි දෙකම වහගෙන ඉන්නවා... මේවා කාගෙවත් වැරදි නෙමෙයි ගොබ්බ පාලකයන්ගේ වැරදි...
Deleteමහින්දට විරුද්ධව ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් සැරටම පාවිච්චි උනා සයිටම් කේස් එක.
Deleteඅනේ පලයන් බං යන්න... ඒ කාළේ සයිටම් එකක් තිබුනද නැද්ද කියලා එකෙක්වත් දන්නේ නෑ... එහෙනම් ඒ කාළේ එපාය මේවට විරුද්ධ වෙන්න.. විරුද්ධ වීම කෙසේ වෙතත් GMOA එකේ උන් මහින්දගෙන් ඡන්දේ නම් ඉල්ලුවා..
Deleteවැඩි කලබල නැතුවම බලාගන්න පුළුවන් බුකියෙ දේශපාලනේ ගැන කතාකරපු ගෲප් වල ඒ කාලෙ පෝස්ට් බැලුව නම්.. සරලයි.
Delete///වැඩි කලබල නැතුවම බලාගන්න පුළුවන් බුකියෙ දේශපාලනේ ගැන කතාකරපු ගෲප් වල ඒ කාලෙ පෝස්ට් බැලුව නම්.. සරලයි.///
Deleteඑහෙම බැහැනේ ගස්, එහෙම කලොත් ඒ ෆැන්ටසි එකට මෙව්වා වෙනවනේ...
මහින්ද නුගේගොඩ තවත් පෙරළියක ඇරඹුම රැළියක් පැවැත්වීම.
ReplyDeleteඅපි ඇවිත් වහනවා අපේ හාමුදුරුවනේ කීම.
SAITM වහමුදදදද ......................... කීම
මෛත්‍රී විශේෂ නොවන SAITM ජනපති කොමිසම පත් කිරීම
එතුමා විසින් SAITM වසා දමන්නැයි උපදෙස් දීම.
ඊළඟ පෙරලිය තියෙන්නේ 2018 ජනවාරියේ... හැබයි ඒකට එන්න හම්බ වෙයිද නම් දන්නේ නෑ...
Deleteමෙහෙ නිදහස් වයිද්‍ය අජ්ජාපනය දිස්ත්‍රික ලකුණු ක්‍රමයට සුරැකිව තියාගෙන ලංකාවෙ ඉඩම් කඩම් විකුණා රටේ සල්ලි නේපාලයට හා තව ටික දවසකින් බුරුන්ඩි, ස්වාසිලන්ත නඌරු හා කිරිබති වයිද්‍ය විද්‍යාලවලට ගෙවා වයිද්‍යවරුන් හදා ගැනීම
ReplyDeleteගලගොඩ අත්තේ ඥානසාර කිව්වෙත් ඔය ටිකමයි... පොරට තදවෙලා තියෙන්නේ අපේ සල්ලි බංගලාදේසේට යනවට...
Deleteඅප්පච්චියේ එයත් කිව්වද? නෝර්වේ, බුරුමේ සහ තායිලන්තතෙ කමක් නැද්ද එහෙනම්?
Deleteකියන්නා වැදගත් නෑ. නානසාර හාමුදුරුවෝ විතරක් නෙමෙයි ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වත් , කිම් ජොන් අන් කිව්වත්, ඔසාමා බින් ලාඩන් හීනෙන් ඇවිත් කිව්වත්, ප්‍රායෝගික සත්‍යය සත්‍යයම තමයි.
ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල මුදල් අය කර ඉගැන්විය යුතුයි. ආදායම් ඇති අයගෙන් ගන්නා මුදල්වලින් අඩු ආදායම් අය වැඩි ගණනකට නොමිලේ ඉගැන්විය හැකියි. ඇත්ත නිදහස් අධ්‍යාපනය වියයුත්තේ දිස්ත්‍රික් ක්‍රමයකට තෝරාගන්නා හැම එකාටම නොමිලේ ඉගැන්වීමෙන් නොව විශ්ව විද්‍යාලවලට සුදුසුකම් ලබන සියලුදෙනාට අධ්‍යාපනය ලැබීමට සැලැස්වීමයි. එය කල හැක්කේ මුදල් ඇති අයගෙන් අය කර නැති අයට නොමිලේ හා සාමාන්ය අයට සහන ක්‍රමයකට ඉගැන්වීමෙන් පමණි. දැන් උසස් පෙල පාස්වෙන අයගෙන් සමහරකට පමණක් නොමිලේ රජයේ විශ්ව විද්‍යාල වලින් ඉගැන්වීම නිදහස් අධ්‍යාපනයක් නොවේ. එය අසාධාරන අද්‍යාපනයකි. පෞද්ගලිකව ඉගන ගැනීමට ආර්ථික ශක්තියක් නැති දිස්ත්‍රික් ක්‍රමයට නොතේරෙන අයට යාමට තැනක් නැත. එවැනි දුප්පත් අයට සාධාරණයක් කිරීමට නම් ඇති හැකි අයට රජයේ විශ්වවිද්යාලවල මුදල් අය කර උගන්වා දුප්පත් අයට නොමිලේ අද්යාපනය ලැබීමට ඇති අවස්ථා වැඩි කලහැකි ක්‍රමයක් ඇති කල යුතුය. එය මේ යල් පැන ගිය නිදහස් අජ්ජාපන මන්තරේ මතුරමින් බැරිය.
මාතලන් ස්ටයිල් එකෙන් මේ ගැන පෝස්ට් එකක් ලියනවා නම් මං කැමතිය.
මට මතක විදියට මම ඔය ගැන ලිව්වා. මොකෝ මම ඉන්නෙත් ඔය මතයෙම නිසා....
Deleteදුශ්කරයයි සම්මත දිස්ත්‍රික්කවලිනුත් වැඩිහරියක් විශ්ව විද්‍යාලවලට යන්ේන් ( ගනිත සහ ජීව විද්‍යා) යමක් කමක් තියෙන අයගේ දු පුතුන් විතරයි. ඇත්තටම දුප්පත් ටියුශන් වලට සල්ලිනැති කොළබ එකා අසරණයි.
Deleteතව ටික දොහකින් බුකියේ අපිට සයිටම් අමතක වී වෙන මාතෘකාවක් කතා කිරීමට ලැබීම..
ReplyDeleteදැන් ඇත්තටම වෙලා තියෙන්නෙ ඩොකා මාෆියාවේ තගට උසාවිය කෙලවීමේ විලි ලැජ්ජාව...
Deleteමේක කතා කරලා කරලා ඇති වෙලා . කොච්චර කීවත් ලීවත් ඔච්චර තමයි. අපි ලංකාවේ හිටිය කාලේ PMC එකට විරුද්ධව පටන් ගත්ත විරෝධය කෙළවර වුනේ 1988-89න්. මේ පර එහෙම නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteඑහෙම වෙන්න ඉඩ තියෙනවා.. සෙනසුරු මාරුව එච්චර හොඳ නෑ... :)
Deleteපුළුවන් එවුන් සල්ලි ගෙවලා ඉගෙනගන්නවාට පිනට ඉගෙනගන්න උන් විරුද්ධ ඇයි . ලංකාවේ රෝහල්වල දොස්තර ඇබෑර්තු විසිදාහක්ද කොහෙද තියෙනවලු නේද? හරිනම් කරන්ඩ තියෙන්නේ, තවත් පෞද්ගලික වෛද්‍ය විද්යාලත්, විශ්ව විද්‍යාලත් රටපුරා දාලා පුළුවන් අයට ඉගෙනගන්ඩ ඉඩ දෙන එකයි. දොස්තර මාෆියාව දැන් ආණ්ඩුවටත් වැඩිය බලවත් වෙලානේ. මාතලන් කියනවා වගේ කොන්ද පණනැති නායකයෝ ඉන්නකොට අහක ඉන්න පෙන්දොත් සිංහයෝ වෙනවා. කරුමේ කරුමේ!
ReplyDeleteමහින්ද උන්නා නම් ඔය මක්කත් නෑ... එහෙනම් ඔතනින් දොස්තරලා නෙමෙයි කොටි එලියට දැම්මත් මක්කත් කියන්නේ නෑ...
Deleteමක්කා කළත බස නම ඉසට්‍රයික කරනෙන නෑ
ReplyDeleteඅනිවා... ඒකයි මම නොදැම්මෙත්... හැබයි ඌත් පොරක් නෙමේ කියලා අනික් උන් පෙන්නුවා...
DeleteAssalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
ReplyDeletesedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau
මේ කියන්නේ සයිටම් එක තොපිට එපා නම්, මැලේසියාවට අරන් යනවා කියලනේ....නේද ඇනිටා..
Deleteඅරූ,
Deleteසිරාවට බං එහෙම එකක් තමයි කියල තියෙන්නේ, මගේ බ්ලොග් එකේ හද්ද පරණ පෝස්ට් තොගයක මේ කතාව ලියල ගිහින් තිබුනා...
ඇනිටා හැම තැනම මෙහෙම දාගෙන යනවා.සිංහල බ්ලොග් ලොවට එරෙහිව මැලේසියානු කුමන්ත්‍රනයක් ලොකු පුතේ.
Deleteමෙයා යන්නෙ පරණ ප්‍රසිද්ධ බ්ලොග් වලට කියලයි මට පෙනෙන්නෙ... ඇත්තටම මක්කෙයි මේ කියන්නෙ එයා?
Deleteමැලේ අච්චාරු සාදන ක්‍රමය :D
Deleteමම ඕක ගුගුල් දෙයියට කියල ඉංගිරිසි වලට හරවාගෙන බැලුවා...
Deleteඌ කියන විදිහට මේ භාෂාව ඉන්දුනීසියන්, ණය වෙලා හිරවෙලා ඉන්න වෙලාවක කවුද මන්ද අනීට ට මොකෙක්දෝ මන්ද එකෙක් මිළියන 4 ක් දීපු සීන් එකක්...
එක තැනක තියෙනවා අනීට ට නෙට් එකෙන් KYAI SOLEH PATI කියල කෙනෙක් හම්බ වෙච්ච කතාවක්...
ඒ හම්බ වෙලා මොන මොනවද කියල ඊට පස්සේ දවස් 3 ක් යද්දී මිළියන 4 ක් දීපු කතාවක්...
සිද්ධියේ හැටියට මටනං තේරෙන්නේ සයිටම් එකේ නෙවිල් ප්‍රනාන්දු ලොක්ක වෙන්න ඕනේ ඒ මිළියන 4 දෙන්න ඇත්තේ...
මම එහෙම අනුමාන කලේ මොකද දන්නවද, අපි උඹල වගේම නෙවිල් ප්‍රනාන්දු ලොක්කත් වෙන නමකින් වෙන්න ඇති නෙට් යනවා ඇත්තේ. ඒ එක්කම නඩුව යන දවස් වල තමයි මේ ඇඩ් එක මුලින්ම එළියට ආවේ...
මිනිහගේ ප්‍රොෆයිල් නේම් එක KYAI SOLEH PATI කියල තමයි මම අනුමාන කරන්නේ...
මේ ip address චෙක් කරන්නේ නැතුව නිකං අනුමාන කරලා කියපු කතාවක් උනත් ටක්කෙටම හරි කියලයි මම හිතන්නේ...
අනික අනීටා මුලින්ම කියන්නේ "මුළු ලෝකෙම අය දැන ගත්තොත් හොඳයි, අස්සයාමළොත් මළ උලක්කම්" කියලා...
ඒ කියන්නේ "අස්සයා මළත් කමක් නැහැ සයිටම් ඩොකෙක් ගාවට ගෙනිච්චොත් ගොඩ දානවා කියන" එක...
නෙවිල් ලොක්ක මිළියන 4 දීල තියෙන්නේ නිකං නෙමෙයි, මෙන්න මෙහෙම සයිටම් එක ගැන ඇඩ් දදා ලෝකේ වටේ යන්න...
අනීට කරන්නේ ඒ කොන්ත්‍රාත් එක...
ලංකාවේ අපි උඹල එහෙම කලොත් අපේ ගස් ගෝන්නු සැක හිතනවනේ, බලපන් නෙවිල් ලොක්කගේ මොළේ...
(හුදෙක් ලාම්පු සංවේගය උදෙසා පමණි. මේක කියවලා කාව හරි දැවෙන්න ආවොත් මම වගකියනු නොලැබේ. සීතල ජෝ වීදුරුවක් බීල බලන්න...)
[SIZE="6"][I][CENTER]දැන් කරන්න තියන්නෙ රජයේ වෛද්‍ය විද්‍යාල වලින් බිහිවන වෛද්‍යවරු අසමසම මිනිස්සු මාරම ටැලන්ට් එකක් තියන වෛද්‍යවරු කියලා පෙන්වන විදියට තවවැඩකරන එක....
ReplyDeleteබටහිර වෛද්‍යක්‍රමයට නව දැණුම එකතුකරන එක ....
එහෙම නැතුව වෙන මනුස්සයින්ගෙ ඩිග්‍රී එකක ක්‍රෙඩිට්ස් 120, 90 දක්වා අඩුකරන්න කියලා වැඩවර්ජනයකරන එකවගේ දේ නෙවෙයි..
වෙනත් කෙනෙකුට ඉගනීමට ඇතිඅයිතිය වෙනුවෙන් බලපෑම් කිරීම ගැලපෙන්නෙ නැත...
ඒකට ඇත්තටම කියන්නෙ වෙන්නෙ කුහකකම...
අපේ රටේ මිනිස්සුන්ට වැරදිලා තියන්නෙ මෙතන..අධ්‍යාපන ක්‍රමයේ බොරුතරඟ කාරීත්වය නිසා ආත්මාර්තකාමී හන්ගාගෙන පොත්බලන,පුස්ථකාලෙ විමර්ශන අංශයෙතියන එකම පොත ගල් කරගෙනපාඩම් කරන්න තරම් පෙළබෙන මිනිස්සු බිහිවෙනවා..
එහෙම බැලුවම බටහිරමිනිස්සු අපිටවඩා සෑහෙන්න පරිත්‍යාගශීලියි... පොතක් උනත් පරිලෝකනගත කරලා හොරටහරි අප්ලෝඩ් කරනවා තව මනුස්සයෙක් හරි බලයි කියලා...මමත් ඒදවස්වල තියනවායැයි කියපු නිදහස් අධ්‍යාපනය බේරාගනිව් කියන සටන්වල කිලෝමීටර් ගනන් පයින් ගියා සහ මමත් ඉතාම දිලිඳු පවුලකින් ආපු කෙනෙක් ..මගේ මව,පියා දෙදෙනාම රැකියාලෙස කලේ තේ අක්කර කාලක් විතර ලැබෙන ආදායම විතරයි ඒකෙන් තමයි මමයි අක්කල දෙන්නයි කැම්පස් ගියේ...
මමකියන්නෙ මිනිස්සුන්ට ඉගෙනගන්න තියන අයිතියවෙනුවෙන් වෘත්තිය සමිතියකට බලපෑම්කල නොහැක කියන එක...සහ සයිටම් එකට සිසුන් බඳවාගැනීමේ නවනිර්ණායක සැකසීම
සහ ඔවුන්ගේ උපාධියේ ගුණාත්මකභාවය වැඩිකිරීමට කලහැකිදේ කිරීමයි..
වෛද්‍ය සංගමය රෝගීන්ටද රෝගීන්ගෙපැත්තෙන් සිතාබලා මෙයට උදව්කලයුතුය.....[/CENTER][/I][/SIZE]
දැන් කරන්න ඕන ඒක නෙමෙයි.
Deleteමුන්ව SAITM වෛද්‍යවරුන් කියලා සහතිකයක් දාලා එලියට දාන එක..
අවුරුද්දක් යන්න කලින් GMOA එකම කියනවා
නෑ නෑ එහෙම කරන්න ඔනැන්නේ නෑ MBBS කියලම දෙන්න කියලා.
මොකෝ මිනිස්සු කැමති පොෂ් දොස්තරලට.
සයිටම් විරෝධය මතු කල යුත්තේ සයිටම් අායතනයේ කොලිටිය වැඩි කිරීම සඳහා මිස පුද්ගලික විශ්ව විද්‍යාල තහනම් කල යුතුයි කියන ස්ථාවරේ සිට නොවේ. සයිටම් අායතනයේ කොලිටිය වැඩි කිරීම සමගම බොහෝ අඩු ලුහුඞුතා තිබෙන දේශීය වෛද්‍ය ආයතන වලද කොලිටිය උසස් කර ගැනීමට සටන් කල යුතුය.
ReplyDeleteසයිටම් අායතනයෙන් පිටවන දොස්තරලා රෝගීන් මරා දමාවිද යන්න ගැන අනාවැකි කීම නම් තවමත් වේලපහ වැඩිය. නමුත් පසුගිය දශක තුන ඇතුලත ලංකාවේ රෝහල් වල නොසැලකිල්ල නිසා රෝගීන් ගනනාවක් මිය ගියා පමණක් නොව වරක් රෝගී තරුණියක දූෂණය කොටද මරා දමන ලදි.
පුද්ගලික විශ්ව විද්‍යාල ලෝකයේ නව ප්‍රවණතාවක් නොවේ. අපගේ සෞඛ්‍ය සේවාවන්ට වඩා පසුපස සිටි බංග්ලාදේශය නේපාලය පවා පුද්ගලික විශ්ව විද්‍යාල මගින් තම රට වලට විදේශ විනිමය අද්දවා ගනිති. ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේනිගත කිරීමේදී පසුපස සිටි මේ බංග්ලාදේශය නේපාල විශ්ව විද්‍යාල දැන් වාර්ශිකවම ඉදිරියට එති. එහෙත් අපි තවම ලෝකයේ මුල් 2000 අතරවත් නැත.
පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව සටන් වල පසුපස සිටින වාමාංශික නායකයන් ගෙන් බොහෝ දෙනෙකු ඔවුන් ගේ දුවා දරුවන් නම් යවා ඇත්තේ බටහිර රටවල පුද්ගලික විශ්ව විද්‍යාල වලටය.
එහෙත් මේ සත්‍ය තේරුම් ගැනීමට අප බොහෝ දෙනෙකු අකමැතිය. හේතුව අපේ මිනිසුන් විරෝධතා වල ජීවත් වීමට කැමතිය. එහෙත් දෑස් ඇර බලන විට ලෝකය අප පසු කරගෙන ගොස් ය.
පැත්තක් නොගන්න හැම එකාම කියන්නේ රජරටට වඩා මඩකළපුවට තබා පුංචි බොරැල්ලේ එකටත් වඩා සයිටම් එක ඉස්සරහින් ඉන්නවය කියලා..
Deleteඅනික මොන එකාද කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමිය ගැන කටේ කෙල බිංදුවක් හෙලන්නේ..
නායකයෝ කියන්නේ ආන් එහෙම මිනිස්සුන්ට. නැතිව මේ වගේ හාල් පාරුවන්ට නෙමෙයි...
රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අපගේ විනිට්සා වෛද්‍ය පීඨයේ පළමු වෙඩි මුරය පත්තු කල ජේෂ්ඨ සිසුවෙකු වූ ලක්සිරි ධනංජය වෛද්‍යරත්න වර්තමානයේදී විශේසඥ අධිකරණ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි. එකල රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කල දේශීය වෛද්‍ය පීඨ වල ඉගෙන ගත් අතීත සිසු නායකයන් කීප දෙනෙකු මට ලංකාවේ විවිධ රෝහල් වල හමු වී තිබේ. පේරාදෙනිය වෛද්‍ය පීඨය නිම කල එක් සිසු නායකයෙකුගේ වෛද්‍ය වෘත්තික ක්‍රියා කලාපය මම මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල කාලයේ දුටුවෙමි. දුප්පත් රෝගීන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මිනී පෙට්ටි ඔසවාගෙන උද්ඝෝෂණ වල ගිය ඔහු වෛද්‍යවරයෙකු වූ පසු රාජකාරී වේලාවේ තම නිල නිවසේදී පුද්ගලිකව රෝගීන් මුදලට බැලීය. එසේම තම පීපී එකට නාව දුප්පත් රෝගීන්ට රෝහලේදී ඇඳක් දුන්නේවත් ඔවුන්ව නිසියාකාරව බැලුවේත් නැත. අසීමිත ලෙස පුද්ගලික සේවයේ යෙදෙමින් අනෙකුත් වෛද්‍යවරුන් ගේ ප්‍රතිකාර රෝගීන් ඉදිරියේ මෙන්ම කාර්‍ය මණ්ඩලය ඉදිරියේ විවේචනය කල ඔහු රෝහලේ කම්කරුවන් දෙදෙනෙකු යොදා ගනිමින් අනෙකුත් වෛද්‍යවරුන්ට එරෙහිව මඩ ප්‍රචාර ගෙන ගියේ තම වියාපාරය තව තවත් දියුණු කර ගැනීමේ අභිලාශයෙනි.
ReplyDeleteඅරණායක ප්‍රදේශයෙන් පැමිණි මොහු මේ සා පිස්සුවෙන් මෙන් මුදල් පසුපස ලුහුබැන්දේ අළුත් මෝටර් රථයක් ගැනීමටත් නව නිවසක් තනා ගැනීමේ මූලික අභිලාශයෙන් බව මට වැටහුණි. පුද්ගලික සේවය වෙනුවෙන් බොහෝ වෛද්‍ය ආචාර ධර්ම කඩ කල මේ අතීත සිසු නායකයා කරන ලද එක් අගතිගාමී ක්‍රියාවක් මම සඳහන් කරමි. ඒ කාලයේ මම පීපී නොකලෙමි. එම නිසා මෙම පුද්ගලයා සහ මා අතර කිසිදු ගැටුමක් නොවීය. ඔහු මට කිසිදු වරදක් කොට නොමැත. එහෙත් ඔහු නරුම මිනිසෙකි.
කොලොන්ගොඩ ප්‍රදේශයේ සණස බැංකුවේ සේවය කල යසා නම් කාන්තාවගේ දියණියට ඩෙංගු රෝගය වැළඳුන විට ඇය දියණිය ගෙන යන්නේ මේ වෛද්‍යවරයා සේවය කල හසලක රෝහලටය. පීපී ගැටුම් ගැන කිසිවක් නොදත් යසා මුලින්ම යන්නේ හසලක රෝහලේ ආර් එම් ඕ හෙවත් සහකාර වෛද්‍ය නිලධාරියාගේ පුද්ගලික චැනල් මධ්‍යස්ථානයටය. එහිදී සහකාර වෛද්‍ය නිලධාරියා රෝගී දැරිය ඩෙංගු රෝගයෙන් පෙලෙන බව අනුමාන කොට හසලක රෝහලට ඇතුලත් කරයි. නමුත් තම පීපී එකට නාව මහා පාපකර්මය නිසා උක්ත වෛද්‍ය නිලධාරියා දැරියව තම වාට්ටුවේදී නොසලකා හරියි. ඇයට අවශ්‍ය ප්‍රතිකාර නිසි ලෙස ලබා නොදේ. අවසානයේදී දැරිය ඩෙංගු රක්තපාත තත්වය නිසා අසාධ්‍යව මිය යන්නීය.
මෙය ප්‍රබන්ධයක් නොව සත්‍ය කතාවකි. කොලොන්ගොඩ ග්‍රාමයේ යසා මහත්මියගේ දියණිය මිය යන්නේ මෙවැනි නරුම තත්වයකදීය. දුගී බවත් නීතිය ගැන නොදැනීමත් නිසා ඔවුන් තම ආදරණීය දියණිය වළ දමා කර්මය වෙත ඇගේ මරණය බැර කරති. නිදහස් සෞඛ්‍යය සේවය වෙනුවෙන් පාරවල් දිගේ මරා ගැනීමට ගිය මේ වෛද්‍යවරයාටද දියණියක් සිටි නමුදු යසා ගේ දියණිය වෙනුවෙන් ඔහු සංවේදී වූයේ නැත.
ඔය තියෙන්නේ එක අයියා කෙනෙක්ගේ වැඩ... තව කී දාහක් වැරදි වැඩ කරනවද? කවද්ද ඒවට යුක්තිය ඉටු උනේ... ඔය මාෆියාව නැති කරන්නම ඕන.. ඕක නිළධාරිවාදයේ හොඳම එක..
Deleteමම සයිටම් විසික්ක කලා අපේ හාමුදුරුවනේ කියා දේශනයක් පැවත්වීම..
ReplyDeleteහරියට හරි...
Deleteඅර බෙල්ලන්විලයා ආයෙත් පඩික්කම ඇරලා තියෙන්නේ...
සයිටම් ගැන මගේ මතය එය නියාමනය විය යුතු සහ සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා පිළිගත හැකි ක්‍රමවේදයක් ඇති කිරීම විය යුතුය...
ReplyDeleteඑය මුදල් මතම පදනම් වූ ක්‍රමයක් පමණක් නොවිය යුතුය...
සයිටම් වසව් කීමෙන් වන්නේ එම සාකච්ජා යටපත්ව යාමයි...
පිළිගත හැකි ක්‍රමවේදවලට තමයි ඔක්කෝම වෙන්නේ.. ආන්ඩුවේ උන්ගේ තියෙන පැහැදිලි ඉරිසියාව ඇර වෙන මක්කත් මෙතන නෑ... දැන් ඔය පිටරට එවාවල ක්‍රමවේද ඉස්ටෑන්ඩඩ් ඔක්කොම හොයලද මෙහේ ප්‍රැක්ටිස් කරන්න දෙන්නේ...
Deletehttp://www.island.lk/modules/modPublication/article_title_images/24491486054144DI-P01-03-02-(R)-YPR-8.jpg
ReplyDeleteProtesting undergraduate monk jumps over Hilton Colombo wall on yesterday as police crackdown on a demonstration agianst Wednesday’s Court of Appeal decision on private medical college Pic by Dimuthu Premaratne