.

.

Apr 20, 2024

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නවතම තත්වය.....

 



පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ
නවතම තත්වය.......
➖➖➖➖➖➖➖💀💀💀💀💀➖

පාස්කු ප්‍රහාරට පිළිබඳ අනුර කුමර දිසානායක, සජිත් ප්‍රේමදාස, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගේම ඔක්කෝම පරීක්ෂණ කරන නිසා... මාතලන් වන මා විසිනුත් පරීක්ෂණයක් පවත්වන්න තීරණය කළා...

මේ එම පරීක්ෂණයේ සාක්ෂි දුන් අයගේ අදහස් හා සිඳුවූ විවිධ සිඳුවීම්...

මහින්ද රාජපක්ෂ - ඕක අපේ කාළේ සිද්ද වෙච්චි දෙයක් නෙමේ නේ මාතේ...

මාතලන් - ඒ උනාට ඒ පිළිබඳ චෝදනා එන්නේ ඔහේලට නේ ආයිබන්ඩ... ඇත්ත කියන්ඩ ආයිබන්ඩ... මහමොළකාරයා මොළ හතේ මලයා නේ....

මහින්ද රාජපක්ෂ - පෙර පිනක් තීලා... ජෙප්පන්ගෙයි... ෆොනීගෙයි... අට පාස් කොල්ලන්ගෙයි පිහිටෙන්.... යුද්ධෙ දිනලා සුද්දේ දැම්මට.... අපිට ඕවා කරනවා තියා.... අම්මගෙ තාත්තගෙ සොහොනවත් ආරක්ෂා කර ගන්න බැරි පවුලක් බව ඔහේලා දැක්කනේ හාන්දුරුවනේ...

විමල් වීරවංශ - මේක තනිකර බටහිර කුමන්ත්‍රණයක්... මම මේ ගැන ලියපු පොත එලිබහින දාට... ඔහෙත් එන්නෝන හොඳේ...

පාඨලී චම්පික රණවක - මම දන්න එකා සිරිසේනට කිව්වා....

චන්ද්‍රිකා බන්ඩාරනායක - අනේ මේ... ඔය මඟුල ගැන මට විතරයි චෝදනාවක් එල්ල වුනේ නැත්තේ... තමුසේ ආවා මෙතන මාත් ඒකට පටලන්න...

රනිල් වික්‍රමසිංහ - රට ගොඩදාලා ඉවර වුනාම බලමු මාතේ....

සජිත් ප්‍රේමදාස - පාස්කු ප්‍රහාරයේ වගකීම මම බාරගන්නවා... 

මාතලන් - ඒ කියන්නේ ඔහේය මේක කළේ...

සජිත් ප්‍රේමදාස - නෑ නෑ ... ඒකට සම්බන්ධ ගොඩක් අය ඉන්නේ මාත් එක්ක නේ... එයාලා බේරගන්න වගකීම මම බාර ගන්නවා....

හේමසිරි ලියනගේ - අම්මපා මාතේ... ගහනවා කියලා හැම එකාම දැණුම්වත් කළා... ඒත් මෙහෙම ගහයි කියලා කව්ද බං හිතුවේ...

සිරිසේන - ඇත්තටම මාතේ... මම මේ ගැන මොකුත් දන්නේ නෑ හිටන්... දන්නවා නම් මට මෙහෙම හත් පොලේ ගාගෙන නාන්න වෙයිද මාතේ....

ඝෝඨාභය - ආ මාතේ... දැන් කාටෙයි කඩේ යන්නේ... මම මේ ගැන පොතක් ලියන්න ඉන්නෙ..  කලින් එකත් මහා පිරුවානා පොත් වහන්සෙටත් වැඩියෙන් විකුණ ගත්තා... වැඩේට අල්ලගන්නේ තඩි ප්‍රියන්තද... දීප්තිද...එරන්ද ගිනිගේද කියලා මේ දවස්වල කල්පනා කරන්නේ...

වළං ශානී - මේක කළේ කාදිනල් කියලා ඕන නම් එවිඩන්ස් හඳලා දෙන්නම්... ඕවා සිම්පල් වැඩ මාතේ... එදා ඉඳන් පාලකයෝ අන්දන එක තමා මම කළේ....

දප්පුල ලිවේරා - මේක පිටිපස්සේ මහ මොළකාරයෙක් ඉන්නවා....

අනුර කුමාර දිසානායක - අපි බලේට ආවාම... ඊබ්‍රහිම් නානාගෙන් අහගෙන... මහමොළකාරයා අල්ලලා දෙනවා කියලා කාදිනල් කාරයා අන්දන්න ගියේ... කොහෙද අර යසපාලිත නානායක්කාරගෙ පුතා ඒක යසපාලිත නිර්මාණයක්... එකම රස සාගරයක් කලා නේ...

හර්ෂණ නානායක්කාර - ඊබ්‍රහිම් නානා තියා දෙයියන්වහන්සෙවත් මේක දන්නෙ නෑ ඕයි... තමුසෙට කාදිනල් තරම් මොළයක් තියෙනවා නම් ඔය ප්‍රෂ්ණය මගෙන් අහන්නේ නෑ....

මාතලන් - සමාවෙන්න ඇහුවට... එයාට මොළයක් තියෙනවද?

කාදිනල් - දැනට රාජපක්ෂලා කළේ... දැන් රනිල්ට පවරන්න ට්‍රයි එකක් දෙනවා... අනාගතේ...  නාමල් ගාන වැඩියෙන් දුන්නොත්... අනුර කුමාර හරි සජිත් හරි මහමොළකාරයා කරනවා...

මෙහෙම එක එකාගෙන් කටෞත්තර අරගෙන බොරැල්ල හංදියේ බස්සිස්ටෑන් එකේ ඉද්දි... මොකෙක් හරි එකෙක් පිටට තට්ට කරන බවක් දැනිලා.... හැරිලා පස්ස බැලුවාම... මෝර්ගන් ෆ්‍රීමන්....

මාතලන් - මොකක් ... මෝර්ගන් ෆ්‍රීමන්... ඔහෙත් මෙහේ ටුවර් එකක් ආවයි... ඇමරිකන් ටුවරිස්ට්ලා නම් එන්නෙ අඩුවෙන්....

මෝර්ගන් - මම මෝර්ගන් නෙමෙයි මාතේ... මම තමයි දෙවියන්වහන්සේ ...

මාතලන් - අනේ යන්න අනේ යන්න විහිළු නොකර...

මෝර්ගන් - විහිළු නෙමෙයි මාතේ... මම මාර කළකිරීමෙන් ඉන්නේ....

මාතලන් - ඒ බව නම් මූනෙන්ම පේනවා ඔබ වහන්සෙට සාරාන්ලා හම්බ උනේ නැතෙයි....

මෝර්ගන් - මොකෝ නැත්තේ එයාලාගෙ ඩිවිෂන් එකේ කන්‍යාවියොත් එක්ක ෆුල් ආතල්ලෙකේ ඉන්නවා....

මාතලන් - ඒත් ඔබ වහන්සේ අවුලෙන් වගේ මොකෝ මේ...

මෝර්ගන් - නෑ ඉතින් සියල්ල මගේ කැමැත්තට වෙනවා කිව්වට... මටත් වැඩ වැඩියි... පට්ට බිසි නිසා ඒවා බලන්න දාපු උන් පිස්සුම නේ කෙලින්නේ...

මාතලන් - ඉතින් ඔබ වහන්සෙට මේ අපරාදේ කලින් පෙනුනේ නැතෙයි... වළං ශානිට නම් පෙනිලා තියෙනවා.... ඒත් ඇල්ලුවට හපා ගන්න බැරිවෙලා... අසාද් සාලීයි..  රිෂාඩුයි ගේම ඇදලය කියන්නේ....

මෝර්ගන් - ඒක තමා මාතේ මේ ඔක්කොම දන්න අය ඉන්දැද්දි මම මේ පෝස්ට් එකේ පරිප්පු කාළා හර්ෂණ නානායක්කාරල වගේ හාර්පාරුවන්ගෙනුත් නෝන්ඩි වෙන්නෝන නෑනේ... මම බැලුවේ ඒක දීලා දාන්න...

මාතලන් - ඉතින් දැන් ඔබ වහන්සෙ ඒක අර වළං ශානියට දෙන්නෙයි යන්නේ...

මෝර්ගන් - ඕන්න ඕකයි සීන් එක මාතේ.... දැන් ඕක... බුවාට දෙනවද... එහෙම නැත්නම් සිරිල් ගාමිනීට දෙන්වද කියලා අහන්නයි ඔහේ නැවැත්තුවේ.....

                                    - නිමී -

.

21 comments:

  1. හිරි වැටිලා මොළ ගෙඩියත් එක්කම
    'මොනව කියන්නද' හිතුණ කියෙව්වම
    බල්ලන් එක්කල ලගින හැමෝටම
    ඉන්න වේවි කිනිතුල්ලොත් එක්කම

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නිදී පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට ක්‍රියා නොකලා යැයි පැවසෙන හිටපු රාජ්‍ය සේවකයින්ට (හිටපු ජනපති,අගමැති ,පො.පති ඇතුළු etc) එල්ල වන තරමේ කිසිම ආකාරයක විරෝධයක් එම ප්‍රහාරය සැලසුම් කරපූ සහ ක්‍රියාත්මක කල දැනට අත්අඩංගුවට ගෙන ඇති සාක්ෂි සහිත පිරිස් වලට වත් එල්ල නොවන්නේ ඇයි??

      කිසිදු මාද්‍යක් එම ප්‍රහාරකයින් හැදුනු වැඩුනු හැටි, ඔව්න්ගේ සමාජීය ජීවිතය, ඔවුන් මෙම ප්‍රහාරයට යොමු වුනේ කුමක් නිසාද යන කරුනු ගැන කිසිම උනන්දුවක් නැත්තේ ඇයි???

      Delete
  2. ඇත්තටම පාස්කු ප්‍රහාරය සටකපට පිරිසක් විසින් සැලසුම්සහගත ලෙස තාවකාලිකව මෝඩ ගෝටාව ජනපති කොට ඔහුගේ පාලනය යටතේ සැලසුම්සහගත ලෙස ලංකාවේ ආර්ථිකය බිඳදමා, මිනිසුන් පාරට ගෙන්වා ඌව එලවා දමා රටේ බලය තම නියෝජිතයකූ වෙත බලය අල්ලා ගැනීම සඳහා ඊබ්‍රාහිම් හරහා සැලසුම් කළ ප්‍රහාරයක්ද?👇 මෙහෙමත් සංවාදයක් යනවා මේ දවස්වල

    ReplyDelete
  3. ගැලවුම්කාර අනාගත වක්තෘ තඹුත්තේගම පචෝරිස් තුමා බලේට එන්න කැබ් එකේ තියෙන සිත්තර පත්තර ඇතුලට දාපු පයිල් ටිකයි දැන් පාස්කු නාඩගම හෙළිකරන බව කියන බොරු බයිලාවයි දෙකම තියෙනවා නේ නේද?

    ReplyDelete
  4. පාස්කු සලාම් බෝම්බේට වගකියන්න ඕනේ මුහම්මද් නබි සල්මල් තුමා.
    වින්දිතයන්ට කරන්න තියෙන එකම සාධාරණය තමයි මියගිාය එක කතෝලිකයෙක් වෙනුවෙන් මුස්ලිම්වරු 10ක් බැගින් කතෝලික ආගමට හරවා ගැනීම.

    සිංහල බෞද්ධයෙක් විදියට මම සතුටුවෙනවා සිංහලකතෝලිකයෝ (තනි වචනයක්) මියයාම ගැන.
    තරු රසී ප්‍රනාන්දු නැමති සිංහලකතෝලික ඇන්ජීඕ ස්ත්‍රියගේ පවුලේ කෙනෙක් මියනොයාම ලැන නම් දුකයි.

    ReplyDelete
    Replies
    1. ජගා ඔයා ඔය කියන දේවල් ප්‍රායෝගික නෑ නේද? නබි නායක තුමා අවුරූදු එක්දාස් හාරසිය පණහකට විතර ඉස්සර හිටපු කෙනෙක් ඔහු විසින් ඒවනවිට අශීලාචාර අශ්ලීල දුබල ගෝත්‍රික සමාජයක් ලෙස එවකට පැවති අරාබි කරයේ ගෝත්‍රික අරාබීන් දැඩි නීතිරීතිවලට යටත්වන ලෙස ආගමික විශ්වාස මත දෙවියන්ට භය දෙවියන්ට නිතරම වදින්නට අවශ්‍ය සංස්කෘතික ආගමික පදනමක් යටතේ සමගි කර එක්සත් කර ඔවුන්ගේ අශිෂ්ට ස්වභාවය වෙනුවට විනයගරුක හමුදාවක් ගොඩනැගීම ඔවූන්ව ආගම යොදාගෙන වඩාත්ම විනයගරුක ඉස්ලාමීය අරාබි ජාතික බලවේගයක් සාදා එම හමුදා බලය යොදවා මැදපෙරදිග මහා කාලිෆේත අධිරාජ්‍ය ඇතිකළා

      වර්තමාන ඉස්ලාමීය ආගමික දේශපාලන ව්‍යාපාර ඊට වඩා වෙනස්, ඒවා විවිධ දේශපාලන නායකයන් වෙනුවෙන් හෝ වෙනත් සංවිධාන විශේෂයෙන්ම ඔය මුජහිද්දීන්, අල් ඛයේදා, අයිසීස සහ ඒ හා සමාන කල්ලි එක්සත් ජනපද රාජ්‍ය අරමුදල් යොදාගෙන සී අයි ඒ, එම් අයි 5 මොසාඩ් සිට භාරතයේ රෝ දක්වා වූ බුද්ධි අංශ වල මෙහෙයවීම මත ක්‍රියාත්මක කරන දේවල්. ආගම යොදාගන්නේ පහළ මට්ටමේ සාමාජිකයන් බිල්ලා ගන්නට, හරියට ජවිපෙ සමාජවාදය වගේ ජනප්‍රිය සංකල්ප යොදාගෙන තරමක් උගත් නමුත් රැකියා හෝ මුදල් නැති දරිද්‍රතාවය නිසා පීඩිත තරුණ පිරිස සමාජවාදී උටෝපියාවක් පෙන්වා බිලීබා ගත්තා වගේ

      එල්ටීටීඊ සංවිධානය මෙන්ම ඔය ආගමික සංවිධාන ද ඉතාම හැඟීම්බර සංවේදී ජාතිය ආගම රැකගැනීමට පෙරට ආ තරුණ තරුණියන්ගේ මනස මුලාකර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කරුවන් ලෙස සැලසුම්සහගත ලෙස පුහුණු කර ඔවුන් තම අරමුණු වෙනුවෙන් බිල්ලට යොදාගන්නට කටයුතු කරනවා

      ලංකාවේ කතෝලික ප්‍රජාව හැමෝම සිංහල බෞද්ධ විරෝධීන් නෙවෙයි බහුතරය එහෙම වූණත් සිංහල බෞද්ධ සංස්කෘතිය සහ සිංහල බසට ආදරය කරන කතෝලික අයත් සෑහෙන ඉන්නවා, ඒ නිසාම සියලුම කතෝලික ජනතාව ප්‍රතික්ෂේප නොකර ඔවුන්ගේ බහුතර මතය දරන පිරිස් මතවාදීව පරාජය කර ඔවුන් සුළුතරයක් කළ යුතුයි

      මෙය ලංකාවේ උතුරේ සහ නැගෙනහිර පළාත්වල දමිළ බෙදුම්වාදයට එරෙහිව සාර්ථකව ක්‍රියාත්මක වී ඇති අතර දැනට බෙදුම්වාදීන් සුළුතරය වී බහුතරය සිංහල බෞද්ධ ජනතාව සමග සාමකාමීව එකම රටක සිටීමට කැමති වී තිබෙනවා

      එමෙන්ම රාජපක්ෂ වාදීන්ගේ සිංහල බෞද්ධ ජාතිකත්වය මත පදනම්වු සිංහල බෞද්ධ අධිපතිවාදී දේශපාලනය ද බිඳවැටී ඔවුනුත් සිංහල බෞද්ධ සමාජය තුල සුළුතරය වී තිබෙනවා

      මෙයම කතෝලික අන්තවාදයට සහ ලංකාව තුල ඉස්ලාමීය අන්තවාදයට ද සිදුකළ යුතුයි. එවිට සියලුම ජාතිවාද එකට පරාජය කර පාලනය කළ හැකි වේවි

      Delete
  5. මාතා තෙවරප්පෙරුම මරණය පිළිබඳව හෙන්රී වර්ණකුලසූරිය මහතා ප්‍රකාශ කරන මේ අදහස් සමග ඔබ එකඟ ද?

    //

    වැඩේ කියන්නෙ මේකෙ උං රැල්ලට වැළලෙනව කියලා කියමුකෝ.
    අපේ නලින්ද සහෝදරය කරපු ගුණ කථනෙ හැටියට රටට ඕනෙ තෙවරක්පෙරුමලා...

    කැමරාකරුවන් අරං ගිහිං රෙකොඩ් කරමින් පවතින ක්‍රමවේදයට පිටින් දරුවො ඉස්කෝලෙට ගන්න කියලා ප්‍රින්සිපල්ලාට තග දාලා ෆෑන් එකේ බෙල්ලෙ වැළ දාගන්න හදන(මැරෙන්නෑ..බොරුවට හොඳේ...)
    ෂර්ට් ගලෝගෙන ප්‍රා.ලේ. නිලධාරීන්ට තග දාන, පොලිසියට හම්බ කුණුහරුපෙන් (කීක්..කීක්..) බැන බැන තමන්ගෙ අතට නීතිය ගන්න,
    කැමරා රෙකෝඩින් නැතිව විදුලිබල මණ්ඩලේ මේන් ලයින් එකෙන් කොකු ගහලා තමන්ගෙ වත්තට කරන්ට් ගන්න,
    "පොදු ජනතා සේවකයෙකුට ජනතාව ආදරේ" කිව්ව ගමන් මාලිමා දේශපාලනයට මොකෝ වෙන්නෙ?

    බලාපොරොත්තු තියා ගද්දිම ඉල්ලන් කන්නෙ ඇයි? මාලිමාව ඕනෙ වෙන්නෙ මේ පාදඩ දේශපාලනයට එරෙහිව නේද?

    සනත් නිශාන්තලගේ මෝඩ තගම නේද වෙනස් ස්වරූපයකින් තෙවරක්පෙරුම කළෙත්.
    දෙන්නම තමන්ගේ ප්‍රදේශ වල "ජනතාව ආදරේ පොදු ජනතා සේවකයින්" නොවෙයිද?
    තමන්ගෙ දේශපාලනයට අලගු තියන්නවත් බැරි මෝඩ තග් හිටපු මංත්‍රී කෙනෙක් ගැන ඔය ගුණ කථනෙ නොකළා කියලා නලින්දලාට මොනවත් නැති වෙනවද?
    ඒක ජාජබ මතය කියලත් කිව්වම ඊට හපන්.

    //

    ReplyDelete
  6. ඔය සීන් එකේදී ඇත්තටම වුණේ X වෙනුවෙන්

    ප්ලෑන් A අසාර්ථක වුනත් ප්ලෑන් B සාර්ථකව සම්පූර්ණ වුණා

    ඔබ හොදට බැලුවොත් යම් සැලසුමක (ව්‍යාපෘතියක) අවශ්‍යතාවය වෙනුවෙන් ලංකාවේ, බළයේ පළමුකේන්ද්‍රයට යටින් දෙවනියට X සිටින විට

    01. පාස්කු,ප්‍රහාරයද
    02. අරගලයද සිදුවිය.

    මේ,දෙකේම අවශ්‍යතාවය හැසිරීම එයට එකතු වු පුද්ගලයන් ඒවා මෙහෙය වුවා යැයා සැක කළ රටවල් සහ බුද්ධිඅංශ සේවා සමාන විය ‼️.

    අපි ප්ලෑන් A කියවමු.

    ප්ලෑන් A අනුව සිතුවේ එවකට පාස්කු බෝමබය එල්ල කර විට ජනාධිපකි පදවිය ( බලයේ කේන්ද්‍රය ) කලකිරී එවක ජනාධිපති සිරිසේන ඉල්ලා අස්වේය යන්නට ප්ලෑන් A ක්‍රියාත්මක වු බව පෙනෙන්නේය.. නමුත් එය සිදු වුනේ,නැත. එම බෝමබ ප්‍රහාරය සමග Gota Go Home සමාන සිරිසේන ගෙදර පළ හඩ මතුව ආවේය. (මෙනෙහිකර බලන්න. )

    නමුක් අංකූරුකපටි සිරිසේන ප්ලෑන් A සුනු විසුනු කරමින් ජනාධිපති ධුරය අත්,නොහැර X බලයේ දෙවනි කේන්ද්‍රයෙන් ඉවත් කර මහින්දව එතැනට තිබ්බේය.

    ඒ සමගම ඔබ බලන්න ව්‍යාපෘතියේ X වෙනුවෙන් එදා අධිකරණයට ගිය කොටස කියවා ගන්න. අරගලයේ සිටි නීතීඥ කොටස් / සිවිල් සංවිධාන/ ඒ,වෙනුවෙන් නිවේදන නිකුත් කරපු තානාපති කාර්යාළ /දේශපාලන කංඩායම් / ඊනියා අරගලය හෙවත් ප්ලෑන් B වෙනුවෙන් සිටි එකම කංඩායමම වෙන්නේය.

    පාස්කු ප්‍රහාරයෙන්,පසු ගෝඨාභය මෙන් ( ප්ලෑන් B ) බලයේ,කේන්ද්‍රය සිරිසේන ඉල්ලා අස්වී අත නොහැරීමත් ඒ සමගම සිවිල්,කැරැල්ලක් ( ඊනියා අරගලය මෙන්) ක්‍රියාත්මක වුයේ,නම් වාසිය එවකට ජනතා ප්‍රසාදයේ සිටි රාජපක්ෂ හොරමුලට බැවින් සහ සිරිසේන ජනාධිපති පදවිය අත් හැරීමට වඩා ජනාධිපති,ජන්දයක් කැදවීම⁣ට ඉඩකඩ වැඩිපුර තිබු බැවින්

    ප්ලෑන් A එදා අසාර්ථක විය.‼️

    සිරිසේන පාස්කු,ප්‍රහාරය රටක විදේශ ඔත්තු සේවා මගින්, කරන සැළසුමක් බවට අද ප්‍රකාශ කරන්න හේතුව එයයි. ‼️

    එහිදීත් මෙම ප්‍රහාරය මගින්,ජනතාව තුළ ජනිත වන සැකය අවිශ්වාසය වෛරය රාජපක්ෂ හොරරැල මත පකිත කරන සැලැස්ම (අරගලයේ මෙන් සැළසුම් සහගතව ක්‍රියාත්මක විය එයටත් සිරිසේන විසින් මහින්ද අගමැති කරවීම මත සැකයේ සම්පුර්ණ බර රාජපක්ෂලාට යෙදවීමට නොහැකි විය )

    ප්ලෑන් B සිද්ධ වුනේ ගෝඨාභය ලවා රසායනික පොහොර තහනම ක්‍රියාත්මක කරවීම සමගය.‼️

    ප්ලෑන් B වෙනුවෙන් ඉතිහාසයේ පළමු වතාව⁣ට ගෝඨාභය රාජපක්ෂ තමන්ට එරහි කුමන්ත්‍රණය නම්වූ,පොතේ,නොලීව එහෙත් යම් කිසිදාක ගෝඨාභයට පාපොච්චාරණය කරන්නට සිදුවන.

    තමන්ට එරෙහිව විදේශීයරට හෝ,බුද්ධි අංශ විසින්,යොදාගත්ත හෝ ක්‍රියාත්මක කරවු රාජපක්ෂ පවුලේ සහෝදරයාගේ,නම හෝ,පවුලේ හිතවතාගේ නම සහ

    මම මේ,කියන X ව

    ලංකා රාජ්‍යයේ බලයේ කේන්ද්‍රයට යටින් දෙවනියට මහින්ද වෙනුවට පත් කරන්න පොදුජන පෙරමුණේ සුදුසුකම් සහිත බොහෝ,දෙනෙක් සිටිද්දී තමන්ට X ව බලයේ දෙවන කේන්ද්‍රයේ රදවන්න බලහත්කාරය යෙදවු ප්‍රබල රටවල් සහ ප්‍රබළ සංවිධාන එළිදරව් කර ගෝඨාභය වමාරපු දාක

    පාස්කු ප්‍රහාරයද
    ඊනියා අරගලයද

    ආසියාවේ භූ දේශපාලනික තරගයක අවශ්‍යතා වෙනුවෙන්

    X නම් බටහිර ලෝකයේ සහ ආසියාවේ කොටසක අවශ්‍යතාවයක උවමනාවට මැතිවරණයකින් බළයේ කේන්ද්‍රය විය නොහැකි පුද්ගලයෙකු ලංකාවේ බලයේ කේන්ද්‍රයට ගෙන ඒමට කරන ලද සැළසුම්,බව ඔබට යහ්,දවසක කියවාගත හැකිය. ‼️

    මේ දෙකේම ජනතා වෛරයට බදුන් කරේ චීන හිතවාදී ලෙස සලකන රාජපක්ෂලාය.

    මේ,දෙකේදීම ජනතා අනුකම්පාවට බදුන් කරේ මම කියන මේ X නම් චරිතයය.

    ( පාස්කු ප්‍රහාරය යන විට ආරක්ෂක මංඩලයට කැදෙව්වේම නෑ කියමින් ද සිරිසේන විසින් ධුරයෙන් ඉවත්කිරීම තුළදීද අරගලය තුළ පෞද්ගලික නිවස ගිණි ගැනීම පසු,දියත් වුන සානුකම්පිත ප්‍රචාරය කියවා ගන්න )

    මේ දෙකේදීම අධිකරණය තුළ ක්‍රියාත්මක වීමටත් ගෝල්ෆේස් එකේ ක්‍රියාත්මක වෙන්නටත් යොදාගත්තේ එකම කංඩායම්ය.

    ඇත්තටම රාජපක්ෂලාට බළයට එන්න එදා පාස්කු ප්‍රහාරය එල්ල කළා කීවට හරියට බැලුවොත් එදා සිරිසේන බළය අත් හැරියනම් ඊනියා අරගලයට පසු අත් හරින ලද බලය කේන්ද්‍රවීමට අදාල සිදුවීම සිදුවන්නේ එදායි. 🔺

    එසේනම් එදා තමයි විදේශ අංශ වලට අවශ්‍ය X වෙත බලයේ,කේන්ද්‍රය ලගාවෙන්නේ. නමුත් එය එවක ජනාධිපති අසාර්ථක කළා

    ප්ලෑන් A අසාර්ථක වීම තුළ ප්ලෑන් B ක්‍රියාත්මක විය. ප්ලෑන් B නම් ලෙසටම ක්‍රියාත්මක විය.‼️

    ඉන්පසු දියත් වෙන ක්‍රියාදාමය දෙස දැන් මනාව දෑස් සහ දෙසවන යොමා බලන්න

    ReplyDelete
    Replies
    1. ඒ වගේම අපට ඉතා කිට්ටුවෙන් හිටිය චීනය වැනි රටවල් අපෙන් ඉවත් කිරීම ඉන්දියාව අපේ සම්පත් අල්ලා ගැනීම මහජන විරෝධතා වලට එදා මෙන් බලයක්,නොමැති වීම ලංකාවේ අද සිද්ධ වෙන බොහෝ,දේ,වලට එදා රාජපක්ෂලා බළයේ සිටින විට සුළු සිදුවීම් වලට පවා බරපතළ මාධ්‍ය නිවේදන නිකුත් කරපු බලවත් තානාපති කාර්යාළ අද ඊට වඩා බරපතල සිදුවීම් නොදැක්කා මෙන් සිටීම බටහිර එදා අසාර්ථක අසාදු ලේඛණ තුළ ගිල්වු ලංකාව අද ගොඩ එනවා ලෙස පෙන්වන්නට දෙන සහයෝගය වැනි කරුණු ඔබ කියවා ගන්න. ‼️

      යම් දවසක ප්ලෑන් B ට අදාලට බලය කේන්ද්‍ර කරන ලද X ට රටේ වාසිදායක පරිසරය දෙවනි වර හැදෙනකල් ජනාධිපතිවරණය තබා මහමැතිවරණය පවා කල් දැමුවත් ජාත්‍යන්තරයෙන් එච්චර පීඩනයක් එල්ල නොවනු නිසැකයි.

      ඔය කී ප්ලෑන් A සහ ප්ලෑන් B විදේශ බුද්ධි සේවා මගින් ක්‍රියාත්මක කළ ලංකාව නම් රාජ්‍යයේ අද දවසේ සියළු බර කරට ගත් එම ජනාධිපතිවරයා යනු සෑහෙන තරමට එක සමානයි.

      Delete
  7. මාතේ මම ගිය සතියේ නුවරඑළියේ ගිය් වෙලේ pedro tea factory එක බලන්න ගියා.එතෙන්දි ප්ලේන් ටී එකක් දුන්නා බොන්න සීනි වෙනම .නමුත් මම සීනි නොදා බිව්වෙ .ඒ තේක මාරම රසයි. රන්වන් පාටයි. ඒ තේ ගෙනාපු ඇන්ටිගෙන් ඇහුවා කොහොමද මේ විදියට හදන්නේ දාන තේ කොල මොකක්ද කියලා .පස්සෙ එයා තේ හදන තැනට වයිෆ්ව එක්කන් ගිහින් පෙන්නුවා. එයාලා ප්ලාස්ටික් තේ ගොටු 5 ක් එකට තියලා එක කෝප්පෙකට එක තේ හැන්දක් උඩම ගොට්ටට දාලා උනුවතුර උඩට දාම්මම ගොටු පහෙන්ම පෙරිලා එන්නේ . පස්සේ මමත් ගෙදර ආවම ප්ලාස්ටික් ගොටු පහක් ගෙනාවා.දැන් බොන්නේ ඒ විදියට සීනි නැතුවබොන්න පුළුවන් ට්‍රයි කරලා බලන්න .සාමාන්‍ය තේ කොල දැම්මේ

    දැන් ගොඩක් තේ කඩ මුදලාලිලා නෙස්කැෆේ මැෂිම භාවිතා කරලා තේ හදන මනුස්සයාගෙ රස්සාව නැති කරලා නෙස්ලේ සමාගම පොහොසත් කරන ගමන් ලංකාවෙ මිනිස්සුන්ට සීනි වැඩි කරනවා.

    මම නම් ටී නෑ නෙස්කැෆේ තියෙනවා කියල කියන හැම මුදලාලි පඩයෙක්ටම ඊයා ඔය %##%@ බොන්නෙ කවුද ?
    කියල අහන් ඉන්න බැරි පඩ ලොරි ටෝකක්දීලා එන්නෙ 😁😁

    ReplyDelete
  8. අඩෝ මාතා පාලිත තෙවරප්පෙරුමගේ සිදුවීම එන්න එන්නම ඉන්ට්‍රස්ට් වෙනවා නේද? දැක්කද විස්තර එහෙම?

    දැන් දැන් පාලිත තෙවරප්පෙරුම මිය ගිය ආකාරය ගැන අලුත් විස්තර එනවා.ඔහු මිය ගිහින් තියෙන්නෙ නීති විරෝධිව, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන රැහැන් වලින් විදුලිය අරන්.

    සරලවම මේක ජාතික ධනය හොරකමක්. පොදු දේපළ පනත යටතේ ඇප නොදිය හැකි අපරාධමය වරදක්.

    තව ඔහු හොරාට විදුලිය අරන් තියෙන්නේ වල් ඌරන් ඝාතනය ඉලක්ක කරලා.

    එතන දඩමස් ජාවාරමකුත් තියෙනවා.

    ඒකත් නීති විරෝධි වගේම සදාචාරාත්මක විරෝධි අනතුරුදායක වැඩක්. මොකද වල් ඌරො ඉලක්ක කළාට මිනිහෙක් වුනත් මිය යෑමේ අවදානමක් එතන තියෙනවා.

    පොල් ගෙඩියක් ඇහිදගන්න එන මිනිහෙක් වුනත් උගුලට අසු විය හැකියි.

    පාලිත තෙවරප්පෙරුමට වුනෙත් ඒක.

    හොඳම වැඩේ ඒක නෙවෙයි.

    මේ ඉඩම පාලිත තෙවරපේරුමට අයිති ඉඩමක් නෙවෙයි.

    විදෙස්ගත වෛද්‍යවරයෙකුට අයිති ඉඩමක්.

    පාලිත තෙවරප්පෙරුම ඒක අල්ලගෙන තියෙන්නෙ බලහත්කාරයෙන්.

    දේශපාලන බලය සහ චන්ඩිකම පාවිච්චි කරලා.

    ඉඩම අයිතිකාරයාට අරන් දෙන්න ආපු රාජ්‍ය සේවකයන්ට පවා පහර දීලා එලවගෙන.

    නිතීවිරෝධි වගේම දැඩි සමාජ විරෝධි වැඩක්.

    හැබැයි මේ දේවල් එලිවෙමින් තියෙද්දි, මහ සමාජය මේ තොරතුරු රිජෙක්ට් කරනවා.

    ඒ දේවල් එලි කරන මිනිස්සුන්ට බනිනවා.

    මේ දේවල් වැරදි බව දැන දැනත්, ඒක හිතාමතාම හංගනවා.

    ඒකට හේතුව තමයි පාලිත තෙවරප්පෙරුම මහ සමාජයට ප්‍රොජෙක්ට් කරපු බොරු ව්‍යාජ ප්‍රෝඩාකාරී ඉමේජ් එක.

    පාලිත ප්‍රොජෙක්ට් කළේ අව්‍යාජ ගුණයහපත් ජනතාවාදී
    ජන සමාජයට මහා සේවයක් කරන රජයට පවා අභියෝග කරන, සරලව ජීවත්වන මහා වීරපුරුෂ ප්‍රතිරූපයක්.

    අර සාමාන්‍ය මිනිස්සු ඉල්ලනවා වගේ සරමක් ඇඳන්, ගස් උඩ නැගලා ඉන්න රූපයක්.

    එහෙම මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සු කැමතියි.

    තමන්ට වඩා උඩින් ඉන්න මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සු අකමැතියි. එහෙම මිනිස්සුන්ට ගහලා බිමට දාන පුරුද්දක් මහා සමාජයට තියෙනවා.

    හැබැයි තමන්ට වඩා යට ඉන්න (බව පෙන්වන) මිනිස්සුන්ට සමාජය ආදරෙයි.

    මෙතන මිනිස්සුන්ට වැදගත් පාලිත ප්‍රොජෙක්ට් කරපු බිම නිදාගන්න, අව්වේ සෙරෙප්පු නැතුව ඇවිදින, සරමක් ඇඳන් ඉන්න චරිතය මිසක් එතන පිටිපස්සෙ ඉඳන් පාලිත කරපු දේවල් නෙවෙයි.

    ඒවා මිනිස්සුන්ට අදාල නැහැ.

    මිනිස්සුන්ට අභියෝගයක් නොවී, මිනිසුන්ගේ ඊර්ෂ්‍යාවට ලක් නොවී, අනුකම්පාවට ලක් වූ නිසා ඔවුන් පාලිතට ආදරෙයි.

    හැබැයි පාලිත කරපු සමාජ විරෝධි වැඩ කිසිවක් නොකර, හොඳට ඇඳලා, ලස්සනට මිනිහෙක් හිටියා නම් සමාජය ඔහුට වෛර කරනවා.

    තමන්ට වඩා ඉහළින් ඉන්න, තමන්ට අභියෝගයක් වෙන මිනිස්සුන්ට සමාජය පහර දෙනවා.

    පාලිත කරපු පව් මිනිසුන් විසින්ම වසා දමනවා.

    ඔහු ඉතාම හොඳ, ගුණ යහපත් මිනිසෙක් විදියට බෞතිස්ම කරනවා.

    පාලිත එහෙම නැති බව සමහර විට ඔවුනුත් හිත යටින් දන්නවා.

    හැබැයි ඇමතිවරුන්ගේ ලක්ෂයේ දෙකේ විදුලි බිල් ගැන කතා කරපු මිනිස්සුම, ඊටත් වැඩි මිලියන ගානක පාලිත හොරකම් කරපු විදුලිය ගැන නොසලකා හරිනවා.

    පස් පව් ගැන කතා කරන ආගම්වාදී මිනිස්සු, පාලිතගේ ඌරන් ඝාතනය නොසලකා හරිනවා.

    වෛද්‍යවරයෙකුගේ ඉඩම මංකොල්ල කෑම නොසලකා හරිනවා.

    ඒ සියල්ල පාලිත මහා සමාජයට එලිපිට අභියෝගයක් නොවී, ඔවුන්ගේ ඊර්ෂ්‍යාවට පාත්‍ර නොවී, ඔවුන්ගේ ජීවිතයට වඩා සැපපහසු ජීවිතයක් ගත නොකරන හිතහොඳ චණ්ඩියෙක් ලෙස ඉතාම සාමාන්‍ය ලෙස ජීවත්වුණ බව ව්‍යාජ ලෙස පෙන්වීම නිසයි.

    ReplyDelete
  9. ඔහොම තමයි බන් අරෙහේ මාලදිවයින ඇමරිකන් ඉන්දීය කුමන්ත්‍රණ දස දහසක් මධ්‍යයේ නිර්භයව පැහැදිලි ලෙසම චීනබල කඳවුර තෝරා ගන්නාවිට පතෝල ගෝටා එක් නැවක් නිසා චීනයට පිටුපා ගොස් කෙළ කර ගත් බවයි කීමට ඇත්තේ ...!

    ReplyDelete
  10. මාතලන් මේකේ බුදු දහමේ ඉතිහාසය ගැන කියලා තියන කාරණාව ඉතිහාසගත තොරතුරු මත ගත්තහම වැරදියි නේද?

    නූතන ඉන්දියාවේ විශේෂයෙන්ම උතුරු ඉන්දියාවේ ලඩාක් වගේ ප්‍රදේශවල බුදුදහම නොනැසී අවුරුදු 2000 කට එහා ඉඳන් පවතිනවා.

    අනික ඉන්දියාවේ දොළොස්වන සියවස වෙනකම්ම ඒ කියන්නේ ප්‍රභල පාල අධිරාජ්‍යයේ අවසානය වෙනකම්ම බිහාර් බෙංගාල යන ප්‍රාන්තවල සහ වර්තමාන බංගලාදේශයේ බුදු දහම ඉතා ස්ථාවර සහ ශක්තිමත් ලෙස පැවතුණා.

    මේ රාජ්‍ය අනුග්‍රහය විතැන් වූ සැනින් බුදු දහම අදහන පිරිස් නැති වී යාම මෙලෙස සරලව පැහැදිලි කරන්න පුළුවන්.

    බුදු දහම කියන්නේ නීති මත ගොඩනැගිච්ච දහමක් නෙවෙයි. උදාහරණයක් විදියට බුදුදහමේ කවදාවත් ඉගැන්වීමක් නැහැ ඉරිදට පෝයට පන්සල් යන්න ඕන කියලා. පන්සිල් රැකීම කල යුතුමයි කියලා. සරලවම එහි ඉගැන්වෙන්නේ ධර්මය රැක්කත් අපිට, නොරැක්කත් අපිට කියන දේ, එමනිසා එහි කිසිම බලකිරීමක් නැහැ.

    ඒ වගේම අනිත් කාරණාව තමයි බුදුදහම මගින් වාසි ප්‍රයෝජන ලබාගෙන තම බලය වැඩිකර ගැනීමට එනම් මෙය තමන්ගේ ලාබ, දේවේශ සහ මෝහ මුල් කරගත් චෛතසිකයන් මුල්කරගෙන පුහුණු පුරුදු වෙන්න පුළුවන් දහමක් නෙවෙයි.

    ඉතින් මේ නිසා පාලකයන් කෙරෙහිනුත් බුදු දහම කෙරෙහි ඇති කැමැත්ත ලැදියාව ක්‍රමයෙන් වියැකී ගියා. උදාහරණයක් වශයෙන් බුදුදහම පැතිරවීම සඳහා කියා ප්‍රචාරය කොට මනුෂ්‍ය ඝාතන සිදු කරමින් අත්තනෝමතික තම බල ලෝභය උදෙසා භූමිය අත්පත් කර ගැනීමට නොහැකි නිසා.

    මේ වගේ ලෝකෝත්තර සැනසීම අරභයා දේශනා කරපු දහමක් ඉතා ඉක්මනින් මීට සාපේක්ෂව ලෞකිකත්වය සහ බැඳුණු දහම් සමගින් ඒකට පවතින විට මිනිසුන් සෑම විටම ලෞකිකත්වයට බර බැවින් රාජ්‍ය අනුග්‍රහය ගිළිහුණු සැණින් ම බුදු දහම අතුරුදහන් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. මොකද රාජ්‍ය අනුග්‍රහය මගින් තමයි එයට ලෝකෝත්තර දහමක් උනත් මිනිසුන් අතර එනම් ලෞකිකමය වශයෙන් පුරුදු පුහුණු වෙන්න අවශ්‍ය වටපිටාව හදලා දෙන්නෙ.

    ReplyDelete
  11. ඔය කාදි නෙල් මුත්තාගේ ජාතියෙම අමායා අධිකාරි‍,පියුමි හංසමාලි‍ වගේ තැම්පත් නිළියෝ Interview කරන්න අලුත් Youtube channel එකක් පටන් ගන්න හිතුවා

    "මඩුවට බයික් එකක්" කියලා
    🗿🛵🎤

    ReplyDelete
  12. ජේ වී පි හිටපු උපදේශක ජයතිලක ද සිල්වා හා ඉබ්‍රහිම් අතර සම්බන්ධය හා ජයතිලක ද සිල්වා ගේ පුතා නානා ගේ MAS කුළුබඩු එක්ක සම්බන්ද වෙලා UK වල DENMARK වල කරන බිස්නස්( LIVON/ EartH Finest) වලින් උපයන මුදල් වලින් අරගලේට වියදම් කරලා සුදු කාන්තාවන් එවපු හැටි?

    පාස්කු ප්‍රහාරය පිලිබඳ කාදිනල් කියන ජේවීපී සමග ඇති කරගත් එකඟතා මේ අපරාදය වසන් කරන්නද ?

    ReplyDelete
  13. බලන්න මාතලන් ලංකාවේ එකෙක් කථා කරන්නේ නැහැ මෛත්‍රී කීව ප්‍රකාශය ගැන. ඉංදියාවයි පාස්කු ප්‍රහාරය එල්ල කල මහා මොළකරු කියා.අනුර සඡිත් රනිල් නාමල් ලාට ඕනෑ ඇත්ත නොවේ ඡන්ද ටික,ඒ නිසා ඉංදියාවට පණ බයේ එහෙම කථාවක් මෛත්‍රී නොකලා වගේ, ඇසුනේ නැති විදියට ඉන්නවා.දේශපාලනයට සම්බන්ධ අය අතරේ වසන්ත බණ්ඩාර, විමල් වැනි කීප දෙනෙකුට පමණයි කොන්දක් තියාගෙන මේ ගැන කථා කලේ.ඡරාම කෙනා කාදිනල්.මෙච්චර කල් කෑහැගගා කීවේ කව්ද මහා මොළකරු කියා කියන්න, කව්ද මහා මොළකරු කියන්න කියා .දැන් එවකට හිටිය රටේ හිටපු ලොකුම කෙනා ඡනාධිපති කියනවා ඒක කලේ ඉංදියාව කියා.කෝ ඉතින් එයා වහාම ඒගැන කටයුතු කරන්න එපායැ පරීක්‍ෂණ ඉල්ලන්න එපායැ.ඇසුනේ නැති විදියට ඉන්නවා ඉංදියාව කියා.මෛත්‍රී ට පිං දෙන්න එපායැ ඉදිරියට එන විපාක බලන්නේ නැතිව කෙලින් ඔහොම කීවට.

    ඉංදියාව දැනටමත් චන් ද්‍රිකා ලවා මෛත්‍රීව එලෙව්වා.තව තව කරදර ඉංදියාව මෛත්‍රීට ගෙනේවි.ඒ අස්සේ මේ ප්‍රේරේතයෝ ටික නායකකම ගන්න මරාගන්නවා ඉංදියාව අපට කළ අපරාධය පැත්තක තියලා.අනේ අපේ රට.

    ReplyDelete
  14. ලෙල්ලම් අයිතිකාර මාලු වෙලෙන්දෙක් මාලු වලට අමතරව මලමිනී ව්‍යාපාර කලොත් කොහොමද? පාස්කු මළමිනී වැඩියෙන්ම වෙලදාම් කරන්නෙ මැල්කම් රම් GT පාදරයා. ඒකා ඔය මිනි දෙසිය ගාන අවුරුදු පහක් තිස්සේ හැම පක්ෂෙටම විකුණනවා. දිගටම ඕක වවාගෙන කයි ඉස්සර මයිනලා යුද්දේ ඉවර කරල ඒක වවාගෙන කන්න හදලා කුජීත වුණා වාගේම.

    ReplyDelete
  15. අඩෝ මාතා උඹ අර මාලිමා පක්‍ෂ කට්ටිය කාදිනල්ට දීල මාධ්‍ය වල ප්‍රසිද්ධ කරපු අර ප්රතිඥා ලියුම දැක්ක නේද? ඇත්තටම උන්ට දෝදු ද?
    ලියුම පටන් ගද්දි මුන් ම කියනවා මේක අන්තවාදීන් කණ්ඩායමක් කරපු ප්‍රහාරයක් කියලා.

    ඊට පස්සෙ;

    1. යටතෙ මුන්ම ආපහු කියනවා “පටු දේශපාලන අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා කිසියම් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබූ කුමන්ත්‍රණයක්” කියලා.

    ඊබ්‍රාහිම් නානා ද දන්නෑ කිව්වෙ..

    ReplyDelete
  16. කාදිනල් ඇතුලුව මොවුන් කිසිවකුත් බැරි වෙලාවත් කියන්නේ නෑ මේ ප්‍රහාරය බටහිර ඔත්තුසේවා විසින් තම Geopolitical අරමුණු සඳහා කරන ලද්දක් බව. ඒ ප්‍රහාරය හරහා ගෝටා බලයට ඒම ද්වීතික කාරනයක් වුණාට ISIS යනු ඇමෙරිකාව ඊශ්‍රායලය එංගලන්තය විසින් පවත්වාගෙන යන කවර් අප් එකක්. ISIS නායකයාව සිටි අබූ බකර් බැග්ඩාඩි උපතින් සිමෝන් එලියට් නම් යුදෙව්වෙකු බවත් ප්‍රකට රහසක්. ISIS සංවිධානය කිසි විටෙකත් ඊශ්‍රායල පලස්තීන ගැටුමේදී ඊශ්‍රායලයට විරුද්ධව කිසිම සටනක් නොකර තිබීමම ඔවුන් කාගේ කවුද යන වගට හොදම උදාහරණයයි. එම බටහිර රටවල අරමුණු ඉෂ්ට කරන්න ලංකාව තුල ක්‍රියාත්මක වන බළල් අත් වන කාදිනල්ද ජවිපෙ මාලිමාවද තවත් බොහෝ පාර්ශ්වද කිසිම විටෙකවත් පාස්කු ප්‍රහාරය බටහිර බලවේගවල geopolitics අවශ්‍යතා උඩ සිදුවූවක් බව කෙසේවත් ප්‍රකාශ නොකිරීමම ඉහත චෝදනාව තවත් තහවුරු වීමට ප්‍රධානම හේතුවක්.

    ReplyDelete
  17. අවුරුදු ගානකට පස්සෙ අයිස් ජොබ් එකක් හම්බවෙච්ච නිසා බ්ලොග් පැත්තෙ ආවා... යකෝ මාතා තාම මැරිලා නෑ... එක දිගට මේ කැරියා බ්ලොග් ලියලනෙ...

    ReplyDelete
  18. කාඩිනල් මැල්කම් රංජිත් පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවා හොයන අතරේ,

    හිජාස් හිස්බුල්ලා, රිෂඩ් බදියුදීන් ඇතුලු කණ්ඩායමක් ගිහින් රජයේ ඉහළම කට්ටිය හමුවෙලා.

    පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ තහනම් කරපු මද්‍රසා සිලබස් ආයේ ගේන්න, ලංකාවෙන් පිටමන් කරපු ගුරුවරු ආයේ ගේන්න, තහනම් කරපු සංවිධාන වල තහනම ඉවත් කරගන්න ඉල්ලීම් කරලා.

    ඒ වගේම නැගෙනහිර අන්තවාදී විශ්වවිද්‍යාලයත් දැන් උන්ටම ලැබිලා.

    පාස්කු ප්‍රහාරයට අවුරුදු පහක් ගිය තැන උන් ලැජ්ජ නැතුව එලිබැහැලා අන්තවාදය ආයේ දිනා ගන්නවා.

    ඒකට එකම චූදිතයා සැබෑ අන්තවාදය යට කරලා තමන්ගේ දේශපාලන ඇජෙන්ඩා දිනවන්න හදන කාඩිනල් මැල්කම් රංජිත්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න