.

.

Apr 23, 2020

ඒ කාළේ මගුල් මේස සැරසූ බිත්තර සලාදේ.....




මේ පින්තූරේ දැක්ක ගමන් කතා කොරන්න යන්නේ මක්කා ගැනද කියා දන්න උන් දන්නවාය....

තනමල්විල කොල්ලෙක් බලන වෙලේ... ඉස්සර අපිත් මඟුල් කෑවා නේ යකෝ කියා මතකෙට ඉබේම එනවාය....

මගුල් ගෙදෙට්ට මුලු ගමේම දායකත්වය ලැබෙනවාය.... ඔවා අස්සේ වෙන වෙන මංගල්ලත් සෙට් වෙනවාය....

මගුල් කෑම කියන්නේ මංගල්ලේ හොදම අවස්ථාවය... දවස් ගනන් බඩ විරේක කොට ඉස්මුරුත්තාවට එනකන් කා බී ඇවිත් අඩු පාඩූ කියනා එක අපේ සිරිතය....

මගුල් ගෙදරට වඩා හොදට ඇට්ටොන් ගෙදර මේසේ සැරසෙන්නේ ඇටෑක් සෝ එකටය... උන් හැන් බේකන් චීස් පුඩින් දුන්නත් ඒවායේත් ඇද කිව්වේ නැහ්නන් උන් හිංගලයෝ නෙමේය...

අද වාගේ පිඟානත් උස්සගෙන හිඟන්නෝ වගේ ඉන්න ඕනා උනේ නැතිය... මනමාලිගේ අම්මා හෙවත් මනමාල මහතාගේ නැන්දම්මා... වතුර වීදුරු ට්‍රේ එකක් අල්ලගෙන ගියේය... මුලින්ම අල්ලන්නේ අළුත් නෑ සෙට්ටෙකටය... ඉතින් කස්ටියට තියෙන්නේ කෑම මේසේ ඈදි ගන්නා එකය.... කෑම මඩුව ටිකක් දිගය... අඩුම 30-40 කට ඇදබාන්න ඉඩ තියෙනවාය.. ආර්ථික තත්වය අනුව මේසයේ දිග වැඩි උනේය... ඊට පස්සේ තියෙන්නේ හිතේ හැටියට ඇදලා අරින එකය.... කට්ටියක් ඉවර උනාම තා සෙට්ටෙකක් ඈදී ගන්නවාය...

අලුතෙන් යන සෙට්ටෙකට... වැදලා බහින නඩේ කට්ටිය අරක හොදයි මේක හොදයි කියනවාය... මගුල් මේසේ කෑම බීම සමාජ තත්වය අනුව වෙනස් වෙනවාය.... ව්‍යාජන වැඩි වෙන තරමට පවුලේ තත්වය රැකෙනවාය...

එදා ගමේ උන් කුකුල් මස් ව්‍යාංජනේ කෑවේ මගුල් ගෙදරකදීය... විශේෂ කෑම වර්ග වූයේ... කජු මාළූ...  ග්‍රීන්පීස් මාළූ... කටලස්... එළුමස් ඉස්ටු වගේ ඒවාය....

ඌරූ මස් හරක් මස් හැමදාම කෑ නිසා... හරකාට හා ඌරාට මඟුල් මේසෙට එන්න බැරි උනත්... කාමරේක ඉතා රහසිගතව කරගෙන ගිය වෙනත් රාජකාරියක් සඳහා සහභාගී වීමේ වාසනාව හිමි විය....

මගුල් ගේ දවසට කලින් බැද්ද පැත්තෙන් ඩෝං සද්දයක් ආවේ නම්... අර රහසිගත රැස්සීමට වයිල්ඩ් බෝද සහභාගී උනේය..

මගුල් මේසේ ඩැකරේසොන් එකට.. අයිස් කාවින්... වැජිටබල් කාවින් තිබ්බේ නැතිය..

ඒකට තිබුනේ... සලාද කොල උඩ නිවන් ගිය රෝස්ට් කුකුලෙක් දෙන්නෙක් හා  එග් සැලඩ් එකය... කෑවත් නොකෑවත් හැමෝම මේකෙන් එකක් බෙදා ගත්තේ... එහි තිබූ අලංකාර බව නිසාමය...

ඕනම මගුල් ගෙදරක අනිවාර්‍යයෙන් මේසය සැරසුවේ බිත්තර සලාදේය... බිත්තර සලාදේ කිව්වාට ඕකේ තිබුනේ එක බිත්තර පෙත්තය....

බොහෝ විට බිත්තර පෙත්ත තිබ්බේ උඩය.. සමහර තැන්වල බිත්තර පෙත්තට උඩින් කැරට් පෙත්තක්ද තිබුනේය...

ඕක හදන පිඟානේ හෝ දීසියේ යටම තිබුනේ සලාද කොලය... ඊට උඩින් පිපිඤ්ඤා පෙත්තකි... ඊට පස්සෙ පිලිවලින්.. බීට් පෙත්තක්... අල පෙත්තක්.. තක්කාලි පෙත්තක් හා ඉන් පසු බිත්තර පෙත්තක් තබා... ලුණු කුඩු හා ගම්මිරිස් ඉස තිබුනේය....

මගුල් ගෙදරට එන ඔක්කෝටම නැතත් ආරාධිතයින්ට සෑහෙන ලෙස මේවා රෙඩි කොට වෙලාසනම ලෑස්ති කොට තිබුනේ... ඕක නැත්නම් කාපු මංගල්ලයක් නැති නිසාය....

සමහර විට හැම එකාම මේවා නොකෑවත්... බෙදාගත්තේ...  තිබුන ලස්සන නිසාම වෙන්නට ඕනෑය... හැබයි ඕකේ ඇති ගුණවත්ම කොටස වූ සලාද කොලේ හැම එකාම ඉතුරු කළේ...

ඒක ඒ කාළේ ෆුඩ් කල්ට් එකක් නොවුන නිසා වෙන්ඩැතිය....

මම නම් පොඩි කාළේ කලේ.... බිත්තර පෙත්ත ඇර අනික් ඔක්කොම අහල පහළ උන්ට දී...... උන්ගේ බිත්තර පෙත්ත ඉල්ලා ගන්නා එකය...

ඒ වගත් මෙසේය....

4 comments:

  1. මටත් අපේ පුචි අම්මගේ මගුල් ගෙදර මතක්වුනා.
    දැන් හැදෙන අය කෑම මඩුව මොකක්ද කියලා දන්නෙත් නෑ. පින්තූැයක් දැම්මනම් හොඳා

    ReplyDelete
  2. අර මාගල් රවියටනං ඔය මගුල් මෙසෙක හිටපු කුකුළෙක් කන්න අවුරුදු දෙකක් විතර ගියා.

    ReplyDelete
  3. කවුරු මොන මංගල්ලෙට ගියත් අර රොස්ට් කරපු කුකුළට නං අතවත් තිබ්බේ නැහැ. මේසයේ අඩුපාඩු බෙදන්න- මඟුල් ගෙදර උදව්වට ඇවිත් හිටි 'දීප්තලගේ- පතෝලයගේ නඩේ වගේ' අයට තමයි අන්තිමට ඌ බිලිවුණේ.

    ReplyDelete
    Replies
    1. ඔය කුකුළ කන්න යන අයට මේ වගේ අකරතැබ්බ තමයි වෙන්නෙ.


      (ඔබතුමා මේ කතාව කියවල කොමෙන්ට් එකකුත් දාල තිබුන එතන.)

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න