.

.

Jan 21, 2017

රිදී තිරයේ ස්වර්ණමය සළකුණ - ස්වර්ණා මල්ලවආරච්චි.



ස්වර්ණාගේ සිනමා දිවියට වසර 50 ක් පිරෙනවය, ඒ වෙනුවෙන් සිනමා උළෙලක් පවත්තනවය කියලා හා හෝවක් යන්නේ දැන් මාසයක් ඉතර තිස්සේය. චිත්තරපටි සංස්ථාවේ තරංගනි හෝල් එකේ ජනවාරි මාසේ 22 සිට 26 දක්වා සවර්ණගේ සෝ කීපයක් පෙන්නලා, ඉන්පස්සේ  ජනවාරි 26 වෙනිදා බන්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවෙදි අපේ සිරිසේන උන්නැහේගේ අතින් සමාණයට පාත්තර වෙනවැයි කියලා මාත් දැක්කේ සිරිසේන උන්නැහේ වගේම පත්තරෙන්ය.

කවුරුන් කළත් මේවා ස්වරණමය වැඩය. කළාකරුවකු හො මොකෙක් හෝ වේවා මියගිය පසු ප්‍රසස්ති ගයා, පිළිම ඉඳිකලාට ඇති වැඩක් නැතිය. ඒවා විය යුත්තේ ජීවත්ව සිටියදීමය. ස්වර්ණා මින් පෙරද එසේ ඇගයීමට ලක් වෙලා තියෙනවාය. පොඩි කාළයේ සිට චිතරපටි පිස්සෙක් වෙන මාතලන්ද, ස්වර්ණා ගැන බ්ලොග් සටහනක් දාන්නේ ඔනේ කියා සිතුනේ එක හේතුවක් උඩය. ඒ බුකියේ දැමු කෙටි සටහන හේතුවෙන්ය.

නරේන්ද්‍රා බන්ඩාරනයක ලියලා, හඳයා දාලා තිබුන ඒ සටහනෙන් කියවුනේ, මේ ප්‍රණාම උළෙලට අනුග්‍රහයක් ලබා ගන්නෙයි කියා වෙළඳ ප්‍රජාව අතරට ගියාම, ස්වර්ණා කියන්නේ, අලෙවි වටිනාකමක්කත් වෙළඳ වටිනාකමක්කත් තියෙන කෙනෙක් නෙමෙයි කියලාය. මාතලන් ඕකට බුකියේ පොඩි සටහනක් දාලා කිව්වේ, මාතලන්ට නම් සිංහළ සිනමාවේ එදා මෙදා තුර උන්න නිලියන්ගෙන්, සරාගීම හා දක්ෂම නිළිය ස්වර්ණාය, කාට වටින්නෙ නැති උනත් අපිට නම් එයා රත්තරන් වලටත් වඩා වටිනවැයි කියලා හිටන්ය. ඒක දැකපු හඳයා කිව්වේ ඒ අදහසම එයා රාවයේ ළිපියකට ලිව්වැයි කියලා.

Asoka Handagama මේ ඉරිදා ( සිකුරාදාට එන ) රාවය බලන්න. 'සිංහල සිනමාවේ නොදැල්වුනු සරාගී ගිණි සිලුව' කියලා ලිපියක්'ලියුවා.


කලින් කීවා වාගේ මාතලන් චිතරපටි පිස්සෙක් වන්නේ අපේ තාත්තාද ෆිල්ම් පිස්සෙක් වූ නිසාමය. ඒ කාලේ ගෙදර එන්ටර්ටේන්මන්ට් වලට තිබුනේ රේඩියෝව ඉතරය. ඒ නිසා, හින්ගල සිනාමාවේ ස්වර්ණමය යුගය වූයේ අපේ යුගයමය. හින්ගල සිනමා වංශ කතාවේ සදාකාලිකවම ස්වර්ණ අකුරෙන් ලියැවෙන නම් තිබුනේ ඒ යුගයේදිය. මාතලන් සිතන ආකාරයට නම්, සනත් සබීතා යුගයෙන් පසු හින්ගල සිනමාව මිය යන අතර, අද ඇත්තේ, මොකක්දෝ වෙන මඟුලක්ය. එයට හේතුන් බොහෝ තිබෙනාතර, මේ ඒවා ගැන ලියන වෙලාවක් නොවන්නේය.

ඇත්තටම ස්වර්ණා අප දකින්නේ 1980 දී එන හංස විලක් තුලින්ය. එයාගේ "සත් සමුදුර" හා "හන්තානේ කතාව" අප දකින්නේ ඊට බොහෝ කළකට පසු, ටැලිවිසොන් එකේ සෝ පෙන්නන්න පටන් ගත්ත කාළයේදිය. අපේ පවුල පිටින්ම සෝ බලන්න ගියද, එය "කල්ට්" එකක් නොවූ බොහෝ පිරිසක්ද වූයේය. උන් ගාමිනිලා මාලනීලා විජේලා දැකලා තිබුනේ, සෝ වලින් නෙමේය ඒ හැබැහින්ය. ඒ වාසනාව අපේ උන්ට ලැබුනේ, මාලනි අපේ අසල්වාසියකු වූ නිසාය. ඒ නිසා පවුල පිටින් ගිහින් බලලා එන සෝ එකේ පුල් ඉස්ටෝරිය අහල පහල උන්ට කියන්න උනේ මාතලන්ටය.

ඒ වාගෙම අපේ පවුලේ අය අපි ඉපදෙන්නත් කලින් පටන් සෝ බලා තිබුනාට, "ෆිල්ම් ක්‍රිටික්" කෙනෙක් අපේ නිවසෙන් බිහිවන්නේ මාතලන්ට යමක් කමක් තේරුම් ගන්නට හැකි වූවායින් පස්සේය. මාතලන්ගේ ප්‍රධානම ප්‍රශ්ණය උනේ කැළණිය නිවස අවට මෙන්ම, උණවටුන ගමේ සිටිනා ගැහැණුන්ද මේ චරිත අතරේ උන්නේ නැති එකය. හිඟන කොල්ලා සෝ එකේ ඉන්නා ගමේ කෙල්ලද සීනී බෝලයක් වාගේ උන් සෝනියා දිසාය. රටම හොල්ලපු මරුසිරාගේ කෑල්ලත් මාලනි ෆොන්සේකාය.

මේවා ප්‍රශ්ණ කලාම ලැබුන උත්තරේ උනේ, ලස්සන මූණූ නත්නම් මිනිස්සු සෝ බලන්න එන්නේ නැතෙයි කියනා ආත්තෝපදේසයද මක්කාද එකය. මගේ ප්‍රශ්ණය උනේ එහෙනම් එවකට මගේ ප්‍රියතමයන් වූ, ජෝ හා ඩෝමී  ලස්සනදැයි කියනා එකය. අපේ පවුලේත් මේ සඳ වන් මුහුණු ඇති කෑලී ඕනා තරම් වූ නිසා වෙන්මදෝ, මාතලන්ගේ කැමැත්ත තුබුනේ, ඒ කාලේ හීනෙන්වත් දැක නොතිබුනත්  අද කාළේ ෆැෂන් ටී වී එකේ පෙන්වනා මූණූවලට හා ෆිගර් වලටමය. එහෙම කෑල්ලකට ඒ කාළේ උන්නේ මට මතක හැටියට වීණා පමණය.

මාතලන් බලාපොරොත්තු වූ ඒ යතාර්ථවාදි සිනමාවද මක්කාද එක මාතලන් දකින්නේ "හංස විලක්" තුලින්ය. මේ සෝ එකේ මුලින්ම දුටූ "ස්වර්ණා" මෙන්ම "සුමුදු සයනේ..." ගීතයද, එහි සංගීතයද, මිය යන තෙක්ම මතකයේ රැදෙනූ නොඅනුමානය. ජනක සහ මංජු, සුජීවා, තුෂාරා වාගේ සෝ කීප සැරයක්ම පවුල පිටින්ම බලන්න ගියද, මාතලන්ගේ පෙරැත්තය ප්‍රතික්ෂේප වූයේ, ඒක ළමයින්ට හොඳ එකක් නෙමේ කියාය. මාතලන්ගේ තර්කය වූයේ ඒ කතාව අපේ අසල්වාසි පවුලක කතාව නොවේමද යන්නය. එයද නිශ්ප්‍රභා වී ගියේ මූ වයසට වඩා බක පන්ඩිතයෙක් යැයි කියනා ප්‍රති තර්කයෙන්ය. මාතලන් හොරෙන් සෝ බලන්න යන්න පටන් ගත්තේ මෙතැන් සිටය. ඒ ගීතයට කෙතරම් පිස්සු වැටුනාදැයි කියතොත්, මාතලන් ඕය සෝ එක හෝල් එකේ හත් අට වතාවක්ම බැලුවා හොඳට මතකය.

a

ජේ ආර් පප්පාගේ ඉකොනොමි එකට පින් අත් වන්නට , 80 දශකයේ ගෙනත් පෙන්වූ , බ්ලූ ෆිල්ම් වාගෙම සුද්දියෝ අමු හෙළුවෙන් හැමිනෙන සෝ අතරේ, "සුද්දිලාගේ කතාව" බලන්න හෝල් පිරුණේ, ස්වර්ණාගේ ඇඟ බලන්නෙයි කියා කියනවා නම්, එය ඇයට කරනා අපහාසයක්මය. එම දර්ශණ චිත්‍රපටයේ ප්‍රචාරණය සඳහා ඉවහල් උනා වන්නට ඇතිය. එහෙත් ඇගේ රංඟනය ඒ සියල්ල අභිබවා ගියේය. ඒ එතෙක් අප අතර උන් ඇත්ත "සුද්දි", ස්වර්ණා තුලින් දුටු නිසාමය.

කවුරුන් හෝ ගාමිණී හොඳම නළුවෙක් යැයි කියන්නේ නම් මාතලන්ගේ තර්කය වන්නේ, එසේ නම් ජැක්සන්ද එම මට්ටමේම සිටිනා බවයි. ඔවුන් දෙදෙනාගෙම ඇත්තේ අධි රංගනයක්මය. මාතලන් දුටු හොඳම නළුවා ජෝ අබේවික්‍රමයන්ය. ඒ ගැන තර්ක කිරීමට ජෝගේ චරිත ඕනෑ තරම් පෙන්වා දිය හැකිය. තාත්වික චරිත රඟ පෑ තවත් නලුවන් අතරේ, ජෝ ඉන්නේ ඉදිරියෙන්මය. එමෙන්ම එවන් නිලියන් අතරේ ස්වර්ණා ඉන්නේ ඉදිරියෙන්මය.

එමෙන්ම ඇය එතෙක් මෙතෙක් සිනමාවේ සරාගීම නිළියයි. ඇගේ මුහුණේ ඇති ඇති ඒ සරාගි බව ඉසමතු කරනුයේ ඇගේ රංඟන ප්‍රතිභාව තුලමය. එමෙන්ම ඇයගේ කටහඬ මුදු ස්වරයේදී රාග ගිනි වඩනා අතරේ, බියකරු සිනහව හා උස් හඬ ස්වර්ණා එපා කරවන සුළු අතර, සුළු දිය පහවන තත්වයක්ද නැත්තේ නොවේ. එමෙන්ම ලාංකීය පීඩීත කාන්තාවට ඇය පන්නරයක්ම වන්නේය. මාතලන් නම් සිතන්නේ ඇයගේ රංගනය තුලින් කාන්තාවන් කිසියම් ප්‍රමාණයක් හෝ ශක්තියක් ලැබූ බවමය. ස්වර්ණා නිලියක්ම පමණක් නොව ස්ත්‍රී ක්‍රියාකාරිණියක් වන්නේ ඒ තුලය.

අනෙක් කරුණ නම් එතෙක් සෙක්ස් සිම්බල් වී සිටී පොල් බෑ මූණූවල මාර්කට් එකට කෙලවී, සීගීරි ළඳුන්ගෙන් පසු, නැවතත් නියම ස්ත්‍රී රුවට වටිනාකමක් එක් වීමය. හංස විලක් තුලින් නැවත සිනමාවට එක් වන ලන්ඩන් සිට එන මේ ස්ත්‍රී රුව, සිංහල සිනමාව උඩු යටි කුරු කරන්නේ එබැවින්ය. සමහර උන්ට කටු කෑල්ලක් වෙන මැය, දඩයමේ රත්මලී තුලින් ලාංකීය බයිනික් වුමන් වෙනවාය. ඒ චිත්‍රපටය ඒ තරම්ම විශිෂ්ඨය. ගැහැණු ලව් කරන්න කලින් දෙසරයක් හිතන්න පුරුදු වෙනවාය. චිත්‍රපටයේ ජයනාත ඉතරක් නොව රවින්ද්‍ර රන්දෙනියත් මිනිස්සුන්ට එපා වෙලාම යනවාය.

ඇත්තම කියනවා නම් 70 දශකය මාලනිගෙ නම් 80 සහ 90 දෙකම ස්වර්ණාගේය. තවත් බොහෝ අයගෙ විචාර තුල හැලිලා ගිය සෝ එකක් වන මී හරකා තුලද ඇගේ රංගනය වගේම ලින්ටන් සේමගේගේ රංගනය ඉතා ඉහළම මට්ට්මක තියෙනවාය. එහෙත් කැඩපතක ඡායා තුල කළ චරිතය මට නම් විහිළුවක්ය. ඒක මම හිතන්නේ ස්වර්ණටත් වඩා ලංකාවේ අධ්‍යක්ෂකවරුන්ට තියෙන මානසික ලෙඩක්ය. බව දුක බව කර්ම ගැන කියන්න දෙයක් නැතිය. 

90 දශකයෙන් පස්සෙ ස්වර්ණා මතක හිටින චරිතයකින් නව පරපුරත් එක්ක එකතු වෙන්නේ, හඳයගේ, ඇගේ ඇස අග තුලින්. හඳයා මේක ගේන්නේ ස්වර්ණාගෙ ආගමනය කියලා. ඒකෙන් හඳයා තවත් ස්වර්ණා කෙනෙක් ගේනවා. ඒත් අපේ ස්වර්ණත් එක්ක බැලුවාම අහසට පොළොව වගේ. අනික මම හිතන්නේ නෑ හඳයා ස්වර්ණගේ උපරීමය අරගත්තා කියලත්. මේ සෝ එකෙන් හඳයා අපිට හඳයගේ ඇත්ත ජීවිතය වගේම, ස්වර්ණගේ ඇත්ත ජීවිතයත් අරගෙන එනවා. 

ස්වර්ණා ජීවිතය වීඳපු ගැහැනියක්. දේශපාලකයොන්ට අල්ලන්න නොගිය චරිතයක්. ඒ වගේම කැන්සර් එකක් ඇවිල්ලත් කාටවත් අත පාන්න, හිඟා කන්න නොගිය චරිතයක්. ඉතින් ඇය බොහෝ අයට ආඩම්බර චරිතයක්. ඇත්තටම වෙන්න ඕනත් ඒක. කළාකාරයෙක් කියන්නෙ කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් ආඩම්බර අය වෙන්න ඕන. එහෙම නැතිව ආන්ඩුවේ දේපළ මැති ඇමතිවරුන්ගෙන් කුණු කොල්ලෙට අරගෙන, මුන්ට ඒවා දීලා, දීපූ එකා හිරේ පරිප්පු කන කොට බලන්න යන තුප්පහි වගේම, එක එකාට ප්‍රශස්ති ගායනා කරන උන් නම් කළාකරයෝ නෙමෙයි. 

ඒ වගේම එක එකාගේ සබන් කෑලී පුකේ ගාන්නයි, ෂැම්පු ඔලුවේ දාන්නයි වගේම, ටෙලිවිසොන් චැනල් වල තරඟෙට පෙන්නනවේස මඩුවල නටන්නයි සින්දු කියන්නයි ළකුණු දීලා බෝඩ් උස්සනයි ගිහින් මළ හොල්මන් වෙච්ච පිස්සියෙක් නොවුන ගැහැනියක්. සිනාමව පීචන් නොකරපු ගැහැනියක්. ශ්‍රේෂ්ඨ නිලියක්. කොටින්ම කියනවා ලාංකිය රිදී තිරය ලද ස්වර්ණමය සම්මාණයක්. මොකෝ ඇය සිනමාව නිසා බැබලුනා නොව. සිනමාව ඇය නිසා බැබලුන නිසාවෙන්මයි.

ස්වර්ණා ඔයා කාට වටින්නේ නැති උනත්, අපිට ගොඩාක් වටිනවා.

51 comments:


  1. ස්වර්ණා ඔයා කාට වටින්නේ නැති උනත්, අපිට ගොඩාක් වටිනවා.....!!!!

    ReplyDelete
    Replies
    1. ස්වර්ණා මල්ලවආරච්චි කියන්නේ රත්තරං වලට වඩා වටින නිළියක්

      Delete
  2. මම nitharama hithapu ekak පාලම යට ස්වර්ණ රඟපෑවේ nam kogomadha කියලා

    ReplyDelete
    Replies
    1. පාලම යට ගීතා කුමාරසිංහ නේද...

      Delete
    2. ෆිල්ම් එක හැදුවේ ගීතම නේ... ඒ නිසා මක්කත් කියන්න බෑ.. හැබයි සනත් සහ ගීතා කියන දෙන්නම ඒ සෝ එකට කිසි සේත්ම ගැලපෙන් චරිත නෙමෙයි. කොටින්ම ගීතා කියන්නේ නිලියක් නෙමෙයි. ගීතට ඇක්ටිනුත් බෑ ඩාන්සිනුත් බෑ. සුන්දර මූණක් නම් තියෙනවා. අනික ගනනුත් බෑ නේ..

      Delete
    3. මාතේ ලොක්කා "ගීතා කියන්නෙ නිලියක් නෙවෙයි" කියන එක සැර කතාවක්. ඒක කියෙව්වාම ඊලගට එන්නේ එහෙනම් ගීත කව්ද ?
      පව් අප්පා කෝටි දෙකක් චන්ද ගත්ත නිලියකට නේද මෙහෙම කරන්නේ

      Delete
    4. සත්තකින්ම පාලම යට ස්වර්ණා රඟපෑවේ නම් ඒක විසිස්ට රන්ගනයක් වෙනවා

      Delete
    5. සත්තකින්ම පාලම යට ස්වර්ණා රඟපෑවේ නම් ඒක විසිස්ට රන්ගනයක් වෙනවා

      Delete
  3. රිදී තිරයේ ස්වර්ණමත් කෙරූ ඈ පිළිබඳව ලියැවුණු අපූරු සටහනක්. මාතේ ස්තූතියි ලිපියට.
    විජය-මාලනී, ගාමිණී-මාලනී, සනත්-සබීතා වගේම කමල්-සංගීතා යුගයෙන් පසු සිනමාව කොතනද කියන එක ප්‍රශ්ණයක් මාතේ.
    මේ අපූරු ලිපියට නැවතත් මගේ ස්තූතිය.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් දෙක තුනකට යුගයක් කියලා කියන්න බෑ නේ දුමියෝ.. සනත් සබීතත් නැගලා ගිය දෙන්නෙක් නෙමෙයි.. කොහොමත් දැන් නම් සිනමාවක් ඇත්තේ නෑ. මොකෝ මහින්දගේ කාළේ ඒක පුරා විජ්ජා දෙපාර්තමේන්තුවට පැවරුවා නේ...

      Delete
    2. 'මහින්දගෙ කාලේ ' කියන යෙදුම එච්චරම ගැලපෙන්නෙ නෑ. මොකද මහින්දගෙ කාලෙ නෙමෙයි සිංහල සිනමාව කඩා වැටෙන්න පටන් ගත්තේ. ඕක නිකන් මාතලන් කට කහනවට කියපු කතාවක් වෙන්නෝනේ.

      Delete
    3. එක හරි කඩා වැටිලා තිබුන එක අන්තරස්දාන කොලේ ඒ උන්නැහේ තමයි...

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. එකෙන්ම ජෝ හා ස්වර්ණා සින්හල සිනමාවේ තාත්වික නලු නිලි දෙපල බව හා ස්වර්ණා සින්හල සිනමාවේ සරාගීම නිලිය බව .තවත් ඉන්න ඇති . ඒත් මෙයාල තමා මතක අපි කාටත්.
    කොච්චර ලිව්වත් වචනවලට ගන්න බැරි දෙයක් ස්වර්ණාගේ ශරීරයෙයි රගපෑමෙයි දෙකේම ඉතිරි වෙනවා.

    අපේ කාලේ වෙද්දී අවාසය්නාවට ස්වර්ණාගේ ස්වර්ණමය කාලේ ගිහින් . අපි ඉස්කෝලේ යන කාලේ ආවේ මී හරකා, චන්ද කින්නරී ,අයෝමා ඊට පස්සේ බව දුක , බව කර්ම හා අනන්ත රාත්‍රිය.
    වසල වෙලෙන්දෝ වටිනාකම් දන්නේ අර එක එකාට කඩේ යන මස් ගොඩවල් වල විතරයි .
    Thanks ස්වර්ණා !!!
    Thanks මාතලන් ලොක්කා !

    ReplyDelete
    Replies
    1. උඹ කියන සෝ වල තමයි ස්වර්ණගේ හොඳම ඇක්ටින් තිබුනේ.. ස්වර්ණා විකුණන්න බැරියෙක් කියනවා නම් උන් මාකටින් නොදන්න හරක්...

      Delete
    2. ආ එහෙමද හන්ස විලක්, හන්තානේ කතාව ,සුද්දිලා ගේ කතාව , දඩයම අපේ කාලෙට කලින් ආව ඒවා. ඒවා අපිට මිස් වුනා. කට්ටිය කියන විදියට ඒවායේ තමා එයාගේ හොදම ඇක්ටින් ඇති කියල හිතුවේ.
      අනික අපි බලපු ෆිල්ම් වල එයාගේ මූනේ තියනවා කියල ඉවර කරන්න බැරි කිසියම් ඛේද ජනක , වරද කාරී , අසරණ දුක්ඛිත බවක් . ඒ මුහුණ අපේ රටේ නේක වද බන්දනවලට ගොදුරු වූ සමස්ත ස්ත්‍රීත්වය නියෝජනයක් කියල මට හිතෙන්නේ.

      Delete
  6. තවත් නියම පෝස්ට් එකක්. ලියවිය යුතු පෝස්ට් එකක්. මගේත් ජෝ-ස්වර්ණා තමයි හොඳම ඩබල. ස්වර්ණාගේ කටහඬ පිලිබඳ මාතා ලියලා තියෙන කතාව මසුරන්. මම ස්වර්ණා මුල් කාලයේ රඟපෑ වාණිජ චිත්‍රපට කීපයකුත් බලලා තියෙනවා. ඇය කැළණි පාලම නාට්ටියෙත් වාර කිහිපයක් රඟපෑ බව කියවෙනවා.

    ස්වර්ණාට ආදරේ නොකරපු කෙනෙක් ඉන්නවද....

    ReplyDelete
    Replies
    1. ස්වර්ණා දිරවන්නේ නැත්තේ ඇක්ටින් නිසා නෙමෙයි... පැහැදිලි ඉරිසියාව නිසා... කොහොමත් අපේ උන් කැමති කොඳු කෙලින් මිනිස්සුන්ට වඩා පිස්සු කෙලින උන්ටනේ...

      Delete
  7. මචං මාතලන්,

    මම මේ බාල්දියක් පෙරලනව නෙමෙයි. ස්වර්ණා තාමත් Market කරන්න බැරි චරිතයක් නෙමෙයි. ඒකට marketeers ල ඕන subject එක දන්න. "දියුණු වෙළඳ ප්‍රජාවක්" ලංකාවෙ නැහැ. කලාව අගය කරන්න පුළුවන් රස විඳින්න පුළුවන් කෙන් බාලේන්ද්‍රන්, එස්.කේ. වික්‍රමසිංහ, ලලිත් කොතලාවල, චන්ද්‍රා ෂාෆ්ටර් , ඉයන් ඩයස් අබේසිංහ,එන්.යූ.ජයවර්ධන, ක්‍රිෂාන්ත කුරේ, සිරිල් ගාඩිනර් වගේ සාපේක්ෂව දියුණු ධනපති මනසක් තිබුණ අය එක්කො මැරිල නැතිනම් scene එකේ නෑ. ඒ නිසා marketing ලේසිත් නෑ.

    හැබැයි marketing නැති කලාවක් නම් impossible.

    දැන් ඉන්න බොහෝ දෙනා "වසල කුලේ ධනපති". ස්වර්ණා ගැන මෙහෙම පොඩි කමෙන්ට් එකක් දාලා වැඩක් නැති නිසා පොස්ට් එක ගැන ස්තුතිය පලකරනවා.

    - මොණරවිල

    ප.ලි : දැන් මං දන්නව ඊළඟට වෙන දේ. පො_ _ _ සෙට් එක මට ගහන්න පටන් ගනී මම කොතලාවල _ක දෙනවා කියල. කොතලාවලගේ පසුකාලීන වැරදි මම දන්නෙ නෑ. තාම මම හතලිස් ගණන්වල මුල. මාව අවුරුදු 21 දී manager කෙනෙක් කළේ, ව්‍යාපාර ලෝකේ සහ ජීවිතේ ගැන කාර් දෙකක එකපාර යන්න බෑ, shirt දෙකක් එකපාර අඳින්න බෑ. ගෙවල් දෙකක එකපාර ඉන්න බෑ වගේ බොහෝ හිතන්න දේ කියල දුන්නේ ඔය මනුස්සය. ඒ වගේම දුන්න අවවාදයක් තමයි කවදාවත් නෑයො business එක ඇතුලට දාගන්න එපා කියන එක.සමහර විට කොතලාවලගේ එහෙම පැත්තක්මේ තිබුන කියන කතාව උඹ විස්වාස කරන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. මමත් කොතලාවල ගෝලයෙක්. කොතලාවලට කළ දේ තමයි මහින්දට පල දුන්නේ. වෙන මක්කත් නෙමෙයි.

      ස්වර්ණා මාකට් නෑ කියන්නේ අමු හරක්. ඇඟේ අස අග සෝ එක දිව්වෙත් ස්වර්ණා නිසා...

      Delete
    2. ඔබත් සෙලින්කෝ පවුලේ සාමාජිකයකුව සිටිබව දැනගැනීම සතුටක්. මා සම්බන්ධව සිටියේ දේපල සංවර්ධන, අළෙවි සහ ප්‍රචාරණ අංශයටයි. ඔබත් ඒ අංශයේද ?

      - මොණරවිල

      Delete
    3. Ceylinco Management and Accounts Division
      The Finance - Fixed Deposits, Credit Shop, Computer Division
      Golden Key
      Ceylinco Takaful Insurance

      Delete
    4. තවත් මෝඩ කතාවක්. ' කොතලාවලට කල දේ තමයි මහින්දට පල දුන්නේ' . ඒකත් හරියට සමහර බෞද්ධයො කියන ' සෝම හාමුදුරුවන්ට කල දේ තමයි කොතලාවලට පල දුන්නේ ' වගේම ගොන් කතාවක්.

      Delete
    5. වේදනාව තියෙන්නේ පරිප්පුව කාපු උන්ට මිසක් අනෙක් උන්ට නෙමෙයි නේ...

      Delete
    6. සෙලින්කෝ ආයතන සමඟ ගනුදෙනුකල අයගෙන්, සෙලින්කෝ ආයතනය ගැන හොඳක් කියපු කෙනෙක්නම් දැකලා නෑ හිටං

      Delete
    7. @ jagath pathirana

      මේක නම් එකඟ වෙන්න බැරි කතාවක් ජගත්. මම කොතලාවලට සුදු හුණු ගානව නෙමෙයි. නමුත් කොතලාවල බොහෝ යහපත් දේවල් කළ කෙනෙක්. සුනාමිය වෙලාවෙ සමහර රක්ෂණ සමාගම් නොයෙකුත් නීති තර්ක ඉස්සරහට දාල වන්දි ගෙවීම්උ මහහරින්න උත්සහ කරද්දී නීතිමය අඩුපාඩු වාසියට හරවා නොගෙන වන්දි ගෙවිය යුතුය කියන දැඩි ස්ථාවරයක තමයි කොතලාවල හිටියෙ.

      - මොණරවිල

      Delete
    8. මාත් හිතනව ඒක. එක පාරක් මට මතකයි කොතලාවල සත්‍යාගාරයට ආව සන්නස්ගල එක්ක. සන්න එලෝ එලෝ ගැහුව මිනිහට. ඒත් මට තේරුන දෙයක් තමයි මිනිහ ගාව තාමත් අලුත් දේවල් කරන්න ගටක් තියෙනව කියන එක. අපේ රටේ හැමදාම කලේ දේසපාලනෙයි ජාතිවාදයයි පදනම් හැටියට අරං මිනිස්සුන්ව කියෝපු එකනෙ. ඒක කොතලාවල ගැන විතරක් වෙනස් වෙන්නෙ කොහොමද?

      Delete
    9. කොතලාවල සුද්ද කරන්න දෙයක් නෑ.. ඔහු ලංකාවේ බිස්නස් වගේම බැංකු ක්‍රමයත් ජනතාව තරට ගෙන ගිය මහා ව්‍යාපාරිකයා... මහින්ද කුඩු වෙන්නම ගැහුවේ ඒ නිසා...

      කොතලාවල වගේ අය උන්නා නම් මෙහේට චින්නුයි ඉන්දියන් කාරයොයි ගෙන්නන ඕන නෑ... මහින්ද කරේ කොතලාවල කුඩු කරලා අනිත් අයිකන් ටිකත් බය කරපු එක... එහෙම කරලා එයා බිස්නස් කරා දෙන්නෙක් තුන්දෙනෙක් දාලා...

      දන්නෝ දනිති... නොදන්නෝ රැවටෙති...

      Delete
    10. "කොතලාවල සත්‍යාගාරයට ආව සන්නස්ගල එක්ක. සන්න එලෝ එලෝ ගැහුව මිනිහට."

      සන්නස්ගල කියන්නෙ කොතලාවල අහලින්වත් තියන්න පුළුවන් කෙනෙක්ද? හිස් ටින් වලින් එන සද්දෙ වැඩියි. යම් සමූහ ව්‍යාපාරයක බිඳ වැටීමක් පිළිබඳව සාකච්චාවක් මෙහෙයවන්න ඕන ඒ විෂය ක්ෂේත්‍රය දන්නා කෙනෙක්. විශේෂඥයෙක් වෙන්න ඕන නැහැ, හැබැයි සැලකිය යුතු අධ්‍යයනයක් කරල තියෙන්න ඕන.

      මිනිහෙක්ව කිච කරල දාන අරමුණෙන් කරන සාකච්චානේ වැඩිය තියෙන්නෙ. දැන් සන්නස්ගල interview එකකදී දයාන් ජයතිලකව, රොහාන් සමරජීවව, පී. බී. ජයසුන්දරව කිච කරන්න පන්න පන්න ගහන්න එයිද? නෑ නේ , දන්නව කන්න වෙනවා කියල. එතකොට දිල්කා සමන්මලීට පුළුවන් වෙයිද කුමාරි ජයවර්ධනව හරි වික්‍රමබාහු කරුනාරත්නව හරි ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය වගේ topic එකකදී මඩවන්න? මතකද දවසක් සුරංග සේනානායක මොහාන් සමරනායකගෙන් කිස් කන්න කෑවා?

      Delete
    11. /////එතකොට දිල්කා සමන්මලීට පුළුවන් වෙයිද කුමාරි ජයවර්ධනව හරි වික්‍රමබාහු කරුනාරත්නව හරි ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය වගේ topic එකකදී මඩවන්න?//////////

      වරදවා තේරුම් ගන්න එපා. මම මෙහෙම එකක් ලිව්වා 2010දී.

      ඩිල්කාගේ බට්ටා පැනිල්ල.

      Delete
    12. ලලිත් කොතලාවල ළඟ සන්නා කියන්නේ කෝඳුරුවෙක්... මිනිස්සුන්ට ගරහන ඒවා වඩි කල් කරන්න බෑ... ඒකනේ එයාට කෙලවෙලාම ගියේ...

      Delete
  8. බොරුවට වර්ණනා කරන්න ඕනෙ නෑනෙ මාතෙ උඹව? කොහොම උනත් මගෙත් ආසම නළුව තමයි ජෝ. ජැකියගෙයි ගාමිණී ගෙයි දෙන්නගෙම තියෙන්නෙ අධි රංගනයක්ය කියපු එකට මාත් එකඟයි. ස්වර්ණා ගැන ලොකු අත්දැකීම් නෑ මට. ඒත් මීහරකා වගේ චිත්තරපටි නං ලංකාවේ හැදුනය කියල හිතන්නත් අමාරු ගණයේ ඒවා.

    ReplyDelete
  9. ස්වර්ණාට තියෙන්නේ තර්ජනාත්මක පෙනුමක්.
    මටනම් ඒ නිසා ඇතිවෙන්නේ ආකර්ශණයක් නෙමෙයි විකර්ශණයක්.
    හැබැයි එයා ඇහිබැම සිහින් කලානම් මීට වඩා සෞම්‍ය පෙනුමක් ඇතිවෙයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවර්යයෙන් ඒකයි මම පෝස්ට් එකෙත් කියන්නේ.. පුරුෂාධිපත්‍ය ඉහ වහා උන්ට ස්වර්ණා කියන්නේ වහ කඳුරු වගේ කේස් එකක්...

      Delete
  10. ස්වර්ණා ඉතාම ආකර්ෂණීයයි. ලොකුම දේ තමයි ඇය නිලියක්. ඇයට රඟපාන්න පුළුවන්. මාතලන් කියන්නා වගේ 80 දශකයෙන් පස්සේ ඇයට හරිහමන් චරිත ලබුනේ නෑ. ලැබිච්ච චරිත වලින් ඇත්තටම ස්වර්ණට උනේ හානියක්. පසුකාලීනව ස්වර්ණව මාකට් කරන්න බැරිවෙන්න ඒක හේතුවක් තමයි මේ අසාර්ථක චරිත. පස්සේ පරම්පරාව ස්වර්ණව අඳුර ගන්නේ ආකර්ෂනයක් නැති, දරදඬු, ඒකාකාරි ගැහැනියක් විදිහට.

    ReplyDelete
    Replies
    1. පස්සේ පරම්පරාවට හම්බ වෙන්නේ ස්වර්ණා ආච්චි නේ... ඇය ඒ දේ තේරුම් අරගෙන තියෙන එකම ළොකු දෙයක්...

      Delete
  11. ජැක්සන් හොඳ නලුවෙක් නමුත් පන්දම් ඇල්ලීමට ගොස් රෙදි ගලවා ගත්තා

    ReplyDelete
    Replies
    1. ජැක්සන් දක්ෂ නළුවෙක් නෙමෙයි රුවන්. ඔහුගේ තියෙන්නේ අධි රංගනයක්. එය වේදිකාවට නම් ගැලපෙනවා... වේදිකාවෙන් එන නළුවන් අති බහුතරය සිනමාවෙදි අසාර්ථකයි... වේදිකා රංගනය හා සිනමා රංගනය කියන්නේ අහසට පොලොව වගේ දෙකක්...

      Delete
    2. ඕකට මම දකින හොඳම උදාහරණය නීල් අලස්. වේදිකාවේ සුපිරි රංගදරයෙක්. ඒත් රූපවාහිනියේ , චිත්‍රපටි රංගනයේදී මම දකින විදිහට අසාර්තක නළුවෙක්. ඒ රඟපෑම් දිහා බලද්දී හිතෙන්නේ මොකද්දෝ බරක් ඔළුව උඩ තියාගන හරිම අපහසුවෙන් රඟපාන්නෙක් විදිහට.

      Delete
  12. ජෝ අබේවික්‍රම ගේ රංගනයන් ඇති වවිශිෂ්ටයි මචෝ. ස්වර්ණත් ඒ වගේ. හුඟක් එවුන් හිනා වෙයි. විජය කුමාරතුංග කියන්නෙත් මම කැමතිම නළුවෙක්. පොර රිදී තිරයේ පෙම්වතා කලා මිසක් හොඳ චිත්‍රපටි ලැබුනේ නැහැ, නැතනම් මාර නළුවෙක්. ස්වර්ණා අවුරුදු දෙකකට කලින් උළෙලකට ඇවිත් අපේ පිටිපස්සේ ඉඳගෙන හිටිය. කතාත් කලා ඒත් කරුමෙට මම දැනගෙන හිටියේ නැහැ එයා කියල. කොන්දේ කොටට කපල අපි චිත්‍රපටි වල දැකපු කෙනා නෙමේනේ ඒ කාලේ.

    ReplyDelete
    Replies
    1. ස්වර්ණගේ සැබෑ ජීවිතෙත් එක්කෙ අර වගේ චරිතවලට ආවේශ වෙනවා කියන්නෙම හිතා ගන්න බැරි දෙයක්...

      Delete
  13. අම්මා කියන විදිහටනම් මම ඉස්සල්ලම බලලා තියන චිත්‍රපටිය "පූජා". ඒ මාස ගානක පොඩි එකෙක් විදිහට. එතනදිත් අඬලා කෑ ගහලා ගිය අනික් අයටත් ෆිල්ම් එක බලන්න නොදී එලියට ඇදගන ආපු අතීතයක් තියෙන්නේ. මට මතක විදිහට මම බලපු පළවෙනි චිත්‍රපටිය "කැඩපතක චායා". ඒ මොන්ටිසෝරි යනකාලේ. චිත්‍රපටිය හරියට මතක නැත්තත් ස්වර්ණා ඇසිඩ් බාජනේ අරගන යස්සනියක් වගේ එබ ගමන මට තාම මතකයි. ඒ ඇවිත් විජේට ඇසිඩ් ගහලා විජේගේ මූණ චිරි චිරි ගගා පිච්චෙන සමීප දර්ශනයත් මට තාම මතකයි. එතනදී බයවෙලා අම්මගේ සාරියෙන් මූණ වහගන්න ගිහින් සාරිය උස්සලා අම්මගෙන් බැණුම් ඇහුවත් මතකයි.

    ආපහු සවර්ණගේ චිත්‍රපටියක් කවදාවත්ම හෝල් එකක බැළුවේ නෑ. දඩයම රූපවාහිනියෙන්, හංස විලක්, රිදී නිම්නය,බවදුක, බවකර්ම, අයෝමා, අනන්ත රාත්‍රිය, චන්ද්‍ර කින්නරී ඩී.වී.ඩී. වලින් තමා බැළුවේ. ඒ හැම තැනකම මම දැක්කේ රඟපාන නිළියෙක් නෙමෙයි. සාමාන්‍ය ජීවන හැසිරීමක්. ඒ කරන්නේ රඟපෑමක් බව ස්වර්ණා ප්‍රේක්ශකයන්ට අමතක කරවනවා.

    මාතේ ස්වර්ණට ආදරේ කරන තරමටම මම චාන්දනී සෙනවිරත්නයන්ට ආදරේ කරනවා. උසස්පෙල අවදියේදී වගේ චාන්දනීව කසාදබැඳගන්න මට හෙන ඕනේකමක් තිබුනා. තාමත් මගේ ලෝකයේ විශිෂ්ඨතම නිළිය ඇය.නළුවෙක් ඉන්නවනම් ඒ අමරසිරි කළංසූරිය.

    ReplyDelete
    Replies
    1. මාතලන් ස්වර්ණට ඉතරක් නෙමෙයි අහළ පහළ අයටත් ආදරය කරනවා.. මම හිතන්නේ ආදරය කියන දේ එක කෙනෙකුට සීමා කරන්න බෑ. ඒකයි මම කියන්නේ ආදරය කියලා එකක් නෑ කියලා. ඒකට මම කියන්නේ කෑදරය. තමන්ගේ කර ගැනීමේ ආශාව. පෙරේත කම. ඒකේ කෙළවරක් නෑ. ආශාවන් වල නිමක් නෑ. චාන්දනි කියන්නෙත් එහෙම අය අතර ඉන්න කෙනෙක්.අමරසිරි කළංසූරිය නම් නලුවෙක් නෙමෙයි. ඒකත් අර ජැක්සන්ලගෙම එකක්.

      Delete
    2. කටුස්සා චාන්දනි ගැන කියන කතාවට මමත් එකඟයි. ඇය ඉතා දක්ෂ රංගන ශිල්පිනියක්. ස්වර්ණා වගේම අනෝජා වීරසිංහත් මේ වගේ ඇගයීමකට ලක්වෙන්න ඕන.

      Delete
  14. ස්වර්ණා ඔයා කාට වටින්නේ නැති උනත්, අපිට ගොඩාක් වටිනවා.....!!!!

    ReplyDelete
  15. ස්වර්ණා මල්ලවආරච්චිගේයි ජුලියා රොබට්ස්ගේයි අපූරු සමාන කමක් තිබෙනවා. පෙනුම අතින් විතරක් නෙමේ බොහෝ ඉරියව් අතිනුත් ඒක දකින්න පුළුවන්.

    ReplyDelete
  16. superb writing mathalan ..... Actually im so sad about our people.I talk about Swarna at the office with my friends about her film festival. Actually one of my friend said aha ara w*** nada oya... I want to kill him. Because I love swarna so much.Man ahawwa oya eyage eka film ekakwath balala tiyenawada kiyala? he said no. So i think the people who are always blame to swarna is the ones who goes to wachitng only Mahawansya and Pansiya panas jataka potha with their children....Swarnage age asa aga movie eka balala lady kenek kiyanawa apo eka harima jara film ekak mata enna kalinuth kiwwa kenek man ahawwe na. Thts how our audience is ......They train well to watch bulshits not creative movies...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න