.

.

Apr 23, 2024

චතුර වැල්ලගේ, දීප්තී කුමාර ගුණරත්න, මනෝරම සහ සෙයිලමට ආ..... හද්දා පිටිසර අමු ගං කබර ටොක්සික් යුනිකෝඩ් රෝගියෝ (සින්තටික් සිහිණයේ සූරසේනලා)


 

චතුර වැල්ලගේ, දීප්තී කුමාර ගුණරත්න,

මනෝරම සහ සෙයිලමට ආ.....

හද්දා පිටිසර අමු ගං කබර ටොක්සික් යුනිකෝඩ් රෝගියෝ 

(සින්තටික් සිහිණයේ සූරසේනලා)

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕


මේය ටිකක් දිගු ලිපියක් වේවීය 

කැමති එකෙක් කියවගනිල්ලාය...


ලාංකීය සමාජයේ තියෙන අනන්‍යතා අතරින් ප්‍රධානම එකක් වන්නේ බොරුවෙන් ජීවත් වීමය.


 කෙනෙක් මලායින් පස්සේ උගේ ගුණ විතරක්ම කියන්න ඕනය කියලා හදාගෙන තියෙන්නේ එහෙම එකක්‍ය. ප්‍රසිද්ධියේ ගුණ වයා... කනට කොඳුරා කියන්නේ නුහුගුණේය. පෝස්ට් එකේ ගුණ ලියා... ඉන්බොක්ස් එකේ අරූගේ පට්ටන්දරේ ලියා එවනවාය. 


මාතලන් යනු එහෙම දෙබිඩ්ඩෙක් නෙමේය. කියන්න ඕනෑ දේ කට කැපුවත් කියනා එකෙක්‍ය. ඒ ගතිය නවත්තන්නට මොකෙක්ටවත් බැරිය. එය මා යුදෙව්වන්ගෙන් උගත් අගනා පාඩමක්මය. මාතලන් යනු මූනිච්චාවට ජීවත් වෙන එකෙක් නොව, සැමදා මිනිසුන්ගේ යහපත වෙනුවෙන් අවංකව පෙනී සිටිනා එකෙක්‍ය.


මොනම සමාජයකවත් හොඳ මිනිස්සු ඇත්තේ නැතිය. ඉන්නේ හොඳ නරක දෙක මික්ස් වෙච්චි උන්‍ය. මේ හොඳ නරකද එක එකාට අනුව සාපේක්ෂය.


2015 යහපාලන රජය බලයට පත්වන තෙක්ම චතුර වෙල්ලගේලා මෙන්ම අපද උන්නේ පාක්ෂික වශයෙන් එකම දේශපාලන කඳවුරකය. ඒ විවෘත ආර්ථිකය පිලිගන්නා නව ලිබරල් කඳවුරේය. එහෙත් විශේෂත්වය වූයේ ඔවුන් අම්බ දේශපාලන වහලුන් වීමත්... මා මධ්‍යස්ථ මතධාරියකු වීමත්‍ය.


මාතලන් පෙනී සිටින... නිදහස් ලිබරල් විවෘත ආර්ථික ක්‍රමය අනුගමනය කරන්නේ මැදමුලනේ හාදයෙක්ද, තඹුත්තේගම හාදයෙක්ද, කෙසෙල්වත්තේ හාදයෙක්ද, දිලිත්ද, ධම්මිකද යන්න කිසිසේත්ම අදාල නොවනාතර... මාතලන් ඌ හෝ ඈ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නේය. 


මේ බව ජාතික ජන බලවේගයේ ප්‍රබල සාමාජිකයෙක් වෙන... ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම හිතවතාද ලියා තිබුනේය. ඒ සහතික ඇත්තය. අනාගතයේ අනුර කුමාරයා අනුගමනය කරන්නේ එම ප්‍රතිපත්තිය නම්... අනුර කුමාරට ප්‍රසස්ති ලිවීමට මාතලන් කිසි දිනෙක පැකිලෙන්නේ නැතිය.  ඒ මාතලන් දේශපාලන වහලකු නොවනා නිසාමය. 


(දැන් ඉදිරියට ආර්ථිකය දුවන්නේ IMF අධීක්ෂණය යටතේ නිසා අනාගතයේදී මොකා ආවත් අවුලක් වන එකකුත් නැතිය.)


එබැවින් උග්‍ර රාජපක්ෂ විරෝධියකු වුවද, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල මෙන්ම අධිවේගී මාර්ග, නෙළුම් කුළුණ පෝට් සිටිය මෙන්ම ගෝල්ෆේස් ඉදිරිපිට හමුදා මූලස්ථානය විකිණීම වෙනුවෙනුත් පෙනී උන්නේ ඒ නිසාමය. මේවාට අජිත් පැරකුම් ජයසිංහ මෙන්ම රොහාන් සමරජීවද සාක්ෂි දරනු ඇතිය.


රාජපක්ෂලා ජනේලේ එල්ලා ගෙනා යහපාලනය කෙලින්නේ අමු පිස්සුවක් බවත්, සිරිසේන කියන්නේ අමු පිස්සෙක් බවත්.. රනිල්ලා මෙන්ම පාඨලීලාද කෙලින්නේ අමු පිස්සුම බවත්.. යහපාලනේ ඇවිත් සතියක් යන්නටත් මත්තෙන් මාතලන්ට ලියන්නට හැකි වූයේත් මේ නිසාමය.. 


පෝට් සිටියේ මුල් ගල ගලවා මුහුදට විසිකල... මත්තල වී ගබඩා කළ ....රනිල්.... නිර්දය ලෙස විවේචනය කළේත් එනිසාමය. මේවා මොකා කළත් තන් ගොකතීරූ අමන අම්බරු වැඩය. රටේ ප්‍රධානම පෙලේ සංවර්ධන යෝජනා ක්‍රම කිසිවක්ම ක්‍රියාත්මක නොවූ අතර, ණය වෙවී කළේ රජයේ හිඟන්නන්ට පඩි ගෙවිම විතරමය.. රනිල්ට ඇපත් නැතිව ගෙදර යන්නට වන්නේ මෙනිසාමය.


සියල්ල ඇරඹෙන්නේ එතැන් පටන්ය. වෙල්ලගේලා ප්‍රමුඛ ටොක්සික් දේශපාලන වහල් බලකාය විසින්.... මාතලන් මැදමුලන කක්කුස්සි හෝදන එකෙක් ලෙස හඳුන්වන්නට පටන් ගන්නේ මා ගෝටාට රෙදි නැතිව කඩේ යන බව කී නිසාය. 


(ඒ ගල් මූසලයා අප බලාපොරොත්තු තැබූ ගෝටා නොව එතෙක් මෙතෙක් රට පාලනය කල අමු ගොබ්බ පාලකයා බව දැන් ඔප්පු වී හමාරය. ඒවා ලියන්නටද අප කිසි දින පැකිලෙන්නේ නැතිය.)


වෙල්ලගේ කඳවුර මගේ පෞද්ගලිකත්වය සොයාගෙන ඒවාට පහර දෙන්නට පටන් ගන්නේ එතැන් පටන්ය. එහෙත් උන්ගේ තත්වයට පහතට වැටීමේ අවශ්‍යතාවයක් මට නොවූයේ, වසර ගනනක් තිස්සේ..මේ තුච්ඡ ලාංකීය සමාජය... මජර දේශපාලනය... පාදඩ ජඩමාධ්‍යකරණය ගැන මෙන්ම ටොක්සික් රෝගීන් වීරයන් සේ වැජඹෙන... සමාජ මාධ්‍ය ක්ෂේශ්ත්‍රය ගැනද හොඳ අවබෝධයක් මා හට තිබූ නිසාමය. 


එවන් පාදඩයන්ට "රෙද්දේ රෙවෙන.." කතාව මුලින්ම ලිව්වේ මාතලන්‍මය. එය උන්ගේ කන හරහා වැදුනාක් මෙන්ම.... ගෝටා චන්ද ලක්ෂ 69 ක් ලබාගෙන උඩින්ම දින්නේය. රෙද්දේ රෙවුන උන් හත්පොලේම ගාගෙන අපේ ඇඟෙත් උලන්නට ගන්නේ එතැන් පටන්ය. එහෙත් අප උන්ගේ පැටිකිරිය සොයන්නට ගියේ නැත්තේ.... මුන් පොදු කුලකයක් බව ඒ වන විටත් හඳුනාගෙන උන් නිසාය.


මුන්ගේ හැදියාවන්... පවුල් පසුබිම් හා හැසිරීම් ගැන විශ්ලේශනාත්මක අධ්‍යයනයක මා නිරතුරුවම යෙදී උන්නේය. ඒ උන්ම ලියූ කියූ දෑ තුලින්මය. තමුන්ගේ ගං කබර භාවය නොලියන මෙන් මා කීප දෙනෙකුටම උපදෙස්ද දුන්නේ... උන් ගොඩනගාගෙන ඇති ඉමේජ් එකට ඉන් අනතුරක් විය හැකි නිසාමය. 


ඒ බව දැන් තහවුරුය. මුන් සියල්ලෝම හද්දා පිටිසරින් සෙයිලමට පැමිණි අමු ගං කබරුන්මය. උන්ගේ දෙමාපියන්ගේ තත්වය.... අර අරගළය ජයග්‍රහනය කළ වෙලේ... වොයිස් කට් එකක් දුන් අරගල භූමියේ එළෝළු වවපු තාත්තා.... මේක බොන්න ඕන ප්‍රශ්ණයක් කියා සරම කඩලාම පෙන්නුවේ.... අරගල වීරයෝ ඔල්මොරොන්දම් කරමින්‍ය. උන් ගම්වල කසිප්පු කාරයෝය. හැබයි උන්දැගෙ දෝනියැන්දා සමාජයේ ජීවත් වුනේ කුරුඳුවත්තේ ලමාතැනී කෙනෙක් වගේය.


මුන් ඈත පිටිසර ගම්වල කසිප්පු කාරයන්ගේ දරුවෝ වනාතර. ගංජා සන්නාගේ සිසු පරපුරය. දීප්ති කුමාර ගුණරත්න මුන් හඳුන්වා දෙන පරිදි.... විජේවීරවාදී ජෙප්පන්ගෙන් වෙන්වන්නේ එතනදී පමණමය. ගංජා සන්නා කියන්නේද එරියස් කාරයෙක්මය. තර්ස්ටන් ගිය එකාගේ ගුබ්බෑයම....  රෝයල් තැප්‍රොබේන් වෙන්නේ හිස්තැන පිරවීමටය. ඌත් පල් හොරෙක් බව නැවතත් ඔප්පු වී අහවරය. 


මෙය ඉතා කුඩා කණ්ඩායමක් වනාතර කිසිඳු තැනක පිලිගැන්මක් නැති. පර්සනැලටියක් නැති.. කොනේ සිටිනා හාල්පාරුවෝ පිරිසක්‍මය. ඒ බව මාතලන් විසින් විවිධ ස්ථානයන්හීදී මෙන්ම, අරගලයේදීද අධ්‍යයයනය කළේය. මුන් වීරයෝ වන්නේ යුන්කෝඩ් අතරේ විතරමය. ඒ නිසා මින් මතු ලිපි වල මුන් යුනිකෝවරුන් ලෙස මා විසින් නම් කරන්නේ මේ වර්ගයේ තවත් දරුණු මානසික රෝගීන් කිහිප දෙනෙක්ම තවමත් යුනිකෝඩ් අතරේ සැරිසරනා නිසාමය.


හැබයි මුන් සමාජයේ පෙනී සිටින්නට ගියේ සුනේත්‍රා බණ්ඩාරනායක පාක්‍යසෝතී සරවනමුත්තුලාගේ පන්තියේ පසුබිමක් සහිත නෝනා මහත්තුරුය කියලාය. මුන්ට සංසාරයේ උන්ගේ සමාජ තත්වයට තබා... වාසුදේව හා මංගල සමරවීර පවුල්වල තත්වයටවත් ලඟාවිය නොහැකි බව පසක් වූ කළ... ගමටත් නැති රටටත් නැති ටොක්සික් හාල්පාරුවෙක් බවට පත්වන්නේය.


මේ ග්‍රාම්‍යවාසි හාල්පාරුවන් පිළිබඳ අපූරූ ටෙලි සිත්තමක් මා හිතවත් අසෝක හඳගම හිතවතා විසින් බොහෝ කළෙකට ඉහත "සින්තටික් සිහිණය" නමින් රටට පිඳුවේය. මේ ටොක්සික් රෝගීන් ගැන හඳයා කතා කළේ කාලාත්‍රයේ ඉදිරියට ගමන් කරමින් වීම.... අපූරූ අහම්බයක්මය.


ඇත්තටම මුන්.... ෆුකෝලා, ඩෙරිඩලා, ලැකාන්ලා වෙන්න ගියාට.... who cola ගත යුතු "පළිඟු මැණිකේ" නාට්‍යයේ සිටී... පුරෙන් ආ පිස්සු හුටන් සූරසේනලාමය.


ඒ වගත් මෙසේය.....


..................................................................


මනෝරාමගේ පෝස්ටුව

➖➖➖➖➖➖➖➖➖


මම නම් මිනිස්සු පොදුවේ ගත්තහම සමාජයට වන බලපෑම, වැඩි වශයෙන් අවුල් නම් මළත් නැතත් විවේචනය කරනවා...


ඒ නිසා විවේචනයේ අයිතිය පිළිගන්නවා.


මඩ ගැහීමේ අවලාද නැගීමේ අයිතිය පිළිගන්⁣නේ නෑ...


කවුරුහරි අහනව නං ඒ දෙකේ සීමාව කොතනද කියලා, ඒක තමා 'බයිත්වය'  


බයිත්වය අනුව තමා ඉතිරිය තීරණය වෙන්නේ...


මම බයියා මොකාද කියල අඳුරනවා... සතා අඳුරන නිසා පරිස්සමින් තමා ඉන්නේ... !!!


මාතලන්ගේ කොමෙන්ටුව

➖➖➖➖➖➖➖➖➖


කෙනෙකුගේ දේශපාලන මතය නිසා පෞද්ගලිකත්වයට ගහන්නේ බයියෝ නම්...


චතුර වෙල්ලගේ කියන තිරිසනා තමා බුකියෙ හිටපු හොඳම බයියා...

............................................................................


වෙල්ලගේ වැනි ටොක්සික් රෝගින් පිළිබඳ 

දීප්තී කුමාර ගුණරත්නගේ මතය

➖➖➖➖➖➖➖➖➖➖➖⭕


මාතලන් යකා ගොඩදෙනෙක් බොරැ සදාචාරවාදියෝ වෙලා. අවස්ථාව ලැබුණොත් ගහලා,කුඩුකරලා,මරලා,ගිනිතියලා දාන්නත් ,  යනඑන මගක් නැතිව අසරණ වී බිත්තියට හේත්තු වුණු විට නොසිතන තරම් නිවට,දීන වී සියල්ල පාවාදීමටත් හැකි මනෝභාවය  මේ සමාජයට එන්නත් කලේ විජේවීරවාදය .


මේ පිස්සන්කොටුවේ කිසිදු පදනමක් නැති මනෝවිකාර ,හිතලු කියවමින් ,අනෙකාගේ විනෝදයට වෛර කරන කාලකන්නි මනෝභාවය පහුගිය අවුරුදු 10ක් හැදුවේ විජේවීරවාදය .


ගල්කිස්සේ සෙවලයා,දෙනියායේ ප්‍රේමවතී වැනි මොකට ජීවත්වෙනවද කියලා නොදන්න තමන් සමග ලෝකයම අලු වෙන්න පතන විශ මනෝභාවයන් මේ සමාජයට ගොඩනැගුවේ විජේවීරවාදය .


මේ සමාජයට සැබෑවට හුස්ම ගන්න නම් ඇත්තටම තව කාලකන්නි කුහකයෝ දාහක් මැරෙන්න ඕනි.


ඒ අතර සත්‍යවාදීයොත් මැරෙනවා.

ඒක දෙවියන්ගේ කැමැත්ත.

.

18 comments:

  1. උඹ ඔය කියන කතාව ඇත්ත බං මාතේ ඔය කියන වැල්ලේගේ කියන හාදයා පහුගිය දවස්වල සජබයි කල්ලියට රෙදි නැතුව කඩේ යන ගමන් මාලිමාවට හෙලුවෙන් කඩේ යන වහල්ලු එක්ක මඩ ප්‍රහාර ගහ ගහා මරාගත්තා, ඒක පහුගිය දවස් ටිකේම මම දැක්ක ඒ වගේම කාඩිනල් මැල්කම් රංජිත් පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවා හොයන අතරේ, අර කුප්‍රකට
    හිජාස් සහායක හිස්බුල්ලා, විල්පත්තුව ඈපපු බදියුදීන් ඇතුලු කණ්ඩායමක් ගිහින් රජයේ ඉහළම කට්ටිය හමුවෙලා ආපහු පරණ නාඩගම් කරගෙන යන්න උපරිම සහයෝගය ලබාගෙන.

    පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ තහනම් කරපු මද්‍රසා සිලබස් ආයේ ගේන්න, ලංකාවෙන් පිටමන් කරපු ගුරුවරු ආයේ ගේන්න, තහනම් කරපු සංවිධාන සේරගෙම තහනම් ඉවත් කරගන්න ඉල්ලීම් කරලා රජයත් බොහෝ දුරට එකඟතාවකට පැමිණ ඇති බවයි කියවෙන්නේ

    ඒ වගේම අර නැගෙනහිර අන්තවාදී විශ්වවිද්‍යාලයත් දැන් උන්ටම ලැබිලා.

    පාස්කු ප්‍රහාරයට අවුරුදු පහක් ගිය තැන උන් ලැජ්ජ නැතුව එලිබැහැලා අන්තවාදය ආයේ දිනා ගන්නවා.

    ඒකට එකම චූදිතයා සැබෑ අන්තවාදය යට කරලා තමන්ගේ දේශපාලන ඇජෙන්ඩා දිනවන්න හදන කාඩිනල් මැල්කම් රංජිත් බවත් සබුද්ධික ජනතාව පැහැදිළිව තේරුම්ගත යුතුයි.

    ReplyDelete
  2. ඔය වගේ සත පහකට වැඩකට නැති බුකියේ වැළපෙන රගන්න දඟලන තුට්ටු දෙකේ කාලකනනි ගැන නොහිතා මේ වෙලාවේ තමයි ලංකාවේ ආර්ථිකය දියුණු කරන්න අපි කැප වෙන්න ඕනේ

    උදාහරණ විදිහට මෑත යුගයේ පැවැති හැම ඕස්ට්‍රේලියන් මාස්ටර්චෙෆ් තරගාවලියකම ශ්‍රී ලංකන් කෑම සෑහෙන රෝල් එකක් ප්ලේ කළා.
    ඒ වගේම බොහෝ ජයග්‍රාහකයොන්ගේ ටර්නිං පොයින්ට් එක වුණේ ශ්‍රී ලංකන් කෑම.

    පස්සෙ පස්සේ ඕස්ට්‍රේලියන් අගමැති පවා තමන්ගේ නිවාඩු දවසේ ශ්‍රී ලංකන් කෑම හදලා සෝෂල් මීඩියා දැම්මා. ඒ නිසා මෙහෙ ශ්‍රී ලංකන් කෑම දැන් ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය සංස්කෘතිය ඇතුලේ එලීට් තැනක තියෙන්නේ.

    ඒ වගේ අසල්වැසි භාරතය ඇතුලු යුරෝපීය එක්සත් ජනපද වගේ රාජ්‍ය වල ඉන්න ලංකාවේ කට්ටිය අලුතින් ශ්‍රී ලන්කන් කෑම බිස්නස් එකක් පටන් ගන්න හොදම වෙලාව

    දැනටමත් ඕස්ට්‍රේලියාවේ .social media හරහා ප්‍රචාරයක් දීලා හොදට උයන්න පුළුවන් කෙනෙක් එක්ක එකතු වෙලා home delivery පටන් ගන්න පුළුවන් .ලොකුවට rent ගෙවලා අලුතෙන් පටන් ගන්න ඕනේ නැහැ .

    පිරිසිදු කම සහ රසට ගුණාත්මක බවෙන් ඉවීම තමයි food business දියුණු වීමේ රහස .මේ අවස්ථාව මග හැරගන්න එපා ඕස්ට්‍රේලියාවේ ඉන්න business minded කට්ටිය අයෙත් මෙහෙම චාන්ස් එන්නේ නැහැ

    ලංකාවේ ඉන්න අයටත් මාතා වගේ සංචාරක කර්මාන්තය එක්ක සම්බන්ධ පිරිස් එකතු වෙලා ගේමක් ගහන්න කටයුතු කරන්න ඕන නේද?

    ReplyDelete
  3. රටකට ගිහින් ඒ රටේ පුරවැසිකම ලබාගත්තානම් ඒ රටට පක්ෂපාතී වීම අනිවාර්යයෙන්ම කල යුතු දෙයකි. තමාගේ සුභසාදනය පිනිස පමනක් පුරවැසිකම ලබාගැනීම කිසිලෙසක අනුමත කල නොහැක.
    මා වසර හතලිහකට පෙර රටින් පිටවී රටවල් කීපයක පුරවැසිකම ලැබීමට සුදුසුකම් ලබා සිටියද අදත් සකල සිරින් පිරි සිරි ලංකාවේ හාල් පොතෙන් ගමන් කරන්නේ ඒ නිසාය. ද්විත්ව පුරවැසිකමක් ලබාගැනීමටද තවම සිත සාදාගෙන නැත.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම ඉපදුන රටට වගේම තමන් පසුව පුරවැසිකම ලබාගන්නවානම් ඒ රටටද පක්ෂපාතී විය යුතුය. එමෙන්ම ඒ රටේ සංස්කෘතියටද අවශෝෂනය විය යුතුය. පාස්පෝර්ට් එකෙන් පමනක් නොව සියල්ලෙන්ම ඒ රටේ පුරවැසියකු විය යුතු බව මගේ හැඟීමයි. එනිසා එංගලන්තයේ අගමැතිගේ ප්‍රකාශය ඉතා නිවැරදිය.
      මා කීවේ මමද යම් රටක පුරවැසිකම ලබාගන්නේනම් එම රට මගේ පලමු රට කරගන්නා බවයි. සුභසාදනය පිනිස පමනක් රටක පුරවැසිකම ලබාගැනීම ගැන එරෙහි වෙමි.

      Delete
  4. මාතා ලංකාවේ මෙඩිසින් කරපු උන්ට ජොබ් එකක් ගන්න අනාගතයේදී ඉන්ටර්වීව් යන්න වෙනවා කියලා කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්තක් නෙවෙයි. ඒ Medical officer කෙනෙක්ට intern/post intern post එක හම්බෙන්නෙ Merit based. ඒකට Interview නැති එක කාලෙක ඉඳන් තියෙන ප්‍රශ්නයක්. Interview නොකරන්න එක හේතුවක් උනේ 2022 වෙනකම් ලංකාවේ තිබුනෙ medical officers ලගෙ හිඟයක්. 22න් පස්සෙ Local + ERPM එකතු වෙනකොට Medical Officer(MO)ලගෙ surplus එකක් හැදෙනව කියල estimate කරල තිබුන. ඒ නිසා 22න් පස්සෙ post වලට ගනිද්දි interview කරන්න වෙනව කියල medicine කරන එවුන් නන් දැනන් හිටිය. ඒක 25 වෙනකම් කල්ගියා 22-23 කාලෙ අවුරුද්දකට 300-400 ප්‍රමාණයක් migrate උන නිසා & 23 සෑහෙන set එකක් retire උන නිසා. හැබැයි දැන් migrate වෙන ප්‍රමාණෙ ආයෙ ටිකක් අඩු උන එකයි, අලුත් fac ටිකයි නිසා 25-26 වෙද්දි ආයෙත් surplus එකක් හැදෙනව. ඒ හින්ද medicine වලට interview ගේන්න admin කලබල වෙන්න ඕනෙ නෑ. ඒක necessary change එකක්.

    CV වලට අමතරව hospital එකට

    01. Surgery or Gyn obs නොකලොත් medical officer කෙනෙක්ට මැහුම් ගහන්න අවශ්‍යතාවයක් එන්නෑ. ඒ හින්ද medicine කරන්න එන එකෙක්නම් මැහුම් ගහන්න පුලුවන්ද බලන්න amaruwk නෑ. ඒව surgery gyn obs end appointment වලදි බැලෙනව.

    02. බෙහෙත් දෙන හැටි බලන්න mchn emergency viva තියෙනව හැම end appointment exam එහෙකම. Emergency නොවන patient ලට බෙහෙත් දෙන හැටි බලන්න case discussioms තියනව. ඒව බැරි නම් fail වෙනව.

    03.final year 100% attendance(with medicals) ඕනෙ exam එකට apply කරන්න.

    04. Punctuality වලට marks allocate වෙනව. And punctual නැති එවුන් සති ගනන් appointments repeat වෙනව.

    05. Patientලට & Seniors ල එක්ක කතා කරන හැටි බලන්න communication viva තියනව.

    අඩුපාඩු තියනව. ඔය tools වලින් යම්තාක් දුරකට විතරයි assess වෙන්නෙ. Fully assess වෙන්න Interview system එකක් hopefully එයි.

    දැනට ඉන්න dokalage skills, knowledge අලුත් evidence එක්ක update වෙනවද බලන්න තාම fully functional system එකක් නෑ. CPD එක තාම baby steps වල තියෙන්නෙ. ඒක function වෙන්න ගත්තොත් 5 yearly licence renew කරන්න ඕනේ doctorsලට.

    Hospital and Faculty වල HR නැති එකත් තියන ලොකු අවුලක්. Complaints or suggestions යන්නෙ director, dean or SLMC එකට. ඒකට bias නැති body එකක් ඕනෙ.

    අන්තිමට කීවොත් Saitom KDU ඇවිත් ඩීසන් පිට වැඩ කරන internල 6ක්ම ඉන්න ward එකක් තියනව, කොච්චර ඩීසන්ද කිව්වොත් 6න් 5කම දැන් මාස ගානක් intern එක repeat කරන්න වෙලා ඉන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් ඇවිල්ල admit වෙලා ඩීසන්සිය බලල පුලුවන් උනොත් පණපිටින් ගෙදර යන්න.

    ReplyDelete
  5. අද උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට ඉරාන ජනාධිපතිවරයා ලංකාවට පැමිණ සිටින මොහොතක ලංකාවේ මෙතෙක් සිදුවූ බොහෝ සංවර්ධන ව්‍යාපෘති වගේ මෙම උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් කරන ඡායාරූපයේ තමයි 2008 අවුරුද්දේ ලංකාවට පැමිණි එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමඩිනිජාඩ් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර අත්සන් කෙරුණ අවබෝධතා ගිවිසුමක් නිසා මේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය පටන් ගැනුණා.

    2015 දී යහපලානේ බලයට පැමිණීම සහ ජනතා විමුක්ති පෙරමුණේ විරෝධතා නොවන්න ට සාම්පුර් ගල් අඟුරු බලාගාරය (ප්‍රථම පියවර විවෘත කරන්න තිබුනේ 2018 දී) වගේ මේකත් 2016 වසර වෙනකොට ජනතා අයිතියට පත් වෙන්න බොහෝ ඉඩ කඩ තිබුනා.

    රටක සංවර්ධනය තනියම හෝ ඉබේ සිදු වෙන්නෙ නෑහැ, විශේෂයෙන් ම අධිවේගී /මහා මාර්ග ඇතුළු යටිතල පහසුකම්, බලශක්ති වගේ ශේෂ්ත්‍ර වල සංවර්ධනයක් නැතුව. ඒ වගේම පරිසර විනාශයෙන් වියුක්ත වූ ව්‍යාපෘති ඇත්තෙත් නෑ (උදාහරණයක් විදියට නොරොච්චෝලේ හැදුවේ නැත්තම් ලංකාවේ සීයට 30කට මේ වෙලාවේ කරන්ට් එක ත් නෑ ).

    ඒ හින්දා අවරුදු 8ක්‌ පරක්කු වෙලා හරි කමක් නෑ, අද උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් වෙනවා. ඒක සතුටට කරුණක්.

    ReplyDelete
  6. ලංකාවට ආවේණික වෙච්ච ලෙඩෙක් ඔය චතුර වැල්ලගේ වගේ ටෝක්සික් විෂ සහිත රෝගීන්ට තියෙනව ලාංකික මිනිස්සුන්ට තිබෙන එකම ප්‍රශ්නය, කිසිම විෂයයක සංකල්ප සහ මූලධර්ම ගැන කිසිම අවබෝධයක් නැතිකම.

    ඕනෑම භාණ්ඩයක හෝ සේවාවක මිල තීරණය වන්නේ ඉල්ලූ ම හා සැපයුම් මත..

    විකල්ප සොයා ගැනීම තමා පිළිතුර.

    අපේ මිනිස්සු හැමදාම පිනට ලාබෙට බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔය අනිත් මිනිස්සුන්ට මරණය පතමින් හෙන ඉල්ලීම කර කර ඉඳලා ඉල්ලුමට සරිලන ආකාරයට සැපයුම තමන්ටම ලැබිලා වල කජු ගහපු ඔය මැරුණු එකා මැරුණ එක හොඳ වැඩේ තමයි ඒ වගේම මාතලංට හිතෙන්නේ නැද්ද SMS වලිං ගායක ගායිකාවෝ තෝරන්ඩ දායක උන උංටත් හොඳ වැඩේ කියලා.

      ඒ කාලේ කපුගේ මනුෂ්‍යත්වයේ සංඛේතයක් උනාට තමන්ගේ වටිණාකම දැනගෙන හිටියේ නෑ. පරණ කලාකාරයෝ ගොඩක් එහෙමයි. ගොඩක් අය අනිතිම කාලයේ දුක්ඛිත ජීවිතයක් ගතකලේ ඒකයි. දැං ඉන්න SMS ගායක ගායිකාවෝ එහෙම නෑ. රැල්ල යන්ඩ කලිං තමන්ගේ ආදායම හොයාගන්නවා. මුන්ට ආතල් ගන්ඩත් ඕන හැබැයි වියදම් කරන්ඩත් ලෝභයි. විනෝදාස්වාදය ලාභෙට නෑ. අනික පරණ කලාකාරයන්ගේ මනුස්සකම් කියවන පොරවල් ඒ මිනිස්සු අමාරුවෙන් ජීවිතය ගත කරද්දී එක සතපහක් දුන්නද තමන් වින්ද කලා රසාස්වාදය වෙනුවෙං. ස්ටේජ් එකේ සින්දු කියද්දී තව එකක් කියපං කීවා මිසක් ඒ මිනිහගේ මහන්සිය නොසලකා තමන් ගේ ආතල් එක වෙනුවෙං

      Delete
  7. අඩේ ළමා තං සන්නා හොඳ සන්නියක් නටලා කියන්නේ ඇත්තද බං?

    ReplyDelete
  8. සනත් නිශාන්ත ගේ මරණේ වෙලාවේ 😂 දැම්මේ ත් නෑ, චතුර වෙල්ලගේ ට 😂 දාන්නෙත් නෑ (ත්‍රස්තවාදීන් හැරෙන්න), මොකද අපි කව්රුත් මැරෙන මිනිස්සු සහ හොඳ නරක දෙකම තියෙන කළු සුදු සහ අළු මිනිස්සු. මිනිස්සු (අපි ඇතුළු ) හිතපු, කරපු සහ කියපු දේවල් ඒ මිනිස්සු අරන් යයි. එච්චරයි.

    ReplyDelete
  9. සිංගප්පූරුවේ කතාව පටන් ගන්නේ 1819 දී. ඒ ස්ටැන්ෆර්ඩ් රැෆල්ස් කියන ඉංග්‍රීසි කපිතාන් වරයා ලන්දේසි බලය තිබෙන මලයාවේ මලක්කා වරායට තරගකාරීව බ්‍රිතාන්‍යයට වරායක් නිර්මාණය කරන්න එහි ආසන්නයේ මුහුදු මාවතේ පුංචි දූපතක් තෝරා ගෙන එහි ගොඩ බෑමත් සමග. ඔහු ගොඩ බහින කොට සිංගප්පූරුව පුංචි ධීවර ගම්මානයක් වගේ තැනක්.. මලක්කාවට ආව ගිය පුංචි බෝට්ටු තේ එකක් බොන්න නවත්වන තොටුපළක්.

    මීළඟ ලෝක අධිරාජ්‍යයා එම දූපතට ගොඩ බැහලා ඒක තමන්ගේ කලාපීය මූලස්ථානය කර ගෙන සුපිරි නැව් තොටක් බවට පත් කරනවා. නැව් වල භාණ්ඩ හුවමාරුවට තිබුණ බදු ඉවත් කරනවා. සූදුව, ගණිකා වෘත්තීය මෙන්ම මත්ද්‍රව්‍ය වෙළෙඳපොළ නීතිගත කරලා නිදහස් කරනවා. මේ වාසි දායක තත්ත්වයන් නිසා ක්‍රමයෙන් මලක්කාවේ ගිය නැව්, ඔරු, පාරු සිංගප්පූරුවේ වරායට සේන්දු වෙනවා. ඒ වෙළෙඳපොළ දියුණුව සමග ඉන්දු මලයාව, චීනය, සහ ඉන්දියාවෙන් මිනිස්සු මේ දූපතට එනවා. ටික ටික මේ දූපත ප්‍රධාන බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ මධ්‍යාස්ථානයක් ලෙස දියුණු වෙනවා.

    බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය බිඳ වැටෙන කොට ක්‍රමයෙන් සිංගප්පූරුවට ස්වයං පාලනයක් ලැබෙනවා. ඒ 1963 දි. ඊට පස්සේ සිංගප්පූරුව මැලේසියාව සමග හවුල් ආණ්ඩුවක් හැදුවත් මැලේසියාවට ඒක රුස්සන්නේ නැතුව ඔවුන් සිංගප්පූරුව සිය පාලනයෙන් ඉවත් කරනවා. ඒ 1965 දි. කොච්චර කුඩා උනත්, තනියෙන් රටක් විදියට දියුණු වෙන්න කියලා කකුල් දෙකෙන් හිටගෙන ඔවුන් එයට මුහුණ දෙනවා.

    ලෝකයේ බොහෝ රටවලට වගේම සිංගප්පූරුවටත් කොමියුනිස්ට් කැරළි එනවා. හැටේ දශකය පුරා වේගයෙන් පැතිරී ගිය කොමියුනිස්ට් සන්නද්ධ කැරළි මැලේසියාව ඔස්සේ සිංගප්පූරුවටත් එනවා. කොමියුනිස්ට් කණ්ඩායම් විසින් සිය රාජ්‍ය අල්ලා ගන්න එකෙන් වළක්වා ගන්න ලී ක්වාන් යූ ට පුළුවන් වෙනවා. ඔහු කොමියුනිස්ට් පක්ෂ තහනම් කරනවා විතරක් නෙවෙයි, ඒහා සම්බන්ධව ලියැවුණු ප්‍රොපගැන්ඩා පොත පත, මාක්ස්ගේ මැනිෆෙස්ටෝ එකේ ඉඳලා සිංගප්පූරුවේ තහනම් කරනවා. කැරලි නායකයින් සිර ගත කරනවා.

    ඔහු කොමියුනිස්ට් කැරලි සම්පූර්ණයෙන් යටපත් කරලා රට තුල සාර්ථක වෙළෙඳපොළ ආර්ථිකයක් හදනවා. ඔහු හදන පාලන ක්‍රමය තුල දැඩි මතවාදී පාලනයක් තිබෙනවා. පාරේ කුණු දැමීම, පාරහරහා නියමිත තැනකින් හැර පාර පැනීම, පොදු වැසිකිළියක් භාව්තාවෙන් පසු වතුර නොගසා කැත කිරීම ආදී සුළු වැරදි ඔහු අපරාධ ගණයට දානවා. කොටින්ම බබල් ගම් කන එක තහනම් කරනවා. වෘත්තීය සමිති සියල්ල එක පොදු සංවිධානයක් බවට පත් කරනවා. ඒකේ පාලනය වක්‍රාකාරයෙන් තමන්ගේ අතට ගන්නවා. සේවකයන්ට අවශ්‍ය සියළුම නීතිමය ආරක්ෂාව සහ පහසුකම් එම සංවිධානය මගීන් ලබා දෙනවා. වෙන වෙනම වෘත්තීය සමිති හදන්න හැදුවොත් ඒවාට ලියාපදිංචිය දෙන්නේ නැතුව අවලංගු කරනවා. නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මේක යම් ආකාරයක ඒකාධිපති පාලනයක් වගේ. Authoritarian කියලා කියන්නේ ඒකයි. නීතිය ක්‍රියාත්මක කිරීම උපරිම තලයකට ගන්නවා. කොමියුනිස්ට් කඳවුර මර්ධනය කිරීම සමග ලොකු විපක්ෂයක් සිංගප්පූරුවේ බිහි වන්නේ නෑ. බිහි වුනොත් ඒක යටපත් කරන්න කටයුතු කරනවා.

    ReplyDelete
    Replies
    1. ලී ක්වාන් යූ ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කළ කෙනෙක් නෙවෙයි. රජයක් පත් කරන්න තරම් සුදුසු කමක් සාමාන්‍ය ජනතාවට නෑ කියලා ඔහු කියනවා. ඒ නිසා බටහිර ප්‍රජාතන්ත්‍රවාදය ආසියානු සමාජයට ගැලපෙන්නේ නෑ කියලා ඔහු නිතර කියනවා. කොහොම උනත් කලට වේලාවට ඡන්දය තියෙනවා. ඒවායින් ඔහුගේ පක්ෂය වෙන People's Action Party එක උඩින් දිනනවා. සමහර කාලවලට විපක්ෂයේ මංත්‍රී ගණන බිංදුවයි. කවදාවත් ඡන්දයක් පරදින්න තියා ඒ කිට්ටුවටවත් ඇවිත් නෑ. ඒ නිසා මේ පක්ෂය තමයි රට මෙතෙක් පාලනය කරලා තියෙන එකම පක්ෂය. සිංගප්පූරුවේ මිනිස්සු වෙන පක්ෂයක් ගැන විශ්වාස කරලම නෑ.

      එකම පක්ෂයක් ඡන්දයෙන් පත් වෙවී එන නිසා රටේ දේශපාලන හෝ ආර්ථික ප්‍රතිපත්ති වල වෙනසක් උනේ නෑ. රටට අවශ්‍ය හොඳම දේ පාර්ලිමේන්තුව තුල සාකච්ඡා කරලා තීරණය කෙරුණා. රටේ බිහිවෙන සුපිරිම දක්ෂයන් දේශපාලනයට ගේන්න ඕනේ කියලා ලීක්වාන් යූ හිතුවා. එහෙනම් එහෙම අය මුලින්ම තමන්ගේ පක්ෂයට ගන්න කටයුතු කළා. අලුත් අයව සීසන් කලා. පුහුණු කලා. පන්නරය දුන්නා. ඒ අයට හොඳ වැටුපක් දුන්නා. දක්ෂයෝ ගෙන්න ගන්න නම් හොඳට වැටුප් ගෙවන්න ඕනේ කියලා ඔහු විශ්වාස කළා. ඒ නිසා අදටත් සිංගප්පූරුවේ මංත්‍රීලගේ සහ ඇමති වරුන්ගේ වැටුප ලෝකයේ ඉහළම වැටුප විදියට සඳහන් වෙනවා.

      රටේ පැවැත්ම ගැන දිගටම වදවෙන ඔවුන් රජයේ ආදායම් ඉතුරු කරලා ලොකු සංචිතයක් නිර්මාණය කළා. ඒක තමයි ඔවුන්ගේ ලොකුම ශක්තිය උනේ. ඔවුන්ගේ සංචිත ප්‍රමාණය මේ වන විට ඩොලර් බිලියන 2000 ක් පන්නලා. ඒ කියන්නේ ඔවුන්ගේ රජයට වසර විස්සක් කිසිදු ආදයමක් නැතුව රට කර ගෙන යන්න පුළුවන්. ඒ සුරක්ෂිතතාවය තමයි සිංගප්පූරුවේ ආර්ථිකය තුල තිබෙන දැවැන්ත ශක්තිය.

      ජනාධිපති ක්‍රමයක් නොවන නිසා අගමැති කෙනෙකුට සිටිය හැකි වාර ගණන සීමිත නෑ. ඒ නිසා ඡන්ද දිනන්න පුළුවන් නම් දිගටම අගමැති වෙලා ඉන්න පුළුවන් සිංගප්පූරුවේ. ඒ නිසා ලී ක්වාන් යූ වසර 31 ක් එක දිගට අගමැති. ඊට පස්සේ ආවේ පක්ෂයෙන් තෝරපු මීළඟ අනුපාතිකයා. ඒ ගෝ චොක් තොන්ග්. ඔහු වසර 14 ක් ඒ ධූරය හෙබවූවා. අනතුරුව ලී ක්වාන් යූ ගේ පුත්‍රයා ලී ෂියැංග් ලූන්ග්. ඔහුවිශ්‍රාම යන්නේ මේ මැයි 15 . ඒ වසර 20 ක් අගමැති වෙලා ඉඳල. ඊළඟ කෙනා ලෝරන්ස් වොන්ග්. ඔහු සිංගප්පූරුවේ මීළඟ අගමැති. තවමත් වයස 51 ක් වෙන ඔහුත් දිග කාලයක් මේ රට පාලනය කරාවි.

      සිංගප්පූරුවේ සාර්ථකත්වය පිටුපස තියෙන ලොකු කතාව තමයි මේ ආකාරයට ඡන්ද වලින් රටේ ප්‍රතිපත්ති වෙනස් නොවෙයි කියන විශ්වාසය. ඒ වගේම නායකත්වයට වඩාත් සුදුස්සන් අරගෙන ඇවිත් කාලයක් තිස්සේ පන්නරය ලබා දීලා ඉහළ තනතුරු වලට ගේන එක. ඒ වගේම ඉතාමත් විෂම අදහස් තිබෙන සමාජයක් එක් මතයකට ගේන්න තරම් ප්‍රභල ආණ්ඩුවක් නිර්මාණය කිරීම. ඒකට අවශ්‍ය දේශපාලන බලය නිර්මාණය කර ගෙන ජනතාවට විශ්වාස කළ හැකි දැක්මක් ඇතිව,එහි ප්‍රථිපල බෙදා ගනිමින් කටයුතු කිරීම.

      අදහස් විෂම වීම සහ විවිධ දේශපාලන කණ්ඩායම් ගොඩ නැගී රටක් බෙදී යෑම තුල කිසිදු දේශපාලන ස්ථාවරත්වයක් ඇති වෙන්නේ නෑ. නිරන්තරයෙන් ආණ්ඩු මාරු වීම සහ ඒවායේ කෙරුවාවල් වෙනස් වීම රටේ දීර්ඝකාලීන පැවැත්මට බලපානවා. අපේ රටේ තිබෙන ලොකු ගැටලුවක් ඒක. විශේෂයෙන් කොමියුනිස්ට් අදහස් මුල් බැස ගත්ත සමාජයක් තුල වෙළෙඳපොළ ආර්ථිකයක් ක්‍රියාත්මක කිරීම හෝ නිර්මාණය කිරීම ඉතා අපහසු කටයුත්තක්. ඒක 5/6 ක බලයක් ලැබුන ජේආර්ටවත් කරන්න බැරි උන දෙයක්.

      නූතන පරම්පරාවට මේ අදහස් වල විෂමතාවය නොතේරෙන්න පුළුවන්. මොකද ඔවුන් දේශපාලන ඉතිහාසයට එතරම් සමීප නොවන නිසා. හැබැයි ඔවුන් මෙතෙක් අත්දැකලා තියෙන, හුරු වෙලා තියෙන, හරියි කියලා හිතන රාජ්‍ය මූලික ආර්ථිකයකින් ඔබ්බට හිතන්න තවමත් ඔවුන් මැළි වෙනවා. හැබැයි ඔවුන් දියුණු රටක් ඉල්ලනවා. ඔවුන් සංවර්ධනය ඉල්ලනවා. ඒත් එතනට යන්න තියෙන පාර මොකක්ද කියලා අඳුරගන්න ඔවුන් උත්සාහ කරන්නේ නෑ. ඔවුන්ගේ විශ්වාසය දිනා ගන්න යමෙකුට ඉඩ නොතියා ඉන්න අර කොමියුනිස්ට් දේශපාලනය ජීවිකාව කර ගත්ත සංවිධාන හෝ මිනිසුන් ඉඩ තියන්නේ නෑ. ඒ අඳුරු වලාව මකා දමන්නට සිංගප්පූරුවේ නායකයින් සාර්ථක උනාට, ශ්‍රී ලංකාවේ නායකයින් කොච්චර ෆේල් උනා ද කියනවා නම් තවමත් රටේ නම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික 'සමාජවාදී' ජනරජය.

      සිංගප්පූරුවේ සහ ශ්‍රි ලංකාවේ පොටෝ අරගෙන සන්සන්දනය කරන්න කළින් ඔය වෙනස් කම් ටික ගැන පොඩ්ඩක් හොයලා බලන්න.

      Delete
  10. නායකයන් වයසට ගියත්
    එහෙත් ඔවුන් රටට දෙන ජයග්‍රහණ කාලයට සීමා නොවී බබලන බව කිව යුතුයි

    කලෙක ලංකාවට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ නමැත්තා වසයට ගියේ (නාකි මයිනෙක් වුණේ ) සිය නායකත්ව ඉලක්ක සපුරා බව මෙනෙහි කරන්න ඕනේ

    මේ ගැන කියනකොට 2008 අප්‍රේල් 29 එවක ඉරාණ ජනාධිපති මහ්මුද් අහමනෙජාඩ් ලංකාවට ගෙන්වා ගත් ගමනේදී උමා ඔය ව්‍යාපෘතියට ඉරාණය සම්බන්ධ ගත්තේ මහින්ද රාජපක්ෂයි

    මහින්ද ඇති පදං උමා ඔය ව්‍යාපෘතිය වෙනුවෙන් බැනුම් ඇසුවේය. එය ලංකාවේ අසාර්ථකම ව්‍යාපෘතිය බවට මහින්දට ශාප කරමින් මත පල කරන්නෝ උමා ඔයේ,ජලයටත් වඩා ද්වේෂයන් කුණු කථා බොරු කථා මහින්දට එරෙහිව සමාජයට ගලා යැවීය ‼️

    මෙහි වටිනාකමෙන් ඉරාණය සැපයු ඩොලර්,මිලියන 500ට වඩා මේ මගින් මහින්ද රාජපක්ෂ හොරකම් කරා කියා කියපු ගනන් හිලව් එකතු ⁣කරොක් වැඩි බව දැනෙන්නේය.😀😀

    කොටින්ම බදුල්ලට අයිති වතුර ටික හම්බන්තොටට හොරකම් කරගන්න සැලැස්ම උමා ඔය ව්‍යාපාරය කියලා කීව මිනිස්සු මහින්දට බදුල්ලේ පොල් ගැස්සවීය.😀😀

    නමුත් මහින්ද එදා 2008 තරම් ඈතකදී ලංකාවට අවශ්‍යම ඉදිකිරීමක් හදුනා ගෙන ඒ අපත කුහකයින්ගේ සියළු කුප්ප කථා අහගෙන එය රටට ස්ථිරව ඉදිවී අවසන් වන සංදිස්ථානය වන තුරු නතර කරන්න බැරි තැනට මෙය රැගෙන ආ බව ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

    අද උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කරන මොහොතේ ලංකාවේ සියළු විද්‍යුත් නාළිකා වලින් උමා ඔය ව්‍යාපෘතියේ වටිනාකම ගැන කරන විවරණ ඔබට අහන්නට ලැබෙන විටත් ඒවා අසන විටත් ඔබ මොහොතකට මෙනෙහි කරන්න පහුගිය කාලයේ උමා ඔය ව්‍යාපාරය ගැන කිව්ව කථා වලට එම ව්‍යාපෘතිය නතර කරානම් ...අද ඔබ ඔය අහන ජයග්‍රහණයන් කියන කිසිවක් උමා ඔය ව්‍යාපාරය සමග රටට ඒ වාසි මොනවත්ම ලැබෙන්නේ,නැත.

    නායකත්වය යනු එයයි.

    මහින්ද අද දුර්වලයකි.
    වයස සමග මිනිස්සු දුර්වල වන බව ඇත්ත.

    එහෙත් තමන්ගෙන් ඉටුවිය යුතු ඉලක්ක රටට උපරිමයෙන් ලබා ගන්න අසීමිතව කැපවුන සහ බැනුම් අහපු සහ අදටත් අහන මිනිසා ඔහුයි.

    මේ රට කඩා වැට්ටුවේ මහින්ද මහින්ද කීවාට තනි මිනිසෙකුට රටකට වරද්දන්න බැරි බවත් එහෙම
    වරද්දන මනුස්සයෙක් 2008 තරම් ඈත දැක්ක රටේ,හෙට දවසට අවශ්‍ය සම්පත් අදත් නිර්මාණය වී අවසන් කරන පියවරයන් ගෙන තිබෙන්නේද නැත.

    මහින්ද යනු අද දුර්වල මහළු මයිනෙකු බව සැබෑය.

    එහෙත් ඔහු එතැනට වැටෙන විට ආපහු හැරී,බැලුවොත් රටක් ලෙස ඉදිරියට යන්න අවශ්‍ය බොහෝ දේ රටට ලබා ගත්තෙකි.❤

    හැබැයි මහින්ද මේ සියල්ල කරේ හොරකම්,කරන්න කියන මිනිස්සු ඒ හොරකම් කරපු මුදල් ප්ලේන් වලින් උගන්ඩාවට අරං ගියා කියන ගමන් ඒ කථා අවිශ්වාස කරන ජනතාවට රාජපක්ෂලාගේ වහල්ලු ලෙස හංවඩු ගහන තැන අදත් ඉන්නේය.

    සංවර්ධනය වෙමින් පවතින තුන්වන ලෝකයේ රටක නායකයෙකුට ඔහුට ලැබුන කාලයේ ජයග්‍රහණ සහ පරාජයන් උරුම වන්නේය. එයින්,පරාජයන්ට වටිනාකම් දෙන ජයග්‍රහණ පීචං කරන ජීවිත කාලයම පරාජය පමණක් මෙනෙහි කරන දේශපාලනයක් සහිත රටක මහින්ද නම් නාකි මයිනා අසාර්ථකයි.

    ReplyDelete
  11. මොනව හරි කුරුටු ගෑ යුතු නිසා:
    පිටුව පෙරලුවට සීතා - පොත දන්නව රාමා

    ReplyDelete
  12. ඔය චතුරලා වගේ දේශපාලන පඟරනැට්ටෝ හෙළුවෙන් හිටියත් අපිට වැඩක් ඈ🤣

    ඔය යක්කු ප්‍රසිද්ධ වෙන්න බොහෝ විට ඒ හරකුන්ගෙම fake account වලින් comment දාගෙන තමන්ගේ views වැඩි කර ගැනීමට post viral කරන්, Publicity තව වැඩි ගැනීමට කරන වැඩ..

    අපේ 🐂 ඒකට පිල් බෙදිලා ඇර ගන්නවා.

    උනෙගෙ marketing නැගල යනවා🤣🤣

    ReplyDelete
  13. //ඒ ගල් මූසලයා අප බලාපොරොත්තු තැබූ ගෝටා නොව එතෙක් මෙතෙක් රට පාලනය කල අමු ගොබ්බ පාලකයා බව දැන් ඔප්පු වී හමාරය. ඒවා ලියන්නටද අප කිසි දින පැකිලෙන්නේ නැතිය.//
    වටෙක අදහස් අතින් පරස්පර වුණත් මං මාතලන් අගයන්නේ මේ විවෘතභාවය නිසාමයි.

    ReplyDelete
  14. අපි රජයේ අවසරය ඇතුව වයින් ස්ටොස් එකකින් අරක්කු බීල යනකොට පොලීසියෙන් අල්ලල දඩ ගහනව.

    දඩය රජයට ආදායම 25000/=
    වයින් ස්ටොස් එකකින් ගල් අරක්කු බෝතලයක් ගන්නකොටත් අපි බදු ගෙවනව බෝතලටකට 3300/= විතර
    බෝතලටකින් අපි රජයට බදු ගෙවනව
    ගල් අරක්කු බෝතලයකට නිෂ්පාදන වියදම 296/=
    අපි දෙපාරක් රජයට බදු ගෙවනව
    කොහොමද එහෙම වෙන්නෙ?

    ලංකාවෙී පුමීබන බැලුමීවල අන්තර්ජාතික ප්‍රමිතියක් නැහැ .

    ReplyDelete
  15. චරිත 10 ක් කරපු කමලා හසන් මතක් කරන හෙලයන්ට එකම චිත්‍රපටයේ චරිත 5 ක් කරපු මාලනීය ගැන කවුරුත් ලියන්නේ නැත්තේ ඇයි...

    ඒ සැලී...ඇය එහිවිටක පිස්සියක්, නාටිකාංගනාවියක්,දියණියක්,මවක්,පෙම්වතියක්...ඈ බොහොම සමබරව ඒ චරිත ඉදිරිපත් කරන්නේ පුදුමාකාර සංයමයකින්.මට සැලී නරඹන්න ලැබෙන්නේ අය්.ටී එන් එකෙන්.මාලනියගේ රංගනය මා පුදුම කළා.

    ඒ අවුරුද්දේ සරසවිය සම්මාන උළෙල තිබ්බේ නෑ.තිබා නම් එහි රන් පදවි ලබන්නේ ඈ.ඈ පිස්සියක් සේ හැසිරෙද්දී ඇත්තටම ඒ ඉන්නේ මාලිනි කියා කියන්න බෑ.ඇයි මේවා ගැන නොදොඩන්නේ මට ලොකු ප්‍රශ්නයක්.අපිට අපේ දේ අගේ නැද්ද ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න