.

.

Jul 29, 2023

දීප්තිලාට වෙනස් විය හැකි මුත්, ගෝත්‍රික ත්‍රස්තවාදීන්ට එසේ විය නොහැක.

 


දීප්තිලාට වෙනස් විය හැකි මුත්,

ගෝත්‍රික ත්‍රස්තවාදීන්ට එසේ විය නොහැක.

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖


ඊයේ පත්තරෙන් එහා වැඩ සටහනට එනවා ඉරාජ්. පැයක වැඩ සටහන පැය දෙකකට ආසන්න වෙලාවක් යනවා දැනෙන්නෙත් නැතිව. එතනදි ලංකාවේ ඉන්න ඊනීයා ලිබරල් ගෝත්‍රික ත්‍රස්තවාදීන්ට දීප්ති හා ඉරාජ් දෙන්නම කුඩු වෙන්නම ගහනවා.


ඒ ගෝත්‍රික ත්‍රස්තවාදීන් කව්ද කියලා අද බුකිය හා අනෙකුත් සමාජ මාජ්ජ දිහා බැලුවාම ඔයාලට ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්. 


අද මීඩීයා කියන්නේ සල්ලි මවන උල්පතක්... ඕන නම් ඉතා සුළු කළෙකින් කෝටිපතියෙක් වෙන්න පුලුවන්...

හැබයි හෘද සාක්ෂියට එකඟව නෙමෙයි...

ඇත්ත කියලා ලියලා නෙමෙයි..

ප්‍රොපගැන්ඩා වලින්...

මේක කැලණි නයාගේ ඉඳන්, බැංකු කඩාගෙන වැටීම දක්වා ගලා යනවා

ඔය අනුර කුමාර දිසානායකගේ ලැම්බෝගිනි කතා වගේ...

විමල් වීරවංශගේ බටහිර කුමන්ත්‍රණ වගේ..


මේ දේවල් කරන්නේ මීඩියා කාරයොයි (මීඩියා කාරයෝ කිව්වම පත්තර, ටී වී, සඟරා, වෙබ්, බ්ලොග්, යූ ටියුබ් ඇතුලු සමාජ මාජ්ජ සියල්ල අයිතියි) දේශපාලුවොයි ඉතරක් නෙමෙයි... වෘත්තිකයිනුත් ඇතුලත්. නැත්නම් එයාලටත් කොනට වෙලා ඉන්න වෙනවා නේ.


කොරෝනා මිනී වලලන්න නොදීම. අම්පාරේ මන්ද පෝෂණේ, බාල බෙහෙත්, පාන් ගේන්න විල්බැරෝ එකේ සල්ලි අරගෙන යාම, කොරෝනාවෙන් ඔක්කොම මිය යාම, ගැස් බ්ලාස්ට් ඒ වගේ සාර්ථක ප්‍රොපගැන්ඩා. ඒව බිඳින්න හරි අමාරුයි. 


කරුමය වෙලා තියෙන්නේ බෙල්ලේ පාලුවට ඔළු තියෙන ජීවීන් පිරිසක් ඉන්න රටක, පැන්ෂන් ගිය මයිනෝ පවා ඒ සුරංගනා කතා ඇත්ත කතා වගේ පිලිගන්නවා විතරක් නෙමේ, ඒවා වමනය කර කර අයෙත් කන එක. හරියට 🐄🐄 වගේ. 


මොකෝ... මොලේ තිබුනට හිතන්න බුද්ධියක් නැති නිසා, අර නිර්මාණකරුවෝ අඹරලා දෙන ගුලි, උන් ඕසෙට කාලා, ඊට පස්සෙ අපිවත් බය කරනවා.


ඉතින් අද මිනිස්සුන්ට නිව්ස් කියලා එන්නේ ඇත්ත නෙමෙයි අර කෝටිපතියෝ විසින් නිර්මාණය කරපු ප්‍රොපගැන්ඩා...


ඒක අද මාෆියාවක්, ත්‍රස්තවාදයක්, ව්‍යසනයක්, ඒවට ලීඩර්ස්ලා ඉන්නවා.. බොරු නම් තරිඳු බේරගන්න උසාවී ආපු පිරිස අතරේ ඉන්න හරක් කටා වෙනුවෙනුත් පෙනී ඉන්න පොදු සාධක කව්ද කියලා තමුන්ම හොයා ගන්න. අමතක කරන්න එපා තරිඳුත් මේවා වෙනුවෙන් පෙනී සිටිය කෙනෙක් කියලා.  හරියට අර මල් වට්ටිය යටින් පිස්තෝල අරගෙන ගිය සිස්ටම් වලට දෙවනි නෑ.


මේක අති භයානක තත්වයක්..

මොකද හැම එකාම ජනප්‍රියත්වය වෙනුවෙන් අර මාෆියා කාරයෝ පස්සෙ යන නිසා... රටේ විපක්ෂ නායකත් උන්ගේ දායකයෙක්... ජෙප්පොත් මේ ළණු කන්න රුසියෝ.. මොකෝ, කොහොමත් උන්ගේ මොළ සෝදලා ඉවත් කරලා, ඒ වෙනුවට ටොයිලට් එකක තිබුන ච්ප්ස් වගයක් දාලා තියෙන නිසා.


අරගලය ඉවරයි කියලා හිතුවට ඉවරම නෑ..

උන් එක එක තර්ජන කරන්නේ නිකමට නෙමෙයි...

ඒක අළු යට ගිනි පුපුරු වගේ තියෙන්නේ...

ඉතින් පොඩ් ගිනි අඟුරු කෑල්ලක් දැක්කත් නිවලා දාන්න ඕන..

මොකෝ ඇවිලුනොත් නිවන වැඩේ කරන්න ගිනි නිවන හමුදාව දාලා කරන්න බැරිව..

අනෙක් හමුදාවල් පවා කැඳවන්න වෙන නිසා.


මේක දීප්තිලාට දැන් අවබෝධ වෙලා තියෙනවා... සුදර්ශණ ගුණවර්ධන ඒක පාලකයන්ට පෙන්නලා දෙන එක ළොකු දෙයක්.


එතනදී ඒ ක්ෂේශ්ත්‍රයේම ඉඳගෙන (මීඩීයා ඇන්ඩ් සෝෂල් මීඩීයා) ඇත්ත කියන ඉරාජ්ට හා තම මතය වෙනස් කර ගත්ත දීප්තිට අනික් උන් ඔක්කෝම (ඊනියා ලිබරල් ත්‍රස්තවාදීන්) එකතු වෙලා ගහන්නේ ඒකයි...


වඩා වැදගත් වන්නේ 

පුද්ගලයකුගේ අතීතය නොව

මේ මොහොතේ තමන් සිටිනා මතයයි.


- මාතලන් යකා -


.

33 comments:

  1. අජිත් ධර්මාකීර්තිJuly 29, 2023 at 11:06 PM

    කවුද දීප්ති කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. අජිත් ධර්මකීර්තිගේ සමලිංගික සහකරු තමයි දීප්ති.

      Delete
    2. අගලවත්තේ පී ජයසිංහගේ ඇට දෙක

      රසික සුරියාරච්චිගේ පුක

      Delete
    3. යකෝ අජිත් ලංකාවෙ බයි ටොයි භේදය ව්‍යාජයක් බවට හොදම උදාහරණයක් තමයි රනිල්. දැං ඔය බයි ටොයි කතාව අනුව ගත්තොත් රනිල් තමයි ලොකුම ටොයියා. මංගලත් ලොකු ටොයියෙක් තමයි. නමුත් රනිල් අර ජර්මන් මාධ්‍යවේදියා එක්ක කතා කරේ තනිකර බයි ස්වභාවයෙන්. ඒ වගේම මංගල කියන්නෙත් කුල සාධකය ලොකුවටම තමන්ගෙ ඡන්ද පදනමට වගේම වෙනත් කටයුතු වලදීත් පාවිච්චි කරපු කෙනෙක්. මම පෞද්ගලිකව දන්නවා ඒ ගැන, අනික ඔය බයියෝ මැරිලා යොදාගත්තා වගේම ටොයි කියන අයත් කුරුඳු පොලු බලකාවලින් සහ ගිය වසරේත් පාරේ පොලු වලින් ගහල ගෙවල් ගිනි තියල යුක්තිය පසිදලීම වෙනුවෙන් පහුගිය කාලෙ පෙනී හිටියෙත් ඒකයි.

      මේ නිසා ඉතාම පැහැදිලිව පෙනෙන ලෙස ඇත්තටම ලංකාවෙ ඉන්නෙ බයියන් පමණයි. ඉන්න දෙපිරිස තමා තමන් බයියන් බව පිළිගන්නා සහ සමහර විට ඒ ගැන ආඩම්බර වන පිරිස. අනෙක් අය තමන් බයියන් බව පිළිගන්න අකමැතියි සහ ඒ ගැන හිනමානයක් තියෙනවා. ඔච්චරයි වෙනස. සත්‍ය ටොයියන් ඉන්නෙ බටහිර රටවල වෙන්න පුළුවන්. සමහර විට පොඩි කාලෙම බටහිර රටක ඉපදිලා එහේම හැදිච්චි අය අතර ටොයියන් ඉන්න පුළුවන්. මොන්ටිසෝරිය දක්වා හෝ ලංකාවෙ හිටියනං තනිකරම දාර බයියම තමා. ඒක ආයෙ මක්කරලවත් ඒ බයිකම අරින්න බෑ ඕයි අජිත්.

      Delete
  2. කතාව ඇත්ත තමයි මාතලන්, දීප්ති කුමාර ගුණරත්න කියන කතා ජනප්‍රිය නැතත් ඔහු අවංකව අදහස් දක්වන කෙනෙකු බව පේනවා අප එයට ගරු කරන්න ඕන නේද?

    ReplyDelete
  3. ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අන්තර්ජාලය ඔස්සේ ලංකාව හරහා සිදුකරන දෙස් විදෙස් ව්‍යාපාර නියාමනය කරමින් හැකි පමණ රජයේ බදු ආදායම වැඩි කිරීමට පියවර ගැනීම සඳහා වූ නිසි යාන්ත්‍රණයක් අත්‍යවශ්‍ය බවට පෞද්ගලික ව්‍යාපාර නියාමනය සදහා වන කාරක සභාවේදී අවධාරණය කර තිබෙනවා

    අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ව්‍යාපාරික කටයුතු රජයේ ලියාපදිංචි කර සැලකිය යුතු මුදලක ගාස්තුවක් අය කිරීමට ඇති හැකියාව පිළිබඳවද, ඒවාට සම්බන්ධ සමාගම්වල බදු ගෙවීම් ආදිය නිසි පිළිවෙලකට නියාමනය කිරීමට තවමත් විධිමත් යාන්ත්‍රණයක් නොමැති බැවින් ඒ සදහා කඩිනමින් පියවර ගතයුතු බව ජනාධිපති රනිල් අදාල නිලධාරීන්ට නියෝග කර ඇත.

    ReplyDelete
    Replies
    1. වර්තමානයේ දක්නට ලැබෙන සේවා යෝජකයා සහ සේවා දායකයා අතර පැවතී සාම්ප්‍රදායික ශ්‍රම සේවා සැපයීමෙන් බැහැරව, ශ්‍රම ළෙඳපොළේ නිදහසේ කටයුතු කරන ශ්‍රමිකයින් (Freelancer) පිරිසකගෙන් බහුලව විවිධ ආර්ථික ක්‍රියාකාරකම් ආශ්‍රිතව කටයුතු කරමින් සිටින ආර්ථිකයක් හෙවත් ගිග් ආර්ථික තත්ත්වය (Gig economy) පිළිබද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා විය.

      අන්තර්ජාල ඔස්සේ ලංකාවේ සමාගම්වලින් ව්යාපාර සිදු කරන ඇතැම් විදේශීය සමාගම් එම ගණූදෙනුවලින් බදු නොගෙවා සිටින බවත් දේශීය සමාගම්ද පේපෑල් ෆ්රීලන්සර් ආදී විදේශයන්හි බැංකු ගිණුම් වෙත විශාල ඩොලර් මුදල් ප්‍රමාණයක් ලබාගන්නා බවත් මෙහිදී අනාවරණය විය. ඒ අනුව අන්තර්ජාලය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වන දේශීය සමාගම් සහ ජාත්‍යන්තර සමාගම් සඳහා නව බදු සහ ගාස්තු පැනවීමට කටයුතු කරන බවද ලංකාවේ වාණිජ බැංකු ප්‍රධානීන්, අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාරික කටයුතුවල නිරත දේශීය හා විදේශීය සමාගම් නියෝජිතයන්, ක්‍රෙඩිට් කාඩ් සමාගම් නියෝජිතයන්, මහ බැංකු නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම කමිටු රැස්වීමට සහභාගී වූහ.

      ගිග් ආර්ථිකය (Gig Economy) වත්මන් තාක්‍ෂණික සංවර්ධනයට සමගාමීව ශීඝ්‍රයෙන් වර්ධනය වන බැවින් අන්තර්ජාලය හරහා සිදුකෙරෙන ව්‍යාපාරික කටයුතු නියාමනය කර රජයේ මැදිහත්වීම වැඩිකිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී. මෙම ව්‍යාපාර නියාමනය කිරීමටත් බදු ප්‍රමාණය වැඩිකිරීම සඳහා නෛතික රාමුවක් මෙන්ම ඩිජිටල් සේවා බද්දක් හඳුන්වාදීම යෝග්‍ය බව ද යෝජනා විය.

      සමාගම් නියෝජිතයන්, ක්‍රෙඩිට් කාඩ් සමාගම් නියෝජිතයන්, මහ බැංකු නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම කමිටු රැස්වීමට සහභාගී වූහ.

      Delete
    2. ගිග් ආර්ථිකය (Gig Economy) වත්මන් තාක්‍ෂණික සංවර්ධනයට සමගාමීව ශීඝ්‍රයෙන් වර්ධනය වන බැවින් අන්තර්ජාලය හරහා සිදුකෙරෙන ව්‍යාපාරික කටයුතු නියාමනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී. මෙම ව්‍යාපාර නියාමනය කිරීම සඳහා නෛතික රාමුවක් මෙන්ම ඩිජිටල් සේවා බද්දක් හඳුන්වාදීම යෝග්‍ය බව ද යෝජනා විය.

      එසේම අන්තර්ජාල ව්‍යාපාරවලට සම්බන්ධ සමාගම් වැඩි වශයෙන් රට තුළට පැමිණෙන බවද මෙහිදී සාකච්ඡා විය.

      ආර්ථික ඩිජිටල්කරණය තුළින් පැන නගින බදු අභියෝග විසදීම සදහා වන කුළුණු ද්විත්වයේ විසදුම පිළිබද ප්‍රකාශයට අනුව (G20 /OECD) සාමාජික රටවල් 140 න් ගෝලීය ආයතනික බදු ගිවිසුමට අත්සන් කර නොමැතිව ඇත්තේ ශ්‍රී ලංකාව, පාකිස්තානය, කෙන්යාව සහ නයිජීරියාව යන රටවල් හතර පමණක් බව මෙහිදී අනාවරණය විය.

      ඒ සමගම මුදල් නෝට්ටු සහ කාසි වෙනුවට ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයද කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය. මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ නිකුත් කිරීම සඳහා වාර්ෂිකව බිලියන 3.2ක් වැය වන බවත් ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම සඳහා මහ බැංකුව සකස් කළ සැලැස්ම පිළිබඳ වාර්තාවක් කමිටුවට ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා උපදෙස් දුන්නේය.

      පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, මොහොමඩ් මුසම්මිල්, සංජීව එදිරිමාන්න හා ලලිත් වර්ණකුමාර යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

      මේ සඳහා මහ බැංකුව, නීතිපති දෙපාර්තමේන්තුව, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් උසස් නිලධාරීන් සහභාගී වූ අතර සමාගම් ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් ජෙනරාල්, මහ බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, HNB බැංකුව, NDB බැංකුව, ලංකා බැංකුව නියෝජනය කරමින් සභාපතිවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් සහභාගි වූහ.

      එසේම මෙරට ඔන්ලයින් සේවා සපයන ආයතන නියෝජනය කරමින් Lanka Pay, Pick me, Uber, Master, Visa, Daraz යන ආයතනවලට බදු ප්‍රමාණය වැඩි කිරීමට පියවර ගැනීම සමග එය වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත

      Delete
  4. යුදබිමේ අනේක විධ වේදනා මැදපවා නොසැලුනු නායකත්වය...

    "නැහැ මට ඒතරමටම අමාරුවක් නැහැ. මට කලින් මගේ කොල්ලෝ ටික ගැන බලන්න"

    මහත් වේදනාවෙන් පෙළුනත් ඔහුගේ වදන්වල නියම නායකත්වයේ ගුණය පිරී තිබුනා.

    ඒ වෙනවිට නැගෙනහිර පළාතේ ආරම්භ කර තිබුණු යුධ හමුදා මෙහෙයුම් වලට සහභාගි වූ විජයබා රෙජිමේන්තුවේ චාලි කණ්ඩායමේ නිළධාරි අණදෙන (OC) වූ මේජර් fපනෑන්ඩු සමඟින් තවත් නිළධාරියෙක් සහ සෙසු නිළයන් 17 දෙනෙකු , සතුරන් හා ඇතිවූ ගැටුමකදී තුවාල ලබා මූළික ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය නාවික හමුදා රෝහලට ඇතුලත් කෙරුනා.ඔවුන්ව හෙලිකොප්ටර් මගින් කොළඹ යුධ හමුදා රෝහලට හෝ ජයවර්ධනපුර රෝහලට රැගෙන යන්නේ ඉන් පසුවයි, ඒවනවිට නොකඩවාම එකදිගට පැවති සතුරන්ගේ දැඩි පහරදීම් නිසා ගුවන් ගමන් සිදුකෙරුනේ කලාතුරකින් .
    ඔහුගේ වම් කකුලේ දණහිසට පහලින් බරපතල ලෙස තුවාල වෙලා තිබුනේ මෝටාර් වෙඩිල්ලක් වැදීමෙන්. රෝහලට රැගෙන එන අතරතුරදීම මියගිය සොල්දාදුවාත් උදරයට වෙඩි වැදී , රෝහලට රැගෙන ආ විගසම operation thearter එකට ගත් සාජන්වරයාත් හැරෙන්නට දරුණුම තුවාල සිදුවී තිබුනේ මේජර් වරයාටයි. ඒත් ඔහු අපෙන් ඉල්ලා සිටියේ ඔහුගේ අනෙක් සොල්දාදුවන් ගැන සොයා බලන ලෙසයි. Feild dressing එකකින් හා වේදනා නාශක වලින් පමණක් පිළියම් ලබා සිටි ඔහුවත් හැකි ඉක්මනින් theater එකට ගන්නට කටයුතු සූදානම් කරද්දීත් ඔහු Dr ඒකනායක සමඟින් යුධබිමේ තතු පවසමින් පිළිසඳරේ යෙදුනා. පාදයට සිදුවී ඇති බරපතල හානිය නිසා ඔහුගේ පාදය ඉවත් කිරීමට සිදුවන බව පැවසූ විට සිනහමුසු මුහුණින් එය පිළිගත් ඔහු පියවි සිහියෙන්ම ඒ සඳහා අනුමැතිය ලබා දීම සඳහා අත්සන් කලා.
    අනෙක් තුවාල කරුවන්ට වාට්ටුව තුලදීම තුවාල පිරිසිදු කර සැරහුම් (dressing ) යෙදීමටත්, සේලයින් හා එන්නත් ලබා දීමත් , රෝගීන්ගේ නම් ලේඛනගත (register) කිරීමත් අතරේ කාලය වේගයෙන් ගලා ගියා. දහවල් කෑම වෙලාවෙදි mess එකට ගියත් මං මිතුරියන් සමඟ පැවසුවේත් එතුමාගේ නොසැලෙන එඩිතර බව හා තම සටන් සගයන් ගැන ඔහුගේ හදවතේ ඇති බැඳීම ගැනයි.
    "මගේ කොල්ලො ටික පුදුම දුකක් වින්දේ. එකම uniform එක පිටින් මහ වැස්සේ අපි දවස් ගානක් op එකේ හිටියේ. අපිට තව ටිකයි අල්ලගන්න තිබුනේ. ගජබා coy එකකුත් මග ආවා අපිට suport එකට. ඒත්... අපි ambush කරලා කියලා උන්ට ඉව වැටිලා රෑ අපිට attack කලා. ඒත් ගජබා එක එනකල් අපි අල්ලන් හිටියා" කඩින් කඩ නවතමින් තුවාලයේ වේදනාව දරා ගනිමින් ඔහු යුධ බිමේ තතු පැවසුවා.

    "මගේ කොල්ලෝ ටික දවස් ගානකින් බත් කටක් කාලා නැහැ. එයාලා ගැන බලන්න."

    සැත්කමට රැගෙන යන්නට සූදානම් කරද්දීත් ඔහු කියූ වදන් මතක් වෙලා කෑම එකත් ඉස්මොල්ලේ ගියා. රෝහලින් ලබාදුන් ඇණවුමට අනුව gally යේ ආහාර සහායක නැවියන් ඉක්මනින් ලබා දුන් ආහාර වේල බෙදා දුන් පසුවයි අපි සුළු විවේකයක් ලබා ගත්තේ.

    අපි ආපහු එනකොට hospital එකේ ලොකු කලබලයක්. වාට්ටුවේ සිටි රෝගීනුත් හරිම නොඉවසිලිමත්ව හිටියේ. වාට්ටුවේ ඉදිරියෙන්ම තිබුන Emergency bed එකත් හිස් වෙලා තිබුනේ.

    "CO sir ව amputate (පාදය ඉවත් කිරීම) එක කරලා ward එකට ගෙනාවා. Operation එකේදි කිසි effect එකක් තිබුනෙ නැහැ. එක පාරට pressure වැඩි වෙලා heart rate එකත් out ගියා. ආයෙත් sir ව theater එකට ගත්තා. Heart attack වෙන්නැති. ඉක්මනටම treatment කෙරුන නිසා issue එකක් නැතිවෙයි."

    තුවාලලත් සොල්දාදුවන් වගේම අපිත් sir ආයෙත් ward එකට එනකල් නොඉවසිල්ලෙන් බලා හිටියා.
    "Po හේරත් theater bed එක උඩ නැගගෙන heart massage දුන්නේ. අපි ගොඩක් උත්සාහ කලා."

    අපේ බලාපොරොත්තු සුන්කරමින් ඇසුනු ඒ ආරංචිය ඉව වැටුන රෝහලේ සිටි සොලදාදුවන්ව සන්සුන් කරගන්න ගොඩක් අමාරු වුනා.

    "අපේ Sir ව බලන්න දෙන්න"

    ඔවුන් හැම දෙනාගෙම එකම ඉල්ලීම එය වුනත් අපට එය ඉටු කරන්නට හැකි වුනේ නැහැ.

    "මං හෙට ගෙදර එනවා. ඔයාලා බය නැතුව ඉන්න"

    Theater එකට යන්න ටිකකට කලින් ඔහු නිවසට දුරකථන ඇමතුමක් ගෙන පැවසූ හැටි මට මතක් වුනා. සහෘද සොල්දාදුවන් සහ නාවිකයන් වෙනුවෙන් හැමදාමත් නෙතට නැගෙන කඳුළත් සමඟින් මමත් ඔහුගේ දේහය ඉටිරෙදි හා සුදුරෙදි ඔතා ඔහුගේ අවසාන පොරොන්දුව ලෙසින්ම නිවසට යන්නට සූදානම් කිරීමට සහෝදර වෛද්‍ය සහායකයින්ට උදව් වුනා.

    අකුරු සිත්තම ශ්‍රි ලන්කා නෞවුක හමුදාවේ වෛද්‍ය අංශයේ වෛද්‍ය සෙබළියක් වන.

    ෴ සුභාෂිණී එදිරිසූරිය විසිනි ෴

    ReplyDelete
  5. ජනපති රනිල් රාජපක්ෂ විසින් සියලුම පොලිස් නිලධාරීන්ට සහ හමුදා නිලධාරීන්ට උපදෙස් සහ ආඥා නියෝග දී ඇති ආකාරයට රජයට එරෙහිව එල්ල වන සියලුම උද්ඝෝෂණ ව්‍යාපාර වලට දැඩි ලෙස පහර දී හොඳින් බැරිනම් නරකින් මෙල්ල කිරීමටත් ඒ නිසා එම නිලධාරීන්ට මූහුණ දීමට සිදුවන ඕනෑම ප්‍රශ්නයකට ඔහු පෞද්ගලිකව මැදිහත්වී ඔවුන්ව බේරා ගැනීමට කටයුතු කරන බවට ඔවුන්ට ප්‍රතිඥා දී ඇති බැවින්ද රජයට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාර පිළිබඳව වාර්තා කිරීමට යන්නාවූ මාධ්‍ය ආයතන වල නියෝජිතයන් සහ මාධ්‍යවේදීන්ට සිය ආත්මාරක්ෂාව සඳහා අද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් උපදෙස් ලබා දී ඇත.

    ReplyDelete
  6. සියළු දෙනා කලබල නොවී සාවධාන වුනානම් හොඳයි කියලා හිතෙනවා.. එක එක අයට එකම දේ ගැන විවිධ අදහස් තිබිය හැකියි. ඒකට ගරු කරන්න පුරුදු වෙමු. After the GGH Project (Just after #Gotah-Go-Home, in end of July 2023 under newly elected president RW) ගැටුම වගේ ගැටුම ගණනාවක් වෙන්න පෙර මේක නවත්තමු.

    Safety Guidelines for Safe Journalism - Sri Lanka 2023:

    ආත්මාරක්ෂාව වෘත්තීය මාධ්‍යකරුවකුගේ මූලික ප්‍ර‍මුඛතාවකි. තවත් වාර්තාකරණයක් සඳහා ඔබ ජීවත් විය යුතු ය.

    පෙළපාලි හා සිවිල් අසහනයන් ආවරණය කිරීම සඳහා මාර්ගෝපදේශ සූදානම 2023

    1. කල් තබා සැලසුම් කරන්න. බලාපොරොත්තු විය හැකි දේ දැනගන්න. සහාය ලබා ගත හැකි ආකාරය දැනගන්න. ආරක්ෂිත ප්‍රදේශ හඳුනා ගන්න.

    2. ඔබගේ කණ්ඩායමේ ඡායාරූප ශිල්පීන්, කැමරා ක්‍රියාත්මක කරන්නන්, නිෂ්පාදකයන් වැනි සෙසු අය විසිර යාමකදී නැවත හමු වීම සඳහා තැන් කතිකා කර ගන්න.

    3. ඉක්මණින් ඇමතිය හැකි ලෙස හදිසි අංක සුරක්ෂා කර තිබෙන ජංගම දුරකථනයක් හෝ චන්ද්‍රිකා දුරකථනයක් හෝ රැගෙන එන්න. මෙමගින් කාර්යාලය හා භූ‍මියේ සිටින සගයන් සමග සන්නිවේදනය පහසු කරනු ඇත.

    4. ප්‍රථමාධාර කට්ටලයක් රැගෙන එන්න. එය භාවිතා කරන හැටි ඉගෙන ගන්න.

    5. පිහිනුම් ගොගල්, කර්මාන්ත ඇස් ආරක්ෂක කණ්ණාඩි, මුහුණු ආවරණ, ගෑස් මුහුණු වැනි ආරක්ෂක උපකරණ රැගෙන එන්න.

    6. සැහැල්ලු, ස්වාභාවික කෙඳිවලින් වියූ රෙදිවලින් මැසූ ඇඳුම් අඳින්න. ‍ඒවා කෘත්‍රිම රෙදි මෙන් පහසුවෙන් ගිනි ඇවිලෙන්නේ නැත. පෙට්‍රල් බෝම්බ පිපිරීමේ ඉඩක් ඇති බව ද මතක තබා ගන්න.

    7. පොලිස් හෝ හමුදා නිල ඇඳුම්වලට වඩා වෙනස් පාට ඇඳුම් අඳින්න.

    8. සුවපහසු හොඳ සපත්තු පළඳින්න. ප්‍රායෝගික කටයුතුවලට උචිත, හොඳින් ලේස් ගැටගැසිය හැකි සපත්තු හොඳ ය.

    9. ප්‍රදේශයෙන් පිටතට යාමට නො හැකි වුණොත් දිනක් ආරක්ෂා වීමට ඇති තරම් ආහාර, වතුර ආදිය සහිත පිටේ එල්ලාගෙන යන කුඩා බෑගයක් රැගෙන එන්න. මෙවැනි බෑග් රබර් උණ්ඩවලින්, ජල ප්‍රහාරවලින් හා ගල්වලින් ආරක්ෂා වීම සඳහා ද භාවිතා කළ හැකි ය. වේගයෙන් දුවන්නට සිදු වුණහොත් නො වැටෙන පරිදි මෙම බෑගයේ එක් පටියක් හෝ පපුව හරහාත්, තවෙකක් බඳ වටාත් යන ආකාරයට සකසා ගන්න.

    10. වෛද්‍ය අවදානමක් තිබේ නම්, ඔබ‍ගේ නිර්දේශිත හා වෙනත් ඖෂධ රැගෙන එන්න.

    11. ස්ථානයේදී හැම විටම කණ්ඩායම සමග සිටින්න. විශේෂයෙන් ම රාත්‍රියේදී ආරක්ෂාව සඳහා සංඛ්‍යාව වැදගත් වේ. ප්‍රචණ්ඩත්වයකදී එකිනෙකා සමග බැඳී සිටින්නට සිතාගන්න.

    12. හැම විට ම ජනමාධ්‍ය හැඳුනුම්පත රැගෙන යන්න. එය අනවශ්‍ය අවධානයක් දිනා ගන්නවා නම් එය සඟවා ගන්න. එවැනි අවස්ථාවක ඔබ ජනමාධ්‍ය සාමාජිකයකු ලෙස හඳුන්වා දෙන්න එපා. ඇතැම් විට එමගින් සෙනග කලබල වන්නට පුළුවන.

    13. අවධානය යොමු කර නො ගැනීම සඳහා හැකි තරම් අඩුවෙන් සටහන් ගන්න.

    14. හැම විටම සම්මුඛ සාකච්ඡා කලබල ඇති ප්‍රදේශයට පිටතදී කරන්න.

    15. ඔබ වාර්තාකරුවකු නම්, සිදු වන දෙය දැක ගන්නටත් පුළුවන් නම්, ඔබ සෙනග අතර ම සිටිය යුතු නැත. විරෝධතාකරුවන් සමග ඇවිද යන්න. සාමාන්‍යයෙන් ගල් ගසන්නන් සිටිනවා නම් ඔවුන් ඉන්නේ සෙනග මැදයි. එසේ සිටීමෙන් ඔවුන්ට නැවතත් සෙනග සමග මුසු වන්නට පුළුවන.

    16. ඔබ ඡායාරූප ශිල්පියකු හෝ කැමරාකරුවකු නම් උස්, වාසිදායක ස්ථානයක සිට ඡායාරූප ගන්නට උත්සාහ කරන්න.

    Cont'd...

    ReplyDelete
    Replies
    1. Cont'd,

      17. පොලිසිය කැරළි මර්දන උපකරණ ගෙන ඔබ දෙසට දිව එනවා නම් පසුබසින්න. නැතිනම්, පොලිසිය ඔබ විරෝධතාකරුවකු ලෙස සලකන්නට ඉඩ තිබේ.

      18. කිසිවක් අහුලා ගන්න එපා. ඔබ ඉදිරියෙන් බිම වැටී ඇති සියලු දේ එසේ ම තිබෙන්නට හරින්න. ඔබ විරෝධතාකරුවන් විසින් විසි කරන ලද ගලක් අතට ගත්තොත්, ඔබ ගල් ගසන්නකු ලෙස සැකයට භාජනය වන්නට පුළුවන. කඳුළු ගෑස් කෑනයක් අසුලා ගත්තොත්, ඔබේ අත පිච්චෙන්නට පුළුවන.

      19. අත්අඩංගුවට ගන්නේ නම් එයට විරුද්ධ නො වන්න. විරෝධතාවකදී ඔබ අත්අඩංගුවට ගත්තොත්, විශාල අත්අ‍ඩගුවට ගැනීම් සංඛ්‍යාවක් සිදු වන නිසා ඔබ‍ව රඳවා තබා ගන්නා ප්‍රදේශයකට ගෙන යනු ලබාවි. පොලිස් නිලධාරීන් හට ආතතිය අඩු මෙම ප්‍රදේශයේදී ඔබ කවුරුදැයි හඳුන්වා දෙන්න.

      කැළඹිලි අතරතුර

      20. අවස්ථාවේ උණුසුම ඉතා තීව්‍ර වන විට සන්සුන්ව අවධානය යොමු කරගෙන ඉන්න. අනතුරු සංඥාවලට ප්‍රතිචාර දක්වන්න.

      21. දුමින්, ගින්නෙන්, පොලිසියෙන් හා උඩින් වීසි වන දේවලින් ඉවතට දුවන්නට සූදානමින් සිටින්න. දුවන අතර හිස පහතින් තබා ගන්න.

      22. කඳුළු ගෑස් භාවිතා කළ අවස්ථාවකදී හැකි නම් උඩු සුළඟට හසු වන සේ සිටින්න. ඔබට කඳුළු ගෑස් වැදුණා නම් ඔබට හැකි තරම් වේගයෙන් ඉවතට දුවන්න. ඉවත් වන අතරතුර හැකි තරම් අඩුවෙන් හුස්ම ගන්න. ආරක්ෂිත තැනකට ගිය පසු වතුර බෝතලය ගෙ ඇස් සෝදා ගන්න. එසේම තිබෙන්නට හරිනවාට වඩා එය හොඳ ය. එහෙත්, තවමත් දැවිල්ල ඇත. ඇදුම, ශ්වසන ආබාධ, ආසාදන, අසනීප, ප්‍රතිශක්තිය දුර්වල, ඇස් ආබාධ ඇති, ස්පර්ශ කාච පළඳින යනාදී අයත් ගැබිනි මාතාවනුත් කඳුළු ගෑස් ප්‍රහාරවලින් ආරක්ෂා විය යුතු ය.

      23. ඔබ ස්පර්ශක කාච පළඳින්නේ නම් විෂ වායු කාචය හා ඇස අතර රැඳීමෙන් වේදනාව වැඩි විය හැකි ය. ඒ නිසා හැකි හැම විට ම කණ්ණාඩි ම පළඳින්න.

      24. පොලිසිය වැඩි වශයෙන් භාවිතා කරන්නේ රබර් උණ්ඩ ය. ඔබට ආවරණයක් සපයා ගන්නට බැරි නම් පොලිසිය දෙසට පිටුපා ඉන්න. දන ගසා ගන්න. හිස හා මුහුණ සඟවා ගන්න. ඔබගේ පිටේ එල්ලාගෙන යන බෑගය ආවරණයක් කර ගත හැකි ය.

      25. පීඩන ජල ප්‍රහාර මගහැරිය නොහැකි අවස්ථාවකදී ඔබේ ඇස් හා නාසය අත්වලින් ආවරණය කර ගන්න. මෙම ජල ප්‍රහාරවලින් ඔබ විසි වී යා හැකි බවත් අවබෝධ කර ගන්න.

      26. හැම විට ම ඔබගේ කණ්ඩායමත් සමග සිටින්න. තත්වය නරක අතට හැරුණොත් පළා යා හැකි මාර්ගය ගැන සිතේ තබා ගන්න.

      27. ආවරණයෙන් පසු ඔබගේ ප්‍රවෘත්ති කාර්යාලයේදී එම ආවරණයේ අත්දැකීම් ගැන සාකච්ඡා කරන්න.

      යෝජිත උපකරණ

      ඔබගේ බෑගයේ තිබිය යුතු උපකරණ:

      1) ඝනකම හිස් ආවරණයක් 2) ප්‍රමිතිගත ඇස් ආවරණ 3) කඳුළු ගෑස්වලින් ආරක්ෂා වීම පිණිස කිමිදුම්කරුවන්ගේ වැනි ගොගල්ස් 4) 3M 4251 Respirator (කඳුළු ගෑස්වලින් හා දූවිල්ලෙන් ආරක්ෂා වීම සඳහා) 5) පෞද්ගලික ප්‍රථමාධාර කට්ටලය 6) දනහිස් පෑඩ් 7) කුඩා ගිනි නිවනයක් 8) ඉවත දැමිය හැකි කණ්වල ගසා ගන්නා පුළුන්

      වෙනත් යෝජිත දේ:

      1) ඇණුම්වලින් ආරක්ෂා වීමට විශේෂ යට ඇඳුම් 2) විදිය හැකි ගිනි මර්දන ද්‍රාවණ 3) ගිනිවලින් ආරක්ෂා විය හැකි යට ඇඳුම් 4) ඇඟිලිවලට යකඩ ආවරණ ඇති සපත්තු 5) අත් ආවරණ

      Cont'd

      Delete
    2. Cont'd...

      කඳුළු ගෑස්වලින් ආරක්ෂාවට උපදෙස්

      කඳුළු ගෑස් භාවිතා කරනු ලබන්නේ කැරලි පාලනයට, පුද්ගලයන් මර්දනය කිරීමට හා සෙනග විසුරුවා හැරීමටයි. එයින් වේදනාව ඇති කරනු ලැබේ. ගෑස්වල ප්‍රතිළුලය තාවකාලික ය. පැය කීපයක් ගත වන විට බොහෝ රෝග ලක්ෂණ පහව යයි.

      කඳුළු ගෑස් ප්‍රහාරයන්ට ලක් වූවන්ගේ ලක්ෂණ

      1) ඇස්, නාසය, මුඛය හා සම දැවිල්ල ගැනීම 2) අධික ලෙස කඳුළු ගැලීම 3) පෙනීම බොඳ වීම 4) නහයෙන් සොටු දියර ගැලීම 5) කෙළ ගැලීම 6) සමේ කුෂ්ට ඇති වීම හා රසායනික මගින් පිළිස්සුම් ලකුණු 7) හුස්ම ගැනීමේ අපහසුව හා කැස්ස, හුස්ම හිර වීම 8) මානසික කැළඹීම හා අවධානයෙන් තොර වීම, අසහනය 9) අධික කෝපය

      සාමාන්‍යයෙන් කඳුළු ගෑස් විදිනු ලබන්නේ හිස් තුවක්කු පතුරමක් ආධාරයෙන් තුවක්කුවක අගට සවි කරනු ලබන බෝම්බයක ආකාරයටයි. එබැවින් කඳුළු ගෑස් විදින කල ද වෙඩි තබන ශබ්දය ඇසේ. ඔබට වෙඩි වැදුණා යයි වරදවා ‍වටහා නො ගන්න. කලබල වෙන්න එපා. වෙඩි ඇසුණු කල උඩ බලා කඳුළු ගෑස් බෝම්බය එන මාර්ගයෙන් ඉවත් වන්න. කඳුළු ගෑස් බෝම්බ බොහෝ විට ගුවනේදී ම පිපිරේ. දුම් පිට වන ලෝහමය කෑනයක් බිමට වැටේ.මෙම කෑනය ඉතා උණුසුම් විය හැකි ය. එබැවින් එය අල්ලන්න එපා. නො පිපුරුණු කඳුළු ගෑස් බෝම්බ ද අල්ලන්න එපා. මන්ද, එය පුපුරා ඔබට තුවාල සිදු විය හැකි ය. කඳුළු ගෑස්වලින් ආරක්ෂාවට ඇති හොඳම මාර්ගය ගෑස් මුහුණක් පැළඳීමයි. එවැන්නක් සපයා ගත නො හැකි නම්, කඳුළු ගෑස් එල්ල වේ යයි සිතිය හැකි අවස්ථාවක් ආවරණය කරන්නට යන විට තෙත තුවා රැගෙන යන්න. ඒවායින් නාසය හා මුඛය ආවරණය ක‍රගෙන දෙහි යුෂ හෝ විනාකිරි ස්වල්පයක් ඒ මතට මිරිකන්න. දෙහි යුෂවලින් පෙඟවූ තෙත තුවා හෝ කඩදාසි තුවා ප්ලාස්ටික් බෑගයක දමා ‍ගෙන යන්නටත් පුළුවන. අධික ලෙස කඳුළු ගෑස්වලට නිරාවරණය වී නම්, එම බෑගය මුඛයට හා නාසයට තබා හුස්ම ගන්න. ලියා ගත් රතු ළූනු ද සයට ඇල්ලීම ද හොඳ ය. කලබල වෙන්න එපා. කලබල වුණොත් ඉක්මණින් හුස්ම ගෙන වැඩිපුර කඳුළු ගෑස් ආඝ්‍රානය කරන්නට ඉඩ තිබේ.

      තට්ටු කීපයක ඇඳුම් අඳින්න. කඳුළු ගෑස් වැදුණු ඇඳුම් තට්ටුව ගලවා දමන්න. මතුපිටින් වැසි කබා ඇඳීම ‍සුදුසු ය. වෙනත් යමක් නැතිනම් කසල බෑග් වුණත් හොඳ ය.

      ගොගල්ස් යනු ඉතා ප්‍රයෝජනවත් ඇස් ආවරණ විශේෂයකි. රසායනිකවලින් ඇස් ආරක්ෂා කර ගත හැකි ගොගල් කණ්ණාඩි නැති නම් තදින් හිර වන පිහිනුම් ගොගල් පළඳින්න. ස්පර්ශක කාච පැළඳ සිටී නම් වහා ම ඉවත් කරන්න. එවැනි තැන්වලට යන විට ඒවා පැළඳ නො යාම වඩා හොඳ ය.

      අමතර ඇඳුම් කට්ටලයක් (මේස් ද ඇතුළුව) තිබීම හොඳ ය. ගෑස් හා ජල ප්‍රහාරවලට ලක් වුණු ඇඳුම් මුල් වර සෝදන විට වෙනත් ඇඳුම් සමග සෝදන්න එපා.

      ගොගල්, ගෑස් මුහුණු වැනි කිසිවක් නැතිනම්, ඔබේ කමිසය ඇතුළෙන් හුස්ම ගන්න. එහි වාතය මඳ වේලාවකට හෝ කඳුළු ගෑස්වලින් තොර වෙන්නට පුළුවන.

      ඇස් සඳහා ප්‍රථමාධාරය වන්නේ දැවිල්ල නැති වී යන තෙක් ‍සේලයින් වතුරෙන් හෝ පිරිසිදු ජලයෙන් සේදීමයි.කඳුළු ගෑස් වැදුණු සම සබන් හා වතුරෙන් සෝදන්න. හුස්ම ගන්නට අපහසු නම් ඔක්සිජන් දිය යුතු ය. ඇදුමට දෙන ප්‍රතිකාර ද දෙන අවස්ථා තිබේ.

      පිළිස්සුණු තැන් බැන්ඩේජ් කරන්න.කඳුළු ගෑස් කිසි විටෙක උණුසුම් වතුරෙන් සෝදන්න එපා. සිසිල් ජලය භාවිතා කරන්න. තෙල් පදනම් කර ගත් ක්‍රීම් වර්ග හෝ හිරු ආවරණ ක්‍රීම් භාවිතා නො කරන්න. එමගින් උරා ගැනීම වැඩි වනු ඇත. මේකප් කිරීමෙන් ද කඳුළු ගෑස් සමට උරා ගැනීම වැඩි විය හැකි ය.

      අත්අඩංගුවට ගතහොත් කළ යුතු දේ

      ඔබගේ හිමිකම් පිළිබඳ දැනුවත් වන්න. කිසිවක් ප්‍රකාශ නො කර සිටීමටත්, ඔබ කැමති නීතිඥයකුගේ සහාය ලබා ගැනීමටත් ඔබට හිමිකමක් තිබේ.
      හිංසනයට, තර්ජනයට, රැවටීමට ලක් නො වී සිටීමට ඔබට අයිතියක් තිබේ.

      ඔබ කරන ප්‍රකාශ ඔබට එරෙහිව අධිකරණයකදී භාවිතා කරන්නට ඉඩ තිබෙන නිසා නිහඬව සිටීමට ඔබට අයිතියක් තිබේ.
      රඳවා ගනු ලැබුවහොත්, ඔබේ මානව හිමිකම් ආරක්ෂා විය යුතු අතර, නීති ප්‍රකාරව කටයුතු කළ යුතු ය.

      මුර කපොලු හා මාර්ග බාධකවලදී කටයුතු කළ යුතු ආකාරය

      හැම විටම, විනීත වන්න.
      ගැටුම් ඇති කර ගන්න එපා.
      ඔබ පුවත්පත් කලාවේදියකු ලෙස හඳුන්වා දෙන්න.
      පයින් යන්නේ නම්, අවශ්‍ය ලේඛන පමණක් අතින් රැගෙන මුරකපොල්ල වෙත යන්න.
      වාහනයක යන්නේ නම් දොරවල්, ජනෙල් වසාගෙන යන්න. අණ කළොත් මිස බහින්න එපා.
      අවසර නැතිව වීඩියෝ කරන්න එපා.
      මුර කපොල්ල පවත්වාගෙන යන සොල්දාදුවන් හෝ සටන්කාමීන් එදිරිවාදී නම් ඔවුන් සමග සුහද වන්න. සිගරට්, රසකැවිලි වැනි දෙයක් පිරිනැමිය හැකි ය.

      හැඳුනුම්පත ඉදිරිපත් කිරීමේදී ඔබගේ බිරිඳගේ, දරුවන්ගේ ඡායාරූප ද දකින්නට සැලැස්වීමෙන් වඩා මානුෂීය වාතාවරණයක් ඇති කළ හැකි ය.
      ඔබ සිටින්නේ කොතැන ද යන්න වෙනත් අය දන්නා බව හා ඔවුන් ඔබ ආපසු පැමිණෙනු බලාපොරොත්තු වන බව කියන්න.

      ඔබ තර්ජනයක් නො වන බව ඔවුන්ට ඒත්තු ගන්වන්න.

      විනීත වන්න. එහෙත්, පරීක්ෂාකාරී වන්න. විශේෂයෙන් ම, කෙළින් ඇස් දෙස නො බලන, හැඟීම් විරහිත සොල්දාදුවන් ගැන සෝදිසියෙන් ඉන්න.

      Delete
  7. අයිසේ මාතලන් ඇත්තටම මේව බලං ඉද්දි මට හිතෙනව සනත් ජයසූරිය වගේම තමයි රාවණත් කියල... මොකද තව අවුරුදු ගානක් ගියාම සමහර විට ලංකාවට ක්‍රිකට් නැති වෙලාම යයි මේ යන ගොබ්බ බුරිය සෙවල ධර්මේලා ශලනි පට්ට බේසි ඇතුලු හොර රැල සහ ටීම් එකේ ඉන්න කම්මැලිකාර ගෝතයො සෙට් එක නිසා.. ඔහොම කාලය ගත වෙලා පරම්පරා ගණනකට පසුව එතකොට ඒ කාලෙ ඉන්න අනාගත පරපුරේ අය කියයි ජයසූරිය කියල කෙනෙක් හිටිය කියල අපිට පිලි ගන්න අමාරුයි ඕක පට්ට කෙබරයක් වෙන්න ඇති කියල 😁😁 හා නැද්ද කියපන්... 😅🤣😂

    ReplyDelete
  8. අඩෝ ගයිඩා තොපි කඹුරන කොල්ලුපිටිය ලොල් හාමුවා ගැන කියනුම කවරේද? මෝඩ නන්දසේනගේ කාලේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වල අකටයුතුකම් වලට නන්දසේනට ටොකු ඇන්න නිලෝ ලිබරල් හිච්චො වර්ථමානයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වල අකටයුතුකම් වලදී නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ නිලධාරීන්ට විතරක් බැනලා ඇඟ බේර ගන්නෙ ඇයි ?

    ReplyDelete
  9. රාජපක්ෂ හොරුන්ව එලවන්න ආපු එවුන් යකෝ ඊටත් වඩා හොරුනේ..කලු වහගෙන සුදු ඇදගෙන නටපු නාඩගමක්... අරගලයේ ඉස්සරහම හිටිය නිලියෝ දැන් බලන් යද්දී ධර්මදාස එක්ක Australia ගිහින් තියෙන්නේ cricket board එකේ සල්ලි හොරා කාලා. 🤮🤮🤮🤮 නොදකින් කාලකන්නි සක්කිලි හැත්ත

    ReplyDelete
  10. මෙහෙමයි කතාව මාතලන් ඒ වගේම පඩු කරද ගහ ඉවත් කරලා..පහු ගිය කාලේ ඉවරයක් නැතුව පරිසරය වෙනුවෙන් කෑ ගහපු රාජ්‍ය සේවිකාවෝ නිහඩයි...කෑ ගහපු නිලියන් නළුවන් නලාකාර කලාකාරයෝ නිහඩයි...අද තියෙන ඔය මාධ්‍යවේදී නාට්‍ය වගේම ඒ කාලේ මිනිස්සු කුලප්පු කරපු නාට්‍ය තමයි ඒ..

    ReplyDelete
  11. අපේ රටට මුකුත් වෙලා නෑ යකෝ මිනිස්සු බයේ පැනලා ගියාට ,මේක අපි ආයෙ දිවිහිමියෙන් ගොඩ දානවා...

    ReplyDelete
  12. ගෝලීය දේශපාලනික සිදුවීම් පෙළගැසෙන ආකාරය සංකීර්ණ වෙමින් ඇති අතර ප්‍රංශ ජනාධිපතිවරයෙක් ශ්‍රි ලංකාවේ සංචාරය කරනු ලබන පලමු අවස්ථාව එමානුවෙල් මැක්රේන් ජනාධිපතිගේ කෙටි සංචාරය වනු ඇත..

    මෙම කෙටි සංචාරය වුවද මෙතෙක් බටහිර රාජ්‍යයන්ට අප්‍රිකානු කලාපයේ තිබු බලය අහිමි වී යන මොහොතක වෙනත් ගෝලිය දකුණු ප්‍රදේශ වල රාජ්‍ය තාන්ත්‍රික බලය තහවුරු කරගැනිමේ අනාගත උත්සහයන් විය හැකි බව නොඅනුමානය.

    එමෙන්ම පසුගිය දිනවල අප්‍රිකානු කලාපයේ නයිගර් රාජ්‍යයේ බටහිර ගැති ආණ්ඩුව පෙරලා එරට හමුදාව විසින් බලය පිහිටවනු ලද අතර, එරට ජනාධිපති රුසියාවේ අප්‍රිකානු සමුළුව වර්ජනය කිරිම ප්‍රකාශ කල පසුව මෙම හමුදා කුමන්ත්‍රණය සිදුවිය.. 😎

    අනාගත දකුණු චීන මුහුදු කලාපයේ ඇතිවන චීන තයිවාන යුද්ධයේදි ශ්‍රි ලංකාවේ පිහිටිම බටහිර රාජ්‍යන්ට මෙන්ම චීනයටද ඉතා වැදගත් වන බව පෙනෙන්නට ඇත..

    එමෙන්ම ලෝකයේ ඉදිරියට එන බලවත්ම ඉන්දියානු රාජ්‍යයේ මැතිවරණයද ඉතා ආසන්න වි ඇත..🙂

    Pushpika De Silva ✍️✍️

    ReplyDelete
  13. එක නිකමුන් වර්ගයක ද්‍රෝහියෙක් වෙනවා කියන්නෙ තවත් නිකමුන් වර්ගයක් අතර වීරයෙක් වෙනවා කියන එක..
    මේ වෙලා තියෙන්නෙත් ඒක.

    ReplyDelete
  14. ඔය බුකියේ වැලලෙන දෙකයි පනහේ මීහරක්ට පිස්සු. අර මොකාද රිමන්ඩ් කරපු පත්තරකාරයා වගේ උන් මහ පාරට ඇවිත් සද්දේ දාලා පොලීසියෙන් ගේම ඉල්ලලා බලෙන් ඇරෙස්ට් වෙන විදිහට වැඩ කරලා සංදර්ශන දාල උන් ම කියනවා බුදුඅම්මෝ මෙන්නෝ ආණ්ඩුව මර්දනය කරනවෝ කියලා. වැඩේ තියෙන්නේ 71 88 තරම් වත් මිනිස්සුන්ගේ සහයෝගය ක් මේවට නැති එක යි 😂😂😂

    ReplyDelete
  15. අවුස්සන ඇවිස්සෙන
    වැසියන්ගෙන් ගහණ
    කොදෙව්වක ඉපදුන
    පින මම විඳිමි මෙලෙසින

    ReplyDelete
  16. Saumyage huththata diwa dala juice bonawa mama

    ReplyDelete
  17. පෝස්ට් එක කියෙව්වම මට මීට ආසන්නම සිදුවීමක් මතක් වුණා. පහත සඳහන් කරල තියෙන්නේ ඒ පොෂ් සිදුවීම ගැන පැහැදිලි කිරීමක්.

    "දරුණු බඩේඑලියක් දහ දොලොස් සැරයක් ගියාට පස්සෙ දැන් ඒක හොඳයි කියල හිතගෙන හොඳට ඇඳගෙන බස් හෝල්ට් එකේ හතරපස් දෙනෙක් එක්ක කතාකර කර ඉන්නකොට අර දහදොලොස් සැරේම බඩ ගියාට අන්ත විදියට බඩ යන්න ගත්තම ඒක කතාකර කර ඉන්න එවුන්ගෙන් හංඟගෙන ඉන්නව වගේ "

    පොෂ් ක්‍රමයට ජාතික ගීය ගායනා කිරීම ඇසීම ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මාතෝ?

    මීට අවුරුදු හත හමාරකට ඉස්සර 2016 මුල තිබුණ නිදහස් උත්සවයේදී රනිල් කිශානි කියලා ඔපෙරා ගායිකාවක් දාල දන්නෝ බුදුන්ගේ සින්දුව කාල දැම්මා. මතකද? මේ සැරේ උමාරාව දාල ජාතික ගීයත් භක්ෂණය කලා මේක ගැන ලියන්න අදහසක් නැද්ද? එදා ඒකට බැන්නේ මරාගේ බයි හැත්ත, ගොන් ටොයියොයි පඩ ජෙප්පොයි හෝදන්න නැතුව නැටුමක්... 😄😃😀 අද ඒකෙම අනිත් පැත්ත අද ගොන් සජබයි මීහරක් හැත්තයි ජවිපෙ npp වහල් බයි මීහරක් රැලයි අද ඒකට කුණුහරුප කිය කිය බනිනවා ජාතික ගීය කාල කියලා මරාවාදී දාර බයියෝ ඒක හෝදනවා 😄😃😀

    ReplyDelete
    Replies
    1. @ ano 2 59

      අඩේ කතාව ඇත්ත මටත් දැන් මතක් වුණේ ඒ කෙල්ලගේ නම කිශානි ද මොකක්ද වගේ එකක් දෙරණේ සංඛ අමරජිත් ඒ ගැන කතා කරලා බැලලියට ගඩොල් බාගෙකින් නෙලන්න ද මොකක්ද යෝජනා කරලා එවකට ඒකාධිපති රනිල් වික්‍රමසිංහට ඕකට මලපැනලා තකතීරු විදියට තමන්ගේ අගමැති බලතල යොදාගෙන දෙරණට තර්ජනය කරලා ඌගේ රස්සාව නැති කරන්න හදලා අන්තිමට සංඛයා වැදලා සමාව අරන් ද කොහෙද නේද බේරුණේ?

      මේපාර උමාරාගේ රෙදි ගලවන ලිබරල් බයි ප්‍රජාව සහ npp ජාතික ජන බයි ප්‍රජාවට රනිල් වික්‍රමසිංහ මොන විදිහට ගේමක් දෙයිද දන්නේ නැත ඕකා මහා එපා කරපු ගෝත අමනයෙක්නේ ඒ නිසා සියලුම බයි ප්‍රජාව පරිස්සමට වැඩ කරපන් ලංකාව තුල ඉන්න උන්ට කියන්නේ මේ කථාව

      Delete
  18. මාත, බොට මතකද අර අපි පුංචි කාලෙ රේඩියෝවෙ ඇහෙන මේ සිංදුව අද මුනින්ද්‍රයානෙනි සිංදුව තරම්ම ඒ කාලෙ ජනප්‍රිය වෙලා තිබුන

    ආරිය සිරි අංග පහෙන් එකක් තමයි නුඹේ කොන්ඩේ
    දඬුවම් ලැබු වාලිය වෙයි කැපුවෝතින් උඹේ කොණ්ඩේ

    මේ කියන්නෙ හෙළ 'ආරිය' සිරිතට දීග දෙනව... සිංහල ආරිය සිරිතට අවුරුදු සමරනව වගේ අමුතු කතා තවමත් අපිට ඇහෙනව.

    මේ කියන්නෙ ලාංකිකයන් හෙවත් සිංහලයන් පැවතෙන්නෙ ඉන්දු ආර්‍යයන්ගෙන් බවද.?
    ඉන්දු ආර්‍ය්‍යයන් කියන්නෙ කවුද.?

    යුරෝපයෙත් .. ආසියාවෙත්... මැදපෙරදිගත් බොහොමයක් සංස්කෘතීන් හා ජාතීන් තමන් ආර්‍යයන්ගෙ පැවතෙන බවට සඳහන් කරන්න ලොකු කැමැත්තක් තියනව.

    මහා විශාල ජන සංහාරයක් කරපු බවට චෝදනා නැගෙන ඇඩොල්ෆ් හිට්ලර් විශ්වාස කරාලු තමන් වගේම පිරිසිඳු ජර්මන් ජාතිකයන් ආර්‍යයන්ගෙ පැවතෙන බව

    ඔය ආර්‍යයන් කියන්නෙ සුදු හමක් සහිත... උස් හා හොඳින් වැඩුනු ශරීරයක් ඇති ... නිල් ඇස් හා රන්වන් හිසකෙස් ඇති පිරිසක් බව විවිධ සංස්කෘතීන් තුල පිලි ගැනෙනව.
    මේ ලක්ෂණ නැති කිසිවෙක් නාසි ජර්මනිය තුල ඉහල තනතුරු නොදැරිය යුතුයි යන අදහස මුලින්ම ඉදිරිපත් කරන්නෙ ඇල්ෆ්‍රඩ් රෝසන්බර්ග්. ( Alfred Rosenberg).
    හිට්ලර්ගෙ සමීපතම සගයෙක් වෙන රෝසන්බර්ග් දැඩි නාසි වාදියෙක්.

    සුදු හම ඇති ආර්‍යයන් ලෝකය පාලනය කල යුතුයි කියන අදහස මධ්‍යම යුරෝපයෙන් පටන් අරගෙන නැගෙනහිරටත් බටහිර යුරෝපයටත් එක විදිහටම ගමන් කරනව.

    රිචර්ඩ් වැග්නර් කියන්නෙ ජර්මනියෙන් බිහිවූ විශිෂ්ඨ සංගීතඥයෙක්. ( Richard Wagner 1813- 1883). වැග්නර් තදින්ම විශ්වාස කරනව තමන් පැවතෙන්නෙ ආර්‍යයන්ගෙ කියල.

    සුදු හම හා නිල් ඇස් ඇති ආර්‍යයන් පිලිබඳ අදහස මේ කාලයේ බොහෝ සුදු ජාතික නායකයන් තුල දකින්න පුළුවන්.

    පසු කාලීනව වැග්නර් බලකාය රුසියාවේදී බිහිවීමේදීත් ... රුසියානු ට්සාර් වරුන් මෙන්ම වර්ථමාන නායකයන් ගැන වාද විවාද වලදීත් තමන් ආර්‍යයන්ගෙන් පැවතෙන බවටත් රුසියානු ඉහල සමාජය විශ්වාස කරනව.

    කොහොමද මේ ආර්‍ය කතංදරය ලෝකය පුරාම පැතිරෙන්නෙ.?

    පොදු පිලිගැනීම අනුව ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය ලොව පැරනිම ශිෂ්ඨාචාර වලින් එකක්.
    ක්‍රිස්තු පූර්ව 3000 දී පමන නිර්මාණය වෙන මොහෙන්ජො දාරෝ Mohenjo-daro සංස්කෘතියත් එක්ක හින්දු ඇදහීම් නිර්මාණය වෙනව. හින්දු ඇදහීම් හා සංස්කෘතිය නිර්මාණය වෙන වේද ග්‍රන්ථ ලියවෙන්නෙ ක්‍රිස්තු පූර්ව 1500- 1200 වගේ කාලයක කියල අපිට දල වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ( මේ දින වකවානු ඉතාම විවාදාත්මකයි).
    මේ වේද ග්‍රන්ථ තුල රිග් වේදයේ සඳහන් වෙනව ආර්‍ය ජන කොටසක් හෝ කුලයක් ගැන.

    ආර්‍යයවර්ත විදිහට හැඳින්වෙන මේ ජන කොටස කුල පංති අතර ඉහලින්ම සැලකෙන ජන කොටසක් බවට සඳහන් වෙද්දි මේ සම්භන්ධයෙන් විවිධාකාර මති මතාන්තර තියනව.

    එක් මතයක් තමයි මොහෙන්ජො දාරෝ- හරප්පා සංස්කෘතීන් ගොඩ නගන්නෙ ඩ්‍රාවිඩියන් වරුන් විසින් බවත් ඉන්පසු උතුරු දෙසින් පැමිනෙන ආර්‍යයන් නම් ජන කොටසක් මගින් මොහෙන්ජොදාරෝ සංස්කෘතියේ පාලනය ලබාගත් බවත් ඔවුන්ගේ දැනුමෙන් හා හැකියාවෙන් ඉන්දු නිම්න සංස්කෘතිය වැඩි දියුණු වූ බවත්.

    ඩ්‍රාවිඩියන් වරු කුඩා ශරීරයක් හා දුඹුරු හමක් සහිත කඩිසර මිනිසුන් කොට්ඨාශයක්.

    ඩ්‍රාවිඩියන් වරුන්ගෙන් ද්‍රවිඩයන් පැවතෙන බවට විශ්වාස කරනව.
    ඉන්දියානු කුල ක්‍රමය තුල සුදු හමක් සහිත භ්‍රාහ්මන වංශිකයන්ට ඉහල පිලිගැනීමක් අදත් තියන බව සමහර සිදුවීම් හරහා අපිට වටහා ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම පතන්ජලී ( Patanjali) කියන්නෙ ක්‍රිස්තු පූර්ව දෙවන හා හතරවන සියවස පමන අතර ජීවත් වූ හින්දු ශාස්තෲවරයෙක්.. ගුරුවරයෙක්.

      බොහෝ පිරිස් විසින් පතාංජලී යෝග ශාස්ත්‍රයේ පියා විදිහටත් සලකනව.

      පතාංජලීගෙ ඉගැන්වීම් හා සටහන් බොහොමයක් ප්‍රංශ භාශාවට පරිවර්තනය කරනව ඒ විශය පිලිබඳ විශිෂ්ඨයෙකු වූ ලුවි රොනෝ විසින් ( Louis Renou- 1896- 1966 ).
      රෙනෝගේ පරිවර්තන වලට අනුව පතාංජලී සඳහන් කරනව "උතුරින් පැමිනෙන නිල් ඇස් හා රන්වන් කෙස් ඇති ආර්‍ර්‍යයන් විසින් මග පෙන්වන ලදි" ආකාරයට.

      ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය... සංස්ක්‍රිත් භාශාව... පතාංජලී හා ඔහුගේ ඉගැන්වීම් ගැන බොහොම පුළුල් පර්‍යේශණ කරපු පුද්ගලයෙක් තමයි ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය මොනියෙර් විලියම්ස්. ( Monier Monier-Williams ).
      ආචාර්‍ය විලියම්ස් සඳහන් කරනව වේද ග්‍රන්ථ හා පතාංජලීට අනුව ඉන්දු නිම්න සංස්කෘතියේ උසස්ම සැලකීමක් නිල් ඇස් හා රන්වන් හිසකෙස් ඇති ආර්‍යයන්ට ලැබෙන බවට.
      උසස් ගති ගුණ ඇති.. දැනුමෙන් ඉතාම පොහොසත්... ශිෂ්ඨ... උසස් පිරිස ලෙස ආර්‍යයන් අර්ථ දක්වනව.
      කුල ක්‍රමය අනුව ආර්‍යයන්ට හිමිවෙන්නෙ ඉහලම ස්ථානයක්.

      අන්ද්‍රොනොවෝ සංස්කෘතිය ( Andronovo culture) බිහිවෙන්නෙ මධ්‍යම සයිබීරියානු .. පර්සියානු කලාපයේ ස්ටෙප්ස් තණබිම් ආශ්‍රිත ප්‍රදේශයන්හි ක්‍රිස්තු පූර්ව 2200- 1150 වගේ කාලයක් තුල.

      මේ පිරිස යෙන්සෙයි ගඟ ආශ්‍රිතව දියුණු ජීවන රටාවක් ගොඩනගනව. ( අංගාරා ගඟ යෙන්සෙයි ගඟේ අතු ගංගාවක්).

      අන්ද්‍රොනෝවෝ සංස්කෘතියේ ජන කොටස් මධ්‍යම ආසියාව හරහා ඉන්දියාව දක්වා ගමන් කරනව.
      ඒ එක්කම වර්ථමාන ඉරානය (පර්සියානු බිම්) මේ සංස්කෘතියට අයිති වෙන බිම් ප්‍රදේශයේයි පවතින්නෙ.

      ඒ අනුව ආර්‍ර්‍යයන් පැවතෙන්නෙ ඉරානයෙන් බවත් ඉන්දු ඉරානියන් භාශාව කතා කරන ජන කොටස ආර්‍යන් වූ බවටත් පිලිගැනෙන මතයක් තියනව.

      ( The term Aryan has long been used to denote the Indo-Iranians, because Arya is indeed the self-designation of the ancient speakers of the Indo-Iranian languages, specifically the Iranian and the Indo-Aryan peoples, collectively known as the Indo-Iranians.)

      සොරොස්ත්‍රියානු ඇදහීම් (zoroastrians) පැරනි පර්සියාවේ දකින්න තිබෙන ඉතාම පැරනි ආගමක්.
      සොරොස්ත්‍රියානු විශ්වාස වලට අනුව පර්සියානුවන් යනු ආර්‍යයන්.

      මේ සියළුම සාක්ශි සලකල බලද්දි ආර්‍යන් ඉන්දියාවට පැමිනෙන්නෙ උතුරින් හා වයඹ දිග ප්‍රදේශ වලින්.
      මේ අය උස්.. සුදු හම ඇති.. රන්වන් කෙස් ඇති පිරිසක්.

      ආර්‍යයන් යනු උසස් ජන කොටසක්.. පිදිය යුතු ජන කොටසක් හෝ කුලයක් විදිහට හින්දු සමාජය තුල පිලි ගැනුනත් මේ ජන කොටසේ විශේෂත්වය තමන්ගෙ වාසියට භාවිතා කරන්නෙ ඉන්දියාව ආක්‍රමණය කරන බ්‍රිතාන්‍යයන් විසින්.
      බ්‍රිතාන්‍යයන් උත්සාහ කරනව අතීතයේ ඉඳලම ඉන්දියාව පාලනය කරන ලද්දෙත්... උසස් ශිෂ්ඨාචාරයක් හඳුන්වා දෙන්නෙත් ආර්‍යයන් විසින් බවත් ... තමන් හෙවත් බ්‍රිතාන්‍යයන් යනු ආර්‍ය්‍යන් බවත් ඉන්දියානුවන්ට ඒත්තු ගන්වන්න.

      අනිත් අතින් ස්කැන්ඩිනේවියානු ජනතාව අතරත් මතයක් තියනව වයිකින්ග්වරු පැවතෙන්නෙත් ආර්‍යයන්ගෙන් බවට.

      එක්තරා කතාවකදී ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ව හඳුන්වනෙත් ආර්‍ය්‍යන්ගෙ පැවතෙන්නෙක් විදිහට.

      මේ ආර්‍යයන්ගේ අදහස හෙවත් තමන් උසස් යන අදහස මුළු දකුණු ආසියාව පුරාමත් දකින්න පුළුවන්.

      මේ ආකාරය සලකද්දි කළු ජාතිකයන් ඇරෙන්න මුළු ලෝකයම එකම ආර්‍ය පිරිසකටයි අයිති.

      යුධ ගැටුම්... රන්ඩු සරුවල් මොන හේතුවකට ඇති වෙනවද කියල හිතෙනව මේ ආර්‍යන්ගෙ කතංදරය විශ්වාස කලොත්.

      මොනව වුනත් දැනට අවුරුදු 4000 කට විතර කලින් ඉරාන බිම් වල ඉඳල සංචරණය වුනු ජන කොට්ඨාශයක් ගැන මේ තරම් කරදර වෙන්නෙ මොන උවමනාවකටද කියල විස්තරකරල පෝස්ට්එකක් දාන්න බලන්න

      Delete
  19. උමාරා ලංකාවේ ජාතික ගීය වළඳන අතරේදී ඇමරිකාව වළඳන දැනටත් අවුරුදු අසූ ගානක් වෙන රට ගොන් බූරු සිහි කල්පනාවත් නැති තකතීරු පණනැති නාකි හිවලෙක් වෙන බයිඩන් ගොන්ම ගොන් වේස බයියා ලෝකෙටම අරින ගමන්ම තමන්ගේම රට වන ඇමරිකන් රටටත් කෙලවන කෙලවිල්ල නිසා , අන්තිමට ඇමරිකාවේ විලි වහගන්න උදව් වෙන්නේ උන්ගේම පොඩි එවුන් හදන වීඩියෝ ගේම් තමයි . ලංකාවේ තොපේ ගෝල්ෆේස් අරගළ වහල් බල්ලන්ටයි , විදේශ සංවිධාන වලින් ලැබෙන ඩොලර් ලෙවකන්න ඉන්න රටටම කෙලවන්න බොරුනිව්ස් ලෝකේ වටේ ගෙනියන NGO සන්ටැබියන්ට දෙවෙනි නැහැ ඇමරිකාවේ මේ UFO ලොල් එක .---මේ ලෝකේ , මේ විශ්වයේ ඔනෑ තරම් වෙනත් ලෝක , වෙනත් ජීවින් ඉන්න එක සත්‍ය විය යුතුමයි . මෝඩ මිනිස්සු හිතුවට දෙවියෝ මවපු මේ ලෝකය විතරයි ජීවින් ඉන්නෙ කියලා , ඔනෑ තරම් දියුණු නොදියුණු ජීවින් සිටින ග්‍රහලෝක මේ විශ්වයේ අනිවාර්යෙන්ම ඇති . හැබැයි හැම එකාම ඇමරිකාවට එනවා කියන ඔය ආතල් එක උන්ගේ රට විශේෂයි කියන්න උන් ගොඩනගන මනෝ මූල මෙහෙයුමක් .

    ReplyDelete
  20. උද්ධමනය අඩුවීම කියලා කියන්නේ ආණ්ඩුව විසින්ම කරන අංක විජ්ජාවක් විතරයි නේද?

    දෙසැම්බර් මාසයේ ඩොලර් වලින් ණය වාරිකයක් ගෙවිය යුතුයි. තවමත් ශ්‍රී ලංකාවේ මහා බැංකුවට ඒ සඳහා ප්‍රමාණවත් ඩොලර් නොමැත. එබැවින් එය ගෙවූ පසු, USD 400 LKR ට ආසන්න වී හෝ ඊට වඩා වැඩි විය හැක. මේ බව bloomberg එකෙනුත් කියා තිබෙන බව මතකයි නේද?

    ලංකාවට ලබන අවුරුද්දටවත් වාහන ගෙන්වන්න අවසර නැහැ. නමුත් පවතින තත්ත්වය අනුව වාහන ආනයනය කිරීමට අවසර දෙන විට USD 500LKR දක්වා යා හැක. ඒ නිසා අනාගතයේදී USD එක 180 ක් වූ මිලට ආනයනික භාණ්ඩ කිසිසේත්ම නොලැබෙන බව අවබෝධ කරගත යුතුය. 2018 වනවිටත් ඩොලර් බිලියන 84 ක ආර්ථිකයක් තිබූ ලංකාවට 2019 වසර මුල සිට සිදුවු අධික ආර්ථික පරිහානියට පත්වීම සමග දැවැන්ත ලෙස ආර්ථිකය නායයෑම නිසා කොතරම් දුරට සෙල්ලම් දැමූවත් 2023 වසරේ අග සමස්ත ආර්ථිකය (nominal GDP) ඩොලර් බිලියන 73 ට වඩා වැඩිකර ගැනීමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇත. දිගටම හැකිලෙනවිට ආර්ථිකය නිසා ලංකාවට 2028 දීවත් නැවත ඩොලර් බිලියන 80 ඉලක්කයට යාමට නොහැකි බව අවබෝධ කරගෙන ලංකාව හැරදමා සියලුදෙනාම හැකි පරිදි තෝරාගත් විදේශ රටවලට සංක්‍රමණය වීම වඩා සුදුසු බව ජනතාව අතර ප්‍රචලිත වී ඇත. මීට කළ යුත්තේ කුමක්ද?

    ReplyDelete
  21. මාතලන් දීප්ති තමයි ලංකාව තුල විකල්ප මතධාරීන්ගේ, වාමාංශිකයොන්ගේ, රාජපක්ෂ විරෝධීන්ගේ බුද්ධිමය හීනය.

    ඒ කඳවුරේ බුද්ධිමය දායකත්වයෙන් උඩම ඉන්නේ දීප්ති.

    දීප්ති තමයි මේ කඳවුරේ හැමෝගෙම හීනය. දීප්ති වගේ වෙන්න තමයි මේ හැමෝටම ඕන.

    ඒ කඳවුර වැඩිපුරම බය, කීකරු මිනිහත් දීප්ති.

    එහෙව් දීප්ති ඉරාජ් වීරරත්න තමන්ගේ ප්‍රොග්‍රෑම් එකට ගෙනල්ලා, මතවාදයෙන් ආරක්ෂා කරලා, වර්ණනා කිරීම විකල්ප මතධාරීන්ට, වාමාංශිකයන්ට දිරව ගන්න බැරි වෙලා.

    මේක ඔවුන් කවදාවත් බලාපොරොත්තු නොවුනු දෙයක්.

    මෙතනදී දීප්ති කෙලින්ම ඉරාජ් පොප් කල්ට් එක බවත්, කසුන් කල්හාර ලා සබ් කල්ට් ගායකයො බවත් කිව්වා.

    දීප්තිගේ ප්‍රොග්‍රැම් එක බලලා පුදුම දුකකින්, කනගාටුවකින් රාජපක්ෂ විරෝධියො කියවන්නෙත්, අඩන්නෙත් ඒකයි.

    තමන්ගේ උසස්ම වීරයා, තමන්ගේ එපාකරපුම හතුරා එක්ක කරට අත දැම්මම දැනෙන වේදනාව අපිට තේරෙනවා.

    කරන්න දෙයක් නැහැ.

    ඒ තමයි යථාර්තය.

    දීප්ති ලා ඉදිරියේ මේ අඬන බබාලා පුස්සන් පමණයි.

    ඒ සියල්ලටම වඩා ඉහළින්, වේගයෙන් සමාජයේ හැම අංශයක්ම අල්ලගෙන යමින් සිටින, සතුරන්ට සූක්ෂවම රිදවන ධනේශ්වරයේ නියෝජනය කරන සටකපට ඉරාජ් වීරරත්න නම් කපටි කූට ව්‍යාපාරිකයත් ඉන්නවා.

    ReplyDelete
  22. අප්‍රිකා මහාද්වීපයේ අර්නෙස්තෝ චේ'ග්වේරා යැයි විරුදාවලිය ලත් ඇමරිකා එක්සත් ජනපදය විසින් කුමන්ත්‍රණයක් කර අමානුෂික ලෙස මරා දමන ලද බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙන්පති තෝමස් ඉසිදෝර් නොඑල් සංන්කාරා වෙනුවෙන් අයිවරි කෝස්ට් රටේ රෙගේ ගායක ඇල්ෆා බ්ලොොන්ඩි විසින් ගායනා කරන ලද ගීතය....

    (මේ පරිවර්තනයේ අඩුපාඩු ඇත්නම් පෙන්වා දෙන මෙන් හැමෝගෙන්ම ඉල්ලනවා...)

    "අප්‍රිකාවේ අභිමානවත් සෙනෙවියන් අතර ජනහද ජයගත් මහසෙනෙවිවර කපිතන් තෝමස් සංන්කාරා...

    ඔව්.... නුඹ එය දැනටමත් අත්පත් කරගෙන ඇති බව අප දනිමු...
    සතුරන් කුමන්ත්‍රණ පිට කුමන්ත්‍රණ කැඳවාගෙන එතත්....
    අපි සතුවත් ආයුධ තිබෙනවා... අපටත් ආයුධ සන්නද්ධ වෙන්න බැරි නෑ... ඒත් කපිතන් සංන්කාරා...
    මහජන හදවත් දිනූ අපට... මුදල් වෙනුවට ජනතා හදවත් සොරාගත් අපට...ඡන්ද පෙට්ටිය හරහා ජනතා බලය ලබා ගැනීමේ හැකියාව ඇති අපව ඔය අමනයන් කිසිවෙකුට වැළැක්විය නොහැකි බවත්...

    එනිසා අපට ආයුධ අවශ්‍ය නැතිබවත්....
    අප්‍රිකාව ඒකාධිපති ෆැසිස්ට් අධිරාජ්‍යයක් විසින් පත්කරන ලද තුට්ටු දෙකේ ඒකාධිපතියන්... තම හාම්පුතුන්ගේ රෙදි සේදීමෙන් ඉවත් වී... සැබෑ ජනතා ජයග්‍රහණය ලැබ බලගතු ඒකාබද්ධ අප්‍රිකානු සහෝදරත්වයේ මහා දේශයක් බවට පත්වීමේ විජයග්‍රහණය දක්වා අනිවාර්යයෙන්ම යනු ඇත්තේමය යන උදාන වාක්‍ය ඔබේ නමින් පවසන්නට අප සූදානම්.... කොතරම් බාධක උදැල්ල දැමීම් බොරුවලවල් උගුල් ඇටවූවත් ඉක්මණින් බැරිනම් පමාවී හෝ නුදුරේදීම අපේ අරමුණ කරා අපි අධිෂ්ඨානයෙන් අභීතව යනවා යනවාමයි... ඒ බව අපි ශපථ කරන්නෙමු, සමස්ත අප්‍රිකානු ජනයාගේ නාමයෙන්...!

    ඇල්ෆා බ්ලොංඩිගේ ගීය මේකෙන් බලන්න;

    https://m.youtube.com/watch?v=T6_UIYImGjU

    ReplyDelete
  23. දීප්ති කුමාර ගුණරත්න කාලයක් තිස්සේ විවිධ වර්ගයේ දාර්ශනික අදහස් සමාජ ගත කලත් ඔහුට කේන්ති ගියාම ටිකක් අවුල් වගේ ඒ නිසා ඔහු ඉවසීමෙන් කටයුතු කළ යුතුයි මීට වඩා ගොඩාක් සීරියස් විදියට ඉවසීම ප්‍රගුණ කරන්න ඕන

    ඔය ගුටි කාපු උඩුවරගෙදර මල හොල්මන ගැන කතා කරන ඩේටා අපරාදේ නේද ඇත්තටම උන්ගෙ විප්ලවවාදී භාවිතාවන් ඕව තමයි වැඩිම දුරක් කදුලු ගෑස් කෑන් එක විසි කිරීමේ හැකියාව, වැඩිම දුරක් බෝඩ් එකක් උස්සන් පයින් යෑමේ හැකියාව, high pressure වතුර පාරට කොච්චර වෙලා පපුව අල්ලන් ඉන්ඩ පුලුවන්ද මේව තමයි විප්ලවවාදී නිර්ණායක ඉතින් උන් කොහොමද සමාජෙට අලුත් අදහසක් දෙන්නෙ? කරුම ජීවිත...

    ReplyDelete
  24. සෞම්යා පට්ට වේසි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න