අපේ ජනාධිපති තුමා මාර පොරක්ය. එතුමා පොඩි කාළේ ඉඳන් දී තිබෙන්නේ මාර ගේම්ය. කරලා නැති එකකුත් ඇත්තේ නැතිය. කුඹුරු කරලා තියෙනවාය, හේන් හොටලා තියෙනවාය, විරිඳු කියලා තියෙනවාය, සින්දු කියලාත් තියෙනවාය. බෙලෙක් පිඟානේ බුරුයානී කාලා තියෙනවාය. බෙර ගහලත් තියෙනවාය. ඒ කාලේ තා තා එවත් කොරන්න ඇත්තේය.
කර දඬු උස් මහත් වෙන කොට එතුමානෝ දේශපාලනෙත් කොරනවාය. තරුණ සංගමෙත් ඉන්නවාය, සම්පේත් ඉන්නවාය. මාද්දියවේදියෙක් වෙනවාය, ගිරාම සේවක කෙනෙක් වෙනවාය. සැටලයිට් නෝනා සෝබෝන් ගියා වාගේ, මුන්නැහේත් රුසියාවේ යනවාය. ලෙනින්ලා, මාක්ස්ලාත්, හම්බ වෙනවාය. මාර පොරක් නිසා පක්සේ ලේඛම් කමත් හම්බ වෙනවාය.
ඒත් මුන්නැහේගේ වැඩ ගැන දන්නා මහින්ද ලොක්කා, මෙයාට ගේම දෙන්න සෙට් කොරනවාය. ඇල් ටී ටී ඊ එකෙන් බෝම්බත් තියනවාය. යන යන තැන ජයගන්නා පොරක් නිසා, තමන්ගේ එකට කෙල වෙයි කියා, ඊට පහලින් තියෙනා ඉස්ටෙප් එක වෙන, අගමැති කම මුන්නෑහේට දෙන්න නැතිව යනවාය. එවා පන අඳින ලොන් හැලිච්ච නාකින්ට දෙනවාය.
ඒත් එයාට බාර දුන්න ඒවා, එයා ඒ කාලේම ඉවර කොරනවාය. මහවැලි ඇමති කාළේ මොරගහ කන්ද ඉවර කරලා දානවාය. ඊට පස්සේ, සවුක්ක ඇමති කාලේ කියුබාවේන් බැක්ටීරියා ගෙනත් ඩෙංගු මෙරටින් තුරන් කොරලා දානවාය. ඒ හන්දා ගස් බඳින්න හරක් නොමැතිව, මර්වින් සිල්වලාටත් කෙලෙවෙලාම යනවාය.
මේ අව් අස්සේ, මහින්දට කෙලින්න පොරක් හොය හොයා යන සොභිතලාට, නිර්මාල්ලාට, සරත් විජේසූරියලාට, මෙයා ගැන මතක් වෙනවාය. ඉතින් එයා පොදු අපේක්ෂකයා වෙනවාය. එතකොට එයා සහ පිරිස ජනතාවට පොරොන්දු වැලක් දෙනවාය.
සිරිසේන උන්නැහේට මේවා නිකං කෙහෙල් කොලේ බත් එක කනවා වගේ සිම්පල් කේස්ය. ජනතාවත් අම්බානක බය වෙලා, මහින්ද මොකාද කියා, සිරිසෙන ලොක්කා අග රජ කොරනවාය. මහින්ද ඉතරක් නොව මුළු විශ්වයම කොර වෙනවාය. මැදමුලනට දුවපු මහින්ද විලි ලජ්ජාවේ ශන්තෝසෙ බැරිව, ගමේ උන් අන්දන්නේ එයාට ගේම දුන්නේ සිරිසේන ලොක්කා නොව කොටිය කියලාය. එහෙම කියලා එයා ජනෙලේ එල්ලි ජීවීතේ තුරන් කොර ගන්න යද්දී, යාන්තන් බේරා ගන්නේ ගමේ සියදෝරිසා ඉස්සරහට පැනලා, හරි හරි ඕකට ඉතින් එල්ලෙන්න ඕනා නැතෙයිය, අපි ඔයි වාහේව අරූ මරලා හරි ආයෙත් ගෙනත් ඉලැක්ට්‍රික් පුටුවේ ඉන්දන්ය කියලාය. සමාවෙන්න... එලෙක්ට්‍රික් නොව ,රජ පුටුවේ ලෙස වෙනස් විය යුතුය.
ගමේ උන් එහෙම කීවටා, බය වැඩි කමටම, අනේ ලොක්කා පක්ෂේ නායක කමත් බාර ගන්නෙයි කියන්නේ ඒක දීලා වත් බෙරෙන්න පුළුවන් වෙයි කියලා හිතලාය. මේක දැකපු සින් ජින් පෙන් අම්බානක බය වෙලා, ලොක්කට එහේ එන්නෙයි කියා රාජ්ජ ගෞරවේ දෙන්නේ මහින්ද ගත්ත ණය ටික හරි ආයේ ගන්න පුළුවන් වෙයිය හිතලාය. චීනා ඉතරක් නොව, මහා බලවතුන් කියනා උන් මේ ගමේ කොල්ලා ඉදිරියේ නිකං පූස් පැටව් ගානටම බය වෙනවාය.
ඇන්ජෙලා බය වෙලා එහේ ගෙන්න ගත්තාම, එහෙන් ප්‍රන්ස රටේ ලොක්කා වන ඕලන්දේ, ඇයි අපි කළුද කියා, එහේට ගෙන්න ගන්නවාය. යටත් විජිත කාළේ දීපූ ගෙම් වලට මහා බ්‍රිතාන්නෙටත් ගේමක් දෙයි කියා බය උන එලිසබෙත්ලා, බකින්හැන් පැලොස් එක පැත්තේ ඇවිල් පොලොස් ටිකක් කාලා යන්නෙයි කියන්නේ, ග්ලවුස් ගලවලා, දෙකට තුන නැමිලා, මෙයාට අත දීලාය.
ඒ අවු අස්සේ අම්බානක බය වෙන ඔබා මාමා යුධ අපරාද චෝදනා රෝල් කරලා ඒයාගේ පස්ස පැත්තේ ගහගෙන, එහේත් ඇවිල්ලා යන්නෙයි කිව්වට පයිසෙකට මායිම් නොකරන නිසා, යානතම් ජපානේ අබේ අයියාට කියා, එහේදි ළඟටම ඇවිල්ලා කියන්නේ, අනේ අයියේ අපිත් ඔයාට බයයි.., මේ ඉන්න දවස් ටිකේ ෂේප් එකේ ඉන්න දෙන්නෙයි කියලාය. ට්‍රම්පච්චි කොච්චර බයද කියනවා නම්,මාර්තු වලට කලින් කොහොම හරි හම්බ වෙනවාමයි කියා ගෝඩ් බ්ලෙස් කියා පොරොන්දු වෙලා තියෙනවාය.
එහේ එහෙම වෙද්දි, අම්මට සිරි ලංකාව නම් මේ දිවයිනේ, මුන්දෑ බලේට ආවායින් පස්සේ එයාර්පොට් එක වහන්නත් කලින් පැනලා ගියා බැසිලා ගියා ගියාමයි මිස ආයේ මේ පැත්ත පලාතේ ආවේ නැතිය. සත්තිය අවබෝධ කොට ගත් සෝභිත හාන්දුරුවෝ නිවන් යන්නෝය. වියන්ගොඩ ප්‍රශයේ තානාපති වෙලා යනවාය. නිර්මාල් විස්ස විජ්ජාල කොමිසමේ සභාපති වෙනවාය. මහාචාරය සරත් ඇමරිකාවේ තානාපති වෙනවාය.
FCID එක ඕපන් කොරලා, අල්ලපු හොරු ඔක්කෝම අද වැලිකඩය. ඒකෙන් අල්ලන්න බැරි උන උන්, විශේෂ ජනපති කොමිසමෙන් අල්ලලා හිටන් බලු කූඩුවල දැම්මේය. පොඩ් පොඩි උන් අල්ලස් කොමිසමෙන් අල්ලලා අහවර වෙලා හිටන්, වැඩක් කොරන්න නැති නිසා ඒකේ ලොක්කිත් පරණ රස්සාවට යැව්වේය.
තාජුඩින්ලා, එක්නැළිගොඩලා, ලසන්තලා, රවිරාජ්ලා මරපු උන් ගෝල්පේස් ගෙනත් එල්ලලා දැම්මේ එජසත් ජාතින්ගේ මානව හිමිකන් කොමිසමේ උන්ට බම්බු ගහ ගන්න කියලාය. එතුමා ගෙනා කොන්සෙප්ට් අනුව දැන් හම ආයතනයක්ම වඩ පටන් ගන්නේ උදේට එක්සයිස් කොරලාය. මහා භාන්ඩාගරයේ මක්කත්ම වෙන්නේ නැතිය. හොරකම් ඇත්තේ නැතිය. දූෂණය කිරීම් තියෙන්නේ ඔය කැලේ රිලවෙක් රිලවියෙකුට මක්කා හෝ කොලොත්ම ඉතරය.
පරෙස්සමෙන් ගිහින් එන්න කියා පාරේ සුදු ඉරි ඇන්ද නිසා, පාරේ ඇක්සොඩෝන්ට් එකක්වත් ඇත්තේ නතිය. යහපාලනේ ඔක්කෝම කරලා ඉවර නිසා. දැන් එයා තිරසාරේ ගෙනල්ලා මේ රටේ එක දුප්පතෙක්වත් ඉතිරි කරන්නේ නැතෙයි කියා ඊයේ පෙරේද ටෝක්ස් එකක් දුන්නේය. ඊළඟට එන ආන්ඩුවට වෙන්නේ, පොඩි උන්ට බලා ගන්න හිඟන්නෙක් දෙන්නෙක් ඇමරිකාවෙන් හෝ ජපානෙන්වත් ගේන්නටය.
මේ ඔක්කෝම වැල් බයිලාය. මේ කරන්නේ කපන්න බැරි අත ඉඹිනා එකය. එයාට ඕනා යහපාලනයක්කත් මක්කත් නැතිය. එයාටත් ඕනා කොරන්නේ මහින්ද මහත්තයා හිතාගෙන උන්නා වගේ, මැරෙනකන් බලේ ඉන්නය. කොදෙව්වෙන් පිට උන්ගෙනුත් අවුලක් නැති නිසා, එහෙම ඉන්න පුළුවන්යෙයි කියා එයා හිතවාය. ඒ නිසා කොහොම හරි බලන්නේ රනිල්ට කෙලලා අරින්නය.
ඒත් මක්ක්දෝ කරුමයකට, ඒක කොර ගන්න බැරිය. විෂේෂ විධි විධාන පනතට කැබිනට් ඇපෲවල් එක දීලා, එයාගේ ගෝලයෝ දමා පලාත් සභාවලින් කෙලලා අරින්නේ ඒ නිසාය. ඒත් ඒක ගෙන්න ඕනෙයි කියලාත් කියනවාය. ඔය තිරසාර මඟුලට, යූ ඇන් පීයේ පලු යන්න ගහන එකෙක්වත් ගෙන්නලා උන්නේ නැතිය. උන් ඉන්නේ බැකප් එකේය. හදිසි අවස්සතාවන් වලදි ප්‍රහාර එල්ල කොරන්නටය. එහෙම නැතිව ජනතාව පුකට පයින් ගහලා එලවපු උන් ගෙනත් රෙද්ද අස්සේ දමාගෙන ඉන්නේ පස්සා පැත්තේ අමාරුවකට එහෙම නෙමේය. අවශ්‍යතාවක් ආ ගමන් කොරන්න තියෙන්නේ උන් දෙන්නා තුන්දෙනාගේ පුකේ පැස්ටෝල් ටිකක් ගානා එක ඉතරය.
මේ හදන්නේ අලි පාටියේ උන් අමාරුවෙන් හොයා ගෙන ආපු ඉන්වෙස්ටර්ලගේ හා ප්‍රොජෙක්ට වල ක්‍රෙඩිට් එක එයාට දමා ගන්නා වැඩේය. ගොන් හරක් මේවාට අහු උනාට, උකුණු පුකක තරම් මොළයක් තියෙනා උන්ට සිඳු වෙන්නේ මක්කාද කියලා පේනවාය..
රනිලයි මූයි දෙන්නම එලවලා...ඊ ලඟට රට කන්නට දෙන්නේ මොකාට දැයි...මං තක්කු මුක්කු වී සිටිනවාය !
ReplyDeleteඉන්වෙස්ටර්ස්ලා ආවොත් දෙන්නම එලවන්න ඕන නෑ... ජේ ආර් ටත් රට හදන්න අවුරුදු දෙක තුනක් ගියා අච්චර ටැලන්ට් සෙට් එකක් ඉඳලත්... මෙහෙම යන එකත් ළොකු දෙයක් සිරි ලංකා එකේ ගොන් බයියොත් එක්ක...
Deleteකවුද බන් ටැලන්ටඩ් උන් ඉන්නේ? අපි වගේ බයියන්ට ඉගෙන ගන්නත් එක්ක දාපන්කෝ බලන්න...
Deleteලංකාවේ ඉතිහාසය නෙමෙයි... මෑතකාලින දේශපාලනය පිළිබඳ හැදෑරීමක් කරන්න. මේක බ්ලොග් එකක් මිසක් පාසලක් නෙමෙයි..
DeleteAssalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
Deletesedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau
මාතේ ඔය ඉන්වෙස්ටර්ලා ඕනිමද බං...?
ReplyDeleteඋන් ඒවිද ඇත්තටම...?
ආපු ඈයො කෝ බං....?
ඇත්තටම උන් ඕනිද බං...?
උන් නැතිව එකෙක්ටවත් කරන්න හම්බ වෙන්නේ නෑ....
Deleteමොකෝ වැල් බයිලා ගැහුවට මේකේ ඇති ලබ්බක් ඇත්තේ නෑ...
ලබ්බක් නැත්තන් ඉන්වෙස්ටර්ලා එන්නේ මොන ලබ්බටද?
Deleteඒක නේ ලබුත් අරගෙනම එන්නේ...
Deleteඇත්තටම මාතේ නිදහස් පස්සෙ ඉන්නෙ බත් කන හරක්. ඒකා බද්දේ ඉන්නෙ බත් කන මී හරක්.
ReplyDeleteඑකෙක් කියනවා වෝක්ස් වැගන් කොම්පැනියේ අනාගත වාර්තා වල ලංකාවේ ෆැක්ට්‍රිය ගැන සංක්‍ය ලේකන නැහැ කියල.
ඕක හදල ඉවර වෙන්නෙත් 2020. ලංකාවේ වගේ හරක්ට මොලේ නැති උනා කියල වෝක්ස් වැගන් කාරයොන්ට පිස්සු නැහැ හදල නැති එකක් ගැන උන්ගේ ඇනුවල් ටාගට් වලට දාගන්ට. ඕකෙන්ම තේරෙනව ඒකා බද්දේ මොලේ.
දැන් නං රනිල්ට තියෙන්නේ මයිත්‍රී ඇතුළු නිදහස් පක්ෂ නඩයටම පුකට දෙකක් ගහල එලවන්න.
මොකද මයිත්‍රී ඇතුළු සෙට් එකේ ටාගට් එක මහින්දයව අගමැති පුටුවේ වාඩි කරවන්න වෙන්නත් පුළුවන්.
පිණට බලය ලැබුන ඇවුන්ට බලය ගැන වටිනාකමක් නැහැ.
අනික එකබද්දේ ඉන්නෙත් ලොං හැලිච්ච පොරවල්. ඊයේ උන්ගේ මාද්‍ය සාකච්චාවේ පසුපෙළ වාඩි වෙලා හිටිය පුයර බබී ල දැකල මට නං පුකෙනුත් හිනා.
😂😂😂😂😂😂😂😂
ඕය කාළකන්නි පක්ෂේ උන්ගෙන් රටට දෙයක් කළේ රාජපක්ෂලා ඉතරයි... උනුත් මේය උන්ටම ලියා ගන්න ගිහින් නෑවා...මහින්දට නම් ආයේ එන්න වෙන්නේ නෑ ජීවත්ව ඉන්නකන්.. මළායින් පස්සෙ නම් ඔය වෙන ලෝකෙක කොහේ හරි චෑන්ස් එකක් තියෙයි...
Deleteපලාත් පාලන මැතිවරනෙට බාලගිරි දෝසෙද හිටන්?
ReplyDeleteමොකෝ ආයේ හොරා කන්න එන්නය... ඔය හොරු ටික් නැතිව අගේට යන්නේ..
Deleteකොහෙද බන් හොරැ ඉන්නේ? ඔප්පු කරන් නැතුව චෝදනා කරන්න බෑ නේ? නැත්තන් රනිල්ටත් හොරා, මිනී මරැවා, සයිකො කාරයා වගේ ඒවිත් කියන්න පුලුවන්....
Deleteරවිරාජුත් ඌට වෙඩි තියාගෙන සිකුරිටි කාරයත් මරපු අධිකරණයක් නේ..
Deleteරනිල්ට තියෙන්නේ මහින්දත් එක්කලා සෙට්වෙලා අර පුටීන්ලා යෙල්සින්ට කොලා වගේ බොටයි පවුලේ 4ටයි විතරක් ඉම්ප්යුනිටි ඉමියුනිටි ඔක්කෝම දෙන්නං කීව මිනිහා අපූරුවට තපස් රකින්නයයි ඕන්නම් වැඩිම උනොත් ගොට ගැන අමතරින් නෙගෝසියෙට් කරන්න වෙයි.කොමත් දැනට දෙපලම එකතුවෙලා ඒ 5ට අමතරව ලපයිසිපයි කේසුත් එකසියගානට කේස් යටගහනවනේ ඉතින් හානිය සාපේක්ෂව අඩුයි, ඊට පස්සේ මහජන නියෝජිතයන්ගෙයි ලොකු ලොකු තනාන්තර ඉන්න අයගේ ෆයිල් ටිකයි මේසේ උඩින් තියාගත්තනම් ජේආර් ලොක්කා කොරා වගේම අපූරුවට කොරන්න පුළුවනි, ඉන්දියාව ආයේ ජාතිවාදී රෙද්ද අඳින්න එන්නේ නෑ පෙඩරල් දීල දාපුවාම ඉවරයි. අර බූරු ඇන්ටි ස්මොකින් ඇල්කොහොල් වැඩේ අල්ලලදාලා ඒ කොම්පැණි වල ලාබේ බජට් එකට දාගන්නනේ නැතුව ඉන්වෙස්ට් කොරානම් ආයේ ඉන්වෙස්ටර්ලා හොයන්න ඕන නෑ, ලොතරුය්යත් ඉන්වෙස්මන්ට් ෆන්ඩ් එකක් කොලානම්, නිෂ්පාදන වියදමකුත් නැති එකේ අමුතුවෙන් ෆන්ඩ් ඕන නෑ.
ReplyDeleteරනිල්ට ඒ දේ කොරන්න බෑ. මේ දෙන්නටම තමයි මොන ජාතියෙන හරි 2020 වෙනකන් ඇදගෙන යන්න වෙන්නේ. මහින්ද එනවා කියන්නේ සිරිසේනගේ නෙමෙයි හත්මුතු පරම්පරාවෙම අවසානය. ඇයි සැටලයිට් එයත් ඉවරයි. තා බොහෝ දෙනෙක්ගේ ඩී ඇන් ඒ වත් හොයාගන්න හම්බ වෙන්නේ නෑ..
Deleteඉති ඊට පස්සේ හිටං කේස් දාන්න ආවොතින් අවුලක් නැතුව විස්සාස භංගයක් උනත් ප්‍රධානය කරන්න බැරිය ෆයිල් මිටිය මේසේ උඩනම්.
Deleteමහින්දට තපස්රකින පැකේජ් එක දෙන්නේ නැතුව නම් බෑතමයි.
Deleteඅර කුලියාපිටියෙ හදන්නෙ වෝක්ස්වැගන් නෙවෙයි ඝානාවෙ කොම්පැනියක් කියන්නෙ හැබෑද?
ReplyDeleteඕක ඉතින් වොක්ස්වැගන්ම වෙන්න ඕන නෑ නේ... මක්කා හරි එකක් හදනවනේ....
Deleteඉතින් කලින්ම ඕක කිව්වා නන් ඉවරනේ චන්දෙදි බොරැ කියන් නැතුව....
Deleteබොරු නොකියන දේශපාලුවෙක් නම් කරන්න...
Deleteවොක්ස්වැගන් කොම්පැනියට විදුලියත් එහෙන්ම ගේනව ඇති.නැත්නම් එක්සිය ගානට විදුලිය කඩාවැටෙන,ලංකාවෙ කොහොමද කාර් හදන්නෙ.
ReplyDeleteපිස්සුද වැහි පිරිත සජ්ජායනේ කොරන්න ඒ හරියෙ පන්සලක් පිහිටුවනයව කියන්නේ හිටන්....
Deleteකොහොමත් ලංකාවේ හැම පෞද්ගලික ආයතනයකටම විකල්ප ක්‍රම තිබෙනවා...
මහින්ද බලයට එන්නෙ නෑ කියන එක ස්ථිර කලා නාන සාරගේ කේස් එකෙන්. මෙතන පොඩි වගේම ලොකු අවුලකුත් තියෙනව.
ReplyDeleteහා ද?
බොට පිං සිදු ඩ්‍රාම එකට. දැනුත් බෝතලයක් ගහන ගමන් 26 වෙනි කොටස බලනව හිටං
ඕකේ හීන් බබා සීයා පට්ටයි හොඳේ.....
Deleteමාතෙ අර කාර් ෆැක්ටරියට මුල් ගල තියපු එකට නම් කට්ටියට රිදිලා වගේ. ඒක වෝක්ස්වැගන් එකෙන් නෙමෙයිලු හදන්නෙ. සෙනොක් එකෙන් ලු. මුල්ගල තියල පස්සෙ අතෑරලා දාවිලු, හදන්න අවුරුදු 3 ක් යනව කියන්නෙ බොරුවලු. මේවගේ කට්ටියට එල්ලෙන්න තියෙන එල්ලෙන්න වැල් ගලවනවට මම නම් විරුද්ධයි.
ReplyDeleteDear Ian,
DeleteThis is just an assembly plant much like the ones we already have for Bajaj, Tata, Micro, Leyland already in SL. This will create 300 direct jobs (operator and fabricator level) along with few managerial jobs. Indirect around 700 jobs. The agreement is not between Volkswagen and the Government, but M/S Senok Automobile (Private) Limited and The Government of SL. Senok is just an agent for importing vehicles and they do not having even MoU with Volkswagen AG of Wolfsburg, Deutschland.
The predicted maximum output is around 500 diesel vehicles per year and they will be sold in Sri Lanka after first three years. The initial investment, 21.5 million USD and indirect 5.0 million USD; altogether 4 billion SLR.
There's not a single mention of the above Project in Volkswagen official web portal. And even all the Volkswagen group (Volkswagen, Marco Polo, Audi, MAN, Skoda, Scania) plants in India employ only 200-700 employees average in their 6 sites, with the exception of one Site. There are 46 assembly points for Volkswagen already in South-East Asia.
However, we could say less is much better than nothing and that's it.
බළලා මට්ටෙන් උනත් මොකෝ ඉයන් ඌ මීයෝ අල්ලනවා නම්..
Deleteකරුමෙ කියන්නේ වහල්ලුන්ගේ මොලේ මොලේ හදලා තියෙන්නෙත් මැට්ටෙන්ම වීම.
සැහෙන්ඩ රිදිලා
Deleteකාටද...?
Deleteබයියො පවු. වොක්ස්වැගන් සමාගමෙන් කරුනු පැහැදිලිකිරීමක් කලේ කැතරින් නෝන.මේක අපේ තමයි දැනට වෙන මොකුත් කියන්නෙ නෑ ඉදිරියටත් ලංකාවෙ ආයෝජන කරනව කියල. සිරසෙ බ්‍රේකින් නිවුස් එකක් ගියෙ.
Deleteඅනේ උඹල
මේ වොක්ස්වැගන් එකට මාත් කැමැත්තෙන් හිටියෙ. කෑලි එකලස් කරන එකක් කියල මුලදි කිව්වෙ නෑනෙ. අනුන්ට වහල්ලු කිව්වට උබලත් වහල්ලු තමා බන්.
Deleteඅද ලෝකෙ විශ්ව ගම්මානයක්. අදාල ආයතනයෙ වෙබ් අඩවියටගිහින්ම තොරතුරු දැනගන්න පුලුවන්.
සිරස කලා වගෙ කැතරින් නෝනව කෙලින්ම කන්ටෑක්ට් කරගන්නත් පුලුවන්.
මීට දශක ගනනකට පෙර වගෙ තොරතුරු සගවන්න බෑ.
රටේ හැම එකාම මීහරක් නෙමෙයි.
නිතරම වගේ පිටරට නිව්ස් චැනල් බලන එකෙක් නම් දන්නවා කීයටවත් වොස්වගන් මෙහේ එන්නේ නෑ කියලා... ගිය ජූනී මාසේ වගේ ඉඳන් තමයි නිව්ස් වල පුස්සගන් පැක්ටරියේ කචල් එක ගැන නිව්ස් ගියේ. අන්තීමෙදි ඔවුන් තීරණය කරනවා සේවකයන් 30000 ක් ඉවත් කරන්න. සමහර විට පුස්සගන් එකත් එක්ක ඇග්‍රිමන්ට් එකක් ඇති. නමුත් මේ වෙලාවේ ඒක එලියට දාන එක සමාගමට අවාසියි. මොකෝ එහේ ප්‍රශ්ණ ඇති වෙන්න පුළුවන්. දැන් මොකක් හරි එකක් දැම්මා නේ.. අපි බලමු මොනවද හදන්නේ කියලා. අනික පුස්සගන් කොම්පැනියේ හදන්නේ පුස්සගන් ඉතරක්ම නෙමෙයි.
Deleteකෑලි සොයා ගෙන ඝානාවෙන්නේ
ReplyDeleteනැවේ ඔබා කොලඹට ගෙන එන්නේ
කුලියාපිටියෙදි එකලස් වෙන්නේ
ඇන්ජිම නැතිවයි කාර් දුවන්නේ.....
ෆොක්ස්වැගන් වහලා ගහමින්නේ
වෙස්ටන් මෝටර්ස් නම හෙලිවන්නේ
බොරුවක් බව හැමටම තේරෙන්නේ
අපි මෙහෙමයි බොල කාර් හදන්නේ!
Well said.
Delete++++++++++++
පුස්සගනේ ජර්මනියෙත් වැහෙනා කලට
Deleteකොහෙදෝ ස රසෝ ඒවා එනු මේ රටට
ඕකත් මදෑ මක්කත් නැති පාලෙනට
මහින්දගෙන් බේරුන එක ඇති අපට
ඔලිද කෙලින්නේ ඝානා දේසේ
Deleteගෙනත් හදන්නේ කුලියාපිටියේ
මහින්ද රට ආපස්සට ගෙන ගිය මිත්‍යාවන් සහ රජ පවුලක් නිර්මානය කිරීමට යාමෙන් රට බේරුනා. ඒක ඇත්ත. ඒත් රත්තරන් අස්සයන්ගෙ කතාත් මේ වගේ තමා ඉතින්.
කොහොමත් මාතලන් කියනව වගෙ මොකුත්ම නොකර ඉන්නවට වඩාමේ වගෙ දෙයක්වත් කරන එක හොදයි.
නලුවෙක් නෙවෙයි මොලයක් කිව්වේ නිකම් ද ??. වෙන කාටද පුළුවන් ෆොක්ස්වැගන් එකේ ලොක්කොන්ටත් හොරෙන් මෙහේ ෆොක්ස්වැගන් ෆැක්ටරියක් අරින්න ? පුහ්...
Deleteතිරසාර විදිහටම පන්සල් පල්ලි ටික ඉස්සරහට දාගෙන තව තවත් වවන් කන හැඩයක් තියෙන්නෙ.
ReplyDeleteවැහි නැටුම නටන්න රෙඩ් ඉන්දියන්ස් ලා ගේනවා කියන්නෙ අපේ විදේශ පෙතිපත්ති ඔලට පැහැදුන ජාත්‍යන්තරේ සහයෙන්..
ජයවේවා..!!
මොකා ආවම මොකෑ වහිනවන් අප්පා....
Deleteමට පේන විදියට පුලස්තිපුරෙන් ආපු මෙත්පල් නරනිඳු බොහොම සටකපට හීන් නූල් කාරයෙක් බව රටට පෙන්වමින් යනවා වගෙයි. හැබැයි උන්නැහේට කෙලවෙන්නේ නිල්පාට හොරුන්ගේ ලණු කාලා රනිල්ට අරින්ඩ ගියොත් තමයි. ඒ මදිවට මහින්ද රජ්ජුරුවන්ට මාලිගාවක් පුජා කරපු වැසියෙකුත් රාජ දුතයෙක් හැටියට කොහේද දේශයකට යවනවලු. රනිල් කණ්ඩායම රැකුණොත් රටත් රැකෙයි. හැබැයි ඉතින් අවුලකට තියෙන්නේ මෙච්චර කාලයක් දේශපාලනේ කරලත් හත්පොලේ ගාගන්නේ නැතිව වැඩක් කරන්ඩ UNP කාරයන්ට බැරි කමයි.
ReplyDeleteඑයා හීන් නූල් කාරයෙක් නම් නෙමෙයි.. හැම එකාම කියන විදියට නටන පපට් කෙනෙක් විතරයි. ඔය තිරසාරේ ඇවිල්ලා ශිරාල් මලිත් කියන උපදේසොක දෙබෑයන්ගේ ලණුවක්. හැබයි ජාත්‍යන්තර අත පෙවීම් නිසා ගොන් කම් කරන්න නම් ලැබෙන්නේ නෑ. පොරට ඒවට විරුද්ධව යන්නත් බෑ.
Deleteමෛත්‍රී, රනිල්, මහින්ද වෙන් වෙන්ව වලවල් කපා ගනිමින් සිටී. නමුත් මේ තුන්දෙනාටම වැලලෙන්න වෙන්නේ එකම වලේ බව තිදෙනාම නොදනී.අසික්කිත, පඩත්තල දේසපාලනේ,
ReplyDeleteමුන් එකෙක්වත් රටට ආදරේ උන් නෙමෙයි..
Deleteසිරිසේන උන්නැහේත් ලොස් චරිතයක් එකම දේ මිනී මරන්නේ නෑ (එලිපිට?)
ReplyDeleteඒත් ද්‍රවිඩ සිරකරුවන්ට වද හිංසා පැමිනීම හා සුදු වෑන් සීන් එකත් තාමත් යන බවට සාක්කි තියෙනවා..
Deleteඔය කොහෙදෝ උසාවියක අත් අඩංගුවට පත් උන කොටින්ගේ ලයිස්තුවක් ඉල්ලලා තියෙන්නේ ඒ නිසයි. මේවා මොකා කලත් තිරිසන් වැඩ. එහෙම නම් අත් අඩංගුවට නොගෙන, එවෙලම මරලා දාන්න ඕන, මහ එකා වගේ.
Mahinada Rajapakse is a superstar in acting and his public relation is considered as the best among all the leaders. But unfortunately, his personal relations overshadows PR.
ReplyDeleteTrue
Deleteවිශේෂ ප්‍රකාශ, අති විශේෂ ප්‍රකාශ, ආර්ථික වැඩපිලිවෙල, සංවර්ධන වැඩපිලිවෙල, තිරසරේ............ මේවා අහලම දැන් ඇතිවෙලා හිටන්. දැන්නම් හිතෙන්නේ අර කවුද කිව්වා වගේ අවුරුද්දකට බොරු 365 ක් තියෙනවානම් ආණ්ඩු කරන එක මහ කජ්ජක්ද කියලා.
ReplyDeleteසතියකට එකක් තිබ්බාම ඇති... මහින්දත් මාර ආතල් එකක් නේ දෙන්නේ...
Deleteඅපි හිතුව ජර්නලිසම් විතරයි කරල නැත්තෙ කියල.. මෙන්න මූ දවසක් කිව්ව මං උඹලයෙ රැහේ එකෙක් කියලා
ReplyDeleteඔක්කෝම කරපු පොරක් ඩෝ... නිකන්ද අම්මා නම දාලා තියෙන්නේ "සිරා" කියලා හිටන්.....
Deleteසිංහල දේශපාලඥයෙක්ට ඌ මූ කීම සුදුසු නෑ නේද?
Deleteමොකද මූ කවදාවත් දෙමල දේශපාලඥයෙක්ට ඔහොම කියන්නේ නෑ.
එතුමා රජ උනේ ඔය එකක්වත් නිසා නෙවේය. එතුමාට රාජ යෝගයක් තිබුණ නිසාය.
ReplyDeleteහැබයි මක්කා කොලත් මාර බලවත් හඳහනක් ඇත්තේ....
Deletehttp://www.slguardian.org/si/archives/14718
ReplyDeleteකමෙන්ට්ස් නැතිව වේලෙනවා නේද? සාරසගේ බ්ලොග් එක බලපන්. කමෙන්ට්ස් වැහි වැහැලා. උඹ දැන් රිටයර් වෙයන්.
ReplyDeleteඉතින් කෙතරම් ආඩම්බරයක්ද...? ඌ මගේ බොක්කක් වෙච්චි කොට.....
Deleteඌ උඹවත් පාස් කරගෙන පැරාව අල්ලන්න යන ගමන්ලු මේ. මේ ලඟදි පැරා ඌට කනේ පාරක් දීල දැන් ඒ පැත්තේ යන්නේ නැතිලු පේන්න. හොරෙන් ගිහින් ඇනෝ පාරක් ගහල එනවා විතරලු. ඒකත් පැරාට අහුවුනා කියහන්කෝ. විලි ලැජ්ජාවයි.
Deleteඅතීසාරෙ තිරසාරෙට හදවයි බම් මුං..
ReplyDeleteඅතීසාරෙට අමුඩ ගැහීම = පුස්සගන් පැක්ටරිය
Delete