.

.

Nov 27, 2017

දිග ජීවිතේ....! - Said I Love you but I lie...




සයිබර් යුගයේ කෙටි කතා රචක - 
ප්‍රියාන් ද සිල්වාගේ කෙටිම කෙටි කතාවකි

දිග ජීවිතේ....!
මගේ කෙටි කතාව.....!!!
==================
" These certificates are..... not important......... for us....!! "
" උඹෙ...මෙ. කිසිම සහතිකයක් අපට වැදගත් නෑ.....!!
මොකද..... අපට ඔනී...ගෙදරට වැඩ කාරයෙක්..... 
හැම දෙයක්ම කරන්න පුඑවන් කෙනෙක්......."
මම සුදු ඉතාලී....මහත්තයා ඉස්සරහා සීරැවෙන් හිටියා.....
ප්‍රැරැන්සිස්කෝ....මහත්තයත්..... එලීනා...නෝනාත්.... මගේ සහතික එකින් එක....හිනා වෙවී බල බලා....උන්නේ....
ලැමිනේටින්...කරපු...ක්‍රීඩා සහතික.....අස්සේ...ඩිප්ලෝමා... සහතික අස්සේ.... රැහුණු විශ්ව විද්‍යාලය...විශේෂවෙදී ගෞරව සහතිකෙත් ලැජ්ජාවෙන් ගොඑ වෙලා මිරිකිලා උන්නා........!!
" උඹ ඉගෙන ගතිපු කෙනෙක්..... ඒත් කනගාටුයි... අපට අපේ ගෙදරඉ වැඩ කරන කෙනෙකුයි ඔනී.....
උඹ හොදට ඉංග්‍රීසි කතා කරන නිසා.... අපේ දුවලා දෙන්නටත් හොදයි....
උඹ කැමති නමි...... හෙට ඉඳන් වැඩට වරෙන්......
සතියක් බලලා..... උඹට. ....ජොබි එකට කොන්ත්‍රාත් එක ගහමු.....
..............
මුලින් උඹට යූරෝ 900 දෙන්නමි......!!
......................
......................
......................
සුදුම සුදු බිත්ති....... හිනා වෙවී මම දිහා. ..ආඩමිබරෙන් බලන් උන්නා...
උස ලොකු..වීදුරැ ජනෙල් වලින්......එලියේ හීතල හිම පියලි.....ලස්සනට කැරකි කැරකි පොලවට වැටෙනවා මම දැක්කා......
........................
........................
" නෝනා...කියනවා..උඹට තව යුරෝ සීයක්....වැඩිපුර දෙමු කියලා......"
එලීනා....නෝනා...හරිම..උසයි.....කෙටිටුයි.... දිලිසෙන කරැනාවන්ත ඇස්..
පස්සේ කාලෙක මම දැන ගත්තේ එයා ඉතාලි වොලිබෝල් ටීමි එකේ කෝචර් කෙනෙක්...... 
......................
ජීවිතේ ඇත්තටම හරිම සුන්දරයි.......!!!
හීතල පුංචී හිම කැට වගේ හෑල්ලුයි........ දෛවය හිතන තරමිම නරක නෑ...
...............................
...............................
...............................
ලංකාවෙ වෙලාව..රෑ දොලහටත් ලග ඇති.....
කමක් නැ....මම රංගා ට කොල් එකක් ගත්තා....
මගේ අහිංසකී....... පුංචි පැටවු දෙන්නත් දෙපැත්තේ තියන් නිදි ඇති ....
නෑ සමහර විට. ....මම කතා කරනවා බලන් ඇති..... ජොබි එක හරි ගියාද කියලා......බලන් ඇති..... එය......දන්නවා පහු ගිය මාන ගානක් මම විඳපු දුක ....මෙ.....නොදන්නා පාඑ රටක.... හරියට රස්සාවක් නැතුව....
..............
" නිදිද.....?
ජොබි එක..හරි...... හෙට ඉදන් ....මගේ සේරම බඩුත් අරන් එහෙ..නවතින්නම යනවා....... යුරො දාහක් මුලින්....."
රංගා නිදි මතේ ..... " අනේ..ලොකු දෙයක්......!! " කිවිවා.....
........................
.......................
........................
එදා රැ හීන මහා ගොඩාක්..... දැක්කා......!!!
ලස්සනම ලස්සන ඒවා...... ලොකු ගෙයක්.......ලස්සන ගෙයක්....රංගා...දරැ පැටවු දෙන්නා.....ලස්සනට හිනා වෙවී ඉන්නවා....
ඇත්තටම ජීවිතේ සුන්දරයි.........
.............................
.............................
.............................
========================================
....................... . ...
..............................
මිලානෝ.........!!!!!!
ලෝකේ......ලස්සනම නගරේ......
හීතලම හීතල නගරේ..........
ඔවි......... 
................
හැමෝටම පේන එ ලස්සන හීතලේ නගරේ තැන තැන....මගේ දහඩිය බිංදු තාව පණ ගහනවා ඇති... තාව රස්නේ ඇති......
........................
මගේජීවිතේ..... හොදම කාලේ..... මම එ නගරෙ එක්ක හැපුනා......
ඒ හීතල එක්ක හැපුනා......!!!!
මගේ රංගිගෙත්...අහිංසක.....දරැ පැටවි දෙන්නගෙත්...... ඇස් වලට හිනාවක් දෙන්න...... මම මහා ගොඩාක් දහඩිය බිංදු එ නගරෙ පුරා ව්සි කරා......
......................................
......................................
උදේ....... පහා මාරට නැගිටලා...... එතන ඉඳන්.....රැ දහය වෙන කමි.....එ මහා තඩි ගෙදර....ට මගේ ජීවිතේ දිය කරා....හයිය දිය කරා...... 
සල්ලි කොල කිහිපයකට රටවල් වලට ගිහින් වැඩ කාරකමි කරන උන් දන්නවා.......එ සල්ලි කොල වල තියෙන්නේ.....ලේ ..දාඩියයි..දුකයි කියලා....
ඒක කවදාවත් ලංකාවෙ ඉන්න උන්ට දැනේනැ....
............................
මම. ...දුක....වෙදනාව...එන්නත් කර ගත්තා..... එ ගෙදරදි.....
තටිටු තුනක මහා තඩි ගෙයක්.....
කාමර හයක්..... බාත් රැමි හයක්...... සාල දෙකක්...මහා තඩි කුස්සි දෙකක්...
.......................
මම.....බල්ලෙක් වගේ කරබාන් වැඩ කරා.......!
කියන හැම දේම කරා.......
මට මතක් වුනේ......රංගගේ හිනාව....ඇස් දෙක විතරයි.....!!!
................................
................................
වැඩ කරන වෙලාවෙදි..පොන් එක තහනමි උනා...එ ගෙදරදි....
රංගට ..දරැ පැටවිට කතා කරන එක සීමා වුනා..... 
මම වැඩ ඉවර වෙන මහා රැ.......ලංකාවෙ අය නිදි......
කමක් නෑ....... උවමනාම දේ.... ගෙදරට සල්ලි යවනඑක.......
...................................
...................................
" උඹ........ හොඳට වැඩ කරනවා...ප්‍රී.....!!
උඹ උයන කෑමත් රහයි...!!
..........................
..........................
ඔවි.....මම යකෙක් වගේ වැඩ කරා.....!!!
එ ගෙදර එක දිගට පැය ගානක් මැරිලා මැරිලා...ආයි රෑ දහයමාර වෙන කොට ....පබි එකක් වැඩ කරන්න ගියා.....
.........................
ඒක මහා කරැම ජොබී එකක්......!!!
ඒත්..මම කටිට කාන්....ඒකත් කරා......බල්ලෙක් වගේ.....කරබාන්....
ඔවි.....සල්ලි...නිසා නොදන්නා....තිරිසන් රටවලදි අපි බලු වෙනවා......!!
පබි ..එකේ.... බීලා බීලා...පිස්සු කෙලින..උන්....උස්සන් ගිහින් එලියට දාන එක...... කරන කොල්ලෝ ඒක කරන්නේ නැත් කමට......
සමහරබීලා ඉන්න උන්......ගහනවා...මුහුන හරහා.....!!
ඉතාලි කෙල්ලෝ කී දෙනෙක්...මට තුහ් : ගාලා. කෙල ගහන්න ඇද්ද මුහුන හරහා............
...........................
මමරංගා නිසා ...එ කරැම ජොබි එකත් කරා......
....................
මම....පවුලක් ගොඩ ගන්න මැරෙන මැරිල්ල දැකපු ....මිලානෝ එ ගෙදර මිනිස්සු මට හැමදාම කරැනාවන්ත උනා.......
........................
ඉරිදා.....නිවාඩු ව බුක්ති විඳන අනෙක් මිනිස්සු දිහා නොබලා....... මම එදාටත්..... කොහේ හරි වැඩක් හොයන් ගියා.....
සමහර දවසක.....එළවලු කුඩ උස්සන්න..නාට්ටාම්යෙක් වගේ.......
හිම වැටෙන කාල වල.....පාරවල හිම කඩන්න.......
........................
සමහර ගෙවල් වලට ලොකු දර කොටන් පලලා දෙන්න....... ගස් කොලන් කපන්න...... බල්ලෝ බලා ගන්න.....
ඔවි......
මම නොකරපු දෙයක්...නෑ.....
....................
.....................
එ....හැම දුකක් කදුලක් මැද්දෙම.....රංගගේ දිලිසෙන..ඇස් දෙක දැක්කා..
මට ඔනි වුනේ....එයාට..සතුට...වගේම ලෝකේ තියෙන හොදම දේවල් දේන්න...
.............................
.............................
..............................
ඇත්තටම........රංගාටත්..දරැවන්ටත් හැම දේම ලැබුනා.....
මම ඒවා......වෙනුවෙන්..රේස් එකක් දිවිවා......
ලොකූ බැංකු ලෝන් එක ගන්න....... ප්‍රැරැන්සිස්කෝ...මහත්තයා..උදවි කරා....
...................................
...................................
දවසට වතාවක් හො දෙක්ක මම ස්ක්ය්පෙ වලින්..දරැ පැටවු දෙන්නත්..රංගත් එක්ක කතා කරා....... එයාලාගේ. ඇස් දිලිසුනා.......
මට මම ගැන ආඩමිබර හිතුනා.......
මගේ දහඩිය.......බිංදු.... මිලානෝ නගරේ.... හීතලට වඩා හය්ය උනා.....
..........................
..........................
..........................
========================================
..........................
..........................
අවුරැදු ගානකට පස්සේ ....යුරෝපෙට ආපු හීතල මහා දරැණු කුනාටුව ආවා....
කවුරැත් වැඩිය එලියට බැස්සේ නැ........
...................................
එදත් මම බර.....බූටිස් දාගෙන......පාරක අයිස් කඩනවා.......
.............
ඔවි ඉරිදා දවසක්................
.................................................
යුරෝපේ හීතල ....අයිස් කඩ කඩා හිටපු මම ......දහඩිය පිහිදැමිමා ග්ලවුස් වලින්......
ලොකු නංගී.....එවිව මැසේජ්.....ආයි ආයි කියෙව්වා.....!!
පපුව ගැහෙන්න ගත්තා......... නෑ පපුව නැවතුනා.....
..............................
..............................
" අය්යේ...... නොකියම බැරි තැන ..බලන් ඉන්න බැරිම තැන මෙ ලියන්නේ...
ඔයා ඔහේ දුක් විඳිනවා....කියලා දන්නවා....මෙක..තව දුරටත් හංගන්නත් බෑ........ ඔයාට දැන ගෙන නොකියා ඉන්නත් අපට බෑ....
රංගා ආර්මි කාරයෙක් එක්ක..... යාඑ වෙලා....
ඌ රංගගෙන්...සල්ලි....ගන්නවා...වගේ....!!
ඒවට සාක්ෂිත් ත්යේ.....
ඔයා කලබල නොවී....හොයන්න..... අර පොඩි උන් දෙන්නා..ගැන හිතලා කලබල වෙන්න එපා........
අමිමත් ලෙඩ වෙලා මෙවා ගැනම කල්පනා කරලා......."
......................
.......................
.......................
.......................
.......................
========================================
........................
........................
........................
දවස් දෙකෙන් මම සේරම හොයා ගත්තා.....
ඒක ස්ක්ය්පෙ එක හරහා අහමිඹෙන් ආවා ආදරයක්.....
ඔවි.......
එයාලා ...ආදරෙ කරලා තිබුනා.......
මගේ .....ලේ ...දහඩිය...උඩ.....ආදරෙ කරලා තිබුනා....
...........................
මම බඩ ගින්නේ......බල්ලෙක් වගේ....... මහා පොලව එක්ක හැපෙද්දි......රංගා..... එ පෙමිවතා....එක්ක.... දවස පුරා ආදරෙ කරලා තිබුනා.......!!!
මම මිලානෝ පාරවල.....කැඩචිචි බූටි දාන් අයිස් කඩද්දි...... හීතලට ඇටකටු හිරිවැටෙද්දි එයා. ....පෙමිවතාගේ ආදෙර් එක්ක උනුහුම වෙලා තිබුනා......
...................................
මම.........එළවලු ගෝනි...කරේ තියන්......මිනිස්සුන්ගේ ඇගේ වැදී වැදී..... නාටිටාමි වැඩ කරද්දි...... එයා...පෙමිවතා එක්ක ......මගේ සල්ලි වලින් ෂොප්න් කරලා තිබිබා............
.....................................
.....................................
මම පාස්වරඩි හොයන්.......එයාලා ආදරෙ කරපු ස්කයිප්..තිරේ.....දිහා බලන්........... හිට්යා....ඇඬුවෙ....නැ....
ඔවි.....ඇත්තටම ඇඬුවෙ නැ...... කදුඑ කැට ......කඩන් වැටුනා......
මටඒවා නවත්තන්න ඔනී.........
අනේ....!! එත් ඒවා....... එකින්..එක. එකක් පස්සේ එකක් වැටුනා.....
...........................
මම......... මහා ගොඩාක් කදුඑ විසික් කරා......
ආත්ම ගානක කදුඑ ඒ...... 
එචිචිර කදුඑ......වතුර කොහෙද තිබුනේ.......
නෑ..... අඩන්නැ.......
එහෙම හිත හිතා.....මව කදුඑ පිහි දැමිමා.........
...................................
...................................
...................................
..................................
අවුරැදු ගානකින්.....බියර් එකක්වත් බීලා තිබුන්නැ......
යුරෝපා ...රටක හිටියත්...... සල්ලි හමිබ කරත් අනෙක් උන් වගේ බිවිවෙ නැ....
එ සල්ලි පවා රංගට යැවිවා...මගේ දරැ පැටවි දෙන්නට යැවිවා.....
.......................................
.......................................
.......................................
ප්‍රැරැන්සිස්කෝ...මහත්තයා..ගේ.... ගෙදර බාර් එකේ ඔනි තරමි බොන්න තිබුනා.......
බිලැක්......ලේබල්.....බෝතලේ.....මම අමුවෙන්ම කට තියා ගත්තා....!
බිත්තියට හේත්තු වෙලා......එහෙමම..බිම වාඩි උනා......
අමුම...අමු විස්කි...... උගුර පුචිචන් ගියේ......පිචිචි පිචිචි තිබුනු දුර්වල හදවතට..ඔරවන්........
තව බිවිවා.....තව බිවිවා........!!!!
දැන් උගුර පිචිචෙන්නැ.............
.....................................................
.....................................................
"ජීවිතේ.....සුන්දර නෑ යකෝ......!!!!
.............................................................
මම හිස් ....බෝතලෙන්.......ලැප් ටොප් එකේ ස්ක්‍රීන් එකේ.....මැද්දට හරියටම දමලා ගැහුවා.......
" සලාං......." ගෑවා......
...................
ස්ක්‍රීන් එකේ හිනා වෙවි...හිටපු රංගී.....විදුරැ කෑලි වෙලා.....මෙසේ පුරා වැටුනා..
......................
......................
.......................
"පර වෙසී.......!!! වෙස බැල්ලී.........
මරණවා......තෝ........!
අරැත් මරණවා...... තොපි දෙන්නම මරනවා.......!!"
...................................................
....................................................
....................................................
....................................................
===============================
.....................................................
.....................................................
මිලානෝ මල්පෙන්සා...එයාර් පොර්ටි එක.......පාඑ පාටයි.......
අඳුරැයි........ !!! ඈත ලොකු වීදුරැ වලින්........සුදුම සුදු හිම වැටිචිච ගහා කොල තිබුනා......
සේරම ගහා කොල.....බුම්මන් හිටියේ හිම විලන් හිර වෙලා......
................................
එලීනා.....නෝනගේ ඇස් රතු වෙලා තිබුනේ........
ප්‍රැරැන්සිස්කෝ...මහත්තයා..ඈත කොහෙද බලන් උන්නා......
ඇලේෂියා.......විකී.......දෙපැත්තෙන් මට තුරැඑ වෙලා උන්නේ.....
එ කවුරැත් මට වැඩකාරයෙක් විදිහට සලකලා...නැ......
මට ජීවිතේදි හමු උන සුන්දරම පවුල..........
ඇලේෂියා ඉකි ගැහුවා..........!!!
.....................................
....................................
ඔවි.....
අපි වැළඳගත්තා.... සමු ගත්තා....
" ප්‍රී .....ආයි......එන්න...... ලංකාවෙ නවතින්න එපා....
අපි.... ට ආයි කවදාවත් ඔයා වගේ කෙනෙක් හමිබ වෙන්නැ...."
..............
එලීනා.....නෝනා....සුදු ලියුම කවරයක් මගේ අතේ..තිබිබා....
විකිත්...... කවරයක් දුන්නා........
ප්‍රැරැන්සිස්කෝ...මහත්තයා....අහක බලන් කදුඑ පිහුවා....!!!
.....................................
.....................................
......................................
සුදු පාට වලාකුඑ......අස්සෙන් මට ......මගේ කදුඑ නගරෙ....පුංචියට පෙනුනා...
!!!!!
දුක....සතුට...... හිතල....දහඩිය අවුරැදු ගානක් බෙදා ගත්ත.....නගරය...
ආදරණිය මිලානෝ.......!!!
අපි ආයි කවදාවත් හමු වෙන්නැ.....
සමහර විට....... ලංකාවෙ හිර ගේක.....මම හුස්ම හෙලයි....!!
ආයුබෝවන් ..මිලානෝ.......
..............................
..............................
.............................
ප්ලයිටි......එකේදි..... නැවත..නැවත් ඉල්ලන්.....පුංචි විස්කි බෝතල් බිවිවා....
................
ආයි....බිවිවා.......!
එයාර් හොස්ටල් කෙල්ල....අහක බලන් ගියා....!!!
...................
එලීනා දීපු කවරේ.....යුරෝ පන්සීයේ කොල ගොඩාක් තිබුනා........
......................
බල්ලොත් නොකන සල්ලි......... !!
ජීවිත විනාශ කරන ජරා වෙස සල්ලි..... මුසල සල්ලි.....!!
................................
................................
" ප්‍රී...... අපි ඔයාට ආදරෙයි...... ආයි ඉක්මනින් එන්න....."
විකී දිපු කවරේ.....එයාලගේ පවුලේ පොටෝ එකක පිටිපස්සේ ලියලා තිබුනා...
......................
......................
කදුඑක්..ඇවිත්..කඩන් වැටුනා.......!! ඒක උඩට......
................
.......................
........................
........................
=========================================
........................
.......................
අනුරාධපුරේ සාලිය පුර කෑමිප් එකේ ඉඳන්...... කනිෂ්ක ...ඇවිත් තිබුනා..... තව අර්මි කොල්ලෝ දෙන්නෙක් එක්ක.....
......................
රත්ගම ඉඳන්........ විදුර මල්ලිත්.....එකක් තව තුන් දෙනෙක් වෙලසනින්ම ඇවිත් තිබුනා..........!
..................................
..................................
මම ඩියුටි ප්රි ගෙනාවෙ විස්කිත් සිගරටුත් විතරයි......
වෑන් එක ඇතුලෙම............. නිහඬවම බෝතලයක් වටයක් ගියා.....
...................................
...................................
" අරන් ඇවිත්..... ගහලා දාලා......ඟඟකට විසික් කරලා ..දාමු......"
................
විදුර........ ප්ලාස්ටික් කෝප්පේ අතේ තියන් ගුලි කරා.......!!
.....................
......................
මම නිහඬව ඔහේ බලන් හිටියා..........
...............................
..............................
..............................
කණිෂ්ක ...... අරෑගේ සේරම විස්තර......හොයන් තිබුනා තිතටම.....
ඌ මෙජර් කෙනෙක්....... අපේ යාඑ කම .... මහා ගැඹුරැ එකක් ....ලොකු එකක්..
මම වෙනුවෙන්..ඔනිම..හොද හො නරක දෙයක් කරනවා ඌ......
...........................
...........................
අපේ ජිවිත ගිනි තිබිබ කාලකන්නියා....යුද්දෙදි..... ඩැමෙජ් වෙලා....ඊට පස්සේ ආර්මි හෙඩි ක්වාටර්ස් වල වැඩ කරන ....ලෙප්ටිනන් කෙනෙක්.....
.....................................
එ.....ඌ රාජකාරි කොමිපියුටරෙන් කරපු දේ තමයි.....
..............
වල් බල්ලා......!!!!!!!!!!!
............................................
............................................
මම .....හිටියෙ.....මගේ කදුඑ උගේ ලේවලින්.....හෝදන තත්පරෙ ලග ලගම එනවා.......බලන්.......
....................................
....................................
....................................
මාළඹෙ...පිටිටු ගල හන්දියෙන් හැරිලා උගේ ගේ හොයා..ගන්න කොට.....
හරියටම රෑ අටට කාලයි........
...........................
පොඩි ලී ගේටිටුව....තල්ලු කර ගමන් නිකමිම ඇරැනා.....!
පරණ ගරා වැටුනු ගෙයි ..පැත්තකින්......අලුත් ගෙයක්.....ඔලුව උස්සගෙන..බාගෙට අපි දිහා බලන් උන්නා.....
එ ගෙයි ගඩොල් කැට..වල මගෙ දහඩිය .....සුවද..... තියෙන..බව මම දැනන් හිටියා.......
............................
...........................
" මම ආර්මි......මෙජර්..... නිහාල්...... ආවෙ..ලෙප්ටිනන්....රනුල පොඩිඩක් හමිබ වෙන්න......මැඩමි......"
භීරාන්ත වෙල...උන්නු.....ටිකක් මහත පෙනුමක් තිබුන ....දොර ඇරන් ආපු ගැහැනු කෙනාට......කණිෂ්ක කිවිවා.....
....................................
....................................
" එන්න සර්.....ඇතුලට......." 
අර ගැහැනු..කෙනා.....අහිංසක හිනාවක් ..එක්ක කිවිවා...!
අවුරැදු හයක විතර....හුරතල් කොලු පැට්යෙකුයි.....අවුරැදු හතරක කෙලි පොඩිඩකුයි.....දොර රෙදි අස්සෙන් මතු වුනා.......
.....................................
......................................
අන්තිමට ඌ හමිබ උනා.........!!
...................
ඔවි.......
..........
කෘථිම කකුල.....අතේ තියන්.....පුටුවක වාඩි වෙලා....ඒක දාගන්න ගමන් ඌ.....අපි දිහා ගැස්සිලා බැලුවා....
....................................
.....................................
අබිබගාතයෙක්.......
යුද්දේ නිසා..... රට වෙනුවෙන් කකුලක් දීපු එකෙක්.....
කෙටිටු...... හකු බැහැපු මුහුනක්......
....................................
....................................
මගේ පපුව හරහා ....අකුණක් ගැහුවා.......
පපුව පිච්ච්ලා ගියා.....
අහිංසක දරැ දෙන්නා උගේ උරහිස් වලට මුහුනු තියන් අපි දිහා බලන් උන්නා......
..........................
...........................
" මැඩමි ...වතුර එකක් බොමුද..........?"
කනිෂ්ක .....උගේ ගෑනිව.... තත්පර ගානකට හරවලා යවද්දි ..මම උගේ ලගට ගිහින් ....... මුහුනට කරලා ක්ව්වා......
" මම රංගිගේ....හස්බන්ඩි........ උඹ එක්ක කතා කරන්න ඔනි....
මම ආවෙ....උඹ මරන්න හිතන්....නමුත් දැන් කොහොමත් එ දෙ කරන්නැ....
උඹෙ හැටි දැක්කම......අනික ..මෙ ලමයි දැක්කම.....
වයිප්ට....මොනවා හරි කියලා .....එලියට යමන්.......
මෙතන..මෙක කතා කරලා උඹෙ පවුල කඩන්නැ මම.......
උඹ එාහම කරාට මම කරන්නැ......"
..............................
...............................
..............................
ඌ දහඩිය දාන් ......මම දිහා බලන්..උන්නා......
...............................
...............................
..............................
ටික වෙලාවකට......පස්සේ....අපි ..ඌවත් අරන්....... වැන් එකෙන්..... රෙස්ටුරන්ටි එකක් හොයන් ගියා.......
......................................
" අය්යේ........ මෙහෙදිම...මූට ගහලා ..දාලා ..යමන්.......පරයට......!!!"
.........
මම විදුරට...රැවිවා.........!!
.....................
......................
=========================
......................
......................
......................
ජීවිතේ.....මහා පුදුමාකාර දෙයක්.....!!
ඒක අපට කවදාවත් හරියටම තේරැමි ගන්න බෑ.......
අපි තාම උඩින් ....ඔහේ අතපත ගානවා විතරයි.........
.......................
.......................
මම මනුල...එක්ක .....රෙස්ටුරන්ටි එකේ කෙලවරේක මෙසෙක ඉදන් බිවිවා....!
කනිෂ්ක ..විදුර...අනෙක් අය ටිකක් දුර මෙසෙක ඉදන්.....අපි දිහා බලන් බිවිවා....!!!
මම.............ගොඩාක් දේ කිව්වෙි නැ......!!
රනුල...... බිම බලන්..පුරවපු වීදුරැව ද්හා බලන් උන්නා.....
මම ඇත්තටම ඌට කිසිම දෙයක් කිවිවෙ..නෑ.......
" තමුසේ........මගේ පවුල......ගිනි තියලා.....විසි කරාට...... මගේ ගෑනිට.....මිනිහෙක් නැති කරාට.....මගේ ලමයි දෙන්නට තාත්තා නැති කරාට.........මම තමුසෙට එහෙම....කරන්නැ.....
........................
මම සේරම දාලා ආවෙ.......තමුසේ...මගේ අතින්ම මරන්නයි......!
මට එහේ ඉදන්ම ....මරවන්න තිබුනා....... නමුත් මම එහෙම පොන්න වැඩ කරන්නැ........
.............
මොනවා...උනත්..... ආයි තමුසේ..... මෙ ලෝකේ කාටවත් ආයි මෙහෙම කරන්න එපා........තමුසෙගේ ලමයිටත් පඩිසන් දෙනවා......"
..................................................
..................................................
..................................................
..................................................
ඌ......ඇස් වල කදුඑ පුරවන්.......හිස් වීදුරැව දිහා බලන් හිටියා.....!!!
........................
.........................
පැයකට විතර පස්සේ.......!!
.........................
මම ඌව .....උගේ ගෑනිට..ගෙනිචිචා වගේ ගෙනත් දුන්නා....
.........................
පුංචි...ලමයි දෙන්නා.....තාත්තගේ අත්වලඑල්ලුනා
" සොරි..මිස්......මහත්තයා.....මම එක්ක පොඩ ඩිරින්ක් එකක් ගත්තා......!!
ආ.....මිස්ටයි...බබාලටත් ..කෑම අරන්..ආවා...."
....................
......................
කනිෂ්ක යි....විදුරයි.....වැටෙන් එහා.....වෑන් එකට හේත්තු වෙලා සිගරටි බොනවා මව දැක්කා....
...............................
..............................
==========================
...............................
...............................
මම පරාද...උනාට...මම නිසා අනෙක් අය පරාද කරන්න..මට උවමනාවක් උන්නැ..........!!
........................
ජීවිතේ......!!!!
සතුට........!!!!
බැඳීමි.......!!!!
මෙ.......හැම දෙයක් එක්කම......කෙලවර වෙදනාව බව මම ඉගෙන ගත්තා...
........................
........................
" මට උසාවී.....පොලීසි ගානේ...ඔයාව..අරන් ගිහින් ලැජ්ජා කරන්නවත්....
ලමයිට..ලැජ්ජා කරන්නවත් ඔනි..නැ.....!!
...................
ලමයි.....දෙන්නා....හොදින් බලා ගන්න....... 
ඔයා......වෙන...කෙනෙක්..බඳින කොට ඔයාට අවශ්‍ය ඔනිම වෙලාවක..ඩිවෝස එක දෙන්න මම ලෝකේ කොහේ හිටියත් එනවා..."
.....................
රංගා...... කකුල් දෙක බදාගෙන......බිම පෙරලිලා..අඬද්දි........!!
පපුවට ගහ ගනිද්දි........... මම හිස් අතින්ම.....එ ගෙයින් එලියට බැස්සා...
...............................
..............................
මගේ......හැම දේකම...අයිතිය.....හැම සතයක්ම....එයාටලට..පවරපු.....ඩික්සන් ලෝයර් මහත්තයා......දීපු ඩොකියුමන්ටි පයිල් එක........ එයාගේ ලග බිම තියලා .....මම ආවා......
.................................
................................
...............................
.................................
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
රබර්...සෙරෙප්පු දෙකයි......ඉරිචිච..ටීෂර්ටි එකයි...ඩෙනිමයි...ඇඳන්......
පර්ස් එකේ.......යූරෝ පනහක් හැටකුත් එක්ක...... මම. ..... ඇමස්ටඩ්‍රෑම් එයාර් පොර්ටි එකේන්..මතු වුනා........!!!
........................
........................
අතේ.....පුංචි බෑග් එකේ වොඩිකා....බෝතල් දෙක...හීතලට තුරැඑ වෙලා..උන්නා.........
...............
යුරෝපෙට මොන. ශීතල..ආවත් මට ආයි කවදාවත් හීතල දැනුන්නෑ......
උනුහුම දැනුනෙත් නැ......!!

56 comments:

  1. ගොඩක්ම හිතට වදින්න ලියල තියනවා. නියමයි+++++++

    ReplyDelete
  2. මේක කියවලා හිත සෑහෙන්න ගැස්සුනා. ඇත්ත කථාවක් නොවේවා.

    ReplyDelete
    Replies
    1. There are many real incidents happened similar to this. A common tragedy in family life.

      Delete
    2. කරුමෙක මහත කියන්නේ ඉඅයන් ගොයියෝ...

      ඌ ලියන්නේ ඔක්කෝම ඇත්ත කතා

      Delete
    3. ඌ ට ගොතල , බොරු කතා ලියන්න බෑ බම්....

      Delete
  3. කියන්න දෙයක් නැත ලියන්න වචන නැත කතාවක් උනත් සත්‍ය යථාර්තය බොක්කටම ඔබා ඇත

    ReplyDelete
  4. මේක සත්‍ය කථාවක් ද ප්‍රබන්ධයක්ද දන්නේ නැහැ.
    ප්‍රබන්ධයක් කියල හිතන්න බැරි තරම් මේක යථාර්ථවාදී වැඩියි.
    මේ තෙමාවෙන් කෙටි කථා මීට පෙරත් කියවලා තියෙනවා. ඒත් මේ රචකයා මේ කථාව තුල අපිවම කථාවේ චරිතය බවට පත් කරනවා.

    මාතලන් ඔබට ස්තුතියි මෙවා අපි වෙත ගේනවට

    ReplyDelete
  5. හොඳ කෙටි කතාවක්.
    ප්‍රියාන් නවකතාවක් ලියන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ මූ ඒ වැඩේට ගැලපෙන්නේ නෑ... දැනට වෙනම වෙබ් සයිට් එකකට ඒ වගේ එකක් ලියනවා....

      Delete
  6. ඉතාලියේ එහෙම වුණත් ඔසීවලයි/ එන්ගලන්තෙයි එහෙම වෙන්නෙ නෑ...

    ලෝකෙන් උතුම් රට ඔස්ට්‍රේලියාවයි...
    ලෝකෙන් උතුම් රට එන්ගලන්තෙයි...

    - ඔසීවලයි එන්ගලන්තෙයි වසමින් පොරටෝක් නහුතෙට ඉශූ කරන ලංකාවෙ කල්ලතෝනි

    ReplyDelete
    Replies
    1. ඇනෝ, උම්බටනම් ඔසියෙක් රිදෙන්නම ඇරලා තියෙනවා.
      උඹේ මේ පොස්ට් වලින් පෙනෙන්නේ ඒ වේදනාව හැර වෙන කුමක්ද?
      ඇත්ත කියපන්, පස්සට මැහුම් දාන්නත් උනාද?

      Delete
    2. තා එකක් මතක් වුනා...
      දැන් මේ මාතලන් ඔය ඉතාලියේ ගිහින් ඉන්න එකෙක්ගේ කෙටිකථා මේකේ දානවා.
      උඹට ඒක ප්‍රශ්නයක් නැද්ද?

      Delete
    3. කවුද ඩො කල්ලතෝනි.අපි සිංහල කළු ඔසී/පොමි එවුන්

      Delete
    4. Anonymous November 27, 2017 at 11:18 PM

      ඇත්තටම ඔය කලු ඔසී ඩයල්ස්ලා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ වගෙ ඉහළ ආදායම් ඇති රටවල..., ඉතින් ඔව්වයෙ ඉන්න ලංකාවෙන් ගියපු අය ඉද හිට ලංකාවට වැකේශන් එනව සල්ලි ටිකක් අරන්, ඒක ඉන්න ටික දවසට වියදම් කරල සනීපෙන් සැප අරන් කාපට් දාපු පාරවල් වල, හයිවේ වල ගිහින් එහෙන් මෙහෙන් දියුණු නොවී තියෙන පළාත් ගම්මාන සහ විවිධ අංශ දිහා බලල අම්මේ ලංකාව තාම හරිම පසුගාමීනෙ, හැබැයි ඔසී රට වගේ රටවල් කොච්චර දියුනුද කියල චූන් වෙලා ආපහු යනව... හැබැයි ලංකාවෙ දියුණුවට එක අබ තම්පලා ඇටේක දෙයක් වත් දායක කරන්නෙ නැහැ..., ඕනෙ නම් මෙහේ පරම්ම්පරාවෙන් ලැබිච්ච ගෙවල් ඉඩම් ටිකත් විකුණල ඔසී රටට ඩොලර් අරන් ගිහින් මෙහේට මැදපෙරදිග කොරියාවෙ දුක්විඳින එවුන් එවන ඩොලර් ටිකටත් කෙළිනව..., එහෙට ගිහින් ඊට පස්සෙ කොම්පියුටරේ ගාව වාඩිවෙලා ඒකෙන් ලංකාව ගැන නිවුස් බලල ලංකාවෙ සිංහල බ්ලොග්වල එක එක අම්බානක් බකපඬි ටෝක් දෙනව... ඇත්ත තත්වය මේ අය දන්නෙත් නෑ දැනගන්න ඕනත් නෑ...

      උදාහරණයක් ලෙස දැන් මේ රොහින්‍යා සරණාගත ප්‍රශ්නය බැලුවොත් ඔය ඕස්ට්‍රේලියාව වගේ රටවල් සරණාගතයන් වැද්ද ගන්නෙ නෑනේ... මුස්ලිම් අයියලාටත් කිව්ව වගේ මතකයි උඹලාට අපි එන්න කිව්වෙ නෑ කැමතිනම් ඒ විදියට ඉදපල්ලා කියල.... එතකොට කලු ඔසීලා ඕස්ට්‍රේලියාවෙ පුකත්වය ගැන කතා කරේ නෑ නොවැ... මොකද ඉතිං සරණාගතයෝ ඕස්ට්‍රේලියාවට ආවොත් ඉතිං කලු ඔසී අන්කල්ලාගෙ ගොන් ආතල් කැඩෙනවානේ... එන එන සරණාගතයෝ හරවල යනවන එකයි කදවුරැ වලට දාන එකේ පුකත්වය කලු ඔසී නාකි හම්පඩ අන්කලයන්ට පේන්නේත් නෑ... මොකද ඇත්තටම ඕස්ට්‍රේලියාව ඔය කියන කලු ඔසී නාකින්ගේ ලෙගිටිමේට් රට.... ඒක වණකරගෙන බෑනේ...

      ඉතින් ඕස්ට්‍රේලියාවෙ රජය සරණාගතයෝ එන එක වලක්වන එක ගැන එක වචනයක් වත් නොකියා ඉන්නේ ඉතින් හිත යටින් කැමැත්තක් ඇති නිසානේ.. ඒ රටවල ප්‍රතිපත්ති වල ආරක්ෂාව ලබන ගමන් අපේ පුකත්වය ලෙවකනව...

      ඕස්ට්‍රේලියාව වගේද ලංකාව නේ...

      ලංකාව... හා හා එහෙම කොහොමද ලංකාව සරණාගතයෝ ගන්ඩම ඕන ඔව්... ලංකාවේ පට්ට ගෝත්‍රිකයෝ පසුගාමීයි, උන්ගේ පුකත්වය පෙනෙයි, නේද බන් කලු ඔසී කල්ලතෝනි අන්කල්ස්ලා???

      නොදකින් මෙහෙමත් කාලකණ්ණි දෙබිඩ්ඩෝ, තුඃ විතරක්

      Delete
    5. කලු ඔසී කල්ලතෝනි අන්කල්ස්ලා??? විතරක් නොවෙයි අන්ටිලාගේත් රෙදි ගැලවෙන්ම දීලා
      මල් හතයි . උන්ගේ මුනේ අබ පුපුරයි !!!!!!!

      Delete
    6. කලු ඔසී කල්ලතෝනි අන්කල්ස්ලා ......අද කො බන් මුන්

      Delete
    7. Bud in Oz/ ඔය වුනා කළු ඔසියෝ ලංකාවට එවන මුදල්, ලංකාවේ කරන සේවා මෙතන දිගහරින්න අවශ්‍ය නැහැ.....///
      ඉතින් දිග ඇරලා පෙන්නපන් නම් ගම එක්ක " මේ කවුද මොනාද කරන්නේ "කියලා මේ බ්ලොග් එක කරන / බලන/කියවන ලංකාවේ අනික් එවුනට දැනගන්න එතකොට ඕවගේ ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන්නේ උඹද කාලේ කියලා

      Delete
    8. AnonymousNovember 29, 2017 at 6:00 PM

      මචන් කොච්චර දුප්පත් වුණත් ලංකාවේ නැති බැරි එවුන් ඔය ඔසී වල, නැත්නම් යූකේ/ කැනඩා වගේ රටවල හික්මීයන් වගේ අන්තිම කසඩ සුද්දටත් දෙකට නැමෙන වෙන්ඩපොශ් කලුසුද්දෝ මෙහෙ ඇවිත් දෙන තුට්ටු දෙකේ පඩ ශෝ, ලොකු ටෝක් සත පහකට ගනන් ගන්නෙ නැහැ. ඉතින් කිසිම සමාජ පිළිගැනීමක් නැතිනිසාම එහෙම ලැබෙන ලංකාවෙ උන්ට ඊර්ෂ‍යා කරන, තමන්ගෙ පහත් තත්වෙ නිසා හීනමානෙන් පෙලෙන බුඩ් ඔන් ඔස්z (bud on oz), බයිලා කතන්දර දොඩවන පිස්සු තැඹිලි බුඩ්ඩා වගේ ලජ්ජ නැති අඩු කුලේ පර හැත්තව ගනන් ගත්තේ නැති නිසා ඔවුන් ලංකාවේ නැති බැරි එවුන්ට වෛර කරනව කියලයි මට හිතෙන්නෙ.

      Delete
  7. ජීවිතේ පොඩ්ඩකට නතර උනා වගේ දැනුනා

    ReplyDelete
  8. ඒක එහෙම වෙච්චි එක හොඳයි.. විදුරත් ඉඳල ඔයින් ගියා මදැයි.. ;)

    කෙටිකතාවක් කියල හිතන්න කොහොමවත් බැරි තරම් තාත්විකයි..

    ReplyDelete
    Replies
    1. රත්ගම ඉදන් විදුර මල්ලිත් ආවලු...මේකනම් සෙල්ලම් එකෙක් වෙන්න බෑ.....

      Delete
    2. ඇත්ත කෙටි කතාවක්

      Delete
    3. විදුර අයියා සිගරැට් අරක්කු බොන්නේ නැහැ නේද

      Delete
  9. Replies
    1. :( මේකේ තේරුම මොකක්ද ? අක්ක කිව්වේ කුණුහරු අලුත් තාලෙට ලියන්නේ මෙහෙමයි කියලා

      Delete
    2. :( :) එය ඒහෙම ලියනවා මෙයා මෙහෙම ලියනවා අක්කාගෙන් ඇහුවම එයා කිව්වේ දෙන්නෙක් එකතුවෙලා කුණුහරුප වැඩ කරපු හැටි ලියන්නේ මෙහමයි කියලා අනේ මන්දා

      Delete
  10. මේ යක්සයට පොතක් ප්‍රින්ට් කරන්න කිව්වොත් නරකද...මේ සේරොම කෙටි කතා එකතු කරලා

    අපේ ලංකාවෙ සාහිත්ත ලෝකෙට බෝම්බ ගැහුව වගේ තියෙයි මට හිතෙන්නෙ...


    අසංක

    ReplyDelete
  11. පොඩි තැනක් තියෙනවා අර හොර ඩයල් එක ආබාධිත එකෙක්. සාමාන්‍යයෙන් නම් කතාවක ඔතනට දාන්නෙ සික්ස්පැක් එකෙක් හරි,හුරුබුහුටි එකෙක් හරි...ඒත් යතාව ඒක නෙවෙයි.ගැහැණියට ඕනෙ අරකමත් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. අන්ධ උන්ට ලව් කරන පේන කෑලිත් ඉන්නේ බං

      Delete
  12. පොඩි තැනක් තියෙනවා අර හොර ඩයල් එක ආබාධිත එකෙක්. සාමාන්‍යයෙන් නම් කතාවක ඔතනට දාන්නෙ සික්ස්පැක් එකෙක් හරි,හුරුබුහුටි එකෙක් හරි...ඒත් යතාව ඒක නෙවෙයි.ගැහැණියට ඕනෙ අමුවෙන්ම අරකමත් නෙවෙයි ප්‍රීයාන් ජේද ගොඩකින් ඒක පැහැදිළි නොකරට ඒක හොදට ගලපලා තියෙනවා....

    ReplyDelete
  13. මාතලන්....... අපේ ඔලුව කන්න එපා....යකෝ....!!!

    ReplyDelete
  14. ඔය ප්‍රියාන් සිල්වා කියන්නේ අවතාරයක්. කොහෙන් ආවද කවුද මූ ?????????????????????
    මුහුනු පොත වනසනවා . ලියනවා .අපි මරනවා.

    ReplyDelete
  15. http://malyaaya.blogspot.com/2017/11/erotic-wall-18.html

    කියවලා ගුණ දොස් විචාරන්න.

    ReplyDelete
    Replies
    1. හොඳයි... සාම්ප්‍රදායිකයි... මම කැමති අළුත් දෙයක් කරනා උන්ට

      උඹ බලහන් උඹට ඕකම ලියන්න පුළුවන් මේ විදියට..

      Delete
  16. කියන්න වචන නැහැ.. මාතේ..පපුවට පිහියෙන් ඇනල තියනවා.

    ස්තුතියි...!(ප්‍රි)&(මා)

    ReplyDelete
    Replies
    1. මමත් ඕකමයි කිව්වේ

      Delete
    2. පට්ට බන් ඒක ඇත්ත😌😌

      Delete
  17. මේ වගේ කතා අඩු තරමින් සතියකට දෙකක්වත් රොබෝ කෙනෙක් වගේ අහගෙන ඉන්න නිසා අත්තක් ද කියලා මහ දුකක් හිතුනා. ඒ මේ ලිවීමේ තියෙන ප්‍රබල බව නිසාම වෙන්න ඇති

    ReplyDelete
  18. පට්ට. ප්‍රියාන් ගේ බ්ලොග් එකක් නැද්ද?

    ReplyDelete
  19. කථාව හොඳයි. නිනිස්සු සල්ලි හොයනකොට ජීවිතේම උගස් කරන්න වෙනවා. ලක්ෂ ගණන් නැතිවුනත් හම්බවෙන මුදලින් ලංකාවේ හිටියනම් හොඳයි කියලා හිතෙනවා
    විචාරක දියණිය

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න