.

.

Apr 24, 2024

වළං ශානිගේ සහ අමණ රවීගේ ළණු කා රටේ මුදල් හා කාළය කා දමන විනාශ ප්‍රේමදාස හා ගොබ්බ විපක්ෂය....

 


වළං ශානිගේ සහ අමණ රවීගේ ළණු කා 

රටේ මුදල් හා කාළය කා දමන විනාශ ප්‍රේමදාස හා ගොබ්බ විපක්ෂය....

➖➖➖➖➖➖➖➖➖💀💀▪️


ඒ කාළේ ගමේ නාට්ටි පෙන්නන කොට ඉස්සෙල්ලම එන්නේ ජෝකර් කෙනෙක්‍ය. උගේ නම බම්මන්නාද මොකක්ද එකක් කියා යාන්තමට මතකය. සර්කස් පටන් ගන්නට පෙරත් එසේය. ඒත් ක්ලවුන්ස්ලා කිහිප දෙනෙක් විත් පට්ට ආතල් එකක් දීලා යන්නේය.


දැන් අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කරන්නෙත් ඒ වැඩේය. පොඩි වේලාවක් නොව පැයක් පමණ... හැමදාම එයා පාර්ලිමේන්තුවම හිනස්සන්නේය. පොරගේ දකුණු අත පැත්තේ ඉන්න එකා අනෙකාය. ඌ ඊට එහා ජෝකරයෙකි.


පාර්ලිමේන්තුව තියෙන්නේ නීතී සම්පාදනයට හා රටේ දියුණුවට යෝජනා ගෙන ඒමට බව.. පක්ෂ විපක්ෂ දේශපාලුවන් සියල්ලන්ටම අද අමතක වෙලාය.... එය එකම කෝලම් මඩුවකි... මහා ප්‍රාඥයා යැයි කියන නීතී උස්තාද් අධිකරණ ඇමති... දේශපාලනයේ සරළ නීතිය හෝ දන්නේ නැතිය. 


ඊයේ උන්නැහේත් සජිත් හා එක්වී පාර්ලිමේන්තුවේ ජහුටා නටමින් ආතල් එකක් ගත්තේය... මේ පාස්කු විවාදේ දැන් ඇනුවල් ඉවෙන්ට් එකක් වෙලාය. කාදිනල් අදහන්නේ දෙවියන් වහන්සේ නොව.. සාතන් බවත් ඉතා පැහැදිලිය. මුන්ගේ ජෝක් අස්සේ... වහාබ්වාදය නැවතත් දිවයින පුරාන ව්‍යාප්ත වෙමින් යන බව බුද්ධි අංශවත් දන්නේ නැතිය.


මේ බව අතන මෙතන වඩින රතන ඊයේ පාර්මේන්තුවේ දෙසුවේය. උන්නාන්සේ කිව්වේ ඝෝඨාගේ වැරදි කොතරම් තිබුනත් කාදිනල් හා විපක්ෂයේ උන් කරන්නේ මෙය ගෝටාගේ ඇඟේ ගසා ත්‍රස්තවාදීන් බේරා ගන්නා වැඩේය කියලාය.


මුන්ගේ තලේබාන්කරණය ගැන මාතලන් ලිව්වේ 2012 තරම් ඈත කාළයේය. ඒවා ඇත්ත වූයේ 2018 පාස්කු ඉරිදාය. එතෙක් ඒවා ජාතිවාදේ අවුස්සන පල්හැළී පමණක්ම වූයේය.


එදා බෝම්බ පිපිරීම් වලක්වා නොගත්තේත්... අද තමන් වෙත එන චෝදනා වලින් බේරිමට මේ අපරාධය රාජපක්ෂලාගේ ඇඟේ ගසා බේරෙන්නට වලි කන්නේත්... ඊට සම්පූර්ණයෙන්ම වගකිව යුතු නිළධාරීන් දෙදෙනාය.


ආන්ඩුව, නීතිපති හා නීතිය කළ යුත්තේ උන් දෙදෙනා අල්ලා ජිවිතාන්තය තෙක් හිරේ දැමීමය. ඒ වෙන කවුරුවත් නොව වළං ශානී හා රවී සෙනෙවිරත්නය. අද අලුත් තිර රචනා ලියා දෙමින් මේ රටම නොමඟ යවන්නේ මුන් දෙදෙනාය. උන් කියනා පරිදි මහ මොළකරු සලේ නම්, පරීක්ෂණයක් හා නඩුවක් අසා මෙය ඉවරයක් කළ යුතුව ඇත්තේ.... ඔවුන් සියල්ලෝම මීට වගකිව යුතු අය නිසාමය. 


එවන් පරීක්ෂණයකදි මහමොළකාරයා පමණක් නොව කුඩා මොලකාරයෝද රාශියක් එලියට එනු ඇත්තේය. සියල්ල අනිවාර්යයෙන් හෙළිවන බව නොඅනුමානය... එහෙත් සිඳු නොවන්නේත් එයමය. සියල්ලෝ මෙය ඇනුවල් කානිවල් එකක් කර ගනිමින් ආතල් හා මුදල් ගරමින් සිරුන්නේය. මෙහිදි මිය ගියේ කතෝලිකයින් පමණක් නොවෙය. හෝටල්වල විදේශිකයින් රාශියක්ද ඝාතනයට ලක්විය. ඒ බව සියල්ලන්ට දැන් අමතකය.


 සියල්ලටම පෙර මෙවන් හාල්පාරු නිළධාරීන් පිරි, CID ය හෙවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන යමක් කිව යුතුය. මෙය අන්ත දූෂිත ආයතනයක් බව අද ඔප්පු වී හමාරය. අවංක STF නිලධාරියා නොසිටින්නට අද හරක් කටා ඉන්නේ ඩුබායි රාජ්‍යයේය. 


උගේ එක කෝල් එකකට  වළං හෝදන හාල්පාරුවන්ට රුපියල් 150,000/= ක් ගෙවා ඇත. හරක්කටා හා කුඩු සළිඳු දැන් උන්ගේ බිස්නස් එක කරන්නේ අපරාධ පරීක්ෂණ මූලස්ථානයේ සිටය. 8 වතාවක් ඒ බව මාට්ටු වුවද මේ වන තෙක් ඒ පිළිබඳ කිසිඳු පරීක්ෂණයක් නිළධාරීන් විසින් සිඳුකර ඇත්තේ නැතිය. 


මේ පාතාල නායකයින් දෙදෙනා වළං හෝදන ආයතනයේ මූලස්ථානය වෙත ගෙනා අවස්ථාවේ කීර්තිමත් පොලිස් නිලධාරියකු වන රංගජීව ඔහුගේ බුකියේ අපූරූ සටහනක් දැම්මේය. ඒ මෙසේය...


//------මෙන්න තවත් විටමින් ෆයිල් දෙකක්------


නිළධාරින් මහතුන්ට ,NGO  මහටුන්‍ට,ලෝයර් අන්කල් ලා හා ඒ අය ගේ දරුවන්ට සිතු පැතු සම්පත් ලබා දෙන......මුලු ජිවත කාළයම පුරා සැප බල ,විර්යය වඩවන ...විටමින් ෆයිල් දෙක Vitamins file  ඔන්න ලංකාවට ආවා ....

එක්කෝ ඔන්නෑ ඔවා කියලා ...

අපේ රට අපිට නැති වෙලා තියෙන්නේ ...//


වළං කඩේ ගැන මෙන්ම අනෙකුත් සියලු ආයතනයන් ගැන පොලීසියෙම උන් දෙන කැරැක්ටරේ මේක නම්..... අප තව මක්කා කියන්නද?


එවන් අන්ත දූෂීත ආයතනයක හිටපු ලොක්කෙක් වෙන රවී සෙනෙවිරත්නත් දැන් කියන්නේ අමු බයිලා බව TNL ජනහඬේදී පැහැදිලිව ඔප්පු විය. ඔහු ජනහඬේ තවුසන්ඩ් ටෝක් දීමට පැමිණියද, පාස්කු ප්‍රහාරය පමණක් නොව, සහරාන් මෙන්ම එම සංවිධානය පිලිබඳවත්, අයිසිස් ගැනවත්, ජිහාඩිසම් හා වහාබ්වාදය ගැනවත් මෙලෝ අලබෝලයක් නොදන්නෙක් බව එහිදි ඉතා පැහැදිලි විය. 


අනෙක් ප්‍රධානම කරුණ නම්, පොරගේ ප්‍රකාෂයන් එකිනෙකට පරස්පර වීම හා පට්ටපල් බොරු විදීමය. ඒවා කීපයක් මෙසේය.


🔴▪️පොර කියන්නේ පාස්කු ප්‍රහාරය සිදුවූ විගසම පත්කල මලල්ගොඩ කොමිසම හා එහි නිර්දේශ පිලිගත හැකි ඒවා බවය. 


--- එහෙත් දැන් පොර පිලිගන්නේ චැනල් ෆෝ වීඩියෝවය. මලල්ගොඩ කොමිසම මෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවද පත් කෙරෙනුයේ පරීක්ෂණ හා අත් අඩංගුවට ගැනීම් මෙන්ම FBI, ඉන්ටර්පෝල්, ස්කොට්ලන්ඩ් යාඩ්, ඔස්ට්‍රේලීයානූ ෆෙඩරල් පොලීසිය මෙන්ම මාලදිවයින් බුද්ධි අංශ පරීක්ෂණ පවත්වමින් සිටියදීය.


🔴▪️මේ පරීක්ෂණ කොමිසම් තුනෙන්ම තම ආයතනයට හෝ නිළාධාරීන්ට කිසිම චෝදනාවක් එල්ල නොවූ බව ඔහු කියා සිටි.


--- එහෙත් හමුදා බුද්ධි අංශ වලට මෙන්ම රාජ්‍ය බුද්ධි අංශයටද එහි නිළධාරීන්ටද කිසිඳු චෝදනාවක් එල්ල නොවූ බව ඔහු කියන්නේ නැතිය.


🔴▪️ඉන්ටර්පෝල් ආයතනයේ ලොක්කා දහසක් වැඩ රාජකාරී මධ්‍යයේ මෙරටට පැමිණ ජනපතිවරයා මෙන්ම අගමැතිවරයාද මුණ ගැසී, පරීක්ෂණ හා අත් අඩංගුවට ගැනීම් ගැන ප්‍රශංසා කොට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටම පැමිණ, එහි නිලධාරීන් වෙන වෙනම මුණගැසී ඔවුන්ටද ප්‍රසංසා කොට, විමර්ශන ගැන ඔහු ඉතා සතුටු වන බවත්, ඉතාමත් දක්ෂ අයුරින් විමර්ෂනයන් සිඳුකොට ඇති බවත් ලිඛිතවම ලබා දුන් බවත් කියා සිටී.


--- එහෙත් දැන් ඔහුට ඉන්ටපෝල් ලොක්කා හාල්පාරුවකු වී ඇති අතර දැන් පොරගේ වීරයා වී ඇත්තේ චැනල් ෆෝ වීඩියෝවේ අසාද් මවුලානාය. 


🔴▪️එමෙන්ම ජනාධිපති කොමිසමේ සාක්කි දෙමින් මේ සියල්ලට මුදල් වියදම් කළේ ඊබ්‍රාහීම් නානා බවත් මෙම කණ්ඩායමේ නායකයා සහරාන් බවත් කී බුවාට,


--- අද ඒ සියල්ල අමතකව ගොස් ඇතිවා පමණක් නොව, කිසිම පරීක්ෂණයකදි මරාගෙන මැරෙණ බෝම්බ කරුවන් තිදෙනෙක්ම අයිසිස් වෙත පූජාකළ, ඉබ්‍රහිම් නානා හා ඔවුන්ගේ භූමිකාව ගැන ප්‍රශ්ණ නොකරන්නේ, එහි කෙලවර නවතින්නේ රිෂාඩ් බදූර්දීන්ගෙන් නිසාය. එනිසාම. මෙවර ජාතික ජනබලවේගයේ අපේක්ෂක ලැයිස්තුවට එන්න සිටින නිසා එහෙම කරන්නට බැරිය.


🔴▪️දෙහිවල බෝම්බ කරුගේ බිර්‍රිඳගේ නිවසට හමුදා බුද්ධි අංශ යෑම මේ ෂර්ලක් හෝම්ස්ට මාර ගැටලුවක් වනතර,


--- අනෙකුත් මරාගෙන මැරෙන බොම්බ කරුවන්ගේ ඥාතීන්ගේ නිවෙස්වලට පවා හමුදා බුද්ධි අංශ, රාජ්‍ය බුද්ධි අංශ මෙන්ම, සියල්ලෝම සජීවීව නැරඹූ, ඊබ්‍රාහිම් නානාගේ නිවසට සියළුම ආරක්ෂක අංශ වහ වහාම ගිය එක, බුවාට ප්‍රශ්ණයක් වන්නේ නැතිවාක් මෙන්ම. මේ කිසිඳු අංශයක්, එහි තවත් මරාගෙන මැරෙන බෝම්බකාරියක සිටිනා බව නොදැනීමට විලි ලැජ්ජා සහගත කරුණකිය.


🔴▪️වළං සෝදන ලොක්කන් වන තමන් හා වළං ශානී ඉවත් වීමෙන් පසු අත් අඩංගුවට පත් වූ අය අහිංසකයින් බවට සහතිකයක් ලබා දෙයි.


--- එහෙත් මේ ටෑන්ක් ක්ලීනර් නොදන්නා දෙය නම්, එසේ අත් අඩංගුවට ගෙන නිදහස් කළ නීතීඥයකුගේ ඉස්ලාම් සංවිධානයේ භාණ්ඩාගාරික ඇතුලු තුන් දෙනෙක්ම මරාගෙන මැරෙන බෝම්බකරුවෝ බවය.


🔴▪️මේ තරම් වැදගත් සිද්දියක තොරතුරු ඔහුට මතක නැත. ඔහු කියන්නේ වව්නතිව් ප්‍රහාරයට පසු දිනම ඔහු පොලිපති ජයසුන්දර හා මඩකලපුවට යන මොහොතේත් ltte සැකකරු අජන්තන් ඒ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි බවයි. එ ඊට දින කිහිපයකට පෙර මහවිරු සැමරුමක් වෙනුවෙන් පොලීසිය හා ගේම ඉල්ලා තිබූ නිසාය.


- එහෙත් එකවරම ශානී විසින් නිර්මාණය කරන ලද ජැකට් කතාව මතක් වී..පසුව ඒ ගැන කියන්නට ගොස් පිට පොට පටලවාගෙන නවත්වන්නේ, පූරකයා මේ පිළිබඳ මෙලෝ අලබෝලයක් නොදන්නා කමේ පිහිටෙනි.


🔴▪️ මුලින් කියන්නේ ලැක්ටෝ වත්තෙන් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4000 ක් හා ඩෙටනේටර් 500 ක් සොයාගත් බවට අමු කෙප්පයකි.


--- එහෙත් මේ පිළිබඳව දැණුම්වත්ව වුන් පූරකයා කරන්නේ, බ්‍රේක් එකකට යාමය. ඒ එයාලත් වළං ශානිට කඩේ ගියාට වැදගත් විදියට යන්න ඕනා නිසාය. එබැවින් බ්‍රේක් එකෙන් පසු මුලින්ම කරන්නේ වරද නිවැරදි කිරීමය.


🔴▪️තවත් කෙප්පයක් ඇද බාමින් කියන්නේ, විදෙස් බුද්ධි අංශ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නොපැවැත්වූ බවත්, කළේ තාක්ෂණ සහාය ලබා දීම බවත්‍ය.


--- මෙයද අමූලික බොරුවකි. මෙරටට පැමිණි විදෙස් බුද්ධි අංශ මේ හාල්පාරුවෝ මෙන් සල්ලි වලට ෆයිල් වසා දමා වැල් බයිලා ගහනා උන් නොවේ. ඔවුන් මේ පිළිබඳව දිගටම පරීක්ෂණ හා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින්නෝය.


▪️වසර දෙකක් තිස්සේ කරන ලඳ පරීක්ෂණවලින් අනතුරුව ඇමරිකානූ පුරවැසියන් 5 දෙනෙකුගේ ඝාතන සම්බන්ධයෙන් මෙරට අත් අඩංගුවේ පසුවන පහත සඳහන් ත්‍රස්තවාදී සැකකරුවන්ට එදිරිව, අපරාධ චෝදනා 9 ක් යටතේ නීතී කෘත්‍යයන් ආරම්බ කර ඇත.


1. මොහොමඩ් ඉබ්‍රහිම් මොහොමඩ් නවුෆර්

2. මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කා

3. හයාතු මොහොමඩ් අහමඩ් මිල්හාන්


▪️ඔස්ට්‍ර්‍රේලීයානූ ෆෙඩරල් පොලීසිය (AFP) මගින් ලාංකික සම්බවයක් සහිත තුන් දෙනෙක් සම්බන්ධයෙන් අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව කරන පරීක්ෂණ තවමත් කෙරෙමින් පවතිනාතර, එම තිදෙනාගේ මෙරට දේපල හා වත්කම් සියල්ල රාජසන්තක කොට අවසානය.


▪️මාලදිවයිනද ප්‍රහාරය හා සම්බන්ධ මාලදිවයින් වැසියන් පිරිසකට විරුද්ධව එරට නීතිනය ක්‍රියාමාර්ග ආරම්බ කොට ඇති අතර, පරීක්ෂණයන්ද තවමත් සිදු වෙමින් පවති.


🔴▪️එවකට රාජ්‍ය බුද්ධි අංශයේ ලොක්කා ලෙස උන්  නිලන්ත ජයවර්ධන පරීක්ෂණ සඳහා උපරිම සහාය ලබා දුන් බව ඔහු කියයි.


--- එහෙත් ඒ අතරේ සොනික් සොනික් ප්‍රශ්ණ කිරීමට ඉඩ නොදුන් බව පවසයි. සොනික් සොනික් නොහොත් IP බණ්ඩාර මෙන්ම  නිලන්තද රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් නිලධාරින් වන අතර, හමුදා නිලධාරීන් නොවේ. 


🔴 සහරාන්ලා ප්‍රහාරය සම්බන්ධයෙන් කළ වීඩියෝව පටිගත කළ ස්පෑන් ටවර් එකේ DVR එකේ සියලු දත්ත මකා දැමුවේ කව්ද? ඒ පිළිබඳ වචනයක් හෝ කතා කිරීමට පූරකයාට මෙන්ම වළං සෝදන්නාට අමතක වීම අපට නම් ඉතා ලොල් සහගතය.


🔴 මේ පිළිබඳ අධ්‍යයනය කිරීමේදී මාතලන්ට වැටහෙන දෙය නම් සිරිසේන ඇතුලු උසාවියෙන් දඩ කෑ ආරක්ෂක ලේකමා ඇතුලු පොලිස් නිලධාරීන්ට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහ එකා මෙන්ම පරීක්ෂණ බාර ව උන් වළං සෝදන්නාද, රාජ්‍ය හා හමුදා බුද්ධි අංශවල ලොක්කන්ද මීට එක ලෙසම වරද කරුවන් බවය.


🔴 සුරේෂ් සලේ මෙන්ම රාජපක්ෂලාද, රනිල් මෙන්ම අනුර කුමාරලාද ඊට සම්බන්ධ නම් ඔවුන්ටද නිසි දඬුවම් ලබා දිය යුතුය.


🔴 සිඳු වී ඇත්තේ එකිනෙකාගේ දේශපාලන ගැතිකම්, ඊගෝ හා මාන්නය හෙතුවෙන් ඉතා පහසුවෙන් අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදී චෝදනා යටතේ මරණ දඬුවම ලබා දිය හැකිව තිබූ ත්‍රස්තවාදීන් පිරිසකට රඟන්නට දී වරද එක එකා පිට් පටවා ආතල් ගැනීමටය.


🔴 ශානි විසින් ලැක්ටෝ වත්තට පැමිණ සිටි හමුදා බුද්ධි  අංශ එලවා දමා පැත්ත පලාතේ එන්න එපා කියා සියල්ල තම අතට ගන්නේ ඒ අනුවය.


🔴 සහරාන්ගේ බිරිඳ පසුපස පැන්නුවා නම්, සහරාන් පහසුවෙන්ම අත් අඩංගුවට ගත හැකිව තිබූ බව දැන් බොව්හෝ පැහැදිලිය.


🔴 එහෙත් බෝම්බ පුපුරණ තෙක් වළං සෝදන කණ්ඩායාම වෙන කිසිම දෙයක් සොට්යා නොගත් බව වළං සෝදන එකාගේ අමුඩය සෝදන්න ආ එකා පිලිගත්තේය.


🔴 එහෙත් හමුදා බුද්ධි අංශය මෙන්ම රාජ්‍ය බුද්ධි අංශයද වළං කඩේට ඉන් අනතුරුවද තොරතුරු ලබා දී ඇති බව දැන් වාර්ථා වේ.


🔴 ඇත්ත කතාව... ගහනවා කිව්වාට මෙහෙම ගහයි කියා මේ එකෙක්වත්  හිතුවේ නැතිය. හැබයි ගහනා බව දේශ්පාලුවන් පාදිලියන් මෙන්ම VVIP 1500 ක් දැන උන් බව පසුව හෙලිවුනේය. ඒ නිසා දේශපාලුවෝ නිළධාරියෝ මෙන්ම පාදිලියෝද එකෙක්වත් මිය ගියේ නැතිය.


😭 ඒ වෙනුවට දෙස් විදෙස් අහිංසකයින් 250 ක් සහරාන්ලා හා ස්වර්ගයට ගියේය. තවත් පිරිසක් සදාකාලික අබ්බගාතයෝ විය. 


මෙය ඛේදවාචකයක් වන්නේ එසේ මිය ගිය හා තුවාල ලැබූ අයගේ ඥාතී හිතමිත්‍රාන්දීන්ට පමණි අනෙක් උන්ට මෙය එදා මෙන්ම අදටත් වාර්ශිකව ඩොලර් උපයන කානිවල් ආතල් එකක් පමණි.


ඒ වගත් මෙසේය..


💀 රවී සෙනෙවිරත්නද ශානිගේ තිරපිටපත අනුව රඟන රූකඩයක් බව මෙහි ඇති එකිනෙකට පරස්පර ප්‍රකාෂ දෙක (ඡායාරූප) අවබෝධ කර ගන්න.


.

29 comments:

  1. මුන්ගේ ජෝක් අස්සේ... වහාබ්වාදය නැවතත් දිවයින පුරාන ව්‍යාප්ත වෙමින් යන බව බුද්ධි අංශවත් දන්නේ නැතිය.

    අයියයියෝ මාතලන මාතියා ඔහේට පිෂ්ෂුද අප්පා. අපිලා කඩු වලින් තණකොළ තමා කපනවා...වියාප්ත වෙන්න දෙන්නෑ තමා... තණකොළ වියාප්ත වුනාම නයා තමා රිංගනවා...

    ReplyDelete
  2. මාතලන්...ලිපිය ඉතා හොද ගවේශණයක් ඇතුව ලියලා තියෙනවා. නමුත් මෙතැන සහරාන්ලගේ අන්තවාදය පාවිච්චි කරපු කට්ටියක් හිටියා කියන එක ප්‍රතික්ශේප කරන්න තරම් සාධක නෑ... හැම අංශයකම ආරක්ශක හිල් තිබුනු බව පැහැදිලියි.

    ගෝඨාට මාකට් කරන්න තිබ්බ ප්‍රධාන තුරුම්පුවක් උනේ , රාජ්‍ය ආරක්ශාව ගැන යහපාලන ආන්ඩුවේ නොසැලිකිමත් කම. ඒක මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න සහරාන්ලව පාලනය කලා කියන එක සාධාරණ සැකයක්.

    දඩයම කරේ තියන් යන එක්කෙනා දැක්කම තුවක්කුව බැදපු එකා හිතා ගන්න පූලුවන්

    ReplyDelete
    Replies
    1. @ මයියා,

      ඔබේ කමෙන්ට් එකේ පළමු ඡේදය සමග එකඟයි, නමුත් 2014 ජනාධිපතිවරණෙදි මහින්ද රාජපක්ෂට විරුද්ධව සහරාන්ලා ප්‍රසිද්ධියේ නැගෙනහිර පලාතේ දේශපාලනේ කල බව යහපාලනේ කාලෙ දාපු පාස්කු කොමිසමිනුත් සාධක සහිතව හෙලි වුනා. ඒ වගේම පසුගිය යහපාලන ආණ්ඩුව පැවති සණයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ එජාප ආරක්ෂක ඇමති තිලක් මාරපන හරසා පොලීසිය පාලනය වුණ 2017 ඉඳන් සහරාන්ලාන් ලට විරුද්ධව විවිධ ඉස්ලාම් ආගම අදහන මැදහත් අයගේ පැමිණිලි රාශියක් ලැබිලා තිබෙද්දිත් ඒ ගැන පියවර නොගත්තේ අනුරකුමාර දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානියා වෙලා ඉඳපු යහපාලන රජය යටතේමයි. ඒ වගේම 100 වතාවක් විතර පෙර දැනුම් දීම් කර තියෙද්දිත් පාස්කු ප්‍රහාරෙ වලක්ව ගන්න අසමත් වුනත් ජවිපෙත් මුල් වෙලා බලයට ගෙනාපු යහපාලන රජයමයි, එවකට විපක්ෂ දේශපාලනය කරපු නන්දසේනලට ඒ කාලේ ඔය වගේ බරපතල දෙයක් කරන්න හැකියාව තිබුණා නම් 2022 හරම 20-30,000 විපක්ෂ කොල්ලෝ ටිකක් නිලනිවස ඇවිත් වට කරාම ගූ බයේ පැනල යන්න තරම් බය නොවී ඔය වගේම ගේමක් දීල අරගලයත් පරාජය කිරීමට තිබුණා නේද?

      පාස්කු ප්‍රහාරය නිසැකවම ලංකාවේ ආරක්ෂක අංශවලට වඩා බලවත් විදේශ බුද්ධි අංශ වලින් ක්‍රියාත්මක කරපු එකක් වීමට ඇති ඉඩකඩ 95% ක් විතර කියලයි පේන්නේ විශේෂයෙන්ම පාකිස්තානය වගේ රටවල අභ්‍යන්ත්‍රයේ ඇතැම් ආගමික අන්තවාදී ත්‍රස්‌තවාදී කණ්ඩායම් මෙහෙයවලා එරට රජයට ආරක්ෂක අංශවලට එරෙහිව ප්‍රහාර එල්ල කරන්නේ කවුද කියල හොයල බලන්න.

      ඒ වගේම ඕනෑම වෙලාවක විපක්ෂ බලවේග මාකට් කරන්නේ පවතින ආණ්ඩුවේ දුර්වල දේවල් තමයි

      උදාහරණ විදිහට වත්මන් රජයේ දූෂණ ගැන, පෞද්ගලීකරණය, බදු වැඩිකිරීම, රනිල් ඇතුලු පිරිසගේ වයස වගේ දේවල්

      මේ තර්කය ගැන නම් මම එක් වෙන්නේ නැත

      //දඩයම කරේ තියන් යන එක්කෙනා දැක්කම තුවක්කුව බැදපු එකා හිතා ගන්න පූලුවන්//

      මේ තර්කය අනුව මේ වනවිට දඩයම කරේ තියාගෙන යන්නේ ජවිපෙ ජාතික ජන බලවේගය නිසාත් පාස්කු ප්‍රහාරය එල්ල කරපු සහෝදරයින්ගේ පියා වූ ඊබ්‍රාහිම් ජවිපෙට විශාල ලෙස මුදලින් ආධාර කළ සහ ජවිපෙ පාර්ලිමේන්තුවට යන්නට ජාතික ලයිස්තුවේ සිටි කෙනෙක් නිසාත් ඔහුගේ නිවසේ බෝම්බ පිපිරෙන විට ඔහු හමුදාවට තව පිපිරෙයි කියලා කියපු නීසාත් මේක මාලිමාව විසින්ම කරවපු එකක් කියන මතය අපට පිළිගත හැකිද?

      Delete
  3. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න. 😃😃😃😃

    ReplyDelete
  4. අංජලී ලක්ශ දෙකක් නෙවෙයි පහක් ගත්තත් ප්‍රශ්නයක් නෑ එයාගේ සිංදු විතරක් කියනවානම්.

    රියලටි වලින් ඇවිත් තමන්ගේම නමක් හදා ගත්ත ශෙහාන් අද ලක්ශ 10 ගන්නවා. ශෙහාන්ට තියෙන ඉල්ලීම කලමනාකරණය කර ගන්න සමහරවිට ලක්ශ25 කරන්න වේවී ඉස්සරහට

    ඒක ප්‍රශ්නයක් නෙහෙ මට නම්.

    ඒ නොවේ කතාව. 👇🏾👇🏾

    පදවිය පැත්තේ ගමක ගුණදාස කපුගේ සහභාගි වුණු සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා.

    ප්‍රසංගය අවසන් වී පැමිණි ශිල්පීන්ට ගෙවීම් කටයුතු කිරීමේදී කිසියම් මුදල් හිඟයක් ඇති වී ඒ ගැන කසු කුසුවක් ඇතිවුනා.. කපුගේ එතැනට ගියා.

    “මොකද්ද ප්‍රශ්නෙ..?“ කපුගේ අහනවා.

    “නෑ සර්. මෙතැන සර්ගෙ සල්ලි තියෙනවා. සවුන්ඩ්ස් වලටයි වාදක මණ්ඩලටයි තමයි ටිකක් අඩු.“
    ප්‍රසංගය සංවිධානය කළ පුද්ගලයා හෙමිහිට කපුගේට කියනවා.

    “හරි දැන් ඔය තියෙන සල්ලි වලින් ඒ ගණුදෙනුව පියවන්න පුළුවන් ද..?“ කපුගේ අහනවා.

    “ඔව් සර්. ඒත් එතකොට සර්ට ගෙවන්න අමාරු වෙනවා.“ සංවිධායක ආයෙත් කිව්වා.

    “ඒකට කමක් නෑ. වාදක මණ්ඩලයටයි සවුන්ඩ්ස්වලටයි ගෙවලා, ඒක දැන් ඉවරයක් කරන්න.“ කපුගේ කියනවා.

    “එහෙමනම් සර් මට හෙට දවස දෙන්න. දවල් දොළහට කලින් මම රජරට සේවයට ඇවිත් සර්ගෙ සල්ලි බේරන්නම්“
    සංවිධායකතුමා බොහොම යටහත්ව කියනවා.

    කපුගේ නිශ්ශබ්දව එතැනින් නික්මුනා. පසුව ඔහුට ඇරෙන්න අනෙක් අයගේ ගණුදෙනු බේරනවා. කපුගේ රාත්‍රියේම වාහනයෙන් අනුරාධපුරයට එනවා.

    පහුවෙනිදා උදේ කපුගේ කාර්යාලයේ තමන්ගේ කාමරේ ස්වර ප්‍රස්ථාර වගයක් ලියමින් ඉන්නවා. දවල් දොළහට විතර දෙන්නෙක් ඔහුව හමුවන්න කාර්යාලයට ඇවිත් කපුගේ ඉන්න කාමරයට ආවා.
    කපුගේ ලියමින් සිටි ස්වර ප්‍රස්ථාර කොලයෙන් දෑස් මෑත්කොට හිස එසෙව්වා.

    “එන්න ඇතුළට“ කපුගේ පුටුවෙ හරිබරි ගැහුණා.

    ප්‍රසංග සංවිධානය කළ අමරසිංහයි තවත් කෙනෙකුයි ඇවිත්.

    “සර් පරක්කු වුණාට සමාවෙන්න. සර්ගෙ සල්ලි දීලායන්න ආවේ.“ සංවිධායකතුමා බොහොම හිමිහිට කියනවා.

    කපුගේ කිසිවක් නොකියා හිනාවුණා. උඩ සාක්කුවෙන් එළියට ගත් මුදල් නෝට්ටු කිහිපයක් ඔහු දෝතින්ම කපුගේට දෙනවා.
    කපුගේ එම මුදල් මේසය මත තියෙනවා. ඔහුගේ නෙත් යොමුවී තිබුණේ මුදල් නෝට්ටු දෙස නොවේ. සවිධායක අමරසිංහ මුදල් සාක්කුවෙන් එළියට අදින විට ඒ සමඟ එළියට ආ කඩදාසිය වෙතයි. එම කඩදාසිය කඩිනමින් ආපසු සාක්කුවටම දාගන්න අයුරුත් කපුගේ දැක්කා.

    “කොහෙන්ද හදිසියේ අද උදේම සල්ලි හොයා ගත්තේ..?“
    කපුගේ අහනවා.

    අමරසිංහ කිසිවක් නොකියා තම මිතුරා දෙස බලනවා. මිතුරා බිම බලා ගත්තා.!

    “කොහොමද සල්ලි හොයා ගත්තේ..?“ කපුගේ නැවත අහනවා.

    අමරසිංහ වෙනුවට මිතුරා උත්තර දෙනවා.
    “නෑ සර්. අපි උදේම බැංකුවට ඇවිත් පොඩි බඩුවක් උකස් තියලා සල්ලි ගත්තා. ප්‍රශ්නයක් නෑ සර්.“ මිතුරා සෙමින් උත්තර දෙනවා.

    “කෝ ඔය සාක්කුවෙ දාගත්ත රිසිට් එක මෙහාට දෙන්න.“
    කපුගේ අත දිගු කරනවා.
    අමරසිංහ යමක් කියන්න උත්සාහ කරනවා.

    ඒත් ඊට කලින් කපුගේ ආපහු කතා කරනවා.
    “ඕක මෙහාට දෙන්න“ කපුගේ අත දිගුකර ගත්ත ගමන්. අකමැත්තෙන් වුණත් අමරසිංහ රසිට්පත කපුගේගෙ අතේ තබනවා. ඔහු එය දිගහැර බලනවා.

    “වළල්ලක්නෙ තියලා තියෙන්නෙ. කාගෙද වළල්ල..?“ කපුගේ අහනවා.

    “ලොකු දුවගෙ වළල්ල සර්. ප්‍රශ්නයක් නෑ. ලබන මාසේ ගොයම් කැපුවාම ඒක බේරගන්න පුළුවන්. රත්තරන් බඩු තියෙන්නෙ මේ වගේ හදිසියකට බැංකුවට තියන්නනෙ සර්.“
    අමරසිංහ කියනවා.

    “වළලු තියෙන්නෙ බැංකුවල තියෙන්න නොවෙයි මනුස්සයො, අතේ දාන්න. “ මේසෙ උඩ තියෙන මේ මුදල් ටිකයි බැංකු රිසිට් පතයි අමරසිංහ දිහාට අතින් තල්ලු කරන ගමන් කපුගේ කියනවා.

    “නෑ සර් කමක් නෑ. මේ සල්ලි සර්ට ගෙවන්න තියෙන සල්ලි. ගොයම් කැපුවාම වළල්ල බේරගන්නම් සර්.“ අමරසිංහ නැවත කියනවා.

    “දැන්ම ආපහු ගිහින් මේ සල්ලි බැංකුවට බැඳලා වළල්ල අරන් ගිහින් දුවගෙ අතේ දානවා. ගොයම් කැපුවාම මට සල්ලි ගෙනත් දෙන්න.“. එහෙම කිව්ව කපුගේ නැවත ස්වර ප්‍රස්ථාර කොළ අතට අරන් මොනව දෝ ලියනවා.

    “සර්...“ අමරසිංහ නැවත මොනව දෝ කියන්න උත්සාහ කරනවා.

    “හරි හරි දැන් ගිහින් මම කිව්ව දේ කරන්න. මට වැඩ තියෙනවා. දැන්ම යන්න බැංකුව වහන්න කලින්.“
    කපුගේ ප්‍රස්ථාර කොළ දිහා බලාගෙන එහෙම කියනවා.

    මුදල් නෝට්ටු කිහිපයත් බැංකු උකස් රිසිට් පතත් අතේ ගුලි කර ගත්ත අමරසිංහ මිතුරාත් එක්ක කාමරයෙන් පිට වෙනවා.

    “මේ වගේ මිනිස්සු රටේ ඉන්නවද..?" මිතුරා අමරසිංහගෙන් අහනවා. ඒකට අමරසිංහ උත්තර දුන්නෙ නෑ..!

    ඔහුගේ පපුවට ලොකු බරක් දැනුණා.
    ඒ බර, මේ සටහන කියවන ඔබටත් දැනෙයි. ඒක පුදුමයක් නෙවෙයි. 😐

    "සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන

    සුනිල දිය දහර වෙමු එකම ගඟකට ගලන "

    ReplyDelete
  5. උමා ඔය වෙලාවට විවෘත වෙලා,
    සාම්පූර් වෙලාවට හැදිලා,
    නොරොච්චෝලේ ඊළග පේස් එකත් හැදුනා නම්, ලංකාවට සමහර වෙලාවට හදිසි අවස්ථාවක තමිල්නාඩුවට කරන්ට් දෙන්න තරමට කැපෑසිටි තිබුණා. 2030 වෙනකම් ලංකාවට විදුලි අතිරික්තයක් තියෙනවා.

    චීන ණය චී ණය ගගා බොරු බිල්ලො හැදුවට ඉරානෙන් පවා රටට වැඩක් කරගත්තා. මේ අහමඩිනේජාඩ් මහින්ද රාජපක්ෂගේ පුද්ගලික මිත්‍රකමකුත් තිබුණ ඒ දවස්වල

    ඒ අතින් බැලුවම මහින්ද රාජපක්ෂගේ දැක්ම, ෆොරීන් පොලිසි, P.R නෙක්ස්ට් ලෙවෙල්.

    ReplyDelete
  6. කාදිනල් නටන පිස්සුව නිසා ඇත්ත ප්‍රශ්නෙ යට යන එක වෙන්නෙ.

    ReplyDelete
  7. පහුගිය දවස්වල විඩියෝ එකක් ශෙයා උනා, මද්‍රසා පාසලක් සමග තියෙන පල්ලියක් ගැන. ඒක තියෙනවා කිව්වේ බොරැල්ලේ . ආගමික සහජීවනය කියලා ක්‍රිස්තියානි කණ්ඩායමක් (ෆාදර්ලා , සිස්ටස්ලා සමග) එක්ක එහි වැඩමුළුවක් කරලා. එතනදි කියනවා මද්‍රසා පාසල් කියලා බොරුවට බය කරාට ඇත්තටම එහෙම නරක දේවල් උගන්නන්නේ නැහැ කියලා . ඕන කෙනෙකුට ඒක බලන්න එන්න පුලුවන් කියලා . නිහඩව එයාලා එයාලගේ ගමන යනවා.

    ReplyDelete
  8. ඔවු ඒක ඇත්ත තමයි මාතේ ලංකාවේ ඉන්න උඹ ඔය කියන ජාතියේ කුර සහිත ජීවින් දන්නේ නෑ මූස්ලිම් අන්තවාදය ලෝකය පුරාම මෙහෙම ස්වයං ඝාතක බෝම්බ ප්‍රහාර දියත් කරනවා කියලා. මේක ආගමික අන්තවාදයේ ප්‍රහාරයක්. හැබැයි ඒකට ලංකාවේ මේ දවස්වල අපකීර්තියට පත්ව සිටින දේශපාලුවන්දේ පටලවලා ඒක දේශපාලනය සම්බන්ධ එකක් මිසක වෙන මොනවත්කි නෙවේ කියල බොරු මතවාදයක් හදලා ලස්සනට ආගමික අන්තවාදියෝ ටික මාරු උනා.

    ReplyDelete
  9. තාවකාලිකව නවතා තිබූ "පාස්කු ප්‍රහාරය" ටෙලිඩ්‍රාමා එක නැවත ආරම්භ කළ බව ප්‍රේක්ෂක ඔබට සතුටින් දැනුම්දෙමු 😂 මේකත් හරියට නිකන් ඉස්සර තාජුඩීන් ඡන්ද කාලෙට වලෙන් ගොඩගන්නවා වගේ නේද?

    ReplyDelete
    Replies
    1. කකුළුවා නටනවාලු හැලියෙ වතුර රත් වෙනකම්.. නටන ගමන් තස්ලිමා නස්‍රීන් ගෙ ලජ්ජා කියවන්න.

      Delete
  10. පාස්කු ප්‍රහාරෙ වුනේ 2019 දී. නමුත් ඊට වසර ගණනාවකට පෙර ඉඳන් නැගෙනහිර පලාතේ සහරාන්ලා ප්‍රසිද්ධියේ දේශපාලනේ කලා රාජපක්ෂලාට විරුද්ධව. 2014 ජනාධිපතිවරනෙදිත් අනුරකුමාර ඇතුලු ජවිපේ වගේම සහරානුත් ප්‍රසිද්ධියේ කඩේ ගියේ මෛත්‍රිපාල සිරිසේන දිනවන්න.

    පාස්කු ප්‍රහාරෙදි මරාගෙන මැරුනු ත්‍රස්තවාදියො දෙදෙනෙක් ඊබ්‍රහීම්ගෙ ගෙදරම ඉඳපු ඔහුගෙ පුතාලා. ඊබ්‍රහීම් 2015 දී NPP / JVP ජාතික ලැයිස්තුවේ හිටියා පමණක් නෙමෙයි, යහපාලනේ කාලෙත් ඊබ්‍රහීම් ජවිපේ ප්‍රබල හිතවතෙක්. යහපාලනේ කාලේ දේශපාලන සබඳතාත් භාවිත කරලා නීති විරෝධී ලෙස වියට්නාමයේ බාල ගම්මිරිස් වැනි ලාබ කුලුබඩු ලංකාවේ ඒවා කියලා කවලං කරලා ප්‍රති අපනයනය කරමින් (ඒක හොර කුලු බඩු වෙලදාමක්) කෝටි ගණන් ලාබ ලබන අතරේ ජේවීපී එකේ පක්ෂ අරමුදලත් තර කරන්න කටයුතු කරපු කෙනෙක් ඊබ්‍රහීම් කියන්නේ. ඒ කාලෙ තමයි ඊබ්‍රහීම්ගේ පුතාල දෙදෙනා ඇතුලු පිරිස ISIS පුහුණුවක් ලබා ත්‍රස්තවාදියො වුනේ

    පාස්කු ප්‍රහාරෙන් පස්සේ එදාම ඊබ්‍රහීම්ගෙ ගෙදරත් බෝම්බ පිපිරිලා ඔහු රජයේ ආරක්ෂක අංශ වලින් කුදලගෙන යද්දී ඔහු බය නැතුව TV කැමරා ඉස්සරහ කිව්වා ‘මාව අරගෙන යන්නේ ලාගෙනයි තව පිපිරෙන්න තියෙනවා’ කියලා. ඊට පස්සෙත් ජේවීපී නායකයො පාර්ලිමේන්තුවේදී ඊබ්‍රහීම් ආරක්ෂා කරන්න දැඟලුවා. දැන් පාස්කු ප්‍රහාරේ වගකීම වෙන අය පිට පටවලා මාලිමා (JVP) නායකයො බබාල වෙන්න හදනවා

    ReplyDelete
  11. පුබාකරන් මිනිසුන් මරනකො පල්ලියේ කාදිනල්සහ පාදර්ල තමයි උදවිකරේ හාමුදුරැවෝ කපල.කොටල මරනකොට ජයසිරි බෝහාමුදුරැවන්ට දළදාමාලිගාවට පුබාකරන් ගහන කොට මොනපාදර්ද කාදිනල් එයට විරැදද්ව කතාකරේ පල්ලියේ කට්ටිය තමයි .නියම තුිස්තවාදින් ආරක්සා කරපුතැන එම ගනුඅත්ඩංගැවට මුන්ටික

    ReplyDelete
  12. පුංචි වැඩියි අපි තීරණ අර ගන්න
    මොළය පොඩියි දේවල් තේරුම් ගන්න
    අවුල් ගොඩයි, ලියලයි අතු විහිදමින
    බොර වතුරේ මාළු අල්ලතහැකි ඔන්න

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ සිංහලයාට ඕනම දෙයක් මතක තියෙන්නේ සති 2යි කියලා ප්‍රභාකරනුත් කියලා තියෙනවනේ. අද එක එක පාර්ෂව වලට ඇඟිල්ල දික් කලාට ඇත්ත කතාව ඕක දැනගෙන හිටිය කියල පේනවා මැල්කම් රංජිත් තුමා. අනිවාර්යෙන් පාස්කු ප්‍රහාරෙට වැඩිපුරම සම්බන්ධ දේශපාලන පක්ෂෙ මාලිමාව තමයි. වෙන විදිහකට කියතොත් මම ලෝකේ වටේ ම ගෑනු එක්ක ඉඳලා තියෙනවා , ඔය දිග ඒවායින් කන ගෑනු එක්ක කතා කරලත් තියෙනවා, එකට ඉඳලත් තියෙනවා , ඒ ගැන කතා කරලත් තියෙනවා , උඹලට අපේ ඒවා දැනෙන්නේ නැද්ද කියලා කෙලින්ම අහලත් තියෙනවා, උන් කියන්නේ දිග වුනාට හැම එකම හයියට නැහැ කියලා ( දිග සහ ශක්තිය කියන්නේ කාරණා දෙකක් ) අනික ලිංගික ක්‍රියාවලියක් කියන්නේ "ඇතුලට දාල කරන විනාඩි ගාන විතරක් නෙමේ , ඒක එක්තරා ආලිංගන ක්‍රියාවලියක් , අන්න ඒ දේ හරියට දෙනවා නම් ගෑනු හොයන්නේ දිග ම නෙමේ කියලා , කොටයි කියලා බයේ ඉන්න හුඟාක් අයට තේරුම් යයි . ආත්මාර්ථකාමී නොවෙන ආලිංගන ක්‍රියාවලියකට ඕනෙම රටක ගෑණියෙක් කැමතියි. මුදලට විකිණෙන ගෑණු පවා නිදහස් වෙලාවට යහළුවො විදිහට පුළුවන් හැම වෙලාවේම එනවා ඒ දේ නිසා ලැබෙන තෘප්තිය වෙනුවෙන් . එයාලම තමයි කියන්නේ දිග ඒවා වලට වැඩිය ශක්තිමත් එකකින් කනකොට රස වැඩියි කියලා . මොකද කාන්තාවකගේ "G Spot " එක තියෙන්නේ අඟල් 2 ක් පමණ ඇතුලතින් , අන්න ඒක උත්තේජනය වෙන විදිහට වැඩේ කරනවා නම් ඕනෙම ගෑණියෙක් සුරාන්තයට පත්වෙනවා , ඒ ස්ථානයෙන් එහාට පොල් ගහක් යැව්වත් ගෑණියෙක් ට දැනෙන දෙයක් නැහැ. දිග කියන්නේ මානසික ලෙඩක් විතරයි ගෑනුන්ගේ වුනත් පිරිමින්ගේ වුනත් .

      Delete
  13. //වඩාත්ම හාස්‍යජනක පාස්කු වැරදිකරුවන්ට දඩුවම් දෙන බවට ලංකාවේ ගර්හිත දේශපාලකයින් ලබාදෙන ලිඛිත හා වාචික පොරොන්දු පිලිගන්නා පූජකයින්ය.//

    මේක ඇත්ත ☺️😂

    ReplyDelete
  14. පොඩි කතාවක් මම කියලා ඉන්නම්

    මම නවසීලන්තයේ ගිහින් තියෙනවා (කොරෝනා පැමිණීමට පෙර) එහෙ මාරම දියුණුයි. ඒ රටට කොච්චර කරදර ආවා ද? ත්‍රස්තවාදියෝ, කොරෝනා වසංගතය ආදී බොහෝ කරදර ඒත් ඒ රට දියුණුයි. ඒ රටේ තිබුණේ ඒ කාලේ ගවයන් සහ බැටලුවෝ සහ ඩොලර් බිලියන දහස් ගණනක ස්වභාවික සම්පත්
    විතරයි. ඒකෙන් නිසි ප්‍රයෝජනය ගත්තා. ඒ තැනට සුදුසු නුවණින් කටයුතු කරපු ඒ රටේ පාලකයෝ විපක්ෂය සහ ජනතාව නිසා.

    බලන්න පොඩ්ඩක් ජපානය දිහා දෙවන ලෝක යුද්දයෙන් අනාත වෙලා හිටපු ජපානය දැං ඉන්න තැන. දියුණුම දියුණු රටක්.ඒකට හේතුවන් රටේ පාලකයෝ විපක්ෂය සහ ජනතාව

    තවත් උදාහරණයක් බලන්න දකුණු කොරියාව. ඒ රට අවුරුදු 50ක් විතර සුළු කාලයකින් දියුණු වෙච්ච රටක්. ඒකට හේතුවත් ඒ රටේ පාලකයෝ විපක්ෂය සහ ජනතාව

    දැං පොඩ්ඩක් බලන්න ලංකාව දිහා. ලංකාවේ මොනා ද අඩු. සරු පොළොවක් තියෙනවා, හොඳ පොල් වගාවක්, තේ වගාවක්, දවස පුරාව වැටෙන අව්වක් ආදී බොහෝ දෑ. මේවාගෙන් නිසි ප්‍රයෝජනයක් ගත්තා නම් අද අපි ලොකයේ බලවත් රටක් වෙලා ඉවරයි. ඒ විතරක් නෙවෙයි එහෙම වුණානම් අපේ රටේ නමින් (made in sri lanka) කියලා ගහපු බොහෝ දෑ ලෝකේ මිනිස්සු මිලදී ගනීවි.

    කරුමෙට අපේ රටේ පාලකයො විපක්ෂ දේශපාලන ව්‍යාපාර සහ බහුජන සමාජය ගොබ්බ නිසා ඒ වාගෙන් නිසි ප්‍රයෝජනය ගන්නැතුව රටට විහිළු සපයමින් එක එකාට පහර ගහමින් ආණ්ඩුවේ නම් හොරා කකා නැත්නම් විපක්ෂ දේශපාලනය ව්‍යාපාර වල අය නම් ආණ්ඩුවට බැන බැන ජනතාවගේ මුදලින් පිනට කකා සහ ජනතාව නම් බහුතර ජනතාව කාලය කකා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔය හැම එකකටම වග කියන්න ඕනා ජේවීපී කියන සාපය. උන් වර්ජන කරලා මේ රටේ ව්‍යපාර හා ව්‍යපාරිකයන්ව බිමටම සමතලා කරවලා දැම්මා. ඊට පස්සෙ රටේ නිශ්පාදනය නතර වෙලා පිට රටින් ආනයන. ආනයන වැඩි වෙලා අපනයන අඩු වුනාම වෙන දේ අමුතුවෙන් කියන්න ඕනා නෑනෙ. ඔය ඔක්කොම වනචර ජෙපි හැත්තගෙ කුමන්ත්‍රණ. උන් දැන් වැටුනු රට කෙලින් කොරන්න ඉල්ලනවා..

      Delete
    2. කතාවේ ඇත්තක් තියෙනව තමයි ඇනෝ

      Delete
  15. ලංකාවේ වර්තමාන සමාජ ආර්ථික දේශපාලන තත්ත්වය අනුව කෙනෙක් හොරෙක් හෝ ටෙරෙක් වෙන්නේ ලංකාව තුල සමාජ මාධ්‍ය මෙහෙයවන ඇමරිකන් ඉන්දියන් තීරකයන්ට අවශ්‍ය වන විදියට පමණක් බව සලකන්න.

    හරියට අර තෙවරප්පෙරුම හොද මිනිහෙක් වෙලා සනත් නිශාන්ත විතරක් මැරයෙක් උනා වගේ.

    අපි රජයේ අවසරය ඇතුව වයින් ස්ටොස් එකකින් අරක්කු බීල යනකොට පොලීසියෙන් අල්ලල දඩ ගහනව.

    දඩය රජයට ආදායම 25000/=
    වයින් ස්ටොස් එකකින් ගල් අරක්කු බෝතලයක් ගන්නකොටත් අපි බදු ගෙවනව බෝතලටකට 3300/= විතර
    බෝතලටකින් අපි රජයට බදු ගෙවනව

    ගල් අරක්කු බෝතලයකට නිෂ්පාදන වියදම 296/=

    අපි දෙපාරක් රජයට බදු ගෙවනව
    කොහොමද එහෙම වෙන්නෙ
    ලංකාවෙී පුමීබන බැලුමීවල අන්තර්ජාතික ප්‍රමිතියක් නැහැ .

    ReplyDelete
  16. මීට ටික කාලෙකට ඉස්සර 2017 දී විතර මම ලංකාවෙ ඉන්න කොට නුවර පානදුර පුද්ගලික බස්රථ ගමනක යනකොට වුණ දෙයක්, එදා බස් එකේ සෙනග ගොඩක් හිටියා.මමයි හස්බනුයි වාඩිවෙලා ආවේ.අපිට ඉස්සරහ හිටගෙන හිටියා සුදු බෝලේ වගේ හරිම ලස්සන කොටට කලවා පේන්න ඇදපු වයස 25ක වගේ රූමත් ලස්සන කෙල්ලෙක්.ඒ කෙල්ලාට පස්සෙන් හිර වෙලා හිටපු වයස හැට ගානක වගේ මුස්ලිම් මිනිහෙක් එලිපිටම සම්පූර්ණයෙන්ම සරමෙන් එලියටම එයාගේ ශීෂ්නය අරගෙන ජැක් එක ගැහුවා.මුලින්ම අර කෙල්ලා විරුද්ධත්වය පෙන්නුවත් පස්සේ ලැජ්ජාව නිසාම නිහඩව හිටියා.නාකියා උගේ වැඩේ හොදටම කර ගත්තා.අපි බැලුම්මහරින් බැස්සා.බහින ගමන් හස්බන් කොන්දොස්තරට ඒ ගැන කිව්වා.මොනවා උනාද දන්නෙ නැහැ, ඔය වගේ අසහනකාරී අන්තවාදී ආගමික විශ්වාස දරන මිනිස්සුන් වැඩි වෙනවා නේද ලංකාවේ

    ReplyDelete
  17. ඔය සේරම නළුවෝ සෙට් එකක් කරදිනෑල් උන්නැහේ, පාස්කු දඩයම කර තියාගෙන යන දඩයක්කරුවන් වන ජවිපෙ මාලිමාව සහ සජබය වගේම උන් එක්ක යටින් ඩීල් තියෙන රාජපක්ෂ පවුල තව ඔය මලමිනී වවාගෙන කන දේශපාලන ව්‍යාපාර සහ සිවිල් සංවිධාන කියන හොර ගුහාවල් සේරම එකයි ඔය ගැන කුමාර තිරිමාදුර කලා කරුවා වැඩසටහනක හරි වේදනාවෙන් කලාවට වෙච්ච දේ ගැන කතා කරනවා මට මතකයි.දැන් කලා රසාස්වාදී ක්ෂේත්‍රවල ඉන්න අය පවා විශේෂයෙන්ම නලු නිලියෝ අපි රගපාන්නේ ව්නෝදේට කියලා ඒක සරලව අරගෙන ඉන්නේ නමුත් කලාව ,රගපෑම කියන්නේ ව්නෝදෙට අවාට ගියාට කරන්න පුලුවන් දෙයක් නෙව් .එය හැදැරිය යුතුයි.. කුමාර තිරිමාදුර කියනවා .මේවා දකිද්දි ඒ කතාව මොන තරම් ඇත්තද 🖤🖤🖤🖤

    ReplyDelete
  18. ජවිපෙ නලීන් හේවගේ කියන්නේ මෑත කාලයේ දේශපාලනයේ දැකපු වෛරී සහගතම ටොක්සික් පුද්ගලයෙක්.

    නලීන් හේවගේ කොයිවෙලේත් ඉන්නේ වෛරයෙන් පිපිරි පිපිරි. ඒ වගේම පුද්ගලික අපහාස, බොරු, මඩ ප්‍රහාර වලටත් මෑන් කප්පිත්තා.

    සාමාන්‍යයෙන් නලීන් හේවගේ විවාද ඇතුලේ බොරු කියනවා. එවෙලේ මවලා බොරු දත්ත, ෆැක්ට්ස් කියනවා.

    හැබැයි බොහෝ විට විවාදේ එහා පැත්තෙ ඉන්නේ නොදැනුවත්කමෙන් අගතැන්පත් ඩයල් නිසා නලීන් හේවගේ අභියෝගයට ලක් කෙරෙන්නේ නැහැ.

    ආන්දෝලනාත්මක හිරු බලය වැඩසටහනේ නලීන් කතාව පටන් ගන්නෙම බොරු ක්වෝට් එකක් කියලා.

    බිල් ගේට්ස් කියපු ප්‍රසිද්ධ කතාවක් තෙරේසා මවුතුමිය කිව්වා කියලා නලින් හේවගේ ආරම්භයේදීම තඩි පචයක් කියනවා.

    "ඔබ දුප්පතෙකු ලෙස ඉපදීම ඔබේ වරදක් නොවන මුත්, දුප්පතෙකු ලෙස මිය යාම ඔබේ වරදක්" යැයි කිව්වේ උග්‍ර ධනවාදී ආර්ථික අදහස් දරන ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යවසායක බිල් ගේට්ස්.

    ඒ කතාව තෙරේසා මව්තුමිය කියූ එකක් යැයි නලීන් හේවගේ කියනවා.

    එමෙන්ම ඔහු ඉන් බිල් ගේට්ස් අදහස් කළ අර්ථය විකෘති කර, සමාජවාදී අදහසක් එයට ගැබ් කරනවා.

    බිල් ගේට්ස් කියූ ඔය කතාව අන්ත දක්ෂිණාංශික ධනවාදී අදහසක්.

    එවෙලේ මවා බොරු විදින නලීන් හේවගේ එය දන්නේ නැහැ.

    එමෙන්ම විවාදය තුලත් ප්‍රතිවාදී කථිකයන් විසින් ඕවා අභියෝගයට ලක් කෙරෙන්නේත් නැහැ.

    ඒ වගේම නලීන් හේවගේ මිනිසුන්ට රිදෙන සංවේදී තැන්වලට පුද්ගලිකව ගහලා ඔවුන් අවුස්සන කලාවෙත් අගතැන්පත් මිනිහෙක්.

    දවසක් සමන් රත්නප්‍රිය එක්ක විවාදෙකදී සමන් රත්නප්‍රිය ගේ මූණටම, ඔහු උණු වතුර බෝතල් හොරෙක් යැයි නලීන් කිව්වා.

    සමන් රත්නප්‍රිය වෘත්තීයෙන් හෙද නිලධාරියෙක්.

    සාමාන්‍යයෙන් රජයේ රෝහල්වල ඔය වැනි හොරකම් සිද්ධ වෙනවා.

    ඒ දෙක ගලපලා නලින් සමන්ට රිදෙන තැනට ගැහුවා.

    එයත් නලීන් එවෙලේම ගෙතූ කතාවක් වන්නට ඇති.

    එතන ඉඳන් සමස්ත විවාදය පුරාවටම සමන් කළේ තමන්ට එල්ල වෙච්ච චෝදනාව වහගන්න මරු විකලෙන් කෑගහපු එක.

    නලීන් හේවගේ හිනා වෙවී බලන් හිටියා.

    ඊයේ අම්පාරෙ වීරසිංහ මන්ත්‍රීවරයා සම්බන්ධවත් ඉතා සැලසුම්ගතව නලීන් හේවගේ කළේ එහෙම වැඩක්.

    88/89 ඝාතන ගැන නොකඩවා වීරසිංහ කතා කරද්දී නලීන් හේවගේ, ජවිපෙ විසින් ඒ ඝාතනය කළේ ස්ත්‍රී දූෂකයන් සහ හොරුන් යැයි කිව්වා.

    වීරසිංහ මන්ත්‍රීවරයාගේ පියාත් ජනතා විමුක්ති පෙරමුණෙන් එලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයෙක්.

    මෙහිදී වීරසිංහ මන්ත්‍රීවරයාගේ පියා ස්ත්‍රී දූෂකයෙකු යැයි නලීන් හේවගේ නොකියා කිව්වා.

    එය ඉතාම අවලස්සන, ව්‍යාජ, පුද්ගලික මඩ ප්‍රහාරයක්.

    මෙතන දී ජවිපෙ තාර්කිකව අසරණ කිරීමට අවස්තාවක් තිබුණා.

    නමුත් තිස්ස කුට්ටිආරච්ච් සහ වීරසිංහ මන්ත්‍රීවරයා ඒ අවස්තාව මග හැර ගත්තා.

    88/89 කාලයේ ජවිපෙ මේ රටේ මිනිසුන් පොදියට ඝාතනය කළා.

    ඔවුන්ට තවමත් මේ රටේ බලයට පැමිණීමට ඇති විශාලතම බාධකයත් ඒ රක්ත වර්ණ අතීතය.

    මෑත කාලීනව ඒ අපරාධ සහ ඝාතන සම්බන්ධයෙන් ජවිපෙ සමාව පවා ගත්තේ ඒකයි.

    ඔවුන්ට ඒ අතීතයෙන් මිදීමට අවශ්‍යයි. ඒ පිළිබඳ තමන් තුල ස්වයං විවේචනයක් ඇති බවට මිනිසුන්ට හැඟවීමට අවශ්‍යයි.

    නමුත් ජවිපෙ ඉදිරිපෙළ නායකයෙක් දැන් ඒ ඝාතන සාධාරණීකරනය කරනවා.

    එලෙස ඔවුන් ඝාතනය කළේ අපරාදකරුවන්ලු.

    නමුත් සැබැවින්ම ඔවුන් ඝාතනය කළේ ඔවුන්ගේ ඇදිරි නීතිය නොතකා පාසල් ඇරි ගුරුවරු, කාර්යලයට ගිය රාජ්‍ය සේවකයෝ.

    වතු හිමිකරුවාගේ සිට මුදලාලි දක්වා ව්‍යාපාරිකයා, ලංගම බස් රථයේ රියදුරා.

    භික්ෂූන් වහන්සේලා, යුද හමුදා පවුල් වල සාමාජිකයන්.

    එහෙම නැතුව ජවිපෙ අපරාධකරුවන්ට දඬුවම් දුන් විනිසුරුවන් පිරිසක් නෙවෙයි.

    ඔවුන් එලෙස කළත් එය මුග්ධ වැඩක්.

    ශිෂ්ඨ ලෝකයේ අධිකරණ පද්ධතියෙන් පිටත මිනිසුන්ට මරණ දඬුවම ලබා දීමට ඔවුන්ට බලපත්‍ර කොහෙන්ද ?

    එසේ නම් අනුර කුමාර ලා 88/89 කාලය ගැන සිදු කළ සමාව ගැනීම් සහ පසුතැවිලිවීම් හුදෙක්ම රංගන පමණක් විය යුතුයි.

    නලින් හේවගේ ගේ මේ ප්‍රකාශයෙන් ඔවුන් තුළ එම ඝාතන සම්බන්ධයෙන් අවංක සහකම්පනයක් හෝ වේදනාවක් නොමැති බව හෙළි වෙනවා.

    තවමත් ඔවුන්ට මේ ඝාතන උජාරුවෙන් ප්‍රකාශ කිරීමට තරම් ජයග්‍රහණයන්.

    සාමාන්‍ය මිනිසකුට එය කළ නොහැකියි. එවැන්නක් කළ හැක්කේ දැඩි කෲර මානසිකත්වයක් සහිත සහකම්පනයක් නැති පුද්ගලයන්ට පමණයි.

    ජවිපෙ තුල සැඟව තිබූ මේ කොටස ජනතාව ඉදිරියේ පැහැදිලි කර දීම වීරසිංහ මන්ත්‍රීවරයාට මගහැරුණා.

    ඔවුන් නලීන් ගේ උගුලට අහුවුණා.

    පුද්ගලිකව රිදෙන තැන් ඉලක්ක කරද්දී මිනිසුන් කෝපයට පත්වෙනවා.

    එය සාධාරණයි.

    නමුත් මෙවැනි සජීවී රූපවාහිනී සංවාදවල එක් න්‍යායක් ක්‍රියාත්මක වෙනවා.

    මෙවැනි සංවාද වලදී කෝප ගෙන කෑ ගසනා පුද්ගලයා පරාජිතයා ලෙසත්, සිනාසෙමින් ප්‍රතිචාර දක්වන පුද්ගලයා ජයග්‍රාහකයා ලෙසත් ලංකාවේ සාමාන්‍ය ජන සමාජය තීරණය කරනවා.

    නලීන් හේවගේ ඉතාම සූක්ෂමව සහ හිතාමතාම භාවිතා කරන්නේ මේ න්‍යායයි.

    මින්පෙර රූපවාහිනී විවාද වලදී එය කදිමට භාවිතා කළේ රංජන් රාමනායකයි.

    තිස්සකුට්ටි සහ වීරසිංහ පුද්ගලික කෝපය නිසා ස්වර්ණමය අවස්තාවක් මග හැර ගත්තා.

    ReplyDelete
    Replies
    1. @ 11.02

      හංදි ගානෙ ක⁣ඩ පිල්වල බොක්කු උඩ කෂියා ගහගෙන රා කටිට ගහගෙන නන්නත්තාර ගමෙි එවුන්ට ජවිපේ කඩුව හොරා කාපු තුවක්කුව දුන්නෙ නැද්ද .. උං අම්මයි දුවයි එක ඇදේ තියන් දූෂණය කරලා මිරිස් ගල උඩ තියලා මව දියණිය හදුනා ගන්නට නොහැකි ලෙස කෑලි කෑලිවලට කපා ගොඩ ගැසුවෙි නැද්ද .. වැදු මව නොමැතිව කුලී වැඩ කරමින් හදා වඩා ගත්ත දියණිය පියා බලන් ⁣ඉන්නැද්දිම දූෂණය කරලා පියා දණ ගස්සවා හිසට කඩු පහර දී ඝාතනය කලේ නැද්ද .. උං ජවිපේ නෙවෙයිද .?

      Delete
  19. මාතා, මම තොවිල්/ හුනියම් වගෙ දෙවල් විශ්වාස කරන්නෙ නෑ . හෑබෑයි දෑන් වෙන දෙවල් අනුව එවායෙ මොනවා හරි තියෙනවද කියලාත් හිතෙනවා .

    "අරගලය" / ගොල්ෆෙස් බිච් කානිවල් එක වෙලාවෙ ආතල් එකට කට්ටිය හුනියම් එහෙම කරා නෙද ? එහෙම ආතල් ගනිපුවා දෑන් අනෙක් පෑත්තට කෑරකෙනවා වගෙ නෙද ?

    අරගලයෙ විහාර මහා දෙවි සල්ලි මාටියා ගහලා මාට්ටු / රිමාන්ඩ් . දෑන් අලබොලෙ දුටුගෑමුනු රජතුමාටත් එහෙම චොදනාවක් ඈව්ල්ලා ඈප දිලාලු නෙද ?

    තව අනුන්ට මරණය ප්‍රාර්ථනා කරලා බුකියේ රඟපූ සෑහෙන දෙනෙක් වලකජූ ගහලා, බූකියේ තර්ජනය කරපු සනත් නිශාන්ත ගොයියත් පාරේ ඕන් ද ස්පෝටා නේද?

    ReplyDelete
  20. නනදසේන ගොටාභය ජනාදිපති වෙලා දිවුරුම් දෙන්න හදන කොට මෑල්කම් කොල් කරාලු. නන්දෙට කෝල් කරලා අලි සබ්‍ර mslim ජාතිකයෙක් නිසා අධිකරණ ඈමති කරන්න එපාම කිව්වලු .

    මෙවා ප්‍රසිද්ධියෙ මෙ වෙනකොට කිහිප දෙනෙක් කියපු දෙයක්.

    මෑල්කම්ලුත් සද්ද නෑ ,ලන්කාවෙ බුද්ධාගම ආරක්ශා කරන්න තමන්ගෙ පශ්චාත් බාගෙ විකාගන්න නිරාහමිකයොත් සද්ද නෑ (සමහර මොනවා හරි කිව්වොත් ඉරිදට පල්ලි යන්න බෑරිවෙයි කියල බය ඈති ).

    හෑබෑයි හමුදුරු කෙනෙක් කිව්වා නම් නිරලා ටික රෙදි උස්සගෙන එන්නෙ.බුද්ධාගම බහුතරෙ ආගම නිසා හෑමදෙටම බලපෑම් කරනවා කියලා ( අනෙ හුකෙ 🤣 ).

    ReplyDelete
  21. මාතා ලංකාවේ බහුතර මිනිස්සු අවම වශයෙන් රටක් දියුණු කරන්න කළ යුතු මොකක්ද පාලකයන්ගෙන් ඉල්ලිය යුතු මොකක්ද කියන එකවත් දන්නේ නෑ, ඉතින් නොකඩවාම වැරදි පාලකයෝ පත් කරන එක අහන්නත් දෙයක්ද!!!! දිගටම ඕක තමයි වෙන්නේ උන්ටම හරියන සතපහකට වැඩකට නැති,අපත දේශපාලන පක්ෂ තමයි සේරම ඉන්නේ, ඉතින් ආයේ මොනවා කරන්නද ලංකාවෙන් පිට යන්න විතරයි තියෙන්නේ ඇත්තටම දියුණුවක් ගැන හිතන මිනිස්සුන්ට

    ReplyDelete
  22. වලං හෝදන ගොබ්බ ශානි අබේ හොර සක්කිලියා වලං හෝදන අතරේ ඒකාව නටවන කපටි හිවලා හතර අතේ බොරු මාධ්‍ය සාකච්චා තියලා, ලංකාවේ රදගුරු සමුළුවත් අන්දලා අන්න මහා රදගුරා වතිකානුවෙන් සේවා දිගුවක් ඉල්ලලා, මැල්කම් ලෙල්ලමා කියනවලු ලංකාවේ පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉ‍ටුවෙලා, මහ මොලකරු හම්බෙනකන් උගේ අගරද ගුරු පට්ටම ගලවන්න එපා කියලා. මාස 3කට වතාවක් මහමොලකරු කතාව කියලා මෝඩ ක‍තෝලික සෙට් එක චූන් කරාම ඒ යකා මැරෙනකම්ම රදගුරු. අර මයිනා යුද්දේ ඉවර වුණාම ඒක මතක්කර කර ගොන් බයියෝ චූන් කලාවගේ කොහොමද ලෙල්ලමේ මොලේ. ඊයා නේ.

    ReplyDelete
  23. සමන්ත නොකියන උමා ඔයේ ඇත්ත පාඩුව..

    උමා ඔය ව්‍යාපෘතියේ සමස්ත වියදම ඩොලර් මිලියන 529කි.
    සමන්තලාට අනුව එහි හොරකම ඩොලර් මිලියන 250කි..
    මේ තමා දැන් සමන්ත කියන සමන්තලාගේ රජයක් යටතේ සෙවීමට යන උමා ඔයේ පාඩුව.
    හැබැයි ඒ කාලෙ එයා කිවුවෙ උමා ඔය ඉවර වෙද්දි බණ්ඩාරවෙල බදුල්ල කාන්තාර වෙනවා කියලා.නමුත් එහෙම වෙලා නැත..

    අපි දැන් සමන්තගෙ හිලේ කතා පැත්තකින් තියමු..

    ඇත්තටම උමා ඔයේ පාඩුව ඔය කියන ඩොලර් මිලියන 250ද?

    සාමන්‍යයෙන් ජල විදුලියෙන් නිපදවන ඒකකයක් ඩීසල් වලින් නිපදවන ඒකකයකට වඩා රු.50 - 80 අතර ප්‍රමාණයකින් මිල අඩුය.
    ලංකාවෙ සමස්ත විදුලි ධාරිතාවය මෙගාවොට් 4905යි
    ජල විදුලියෙන් 1383යි
    එක්වරකදී අපගේ උපරිම අවශ්‍යතාවය මෙගාවොට් 2750 - 3000ත් අතර ප්‍රමාණයක්.

    ජලයට අමතරව ගල් අඟුරු,ඩීසල්, පුනර්ජනනීය, සූර්‍ය සහ සුළං ලෙස විදුලිය නිපදවන අතර අවශ්‍යතාවය අනුව අවම පිරිවැයේ සිට ඉහළට යන සේ මෙගාවොට් 3000 දෛනිකව ලබා ගනී.

    අප භාවිතා කරන ඒකකයක් යනු වොට් 1000ක බල්බ් එකක් පැයක් පාවිච්චි කිරීමය.
    වොට් 1000ක් යනු කිලෝ වොට් 1කි..
    කිලෝ වොට් 1000ක් යනු මෙගාවොට් 1කි.

    ජලය සහ ඩීසල් මඟින් ඒකකයක් නිපදවීමේදී ඉහත කී පරිදි ජලයෙන් නිපදවෙන ඒකකයට රු.50ක ලාභයක් ඇත.

    උමා ඔය යනු මෙගාවොට් 120ක ව්‍යාපෘතියකි.ඩීසල් බලාගාර වලින් ලබා ගත් මෙගාවොට් 120ක් දැන් අපට උමා ඔයෙන් ලබා ගත හැක..මේ නිසා ලැබෙන ලාභය දිනකට බැලුවොත්

    KW 1000ක් = MW 1යි
    KW 1000ක් පැයක් භාවිතා කිරීම යනු Unit 1000කි.
    අවම ලාභය රු.50 ලෙස ගතහොත් පැයකට
    1000x50= 50000 යි.මේ මෙගාවොට් 1ක ලාභය..
    උමා ඔයේ ධාරිතාව 120MW.ඒ අනුව
    120×50,000 = 6000,000 (මිලියන 6කි)
    පැය 24ට
    24×6 = 144

    උමා ඔය ව්‍යාපෘතිය නිසා දිනකට විදුලිබල මණ්ඩලයට මිලියන 144ක ඉතුරුවක් ඇත.
    මසකට 144x 30= 4320 කි.
    මසක ලාභය රු.බිලියන 4.32කි..

    සමන්තලා නිසා 2015 විවෘත කිරීමට තිබූ උමා ඔය විවෘත වූයේ වසර 9ට පසුවය..

    වසර 9ක් යනු මාස 108කි. මසක පාඩුව බිලියන 4ක් සේ ගතහොත්
    108x4= 432

    අවම වශයෙන් පාඩුව බිලියන 432කි..
    අපි මේක ඩොලර් වලට බැලුවොත්
    432÷300= 1.44කි

    සමන්තලා නිසා ඩීසල් බලාගර වලින්
    MW 120ක් මිලදී ගැනීමට අමතර ඩොලර් මිලියන 1440ක් රජයට වියදම් වී ඇත..

    නමුත් සමන්තලාගේ ආණ්ඩුව ඇවිත් අල්ලන්න යන්නෙ ඩොලර් මිලියන 250කි..

    සමන්තලා වගේ අවස්තාවාදී කුහකයො ව්‍යාපෘතිය පමාකරවීම නිසා නැති වුන ඩොලර් මිලියන 1440 ගැන කවුරුත් කතා නැත..

    (ඉහත ඉලක්කම් සුලු වශයෙන් අඩු හෝ වැඩි වීමට හැකියාවක් ඇත)
    Ruwin Fernando
    @highlight
    @Samantha Viddyarathna
    @NPP Srilanka JVP Srilanka
    @Anura Kumara Dissanayake

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න