.

.

Apr 2, 2024

බිත්තර මාෆියාවට කෙලවීම, ලෝකල් බිත්තරේ 36 ට පැමිණීම හා රුපියල් 15 ට දෙන අනුරගේ බිත්තරේ

 


බිත්තර මාෆියාවට කෙලවීම,

ලෝකල් බිත්තරේ 36 ට පැමිණීම හා

රුපියල් 15 ට දෙන අනුරගේ බිත්තරේ

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕


ඊයේ පෙරේදා පාඨළී චම්පික රණවක පාර්ලිමේන්තුවේදී අපූරූ හෙලිදරව්වක් කලේය.. මේකෙන්... මුදල් ඇමතිලගෙ, වෙළඳ ඈමතිගෙ, රේගුවේ, ඉන්කම්ටැස්සෙකේ වගේම පාරිභෝගික අධිකාරියේ උන්ගෙත් රෙදි ගැලවිලාම ගියේය.


ඒ..... බී ළූණූ, හාල්මැස්සෝ, කරවල සහ මුං ඇට ලංකාවට ගෙනත් විකුණලා තියෙන්නේ තුන් ගුණයක් ලාභ (300%) තියාගෙනෙයි කියලාය. මේක පාර්භෝගීකයා අමු අමුවේ සූරාගෙන කෑමක්ය. මේ ලාභය වෙළෙන්දා තනියෙන් භුක්ති විඳින්නේ නැතිය. ඈමතිවරුන්ට වගේම... අමාත්‍යංශ හා අදාල ආයතනවල නිළධාරීන්ද සම්මා ආජිවයෙන් මෙව්වා බෙදා හදා ගන්නවාය.


හොඳම උදාහරණය කෙහෙළිය සහ අමාත්‍යාංශයේ ඉහළ නිළධාරින් වැලිකඩ ගියේකය. ඒ යැව්වේ නිකන් නෙමේය. විවිධ සංවිධාන හා ජනතාව නොකඩවා කළ පැමිණිලි සහ උද්ඝෝෂණ හේතුවෙන්ය.... විශේෂයෙන් මේ වගේ ව්‍යසනයක් පවතින වෙලාවක ගසා කෑම හරි ලේසිය. 


මම නම් කියන්නේ පාඨලීලා කරන්න ඕනා... ඕක හැන්සාඩ් ගත කරන එක නෙමේය. මේ පඩත්තලයින්ට එරෙහිව අධිකරණයට ගිහින් මුන්ව හිරේ යවනෙකය. ඒවා නිකන්ම ජනප්‍රසාදය හිමි වෙන වැඩය.


බිත්තර ප්‍රශ්ණයටත් රනිල් මැදිහත් නොවන්න... මාෆියාව කිව්වා වගේ අද වෙන කොට බිත්තර කන්න  වෙන්නේ රුපියල් 100 ටය. රනිල් මැදිහත් නොවන්නට, අර ඉන්දියන් බිත්තර වලට ලෙඩේ ඇද්ද පඩත්තල පර ගෑණී වගේ... මුන් ඔක්කොම මාෆියාවේ ජරාව කාලා සද්දෙ වහලා ඉන්නවාය.


රුපියල අවප්‍රමාණය වීමයි එක්ක උද්ධමනය 70% - 80% ට යන අතරේ... රුපියල් 15 ට 20 ට බිත්තරේ දෙන්න බෑ කියලා මාෆියාව හා බිත්තර ගොයියා කියපු කතාව  සහතික ඇත්තය. එකක්... ඒ මිනිස්සුත් අනික් බඩු භාණ්ඩ ගන්න ඕනෙකය. අනික නිශ්පාදන පිරිවැයය.


හැබයි 60 - 70 ට ගාන උස්සලා මාෆියාව කළේ වැහි නැති හෙණ පාත්වෙන වැඩක්ය. ඒ කාළෙත් උන් බිත්තර ගොයියගෙන් බිත්තරේ ගත්තේ 25 -:28 ටය. 65 -70 ට වික්කේ ඒකය.. 100% වඩා ලාභයක් කෙලින්ම මාෆියාවටය.


මාතලන් එදත් තර්ක කළේ... උපරිම ලාභයත් එක්කම බිත්තරේ 35 ට දෙන්න පුලුවන් කියලාය.  හැබයි මේ මාෆියාවෙන් ජීවත් වෙන මූසල පක්ෂ විපක්ෂ දේශපාලුවෝ විශාල පිරිසකුත් ඉන්නවා‍ය. ඒ අතරේ ජෙප්පොත් ඉන්නවාය. අපි ලිව්වේ ඉන්දියාවෙන් ගෙනත් 30 ට දෙන්න පුලුවන්‍ය කියලාය. එදා හැම එකාම මට හිනා වුනේය.


රනිල් ඉන්දියාවෙන් බිත්තර ගේන්න තීරණය කළේ ඒ අතරේය. ඒකට කෙලින්න මාෆියාව කළේ අර මොකක්ද ආයතනයේ පඩත්තල ගෑණිත් අල්ලගෙන දාන්න පුලුවන් ලෙඩ ඔක්කෝම දැමීමය. ඉන්දියාවේ කිකිලියන්ට උණක් තිබෙනවා යැයි කිව්වේය. ගෙනා බිත්තර වරායේ කුණු වෙන්න ඇරියේය. මේවාට ජෙප්පෝ කටක් නම් ඇරියේ නැතිය.


අන්තීමට ඒ හොර ගෑණිගේ ඇපෲවල් එක ගන්න ඒ හැතිරිය කැබිනට් එකට ගෙන්නන්න වුනේය. රනිල් අසමෝදගම් දුන්නේය. එතනින් ඒ කිකිළියගේ උණ රෝගය නිට්ටාවටම සුව වුනෙය. මිනිස්සුන්ට ඉන්දියන් බිත්තරේ රුපියල් 35 ට ලැබුනේ ඉන් පස්සේය.


බිත්තර මාෆියාවේ බිත්තර කෑවේ සුපර් මාර්කට් ක්‍රව්ඩ් එක විතරය. සාමාන්‍ය ජනතාව සතොසට ගිහින්... සිත් සතොසින් බිත්තර අරගෙන... බෝ සතුටින් ඔම්ලට් දාලා කෑවාය. දැන්... බිස්නස් එකට කෙලවෙච්චි මාෆියාවට මේ අවුරුදු කටේ උන්ගේ බිත්තරේ 36 ට දෙන්න වුනේය... මාර පව් නේදය....


දැන් ඒකට ජෙප්පන්ටයි... ජෙප්පෝ ගෙනත් කෙලත් නැතිව ඇරගන්න ඉන්න උන්ටයි... ජුවල් ගිහින් 15 ට බිත්තර ඉල්ලනවාය. උන්ට කියන්න තියෙන්නේ.... අනුර කුමාරයා බලේට ආවම... රුපියල් 15 ක් පක්ෂ අරමුදලට දාලා.... අනුරගේ බිත්තරේ කටේ දාගනින් කියලා.


ආන් එහෙම සහෝදරයෙක්ගේ බිත්තරේ කටේ දාගන්න ගිය... එක මිටට දර මිටි බඳින්න ගිය සඕදරියක්... ආදරේ දෝරේ ගලලා .... කෙලින්ම ස්වර්ගෙටම ඇරලා තිබුනේය....


බිත්තරේ කතාව නිමීය....

.

13 comments:

  1. එක මිටට දර මිටි බඳින්න ගිය සඕදරියක් -whats the meaning of this term/phrase Priyantha ?

    ReplyDelete
  2. කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත බන් මාතේ අර කවදාවත් action එකක් නොගන්නා දූෂණ වංචා ෆයිල් ටික හිගන්නගේ තුවාලය වගේ පාවිච්චි කරන AKD මාලිමාවේ උත්තරීතර මහානායක ලපකුමාර ලොක්කා තමයි ඔය එක එක මාෆියා වගේම වෘත්තීය සමිති මාෆියාවලත් පෙරමුණේ රාළ

    ReplyDelete
  3. මාතා, ඉතිහාසය පුරාම ලංකාවේ බහුතර පිරිස ඇත්ත හංගලා බොරුව ජනගත කරපු බොරුව ඔලුව උඩ තියාගෙන දඟලපු තාමත් බොරුව ප්‍රෝඩාව කයිය සහ පඩගඳට රැවටෙන රටක් සජිත් අනුර කුමාර වගේ අය සජබ මාලිමාව පොහොට්ටුව සහ ඔය වීරවංශ ගමන්පිල වගේ පක්‍ෂ සහ දේශපාලුවන් තාමත් රඟන්නේ ඒකයි ඒත් ඇත්තටම ලංකාවේ ඉතිහාසය පුරාම අපි විශ්වාස කරන කතා ඇත්ත කියල ෂුවර්ද? ඇහැලේපොල කුමාරිහාමිව ඇත්තටම රජුගේ අණ පරිදි දියේ ගිල්ලෙව්ව ද ?

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් ඇහැලේපොළ කුමාරිහාමි සහ අඹුදරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් කථා කීපයක්ම ලංකාවේ ජනතාව අතර අහන්න ලැබෙනවා. මේ කථා අතරත් තියෙනවා යම් යම් වෙනස්කම්.

    ඉතිහාස පර්යේෂකයන් සොයාගෙන තිබෙන පරිදි

    1.ඇහැලේපොළ අදිකාරම සමඟ පැවැති ආරවුල නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඇහැලේපොළ දරු පවුල ඝාතනය කිරීම සඳහා නියෝග‍යක් නිකුත් කෙරෙනවා. ඒ අනුව ඇහැලේපොළ කුමාරිහාමිත්, ඇකයේ හුන් බිළිඳියත්, පිරිමි දරුවන් දෙදෙනාත් ඝාතනය වෙනවා. මේ දඬුවමට පාත්‍ර වූ අය අතර ඇහැලේපොළ ගෙ පවුලට අයත් වෙනත් කීප දෙනකු ද සිටි බව සඳහන් වෙනවා. ලංකාවේ බහුතර පිරිස අතරේ ප්‍රකට කථාව වෙන්නෙ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හුදු අත්තනෝමතියක් ‍මත මේ දඬුවම ක්‍රියාත්මක කරවූ බව.

    2. “ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය - උඩරට පුරාණ මුලාදෑනීන්ගේ ලේකම් මිටිය” නමැති පුස්කොළ ලේඛනයක දක්නට ලැබුණු වැදැගත් තොරතුරක් රංගන කුරුවිට සූරීන් ශ්‍රී නාම රත්නාලංකාරය සංස්කරණයෙ දි මතු කරනවා. එහි කියැවෙන ආකාරයට

    “දෙවැනි අදිකාරම් පදවිය ලබා සිටි මුල්ලේගම නිලමේ විසින් යම් රාජද්‍රෝහියකුට දඬුවම් කිරීමට ඉඩක් නො ලැබේ නම් ඔහු ගේ අබු දරුවංට දඬුවම් දීම නීතිය බව ප්‍රකාස කරනවා. නිරපරාධයට දඬුවම් කිරීමට සිංහල රාජ නීතියේ මෙසේ ඉඩක් ඇති මුත් මෙහි... යුක්තිය සලකා රජතුමා තෘෂ්ණිම්භූත වූ බව” වැඩි දුරටත් සඳහන් වෙනවා.

    3.කොළඹ කෞතුකාගාරයේ 2371 ‘ඇහැ‍ලේපොළ දරුවන් මැරීම’ නමින් සූචිගත කරලා තියෙන පුස්කොළ ලේඛනයක් ගැන පෝල් ඊ. පීරිස් සාකච්ඡා කරනවා. ඔහු සිය ‘ත්‍රී සිංහලය’ කෘතියෙ මේ විදිය‍ට ඒ ගැන වාර්තා කරනවා.

    “... රාජද්‍රෝහී වී පලා ගිය අයවලුනට, සිංහල නීතිය අනුව දිය යුතු දඬුවම කවරේ දැ යි විමසා සිටියේ ය. මේ අවස්ථාවේ නිලමේ විසින් පහත සඳහන් සිංහල නීතිය කියෙව්වේ ය. “රාජද්‍රෝහී වූ විට, එම ද්‍රෝහියාගේ පවුලේ උදවිය අල්ලා පිරිමි අය හිස ගසා මරා දැමිය යුතු අතර, ගැහැණු උදවිය දියේ ගිල්වා මරා දැමිය යුතු ය: සිංහල නීතිය එය යි” යි කීවේ ය. ...”

    4.තවත් විස්තරයක කියැවෙන ආකාරයට ‍ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු දරු පවුල ඝාතනය කිරීමේ සැලැසුම්කරු වුණේ මොල්ලිගොඩ සහ තවත් ප්‍රධානියෙක්.

    රජු ගේ කටුපුල්ලේ සහ අතපත්තු යන අංශවලින් පණිවිඩකරුවන් යවමින් මොල්ලිගොඩ විසින් ඇහැලේපොළ කුමාරිහාමිට සහ ඇගේ දරුවන්ට රජු ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වනවා. ඔවුන් රජු සම්මුඛයට පැමිණි පසු මොල්ලිගොඩ ගෙන් රජතුමා ඔවුන් ගැන විමසනවා. ඒ ඇහැලේපොළ ගෙ දරු පවුල බව මොල්ලිගොඩ විසින් රාජසිංහ රජුට හඳුන්වා දීමත් සමඟ රජු කෝපයට පත් වෙනවා.

    “මට ඒ දියබරි ඔළුවක් තියෙන ලොක්ක‍ ගෙ ගෑනිවයි, ළමයින්වයි දකින්න වත් කැමැත්තක් නෑ. වහා ම මගෙ දෑහැට නො පෙනී යන ලෙසට දන්වනු!”

    මේ අවස්ථාවෙ රජුට හිතවත් පාක්ෂිකයෙක් (ටී. බී. පෝහත් කෙහෙල්පන්නල අනුමාන කරන්නෙ මේ රජතුමා ගෙ සළුවඩන නිලමෙ විය හැකි බව) ආයාචනා කරමින් පවසන්නෙ මෙ බඳු අය ජීවත් වනවාට වඩා මරණයට පත් කිරීම වඩාත් සුදුසු බව. “එහ්! හරි!” කියමින් නැඟී සිටින රජතුමා මාලිගාවට යනවා. මේ වචනය රජතුමා නිතර නිතර පවසන එකක්ලු. නමුත් මේ කෙටි පිළිතුර ඔවුන් වරදකරුවන් බවට පත් කිරීමට ප්‍රමාණවත් පිළිතුරක් විදියටත්, දඬුවම් පැමිණැවීම සඳහා කළ සාධාරණීකරණයක් ලෙසත් මොල්ලිගොඩ සැලැකිල්ලට ගන්නවා. ඒ අනුව ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු දරු පවුලට දඬුවම් පමුණවන්නෙ මොල්ලිගොඩ විසින්. මේ කාරණාව ගැන පසු අවස්ථාවක මොල්ලිගොඩ විසින් ම රජතුමාට දන්වනවා. කෝපයට පත් වුණු රජතුමා ඔහුට මේ විදියට තරවටු කළාලු.

    “එක මොල්ලියක් තියෙන ගොනෙක් මෙල්ල කර ගන්න එක මෙච්චර අමාරු නම් මොල්ලි ගොඩක් තියෙන ‍ගොනෙක් මෙල්ල කර ගන්න එක කොච්චර අමාරු වෙයි ද?”

    (මේ විස්තරය ගත්තෙ ටී. බී. පෝහත් කෙහෙල්පන්නල රචනා කළ The Life of Ehelapola කෘතියට රංජිත් ඉලුප්පිටිය කළ පරිවර්තන‍ය අනුසාරයෙන්. ඇහැලේපොළ පවුලේ ඝාතනය සම්බන්ධ පරස්පර විරෝධී විස්තරය ඉදිරිපත් කරන්නෙ ටිකිරි බණ්ඩා උනම්බුවේ මහතා. ඔහු‍ට තද් විස්තරය ලැබෙන්නෙ මාලිගාවේ පරිවාර කාන්තාවක වශයෙන් සේවය කළ ඔහු ගෙ කුඩම්මා ගෙන් සහ වෙනත් විශ්වාසදායක මූලාශ්‍රයවලින් බවත් වැඩිදුරට සඳහන් වෙනවා).

    ReplyDelete
    Replies
    1. ඒ වගේම ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු දරු පවුල ඝාතනය වුණේ නෑ කියන කාරණාව ඉඳුරා කියන්න අපහසු යි. විද්‍යමාන සාධක අනුව නම් ඒ වගේ දෙයක් වෙලා තියෙනවා. පෝල් ඊ පීරිස් ආදින් සටහන් කරන විදියට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා තමන්ට දෝෂාරෝපණය කරන අයට දුන්නු පිළිතුර මේ විදිය යි.

      “මහනුවර රාජධානියේ නීති කවුරුත් දනී. ඒවා නිර්මාණය කළේ මා ද?”

      මීවැවේ විත්ති පොතේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසින් ගෙ අත් අඩංගුවට පත් ව ගෙන යන අවස්ථාවෙ දි පුංචිරාල වෙද රාළ විසින් රජතුමාටත්, රජුට අත් වූ තත්ත්වය පිළිබඳ හඬා වැටෙන මැණික්රාළ මොහොට්ටාලටත් බැණ වැදුණු ආකාරය සටහන් වෙලා තියෙනවා.

      “පුංචිරාල වෙදරාල අපිට වින කරපු දරුවන් කොටවපු වඩිගයා නැහුනා කියා මොහොට්ටාලටත් බැණ වැදී ගියා ය”

      ‍ඉංග්‍රීසින් සම්මුඛයේ සිටි ඇහැලේපොළ මහ නිලමේ විසින් මතුරට රදළවරු වෙත වර්ෂ 1815 දි එවපු ලිපියක් ගැන වාර්තා‍ වෙනවා. පුවක්ගොල්ලෙ, සපුහීන්නෙ, මීගස්වත්තෙ, යටිවැල්ලෙ, බජ්ජල, දරාඩෙකුඹුරෙ, පුස්සලමංකඩ, අරාවේ ආදි රදළවරු ගැන ලිපියෙ සටහන් වෙනවා.

      “සිංහල ද්වීපවාසින්ගේ ආරක්ෂාව පිණිස සියළු වැඩ බොහෝ සේ මන් කළ මාගේ ක්‍රත්‍ය හතුරෝ නපුරු තේරුම් උපදවා වාසලට දන්වා කළ බව ඒකාන්තයි. රටවාසී කවුරුත් දන්වා මාගේ අවංක බවත් දැන දැනත් වඩුග රජ ම‍ට මේ විපත කළේ ය. කොහොමත් වඩුග පරම්පරාව නිසා සිංහළ සේනාව හැම විදියෙන් ම විනාශ වේ. ඉබාගාතේට ආ වඩුගයෝ කරණ නපුරුකම් අසන විට ඉවසාගත නොහැකිවේ. රජ්ජුරුවන්ගේ යහපත් ක්‍රියා ද මොවුන් නිසා නෂ්ට වී ගියැ, අපේ දියුණුව ඔවුන් නො ඉවසත් අපේ සම්පත් සියල්ලත් බලාත් ලෙස ගණිතත් රජ අන මොවුන් හැර බැවින් දිනෙන් දින බලවත් අනදර වැඩේ. මේවා මැඩ පවත්වා ආණ්ඩුකරවීමට මා කළ කී දේ කාටත් මතක ඇති. ඒ සියල්ල අපේ සස්තෘ වූ නුනුවන නපුරු ලෙස වාසලට දන්වා වවුල්ගතියෙන් ............ ආරක්ෂාවත් කැමැත්තෙන් සි‍ටිත්. මේ සියල්ල අප ජාතියේ රජ පරපුර නෂ්ට වීමෙන් සිදුවූ විපත් යැ. මෙම විපතින් ඉදිරියටවත් සිංහලය ආරක්ෂාවන අයුරු පරීක්ෂාවෙන් වැඩ කිරීම අප කාටත් බාර වැඩකි ...”

      අදාල ලිපියෙ කෙටි උධෘතයක් ‍ඒ.

      ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු දරු පවුල ඝාතනය කිරීම සම්බන්ධ කාරණාවල විතරක් නෙවෙ යි, ඔවුන්ට දඬුවම් පැමිණ වූ ස්ථානය ගැනත් එකිනෙක වෙනස් තොරතුරු සටහන් වෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගැනත් ඒ විදිය යි.

      කියැවෙන විදියට රාජසිංහ රජතුමා බීමත්කමට ඇබ්බැහි කරවපු පළමු කෙනා තම යි නුවරකලාවියෙ (පුස්සැල්‍ල) දිසාවේ. රජතුමා සමහර කෲර දඬුවම්වලට ඔහුත් හේතුවක්. නමුත් කාලයත් එක්ක රජතුමා ඔහු ගෙ දුෂ්ටකම් ගැන අනාවරණය කරගන්නවා. රජ අණින් අතිශය බියකරු මරණයක් ඔහුට හිමි වුණා. කියැවෙන විදියට ලබා දුන් වධ හිංසා ඉවසා ගත නො හැකි ව ඔහු විසින් නැඟූ මරණීය විලාපය මහනුවර, මල්වත්ත විහාරයේ වැඩ සිටි මහලු භික්ෂුන් වහන්සේලාට පවා ඇසුණලු.

      මේ සමහර කථා ලේඛනගත වෙලා තියෙනවා. සමහර ඒවා ජනප්‍රවාද විදියට පවත්වාගෙන ආපුවා. කථාන්දර විවිධ යි. නමුත් නිර්මාණය වෙලා තියෙන්නෙ ඉතිහාසයක් එක්ක

      Delete
  4. මාතේ කැම්පස් ගියහම කඩ්ඩ බලපානව තමයි. ඒත් සජිත් ප්‍රේමදාස වගේ මෙලෝ වැඩකට නැති බහුබූත තැනට අදාල නොවන නොගැලපෙන වචන දාල බොරු පණ්ඩිත කම් පෙන්නන්න ගිහින් විහින් නෝන්ඩි වෙලා කුජීත වීමට නෙවෙයි ප්‍රායෝගිකව දැනුම ප්‍රදර්ශනය කරන්න පුලුවන්ද කියල බලන්න.

    සමහරුන්ට මොනතරම් දැනුම තිබුනත් ඉංග්‍රීසියෙන් නිවැරදිව පැහැදිලිව උත්තර ලියාගන්න බෑ. Engineering වල කොහොමද කියල දන්නෙ නෑ. Agriculture වල නම් කඩ්ඩ හොඳ අය හොඳට ලකුණු ගන්නවා. අනිත් දේ තමයි එන දිස්ත්‍රික්කය , කොළඹ ගාල්ල, මාතර ,නුවර ,කුරුණෑගල, ගම්පහ අය හොඳට ලකුණු ගත්තට , නුවරඑළිය , අනුරාධපුර වගේ පලාත් වල අය ලකුණු ගන්නව අඩුයි, ඒකයි අවුල තියෙන්නෙ.

    ReplyDelete
  5. වෙළෙඳ මාෆියාවේ ඇති මගඩි; හොර
    වනසාලිය යුතුය, එකෙකුදු අත්නෑර
    බිත්තරවලින් කෙරෙනා මේ හුටප්පර
    දනිතොත් බිජු නොදා කිකිළියො 'අරියි කර'

    ReplyDelete
  6. මාෆියාකාරයො විතරක් නෙවෙයි ඊයෙ යාපනේ මචං එකේ අපේ නෙදර්ලන්ත ගෑනු ළමයෙක්ට ඇටෑක් එකක් කළා යාපනේ කොල්ලෙක්... ඉතිං ඒ ගෑනු ළමයා අහනවා ලංකාව තනිකඩ ගැහැනු ළමයින්ට යන්න සුදුසු තැනක් කියලා ඊයෙත් කියලා තිබුනා නේදකියලා 😃

    බස්නාහිර සහ දකුණ එතකොට ඇල්ල නුවරඑළිය වගේ පැතිවල නම්
    local කෙල්ලෝ දිහා කන්න වගේ බැලුවට, foreign කෙල්ලෝ දිහා ලංකාවේ උන් එහෙම බලනවා සෑහෙන්න අඩුයි. උන්ට ඒක දැන් Normalized. ලංකාව ඇතුලේ foreign ලට එහෙම කරදරත් නෑ, ඔය 2.50 ත්‍රීවිල් කාරයෝ දෙතුන් දෙනෙක් ඇරුනාම 🍭🇱🇰

    ලස්සන දේට ඇස යෑමේ වරදක් නෑ, නමුත් පාරේ කෙල්ලෙක් පාස් කරගෙන ගියාම ආපහු හැරිලා බලන මානසිකත්වය මම නවත්තගන්නෙත් බොහොම අමාරුවෙන් වුණාට ඒක එහෙම විය යුතු නෑ!

    බටහිර රටවල් පැත්තකට දාමු, බෞද්ධ රටවල් වන තායිලන්තෙ ජපානෙ එහෙම හැරිලා බලන සිරිතක් නෑ, ඒ රටවල මිනිස්සු අති බහුතරයකට ඒ හැඟීම ආයාසයෙන් නවත්තගන්න වුවමනා වෙලාත් නෑ.

    බටහිරයො උනත් හොඳ හැඩ දිහා එහෙම බලන අවස්ථා ඕන තරම් තියනව. බලනවා විතරක් නෙමෙයි ඔවුන් ඒ විවෘතව අගේ කරනවා. උන්ගේ අපේ වෙනසක් ඒක.

    ප්‍රශ්නෙ තියෙන්නේත් ඔතනයි, ශ්‍රී ලංකා කාන්තාවකට ආභරණ වලින් සැරසී රටේ එක්කොනක සිට අනික් කොණට යන්න පුළුවන් වුන රටක් හැටියට සඳහන් වුනත් පසුගිය දශක කීපය තුළ ඇති වුනු ගූඪ සිතුවිලි ප්‍රවණතා සහ වික්ටෝරියානු ක්‍රමවේද ආගමික මතිමතාන්තරවලට එකතු කරලා පෙවීම නිසා ඇතිවී තියෙන ලිංගික ඇරියස් අපේ රට මේ තත්ත්වයට ඇදලා දාලා.

    ඒකට එක් උදාහරණයක් තමයි මේ පෝස්ට් එකේ පවා කමෙන්ට් වල බොහෝ දෙනෙක් මෙහෙම අඳින අය ප්‍රදර්ශන කාමීන් ලෙස හඳුන්වා තිබීම, දියුණු මනස් ඇති මිනිසුන්ට මේවා විලාසිතා පමණයි!
    විලාසිතාවන් ප්‍රදර්ශන කාමය ලෙස හඳුන්වන රටක් කාන්තා සංචාරකයන්ට හොඳම රට විදියට තේරීම නං සීරියස් සීන් එකක් නේද?

    ReplyDelete
  7. ලොකු ලූනු වලට පාලන මිලක් දාලා නැත්නම් ඒක කීයට දෙනවද කියන එක පාලනය වෙන්නේ ඉල්ලුම සැපයුම එක්ක. එතකොට අච්චර හම්බ කරා මෙච්චර හම්බ කරා කියලා වැඩක් නෑ, මොකද හම්බ කරන්න තමයි business කරන්නේ. ලාභ ගන්නෙ නැත්නම් මොකටද business කරන්නේ? එක දේ මෙතන ආදායම් බදු ගෙව්වද කියන එක. පාරිභෝගිකයා ගන්න ලෑස්ති නම් නීති විරෝධී දෙයක් කරන්නෙ නැත්නම් ගත්ත ගාන වගේ දෙගුණයක් තියලා විකුණන එක හොර වැඩක් වෙන්නේ කොහොමද?

    ReplyDelete
  8. මිනිස්සු තමන්ට හරියට කරන්න පුළුවන් දේ කරානම් අවුල් නෑ.. සජිත් ප්‍රේමදාස ගත්තම ක්‍රිකට් බාගෙට..වැස්සෙ නෑවත් බාගෙට..පාලමක් උඩින් ගියත් මොන්ගල් තාලෙට..
    එහෙම බාගෙට පොරවල් මොන quality ද? හරියට කරේ නිදන් හාරපු එකයි දුලාන්ජනී හොර සල්ලි අචචු ගහල මාට්ටු වුණ එකයි ඒකත හරියට බෑ...එකම එකා නොමිලේ දෙන එක criticize කර්න ගමන් හාල් කිලෝ 20ක් නොමිලේ දෙනවා කියන එක තමා සීන් එක.

    ReplyDelete
  9. අඩේ මාත ඔය මාෆියා ඇතිවන හේතුව ලංකාවේ මාකට් එක නිදහස් නැති බව, රජය මිල පාලනය, ආනයනය කිරීමට රජයෙන් සීමිත පර්මිට් දීම සහ රජයෙන් පමණක් බිත්තර ආනයනය කිරීම වගේ කරුණු කාරණා රාශියක් බලපානවා ඒ ගැන ඉකොනොමික්ස් වල තියරි වලින් දීර්ඝ ලෙස පැහැදිලි කරන්න පුළුවන් නමුත් සරල උදාහරණයකින් මම දැනට කිව්වොත් ඕකත් හරියට මෙඩිසින් ඉංජිනියරිං වල එක එක විශේෂ ෆීල්ඩ් ගැන ඒලෙවෙල් කරන තරුණ සිසු පිරිස දරන මතවාද වගෙයි, මොකද ඇත්තටම හොඳම ෆීල්ඩ් වැඩිම ඉල්ලුම තියෙන ෆීල්ඩ් පඩි වැඩිම ෆීල්ඩ්... මේ සේරම සෙලවෙන මනස පුතා කියල තමයි අලුත් කොල්ලො කෙල්ලන්ට අපට කියන්න තියෙන්නේ 😄😄😄😄 ඒ හැම දෙයක්ම එක එකාගෙ හැකියාව. මගේ කාමරේ හිටියා ඉලෙක්ට්‍රොනික් එකයි මැකෑනිකල් 5යි සිවිල් උං 2යි. සිවිල් උං දෙන්නගෙං එක්කෙනෙක් නැති උනා. ඉතිරි එකා ඇමරිකාවේ මෝගන් බැංකුවේ වයිස් ප්‍රසිඩන්ට් කෙනෙක් ක්ලවුඩ් ස්ටෝරේජ් සම්බන්දව. මැකෑනිකල් එකෙක් සීනියර් සොෆ්ට්වෙයා ඉංජිනේරින් කන්සල්ටන්ට් දැං නෙදර්ලන්තෙ වැඩ. ඉතිරි මැකෑනිකල් 2ක් එයාක්‍රාෆ්ට් ඉන්ජිනියර්ස් ඔසී සහ ශ්‍රීලන්කන්. ඉතිරි මැකෑනිකල් දෙන්නෙක් මං ඇතුලුව ටර්බයින් ඉන්ජිනියර්ස් පවර් ජෙනරේශන් එංගලන්තෙ සහ ඕස්ට්‍රේලියාවෙ. ඉලෙක්ට්‍රොනික් කරපු එකා අම්මලා දාල යන්න බෑ මොනව වුණත් කියලා ලංකාවේ ටෙලිකොමියුනිකේශන් ෆීල්ඩ් එකේ ප්‍රධාන සමාගමක වැඩ කර කර ඉඳලාත් මේ ඉංජිනීරිං මගුල මට එපා කියලා රජයේ සේවයේ (රේගුවේ) කස්ටම් ඔපිසර් කෙනෙක් උනා. ඕකයි තත්වෙ. හරියට කටුබැද්දෙදි අපි ඉගෙනගත්ත ෆීල්ඩ් එකේම වැඩ කරන්නෙ අපි දෙන්නෙක් විතරද මන්ද 🤔🤔🤔🤔🤔

    ReplyDelete
  10. මෝල් ළමාතන් අනුරයා වගේ ලෝකය ගැන මොලෝ යාවත්කාලීන දැනුමක් නැති පිස්සෙක්ව ජනාධිපති කරලා මේ රට තවත් විනාශ කරගන්න ඕන නෑ එකෙන්ම රනිල් තමා ඊලග ජනාධිපති වෙන්නෙත්

    ReplyDelete
    Replies
    1. අනික රනිලව ගිය ජන්දෙන් පැරදුනාට දිනපු උන්ට කර ගන්න පුලුවන් වුනාද ගො@නෝ.😅😅😅 අන්තිමට රට බංකොලොත් වුනා ඊට පස්සේ කයියනායක වගේ වැඩ බැරි ගො@න්නු බෑ කියනකොට එක ආසනයක්වත් නැති රනිල් විතරයි රට බාර ගත්තේ මොකද තමන්ට තමන් ගැන විශ්වාසයක් තියෙන්න ඕන බංකොලොත් රටක් බාර ගන්න එහෙම ආත්මවිශ්වසයක් නැති අනුරයා වගේ උන් එහෙම රට බාර ගන්නේ නැතුව පැනලා ගියේ ඒකයි අවසානයේ ලංකාවේ මිනිසුන්ට ඉතුරු වුනේ තමන් ප්‍රතික්ෂේප කරපු රනිල් විතරයි දැන්‍ රනිල් ලංකාවේ බංකොලොත් බාවයෙන් මුදවා ගෙන රටත් දියුනු කරමින් පවතිනවා ලෝක බැංකුව පවා කියම ධන 2 ක ආර්ථිකය වර්ධනයක් සමගින් ලංකාවේ ආර්ථිකය හැකිලීම අවසන් වුනා කියලා ඉතින් දැන් මිනිස්සු අවබෝධ කරගෙන ඉන්නවා රනිල් කියන්නේ සිරාම පොරක් කියලා දැන් රනිල් රට හැදුවට පස්සේ අනුරයා ඇවිත් මෙහෙම ගොං කතා කියලා බලය දෙන්න කියලා කිව්වට මිනිසුන්ට පිස්සු නෑ එහෙම බලය දෙන්න තේරුනාද බොට එකෙන්ම 2025 නියත ජනාධිපති රනිල් තමා.

      Delete
  11. ඇත්තටම දැනට ලෝකෙ පාලනය කරන්නෙ මේ වෙලාවෙ එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂයයි උන්ගෙ ජඩමාධ්‍ය කල්ලි ටිකයි එකට ගැට ගැහිලා තියෙන ලෙෆ්ට් වින්ග් ෆැසිසම් එකෙන්.

    ඊට වෙනස්ව දකුනු ආසියාවෙත් තව හින්දුත්ව එකක් නැගීගෙන එනවා මෝදිගෙ ප්‍රධානත්වයෙන්..දැනට දෙගොල්ලන්ටම පොදු හතුරා විදියට චීනෙ ඉන්න නිසා දෙගොල්ලො එකමුතුයි..හැබැයි බැරිවෙලාහරි චීනෙ ඩවුන් වෙලා ඔය දෙගොල්ලො අතර අංක එකට කම්පෙටිශන් එකක් හැදුනම ඒක තමයි දවසක වත්මන් ලෝකෙට වෙන්න පුලුවන් උග්‍ර විශසහිතම දේ.

    මේ නිසාම ඇත්තටම කවදා හෝ මානවයාගේ පැවැත්ම තීරණය වෙන්නේ ආසියාවේ ක්‍රියාත්මක වීම මතයි. ආසියාව තවමත් ඉතා සාම්ප්‍රදායිකයි. එයින් දරුවන් බිහිකිරිම ප්‍රවර්ධනය කරනවා. ඕස්ට්‍රේලියාව කොච්චර ලොකු වුනත් ජීවත්වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ඉතා සුළු බිම් කඩකයි. ලෝක ජනතාව ඇත්තටම ඉන්නෙ එක්තරා සිමියුලේශන් එකක හරියට කවුරුන්හෝ ප්‍රෝග්‍රෑම් කරපු සිස්ටම් එකක අපි රන් වෙනවා වගේ. අවුරුදු ගානකට කලින් පොඩිකාලේ බලපු ඒ මැට්‍රික්ස් එකේ සීන් එකනම් වෙනවා. නමුත් දැනට ලෝකෙ තියෙන මතවාද ඔක්කම ප්ලාන්ට් කරන්නෙ අර පැසිස්ට් හෙජමනික කල්ලියෙන් නිසාම ඉදිරි වසර සීයතුල මිනිස්සු දැන් ඉන්නවාට වඩා භාගයක් ඒ කියන්නේ බිලියන 4 ක් වගේ අඩුවෙන්න පුළුවන්. තුන්වන ලෝක යුද්ධය ආවොත් ඒක තවත් අඩුවෙන්න පුළුවන්. ලෝකයේම මානවයා ඉන්නේ ඒ වගේ අමාරුම තැනක.

    මේ නිසා ඉදිරි වසර දෙතුන්සියය තුල මානවයා හට මල්ටි පැලැනටරි වීමට නොහැකි උවහොත් වසර දහසක් යාමට මත්තෙන් මානවයන් මිහතලයෙන් හෝ මිහිතලය සමග හෝ තුරන්වී යන බවයි. මේ නිසා ඉලෝන් මස්ක් තමයි එකම බලාපොරොත්තුව “Get out of this planet."

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න