.

.

Jul 14, 2023

ඖෂද මාෆියාවක් ගැන බණ දෙසනා ඖෂධ ත්‍රස්තවාදීන්

 


ඖෂද මාෆියාවක් ගැන බණ දෙසනා

ඖෂධ ත්‍රස්තවාදීන් 

➖➖➖➖➖➖➖🔴


ඇත්තේ සෞඛ්‍ය සේවයේ, බාල ඖෂධ හෝ ඇමතිගේ ප්‍රශ්ණයක් නොව දේශපාලන ප්‍රශ්ණයක් බව..


⭕ දිනපතා කක්කා චෙකර්ගේ මාධ්‍ය හමුව..


⭕ බදු ගැසීමෙන් පසූ රෙද්දේම රෙවී රට පැන ගන්න බැරිව ඉතිරි වූ ගොම සංගමයේ රඹ ටෝක්ස්...


⭕ අතීතයේ සිට සාම්ප්‍රදායිකව නඩත්තු කරමින් පවතින ඖෂධ මාෆියාව මේ මොහොතේ පමණක් ප්‍රශ්ණ ගත වීම.


⭕ එලිබැස ඇති කිඹුලාඇල සෙනාගේ වොයිස් කට්...  (රාජිත සේනාරත්න යනු අධිකරණය මගින් වැරදිකරුවකු කොට ඇමතිධූරයෙන් පහකළ දේශපාලුවෙකි)


⭕ සජිත්ගේ හූනීයන් කාරයන් හා පැවැත්වූ රැස්වීමේ සෞඛ්‍ය ත්‍රස්තවාදයක් ගැන බළලා මල්ලෙන් එලියට දැමීම... (සජිත්ට කුමන්ත්‍රණ සඟවාගෙන සිටීමේ දේශපාලන පරිනතභාවයක් නැත. සියල්ල වමාරා හත්පොලේ ගා ගනී.)


⭕ දැරිය මියගියේ එම එන්නත විශවීමෙන් බව හෙද සේවයේ ත්‍රස්තවාදීන් විසින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම. (මරණය පිළිබඳ විවෘත තීන්දූවක් ලබා දී ඇති අතර, මරණයට හේතුව පිළිබඳ සෙවීමට විශේෂ පරීක්ෂණයක් වෙනම පැවැත් වේ)


⭕ විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ එම දැරියගේ මරණය එන්නත් විශවීමෙන් නොව අසාත්මිකතාවයෙන් සිඳු වූවක් බව.


⭕ දැරියට ලබා දුන් එන්නත තවත් රෝගීන් 2500 කට පමණ ලබා දී ඇති බව හෙලිවීම. (එසේ නම් ඒ සියල්ලෝම මිය යා යුතුය)


⭕ පාරට බහින්නට බලාසිටිනා පෙරටුගාමී ත්‍රස්තවාදීන් කෙහෙළියට තර්ජණය කිරීම්.


⭕ ජවිපේ ත්‍රස්තවාදීන් නිලධාරීන් බේරා සියල්ල දේශපාලනීකරණය කිරීම. වහලුන් දමා කෙහෙළිය එලවීමේ සමාජ මාධ්‍ය මෙහෙයුමක් ආරම්බ කිරීම. (මෙය කෙහෙළිය එලවීමේ ආන්ඩුවේ හා ජවිපේ එක්ව කරනා කුමන්ත්‍රණයක්ද වීමේ සම්භාවිතාවයක්ද ඇත.)


යන සියල්ල විසින් ඉතා පැහැදිලිව පෙන්වමින් සිටී....


මේ සියල්ල වෙනුවෙන් අත දිගහැර කෝටී ගනනින් වියදම් කරනුයේ ඉන්දීය ක්‍රෙඩිට් ලයින් එක නිසා කෙල වූ බටහිර ඖෂධ මාෆියාවටයි.


කෙසේ හෝ වේවා මීට පිළිතුරු දිය යුත්තේ ඇමතියා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් , ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාව හා සෞඛ්‍ය අමාත්‍යාංශයයි.


මේ සිඳුවෙමින් පවතින්නේ ආන්ඩුව කෙරේ ඇති ජනතා ප්‍රසාදයට කෙලවීමේ ගෑස් බ්ලාස්ට් ප්‍රොපගැන්ඩා ප්‍රහාරයක් බව මාතලන්ගේ මතයයි...


.

6 comments:

  1. මාතලන්ගේ මතය දැක්කා
    තවත් මත තියෙනවා දැක්කා
    හිතුනෙ මට නං එකයි ලොක්කා
    සිද්ද වෙනදේ වගෙයි 'කක්කා'

    ReplyDelete
  2. ලැජ්ජා නැතුව කඩේ යෑම.😀😀

    ReplyDelete
  3. කතාව ඇත්ත තමයි මාතලන් ඒ වගේම කැලණි පාලමේ ඇණ විශාල වශයෙන් කුඨ්ඩෝ ගලවලා තියෙනවා ඒ වගේම පාලම යට, ඒ කියුවේ නව කැලනි පාලමේ පෑලියගොඩ සිට ඔරුගොඩ දක්වා පාලම යටින් අලුත් වැඩ් යා කටයුතු සදහා යෑමට මාර්ගයක්ද ඉදිකරලා තියෙනවා ඒක පාලමේ යටින්ම සවි කරලා තියෙන්නේ ඒකේ දෙපැත්තේ විශාල බට යොදලා තියෙනවා බට සහ රදවන ඇන සියල්ලම මේ වන ව්ට තැනින් තැන කුඩ්ඩෝ ගලවා ඇති බව මම සියසින්ම දුටුවා ගිය සතියේ ලංකාවට නිවාඩු ආපු වෙලාවේ

    මෙවා මහා අපරාධ සිස්ටම් චේන්ජ් කරන්න කතා කල අය නේද මේවා කරලා තියෙන්නේ?

    කුඩ්ඩෝ බෝවිම ගෝඨාභය විසින් නතර කලා.අරගලය නමින් කුඩ්ඩන් එලියට ඇවිල්ලා ගෝඨාභය එලෙව්වා. දැන් කුඩ්ඩන් රඟනවා. එහෙම නේද?

    ReplyDelete
  4. අයිසේ, මාතලන්, අමතකව ගිය කරුණක් මතක් කරන්න ඕන අද ජූලි දාහතර නේද ලංකාවට? ලංකාවේ බොරුවෙන් උපන් ජනාධිපතිට වසරයි. නන්දසේන ගෙදර යැවීමට පළමු බොරුව කී
    ගානියා බැනිස්ටර්ට වසර දෙකයි නේද?

    ReplyDelete
  5. ඔය වගේ දේවල් තාවකාලිකව සිල්ලර කාරණා විදියට ගන්න පුලුවන්ද? මම හිතන්නේ තත්ත්වය වඩාත් සංකීර්ණ බව මොකද දැනට පවතින තත්ත්වය යටතේ 2024 ජනාධිපතිවරනය තියන්න තව තියෙන්නේ වසර දෙකක් වැනි කාලයක්. ඒක ඉතාමත්ම අභියෝගාත්මක කාලයක්..

    දැනට ලංකා දේශපාලන භූමියේ ලක්ෂණ අනුව 2024 ජනාධිපතිවරණයට අපේක්ෂකයන් තුන් දෙනෙක් ඉදිරිපත් වෙනවා. මේ තුන් දෙනාගේ නමටත් අකුරු තුනයි.

    ඒ තමයි රනිල්, සජිත් අනුර...

    හැබැයි මේ ජනාධිපති හීනෙට යන්න තියෙන හීනේ ඇතුලේ තියෙන්නේ වෙනම හීනයක්...

    රනිල්ගෙ හීනෙ තමයි රටේ ආර්ථික ප්‍රශ්ණ විසඳලා ජනතාවට සහනයක් දීලා රට සශ්‍රික කරලා ජනාධිපතිවරණයට තරඟ වැඳීම. නැත්නම් පොරට බඩු බනිස් කියලා රනිල් දන්නවා.

    සජිත්ගේයි අනුරගෙයි හීනය වෙනස්..

    එයාලගේ හීනය තමයි රටේ ආර්ථිකය කාබාසිනියා කරලා රට අගාධයට දාලා ඒ මතින් පවතින රජය අප්‍රසාදයට ලක් කරලා අවශ්‍ය බලයට පැමිණීම හෝ නැත්නම් නැවතත් විපක්ෂයට වෙලා ආණ්ඩුවට බැන බැන කාලය ගතකරමින් තමන්ගේ උදර පෝෂණය

    මෙන්න මේ හීන වල වෙනස ලංකාවේ ජනතාව තේරුම් ගත යුතුයි.

    මේ ලියන මම පැහැදිලිවම රනිල්වාදියෙක් නෙවෙයි. කලින් උග්‍ර රනිල් විරෝධියෙක්. වසන්ත සමරසිංහ සමාජවාදය තනුක කරා වගේ මමත් දැන් ඒ විරෝධය තනුක කරන්න ට්‍රයි කරනවා

    ඒක ලේසි වැඩක් නෙවේ. ඒත් පුද්ගලානුබද්ධ විරෝධි දේශපාලනයෙන් විතැන් වෙලා රට ප්‍රමුඛ කරගත් දේශපාලනයක් කරන්න කාලය එලඹිලා.

    1993 චන්ද්‍රිකා එක්ක, 2005, 2010 මහින්ද එක්ක, 2015 මෛත්‍රීපාල සිරිසේන එක්ක, 2019 ගෝඨාභය එක්ක සහ 2022 ගෝටාගෝ අරගලය සමග මම එකට හිටගත්තෙ රට පිලිබඳව රටේ දේශපාලනය පිළිබඳව මම දරන අදහස් සමග ඔවුන්ගෙ අදහස් සමාන්තර නිසා. එදා ඒ ගත් තීරණයන් පිලිබඳව අදටත් අංශුමාත්‍රයක පසුතැවිල්ලක් නෑ. ඒ තමයි එදා ගන්න තිබුණ හොඳම තීරණය කියලා මම මේ මොහොතෙත් විශ්වාස කරනවා.

    2025 ජනාධිපතිවරණය අභියෝගත්මකයි. බලමු රට දිනවන්න හීන දකින අය දිනයිද..? රට පරාජය කරන්න හීන දකින අය දිනයිද කියලා.

    ReplyDelete
  6. මේ දවස්වල රනිල් වික්‍රමසිංහගේ අන්ත දූෂිත අශිෂ්ට දේශපාලන පාලනය යටතේ පනවා තිබෙන අධික බදු බරෙන් තවත් එක ප්‍රශ්නයක් විදියට බියර් සහ ලිකර් මිල නහුතෙට නැගලා තියෙන එක ලංකාවේ ගොඩක්මතරුණපරපුරට වගේම වැඩිහිටියන්ටත් තියෙන විශාල ගැටලුවක්. ඉදහිටවත් බියරයක රස බලාපු සුපින්වත් ජනයා ඒක කරගන්න බැරුව කේන්තියෙන් විරෝපට්ටන් ගහාන ඇඟිලි උරනවා.
    ඒ සියළු ජනී ජනයා ප්‍රීතියෙන් මුසපත් කරවන පුංචි හෝඩුවාවක් දෙන්න අවසරයි ඉතිං .

    මුලින්ම කියන්න ඕන මේ වට්ටෝරුව මාවිසින් අත්හදා බලන ලද්දේ මිට වසර හත අටකට කලියෙන් අන්තර්ජංජාලයේ දැක බව.
    ඔය තොල කට වේලි ඉන්න ඇත්තෙක්ට මේ රෙසිපියට අනුව බෝම රසවත් සහ සෞඛ්‍යාරක්ෂිතව මඳ පමනකට චිල් වෙන ලෙස ආරාධනා කරනවා......

    මේ තමයි අවශ්‍ය දේවල්👇

    1.ඉඟුරු 20g
    2.සීනි 100g
    3.යීස්ට් තේ හැන්දක්

    අවශ්‍ය උපකරණ 👇
    1.තරමක විශාල භාජනයක්
    2.සිදුරු සිහින් රෙද්දක්
    3.හොඳින් කට තද කළ හැකි බෝතල කිහිපයක්.

    වැඩය අරඹමු👇

    මුලින්ම ඉඟුරු ටික හොඳින් තලා තලපයක් සේ සකස් කර ගන්න. අර කිව්ව කට ලොකු විශාල භාජනය උණු වතුරෙන් හොඳින් සෝදා තරමක් ජීවාණුහරණය කරන්න. ඉන්පසු එයට ජලය 200ml ක් පමණ (කෝප්පයකින් එකක්) සීනි ග්‍රෑම් 20 ක් පමණ එකට දමා යීස්ට් ස්වල්පයක් දමන්න. ඒ භාජනය සිදුරු සිහින් රෙද්දෙන් වහලා දවස් දෙකක් විතර පමණ තියන්න .

    දවස් දෙකක් ගියාට පස්සේ සෑම දිනකම මේ ද්‍රාවණයට සීනි 2gක් සහ යීස්ට් ස්වල්පයක් බැගින් එකතු කරමින් යීස්ට් වලට ආහාර දීමේ ක්‍රියාවලිය දින 10 ක් පමණ සිදු කරන්න ඕන. මේ කාළය තුළ එම භාජනය පුස් හැදීලාද පරිස්සමෙන් බලන්න ඕන. එහෙම පූස් හැදිලා තිබ්බොත් වැඩය අසාර්ථකයි .
    එහෙම නම් නැවත මුල් පියවරට යන්න වෙනවා .

    අපේ රටේ මේ පුස් අවුල වැඩියෙන් එන්නේ පරිසරයේ ජලවාෂ්ප යහමින් තිබිමත් හිතකර පරිසර උණුසුමක් තිබිමත් නිසයි.

    දින දහයක්ම සීනි සහ යීස්ට් එකතු කර තබා ගැනීමෙන් අනතුරුව අපිට ලැබෙන මිශ්‍රණය බෝතල් වලට පුරවන්න ඕන.

    බෝතලයේ තුනෙන් දෙකක් මිශ්‍රණය දාලා ඉතුරු ටිකට වතුර දාන්න.
    ඉන් පස්සේ කට හොදට සීල් වෙන්න වහන්න .

    ඉතිං තව සතියක් ඉවසාන ඉන්න ඕන.

    ඔක්කොම දවස් 17යි.

    දවස් 17කට පස්සේ තමන් විසින්ම සකසා ගත් බෝම සුමිහිරි ජීන්ජර් බියරයක රස බැලීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. අධික බදු බරට විරෝධය පල කරමින් අපි හැම මත්පැනට තිත තබමු. ජයවේවා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න