.

.

Jul 15, 2023

ජාත්‍යන්තරයෙන් කොන් වූ සෙලන්ස්කි අපට කියා දෙන උගත් පාඩම.


 ජාත්‍යන්තරයෙන් කොන් වූ සෙලන්ස්කි

අපට කියා දෙන උගත් පාඩම.

➖➖➖➖➖➖➖➖➖🔴➖


මේ පින්තූරය මේ මොහොතේ ලෝකයේ වැඩියෙන්ම වෛරල් වෙච්චි පින්තූරය.


මේකෙන් රුසියානූ යූක්‍රේන යුද්ධයේ මුලු කතාවම කියා පානවා. 


සෙලන්ස්කි කියන්නේ බටහිර විසින් කුමන්ත්‍රණයකින් පත්කරපු ජෝකර් කෙනෙක්. ඌ කොහොමත් කොමීඩියන් කෙනෙක්. ඌ අමු මෝඩයෙක් කියන්න තව උදාහරණ අවශ්‍ය නෑ. රුසීයාවට විතරක් දෙවනි වූ රුසියානූ සමූහාන්ඩුවට අයත්ව තිබූ යුරෝපයේ ධාන්‍යාගාරය මේ යකා අමු සොහොනක් කලා.


ඔය දේම නේටෝ එක බෙලරුස් හෙවත් බෙලරසියාවෙත් විපක්ෂ නායිකාව දාගෙන කරන්න ගියාට,එහේ ඉන්නේ නන්දසේන රාජපක්ෂ වගේ ගොබ්බසේන කෙනෙක් නොවන නිසා, අද ඒ ගෑනිට සරනාගතයෙක් ලෙස ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඌ පුටින් වගේම යකෙක්. රටක නායකයා වෙන්න ඕන එහෙම එකෙක් මිසක් නන්දසේන වගේ ගොබ්සන් හාල්පාරුවෝ නෙමෙයි.


බටහිර තානාපතිලා ඔක්කොම එකතුවෙලා අරගලයක් කියලා මෙහේ කරන්න ගියෙත් ඒක. දැන් උන් ගානියා බැරිස්ටර් සීන් එකෙන් රෙදි ගැලවිලා ඉන්නේ. අපි නම් ඒ කාළෙම ඕවා කිව්වා. උන්ගේ ප්ලෑන් එක උනේ පාර්ලිමේන්තුවත් ගිනි තියලා, රැට්ටා හෝ කුරුස අප්පුහාමී වගේ හාල්පාරුවෙක් මෙහේ නායකයා කරලා, උන්ට අවශ්‍ය විදියට රට පාලනය කරන්න. ඒ නායකයා ශවේන්ද්‍ර හෝ ෆනී සරත් වෙන්නත් ඉඩ තිබුනා. හිරුනිකා වෙන්නත් තිබුනා. ඒක දන්නේ එයාලා.


ඒ බලවේග විසින් ගොබ්බසේන පැනලා ගියායින් පස්සේ කතානායක නිල නිවසටම ගිහින් උන්නැහේට රට බාරගන්න කියන්නේ ඒ අනුව. ඒ සෙට් එකේ සජිත්, කරූ, සුමන්තිරන්, හර්ෂ වගේ අමන දේශපාලන කුර හා අං සහිත ජීවීනුත් සිටීම රටේ අවාසනාවක්. 


කෙසේ හෝ මේ කුමන්ත්‍රණය ගැන ඉව වැටිලා තිබ්බ රනිල් එයාගේ සෙට් එකකුත් අරගලයට ඔබලා තිබ්බේ. රනිල්ගෙ ගේ ගිනි තියන්නේ රනිල්ට අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙන්නෙ කියලා ඒකට බෑ කිව්වාම. ඒක කලෙත් සජිත් හා සිරස දාලා.


ඒ කරලා රනිල්ව බය කරලා ජනාධිපති කම බාරගන්න එපා, සර් අස්වෙන්න කියන්නේ ශවේන්ද්‍ර. රටේ මිනිස්සුන්ගේ වාසනාවකට රනිල් එතනදි අරුන්ට වඩා කපටි වුනා. කතානායකව කන්ට්‍රෝල් කළෙත් රනිල්. ඒ වෙලාවේ රනිල්ට බැක් කලේ කමල් ගුණරත්න විතරයි.


මෑතකදි අර මරු කියවන වජිර අබේවර්ධන කියලා තිබුනා, රනිල්, මුලු ලෝකෙටම බය නෑ කියලා. ඉතින් ඒ කතාව බොරුවකුත් නෙමේ වෙච්චි දේවල් එක්ක බැලුවාම.


රනිල් ජනාධිපති වුනයින් පස්සෙත් ජූලී නෝනා රට පාලනය කරන්න ගිය එකටත් රනිල් ගේම දෙන්නේ ඊළඟ දවසේ උදේ යන්නම් කියලා හිටපු අරගලියන්ස්ලට ඝෝඨාගෙ ගුණ කිය කියා දුවනකම් ආමි එක දාලා බෙදලා. මේවා මාර ටැක්ටික් ගේම්. 


එහෙම නොකර ඊළඟ දවසේ උදේ ගියා නම්, අරුන් වීරයෝ වෙනවා. අද උන් නගුට පුපේ ගහගෙන, කුක්කු බොන කුක්කෝ වගේ ඉන්නේ, ඊට පස්සෙත්, බේරේ වැවෙන්ම නාවලා ඇරිය නිසා. හීරෝ පාට් රඟන්න ගිය අන්‍රයියට දෙන්නේ, රෝලර් ඩෝ කඩාගෙන හැංගෙන්න.


ඒ නිසා රටට ආදරේ කරන, ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන ඕන එකෙක්, මේ මොහොතේ රනිල්ව රැකගන්න අවශ්‍යමයි. හේතුව තාම කුමන්ත්‍රණය අවසන් නැති නිසා. පොහොට්ටුවේ උන් අරගලයෙන් පුප නැති වෙන්නම කාපූ නිසා උන්ට තේරෙනවා රනිල්ගේ අගය.


එහෙම රනිල් ආවේ නැත්නම්, පත්වෙන හාල්පාරු රූකඩ නායකයටයි රටටයි වෙන්නේ අර බුකියේ එකෙක් කියලා තිබ්බා වගේ, පොෂ් බඩුවක් සෙට් වෙලා ඒකිගේ බර්ත් ඩේ පාටියට ගිය හිඟන කොල්ලෙක් මෙන්, සෙලන්ස්කි වගේ මේ ලෙස අනාත වෙලා පීචං වෙලා ඉන්න.


එහෙම ජෝකර් කෙනෙක් 2015 ගෙනත් එක්ස්පීරියන්ස් තිබුන හේතුවෙන් තමා, රනිල් දෙවනි වර, රෑ වැටුන වලේ දවාලෙත් නොවැටි බේරුනේ.


ඒ වගත් මෙසේය.....

.

16 comments:

  1. කතාව ඇත්ත තමයි මාතලන් මම හිතන්නේ නන්දේ උගේ පුතාට මොනව කරි කරයි කියල බය වෙලා හිටියේ පොර මුලදීම එක්සත් ජනපදයට නැවුණ වැඩියි අනෙක මිනිස්සුන්ට කතා කරල මහජන සහාය ලබාගැනීමට කැස්ත්‍රෝලා පූතින් ලා වගේ දක්ෂ කමක් තිබුණේ නෑ කාමර වල ඉඳන් තීන්දු තීරණ අහගෙන මිනිස්සුන්ට ඒව කරන්න කියුව එක හරිගියේ නෑ යුද මෙහෙයුම් වගේ නෙවයි රටක් පාලනය කරන එක, අරුන් ගානට ප්ලෑන්කරල ගේම දුන්නා වෙලාවට ලංකාවේ මිනිස්සුන්ගේ වාසනාවට අඩුපාඩු තිබුණත් රනිලා හිටපු නිසා හොඳට ගියා නැතනම් ඇමරිකාව ප්‍රමුඛ බටහිර මාෆියා කල්ලිය ලංකාවට වෙන කාලකන්නියෙක් පත් කරා නං ලිබියාව ඉරාකය ඇෆ්ගනිස්ථානය වගේ රටටම හැඳිගෑවිලා යන්න තිබ්බ අර යුක්රේනයට පත් කරපු රිලාමොටා නිසා වෙච්ච හරිය පේනවනේ ඔය නුඹ උඩ නම් කරපු ගොබ්බ ලැයිස්තුවට සාලයෝ පීරිසියත් එකතු කරන්න පුලුවන්ද? ඌත් ඒවගේ හාල් පාරුවෙක්නේ නේද?

    ReplyDelete
  2. Qalculate හි දෙමළ ජාතිවාදය පරාජය කලෙමි.

    Qalculate මෘදුකාංගය තුල ලංකා රුපියලේ සංකේතය ලෙස යුනිකේත දෙමළ රුපියල් සලකුන යොදා තිබුනි.

    මම ඒ සංකේතය වැරදි බවත් ඒ වෙනුවට LKRයොදන ලෙසත් දැනුම් දුන්නෙමි.

    මෙවර නව සංස්කරණයේදී එම වරද නිවැරදිකර තිබුනි

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩක් ජගත් තව දෙයක් ඔතන LKR වෙනුවට ලංකාවට රු. වගේ සංකේතයක් දාන්න බැරිද? ඉන්දීය රුපියල නියෝජනයට හින්දි දේවනාගරී අක්ෂර මාලාව ඇසුරින් ර අකුරෙන් හදාපු සංකේතය වගේ එකක්?

      Delete
  3. 2022 ජූලි 09 සෝ කෝල්ඩ් "මහා" විප්ලවීය මහජන ව්‍යාපාරයකින් ලංකාවේ හිටපු ජනපතිවරයා ඉතිහාසය තුල පළමු වතාවට ධූරයෙන් ඉවත් කිරීමේ සුවිශේෂී සිදුවීමෙන් අවුරුද්දකට පසුව අප නැවත සුපුරුදු පරිදිම ණයට කමින් සිටිමු.... කිසිඳු නව නිශ්පාදනයක්, නව ආර්ථික වෑයමක්, නව මාවතක් ගැන වගේ වගක් නැත.... රටක් පෙරලීමට තරම් විසාල ශක්තියක් තිබුණ බව පෙන්වන ලද මහා අරගලකාරී ජනතාවක් නැවත අද්භූත ජනක ලෙස උදාසීනව ගොස් ඇත....

    දැන් මේ දවසද වසරකට වරක් "සමරන දවසකි"..... හේතුව අපි ආසා ''සැමරීම්'' වලටය.... මේ සුවිශිෂ්ඨ දවස සැමරිය යුත්තේ එදා ඒ දවස යෝජනා කළ ''අරමුණ'' දිනාගැනීමෙනි..... නැතිව අයි.එම්.එෆ් ණයෙන් තුන්වේල කෑමේ ප්‍රීතියෙන් නොවේය.....

    රනිල් වික්‍රමසිංහ යනු 'ජනතාව විසින්' පත්කළ ජනාධිපතිවරයෙක් නොවේය. ඔහු කිසිම ආර්ථික දේශපාලන දර්ශණයක් ඉදිරිපත්කොට එය ක්‍රියාත්මක කිරීමට "ජනතා වරම" ලැබූවෙක් නොවෙයි. සත්‍ය නම් ඔහු එය ඉදිරිපත්කළ හැමවිටකම ජනතාව ඔහු ඉදිරිපත් කළ ආර්ථික දේශපාලනය ප්‍රතික්ෂේප කළ බවය. ඒ 1994 පමණ ඈතක සිට පහුගිය 2019 දක්වාම එහෙමමය.

    ඇත්තෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට 'ලංකාව' නම් සමාගමේ වැඩිම කොටස් හිමි බලය හිමි නේටෝ හවුලේ ආර්ථික අංශය වන IMF නමැති ආයතනය විසින් තමන්ගේ Funds නිවැරදිව කළමණාකරණය වෙනවාදැයි සෙවීමටත් සියලුම ප්‍රධාන අංශ ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුව නැටවෙන බව සහතික කර ගැනීමටත් පත්කළ ප්‍රධාන විධායක නිළධාරියෙකි (CEO). නැතිව රනිල් ජන+අධිපතිවරයා නොවේය. එහෙම නමුත් ලංකාව ඇතුලත ඔහුගේ පත්වීමේ ක්‍රමය ව්‍යවස්තානුකූලය. අපේ රටේ ජනාධිපතිලාට වඩා ඉන්නේ ඇත්තටම ඔය CEO ලාය. වැඩිම කොටස් හිමියා චීනය වන විට චීනය තම CEO පත්කරණ අතර ව්‍යපාරය පාඩුලබා එය IMF විසින් කොටස් මිළදීගැනීමකින් පසු ඔවුන් තම CEO ලෙස රනිල් වික්‍රමසිංහ පත්කර ඇත.

    රනිල් වික්‍රමසිංහ ඊළඟට බොහෝවිට ජනාධිපතිවරණයකට නොයා ජනමතවිචාරණයකට යාමට ඉඩ ඇත. ප්‍රතිවාදියා ලෙස මහින්ද රාජපක්ෂ නැතිනිසාත් වැලේවැල් නැති පොහොට්ටුව රනිල්ට මුක්කුවක් ගැසිය හැකිනිසාත් චන්දයට යාමට ඉඩක් ඇතත් එය සීයට සීයක් ෂුවර් නැත. තවම ජනාතාවගේ යම් තරමක බරක් NPP එක දෙසට ඇති නිසා චන්ත්දයකට යාමේ අවදානම රනිල් ගත්තත් ඉංදියාව ගනීදැයි මට විශ්වාසයක් නැත. ඉන්දීය අධීක්ෂණය සහ අවශ්‍යතාව මත ක්‍රියාත්මක වන නූතන 2023 IMF වැඩසටහනේ ​ෆන්ඩ්ස් ආරක්ෂිත බව දැනුන වහාම රනිල්ගේ වැඩකොටස අවසන් වෙයි. එවිට ඉංදියාව රනිල්ට ගෙදර යන්නට යයි දැනුම් දෙනු ඇත.

    නමුත් එයින් පසුව එන නව ඇමරින්දියානු අනුප්‍රප්තිකයා කව්ද...?

    චින පිළ රාජපක්ෂවරුන් දුර්වල වනවිට තම CEO ලෙස තෝරාගෙන ඇත්තේ කව්ද....?

    මේ පිල් දෙකේ CEO කෙනෙක් නොවී සැබෑ ජනාධිපතිවරයෙක්ට බලයට පත්වීම කොයිතරම් අමාරුවෙයිද...?

    එහෙම නොවී ඉන්න දැනටමත් විදේශ අතකොලු වී ඇති අනුරට පාඨලීට හෝ සජිත්දට හැකිද....? එවිට ලෝකයෙන් එන ප්‍රතිචාරය කොයිවගේ වෙයිද...? කෝචිචියෙත්, ඉරිදා පොලේත් යන ජුලීචන්ග් ​නෝනා ඒ වෙනුවෙන් නිකංම ඉඳියිද...? කෝන්ක්‍රීට් විතරක්ම දාන්නට ඩොලර් බිලියන ගණං ණයදුන්න චීනා නිකංම බලා ඉඳියිද.

    මේ නිසාම සැබෑ ජනාධිපතිවරයෙක් නොවන CEO කෙනෙක් කිසිවිටක අළුත් මාවතක් කපන්නේ නැත. ඉහත නම්වලින් CEO කෙනෙක් නොවී ජනාධිපතිවරයෙක් ලෙස ඉදිරියට ඒමේ පෞරුෂය තියෙන්නේ කාටද....?

    මේවා මෙහෙම වන අතරේ මහාජනතාවක් පාරට බසින්නට හේතුව වූ ආර්ථික, දේශපාලනික අර්බුදය එක දශමයකින්වත් මේ වනතෙක් විසඳී නැත. ඩොලර් බිලියන ගණන් ණය ණයමය. ඔබට නොපෙණුනාට දිගින් දිගටම අප එම අර්බුදවල පතුලටම කිඳාබසිමින් සිටිමු. දැන් රේටින් අපිට පක්ෂව එන්නේ අපි එයාලාට හිස නමා හේත්තුවූ නිසා පමණය.

    ගෝඨාභය දිනිය යුතුවූයේ මේ මූඩියකින් පැලැස්තර දමා වසාතිබුණ ගඳ බෝතලයේ මූඩිය ඇරීම වෙනුවෙන්ය. ඔහු මූඩිය ඇර රටේ ආර්ථිකයේ සැබෑ ගඳ අපට දැනෙන්ට සැලැස්වූ අතර උඩුගුවනේ උන් ඔබ පාරට පැන්නේ ඒ ගඳ දැනීම නිසාය. අවුරුදු පණහක් පාලක පංතිය වැඩකරන්නේ මේ ගඳ ඔබට නොදැනී වසා තැබීමටය.....

    නැවතත් අළුත් වටයකින් රනිල් වික්‍රමසිංහ මේ උත්සාහ කරමින් සිටින්නේ කෙසේහෝ 'ඔබට ගඳ නොදැනෙන ලෙස' ඒ පල්වුණ බෝතලයේ මූඩිය ආපහු වැසීමටය.

    'ජන අරගලයෙන්ව' වසරකට පසු ඔබට අවශ්‍ය මූඩිය වසා තව තවත් මේ සමස්ත ආර්ථික සමාජීය යාන්ත්‍රණය පල්කිරීමටදැයි ඔබේ සැමරීම්වලට පෙර විනාඩියක් හිතාබලන්න....

    ඔතැන තිතක්ව මමද හිටියෙමි. නමුත් මම තවම ඒ ගැන ආඩම්බර නැත. මම ආඩම්බර වන්නේ ඒ 'අළුත් රටක්' නැමති අරමුණු ඉටුවූ දවසටය. නැතිනම් අඩුම ඒ දෙසට පාරක් කපන්නට පටන්ගත් විටය.....

    දැනට මේ තියෙන්නේ තිබ්බ දුර්වල, බංකොලොත් රටම තිබ්බාටත් වඩා දුර්වලව සහ බංකොලොත්වය.....

    ලකා.

    https://m.facebook.com/story.php?story_fbid=pfbid02bhi6gMUxz5Hk1bXvLnRKw8UgjUH5dJ7mEbUTfofnQbnCZG5aCKT3rMQT1vAJxpv2l&id=100015896891927&mibextid=Nif5oz

    ReplyDelete
  4. සෙලෙන්ස්කි https://kolambagamaya.blogspot.com/2023/07/9.html

    ReplyDelete
  5. අජිත්, සෙල්න්ස්කී Selensky ගැන ඔය අජිත් කියන කතාව ඇත්ත වෙන්න පුළුවන් කියල හිතෙනවා බොහොම දුරට ඒ වගේම ලංකාවේ ආණ්ඩුව වෙනස් කරන්න කරපු අරගලය පිළිබඳව නැවත හොයල බලද්දී මට ගෝඨාභය පන්නා දැමීමෙ සැබෑ අරගලය ඇරඹුනේ කවදාද යන්න ගැන කරුණු අනාවරණය කර ගැනීමට පුළුවන්කම ලැබිල තියෙනව ඒ අනුව;

    🔳ගෝඨාභය රාජපක්ෂ රුවන්වැලිය ඉදිරිපිට දිවුරුම් දුන් දිනයට පසුදා ඇමරිකාවේ ලාස් වේගස් හීදි කණ්ඩායමක් එකතු වෙනවා. එතන සිටියෙ දෙමළ ඩයස්පෝරාවේ කණ්ඩායමක් සමග ඇමරිකාවේ වෙසෙන ප්‍රබල සිංහල බෞද්ධ චරිතයක්.

    ඔවුන් එදිනම ගෝඨාභය ඉක්මනට ගෙදර යවන්න පිඹුරුපත් සකස් කරනවා...

    🔳ගෝඨාභය දිවුරුම් දීලා හරියටම සතියක් යනකොට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයෙ සේවිකාවක් වන ගාර්නියා බැරිස්ටර් අතුරුදහන් වෙනවා. ඒක සුදු වෑන් යොදාගෙන කළ පැහැර ගැනීමක් බවට ප්‍රචාරය කරනවා. නමුත් අවාසනාවකට වගේ ඒක අතේ රෝලක් බව හෙළිදරව් වෙනවා. ඒත් ඔවුන් ඉතාම උත්සාහවන්තව දිගටම ක්‍රියාත්මක වෙනවා

    🔳ගෝඨාභය රාජපක්ෂ වැඩ පටන් අරගෙන පළමු වසර තුල කොවිඩ් වසංගතය නිසා මේ අයට කොවිඩ් පාලනයට අදාල දේවල් විවේචනය කරන්න පුලුවන් වුණත් ඒවා එච්චරම සාර්ථක වුණේ නෑ ඒත් පිටරටවල සිටින අය අතර ජනප්‍රිය වී තිබූණ ආණ්ඩුවේ ජනප්‍රියත්වය ආණ්ඩුවේ තකතීරු කොවිඩ් නීති නිසා ඉක්මනට බිඳ වැටෙනවා

    ඊළඟට 2020 වසරේ ඩිමොක්රටික පක්‍ෂය බලයට පැමිණීම සමග එක්සත් ජනපදයේ පූර්ණ සහාය කමලා හැරිස් සමැන්ටා පවරලා හරහා මේ ප්ලෑන් එකට ලැබෙනවා

    ඔවුන් මහමැතිවරණයෙන් පසුව මුලින්ම වැඩ අල්ලන්නේ සිංහරාජය තුල යෝෂිතගේ හෝටලයක් ගැන කියලා ඒක අසාර්ථක වුණාම ගල්කිස්ස වැලි හෝදාගෙන යාම ගැන බයිලයක් ගහනවා ඊටත් පස්සේ තමයි සිරස මාධ්‍ය ජාලය හරහා සීනි බදු වංචාව ගැන මහා පරිමාණ ප්‍රචාරයක් දෙන්නේ ඒකෙන් සෑහෙන සාර්ථක දේශපාලන විරෝධතාවක් ආරම්භ කිරීමට ලැබෙනවා

    ඊළඟට 2021 වසර මුල අර සීනි කේස් එකෙන් මාස 06 ක් යන්න කලින් යුරෝපීය ග්‍රේටා තන්බර්ග් විගඩම කොපි කරල සිරස ලක්ෂපති හරහා සිංහරාජෙ භාග්‍යා කියලා දැරිවියක් යොදාගෙන මහ වන සංහාරයක් පිළිබඳව දැවැන්ත ප්‍රචාරයක් ගෙනි යනවා. ඊටපස්සේ රටපුරා කැලෑ ඩෝසර් කරනවා කියලා මහා පරිමාණ ලෙස නිවුස් ප්ලාන්ට් කරනවා.

    🔳1997 නිකුත් කල චක්‍රලේඛයක් මූලික කරගෙන වසර 23 කට පසු ස්ටාලින් ප්‍රමුඛ ගුරුවරු දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කරනවා. ස්ටාලින් කියන්නෙ LTTE ත්‍රස්තවාදීන් කොළඹ බෝම්බ පුපුරවනකොට කොළඹට ඇතුල් වෙනකොට දාලා තිබුණු මාර්ග බාධක අයින් කරන්න කියලා මානව හිමිකම් නඩු දාපු පුද්ගලයෙක්.

    🔳මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය රජයට පවරා ගැනීම සහ ඇතැම් විද්‍යාඥයින්ගේ උපදෙස් මත ආණ්ඩුව ක්‍රියාත්මක කරපු කොවිඩ් ම්‍රස්ලිම් මෘත දේහ ආදාහනය සම්බන්දයෙන් ම්‍රස්ලිම් රටවල් වලින් සහ රට අභ්‍යන්තරයේ දැවැන්ත ම්‍රස්ලිම් ජනතාවගේ ආණ්ඩු විරෝධයක් පටන් ගන්නවා.

    🔳කොවිඩ් වසංගතයට පිළියමක් ලෙස එන්නත්කරණය ආරම්භ කරද්දී ඊට විරුද්ධවත් දැවැන්ත කතිකාවක් නිර්මාණය වෙනවා.

    🔳රටට ඩොලර් එවන්න එපා කියලා විදේශ ගත ශ්‍රමිකයන් අතරෙ දැවැන්ත රැල්ලක් හදනවා.. ඉන්දීය ඩීල්කරුවන් මැදිහත්වී මැදපෙරදිග රටවල උණ්ඩියල් ක්‍රමයට ලංකාවට මුදල් එවීම සමග නීත්‍යානුකූලව එවීම අධෛර්යමත් වනවා

    🔳ඉන්දියාවට පවරා නොදෙනවා යැයි පොරොන්දු වූවද කොළඹ වරායෙ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ගෝඨාභය විරුද්ධව දැවැන්ත මතයක් ගොඩ නගනවා.

    🔳කොවිඩ් වසංගතයට මුවා වී රට පුරා ඇඟලුම් කම්හල් ඇතුලු කර්මාන්ත ශාලා මාස ගණනාවකට වසා දැමීමට දැවැන්ත ප්‍රචාරක සැලසුමක් සිදු වෙනවා. මහජන බලපෑම නිසා ආණ්ඩුවට එය කරන්නට සිදුවෙනවා

    🔳රටපුරා ගෑස් ලිප් පුපුරනවා..

    🔳 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අභූත චෝදනා ගොන්නක් ගෝඨාභයට එල්ල කරනවා. (ගෝඨාභයව එලවා දැමීමත් සමගම ඒ රැලි සේරම අතුරුදහන් වෙනවා.

    මේ සියල්ලම වෙනත් වෙනත් හුදකලා කාරණා වගේ මතුපිටින් පෙනුනත් එකිනෙකට බද්ධ වූ කාරණා.. එක්තරා කණ්ඩායමක් විසින් නිර්මාණය කරපු මෙහෙයවපු ක්‍රියාන්විතයක්.

    ඒ අතරෙ කාබනික පොහොර ප්‍රශ්ණය, බදු අඩු කිරීම, නැව් ගිනි ගැනීම්, තෙල් සහ ගෑස් පෝලින් වැනි ආණ්ඩුවේ වැරදි තීරණ නිසා වුණ සැබෑ ප්‍රශ්නද කරලියට එනවා.

    සැබෑ ප්‍රශ්න වලින් පීඩාවට පත් වන ජනතාවව ඉහත මා සඳහන් කල කණ්ඩායම් විසින් අරගලය කරා තල්ලු කරන්නට සමත් වෙනවා

    උන් සැබෑ ප්‍රශ්න උන්ගෙ අරමුණ කරා යන්න පහුරක් කර ගත්තා. එපමණයි..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලංකාව තුල රෙජීම් චේන්ජ් අරගලය ආරම්භ වූයේ ගෝල්ෆේස් එකේ නොවේ. එය හුදු ඩ්‍රාමා එකක් පමණයි.

      ▶️සෝෆා ගිවිසුම -Status of Forces Agreement(SOFA)

      ▶️ඇක්සා ගිවිසුම -Acquisition and Cross-Servicing Agreement(ACSA)

      ▶️මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම - Millennium Challenge Corporation (MCC)

      ගිවිසුම් තහනම් කිරීම සහ නැවත සලකා බැලීමට තීරණය කල නිසා ඇමරිකාව ගෝඨාභයගෙ හතුරෙක් බවට පත් වෙනවා.

      අරගලයට ඩොලර් මිලියන ගනන් පොම්ප වෙනවා. ගෝල්ෆේස් අරගලය සැණකෙළියක් බවට පත් වෙනවා.

      එය නිර්පාක්ෂික අරගලයක් බව කියවෙනවා.
      ( අද වෙනකොට නිර්පාක්ෂික අරගලයෙ රෙදිපිළි එකින් එක ගැලවී ගිහින් අමු හෙළුවෙන්...)

      කාබනික පොහොර ප්‍රශ්ණය ආවත් නැතත් තෙල් , ගෑස් පෝලින් ආවාත් නැතත් ඒ වෙනකොටත් ගෝඨාභය රාජපක්ෂ නමැත්තා එලවන්න මහ පොලොව මත බිම් බෝම්බ අතුරලා ඉවරයි.

      කාබනික පොහොර ප්‍රශ්ණය, තෙල් ගෑස් පෝලින් වලින් උනේ ගෝඨාභය රාජපක්ෂ ටිකක් කලින් එලවපු එක විතරයි. එහෙම නැතත් ගෝඨාභය රාජපක්ෂව අනිවාර්යයෙන්ම එලවනවා.

      ගෝඨාභය රාජපක්ෂ විතරක් නෙවේ අනාගතයේ දී ඔවුන්ට අකීකරු නායකයෙක් බිහි උනොත් ඔහුවත් ඉහත බලවේග විසින් අනිවාර්යයෙන්ම එලවනවා.

      ඉදිරියේදී මේ පොලවෙ කාවද ජනාධිපති කරන්නෙ කාවද එලවන්නෙ කියලා තීරණය කරන්නෙ මහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී චන්දය නෙවේ. චන්දය කියන්නෙ හුදු මායාවක් විතරයි. උන්ගේ බහට අවනත ඉත්තෙක් ලංකාවේ රජ කරවනවා. එච්චරයි

      ඉදිරියේදී ලංකාවේ ජනාධිපති පත් කරන්නෙ ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර, දෙමළ ඩයස්පෝරාව, ම්‍රස්ලිම් අන්තවාදීන්, නිරාගාමිකයන් සහ ලජබට සමලිං/ගික ප්‍රජාව. ඒකයි ඇත්ත කතාව

      අපි මේ කොටන වචන පවා දූවිල්ලක් වගේ වා තලයට මුසු වෙනවා. එච්චරයි...

      Delete
  6. ළමාතං ඇතුලු ජවිපෙ සහ ජූලි ඇන්ටිගේ සම්බන්ධතාවය හොයන අය නේපාල් වල දෙදාහ දශකයේ සිදුවූ මාවෝ වාදි ගරිල්ලන්ගේ විප්ලවය සහ ලෝකෙන් වැඩිම ප්‍රතිශතයක් හින්දුන් වූ රාජ්‍ය ආගම හින්දු වූ නේපාලයේ 2017 දී ගෙන ආ සෙකියුලර් නිරාගමික වියවස්ථාව හා ඊට සමගාමීව ඇතිවූ ක්‍රිස්තියානි නිකාය වල පැතිරීම සොයා බලන්න. ජූලි ඇන්ටි ලංකාවේ සිදු කරන්නේ ද එය බවයි පෙනෙන්නට තිබෙන්නේ.

    ReplyDelete
  7. @ Jagath Pathirana

    ලෝක සංදර්භයෙදි BRICS එකට බයේ ඇමෙරිකන් යැංකි ඩොලරයට පඩ යනවා😭

    මේව බලපන් සේරටම කලින්

    https://www.outlookindia.com/business-spotlight/brics-expansion-plan-and-launching-of-brics-currency-to-decrease-influence-of-us-dollar-gaurav-gupta--news-292814



    https://foreignpolicy.com/2023/04/24/brics-currency-end-dollar-dominance-united-states-russia-china/


    නමුත් “බයිකයිටොයි” දේශයේ පමණක් කඩා වැටෙන ඇමරිකා-බටහිර සංයුක්ත කණ්‌ඩායමට සහ G7 එකට දෙකපුන ජඩාතිපතියා සහ නීචයෝ 225ට පින්සිදුවන්නට රුපියලට සාපේක්ෂව ඩොලරය ඉහලට යනවා. හනේ හැබෑටම මෙහෙමත් නාටක..

    ReplyDelete
  8. පඬු කරඳ වහන්සේ අපවත් කරල දේහය කුට්ටි කරල භූමදානය කරා😪 සිරස මාධ්‍ය ජාලය වගේ ජඩ මාධ්‍ය
    මීඩියාවල පැයෙන් පැයට නිව්ස් නෑ
    සිරස ගිහිල්ලා ගහ යට ඉඳන් වොයිස් කට් ගන්නේ නෑ

    හෙළ පරිසර රාජිනිය දේවානි මැතිණිය ගහ යට අඬාවැටෙන්නෙ නෑ🤣 හෙළදිව පිනට පහළ වූ මහා හරිත දියණි සිරසේ භාග්‍යා වනාන්තර බේරගන්න එන්නෙ නෑ
    පරිසරවේදියෝ ගහ වටේ වැහි නැටුම නටන්නෙ නෑ.
    බුකී පරිසර ප්‍රේමියන්ගෙ හෑලි නෑ
    කොටන් පටෝපු ලොරිවල පොටෝ නෑ...
    ජෙප්පො පරිසරය රැකගන්න උද්ගෝෂණය කරන්නෙත් නෑ !
    කොටින්ම කිව්වොත් දැන් පරිසර විනාශෙකුත් නෑ. ගස් කපන්නෙත් නෑ. අනවශ්‍ය ගස් ඉවත් කරනව විතරයි🤣😄🤣😅 අනේ මන්ද බන් ආතල් රටක් ලංකාව නම් 😊

    ReplyDelete
  9. STEM JOBS ඒකියන්නෙ S-විද්‍යාව, T-තාක්ශණය, E-ඉංජිනේරු සහ M-ගණිතය කියන අංශ වල රැකියා කරන්න පුලුවන් උසස් පෙළ ට ඒවා ඉගෙන ගත්ත අයට විතරක් නෙවේ!!!
    ඔව් අනෙකුත් විශය ධාරා හදාරපු අයටත් අවශ්‍ය මූලික අධ්‍යයන කටයුතුවල නිරතවී මහන්සි වෙලා උත්සාහ කළොත් ටික කලකට පසුව
    සුදුසුකම් හදාගෙන කළ හැකි STEM Jobs තියනවා! පොඩි දැනුවත් වීමක් විතරයි අවශ්‍ය. ඒ දැනුම හොයාගන්න උත්සාහ කරන්න කී යුතු දේ ගැන අපෙන් දැනගන්න

    ReplyDelete
  10. ගෑවුන තැන ඉවරයි...ගුරුගෙදර හරි මොකක් හරි ගුරුවරුන්ට ණයදෙන ඔයවගේ සමූකාරයක් තිබ්බා..ෆොන්සේකා චන්දෙ ඉල්ලන කාලෙ හඳුන් එක්ක ප්ලේන්ටිය බිව්ව මගෙ ඩිපාර්ට්මන්ට් එකේ ජූනියර් පොරක් දඩ බඩ ගාල රස්සාවෙන් අස් වෙලා ඒකෙ සභාපති කමට ගියා...මිනිහ ඉගෙන ගෙන තියනවා...MBA එකක් සහ BSc Natural Seince තිබ්බා මගේ ගාව ඉද්දි හොඳට වැඩ කලා ඇත්ත කිව්වොත් මිනිහ පුද්ගලෙය්ක් වශයෙන් ඉතා හොඳයි.මම උග්‍ර මහින්ද වාදියෙක් උනත් මා එක්ක වචනයක් දේශපාලනේ කතා කලේ නැ (පොර දන්නවා එහම කලා නම් පොරට වෙන දේ😅) කොහොම හරි මිනිහ අස් උනා මම එපා කිව්ව ස්තිර රැකියාව විදේශ ආයතනයක හොඳ වැටුපක් දාල යන්න එපා කියල...මේ මිනිහ ඇහුවෙ නෑ...සර් බලන්න මම යන තැන කියල පොර ගියා..ඒකෙ සභාපති උනා.....අස් වෙන අන්තිම දවසෙ ෆෙයා වෙල් එකේදිත් මම කිව්ව ඕනෙ නම් ම Director Board එකට දාල අස් වීම අවලංගු කරන්නම් කියල මොකද මිනිහ හරි හොඳ මිනිහෙක් අවංකයි...නීති ගරුකයි...වගේම අහිංසකයි..නමුත් ගොන්කම ජෙප්පන් කරේ තියන් ඉන්න එක. කැපුවත් රතු..උන්ගෙ බොරුවකට වශීවෙලා හීන ලෝකෙක හිටියෙ....පස්සෙ මට සමුදීල මිනිහ ගියා...මාස කීපෙකට පස්සෙ මම පත්තරෙන් දැක්කා ....අනේ බැලින්නම් මූල්‍ය වංචාවක් සීන් එකකින් මිනිහ දොට්ට වැටුනා...මේ යකා හොරෙක් නෙමේ පක්ශෙ සීන් එකක්....අන්තිමට මිනිහ ටයර් කඩේක කැශියර් එකට ගියා...පව්...මේ සම්පූර්න සත්‍ය කතාවක්....උගතෙක් නිසා පස්සෙ හොඳ රස්සාවක් හොයා ගන්න ඇති නමුත් අතන සීන් එකෙන් මිනිහට නඩු වැටුනා....ඒ නිසාම පුද්ගලික් ආයතනවල රැකියාව අහිමි උනා....මගේ ආයතනයේ නැවත රැකියාද ගන්න මිනිහ ආවා නමුත් උසාවි කේස් එක එක්ක රැකියාවට ගන්න අපේ ....විදේශීය...... කාර්‍යාලය අවසර දුන්නෙ නෑ...උගතෙක් හිටියත් මුන් එක්ක ඒ මිනිහ පාරට වැටෙනවා....නම් ගම් හෙලි කලේ නෑ එ මනුස්සය හොඳ මිනිහෙක් උගතෙක් නමුත් පක්ශෙ නිසා පාරට වැටුනා....මේක සත්‍ය කතාවක් මගේ පුද්ගලික අත්දැකීමක්!

    -Sudesh Dias Bandaranaike

    ReplyDelete
  11. ලංකාව තුල ක්‍රියාත්මක වන රජයේ රෝහල් සැක නම් අපි ලඟට එන්න "

    - ලංකාවේ පෞද්ගලික රෝහල්-

    (සැ.යු. මෙය මුදල් ගෙවා පළ කරන ලද දැන්වීමකි)

    ReplyDelete
  12. ලංකාවේ උන් කාටහරි හෑල්ලක් ලීවොත් අවුරුදු 2ක් යන්න කලින් ඌ හැඳිගෑවිලා යනවා යැවිල්ලක් ආයේ😂😂😂 ඌට තණකොලවත් ඉතුරු වෙන් නෑ........

    දවස එක්ක SS එකක් ගහලා😂 තියාගනිං ඊලඟට හු* ගන්නේ මූ මේ හෑලි සාප හින්දා🤗

    ReplyDelete
  13. සිංගප්පූරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලියෝන් පෙරේරා සිය ධුරයෙන් ඊයේ ඉල්ලා අස් වී තිබේ.

    ඉල්ලා අස්වීමට හේතු වී ඇත්තේ ලියොන් පෙරේරා මහතා පැවැත්වූ අයථා සබඳතාවයක් පිළිබඳ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබීමයි.

    සිංගප්පූරු ප්‍රධාන විරුද්ධ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාවක් වන නිකොල් සේ සමඟ ලියෝන් පෙරේරා මහතා මෙම අයථා සබඳතාවය පවත්වා ඇත. වසර දෙකකට අධික කාලයක සිට මෙම සබඳතාවය පැවතී ඇති බවත් වීඩියෝ පටය නිකුත් වන තෙක් ඔහු තම වරද පිළිගැනීමට සූදානම්ව නොසිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    නිකොල් සේ සහ ලියෝන් පෙරේරා කිහිපවතාවක් ආපනශාලා වලදී මෙන්ම හෝටල් වලදී මුණගැසී තිබෙන බව සිංගප්පූරු ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත පෙන්වා දී තිබේ.ඔවුන් දෙදෙනා සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වීමත් සමඟ දෙදෙනාම වරද පිළිගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලියෝන් පෙරේරා මහතා සිය මන්ත්‍රී ධුරයෙනුත් ජ්‍යෙෂ්ඨ නායිකාව වන නිකොල් සේ පක්ෂ සමාජිකත්වයෙනුත් ඉල්ලා අස් වී තිබේ.

    ReplyDelete
  14. අමාලි නංගිට පුකේ අරින්න ඕනි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න