.

.

Apr 8, 2020

වෙන්ටිලේටරයේ පියා




වෙන්ටිලේටරයේ පියා
ෆොරස්ට් මෝර්ටන් බර්ඩ්
Forrest Morton Bird (1921 – 2015)

දැන් අපේ බටහිර පෙත්තප්පු ජොස්තරලට කොවිඩ් වලට වඩා තියෙන ප්‍රශ්ණය තමයි කැඳ හැලියයි දුම් මුට්ටියයි...

ඒකට හේතුව කැඳ හට්ටි දුම් මුට්ටි කාරයෝ වෙන්ටිලේටරේ ඉල්ල්පු එක...

පැනඩොල් සැට්ටෙක කියන්නේ වෙන්ටිලේටරේ උන්ගෙය කියලා....

රෝගය් වැළඳුන ප්‍රථම රෝගියා ඉතා පැහැදිලිව කිව්වා.... බටහිර බෙහෙතුත් වැටෙන ගමන්... තමන්ට වෙදකම් කරපු දොස්තර මහත්තයම ගෙදරින් හදාගෙන ආපු කැඳ එකක් දුන්නය... ඒ දුන්නේ තමන්ට ආහාර ගිලීමේ අපහසුතාවයකුත්... අහාර රුචියත් නැති හින්දය කියලා....

එතකොට බටහිර ඖෂදත් සමඟ.... මේ කැඳ එක හා වෙනිවැල්ගැට පානයත් තමන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න හේතූ උනාය...

ඒ වගේම ගෙදර අයටත්... දෙහි කොල අල්ලන්නත්... අර කැඳ හා වෙනිවැල්ගැට පානයත් දිගටම ගන්නෙයි කියලා ඒ වෛද්‍යතුමාම කිව්වය .... ඒ නිසා එයාලත් රෝගය වැළඳීමෙන් බේරුනය කියලා....

අමතක නොකලම යුතු කාරනය තමයි... ඔහුගේ ප්‍රතිශක්තිකරණය ඉහළ තත්වයක තියෙන නිසා... අනෙක් රෝගීන්ටත් ඔහු ලේ දන් දුන්න එක... දැන් බටහිර රටවලත් ඒ වැඩේ පටන් අරගෙන.....

මේ ෆොරස්ට් බර්ඩ් මහත්තයා ගැන කියවන්න කලින් මාතලන් හිතුවේ..... වෙන්ටිලේටරේ හොයාගත්තේ ලංකාවේ වකුගඩු ඇඹරිලා පුක ඉරාගන්න හදන ජොස්තරලය කියලා....

බලාගෙන ගියාම මුන් කටපාඩම් කරන බටහිර වයිජ්ජ විජ්ජාව වගේම.... ඒක හොයාගෙන තියෙන්නෙත් එරොප්පේ සුදු මහත්තයෙක්....

උන්නැහේ 2015 මිය යනකොට ඇමරිකානු පුරවැසියෙක් ලබන්න ඕන ඔක්කෝම සම්මාණ ලබලා ඉවරයි....

ඒ අතරේ 2008 ශ්‍රේෂ්ඨ පුරවැසි සම්මාණයත්, 2009 බරක් ඔබාමගෙන් නව නිශ්පාදන හා තාක්ෂණය වෙනුවෙන් පිරිනමන ජාතික සම්මාණයත් දිනා ගන්නවා....

වෙන්ටිලේටරය සොයා ගැනෙන්නේ..... ඔහු ඇමරිකාණු ගුවන් හමුදා ගුවන් නියමුවකු ලෙස සේවය කරද්දි..... ඉහළ අහසෙදි එතෙක් පැවති ඔක්සිජන් සප්ලයි මැෂින් එකෙන් වැඩේ හරියට නොකෙරුනු නිසා....

ඒ කියන්නේ.... මේක අද හුස්ම ගැනීමේ අපහසුතා ඇති රෝගින්ට සැනසුම ගෙන දුන්නත්...... මුලින් හදලා තියෙන්නේ පයිලට්ලට....

ඉතින් ඒ පයිලට්ලට හදපු මැෂින් එකට තමයි අපේ ගොන් ඩොකාලා පේටන්ට් ලියා ගන්න හදන්නේ.....

කොවිඩ් වලින් ගොඩ එන්න මේ වගේ සිල්ලර විහිළු කරන්නේ නැතිව....

කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි රට ගොඩ ගන්න එකයි මේ මොහොතේ විය යුත්තේ.....


6 comments:

  1. +++++++++++++++++++දින 14 ක නිරෝධායනයේ සිට++++++++++++

    ReplyDelete
  2. නොදන්න පයනු ලියන්නැතුව ඉඳපන් මාතලන්.

    ReplyDelete
  3. ලංකාවේ බටහිර දොස්තර ල හොයා ගත්තේ කාර් පර්මිට් එක විතරයි. ඒක වෙන රටවල බටහිර දොස්තරල තාම පාවිච්චි කරන්න හිතලවත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඉයන් මහත්තයෝ, ඔයා වැරදිද මන්දා. පැය 24 PP හොයාගත්තෙත් අපේ කට්ටිය නේද?

      Delete
  4. තුවායකින් මුහුණ වසා ගෙන උතුරන වතුර හැලියකින් එන වාෂ්පය ආඝ්රායනය කිරීම ඉතා පහසු ventilator ක්‍රමයක් බව පැරණි අය හොඳින් දැන සිටියා.

    ReplyDelete
  5. කොරෝනා වෛරසය බලපෑම නිසා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ ආර්ථිකය දරුණු පසුබෑමකට ලක්වනු ඇති බව ලෝක බැංකුව සඳහන් කරයි.

    ඔවුන් පුරෝකථනය කර ඇත්තේ මෙම රටවල ආර්ථිකය වසර 40කින් පමණ ආපස්සට යනු ඇති බවයි.

    එම වසර 40 ක කාලය තුළ සිදු වූ දරුණුතම ආර්ථික පසුබෑමට මෙම රටවලට මුහුණදීමට සිදුවනු ඇති බවද ලෝක බැංකුව සඳහන් කර ඇත.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න