.

.

Nov 7, 2017

අරූ සමඟ මුන් - Aru may be back


අරූ...
කව්ද බං අරූ කියන්නේ...?
අරූ කියන්නේ අරූ බං අරූ.... අරූ
අර..., " අවුල් වන්න්ට පෙර " කියලා, අපේ ඔළු ඔක්කෝම අවුල් කරාපූ අරූ...
අර..., අරූගේ අඩවිය කරපු එකා..
ඔව් බං ඌ...
මම ඌත් එක්ක පෝන් එකෙන් කතා කොල්ලා තියෙනවා..
ඒ ගොඩක් වෙලාවට ඌත් අනුමත වෙලා, මාත් අනුමත වෙලා..
කතාව බොහෝම හෙමින්...
"අපි කතා කරමු..." කියලා පටන් ගන්නේ..
ඉතින් මොකක් හරි සද්දයක් එනකන් ඌ..., සමාවෙන්න අරූ..., කතා කරනවා..
අටමා කියන විදියට නම්.., එක්කෝ ටැලිපෝන් එක වැටිලා... නැත්නම් වීදුරුව වැටිලා.. එහෙමත් නැත්නම් අරූ වැටිලා..
ඌව... සමාවෙන්න..., අරූව..., ඇස් දෙකට දැක ගන්න පුදුම ආසාවක් තිබ්බේ..
මම ඌව ... සමාවෙන්න. අරූව ඉස්සෙලම දකින්නේ සැම්සන් මහත්තයගේ මළ ගෙදර... හාමිනත් එක්ක..
මම හිතන්නේ නිවාඩුවකට ඇවිත් උන්න අරූට පනිවිඩේ දෙන්නේ ප්‍රා...
අරූ එතනදිත් කියන්නේ අපි සෙට් වෙලා කතා කරමු මචං කියලා...
ඉතින්, මිනී මරාගත්තත්..., එක අත්තේ වහන බ්ලොග් කුරුල්ලෝ සෙට් එක, අරූත් එක්ක කතා කරන්න අරූගේ මලයගේ ගෙදර ගියා...
අනේ..., සංග්‍රහ සත්කාර ඉස්තරන්..
අරූගේ හාමිනාටයි ඒ නගාටයි බොහෝම ඉස්කෝතුයි.. ඒ සංග්‍රහ සත්කාර වලට...
ඒත් වැඩේ හබක්..
අරූටයි මටයි කතා කරන්න හම්බ උනේ නෑ..
ඌ කියන විදියට. සමාවෙන්න.... අරූ කියන විදියට, එතන එකසිය ගානට ක්‍රොස් ටෝක්ස්...
ඒ අපේ හැටි මචෝ...
ඒක දමයි ලාංකිකත්වය.. දේශියත්වය... 2500 වසරක අභිමානය.. බව් බව් මික අන්ඩවාතය... හැදියාව...
උඹ දැක්ක එක උඹට වගේම මටත් ළොකු සතුටක්..
අපි ආයේ කතා කරමු අරූ..

හැබයි ඒ උඹ ප්‍රොමිස් උනා වගේ ආයේ බ්ලොග් එක ලියනවා නම් විතරයි...

මොකෝ වැඩි කාළයක් නෑ...

අපි දෙන්නම අවුල් වෙන්න...

ආයේ ලියපන්... එච්චරයි...

ප: ලි:
ඇනෝපිලස් හෙවත් මුද්දාගෙන් බේරෙන්න බෑ පොටෝ ටික දාන්න කියලා...
මොකෝ... ඌ තමයි අපේ ඔපීසියල් පොටෝග්‍රැපර්...
ඌ ගහපු පොටෝ ටිකක් << මේන් මෙතන >> ඇති...
අකමැත්තක් නැතිනම් ගොහින් බලන්න පුළුවන්...

61 comments:


  1. රටට යමක් කරන, කරන්නට වෙර දරන විරුවන් කණ්ඩායමකගේ සතුටු මුහුණු මෙසේ හෝ දකින්නට ලැබීම වාසනාවකි. මේ වගේ තැන්වල සෙට් වෙලා සීරියස් කතා කරන්ඩ බෑනේ මචෝ.

    ReplyDelete
  2. අරූව අපි දන්නෙත් බ්ලොගෙන් තමයි. ඌ කවුද කියලා මාර්ක් එකක් දාන්න තිබ්බා ෆොටෝ එකේ. දකුණු පැත්තෙ මුලින්ම හැන්ඩියා වගෙ ඉන්න ඩෑල් එක කවුද මාතෙ?

    බයි පෙනුමක් තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඔය ප්ලැටිනම් බ්ලොන්ඩ් කොන්ඩෙ මචං ... ආයෙ ජීවිතේට අමතක වෙන්නෙ නෑ ....

      Delete
    2. ඌ කව්ද කියලා ඌම කියලා තියෙනවා නේ

      Delete
  3. පින්තුරේ කලින්ම ප්‍රා එව්වා

    ReplyDelete
    Replies
    1. උඹත් ගණු දෙණු අහවර කර ගත්තයි කියලා කිව්වා

      Delete
  4. ඒක නෙමෙයි බං අරූ අයිය කතා කලහම වැඩි පුරම කියන සහ මං අහන්ඩම කැමති කතාව .......

    අඩෝ අටමා

    කොහොමද හුත්තො

    කෙල්ලො හොදින් ඉන්නවනේ

    පිට් එකේ හිටපං ඒකයි වටින්නෙ හුත්තෝ. මාත් උඹ වගේ කැරියෙක්.......කනට මීපැනි වක්කරනවා වාගේ මාතේ මටනං ...... අපරාදෙ එදාා බාෂි හිටියේ නැනේ

    ReplyDelete
  5. //මුද්දාගෙන් බේරෙන්න බෑ පොටෝ ටික දාන්න කියලා...//
    මෙයා මගුලක් කියනවා .. මට මෙහෙ මරණ තර්ජන පොටෝ ඉල්ලලා ...
    අරූ කතා කලා මාතෙ ... වැඩේ තියෙන්නෙ ඒව ඇහෙන්නෙ ලඟම ඉන්න දෙන්නට විතරයි ..

    ReplyDelete
    Replies
    1. අපේ සෙට් එක්ක කතා කරන්න ඌට අමාරුයි...

      Delete
  6. අරූ නැතිව ලොකු පාළුවක් තියෙන්නෙ හිටපු ගමන් ලියල අපිව අවුල් වෙන්න ඇරල මගාරිනවා ලියන්ඩ අරූ ආයක් ලියන්ඩෝ

    ReplyDelete
    Replies
    1. ඒක නේ වැඩේ... ආයේ ලිව්වොත් හොඳා

      Delete
  7. අම්මට හුඩු ... දෙල්කඳ කොන්ඩ සුදා ලංකාවට බැහැලා ලොක්කා බ්ලොග් ලියන්න එන ඒකනම් ඉතින්
    සිංහල බ්ලොග් ගොඩගන්න පුළුවන් අවස්ථාවක් කරගම්මු

    හැබැයි ඉතින් එකපිට එක , පිට කසලා කොමන්ට් දාගන්න සෙට්එක, ලිපි කියවලා උන්ගේ ඇටේ කසන හැටිත් කියලා, උන්ගේ සමනලන්ගේ ලව් ස්ටෝරිත් ආඳා කොමන්ට් කරලා වැඩේ වන කරයිද
    එහෙම උනොත් ඉතින් ආයි දෙල්කඳ කොන්ඩ සුදා අල්ලලා බොරු

    කවුද බන් ඔය පින්තුර සෙට් එකේ වටේ ඉන්න අනික් එවුන් කොයි එකද මදුරුවා බ්ලොග් ලියන එවුන්ද නැතිනම් මල් කඩන එවුන්ද

    ReplyDelete
    Replies
    1. පින්තූරේ ඉන්න උන් ඔය දෙකම කරන උන්...

      Delete
  8. අරූ කොල්ලා දැක්කමත් සන්තෝසයි. හලෝ ප්‍රා. ඔයා දැං රිටයර් වෙන්න.. හැක්

    ReplyDelete
  9. මුණ ගැහෙන්න ලොකු කැමැත්තක් තිබ්බ මනුස්සයෙක් තමයි අරූ කියන්නේ...
    අපිට කරපු සංග්‍රහ වලට ස්තුති කරන ගමන් අපි නිසා ගෙදර මිනිස්සුන්ට කරදරයක් උනානම් කමාවත් ඉල්ලන්න වෙනවා මාතේ...
    මොකද ඉතින් මුළු ගෙදරම සද්ද බද්ද කෝටියයිනේ...
    නැවතත් ස්තුතියි අරූ සහ බාෂි පවුල් දෙකේම උදවියට...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... අන්තීමට සල් වනයක් වෙන්න ඇති...

      Delete
  10. අම්මෝ අරූ අයියා... අරූ කියුවම හිතේ ඇඳිලා තිබුනේ Gordon Ramsay වගේ ලුක් එකක් තියෙන ආතල් පොරක්. ඇත්තට බැලුවම වැඩි වෙනසක් නෑ වගේ. අරූව නැවත බ්ලොග් ලෝකෙට ගෙනෙන්න දෙන උත්සාහයට මාතා, අටම් ඇතුලු සගයන් හැමෝටම හද පිරි මෙව්වා එක !!!

    අරූගේ අඩවිය නැති බ්ලොග් ලෝකේ හරියට පරිප්පු නැති හෝටලේ වගේ.

    ජයවේවා උඹලා ඔක්කොටම !

    ReplyDelete
  11. තව එක ඉල්ලීමක්! අර වමේ ඉඳන් දෙවැනියට ඉන්න හාදයාටත් බ්ලොග් එකක් අටවලා දුන්නොත් ලොකු පිනක්. ඔය මනුස්සයාගේ ඔලුව ඇතුලේ තියෙන දැනුම, කතා, වල්පල් එක එකාගේ බොල්ග් වල කොමෙන්ට් වලින් විතරක් දකින එක මහා අපරාධයක්!

    ReplyDelete
    Replies
    1. නවත්වපු එකෙක් ලවා ආයිත් ලියව ගන්නයි හදන්නෙ අලුත් එවුන්ගේ වල්පල් ලියවගන්න එකට වඩා

      Delete
    2. එයා ලියනවා අඩුයි... ඒත් බොහෝ කියවන කෙනෙක්...

      Delete
  12. හැක්... කස්ටිය සෙට් වෙලා වගෙයි. ඔහොම යං.

    ReplyDelete
    Replies
    1. මං හිතුවෙ ඉවානය තාම අර ලැට් එක අස්සෙ කියල. හැක්..

      Delete
    2. ආපහු යනවා , අරූ අයියා බලලා යන්න ආවේ

      Delete
    3. ඔහෙත් එන්නම් දවසක

      Delete
  13. හෙඩිමට අනුග්‍රහය කවුද ? හැක

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕන... ඒක පට්ටෙටම ගැලපුනා...

      කාගෙද ඉතින් ඉවාන් පවුලූෂාගේ මිස

      Delete
  14. අර කොන්ඩෙ සුදු අනික් ඩෑල් එකද ප්‍රාජේ?
    එතකොට ඔතන ලොකු පුතා ඉන්නවද?
    වම් කෙලවරේ ඉන්න බය වෙන්ච්ච මෑන්ස් කව්ද?
    යකෝ මේකෙ ලේබල් ගහපන්කො උට්ටො

    ReplyDelete
    Replies
    1. මැද ඉන්න නන්නාඩි අංකල් නේද අර කෙල්ලන්ට කවි (වගේ ඒව ) ලියන්නෙ නිතරම.
      හප්පා පොර සල්ලි කඳක් කියල මම අහල තියෙන්නෙ.

      Delete
    2. වමේ සිට, ඇනෝපිලස්, ප්‍රා ජේ, ඉවාන් පවුලූෂා, ෂෙෆාකී, අරූ, ලොකු පුතා, අටමා.. හිටගෙන ඉන්නේ මා(තලන්)

      එයා ගාව සල්ලි නෑ අනේ.. බොරු කතාවක්...

      Delete
  15. ෆීලින් සෝ බෑඩ් (ටු මිස් ඉට්).. මගෙත් එකම ඉල්ලීම.. අරූ අයියා ආයේ ලියපං..

    ReplyDelete
  16. සෙට් වෙලා දෙකක් දාගෙන කියල බැරිනම් බෙල්ල මිරිකල හරි උට නෑ නෑ අරූ අයියට කියන්ඩ මාතෙ ආයේ අපිව අවුල් නොකර අර අවුල් වන්නට පෙර ලියන්න කියලා.

    ReplyDelete
  17. මේ ෆොටෝ එකේ ඉන්න එවුං බාගයක් දන්නෑ අරූගේ අවුල වගෙම මේකත් හෙනම අවුලක් :(

    ReplyDelete
  18. ලීටර් 3/4 , 8 දෙනෙක් සෙට් වෙලා ,සෝඩා බෝතලේකුත් එක්ක. විහිළුවක් නොවෙයි නේද මෙතන වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකත් වැඩි උනා මෙයා

      Delete
    2. නිකම් ලැජ්ජයි ලැජ්ජයි වගේ වැදගත් තැන්වල මෙහෙමත් සිද්ද වෙනවද

      Delete
  19. අරූ දකින්ඩ සතුටුයි. ආපහු ලියනවනං ඊට වඩා සතුටුයි. දාහං මාතෙ පහක්...! බොලා (මාතලං, අටම, ඇනෝපීලස් ආදී...) තමා අන්තිමට මේකෙ ඉතුරු වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ මේ අපි ඉන්නෙ.
      -னයා.

      Delete
    2. පිස්සුද මචෝ.... දැන් කොච්චර අලුතෙන් ලියනවද

      Delete
  20. අරූ සීයට (ආ සොරි සොරි අයියට ) ජයවේවා...

    අර කිව්වත් වගේ මේකෙ ඉන්න එවුන්ගෙ නම් ටික උන්ගෙ ඉන්න පිළිවෙලට දුන්නනම් වටිනවා...මම දන්නෙ ඇනෝපිලස්, මාතේ සහ අටමා විතරයි මෙතනින්...

    මේ අර මාතලන් කියන හැන්ඩිය නේද හිටගෙන ෂෝ එකක් දාන්නේ...හැක්...

    අසංක

    ReplyDelete
    Replies
    1. ආ එච්චරද උඹ දන්නේ , හිටපං හොම්බ රිවට් කරන්න

      Delete
    2. අඩෝ තෝත් ඉන්නවද මෙතන...ඇහ් මේකා රැවුල වවලනේ බමුණෙක් වගේ...මම හරි නේද...එදා දැක්කෙ පෙරන් ගාපු අලයක් වගේ මූණක්නේ...ඒකයි අවුල් වුණේ...සොරි මචෝ...

      Delete
  21. ලස්සන ෆොටෝ ටිකක්, ආතල් හෙඩිමක්,හිතට වදින ලියවිල්ලක්. හමුවුන සියලුදෙනාට බොහොම ස්තූතියි. හමුනොවුන අනිකුත් අය ලබන පාර හමුවෙමු.

    මාතේ....ඊලඟ පාරවත් කතා කරමු. ශෙෆාගේ කකුළුවෝ ටිකට බුදු පින්!!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න