.

.

Jul 29, 2023

මුලු ලංකාවම දැන් දන්න මෝඩ තරිඳු රට යන්න ගිහින් කටුනායකදි වෙච්චි දේ

 


මුලු ලංකාවම දැන් දන්න මෝඩ තරිඳු

රට යන්න ගිහින් කටුනායකදි වෙච්චි දේ

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖😁➖


තරිඳු උඩුවර කියන්නෙත් කලින් බොග දාපූ එකෙක්.. ඒ කියන්නේ බ්ලොග් ලියපු  එකෙක්. 


උන්ම තමා පසු කාළයක බුකියට එන්නේ. උන්ට තියෙන අති දරුණු රෝගයක් තමා මුලු ලංකාවම උන්ව දන්නවාය කියලා හිතන රෝගය. උන්ව තියා නිර්මාල් දේවසිරිවත් මහේෂ් හපුගොඩවත්, අපේ හෑලී කුවීන් චාන්‍යා හේරත් තියා ඔබේ ආර්ථිකය කෙසේද අහලා ගානක් කඩාගෙන මාරු වෙච්චි එකාවත් රටේම මිනිස්සු තියා, කොළඹ මිනිස්සුවත් දන්නේ නෑ.


ඒක නේ මෝඩ තරිඳු පොලීසියට කියන්නේ මාව ලංකාවම දන්නවා කියලා. හැබයි පොලීසිය පොරව දන්නේ නෑ. දන්නවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උන් වගේ කබ්බෝ ෆෝම් නොකර ඉන්නවා.


තරිඳුත් යූටියුබ් එකක් කරනවා. එයාලගේ මාකටින් වැඩක් තමා දැන් හිරේ යන එක. සේපාල් හිරේ ගිහින් ආවම බුවාගේ ක්‍රව්ඩ් එක වැඩි වෙනවා. තරිඳුටත් ඕන වුනේ ඒක. දැන් ඒ වැඩේත් හරි. අනිත් වැඩෙත් හරි. පොරට අද ඇපත් ලැබෙයි.


මේ තරිඳු කෑ ගහනවා දැක්කාම මට පරණ සුද්දන්ගේ කතාවක් මතක් උනා..


ඔන්න කටුනායක එයාර්පෝට් එකෙන් තරිඳු රට යන වෙලාවක පොර පෝලිම පැනලා ඇවිල්ලා කවුන්ටරේ ඉන්න කෙල්ලට තඟ දානවා... පෝලිමේ ඉන්න උනුත් කෑ ගහනවා... කවුන්ටරේ ඉන්න සිරි ලන්කන් එළකිරි කෑල්ල තරිඳුට කියනවා... 


කෑල්ල : සර් කරුණාකරලා පෝලිමේ එන්න..


තරිඳු : තමුසේ දන්නවද මම කව්ද කියලා 


කෑල්ල එයාර් පෝට් එකටම ඇහෙන මයික් එක ඔන් කරලා..


කරුණාවෙන් සවන් දෙන්න ... තමන් කව්දැයි නොදන්නා පුද්ගලයෙක් හත් වෙනි කවුන්ටරය අසල රැදී සිටි.. කරණාකර ඔහු කව්දැයි දන්නා කෙනෙක් සිටී නම් ඒ මහතාට තමන් කවුදැයි කියා දැනගැනීමට උදව් කරන්න... ස්තූතියි ...


May I have your attention please!!

We have a passenger here at the gate who does not know who he is. If anyone can help him find his identity, please come to gate 7.!


ඒකට තවත් මල පැන්න තරිඳු කේන්තියෙන් කෑල්ලට මෙහෙම කියනවා...


තෝ දැන ගනින් තොට #කනවා  දාලා...


අනේ සොරි සර්... ඒකටත් මේ පෝලිම පැනලා කරන්න බෑ නේ... පෝලිමේ කෙලවරට ගිහින් පේළියේ එන්න... ඒ ආවම බලමු...


▪️හුදී ජන පාන් සංවේගය උදෙසා සුද්දන්ගේ එකක් මගේ එකක් වගේ අනුවර්තනය කොට ලියා පලකලේ මහාචාර්ය මාතලන් වන මා විසින්...


.

5 comments:

  1. පව් බං උඹ. ඉන්දික ට සහ ඔබා ට පොලූ තියපු අභීතය පස්සේ ගිහින් ජොබ් එකක් අරගෙන වටේ ඉන්න එවුන්ට මඩ ගගහ ඉන්නවා.😀😀

    ReplyDelete
  2. මම බෞද්ධ තමයි ඒත් නතාෂා හෝ ජෙරම් නබිතුමා කල ප්‍රකාශ වලින් මගේ හිත රිදුනේ නෑ.
    ඒත් සතිෂ් නඩේශන් නිසා නම් මගේ හිත රිදුනා. ඒකා නිසා ජනවාර්ගික අර්බුද ඇතිවෙන්න පුළුවන්. ඌටයි නඩු දාන්න ඕනේ.
    ඒ වගේම

    ICCPR පනත යටතේ තරිඳුටත් දඬුවම්කල යුතුයි. ඕකා සිංහල මිනිස්සුන්ගේ හිත රිදවනවා.
    තරිඳුවා පරණ සිද්ධි මකත්තරකර ජාතිවාදය අවුස්නවා.

    ඔය දෙන්නට දඬුවම් කරන්න බැරිනම් ICCPR පනතෙන් ඇති වැඩක් නෑ.

    ReplyDelete
  3. මාතලන් ඔය හැලි වලන් පොම්න ගොන් තරිදුවා කියන රිලවා කරන්නේත් පසුගිය කාලය පුරාවටම අර අන්තරේ ගොන් වැද්දා දාපු මගඩි නාටකය දිගටම ක්‍රියාත්මක කරන එක, එනම් කිසිම ආකාරයක තේරුමක් නැති බොරු උද්ඝෝෂණ කරලා පොලීසියෙන් ගේම ඉල්ලලා හිරේ ගිහින් ජනප්‍රිය වෙන අතරම විදේශ තානාපති කාර්යාල වලට දෙන සීවී එකේ "මර්දන" කොලිෆිකේෂන් වැඩිකර ගැනීම. එච්චරම තමයි, ඔය මීහරක් ගැන කතා කරන එකත් අපරාදේ

    දැන් බලපන් මාතේ ලංකාව සහ බැංගලෝරය අතර දුර හැතැප්ම 500කට වඩා අඩුයි, ඒත් ගිය අවුරුද්දේ (2022) බැංගලෝර් විතරක් තොරතුරු තාක්ෂණ සේවාවන් අපනයනය කරලා ඩොලර් බිලියන 55කට ළංවෙන්න ආදායම් හෙව්වා.

    රනිල් වික්‍රමසිංහ රජය යටතේ පවතින ලංකාව ඩොලර් බිලියන 80ක ණය කන්දකට යට වෙලා, බංකොළොත් වෙලා, හතර ගාතෙන් වැටිලා ඉද්දී ලංකාව සහ බැංගලෝරය තියෙන කර්ණාටක ප්‍රාන්තය අතර සියවස් ගණනාවක් තිස්සේ ඉතා ම කිට්ටු සම්බන්ධයක් තියෙනවා. මොන තරම් සමීප සම්බන්ධතා අතීතයේ තිබුණත් වර්තමානය වන විට බැංගලෝරය ලංකාව පහුකරලා වර්ෂ ගණනාවක් ඉස්සරහට ගිහින්.

    ඒ ඇමෙරිකා එක්සත් ජනපද සිලිකන් වැලි එකට පස්සේ ලෝකයේ තොරතුරු තාක්ෂණ මර්මස්ථානය බැංගලෝර් ලෝකයේ දැවැන්ත ම තොරතුරු තාක්ෂණ සමාගම් සියල්ලම පාහේ ආසක්ත කරගෙන. ඒත් ලංකාවට මෙහෙම වෙන්නත්, ඔවුන්ට එහෙම වෙන්නත් හේතුව මොකක්ද?

    බැංගලෝර් මෙතැනට ආ ගමන අහසින් පාත්වුණු එකක් නෙවෙයි. ඒක අවුරුදු සියයකට වඩා දිග, ක්‍රමිකව ආපු ගමනක්. දිව්‍ය ලෝකයේ මල් පිපෙන්න නම් ඒ ගහේ මුල් අපායට අදින්න ඕනෙ. හුඟක් අය දිව්‍ය ලෝකයේ පිපෙන මල් දැක්කට අපායට ඇදපු මුල් දකින්නේ නැහැ.

    1900 සියවස පටන් ගන්නා විට බැංගලෝර් මහාරාජා විදියට හිටියේ ක්‍රිෂ්ණරාජා වඩියාර් (IV) කියලා පාලකයෙක්. ක්‍රිෂ්ණරාජා වඩියාර් කියන්නේ සෑහෙන්න Ahead of time, ඉදිරිගාමී දැක්මක් තිබූ මිනිහෙක්. ඔහුට තමන් ගේ බල ප්‍රදේශය ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම ගැන ලොකු දැක්මක් තිබුණා.

    ක්‍රිෂ්ණරාජා වඩියා‍ර් 1911 විතර ආර්ථික කවුන්සිලයක් හැදුවා. මේක අද තියෙන තින්ක් ටෑන්ක් එකක් වගේ එකක්. මේ කවුන්සිලයේ එක නිර්දේශයක් වුණේ බැංගලෝරයේ ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්‍ය කළ යුතුයි කියන එකයි. මේක 1913 විතර ආපු, ඒ කාලයේ එයි කියලා හිතන්නත් බැරි විදියේ නිර්දේශයක්. කොටින් ම ඉන්දියාවේ මධ්‍යම රජය ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්‍ය කළ යුතු‍යි කියන තීරණය ගත්තේ 2009 දී යි. ඒ කියන්නේ එයට අවුරුදු 100කට විතර පසුවයි. විසිවැනි සියවසේ මුල් කාලයේ පටන් ම බැංගලෝරය අධ්‍යාපනයට සෑහෙන බර තියන ප්‍රතිපත්තියක හිටියා....

    ReplyDelete
    Replies

    1. ඔහොම ගිහින් ඉන්දියාවට නිදහස ලැබෙන 1940 දශකයේ දී සමස්ත ඉන්දියාවේ සාක්ෂරතාව සියයට 18ක් පමණ වෙද්දී, බැංගලෝරයේ සාක්ෂරතාව සියයට 43ක් වුණා. තවත් විදියකට කියනවා නම් skilled labour පැත්තෙන් කර්ණාටකය ඉන්දියාවේ ඉදිරියෙන් ම තිබුණු ප්‍රාන්තයක් වුණා.

      මේ නිසා 1950 දශකයේ සිට ම බැංගලෝරයට සහ කර්ණාටක ප්‍රාන්තයට තාක්ෂණයත් සමග බැඳුණු විශාල කර්මාන්ත පැමිණියා. Hindustan Aeronautics Limited, Bharat Electronics, Bharat Heavy Electricals වැනි සමාගම් බැංගලෝරයේ විශාල කර්මාන්තශාලා පිහිටෙව්වා. අධ්‍යාපනයට කර තිබූ ආයෝජනය නිසා කර්ණාටකයට 'තරගය' ආරම්භයේ දී ම ලොකු වාසියක් ලැබුණා.

      1980 දශකයේ දී රජීව් ගාන්ධි පරිගණක, රෙදිපිළි සමාගම්වලට බදු සහන ලබා දුන්නා. විදුලි සංදේශ පර්වර්තනයකට මුල පිරුවා. මෙයින් බැංගලෝරයට උපරිම ඵල හිමිවුණා. විශේෂයෙන් ම 1980 දශකයේ ලෝකය පරිවර්තනය කළ ඉලෙක්ට්‍රොනික රැල්ලෙන් උපරිම ඵල නෙලාගැනීමට පුළුවන් තැනක බැංගලෝරය සිටියා.

      1991 දී ඉන්දියාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු වුණා. රජය විසින් ආර්ථිකය මත දමා තිබුණු විලංගු මුදා හැර ආර්ථිකය විවෘත කළා. උපාංග, අමුද්‍රව්‍ය ගෙන්වීම ලෙහෙසි වුණා. ඒ කාලයේ මුදල් ඇමති මන්මෝහන් සිං කිව්වේ ව්‍යාපාරවල උර මතින් ආණ්ඩුවේ බර නිදහස් කළ බවයි. ඉන්දියාව මේ ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල නෙලාගැනීම ආරම්භ වන කාලයේ ම ලෝකයේ තොරතුරු තාක්ෂණ විප්ලවයක් ඇති වුණා. මේ තොරතුරු තාක්ෂණ විප්ලවයෙන් උපරිම ඵල නෙලාගන්න පුළුවන් තැනක බැංගලෝරය හිටියා. කර්ණාටක ප්‍රාන්ත ආණ්ඩුව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට උපරිම සහන සැලසුවා. තොරතුරු තාක්ෂණ ව්‍යාපාර කිරීම උපරිමයට ම ලෙහෙසි කළා. බැංගලෝරය ලෝකයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් වෙන්න පටන් ගත්තා.

      2010 - 2015 වෙනකොට ලෝකයේ start-up රැල්ලක් ඇති වුණා. ඉන්දියාව මේ ප්‍රවණතාව ඉතා ම හොඳින් තේරුම් ගත්තා. කර්ණාටක ප්‍රාන්තය 2015 දී Startup Karnataka වැඩපිළිවෙල යටතේ 2020 වන විට අලුත් start up 20,000ක් බිහිකිරීමට පසුබිම සැලසුවා. ලෝකයේ start up සම්බන්ධයෙන් ඉහළම තැනක් උසුලන ඊශ්‍රායලයේ තෙල් අවිව් නගරයට නොදෙවෙනි විදියට බැංගලෝරය start up සඳහා පහසුකම් ලබා දුන්නා. බැංගලෝරයේ start up සඳහා ඇති අවස්ථාවන් ඉතා ම ඉහළයි. ව්‍යාපාර සිදුකිරීම, ලියාපදිංචිය, බදු ක්‍රියාවලිය ඉතා ම පහසුයි.

      බැංගලෝරය ලෝකයේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් වන්නේ අවුරුදු සියයක් තුළ පැමිණි මේ ගමනේ ප්‍රතිඵලයක් විදියටයි. මේකට තනි අයිතිකාරයෙක් නැහැ. තනි 'ගැලවුම්කාරයෙකු' හිටියේ නැහැ. ඊළඟ ඡන්දය නොව, ඊළඟ පරම්පරාව ගැන හිතා වැඩකළ මිනිසුන් ගණනාවක් මේ ජයග්‍රහණය පසුපස සිටියා.

      ලංකාවේ ජනතාව කුඩා දූපතක හිරවෙලා, මුළු ලෝකය ඒ දූපත ඇතුළේ තියෙනවයි කියලා හිතාගෙන, මෙයට වඩා ජාතියක්, ආගමක්, සංස්කෘතියක් නැතැයි කියලා හිතාගෙන, රටේ ආර්ථිකය වටා ලොකු වැටක් ගහගෙන කාටවත් එන්න නොදී ආරක්ෂා කරනවා. චීනාටත් බයයි ඉන්දියාවට ඇමරිකාවේත් බයයි අරාබි ආයෝජකයන්ටත් බයයි

      සියල්ලම රජය කරදිය යුතුයි හිතලා අකාර්‍යක්ෂම, දූෂිත සහ සුදු අලි වැනි ආයතන "ජාතික සම්පත්" කියලා හිතාගෙන ඉන්නවා. ලෝකය පුරා ම මස්තබාල්දු වුණු සමාජවාදී ක්‍රමයෙන් ලංකාව ගොඩගන්න හීන දකිමින් ඉන්නවා. තමන් ගේ බලය රැකගන්න ඕනෑම ගේමක් ගහන දූෂිත, නරුම, රට කපටින්ට අවුරුදු පහෙන් පහට ආණ්ඩු බලය දෙමින් ඔවුන් රට ගොඩගන්නා තුරු බලා ඉන්නවා.

      අලුතෙන් ම සිතන්න පුළුවන් අලුත් පරපුරක් අතට බලය හුවමාරු වන තුරු ලංකාවේ ඉරණම මේක ම පමණයි.

      ඒ පියවර ගන්නට අප මැලිවන තාක්කල් අපට ඇති එක ම ඉරණම අප ගල් යුගයට යනකොට ලෝකයේ අනෙක් රටවල් ඉදිරියට යන හැටි බලා හූල්ලමින් සිටීම පමණයි. මේ ගැන ලියන්න පුළුවන් නම් ඔයිට වඩා වැදගත් වෙයි ඔය ගොබ්බ හැත්ත වෙනුවෙන් කාලය නාස්ති නොකර...

      Delete
  4. ක්‍රිකට් බෝඩ් එකෙ සල්ලි වලින් ටුවර් එකක් ගිහින් කියලා දැනගත්තමවත් , ජයන්‍ත එක්ක හුටපටයක් තියෙනවා කියලා කතන්දර හැදුනමවත් මට ශලනි තාරකාව එපා උන් නෑ. මේ එකකටවත් එපා නොවුන ශලනිව මට මේ සිදුවීමට එයා ෆේස් කරපු ලෝඩ් පකීර් විලාසෙ දැකලා එපාම වෙලා ගියා 😕

    අදාල පින් ටුවර් එක ගිය පමණින්ම ධර්මෙ ලොක්කා එක්ක එයාගෙ හුටපටයක් තියෙනවා කියන්න කොහොමත් කාටවත් බෑනෙ. එහෙම හුටපටයක් තිබ්බම කියමු ඒත් එයා වැඩිහිටි මනුස්සයෙක් සහ ඒක එයාගෙ පෞද්ගලික ජිවිතේ මිසක මම ආදරය කරන එයාගෙ කලාවෙ කොටසක් නෙමේය කියන එක මම අදටත් කියනවා .

    හැබයි ඒ කොහොම උනත් ක්‍රිකට් බෝඩ් එකෙ සල්ලි වලින් එයා පින් ටුවර් එකක් ගියානෙ.. ඒක බොරු කතාවකුත් නෙමෙයි. එයා ඒ වරද ඇක්සෙප්ට් කරන්න ඕනෙ. කරේ නැතත් කමක් නෑ පාඩුවෙ හිටියා නම්. අඩු ගානේ ඇතුලාන්තයෙන් එන ගිල්ටිය නිසා හරි එහෙම ඉන්නවා කියලා හිතන්න තිබුනා.

    හැබයි ශලනි දැන් හැසිරෙන්නෙ මේ රටේ මිනිස්සු ශලනිගෙ සල්ලි වලින් ඔසී ගිහිල්ලා අහුවුනා වගෙ 🙄🙄

    දවස ගානෙ දාන කැප්ශන් වල තියෙන්නෙම තමුන් කරපු ඒ වරද වරදක් නොවේ ගානට පෙන්නන අලිම අලි මහන්තත්වකම. 😑

    මෙතෙක් ශලනිව එපා නොවුන මට පවා ඒකිව අප්පිරියම කලේ අන්න ඒ මහන්තත්වකම. උඩඟුකම..

    හිත හයිය ගෑනියෙක් ගැන හෑලි ලියාගන්න ලැජ්ජ තියේද මන්දා. ඕකට කියන්නෙ හිත හයියකමවත් නිර්භීතකමවත් නෙමේ ""ලැජ්ජ නැතිකම"

    ඒ ලැජ්ජ නැතිකම බලා ඉදලා ඇතිවෙලා එයාගෙ හොඳම ෆෑන් කෙනෙක් වුන මගෙ අතින් මේ ටික ලිව්වෙ.. 😕 ස්තුතී නොදැකපු පැත්තක් පෙන්වලා දුන්නට !! 👍👍

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න