.

.

Apr 12, 2020

සැබෑ නොවනා සමාජවාදී සිහිණය




සමාජවාදය හා ධනවාදය යනු යල් පිනූ ඉකොනොමි මොඩල් දෙකක්ය...

එකකින් කියන්නේ.... ජනතාව හෙවත් පුරවැසියා  ව්‍යවසාකයින් හෙවත් නිශ්පාදකයින් හා ආනයන අපනයන... තොග හා සිල්ලර වෙළදුන් වී .... ලාභය උපයාගත යුතු අතර...

අනෙකෙන් කියන්නේ.. සියලු ව්‍යවසායකත්වය  හා ලාභය රාජ්‍යය සතුවනාතර.. රාජ්‍ය විසින් දෙන දෙයක් කා වෙන දේ බලා සිටිනා එකටය....

1977 දී ජේ ආර් පප්පා ලංකාවට හදුන්වා දුන් සිංගප්පූරූවේ මොඩලය හෙවත් විව්‍ෘත ආර්ථිකේ හෙවත් ඕපන් ඉකොනොමියෙන් කියන්නේ.. සියළුම ආකාරයේ ව්‍යවසායකත්වයන් පුරවැසියාට පමණක් නොව පරවැසියාට හෙවත් ෆොරිනට්ස්ලාටද ඕපන් බවය....

ලෝකය වේගවත් සමාජීය ආර්ථික මෙන්ම තාක්ෂණ දියුණුවක් ඇති වූයේ මේ ක්‍රමය නිසාය... මොකා මොන බයිලා ගැහුවත් අදත් හැම එකාම ඒ සිස්ටම් එක ලංකාවේ ඇදගෙන ගියේ ඒ සිස්ටම් එකටමය...

අපේ ඔලමොට්ටල දේශපාලූ කාළකන්නින්ගේ ජාතිවාදය හා ත්‍රස්තවාදය නොවන්නට ලංකාවද සිංගප්පූරුවක් බවට පත් වී අවසානය....

එහෙත් මේ සියල්ල අතීතයය.... දැන් මේවා ගැන කතා කිරීමෙන් කිසිම දෙයක් බඩට වැටෙන්නේ නැතිය....

කොරෝනා මේ සියල්ලටම කෙලලා ඇරියේය... ඇමරිකාවේ පමණක් රැකියා අහිමි වූ පිරිස මිලියන දෙකකට ආසන්න වෙමින් පවති....

අපේ රටේ තත්වය දැනගත හැකි වනුයේ රට නැවතත් විව්‍ෘත වූ දිනකය...

ආන්ඩුව ගත්තේ හොදම තීරණය විය හැකි මුත්.... ආනයන මත යැපුන රටක් ලෙස මේ ගත් ක්‍රියාමාර්ගයෙහි ඵල විපාක කොරෝනාවලටත් වඩා හානිදායක බව මාතලන්ගේ මතයයි....

අපේ අය සමාජවාදී රාජ්‍යයක සිහිණයක් දැකීමට මේ මොහොතේ රට පාලනය වන ආකාරය ප්‍රධානම හේතුව වී ඇත...

ඒ ඇර තවත් හේතුන්ද වේ.. ඒ අතර...

* ආර් ප්‍රේමදාස හඳුන්වා දුන් සුබ සාධන දීමනාව.. (ජනසවිය හෙවත් සමුර්ධිය)
* නිදහස් හා යල්පිනූ අධ්‍යාපන ක්‍රමය..
* නිදහස් සෞඛ්‍ය සේවාව..

මේ සියල්ල රාජ්‍යය විසින් ලබා දීමෙන් වන්නේ උපතින්ම කම්මැලි ජාතීන් වන ලාංකිකයින් අමු කාළකන්නීන් වීම පමනි.... (එහෙයින් මේ සියල්ල පෞද්ගලීකරණය කරන්නෙයි කියා මාතලන් කියන්නේද නැත...  නිදහස් සෞඛ්‍ය සේවයක් නොමැති ඇමරිකාව ඇදගෙන නානා ආකාරය දකිනා කිසිවකු... එවැනි මෝඩ කතාද මින්මතු නොකියනවාද නොඅනුමානය.. අවශ්‍ය වන්නේ සම්මිශ්‍රණයක්ය....)

ඒ කෙසේ වෙතත්... නැවත ගොඩ ඒමට නම් රට ගමන් කළ යුත්තේ මේ එකඳු ක්‍රමයකටවත් නොව...

නිදහස් වෙළඳ පොල ආර්ථික ක්‍රමයකට හෙවත් ලිබරල් මාර්කට් ඉකොනොමියකටය....

එහිදි.... කම්කරුවාද නිශ්පාදන හා ලාබය ඉපැයිමේ කොටස්කරුවකු බවට පත්වේ.... ඔහුගේ ශ්‍රමයට ලැබෙනා වැටුපට අමතරව ඔහු ව්‍යාපාරයේ කොටස් කරුවකුද වේ... එවිට ලාබයෙන් කොටසක්ද අමතර ආදායමක් සේ ලැබේ.. නැතිනම් සියලු ලාභය හිමිවන්නේ ප්‍රාග්ධණ හිමියාට පමණි.. එයද අසාධාරණය... එමෙන්ම කම්කරුවාගේ අදහස්ද ව්‍යාපාරයේ දියුණුවට එක්කල හැකිය....

ජපානයේ හා කොරියාවේ ජන ජීවිතය උසස් බවට පත් වීමේ රහස මෙයයි....

එහිදි දැනට රාජ්‍ය සතුව පවත්නා ව්‍යාපාර වුවද.... අයිතිය රජය සතුව තබාගෙන කළමණාකරනය පෞද්ගලික අංශයට ලබා දීමෙන් ... ඒවායේ ඇති මහා පරිමාන හොරකම්... දූෂණ... අලාභය හා අකාර්‍යක්ෂමතාවයන් සියල්ල.... ඉබේම අහෝසි වනවා ඇත...

සමාජවාදී ක්‍රමයට පවත්වාගෙන ගිය සියලුම රාජ්‍ය ආයතන හා සේවාවන් පට්ට ෆේල් බව මේ මොහොතේ ඔප්පු කර අවසානය....

එපමනක් නොව පාර්ලිමේන්තු නියෝජනයන්ද මෙලෝ රහක් නැති කාළකන්නින් පිරිසක් බවද ඔප්පු කොට අවසානය....

බලය විමධ්‍යගත කිරීමට ඉන්දියාව බලෙන් එල්ලූ පලාත් සභා තනිකර සුදු අලියෙක් බවත්... ඒවා මහ උන්ගේ දරුවන්ගේ මොන්ටිසෝරි බවත් ඔප්පුකර අවසානය

ඒ අනුව සමාජවාදී සිහිණය පුස්සක්ම වනු අතර....

රාජ්‍යයේ අධීක්ෂණය යටතේ.... ලිබරල් වෙළඳපොල ආර්ථික ක්‍රමයකට යාම වඩාත්ම සුදුසු ක්‍රමය බව සදහන් කරමින්....

මේ පල් හෑල්ලද මෙතනින් නවතා දමනවාය... 

4 comments:

  1. නිදහස් සෞඛ්‍ය සේවාවාක් නොතිබුණා නම් අපිටත් ඇමරිකාවක් වෙන්න තිබුණා
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මේ තමයි නියම ශ්‍රී ලාංකිකත්වය නොහොත් පුකත්වය, උඹලා ඔක්කොම එකයි බං.

      පකට පුඟුලෝ හෙළුවෙන් වනති කිව්වලු

      Delete
  2. ආනයන වලින් ලද ආදායම වගේම ප්‍රමාණයක් ආවේ මැදපෙරදිග, ඉතාලිය වගෙ පැතිවල සේවය කල අය එවූ සල්ලි වලින්. ලොක්ඩවුන් සහ කොරෝනා ආසාදන නිසා මේ පැත්ත යථා තත්ත්වයට පැමිනීමටත් බොහෝ කල් ගතවේවි. එමෙන්ම සංචාරක ව්‍යාපාරය (දෙශීය සංචාරකයන් නොවේ) නැවත ගොඩ ඒමටත් වසරක් දෙකක් වත් ගතවේවි. එහෙත් කවුරුවත් ණය නද නම් කපා හරින එකක් නැහැ. රජයටත් වියදම් සීම නොකලොත් දේශීය වියදම් සඳහා මුදල් අච්චු ගැසීම සහ ආනයන සීමා කිරීම (සංවෘත ක්‍රමය ) හැර වෙන විසඳුමක් මට නම් නොපෙනේ.

    ReplyDelete
  3. රටේ පුරවැසියන් වැරද්දක් කළාම නඩු, දඬුවම්.
    හැබැයි රටේ පාලකයන් වැරදි තීන්දු ගැනීම නිසා රටම- පුරවැසියන් හැමෝම- අනාගත පරම්පරාවන් පවා විපතට වැටුනත් නඩුත් නැහැ; දඬුවමුත් නැහැ. හැබැයි පෙන්ෂනුත් තියෙනවා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න