.

.

Nov 11, 2017

අර්ජුණගේ නැව් බයිලා සහ යාපාලන රජයේ බැරි බැරියාව - Failed Politicians & their Dirty Jokes




තෙල් අර්බුදය ගැන බෝල ගහපු ඇමතිතුමා මුලින් කී බයිලා දැන් වෙනස් කරගෙන ඇත. එයා දැන් කියන්නේ හිටපු ඇමතිවරු දෙදෙනෙක් එයාට ගේම දුන් බවය. දුක් ගැනවිල්ල ගෙනියන්නේත් වැල් බයිලා ගහන රටේ නායකයාටය. රට හදන්න බැරි හේතුව හෙවත් යාපාලනේ ගොඩනගන්න බැරි හේතුව ලෙස එදා ගැයූ රාජපක්ෂ ස්ලෝගන් එක වෙනස් කොට, දැන් "මගේ රජයේ" ස්ලෝගන් එක බවට පත් කරගෙන ඇත්තේ සියල්ලටම හේතුව බැඳුම්කරේ කියලාය. 

වැඩ බැරි එකා කරන්නේ මේ දේය. ඒ කියන්නේ, එක එකාට වරද පටවා තමන්ගේ සායම බේරා ගැනීමය. වැඩ්ඩෝ එහෙම නොවේය. වැඩ්ඩෝ කියන්නේ එක එකාට දොස් කියමින් ඉන්නා උන් නෙමේය. තමන්ට පැවරු කාරනා ඉටුකොට, පුළුවන්නම් එතනින් එහාටත් දෙයක් කිරීමය. බැරි නම් දමලා ගහලා යන එකය. අද හෙට මාව විසිවෙයි කියා කියන්නේ කොරන්නා බැරි බව තේරෙනා නිසාය. 

අප දන්නා දේශපාලන ඉතිහාසය තුල, ජේ ආර්, ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂ කළේ ඒ දෙයය. ජේ ආර් බයිලා ගසමින් උන්නේ නැතිය. සිරිමාගේ ප්‍රජා අයිතිය අහෝසි කොට, රට සංවර්ධනය කළේය. එදා උන්නැහේ හදපු "බහු බූත වියවස්තාව", අද දන්ත ධාතුවටත් වඩා අති උතුම් පූජනීය ලියවිල්ලක් බවට පත් වී අවසානය. එය ආරක්ෂා කිරීම පවරාගෙන ඇත්තේ අවුරුදු 2500 ක් මේ රට ආරක්ෂා කොරගෙන උන්නා යැයි කියනා මහා සංඝරත්නයය. 

ප්‍රේමදාසට ලැබුනේ දෙපැත්ත අවිලුන විලක්කුවක්ය. එහෙම එකක් ලැබුනා කියා, උන්නැහේ අතීතයට බැන බැන උන්නේ නැතිය. තම පක්ෂයේ උන් පවා තමන්ට එදිරව යද්දි, උන්ගේ විරෝධ පයිසෙකට මායිම් නොකර, රටේ සීඝ්‍ර සංවර්ධනයක් කළේය. උන්නැහේගේ "ඇඟළුම් කර්මාන්තේ" මුල් වරට රටේ ප්‍රධාන ආදායම කළේය. ඉන් පස්සේ පත් උන කාළකන්නින්ට ඒ දේවත් මේන්ටේන් කොරගෙන යන්න බැරි උන අතරේ, වහල් වෙළඳාම නැවතත් අංක එක කොට අවසානය.

මහින්ද රාජපක්ෂද චන්ද්‍රිකාගේ පුක නැති වෙන්නම ගැහුවේය. විහාර මහා දේවිය, "චෞර රැජිණක්ම" කළේය. මිනිස්සු මහින්දගෙන් ඉල්ලුවේ, "යුද්ධය නවතා දෙන" ලෙසය. උන්නැහේ ඒ වැඩේ හරියටම කළේය. ඒත් එතනින් එහාට ගේම ගෙනියන්න බැරි උන හේතු කාරණ දැන් කතා කිරීමෙන් ඵලක් අත්තේ නැතිය. සමහර විට අද උන්නැහේට පෙර වැරදි මක්කද කියා තේරෙනවා ඇතිය.

ජනවාරි 8 විප්ලවයෙන් පත් වූ "මගේ රජය" කළේ කුමක්ද, එතෙක් කළ සංවර්ධන කාර්යයන් සියල්ල නවතා දමනා එකය. උන් කළ මහා ගොන්කම එයමය. අදටත් කොළඹ නඟරයේ ඉඳිවෙමින් පවතින්නේ මහින්දගේ කාළයේ ගෙනා ආයෝජනයන්ය. ආන්ඩුව කළේ මහින්ද රාජපක්ෂ පස්සේ එලවීමය. යන හැම තැනම කීවේ මහින්ද රාජපක්ෂ රට කෑවා කියාය. එහෙම රට කාපු එකා හා එක් වෙන්නට දන්නා කියනා සෙල්ලම් සියල්ල දමමින් සිටි. 

දැන් තඩි බාන්නේ බැඳුම්කර මුව හමටය. රට හදන්න බැරි, ඒ හේතුව නිසාය. බැඳුම්කර කේස් එක කරන්න උනේ ඇයිදැයි කියා, එකෙක්කත් ඇත්ත කියන්නේ නැතිය. එය හොරකමක් නම් රටේ නායකයාද එයට වග කිව යුතුමය. බයිලා ගැසීමෙන් හා දන්නා දේ නොකියා සිටීමෙන් කරන්නේ අමු ද්‍රෝහී කම්ක්ය. බොහෝ විට රනිල්ගේ දේශපාලන ගමනේ අවසානය නොබෝ දිනකින්ම උදාවනු ඇත්තේය. 

බෝල් ඇමති මුලින්ම ගැහුවේ නැව් බයිලාවය. 
එවිට අපට ඇති වන ප්‍රශ්ණය නම් සංස්ථාවට තෙල් ගේන්නේත් නැව් වලද කියනා එකය. 
ඇත්ත කතාව ඒක නෙමේය. 
බෝල ඇමතියා තෙල් නැව් තුනක් හරවා යවා ඇත්තේය. 
මේ නැව් හරවා යැවූයේ ඇයි? 
ඊට හේතු කවරේද?
මුල්ම ප්‍රෙස් බ්‍රීෆින් එකේ මේ බව සඳහන් නොකලේ ඇයි?
නැව් තුනක්ම හරවා යැවූ හෝ රිජෙක්ට කළ පසු තෙල් හිඟයක් ඇති වන බව බෝල ඇමති දැනගෙන උන්නේ නැතිද?
ඕවර 50 මැච් වල බෝල දාන උන්ගේ ඕවර් ලිමිට් එක දැනගෙන, ඕවර් පනහා බැලන්ස් කරා වාගේ, මේකත් බැලන්ස් කරන්න ඕනා බව දැනගෙන උන්නේම නැතිද?

අනෙක් ප්‍රධාන කරුණ නම්,
තෙල් අඩු කර දෙනවා කියන නිව්ස් එක දුන්නේ කව්ද? 
මෙහෙම නිව්ස් එකක් ගිය විගස් ෂෙඩ් හිමියන් තෙල් ඇනවුම නවත්වනා බව දන්නේම නැතිද? 
ඇත්තටම එහෙම දෙයක් කරන්න උන්නාද? 
එහෙම නැත්නම් මෙය කාගේ හෝ ගේමක්ද? 
රජයට ප්‍රවෘත්ති හා මාධ්‍ය ප්‍රතිපතියක් නොමැති වීම හා එදා වේල ටුවර්ස් කොම්පැනියක් වීම මෙයට හේතුව නොවේද?

තෙල් අර්බුදයට හේතුව නැවේ බාල තෙල් කියනා කටින්ම, අද කුමන්ත්‍රණයක් ගැන කතා කරනවාද? එහෙම නැත්නම් ඒවා කියන්නේ පුකෙන්ද?
අර්බුදය ඇතිකල හිටපු ඇමතිවරු දෙදෙනා කව්ද?
උන්ගේ නම් නොකියන්නේ උන්ට බයද?
එහෙම නැත්නම් උන්ගේ මිනිස්සු සද්ද නැතිවම බෝල අමතියාට කෙලිනවාද?

අප දන්නා පරිදි කොලොන්නාවේ හා මුතුරාජවෙල ඇති ටැංකි වල මාසකට තරම් තෙල් ගබඩා කර තැබිය හැකිය. 
ඒ දෙකේම මෙට්‍රික් ටොන් 45,000 ගනනේ මෙ: ටො: 90000 ගබඩා කර තැබිය හැකිය.
ඒය මසක පරිභෝජනය සඳයා ඇති තරම්ය.
මේවා ටිකවත් මේන්ටෙන් කොරන්න බැරි ඇමතියෙක් හා යුනියන්. තව ටැංකී 100 ඉල්ලීම පට්ට ජෝක් එකක් නෙමේද? 
ඒ ඉස්ටොක් එක මේන්ටේන් කිරීම සඳහා තෙල් නැවක් දවස් 20 කට වරක් පැමිණියාම ඇති බව බෝල ඇමති නොදන්නේද?
තෙල් නැව් තුන්ම හරවා යැවූ පසු, ඒ වෙනුවට එකක් හෝ ගේන්න වැඩ කටයුතු කළේද?
ප්‍රශ්ණ මෙහේ යන අතරේ නෙවස්කා ලේඩිට තෙල් පටවලාවත් නොතිබූ බව බෝල ඇමතියා හා අනෙක් හාල්පාරුවන් දන්නවාද?
ඩුබායි හී සිට නැවක් කොළඹට එන්න දින 10 ක් යන බව මුන් දන්නවාද? 

මේවා අනුව පට නම් පෙනී යන්නේ, මේ සියල්ලම බෝල ඇමති දැණුවත්වම් සිඳූ වූ දේ මිස, වෙන එකෙක්කත් කළ දේවල් නොවේ කියාය. එහෙම එක එකාට ඕනා ඒවා කරන්න පුළුවන්නම් ඔතනට රාජ්‍ය බලය සතිත ඇමතියෙක් හා සභාපතියෙක් හා ලේඛමෙක් ඕනා නැතිය. එමෙන්ම තමන්ගේ ඇමති මණඩලයේ උන් නිසි ලෙස වැඩ කරන්නේ නැත්නම්, උන් එලවා දමන්නට හෝ මාරු කරන්නට නායකයෙක්ද ඕනා නැතිය. 

සිඳුවීම් සිඳුවන ආකාරය අනුව නම් අපට පෙනෙන්නේ මහින්ද රාජපක්ෂ තාමත් අම්මට සිරි ලංකාවේ විධායක් ජනාධිපති කියලාම.
මන්ද?
උන්නැහේගේ කාළයේ ආරම්බ කළ "සයිටම් ආයත්නය"
"සයිටම් හොර උපාධි කඩය"ක් ලෙස නම් කොට,
පෙරට්ටන් ලවා වසා දැමීමටත් සමත් වූ නිසාමය. 

දැන් එම රෝහල මුල්ලේරියාවේ රෝහලට අනුයුක්ත කරන්න යනවාය. ඒක ඉතා හොන්ද දෙයක්ය. එහෙම අනුයුක්ත කරලා, යහපාලන ආන්ඩුවේ ඔක්කෝම උන් ටික ඒකේ ගිහින් නවතිනවා නම්, ඊටත් වඩා හොඳය. මක් නිසාද යත්, මේ ආන්ඩුවේ ඉන්නා ඔක්කෝම එතන ඉන්න ඕනා බඩු නිසාය. 

ඒ වගත් මෙසේය... 


53 comments:

  1. මාත මචෝ අපිටත් මේ නැව් බයිලා සහ අයවැය බිජ්ජෙන් වැඩක් නෑ. මැද මුලන බද්ද කියල එකකුත් තියෙන්නෙ. මංගල බද්ද කියලත් කියන්නෙ. කොහොම හරි කැරකිල ඔය බද්දත් අපිටම ගෙවන්න වෙයි. මැද මුලනින් නම් සතයවත් ගන්නෙත් නෑ. රනිල් ඒකට ඉඩ දෙන්නෙත් නැහැ.

    මං අද බාර් එකට ගිහිං සුපුරුදු පරිදි රුපියල් 800 ක් දීලා ස්පෙෂල් බ්‍රෙව් බියර් ලොකු ටින් දෙකක් ඉල්ලුවා. බාර් එකේ ගෝලයා බියර් ටින් දෙකයි රුපියල් 200 කුයි ආයේ දුන්නා. මිනිහා කිව්වා දැන් බියර් අඩු කළා කියලා. 400 ට දුන්නු ටින් එක දැන් 290 යි.

    මෙව්වනි යකෝ මුදල් ඇමතිකම් කියන්නේ. මංගල සමරවීර කියන්නේ පට්ටම රැඩිකල් ඩයල් එකක් මට නම්. ඒ වගේ කෙනෙක් තමයි මේ රටේ ජනාධිපති වෙන්න ඕනි වෙනසක් වෙන්න නම්. හැබැයි මෙහෙ ඉන්න හක්කේ බුදු රැස්, බොක්කේ දඩ මස් ඩයල් එක්ක ඒක වෙයිද කියාලා ෂුවර් නෑ.

    ReplyDelete
    Replies
    1. අපි බලන්නේ ජෝන් සෙනෙවිරත්න ජනාධිපති තාත්තා කරලා

      මංගල අගමැති කරන්න හිටන්

      Delete
    2. ටෞකණ්ඩ ඊයෙ ගත්ත ගල් බෝතලේ 80 ක් ම වැඩියි.

      Delete
    3. ටෞඩූ බලහන්කෝ ඉතින් හැමිනෙන්න දාලා

      Delete
    4. ///මං අද බාර් එකට ගිහිං සුපුරුදු පරිදි රුපියල් 800 ක් දීලා ස්පෙෂල් බ්‍රෙව් බියර් ලොකු ටින් දෙකක් ඉල්ලුවා. බාර් එකේ ගෝලයා බියර් ටින් දෙකයි රුපියල් 200 කුයි ආයේ දුන්නා. මිනිහා කිව්වා දැන් බියර් අඩු කළා කියලා. 400 ට දුන්නු ටින් එක දැන් 290 යි. ///

      බලහන්, එතනත් උඹෙන් 20 ක් ගසා කාලා...

      අපේ ගස් ගෝන්නුන්ට දැන් බියර් හරි ලාබයි කියල හිතෙනවා ඇති නෙහ්...
      මේ ගවපාලනේ එන්න කලින් ඔය බියර් කෑන් එකක් 200 යි...
      උන් ඇවිත් 2014 දෙසැම්බර් අග වෙද්දී 200 ට තිබ්බ බියර් කෑන් එක 2015 දෙසැම්බර් වෙද්දී 357 ට වැඩි කරලා ඊට පස්සේ එක පාරම 390 ට වැඩි කරලා 2017 නොවැම්බර් වෙනකල් තියාගෙන ඉඳල ජන්දයක් කිට්ටු කරලා ආයේ 290 ට අඩු කලාම චෝයි නේද...
      ගොන්මලයා දිනේවා...

      Delete
  2. අනේ අපිට මුන් ඔක්කොටම කෙළවන්න විදියක් නෑ නේ.. කරුමේ කියන්නේ මුන් ඡන්ද පැරදුනත් ආයේ එනවානේ හොල්මන් වාගේ..

    ReplyDelete
    Replies
    1. 94 ඉඳන් ඉන්නේ එකම සෙට් එකක්.... මුන්ව ප්ලේන් එකක දමලා මරියානා ආගාදයටම අතාරින්න ඕන...

      Delete
    2. පාර්ලිමේන්තු ව රැස්වෙන ද්වසක් බලලා බෝම්බ ගහන්න ඕනා සේරම එකට හැදි ගෑවිලා යන්න

      Delete
  3. බොහොම හරි. ඔය කියන accountability එක ලංකාවේ රාජ්‍ය සේවයේ ඇත්තේම නැති තරම්. විශේෂයෙන්ම කෙළවෙනකොට accountability එක අනිත් උන්ට තල්ලු කරනවා. හරියනකොට අනිත් උන්ගේ තොප්පිත් දාගන්නවා. නමුත් පෞද්ගලික අංශයේ ඕක කරන්න අමාරුයි. එතන කාර්යක්ෂමතාව මනින මිනුම් දඬු (Key Performance Factors) භාවිතා වෙනවා.
    රජයක් තිබෙන්නේ රාජ්‍ය පරිපාලනයට මිස තෙල් බෙදන්න, බිස්නස් කරන්න නෙමෙයි. ඒවා පෞද්ගලික අංශයට කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මේ රටේ ප්‍රයිවට් සෙක්ටර් එකේ ඒවත් රජයට ගන්න වලි කන්නේ..

      56 බූරූ පුත්තු සෙට් එකක් නේ ඉන්නේ

      Delete
    2. රජයක් තිබෙන්නේ රාජ්‍ය පරිපාලනයට මිස තෙල් බෙදන්න, බිස්නස් කරන්න නෙමෙයි. ඒවා .පෞද්ගලික අංශයට කරන්න පුළුවන්......///

      පට්ට සුකර මොළයක් නේ තියෙන්න මේ Bud in Oz පොරට . කොහෙද ඔක තියෙන්නේ එතකොට සෞක්‍ය ..අධ්‍යාපනය ඒවත් රජය පරිපලනට අයිති එව්වා නොවන හින්දා ඒ ඔක්කොමත් පෞද්ගලික අංශයට කරන්න පුළුවන් කියාලා ද ඔය කියන්නේ

      ඔසින්ටම ගැලපෙන ඔය සුකර මොලේ හොඳ වෙලාවට උන් බාර ගත්තේ දෙයියන්ගේ නාමෙන් රට අතහැරලා ගියා නම් එහෙටම දිගෙන ඉන්නවකෝ අහවල් එකටද ලංකාව ගැන හොයන්නේ තමුසෙලා හම්බකරන් au $$$වලින් එරට බදු ගෙවන එකේ ලංකාවේ රජයට සතෙකින් හරි බදු ගෙවනවද ඔච්චරම රට ගැන කුයි කයි එකක් තිනවානම් ඇව්ල්ලා ලන්කාවට බඩු ගෙවන රස්සාවක් කරනවකෝ අවම වශයෙන් කවදාද අන්තිමට ලංකාවේ ජන්දයක් කදී රජයක් තෝරාගන්න චන්දය දුන්නේ ....

      Delete
    3. ඇනෝ මිත්‍රයා,
      අපි මේ වගේ බ්ලොග් වලට කොමෙන්ට්ස් දාන්නේ ඇම්මක් නිසා නෙමෙයි. අපි ලංකාවේ බ්ලොග් වගේම අනිත් රටවල බ්ලොග් කියවනවා. එසේ කරන්න අපට නිදහස් මනසක් තිබෙනවා. 'ලිං මැඩි' මානසිකත්වයක් නැහැ.
      ලංකාව ගැන අපට අමුතු ඇම්මක් නැහැ. හැබැයි පොඩි හිත් වේදනාවක් තිබෙනවා. හේතුව ලංකාව අපි උපන්, හැදුනු වැඩුණු රට නිසා. අපි රට හිටියත් අපේ පවුල්වල අය, නෑදෑයෝ සහ යාලු මිත්‍රයෝ ලංකාවේ විඳින දුක දැකලා. එය එසේ විය යුතු දෙයක් නොවන බවයි ලෝකයේ දියුණු රටවල ජීවත්වෙලා තිබෙන, සංචාරය කර තිබෙන අප හිතන්නේ. ලංකාවේ මිනිස්සු පිටරටවලට සංක්‍රමණය වන්නේ ඇයි? ලංකාවේ ජීවත්වීමෙන් තමන්ට හෝ තම දරු මල්ලන්ට කිසි අනාගතයක් නැති බවට අපේක්ෂා භංගත්වයක් ඔවුන් තුළ තිබෙනවා. ඔබට ලෝකයේ දියුණු රටක ජීවත්වෙන්න අවස්ථාව ලැබුනොත් ඔබ එය ප්‍රතික්ෂේප කරනවාද?
      ලංකාවට දියුණු වෙන්න අවශ්‍ය සම්පත් බොහොමයක් තිබෙනවා, අනිත් රටවලට සාපේක්ෂව. නැත්තේ හොඳ නායකත්වයක්. ලංකාවේ ඉන්න කාලේ අපිත් ආදායම් බදු ගෙව්වා. රජයක් තිබෙන්නේ බිස්නස් කරන්න නෙමෙයි. ඔව්, සෞඛ්‍ය, අධ්‍යාපනය වගේම ප්‍රවාහනය වගේ සේවාවන් ලෝකයේ දියුණු රටවල මෙහෙයවන්නේ බොහෝවිට පෞද්ගලික අංශය. බලන්න ලංකාවේ දුම්රිය සේවය. දකුණු ආසියානු රටවල් එක්ක බැලුවත් ලංකාවේ දුම්රිය සේවය ඉතාමත් පහත් මට්ටමකයි පවතින්නේ. රජයට ඒවා දියුණු කරන්න මුදල් තිබෙනවද? මේ වගේ බොහෝ උදාහරණ ගෙන දක්වන්න පුළුවනි.

      Delete
    4. ඔසී රටේ පොරටෝක්ස් මිත්‍රයා,

      ලෝකෙ පුරා ඇවිද්ද පලියට, මයිග්‍රේට් කල පළියට ළිං මැඩි මානසිකත්වය වෙනස් නොවේ. ලංකාවේ ගෝත්‍රික ළිංමැඩියන් මෙන්ම සුද්දාට පුකදී බටහිර රාජ්‍ය වෙනුවෙන් ප්‍රසස්ති ගයන වන්දිභට්ටයන්ද තවත් ළිං මැඩි පිරිසක් මිස ඇති වෙනන්සක් නැත.

      ඔබ දන්නවාද ඔබ ඔය ගරහන මහා බ්‍රිතානයෙන් පිට වැඩිම cima ගණකාධිකාරී වරු සිටින රට ශ්‍රී ලංකාව තමයි, අද එංගලන්ත කොටස් වෙළදපොල හසුරවන පරිගණක පද්ධතිය සකසල තියන්නේ අපේ රටේ ශ්‍රී ලාංකිකයන්. එංගලන්තය මෙන්ම බොහෝ ධනවත් බලවත් රටවල ප්‍රධාන බැංකු වල ආරක්ෂණ පද්ධති සෑහූ අතිදක්ෂ ලාංකිකකයින් ලංකාවේ සිට සේවා සැපයූ බව ඔබ වැනි බකපණ්ණ්ඩි ළිං මැඩියන් නොදනී. (මෙනිසා ලාංකිකයන්පුහුණු ශ්‍රමයෙන් ප්‍රයෝජන ගැනීම වැදගත්.)

      ඔස්ට්‍රේලියාව වනාහී ලොව අනෙකුත් මහාද්වීපයන්ට සාපේක්ෂව හුදකලාව පිහිටි මහාද්වීපයකි. එහි ආදිවාසීන් වන ඇබෝරිජීන් වරුන් වසර දහස් ගණනක සිට එම රට තුල ජීවත් වුනු බවට සාක්ෂි සාධක එමට ඇත. විශේෂයෙන් හුදකලා රටක් වන එයට අතීතයේදී මිනිසුන් කෙළෙස සංක්‍රමණය වුයේද යන්න පවා ප්‍රශ්නාර්ථයකි. එලෙස වසර දහස් ගණනක් තමන් සිටි රටේ ඉතාමත් සුළුතරයක් බවට අද ඔවුන් පත්ව ඇත. මෙයට ප්‍රධාන හේතුව නම් වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ බහුතරය බවට පත්ව සිටින බටහිරින් පැමිණි සුදු ජාතිකයන් විසින් අතීතයේ ඔවුන් ඉතාමත් තාඩන පීඩන වලට ලක්කර ඔවුන්ව වහළුන් ලෙස තබාගෙන අමානුෂික ලෙස ඔවුන් ජාතියක් ලෙස වඳ කළ නිසාය. ඔස්ට්‍රේලියාවේ ඇබෝරිජීන් වරුන්ට සහ ඇමරිකාවේ ආදිවාසීන් වන රතු ඉන්දියානුවන්ටද අත්වුයේ එකම ඉරනමකි. අද ඔවුන් ඔවුන්ට අයිතිව තිබු රටේ සුළුතරයන් බවට පත්ව අතිශය ඛේදනීය ඉරනමකට පත්ව සිටිති. අවම වශයෙන් 1900 පමන වන විට ඇබොරිජීන් වරු මිලියන 20කට නොඅඩු පිරිසක් සමූලඝාතනය කර ඇත.

      අතීතයේ ඔවුන්ව යටපත් කළ හැකිව තිබුණත් දැන්දැන් ඔවුන්ද සංවිධානය වෙමින් ඉදිරියට පැමිණ ඇත. එයට ආසන්නතම අවස්ථාව නම් ඔස්ට්‍රේලියානු ජාතික දින සමරුවට පැමිණි අගමැතිනි ජුලියා ගිලාර්ඩ්ට ආදිවාසී ඇබොරිජීන් උද්ඝෝෂකයන් 200 දෙනෙක් පමණ එහි මහත් කලබලයක් සිදු කිරීමයි. එහිදී අගමැතිනියට කිසිදු අනතුරක් සිදු නොවු අතර ඇගේ පාවහන් යුවල එම ස්ථානයේ දමා පලායාමට සිදුවී ඇත.

      ඔසී රටේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුව එහි බහුලව පවතින ගලඟුරු, ඛණිජ, දියමන්ති ආකර ඇතුළු ස්වභාවික සම්පත් සහ ස්වදේශිකයන් සමූලඝ්හාතනයෙන් පසු ඉතිරි වූ සංක්‍රමණික සුද්දන් අඩු ජනගහණය නිසා සම්පත් බෙදීයෑමේදී ඇති වූ වාසියයි.

      අනිත් රටවල් ඔය හිතන තරම් සුන්දර නෑ. සෑම රටකම පුරවැසියන්ට ලැබෙන වරප්‍රසාද කිසිදු අයුරකින්සංක්‍රමණික පුරවැසියන්ට සම්පුර්ණයෙන් නොලැබෙන බව දෙනෙත් හැර බැලුවොත් ඔබට පෙනී යනු එත.

      සංක්‍රමණයෙන් උපන් හපන්කම් නසා අළුත් රටට ආවඩන වහලෙකු පමණක් බිහිකරයි. ඔබ ඊට ඇති හොඳම උදාහරණයයි.

      Delete
    5. ඇනෝ ,

      ඔබගේ කොමෙන්ට් මාගේ ඉහත කොමෙන්ටුව සමග යම් තරමකට සැසඳේ. ලංකාවට දියුණුවන්නට අවශ්‍ය සම්පත් තිබෙන බව මම ඉහත කීවෙමි. ඒ බොහෝ දුරට මානව සම්පත්ය. ඔබ ඔය කියන්නේද එයමය. එවන් රටක් අද ලෝකයේ දිළිඳු කම අතින් ඔය තත්ත්වයේ තිබෙන්නේ ඇයි?

      ඔබ CIMA ගැන සඳහන් කරයි. පොර ටෝක් වලින් තොරව මාද CIMA සාමාජිකයෙකි. වෙනත් ගණකාධිකරණ ආයතන කිහිපයකම සාමාජිකයෙකි. ලංකාවෙන් පිටවනවිට මා ලංකාවේ ප්‍රමුඛ සමාගමක මූල්‍ය කළමනාකාරී තනතුරක් දැරුවෙමි. ඔස්ට්‍රේලියාව හැරුණුකොට එංගලන්තය, සිංගප්පුරුව, ඇමෙරිකාව සහ මැද පෙරදිග රටවල් කිහිපයක සේවය කර ඇත්තෙමි. ඒ මගේ අධ්‍යාපන සුදුසුකම් වලට පිංසිදුවන්නට මිස කාටවත් දෙන්න ගොස් ලබාගත් දේ නොවේ. කොහේ ගියත් මම ලාංකිකයෙක්මි.

      ඔස්ට්‍රේලියාව සම්බන්දයෙන් ඔබ පවසන අනිකුත් කරුණු මේ මාතෘකාවට අදාළ නොවේ. ඔස්ට්‍රේලියාව ස්වාභාවික සම්පත් රටක් බව සැබෑය. නමුත් රටක ආර්ථික දියුණුවට ස්වාභාවික සම්පත් අත්‍යවශ්‍ය නොවේ. ලංකාවේ රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇත. ලංකාවට හොඳ දේශපාලන නායකත්වයක් අවශ්‍යව තිබේ. තෙල් ප්‍රශ්ණය ඇතුළු ලංකාවේ අද පවතින සියළු ප්‍රශ්ණවලට හේතුව එයම බව අපගේ විශ්වාසයයි.

      Delete
    6. ලංකාවේ ජීවත්වීමෙන් තමන්ට හෝ තම දරු මල්ලන්ට කිසි අනාගතයක් නැති බවට අපේක්ෂා භංගත්වයක් ඔවුන් තුළ තිබෙනවා. ඔබට ලෝකයේ දියුණු රටක ජීවත්වෙන්න අවස්ථාව ලැබුනොත් ඔබ එය ප්‍රතික්ෂේප කරනවාද?..... ///

      එතකොට මේ උගතා සිතාගෙන ඉන්නේ ලංකාවේ ඔක්කොම උගත්තෝ සියලු දෙනාටම ඔහෙට වගේ අපේක්ෂා භංගත්වයක් ඔවුන් තුළ තිබෙනවා කියලද ඔවුන් සියලු දෙනාම සංක්‍රමණයකිරීමට දත කට මැදගෙන ඉන්නවා කියලද ? අනේ මෙහෙමත් මොලේ අමාරුවක්

      ඔහේ ලාංකීය බදූ මුදලින් ඉගෙන ගෙන තමුන්ට ඇතිවී ඇති අපේක්ෂා භංගත්වයක් නිසා රටට හෙන ගැහිලා ගියත් තමන්ට පමණක් හරියන තියරියෙන් සංක්‍රමණය වෙලා. මේ අපි තමයි නියම ඔරිජිනල් ලාංකිකයෝ අපට කියලා කියවගන්නද බලන්නේ

      සුකරයෙක් වෙන්න එපා ඔයි ගොනෙක් වෙනවා ඊට වාඩා හොඳයි ඔසී රටේ කරත්ත භාවිතය නැති නිසා වියගට බඳින ඕන වෙන එකක් නෑ....

      ලංකාවෙන් පිටවනවිට මා ලංකාවේ ප්‍රමුඛ සමාගමක මූල්‍ය කළමනාකාරී තනතුරක් දැරුවෙමි..//
      ඉතින් රට හදන්න උනන්දු වෙන්න නැතිව දාලා ගියේ සුද්දගේ කොලොනියල් ඇම්මට නැවෙන්න නේද

      අපිත් ඔය වගේම ලෝකේ වටේ සංචාරය කරලත් තියනවා එහිදී ඉගෙන රැකියා කරලා සුදුසු කමත් තියනවා නමුත් පොර ටෝක් නැ උගත් දෙයින් උපන්රටට සේවයක් කරනවා ඇරෙන්න
      ඔහෙලා වගේ අය නිවාඩුව හරි මළාට හරි ලංකාවට එන්න එපා දාල ගිය නිසා. ඕනෙමනම් බාලි දුපතට හරි බැංකොක් පැත්තේ රවුමක් දාලා සැපක් ගන්නවා ලංකාවේ ට ඇවිලා පොර ටෝක් දෙන්නේ නැතිව


      Delete
    7. ඇනෝ ,

      ඔබගේ සියළු පිළිතුරු වලින්ද ඒවායේ ඔබ භාවිතා කරණ වචන වලින්ද ඔබේ උගත්කම් සහ දැනුම ගැන මෙය කියවන කාට හෝ වැටහෙනු ඇති. ඔබට ඇත්තේ අප කෙරෙහි ද්වේශයක් මිස අප ඉහත දක්වන කරුණු පිලිබඳ තර්ක කිරීමට නොවේ. මෙවන් වාද වලට පිළිතුරු සැපයීමත් කාළය නාස්තියකි. ලංකාවේ සිංහලෙන් පළවන බ්ලොග් අතර මා වඩාත් කැමති බ්ලොග් එකක් තමයි මේක. ඒ නිසා මේ වගේ කුණු ඇවිස්සීමත් තේරුමක් නැති දෙයක්.

      Delete
    8. බංගලාදේශ දේශ සීමාව ආසන්නයේදී ගොවිතැන් කරමින් සිටි බුරුම වැසියන් කිහිප දෙනෙකු මුස්ලිම් ත්‍රස්ථවාදීන් විසින් කපා කොටා ඝාතනය කර තිබෙනවා. මරා දැමුනු සියල්ලන් බෞද්ධයන් වීම විශේෂත්වයක්.

      Delete
    9. ඔහෙලා වගේ සුකර පකිර්ලට මේවගේ තමයි අමතන්න ඕනේ සුද්ද භාෂාවෙන් මේ හොඳ වැඩියි මෙහෙම කතා නොකලට කිසි වැදගම්මක් නැ

      ඔබේ උගත්කම් සහ දැනුම ගැන මෙය කියවන කාට හෝ වැටහෙනු ඇති. ඔබට ඇත්තේ අප කෙරෙහි ද්වේශයක් මිස අප ඉහත දක්වන කරුණු පිලිබඳ තර්ක කිරීමට නොවේ.....///

      මගේ උඅගත් කම මම ලෝකෙට පෙන්නලා පොර ටෝක් දෙන්න ඕනෑකමක් මට නැ මට අවශ්‍යත් නැ රට හදාගන්න තමුසෙලාවගේ කොලොනියල් ඇම්මට නැවෙන්න එවුන්ගෙන් උපෙස් ඕනෙත් නැ

      ඒ නිසා මේ වගේ කුණු ඇවිස්සීමත් තේරුමක් නැති දෙයක්......//////
      මෙවා කුනු කියලා හිතෙන්නේ ඇයි ඔහෙලාවගේ බෙරිව්ච්ච ගස් ලබ්බෝ ලංකාට ඕනේ නෑ


      අඩුම ගානේ ඔහේ දැන් ලංකාවේ පුරවසිකමවත් තියනවද එහෙම නැතිව තමාගේ නැතිවෙච්ච ලංකාවේ පුරවැසිකම ලංකාවේ ආණ්ඩුවට සල්ලි දීලා නැවත ගත්ත කෙනෙක් ද




      Delete
    10. Ano 9.03 PM,

      Ostralia very gud cuntry. no like srilanka. Westen cuntrys no like this. There have more rigts to minority people. Becase that cuntrys progras cuntrys. we must destoy sinhala racism and divide power to minority. yu lern from ostralia. Prawd to be ostralia cuntryman.

      Ostralia citison (befor lanka citison now ostarlian)

      Delete
    11. Anonymous November 13, 2017 at 9:03 PM

      ශ්‍රී ලංකාවේ රජයෙන් දෙන නොමිලේ අධ්‍යාපනය සහ නොමිලේ සෞඛ්‍ය සේවය ලබන මුත් ඉන් කොන්වන යම් අදක්ෂ පුද්ගලයන් පිරිසක් කිසිදු සමාජ පිළිගැනීමක් නොමැතිවීමත් සුදුසු රැකියාවක් නොමැතිවීමත් ආදී සකලවිධ දුක් වේදනාවන්ගෙන් වියෝ වීම නම් වන කාරණයේදී සිතට එන පළමු විසඳුම විදෙස් රටකට සංක්‍රමණය වීම ය. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව වැනි වටිනා ඛනිජ පස් ස්වභාවයෙන්ම ලද රටවල්, නොර්වේ කැනඩා වැනි පෙට්‍රෝලියම් සහ වෙනත් අසීමිත ස්වභාවික සම්පත් ඇති රටවල් ඒවා කප කපා/ හාරා තෙල් රැගෙන චීනය ජපානය වැනි වෙහෙස වී කාර්මික නිෂ්පාදන කරන ධෛර්යමත් රටවලට විකුනා ජොලි කරමින් ජීවත් වන රටවල රාජ්‍ය අංශයේ අයිස් ජොබක්, නැතිනම් වෙනත් ශ්‍රමිකයන් හිඟ රැකියාවක් (උදා: කම්කරු, කශල ශෝධක සිට සම-ලිංගික ශ්‍රමිකයන් වැනි රැකියා දක්වා) ලැබ ජොලියෙන් සිටීමයි. ඇතැමුන් ප්ලේන් එකෙන්ද සමහරු බෝට්ටුවෙන්ද සංක්‍රමණ කරති.

      මෙම ගොබ්බ සංක්‍රමණික අපතයින් මුලදී සැළියට වන් කකුළුවා මෙන් රැඟුවත් හැළිය රත් වී ආගන්තුක රටක දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙස විඳින්නට වන වේදනාව තේරුම් ගන්නට හැකි වන්නේ බොහෝ කල් ගතවූ විට ය. ඒ වන විට ගැලවී ගත නොහැකි තරමට ඒ උගුලට අසුවී සිටින බොහෝ අයගේ එකම පැතුම වයස්ගත වී හෝ නැවත මව්බිමේ පදිංචියට ඒම ය. පොදුවේ විප්‍රවාසී ශ්‍රී ලාංකියනගේ සිත් තුළ පැල පදියම්ව ඇති මේ වේදනාව දෙස ඔස්ට්‍රේලියාවේ වාසය කරන රසිකා පෙරේරා ගේ කිවිඳිය හෙළන බැල්ම අපූරු ය.
      ____________________________________________

      අභිනිෂ්ක්‍රමණය . . . !

      දුක දනිමි...
      සීනුවට අවදිවී
      සීතලේ ඇඳ පැළඳ
      දුම්රියට දුව යෑම දුකක් ම ය.
      කළු කෝපි උගුරකින්
      ගිල දමා පාන් පෙති
      පරිඝණක තිරය මත ගල් ගැසී
      සංසාර චක්කරේ පැද යාම
      දුකක් ම ය.

      දුකට හේතුව දනිමි.
      කොමසාරු මැදුර ලඟ
      පෝලිමේ තෙරපිලා
      වීසාව අයැදීම හේතුව ය.
      විරැකියාවේ බරින් පීඩිතව
      ජනසවිය එපාවී දුර්මුඛව
      පලා නොම ගිය කරුණ හේතුව ය.

      දුක නැසුම මම දනිමි.
      මේ මහා තරඟයෙන් පලා ගොස්
      නිදන්නට හැකි වුනොත් දුක නැති ය.
      උපන් ගම රට වෙතට
      යලි ගොසින්
      ඉඳින්නට හැකි වුනොත්
      දුක නැති ය.

      දුක නසන මග දනිමි.
      දරුවනගෙ ඉගෙනීම ඉවර වී,
      ගේ උගස් ගිනුම අවසාන වී,
      පනස් පහ පසු වී,
      . . . . . . . . . . . . . . . . . . . .
      පැහැදිලි ය චතුර් සත්‍යය.
      අපැහැදිලි ය අභිනිෂ්ක්‍රමණය.....!

      Delete
    12. මෙම ගොබ්බ සංක්‍රමණික අපතයින් මුලදී සැළියට වන් කකුළුවා මෙන් රැඟුවත් හැළිය රත් වී ආගන්තුක රටක දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙස විඳින්නට වන වේදනාව තේරුම් ගන්නට හැකි වන්නේ බොහෝ කල් ගතවූ විට ය. ඒ වන විට ගැලවී ගත නොහැකි තරමට ඒ උගුලට අසුවී සිටින බොහෝ අයගේ එකම පැතුම වයස්ගත වී හෝ නැවත මව්බිමේ පදිංචියට ඒම ය. පොදුවේ විප්‍රවාසී ශ්‍රී ලාංකියනගේ සිත් තුළ පැල පදියම්ව ඇති මේ වේදනාව දෙස ......

      ඔය දීලා තින්නේ Bud in Oz ගේ පැතුමට ඇස්ටි හැලෙන්න නකිවුනාම ඔසී වැඩිහිටි නිවාසෙකට වෙලා පරලොව යන්න. අඩුම තරමින් $ 6000/8000 වියදම් කර ගෙන ඔහෙම සැතපෙන්න අනික අඩුවට කරගන්න කියලා ලංකාවට එන්නනම් එපෝ !!!!!!

      Delete
    13. මාතලන්ගේ තෙල් බෙදීමේ මාතෘකාවට වඩා අවධානයක් විදෙස් සංක්‍රමණිකයන් පිළිබඳව ඇතිවී තිබේ.

      ලාංකිකයන් රට අතහැර විදේශයන්ට සංක්‍රමණය වන්නේ ඇයි?

      1. ලංකාවේ ජීවත්වීමෙන් තමන්ට හෝ තම දරුවන්ට අනාගතයක් නොමැත යන ආකල්පය (ලංකාවේ සිදුවන දේ බැලූ විට එහි බොහෝ සත්‍යතාවයක් ඇති බව අප කනගාටුවෙන් හෝ ප්‍රකාශ කරමු).
      2. විදෙස්ගත තම පවුලේ අය සමග එක්වීම.
      3. තමන්ගේ යහළුවන්, අසල්වැසියන් වැනි අය අනුකරණය (විදෙස් රටවල් ස්වර්ගයක් සේ පෙනීම).
      4. පෞද්ගලික ප්‍රශ්ණ (ජීවිත තර්ජන / මානව අයිතීන් කඩවීම වැනි)
      5. ලංකාවේ පැවතී සිවිල් යුද්ධය.

      මේ යන පිරිස් විදේස වල ගතකරණ ජීවිත කෙබඳුද?

      බොහෝ දෙනෙකුට ඒ රටවල සංස්කෘතිය / සිරිත් විරිත් දිරවන්නේ නැත. විශේෂයෙන්ම ඉංග්‍රීසි කතාකරන රටකට යන කෙනෙකුට ඉංග්‍රීසි බස හොඳින් කතාකරන්නට බැරිවීම මෙයට ප්‍රධාන හේතුවකි. අනික විදෙස් රටකට සංක්‍රමණය වී එහි ජීවත්වීම ටිකට් එකක් මිලදීගෙන දවස් පහක් බැංකොක් ඉන්නවාට වඩා අසීරු කටයුත්තකි. මෙසේ විදෙස් ගතවන සමහරු එසේ බැංකොක් වලට හෝ ගුවනින් ගොස් ඇති අය නොව පළමු වරට ගමන් බලපත්‍රයක් ගෙන එහි PR ගසා ගත් පිරිසකි.

      මේ සමහරු තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් සහ පළපුරුද්ද අනුව විවිධ රැකියා කරති. ඉහත ඇනෝ පවසන පරිදි ලිංගික වහල් කම් කිරීමේ සිට ප්‍රධාන ආයතන වල අධ්‍යක්ෂ තනතුරු පවා දරති. විශේෂයෙන් ලංකාවේ දොස්තරලාට, ඉංජිනේරුවන්ට, හෙදියන්ට, ගණකාධිකාරී වරුන්ට වැනි වෘත්තීය සුදුසුකම් ඇති ලාංකිකයෝ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය වැනි රටවල ලංකාවට වඩා බොහෝ හොඳ ජීවිත ගතකරනු අප දැක ඇත්තෙමු.

      මේ බොහෝ දෙනෙක් ගතින් පිටරට සිටියත් සිතින් ලංකාවේය. හැබැයි ලංකාවේ ඉන්නකොට ඒකේ අනිත් පැත්තය. ඉහත කවිය ලියපු නෝනාද එසේ හිතින් ලංකාවේ ඉන්න බවක් කියයි. හැබැයි ලංකාවට ආපහු එන්නේ නැත. හේතුව 'ළමයින්ට උගන්නන්න තිබෙන නිසාය'. ලංකාවට නිවාඩු ඇවිත් බොහෝ උජාරුවෙන් තම ඩොලර් පවුම් වියදම් කරන මේ අය නිවාඩු ඉවරවී ඇවිත් කියන්නේ 'අයියෝ ලංකාවේ ලයිෆ් එක හරි අමාරුයි. රස්නෙයි, ඒ සී නැහැ, මදුරුවෝ කනවා, මම නම් ආපහු එන්නේ කවද්ද කියලා දවස් ගැන ගැන හිටියේ' කියලයි. එයද ඇත්තය. ලෝකයේ දියුණු රටක තිබෙන ජීවන තත්ත්වය ලංකාව වැනි දුප්පත් රටක නැත. එවන් ජීවන තත්ත්වයක් ලංකාවේ ඇත්තේ දේශපාලකයන්, මුදලාලියන්, කුඩු බිස්නස් කාරයින් වැනි පොහොසත් පන්තියකට පමණි.

      කෙසේ වෙතත් ලංකාවෙන් ගිය ලාංකිකයන් ලංකාවට එපාද? පසුගිය රජයෙන් මෙන්ම මේ රජයෙන්ද ඒ අයට නැවතත් මව්බිමට එන්නට ආරාධනය කළේ ඇයි?

      ලංකාවේ උගත්, පුහුණු ශ්‍රමිකයන්ගේ දැඩි හිඟයක් පවතින බව මහ බැංකු වාර්ථා මෙන්ම අනිකුත් සමීක්ෂණ පවසයි. බුද්ධි ගලනය ලංකාවේ විශාල ප්‍රශ්නයකි. විදෙස් රටවලට වී සිටින උගත් ලාංකිකයන් දුටුවිට මෙය වටහා ගැනීම පහසුය. මෙසේ විදෙස්ගත පුහුණු ශ්‍රමිකයන් ආපසු ලංකාවට එන්නේ විදේශයන්හි තමන් ලබාගත් අත්දැකීම්ද සමගය.

      යුද්ධය අවසානවූ කාලයේ එසේ ලංකාවට ආපසු පැමිණි ලාංකිකයෝ සුළු පිරිසක් වෙති. නමුත් ඊට පසුකාලීනව සිදුවූ සිදුවීම් නිසා එසේ ආ පිරිසද සිය තීරණ ගැන පසු තැවෙනු අප දැක ඇත්තෙමු.

      Delete
    14. කෙසේ වෙතත් ලංකාවෙන් ගිය ලාංකිකයන් ලංකාවට එපාද? පසුගිය රජයෙන් මෙන්ම මේ රජයෙන්ද ඒ අයට නැවතත් මව්බිමට එන්නට ආරාධනය කළේ ඇයි....//


      ඔය ගිය එවුන්ගෙන් අඩුම තරම්වත් ලක්ෂ 3- 4 කඩාගන්න ඕනේ නිසා උන්ට උගන්වන්න වියදම් කරපු මහජන බදු මුදලින් කොටසක් හරි ලබාගන්න ඕනේ නිසයි එහෙම කරලවත් බැලුවේ

      අපෝ එපා ගිය උන් නැවත ආවයි කියා කිසිදෙයක් වෙන්නේ නැහැ උන් එහෙඉදන් දෙන පොර ටෝක් වලින් ලංකාව මෙහෙමයි බටහිර මෙහෙමයි කියලා දෙන උපදෙස් වලින් ලංකාව හදන්න පුළුවන් නම් ......

      ලංකාවේ වැඩකරද්දී ...ඔහොම යන් ඔහොම යන්.... විදිහට වැඩකරලා සන්ක්‍රමනය කරලා එහෙ කරබාගෙන එහෙ එකසිය ගානට බර අදිමින් ලංකාවේ අපට බයිලා කියන ඕකුන් කොහොමත් ඕනේ නෑ නියම කෑකුමක් තියන එකා කට්ටකගෙන ඇව්ල්ලා හරි යමක් රටට කරන්න බලනවා


      Delete
    15. AnonymousNovember 15, 2017 at 4:31 AM

      ඔය රට ගිය ඇත්තෝ ගැන මරාවාදී කුප්‍රකට බ්ලොග්කාරයෙක් කාලෙකට කලින් පට්ට පෝස්ට් එකක් දාල තිබ්බ නේද? ඌ කියපු විදිහට ලංකාවෙ ඉපදිලා ලාංකික මහජන මුදලින් ඉගෙනගෙන පී.ආර්. අරන් පිට රටවල් වල ගිහින් ජීවත්වෙන සමහර උන්දැලාට ලන්කාවට ඇවිත් පම්පෝරි කියවන්න තිබුන චෑන්ස් එක මරා කල්ලිය බලයේ හිටපු වනචර දශකයේ වෙච්චි සංවර්දනේ නිසා නැති වුණාලු. බලන් ගියාම කතාවත් ඇත්ත. මතක ද ඒ කාලේ සමහර රට ගිහින් ආපු කස්ටිය ගේ පොර ටෝක්?

      "අපෝ මල්ලි ලන්කාවෙ යුද්දෙනෙ..., චික් මහ කාලකණ්ණි කවදාවත් ඉවර නොවෙන තුවාලයක් මේක...ඒකට ඔසී/ යූකේ / කැනඩා එක්සෙට්‍රා, ශාහ් මාරම පීස්ෆුල්, එහේ අය බෝමබ, තුවක්කු දැකලවත් නැහැ, මාර සේෆ්, ෂඃ අන්න රටවල්"

      මෙහෙ මේ අලි නාවන තඩි වලවල් තියෙන කෝපි කාලෙ පාරවල් වගේ ද එහෙ... ?
      අම්මට හුඩු යකෝ ගමන් යන්නෙ සුරුස් ගාලා හයි වේ එකේ නේ..., සීයට ඇරල යතහැකි ඕයි, පිස්සු හැදෙයි, මෙහෙනම් තව කල්ප ලක්ශයක් ගියත් ඒ වගේ පාරවල් දකින්න වෙන්නෙ නැහැ, අම්මප"

      "ශික් මේ ලන්කාවෙ පිරිසිදු කම අන්තිමයි නේ.. පාරෙ හැම තැනම කුනු.. කොළඹ අගනුවර වෙලත් කැත විතරක්, ගඳේ බෑ, අපූ... :( ඒ රටවලනම් පාරෙ බත් දාගෙන කතහැකි"

      "යකෝ මෙහෙ වගේද එහෙ මල්ලි... මහජනතාවට විනෝද වෙන්න..පාගමනේ වියායාම කොරන්න පබ්ලික් ස්පේසස් තියෙනවනේ..., මාරයි ඕයි, මෙහේ ඇති ලබ්බක් වත් නැහැ, හිකේ ශික්."

      දැන් ඉතින් ඕවා කාට කියන්නද.. 2005-2017 කාලෙදි ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දුන්නා නේද?ඉතින් ඉඳ හිටලා ලන්කාවට ඇවිත් මෙහෙ ඉන්න නෑදෑ හිතවතුන් ට දෙන්න තිබුනු පොර ටෝක් එක නැතිකොලාට පිටරටවල ඇම්ඹිටිල්ලන් මීයෝ වගේ ජීවත් වෙන ඈයො මහින්ද /ගෝටා එක්ක වෛර බැන්දා කියල තමයි මරාගෙ සට්ටැඹි බ්ලොගා ලියල තිබ්බෙ.

      අන්න ඒ නිසා මුන් කරන්නෙ මෙහේ මොකක් හරි පොඩි සීන් එකක් ඇදුන ගමන්

      "අම්මට හුඩු ලංකාවෙ ඔහොමම මයි, බට් ඒකට ඔසී වල, පුහ් බලන්න එපායැ" කිය කිය ගොන් පාට් ලෝකයක් අතාරින එක.

      ඒකටම හරියන රනිල් -හිටන් ඩබල - පාරෙ ඉරි කහ පාටෙන් සුදු පාට කොල එක තමා එකම සන්වර්දනේ..පාර පුරා කුනු.. හැමදාම පාරවල් වහලා විරෝදතා..., ඉතින් දැන් ඔය පිට රට ඉන්න ශ්‍රී ලංකන් කල්ලතෝනි ගොබ්බ රැලට ෆුල් ජොලි කිය්ලත් ඌ ලියල තිබ්බ....

      මොකෝ බැරිවෙලාවත් පිට රට පදින්චි වෙලා හිටියා කියලා ඒ රටවල සුද්දන් ගේ ඉන්ග්‍රීසි සන්ගමයක කතාවක් කොරන්න කියලා ආරාදනා ලැබෙනව ද?

      ලංකාවෙ අපිට කුණු විදිහට කැත කතා කියල මහ අසික්කිත විදිහට බැන්නට මේ සමහර රට ගිය හාදයන් ට ලන්කාවේ පුරුදු අත හරින්න බෑ... මතකයි නේ මලගෙවල් මගුල් ගෙවල් වල බලෙන් ම කතා පවත්වන සැට් එක....? මේ හාල්පාරු වහන්සේලා එහෙ ගිහිනුත් කොරන්නේ සිංහල සන්ගම් අටෝගෙන ගොන් පාට් දාන එක. සමහරක් ඔයි සින්හල සන්ගම් අටවා ගන්නෙම ඒ රටවල ආන්ඩුවෙන් මයිනෝරිටි සන්ස්කෘතීන් දියුනුවට වෙන් කොරනා ග්‍රාන්ට් එක කඩාගන්නමයි නේ.... දන්නවනේ ගෙදර ගෑනියි මිනිහයි සන්ගමේ සබාපති හා ලේකම්... ඒ වැනි සන්ගම් කීපයක් ම එකම් පවුලේ අතඩන්ගුවේ තියෙනවනේ හිටන්! අපොයි එපා කියලා අත හැරලා දාලා ගිය සින්හ්ලේ විකුනන් කන්නේ එහෙමයි හිටන්!

      හැබැයි ඒකට ලංකාවේ ඉන්න ළිං මැඩි අපි... ඉස්කෝලෙන් කැම්පස් එකෙන් එලියට ගියාට පස්සෙ සින්හල සන්ගමේ කතා කොරන්නවත් කතා අහන්නවත් යනවද?

      කසාද ගෑනි දෙන ආතල් මදි කියල දමලා ගහලා වෙන ගෑණියෙක් එක්ක පැනල ගිය එකෙක් හිටපු කසාද ගෑණිගේ අහවල් එක ගැන වොරි වෙනවා වගේ අමුම අමු ගොන් මීහරක් වැඩක් මේකනම්, මුන්ට නම් පුකේ ඉඳන් පිස්සු.

      Delete
    16. විවේච්න තුල ඇත්තේ ඉරිසියාව කුහකත්වය හා නොලැබීමේ වේදනාව පමණි

      Delete
    17. පට්ට සුපිරි කතාව මාතලන් මේ තොප්පියනම් උඹට උඹම කියලා මහලා හදලා දාගත්තා

      "විවේච්න තුල ඇත්තේ ඉරිසියාව කුහකත්වය හා නොලැබීමේ වේදනාව පමණි"

      උඹ කරන්නෙත් මේ දේම නේද උබේ බ්ලොගෙන් හිටපු රජය පවතින රජය ඇතුළු සැමෝම විවේචනය කරන්නේ උඹේ තියන ඔය ඉරිසියාව කුහකත්වය හා නොලැබීමේ වේදනාව උඹට දැනෙන නිසා නේද ?????????

      පට්ට සහතික ඇත්ත කියන උඹ තව ලියන්න වසානවා ලැබේවා !!!!!!!!
      ජයවේවා ...

      Delete
  4. ඔය ඇමතියට හොරකමක් වත් හරියට කරගන්න බෑ . වරායට ඇවිත් එ්කත් කෑවා. ඔය තෙල් සංස්ථාවට හොඳ වෘත්තීය හොරෙක් දැම්මා නම් මිනිහ ගානත් කපාගෙන තෙල් ටිකක් වෙලාවට දෙයි.

    ReplyDelete
    Replies
    1. අර චන්දිම වගේ එකෙක් අයින් කළේ අපරාදේ...

      Delete
  5. මාතලන්ගේ ​"​අර්ජුණගේ නැව් බයිලා සහ යාපාලන රජයේ බැරි බැරියාව - Failed Politicians & their Dirty Jokes​"​ ගැන ලියනවා නම් අප පළමුවෙන්ම අවධානය යොමු කළයුත්තේ ඔහු උපුටා දක්වා ඇති රොනල්ඩ් රීගන් ජනාධිපතිවරයාගේ මසුරං වටිනා කතාවටය. ඉන්දියන් සාගරේ අමුතු ඇටේ තුල මහජන චන්දයෙන් බලයට පත්වන හැම එකාම සිතන්නේ උන් රටේ නීතියට ඉහල බවය. ඕනෑම දුෂණයක් වංචාවක් කොට නිදහසේ සිටිය හැකි බවය. මුදල්මය හෝ සදාචාරමය ප්‍රතිපත්ති පිළිපැදීමක් ඔවුන්ට අනවශ්‍ය බවය. රටක් හරි යන්නේ හෝ නැති වෙන්නේ හෝ රටේ මහා එකාගේ හොඳ හෝ නරක හෝ අනුව බව මේ හරකුන් දන්නේ නැත. මාතලන් කියා ඇති පරිදි ජේආර් සහ ප්‍රේමදාස යුග වලදී මේ රටේ එක්තරා ආකාරයක විනයක් පැවතුණු බවද, දැන් මෙන් අසීමිත මාධ්‍ය නිදහසක් නොතිබුණ බවද සැබෑය. මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේද තරමක විනයක් පැවතුණද, ඔටුන්න හිමි කුමාරයාගේ සහ ඔහුගේ නිල් බලුකායේ වැඩ නිසාද, ඉහල තැන්වලට දාගත් මෝඩයන් කිහිප දෙනෙක් නිසාද ඔහු හෑල්ලුවට පත්විය. පොලිස්පතිවරයාටද, කටමැත දෙඩවූ ඇමතියෙකුට කණට ගසන්නට තරම් හේ දාමරික විය. ජේආර් ගේ කාලයේ එක ඇමතියෙකු කොමිස් ගසන බවට කතා පැතිරුණි. ඒත් ජේආර් ඒ ඇමතියාට කිසිවක් කළේ නැත. ප්‍රේමදාස කාලයේ තිබුනේ මුළු අමාත්‍ය මණ්ඩලයම නොවැදගත් දෙයක් බවට පත් කළ "වන් මෑන් ෂෝ" එකකි. නමුත් දැන් එවැනි ෂෝ එකක්වත් දකින්නට නැත. වර්තමාන ජනාධිපති සිතා සිටින්නේ රටේ සිදුවන කිසිම දෙයක් පිලිබඳ වගකීමක් තමන්ට නැති ලෙසය. වගකීමක් ඇති ලෙස හෝ නැති ලෙස හෝ සිතුවත් රාජ්‍ය නායකයා ලෙස ඒ හැම දෙයක් ගැනම අවසාන වගකීම තමා සතු බව සිතන්නට තරම් ශීලාචාර කමක්ද ඔහු නොපෙන්වයි. ඔහු තමන් පිටිපසින් සිටින දුෂිතයන් කණ්ඩායමක පඹයෙකු බවට පත්වී අවසානය. අර්ජුණලා සිත්සේ රට කා දාන්නේ ඒ නිසාය. සෝභිත හාමුදුරුවන් ප්‍රමුඛ නිදහස් මතධාරීන් නිසා තමන්ට රජ කම ලැබුණ බවවත් දැන් ඔහුට මතක නැත. බැඳුම්කර වංචාව සාධාරණීකරණය කරන්නට කිසිවෙකුට අයිතියක් නැති බව සැබෑ නමුත් විදුරු ගෙවල්වල සිට ගල් ගැසීම එතරම් නුවණට හුරු දෙයක් නොවන බව ජනාධිපති උතුමා ප්‍රමුඛ "රනිල් පන්නමු" කණ්ඩායම සිහියේ තබා ගත යුතු දෙයකි.

    ReplyDelete
    Replies
    1. සිරිසේන කියනවා සෝභිත හන්දුරුවෝ උන්නා නම් එයාව මාර විදියට අගය කරාවිලු...

      සෝභිත හාන්දුරුවෝ උන්නා නම් සරම ගලවලා මඩු වලිගෙන් පුකට ගහන්නේ කරන වැඩ වලට...

      Delete
  6. Analysis about current political situation and petrol blunder is spot on Mathalan. No one write like you, I guess you are in political middle ground (not align with Blue, Green or Red) not afraid to say what you think. Keep up the good work mate, however be careful Yahapalana started blocking websites (Labbata thiyapu atha puhulatah thiyann puluwan)

    ReplyDelete
    Replies
    1. රවී මහත්තයාගෙන් තමයි අහන්න ඕනි
      මාතලන් ගැන.

      Delete
    2. රෙදි ඇඳගෙන නොතේරෙන ගානට කඩේ යාම් ගැන වෙන මොන උදාහරණද

      Delete
  7. ලොක්කා දැන් ඕකට මොකක්ද කොමිසමක් දමලා අඟහරුවාදාට එකේ රිසල්ටෙක දෙනවා කියන්නේ. එකන් එන බයිලා පාර අනුව විකට් එකට කෙලවෙයිද ? නැත්නම් අම්පයර් හොර අවුට් දීලා තර්ඩ් අමපයර්ට කියලා ගේම ගොඩ දාගනිද කියලා බලා ඉම්මු

    ReplyDelete
    Replies
    1. කැබිනට් එකේ කස්ටිය වටවෙලා දීලා තියෙනවා අර්ජුණයගෙ පුක නැති වෙන්න...

      Delete
  8. ලංකාවේ උන ලොකුම අපරාදයක් මුව හමක් ගත්තා ඔක්කොම.
    ඒ මුන් ඔක්කොම හොරු නිසා.ණය පොලිය ඉහල ගියා
    ඊ පී එෆ් එකට කෙලියා.
    ඊ පී එෆ් එකේ දුප්පත් කම්කරුවාගේ ස්සල්ලිත් තියෙනාව
    ලංකාවේ ඊ පී එෆ් එකට වෙලාවට සල්ලි දාන්නෙත් අතලොස්සයි.
    එකටත් කෙලිනවා

    ReplyDelete
  9. මෛයිත්‍රිගේ කතා හොදයි නින්ද යන්නෙ නැති වෙලාවට කණ ලගින් තියාගෙන නිදාගන්න

    ReplyDelete
    Replies
    1. දැන් නම් අප්පිරියයි...

      අර කතාවක් තියෙනවා නේ නිහඬව සිටිනා තාක් ඔහු බුද්ධිමතෙකි කියලා හිටන්

      Delete
  10. අමන ආත්මාර්ථකාමී බහුතරයක් ඉන්න රටක පාලනය කපටි වංචනිකයන්ගේ අතින් අතට යන එක නවත්වන්න බැහැ. එහෙව් රටකට හෙටක් තියෙයි කියලා හිතන සුළුතරය හරි අසරණ මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. මේ රටට හෙටක් තියා අනිද්දාවක්කත් නැත

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත
    යන කියමන අදටත් අවලංගු නැත

    යුධ ජය ලබා රට ණය කල රජු සේම
    ක්‍රිකට් පමණි අර්ජුන නොදනී ගේම

    ReplyDelete
  13. ඉතිං බලහං..

    අම්මප ඔය තෙල් මගුලට නං ඇමතිලා අනුන් මුන් ඕනි නෑ.. රජයේ ව්‍යාපාරයක් විදියට ඊට ඕනි කරන අවම සේවක සංඛ්‍යාවක් දාගෙන 'බිස්නස්' එකක් විදියට කරානම් ඉවරයි.. ඒ ගමන් තෙල් ආනයනය කරලා බෙදල දෙන්න තව මහා පරිමාණ ව්‍යාපාරිකයෝ දෙතුන් දෙනෙකුට බලපත්‍ර දුන්නනම් හරි.. එතකොට සුටුස් ගාල තෙල් මිල බහියි.. මෙටික් ටොන් අනුදාහක ගබඩාවක් මේන්ටේන් කරනවා කියන එක ඔය හැටි කජ්ජක්යැ බං? නොදොකින් මේ ගොබ්බ ආණ්ඩු..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ, කොච්චර සිම්පල් වැඩක්ද මුන් මේ ලොකු කරගෙන දඟලන්නෙ. අම්මප මම ජනාධිපති වුණා නම් උඹට පැට්‍රෝලියම් එකයි අනික් සියලුම රාජ්‍ය ආයතනයි සෙනිකව බාර දෙනව. උඹ සෙනිකව ඔය සිම්පල් පැලෑන අනුව තෙල් මිල ලීටරේ රු. 25 ට විතර බස්සල අනික් ප්‍රශ්න ටිකත් විසඳල දාල දෙයි. මටත් ආතල් එක ටර්න් දෙකක්ම ජනාදිපති වෙලා ෆුල් සොමියක් හතහැකි. උඹ අගමැති වෙලා මම ජාන්ධිපති වුණොත් මරු නේද බන්. එල එල :D

      Delete
    2. අඩෝ කල්‍යාණ ට බර බරේ එපා රජයෙන් පැන්සෝන් ගන්න රණවිරුවෙක් අතේ ගහපු කුරුල්ලන්ගේ පින්තූර අරන් පරිප්පු කෑවට හොඳ වැඩකාරයෙක්

      Delete
    3. ඔව බං ළොකු හෝටලේක සප්ලයි ඩිපාට්මන්ට් එකේ බඩු අදින එකෙක් දැම්මත් මීට වඩා දෙයක් දන්නවා...

      ඔය දැන් මාට්ටු වෙලා තියෙන්නේ අමතියා ගොනෙක් කියලා

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න