.

.

Nov 20, 2017

බය නැති අගමැති හා පන නැති යහපාලනය - Good Governance without any Good



බැඳුම්කර සීන් එක මහා හොරකමක් කියා කියපු උන් ඔක්කෝම අමු බූරුවෝය.. බැඳුම්කරේ සිඳුවුනේ, මහදවල් මහබැංකුවේ මහා මුදල් මංකොල්ලය කියා අර්ථ ගැන්වූයේ, ඊටත් එහා හරකුන්ය. එය "හොර කමක්" බව මහා අර්ථික විශාරදයෙක් කියනා බන්ධුල ගුණවර්ධන බොක්කෙන්ම කියනවා නම්, ඌ ආර්ථිකය ගැන මළ පොතේ අකුරක් නොදන්නා මී ගවයෙක්ය. එහෙම නැත්නම් සීන් එක හොඳින් දැනගෙන බයිලා ගසනා බයිලා කාරයෙක්ය. 

අප එදා ඉඳන්ම කියන්නේ මෙය හොරකමක් නොව පැවති සිස්ටම් එකේම මහා පරිමාණ ගණුදෙනුවක් පමණැකියි කියලාය. නමුත් සිඳු වූ මගඩි කීපයක් තිබෙනා බව සැබෑය. 
විශාරදයන් සොයා බැලිය යුත්තේ ඒවා නිත්‍යානූකූලද යන්න පමණි. 
බොන්ඩ් ඉෂු එකක් කියන්නේ රට බල්ලාට ගොස් තිබුනත්, ඒ ට්‍රේඩ් එකේ ඉන්නා උන්ගේ කල්ල මරේ වෙන ගේමක් බව, මහ බැංකුව හා බොන්ඩ් ඉෂූ ගැන අබ මල් රේණුවක දැනීමක් ඇති එකෙක් උනත් දන්නා කාරනයක්ය. 

මේ ගොන්නුන්ගේ තර්ක අනුව බැඳුම්කර නිකුතුවක් නීතී විරෝධි දෙයක් විය යුතුය. ඇත්ත කතාව එය නොවේ. ඇත්ත කතාව නම් ඔය ගණුදෙනුවේදී සිඳුවන අත යට ගේම් සියල්ල මාට්ටු වීමය. එයට මූලික හේතුවක් වූයේ මෙතෙක් පැවති සිස්ටම් එකේ වෙනසක් කිරීමය. එනම් බැඳුම්කර නිකුතුව වෙන්දේසියේ සිඳු කිරීමය. 

එමගින් හවුලේ බෙදාගෙන කෑ සිස්ටම් එකට කෙලවී, කුට්ටියම එකෙක් විසින් ගිල දැමීම, සියල්ලටම හේතුව උනේය. එක අතකින් බලනා කළ එය "එතිකල්" නැත. තිබුන සිස්ටම් එකම තිබුනා නම් හොඳයි කියනා එක මාතලන්ගේ මතයය. එමෙන්ම ඒ සඳහා අතර මැදියෙක් ඕනා නැති අතර, එම ගණුදෙණුවද කෙලින්ම මහ බැංකුව හා මිළදි ගැනීමේ ආයතනය අතර කළ හැකිය. එහෙත් වෙළද පොල ක්‍රමය තුල අතරමැදි බ්‍රෝකර්වරුන්ද සිටිනාතර, බ්‍රෝකර්වරුන්ගේ කොමිසම් පිළිබඳ සීමාවක් පැනවිය හැකිනම්, විශේෂ ජානධිපති කොමිසම් මගින් කලිසම් ගලවා ගැනීම මෙන්ම, ඒවා සඳහා කරනා අධික වියදමද ඉදිරියට හෝ වැලක්විය හැකිය. 

අම්මට සිරි ලංකාවේ ආන්ඩුවේ වෙන්දේසි සිඳුවන ආකාරය දන්නා එකෙක් ඒවා සිඳු වන්නේ කෙසේදැයි කියනා කාරණය හොඳින් ද්න්නවාය. වෙන්දේසි නොව ටෙන්ඩර්වල තත්වයද එකමය. දේශපාළණයෙන් හා මෙවන් ගණුදෙණු තුලින් ප්‍රකෝටිපතියන් වීම කියා දුන්නේ ගිය ආන්ඩුවය. ඇත්තටම ඒවා හොරකම් නොවේ.. මහින්ද රාජපක්ෂගේ හොරකම් කළ සත පහක් හොයා ගන්නට බැරි වී තිබෙන්නේ ඒ නිසාමය. 
ඒ කාළයේ මේ අයුතු ආකාරයට උපයා ගන්නා කළු සල්ලි වෙළඳපොල 50% තරම් තත්වයේ පැවති බව ආර්ථික ඉස්පැසලිස්ට්ලාගේ මතයයි. 

අද ඔය සිරසේ ඇවිත් බයිලා ගහන සැන්ට්‍රල් බැංකුවේ උස්තාද්ලා, මහින්දගේ කාළයේ සද්ද බද්ද නැතිව මේවාට සම්බන්ද වූ වාහේලාය. එදා උන් බැඳුමකර වලින් හම්බ කළාතර, අද හම්බ කරන්නේ මහාරාජාගේ පොකට් එකෙක්න්ය. ඕකුන් සියල්ල රැගෙන විත් එදා මේවා වෙන කොට ඔහේලා උන්නේ කොහේදැයි කියා අසනට, එජාපයේ කොන්දක් ඇති එකෙක්කත් ඇත්තේ නැතිය. ඒවා අහන්නට වෙලා තියෙන්නේත් අපටය. 

කොමිසමේ එකම පරමාර්ථය වුනේ එජාපයට හා රනිල්ට මඩ ගැසීම පමණය. රවීගේ ඇමතිකමට කෙලවී ගියද, මහ බැංකුවේ හා සේවක අර්ථසාධක අරමුදලේ කෝටී ගනන් කෙලියැයි කියා කියා, නම් හෙලිදරව් වූ එකෙක් හෝ කොමිසමට ගෙනාවේ නැතිය. පැත්ත පලාතේ තබා පත්තරයකටවත් ගෙනාවේ නැතිය. නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම එම නිළධාරින්ද ගෙන ගියේ එජාපයට මඩ ගැසීමක් බව පැත්තක් නොගෙන ඇත්ත කතා කරනා ඕනා එකෙකුට තේරෙනා කරුණක්ය.

උන්ගේ වත්කම් ගැන හෝ දුරකථන සංවාද ගැන සොයා බැලුවේත් නැතිය. එකම පරමාර්ථය උනේ රනිල්ට කෙලවන එකය. ඒ නිසා සාකි දෙන්න යන්න කලින් අගමැති කමෙන් ඉවත් වන්න යැයි කීවේය. හොරකමක් කර නැත්නම් එසේ ඉවත් වෙන්නත් ඕනා නැතිය. 

ඔය ගණුදෙණුවෙන් උපයා ගත් මුදල් වලින් කළේ මොකක්දෝ කියනා එක සිරිසේනත් දන්නවාය. එයා ඒ ගැන හොඳින්ම දන්නා බව ප්‍රසිද්ධියේ කිව්වේ සෝභිත හාන්දුරුවන්ගේ ගුණසමරු උත්සවේදීය. දයාසිරිත් දන්නවාය. ඒයා පලා බබා ඡන්දයේදී අර්ජුණගෙන් මුද්ල් ගත් බව ප්‍රසිද්ධියේම පිලිගත්තේය. එජාපයේ උන් මෙන්ම මහින්දගේ උන්ද අර්ජුණගෙන් මුදල් ගත් බව ප්‍රසිද්ධ රහස්ය. 

එසේ මුදල් ගන්නේ අර්ජුණගෙන්ම පමණක්ම නෙමේය. ගමේ බුලත් කඩේ එකාගෙ පටන්, මහා පරිමාණ බිස්නස් කාරයා පවා ඡන්ද වලට වියදම් කරන්නේය. එපමණක් නොව විදේස් ආයතන මෙන්ම රාජ්‍යයන්ද සල්ලි විසි කරන්නේය. සියල්ලෝම ඒවා ලබා ගන්නේය. ඒ මදිවාට පාර්ලිමේන්තුවට ආ දා පටන් කරන්නේත් කප්පම් ගන්නා එකය. 

මෑතදි ඇස් බීන් මහතා කිව්වේ. එයාගේ හඟුරන්කෙත මාලිගාව හොරකම් කළ සල්ලිවලින් හදපු එකක් නොව, හරි හම්බ කළ සල්ලිවලින් හදාපු එකක් කියලාය. එ මාලිගාව නොව, බාන්ස් ප්ලේස්, රොස්මිඩ් ප්ලේස් වල මැන්සොන් පමණක් නොව, සුපර් ලක්සිරි එපාර්ට්මන්ට්වල පවා සුඅර සැප විඳින්නේ ගොවිසෙත ඇදිලා නෙමේ කියා මහජනයා දන්නවාය.

කෙසේ හෝ එජාපයට ඉල්ලාගෙනම කන්න සිඳුවෙලා තිබෙන්නේ, "පොදු අපේක්ෂකයාට සෘජූ අපේක්ෂාවක් නොමැති කමත්", ඔහුගේ බල පෙරේත කමත් නිසාය. එය එජාප නායකත්වයේ ගොන් කමය. 

සරත් ෆොන්සේකට පිරිනැමූ තනතුරටත් එහා ගොස්, සිරිසේන උන්නැහේ එජාපයේ නායකයා කොට, රනිල් සභාපති පුටුවට යාමට තරම් නුවනක් හෝ කපටි බවක් රනිල්ට තිබුනේ නැත. එතනදි මහින්ද රනිල්ට වඩා කපටි උනේය. සිරිසේනද මහින්ද දුන් ලණුව කිසි අවුලක් නැතිවම කෑවේය. අද ඔහුට සිඳු වී තිබෙන්නේ අල්ලපු අත්තත් නැති පය ගහපු අත්තත් නැති තත්වයකි.

සිරිසේන 2020 දි තනතුරු අතහැර ගෙදර යැයි කියා කෙන්ක් සිතන්නේ නම්, එය් බැඳුමකර සීන් එක හොරකම්ක් කියා සිතුවාටත් වඩා අමු ගොන් කමකි. සිරිසේන උන්නැහේ සියල්ල සින්දු කරමින් ඉන්නේ 2025 තෙක් රටේ නායකයා ලෙස සිටීමට ලෙස මිස වෙන මළදානයකට නෙමේය. එහෙත් සිරිසේන උන්නැහේ වටහා ගත යුතු ඒකම දෙය නම්, තමන් සමඟ 1994 පටන් ඉන්නා සිරි ලංකා නිදහස් පක්ෂයේ ගෝත්‍රිකයින් පිරිස සමඟ හෝ එජාපයේ ජාතිවාදි පසුගාමී ගෝත්‍රිකයින් පිරිස සමඟ ඔහුට අනාගතයක් නොමැති බවය. 

ඔහුට කෙසේ වෙතත්, රටට අනාගතයක් නොමැති බවය. 

ඔහුට හා රටට අනාගතයක් ඇත්තේ රනිල් සමඟ ගමන් කිරීමෙන් පමණමය. රනිල් කළ යුත්තේ, චන්ද්‍රිකා හා විදෙස් බලවේග සමඟ සිරිසේන පත් කළ අරමුණ කරා ගමන් කිරීමය. එකිනෙකා කපා ගැනීම දෙදෙනාගේම අවසානය ලං කරනු ඇත්තේ, මේ රටේ ආයෝජනය කිරීමට සිටිනා එකම රාජ්‍ය වන චීනය මේ දෙදෙනාට වඩා මහින්දට හා ඝෝඨාට මනාප නිසාමය. ඔවුන් දෙදෙනාට එකතු වී රට ඉදිරියට ගෙනයාමට නොහැකි නම්, ජනතාවට ඇති එකම විකල්පයත් එයමය.

මන්ද මේ පක්ෂ දෙකද ඇතුලත්ව වෙනත් කිසිඳු පක්ෂයක, විකල්පයක් නොමැති නිසාවෙන්මය. 
වහම දෙදෙනා එක්වී සියළුම රාජ්‍ය ආයතනවලට තමන්ගේ හිතවතුන් පත් කළ යුතු අතර එසේ කළ නොහැකි නම් රට අස්තාවර වීම වලකාලනු නොහැකිය. අද පවතිනා රජයට වඩා ආන්ඩු විරෝධි බලවේග, ශක්තිමත් හා ක්‍රියාශිලී බවත් කියා සිටිය යුතුමය. 

අපේ රටට අබ සරණයි...

57 comments:

  1. ඇම්ඩා ත් පොරක්ද ,මෙන්න පොර !!!! මු දන්නා දේවල්.... පිස්සුනේ ..... එහෙමද ආසා ????

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ මං ආසම එහෙම...
      අවුලක් නෑ නේ....

      Delete
  2. "කෙසේ හෝ එජාපයට ඉල්ලාගෙනම කන්න සිඳුවෙලා තිබෙන්නේ, "පොදු අපේක්ෂකයාට සෘජූ අපේක්ෂාවක් නොමැති කමත්", ඔහුගේ බල පෙරේත කමත් නිසාය. එය එජාප නායකත්වයේ ගොන් කමය."

    යළිත් කියමි.

    රනිල් වැනි දේශපාලකයන් හෝ යහපාලන මොඩල් ලංකාවට ගැලපෙන්නේ නැත.
    රනිල් මෙන් දිගු කාලයක් විපක්ෂයේ කටු කන ලද දේශපාලකයකු තමන්ට බන්දේසියේ තබා දුන් ජොබ් එක කරගන්න බැරිවන්නේ රටේ අවාසනාවටද එසේත් නැත්නම් රනිල්ගේම අවාසනාවටද? අපට නම් හිතෙන්නේ මේ දෙකම නිසාය. රනිල්, ජේ ආර් ලාගේ පරපුරෙන් එන කොළඹ 'බුර්ෂුවා' පන්තියේ (මේ වචනය තවත් බොගකින් අහුලාගත් එකකි. තේරුම නොදනී) නායකයෙක් යයි කියවේ. නමුත් ජේ ආර්ට තිබුණු දේශපාලන සටකපටකම් රනිල්ට ගෑවිලාවත් නැතිය. රනිල්ට ඔය ජොබ් එකට වඩා විදේශ ඇමතිකම වගේ එකක් කරගෙන හිටියානම් ඔය කොමිසම්වල රස්තියාදු වන්නට සිදුවන්නේ නැත. ඇත්තටම ඔය අගමැතිකම ටික දවසකට හරි මංගලට දුන්නා නම් ඔයිට වඩා හොඳ බව අපට සිතේ. මංගල රනිල්ට වඩා බොහෝ කෙළින් කතා කරන, කෙලින් වැඩ කරන කෙනෙකි.

    ලංකාව වැනි රටවලට අවශ්‍ය වන්නේ ලී ක්වාන් යූ වැනි සොඳුරු ආඥා දායකයෙකි.



    ReplyDelete
    Replies
    1. //මංගල රනිල්ට වඩා බොහෝ කෙළින් කතා කරන, කෙලින් වැඩ කරන කෙනෙකි.//

      +++++

      Delete
    2. Bud in OzNovember 20, 2017 at 9:06 PM

      රනිල් වැනි දේශපාලකයන් හෝ යහපාලන මොඩල් ලංකාවට ගැලපෙන්නේ නැත.
      රනිල්ට ඔය ජොබ් එකට වඩා විදේශ ඇමතිකම වගේ එකක් කරගෙන හිටියානම් .....

      උපදේස් අවශ්‍ය නැත ඔච්චර උවමනාවක් තියනවනම් ඇවිල්ලා කරලා පෙන්වනවද කොහොමද රට, අගමැති කෙනෙක් පාලනය කරන්නේ

      Delete
    3. "Common sense, in so far as it exists, is all for the bourgeoisie. Nonsense is the privilege of the aristocracy. The worries of the world are for the common people."
      George Jean Nathan

      :-D

      Delete
    4. පොදු අර්ථය, එය පවතින තාක් දුරට ධනේශ්වරය සඳහා වේ. නිර්මලත්වය වංශාධිපතිත්වයේ වරප්රසාදයකි. ලෝක ජනතාවගේ කනස්සල්ල පොදු ජනතාව සඳහා වේ. "

      Delete
    5. රනිල්ට තියෙනවා ළොකු ප්‍රශ්ණයක් තම පන්තිය පිළිබඳව... අවසාන කාළයේ ජේ ආර් මේ ගැන සඳහන් කරනවා.. මාතල්න් කැමතිත් නෑ මේ පන්තියෙන් බලය ගිලිහෙනවට... නමුත් රනිල් හා චන්ද්‍රිකාගෙන පස්සේ ඒ පන්තියේ දේශපාලන බලය ගිලිහෙනවා... ඒ දේ රනිල්ට තේරුම ගන්න බෑ... කොටින්ම කියනවා නම් මහන්තත්වය... මහින්ද හා රනිල් අතර ඇති වෙනස තමයි... මහින්දට ඇක්ටින් පුළුවන්... රනිල්ට බෑ...

      Delete
    6. bourgeois. 1. a member of the middle class. 2. a person whose political, economic, and social opinions are believed to be determined mainly by concern for property values and conventional respectability.

      Delete
  3. ඔහොමම 2020 කාටද චන්දෙ දෙන්න ඕනි කියලාත් ලියපං.. මේවා ගැන හිතනවට වඩා නොහිතා ඉන්න එක මාර ලේසියි.. :/

    ReplyDelete
    Replies
    1. මාතා මෙහි රඟපාන්නේ පෙර රජ දවස වන්දිබට්ටයන් ගේ භූමිකාව බව කරුණාවෙන් සලකන්න!

      "විකල්පයක් නෑ, රනිල ම තමා..යි. ඔබ එක්සත් ජාතික පක්ෂය තෝරා නොගන්නේ ඇයි?"

      වන්දිබට්ටයන් සිටිය යුත්තේ රජවරුන් හිනැස්සවීමට මිස දේසපාලන උපදෙස් දීමට නොවේ...!

      Delete
    2. @ කමි

      ඒක අපි 2020 දි බලමු... කවෘ කවදාද හිතුවේ සිරිසේනට ඡන්දේ දෙන්න වෙයි කියලා....

      @ ඇනෝ..

      ඔව් මම රනිල්ගේ වන්දිභඨ්ටයෙක් තමා...
      රනිල්ගේ විතරක් නෙමෙයි, මහින්දගේ, ඝෝඨගේ, ප්‍රේමදාසගේ, ජේ ආර් ගේ.. ඒ විතරක් නෙමෙයි අනුර කුමාර දිසානායකගෙත්...

      නමුත් කිසි කලෙකත් බන්ඩගෙ, සිරමගෙ, සැටලයිට්ගේ හා සිරිසේනගේ වන්දිභඨ්ඨයෙක් නම් නෙමෙයි...

      මොකා උනත් අවුලක් නෑ... වැඩක් කරන එකෙක් නම්.. කරන්න පුළුවන් කියලා පේන එකෙක් නම්..

      මොකෝ මුන් ඔක්කෝම එක වල්ලේ පොල්..

      කොහොමත් අනෙක් උන්ට වන්දිඹ්හට්ට චෝදනා ගෙන එන එකා බොහෝ විට නොම්මර එකේ වහල් වන්දිභඨ්ඨයෙක් වීමේ සම්භාවිතාව ඉතා ඉහළ අගයක තියෙනවා...

      Delete
    3. මොකක්ද බන් රනිල් කොරපු මහ‍ාලොකු වැඩේ? රටට බෙදන්න හදපු එකද? නැත්තන් බටලන්දෙ ෆන් ගත්ත එකද? බැංකුවට කෙලපු එකද?

      Delete
  4. වටේට කෙලවෙති
    මුට ගානක් නැති
    කලබලයක් නැති
    උගේ ගමන යති

    බය නැති අගමැති
    ලජ්ජා නැති අගමැති
    පැරදෙති පැරදෙති
    මූ ආයෙත් එති

    කවුරුත් අදාළ නැති
    නෑසෙන කන් ඇති
    නරියෙකු ගති ඇති
    ඇට නැති අගමැති

    උඩින් ක්ලීන් වෙති
    යටින් ගඳයි නිති
    හිත් නැති පිත් නැති
    හැඟීම් දැනීම් නැති
    හඬත් නැති වැඩත් නැති
    උගෙ අම්මගේ අගමැති..

    ReplyDelete
  5. ටෙන්ඩර් කරන්නේ නැතුව කබ්රාල් ගේ තමන් කැමති වුන් සමඟ ප්ලේස්මන්ට් ක්‍රමයට ගියා නම් මේ ප්‍රශ්ණ නැත. එහෙත් අර්ථසාධක අරමුදල, රජයේ බැංකු වලට ප්‍රයිමරි ඩීලර් කෙනෙක් හරහා නොයා කෙලින්ම බැඳුම්කර වලට ටෙන්ඩර් ඉදිරිපත් කිරීමට ඉඩ දීම වඩා සුදුසුය.

    ReplyDelete
    Replies
    1. මෛත්‍රීපාල සිරිසේන සෘජු නා⁣යකයෙක්. දිනෙන් දින ජනතා ප්‍රසාදයට ලක්වෙනවා. ඔහුට කිසිම දූෂණ චෝදනාවක් නැහැ.දේශද්‍රෝහි මහින්දට දිගටම බයිසිකල් පදින්න පුළුවන්. තාම අවුරුදු තුනක් ගියෙ නෑ. දැන් රටට වෙලා තියෙන නස්පැත්තිය ගැන කියන්න, අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍යය නැති බව කවුරුත් දන්නවා. බැඳුම්කර ගණුදෙනුවෙන් රටේ අපි සෑම පුරවැසියෙක්ම ඇද දමා ඇති අගාධය ගැනත් සෑම පුරවැසියෙක්ම දන්නවා. ගිය ආණ්ඩුවෙන් ගත්ත ණය හිලවු කර කර, ඇපයට තියාගෙන මේ ආණ්ඩුව ගහන ගේම් ගැනත්, කියන බයිල ගැනත්, සෑම පුරවැසියෙක්ම දන්නවා.

      Delete
    2. රනිල් හොරා කීම රනිල්ට අපහාසයකි. කිසිම හොරෙක් මෙතෙක් කල් මහබැංකුවට අත තැබීමට එඩිතර වූයේ නැත.

      Delete
    3. කිසිම හොරෙක් මෙතෙක් කල් මහබැංකුවට අත තැබීමට එඩිතර වූයේ නැත.....///

      ඒ ඔබ හා අප අසා / දන්නා දෙයය. නමුත් 2005/ 2014 කාලයේ වූ දේවල් සාමාන්‍ය හුදී ජනයා හරි හැටි දන්නේ නැතිය දන ගන්න ක්‍රමයක් වත් තිබුනේ නැත

      Delete
    4. ඇත්තෙන්ම 2005 - 2014 කාලයේ වූ දේ ගැන ඕනෑවටත් වඩා අතොශයෝක්තියෙන් වරනැගූ බයිලා අසා අපට එපාවී තිබේ. කෙනෙක්ට චෝදනාවක් එල්ලකරනවා නම් prima facie evidence (බැලු බැල්මට පෙනෙන) තියෙන්න ඕනෑ. prima facie evidence කියන්නේ මේ විකාර කටකතා නෙමෙයි. චෝදනාව සාක්ෂි මගින් beyond the reasonable doubt (සාධාරණ සැකයේ සීමාවෙන් ඔබ්බට) වලට එහායින් ඔප්පු කළ යුතුයි. එතෙක් කෙනෙක් සැලකෙන්නේ නිර්දෝෂී කෙනෙක් විදියට. අපි ශීලාචාර රටක් නම් මේ කතාව මහින්දට විතරක් නෙමෙයි අර්ජුන මහේන්ද්‍රන්ටත් පොදුයි.

      කොමිසමක් හෝ විමර්ශන කමිටුවක් බොහෝ විට සිද්ධියක් පිළිබඳව නිගමනයකට එන්නේ balance of probability සිද්ධාන්තය මත. නමුත් අපරාධ වරදක ඔප්පුකිරීමේ භාරය මීට බොහෝ වැඩියි.

      තාම මහින්දට විරුද්ධව prima facie evidence වත් නැහැනේ? ඒ තියා අර විදියෙ කොමිසමක් හෝ විමර්ශන කමිටුවක් වත් මහින්ද වරදකරු කරලා නැහැනේ.

      ඉතින් මහින්ද නිර්දෝෂී පුද්ගලයෙක් විදියට පිළිගන්න වෙනව අපි කැමති වුනත් නැති වුනත්.

      ඔය ඇවන්ගාඩ් නඩුවෙ තීන්දුවෙන් කවදා හරි යහපාලන ආණ්ඩුව ඉතිරිවෙලා තියන අමුඩ කෙටියත් කඩාගන්නවා. මම දන්නා තරමින් ඇවන්ගාඩ් එක්ක අන්තිම ගිවිසුම අත්සන් කළේ යහපාලන ආණ්ඩුව. Estoppel rule (ප්‍රතිබන්ධනය) එක හෙම නඩුවේදී ඇදෙනකොට හරි සනීපෙට තියෙයි.

      Delete
    5. තවත් සනීප වෙන්නෙ තිලක් මාරපනයි විජේදාස රාජපක්ෂයි විත්තියෙ සාක්කිකාරයෝ විදියට කැඳවන්න සිතාසි නිකුත්කරන්න කියල විත්තියෙ නීතිඥයන් ඉල්ලපු දවසට. මෙච්චර අමන ආණ්ඩුවක් මම නම් දැකල නෑ. ��

      Delete
    6. ඉයන් කියන දේත් හරි... ඒ වගේම මෙතන අමු ජාතිභේදයකුත් තියෙනවා... මොකෝ අර්ජුණලා දෙන්නම දෙමළ... අනික තමන් ආතල් ගත්ත බඩුව වෙන එකෙක් කනවට මොකාද ඉරිසියා නැත්තේ...

      Delete
  6. මගේ දේශපාලන ඉව කියන්නේ මහමැතිවරණයේ වියදම හොයාගන්න ගහපු බැඳුම්කරේ මාස්ටර් පැලෑන රනිල්ගෙමයි කියලා. මාමයි බෑනයි, අවස්ථාවාදීව ඔය චෝදනා තියන අනිත් උන් එක්ක ඉහගෙනම කෑවා. ඡන්දෙ ඉල්ලපු උන්ට වියදම ලැබුණා. රනිල්ට අගමැතිකම ලැබුණා. සරලසේන ලොක්කගෙ බල අරගලයට බර අවියක් ලැබුණා. මළබදදෙට තලුමරන්න මස් කට්ටක් ලැබුනා. බුරුස් ලොක්කට කේවල් කරන්න ප්‍රාන ඇපකාරයෙක් ලැබුණා. අපේ නායක කාරකාදීන්ට හොඳක් වෙනකොට කුහක නොවී සතුටු වෙන්න බැරි උන් මොන රටවැසියොද? ඕකුන්ගෙ සල්ලි වලට ඔහොම කරපු එකමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කාතාවේ ඔය කොටසුත් අඩංගුයි....

      Delete
  7. මගේ දේශපාලන ඉව කියන්නේ මහමැතිවරණයේ වියදම හොයාගන්න ගහපු බැඳුම්කරේ මාස්ටර් පැලෑන රනිල්ගෙමයි කියලා. මාමයි බෑනයි, අවස්ථාවාදීව ඔය චෝදනා තියන අනිත් උන් එක්ක ඉහගෙනම කෑවා. ඡන්දෙ ඉල්ලපු උන්ට වියදම ලැබුණා. රනිල්ට අගමැතිකම ලැබුණා. සරලසේන ලොක්කගෙ බල අරගලයට බර අවියක් ලැබුණා. මළබදදෙට තලුමරන්න මස් කට්ටක් ලැබුනා. බුරුස් ලොක්කට කේවල් කරන්න ප්‍රාන ඇපකාරයෙක් ලැබුණා. අපේ නායක කාරකාදීන්ට හොඳක් වෙනකොට කුහක නොවී සතුටු වෙන්න බැරි උන් මොන රටවැසියොද? ඕකුන්ගෙ සල්ලි වලට ඔහොම කරපු එකමයි හොඳ.

    ReplyDelete
  8. මාතා ,


    //බැඳුම්කර සීන් එක මහා හොරකමක් කියා කියපු උන් ඔක්කෝම අමු බූරුවෝය.//

    හැබෑට යකෝ උබ "Insider trading" ඉංග්‍රීසි වචන දෙකේ තේරුම උබ පොඩ්ඩක් හොයල බලපන්.
    අද රාජ් රාජරත්නම් ඇමරිකාවේ හිරේක කුරු ගනින්නේ එක නිසා තමයි.

    මෙතන බැදුම්කර හොරකම කියන්නේ අඩුගානට බදුම්කරේ මිලදී ගෙන වැඩි ගානට විකුනපු නිසා නෙමෙයි මාතා.

    මෙන්න දුෂණ සහ අක්‍රමික තා මම දන්නා විදියට.

    01 අතිවිශාල ණය මුදලක් රටේ අගමැති වරයාගේ බලපෑම මත රාජ්‍ය බැංකු වලින් නිකුත් කිරීම, මෙම ණය ලබාදීමට ප්‍රමාණවත් වත්කම් අර්ජුන අලෝසියස්ට නොතිබි පවතින වාතාවරණයක් එම මුදල ලබාදීම.

    රාජ්‍ය බැංකුවකින් අඩුගානේ රුපියල් ලක්ෂයක් සාමාන්‍ය මිනිහෙකුට ගන්න පුලුවන්ද ලේසියෙන්.

    02. අදාළ ලබාගත් බැදුම්කර අතිවිශාල මුදලකට සේවක අර්ථසාදක අරමුදලට විකිනිම මෙහිදී සොරකම පවතින්නේ වැඩිමිලට අර්ථසාදක අරමුදල ඒවා මිලදීගත් නිසා නෙමෙයි, වැඩිමිලට මිලදී ගැනීමේ ක්‍රියාවලිය අදාල ආයතනය ඇතුලට තම ඒජන්තයන් දමාගෙන වගකිවයුතු නිලදාරින්ට විශාල අල්ලස් ලබා දී කරපු මහා හොරකමක් නිසයි.

    03 අවසාන වසයෙන් මෙම සොරකම සෙවීමට පත්කළ කෝප් කමිටු සාමාජිකයන් සමග අදාළ කාල සිමාවේදී අතිවිශාල දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ල්බගනිමම විශාල සොරකමකි.

    හැබැයි තත්වය මෙසේ තිබියදී මයිත්‍රී පාල සිරිසේන කරන්නේ අමු පාවා දීමක් ඔහු මේ සොරකම ගැන නොදනුවත් වීමට හේතුවක් නෑ මෙහිදී ඔහු පුර්ණ බලතල ඇති ජනාධිපති කොමිසමක් වෙනුවට පත්කර්න්න්නේ සාමාන්‍ය ජනාධිපති කොමිසමකුයි මෙහිදී සිදුවෙන්නේ තම ප්‍රතිරූපය වර්දනය කරගැනීමයි මෙහිදී රනිල් ට මඩ ගැසීම සිදුකරනු ලබයි, මේ ක්‍රියාවලියේ දී තමන්ට අහිමිවන ජනතා ප්‍රසාදය රැකගැනීමයි උත්සාහය.

    මයිත්‍රී පාල සිරිසේන කියන්නේ එක්සත් ජාතික පක්ෂය තුළවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළවත් අදාළ සංවිදාන වල පිරිස් තම නායකයා ලෙස පිළිගන්න කෙනෙක් නෙමෙයි. මෙනිසා ඔහු තම බලය ආරක්ෂා කිරීමට ගන්න වැයමක් තමයි මේ.

    මේ චන්ද ඉවරවූ වහාම බැදුම්කර සිද්දියට කුමක් සිදුවුනාදැයි සොයන්න බැරි වෙයි.

    මම දකින දේ අනුව රටේ නිතිය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්, මේ රටේ නීතිපති දෙපර්තමන්තුවේ සිටිනවා අවංක නිලදාරීන් හැබැයි රටේ නීතිපති වන්නේ දුෂිත මිනිහෙක් නැත්නම් දේසපාලන ගැත්තෙක්, මෙහිදී දප්පුල ලිවේර ගැන යමක් කියන්න ඕනේ බොහෝ අය අහනවා ඇයි මහින්දග් කාලේ මේ පුද්ගලයා හිටියේ නැද්ද කියල ? ඇත්තටම ඔහු හිටිය නමුත් අදාළ පරීක්ෂණයක් ඔහුට බාර දීම කරන්නේ රටේ නිතිපතියි, කෙනෙකුට පහර ගහන්න ඕනේ වෙලාවට දප්පුල ලිවේර වගේ අවංක නිලදාරියෙක් එවනවා, අදාළ පහරදීම නතර කිරීමට ඕන වෙලාවට අදාළ පුද්ගලයා අයින් කරනවා. ඊයේ අගමැති ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුව ඉවත් කරන්නේ ඔය ක්‍රමයටයි.

    මේ ක්‍රමවිදිය අපුරුවට දකින ටෙලි නාට්ටයක් තමයි කුභියෝ කියන්නේ ඔබට මතකද මේ සෙනසුරාද ඔස්ටින් අයිය කියනව "අබේසේකර මහත්තය මේකට දාල තියෙන්නේ කෙස් එක තද කරන්න කියල " මෙහෙම තමයි යතා ලෝකයේ වෙන්නේ, නඩුවක් තද කරන්න ඕනේ විට දක්ෂ නීතිඥයෙක් දාන අතර නඩුව විසිකර්න්න ඕනේ වෙලාවට අදක්ෂ කෙනෙක් දානවා.

    තව දෙයක් මේ නඩුවට අති දක්ෂ නිතිවෙදියෙක් වන ගාමිණි මාරපන මහතා පෙනී සිටිනවා ඔහු වැනි කීර්තිමත් නිතිවෙදියෙක් අර්ජුන අලෝසොයස් වෙනුවෙන් පෙනී සිටින්නේ වෙන මොකවත් නිසා නෙමෙයි මේ නඩුව විසිවෙන නිසයි මොකද මේ නඩුව ඉදිරියට ගියොත් රනිල්ටත් ගෙදර යන්න වෙනවා එක්සත් ජාතික පක්ෂයටත් ගෙදර යන්න වෙනවා, අන්තිමට සිරිසේනටත් ගෙදර යන්න වෙනවා.

    මේක තමයි ලොක්ක යතාර්ථය.

    ReplyDelete
    Replies
    1. අනේ Lankika Sithuwili ගොං බිජ්ජ නිකන් පලයන් බන් අමු ගොන් කතා නොකිය, පේපෑල් උලම. තෝ දන්න Insider trading, බැදුම්කරයි,දප්පුල ලිවේරයි, එහෙන් මෙහෙම් මොනවහරි වචනයක් දෙකක් අහුලගත්තු බොලා වගේ මරාට රෙදි නැතුව කඩේ යන ගොං බයියො ෆෝම් වෙලා අමු ගොං බයිල ගහනව.

      ගොං රිලවෝ එක්සත් ජාතික පක්ෂයටත් අවු. 05ක් දීල බලපන් හොරකම් සම්පූර්ණයෙන්ම නවත්තල ලංකාව දියුණු තත්වයට ගේන හැටි, තොපි ඉරිසියාවෙ පැලිල පැලිල මරා එක්ක හැමිණිලා මැරිල යාවි. නොදකින් තොපි වගේ මොළේ කලදක් නැති පල් හොර මරාගෙ වහල් බයි හැත්ත.

      Delete
    2. හුදෙක්ම නොදන්නාකමට අසමි....
      1. බැඳුම්කර සිද්ධියෙන් රටට සිදු වූ පාඩුව හරියටම රුපියල්වලින් කීය ද?
      2. එම පාඩුව ගණනය කළ ක්‍රමවේදය කෙටියෙන් දැක්විය හැකි ද?
      3. බැඳුම්කර නිකුතුවේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට චේතනාන්විතව අයථා වාසියක් ලැබෙන පරිදි කටයුතු කළ පුද්ගලයන් කවරේ ද?
      4. එම පුද්ගලයන් විසින් එසේ අයථා වාසියක් ලැබෙන පරිදි කළේ මොනවා ද?
      ප්‍රශ්නය අසන එකා වන මා, ආර්ථික විද්‍යාව ගැන මෙලෝ අලබෝලයක විධිමත් අධ්‍යයනයක් නොකළ අයෙකු ලෙස සලකා, එකොළහ වසර (11) ළමයෙකුට පැහැදිලි කරන මට්ටමෙන් පැහැදිලි කළ හැකි පිංවතෙකු වේ නම් කෘතඥ වෙමි..
      (ප්‍රශ්නය උපුටාගෙන සංස්කරණය කළේ Damith Kethakaගෙනි...)

      Delete
  9. මාතලන් කියන්නේ රවී මහත්තයාගේ ලියන්නා.
    මේවා ඔක්කොම ගේම්
    හොරකම් කරාම එක සුද්ද කරන්න වෙනම ටීම් ඉන්නවා.
    පත්තර කාරයෝ, එන ජී ඔ කාරයෝඕ එක එක එවුන් ඉන්නවා.
    හුදෙකලා සිද්දි නොඑයි,
    හොඳට ප්ලැන් කරලා කරන දේවල්.

    ReplyDelete
    Replies
    1. හරි හරි බං
      මෙහෙම නෝන්ඩි කරන්න එපා...
      ඕවා ඉතින් හැමෝටම කියන්න ඕනා නෑ නේ...

      Delete
  10. සමස්ථ චන්ද දායක රැළම ගෝත්‍රිකයෝ ලෙස දැක්වීමද වැරද්දක් නැත

    ReplyDelete
    Replies
    1. වැරදියි
      ඒක මේ රටේ ආන්ඩු වෙනස් කරනා චන්ද දායකයින්ට කරනා අගෞරවයක්

      Delete
  11. මගේ රටට අල්ලා දෙවි පිහිටයි....

    ReplyDelete
    Replies
    1. අල්ලට කොච්චර කේස් තියෙනවද බං...

      Delete
  12. මහින්ද ගාවා තිබ්බ කියන ෆයිල් දැන් කොහෙද? හෙන්දවිතාරණ කොටිගාව තිබිල හොයාගත්ත ෆයිල් දැන් කොහෙද? ඒවා තමයි ලංකාවේ රාජ්‍ය නිලධාරීන් වියපරිකයන් අදටත් නටවන්නේ, සිරස නටන්නේ මයිත්රිගේ පදේට කියා හිත හිටියට තිරනටකේ ලියන්නේ මහින්දට ඕන ආකාරයටයි, රනිල් වට්ටුවොත් මයිත්තිරි සරම නැතුවම බඩගාගෙන එන බව මහින්ද හොන්දකාරයෙන් දන්නවා.

    ReplyDelete
    Replies
    1. නෑ... සිරස කරන්නේ සිරිසේන ගොනාට අන්දගෙන රනිල්ට ඇරීමක්... පිටිපස්සෙ ඉන්නේ ශිරාල් ලක්තිලක... සිරිසේනගේ විනාශය ගේන්නෙත් ශිරාල් තමයි...

      Delete
  13. රනිල් කියන්නේ දකුනු ආසියාවේ ශ්‍රේෂ්ටතම දේශපාලඥයෙක්... බලය බෙදීම, ජාත්යන්තර වෙලදාම, උසස් අධ්යාපනය නැන්වීම රනිල්ට තියෙන දැක්ම බොහෝ අයට හිතන්නවත් බෑ..

    රනිල්ට රට හදන්න නම් 2030 දක්වා රනිල් බලයේ සිටිය යුතුයි... 2030 න් පස්සේ 2100 දක්වා විමුක්ති කුමාරතු○න්ග, ආචාර්ය හර්ශ ඩි සිල්වා තත්වයේ කෙනෙකුට රට භාර කල හැකියි.

    ReplyDelete
    Replies
    1. රනිල්ගේ දැක්ම තිබුනට වැඩක් නෑ.... ඒවා කරන්න පිරිසක් ඔහු වටා නෑ...

      Delete
    2. ආචාර්ය රනිල්ට දැක්මක් නම් ඇති, නමුත් ඒ දැක්මේ තරම මෑතක පෙන්නපු හොදම උදාහරණය තමයි චීනෙට සලකපු විදිය බලයට ආපු ගමන් හදිස්සියට.

      Delete
  14. මගේ යාලුවෙක් දූෂකයන්ට එරෙහිව කටයුතු කරල මලා

    ReplyDelete
    Replies
    1. 88/89 කාලේ ද

      Delete
    2. ස්ත්‍රී දූෂකයෙක් වෙන්ටෑ

      Delete
  15. දැන් ඉතින් හොරු කවුද කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. පහුගිය අවුරුදු 3 තිස්සේ ම මහින්දට, බැසිල්ට හා ගෝඨාට නොයෙක් පුද්ගලයින් හා සංවිධාන නොයෙක් අවලාද හා චෝදනා එල්ල කළා. ඔබට කියන්න ! මහින්දට හෝ ඔහුගේ සහෝදරයින්ට එල්ල කළ එක චෝදනාවකවත් හරයක් තිබෙනව ද කියල හිතල බලන්න.

    බැසිල්ට තමා මහම හොරා කිව්වේ. ඔහු කළ එක හොරකමක් කියන්න? දැන් ඔහුට නඩු දාලා තිබෙනවා. ඇත්ත. ඒත් ඒ ජනතාවට ණය, වන්දි හා ඇලුමිනියම් බට දීලා. සේරම දීපු ඒව මිසක් බැසිල් ගත්ත කියල එක චෝදනාවක්වත් නැහැ.

    රාජපක්‍ෂ සමය හොඳ එකක් නෙමෙයි, එහෙම ආණ්ඩු කොහෙද තියෙන්නෙ ? දැන් බලන්න. මේ ආණ්ඩුව ආපු ගමන් කරපු හොරකම් ටික. බැඳුම්කර වංචාව දෙපාරක් කළා. ඒ 2015 පෙබරවාරි හා 2016 මාර්තු. කෝටි 6,000ක වැඩියි. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මුළු වියදම බිලියන 99යි. දැන් හිතාගන්න. රනිල් මේ ලංකාවේ ලොකුම හොරකම නොදැන හිටින්න තරම් බබෙක් නෙමෙයි. ඊට පස්සේ ගල් අඟුරු වංචාව. ප්‍රාඩෝ සැප වාහන බදු වංචාව. මහින්ද මෙහෙම කරපු එකක් කියන්න. එහෙම තිබුණනම් මේ අය නිකං ඉඳී ද? අපි මේකයි කියන්න. මහින්දගෙ පොත්ත කලු කළ බොරු ඕපාදූප පැත්තකින් තියල ඔහු දෙස බලන්න.

    කියන්න හැමෝම සතුටු වෙන විදියට කොයි ආණ්ඩුවටවත් වැඩ කරන්න බැහැ. ඒත් මහින්ද තම කුඩා අවුරුදු නමය තුළ මේ රටට දායාද කළ සදාතනික දායද ගැන මදක් නැවතී හිතල බලන්න. ඔහු නොහිටින්න අපි අද කොහෙ ද? රාජපක්‍ෂවරු තරම් මේ රටට කරපු වෙන කෙනෙක් ඔබට වෙන කවදාවත් හමුවෙයි ද කියල මට සැකයි. රාජපක්‍ෂවරු හොරකම් කරත් රාජපක්‍ෂවරුන්ට පහුගිය කාලේ එල්ල කරපු චෝදනා ඔවුන් දරා ගත්තේ හා ගන්නේ කොතරම් ඉවසීමකින් ද පෞරුෂයකින් ද කියල අත් විඳල තිබෙනවා. හිතන්න රටට වැඩ කරල අතින් නඩු කියනවා. වේදනා විඳිනවා.

    ඔබෙන් එක ඉල්ලීමක් කරනවා, රාජපක්‍ෂවරුන්ට චෝදනා එල්ල කරන කොට දෙපාරක් හිතන්න. මුවහම‍ට වගේ ඒකට තලන්න එපා. ඔවුනුත් මිනිසුන්. මහින්දල දේශපාලනයෙන් ගියොත් ගියාමයි. ඉතිරි නොකරම යනවා. ඒ මොහොතට ඔවුන් ගේන්න එපා. මම එහෙම කිව්වෙ බරපතළ ලෙස හිතල. විශේෂයෙන් අපේ ම අය මේ ගැන ටිකක් වැඩියෙන් හිතන්න. ඔවුන්ට චෝදනා කරන්න. හැබැයි නිකං ඕපදූප උඩ නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. බැසිල්ගේ අයිතිකාරයෝ නැති බංගලා. ඩේසී ආච්චිගේ මැණික් මලු වගේම තමයි අනිත් ගේමුත්... එයාලව අල්ලන්න බැරි, යහපාලන ආන්ඩුවේ නොහැකියාව හා ඩීල් ම් නිසාවෙන් මිස වෙන හේතුවක් නිසා නෙමෙයි...

      කොහොම හරි එකම පක්ෂයකවත් හොරු නොවන කෙනෙක් හොයන්න යන්න එපා...

      Delete
    2. මේ මල්ලි, පුලුවන් නම් කියපං එක හොරෙක් ජේවීපී එකේ ඉන්න..... එක නමක්..

      Delete
    3. 88/89 ඉදලා ඉන්න උන් ඔක්කොම.
      ග්‍රාමීය බැංකු හොරු
      අයිඩෙන්ටි කාඩ් හොරු

      Delete
  16. ලෝකයේ රටවල් තුළ රාජ්‍ය අංශයේ සිදුවන දූෂණයන් හා ඊට අදාළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වාර්ෂිකව වාර්තාවක් Transparency International විසින් ඉදිරිපත් කරන අතර එහිදී 2016 වසර සඳහා ශ්‍රී ලංකාව ලබා ඇති ලකුණු ප්‍රමාණය 36කි. 2015 වසර සඳහා ශ්‍රී ලංකාව ලබා ඇති ලකුණු ප්‍රමාණය 37කි. එය වසර 2014දී ලකුණු 38ක් විය. එසේම වසර 2012 සහ 2013 සඳහා පිලිවෙලින් ශ්‍රී ලංකාව ලැබූ ලකුණු ප්‍රමාණය 40ක් සහ 37 කි.
    මූලාශ්‍රය: https://www.transparency.org/cpi2015/#results-table

    මේක යකාගේ වැඩක් නොවැ මාතලන්. අර “දූෂිත රෙජීමයට වඩා “යහපාලන” උන්නැහල පහල ගිහිල්ල නොවැ.

    “මිස්ටර් ඩ්‍රයික්ලීන්” ගෙ ආණ්ඩුවේ “ආලාපාලු ආර්ථික විද්‍යාවේ පියා” එහෙමත් ඉන්නවනෙ.

    මං නං හිතන්නේ Transparency International එකට වැරදිල. මම හිතන්නෙ ලංකාවට ලකුණු 75ක් වත් ඇති. මහින්ද Transparency International එකට පගාවක් දීල ලංකාවෙ ලකුණු කැපුවා වෙන්න බැරිද?

    https://en.m.wikipedia.org/wiki/Corruption_Perceptions_Index

    කෝ මේ ඉයන්???

    ReplyDelete
    Replies
    1. හොරු අල්ලන්නේ නැති වීම. අධිකරණයට අත පෙවීම, ආයෝජකයන්ගෙන ජරාව ඉල්ලීම, සහ තවත් බොහෝ දේ මේ සඳහා බලපානවා..

      ඊටත් වඩා සිරිසේන බටහිරට දුන් පොරොන්දු සියල්ල පුස්සක් වීම හා අමු කෙප්ප වීම වැඩියෙන් බලපානවා...

      Delete
    2. කෝ මේ ඉයන්???.... ස්වර්ගයේ ඉන්න මළවුන්ට හුකන්න ඇඩ්වාන්ස් සල්ලි එකතු කරන්න ගිහින්, ලඟකදී යන්න ඉන්න නිසා.....හිටහන් එනකන්

      Delete
  17. අනේ මුන්දැ දන්න රෙද්ද. දැනට ගහගෙන යන පැත්තට අංශක දහ පහලොවක් හරෝල වැල්බූතයක් ලිව්වට වැඩක් නෑ. කොමෙන්ට් විතරයි. හාවයි ඉබ්බයි ලබු කිරිබත් කාපු හැටි ලියහං. කුණුහරපෙකුත් ලියන්නද? එපාද?

    ReplyDelete
    Replies
    1. ඒකට තමයි ඕයි.. පොලිටික්ස් කියන්නේ... නැතිව බොරු ලියන්නය

      Delete
  18. අනෙ මන්දා ඕයි මාතේ..

    ReplyDelete
  19. මාතලන් ඇතුළු හොරකම් කළා කියල අපේ ආණ්ඩුවට මඩ ගහන අය මේකත් දැනගනිල්ලා, ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙන්ම ඇමති මංගල සමරවීර, ලක්ෂ්මන් කිරිඇල්ල, මලික් සමරවික්‍රම, රවි කරුණානයක වගේ ආණ්ඩුවේ ප්‍රබලයන්ට රටේ මුදල් හොරා කෑවා කියලා මේ දවස් වල චෝදනා කරනවා. ඒත් ඔවුන්ට රටේ මුදල් පුද්ගලික මට්ටමෙන් ලබා ගන්න වුණේ ඇයි කියලා කවුරුත් අහල සොයල බැලුවද?

    ආණ්ඩුවේ මුදල් පුද්ගලික මට්ටමෙන් ගත්ත එක හොරකමක් නම් ඒකට හොරකම කියල කියන්න. අපේ තරහක් නෑ. ඒත් එහෙම මුදල් පුද්ගලිකව ගන්න වුණේ අන්ත දූෂිත අසික්කිත පාදඩ රාජපක්ෂ පල් හොරුන් පුද්ගලිකව ලබාගත් ණය රටට අපකීර්තියක් නොකර පියවා දාන්නයි. පිටරටවල් වලින් රාජපක්ෂලා ලබා ගත්ත කළු සල්ලි ප්‍රසිද්ධියේ පියවන්න ගියානම් ඒකෙන් රටට ලොකු අපකීර්තියක් වෙනවා. පුද්ගලික මට්ටමෙන් පියවපු නිසා රටේ ගෞරවය රැකුණා.

    හොඳම උදාහරණය තමයි රාජපක්ෂ කම්බ හොර හැත්ත රුසියන් මිග් යානා ගනුදෙනුවන් සල්ලි හොරා කාපු එක. ඒ සල්ලි කලු කඩක්‍රමයටයි හොරා කෑවේ. ඒක ආණ්ඩුවේ වියදමින් පියවන්න ගියානම් ශ්‍රී ලංකාවට අන්තර්ජාතික සම්බාධක පැනවෙන්න ඉඩ තිබුණා. ඒක වලක්වන්න තමයි රුසියන් නැවක් මිලදී අරගෙන ඒකෙන් එම මුදල පියවන්න වුණේ. අමු ගොන් විදිහට මඩ ගහන පට්ට ගෝත්‍රික අමුම අමු ජාතිවාදී පොල්බූරු බයියන්ට මේවා තේරෙනවද?

    තමන්ගේ ජීවිතය පවා පරදුවට තියලා එහෙම කරලා රටේ කීර්තිනාමය රැක ගත්ත අපේ UNP නායකයන්ට හොරා කියල කියනවානම් උඹල හරිම ගුණමකුවෝ. එහෙම ගුණමකුවෝ වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. බූරුවෙක් මෙන් කොමෙන්ටි නොකොට

      ළිපිය කියවීමෙන් පසු කොමෙන්ට් කරන්න...

      Delete
  20. හානෙ මා තලං දැන් ප්‍රසිද්දියේම කඩේ යනවනෙ රනිල්ට
    . කෝ කො ඉස්සර දාපු මද්‍යස්ථ ලයින් එක

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න